අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට අවශ්‍ය ඉල්ලීම නිත්‍යානුකූලව කරන්න..

අද (21) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මාධ්‍යවේදින්

පාර්ලිමේන්තු මන්ත්‍රී  කාංචන විජේසේකර මහතා

ඇමරිකානුව එක්ක මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ සම යෝජනාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරියගේ අදහස් මේ වෙද්දි ඉදිරිපත් වෙලා තියෙනවා. සම යෝජනාවක් විදියට මෙය ඉදිරිපත් රකන අවස්ථාවේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුව නොදැනුවත්වයි තමන්ගේ පුද්ගලික තනි මතයට ඒ යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබා දුන්නා. ලංකාවේ ස්වෛරීභාවයට අත ගැසීමට විදෙස් රාජ්‍යයන්ට විවෘත ආරාධනාවක් ඒ යෝජනාවෙන් කළා. ලංකාවේ මානව හිමිකම් කඩවිමක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පරික්ෂණ කරන්න ලංකාවේ අධීකරණ තියෙනවා. විනිසුරන් ඉන්නවා කියලා අපි එදා පැහැදිලිව කිව්වා. යුද ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරපු අපේ හමුදාවන් හා පොලීසිය ජාත්‍යන්තර නිතිය මෙන්ම දේශීය නිතිය අනුවත් කටයුතු කරලා තියෙන බව අපි විපක්ෂය ලෙස දිගින් දිගටම කිව්වා. අද වෙද්දි ජනාධිපතිවරයාත් ඒ යෝජනාව විවේඡනය කරමින් සිටිනවා. මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමරිකාව ඉවත් වෙලා තියෙන මොහොතක එංගලන්තය එකතු කරලා නැවතත් සම අනුග්‍රහය දක්වලා යෝජනාව ඉදිරිපත් කරන්න ශ්‍රී ලංකාව කටයුතු කරලා තියෙනවා. එම යෝජනාවත් ජනාධිපති, ඇමැති මන්ඩලය හා පාර්ලිමේන්තුව නොදැනුවත්වයි  ඉදිරිපත් වෙන්නේ. වර්තමාන විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතාවත් නොදැනුවත්ව මේ යෝජනාව ඉදිරිපත් විම තවත් විශේෂ සිද්ධියක්. නැවත වතාවක් මංගල සමරවීර ඇමැතිවරයා තමන්ගේවිෂය පඨයේ නොවුනත් මනෝ තිත්තවැල්ල හා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත අෂීස් මහතා හරහා ඒ යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා.

මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවෙන් ඉල්ලීම් ගණනාවක් කරනවා. මානව හිමිකම් කවුන්සිගයෙව් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ බිහිකිරීමේ වටපිටාව නිර්මාණය කරන්න කියලා එහි දි කියනවා. ලංකාව එකග වුනු දෙමුහුන් විදේශ විනිසුරන්ගෙන් සැදුම්ලත් යුද අපරාධ විනිශ්චය කිරීමේ අධීකරණයක් ස්ථාපිත කරන්නත් කියනවා. ඉඩම් නිදහස් කිරීමේ කටයුතු සාර්ථකයි. අතුරුදන් වීමේ කාර්යාලය පිහිටුවීම වැනි දේ රජය විසිනු ඉටු කරලා තියෙනවා. ශවේන්ද්‍ර සිල්වා යුද හමුදා නිලධාරියා උසස් තනතුරකට පත් කිරිම ගැන කළකිරීමට ලක් වෙනවා කියලත් ඇය පවසනවා. ආන්ඩුව දිගින් දිගටම කිව්වා ලංකාවේ හමුදාවන්ට නිලධාරීන්ට යුද අපරාධ ඉදිරිපත්කරලා නැහැ කිව්වා. එහෙම චෝදනාවක් නැත්නම් වාර්තාවක් නිසා හමුදා නිලධාරින්ට උසස්විම් ලබන්න බැරිනම්, රටවල්වල යාමට තහනම් නම් මේ සම්බන්ධයෙන් රජයේ මතය මොකක්ද කියලා සදහන් කළ යුතුයි. විදේශ ඇමැති තිලක් මාරපන කිසිදු අවස්ථාවක කියන්නේ නැහැ දෙමුහුන් අධීකරණය ලංකාවට ගේන්නේ නැහැ කියලා. එතුමා කියන්නේ ලංකාවේ ව්‍යවස්ථාව අනුව එය කරන්න බැහැ.ව්‍යවස්ථාව වෙනස්කරන්න බලාපොරොත්තු වෙන බවයි. මේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ ව්‍යළුස්ථා වෙනසක් කරලා හරි කවුන්සිලයේ යෝජනාව සදහා අවස්ථාව ලබා දෙන බවයි. ජනාධිපතිවරයා රටේ විධායක ජනාධීපතිවරයා විදියට මේකට විරුද්ධයි, මේ ගැන දැනගෙන හිටියේ නැහැ, වැනි ප්‍රකාශ කිරීමෙන් පලක් නැහැ. රටේ ජනාධිපතිවරයා විදියට ලිඛිතව මානව හිමිකම් කොමිෂමට මේ බව දැන්වීමේ හැකියාව එතුමාට තියෙනවා. එතුමා එක්සත් ජාතින්ගේ සංවිධානය ඇමැතීමට නියමිතව තිබෙනවා. අඩුම තරමේ ඒ අවස්ථාවට සහභාගි වන අවස්ථාවේදි හෝ ජනාධිපතිවරයාගේ ලිඛිත ප්‍රකාශයක් විදියට සම අනුග්‍රහයෙන් ඉවත් වන බව දන්වන්න. එදා සම අනුග්‍රහය දැක්වු ඇමරිකාව අද අනුග්‍රාහකත්වය දක්වන්නේ නැහැ. ඇමරිකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වෙද්දි ඇමරිකාව ඔවුන්ගේ ආරක්ෂක හමුදා ආරක්ෂා කරන්න තීරණය කරලා කවුන්සිලයෙන් ඉවත්වුනා. මානව හිමිකම් කවුන්සිලයට පරික්ෂණ පැවැත්වීමේ බලපත්‍රය නොදෙන්න තීන්දුවක් ගත්ත බවයි ඇමරිකාව සදහන් කලේ.

2009 සිට මේදක්වා කිසිවෙක්ට ජිවත් විමේ අයිතිය නැති වෙලා නැහැ.යුද කාලය තුල ත්‍රස්තවාදය පරාජය කිරීමට ගත්ත පියවරට එරෙහිවයි මේ බලවේග හිස ඔසවමින් සිටින්නේ. ත්‍රස්තවාදය වැලැක්වීමේපනත වෙනුවට ත්‍රස්තවාදි විරෝධී පනතක් ඉදිරිපත් කරන බව විදේශ කටයුතු ඇමැතිවරයා සදහන් කලා.ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් ත්‍රස්තවාදි කණ්ඩායමක් ඉන්නවා නම් ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමේ අයිතිය හමුදාවට ආන්ඩුවට තිබුණා. මේ පනතින් සිද්ධ වෙන්නේ ත්‍රස්තවාදය පරාජය කරන්න කතා කරන අය මර්ධනය කිරිමටයි. විපක්ෂයේ සංවිධාන වෘත්තිය සමිති කරන උද්ඝෝෂණ ආදිය වැලැක්වීමයි මේ ත්‍රස්තවිරෝධී පනතෙන් සිද්ධ වෙන්නේ. ජනාධිපතිවරයා ආන්ඩුවට එරෙහිව විවිධ ප්‍රකාශ කළා. අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමට සිංගප්පූරු රජයෙන් ඉල්ලිමක් කරපු බව ජනාධිපතිවරයා සදහන් කළත් සංගප්පූරු රජය නිවේදනයක් මගින් ශ්‍රී ලංකා රජය එවැනි කටයුත්තක් නීත්‍යාණුකුල අන්දමින් සිදුකරලා නැති බව කිව්වා.

2015 , 2016 වුනු බැදුම්කර වංචාවන් වහන්න කටයුතු කරපු ආන්ඩුවේ සියලු දෙනා මෙයට වගකිව යුතුයි. ජනාධිපති විමර්ශන කමිටුව පත්කරද්දි අපි හිතුවා ජනාධීපතිතුමා සද්භාවයෙන් කරන දෙයක් කියලයි. නමුත් අද වෙනකල් චෝදනා ගොනු කරගන්න බැරි වෙලා. මේ රටේ අධිකරණ ක්‍රියාවලිය නිශ්ක්‍රිය කරනවා. ජනාධිපතිවරයාගේ යටතෙයි පොලිසිය තියෙන්නේ. ඒ අනුව අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ඉල්ලීම නිත්‍යානුකූලව කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

දැන් විදුලිය කපන තතත්වක් තියෙනවා. කොළඹ ලයිට් කැපුවේ නැතත් කොළඹින් පිට විදුලිය කැපෙනවා. නොරොච්චෝලේ බලාගාරය කැඩුනාම දින කිහිපයක් රට අදුරේ. එදා මහින්ද රාජපක්ෂ රජය නොරොච්චෝලේ බලාගාර ඉදි නොකලා නම් ජනතාවට විදුලිය සැපයීමේ ක්‍රමවේදයක් මේ රජයට තිබුණාද. අද විදුලි උත්පාදනය මගින් බලාගාරය හදන්න කරපු වියදමට වැඩි මුදලක් උපයලා තියෙනවා. මේ අවුරුදු පහේදි විදුලි අර්බුදයට විසදුමක් ගෙනාවද. විදුලිය කඩා වැටෙන වෙලාවේ නොරොච්චෝලේ කඩා වැටුනා කියලා එයත් මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුමට බැර නොකර විකල්ප ක්‍රමවේද වලට යන්න කියලා අපි ආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

නාමල් කුමාර ඇවිත් ජනාධිපති හා හිටපු ආර්කෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් තියෙන බව කිව්වාම ආන්ඩුව කිව්වේ බොරු කියනවා කියලා. නමුත් මේ වෙද්දි ඒ දේවල් ඔප්පු වෙලා තියෙනවා. චානක මන්ත්‍රීවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙද්දි පැමිණීලි කරලා තියෙනවා. අනීතික දෙයක් වාහනයට දාලා නඩු විභාගයකට මැදි කිරීමේ උත්සාහය සම්බන්ධයෙන් පරික්ෂණ කෙරෙන තුරුවත් පොලිස් නිලධාරියාව මාරුකරන්න පියවර ගෙන නැහැ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රබල ‌දේශපාලනඥයෝ දෙන්නෙක්ගේ බලපෑමෙන් මේ පොලිස් නිලධාරියාව මාරු කිරීමට පොලිස් කොමිෂම ගත්ත තීරණයට බලපෑම් වෙලා තියෙන බව දැන ගන්න තියෙනවා. අද වෙද්දි ඩි. වි. චානක මන්ත්‍රීවරයාගේත් ඔහුගේ පවුලේ අයගේත් ජීවිත වලට තර්ජනයක් සිද්ධ වෙලා තියෙනවා. මේ තත්ත්වය දිගින් දිගටම ගෙනියන්න එපා. ස්වාධීන කියන පොලිස් කොමිෂම් සභාවලට මෙවැන්නක්වත් කරන්න බැරි නම් 19න් දුන්න ස්වාධීන බව කෝ.ඒ නිසා චානක මන්ත්‍රීවරයාගේ ආරක්ෂව තහවුරු කරන්න කියලා අපි නැවතත් ඉල්ලා සිටිනවා.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස්පක්ෂය අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා. එක්සත් ජාතික රජය පෙරලීම සදහා රනිල් වික්‍රමසිංහ ඇතුළු ආන්ඩුව පලවා හරින්න කැමැති , පොදුජන පෙරමුණ එක්ක එකතු වෙන්න කැමැති අය එක්ක සාකච්ඡා කරන්න අපි සූදානම්. නමුත් අපි කණගාටු වෙනවා සාකච්ඡා යන අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතාත් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවිර මහතාත් කරපු ප්‍රකාශ සම්බන්ධයෙන්. 2018 පෙබරවාරි 10 වැනිදා පොදුජන පෙරමුණ ලබා ගත්ත ජයග්‍රහණය වැනි ජයක් ආයේ කිසි දිනක පොදුජන පෙරමුණට ගන්න බැරි බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියනවා. එතුමා 2014 ජවිපේ සමග සංසන්දනය කිරීමක යෙදෙනවා. ජවිපේ ගත්ත ඒ ජයත් එච්චරමයි. පොදුජන පෙරමුණ ලබපු ජයත් එච්චරමයි කියනවා. අපිට කියන්න වෙනවා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ විදියට කටයුතු කරනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2018 යම් ජයක් ලැබුවා නම් ඊටත් අන්ත ජයක් තමයි මින් පසුව පැවැත්වෙන හැම මැතිවරණයකදිම ලැබෙන්නේ කියලා. 2018 පෙබරවාරි 10 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්සය අන්ත පරාජයකට ලක් කළා. අද දවසේ කටයුතු කරන විදියෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මින් පස්සේ ජයක් ලැබෙයි කියලා හිතන්න බැහැ.අපේ පක්ෂයට කිසියම් වැඩපිළිවෙලක් තියෙනවා. බැසිල් රාජපක්ෂ මහතා ජාතික සංවිධායකවරයා‌ විදියට වැඩපිළීවෙලක් දියත් කරලා තිබෙනවා. පවතින රජය පරාජය කරන්න ඒ වැඩපිළීවෙලට හැකියාව තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වුනත් නැතත් ඉදිරි කාලයේදී ජනතාව පොදුජන පෙරමුණ වටා එකතු වෙලා ආන්ඩුව පළවා හරින්න පියවර ගන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා

වොක්ස් වැගන් -2  නමින් අලුත් චිත්‍රපටයක් හදමින් තිබෙනවා. ඔමාන් රජයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.85 ආයෝජනයක් සහිත තෙල් පිරිපහදුවක් හම්බන්තොට වරායට දෙන බව ආන්ඩුව කිව්වා. වොක්ස්වැගන් එක වගේ තමයි. ඔමාන රජයෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළාම කියන්නේ ඒ සම්බන්ධයෙන් නොදන්නා බවයි. වොක්ස්වැගන් කම්පැනිය එනවා කිව්වට ඒ අය ලංකාවේ ආයෝජනය කරන්න අදහසක් නැතිලු. මත්තල ඉන්දියාවේ ආයනයකට දෙනවා කිව්වා වුනත් ඒ අය දන්නේ නැහැ. මේ කාටද බොරු කරන්නේ. අවුරුදු හතරක් රට ආර්ථික වශයෙන් විනාශ කරලා තියෙන්නේ. මාසයක් යන්න කළින් විදුලිය කපන්න මේ රජයට සිදුවෙනවා. රජයේ වියදම් වැඩි වෙද්දි මේ රජයට වෙන විකල්පයක් නැහැ. මහින්ද රාජපක්ෂ රජය සමයේ නොරොච්චෝලේ විතරක් නෙවෙයි. චන්ද්‍රිකා බන්ඩාරනායක මැතිණිය සමයේ ආරම්භ කරන්න බැරිවුන ඉහළ කොත්මලේ වැනි ව්‍යාපෘති පවා ඇරඹුවා. සාම්පූර් ව්‍යාපෘතිය හෝ වෙනත් ව්‍යාපෘතියක් ඉදිරියේ එන විදුලි අර්බුදය විසදන්න දියත් වෙන්න අවශ්‍ය බව අපි කවුරුත් දැනගෙන හිටියා. නමුත් මේ රජය කිසිදු පියවරක් ගත්තේ නැහැ.

සේවක අර්ථ සාධක මුදල් කොළඹ කොටස් වෙලෙද පොලේ අයෝජනය කිරීමේ සූදානම්ක් තියෙනවා. කිසියම් මුදලක් කොටස් වෙලෙද පොලක ආයෝජනය කිරිම නරක නැහැ. සාමාන්‍යයෙන් කොටස් වෙලෙද පොල මුදල් ගන්නේ මුදල් අඩු වෙද්දි නෙවෙයි. සාමාන්‍යයෙන් කොටස් වෙලද පොලක කොටස් ගන්නේ කොටස් මිල වැඩි වෙද්දියි. කොටස් මිල අඩු වෙන කාලයක ආයෝජනය කිරීමේ තේරුමක් නැහැ.

2015 සිට අපි කිව්වේ ජිනීවා යෝජනාවේ මූලික අරමුන රජයක් වෙනස් කිරීම නෙවෙයි. රටේ අභ්‍යන්තර ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් කිරීමයි. දැන් එය තහවුරු වෙමින් තිබෙනවා. දැන් ලංකාවේ ඒ අයගේ කාර්යාලයක් අරින්නත් සූදානම් වෙනවා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනස් කරන්නලු. ශ‌වේන්ද්‍ර සිල්වාගේ පත්විම සම්බන්ධයෙන් ඒ අය කණගාටු වෙනවාලු.අපි කණගාටු වෙන්නේ ඇමරිකාව කවුන්සිලයෙන් ඉවත් වෙද්දි, එංගලන්තයේ හමුදාවන්ට එරෙහිව කවුන්සිලයට පියවර ගන්න බැහැ කියද්දි අපේ හමුදාවන්ට විරුද්ධව රජය කටයුතු කිරීමයි. මේක දේශපාලන තොන්ඩුවක්. මේ රටේ අභ්‍යන්තර ක්‍රමවේදය වෙනස් කිරීමයි උත්සාහය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා

එජාපයේ පසුපෙල මන්ත්‍රීවරු දෙවන වර අයවැය පරාජය කරන බවට පුරසාරම් දෙඩෙව්වා. ජනාධිපති වැය ශීර්ෂය පරාජය කරනවා කිව්වා. ආන්ඩුවේ ඇමැතිවරු පසුපෙල මන්ත්‍රීවරුන්ට සලකන්නේ නැහැ ඒනිසා ඇමැතිවරු අට දෙනෙක්ගේ වැය ශීර්ෂ පරාජයකරන බව කිව්වා. ඒ කිසිවක් වුනේ නැහැ. චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කියනවා ජනාධීපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරන්න අගමැතිවරයා ඉඩ නොදුන් බව. 54 වැනිදාට බොරුවට දොඩවන්නේ නැතිව අපිත් එක්ක අයවැය පරාජය කරන්න එකතු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ අයවැය ජයගත්තේ දෙමළ සන්දනායට අල්ලස් දෙමින්. සම්බන්ධන් මහතාට කොළඹින් නිවසක් යාන වැහන පහසුකම් දෙනවා. සුමන්දිරම්ලාට විදේශ සංචාර දෙනවා. එහෙම කරලා සංවර්ධනයකර ගත්ත අයවැයේ කිසිම සංවර්ධන වැඩපිළිවෙලක් නැහැ. මාස 10න් රලුත් රටක් කිව්වා වගේ පංච විධ ප්‍රතිපත්තිය ගෙනාවා වගේ වචන හරඹයක් විතරයි තියෙන්නේ.

ආන්ඩුව ණය උගුලට හසුකර ගැනීමයි කරමින් සිට්නනේ. අපි අධික පොලියට ණය ගන්නවා කියලා කෑ ගහපු මේ අය ණය ගන්නේ 7.58ට. රට ණය උගලෙන් බේර ගන්නවා කිව්වාට ආර්ථික ඔස්තාර්ලාගේ ආර්ථක කළමණාකරණය නිසාම බිලියන 151ක් පාඩුයි. අද විශාල විදුලි අර්බුදයක් තියෙනවා. රටට අවශ්‍ය විදුලි අත්පාදනයෙන් සියයට 50ක් නොරොච්චෝලෙන් ගන්නේ.  නොරොච්චෝලේ හදන්න ගිය පිරිවැය වගේ 10 ගුණයක් දැන් ලාභ උපයලා. ඒ වගේ ඇහැට පේන ඵලදායි දේවල් අපි කලේ. දැන් සමෘද්දිලාභීන් ලක්ෂ 6ට සහනාධාරය දෙන්න යෝජනා කරනවා. සමෘද්දිලාභින් වෙන්නේ දුප්පත් ජනතාව. ආන්ඩුව වසර 4ට පස්සේ පිලිගන්නවා ඔවුන් ලක්ෂ හයක් දරිද්‍රතාවයෙන් යුක්ත ජනතාවක් ජාතියට දායාද කළා කියලා.  මේ ආන්ඩුවට කිසිදු සංවර්ධන සැලැස්මක් නැහැ.

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://basilrajapaksa.com/wp-content/uploads/2019/01/හෙට-ගැන-හිතන2-1920X1080px.jpg);background-size: cover;background-position: right bottom;background-attachment: scroll;background-repeat: no-repeat;}#stuning-header div.page-title-inner {min-height: 870px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}