අද (20)පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මාධ්‍යවේදින්
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා
පසුගිය දින කිහිපය තුල රජය පුන පුන කිව්වේ ඒ අය ඩොලර් බිලියන 2.4ක් ලබා ගත්ත බවයි. එය විශාල ජයක් විදියටයි පෙන්වා දුන්නේ. එයින් වුනු ප්‍රතිවිපාකයි මම පෙන්වා දෙන්නේ.පළමුව ජාත්‍යන්තර ස්වෛරීය බැදුම්කර කියන්නේ මොකක්ද කියන දේ අපි පැහැදිලි කර ගන්න වෙනවා. සාමාන්‍ය බැදුම්කර නිකුත් කරන්නේ රුපියල්වලින්. මාස තුනේ බිල්පත් නිකුත් කරනවා වගේ මේ වෙද්දි වසර තිහක් දක්වා අපි බැදුම්කර නිකුත් කරලා තියෙනවා. ඊට අමතරව රජය ජාත්‍යන්තර මුදල්වලින් බැදුම්කර නිකුත් කරනවා. ඒවා ඩොලර්වලින් නිකුත් කරද්දි ජාත්‍යන්තර ස්වෛරිය බැදුම්කර කියනවා. ඩොලර්වලින් පොලිය ගෙවන්නත් රජය බැදී සිටිනවා. මෙය 2007දියි පටන් ගත්තේ.
මුලින්ම 2007 ඔක්තොම්බර් මාසයේ පටන් ගත්තේ. යුද්ධයක් තිබුණා. ඒ අවස්ථාවේ තිබුණු තත්ත්වය අනුව ඇමරිකානු ඩොලර් මිලියන 500ක් නිකුත් කරන්නයි බලාපොරොත්තු වුනේ. ඒ වෙලාවේ කට්ටියක් ගිහින් එච්. එස්. බි. සි බැංකුව වැටලුවා. අපේ රජයක් ආවොත් අපි මෙය ගෙවන්නේ නැහැ කියලා ලොකු අවිනිශ්චිතභාවයක් ඇති කළා. ඒ වෙලාවේ යුද්ධය මෙහෙයවිම සහ දැඩි මුල්‍ය අවශ්‍යතාවයක් තිබුණ බව දැන දැනත් රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස ලෝකයට ප්‍රකාශ කලේ අපි බලයට ආවම මේ බැදුම්කරය ගෙවන්නේ නැති බවයි. මේ නිසා ඒ බැදුම්කරය නිකුත් කිරිම දුෂ්කර කාර්යයක් වුනා. ඒ වෙලාවේ අපි බැදුම්කරය නිකුත් කලේ පොලී අනුපාතය සියයට 8.25ටයි නිකුත් කලේ. නැවතත් 2009දි 2010 දි 2011 දි 2012,2014 දි එවැනි බැදුම්කර නිකුත් කළා ඇමරිකානු ඩොලර් මිලියන 5500ක් වෙනතුරු. ඒ සියලුම බැදුම්කර ඒ කාලයේ නිකුත් කරද්දි ඊට පෙර නිකුත් කළ බැදුම්කරයට වඩා අඩු පොලියකටයි අපි නිකුත් කලේ. රටේ ප්‍රගතිය, ආර්ථක ශක්තියේ වර්ධනය වගේම ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව ගැන තිබුණ අවිනිශෟචිතභාවය අඩු කර ගැනිම නිසයි අපිට එලෙස කරන්න හැකි වුනේ. මුලින්ම 8.25ට නිකුත් කළා. ඊළග පාර 7.4 දක්වාත්, නැවත 6ටත් ඊටත් පස්සේ 2014දි 5.125 පොලි අනුපාතයකට. එයින් පේන්නේ ශ්‍රී ලංකාව කෙරෙහි විශෟවාසය ගොඩනැගුණු ආකාරයයි. ජාත්‍යන්තරව අපේ රට ගැන තිබුණු විශ්වාසය වර්ධනය කර ගන්න පුලුවන් වුනා විතරක් නෙවෙයි. 2014දි එහි උපරිමයට පැමිණියා. අපේ ආන්ඩුව ඉවත් වෙන විට අවුරුදු 5ට නිකුත් කර තිබූ බැදුම්කර වල පොලී අනුපාතයට 5.125 දක්වා අඩු කර ගන්න හැකි වුනා. ඒ වගේම අවුරුදු 10 බැදුම්කර මුලින්ම 2010දි නිකුත් කළා. ඒ වෙලාවේ 6.25ක පොලියකටයි නිකුත් කලේ. 2011දිත් 6.25යි. 2012 වෙද්දි 5.875ට අඩු වුනා. අවුරුදු 7ක් තුලදි ඒ රජය ඩොලර් මිලියන 5500 බැදුම්කර නිකුත් කළත් ඒ සෑම බැදුම්කරයක්ම නිකුත් කලේ පෙර බැදුම්කරයේ පොලී අනුපාතයට වඩා අඩු පොලියකට විම විශේෂත්වයක්. 2015දි අලුත් රජයක් ආවා. ඒ රජය 2015 සිට 2019 දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 10050ක බැදුම්කර නිකුත් කළා. අපේ රජය වසර 9ක කාලය තුල නිකුත් කළ බැදුම්කර වලට සාපේක්ෂව සියයට 71ක්. අපි ඉන්නේ ණය කන්දරාවක. අපි ආවම ණය ගන්නේ නැහැ. අපි ණය අඩු කර ගන්නයි බලයට එන්නේ කියලා බලයට ආපු රනිල් වික්‍රමසිංහ ආන්ඩුව මේ වෙද්දි ඇමරිකානු ඩොලර් මිලියන 10050ක ණය අරන්.
2015 සිට සෛවරී බැදුම්කර තුනක් වසර 5 කාල සිමාවට නිකුත් කරලා තියෙනවා. අපේ කාලයේ තිබුණු 5.125 පොලී අනුපාතයෙන් පටන් අරන් ඒ අය 2016 වෙද්දි 5.750 දක්වා වැඩි කර ගත්තා. 2018දි 5.750යි. 2019 වෙද්දි 6.850 දක්වා වැඩි වෙලා. ජාත්‍යන්තරව පිළිගැනීම මෙයින් පෙනි යනවා. ලෝකයේ ඉන්න ආයෝජකයින් මේ ආර්ථික ඔස්තාර්ලා ගැන තියෙන පැහැදීමයි මෙයින් පෙන්නේ. අවධානම වැඩි වෙන්න වෙන්න පොලී අනුපාතය වැඩි වෙනවා. අවුරුදු 5 බැදුම්කර සදහා 6.85 දක්වා වැඩිවීම ක්‍රමක්‍රමයෙන් සිදුවෙලා.
2012 අපි අන්තිම වසර 10 බැදුම්කරය නිකුත් කලේ 5.875ට. දැන් නිකුත් කරන බැදුම්කරවල පොලී අනුපාතය වැඩියි. 2019දි වසර 10ක් සදහා වුනු සෛවරි බැදුම්කර නිකුත් කරන්නේ 7.850 ට. ඉතාම ඉහළ පොලියක්. මේ ප්‍රවණතාවය නිසා මුලු ලෝකයම ලංකාවේ පොලී අනුපාතය වැඩිවෙන බව පිළීගන්නවා. දුර්වල ආර්ථක කළමණාකරණය, අවධානම වැඩි වීම අනුව ජාත්‍යන්තරව වැඩි පොලී අනුපාතිකයන් ආයෝජකයින් ඉල්ලා සිටිනවා. 2015 සිට නිකුත් කළ බැදුම්කර නිකුත් කිරීමේදි පැවැති පොලී අනුපාතයමවත් තියා ගත්තා නම් මෙවැනි පැඩු වෙන්නේ නැහැ. පොලි අනුපාතය වැඩිවිම නිසා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 834ක් වෙලා. ඒ කියන්නේ රුපියල් බිලියන 151ක් අද වැඩිපුර ගෙවන්න වෙලා මේ අදක්ෂ පාලනය නිසා පමණක්. ආර්ථික ඔස්තාර්ලා අපේ රටේ ආර්ථිකයට කරලා තියෙන දේ පේනවානේ.
අපිට කොළඹ කටුනායක අධීවේගි මාර්ගය ගොඩනගන්න වියදම් වුනේ රුපියල් බිලියන 48යි. නොරොච්චෝලේ ගල් අගුරු තාප බලාගාරය හදන්න ගියේ බිලියන 103යි. ඒ දෙක එකතු කළාම බිලියන 151යි. රටේ දැවැන්ත ව්‍යාපෘති දෙකකට සමාන ගානක් මේ රජය පොලි අනුපාතයෙන් පමණක් ගෙවලා. ඒ ගානට සමාන ගානක් මේ රජය කාබාසිනායා කරලා බැදුම්කරවලට වැඩිපුර ගෙවලා තියෙනවා. රුපියලේ අගය රුපියල් 50කින් වැඩි කරගත්තා. පොලී අනුපතය වැඩිවිම නිසා බැදුම්කර හොරකමින් වුනු පාඩුව රුපියල් බිලියන 145ක්. වෙන වෙන පාඩුත් වුනා. ස්වෛරී බැදුම්කර හරහා බිලියන 151ක් . රැපියල අවප්‍රමාණ වීමෙන් හැම ඩොලරයටම වැඩිපුර ගෙවනවා. මේ දේවල් වලින් රටට දිනපතා පාඩුමයි වෙන්නේ.
අපිට සාපේක්ෂ රටවල් ගැනත් බලන්න වෙනවා. හිටපු මුදල් ඇමැති රවි කරුණානයක මහතාත් මේ ගැන කිව්වා. තායිලන්නය අවුරුදු 10ක බැදුම්කරයකට ගෙවන්නේ 2.5යි. වියට්නාමය ගෙවන්නේ 4.7යි. මැලේසියාව ගෙවන්නේ 3.8යි. ග්‍රිසිය ගෙවන්නේ 3.8යි. බොස්වානා ගෙවන්නේ 5.2යි අපි 7.8ක් ගෙවනවා. මොනතරම් විශාල අවපාතයකට අපේ ආර්ථිකය ඇදදාලාද කියලා පේනවා. එදා තිබුණු ප්‍රවණතාවය අනුව කටයුතු කළා නම් අද වෙද්දි පොලී අනුපාතය සියයට 4ට පොලී අනුපාතය හැදනෙවා. ඩොලර් වලට වැඩිපුර ගෙවලා රටක් ගෙනියන්න බැහැ.
මංගල සමරවිරගේ බජට් එක ඉලෙක්ෂන් බජට් එකක් නෙවේ. විනයක් ඇති බජට් එකක් කිව්වා. එහෙම වෙලා තියෙන්නේ එතනින් එහාට දෙයක් දෙන්න බැරි නිසයි. බිලියන 151ක් පොලි ගෙවනවා නම් ඒ රජයට ජනතාවට කිසිම දෙයක් දෙන්න බැහැ. මේ බැරිකම නිසා දැන් කියනවා විනයක් සහිතව කටයුතු කරනවාලු . විනයක් තිබුණා නම් මෙහෙම වෙන්නේ නැහැ. මේ යන ගමන දැන්වත් නැවතුවේ නැත්නම් රටට මොනවා වෙයිද දන්නේ නැහැ. තව ටික දවසින් ඇවිත් අපි සෛවරී බැදුම්කර සියයට 10කට නිකුත් කරනවා කිව්වත් අපිට කට පියාගෙන ඉන්න වෙනවා. ජාත්‍යන්තරය කෙරෙහි අපේ රට ගැන විශෟවාසයක් ගොඩනැගිය යුතුයි.
මාධ්‍ය – මංගල සමරවීර අයවැය කතාවෙදි කිව්වා ඔක්තෝම්බර් 26 ආන්ඩු පරිච්චේචය අදුරුතම කාලය කියනවා. ඒ කාලේ ආර්ථකමය වශයෙන් නුසුදුසු දේවල් වුනා. පොලිය වැඩියෙන් ගෙවන්න වුනා. කිව්වා.
අජිත් නිවාඩ් කබ්රාල්- එහෙම කියන බව දන්න නිසා තමයි සියලු බැදුම්කර ගැන මම පෙන්වා දෙන්නේ. දවස් 51 ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. අවුරුදු 4ක ප්‍රශ්නයක්. මේ වසර 4 තුලම අපි දිගින් දිගටම පිරිහුනා. ඒ පිරිහිම දින ගණනකින් එහෙට මෙහෙට කරන්න බැහැ. ඒ අය කියනවා රේටින් එක අඩු කලාලු. ඒක දිගින් දිගටම තිබුණු තත්ත්වයක්. ණය ශේණිය දිගින් දිගටම අඩුවීමක් වුන ප්‍රවණතාවයිය වුනේ. අද වෙද්දි වර්ධන වේගය සියයට 2ටත් අඩු වෙනවා. උද්ධමනය වැඩි වෙනවා. දළ දේශිය නිෂෟපාදනයට සාපේක්ෂිතව ණය ප්‍රමාණය සියයට 91ක් වෙලා. කොටස් වෙලෙද පොලේ කිසියම් ඉහළ යාමක් නම් වුනා. උසාවියේ නඩු කියන කොට අවිනිශ්චිතභාවයක් නම් ආවා. මේක පසුගිය වසර 4 තුළම වුනු අදක්ෂ පාලනය හොරකම නිසා වුනු දෙයක්. බැදුම්කර වංචාව නිසා ලොකු අවිනිශ්චිතතාවයක් හැදුනා.
මාධ්‍ය – ජාත්‍යන්තර වෙලෙදපොලනේ ණයගනිද්දි පොලී අනුපාතය ඉහළ යාම දේශිය වෙලෙද පොලේ පොලි අනුපාතයට බලපානවාද
අජිත් නිවාඩ් කබ්රාල් – අනිවාර්යයෙන්ම.ආන්ඩුව පෙන්වලා තියෙනවා ජාත්‍යන්තරයට අපි ඩොලර්වලින් 7.85ක් ගෙවාලි ණය ගන්න සූදානම් බව. රුපියල්වලින් ණය දෙන අයත් මේක දකිනවා. ඒ අයත් වැඩිපොලියක් ගන්න බලනවා. ඊළග සති කිහිපය තුල අපිට ඒ දේ දකින්න පුලුවන්. ව්‍යාපාරිකයෙකුට ණයක් ගන්න පුලුවන් වෙන්නේත් මේ පොලී අනුපාතයට සාපේක්ෂවයි. රටේ අවදානම ගණණය වෙන්නේ 7.58 පොලි අනුපාතයක් නම් ඊට වැඩි ගාණක් දේශීය ව්‍යාපාරිකයාට ගෙවන්න සිදුවෙනාව. රටක සාර්ව ආර්ථික සාධක මනා ලෙස කළමණාකරණය කරන්න වෙනවා. මෝටර් සයිකලයක් ලිස් කරද්දි එයටත් බලපානවා. ඒ ගැන කල්පනාකාරිව කටයුතු කරන්න වෙනවා.
මාධ්‍ය – මේ සම්බන්ධයෙන් මහ බැංකුවටත් වගකිමක් තියෙනවා නේද
අජිත් නිවාඩ් කබ්රාල් – මහ බැංකුවේ මුලික කාර්යය රජයට උපදෙස් දීම. රජය අපදෙස් ගන්නේ නැත්නම් ඒක ප්‍රසිද්ධියේ කියන්න වෙනවා. අපේ කාලයේ රජය උපදෙස් අරන් ඒ උපදෙස් අනුව කටයුතු කළා. අපි ආර්ථකය කළමණාකරණය කලේ ඒ උපදෙස් අනුවයි. අද රජයේ අගමැති මැති ඇමැතිවරු ඔක්කොම හිතන් ඉන්නේ ඒ අය සියල්ල දන්න වා කියලයි. ඇයි අද 7.8ක් ගෙවන්න වෙලා තියෙන්නේ. මේ අය දිගින් දිගටම වුනු පරිහානියට වග කියන්න වෙනවා.මහ බැංකුවේ වගකිම ඉෂ්ඨ කරලාද නැද්ද දන්නේ නැහැ. මුදල් මණ්ඩලය හරහා මහ බැංකුවේ දක්ෂ නිලධාරින් උපදෙස් දෙන්න ඇති.
මාධය – මහ බැංකුවට උපදෙස් දෙන්න නෛතික බලයක් තියෙනවා වගේ, ඒ උපදෙස් පිළිපදින්න නෛතික බලයක් නැද්ද
අජිත් නිවාඩ් කබ්රාල් – නැහැ . එහෙම දෙයක් නැහැ. මහ බැංකුවට ආන්ඩුවට උපදෙස් දෙන්න පුලුවන්. මම දන්න විදියට මහ බැංකුව ඒ කාර්යය කළා. අපේ කාලයේ ආන්ඩුව අපි දුන්න උපදෙස් පිළීපදින්නේ නැහැ වගේ පෙනුනාම අපි කිහිප වතාවක් උපදෙස් දිලා නිවාරදි කරලා තියෙනවා. ඒ විදියට මහ බැංකුවඋපදෙස් දෙනවා ඇති. රජය උපදෙස් ගන්නේ නැත්නම් මහ බැජකුව අසරණ වෙනවා. රට අසරණ වෙන නිසා එවැනි අවස්ථාවක ප්‍රසිද්ධයේ ඒ උපදෙස් කිව්වාට ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතනවා. මේ අවස්ථාවේ වැඩි පොලියට ණය ගැනීම වෙනුවට වෙනත් විකල්පයක් තිබුණා නම් මහ බැංකුව කියන්න තිබුණා. මහ බැංකුව එවැනි කතිකාවක් පටන් ගැනීම රටට යහපතක් වෙයි.
මාධ්‍ය – සේවක අර්ථ සාධක අරමුදල හානි කරපු පුද්ගලයා සිංගප්පූරුවේ ඉන්නවා.
අජිත් නිවාඩ් කබ්රාල් – බැදුම්කර වංචාවෙන්ම පැහැදුලි වුනා මේ අයට අයුතු ලාභ ලබන්න උත්සාහ කරන බව. කරලා තියෙන දේවල් නිසා සැකයක් ඇති වෙනවා. ඇයි මේ තරම් ලොකු මුදලක් පොලියක් ලෙස ගෙවන්නේ.සේවක අර්ථ සාධක අරමුදලට ප්‍රාථමික වෙලෙද පොලට එන්නේ නැතිව ද්විතියික වෙලදපොලට එන්න කියලා අණ කළා. සාක්ෂි තිබුණා. බැදුම්කර කොමිෂමෙන් මේ සාක්ෂි එළියට ආවා. දඩුවම නිහඩයි. ඒවා හොයලා බලන එක හොදයි.
මාධ්‍ය – ග්‍රිසිය 3.8 නම් ආර්ථික නිති රෙගුලාසි වල මේ තරම් පරතරයකට යන්නේ කොහොමද
අජිත් නිවාඩ් කබ්රාල් – ග්‍රිසිය 3.8 නම් . අපි ඊට වඩා වැඩි නම් ආපේ ආර්ථික ඔස්තාර්ලා තමන්ගේ දුර්වල කම පිළීගන්න වෙනවා. එහෙම පිළිගන්නේ නැත්නම් අපි මේතරම් පොලියක් ගෙවන්න වෙන්නේ නැහැ. අපි දක්ෂයි කියලා පිළීගන්නවා නම් සැකයක් තියෙනවා.
මාධ්‍ය – ග්‍රිසිය සම්බන්ධයෙන්නේ ඔබට චෝදනාවක් ආවේ. අපි බොරුවට චෝදනා කරලාද
අජිත් නිවාඩ් කබ්රාල් – අපි ශ්‍රි ලංකා මහ බැංකුව ආයෝජනය කරද්දි ග්‍රිසියේ රේටින් එක දැන් තියෙනවා වගේ අධීයර 4කින් ඉහළ තිබුනේ. කවුරු හරි මට චෝදනා කරනවා නම් අද ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන හැම කෙනාටම හතර ගුණයකින් චෝදනා කරන්න වෙනවා. අද ලංකාවේ තියෙන්නේ එදා ග්‍රිසියේ තිබුණ ණය ශ්‍රේණියට වඩා පහළයි. ඒ ඒ රටවල් වල ශ්‍රේණිය අනුවයි ජාත්‍යන්තරව ආයෝජනය කරන්නේ. ග්‍රීසියේ ඒ කාලේ තිබුණු ශේණිය අනුව පොලී අනුපාතය වැඩි වෙන්න තිබුණා. අපිට අවස්ථාව තිබුණා වැඩිපුර මුදල් හොයන්න. අපි අපේ සංචිතයෙන් කුඩා කොටසක් ආයෝජනය කරලා විශාල ලාභයක් මහ බැංකුවට හොයා ගත්තා. පාඩුවට මම වගකිය යුතුයි නම් ලාබයටත් මම නේ වගකියවන්න වෙන්නේ. මහ බැංකු ඉතිහාසයේ ඇමිරිකානු ඩොලර් 430ක් වැඩිපුර හෙව්වා.
මාධ්‍ය – අපේ ශ්‍රේණියට පහළින් තියෙන තවත් රටවල් තියෙනවද
අජිත් නිවාඩ් කබ්රාල් -තියෙනවා. හදිසියේ කියන එක හොද නැහැ. බලලා කියන්න වෙනවා. මම මහ බැංකු අධීපති කාලයේ ලංකාවේ හිටියේ හොදම ශ්‍රේණියමත් නෙවෙයි. ඒ වුනත් අපිට පුලුවන් වුනා හොද පොලියකට යන්න. ආයෝජකයෝ ලංකාව නැගී එන රටක් විදියටයි දැක්කේ. ඒ අය දන්නවා ශ්‍රේනියවර්ධනය වුනාම හොද ලාභයක් ගන්න පුලුවන් කියලා. ඒක තමයි මහ බැංකු වංචාවෙන් නැති කර ගත්තේ.
අපේ ආර්ථීකයට නිශ්චිතභාවයක් ලබා දෙන්න අපිට හැකිවුනා. මේ මේ දේවල් අපි කරනවා කිව්වාම ආයෝජකයෝ කැමැති වුනා. වසර අවසානයේ මේ මේ දේවල් අපි කළා කිව්වා. අපි ගැන විශ්වාසය වැඩිවුනා. අපි විශෟවාසයකින් වැඩකිරිම හරිම වැදගත්. ඒ විශෟවාසය හරහා අපිට හැකිවුනා රටේ ආර්ථකය යන දිසාව ගැන හොද ප්‍රවණතාවයක් ඇති වුනා.
මාධ්‍ය – අයවැයගැන වෙලද දැන්විම් යනවා. යෝජනා වලට මෙහෙම කිරිම සාධාරණද. තාම සම්මත නැහැනේ.
අජිත් නිවාඩ් කබ්රාල්- මමත් දැක්කා. අයවැය පුස්සක් බව දැනගෙන මාධ්‍ය හරහා ශක්තියක් දෙන්න හදනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නේ සාමාන්‍ය ණය ක්‍රමයක්. සුන්දර නමක් දාලා ණය ක්‍රමයක් හදුන්වා දෙනවා. අපේ මුදල් ඇමැතිගේ ණය යෝජනා ක්‍රම වගේ ණය ක්‍රම බැංකුවල තියෙනවා. ක්‍රෙඩිට් කාර්ඩ්වලින් විතරක් අපේ ජනතාව රුපියල් බිලියන 1300ක් ණය අරන්. මුද්ල ඇමැති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියලා බිලියන 48ක් දෙන්න හදනවා. ඒකෙන් ආර්ථීකයට ශක්තියක් එයි කියලා හිතනවා නම් ඒ අයට කවුරු හරි උපදෙස් දෙන්න වෙනවා.නැත්නම් ඔලුවට එන දේවල් කියනවාද මන්දා. ආර්ථ විද්‍යාව දන්නවා නම් මෙහෙම කියන්නේ නැහැ.
මාධ්‍ය – ජනාධිපතිවරයාත් කිව්වා අරුජ්න මහේන්ද්‍රන් ගෙන්වා ගැනීම ගැන සාකච්ඡා කරනවා කිව්වා. මේ ජනාධීපතිමයි කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. පාස්පෝට් තහනම් කලානම් මෙහෙම කියන්න වෙන්නේ නැහැනේ.
අජිත් නිවාඩ් කබ්රාල් – අර්ජුන මහේන්ද්‍රන් චූදිතයෙක් වෙන බව පොඩි ළමයිත් දන්නවා. අගමැ ඇවිත් කිව්වා ඔහු වෙඩින් එකකට යනවා කියලා. බොරු කියලා යන්න ඇරලා ගෙන්න ගන්නවා කියන එක විශ්වාස කරන්න බැහැනේ. විශ්වාස කරන්න නම් මීට පෙර කටයුතු කරපු ආකාරය ගැන බලන්න වෙනවා. අනෙක් දේවල් සම්බන්ධයෙන් මොනතරම් කඩිනම්ද. ගෙන්වා ගන්න අපි මෙහෙම දෙයක් කළා කියලා පෙන්වපු සාක්ෂිය මොකක්ද. මේ කියන්නේ ඔහුට යන්න ඉඩ දුන්න අයමයි.
මාධ්‍ය – ඒ වෙලාවේ අගමැති පාර්ලිමේන්තුවේදි සියලුම වගකීම් මම බාරගන්නවා කිව්වා. ජනාධීතිට අවශ්‍ය වුනත් අගමැතිව නතර කරන්න බැහැවගේ පෙන්නේ.
අජිත් නිවාඩ් කබ්රාල් – මටත් පේන්නේ අගමැතිවරයා ජනාධිපති කියන දේවල් තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැති බවයි. අපිට හැමදාම ජනාධිපති කියන කතා සහ හැසිරෙන විදිය දකිනවා.
මාධ්‍ය- අපි දින 51 ආන්ඩුවෙන් මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න බැරිවුනා. වෙඩින් එකේ ප්‍රධාන අමුත්තා වුනේත් රනිල් වික්‍රමසිංහ. මහින්ද රාජපක්ෂ ආවත් මොකුත් වෙන්නේ නැහැ කියලා මතයක් තියෙනවා.
අජිත් නිවාඩ් කබ්රාල් – මේක අපිට පැනලා යන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඔප්පු කරන්න පුලුවන් ප්‍රවණතාවක් තියෙනවා. නිතිමය පැත්තෙන් මේ තත්ත්වය විසදෙයි කියලා මම හිතනවා. දැනට කෙරිලා තියෙන දේවල් විශ්වාස කරන්න බැහැ. ඔය වාර්තා මම ගණන් ගන්නේ නැහැ. ලියකියවිලි තියෙන්නේ අවශ්‍ය පුද්ගලයින් රැහැනට හසු නොවන විදියටයි. අනාගත රජයක් තුලින් නිතිය ක්‍රියාත්මක වෙයි කියලා මම විශ්වාස කරනවා.
මාධ්‍ය – මහ බැංකු කතාවට දෙදෙනෙක් බන්ධනාගාර ගත වුනා. ඒ අය ප්‍රාථමික වෙලෙද පොලේ හිටපු අය. ඒ අය සිරගත වෙනවා නම් මහ බැංකුවේ දෙතුන් දෙනෙක්වත් සිරගත වෙන්න වෙනවානේ.
අජිත් නිවාඩ් කබ්රාල් – අනිවාර්යයෙන්ම. ඒ අය ලන්සු ඉදිරිපත් කලා. ලන්සු බාර ගත්තේ කවුද. ලන්සු භාර දෙන්න අණ දුන්නේ කවුද. ඒවාට මුදල් වෙන් කරලා බැංකු හරහා මුදල් දුන්නේ කවුද. ඒවා කරපු අය ගැන කිසිම හෙවීමක් බැලීමක් නැහැ. ඒ අයගේ වරදත් හොයලා දඩුවම් කරන්න වෙනවා. ලංකා බැංකුවෙන් මිලයන 10ක් දුන්නා. මොකටද දුන්නේ. කවුද දුන්නේ. මේවාට කොමිෂමෙන් උත්තර ලැබෙයි කියලා හිතුවත් ලැබුනේ නැහැ. ඒනිසා නැවතත් උත්තර හොයා ගන්න වෙනවා.