ජනාධිපතිවරණය කල්දැමීමට ජනමත විචාරණයක්..

ජනමත විචාරණයක් පැවැත්වීම මගින් මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල්දැමීමට රජය උත්සාහ ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (19) පැවැසීය.
එහෙත් ජනාධිපතිවරණය කල්දැමීමට රජයට කිසිම අවස්ථාවක් ලබානොදෙන බවද මන්ත්‍රීවරයා කීය.
බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.
මෙරට මානව හිමිකම් කඩවූ බවට ජීනීවා මානව හිිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනා නිසාවෙන් ආණ්ඩුව මේ වනවිට අර්බුධ රාශියකට මුහුණ දී සිටින බව කීය. විශේෂයෙන්ම රජය ජිනීවා මානව හිමිකමම් කවුන්සිලයට ඉදිරිපත් කළ 30-1 යෝජනාව අනුව ප්‍රතිත්‍රස්තවාදී පනත ඉදිරිපත් කළයුතුව ඇතැයි කී අබේවර්ධන මන්ත්‍රීවරයා එම පනත සම්මත වුවහොත් හුස්ම ගැනීම හැර සියලූම කටයුතු ත්‍රස්තවාදී ක්‍රියාමාර්ග ලෙස සැක කිරීමට අවස්ථාව සැළැසෙන බව සදහන් කළේය.
රජය මෙම පනත පසුගිය වසරේ ඔක්තෝම්බර් 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මෙම වසරේ මාර්තු 31 වැනිදාට පෙර සම්මත කර ගැනීමට රජය බළාපොරොත්තුවූ බව සදහන් කළ අබේවර්ධන මන්ත්‍රීවරයා මෙම පනත මගින් රාජ්‍ය බලය නිශේධ කරන අතරම ත්‍රස්තවාදී සැකකරුවන්ට විශේෂ වරප්‍රසාද ලැඛෙන බවද පැවැසීය.
එමෙන්ම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය හරහා විධායක ජනාධිපතික්‍රමය අහෝසිකිරීම පිළිබදව රජය මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ සමග සාකාච්ඡා ආරම්භ කර ඇතැයි කී අබේවර්ධන මන්ත්‍රීවරයා ජනමත විචාරණයක් පැවැත්වීමට මේ වනවිට යෝජනාවක් සම්මත කරගැනීමට රජය උත්සාහ ගන්නා බවද කීය. ජනමත විචාරණයක් පැවැත්වීම හරහා රජය උත්සාහ ගන්නේ ජනාධිපතිවරණය නොපැවැත්වීම යැයි සදහන් කළ ලක‍ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා මැතිවරණ කල්දැමීමට රජයට කිසිදු අවස්ථාවක් නොදෙන බවද සදන් කළේය.
එමෙන්ම කොළඹ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක‍ෂය සිරිකොත ගමට ගෙනයන වැඩපිළිවෙල අරඹා ඇතැයි කී අබේවර්ධන මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ සැලැස්ම ගමට ගෙනයෑම සදහා ගම සමග පිළිසදරක් වැඩපිළිවෙල ඇරඹු බවද කීය.
මෙහිදී අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙරට මානව හිමිකම් කඩවූ බවට සොයාබැලීම සදහා කල්ඉල්ලමින් එක්සත් රාජධානිය විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති යෝජනාවට සමඅනුග්‍රාහකත්වය දැක්වීම නිසා අප රට ජාත්‍යන්තරව විශාල බලපෑමකට ලක්ව සිටින බව සදහන් කළේය.
එමෙන්ම ජනතාව අමතක කර තීන්දු තීරණ ගන්නා දේශපාලන පක‍ෂවලට මැතිවරණවලදී ජනතාව නිසි පිළිතුරා දෙනු ඇතැයි කී යාපා මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයද ජනාධිපතිවරණ අපේක‍ෂකත්වය සම්බන්ධයෙන් නිවරදි තීන්දුවක් ගනු ඇතැයි බළාපොරොත්තුවන බවද කීය. එැබැවින් ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයද වැරදි නිවරදි කරගෙන තමන්ගේ නෑයන් සමග එක්විය යුතුයැයිද අනුර ප්‍රියදර්ශණ යාපා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ අනුරධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒස්ඒම් චන්ද්‍රසේන මහතා සදහන් කර සිටියේග කිරිපිටි මිළ සූත්‍රය ක්‍රයාත්මක කිරීම නිසා විශාල කිරිපිටි හිගයක් ඇතිව තිබෙන බව සදහන් කළ මන්ත්‍රීවරයා ඉදිරියේදී වී මිළ සදහාද මිළ සූත්‍රයක් අවශ්‍ය බවයග මිළසූත්‍රය ක්‍රියාත්මත කිරීම හරහා වී සදහා ඉහළ මිළක් දීමට හැකියාව ලැබෙන බවත් ඒමගින් අඩුමිළට සහල් දීමටත් හැකියාව ලැබෙන බව සදහන් කළේය.

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://basilrajapaksa.com/wp-content/uploads/2019/01/හෙට-ගැන-හිතන2-1920X1080px.jpg);background-size: cover;background-position: right bottom;background-attachment: scroll;background-repeat: no-repeat;}#stuning-header div.page-title-inner {min-height: 870px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}