රාජපක්ෂ පවුලෙන් කවුද කියා අපි තීන්දුවකට ආවා..

රාජපක්ෂ පවුලට අවස්ථාව ලැබුණොත් ඒ අවස්ථාව කාට ද කියා අපි තීන්දුවකට ආවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ

ජනාධිපතිධුර අපේක්ෂකයා ගැන බැසිල් කෙළින් කතා කරයි

මහින්ද රාජපක්ෂ කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ප්‍රකාශයට පත් වී තිබේ. මෙතරම් හදිසියේ අපේක්ෂකයා නම් කිරීමට හේතු වූයේ ඇයි? මේ ඒ ගැන විමසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් ​රෝහණ රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවකි.

• පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ස්ථීර වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ?   

එහෙමම කියන්න බෑ එක පාරටම. අපේ ජනාධිපති අපේක්ෂකයා තේරිය යුත්තේ අපේ පක්ෂයෙන්. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් රැස්වෙච්ච වෙලාවක අපේ පක්ෂයෙන් යෝජනා කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව.   

• නමුත් මහින්ද රාජපක්ෂට ඉල්ලන්න බැහැ?   

ඔව්. එතුමාට ඉල්ලන්න බැරි නිසා ඒ සඳහා සුදුස්සා නම් කිරීමේ අයිතිය එතුමාට දීලා තියෙනවා. එතුමා සුදුසු අපේක්ෂකයා නම් කළාට පස්සේ ඒ නාම යෝජනාව අපේ පක්ෂයේ සම්මේලනයට ද‌ාලා සාමාජිකත්වයේ අනුමැතිය ගත යුතුයි.   

• පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළා රාජපක්ෂ සහෝදරවරු රැස්වෙලා ගෝඨාභය රාජපක්ෂගේ නම ස්ථීර කරගත්තා කියලා?   

ඇත්තටම මතවාදයක් ගියා රාජපක්ෂ සහෝදරයන් අතර අපේක්ෂකයා පිළිබඳ විවිධ මත තියෙනවා කියලා. එහෙම කතාවක් නිතර නිතර කියැවෙන කොට ඒ සම්බන්ධයෙන් වැරදි චිත්‍රයක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා අපි පවුලේ පිරිස හමුවෙච්ච වෙලාවක අපි කතා කරලා පැහැදිලි කර ගත්තා රාජපක්ෂ කෙනෙකුට යම් අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාව දිය යුත්තේ කාටද කියන එක මතයකට ආවා.   

• ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ?   

ඔව් ඇත්තටම. එතුමා තමයි කැමති වුණේ ඉදිරිපත් වෙන්න.   

• ඔබ ගෝඨාභය රාජපක්ෂට අපේක්ෂකත්වය දෙනවට විරුද්ධ මතයක හිටියා.   

ඇත්තටම ඒ වැරදි මතය නිසා තමයි අපි ඒ විදියට හමුවෙලා ඒ තීරණය ගත්තේ.   

• ඔබත් අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් හිටියා?   

ඇත්තටම නැහැ. ඒකට පෞද්ගලික කාරණාත් තියෙනවා. දේශපාලන කාරණාත් තියෙනවා. ඊටත් අමතරව මට හිතෙනවා මට වඩා සුදුස්සෙක් කියලා ගෝඨාභය රාජපක්ෂ. ඒ මම හිතන විදිය.   

• නමුත් සමහරු කියනවා මහින්ද කඳවුරේ වැඩකාරයා හා මොළකාරයා බැසිල් රාජපක්ෂ ඔහු තමයි සුදුසු කියලා? 

සමහරු එහෙම කිව්වට මම ඒක පිළිගන්නේ නෑ.   

• පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර නිල සාකච්ඡාවක් ඇරැඹිලා තියෙනවා. ඒ සාකච්ඡාවේ ප්‍රගතිය?   

ඒ සාකච්ඡා වටයෙන් සාකච්ඡා වට දෙකයි පැවැත්වූවේ. ඒ කමිටුවේ අදහස් එනකම් අපි විවෘත මනසකින් ඉන්නවා. 

 
• ජනාධිපති මෛත්‍රි පසුගිය ජනාධිපතිවරණයේදී කිව්වේ ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා ගෙදර යනවා’ කියලා. මොකක් වෙයිද? 

ඒක ඇත්තටම එතුමාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්.   

• නමුත් ඔබලා තීරණයක් ගන්නකොට ඒ තත්ත්වයත් සැලකිල්ලට ගත යුතුයි?   

ඔව්. නමුත් එතුමා නිහඬයිනේ. ඒ සමහර විට එතුමා මුල් මතයෙම ඉන්න නිසා වෙන්නැති.   

• ජනාධිපති මෛත්‍රි තීරණය කළොත් ඉදිරිපත් වෙන්න?

  එහෙම වුණොත් එතුමා ජනතාවට දීපු තවත් එක් පොරොන්දුවක් කඩ කළා වෙනවනේ.   

• ඔබ කලින්ම කිව්වා ජනාධිපතිවරණ අපේක්ෂකයා පොහොට්ටුවෙන් කියලා. ඇයි ඉක්මන් වුණේ?    

මෙහෙමනේ. අපේක්ෂකයෙක් පැමිණිය යුත්තේ බලවේගයක් හරහනේ. අපේ පක්ෂය තමයි අද ලංකාවේ තියෙන ප්‍රබලතම දේශපාලන පකෂය. ඒ වගේම අංක එකේ පක්ෂය. ඉතින් අංක එකේ පක්ෂය හැටියට එහෙම කියන්න අපට අයිතියක් තියෙනවා.   

• ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මහ ලේකම් මන්ත්‍රී දයාසිරි ජයසේකර කිව්වා ‘අපේ පක්ෂයේ අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කියලා. දැන් කියනවා තාම අපේක්ෂකයා තීරණය කරලා නෑ කියලා. මෙයින් කුමක් ඇත්ත විය හැකි ද?   එතැන මම හිතන්නේ ඔහු ඉතාම සාධාරණ ප්‍රකාශයක් කළේ. එක පැත්තකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා තේරුවත් ඔහු සන්ධානයක් හැදුවොත් ඔහුට අපේක්ෂකයා තෝරන්න බැහැ. ඒක වෙන්නැති ඔය කියන්න ඇත්තේ. අපි එහෙම හිතමු.   

• එස්.බී. දිසානායක, මහින්ද සමරසිංහත් කෙළින්ම කිව්වා ‘අපේ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රි’ කියලා.   මම අගය කරන එකක් තමයි තමන් අපේක්ෂකයකු නම් ඔහු මුලින් රටට කිව යුතුයි මම තමයි අපේක්ෂකයා කියලා. එතකොට ඒ පක්ෂවලට වගේම ජනතාවට කාලයක් තියෙනවා ඔහු සුදුසු ද නැද්ද කියලා තීරණය කරන්න. මෙතැනදී ඔබම කියනවා ‘මම ආපහු එන්නේ නෑ. මේ පාර විතරයි එන්නේ’ කියලා. කියපු කෙනා ඉදිරිපත් වෙනව ද නැද්ද කියලා. ඒ වගේ සැකයක් තියෙන කෙනෙක් අපේක්ෂකයෙක් හැටියට නම් කරන්නේ කොහොමද? අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විතරයි ‘මම ඉදිරිපත් වෙන්න සූද‌ානම්’ කියලා කියල තියෙන්නේ. ඒක මම අගය කරන හොඳ ලක්ෂණයක්. එතකොට ඔහු ගැන අපේ පාක්ෂිකයන්ට අනික් අයට ජනතාවට සිවිල් සමාජයට හැදෑරීමක් කරන්න පුළුවන්.   

• මම ඔබෙන් නැවතත් අහනවා යම් හෙයකින් ජනාධිපති මෛත්‍රි ඉදිරිපත් වුණොත්?   

ඒක ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතියක්.   

• නමුත් ඔහු ඉදිරිපත් වුණොත් ගෝඨාභයට අවාසියි. ඔබේ ඡන්ද දෙකට කැඩෙනවා?   

ඔය තර්කය පළාත් පාලන ඡන්දෙදිත් කිව්වා. එකම ඡන්ද දෙකට කැඩෙනවා කියලා. මම නම් හිතන්නේ නැහැ. ඔය ගැන විවිධ මත තියෙනවා. එහෙම වෙන එකක් නෑ කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. 

 
• එහෙම වෙන්නේ නෑ කියලා කිව්වේ?   

එහෙම වෙන්නේ නැහැ කියලා කිව්වේ ඒ විදියට දෙන්නෙක් තරග කරන එකක් නෑ කියලයි?   

• ජනාධිපති මෛත්‍රිට පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් ලැබුණා. මේ ඡන්ද ලක්ෂ 15 තීරණාත්මක නැද්ද?   

දැන් එයා හැට දෙලක්ෂයක් ගත්තනේ ජනාධිපතිවරණයේදී. එතකොට ඒකනේ ඡන්ද ලක්ෂ 15 කට වැටුණේ. දැන් එතැනින් කොච්චර පල්ලෙහාට ඇවිල්ල ද කියන්න දන්නේ නෑ. ඒවා ජනතාවගේ තීන්දු. ඒ නිසා පූර්ව මැතිවරණ ප්‍රතිඵලයක් අරගෙන දැන් තීන්දු තීරණ ගන්නවා නම් ඒත් ඒවා එහෙමම වෙන්නේ නැහැ.   

• ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ කියලා තීන්දු කරන්න පෙර හෝ පසු ජනාධිපති මෛත්‍රි එක්ක සාකච්ඡාවක් කළා ද?   

මම නම් සාකච්ඡා කළේ නැහැ. 

  • ජනපති මෛත්‍රි ඉදිරිපත් වෙන්න තීන්දු කළොත් එතුමා ජනතාවට දීපු තවත් එක් පොරොන්දුවක් කඩ කළා වෙනවා’
  • අපි සුළු ජාතිකයන් ළඟට යා යුතුයි
  • ඡන්ද කැඩෙන්න දෙන්නෙක් තරග කරන එකක් නෑ

• එතකොට මහින්ද රාජපක්ෂ?  

ඒ පිළිබඳව මම ඇත්තටම දන්නේ නෑ.  

• ඔක්තෝබර් 26 වැනිද‌ා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමේදී ජනාධිපති මෛත්‍රි ළඟ ජනාධිපති අපේක්ෂත්වය පිළිබඳ හැඟීමක් තිබුණා.  

එහෙම මතයක් සමාජයේ තියෙන්න ඇති. මම අවංක වෙන්න ඕන. ඇත්තටම මම සාකච්ඡා වට දෙකකටයි සම්බන්ධ වුණේ. ඒ සාකච්ඡා වට දෙකේදි එහෙම අදහසක් ආවෙම නැහැ.  

• ජනාධිපතිවරණ ඉතිහාසය ගත්තොත් සුළු ජාතික ඡන්ද තීරණාත්මකයි. ඒ ඡන්ද දිනා ගැනීමේ ක්‍රියාන්විතයක් තියෙනවද?  

ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විතරක් නොවෙයි අපේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු කඳවුරටම පොහොට්ටුවටම සුළු ජාතික ඡන්දවලින් ලැබිය යුතු ප්‍රතිශතය ලැබිලා නැහැ. ඒක නිසා අපි ඔවුන් ළඟට යා යුතුයි. ඔවුන්ගේ හදවත් අඳුරගෙන ඔවුන් සමග සංවාද‌ාත්මක විය යුතුයි.  

• තමන්ට සාධාරණය ඉටුවුණේ නෑ කියලා උතුරේ ජනතාව කියනවා. ඔවුන්ට සාධාරණය ඉටුකරන්න ඔබලා බලාපොරොත්තු වෙන්නේ කොහොමද?  

ඒකත් අපි බලාපොරොත්තු වුණා සාධාරණයක් ඉෂ්ට කරන්න. ඒ වෙනුවෙන් යම් යම් දේවල් කළා. නමුත් ඒ ජනතාව ඒක පිළිගත්තේ නැහැ. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය දේ මොකක්ද කියලා අපි තීන්දු කරපු එක වැරැදියි. ඒකත් ඔවුන්ගෙන්ම අහලා ක්‍රියාත්මක කළ යුතුයි.  

• ඇයි උතුරේ ජනතාව ඔබලා ප්‍රතික්ෂේප කළේ?  

උතුර ගත්තොත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයෙදි තරම් සංවර්ධනයක් පසුගිය නිදහසෙන් පස්සේම සිදුවුණේ නැහැ. පළමුවැනිම දේ තමයි එහෙ තමන්ගේ කරේ සයනයිඩ් කරල එල්ලගෙන පි​ටේ ටී පනස්හය එල්ලගෙන හිටපු දරුවන්ට ළමා සොල්ද‌ාදුවන්ට නැවත අර සයනයිඩ් කරල වීසි කරලා පොත් බෑගය අරගෙන ස්කෝලෙ යන්න අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම අද උතුරේ කිසිම තැනක මාර්ග බාධකයක් නැහැ. මාළු අල්ලන අයට එද‌ා අශ්වබල 10 ට වැඩි යාත්‍රාවලින් මුහුදු යන්න බෑ. ගොවි කර්මාන්තයට අවශ්‍ය වතුර පොම්පයට අවශ්‍ය භූමි තෙල් ටික ඩීසල් ටික අද ගන්න පුළුවන්. කුප්පි ලාම්පුවෙන් නොවෙයි අද විදුලි බුබුළෙන් අධ්‍යාපනය ලබනවා. ස්කෝල සියල්ල විවෘත වෙලා. රෝහල් සියල්ල විවෘත වෙලා. ගොවිජන සේවා කාර්යාල ඇතුළු රටේ අනෙකුත් ප්‍රදේශවල තියෙන සෑම රජයේ කාර්යාලයක්ම අපි විවෘත කළා. උතුරට සමෘද්ධිය දීලා තිබුණේ නෑ. අපි ඒක නැවත ලබා දුන්නා. ඒ ඔක්කොටම වැඩිය ප්‍රජාතන්ත්‍රවාදය. පළාත් පාලන ආයතන පළාත් සභාව සමුපකාර ජනතාවට වඩාත් කිට්ටු සියලු ආයතන යළිත් ක්‍රියාත්මක වුණා. ඒ තත්ත්වය ඇති වුණේ මහින්ද රාජපක්ෂ යුගයෙදි. යාල්දේවි දුම්රිය නැවත යාපනයට ගියා. ඒ වගේම සියලු මාර්ග විවෘත කළා විතරක් නොවෙයි ඉතාම නවීන ක්‍රමයට හැදුවා. වාරිමාර්ග සියල්ල ප්‍රතිසංස්කරණය කළා. ඉරණමඩු ජලාශයත් ප්‍රතිසංස්කරණය කළා. ඒ වගේම ඔවුන්ගේ ජීවනෝපායට අවශ්‍ය සියලුම දේවල් දුන්නා. බිම් බෝම්බ අතුරපු භූමිය ගොවිබිම් බවට පත් කළා.  

• මගේ ප්‍රශ්නය එහෙම කරලත් ඒ ජනතාව ඔබලා ප්‍රතික්ෂේප කළේ ඇයි කියලයි?  

ඒවා කළාට…. ඒවා අපි හිතාගත්ත දේවල්. අපි හිතුවා මේ අයට අවශ්‍ය මේවා කියලයි. නමුත් ඒක ඔවුන් තේරුම් ගත්තේ වැරැදි විදියට. යාල්දේවි දුම්රිය යාපනයට එන්නේ සොල්ද‌ාදුවෝ ගේන්න කියලා ඔවුන්ට කිව්වා. අලිමංකඩ පාලම හදලා සංගුපිටිය පාලම හදලා මාර්ග නවීකරණය කළේ යුද ටැංකි අරගෙන එන්න කියලා කිව්වා. ඉතින් ඒ වගේ තත්ත්වයක් උතුරේ තිබුණා.  

• ඒ ජනතාවට අවශ්‍යයි තමන්ගේ දරුවට, ඥ‌ාතියාට මොකද වුණේ කියලා දැනගන්න.මේ ආණ්ඩුව එ්කට වැඩපිළිවෙළක් හදනකොටත් මහින්ද කඳවුර ඒකටත් විරුද්ධයි?  

ඇත්ත වශයෙන්ම එහෙම විරුද්ධ වීම සම්බන්ධයෙන් මට මගේ මතයක් තියෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයවත් මේ ආණ්ඩුවවත් හරි දේ කරන්නේ නැහැ. උද‌ාහරණයක් වශයෙන් අතුරුදන් වූවන්ට වන්දි දෙනවා කියනවා. නමුත් එක කෙනෙකුට වන්දි ගෙවලා තියෙනවද? එහෙම ගෙවපු කෙනෙක් ඉන්නවද? හැබැයි දේශපාලන වීඩියෝ පට හදන්න. ඒ කියන්නේ ඊළඟ ජනාධිපතිවරණයේදී ප්‍රයෝජන ගන්න හදපු වීඩියෝ පටවලට මිලියන ගණන් වියදම් කරලා තියෙනවා. හැබැයි අර අහිංසක පවුල්වලට වන්දි ගෙවලා නෑ. මම නම් කිව්වේ කාටවත්ම වන්දි ගෙවලා නැහැ කියලා. හැබැයි කාර්යාල ද‌ාලා නිල වාහන අරගෙන මිලියන ගණන් එ්වට වියදම් කරනවා. එක වීඩියෝ එකක් හදලා තියෙනවා සුදුවෑන් පිළිබඳව. ඒ විදියේ වීඩියෝ පට පහක් මේ වෙනකොට හදා කෝටි ගාණක් වියදම් කරනවා. දේශපාලන කාර්යයක් එතැන කරන්නේ. මට නම් විරුද්ධ ඒකට. යම් කෙනෙකුට අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඔහුට සාධාරණය ඉටුවිය යුතුයි. ඒ වගේම මම කියනවා අපේ පැත්තෙන් නම් අසාධාරණයක් වුණේ නෑ කියලා.  

• පැහැරගෙන යාම්, අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් ඔබේ රජයට උතුරෙන් බරපතළ චෝදනා එල්ල වුණා?  

ඇත්තටම ළමයින් පැහැරගෙන ගියෙ එල්ටීටීඊ එකෙන්. ගෙවල්වලට ගියාම ඒ ළමයින්ගේ පින්තූර තියෙනවා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්න ඉන්නකොට එල්ටීටීඊ එකෙන් අරන් ගියා කියනවා. සමහරු සාමාන්‍ය පෙළ කරලා ඉන්නකොට පැහැරගෙන ගිහින් තියෙනවා. එල්ටීටීඊ එකෙන් පැහැර ගෙන ගියේ. හැබැයි ඉල්ලන්නේ අපෙන්. මම උතුරේ ගිය එක වෙලාවක වයසක අම්මා කෙනෙක් කෑ ගහගෙන මගේ ඉස්සරහට එන්න හදනවා. මගේ ආරක්ෂක නිලධාරීන් ඒ අම්මව නැවැත්තුවම මම එන්න දෙන්න කියලා කිව්වා. ඒ අම්මගෙ අතේ කොළයක් තිබුණා. ඒක මට දීලා කියනවා එයාගේ රත්තරන් බඩු ටික දෙන්න කියලා. මම ඒ රිසිට් එක ගත්තා. ඒක තිබුණේ දෙමළෙන්. කොටි ලාංඡනයත් තිබුණා. මගේ දෙමළ නිලධාරියෙකුගෙන් මම ඇහුවා ‘මේකෙ මොකක්ද ලියලා තියෙන්නේ’ කියලා. ඒ නිලධාරියා කිව්වා ‘මේක ඊළාම් බැංකුවෙන් දීපු රිසිට් එකක් කියලා. ඒ අම්මා ඊළාම් බැංකුවට ගිහින් රත්තරන් බඩු උගස් තියලා. හැබැයි ඒ රත්තරන් බඩු ටික ඉල්ලන්නේ අපෙන්.  

• ඔබ මොකද කිව්වේ?  

මම කිව්වා ‘එල්ටීටීඊ එකත් එක්ක මගේ සම්බන්ධයක් නෑ. ඒ ගොල්ලත් එක්ක සම්බන්ධයක් තියෙන සම්බන්ධන් මහත්තයා ඉන්නවා. එයාගෙන් ඉල්ල ගන්න කියලා. මේ ජනතාව සාධාරණය ඉල්ලන්නේ ආණ්ඩුවෙන්.  

• ඇත්තෙන්ම ඔය වගේ ප්‍රශ්නවලට ආණ්ඩුවකට උත්තර තියෙනවද?  

ආණ්ඩුවක් වුණාම සමස්ත ජනතාවගේම ප්‍රශ්නවලට විසඳුම් දිය යුතුයි. එහෙම නැත්නම් ඒක යුක්ති ධර්මයට ගැළපෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ හොඳ මිනිසුන්ට විතරක් නොවෙයිනේ ධර්මය දේශනා කළේ. අංගුලිමාල වගේ අයටත් ධර්මය දේශනා කළා. අපි ආණ්ඩුවක් හැටියට සියලු දෙනාට සාධාරණය ඉටු කළ යුතුයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කටයුතු කළේ ඒ විදියට තමයි. නමුත් යම් යම් අඩුපාඩු තිබුණා. මම කියන්නේ ඊළඟ රාජ්‍ය නායකයා වැඩි දෙනාටම නොවෙයි සියලු දෙනාට සේවය කරන යුක්තිය ඉටු කරන කෙනෙක් විය යුතුයි. අපේ අපේක්ෂකයා නියත වශයෙන්ම එහෙම කෙනෙක්.  

• ඔබ එහෙම කිව්වත් ඔබේම කඳවුරේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කියනවා ‘අපට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ජාතික ඇඳුම අඳින නායකයෙක්’ කියලා.?  

ඇඳුම ගැන නම් මම දන්නේ නෑ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් තමයි එන්නේ ස්ථීරවම.  

• විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ගෝඨාභය වෙනුවට මෛත්‍රිපාල අවශ්‍යයි කියන මතයේ ඉන්න බවට රාවයක් යනවා?  

ඒක රාවයක් පමණයි. එහෙම නැතිව කිසිම ඇත්තක් නෑ.  

• ඒ රාවය පිටිපස්සේ ඉන්නේ ඔබ?  

එහෙම අහන්​නේ ඇයි කියලයි මම මේ කල්පනා කරන්නේ. එහෙම කිසිම දෙයක් නෑ. විමල් මන්ත්‍රීතුමා හා උදය මන්ත්‍රීතුමා තමයි මුලින්ම රටට කිව්වෙත් අපට ගෝඨාභය අවශ්‍යයි කියලා. එතුමන්ලා දෙන්නම දේශපාලනඥයෝ. පක්ෂ නායකයෝ. පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියන එක පොහොට්ටුවටත් කලින් වගේම රාජපක්ෂ පවුලටත් කලින් රටට කිව්වේ ඒ නායකයන් දෙන්නා. ඒ නිසා ඔබ ඔය කියන විදියෙ ප්‍රශ්නයක් නෑ. විවිධ මත තියෙනවා. ඒවා ප්‍රකාශ වෙනවා. නමුත් අවසානයේ අපේ එකම ධජය අරගෙන සටන් බිමේ ඉන්නවා. එහෙම තමයි දේශපාලකයා.  

• ඔබ හිතනවද මේ ජනාධිපතිවරණ සටන පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා?  

ස්ථීවරම අපි ජයගන්නවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ජයගත යුත්තේ රට වෙනුවෙන්. ජනතාව වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් තමයි මේ පාලනය පෙරළා දැමිය යුත්තේ. ජනතාව හා රට වෙනුවෙන් නව වැඩපිළිවෙළක් නව ඇරැඹුමක් අවශ්‍යයි. අලුතෙන් හිතලා වැඩි දෙනාට නොව සියලු දෙනාට වැඩකරන රජයක් පිහිටුවා ගත යුතුයි.  

• ඔබේ ප්‍රතිවාදියා කවුරු කියලද ඔබ අනුමාන කරන්නේ?  

ප්‍රතිවාදියා ගැන මත කිහිපයක් තියෙනවා. අපට වැරදිච්ච තැනක් තමයි 2015. එතැනදි අපි හිතපු නැති අපේක්ෂකයෙක් තමයි ආවේ. අපි හිතුවේ නෑ එහෙම අපේක්ෂකයෙක්. දැනට අපේ ප්‍රතිවාදියා සම්බන්ධයෙන් කියැවෙන නම් කිහිපයක් තියෙනවා. ඒ නම්වලින් එකක් ඒවි.  

• ‘මෙන්න මෙයා ආවොත් නම් භයානකයි’ කියලා හිතෙන නමක් තියෙනවද?  

ඔය කියවෙන නම්වලින් එකක් නම් එන්නේ කියන්න දෙයක් නැහැ. ඒත් කියන්න බැහැනේ. ගියපාර වගේ මොකක් හරි වෙනසක් වුණොත්. කොහොම වුණත් අපි මේ පාර යන්නේ ආණ්ඩු විරෝධි ඡන්ද ගන්න පමණක් නොවෙයි. රටේ අනාගතය වෙනුවෙන් සැකසූ වැඩපිළිවෙළකට ප්‍රසාද ජනක ඡන්දත් බලාපොරොත්තුවෙන්. ඒ නිසා කවුරු ආවත් කිසිම ප්‍රශ්නයක් නෑ. මේ ආසියාවේ චීන කොමියුනිස්ට් පක්ෂයට පස්සේ ඉතාම සංවිධානාත්මකම දේශපාලන පක්ෂය අපේ පක්ෂයයි. ඒ පක්ෂය ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කරනවා. ඒක තමයි ඇත්තම තත්ත්වය.

 

සාකච්ඡා කළේ :
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

මැතිවරණ වර්ෂයක් නිසා ආන්ඩුව උපක්‍රමශිලි වෙලා..

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙහාන් සේමසිංහ මහතා
නලීන් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා ලංකාවේ සිද්ධ වෙන්න යන විශාලම ආයෝජනයක් ගැන හෙළිදරව් කළා. නලීන් බණ්ඩාර නියෝජ්‍ය අමැත්‍යවරයා කියන විදියට මේක තමයි ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජනය. ඇමරිකානු ඩොලර් බිලියන 3.85 ආයෝජනයක් මගින් තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට මුල් ගල් තැබිමක් ගැනයි ඒ් අනාවරණය වුනේ. පුවත්පත්වලට විශේෂ දැන්වීම් පවා ලබා දුන්නා. මේක මහා බොරුවක්. හම්බන්තොට උදාව කියලා මේ දැන්වීම නිකුත් කරලා ආයෝජනය සහ ඒමගින් ලැබෙන රැකියා ගැනත් කිව්වා. ආන්ඩුව බලයට ආවේ රැකියා දස ලක්ෂයක් ලබා දෙන බව කියලයි. ඒ්කට යොදා ගත්තේ වොක්ස් වැගන් සමාගම. හර්ෂද සිල්වා ඇමැතිවරයා මේ වොක්ස්වැගන් බොරුව සැබෑවක්, ඒ්ක මහ පොලොවේ සිද්ධ වෙනවා කියන්න විශාල වෙහෙසක් ගත්තා. කුළියාපිටියට ගිහින් ඒ්කට මුල්ගත තියනවාත් එක්කම ජර්මන් තානාපතිවරයා නිවේදනයක් නිකුත් කළා කිසිදු ආකාරයකින් වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ලංකාවේ ඉදිනොවන බවට. ඔමාන් රාජ්‍ය ඒක්ක කරනවා කියපු තෙල් පිරිපහදුව ඉදිකිරීමේ ආයෝජනය ගැනත් ඒ් වගේම දෙයක් වුනා. ඔමානයේ ඛණිජ තෙල් අමාත්‍යංශයේ සහකාර ලේකම් සලීම් අලු හවුසි මෙවැනි ආයෝජනයක් සදහා ඔමාන රාජ්‍යයේ කිසිදු අදහසක් නැති බව කියමින් නිවෝදනයක් නිකුත් කළා.
අපේ රටේ ආයෝජනය මණ්ඩලය මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරනවා. ආන්ඩුව මහා වංචාවක් බොරුවක් සමාජගත කරන්න උත්සාහ කරපු බව මෙයින් පැහැදිලියි. මේ ආන්ඩුව බොරුවෙන් රාජ්‍ය පාලනය කරන බව තවදුරටත් සනාථ වෙලා. අගමැතිතුමා ඒක තැනක කියනවා රැකියා 15000ක් ලබා දෙන බව.තව තැනක තියනවා රැකියා 10000ක් දෙන බව.
කැබිනට් මණ්ඩලයේදි තීරණයක් ගන්නේ අක්කර 400ක් ලබා දෙන්නයි. ඊට අමතරව ද හින්දු බිස්නස් ලයින් වල කියනවා ආණෟඩුව අක්කර 585ක් ලබා දෙන්න ඒකග වෙලාලු. අක්කර 200ක් තෙල් පිරිපහදුවටත් අනෙක් කටයුතු සදහා තවත් අක්කර 385කුත් පවරා ගැනීමට කටයුතු කරනවාලු. මේකෙන් අපට පෙනී යන්නේ කැබිනට් මණ්ඩලයවත් නොදැනුවත්ව තීරණ ගන්න ප්‍රබල අය ඉන්න බවයි. මේක මැතිවරණ වර්ෂයක්. රජය උත්සාහ කරන්නේ මේ මැතිවරණ වර්ෂය තුල අනාගතයේ ඔවුන්ගේ මැතිවරණ සදහා ආයෝජනය කරන්න බැදුම්කර වංචාව හරහා උපයාගත් මහා ධනස්කන්ද නැවත නීත්‍යාණුකූලව මේ රටට ඒන ක්‍රමයක්ද මේ හදන්නේ කියලා අපිට සැකයි. මේකට සිංගප්පූරුව සම්බන්ධයි. සිල්ව පාර්ක් ඉන්ටර්නැෂනල් කියන්නේ සිංගප්පූරුවේ ලියාපදිංචි ආයතනයක්. ඉන්දියාවේ සමාගමක් සිංගප්පූරුව හරහා ලියාපදිංචිකරපු. මේකෙ ඉන්නේ සේවකයෝ තුන් දෙනයි. ඒ් ආයතනයේ ප්‍රොපයිල් ඒකට ගිහින් බලන්න. ඒ් අය කියනවා ඒයාලාගේ ආයතනයේ සේකවකයින් තුන්දෙනයි ඉන්නේ කියලා. සේවකයින් තුන්දෙනෙක්ගේ ආයතනයක් ඇමරිකානු ඩොලර් බිලියන 3.85ක ආයෝජනයක් කරන්නේ කොහොමද. මහ බැංකුවෙන් හොරකම්කරපු කලු සල්ලි සුදු කිරීමේ උත්සාහයක් කියලයි අපිට නම් හිතෙන්නේ. මහ බැංකු බැදුම්කර සිද්ධියට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සෘජුවම ඇගිල්ල දිගු වෙනවා. ඒතුමා මේ කාරණයටසම්බන්ධයි. ඊළගට මලික් සමරවීර ඇමැතිවරයාට ඇගිල්ල දිගු වෙනවා. ඒවකට රජය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්වත් නොවී ඒජාප පාක්ෂිකයෙක් විදියට ඔහු උදෑසන රැස්වීම්වලට සහභාගි වූ ආකාරය මුලු රටම දන්නවා. සජිත් ප්‍රෙමදාස ඇමැතිවරයාටත් මේ සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. ඒතුමා බැදුම්කර මුදල් ලබා ගත්තාද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් රටට අනාවරණය කරන්න කියලා අපේ මන්ත්‍රීවරු ප්‍රස්ද්ධියේ කිව්වා. නමුත් පැහැදිලි ප්‍රකාශයක් ඒතුමා කලේ නැහැ. ඒ් නිසා මේ තුන් දෙනාගේ සහභාගීත්වයෙන් මේ කරන්න යන ව්‍යාපෘතිය කලු සල්ලි සුදුකිරීමක්ද කියන සැකය ඇති වෙන ඒක සාධාරණයි.
මේ වොක්ස්වැගන් ආයතනයේ ආයෝජනය මේ රටට ඒනවා කියලා වෙන්න හිටපු අගමැති විදියටත් අගමැතිවරයා විදියටත් රනිල් වික්‍රමසිංහ මහතා රටට කියනවා. නමුත් ලංකාවේ විශාලතම ආයෝජනය ගැන නිවේදනය කරන්න භාර දෙන්නේ නලීන් බණ්ඩාර ඇමැතිවරයාටයි.මුලින් බොරුව සමාජගත කරන්න අගමැතිවරයා මුල් වුනා නම් දෙවැනි බොරුව මහ පොලොවේ සිදුවෙන යථාර්ථයක් නම් ඒ්ක නිවේදනය කරන්න නලීන් බණෟඩාර ඇමැතිවරයාට දෙයිද. ඒ්කෙන්ම මේ ආයෝජනය බොරුවක් වලංගුතාවයක් නැහැ. අර්ජුන මහේන්ද්‍රන්ගේ මැදිහත්විම මත ඉපයූ ධනස්කන්දය මෙරටට ගෙනත් ජාතික මැතිවරණයකදී ජනතාවගේ මනස වෙනස් කරන්න දරන උත්සාහයක් කියන සාධාරණ සැකය අප තුළ තියෙනවා.
දැන් අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙනවා. ඔහුව අත් අඩංගුවට අරන් නිතිමය කටයුතු කරනවා වෙනුවට වෙනත් කණෟඩායම් අත් අඩංගුවට අරන් බන්ධනාගාරගත කළා. දැන් අවුරුදු 4ක් වෙලා. ජනාධිපතිතුමා සිංගප්පූරු රජයෙන් ඉල්ලිමක්කරනවා අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට භාර දෙන්න කියලා. ඒ් සමගම සිංගප්පූරුව නිවේදනය කරනවා අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට අවශ්‍ය නිසි නිතිමය ක්‍රමවේදය ක්‍රියාත්මක වෙලා නැහැ කියලා. ඒ් සමග දැන් නිවේදනයක් නිකුත් වෙනවා සිංගප්පූරු රජයේ ප්‍රකාශකයෙක් නිකුත් කළ ඒම නිවේදනය වැරදියි කියලා. ප්‍රථම මහ බැංකු කොල්ලය වුනාට පස්සේ දිගින් දිගටම මහබැංකුවේ ඉන්න ඉඩ ඇරලා ඉන්පසුව කිසිදු නෛතික ක්‍රියාමාර්ගයකට යටත් නොකර සිංගප්පූරුවට යාමට අවසර දීම තමයි අපිට තියෙන ප්‍රශ්නය. ඒ් රජය දැන් ඒ් වගකිම සිංගප්පූරු රජයට පැවරීම පුදුමයට කාරණයක්. ඒ් වගේම වලංගුභාවයකින් තොරව සිංගප්පූරු රජයෙන් ඒවැනි නිවේදනයක්නිකුත් වෙලා තියෙනවා නම් රටක ආර්ථීකයක්විනාශ කරපු ප්‍රධාන පුද්ගලයා නැවත මෙරටට භාරදීමේ යුතුකමක් තියෙනවා. අපි නැවතත් ආන්ඩුවට අවධාරනය කරනවා මහා මංකොල්ලය මෙහෙයවූ , ඊට නායකත්වය දුන් සියලු දෙනා අධිකරණ ක්‍රියාමාර්ගවලට යටත් කරන්න. අර්ජුන මහේන්ද්‍රන්ට නිසි පැවරිමක් වෙලා කැතිව ඔහුව මෙරටට ගෙන්වා ගන්නේ කොහොමද කියලා කැබිනට් නොවන ඇමැතිවරයෙක් කියනවා. ඒ් කියන්නේ රජය අර්ජුන මහේන්ද්‍රන්ව ආරක්ෂා කරනවාකියන කාරණයපැහැදිලියි. ඒ් වගේම ඉදිරියේදී අර්ජුන මහේන්ද්‍රන් කිසිම දඩුවමකට යටත්නොවී නිදහස් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. අර්ජුන මහේන්ද්‍රන් වැරදිකරුවෙක් වුනොත් අගමැති රනිල් වික්‍රමසිංහ වගේම තවත් ඇමැතිවරු කිහිප දෙනෙක්ම වැරදිකරුවන් වීමට ඉඩ තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රන් අධීකරණයටත් මෙරටට ගෙනඒ්මත් සම්බන්ධයෙන් අපිට කිසිදු විශ්වාසයක් නැහැ.
රටවල් 6ක සම අනුග්‍රාහකත්වය යටතේ ජිනීවා මානව හිමිකම් කොමිෂමේ යෝජනාව සම්මත වෙනවා.වත්මන් රජය 2015 බලයට එන්නෙම අපේ හමුදාවන් යුද අපරාධ කළා කියන පදනමේ ඉදගෙනයි. ඒ් විදියටයි සුමන්දිරන්ගේ සහාය ගන්තේ. රජය අද විවිධ නිවේදන නිකුත් කරන්න අවහ්‍ය නැහැ. රජය විසින් කළ යුතු වන්නේ රජය සියයට සියක් රජය අවංක නම් ලිඛිත දැනුම්දීමකින් ඇමරිකාවත් මේ වෙද්දි මානව හිමිකම් කොමිෂමෙන් ඉවත් වෙලා ඉන්න නිසා සම අනුග්‍රහය දැක්වූ යෝජනාවලින් ඉවත් වෙන බව පැවසිමයි. රජය නිදහසට කරුණ ුකියන්න අවශ්‍ය නැහැ. ප්‍රකාශයක් නිකුත් කරලා ලිඛිත දැනුම්දීමකින් යෝජනාවෙන් ඉවත් වෙනවා වෙනුවට නැවත සම අනුග්‍රහය දක්වලා කරන්නේ රටේ ජනතාව නැවතත් ඇන්දවිමක්.
කරුණාකරලා මේ ආන්ඩුව කරන බොරුවට යටපත් වෙන්න ඒපා කියලා අපි ජනතාවට කියනවා. මැතිවරණ වර්ෂයක් නිසා ආන්ඩුව උපක්‍රමශිලි වෙලා තියෙන්නේ. මේ ආන්ඩුව මානව හිමිකම් කොමිෂමේ පූර්ණ කාලින කාර්යාලයක් පිහිටුවීමට අනිවාර්යයෙන්ම ඒකග වෙනවා. ඒ් සදහා අවශ්‍ය පදනම දැන් හදලා. විදේශ විනිසුරන්ගෙන් යුක්ත දෙමුහුන් අධීකරණයක් පිහිටුවන්නත් ආන්ඩුව පියරව ගන්නවා. දැන් ඒක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බිමට දාන්න ආන්ඩුව හදන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හරහායි. ඒල්. ටි. ටී. ඊ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය මත මේ පනත සංශෝධනය කිරීම වගේම ආන්ඩුවට විරුද්ධව ජනාතව නැගී සිටිම, රැස්වීම් පැවැත්වීම,පොලපාලි යාම වැනි රජයට විරුද්ධ ක්‍රියාකාරකම් වැලැක්විමට ප්‍රතිත්‍රස්ත පනත උපයෝගී කර ගන්නවා.
රවි කරුණානායක විදුලි බල ඇමැති විදියට රටේ විදුලි කප්පාදුවක් වෙන්නේ නැහැලු. නමුත් රටේ ඒවැන්නක් වෙනවා. විදුලි බල මණ්ඩලයත් ඒවැනි කප්පාදුවක් වෙන්න ඉඩ තියෙන බව කියනවා. ඒජාපය ආවම හැමදාම විදුලි කප්පාදුවක් වෙනවා. නොරොච්චෝලේ බලාගාරය විවේඡනය කරන ඒජාපය ඉදිරි කාලයේ ඇති වන විදුලි අවශ්‍යතාවය වෙනුවෙන් කරපු ආයෝජනයමොකක්ද. ආන්ඩුව කරන්නේ පුද්ගලික ආයතනවලින් විදුලිය ලබා ගැනීම විතරයි. ඒල්. ඒන්. ජී. බලාගාරයත් මෙරට ස්ථාපිත විම අවිනිෂ්චිතයි. ජර්මානු තානාපති මේ සම්බන්ධයෙන් ප්‍රකාශ්‍යක් කරලා තියෙනවා. ආන්ඩුව දැන් ජනතාව තුලින් ප්‍රතික්ෂේප වෙලා. මේ රටේ ජනතාවගේ කුස ගින්න නිවාගැනීම හා මැතිවරණයක අවශ්‍යතාවයි තියෙන්නේ.
ඒජාපයට විරුද්ධ පුලුල් පෙරමුණක් ඒදලා ඒ් පුලුල් පෙරමුණ යටතේ ඒජාපය පරාජය කරන්න අපි සූදානම්. අපේවිවෘත භෘවය ශ්‍රීලනිපය ඇතුලේ තියනනවාද සැකයි. දිනෙන් දින ඒජාපය දුර්වල වෙද්දි ශ්‍රී ලනීප මහ ලේකම් දයාසිරි ජයසේකර නොකළ යුතු ප්‍රකාශ කරනවා. ජනතාවගේ පරමාධීපත්‍ය අයිතියට හානිකරමින් ඉන්නවා. මැතිවරණ නොවපවත්වමින් සිටින්නේ ඒජාපයයි. ඒ් නිසයි ඒජපායට විරුද්ධ පුලුල් සංධානයක් ගැන සාකච්ඡා ඇති වුනේ. නමුත් සාකච්ඡාව තුල හා ඉන් පිටත ඇවිත් කරන ප්‍රකාශ, ගමට ගිහින් කියන කතාවලට වඩා වෙනස්. ඔබේ ප්‍රකාශ ගැන රට අවබෝධයෙන්. ඒ් නිසා ජනතාවගේ ඡන්දයෙන් පළාත් පාලන මැතිවරණය ජයගත් පක්ෂයට අවමන් කිරීමෙන් වලකින්න. ඔහු විවේඡනය කළ යුත්තේ ඒක්සත් ජාතික පක්ෂය මිස මැතිවරණ ජය ගත් පක්ෂය නෙවෙයි. මෙහෙම ප්‍රකාශ කරමින් සාකච්ඡා පවත්වන්නේ සැබැවින්ම ඒජාප විරෝධී පුලුල් පෙරමුණක් හදන්නද වෙනත් අරමුණක් සදහාද කියලා සැකයි. ඔවුන් පුලුල් සන්දානයට කැප වෙලා නම් අනිවාර්යයෙන්ම අප්‍රියෙල් 5 අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරන්න වෙනවා. මේ සාකච්ඡා ඉදිරියට යාමත් ඒජාප විරෝධී ද කියන දේත් අපිට බලාගන්න වෙන්නේ ඒදාට ඡ්න්දය ප්‍රකාශ කිරීම අනුවයි. ඒජාපයට පක්ෂව ඡන්දය දිමත් ඡන්දය දීමෙන් වැලකී සිටීමත් අතර වෙනසක් නැහැ. මේ සාකච්ඡා සම්බන්ධයෙන් බලාපොරොත්තු තියන්න වෙන්නේ 5 වැනිදා කටයුතු කරන ආකාරඒය අනුවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා
ජිනීවා සැසිවාරයේදි අපේ විදේශ ඇමැතිවරයා හැසිරුණු ආකාරය අපි දැක්කා. සැසිවාරයට යන්න කලින් ජනාධීපතිතුමා සමග තිබුණූ සාකච්ඡාවේ ප්‍රතිපලයක් විදියට ඇමැතිවරයා කිව්වා කොමසාරිස්වරිය ඉල්ලන දේවල් කරන්න, දෙමුහුන් අධිකරණයක් මෙරට ස්ථාපිත කරන්න ව්‍යවස්ථාවේ සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයක් හා ජනමත විචාරණයක් අවහ්‍යබව කියනවා. අගමැතිවරයා ඊට කලින් ජිනීවා නිත්‍ය නියෝජිත අසීස් මහතාට කියලා සම අනුග්‍රහය දැක්වූ ලේඛණයට අත්සන් කරනවා. ආන්ඩුව ඒක අදහසකින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වසර හතරක් මේ ආන්ඩුවේ ප්‍රධාන මාතෘකිව වුනේ මේ සැසිවාරය තුලින් අපේ හමුදාව ආරක්ෂා කරන බවයි. ආන්ඩුවේ අවසානය වෙද්දි කණ්ඩායම් දෙකක් ගිහින් අදහස් දක්වන්නේ කොහොමද. අද වෙද්දි පළාත් හයක මැ.තිවරණ පවත්වලා කැහැ. පළාත් සභා ක්‍රමය මෙරටට ගෙනාවේ ඒදා තිබුණු ජාතින් අතර ගැටලුව නිරාකරණයකරන්නයි. ඒයින් බලාපොරොත්තු වුනේ උතුරු ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරිමයි. අද විලිලැජ්ජාවක් නැතිව මානව හිමිකම් කොමාසාරිස්වරයා අපේ රටේ පොලිස් මාරුවක් ගැන කතා කරනවා. නමුත් ග්‍රාමියඅවශඨ්‍යතාවයන් ඉටු කරන පළාත් සභා ක්‍රමය අඩපන වෙලා. ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙලා. මේ ගැන ඇයි කතා නොකරන්නේ. දෙමල සන්ධනය ඇතුලේ උතුරේ හිටපු මහ ඇමැතිවරයා අතුරේ ජනතාව වෙුනවෙන් හඩ නගනවා නම් ඇයි පළාත් සභා මැතිවරණය ගැනකතා කරන්නේ නැත්තේ.
ඒජාපය බලයට ආවේ ආයෝජන ගේනවා. රැකියා දස ලක්ෂයක් හදනවා කියලා. දැන් ඉතිහාසයේ වැඩිම ආයෝජනයක් ගැන කතා කරනවා. මේ ගැන කතා කරලා නැවතත් වොක්ස්වැලගන් දෙවැනි ජවනිකාව කරලාත.ලෝකේ උසම ගොඩනැගිල්ල හදනවා කිව්ව. ඒ්කත් බොරැවක්. රටේ ජනතාව අන්දනවා විතරක් නෙවෙයි ජාත්‍යන්තරයට බොරු කියන්න ගිහින් පච ආන්ඩුවක් බවට පත්වෙලා. බොරු කියන ආණ්ඩුව විදියට පළමු තැන ඉන්නේ.
සිංගප්පූරු රජයට අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ඒවන්න අවශ්‍ය ලියකියවිලි නිත්‍යානුකූලව ලැබිලා නැහැ. අපි මේ සම්බන්ධයෙන් නිතිමය ක්‍රියාමාර්ග ගන්න පියවර ගන්නවා. මේ ආන්ඩුව කරන්නේ ටේ සම්පත් විකුණාගෙන කැමයි. පුද්ගලික අංශයේ සමාගම්වලටත් අද වෙද්දි අත ගහලා. ඊටීඅයි ආයතනයට වුනු දේ කවුරුත් දන්නවා. රටේ තිබුණු මාධ්‍ය ආයතනයක් මේ සිද්ධිය නිසා ත්‍රස්තවාදින්ට සම්බන්ධ මාධ්‍ය ආයතනයක් බවට පත්වෙලා තියෙනවා. සුබාස්කරන් අලිරාජා කියන කෙනෙක් මේකට සම්බන්ධයි. අපේ රටේ දේශීය සමාගමක් වැඩි මුදලකට ඉල්ලුම් කරලා තියෙද්දියි මේ ජාත්‍යන්තර සමාගමට ආයතනය පවරා දෙන්නේ. අද ස්වර්ණවාහිනිය ඇත්ලේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා. ප්මේක තමයි ඇත්ත තත්ත්වය. අද රටේ ව්‍යාපාර මාධ්‍ය ආයතනය පවා ඩීල් ඒකක් නිසා අපට නැති වෙමින් තිබෙනවා. ඔය ඩිල් දාපු මනෝ තිත්තවැල්ල ඇතුලු කණ්ඩායම අපේ රටේ තියෙන සම්පතක් වෙන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමටත් අත ගහලා. මේ රටේ තියෙන මාධ්‍ය ආයතනයක් ත්‍රස්තවාදින්ට අත් පත් කරදුන්නා විතරක් නෙවෙයි දැන් සූදානම් වෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන්සමාගමටත් ඒය කරයි කියන සැකය ඇති වෙනවා. මෙතෙක් ජාත්‍යන්තරයෙන්වත් ගුවන් සමාගමේ කොටස් ගන්න ඉදිරිපත්විමක්වුනේ නැහැ. ඒ් ණය බර නිසා. ඇමරිකානු ඩොලර් මිලියන 750ක් විතර දැනට ගෙවන්න තියෙනවා. රජය මේකට මැදිහත් වෙලා රටේ බංකුවලින් ණයක් අරන් මැලේසියාවට සම්බන්ධ ගුවන් සමාගමකට මේක දෙන්න හදනවා. මෙයට මුලික වෙලා තියෙන්නේ මනෝ තිත්තවැල්ල හා ඩයස් . ඩිල් දාලා රටේසම්පත් විකුණා ගෙන කන කණ්ඩායමක් තමයි රටේ ප්‍රධාන තීන්දු තිරණගන්නේ.
ශ්අපේ බලාපොරොත්තුව ඒජාපය සමලග විරුද්ධ සියලු පක්ෂ ඒකතු කරලා පුලුල් සන්ධානයක් පිඒිටුවිමයි.සැබැවින් ඒජාපයට විරුද්ධ නම් මේ සාකච්ඡාවලට ඒකතු වෙන්න පුලුවන්. මේ කාලය අරගෙන කල් මැරිමක් කරලා නැවත ඒජාපයට සම්බන්ධ වෙන්න හදනවාද කියලා අපිට සැකයි. අයවැය තුන්වැනි වර කියැවීමේ හැසිරිම දෙස අපි බලාගෙන ඉන්නවා. ශ්‍රීලිනිප ප්‍රතිපත්තිවලට ගරු කරනවා නම් මේ අන්ඩුව ගෙදර යැවිමට සැබැවින්ම අපිත් ඒක්ක ඒකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා.
වන සංරක්ෂණය ගැන කතාකාවක් ඇතිවෙලා. මෙවැනි ප්‍රදේශයක කර්මාන්ත ශාලාවක් ඉදිකරන්න කැබිනට් අනුමැතිය ගත්තේ කොහොමද. ඒහෙම අත්තනෝමතිකව කටයුතු කරන්නේ කොහොමද කියලා අපිට ප්‍රශ්නයක්. චෝදනා ඒල්ල වෙන ඇමැතිවරයාට තවත් ඇමැතිකම් ඒකතු කරලා. උසස් ුධ්‍යාපනයට අයිති විශ්ව විද්‍යාල පවා මෙවැනි ඇමැතිවරයෙක්ට දුන්නේ කොහොමද.
අද විදුලි කප්පාදුවක් වෙනවා. කැගල්ලේ දවල් වරුවේ පැයක් පමණ විසන්දි වුනා. මේක දිනපතා වුනා. මේ ගැන හොයලා බලන්න. නොරොච්චෝලේ උඩින්තියලා මේ ප්‍රශ්නයවිසදා ගන්න හදන්නේ සාම්පූර් ගැන විවේඡනය කළා මිස විදුලි අත්පාදනයසදහා ක්‍රියාමාර්ගයක් අරන් නැහැ. මේ විදියට ගියොත් ඉදිරි වසර වල විදුලි අර්බුදයට මුහුණ දෙන ආකාඑරයත් රජය කියන්න වෙනවා.

මාධය – දෙපාර්ශවය අතර කරුණු 20ක් ගැන ඒකගතාවයක් ආවා කියලා කියනවා. කරුණු කියක් .තියෙනවා.
සෙහාන් සේමසිංහ – තව කරුණු කිහිපයක් සාකච්ඡාවට තියෙද්දි දුමින්ද දිසානායක කියනවා රට ගැන හිතා මා ඒජාපයට හිතවත් කියනවා. සාකච්ඡා ඉදිරියට ගෙනියන්න පුලුවන්ද කියලා සැකයයි මේ ජනතාව අතරට ගෙනියන්නේ. අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම ගැනත් මෙතනදි වැදගත්. 5 වැනිදා තිරණය අනුවයි අනෙක් දේවල් තීරණය වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. රට ගැන හිතා ඒජාපයට හිතවත් විම ජනතාව අනුමත කරන්නේ නැහැ. රට ගැන හිතන අය ඒජාප විරෝධී කණ්ඩායමටයි. ඒ් නිසා අප්‍රියෙල් 5 තිරණාත්මක දිනයක් වෙනවා. අයවැයට ඡන්දය ලබාදිමයි ලබා නොදීමයි අතර වෙනසක් නැහැ. සහාය යන්නේ ඒජාපයටයි. මේ අයවැය රටට හිතකර නැහැ. අයවැය යන අතරේ වොක්ස්වැගන් දෙවැනි ජවනිකාව පටන් අරන් රට විතරක් නෙවෙයි ජාත්‍ය්නතරයත් රවටනවා. මෙයින් රාජ්‍යයන් අතර පවා අර්බුදයක් ඇති වීමේ අවධානමක් තියෙනවා.
මාධ්‍ය – ඔක්තෝම්බර් 26 ආන්ඩුව හැදුවේ ඒකගතාවයක් නැතිවද.
සෙහාන් සේමසිංහ – ඒජාප ආන්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත් විම ගැන අපි අවංකව සතුටු වුනා. අපි හිත්නනේ ශ්‍රීලනිපයත් අවංක වුනා කියලයි. ඒජාපයට රටක් විරුද්ධ වෙද්දි රටගැන හිතලා ඒජාපයට හිතවත් වෙන්නේ කවුද. අපි කියන්නේ පොදුජන පෙරමුණට ඒකතු වෙන්නකියලා නෙවෙයි. ඒජාප විරෝදී පෙරමුණට ඒකතු වෙන්න කියලයි.

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට අවශ්‍ය ඉල්ලීම නිත්‍යානුකූලව කරන්න..

අද (21) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මාධ්‍යවේදින්

පාර්ලිමේන්තු මන්ත්‍රී  කාංචන විජේසේකර මහතා

ඇමරිකානුව එක්ක මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ සම යෝජනාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරියගේ අදහස් මේ වෙද්දි ඉදිරිපත් වෙලා තියෙනවා. සම යෝජනාවක් විදියට මෙය ඉදිරිපත් රකන අවස්ථාවේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුව නොදැනුවත්වයි තමන්ගේ පුද්ගලික තනි මතයට ඒ යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබා දුන්නා. ලංකාවේ ස්වෛරීභාවයට අත ගැසීමට විදෙස් රාජ්‍යයන්ට විවෘත ආරාධනාවක් ඒ යෝජනාවෙන් කළා. ලංකාවේ මානව හිමිකම් කඩවිමක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පරික්ෂණ කරන්න ලංකාවේ අධීකරණ තියෙනවා. විනිසුරන් ඉන්නවා කියලා අපි එදා පැහැදිලිව කිව්වා. යුද ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරපු අපේ හමුදාවන් හා පොලීසිය ජාත්‍යන්තර නිතිය මෙන්ම දේශීය නිතිය අනුවත් කටයුතු කරලා තියෙන බව අපි විපක්ෂය ලෙස දිගින් දිගටම කිව්වා. අද වෙද්දි ජනාධිපතිවරයාත් ඒ යෝජනාව විවේඡනය කරමින් සිටිනවා. මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමරිකාව ඉවත් වෙලා තියෙන මොහොතක එංගලන්තය එකතු කරලා නැවතත් සම අනුග්‍රහය දක්වලා යෝජනාව ඉදිරිපත් කරන්න ශ්‍රී ලංකාව කටයුතු කරලා තියෙනවා. එම යෝජනාවත් ජනාධිපති, ඇමැති මන්ඩලය හා පාර්ලිමේන්තුව නොදැනුවත්වයි  ඉදිරිපත් වෙන්නේ. වර්තමාන විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතාවත් නොදැනුවත්ව මේ යෝජනාව ඉදිරිපත් විම තවත් විශේෂ සිද්ධියක්. නැවත වතාවක් මංගල සමරවීර ඇමැතිවරයා තමන්ගේවිෂය පඨයේ නොවුනත් මනෝ තිත්තවැල්ල හා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත අෂීස් මහතා හරහා ඒ යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා.

මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවෙන් ඉල්ලීම් ගණනාවක් කරනවා. මානව හිමිකම් කවුන්සිගයෙව් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ බිහිකිරීමේ වටපිටාව නිර්මාණය කරන්න කියලා එහි දි කියනවා. ලංකාව එකග වුනු දෙමුහුන් විදේශ විනිසුරන්ගෙන් සැදුම්ලත් යුද අපරාධ විනිශ්චය කිරීමේ අධීකරණයක් ස්ථාපිත කරන්නත් කියනවා. ඉඩම් නිදහස් කිරීමේ කටයුතු සාර්ථකයි. අතුරුදන් වීමේ කාර්යාලය පිහිටුවීම වැනි දේ රජය විසිනු ඉටු කරලා තියෙනවා. ශවේන්ද්‍ර සිල්වා යුද හමුදා නිලධාරියා උසස් තනතුරකට පත් කිරිම ගැන කළකිරීමට ලක් වෙනවා කියලත් ඇය පවසනවා. ආන්ඩුව දිගින් දිගටම කිව්වා ලංකාවේ හමුදාවන්ට නිලධාරීන්ට යුද අපරාධ ඉදිරිපත්කරලා නැහැ කිව්වා. එහෙම චෝදනාවක් නැත්නම් වාර්තාවක් නිසා හමුදා නිලධාරින්ට උසස්විම් ලබන්න බැරිනම්, රටවල්වල යාමට තහනම් නම් මේ සම්බන්ධයෙන් රජයේ මතය මොකක්ද කියලා සදහන් කළ යුතුයි. විදේශ ඇමැති තිලක් මාරපන කිසිදු අවස්ථාවක කියන්නේ නැහැ දෙමුහුන් අධීකරණය ලංකාවට ගේන්නේ නැහැ කියලා. එතුමා කියන්නේ ලංකාවේ ව්‍යවස්ථාව අනුව එය කරන්න බැහැ.ව්‍යවස්ථාව වෙනස්කරන්න බලාපොරොත්තු වෙන බවයි. මේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ ව්‍යළුස්ථා වෙනසක් කරලා හරි කවුන්සිලයේ යෝජනාව සදහා අවස්ථාව ලබා දෙන බවයි. ජනාධිපතිවරයා රටේ විධායක ජනාධීපතිවරයා විදියට මේකට විරුද්ධයි, මේ ගැන දැනගෙන හිටියේ නැහැ, වැනි ප්‍රකාශ කිරීමෙන් පලක් නැහැ. රටේ ජනාධිපතිවරයා විදියට ලිඛිතව මානව හිමිකම් කොමිෂමට මේ බව දැන්වීමේ හැකියාව එතුමාට තියෙනවා. එතුමා එක්සත් ජාතින්ගේ සංවිධානය ඇමැතීමට නියමිතව තිබෙනවා. අඩුම තරමේ ඒ අවස්ථාවට සහභාගි වන අවස්ථාවේදි හෝ ජනාධිපතිවරයාගේ ලිඛිත ප්‍රකාශයක් විදියට සම අනුග්‍රහයෙන් ඉවත් වන බව දන්වන්න. එදා සම අනුග්‍රහය දැක්වු ඇමරිකාව අද අනුග්‍රාහකත්වය දක්වන්නේ නැහැ. ඇමරිකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වෙද්දි ඇමරිකාව ඔවුන්ගේ ආරක්ෂක හමුදා ආරක්ෂා කරන්න තීරණය කරලා කවුන්සිලයෙන් ඉවත්වුනා. මානව හිමිකම් කවුන්සිලයට පරික්ෂණ පැවැත්වීමේ බලපත්‍රය නොදෙන්න තීන්දුවක් ගත්ත බවයි ඇමරිකාව සදහන් කලේ.

2009 සිට මේදක්වා කිසිවෙක්ට ජිවත් විමේ අයිතිය නැති වෙලා නැහැ.යුද කාලය තුල ත්‍රස්තවාදය පරාජය කිරීමට ගත්ත පියවරට එරෙහිවයි මේ බලවේග හිස ඔසවමින් සිටින්නේ. ත්‍රස්තවාදය වැලැක්වීමේපනත වෙනුවට ත්‍රස්තවාදි විරෝධී පනතක් ඉදිරිපත් කරන බව විදේශ කටයුතු ඇමැතිවරයා සදහන් කලා.ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් ත්‍රස්තවාදි කණ්ඩායමක් ඉන්නවා නම් ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමේ අයිතිය හමුදාවට ආන්ඩුවට තිබුණා. මේ පනතින් සිද්ධ වෙන්නේ ත්‍රස්තවාදය පරාජය කරන්න කතා කරන අය මර්ධනය කිරිමටයි. විපක්ෂයේ සංවිධාන වෘත්තිය සමිති කරන උද්ඝෝෂණ ආදිය වැලැක්වීමයි මේ ත්‍රස්තවිරෝධී පනතෙන් සිද්ධ වෙන්නේ. ජනාධිපතිවරයා ආන්ඩුවට එරෙහිව විවිධ ප්‍රකාශ කළා. අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමට සිංගප්පූරු රජයෙන් ඉල්ලිමක් කරපු බව ජනාධිපතිවරයා සදහන් කළත් සංගප්පූරු රජය නිවේදනයක් මගින් ශ්‍රී ලංකා රජය එවැනි කටයුත්තක් නීත්‍යාණුකුල අන්දමින් සිදුකරලා නැති බව කිව්වා.

2015 , 2016 වුනු බැදුම්කර වංචාවන් වහන්න කටයුතු කරපු ආන්ඩුවේ සියලු දෙනා මෙයට වගකිව යුතුයි. ජනාධිපති විමර්ශන කමිටුව පත්කරද්දි අපි හිතුවා ජනාධීපතිතුමා සද්භාවයෙන් කරන දෙයක් කියලයි. නමුත් අද වෙනකල් චෝදනා ගොනු කරගන්න බැරි වෙලා. මේ රටේ අධිකරණ ක්‍රියාවලිය නිශ්ක්‍රිය කරනවා. ජනාධිපතිවරයාගේ යටතෙයි පොලිසිය තියෙන්නේ. ඒ අනුව අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ඉල්ලීම නිත්‍යානුකූලව කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

දැන් විදුලිය කපන තතත්වක් තියෙනවා. කොළඹ ලයිට් කැපුවේ නැතත් කොළඹින් පිට විදුලිය කැපෙනවා. නොරොච්චෝලේ බලාගාරය කැඩුනාම දින කිහිපයක් රට අදුරේ. එදා මහින්ද රාජපක්ෂ රජය නොරොච්චෝලේ බලාගාර ඉදි නොකලා නම් ජනතාවට විදුලිය සැපයීමේ ක්‍රමවේදයක් මේ රජයට තිබුණාද. අද විදුලි උත්පාදනය මගින් බලාගාරය හදන්න කරපු වියදමට වැඩි මුදලක් උපයලා තියෙනවා. මේ අවුරුදු පහේදි විදුලි අර්බුදයට විසදුමක් ගෙනාවද. විදුලිය කඩා වැටෙන වෙලාවේ නොරොච්චෝලේ කඩා වැටුනා කියලා එයත් මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුමට බැර නොකර විකල්ප ක්‍රමවේද වලට යන්න කියලා අපි ආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

නාමල් කුමාර ඇවිත් ජනාධිපති හා හිටපු ආර්කෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් තියෙන බව කිව්වාම ආන්ඩුව කිව්වේ බොරු කියනවා කියලා. නමුත් මේ වෙද්දි ඒ දේවල් ඔප්පු වෙලා තියෙනවා. චානක මන්ත්‍රීවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙද්දි පැමිණීලි කරලා තියෙනවා. අනීතික දෙයක් වාහනයට දාලා නඩු විභාගයකට මැදි කිරීමේ උත්සාහය සම්බන්ධයෙන් පරික්ෂණ කෙරෙන තුරුවත් පොලිස් නිලධාරියාව මාරුකරන්න පියවර ගෙන නැහැ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රබල ‌දේශපාලනඥයෝ දෙන්නෙක්ගේ බලපෑමෙන් මේ පොලිස් නිලධාරියාව මාරු කිරීමට පොලිස් කොමිෂම ගත්ත තීරණයට බලපෑම් වෙලා තියෙන බව දැන ගන්න තියෙනවා. අද වෙද්දි ඩි. වි. චානක මන්ත්‍රීවරයාගේත් ඔහුගේ පවුලේ අයගේත් ජීවිත වලට තර්ජනයක් සිද්ධ වෙලා තියෙනවා. මේ තත්ත්වය දිගින් දිගටම ගෙනියන්න එපා. ස්වාධීන කියන පොලිස් කොමිෂම් සභාවලට මෙවැන්නක්වත් කරන්න බැරි නම් 19න් දුන්න ස්වාධීන බව කෝ.ඒ නිසා චානක මන්ත්‍රීවරයාගේ ආරක්ෂව තහවුරු කරන්න කියලා අපි නැවතත් ඉල්ලා සිටිනවා.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස්පක්ෂය අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා. එක්සත් ජාතික රජය පෙරලීම සදහා රනිල් වික්‍රමසිංහ ඇතුළු ආන්ඩුව පලවා හරින්න කැමැති , පොදුජන පෙරමුණ එක්ක එකතු වෙන්න කැමැති අය එක්ක සාකච්ඡා කරන්න අපි සූදානම්. නමුත් අපි කණගාටු වෙනවා සාකච්ඡා යන අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතාත් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවිර මහතාත් කරපු ප්‍රකාශ සම්බන්ධයෙන්. 2018 පෙබරවාරි 10 වැනිදා පොදුජන පෙරමුණ ලබා ගත්ත ජයග්‍රහණය වැනි ජයක් ආයේ කිසි දිනක පොදුජන පෙරමුණට ගන්න බැරි බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියනවා. එතුමා 2014 ජවිපේ සමග සංසන්දනය කිරීමක යෙදෙනවා. ජවිපේ ගත්ත ඒ ජයත් එච්චරමයි. පොදුජන පෙරමුණ ලබපු ජයත් එච්චරමයි කියනවා. අපිට කියන්න වෙනවා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ විදියට කටයුතු කරනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2018 යම් ජයක් ලැබුවා නම් ඊටත් අන්ත ජයක් තමයි මින් පසුව පැවැත්වෙන හැම මැතිවරණයකදිම ලැබෙන්නේ කියලා. 2018 පෙබරවාරි 10 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්සය අන්ත පරාජයකට ලක් කළා. අද දවසේ කටයුතු කරන විදියෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මින් පස්සේ ජයක් ලැබෙයි කියලා හිතන්න බැහැ.අපේ පක්ෂයට කිසියම් වැඩපිළිවෙලක් තියෙනවා. බැසිල් රාජපක්ෂ මහතා ජාතික සංවිධායකවරයා‌ විදියට වැඩපිළීවෙලක් දියත් කරලා තිබෙනවා. පවතින රජය පරාජය කරන්න ඒ වැඩපිළීවෙලට හැකියාව තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වුනත් නැතත් ඉදිරි කාලයේදී ජනතාව පොදුජන පෙරමුණ වටා එකතු වෙලා ආන්ඩුව පළවා හරින්න පියවර ගන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා

වොක්ස් වැගන් -2  නමින් අලුත් චිත්‍රපටයක් හදමින් තිබෙනවා. ඔමාන් රජයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.85 ආයෝජනයක් සහිත තෙල් පිරිපහදුවක් හම්බන්තොට වරායට දෙන බව ආන්ඩුව කිව්වා. වොක්ස්වැගන් එක වගේ තමයි. ඔමාන රජයෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළාම කියන්නේ ඒ සම්බන්ධයෙන් නොදන්නා බවයි. වොක්ස්වැගන් කම්පැනිය එනවා කිව්වට ඒ අය ලංකාවේ ආයෝජනය කරන්න අදහසක් නැතිලු. මත්තල ඉන්දියාවේ ආයනයකට දෙනවා කිව්වා වුනත් ඒ අය දන්නේ නැහැ. මේ කාටද බොරු කරන්නේ. අවුරුදු හතරක් රට ආර්ථික වශයෙන් විනාශ කරලා තියෙන්නේ. මාසයක් යන්න කළින් විදුලිය කපන්න මේ රජයට සිදුවෙනවා. රජයේ වියදම් වැඩි වෙද්දි මේ රජයට වෙන විකල්පයක් නැහැ. මහින්ද රාජපක්ෂ රජය සමයේ නොරොච්චෝලේ විතරක් නෙවෙයි. චන්ද්‍රිකා බන්ඩාරනායක මැතිණිය සමයේ ආරම්භ කරන්න බැරිවුන ඉහළ කොත්මලේ වැනි ව්‍යාපෘති පවා ඇරඹුවා. සාම්පූර් ව්‍යාපෘතිය හෝ වෙනත් ව්‍යාපෘතියක් ඉදිරියේ එන විදුලි අර්බුදය විසදන්න දියත් වෙන්න අවශ්‍ය බව අපි කවුරුත් දැනගෙන හිටියා. නමුත් මේ රජය කිසිදු පියවරක් ගත්තේ නැහැ.

සේවක අර්ථ සාධක මුදල් කොළඹ කොටස් වෙලෙද පොලේ අයෝජනය කිරීමේ සූදානම්ක් තියෙනවා. කිසියම් මුදලක් කොටස් වෙලෙද පොලක ආයෝජනය කිරිම නරක නැහැ. සාමාන්‍යයෙන් කොටස් වෙලෙද පොල මුදල් ගන්නේ මුදල් අඩු වෙද්දි නෙවෙයි. සාමාන්‍යයෙන් කොටස් වෙලද පොලක කොටස් ගන්නේ කොටස් මිල වැඩි වෙද්දියි. කොටස් මිල අඩු වෙන කාලයක ආයෝජනය කිරීමේ තේරුමක් නැහැ.

2015 සිට අපි කිව්වේ ජිනීවා යෝජනාවේ මූලික අරමුන රජයක් වෙනස් කිරීම නෙවෙයි. රටේ අභ්‍යන්තර ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් කිරීමයි. දැන් එය තහවුරු වෙමින් තිබෙනවා. දැන් ලංකාවේ ඒ අයගේ කාර්යාලයක් අරින්නත් සූදානම් වෙනවා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනස් කරන්නලු. ශ‌වේන්ද්‍ර සිල්වාගේ පත්විම සම්බන්ධයෙන් ඒ අය කණගාටු වෙනවාලු.අපි කණගාටු වෙන්නේ ඇමරිකාව කවුන්සිලයෙන් ඉවත් වෙද්දි, එංගලන්තයේ හමුදාවන්ට එරෙහිව කවුන්සිලයට පියවර ගන්න බැහැ කියද්දි අපේ හමුදාවන්ට විරුද්ධව රජය කටයුතු කිරීමයි. මේක දේශපාලන තොන්ඩුවක්. මේ රටේ අභ්‍යන්තර ක්‍රමවේදය වෙනස් කිරීමයි උත්සාහය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා

එජාපයේ පසුපෙල මන්ත්‍රීවරු දෙවන වර අයවැය පරාජය කරන බවට පුරසාරම් දෙඩෙව්වා. ජනාධිපති වැය ශීර්ෂය පරාජය කරනවා කිව්වා. ආන්ඩුවේ ඇමැතිවරු පසුපෙල මන්ත්‍රීවරුන්ට සලකන්නේ නැහැ ඒනිසා ඇමැතිවරු අට දෙනෙක්ගේ වැය ශීර්ෂ පරාජයකරන බව කිව්වා. ඒ කිසිවක් වුනේ නැහැ. චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කියනවා ජනාධීපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරන්න අගමැතිවරයා ඉඩ නොදුන් බව. 54 වැනිදාට බොරුවට දොඩවන්නේ නැතිව අපිත් එක්ක අයවැය පරාජය කරන්න එකතු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ අයවැය ජයගත්තේ දෙමළ සන්දනායට අල්ලස් දෙමින්. සම්බන්ධන් මහතාට කොළඹින් නිවසක් යාන වැහන පහසුකම් දෙනවා. සුමන්දිරම්ලාට විදේශ සංචාර දෙනවා. එහෙම කරලා සංවර්ධනයකර ගත්ත අයවැයේ කිසිම සංවර්ධන වැඩපිළිවෙලක් නැහැ. මාස 10න් රලුත් රටක් කිව්වා වගේ පංච විධ ප්‍රතිපත්තිය ගෙනාවා වගේ වචන හරඹයක් විතරයි තියෙන්නේ.

ආන්ඩුව ණය උගුලට හසුකර ගැනීමයි කරමින් සිට්නනේ. අපි අධික පොලියට ණය ගන්නවා කියලා කෑ ගහපු මේ අය ණය ගන්නේ 7.58ට. රට ණය උගලෙන් බේර ගන්නවා කිව්වාට ආර්ථික ඔස්තාර්ලාගේ ආර්ථක කළමණාකරණය නිසාම බිලියන 151ක් පාඩුයි. අද විශාල විදුලි අර්බුදයක් තියෙනවා. රටට අවශ්‍ය විදුලි අත්පාදනයෙන් සියයට 50ක් නොරොච්චෝලෙන් ගන්නේ.  නොරොච්චෝලේ හදන්න ගිය පිරිවැය වගේ 10 ගුණයක් දැන් ලාභ උපයලා. ඒ වගේ ඇහැට පේන ඵලදායි දේවල් අපි කලේ. දැන් සමෘද්දිලාභීන් ලක්ෂ 6ට සහනාධාරය දෙන්න යෝජනා කරනවා. සමෘද්දිලාභින් වෙන්නේ දුප්පත් ජනතාව. ආන්ඩුව වසර 4ට පස්සේ පිලිගන්නවා ඔවුන් ලක්ෂ හයක් දරිද්‍රතාවයෙන් යුක්ත ජනතාවක් ජාතියට දායාද කළා කියලා.  මේ ආන්ඩුවට කිසිදු සංවර්ධන සැලැස්මක් නැහැ.

බිලියන 151ක් පොලි ගෙවන රජයට ජනතාවට කිසිම දෙයක් දෙන්න බැහැ..

අද (20)පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මාධ්‍යවේදින්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා
පසුගිය දින කිහිපය තුල රජය පුන පුන කිව්වේ ඒ අය ඩොලර් බිලියන 2.4ක් ලබා ගත්ත බවයි. එය විශාල ජයක් විදියටයි පෙන්වා දුන්නේ. එයින් වුනු ප්‍රතිවිපාකයි මම පෙන්වා දෙන්නේ.පළමුව ජාත්‍යන්තර ස්වෛරීය බැදුම්කර කියන්නේ මොකක්ද කියන දේ අපි පැහැදිලි කර ගන්න වෙනවා. සාමාන්‍ය බැදුම්කර නිකුත් කරන්නේ රුපියල්වලින්. මාස තුනේ බිල්පත් නිකුත් කරනවා වගේ මේ වෙද්දි වසර තිහක් දක්වා අපි බැදුම්කර නිකුත් කරලා තියෙනවා. ඊට අමතරව රජය ජාත්‍යන්තර මුදල්වලින් බැදුම්කර නිකුත් කරනවා. ඒවා ඩොලර්වලින් නිකුත් කරද්දි ජාත්‍යන්තර ස්වෛරිය බැදුම්කර කියනවා. ඩොලර්වලින් පොලිය ගෙවන්නත් රජය බැදී සිටිනවා. මෙය 2007දියි පටන් ගත්තේ.
මුලින්ම 2007 ඔක්තොම්බර් මාසයේ පටන් ගත්තේ. යුද්ධයක් තිබුණා. ඒ අවස්ථාවේ තිබුණු තත්ත්වය අනුව ඇමරිකානු ඩොලර් මිලියන 500ක් නිකුත් කරන්නයි බලාපොරොත්තු වුනේ. ඒ වෙලාවේ කට්ටියක් ගිහින් එච්. එස්. බි. සි බැංකුව වැටලුවා. අපේ රජයක් ආවොත් අපි මෙය ගෙවන්නේ නැහැ කියලා ලොකු අවිනිශ්චිතභාවයක් ඇති කළා. ඒ වෙලාවේ යුද්ධය මෙහෙයවිම සහ දැඩි මුල්‍ය අවශ්‍යතාවයක් තිබුණ බව දැන දැනත් රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස ලෝකයට ප්‍රකාශ කලේ අපි බලයට ආවම මේ බැදුම්කරය ගෙවන්නේ නැති බවයි. මේ නිසා ඒ බැදුම්කරය නිකුත් කිරිම දුෂ්කර කාර්යයක් වුනා. ඒ වෙලාවේ අපි බැදුම්කරය නිකුත් කලේ පොලී අනුපාතය සියයට 8.25ටයි නිකුත් කලේ. නැවතත් 2009දි 2010 දි 2011 දි 2012,2014 දි එවැනි බැදුම්කර නිකුත් කළා ඇමරිකානු ඩොලර් මිලියන 5500ක් වෙනතුරු. ඒ සියලුම බැදුම්කර ඒ කාලයේ නිකුත් කරද්දි ඊට පෙර නිකුත් කළ බැදුම්කරයට වඩා අඩු පොලියකටයි අපි නිකුත් කලේ. රටේ ප්‍රගතිය, ආර්ථක ශක්තියේ වර්ධනය වගේම ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව ගැන තිබුණ අවිනිශෟචිතභාවය අඩු කර ගැනිම නිසයි අපිට එලෙස කරන්න හැකි වුනේ. මුලින්ම 8.25ට නිකුත් කළා. ඊළග පාර 7.4 දක්වාත්, නැවත 6ටත් ඊටත් පස්සේ 2014දි 5.125 පොලි අනුපාතයකට. එයින් පේන්නේ ශ්‍රී ලංකාව කෙරෙහි විශෟවාසය ගොඩනැගුණු ආකාරයයි. ජාත්‍යන්තරව අපේ රට ගැන තිබුණු විශ්වාසය වර්ධනය කර ගන්න පුලුවන් වුනා විතරක් නෙවෙයි. 2014දි එහි උපරිමයට පැමිණියා. අපේ ආන්ඩුව ඉවත් වෙන විට අවුරුදු 5ට නිකුත් කර තිබූ බැදුම්කර වල පොලී අනුපාතයට 5.125 දක්වා අඩු කර ගන්න හැකි වුනා. ඒ වගේම අවුරුදු 10 බැදුම්කර මුලින්ම 2010දි නිකුත් කළා. ඒ වෙලාවේ 6.25ක පොලියකටයි නිකුත් කලේ. 2011දිත් 6.25යි. 2012 වෙද්දි 5.875ට අඩු වුනා. අවුරුදු 7ක් තුලදි ඒ රජය ඩොලර් මිලියන 5500 බැදුම්කර නිකුත් කළත් ඒ සෑම බැදුම්කරයක්ම නිකුත් කලේ පෙර බැදුම්කරයේ පොලී අනුපාතයට වඩා අඩු පොලියකට විම විශේෂත්වයක්. 2015දි අලුත් රජයක් ආවා. ඒ රජය 2015 සිට 2019 දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 10050ක බැදුම්කර නිකුත් කළා. අපේ රජය වසර 9ක කාලය තුල නිකුත් කළ බැදුම්කර වලට සාපේක්ෂව සියයට 71ක්. අපි ඉන්නේ ණය කන්දරාවක. අපි ආවම ණය ගන්නේ නැහැ. අපි ණය අඩු කර ගන්නයි බලයට එන්නේ කියලා බලයට ආපු රනිල් වික්‍රමසිංහ ආන්ඩුව මේ වෙද්දි ඇමරිකානු ඩොලර් මිලියන 10050ක ණය අරන්.
2015 සිට සෛවරී බැදුම්කර තුනක් වසර 5 කාල සිමාවට නිකුත් කරලා තියෙනවා. අපේ කාලයේ තිබුණු 5.125 පොලී අනුපාතයෙන් පටන් අරන් ඒ අය 2016 වෙද්දි 5.750 දක්වා වැඩි කර ගත්තා. 2018දි 5.750යි. 2019 වෙද්දි 6.850 දක්වා වැඩි වෙලා. ජාත්‍යන්තරව පිළිගැනීම මෙයින් පෙනි යනවා. ලෝකයේ ඉන්න ආයෝජකයින් මේ ආර්ථික ඔස්තාර්ලා ගැන තියෙන පැහැදීමයි මෙයින් පෙන්නේ. අවධානම වැඩි වෙන්න වෙන්න පොලී අනුපාතය වැඩි වෙනවා. අවුරුදු 5 බැදුම්කර සදහා 6.85 දක්වා වැඩිවීම ක්‍රමක්‍රමයෙන් සිදුවෙලා.
2012 අපි අන්තිම වසර 10 බැදුම්කරය නිකුත් කලේ 5.875ට. දැන් නිකුත් කරන බැදුම්කරවල පොලී අනුපාතය වැඩියි. 2019දි වසර 10ක් සදහා වුනු සෛවරි බැදුම්කර නිකුත් කරන්නේ 7.850 ට. ඉතාම ඉහළ පොලියක්. මේ ප්‍රවණතාවය නිසා මුලු ලෝකයම ලංකාවේ පොලී අනුපාතය වැඩිවෙන බව පිළීගන්නවා. දුර්වල ආර්ථක කළමණාකරණය, අවධානම වැඩි වීම අනුව ජාත්‍යන්තරව වැඩි පොලී අනුපාතිකයන් ආයෝජකයින් ඉල්ලා සිටිනවා. 2015 සිට නිකුත් කළ බැදුම්කර නිකුත් කිරීමේදි පැවැති පොලී අනුපාතයමවත් තියා ගත්තා නම් මෙවැනි පැඩු වෙන්නේ නැහැ. පොලි අනුපාතය වැඩිවිම නිසා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 834ක් වෙලා. ඒ කියන්නේ රුපියල් බිලියන 151ක් අද වැඩිපුර ගෙවන්න වෙලා මේ අදක්ෂ පාලනය නිසා පමණක්. ආර්ථික ඔස්තාර්ලා අපේ රටේ ආර්ථිකයට කරලා තියෙන දේ පේනවානේ.
අපිට කොළඹ කටුනායක අධීවේගි මාර්ගය ගොඩනගන්න වියදම් වුනේ රුපියල් බිලියන 48යි. නොරොච්චෝලේ ගල් අගුරු තාප බලාගාරය හදන්න ගියේ බිලියන 103යි. ඒ දෙක එකතු කළාම බිලියන 151යි. රටේ දැවැන්ත ව්‍යාපෘති දෙකකට සමාන ගානක් මේ රජය පොලි අනුපාතයෙන් පමණක් ගෙවලා. ඒ ගානට සමාන ගානක් මේ රජය කාබාසිනායා කරලා බැදුම්කරවලට වැඩිපුර ගෙවලා තියෙනවා. රුපියලේ අගය රුපියල් 50කින් වැඩි කරගත්තා. පොලී අනුපතය වැඩිවිම නිසා බැදුම්කර හොරකමින් වුනු පාඩුව රුපියල් බිලියන 145ක්. වෙන වෙන පාඩුත් වුනා. ස්වෛරී බැදුම්කර හරහා බිලියන 151ක් . රැපියල අවප්‍රමාණ වීමෙන් හැම ඩොලරයටම වැඩිපුර ගෙවනවා. මේ දේවල් වලින් රටට දිනපතා පාඩුමයි වෙන්නේ.
අපිට සාපේක්ෂ රටවල් ගැනත් බලන්න වෙනවා. හිටපු මුදල් ඇමැති රවි කරුණානයක මහතාත් මේ ගැන කිව්වා. තායිලන්නය අවුරුදු 10ක බැදුම්කරයකට ගෙවන්නේ 2.5යි. වියට්නාමය ගෙවන්නේ 4.7යි. මැලේසියාව ගෙවන්නේ 3.8යි. ග්‍රිසිය ගෙවන්නේ 3.8යි. බොස්වානා ගෙවන්නේ 5.2යි අපි 7.8ක් ගෙවනවා. මොනතරම් විශාල අවපාතයකට අපේ ආර්ථිකය ඇදදාලාද කියලා පේනවා. එදා තිබුණු ප්‍රවණතාවය අනුව කටයුතු කළා නම් අද වෙද්දි පොලී අනුපාතය සියයට 4ට පොලී අනුපාතය හැදනෙවා. ඩොලර් වලට වැඩිපුර ගෙවලා රටක් ගෙනියන්න බැහැ.
මංගල සමරවිරගේ බජට් එක ඉලෙක්ෂන් බජට් එකක් නෙවේ. විනයක් ඇති බජට් එකක් කිව්වා. එහෙම වෙලා තියෙන්නේ එතනින් එහාට දෙයක් දෙන්න බැරි නිසයි. බිලියන 151ක් පොලි ගෙවනවා නම් ඒ රජයට ජනතාවට කිසිම දෙයක් දෙන්න බැහැ. මේ බැරිකම නිසා දැන් කියනවා විනයක් සහිතව කටයුතු කරනවාලු . විනයක් තිබුණා නම් මෙහෙම වෙන්නේ නැහැ. මේ යන ගමන දැන්වත් නැවතුවේ නැත්නම් රටට මොනවා වෙයිද දන්නේ නැහැ. තව ටික දවසින් ඇවිත් අපි සෛවරී බැදුම්කර සියයට 10කට නිකුත් කරනවා කිව්වත් අපිට කට පියාගෙන ඉන්න වෙනවා. ජාත්‍යන්තරය කෙරෙහි අපේ රට ගැන විශෟවාසයක් ගොඩනැගිය යුතුයි.

මාධ්‍ය – මංගල සමරවීර අයවැය කතාවෙදි කිව්වා ඔක්තෝම්බර් 26 ආන්ඩු පරිච්චේචය අදුරුතම කාලය කියනවා. ඒ කාලේ ආර්ථකමය වශයෙන් නුසුදුසු දේවල් වුනා. පොලිය වැඩියෙන් ගෙවන්න වුනා. කිව්වා.
අජිත් නිවාඩ් කබ්රාල්- එහෙම කියන බව දන්න නිසා තමයි සියලු බැදුම්කර ගැන මම පෙන්වා දෙන්නේ. දවස් 51 ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. අවුරුදු 4ක ප්‍රශ්නයක්. මේ වසර 4 තුලම අපි දිගින් දිගටම පිරිහුනා. ඒ පිරිහිම දින ගණනකින් එහෙට මෙහෙට කරන්න බැහැ. ඒ අය කියනවා රේටින් එක අඩු කලාලු. ඒක දිගින් දිගටම තිබුණු තත්ත්වයක්. ණය ශේණිය දිගින් දිගටම අඩුවීමක් වුන ප්‍රවණතාවයිය වුනේ. අද වෙද්දි වර්ධන වේගය සියයට 2ටත් අඩු වෙනවා. උද්ධමනය වැඩි වෙනවා. දළ දේශිය නිෂෟපාදනයට සාපේක්ෂිතව ණය ප්‍රමාණය සියයට 91ක් වෙලා. කොටස් වෙලෙද පොලේ කිසියම් ඉහළ යාමක් නම් වුනා. උසාවියේ නඩු කියන කොට අවිනිශ්චිතභාවයක් නම් ආවා. මේක පසුගිය වසර 4 තුළම වුනු අදක්ෂ පාලනය හොරකම නිසා වුනු දෙයක්. බැදුම්කර වංචාව නිසා ලොකු අවිනිශ්චිතතාවයක් හැදුනා.
මාධ්‍ය – ජාත්‍යන්තර වෙලෙදපොලනේ ණයගනිද්දි පොලී අනුපාතය ඉහළ යාම දේශිය වෙලෙද පොලේ පොලි අනුපාතයට බලපානවාද
අජිත් නිවාඩ් කබ්රාල් – අනිවාර්යයෙන්ම.ආන්ඩුව පෙන්වලා තියෙනවා ජාත්‍යන්තරයට අපි ඩොලර්වලින් 7.85ක් ගෙවාලි ණය ගන්න සූදානම් බව. රුපියල්වලින් ණය දෙන අයත් මේක දකිනවා. ඒ අයත් වැඩිපොලියක් ගන්න බලනවා. ඊළග සති කිහිපය තුල අපිට ඒ දේ දකින්න පුලුවන්. ව්‍යාපාරිකයෙකුට ණයක් ගන්න පුලුවන් වෙන්නේත් මේ පොලී අනුපාතයට සාපේක්ෂවයි. රටේ අවදානම ගණණය වෙන්නේ 7.58 පොලි අනුපාතයක් නම් ඊට වැඩි ගාණක් දේශීය ව්‍යාපාරිකයාට ගෙවන්න සිදුවෙනාව. රටක සාර්ව ආර්ථික සාධක මනා ලෙස කළමණාකරණය කරන්න වෙනවා. මෝටර් සයිකලයක් ලිස් කරද්දි එයටත් බලපානවා. ඒ ගැන කල්පනාකාරිව කටයුතු කරන්න වෙනවා.

මාධ්‍ය – මේ සම්බන්ධයෙන් මහ බැංකුවටත් වගකිමක් තියෙනවා නේද
අජිත් නිවාඩ් කබ්රාල් – මහ බැංකුවේ මුලික කාර්යය රජයට උපදෙස් දීම. රජය අපදෙස් ගන්නේ නැත්නම් ඒක ප්‍රසිද්ධියේ කියන්න වෙනවා. අපේ කාලයේ රජය උපදෙස් අරන් ඒ උපදෙස් අනුව කටයුතු කළා. අපි ආර්ථකය කළමණාකරණය කලේ ඒ උපදෙස් අනුවයි. අද රජයේ අගමැති මැති ඇමැතිවරු ඔක්කොම හිතන් ඉන්නේ ඒ අය සියල්ල දන්න වා කියලයි. ඇයි අද 7.8ක් ගෙවන්න වෙලා තියෙන්නේ. මේ අය දිගින් දිගටම වුනු පරිහානියට වග කියන්න වෙනවා.මහ බැංකුවේ වගකිම ඉෂ්ඨ කරලාද නැද්ද දන්නේ නැහැ. මුදල් මණ්ඩලය හරහා මහ බැංකුවේ දක්ෂ නිලධාරින් උපදෙස් දෙන්න ඇති.
මාධය – මහ බැංකුවට උපදෙස් දෙන්න නෛතික බලයක් තියෙනවා වගේ, ඒ උපදෙස් පිළිපදින්න නෛතික බලයක් නැද්ද
අජිත් නිවාඩ් කබ්රාල් – නැහැ . එහෙම දෙයක් නැහැ. මහ බැංකුවට ආන්ඩුවට උපදෙස් දෙන්න පුලුවන්. මම දන්න විදියට මහ බැංකුව ඒ කාර්යය කළා. අපේ කාලයේ ආන්ඩුව අපි දුන්න උපදෙස් පිළීපදින්නේ නැහැ වගේ පෙනුනාම අපි කිහිප වතාවක් උපදෙස් දිලා නිවාරදි කරලා තියෙනවා. ඒ විදියට මහ බැංකුවඋපදෙස් දෙනවා ඇති. රජය උපදෙස් ගන්නේ නැත්නම් මහ බැජකුව අසරණ වෙනවා. රට අසරණ වෙන නිසා එවැනි අවස්ථාවක ප්‍රසිද්ධයේ ඒ උපදෙස් කිව්වාට ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතනවා. මේ අවස්ථාවේ වැඩි පොලියට ණය ගැනීම වෙනුවට වෙනත් විකල්පයක් තිබුණා නම් මහ බැංකුව කියන්න තිබුණා. මහ බැංකුව එවැනි කතිකාවක් පටන් ගැනීම රටට යහපතක් වෙයි.

මාධ්‍ය – සේවක අර්ථ සාධක අරමුදල හානි කරපු පුද්ගලයා සිංගප්පූරුවේ ඉන්නවා.
අජිත් නිවාඩ් කබ්රාල් – බැදුම්කර වංචාවෙන්ම පැහැදුලි වුනා මේ අයට අයුතු ලාභ ලබන්න උත්සාහ කරන බව. කරලා තියෙන දේවල් නිසා සැකයක් ඇති වෙනවා. ඇයි මේ තරම් ලොකු මුදලක් පොලියක් ලෙස ගෙවන්නේ.සේවක අර්ථ සාධක අරමුදලට ප්‍රාථමික වෙලෙද පොලට එන්නේ නැතිව ද්විතියික වෙලදපොලට එන්න කියලා අණ කළා. සාක්ෂි තිබුණා. බැදුම්කර කොමිෂමෙන් මේ සාක්ෂි එළියට ආවා. දඩුවම නිහඩයි. ඒවා හොයලා බලන එක හොදයි.

මාධ්‍ය – ග්‍රිසිය 3.8 නම් ආර්ථික නිති රෙගුලාසි වල මේ තරම් පරතරයකට යන්නේ කොහොමද
අජිත් නිවාඩ් කබ්රාල් – ග්‍රිසිය 3.8 නම් . අපි ඊට වඩා වැඩි නම් ආපේ ආර්ථික ඔස්තාර්ලා තමන්ගේ දුර්වල කම පිළීගන්න වෙනවා. එහෙම පිළිගන්නේ නැත්නම් අපි මේතරම් පොලියක් ගෙවන්න වෙන්නේ නැහැ. අපි දක්ෂයි කියලා පිළීගන්නවා නම් සැකයක් තියෙනවා.

මාධ්‍ය – ග්‍රිසිය සම්බන්ධයෙන්නේ ඔබට චෝදනාවක් ආවේ. අපි බොරුවට චෝදනා කරලාද
අජිත් නිවාඩ් කබ්රාල් – අපි ශ්‍රි ලංකා මහ බැංකුව ආයෝජනය කරද්දි ග්‍රිසියේ රේටින් එක දැන් තියෙනවා වගේ අධීයර 4කින් ඉහළ තිබුනේ. කවුරු හරි මට චෝදනා කරනවා නම් අද ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන හැම කෙනාටම හතර ගුණයකින් චෝදනා කරන්න වෙනවා. අද ලංකාවේ තියෙන්නේ එදා ග්‍රිසියේ තිබුණ ණය ශ්‍රේණියට වඩා පහළයි. ඒ ඒ රටවල් වල ශ්‍රේණිය අනුවයි ජාත්‍යන්තරව ආයෝජනය කරන්නේ. ග්‍රීසියේ ඒ කාලේ තිබුණු ශේණිය අනුව පොලී අනුපාතය වැඩි වෙන්න තිබුණා. අපිට අවස්ථාව තිබුණා වැඩිපුර මුදල් හොයන්න. අපි අපේ සංචිතයෙන් කුඩා කොටසක් ආයෝජනය කරලා විශාල ලාභයක් මහ බැංකුවට හොයා ගත්තා. පාඩුවට මම වගකිය යුතුයි නම් ලාබයටත් මම නේ වගකියවන්න වෙන්නේ. මහ බැංකු ඉතිහාසයේ ඇමිරිකානු ඩොලර් 430ක් වැඩිපුර හෙව්වා.

මාධ්‍ය – අපේ ශ්‍රේණියට පහළින් තියෙන තවත් රටවල් තියෙනවද
අජිත් නිවාඩ් කබ්රාල් -තියෙනවා. හදිසියේ කියන එක හොද නැහැ. බලලා කියන්න වෙනවා. මම මහ බැංකු අධීපති කාලයේ ලංකාවේ හිටියේ හොදම ශ්‍රේණියමත් නෙවෙයි. ඒ වුනත් අපිට පුලුවන් වුනා හොද පොලියකට යන්න. ආයෝජකයෝ ලංකාව නැගී එන රටක් විදියටයි දැක්කේ. ඒ අය දන්නවා ශ්‍රේනියවර්ධනය වුනාම හොද ලාභයක් ගන්න පුලුවන් කියලා. ඒක තමයි මහ බැංකු වංචාවෙන් නැති කර ගත්තේ.
අපේ ආර්ථීකයට නිශ්චිතභාවයක් ලබා දෙන්න අපිට හැකිවුනා. මේ මේ දේවල් අපි කරනවා කිව්වාම ආයෝජකයෝ කැමැති වුනා. වසර අවසානයේ මේ මේ දේවල් අපි කළා කිව්වා. අපි ගැන විශ්වාසය වැඩිවුනා. අපි විශෟවාසයකින් වැඩකිරිම හරිම වැදගත්. ඒ විශෟවාසය හරහා අපිට හැකිවුනා රටේ ආර්ථකය යන දිසාව ගැන හොද ප්‍රවණතාවයක් ඇති වුනා.

මාධ්‍ය – අයවැයගැන වෙලද දැන්විම් යනවා. යෝජනා වලට මෙහෙම කිරිම සාධාරණද. තාම සම්මත නැහැනේ.
අජිත් නිවාඩ් කබ්රාල්- මමත් දැක්කා. අයවැය පුස්සක් බව දැනගෙන මාධ්‍ය හරහා ශක්තියක් දෙන්න හදනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නේ සාමාන්‍ය ණය ක්‍රමයක්. සුන්දර නමක් දාලා ණය ක්‍රමයක් හදුන්වා දෙනවා. අපේ මුදල් ඇමැතිගේ ණය යෝජනා ක්‍රම වගේ ණය ක්‍රම බැංකුවල තියෙනවා. ක්‍රෙඩිට් කාර්ඩ්වලින් විතරක් අපේ ජනතාව රුපියල් බිලියන 1300ක් ණය අරන්. මුද්ල ඇමැති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියලා බිලියන 48ක් දෙන්න හදනවා. ඒකෙන් ආර්ථීකයට ශක්තියක් එයි කියලා හිතනවා නම් ඒ අයට කවුරු හරි උපදෙස් දෙන්න වෙනවා.නැත්නම් ඔලුවට එන දේවල් කියනවාද මන්දා. ආර්ථ විද්‍යාව දන්නවා නම් මෙහෙම කියන්නේ නැහැ.
මාධ්‍ය – ජනාධිපතිවරයාත් කිව්වා අරුජ්න මහේන්ද්‍රන් ගෙන්වා ගැනීම ගැන සාකච්ඡා කරනවා කිව්වා. මේ ජනාධීපතිමයි කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. පාස්පෝට් තහනම් කලානම් මෙහෙම කියන්න වෙන්නේ නැහැනේ.
අජිත් නිවාඩ් කබ්රාල් – අර්ජුන මහේන්ද්‍රන් චූදිතයෙක් වෙන බව පොඩි ළමයිත් දන්නවා. අගමැ ඇවිත් කිව්වා ඔහු වෙඩින් එකකට යනවා කියලා. බොරු කියලා යන්න ඇරලා ගෙන්න ගන්නවා කියන එක විශ්වාස කරන්න බැහැනේ. විශ්වාස කරන්න නම් මීට පෙර කටයුතු කරපු ආකාරය ගැන බලන්න වෙනවා. අනෙක් දේවල් සම්බන්ධයෙන් මොනතරම් කඩිනම්ද. ගෙන්වා ගන්න අපි මෙහෙම දෙයක් කළා කියලා පෙන්වපු සාක්ෂිය මොකක්ද. මේ කියන්නේ ඔහුට යන්න ඉඩ දුන්න අයමයි.

මාධ්‍ය – ඒ වෙලාවේ අගමැති පාර්ලිමේන්තුවේදි සියලුම වගකීම් මම බාරගන්නවා කිව්වා. ජනාධීතිට අවශ්‍ය වුනත් අගමැතිව නතර කරන්න බැහැවගේ පෙන්නේ.
අජිත් නිවාඩ් කබ්රාල් – මටත් පේන්නේ අගමැතිවරයා ජනාධිපති කියන දේවල් තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැති බවයි. අපිට හැමදාම ජනාධිපති කියන කතා සහ හැසිරෙන විදිය දකිනවා.

මාධ්‍ය- අපි දින 51 ආන්ඩුවෙන් මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න බැරිවුනා. වෙඩින් එකේ ප්‍රධාන අමුත්තා වුනේත් රනිල් වික්‍රමසිංහ. මහින්ද රාජපක්ෂ ආවත් මොකුත් වෙන්නේ නැහැ කියලා මතයක් තියෙනවා.
අජිත් නිවාඩ් කබ්රාල් – මේක අපිට පැනලා යන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඔප්පු කරන්න පුලුවන් ප්‍රවණතාවක් තියෙනවා. නිතිමය පැත්තෙන් මේ තත්ත්වය විසදෙයි කියලා මම හිතනවා. දැනට කෙරිලා තියෙන දේවල් විශ්වාස කරන්න බැහැ. ඔය වාර්තා මම ගණන් ගන්නේ නැහැ. ලියකියවිලි තියෙන්නේ අවශ්‍ය පුද්ගලයින් රැහැනට හසු නොවන විදියටයි. අනාගත රජයක් තුලින් නිතිය ක්‍රියාත්මක වෙයි කියලා මම විශ්වාස කරනවා.

මාධ්‍ය – මහ බැංකු කතාවට දෙදෙනෙක් බන්ධනාගාර ගත වුනා. ඒ අය ප්‍රාථමික වෙලෙද පොලේ හිටපු අය. ඒ අය සිරගත වෙනවා නම් මහ බැංකුවේ දෙතුන් දෙනෙක්වත් සිරගත වෙන්න වෙනවානේ.
අජිත් නිවාඩ් කබ්රාල් – අනිවාර්යයෙන්ම. ඒ අය ලන්සු ඉදිරිපත් කලා. ලන්සු බාර ගත්තේ කවුද. ලන්සු භාර දෙන්න අණ දුන්නේ කවුද. ඒවාට මුදල් වෙන් කරලා බැංකු හරහා මුදල් දුන්නේ කවුද. ඒවා කරපු අය ගැන කිසිම හෙවීමක් බැලීමක් නැහැ. ඒ අයගේ වරදත් හොයලා දඩුවම් කරන්න වෙනවා. ලංකා බැංකුවෙන් මිලයන 10ක් දුන්නා. මොකටද දුන්නේ. කවුද දුන්නේ. මේවාට කොමිෂමෙන් උත්තර ලැ‌බෙයි කියලා හිතුවත් ලැබුනේ නැහැ. ඒනිසා නැවතත් උත්තර හොයා ගන්න වෙනවා.

ජනාධිපතිවරණය කල්දැමීමට ජනමත විචාරණයක්..

ජනමත විචාරණයක් පැවැත්වීම මගින් මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල්දැමීමට රජය උත්සාහ ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (19) පැවැසීය.
එහෙත් ජනාධිපතිවරණය කල්දැමීමට රජයට කිසිම අවස්ථාවක් ලබානොදෙන බවද මන්ත්‍රීවරයා කීය.
බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.
මෙරට මානව හිමිකම් කඩවූ බවට ජීනීවා මානව හිිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනා නිසාවෙන් ආණ්ඩුව මේ වනවිට අර්බුධ රාශියකට මුහුණ දී සිටින බව කීය. විශේෂයෙන්ම රජය ජිනීවා මානව හිමිකමම් කවුන්සිලයට ඉදිරිපත් කළ 30-1 යෝජනාව අනුව ප්‍රතිත්‍රස්තවාදී පනත ඉදිරිපත් කළයුතුව ඇතැයි කී අබේවර්ධන මන්ත්‍රීවරයා එම පනත සම්මත වුවහොත් හුස්ම ගැනීම හැර සියලූම කටයුතු ත්‍රස්තවාදී ක්‍රියාමාර්ග ලෙස සැක කිරීමට අවස්ථාව සැළැසෙන බව සදහන් කළේය.
රජය මෙම පනත පසුගිය වසරේ ඔක්තෝම්බර් 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මෙම වසරේ මාර්තු 31 වැනිදාට පෙර සම්මත කර ගැනීමට රජය බළාපොරොත්තුවූ බව සදහන් කළ අබේවර්ධන මන්ත්‍රීවරයා මෙම පනත මගින් රාජ්‍ය බලය නිශේධ කරන අතරම ත්‍රස්තවාදී සැකකරුවන්ට විශේෂ වරප්‍රසාද ලැඛෙන බවද පැවැසීය.
එමෙන්ම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය හරහා විධායක ජනාධිපතික්‍රමය අහෝසිකිරීම පිළිබදව රජය මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ සමග සාකාච්ඡා ආරම්භ කර ඇතැයි කී අබේවර්ධන මන්ත්‍රීවරයා ජනමත විචාරණයක් පැවැත්වීමට මේ වනවිට යෝජනාවක් සම්මත කරගැනීමට රජය උත්සාහ ගන්නා බවද කීය. ජනමත විචාරණයක් පැවැත්වීම හරහා රජය උත්සාහ ගන්නේ ජනාධිපතිවරණය නොපැවැත්වීම යැයි සදහන් කළ ලක‍ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා මැතිවරණ කල්දැමීමට රජයට කිසිදු අවස්ථාවක් නොදෙන බවද සදන් කළේය.
එමෙන්ම කොළඹ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක‍ෂය සිරිකොත ගමට ගෙනයන වැඩපිළිවෙල අරඹා ඇතැයි කී අබේවර්ධන මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ සැලැස්ම ගමට ගෙනයෑම සදහා ගම සමග පිළිසදරක් වැඩපිළිවෙල ඇරඹු බවද කීය.
මෙහිදී අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙරට මානව හිමිකම් කඩවූ බවට සොයාබැලීම සදහා කල්ඉල්ලමින් එක්සත් රාජධානිය විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති යෝජනාවට සමඅනුග්‍රාහකත්වය දැක්වීම නිසා අප රට ජාත්‍යන්තරව විශාල බලපෑමකට ලක්ව සිටින බව සදහන් කළේය.
එමෙන්ම ජනතාව අමතක කර තීන්දු තීරණ ගන්නා දේශපාලන පක‍ෂවලට මැතිවරණවලදී ජනතාව නිසි පිළිතුරා දෙනු ඇතැයි කී යාපා මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයද ජනාධිපතිවරණ අපේක‍ෂකත්වය සම්බන්ධයෙන් නිවරදි තීන්දුවක් ගනු ඇතැයි බළාපොරොත්තුවන බවද කීය. එැබැවින් ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයද වැරදි නිවරදි කරගෙන තමන්ගේ නෑයන් සමග එක්විය යුතුයැයිද අනුර ප්‍රියදර්ශණ යාපා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ අනුරධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒස්ඒම් චන්ද්‍රසේන මහතා සදහන් කර සිටියේග කිරිපිටි මිළ සූත්‍රය ක්‍රයාත්මක කිරීම නිසා විශාල කිරිපිටි හිගයක් ඇතිව තිබෙන බව සදහන් කළ මන්ත්‍රීවරයා ඉදිරියේදී වී මිළ සදහාද මිළ සූත්‍රයක් අවශ්‍ය බවයග මිළසූත්‍රය ක්‍රියාත්මත කිරීම හරහා වී සදහා ඉහළ මිළක් දීමට හැකියාව ලැබෙන බවත් ඒමගින් අඩුමිළට සහල් දීමටත් හැකියාව ලැබෙන බව සදහන් කළේය.

සිරිකොත පෝස්ටරේ යටින් හිරිකිතයි කියලා ගහලා

අද දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ කතිකයින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා
ජිනිවා නගරයේ මානව හිමිකම් කොමිෂමේ සැසියට රජය මුහුණ දෙන්නේ අනුවන විදියටයි.අනාගත රජයකට අභියෝග රැසක් මෙයින් දැයැද කරන්න හදනවා. අපි ඔ්වාට සුදානම්. අසාධාරණ වාර්තාවක් මේ වෙද්දි ඉදිරිපත් වෙලා තියෙනවා. අපේ රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඔවුන් විදේශගතව සිටින්නේ නම් ඒ රටවල අධිකරණවලදී අපරාධ නඩු විභාග අරඹන්නයි මානව හිමිකම් පිළීබද මහ කොමසාරිස්වරිය ඒ වාර්තාවෙන් කියනවා. ඒ අනුව රටවල 14ට විතර නිත්‍යාණුකුලය අයිතියක් තියෙන බවයි ඔවුන් කියන්නේ. විදේශ ගත නොවී මෙරට සිටින රණවිරුවන් වෙනුවෙන් දෙමුහුණ් අධිකරණ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බවත් එහි සදහන් වෙනවා. මේක සිද්ධ වුනේ රජය සියලු වගකීම් හා බලතල ඒ ආයතනයට පවරා තිබීම නිසයි.
සරත් අමුණුගම මහතා කියනවා මේ වාර්තාවේ සමහර දේවල් සියයට සියයක් බොරු, සමහරක් දේවල් සියයට පනහක් බොරු බව සදහන් කර තිබෙනවා. අමුණුගම මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරන ධූත පිරිසේ සාමාජිකයෙක්. ශ්‍රි ලංකා රජය ඒ වාර්තාව සම්පූර්ණයෙන් අනුමත කර තිබෙන බව එතුමාට අමතක වෙලා. අපේ ජනතාව නොමග යැවීමට මේවා බොරු කියලා සරත් අමුණුගම මහතා කරන ප්‍රකාශය වැනිම ප්‍රකාශයක් තිලක් මාරපන ඇමැතිවරයාත් පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ කරන අතරේ මේ යෝජනාව ජිනීවා වල අත්සන් කෙරුණා. ඒ යෝජනාවේ පළමුවැනි සදහන් වෙන්නේ වාක්‍ය මහ කොමසාර්ස්වරියගේ වාර්තාව අනුමත කරමින් හා අගය කරමින් අන් සියලු දේවල් පිළීබද කටයුතු කරන බව. ඒකටයි ශ්‍රී ලංකා රජය අත්සන් කලේ. අත්සන් කරලා පාර්ලිමේන්තුවට කියනවා අපි මේකට එකග නැහැ කියලා.
ශ්‍රී ලංකා රජය පිළිඅරන් තියෙන්නේ ප්‍රබල බැදීම්ව. තව වසර දෙකකට අපේ රට පිළීබද අධීක්ෂණ බලය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට බාරදිලා තියෙනවා. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ අයගේ අධීක්ෂණය යටතේ වෙනස් කරන්න, පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙන පනත් අහෝසි කරලා ඒ වෙනුවට වෙනත් පනත් ආදේශ කරන්නත් පොරොන්දු වෙලා තියෙනවා. අපේ ත්‍රිවිද හමුදාව හා පොලිසියි ප්‍රතිව්‍යුහගත කිරීමට පොරොන්දු වුනා. එහෙම නම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට කිසිම වගකීමක් ඉතුරු වෙලා නැහැ. අභිමානයක් තියෙන කිසිම රටක් මෙවැනි දෙයක් පිළිගන්නේ නැහැ. මහකොමසාරිස්වරියගේ වාර්තාවේ ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීන් ලෙස පත්කිරීමත් දැඩිව හෙළා දකිමින් විවේඡනය කරනවා. අපේ රටේ ස්වාධීනත්වය හා අභිමානය මොකක්ද. ඒ වගේම දේශපාලන චරිතවලට විරුද්ධව විමර්ශනය කරන නිලධාරින්ගේ හොද නරක සම්බන්ධයෙනුත් ඒ වාර්තාවේ සදහන් වෙනවා. පොලිසියේ ස්ථාන මාරුකිරිම් පවා හරි වැරදි එහි සදහන් වෙනවා. මෙහෙ මොනවා කිව්වත් ජිනීවා නගරයේදී රජය මේ සියල්ලට එකග වෙලා තියෙනවා.
අයවැය ලේඛණය පාර්ලිමේන්තුවෙ දෙවැනි වරට කියවීමේදී අවශ්‍ය ප්‍රමාණයට ඡන්ද ආණෟඩුවට තියෙනවද නැද්ද කියලා සැකයක් ඇති වුනා. ඒ සැකයට පදනමක් තිබුණා. එජාපයේ මන්තීවරු 30ට ආසන්න ප්‍රමාණයක් ඊට විරුද්ධව ඡන්දය දෙන බව කියා තිබුණා. ඒ අතරේ ශ්‍රීලනීපය ඒකාබද්ධ විපක්ෂය එක්ක අයවැයට විරුද්ධව ඡන්දය දෙන බවට පැහැදිලි තීරණයකට එළැඹුණා. ඒ නිසා පැහැදිලි අවධානමක් තිබුණා රජය පරාජයට පත්වීමේ. නමුත් අවසානයේ එවැන්නක් වුනේ නැහැ. ශ්‍රීලනීපයේ මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව දැඩි ප්‍රකාශ නිකුත් කරළත් ඡන්දය ගන්න අවස්ථාවේදි එජාප රජය ආරක්ෂා කළා. ඒ විදියට ශ්‍රිලනීපය තමන්ගේ තීරණය වෙනස් කිරීම නිසා අයවැය පරාජය කිරීමට නොහැකි වුනා. මේ තුලින් නව සන්ධානයක් බිහිකිරීමේ සාකච්ඡාවටත් ප්‍රශ්න ඇති වෙනවා. මේ සාකච්ඡාවල ප්‍රධාන අරමුණ පුතිපත්ති පිළීබචද එකගත්වයකට එළැඹීමයි. විශෞෂයෙන් ආර්ථක ප්‍රතිපත්ති. දැන් අපේ පාක්ෂිකයින් ප්‍රශ්න කරනවා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මොන එකගතාවයකට පැමිණියත් තීරණාත්මක අවස්ථාවක එජාපය රකිනවා නම්, එජාපයේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටිනවා නම් විශ්වාසනීයභාවය පිළීබද ගැටලුවක් තියෙනවා නේද කියලා. කෙසේ නමුත් මේ අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයේ සහාය ගන්නත් රජයට සිද්ධ වුනා. දෙමළ සන්ධානයේ ඡන්ද අයවැයට ගන්න කියන දෙයක් කරන්න රජය ලැහැස්ති වුනා. ඒ අනුවයි මේ මහා පාවාදීම ජිනීවා නගරයේ දි සිදුවුනේ.
සිවාජිලිංගම් මන්ත්‍රීවරයා සුරේන් රාගවන් ආන්ඩුකාරවරයා හරහා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරනවා කිව්වා ශ්‍රී ලංකාවේ ත්‍රිවිද හමුදාවට එරෙහි යුධ අපරාධ චෝදනා ජාත්‍යන්තර අධිකරණයක් හරහා විභාග කරන්නයි කියලා. ඒ වගේම උතුරු පළාතේ හිටපු මහ ඇමැති සි. වි. විග්නේස්වරන් ජිනීවා කවුන්සිලයට ඉදිරිපත් කරන්න තොරතුරු එකතු කිරීමේ කාර්යාලයක් කිලිනොච්චියේ පිහිටවනවා. මේක කොයි තරම් සාධාරණ ක්‍රියාමාර්ගයක්ද. මන්නාරම සමූහ මිනිී වලේ ඇට ඇකිලි ගැන ඇමරිකාවේ චී කෙරුණු පරික්ෂණ මගින් පෘතුග්‍රීසි යුගයේ සිදුවීමකට සම්බන්ධ බව ඇටසැකිලි කියලා තහවුරු වුනත් දෙමළ ජාතික සන්ධානය මේක ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියන්නේ මේ සම්බන්ධයෙන් නැවත පරික්ෂණ කෙරෙන්න අවශ්‍ය බවයි. අතුරුදන් වුවන් සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන්න අවශ්‍යයිලු. අතුරුදන්වුනා කියන බොහෝ දෙනෙක් නිරුපද්‍රිතව යුරෝපීය රටවල ජිවත් වෙන බවට තොරතුරු තියෙනවා. අනිවාර්යයෙන්ම අලුත් රජයක් බිහිවෙනවා මේ වසර අවසානයට පෙර. එදාට අපි මේ සම්පූර්ණ ක්‍රියාදාමයම ආපස්සට හරවනවා. වර්තමාන රජය මේ යෝජනාවට දීලා තියෙන අනුග්‍රහය අපි සම්පූර්ණයෙන්ම නිශේදනය කරනවා. අපේ රටේ ස්වාධීනත්වය අභිමානය , රණවිරුවන් රැක ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව අපි ජනතාවට ප්‍රකාශ කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා
පහුගිය දිනවල එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විවිධ ප්‍රකාශ කළා. මහින්ද කල්ලියට ගණන් කර ගන්නවත් බැරි ව්‍යාපෘති අරඹපු බව කිව්වා. ඒ තරමට අධීවේගීවයි සංවර්ධනය ආරම්භ වෙලා තියෙන්නේ. මේ අධිවේගී සංවර්ධනය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට මතක් වෙන්නේ අවුරුදු හතරකුත් මාස තුනකට පස්සේ. එතුමා සංවර්ධනයක් කළාද නැද්ද කියලා රටේ ජනතාව බොහොම හොදට දන්නවා. තමුන්නාන්සේ සංවර්ධනය කළාද නැද්ද කියලා දන්නවා. මාවනැල්ලේ මාර්ග තුනක් විවෘත කළා හදවත් යා කරන රන් මාවත කියලා. මේවා කවුද හැදුවේ. මහින්ද රාජපක්ෂ සමයේයි. දෙවුන්දර තුඩුව සිට පේදුරුතුඩුව දක්වා යා කරන මාර්ග පද්ධතිය හිතාගන්න බැරිවිදියට හදලා දුන්නේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. 2005 යුද්ධයක් තියෙන වෙන් වුනු රටක් භාරගන්න අවස්ථාවේ කාපට් පාරවල් තිබුනේ තුනයි. ගාලු පාර , නුවර පාර, හයිලෙවල් පාර විතරයි ඒ කාලේ තිබුනේ. අධීවේගී මාර්ග හින. අධිවේගී මාර්ග දැකලා තිබුනේ රූපවාහිනියෙන් විතරයි. ගිහින්ලාත් නැහැ. සජිවීව දැකලත් නැහැ. එදා තිබුණ මාර්ග තුන වෙනුවට අද තියෙන මාර්ග හැදුවේ මහින්ද රාජපක්ෂ ජනාතධිපතිවරයායි. එතුමා කැබිනට් ඇමැතිවරයා. මම එතුමාගේ ව්‍යාපෘති ඇමැතිවරයා. ඒ නිසා රනිල් වික්‍රමසිහ මහතාට කියන්න වෙනවා කරුණාකරලා මේඅවුරුදු හතරයි මාස තුන ඇතුළත එක තැනකින් පටන් අරන් තවත් තැනකින් ඉවර කරපු මාර්ගයක් පුලුවන් නම් පෙන්වන්න. අනිත් කාරණය අපිට ගණන් කරගන්න බැරිදේවල් කරලා පෙන්නනවා වෙනුවට පොරොන්දු වුන දේවල් කරලා පෙන්වන්න. ඔබතුමා පොරොන්දු වුනා මේ රටේ ජනතාවට වසරකට රැකියා දශ ලක්ෂයක් දෙන්න. ඒ කියන්නේ අවුරුද්දට ලක්ෂ දෙකයි. අවුරුදු හතරට ලක්ෂ අටයි. මාස තුනට පනස්දාහයි. අටලක්ෂ පනස්දාහක් මේ කාලය තුල දීලා තියෙන්න අවශ්‍යයි. අපිට පුලුවන් නම් පෙන්වන්න දුන්න එක රැකියාවක්. තිබුණු රැකියා නම් නැති වුනා. එතුමා කරන සංවර්ධනය අපිට ගණන් කර ගන්න බැහැ කියන කතාව ඇත්ත. කුලියාපිටියට ගියාම එතුමාගේ වොක්ස්වැගන් කොම්පැනියේ කාර් පැටව් ගහනවා. එක පැත්තකින් යකඩ දාද්දි අනෙක් පැත්තෙන් කාර් පැටව් ගහනවා. තිරු බදු ගෙවන්න වෙන්නෙත් නැහැ. වොක්ස් වැගන් මවු ආයතනය දන්නෙත් නැහැලු මෙහෙ වොක්ස් වැගන් පැටව් ගහනවා කියලා. සිංහල අලුත් අවුරුදු අත්සව කාලයට හොදම බොරුව කීමේ තරගයට අපේ අගමැති වික්‍රමසිංහ ගෙන්වන්න. ඒ තරම් බොරු කියන අගමැතිවරයෙක් ඉතිහාසයේ නැහැ. දැන් රාජ්‍ය සේවය කඩිනම් කරන්න ඩිජිටල් කරනවාලු. අද පත්තරේ තියෙනවා යාපනේ වැලි හොරුන්ගේ සිද්ධියක්. ගහන්නේ විශේෂ කාර්ය බලකායට. මේක පොඩි සිද්ධියක් විදියට නොසලකා ඉන්න බැහැ. මේකත් එක්ක සිදුවීම් මාලාවක් තියෙනවා. මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම් , නිති විරෝධී වැඩ නීතියට හසු කරන විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට අපේ ප්‍රණාමය පුද කරනවා. ලංකාවේ හතර වටේම කුඩු අල්ලනවා. යාපනේ වැලි හොරුන් අල්ලද්දි ගහනවා. ඒකට ලොකු හයියක් තියෙන්න අවශ්‍යයි. වෙනම රාජ්‍යයක් ගැන හිතන උතුරේ කොටසක් හිතනවා මේ ආන්ඩුව තියෙන්නේ අපේ මන්ත්‍රීවරු නිසයි. ඒ නිසා අපිට නිතිය අතට ගන්න පුලුවන්. මේ වෙද්දි රජයේ අදාල අංශ වලට බලපැම් වෙනවා. තුන්වෙනි වර කියැවෙීමේ ඡන්දයේදී තීන්දුව ගන්නේ මේවායේ හැසිරිම් විලාසය අනුවයි.ආණ්ඩුව යන්තම් පණටික අදින්නේ දෙමළ ජාතික සන්ධානයේ හයියෙන්. ඩි. අයි. ඩි. ලතීප් මහත්තයාලත් එක්ක අපි ඉන්නවා. නිතිය අකුරට ක්‍රියාත්මක කරන්න. මේ හොරුත් එක්ක මේක කරන අය හොයන්න. බය නැතිව විශේෂ කාර්ය බලකායට ගැහුවේ කාගේ හයියෙන්ද බලන්න.
මේ දවස්වල දෙමළ ජාතික සන්ධානයට හරි හරියට දොල පිදේනි දෙනවා. පාර්ලිමේන්තුවේ වසර 120ට වැඩි පාර්ලිමේන්තුවේ හිටපු අපිට ලැබෙන වරපුසාද තියෙනවා. අපිට දැනගන්න අවශ්‍යයි විශේෂ වරප්‍රසාද ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවාද. හිටපු ජනාධිපතිවරයෙකුට නිල නිවසක් කාර්ය මණ්ඩලයක් දෙනවා. නමුත් හිටපු අගමැතිවරයෙකුට විපක්ෂ නායකවරයෙකුට යමක් දෙන්නේ කුමන පදනමින්ද. නමුත් ආර් සම්බන්ධන් හිටපු විපක්ෂ කායකට නිල නිවසක් වාහන දෙනවා. දැන් සම්බන්ධන් හා රෝහිත අබේගුණවර්ධන කියන්නේ සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. මෙහෙම ගියෝත් අනාගතයේ පාර්ලිමේන්තුවේ හිටපු අයට දොල පිදේනි දෙන්න වෙනම අමාත්‍යංශයක් හදන්න වෙයි. අපි මේ රජයෙන් අහනවා මෙවැනි දේ සදහා පාර්ලිමේන්තුව භාවිතා‌ කරන්නේ කොහොමද.
සිරිකොත ගමට ආවා. ආවේ කලුතරට. මගේ ගමට. සිරිකොත කලුතරට පෝස්ටරේ යටින් හිරිකිතයි කියලා ගහලා තියෙනවා. අද කුලියාපිටියේ ප්‍රදර්ශනයක් තියෙනවා. පක්සයේ මහ ලේකම්ට විශේෂ ඇල්මක් තියෙනවාද දන්නේ නැහැ. කුලියිපිටියෙමයි. එහෙ සිල්ප සේනා පෙන්වනවා. දැනුයි වික්‍රමසිංහ මහත්තයා සිල්ප සේනා පෙන්වන්නේ. හදවත් යා කරන රන් මාවත ගමට සිරිකොත මේවා මතක් වෙන්නේ ඡන්දයක් ලග නිසයි. සමහරුන්ට මැරෙන මංචකයේදී කරපු පව් පේනවානේ. ඒ වගේ ඡන්දයක් ළග නිසා මේවා පෙන්න අරන්.

ශ්‍රී ලංකා පොදුජන පලාත් සභා මන්ත්‍රී සංසදයේ ප්‍රධාන ලේකම් කාංචන විජේරත්න මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාලක ලේකම් රේණුක පෙරේරා මහත්වරුද මේ අවස්ථාවට එක්වුනා.
මාධ්‍ය – ඉස්සර කාලේ පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදා බලකායේ අභිමානයට පහර දෙන්න කුවුරුත් ආවේ නැහැ. කවුද ඒක කලේ.
රෝහිත අබේගුණවර්ධන – මේ තත්ත්වටය ඇති කලේ රජය. රණවිරුවාව පහත් කලේ රජයයි. කරන්නාගොඩ නාවික හමුදාපතිවරයා මිනිස් ඝාතන කරපු බවට සාක්ෂී තියෙන බව සරත් පොන්සේකා කියනවා. ඉස්සරවලො ඔහුව ගේන්න වෙනවා ප්‍රශ්න කරන්න. අපේක්ෂිත ඇප ලබා ගැනීම විලාසිතාවක් වෙලා කියනවා. මේ කරන්නේ ශ්‍රේෂිඨාධිකරණයට අපහාස කිරීමක්. ඒ තැනට එජාප මන්ත්‍රීවරු ඇවිත්
මාධ්‍ය – වෙල්ගම මහතා කියනවා ප්‍රජාතන්තුවාදි නායකයෙක් එන්න අවශ්‍ය බවයි.
රෝහිත අබේගුණවර්ධන – ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදි නායකයෙක්. ඔහු ආයුද අතට ගත්ත පිරිසක් විනාශ කලා. එතුමාගේ පුකාශ අපිට නිතරම අහන්න ලැබෙනවා. රජයක් වෙනස් වුනාට ප්‍රතීපත්ති වෙනස් නොවිය යුතු බව ඔහු කියනවා. ඒක තමයි දේශීය ආයෝජකයාටත් විදේශීය ආයෝජකයාටත් අවශ්‍ය වෙන්නේ. එවැනි සුබවාදි දැක්මක් තියෙන නායකයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ.
මාධය – හමුදා නිලධාරීන් විදේශ රටවල දි අත් අඩංගුවට ගන්න පුලුවන් කිව්වාට ආරක්ෂක අමාත්‍යංශයනේ එවැනි නිල වාර්තාවක් ලැබිලා නැති බවයි කියන්නේ.
රෝහිත අබේගුණවර්ධන – නිල වාර්තාව ලැබිලා නැති වෙන්න පුලුවන්. අත් අඩංගුවට ගත්තාම හිරේ ලගින්නයි වෙන්නේ.

රනිල් උත්සාහ කරන්නේ රටම බටලන්දක් කරන්නයි..

අද (18) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
අයවැයක් කියන්නේ රටක ආර්ථික ප්‍රතිපත්තිය පිළිඹිමු වන මෙවලමයි. බහුජාතික සමාගම් තමන්ගේ නිෂ්පාදන විකුණාගන්න වෙලෙද දැන්විම් ප්‍රචාරණය කරනවා හා සමානව මේ ආන්ඩුවත් අයවැය සම්බන්ධයෙන් වෙලෙද දැන්වීම් ප්‍රචාරණය කරනවා. අයවැය දේශපාලන මෙවලමක් කරගන්න තරම් පහත් තතත්වයකට ආන්ඩුව වැටිලා. 2019 වසර සදහා ඉදිරිපත් කරපු අයවැය අතීසාරයට අමුඩ ගැහුවා වැනි අයවැයක් කිව්වොත් නිවැරදියි. ජාතික ආර්ථිකය සවිමත් කරන්න, දේශිය ව්‍යාපාරිකයා නගා සිටුවන්න, රුපියල ශක්තිමත් කරන්න මේ අයවැයෙන් කිසිම යෝජනාවක් ඉදිරිපත් වෙලා නැහැ. නත්තල් සීයා ආවා වගේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. මේ යෝජනා ක්‍රියාත්මක කරන්න මුදල් කොහෙන්ද කියලා නම් කියලා නැහැ. ජාතික ආර්ථිකය ශක්තිමත් කරන යෝජනාවක් නැතිව ජනතාවට පොරොන්දු විතරක් දීලා වැඩක් නැහැ. සිනිබෝල අයවැයක් රට වෙනුවෙන් ඉදිරිපත් කරලා ඒ අයවැය දේශපාලන මෙවලමක් කරගන්න වෙලෙද දැන්වීම් දාන්න තරම් පහත් තත්ත්වයට ආන්ඩුව ඇද වැටිලා.
අද රූපවාහිනියෙන් ගුවන්විදුලියෙන් අයවැය සම්බන්ධයෙන් ප්‍රචාරණය කරන දැන්විම් හදන්න, ඒවා විකාශනය කරන්න මොනතරම් මුදකල් මේ ආන්ඩුව වැය කරලා තියෙනවාද. මෙවැනි නාස්තිකාර වියදම් කරන අය, අමාත්‍යංශයෙන් මේවාට මුදල් වෙන්කරපු අය සම්බන්ධයෙන් අපේ ආන්ඩුවක් ආපුවම නිතිමය පියවර ගන්නවා. මේ මුදල්වලින් කාන්තාවන්ට ස්වයං රැකියා ආධාරයක්, කාන්තාව වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩපිළීවෙලක්, ඇති කළා නම් මොනතරම් වටිනවාද. ඉදිරි වැඩපිළීවෙලක් හෝ හැකියාවක් නැති මේ නඩයට විරුද්ධව ඉතා ඉක්මනින් ජනතාව හන්දියක් හන්දියක් ගානේ විදි බහින බව විශ්විසයි. ගන්න පඩියෙන් මාසයක්වත් ජිවත් වෙන්න බැරි වුනාම එහෙම වෙනවා. රටේ ජනතාවට ජිවත් වෙන්න බැරි තත්ත්වයක් හදලා දැන් පනතක් ගේන්න සූදානම් වෙනවා ත්‍රස්තවාදය අලුතෙන් අර්ඝ දක්වමින්. මේ හදන්නේ නිදහසේ යන්න එන්න තිබුණ එකත් නැති කරන්නයි. අනාගතයේ අසාධාරණයට එරෙහිව පාරට බහින ශීෂ්‍යයින්, ගොවීන්, ගුරුවරැන්, කම්කරුවන්, මෙල්ල කරන්නයි ආන්ඩුව සූදානම් වෙන්නේ. ජිවත් වෙන්න බැරිව ආන්ඩුවට විරෝධය දක්වන්න පාරට බහින ජනතාවට කදුලු ගෑස් ගහලා වතුර ගහලා නතර කරන්න බැරි බව දන්න නිසා මේ ගොවි ශිෂ්‍ය ගුරු සංවිධාන ත්‍රස්තවාදී සංවිධාන විදියට අර්ථකතනය කර තහනම් කිරීමයි ආන්ඩුවේ උත්සාහය.ආර්ථීක පීඩනයෙන් බැට කන ජනතාව ත්‍රස්තවාදි කැරළිකරුවන් කියමින් මර්දනය කිරීමය සිද්ධ වෙන්නේ. රනිල් මේ උත්සාහ කරන්නේ රටම බටලන්දක් කරන්නයි.
මේ ප්‍රජතානත්තුවාදි විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහවි අපි පෙනී සිටිනවා. ඒ වගේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිනවා අපේ රණවිරුවන් දංගෙඩියට යවන ජිනිවා යෝජනාවෙන් වහාම ඉල්ලා අස්වෙන ලෙසත්.

රණවිරු අධීකාරියේ හිටපු සබාපතිනි පද්මා වෑත්තෑව මහත්මිය
පවුල ගොඩනගලා , ගම ගොඩනගලා , රට ගොඩනගන ක්‍රමවේදයක් අපේ රටේ ක්‍රියාත්මක වුනා. එදා කාන්තාව නිවසේ වගකිම් ඉටු කරමින් පවුලේ කටයතු වෙනුවෙන් ආර්ථික සහායක් ලබා දෙන්න පවා පියවර ගත්තා. අද අයවැයෙන් කාත්තාව සම්පූර්ණයෙන්ම අමතක කරලා. එදා හරක් කිහප දෙනෙක් හදාගෙන කිරි ටික දොවලා විකුණපු කාන්තාවගේ ඒ අදායම අද වෙද්දි නැති වෙලා. මහපාරේ කිරි හලා දාන තැනට පත්වුනා. ගම්මිරිස් ටික විකුණගන්න බැහැ. බාල ගම්මිරිම් ගෙනත් දේශිය ගම්මිරිස්වල ප්‍රමිතිය නැති කලා. මිල පහත හෙලන්න පියවර ගත්තා. පැවිල්ලකට මුහුණ දුන්න ගොවි කාන්තාවෝ වැස්සක් ආවම සතුටු වුනා යන්තම් හොද අස්වැන්නක් ලබා ගෙන ණය තුරුස් ගෙවා ගන්න ලැබෙනවා කියලා. අද ඒ මිනිස්සුන්ගේ අස්වැන්නට මිලක් නැහැ. අස්වැන්න ගබඩා කරන්න පහසුකම් නැහැ. සුනකයින් වන්ද්‍යාකරණය සදහා මුදල් වෙන්වෙද්දි අපේ දරුවන් වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන් කීයද මේ අයැවයෙන් වෙන් කරලා තියෙන්නේ. පවුලේ වගකීම් ඉටු කරමින්, දරුවන්ට ආරක්ෂාව සලසමින් නිවසේ ස්වයං රැකියාවක නිරත වුනු කාන්තාව අද අසරණ වෙලා.
එදා තමන්ගේ ස්වාමියා රට වෙනුවෙන් යුද්ධ කරන අවස්ථවේ පවුලේ සියලුවගකිම් කරට අරන් ඉටු කරපු රණවිරු කාන්තාවන් යුද්ධය අවසාන වුනාට පස්සේ නිදහසේ හුස්ම ගත්තා. අද ඒ කාන්තාව තමන්ගේ ස්වාමියා රට වෙනුවෙන් එවැනි කැපකිරීමක් කිරිම සම්බන්ධයෙන් පසුතැවෙනවා. කොයි වෙලේ බන්ධනාගාරගත කරයිද කියන සැකයෙන් ජිවත් වෙන්න වෙලා.

කොළඹ නාගරික මන්ත්‍රිනී ප්‍රියංකා ජයසේකර මහත්මිය
මේ අයවැයෙන් දුගී ජනතාව සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු වෙලා නැහැ. සිනී බෝල මිනිස්සුන්ට පෙන්වලා ඡන්දය ගන්නයි සූදානම් වෙන්නේ. පැල්පත්වල ජිවත් වෙන ජනතාව සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කරලා නැහැ. පැල්පත් ජනතාවගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් සිතා නැහැ. මිනිස්සුන්ට සුදුසු නැති කිරිපිටි ගෙනත් ලාභ උපයන එකයි කරන්නේ. මේ දුර්දාන්ත පාලනය තුල සිද්ධ වෙන්නේ ආන්ඩුවේ සිටින ඉතිරි කෙටිකාලය තුල පරම්පරා ගාණකට තම මඩි තර කර ගැනීමයි.
නගර සභාවෙන් වෙන් කරන මුදල් දිහා බැලුවත් මේ වගේම තමයි. අසරණ මිනිසා වෙනුවෙන් නෙවෙයි වැඩිපුර මුදල් වෙන් වෙන්නේ. ඇති හැකි සුඛිත මුදිත පිරිස වෙනුවෙන් කෙරෙන සුබසාදන කටයුතුවලට පුමුඛතාවය දෙමින් ඒ අයගේ මඩි තර කර ගැනීමේ පහසුකම් සැලසිමයි වැඩිපුරම සිද්ධ වෙන්නේ. අයවැය ගේන කොට අපි හිතුවා පවුලේ සුරක්ෂිතතාවය ගැන හිතලා කාන්තාව විදෙස් ගත වීම වැළැක්වීමේ යෝජනා ඉදිරිපත් කරලා කාන්තාවන්ට ස්යං රැකියා උත්පාදන කිරීමේ ක්‍රමවේද ඇති කරයි කියලා. දරුවන්ගේ ආරක්ෂාව තහවුරු වෙන්නේ දරුවෝ ළග මව්වරු සිටීමෙන් පමණයි. මේ ආන්ඩුව එවැනි සංවේදි කාරණ කිසිවක් සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරලා නැහැ.
මාධ්‍ය -ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර එකගතාවක් ඇති කර ගැනීම සුදුසුද. නැවතත් වතාවක් ශ්‍රීලනීපය පොදුජන පෙරමුණ රැවටීමකට ලක්කලා නේද.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – ඒ අය නිවැරදි තින්දු ගත්තොත් ඒ අයගේ ඡන්ද පදනම වැඩි වෙයි. වැරදි තීරණ ගත්තොත් ඒක ඡන්දයකදි බලා ගන්න පුලුවන්. ඒ වගේම මේ ආන්ඩුව පලවා හැරීම සදහා පොදු එකගතාවයකට එන්න අවශ්‍යයි කියන අදහසේ අපි ඉන්නවා. ශ්‍රීලනිපයේ යම් යම් අය කරන ප්‍රකාශ නිසා තමයි ඔබ ඔය ප්‍රශ්නය අහන්නේ. මෙවැනි ප්‍රකාශ සහ අයැවයේදි ගත්ත තින්දුව වැනි දෙයින් සිද්ධ වෙන්නේ ඒ අයගේ ඡන්ද පදනම තවත් අඩු වෙන එකයි. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඉදන් නොයෙකුත් ප්‍රකාශ කරන අයගේ තාවකාලික නැවතුමක් විතරයි ශ්‍රිලංකා නිදහස් පක්ෂය කියන්නේ. අය නිකම් ‌බෝඩිංකාරයෝ වගේ. අනාගතයේ තියෙන මැතිවරණයකදි මම මේ කරන ප්‍රකාශයේ හරි වැරැද්ද බලාගන්න පුලුවන්.

ජිනීවාහිදී ශ්‍රී ලංකාව ගත යුතු ස්ථාවරය

2019 මාර්තු 17

මාධ්‍ය නිවේදනය

ජිනීවාහිදී ශ්‍රී ලංකාව ගත යුතු ස්ථාවරය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන තවත් යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දක්වන බවට ආණ්ඩුව ප්‍රකාශයට පත්කොට ඇත. 2015 ඔක්තෝබර් මාසයේ මේ ආකාරයට මුල් වතාවට සම අනුග්‍රාහකත්වය දක්වා සම්මත කර ගනු ලැබූ අංක 30/1 දරණ යෝජනාව තුළින් වත්මන් ආණ්ඩුව භාරගත් එක් කාර්‍යයක් වන්නේ ලංකාවට විරුද්ධව තිබෙන යුද අපරාධ චෝදනා විභාග කිරීමට විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශණ නිලධාරීන්ගේ සහභාගීත්වය සහිත ‘දෙමුහුන්’ අධිකරණයක් පිහිටුවීමයි. උසාවියේ නඩුවක් ගොනු කිරීමට තරම් සාක්‍ෂි නැති වුවත් මානව හිමිකම් උල්ලංඝනය කළාය කියා සැකයට භාජනය වී සිටින සන්නද්ධ හමුදා සාමාජිකයන් පරිපාලන ක්‍රියාදාමයක් තුළින් සේවයෙන් ඉවත් කිරීමටත් ඔවුන් එම යෝජනාව තුළින් එකඟ විය. 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීම තුළින් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ලංකාව සම්බන්ධයෙන් සම්පාදනය කර තිබූ 2015 සැප්තැම්බර් 28 දින දරණ අංක 30/61 වාර්ථාවද ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් නිල වශයෙන් පිළිගැනීම සිදු විය. එම වාර්ථාවෙන් සැකකරුවන්ට වද බන්ධන පැමිණවීම, අතුරුදහන් කරවීම, සිවිල් ජනතාව හිතාමතාම ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම, යුද කළාපය තුළ සිටි සිවිල් ජනතාවට මානුෂීය ආධාර සැපයීම වැලැක්වීම වැනි චෝදනා විශාල ගණනක් ලංකාවට විරුද්ධව එල්ල කර තිබුණි.

30/1 යෝජනාව තුළින් දෙනු ලැබූ ඇතැම් ප්‍රතිඥා මේ ආණ්ඩුව දැනටමත් ක්‍රියාත්මක කර ඇත. 2016 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවේ විනාඩි 40 කටත් වඩා අඩු කාලයක් විවාද කිරීමෙන් පසු ඔවුන් අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත බලහත්කාරයෙන් සම්මත කර ගත්තේය. මෙය ‘කාර්යාලයක්’ හැටියට හැඳින්වුවද, එය ඇත්ත වශයෙන්ම සිතාසි නිකුත් කිරීමට, සාක්ෂි කරුවන් කැඳවීමට හා විභාග පැවැත්වීමට බලය සහිත විනිශ්චය සභාවකි. එහි නිලධාරීන්ට ඕනෑම හමුදා කඳවුරක්, පොලිස් ස්ථානයක් හෝ බන්ධනාගාරයක් ඕනෑම වෙලාවක වරෙන්තු නොමැතිව සෝදිසි කොට ඔවුන්ගේ විමර්ශන වලට අවශ්‍ය ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තමන් සන්තකයට ගැනීමට බලය ඇත. රාජ්‍ය රහස් පනතේ විධිවිධාන වලට පටහැනිව වුවත්, බුද්ධි අංශ, සන්නද්ධ හමුදා ඇතුළු සියලුම රජයේ ආයතන මේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සම්පූර්ණ සහයෝගය දැක්වීමට අනිවාර්යෙන්ම බැඳී සිටී.

2018 මාර්තු මාසයේ දී මහා සංඝරත්නයේ විරෝධයත් නොතකා බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තියේ විධිවිධාන ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා ආණ්ඩුව 2018 අංක 05 දරණ පනත සම්මත කර ගත්තේය. ලංකාව තුළ සිදු වූවා යැයි කියන අතුරුදහන් වීමක් තමන්ගේ රට තුළ සිදු වූවාක් මෙන් විදෙස් රටකට වුවද විභාග කිරීමට මින් ඉඩ සැලසේ. එවන් චෝදනාවක් මත ශ්‍රී ලාංකිකයෙකු හිර භාරයට ගන්නා රටකට එම පුද්ගලයාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට වුවද බලය ඇත. මේ නව නීතිය යටතේ ලංකාව තුළ අතුරුදහන් කරවීමක් සිදු කළාය කියා සැක කරන පුද්ගලයෙකු විදේශීය රටකට උදර්පණය කරගෙන ඔහුට විරුද්ධව එම රටේදී නඩු පැවරීමත් සිදු කළ හැක.

2002 අංක 25 දරණ අපරාධ කටයුතුවලදී අන්‍යෝන්‍ය උපකාර සැලසීම් පනතට 2018 අගෝස්තු මාසයේදී ගෙන එනු ලැබූ සංශෝධන තුළින් එම පනතේ විධිවිධාන රටවල් විශාල ගණනකට හා ජාත්‍යන්තර අපරාධ අධිකරණය වැනි ජාත්‍යන්තර සංවිධානවලටත් වලංගු වෙන ආකාරයට පුළුල් කරනු ලැබුවේය. ලංකාව තුළ විදේශීය රටවලට අවශ්‍ය සැකකරුවන් හෝ සාක්‍ෂිකරුවන් සොයා ගැනීම, එවන් පුද්ගයන්ට සිතාසි ඇතුලු වෙනත් ලියවිලි ලැබීමට සැලැස්වීම, සාක්‍ෂි සොයා ගැනීම, වරෙන්තු අනුව සෝදිසි සිදුකිරීම, වැනි කාරණා වලට මෙම නීතිය අදාල වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය, මානව හිමිකම් කවුන්සිලයේ වර්ථමාන සැසි වාරයට ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්කර තිබෙන වාර්ථාවේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ කළ බවට සැක කරන අයට විරුද්ධව තම තමන්ගේ රටවල “යුනිවර්සල් ජූරිස්ඩික්ශන්” සංකල්පය යටතේ නඩු පවරන මෙන් මානව හිමිකම් කවුන්සිලයේ සියලුම සාමාජික රටවලට උපදෙස් දී ඇත. මේ ඉල්ලීම අපේ රටේ මෑතකදී සම්මත කරගත් ඉහත සඳහන් අලුත් පනත් තුනට ඍජුවම සම්බන්ධ වන අකාරය කාටත් පැහැදිලි විය යුතුය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ නවතම වාර්තාවේ අන්තර්ගතය දෙස බලන විට ලංකාව තවදුරටත් සෛවරී රාජ්‍යයක්ද යන ප්‍රශ්නය පැණ නැගේ. එතුමිය ජිනීවා වල සිට ලංකාවේ බලය බෙදීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා හැටියට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම ගැන ඇය අප්‍රසාදය පල කර ඇත. අගමැතිවරයා මෑතකදී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාගත කළ විශේෂඥයන්ගේ වාර්ථාව ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් සඳහා හොද පදනමක් සපයන බව ඇය ප්‍රකාශ කර ඇත. ජිනීවා නුවරින් එවන් අධීක්‍ෂණයක් සිදු වෙන විට ලංකාවට ඡන්දයෙන් පත්වෙන ආණ්ඩුවක් කුමටද?

අපේ රණවිරුවන් හා යුද්ධයට නායකත්වය දුන් දේශපාලන බලධාරීන් විදේශ රටවලට පාවා දීම සඳහා 30/1 යෝජනාවට යහපාලන ආණ්ඩුව සම අනුග්‍රාහකත්වය දැක්වූයේ ඔවුන්ට විදේශ ආධාර විශාල වශයෙන් ලැබේවිය යන බලාපොරොත්තුව තිබුණ කාල වකවානුවකය. විදේශීය මැදිහත්වීම් තුළින් ඇතැම් රටවල අලුත් ආණ්ඩු පිහිටුවීමෙන් පසු අදාල රටවල බලයෙන් පහ කරනු ලැබූ දේශපාලන හා හමුදා නයකයන් විදේශ බලවතුන්ට පාවා දෙනවාට තෑගි වශයෙන් විශාල ආධාර ප්‍රමාණයක් එම රටවලට ලැබුණ අවස්ථා මීට පෙර අපි දැක ඇත. විදේශ බලවතුන් එවන් ක්‍රියාමාර්ග ගනු ලබන්නේ, ඒ යටත් කරගත් රටේ ජාතිකවාදී බලවේග නැවත නැගිටින්නේ නැති තැනට වගබලා ගැනීම සඳහාය. වර්ථමාන ආණ්ඩුව කිසිම ලැජ්ජාවක්, හිරිකිතයක් නොමැතිව 30/1 යෝජනාවේ සියලුම ජාතිද්‍රෝහී විධිවිධාන වලට එකඟ වූයේ එවන් බලාපොරොත්තු නිසා බව මම තදින්ම විශ්වාස කරමි.

මෙවර මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහි සටන මෙහෙයවනු ලබන්නේ බ්‍රිතාන්‍යය විසිනි. කළින් මේ සටන මෙහෙය වූ ඇමරිකා එක්සත් ජනපදය, මානව හිමිකම් කවුන්සිලය “දේශපාලන පක්‍ෂත්ග්‍රාහීත්වයෙන් පිරුණු අසූචි වලක්” ලෙස හඳුන්වා එයින් ඉවත් වී ඇත. සෑම රටකම ආණ්ඩු වෙනස් වේ. එයත් සමඟම ආකල්ප හා ප්‍රතිපත්තිත් වෙනස් වේ. අද පවතින්නේ 30/1 යෝජනාව සම්මත වූ අවස්ථාවේදී පැවති ජාත්‍යන්තර තත්වය නොවේ. නමුත් අපේ රටේ තවමත් ලෝකය පුරාම අභාවයට යමින් පවතින දේශපාලන ප්‍රවාහය සමඟ ගැට ගැසුණු ආණ්ඩුවක් තිබෙන නිසා 2016 සිට ලෝකය පුරා සිදු වීමට පටන්ගත් පෙරළි වලින් ලංකාවට ලැබිය යුතු වාසි ලබා ගැනීමට නොහැකි වී ඇත.

බ්‍රිතාන්‍යයේ නෙස්බි සාමිවරයා මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන යන ව්‍යාපාරයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඉවත් කරවා ගැනීමට ප්‍රබල උත්සාහයක යෙදි සිටී. 2011 දී එකල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වූ බෑන්කී මූන් මහතා විසින් පත් කරන ලද නිල නොවන කමිටුවක් විසින් සම්පාදනය කල දරුස්මාන් වාර්ථාවේ යුද්ධයේ අවසන් කාලයේදී දෙමළ සිවිල් පුරවැසියන් 40,000 ක් මිය ගිය බවට සම්පූර්ණයෙන්ම මනංකල්පිත ලෙස නිගමනය කර තිබූ අකාරය ඔහු බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයට පැහැදිලි කර ඇත. යුද්ධයේ අවසන් කාලයේ ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂ සම්බන්ධීකරන නිලධාරියා වූ ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් මහතා, ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ විනය ගැනත්, කොටි බල ප්‍රදේශයෙන් මිදී ආ සිවිල් වැසියන්ව යුද හමුදාව විසින් මනාව රැකබලාගත් ආකාරය ගැනත් 2009 ජනවාරියේ දී තමන් සමඟ ඉතා ප්‍රසංශාත්මකව කතා කල හැටි නෙස්බි සාමිවරයා විස්තර කර ඇත. ඒ කාලයේ ලුතිනන් කර්නල් ගෑෂ් ලංකාවේ සිට බ්‍රිතාන්‍යට යවා තිබුණු වාර්ථාවල පිටපත් ලබාගෙන ඒවායේ සාක්‍ෂි අනුවත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට දෙමළ සිවිල් වැසියන් ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියක් නොතිබුණු බවට නෙස්බි සාමිවරයා ඉතාම පැහැදිලිව පෙන්වා දී ඇත.

එමෙන්ම යුද නීතිය පිළිබඳ ප්‍රධානම පෙලේ ජාත්‍යන්තර විශේෂඥයන් පස් දෙනෙකු, එනම්, රැජිනගේ නීතීඥ ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා, මහාචාර්යය ඩේවිඩ් ක්‍රේන්, රැජිනගේ නීතීඥ ශ්‍රීමත් ජෙෆ්රි නයිස්, රැජිනගේ නීතීඥ රොඩ්නි ඩික්සන් හා මහාචාර්යය මයිකල් නිව්ටන් යන නීති විශාරදයන් පස් දෙනා ලංකාවේ යුද්ධයේ අවසන් මාසවලදී යුද නීතියේ විධිවිධාන කිසිවක් උල්ලංඝනය නොවුණු බවට ලිඛිත වාර්ථා සපයා ඇත. බ්‍රිතාන්‍යයේ විශේෂ හමුදා බලකායේ හිටපු අණ දෙන නිලධාරියෙකු වන මේජර් ජනරාල් ජෝන් හෝම්ස් බර අවි භාවිතය ගැන වෙනම තාක්‍ෂණික විමර්ශණයක් සිදු කර, යුද්ධයේ අවසන් අදියරේදී බර අවි භාවිතය අයුතු ලෙස සිදු නොවුණු බවට වාර්ථාවක් සපයා ඇත. ශ්‍රී ලංකා යුද හමුදාව සිතාමතාම සිවිල් ජනතාව ඉලක්ක කළාය යන අදහසත් ඔහු පැහැදිලිව ප්‍රතික්‍ෂේප කර තිබේ. 2011 දරුස්මාන් වාර්ථාවේ බර අවි භාවිතය සම්බන්ධයෙන් චන්ද්‍රිකා ඔස්සේ ලබාගෙන තිබෙනවා යැයි කිවූ සාක්‍ෂිද ඔහු තදින්ම විවේචනය කර ඇත.

ලංකාවට පක්‍ෂව මේ ආකාරයට අදහස් ප්‍රකාශ කර තිබෙන විශේෂඥයන්ගෙන් බහුතරය බ්‍රිතාන්‍ය ජාතිකයන් වේ. නමුත් මේ යෝජනා සම්මත කිරීම නවත්වා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමඟ කිසිම සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සිදු කර නැත. මේ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා සහ යූ.එන්.පී ආණ්ඩුව නියෝජනය කරමින් ජිනීවා නුවරට ආණ්ඩුවේ දූත පිරිසක් ගොස් සිටී. එහිදී සම්මත කිරීමට යන අලුත්ම යෝජනාව ගැන ආණ්ඩුව වෙනුවෙන් කතා කරමින් ලක්‍ෂමන් කිරිඇල්ල ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ලබා ඇති ප්‍රගතිය ගැන එම යෝජනාවෙන් ලංකාව ප්‍රසංශා කර ඇති බවින්, එයට සම අනුග්‍රාහකත්වය ලබා දීම ප්‍රශ්නයක් නොවන බවයි. ලංකාව ගැන ප්‍රසංශාත්මක වචන කිහිපයක් එම යෝජනාවේ ඇත්ත වශයෙන්ම තිබේ. නමුත් ඒ කියන ප්‍රසංශාව හිමිව ඇත්තේ අප ඉහත සඳහන් කළ රණවිරුවන් පාවාදෙන නව නීති සම්මත කිරීම වැනි ආණ්ඩුව විසින් සිදු කර ඇති මහා ජාතීද්‍රෝහීකම් වලටය. වත්මන් ආණ්ඩුවේ විදෙස් හාම්පුතුන්ගේ ප්‍රසංශාව හිමි වෙන්නේ පාවාදීමකට පමණි.

පාර්ලිමේන්තුවේ මා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්, විදේශ කටයුතු ඇමතිවරයා කියා සිටියේ මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසිවාරයට ඉදිරිපත් කර තිබෙන වාර්ථාවේ සඳහන් සියළුම දේවල් වලට ආණ්ඩුව එකඟ නොවන බවයි. එසේ එකඟ නොවෙන කරුණකට උදාහරණයක් සපයමින් විදේශ කටයුතු ඇමතිවරයා කියා සිටියේ උතුරේ ඉඩම් නැවතත් සිවිල් වැසියන්ට මුදා හැරීම සම්බන්ධයෙන් එම වාර්ථාවේ සඳහන් දත්ත වලට ආණ්ඩුව එකඟ නැති බවයි. එවැනි නොවැදගත් කාරණා වලට විරුද්ධ වීමෙන් කිසිදු පලක් නැත. මේ රටේ ජනතාව සැබවින්ම බලාපොරොත්තු වෙන්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියටත්, මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලටත් නිල වශයෙන් දන්වමින්, පහත සඳහන් ආකාරයේ පැහැදිලි ස්ථාවරයක් ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරනු දැකීමටයි.

අ) මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලට ශ්‍රී ලංකා ආණ්ඩුව තවදුරටත් සම අනුග්‍රාහකත්වය දක්වන්නේ නැත.
ආ) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් 2015 සැප්තැම්බර් 28 වෙනිදා නිකුත් කළ අංක 30/60 දරණ වාර්ථාවේ ඇති චෝදනා කිසිවක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පිළිගන්නේ නැත.
ඇ) විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශකයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාව තුළ ‘දෙමුහුන්’ යුද අධිකරණයක් කිසිදාක පිහිටුවන්නේ නැත.
ඈ) ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යට හා ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මූලික අයිතීන්වලට බෙහෙවින්ම හානිකර වන 2016 අංක 14 දරණ පනතත්, 2018 අංක 05 සහ 24 දරණ පනත් දෙකත් අවලංගු කර ඒ වෙනුවට ලංකාවේ අවශ්‍යතා වලට ගැලපෙන ආකාරයේ නව නීති සම්පාදනය කරනු ඇත.

එවන් පැහැදිලි ස්ථාවරයක් නොගෙන වෙන කුමක් කළත්, එය රට ජාතිය පාවාදීමක් මිස අන් කිසිවක් නොවන බව මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ජිනීවා නුවරට ගොස් සිටින ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායමේ සියලුම සාමාජිකයන් අවබෝධ කරගත යුතුය.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක

Sinhala Geneva 17 March 2019

මේ පාර්ලිමේන්තුවේ අභාග්‍ය සම්පන්නම කාලයයි..

අද දින (15) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ කථිකයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙහාන් සේමසිංහ මහතා
රටේ ආර්ථිකය, ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධයෙන් වූ අගමැතිවරයාගේ වැය ශීර්ෂයේ විවාදය පැවත්වුනා. ඒ සාකච්ඡාවේදී අගමැතිවරයාගේ කතාව තුලත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ පැරණි පාර්ලිමේන්තු කතාවලත් තිබුනේ දිගින් දිගටම මහින්ද රාජපක්ෂ මහතාගේ ආන්ඩුව විවේචනය කිරිමයි. ඒතුමා කියන ආකාරයට වර්තමාන අවුරුදු හතරක කාලය අපේ රට සීඝ්‍රව ඉදිරියට ගිහින්. නමුත් සංඛයා ලේඛණ වල ආර්ථිකය කඩා වැටීම පෙන්වනවා. ඒ් වගේම ඒතුමාගේ කතාව හා හැසිරීමෙන් පේන්නේ බැදුම්කර සිද්ධිය අපේ රටට විශාල හානියක් වූ බවයි. වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදි අගමැතිවරයාට සෘජුව ප්‍රශෟන 20ක් විතර යොමුකළා. අගමැතිවරයා ඒ් ප්‍රශ්න සාවදානව අසාගෙන සිටියා. හිටපු මහ බැංකු අධීපති අජිත් නිවාඩි කබ්රාල් මහතා බැදුම්කරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂමට ඉදිරිපත් කළ ලේඛණයක් හැන්සාඩ් කරද්දි සාවදානව හිටපු අගමැතිවරයා නැගිට්ටා. නැගිටලා ඒ් වාර්තාව හැන්සාඩ් කිරිමට ඒරෙහිව දැඩි විරෝධයක් දැක්වූවා. සියලුම කාරණා නිහඩව අහගෙන ඉදලා බැදුම්කර සිද්ධිය හැන්සාඩ් කරන අවස්ථාවේදී පමණක් ඒ් විදියට විරෝධයක් පළකලේ ඇයි. අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඒරෙහි චෝදනාවක් තියෙනවා කියමින් අගමැතිවරයා විරෝධතාවය දැක්වූවත් අපි නම් චෝදනාවක් ගැන දන්නේ නැහැ. නමුත් මේක වංචාවක් ගැන දුන්න වාර්තාවක්. ඒ් වාර්තාව හැන්සාඩ්ගත කිරිමට විරුද්ධ වෙන්නේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාට චෝදනාවක් තිබෙන නිසානම් බැදුම්කර චෝදනාව ඒල්ල වන රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති පුටුවේ වාඩිවෙලා ඒ් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට සදාචාරාත්මක අයිතියක් තියෙනවාද.මේ විදියට තමයි රට දිගින් දිගටම ගෙනියන්නේ. බැදුම්කර වංචාවට චෝදනා ලැබූ මහමොලකරු සැලසුම්කළ ආකාරය, බිලියනයක් බැදුම්කර නිකුත් කරන්න ගිහින් ඒ්ක බිලියන 10ක් දක්වා ඉහළ නංවපු අය, මහ බැංකුවේ රැස්විම් තියපු අය චෝදනා ලබපු අයගේ වාර්තාව හැන්සාඩ්ගත කිරීම වැරදියි කියනවා.අගමැතිතුමා කෙතෙක් දුරට බැදුම්කර සිද්ධියෙන් අපහසුතාවයට පත්වෙලාද කියලා මේකෙන්ම පේනවා.
අගමැතිතුමා නිතරම ණය උගුලක් ගැන කියනවා. අගමැතිතුමාගේ ආණ්ඩුව දිගින් දිගටම අසාමාන්‍ය විදියට දෛනිකව ණය ගැනීම නිසා අපේ රට අද ණය උගුලක හිරවෙලා සිටිනවා. මහින්ද රාජපක්ෂ මහතා 2005 බලයට ඒද්දි රුපියල් මිලියන 2222ක ණය බර, රටේ දල දේශිය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 90.6යි. මහින්ද රාජපක්ෂ මහතා තුල වැඩපිළීවෙලක් තිබුණා. රට ගමන් කළ යුතු ක්‍රමය ගැන, ලෝකය ඉදිරියේ රට ස්ථානගත කරන්නේ ‌කොතනද කියන දේ ගැන අවබෝධයක් තිබුණා. ඒ් අනුව 2010 වෙද්දි දළ දේශීය නිෂ්පාදනයෙන් ණය ප්‍රමාණය සියයට 71.6ට අඩු වුනා.2014 වන විට දළ දේශිය නිෂ්පාදනයෙන් ණය ප්‍රමාණය 71.6ට අඩු වුනා. 2014 වෙද්දි සම්පූර්ණ ණය ප්‍රමාණය රුපියල් බිලියන 7391ක් වුනා.ඒ් කියන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 71.3යි. 2018 වෙද්දි ට්‍රිලියන 12000ක් දක්වා ණය අරගෙන ගිහින්. දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 91ක්. ඒ් අගමැතිතුමා කියනවා මේ රට ණය උගුලක හිර කලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කියනවා. මේ විදියට අත්තනෝමතික විදියට, අසාධාරණ ලෙස තමන්ට හිතවත් අය හා තමන්ගේ පක්ෂය පෝෂණය කරන්න රටේ ආර්තිකය පිළීබද දැක්මක් නැති කණ්ඩායමක් ණය අරගෙන තමයි අපේ රට ණය උගුලක හිරවුනේ. 1993 අවුරුද්ද වෙනකල් මේ රට පාලනය කලේ එක්සත් ජාතික පක්ෂය. ඒ් කාලයේ ණය බර දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 91ක් වුනා. ඒය සියයට සියය ඉක්මවු අවස්ථා තිබුණා. 103 ක් වුනු අවස්ථා තිබුණා. රටේ ප්‍රශ්න විසදමින් ජනතාවට බරක් නොදෙමින් රට ලෝකය ඉදිරියේ ශක්තිමත් රටක් බවට පත් කරන්න අවශ්‍ය වැඩපිීලවෙලක් අපේ ආණ්ඩුව දියත් කළා.
ඒ් නිසා මේ බොරුව දිගින් දිගටම සමාජ ගත කිරිම නතර කරන්න කියලා අපි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා රජයක් විසින් මහ බැංකුව හොරකම් කළා කියන අපකිර්තිය වහ ගන්න මහින්ද රාජපක්ෂ මහතාට අපවාද කිරීම නතර කරන්න. සියයට 7ක ආර්ථ වර්ධන වේගයක් තිබුණු රටක් සියයට 3ක ආර්ථික වර්ධනයක් දක්වා පහළ වැටිලා තියෙන්නේ ඇයි. ආසියාවේ වේගයෙන්ම ඉදිරියට ආර්ථිකය අද අවසාන තැනට වැටිලා. ඒ්කට වගකියන්නේ කවුද. මේ වගේ මහ බැංකුව නිකුත් කරන සංඛ්‍යාලේඛණ අප සතුව තිබියදි ජනතාවට බොරු කියන්න ඒපා. බොරු කියලා කියලා බොරුව අගමැතිවරයාගේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙලා. අද පාර්ලිමේන්තුව හැල්ලු වෙලා. අගමැති ඇතුළු කිසිදු ඇමැතිවරයෙක් වගකීමෙන් පාර්ලිමේන්තුවේ නිවැරදි සත්‍ය තොරතුරු ප්‍රකාශ කරන්නේ නැහැ. මේ නිසා තමයි පාර්ලිමේන්තුව හෑල්ලු වෙලා තියෙන්නේ.
රටට විරුද්ධව මානව හිමිකම් සම්බන්ධයෙන් චෝදනාවක් ඒල්ල වෙද්දි ශ්‍රී ලංකාවේ රජය ඒ් උල්ලංඝනය සනාථ කරන්න ඇමරිකාව ඒක්ක සම අනුග්‍රහයෙන් යෝජනා ගේනවා. ඇමරිකාව ඉවත් වුනත් ලංකාව කලේ ඇමරිකාව වෙනුවට බ්‍රිතාන්‍යත් ඒක්ක සම අනුග්‍රාහකත්වය සම්බන්ධ යෝජනාවේ කාලය දිගු කළා. රජය මේ විදියට කටයුතු කිරීම අපි හෙළා දකිනවා.
කිරිඇල්ල ඇමැතුමා ඒක්සත් ජාතීන්ගේ සංවිධානය අපරටේ බලය බෙදීම පදනම් කරගෙන නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදුන්වා දීමට පියවර ගත්තොත් මානව හිමිකම් කමුටුව අපිට විරුද්ධව ලිහිල් ප්‍රතිපත්තියකට යන්න සූදානම් බව කිව්ව. ඔහුගෙන් ඒ් බව නැවත ප්‍රශ්න කළාම ඒය සනාථ කළා. ඒක්සත් ජාතීන්ගේ සංවිධානය මේවිදියට හැදි දෙකකින් බෙදන්න බැහැ. රජය වගකිම් විරහිතව කටයුතු කිරීම ගැනත් අපි කණගාටු වෙනවා. මේ
අය වැය ඉදිරිපත් කළාට පස්සේ රජයේ හැසිරීමෙන් ඔවුන්ගේ තත්ත්වය තේරුම් ගන්න. දෙවන වර ඡන්ද විමසිම දක්වා ආන්ඩුව නිහඩව හිටියා. දෙවන වර ඡන්ද විමසීම සුමන්දිරන්ගේ සහයෝගයෙන් සම්මත වුනාට පස්සේ 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිටම තෙල් මිල වැඩිකළා. තෙල් මිල වැඩිකරන්න පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම අවසන් වෙනකල් හිටියේ. මේක තමයි රජයේ මානසිකත්වය. ඊට අමතරව මේ අයවැය ජනතාවගේ ජිවන වියදම පහත හෙළන්න දුන්න සහන මොනවාද. ගොවියාගේ රාජ්‍ය සේවකයාගේ ප්‍රශ්න විසදුවද. ණය මත යැපුම් ආර්ථීකයක මානසිකත්වයෙන් රටක් කටයුතු කරද්දි ඊට වඩා දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. රනිල් වික්‍රමසිහ මහතාට කොන්දේසි විරහිතව සහාය දීමෙන් දෙමල ජනතාවට මොනවාද ලැබුනේ. මහින්ද රාජපක්ෂ රජය සමයේ ලැබුනු රැකවරණය ,ඔවුන්ගේ ජිවන තත්ත්වය ගොඩනගන්න ලැබුණු සහායවත් දැන් ලැබෙන්නේ නැහැ. සුමන්දිරන් මන්ත්‍රීවරයා පුද්ගලික න්‍යාය පත්‍රයක් මුල් කරගෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ කඩා වැටෙන අසාර්ථක ආන්ඩුවක් ආරක්ෂා කිරිමයි. මෙය රටේ සමස්ත ජනතාවට සාධාරණයක් ඉටු කිරිමක්ද. අවම වශයෙන් දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කිරීමද. මේ අතුරේ වගේම දකුනේ ජනතාව මුලා කරන්නේ බලය රැක ගැනිම පිණීසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා
අපි පාර්ලිමේන්තුවේ අභාග්‍ය සම්පන්නම කාලයයි මේ ගත කරන්නේ. ජනතාව හැමදේටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු චෝදනාවට ලක්කරනවා. ආණෟඩුව මොනවාද ජනතාවට දෙන සහනය කියලා අහන ගමන් 225 දෙනාටම චෝදනා රකනවා ඇයි මේ අණ පනත් වලට විරුද්ධව කටයුතු කරන්නේ නැත්තේ කියලා අහනවා. පසුපෙල මන්ත්‍රීවරු කිව්වේ ජනාධිපති වැය ශීර්ෂය පරාජය කරන බවයි. ලොරි ටෝක් දුන්නාට ඒදා දවසේ මේ අයගේ කොදු කැඩුනු හැටි මම සජීවීව දැක්කා. ඒ් උදවියගේ පැත්තෙයි මාව අසුන් ගන්වලා තිබුනේ. අපි අයවැයට විරුද්ධවයි ඡන්දය දුන්නේ.අපි දන්නවා ඒජාපයේ ගේන්නේ සාපකාරී අයවැය බව. දැන් ඉන්න ජනාධීපතිතුමා අපිව ගෙන්වලා අපිව වාඩි කරලා ඡන්දෙ දෙනවාද ඇහුවමත් අපි කිව්වේ ඡන්දය දෙන්නේ නැති බවයි. මෙනාවද මේ වෙනකල් ගෙනාපු අයවැය වලින් වුනේ. දැන් 3.3ට ආර්ථික සංවර්ධනය වැටිලා. රටට ජනතාවට සෙතක් වෙලාද. ඒජාප පසුපෙල මන්ත්‍රීවරු ගෙනාපු රජගනය මොකක්ද. අගමැති කතාකරලා ඡන්දේ දෙන්න ලැහැස්ති වෙන්න කිව්වාම හරි සර් කියලා පැත්තකට වුනා.
චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ඡන්දයක් ඉල්ලුවා. ඒ් වුනාට ප්‍රජාතන්තුවාදයේ පියා වුනු කතානායකතුමාට චමින්ද විජේසිරි ඡන්දය ඉල්ලනවා ඇහුනේ නැහැ. පාර්ලිමේන්තුවේ ඡන්දයක් ඉල්ලන්න මන්ත්‍රිවරයෙක්ට අයිතයක් තියෙනවා. කතානායකවරයා අත්තරයක් දෙන්නේ නැහැ. අගමැතිවරයායි සභානායකවරයායි සම්මතයි කියනවා. ඇයි මේ විදියට කොලොප්පම් කරන්නේ . ජනතා මුදල්නේද මේ නාස්ති කරන්නේ. මේ උදවිය ලක්ෂ දෙකේ දීමනාව අවුරුදු තුනක් කැත නැතිව ගත්තානේ. ජනතාව වෙනුවෙන් වැඩ කරනවා නම් වැඩකට නැති ප්‍රකාශ කරලා ඊට පස්සේ ඡන්දේ දෙනවා. ඡන්දෙට කලින් ජනාධිපතිවරයාට කොදු කැඩෙන්න ගැස්සුවා. වැය ශීර්ෂයට කොළඹ පුත්තලම් පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පහර දුන්නා. ඒ්ක කලෙත් පක්ෂ නායකයෝ. සමහරු ඇවිත් කතිකයා කතා කරලා ඉවර වුනාම අහනවා අර ටිකත් කිව්වා නෝද කියලා. මම මේ හැමදෙයක්ම අහගෙන හිටියේ. ඒ් නිසා ජනාධිපතිවරයා ඒක තැනක, අගමැතිවරයා ඒක තැනක, ආන්ඩුව තව තැනක තියාගෙන ආන්ඩුවක් ගෙනියන්න බැහැ. අපි ආන්ඩුව පටන් ගත්ත දවසේ ඉදන්ම මේ ගැන කිව්වා. මේ සම්මුතිවාදී ආන්ඩු ගහගත්තේ ජනතාව කොල්ලකාලා. රාජ්‍ය දේපල මංකොල්ල කාලා. ඒකටයි 19 වැනි සංශෝධනයෙන් ආන්ඩුව වසර හතරහාමාරක් යනකල් විසුරුවන්න බැහැ කියලා යෝජනාවක් සම්මත කර ගත්තේ . මාධ්‍යවේදීන්ව රැවැට්ටුවා.ජනතාව රැවටුවා. අයවැය ගෙනත් තියෙන්නේ හොදම කුපාඩියෙක්ගේ දරුවෙක්. මේක රට ජාතිය ඔසවනවා වෙනුවට ජාත්‍යන්තරය සනසන්න ගෙනාපු අයවැයක්. ගහනාවට හදපු බදු ප්‍රතිපත්තිය අපිට ගෙනාවේ. රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය කඩාවැටිලා. අපේ කාලයේ මේවා දියුණු වුනා. එදා මිලියන 20000ට කඩා වැටුනා කියලා චෝදනා කරපු ගුවන් සේවය අද 49000ට ගිහින් .පරිප්පු ටිකෙන්,ගම්මිරිස් ඇටෙන්, රටට ආයෝජනයක් මොනවා හරි එනවා නම් ඒ හැමදේකින්ම මංකොල්ල කන්න බලන් ඉන්නේ. තව මාස කිහිපයක් තියෙන ආන්ඩුවෙන් අවුරුදු ගානකට මංකොල්ල කන්න තමයි බලන්නේ. අපි ටොප් 10 කියලා කරපු චෝදනා කිසිවක් සම්බන්ධයෙන් පියවර අරන් නැහැ. අපි තවත් චෝදනා ටිකක් අල්ලස් කොමිෂමට ඉදිරිපත් කරන්න සූදානම්. සියල්ලේ සාක්ෂි එක්ක අපි ලබා දුන්න හොරකම් 10න් එකක් හෙළීකරගන්න කොමිෂමට බැරි වුනා. මේ වෙද්දි කිසිදු පුද්ගලෙයක්ගෙන් කට අත්තර අරන් නැහැ. අපිට කොමිෂන් සබා ගැන විශෟවාසයක් නැහැ. රටේ නිතිය ගැන අපි විශ්වාසය තියාගෙන ඉන්නවා. වැඩපිළීවෙලවල් හොදයි. සුරක්ෂා රක්ෂණය හොදයි. නමුත් දෙන්නේ නැහැ. ආන්ඩුවේ ප්‍රතිපත්තිමය යෝජනා හොදයි. ගෙයක් හදාගන්න ණයක් දෙන යෝජනාව හොදයි. තරුණයෙක්ට 30000ක් හොයි ගන්න රැකියාවක් දෙන්නේ නැතිව ණයක් දෙන්න ගියාට ණය ලැබෙයිද. බැංකු දොරවහගෙන ඉන්නේ. ශාඛා සමිති සභාපති, ආසන සංවිධායක ණය දෙන්න කියලා ලියුම් එවනවා. මේ තරම් කාලයක් රටේ ඉඩම් විකිණීමේ අයිතියක් තිබුනේ නැහැ. දැන් ඔප්පු දෙන්නේ ඉඩම් ටික විකුණන්න හදනවා. අයවැය සුන්දර නම් සාර්ථකයි ම් කඩිනමින් පළාත් සභා මැතිවරණයට යන්න. අපි බලමු කවුද ජයගන්නේ කියලා. මේ වෙද්දි අලෙවි කරමින් ඉන්නේ උතුරු නැගෙනහිර තරුණයින්ගේ ජිවිත. අපි බෙල්ලේ සයනයිඩ් කරල ඉවත් කළාම දැන් වහ කුප්පි එල්ලමින් ඉන්නවා. කුලියාපිටියෙන්, කුරුණෑගලින් පාසල් කම්කරුවෝ උතුරට යවද්දි දෙමළ සන්ධානයේ මන්ථ්‍රීවරු මෙහෙට වෙලා වරප්‍රසාද භුක්ති විදිනවා. මේ අයවැයට දෙමළ ජාතික සන්ධනාය ඡන්දේ දුන්නේ ඇයි කියලා අපිට පුදුමයි. උතුරේ නව නායයකත්වයක් ගොඩ නැගුනාම දෙමළ ජාතික සන්ධානයට මේවාට වන්දි ගෙවන්න වෙනවා.

මාධ්‍ය – සන්ධනායක් හදන්න සාකච්ඡා පවතිනවා. නමුත් අයවැයට ඡන්දේ දෙන කොට එකතුවක් නැහැනේ. එහෙම එකට ඉන්න බැරුව මේකරන්නේ බොරැවක්නේ.
සෙහාන් සේමසිංහ – එකතු වීමේ අවශ්‍යතාවය ජනතාවටතියෙනවා. ජනතාව සූදානම් එජාපය පරාජය කරන්න. පුලුල් එක්සත් ජාතික පක්ෂ විරෝධී සන්ධානයක් හදන්න සාකච්ඡා ඇරඹුවත් සමාජයේ ඒ ගැන සැකයක් තියෙනවා. ඡන්ද විමසීම වෙලාවේ ශ්‍රීලනිපය ඡන්දය නොදීම හරහා බරපතල වරදක් කළා. රටට හානිකර ප්‍රතිපත්ති ගෙනියන එජාප රජය පරාජය කරන්න අපි එක න්‍යාය පත්‍රයක ගමන් කරන්න අවශ්‍යයි. මේ සන්ධානය ගොඩනැගීමේදී ජනතාවට විශ්වාසවන්ත විදියට කටයුතු කිරිමයි අවශ්‍ය වෙන්නේ කියලා අපි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට කියන්න සූදානම්.

අයවැයට එරෙහිව ශ්‍රිලනිප ඡන්දය දෙන්න එකග වෙලා, අවසානයේ පැනලා ගියා..

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසා
ජනාධිපති වැය ශීර්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමේදී මන්ත්‍රීවරුන් කියපු විදියට යමක් වෙයිද කියලා අපි බලන් හිටියා. ඒ වගේම පෙරේදා අයවැය දෙවෙනිවර කියැවීමේ ඡන්ද විමසීමේදී අපි බලාපොරොත්තු වුනා යම් ආකාරයකින් තර්ජනයක් ආන්ඩුවට එල්ල කරන්න හැකිවෙයි කියලා. නමුත් අයවැය සදහා ඡන්දය විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ගත්ත තීරණය ගැන විපක්ෂය ලෙස අපි කණගාටු වෙනවා. දවස් 11ට මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුනා. අයවැය දෙවැනිවර කියැවීමේදී විපක්සයේ බහුතර ඡන්දයෙන් පරාජය කරන්න ඒ වෙලාවේදී සියලු දෙනා එකගතාවයකට ආවා. ඒ වගේම ආන්ඩුවේ පැත්තෙන් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරන්න උත්සාහ කලොත් ඒ උත්සාහය පරාජය කරන්නත් අපි තිරණය කළා. කණ්ඩායමක් ලෙස ඒ ස්ථාවරයට අපි එකග වෙලා සභා ගැබට ගියා. අවසානයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදි අපි නොසිතූ දෙයක් සිද්ධවුනා. එජනිස මහලේකම්වරයා ඇතුලු කණ්ඩායම ඡන්දය ප්‍රකාශ නොකර පාර්ලිමේන්තුවෙන් ඉවත් වුනා. ඒක අපි බලාපොරොත්තු නොවුනු තත්ත්වයක්. එවැනි තත්ත්වයකත් අපි ඡන්ද 76ක් අයවැයට එරෙහිව ප්‍රකාශ කරන්නත් තුනෙන් දෙකේ බහුතරයෙන් අයවැය සම්මත කර ගත්තා කියන අභිමානය නැති කරන්නත් අපිට හැකි වුනා.
ඊයේ දවසේ ජනාධිපති වැය ශීර්ෂය වගේම ආන්ඩුවේ කැබිනට් ඇමැතිවරු අට දෙනෙක්ගේ වැය ශීර්ෂ පරාජය කරන්න පියවර ගන්න බව එජාප පසුපෙල මන්ත්‍රීවරු කාලයක් තිස්සේ කිව්වා. ඒ අය කිව්වා මිසක් අපි ඒක විශ්වාස කලේ නැහැ. අපි දන්නවා එජාපයේ ඒ වගේ කෂේරුකාවක් තියෙන මන්ත්‍රීවරු නැති බව. ඊයේ ජනාධිපති වැය ශීර්ෂයට ඡන්දය ප්‍රකාශ කිරීමේදී වැය ශීර්ෂය හොදයි කියලා කට්ටියම ඡන්දය දුන්නා. අප විපක්ෂය නියෝජනය කළ නිසා අපිට ගැටලුවක් ඇති වුනේ නැහැ. මලික් සමරවික්‍රම, කබීර් හසිම්, වගේ අයගේ වැය ශීර්ෂවලට වෙන දේත් අපි බලන් ඉන්නවා. ඒ විදිහට ඉතාම හොද දේශපාලන රංගනයක් ඊයේ අවසන් වුනා. මේ දේශපාලන රංගනයේ තිර පිටපත හා අධ්‍යක්ෂණය රනිල් වික්‍රමසිංහ මහතාගේ බව අපි දන්නවා.
දැන් නම් අපිට සැකයක් තියෙනවා ඇතැම් අයගේ ක්‍රියාමාර්ගත් එක්ක තුන්වැනිවර කියැවීමේදී අය වැය පරාජය කරන්න පුලුවන් වෙයිද කියලා. ඒ කෙසේ වෙතත් 2015 සිට සැබෑ විපක්ෂයේ භූමිකාව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රියාවට නංවන මන්ත්‍රීවරුන් විදියට අපි අයවැයට දැඩි විරෝධයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අයවැය තනිකරම නිස්සාර පුස්සක් බව හෙළිදරව් වෙලා තියෙන්නේ.
මංගල සමරවිර මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදි කියනවා පොහොසත් බබාලාට දැන්ම ඉදලා බදු ගෙවන්න පුරුදු කරනවාලු. ලක්ෂ 12ක් පොතේ තිබුනොත් ඒකට පොලිය රුපියල් 5000ට වැඩිවෙන නිසා පොහොසත් බබෙක් වෙනවාද. ලක්ෂ 12 තැන්පතුවක් බැංකුවේ තියෙනවා නම් පොහොසත් දරුවෙක් වෙනවාද. දරුවාගේ ආතා, කිරිඅම්මා, නැන්දා මාමා වගේ නෑයෝ දරුවෙක්ගේ උපන්දිනයට කියක් හරි පොතට දාලා දෙන එක සිරිතක්. ලක්ෂ 12ක් කියන්නේ මහ ලොකු ගානක් කියලා මංගල සමරවිර ඇමැතිතුමා හිතාගෙන ඉන්නේ. දැන් පොලියෙනුත් පොලිය කපන බව ඔප්පු වෙලා තියෙන්නේ. අපි අහන්නේ මේ රටේ ප්‍රධානපෙලේ කෝටිපති ව්‍යාපාරිකයින්ට නීත්‍යාණ්‍ුකූල නොවන ආකාරයට මොන තරම් බදු සහන පසුගිය කාලයේ මේ යහපාලන ආන්ඩුව දුන්නාද. ඇලෝසියස් ගේ මෙන්ඩිස් සමාගමට, ප්‍රාඩෝ ගෙන්වන අයට, ගම්මරිස් මුහුද මැදදි පටවන අයට බදු සහන දීලා පුංචි නොදරු කිරි සප්පයාගේ සිට මිනිස්සුන්ගෙන් බදු පිට බදු ගහන අයවැයක්. මේක තමයි අපි දකින අයවැයේ ස්වරූපය.
මේක මැතිවරණ වර්ෂයක්. අපිට කැමැති වෙලාවක මැතිවරණයකට මුහුණ විපක්ෂය ලෙස අපිට හැකියාව තියෙනවා.මේ වෙද්දි ශ්‍රිලනිපය හා පොදුජන පෙරමුණ අතර නිල සාකච්ඡා ඇති වෙලා තියෙනවා සන්දානයක් ඇති කිරීමට.පවතින එජාප ආන්ඩුව ලැබෙන පළවෙනි මොහොතේම පරාජය කිරිමට පුලුල් සන්ධානයක අවශ්‍යතාවය අපි පිළිගන්නවා. දේශප්‍රෙමී සන්ධානයක් රටට අවශ්‍යයි. රට විකුණන ප්‍රතිපත්තියට එරෙහි එජාපයේ කවුරු හෝ ඉන්නවා නම් සන්දානයට එන්න කියලා අපි ආරාධනා කරනවා. මේ සන්ධානය පිරිසිදු එකක් විය යුතුයි. මහ බැංකු හොරු මිට ඇතුළත් විය යුතු නැහැ. බැදුම්කර සිද්ධිය හරහා යම් යම් දේ ලබා ගත්ත පිරිස් එකතු කර ගන්නේ නැහැ. විවිධ ආකාරයෙනක් දීමනා ගත්ත අය මේ සන්ධානයට ඇතුලත් වුනොත් රටේ ජනතාව තුළ මේ සන්ධානය ගැන විශ්වාසයක් නැති වෙයි. මේක ශුද්ධ වු සන්ධානයක් විය යුතුයි. විනය හා නිතිය තදින් ක්‍රියාත්මක වෙන සංවරශිලි රටක් අපි බිහි කරන්න අවශයයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා
ඊයේ පාර්ලිමේන්තුවේ කෙරුණ කතාවලින් ඒ අයම පත්කරපු ජනාධිපතිවරයාව දැඩිව විවේඡනය කරනවා අපි බලන් හිටියා. ජනාධිපති වැය ශිර්ෂය පරාජය කරන බව පම්පෝරි ගැහුවා. අවසානයේ සියලු දෙනා වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය දුන්නා. මේ සංදර්ශන පෙහොට්ටුවට ඡන්දය දෙන අය බලන්නේ නැහැ. මේ රවටන්නේ එජාපයේ පාක්ෂිකයින්. එජාප පාක්ෂිකයින් රැවටිලා රැවටිලා තවත් රැවටෙන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. ගැලරියට කතා කරලා අතයටින් සහාය දෙන එකයි වෙන්නේ.මේකත තමයි එජාපයේ ඉදිරිපෙල පසුපෙල කවුරුත් කරන්නේ. අපි සන්ධානයට යන්න සාකච්ඡා පැවැත්වෙනව. නමුත් මට පොඩි බයක් තියෙනවා. ඒ සන්ධානය මැතිවරණයකට ගිහින් අයවැය ඡන්දයට වුනුදේම වෙන්න ඉඩ තියෙනවා. විශ්වාසය තියන්න බැරි මිනිස්සු එක්ක සන්ධාන ගහපුවාම එහෙම සැකයක් ඇති වෙනවා. අයවැයට එරෙහිව ඡන්දය දෙන්න එකග වෙලා ඉදලා අවසානයේ ශ්‍රිලනිප කණ්ඩායම පැනලා ගිහින් හැංගිලා හිටියා.අවසනායේ අපිත් එක්ක සන්ධාන ගහලා අපේ අපේක්ෂකයා දිනන කොට , ගිය වතාවේ දින්නත් අගමැති කම දෙන්නේ නැහැ කිව්වා වගේ දෙයක් වෙයිද දන්නේ නැති නිසා ඒ බව ඇති වෙනවා. සන්දනායක් හදන කොට මේ සියල්ල පිළීබද අවධානය යොමු කළ යුතුයි. විශ්වාස කරන්න බැරි පුචද්ගලයෝ එක්ක සන්ධාන ගහලා අවධානමකට වැටෙන්න අවශ්‍ය නැහැ. ජනතාව ඉන්නේ අපිත් එක්ක. අපිටත් ටිකක් කල් යද්දි අමතක වෙනවානේ. ඒ නිසා නැවතත් අතීතය මතක් කරලා දෙනගමන් පැනලා ගියපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බොහොම ස්තූතියි. නැවත අපිට සන්ධානයක් හදද්දි දෙවරක්කල්පනා කරන්න. අමාරුවේ වැටෙද්දි පැනලා දුවන අය එක්කයි අපි සන්ධාන ගහන්නේ කියන කාරණය දැන් අපිට සැලකිල්ලට ගන්න පුලුවන්.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ කොමිෂන් සභා වැය ශීර්ෂ ගැන සාකච්ඡා වුනා. ඉතිහාසයේ වැය සදහා යොදා ගන්නේ රාජ්‍ය ව්‍යාපාර. ස්කාගාර,කැලනි ටයර්, වානේ සංස්ථාව, එයාර් ලංකා වගේ දේවල් තිබුණා රාජ්‍ය ආදායම ලැබෙන. අද වැය ශිර්ෂවලට වැය කරන්නෙ ජනතාවගෙන්. අද වෙද්දි ජනතාවගේ ඉහට උඩින් බදු නග්ගලා තියෙනවා. ඩියුටි පී වාහන 225 යන අය අහිංසක අයට ගන්න තියෙන වැගන් ආර් එකේ බදු ලක්ෂ 35ක් දක්වා වැඩි කරනවා. අපිට ඉනධනවලට කීය වුනත් කමක් නැහැ ලීටර් ගානට සල්ලි ගෙවනවා. අපි දින 51 තුන්වතාවක් තෙල් මිල අඩු කළා. මේ දින කිහිපයට මේ ආන්ඩුව තුන්වරක් තෙල් මිල වැඩි කළා. පාර්ලිමේන්තුවේ 225ට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අපිය පත්කරන්න ඡන්දය දෙන ජනතාවට පෙට්‍රල් ගහගන්න විදියක් නැහැ. හොද නැහැ කියමින් අරක්කු සිගරැට් මිල වැඩි කරනවා. හොද නැත්නම් තහනම් කළා නම් හරි. සිගරැට්ටුවක් බොන කොට රැපියල් 60ක බදු බොන්න වෙනවා. අරක්කු බෝතලයක් බොද්දි 1000 බදු බොනවා. මේ විදියට ගියොත් බදු බිලා වෙනම ලෙඩක් හැදෙන්න ඉඩ තියෙනවා. වාහනයක් නිෂ්පාදනය කරන ජපානයේ කොම්පැනියකටවත් ලංකාවේ වගේ ආදායමක් ලැබෙන්නේ නැහැ. කාබන් බද්ද වගේ දෙයක් අයකරනවා නම් ඒ අය කරන මුදල් කාබන් නිශේදනය කිරීමේ ව්‍යාපෘතියක් තියෙන්න අවශ්‍යයි. අපි මංගල සමරවීර ඇමැතිතුමාගෙන් අහනවා එතුමා යෝජනා කරන කාබන් නිශේදනය කිරීමේ ව්‍යාපෘතිය මොකක්ද කියලා. අලුත් වාහනවලට කාබන් බද්ද අඩුයි. අලුත් වාහනයෙන් කොළඹ වටේ රවුම් 100 දුවන මිනිහාට කාබන් බද්ද අඩුයි. 7 ශ්‍රී වගේ කාරයක් වෙසක් පෝයට විතරක් එළියට අරන් වෙසක් බලන්න යන දුප්පත් මිනිහාට කාබන් බද්ද වැඩියි. අවුරුද්ද පරණ නිසා. කාබන් බද්දෙත් ධනවතාට බදු අඩුයි. දුප්පතාට බද්ද වැඩියි. ත්‍රිරෝද රියදුරන් රජයේ රැකියා ඉල්ලන්නේ නැහැ. පාඩුවේ ජිවත් වෙනවා. විශාල ජනතාවක් ප්‍රවාහනය කරනවා. ඔවුන්ගෙනුත් මේ කාබන් බද්ද අයවෙනවා. මැතිවරණ කොමිෂම තියෙනවා. සභාපති ඉන්නවා. නිලධාරින් ඉන්නවා. සේවකයෝ නඩත්තු වෙනවා. වාහන තියෙනවා. මැතිවරණ නැහැ. පොලිස් කොමිෂම තියෙනවා. හරියාකාරයව උසස්විම් නැහැ. පොලිස් නිලධාරීන්ට ශ්‍රීලනීප මන්ත්‍රීවරු පිටිපස්සේ යන්න වෙලා. අල්ලස් කොමිෂම තියෙනවා. අපි පැමිණිලි සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙනවා. මේවා ගැන විභාගයක් නැහැ.හොදම දේ විමේ වහලා දාලා වියදම් අඩු කරලා ජනතාවට ජීවත් වෙන්න පහසුකම් සලසන එකයි. ඒ අයගේ නහයට උඩින් වතුර යන්නත් දැන් ළගයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසුරිය මහතා
මොන මාධ්‍ය සංදර්ශනයක් ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඉදිරිපත් කළත් ලංකාවේ මුල්‍ය අර්බුදය උග්‍ර වෙලා. ඒෂියා මිල දර්ශකයේ 7.6 අඩුවෙලා. මේ වගේ දේවල් නිසා අයවැයේ සමහර යෝජනා දැනටම විහිලු වෙලා ඉවරයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වලින් මිලියන 300ක් හැම පළාත්පාලන ආයතනයකටම වෙන් කරලාලු. ජනාධිපතිතූමා කියනවා මොරගහකන්ද ව්‍යාපෘතියට බිලියන 6ක් ගෙවන්න තියෙනවා තවම මුදල් වෙන් කරලා නැහැලු. ව්‍යාපෘති කරපු අයට තවම මුදල් වෙන් වෙලා නැහැ. මේ විදියට එන්ටර්පුයිස් ශ්‍රි ලංකා පටන් අරන් ගමේ ඉන්න පොඩි ව්‍යාපාරිකයාත් අමාරුවේ දාන්නයි මේ කට්ටිය උත්සාහ කරන්නේ. මෑතකදි රජය ණයක් ගත්තේ 7.85 පොලියට.අවුරුදු 5 බැදුම්කරයකට 6.85 පොලියකටත්, අවුරුදු 10ක බැදුම්කරයකට 7.85ට පොලී අනුපාතයකටත් තමයි මේවා ගන්නේ. අපි අනිත් රටවල් එක්ක බලද්දි තායිලන්තය 2.51යි. වියට්නාමය 4.78, ග්‍රීසිය 3.85යි. මැලේසියාව 3.87යි. අපි ඩොලර් ගෙවද්දි පොලිය විතරක් නෙවෙයි ගෙවන්නේ. රුපියල බාල්දු වුනු මුදලත් ගෙවන්න වෙනවා. උදාහරණයක් විදියට මේ අවුරුද්දේ රුපියල සියයට 26කින් බාල්දු වෙලා. ඩොලර් වලට ගෙවද්දි 8.5ට අමතරව තව රුපියල් 26කුත් හොයා ගන්න වෙනවා. මේ ව්‍යාපෘති කිසිවක් සාර්ථක වෙන්නේ නැහැ.. එහෙමනම් කෝහොමද මේ ආන්ඩුව පවත්වා ගෙන යන්නේ.
මේ මුල්‍ය අර්බුදය විසදන්න නම් ආයෝජකයින් තුල විශ්වාසයක් ඇති කළ යුතුයිත මේ ආන්ඩුව කෙරෙහි නම් ආයොජකයින්ට කිසිම විශ්වාසයක් නැහැ. මෙහෙම ගියොත් වෙන්නේ ආර්ථකය කඩා වැටීමයි. එන අවුරුද්දේ මොකක්ද වෙන්නේ. අයවැයෙන් ණය ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. මේ ණය අර්බුදයේ අපි දැනටමත් ඉන්නවා. මේ නිසා අපි පුලුවන් ඉක්මනට ණය අර්බුදයෙන් මිදෙන්න ජාතික ප්‍රතිපත්තියකට යන්න වෙනවා. එජාප මන්ත්‍රීවරු මාධ්‍ය සංදර්ශන නොකර රටට ආදායම් ලබා ගන්න පුලුවන් විදි පෙන්වා දෙන්න අවශයයි. අයවැයෙ ආදායම් ලබා ගන්න පුලුවන් එක යෝජනාවක් තියෙනවාද. කෙටිකාලිනව මුදල් සොයා ගැනීමේ ක්‍රමවේද සොයා ගන්න වෙනවා බදු වලට අමතරව.ආර්ථික විද්‍යාවේ කියනවා බදු ගන්න ප්‍රමාණය වැඩි වුනාම රජයට මුදල් ලැබෙන ප්‍රමාණය අඩු වෙනවා. සියයට 100ක් බදු ගත්තොත් කවුරුත් බදු ගෙවන්නේ නැහැ.සියයට 0 බදු තිබුණත් මුදලක් ලැබෙන්නේ නැහැ. දැන් සීමාව ඉක්මවලා තියෙන්නේ. හැකි ඉක්මනින් මැතිවරණයකට ගිහින් විශ්වාසයක් ගොඩ නගා ගැනීමේ අවශ්‍යතාවයක් දැන් ඇති වෙලා තියෙනවා.

ප්‍රශ්න – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැවටිමක්ද කරන්නේ
රන්ජිත් සොයිසා – ශ්‍රී ලංකා නිදහස් පක්සය රවටමින් ඉන්නවා නෙවෙයි. ඇතැම් පුද්ගලයෝ අවස්ථාවට උචිත ආකාරයෙන් කටයුතු කරන්න යාම නිසා ඇති වුනු තත්ත්වයක් තියෙනවා. අපි තවමත් විශ්වාස කරනවා මේ ආන්ඩුව පලවා හැරීමට පොදු සන්ධානයක් අවශ්‍ය බව. ඒ වෙනුවෙන් අපි කැප කිරිම් කරමින් සිටිනවා. හොද අවබෝධයකින් යුක්තව අපි කටයුතු කරන්නේ.හිතා මතා රටත් ජනතාවත් අමාරුවේ දමන ක්‍රියාමාර්ගවලට අවතිර්ණ වෙන්නේ නැහැ.
ප්‍රශ්න – ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පිළිබද ඡන්ද විමසිමක් ආවානම් ඔබලා ඡන්දය දෙනවාද
රන්ජිත් සොයිසා – ආවේ නැහැනේ.
තාරක බාලසූරිය – කණ්ඩායම් රැස්වීමේදි සහයෝගයක් දෙන්න අවශ්‍ය බවයි සාකච්ඡා වුනේ.
රන්ජිත් සොයිසා- දෙවැනිවර ඡන්දය පරාජය කරන්නත්, ජනාධීපතිවරයාගේ වැය ශීර්ෂය සදහා බෙදීමක් ආවොත් ඒ සදහා සහාය පලකිරීමක් කරන්නත් විපක්ෂ නායකතුමා දැන්ම්දීලා තිබුණා. අවාසනාවට එහෙම දෙයක් ආවේ නැහැ.
මාධ්‍ය – මේ විදියට ශ්‍රීලනිපය කටයුතු කරද්දි සාකච්ඡා සාර්ථක වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්ද
දිලුම් අමුණුගම – එල්. ටී. ටී. ඊ එකත් එක්කත් සාකච්ඡා නම් තිබුනේ. සාකච්ඡා සාර්ථක වෙන්නත් අසාර්ථක වෙන්නත් පුලුවන්. ශ්‍රීලනිපය පිටි පස්සේ යාමේ අවශ්‍යතාවයක් අපිට නැහැ. බහුතර ජනතාව අපිත් එක්ක ඉන්න නිසා මැතිවරණ දිනන්න නම් ඒ අයට අපි පස්සේ ඒමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ දේවල් සැලකිල්ලට ගනියි සාකච්ඡා පවත්වන අය. ඒ නිසයි මම කිව්වේ සාකච්චා කරන අයට ඉතිහාසය මතක් කර ගන්න මේක හොද අවස්ථාවක්
මාධ්‍ය – සාකච්ඡාවලට සම්බන්ධ වෙන නියෝජිතයින්ට මේ සිද්ධි සම්බන්ධයෙන් දැනුම්දීලාද තියෙන්නේ.
දිලුම් අමුණුගම – එතුමන්ලාව දැන්ම්වත් කරන්න දෙයක් නැහැනේ. එතුමන්ලා පාර්ලිමේන්තුවේ හිටියානේ මේ අවස්ථාවේදී. සියලු දෙනා අයවැයට විරුද්ධව ඡන්දෙ දෙන්න පාර්ලිමේන්තු ඇවිත් පැනලි ගිය බව දැක්කනේ. අපි කියන්න අවශ්‍යයි මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඡන්දය පාවිච්චි කළා. කොන්ද තියෙන අයත් ඒ අතරේ ඉන්නවා.
මාධ්‍ය – ජනතාව පෙලන බදු ගැන කතා කරනවා. මහින්ද රාජපක්ෂ සමයේත් ඒ විදියට බදු වැඩි කළා. ඇයි මේ තරම් ජනතාව ගැන කැක්කුමක් දැන්.
දිලුම් අමුණුගම – බඩු අඩුකිරීම් වැඩි කිරීම් ඒ කාලෙත් වුනා. ඒ කාලේ වැඩි නොකළ යුතු දෙයක් අපි වැඩි කළා නම් ඒක වැරදිලි. අදත් කිරිපිටි තව රැපියල් 60කින් වැඩි වෙන්න තියෙනවා. බදු නැතිව රටකට දුවන්න බැරි බව අපි පිළිගන්නවා.දුප්පත් ජනතාවට බලපාන සියලු කාරණාවලට බදු ගහනවා. ජනතාවට ජිවත් වෙන එකෙන් වැඩක් නැති තත්ත්වයක් ඇති වෙනවා. ජනතාව යන්ත්‍රසූත්‍ර වගේ වෙනවා. අපි බදු ගත්තේ නැහැ කියන්නේ නැහැ. දුප්පත් ජනතාවට සාධාරණයක් වෙන්න අවශ්‍යයි.
රංජිත් සොයිසා – බදු සරල විය යුතුයි. වාහන වලට දුම් වියෝනය කරන බද්දකුත් අය කරනවා. කාබන් බද්දකුත් අය කරනවා. කිසිම රටකට බදු නැතිව දුවන්න බැහැ. ණය ගන්නේනැතිව රටක් ගෙනියන්න බැහැ. අපි බලයට පත්වුනත් මේ දේවල් කරනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ කිව්වේ මේ බදු සරල විය යුතු බවයි. සමහර බදු අපි අත හැරලා දැම්මා.
තාරක බාලසුරිය – අපි කතා කරන්නේ සමස්ත බදු ප්‍රතිපත්තිය ගැන.ඒ කාලේ ආර්ථික වර්ධන වේගයක් තිබුණා. අද තියෙන්නේ 3.3 ආර්ථක වර්ධනයක්. රටේ මුදල් නැහැ. ඒ වගේ අවස්ථාවක හැම ක්සේත්‍රයකින්ම බදු ගහලා ජනතාව අමාරැවේ දැමිම ගැනයි අපි කතා කරන්නේ.
මාධ්‍ය – ශ්‍රිලනීප එක්ක සම්මුතියක් තවම නැද්ද
රංජිත් සොයිසා – තවම සම්මුතියක් නැහැ. සම්මුතියක් සදහා උත්සාහ කරනවා.
මාධ්‍ය – දයාසිරි ජයසේකර උත්සාහ කරනවා ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෙක් ගේන්න.
රන්ජිත් සොයිසා – ඒක සාධාරණයිනේ.එතුමා ශ්‍රිලනීප අපෙක්ෂකයෙක් විය යුතුයි කියලා. ජනතාව කියන්නේ පොහොට්ටුව ලකුණින් පොහොට්ටුවේ කෙනෙක් ජනාධිපති කරන්න කියලා. ඒ ප්‍රකාශයේ ගැටලුවක් නැහැ. දැන් සාකච්ඡා පැවැත්වෙනවා. සම්මුතියකට ආවම ප්‍රශ්නය විසදෙනවා. බහුතර මතය ජය ගනියි.
ප්‍රශ්නය – අයවැයේදි ඇයි මේ වගේ සම්මුතියකට එලැඹුනේ නැත්තේ
රන්ජිත් සොයිසා – ඒක හෘද සාක්ෂිය පිළිබද ප්‍රශ්නයක්
දිලුම් අමුණුගම – සම්මුතියකට එළැඹිලා පැයකට කළින් පැනලා ගියා. ඒක තමයි ඇත්ත කතාව. අර සම්මුතිය ගැනත් බලන්න වෙයි සාකච්ඡා කරද්දි. ඡන්දෙට පැයකට කලින් පැනලා ගියොත් අමාරැවේ වැටෙනවා.
තාරක බාලසූරිය – ශ්‍රීලනිපයේ සමහර අය තුන්වැනි බලවේගයක් විදියට කටයුතු කලොත් ඒ අයට හැමදාම කැබිනෙට්ටුවේ ඉන්න පුලුවන් කියලා විශ්වාස කරනවා. ඒක තමයි යථාර්ථය. ඒ අය දේශපාලන ඉතිහාසය දිහා බැලුවාම ආන්ඩුවක් පෙරලන්න යද්දි බහුතරයක් ජනතාව කේන්ද්‍ර වුනේ ශක්තිමත් බලවේගයත් එක්ක. 1989 මහජන එක්සත් පෙරමුනෙන් මන්ත්‍රීවරු තුන් දෙනෙක් හිටියා. 94දි එක්කෙනෙක්වත් ආවේ නැහැ. එජාපය පරාජය කරන්න නම් පොදු ජන පෙරමුණට ඡන්දය දෙන්න අවශ්‍යයි කියලා ජනතාව තිරණය කරපු නිසයි එහෙම වුනේ.මේ අය තුන්වෙනි බලවෙග්යක් වෙනවා කිව්වාට රටේ අවශ්‍යතාවය තියෙන්නේ තියෙන්නේ ඒ අය තුන්වෙනි බලවේගය වෙන එක නෙවෙයි. මේ ආන්ඩුව පුලුවන් ඉක්මනින් ගෙදර යැවිමයි.