රනිල් උත්සාහ කරන්නේ රටම බටලන්දක් කරන්නයි..

අද (18) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
අයවැයක් කියන්නේ රටක ආර්ථික ප්‍රතිපත්තිය පිළිඹිමු වන මෙවලමයි. බහුජාතික සමාගම් තමන්ගේ නිෂ්පාදන විකුණාගන්න වෙලෙද දැන්විම් ප්‍රචාරණය කරනවා හා සමානව මේ ආන්ඩුවත් අයවැය සම්බන්ධයෙන් වෙලෙද දැන්වීම් ප්‍රචාරණය කරනවා. අයවැය දේශපාලන මෙවලමක් කරගන්න තරම් පහත් තතත්වයකට ආන්ඩුව වැටිලා. 2019 වසර සදහා ඉදිරිපත් කරපු අයවැය අතීසාරයට අමුඩ ගැහුවා වැනි අයවැයක් කිව්වොත් නිවැරදියි. ජාතික ආර්ථිකය සවිමත් කරන්න, දේශිය ව්‍යාපාරිකයා නගා සිටුවන්න, රුපියල ශක්තිමත් කරන්න මේ අයවැයෙන් කිසිම යෝජනාවක් ඉදිරිපත් වෙලා නැහැ. නත්තල් සීයා ආවා වගේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. මේ යෝජනා ක්‍රියාත්මක කරන්න මුදල් කොහෙන්ද කියලා නම් කියලා නැහැ. ජාතික ආර්ථිකය ශක්තිමත් කරන යෝජනාවක් නැතිව ජනතාවට පොරොන්දු විතරක් දීලා වැඩක් නැහැ. සිනිබෝල අයවැයක් රට වෙනුවෙන් ඉදිරිපත් කරලා ඒ අයවැය දේශපාලන මෙවලමක් කරගන්න වෙලෙද දැන්වීම් දාන්න තරම් පහත් තත්ත්වයට ආන්ඩුව ඇද වැටිලා.
අද රූපවාහිනියෙන් ගුවන්විදුලියෙන් අයවැය සම්බන්ධයෙන් ප්‍රචාරණය කරන දැන්විම් හදන්න, ඒවා විකාශනය කරන්න මොනතරම් මුදකල් මේ ආන්ඩුව වැය කරලා තියෙනවාද. මෙවැනි නාස්තිකාර වියදම් කරන අය, අමාත්‍යංශයෙන් මේවාට මුදල් වෙන්කරපු අය සම්බන්ධයෙන් අපේ ආන්ඩුවක් ආපුවම නිතිමය පියවර ගන්නවා. මේ මුදල්වලින් කාන්තාවන්ට ස්වයං රැකියා ආධාරයක්, කාන්තාව වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩපිළීවෙලක්, ඇති කළා නම් මොනතරම් වටිනවාද. ඉදිරි වැඩපිළීවෙලක් හෝ හැකියාවක් නැති මේ නඩයට විරුද්ධව ඉතා ඉක්මනින් ජනතාව හන්දියක් හන්දියක් ගානේ විදි බහින බව විශ්විසයි. ගන්න පඩියෙන් මාසයක්වත් ජිවත් වෙන්න බැරි වුනාම එහෙම වෙනවා. රටේ ජනතාවට ජිවත් වෙන්න බැරි තත්ත්වයක් හදලා දැන් පනතක් ගේන්න සූදානම් වෙනවා ත්‍රස්තවාදය අලුතෙන් අර්ඝ දක්වමින්. මේ හදන්නේ නිදහසේ යන්න එන්න තිබුණ එකත් නැති කරන්නයි. අනාගතයේ අසාධාරණයට එරෙහිව පාරට බහින ශීෂ්‍යයින්, ගොවීන්, ගුරුවරැන්, කම්කරුවන්, මෙල්ල කරන්නයි ආන්ඩුව සූදානම් වෙන්නේ. ජිවත් වෙන්න බැරිව ආන්ඩුවට විරෝධය දක්වන්න පාරට බහින ජනතාවට කදුලු ගෑස් ගහලා වතුර ගහලා නතර කරන්න බැරි බව දන්න නිසා මේ ගොවි ශිෂ්‍ය ගුරු සංවිධාන ත්‍රස්තවාදී සංවිධාන විදියට අර්ථකතනය කර තහනම් කිරීමයි ආන්ඩුවේ උත්සාහය.ආර්ථීක පීඩනයෙන් බැට කන ජනතාව ත්‍රස්තවාදි කැරළිකරුවන් කියමින් මර්දනය කිරීමය සිද්ධ වෙන්නේ. රනිල් මේ උත්සාහ කරන්නේ රටම බටලන්දක් කරන්නයි.
මේ ප්‍රජතානත්තුවාදි විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහවි අපි පෙනී සිටිනවා. ඒ වගේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිනවා අපේ රණවිරුවන් දංගෙඩියට යවන ජිනිවා යෝජනාවෙන් වහාම ඉල්ලා අස්වෙන ලෙසත්.

රණවිරු අධීකාරියේ හිටපු සබාපතිනි පද්මා වෑත්තෑව මහත්මිය
පවුල ගොඩනගලා , ගම ගොඩනගලා , රට ගොඩනගන ක්‍රමවේදයක් අපේ රටේ ක්‍රියාත්මක වුනා. එදා කාන්තාව නිවසේ වගකිම් ඉටු කරමින් පවුලේ කටයතු වෙනුවෙන් ආර්ථික සහායක් ලබා දෙන්න පවා පියවර ගත්තා. අද අයවැයෙන් කාත්තාව සම්පූර්ණයෙන්ම අමතක කරලා. එදා හරක් කිහප දෙනෙක් හදාගෙන කිරි ටික දොවලා විකුණපු කාන්තාවගේ ඒ අදායම අද වෙද්දි නැති වෙලා. මහපාරේ කිරි හලා දාන තැනට පත්වුනා. ගම්මිරිස් ටික විකුණගන්න බැහැ. බාල ගම්මිරිම් ගෙනත් දේශිය ගම්මිරිස්වල ප්‍රමිතිය නැති කලා. මිල පහත හෙලන්න පියවර ගත්තා. පැවිල්ලකට මුහුණ දුන්න ගොවි කාන්තාවෝ වැස්සක් ආවම සතුටු වුනා යන්තම් හොද අස්වැන්නක් ලබා ගෙන ණය තුරුස් ගෙවා ගන්න ලැබෙනවා කියලා. අද ඒ මිනිස්සුන්ගේ අස්වැන්නට මිලක් නැහැ. අස්වැන්න ගබඩා කරන්න පහසුකම් නැහැ. සුනකයින් වන්ද්‍යාකරණය සදහා මුදල් වෙන්වෙද්දි අපේ දරුවන් වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන් කීයද මේ අයැවයෙන් වෙන් කරලා තියෙන්නේ. පවුලේ වගකීම් ඉටු කරමින්, දරුවන්ට ආරක්ෂාව සලසමින් නිවසේ ස්වයං රැකියාවක නිරත වුනු කාන්තාව අද අසරණ වෙලා.
එදා තමන්ගේ ස්වාමියා රට වෙනුවෙන් යුද්ධ කරන අවස්ථවේ පවුලේ සියලුවගකිම් කරට අරන් ඉටු කරපු රණවිරු කාන්තාවන් යුද්ධය අවසාන වුනාට පස්සේ නිදහසේ හුස්ම ගත්තා. අද ඒ කාන්තාව තමන්ගේ ස්වාමියා රට වෙනුවෙන් එවැනි කැපකිරීමක් කිරිම සම්බන්ධයෙන් පසුතැවෙනවා. කොයි වෙලේ බන්ධනාගාරගත කරයිද කියන සැකයෙන් ජිවත් වෙන්න වෙලා.

කොළඹ නාගරික මන්ත්‍රිනී ප්‍රියංකා ජයසේකර මහත්මිය
මේ අයවැයෙන් දුගී ජනතාව සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු වෙලා නැහැ. සිනී බෝල මිනිස්සුන්ට පෙන්වලා ඡන්දය ගන්නයි සූදානම් වෙන්නේ. පැල්පත්වල ජිවත් වෙන ජනතාව සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කරලා නැහැ. පැල්පත් ජනතාවගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් සිතා නැහැ. මිනිස්සුන්ට සුදුසු නැති කිරිපිටි ගෙනත් ලාභ උපයන එකයි කරන්නේ. මේ දුර්දාන්ත පාලනය තුල සිද්ධ වෙන්නේ ආන්ඩුවේ සිටින ඉතිරි කෙටිකාලය තුල පරම්පරා ගාණකට තම මඩි තර කර ගැනීමයි.
නගර සභාවෙන් වෙන් කරන මුදල් දිහා බැලුවත් මේ වගේම තමයි. අසරණ මිනිසා වෙනුවෙන් නෙවෙයි වැඩිපුර මුදල් වෙන් වෙන්නේ. ඇති හැකි සුඛිත මුදිත පිරිස වෙනුවෙන් කෙරෙන සුබසාදන කටයුතුවලට පුමුඛතාවය දෙමින් ඒ අයගේ මඩි තර කර ගැනීමේ පහසුකම් සැලසිමයි වැඩිපුරම සිද්ධ වෙන්නේ. අයවැය ගේන කොට අපි හිතුවා පවුලේ සුරක්ෂිතතාවය ගැන හිතලා කාන්තාව විදෙස් ගත වීම වැළැක්වීමේ යෝජනා ඉදිරිපත් කරලා කාන්තාවන්ට ස්යං රැකියා උත්පාදන කිරීමේ ක්‍රමවේද ඇති කරයි කියලා. දරුවන්ගේ ආරක්ෂාව තහවුරු වෙන්නේ දරුවෝ ළග මව්වරු සිටීමෙන් පමණයි. මේ ආන්ඩුව එවැනි සංවේදි කාරණ කිසිවක් සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරලා නැහැ.
මාධ්‍ය -ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර එකගතාවක් ඇති කර ගැනීම සුදුසුද. නැවතත් වතාවක් ශ්‍රීලනීපය පොදුජන පෙරමුණ රැවටීමකට ලක්කලා නේද.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – ඒ අය නිවැරදි තින්දු ගත්තොත් ඒ අයගේ ඡන්ද පදනම වැඩි වෙයි. වැරදි තීරණ ගත්තොත් ඒක ඡන්දයකදි බලා ගන්න පුලුවන්. ඒ වගේම මේ ආන්ඩුව පලවා හැරීම සදහා පොදු එකගතාවයකට එන්න අවශ්‍යයි කියන අදහසේ අපි ඉන්නවා. ශ්‍රීලනිපයේ යම් යම් අය කරන ප්‍රකාශ නිසා තමයි ඔබ ඔය ප්‍රශ්නය අහන්නේ. මෙවැනි ප්‍රකාශ සහ අයැවයේදි ගත්ත තින්දුව වැනි දෙයින් සිද්ධ වෙන්නේ ඒ අයගේ ඡන්ද පදනම තවත් අඩු වෙන එකයි. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඉදන් නොයෙකුත් ප්‍රකාශ කරන අයගේ තාවකාලික නැවතුමක් විතරයි ශ්‍රිලංකා නිදහස් පක්ෂය කියන්නේ. අය නිකම් ‌බෝඩිංකාරයෝ වගේ. අනාගතයේ තියෙන මැතිවරණයකදි මම මේ කරන ප්‍රකාශයේ හරි වැරැද්ද බලාගන්න පුලුවන්.

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://basilrajapaksa.com/wp-content/uploads/2019/01/හෙට-ගැන-හිතන2-1920X1080px.jpg);background-size: cover;background-position: right bottom;background-attachment: scroll;background-repeat: no-repeat;}#stuning-header div.page-title-inner {min-height: 870px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}