කොළඹ මැනිං වෙළඳපොළ අලුත් ස්ථානයකට

කොළඹ මැනිං වෙළඳපොළ වසා දැමීමට සිදුවීමත් සමඟ දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින එළවළු ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ නව ස්ථානයක් වෙන් කර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කෙරේ.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් භූමියක් මේ සඳහා වෙන් කර ගැනීමට අපේක්ෂා කෙරෙන අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අකුරටම පිළිපදිමින් ඉතා කඩිනමින් මැනිං වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කරන්නැයි අද (2020.11.10) අරලිය ගහ මන්දිරයේ පැවති පැවැති සාකච්ඡාවකදී ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
පවතින කොවිඩ් වසංගතය හමුවේ ආසාදිතයින් වාර්තා වීම නිසා ඊයේ සිට නැවතත් මැනිං වෙළඳපොළ වසාදමා ඇති අතර, ඒ හේතුවෙන් එළවළු අලෙවිකරගැනීම සඳහා මැනිං වෙළෙඳ පොළට දිනකට පැමිණෙන එළවළු ලොරි 150ත් 200ත් අතර ප්‍රමාණයක් වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සිදුවී තිබේ.
කෘෂි නිෂ්පාදන සඳහා ගොවීන්ට හොඳ මිලක් ලබාදීමටත්, ඒ තුළින් එළවළු හිඟයක් නොවන ආකාරයට පාරිභෝගිකයාට අවශ්‍ය එළවළු ප්‍රමාණය සැපයීමටත් අපේක්ෂා කෙරෙන අතර පී.සී.ආර් පරීක්‍ෂණ සිදු කිරීමෙන් පසුව පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් නව වෙළඳපොළ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස් එම් චන්ද්‍රසේන, සී බී රත්නායක මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

මහ කන්නයේ පොහොර ගොවීන්ට ලබාදීම

මහ කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර නියමිත කාලයට ගොවීන්ට ලබාදීමට කටයුතු කරන්නැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ස‍භාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
(2020.11.04) දින අරලියගහ මන්දිරයේ පැවති ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් පොහොර ආනයනය හා බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ගොවීන් වෙත නිසි කාලයේදි ජලය සහ පොහොර සැපයීම මගින් කෙටිකලක් තුළ නිෂ්පාදන ධාරිතාවය වැඩිකරගත හැකි බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම වසරේ පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 708,910ක් වන අතර, මහ කන්නය සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් 214,000 න් මේ වන විට ඉන් මෙට්‍රික් ටොන් 51,797ක් ගොවීන් අතර බෙදාදීමට කටයුතු කළ බවත් ඉතිරි ප්‍රමාණය ක්‍රමානුකූලව බෙදාහැරීම සඳහා තොග ලැබෙමින් පවතින බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලය මෙම සාකච්ඡාවේදී අනාවරණය කළේය.
අනෙකුත් වගාවන් සඳහා පොහොර නිකුත් කිරීම 10%ක් රජයේ සමාගම් මඟින් සහ 90%ක් පෞද්ගලික සමාගම් වලින් ආනයනය කර නිකුත් කරනු ලබයි.
මෙහිදී පොහොර ආනයනයේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් පෞද්ගලික ආයතන බැසිල් රාජපක්ෂ මහතා සමඟ දීර්ඝව සාකච්ඡා කළ අතර, ලබන වසරේ යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීම සඳහා අනුමැතිය කඩිනමින් ලබාදිය යුතු බැවින්, ආනයනය කිරීමට වෙන් කරන ප්‍රමාණය දෙසැම්බර් මාසය වන විට ලබාදිය යුතු බව පෙන්වා දුන්නේය.
මෙහිදී ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්ය සාධක බලකායේ ස‍භාපති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ගොවීන්ට අවශ්‍ය පොහොර ඕනෑම අවස්ථාවක දී මිලට ගැනීමට හැකි පරිසරයක් සකස් කරන බවත් පොහොරවල ගුණාත්මකභාවය නියාමනය සහ අපද්‍රව්‍යවලින් තොර ඉහළ තත්ත්වයේ පොහොර ආනයනය සඳහා රජයේ විශේෂ අවධානය යොමුව ඇති බව ද මෙහිදී අවධාරණය කළේය.
ලබන වර්ෂයට අවශ්‍ය සමස්ථ පොහොර ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 708,910න් යල කන්නය සඳහා මෙට්‍රික් ටොන් 285,504ක් වෙන් කරන අතර මහා කන්නය සඳහා මෙට්‍රික් ටොන් 423,406ක් වෙන් කරනු ලබයි.

සියවසක් හා සමවූ සිවු වසක්..

මේ සුවිසල් අහස් ගැබ යට
දහසකුත් දෑ ලියවිලා ඇත
සියවසක වැඩ කෙරූ සිව්වස
බලය රට කරවන්න අද ඇත
සැඩ ගංඟාවක් තරණය කරමින් එගොඩ වීම එතරම් පහසු නොවෙයි. සියල්ලන්ටම එගොඩ වීමටනම් ශක්තිමත් පහුරක් සෑදිය යුතුමයි. සියලු වගකීම්, අවදානම්, වෙහෙස දැරිය යුතුමයි. එදා ඔවුන් සෑදූ ශක්තිමත් පහුර කිසිවෙකුටත් බිඳිය නොහැකි විය. සැඩ පහර අතරින් ඉතා ප්‍රවේසම්සහගතව පහුර එක් ගමනාන්තයකට ළඟා කරවීමට නියමුවාණන් සමත් විය. ඔහු අන් කවරෙකුත් නොව බැසිල් රාජපක්ෂයන් ය. සියවසක දෑ සිව්වසකට ලඝු කල ඒ මහා විප්ලවයේ ආරම්භය ඉතා සුලු පිරිසකගේ විශ්වාසය, කැපවීම සහ අධිෂ්ඨානය මත බිහි වූවකි. බාධක මධ්‍යයේ ඉතාමත් ප්‍රවේසම්සහගතව බිහි කලා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදවන විට ආසියාවේ ලාබාලතම සහ බලසම්පන්නම පක්ෂය වී හමාරය. මෙතරම් සුලු කාලයකින් පැවැත් වූ මැතිවරණ සියල්ලක්ම ජය ගනිමින් ජනාධිපවතිවරයෙකු, අග්‍රාමාත්‍යවරයෙකු සහ තුනෙන් දෙකක බලයකින් යුතු පාර්ලිමේන්තුවක් බිහි කරන්නට සමත් ආසියාවේ එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. මේ ආ ගමන් මඟ අතිශය දුෂ්කරය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලාංකේය ඉතිහාසයේ රන් අකුරින් ලියවනු නොඅනුමානය.
2015 ජනවාරි 08 ජනාධිපතිවරණ පරාජයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සිරිසේන ජනාධිපතිවරයා නතු කරගත්තේ රාජපක්ෂ වාදී දේශපාලනය යහපාලන තිබිරිගෙය තුලම මාරා දැමීමේ උවමනාව නිසාය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේන වාදීන් රනිල් වික්‍රමසිංහ වන්දනා කරමින් සිරිසේන සමග එක්ව ආණ්ඩුව ගෙන යෑමට අදහස් කරද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද වාදී කදවුර සමග එක් වූ ජනතාවට දේශපාලනය කිරීමට පක්ෂයක් නොමැතිව අසරණ විය.සිරිසේනගේ වැල් බයිලා දේශපාලනයට නතු වීමට ජනතාව අකමැති වූ අතර එයට විකල්පයක් නව දේශපාලන බලවේගයක අවශ්‍යතාව මහපොළවට දැනෙන්නට වුයේ සිරිසේන රනිල් පාලනයට එරෙහි බහුතර ජනතාවක් මහින්ද රාජපක්ෂ නම් වූ අසාහය ජන නායකත්වය සමග සිටි බැවිනි. මහින්ද රාජපක්ෂ මැතිතුමන් පෙරමුණේ තබා ගනිමින් මාතෘ භූමියට පෙම් බදින මිනිසුන් වෙනුවෙන් පක්ෂයක් නිර්මාණය කිරීමේ භාරදුර කාර්ය කරට ගත් බැසිල් රෝහණ රාජපක්ෂයන් සිවිකොණ විසිරි සිටි ජනතාව එකම අරමුණක් වෙනුවෙන් එකතු කිරීම ආරම්භ කළහ.
ජනහිතවාදී දේශමාමක පක්ෂයක අවශ්‍යතාව සම්පුර්න කිරීම උදෙසා 2016 නොවැම්බර් දෙවැනි දින බැසිල් රාජපක්ෂ මැතිතුමන් විසින් මහින්ද රාජපක්ෂ ජන නායකත්වයේ ආශිර්වාදයෙන් ආරම්භ කල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම පළමු උපන් දිනයට පෙර ලංකා ඉතිහාසයේ දැවැන්තම මැයි දින පෙළපාලිය ගෝල්ෆේස් පිටියේදී පවත්වනු ලැබිය. 2018 පෙබරවාරි 10 පැවති පළාත් පාලන මැතිවරණයේදී පළමු මැතිවරණය සදහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගනිමින් ලංකා ඉතිහාසයේ දේශපාලනය වෙනස් කළහ. එයින් නොනැවතී යහපාලන ආණ්ඩුවට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක් බැසිල් රාජපක්ෂ මැතිතුමන් විසින් ආරම්භ කල අතර “ගම සමග පිලිසඳරක්” “ජන බලය කොළඹට” වැඩ සටහන් හරහා ජන මනස රටට හිතකර ලෙස වෙනස් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ නිසා වසර පහක් ඉක්මවා යාමට මත්තෙන් රනිල් සිරිසේන ආණ්ඩුව පරාජය කොට රටේ ජනාධිපතිවරයා බිහිකරන පක්ෂය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්කළේය.ඉන් නොනැවතී 2/3 බලයක් සහිත ආණ්ඩුවක් බිහිකරමින් ජනතාවගේ ජන නායකත්වය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අග්‍රාමත්‍ය වරයා බවට පත් කොට රටේ ජනතාව ඉල්ලු වෙනස නිර්මාණය කරමින් යහපාලන ආණ්ඩුව විසින් ගෙන ආ අදුර දර්ශි 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 20 වැනි සංශෝධනය බලාත්මක කරමින් විධායක ජනාධිපති වරයෙක් නැවත බිහි කිරීමට සමත් විය.
රටේ අනාගතය වෙනුවෙන් දේශපාලනය කරන පක්ෂයක් ලෙස ජනතාවගේ අවශ්‍ය තාවන් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂයක් ලෙස පොදුජන තරුණ පෙරමුණ පොදුජන කාන්තා පෙරමුණ සේම පංච මහා බල වේගයට එහා ගිය බලයක් ජවයක් සහිතව පක්ෂයේ සිවුවැනි ජන්ම දිනය සමරනු ලබයි.
එදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිට වුවහොත් පාරක් පාරක් ගණනේ ඇවිද්දන බව කියමින් පුරසාරම් දෙඩු දේශපාලකයින් හා පොහොට්ටුවට එහි ප්‍රගමනයට එරෙහිව ක්‍රියා කල බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ සිටීමම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ දැවැන්ත ජයග්‍රහණයකි. එදා ගල් පෙරලමින් පක්ෂයට හිතවාදීන් රාජපක්ෂ හිතවාදීන් සිර ගත කරමින් දේශපාලන පලිගැනීම් කරමින් රැකියා අහිමි කරමින් කටයුතු කල පිරිස් වත්මන් ආණ්ඩුවේ විවිධ තනතුර දරමින් පක්ෂය පිලිබදව ප්‍රසස්ති ගී ගායන කිරීමද ජයග්‍රහණයකි. ඔවුන් විසින්ම නිර්මාණය කළ කටුක දුෂ්කර මාර්ගයක ගමන් කරමින් සිව් වසරක් පුරා පක්ෂය වෙනුවෙන් තම ජිවිතයම කැපකළ බැසිල් රෝහණ රාජපක්ෂයන්ගේ නායකත්වයෙන් තවත් චිරාත් කල් වැජබේවා.

සියවසක් හා සමවූ සිවු වසක් තුල රටේ සිවුකොණ විහිදී ජනතාවට නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ පක්ෂයට ජය වේවා..
සියවසක් හා සමවූ සිවු වසක්

නිරෝධායනයට යොමුකර අයට ආහාර ලබාදීමේ ක්‍රමවේදයක්.

උද්ගතව ඇති නව කොවිඩ් 19 තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර…
• තම නිවස තුළම නිරෝධායනයට යොමු කර ඇති පවුල්වලට සති දෙකකට ප්‍රමාණවත් ආහාර ලබාදීමේ විශේෂ ක්‍රමවේදයක්…
කොවිඩ් 19 වෛරසය නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී පසුගිය අවස්ථාවේ මෙන්ම අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අද (2020.10.27) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළේය.
බැරෑරුම් තත්ත්වයකදී වුවද විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, ප්‍රවාහනය, සෞඛ්‍ය, මහාමාර්ග ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.
ලෝකයේ ආර්ථිකය අතින් බලවත් රටවල්වලට පවා කොවිඩ් 19 වෛරසයට මුහුණදීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබියදී මෙම වෛරසය පාලනය කර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා කඩිනමින් ලබාදීමටත් රජයක් හැටියට පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.
සමාජ මාධ්‍ය මඟින් සිදුකෙරෙන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන්ද මෙහිදී සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ඇතැම් බලවත් රටවල ලක්ෂ ගණනින් ආසාදිතයින් හමුවන, දහස් ගණනින් මිය යන අවස්ථාවක මෙරට සෞඛ්‍ය අංශ, ආරක්ෂක හා පරිපාලන අංශ කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා සිදුකරන කාර්යභාරය රටක් වශයෙන් අගය කළ යුතු බවයි.
වෛරසය නිසා සිදුවිය හැකි ජීවිත විනාශය වළක්වන අතර අවදානමට ලක්විය හැකි වැඩිහිටි ජනතාව රැකගැනීම සඳහා සියළු පියවර ගන්නා ලෙසත් උපදෙස් දෙන ලදී. එබැවින් මහජන ආධාර, විශ්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිසාපතිවරුන්ට හා තැපැල්පතිට මෙම සාකච්ඡාවේ දී උපදෙස් ලබාදුන්නේය.
නිවෙස්වලම නිරෝධායනයට යොමුකරන පවුල් සඳහා සති දෙකකට සරිලන බඩුමල්ලක් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර දිසාපතිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිලධාරීන් සහ ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් එම කටයුත්ත ක්‍රමානුකූලව සිදු කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේය.
මෙම සාකච්ඡාව සඳහා විදුලිබල, ජල, ගෑස්, ප්‍රවාහන ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින් සහභාගී වූ අතර ජනතාව වෙත කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා තම ආයතන සූදානම් බවත් සෞඛ්‍ය ආරක්ෂිතව සහ නිරෝධායන නීතී අනුව තම ආයතනවල සේවකයින් සේවය සඳහා ගෙන්වන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
ණය වාරික සඳහා සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසාදැමුණු ප්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදල ලබාදීමට තීරණය කර ඇති බවද සඳහන් කෙරුණි.
කොළඹ නගරයේ කසළ කළමනාකරණය පෙර පරිදිම සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යන බව මෙම අවසථාවට සහභාගී වූ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය පැවසුවාය.
කොළඹ නගරය තුළ කොවිඩ් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් එම තත්ත්වය පාලනය කිරීමට කොළඹට පැමිණෙන පිරිස පාලනය කිරීම සිදුකළ යුතු බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ඒ සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කර, ප්‍රාදේශීය මට්ටමෙන් රජයේ කාර්යාල පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව මෙහි දී සාකච්ඡාවට ගැනුණි.
තවද පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මගී ප්‍රවාහනය සිදු කරන බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දුන් අතර ජනතාව කොළඹ නගරයට පැමිණීම පෙරට සාපේක්ෂව විශාල වශයෙන් අඩු වී ඇති බවත් උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් සිසුන්ගේ පහසුව සඳහා ගමන් වාර සීමිත කිරීම අවම වශයෙන් සිදු කර ඇති බවද ඔවුන් සඳහන් කළේය.
එමෙන්ම විභාග දෙපාර්තමේන්තුව සහ විවිධ ආයතන මඟින් පවත්වන විභාග මෙම අවස්ථාව සැලකිල්ලට ගෙන කල් දමන ලෙස බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින් සහභාගී වූහ.
ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය.

අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යා යුතුයි

• උද්ගතව ඇති නව කොවිඩ් 19 තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර…
• තම නිවස තුළම නිරෝධායනයට යොමු කර ඇති පවුල්වලට සති දෙකකට ප්‍රමාණවත් ආහාර ලබාදීමේ විශේෂ ක්‍රමවේදයක්…
කොවිඩ් 19 වෛරසය නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී පසුගිය අවස්ථාවේ මෙන්ම අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අද (2020.10.27) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළේය.
බැරෑරුම් තත්ත්වයකදී වුවද විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, ප්‍රවාහනය, සෞඛ්‍ය, මහාමාර්ග ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.
ලෝකයේ ආර්ථිකය අතින් බලවත් රටවල්වලට පවා කොවිඩ් 19 වෛරසයට මුහුණදීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබියදී මෙම වෛරසය පාලනය කර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා කඩිනමින් ලබාදීමටත් රජයක් හැටියට පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.
සමාජ මාධ්‍ය මඟින් සිදුකෙරෙන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන්ද මෙහිදී සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ඇතැම් බලවත් රටවල ලක්ෂ ගණනින් ආසාදිතයින් හමුවන, දහස් ගණනින් මිය යන අවස්ථාවක මෙරට සෞඛ්‍ය අංශ, ආරක්ෂක හා පරිපාලන අංශ කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා සිදුකරන කාර්යභාරය රටක් වශයෙන් අගය කළ යුතු බවයි.
වෛරසය නිසා සිදුවිය හැකි ජීවිත විනාශය වළක්වන අතර අවදානමට ලක්විය හැකි වැඩිහිටි ජනතාව රැකගැනීම සඳහා සියළු පියවර ගන්නා ලෙසත් උපදෙස් දෙන ලදී. එබැවින් මහජන ආධාර, විශ්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිසාපතිවරුන්ට හා තැපැල්පතිට මෙම සාකච්ඡාවේ දී උපදෙස් ලබාදුන්නේය.
නිවෙස්වලම නිරෝධායනයට යොමුකරන පවුල් සඳහා සති දෙකකට සරිලන බඩුමල්ලක් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර දිසාපතිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිලධාරීන් සහ ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් එම කටයුත්ත ක්‍රමානුකූලව සිදු කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේය.
මෙම සාකච්ඡාව සඳහා විදුලිබල, ජල, ගෑස්, ප්‍රවාහන ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින් සහභාගී වූ අතර ජනතාව වෙත කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා තම ආයතන සූදානම් බවත් සෞඛ්‍ය ආරක්ෂිතව සහ නිරෝධායන නීතී අනුව තම ආයතනවල සේවකයින් සේවය සඳහා ගෙන්වන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
ණය වාරික සඳහා සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසාදැමුණු ප්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදල ලබාදීමට තීරණය කර ඇති බවද සඳහන් කෙරුණි.
කොළඹ නගරයේ කසළ කළමනාකරණය පෙර පරිදිම සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යන බව මෙම අවසථාවට සහභාගී වූ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය පැවසුවාය.
කොළඹ නගරය තුළ කොවිඩ් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් එම තත්ත්වය පාලනය කිරීමට කොළඹට පැමිණෙන පිරිස පාලනය කිරීම සිදුකළ යුතු බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ඒ සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කර, ප්‍රාදේශීය මට්ටමෙන් රජයේ කාර්යාල පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව මෙහි දී සාකච්ඡාවට ගැනුණි.
තවද පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මගී ප්‍රවාහනය සිදු කරන බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දුන් අතර ජනතාව කොළඹ නගරයට පැමිණීම පෙරට සාපේක්ෂව විශාල වශයෙන් අඩු වී ඇති බවත් උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් සිසුන්ගේ පහසුව සඳහා ගමන් වාර සීමිත කිරීම අවම වශයෙන් සිදු කර ඇති බවද ඔවුන් සඳහන් කළේය.
එමෙන්ම විභාග දෙපාර්තමේන්තුව සහ විවිධ ආයතන මඟින් පවත්වන විභාග මෙම අවස්ථාව සැලකිල්ලට ගෙන කල් දමන ලෙස බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින් සහභාගී වූහ.
ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය.

“සැමට ජලය” සෞභාග්‍යයේ දැක්ම

2025 අවසන්වීමට පෙර පැය 24 පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව (03/09/2020) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අතිගරු ජානාධිපතිතුමන්ගේ විමසුමට ලක් විය.
ගංගා, ඇළ දොළ සහ ජල පෝෂක ප්‍රදේශ පිරිසිදු කොට සංරක්ෂණයට විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන කඩිනම් කිරීම අවශ්‍යයය.
“සැමට ජලය” සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට ඉදිරිපත් කෙරුණු ප්‍රමුඛ ප්‍රතිඥාවකි.
ඉදිරි සිව් වසර තුළ පවුල් ලක්ෂ 47කට ජලය සැපයීමට රජය අපේක්ෂා කරයි. දේශීය සහ විදේශීය අරමුදලින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ජල නළ කි.මි 40,000ක් අලුතින් එළීමට සිදු වේ.මේ දක්වා ජල සම්පාදනයට ගිය පිරිවැයෙන් හරි අඩකින් ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ජලය ජනනය සහ සංරක්ෂණය ජල මූලාශ්‍ර හඳුනාගැනීම වැඩසටහනෙහි පියවර කිහිපයකි. ජල පෝෂක මූලාශ්‍ර සංරක්ෂණය උදෙසා වන රෝපණයට ද සැලසුම් කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් සමස්ත ජල සැපයූමෙන් 45% ක් ජලය කාන්දුවීම හේතුවෙන් අපතේ යමින් තිබිණ. ගත වූ මාස කිහිපය තුළ අලුතින් ජල නළ එළීමෙන් එය 15% දක්වා අඩුකර ගැනීමට හැකිව තිබේ. ජලය ආරක්ෂා කිරිමේ පියවරක් ලෙස ජලය කාන්දුවන ස්ථාන හඳුනාගෙන අලුතින් ජල නළ එළීම දැන් සිදුවන බව නිලධාරීහු සඳහන් කළහ.
ප්‍රජා ජල ව්‍යාපෘති යටතේ බෙදාහැරෙන ජලය ඉහළ ප්‍රමිතියකින් පිරිපහදු කර නිවාස වෙත සැපයීමට ද සැලසුම් කර තිබේ.
ප්‍රජා ජල ව්‍යාපෘති සේවක ගැටළු විසඳීම කෙරෙහි නිලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ජානාධිපතිතුමන් උපදෙස් දෙන ලදි.
ජල නළ එළිමේදී මාර්ගවලට වන හානිය සහ එමගින් ජාතික ධනය විනාශවීම වැළැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද එකඟතාව පළ කෙරිණි. රටේ පානීය ජල අවශ්‍යතාව සපුරලීමට යන සමස්ත වියදමෙන් 30%ක් පමණ එමගින් ඉතිරි කර ගත හැකි බව අනාවරණය විය.
වර්ෂා ජලය ගබඩා කිරීම සහ දිවයිනේ වැව් සහ ජලාශවල ධාරිතාව නැංවිම, අලුතින් වැව් සහ ජලාශ පද්ධතියක් ඉදිකිරීම කෙරෙහි ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. ජල ඌණතාවක් ඇති ප්‍රදේශවලට ජලය ගෙනයාමට නව ඇළ මාර්ග සහ නළ මාර්ග සහිත ව්‍යාපෘති හඳුන්වාදීම ද නව සැලසුමට අන්තර්ගත වේ.
අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහු සහ ප්‍රජා ජල ව්‍යාපෘති නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

නිවසටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම

ජනතාව ඒකරාශීවීම වළකමින් නිවසටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය
බෙදාහැරීමේ විශේෂ වැඩසටහන ඇරඹේ …
 ගොවීයා සහ දේශීය ආර්ථිකය ශක්තිමත් වන අයුරින් වැඩසටහන ක්‍රියාවට …
 සහල් සහ එළවළු දිවයින පුරා බෙදාහැරීමේ විධිමත් යාන්ත්‍රණයක් …
 මාළු, බිත්තර සහ කුකුල් මස් හිඟයකින් තොරව …
 ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සමූපකාර හා සුපිරි වෙළඳසැල් ඒකාබද්ධව …
 රෝගීන්ට ඖෂධ බෙදාහැරීමේ විශේෂ වැඩපිළිවෙළක් …
 සෑම ප්‍රාදේශීකයකටම පැය 24 ම විවෘත ඉන්ධන හලක් ..
 වාණිජ බැංකු අත්‍යාවශ්‍ය සේවා ගණයට …
රට තුළ කොරෝනා වෛරසය (COVID- 19) පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කෙරේ. සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
සමස්ථ ක්‍රියාදාමය කොරෝනා මර්දනයට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගෙනයන වැඩපිළිවෙළට යටත්ව විය යුතුය. ජන ජීවිතය බිඳ නොවැටෙන ආකාරයෙන් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම ද අවශ්‍යතාවකි. ගොවියා සහ දේශීය ආර්ථිකය සුරැකෙන පරිදි රට තුළ නිෂ්පාදනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ජනතාව වෙත බෙදා හැරීමට සැලසුම් කෙරේ.
අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, බැංකු ප්‍රධානීන්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවේ දී තීරණ රැසකට එළැඹෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
සහල්, පොල්, එළවළු, බිත්තර, කුකුළු මස් හිඟයකින් තොරව සැපයීමේ හැකියාව පවතී. මේවා ගොවීන්ගෙන් සහ නිෂ්පාදකයන්ගෙන් නිසි පරිදි මිලදී ගෙන සමූපකාර සහ සුපිරිද වෙළෙඳසැල් ඒකාබද්ධව අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් සකස් කර ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් විධිමත්ව බෙදාහැරිය හැකි බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. ඒවා ඒ ඒ ජන කොටස් අපේක්ෂා කරන පරිදි විවිධ මිල ගණන් යටතේ සකස් කර ලබා දිය හැකිය. ක්‍රියාදාමය මෙහෙයවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ද සහය ලබා ගැනේ.
රජයේ රෝහල්වල ලියාපදිංචිව අඛණ්ඩව ඖෂධ මිලදීගන්නා රෝගීන්ට අදාළ බෙහෙත් වට්ටේරුවලට අනුව නිවසටම ඖෂධ බෙදාහැරීමට තීරණය කෙරිණ. ප්‍රාදේශීය ලේකම්, මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ ආරක්ෂක අංශ ද මීට දායක කර ගැනේ.

පෞද්ගලික ෆාමසිවලින් ඖෂධ මිලට ගන්නා රෝගීන්ට ප්‍රාදේශීයව තෝරාගත් ෆාමසි කිහිපයක් නම් කර නිවසටම බෙදාහැරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ද සාකච්ඡා කෙරිණ.
වෙළෙඳ සහ අත්‍යාවශ්‍ය කටයුතුවලට දායක වන අයුරින් වාණිජ බැංකු විවෘතව තැබීමට පියවර ගන්නා ලෙස ද, ඒවායේ ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබීය.
දුරකථන ඇණවුම් මගින් නිවෙස් වෙතම ගෑස් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා එම ආයතනවලින් ඉල්ලා සිටියේය.
සමස්ත ව්‍යාපෘතියේ අරමුණ ජනතාව ඒකරාශිවීම වළක්වා කොරෝනා වෛරසය මර්දනයට සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමයි.
බෙදාහැරීමේ කාර්යයට ප්‍රාදේශීය ලේකම්, ග්‍රාමසේවා නිලධාරීන්, කෘෂි පර්යේෂණ නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහභාගී කර ගැනේ. මේ වන විට රටවල් රැසක් පූර්ණ වශයෙන් ආනයන, අපනයන ක්‍රියාවලිය නවතා ඇත. උද්ගත තත්ත්වය කෙරෙහි වැඩි අවදානයක් යොමු කර ස්ථාවර නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩනැඟීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
වගා සහ ධීවර කටයුතු බාධාවකින් තොරව පවත්වාගන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට තීරණය කෙරිණ.
එළවළු මෙන්ම වී, බඩ ඉරිඟු, උඳු, මුං, කවුපී, කුරක්කන් වගා සඳහා ගොවීන් දිරිමත් කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.
චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්. ආටිගල යන මහත්වරු මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

අපිට ජනාධිපතිවරණයට එන්න බැරි වෙන්න ව්‍යවස්තාව වෙනස් කරලා..- මහින්ද

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැටුම අද උග්‍රවෙලා එහි ප්‍රථිපල තමයි මේ රටේ ජනතාව අගාධයට ඇදගෙන යාම. 19 වැනි සං‍ශෝධනයෙනුයි ඒක වුනේ . දැන් හැමදෙනාම කියනවා 19 අසාර්ථකයි කියලා. අපි ඒක මුලදීම කිව්වා මේක ගෙනාවේ මහින්ද රජපක්ෂට නැවත ඉල්ලන්න බැරිවෙන්න. බැසිල්ටයි, ගෝඨාභයටයි ඉල්ලන්න බැරිවෙන්න ද්විත්ව පුරවැසිකම අතුලත් කළා. නාමල්ට ඉල්ලන්න බැරිවෙන්න වයස වැඩිකලා. පවුලක් අයින් කරන්න රටක ව්‍යවස්ථාව වෙනස්කරපු අවස්ථාවක් මේක යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පැවසුවේ මුල්කිරිගල, තංගල්ල හා බෙලිඅත්ත ආසනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ හා කාන්තා බලමණ්ඩල පිහිටුවීමේ අවස්ථාවලට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා

‘රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඈත් කරන බව පෙන්වා ජනාධිපතිවරයාගේත් බලය අයින් කරලා. ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. මැතිවරණ තියන්න බැහැ. ජනාධිපතිවරයා නිකම්ම නිකන් මිනිසෙක් බවට පත්කරලා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මේක කළේ. ඒකට ජනාධිපතිවරයා රැවටුනා. ඒක තුළින් ආණ්ඩුවටත් අද ප්‍රශ්ණයක් ඔවුන්ට අවශ්‍යදේ කරන්න බැහැ. ආණ්ඩුවේ අන්තිම කාලේ මේ දැන් දඩි බිඩි ගාලා ව්‍යවස්ථාව වෙනස්කරන්න හදනවා. සම්බන්දන්ලාත් ව්‍යවස්ථාව අල්ලාගෙන සිටියා. උතුරේ ජනතාවට කිසිම දෙයක් කළේ නැහැ. මම ඒ ප්‍රදේශවල හදපුවා විතරයි ඒ පළාත්වල තියෙන්නේ. මේකයි රටේ තත්ත්වය.

මේ ආණ්ඩුව දැන් නීති වෙනස්කරන්න හදනවා. විදේශ අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම්, නීතිපතිවරයාට හා විනිසුරුවරුන්ට ලිපි වලින් දන්වනවා පිටරට නියෝජිතයන් හමුවිය යුතුයි කියලා. මේකද, ස්වාධීන ලංකාව, ස්වාධීන අධිකරණය අපිට මෙම ලිපිවල පිටපතක් ලැබුණා. අපි කථානායකවරයාට පාර්ලිමේන්තුවේදී දැන්වුවා මේකට ඉඩතියන්න එපා කියලා. ඔහු ඒ වෙලාවෙම ඒක නැවැත්තුවා මේ රටේ නිදහස කියන්නේ මේකටද?

අද මිනිසුන්ට සැකයක් ඇවිත් තියෙනවා නිදහස් අධිකරණයක් ද තියෙන්නේ කියලා. සිල්රෙදි බෙදුවා කියා ලලිත් වීරතුංග මහතා හිරේගියා. විනිසුරුතුමන් පිළිගත්තා මෙයින් ලලිත් වීරතුංග මහතාට කිසිම වාසියක් නැතැයි කියා. බුද්ධ ජයන්තිය සඳහා මහ නාහිමිවරුන්ගේ හා අනු නාහිමිවරුන්ගේ ඉල්ලීමටයි සිල්රෙදි බෙදන්න කටයුතු කලේ. හැබැයි වීරතුංග මහතා වැරදිකරු වී හිරේ ගියා, රජයේ ජ්‍යෙෂ්ඨම ලේකම්වරයා. හැබැහි මේ ආණ්ඩුවේ නිළධාරීනුත් එතුමාගේ පාඩම ඉගෙනගත යුතුයි. මේවගේ ඔවුන්ටත් අනාගතයේ වෙන්න පුළුවන්. අධිකරණය ස්වාධීන වෙනවා වගේම සාධාරණ විය යුතුයි කියන මතයේ අපි ඉන්නේ. මාස ගණන්, අවුරුදු ගණන් අපි CID, FCID වලට ගෙනිච්චා. තාමත් යනවා. ආණ්ඩුවකට පලිගන්න අධිකරණය පාවිච්චි කරන එක වැරදියි. ඒකටම FCID කියලා හොර ආයතනයක් හැදුවා. ඒකට බලතලත් දුන්නා. නියෝග දෙන්නේ අගමැතිවරයා එකට ජනතා විමුක්ති පෙරමුණේ නායකයත් ඉන්නවා. මේ අය තමයි නඩු අහලා තීන්දු කරලා FCID එකට පවරන්නේ පරීක්ෂණ සඳහා. වරදක් කරලා තියේනං පොලීසියට පුළුවන් නඩු දමන්න. CID එකට පුළුවන්.

මේ ආණ්ඩුව ඇවිත් අවුරුදු 4 ½ මොනවද කරලා තියෙන්නේ ඔබට රටට මොනවාද ලැබිලා තියෙන්නේ. අපි හදපුව නම් විකුණලා තියෙනවා. අපි සල්ලි වෙන්කරපුවා මේ කට්ටිය වැඩ පටන් අරගෙන ඉවර කරලා විකුණනවා ජනාධිපති විවෘත කරනවා අගමැති විකුණනවා. අද හම්බන්තොට වරායට තියෙන්නේ තරඟයක් ලෝකයේ අනෙක් රටවල් වරාය අවටින් ඉඩම් ගන්න සටන් කරනවා. ගුවන්තොටුපල රටවල් කීපයකින් ඉල්ලනවා එය ඉන්දියාවට විකුණන්නට ලෑස්තිකරලා තියෙන්නේ හම්බන්තොට ජ්‍යාත්‍යන්තර ක්‍රීඩා පිටිය විකුණනවලු, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව විකුණනවලු. එතකොට හම්බන්තොට සියලුදේ විකුණලා මේ කාට අයිති දේවල්ද ? මේ ඔබේ අනාගත පරපුරට අයිති දේවල් අවුරුදු 05කට බලයට ඇවිත් මේ භූමිය විකුනන්න මෙයාලට අයිතියක් නැහැ. අද විවිධ ගිවිසුම් ගහනවා. ආණ්ඩුවකට ගිවිසුම් ගැසිය හැකියි. අපිත් ගැහුවා යුද්ධ කාලයේ ආරක්ෂක ගිවිසුම් ඒ වසර 10ට මේ ආණ්ඩුව කිසිඳු කාලයකට සීමා නොවී ගිවිසුම් ගහනවා රට ජාතිය පාවාදෙන්න.

අපේ කාලයේ රටේ ආරක්ෂාව තිබුණා, දැන් එහෙම ද ? එක සහරාන් කෙනෙකුට පුළුවන් වුණා මුළු රටේම සෑම ජාතියක්ම බය කරන්න. කාගේ වරදින්ද? මේ අස්ථාවර ආණ්ඩුව නිසා. ජනාධිපතිවරයා අගමැතිවරයා එකට එක කරනවා. එතකොට කොහොමද රටක් පාලනය කරන්නේ අද තරුණයින්ට රක්ෂා නැහැ. මේ ආණ්ඩුව බලයට පත්වුණාට පසුව තරුණයින් 472,000 කට රක්ෂා නැතිවුණා. බෝම්බයෙන් පස්සේ තවත් ලක්ෂ දෙකකට පමණ රක්ෂා නැතිවුණා. මේ ආණ්ඩුවේ සියලු දෙනාම මේකට වගකිව යුතුයි. මම පරදිනකොටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වැඩි ඡන්ද ලක්ෂයකට වැඩි ගණනකින් මාව දිනෙව්වා. අද රටේ තත්ත්වය වෙනස්. උතුරේ මතයත් වෙනස්වෙලා උතුරේ ඉන්නෙත් මිනිස්සුනේ. ඔවුන්ගේ නිෂ්පාදන වලට මිලක් නැහැ. විකුණගන්න තැනක් නැහැ. බොන්න වතුර නැහැ, පාසලේ ගුරුවරු නැහැ. ස්පිරිතාලෙත් එහෙමමයි. මේ තත්ත්වය වෙනස්විය යුතුයි. රටටම එකලෙස සංවර්ධනය ගලාගෙන යා යුතුය’

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

Debate on the Constitutional Reform Process

MEDIA RELEASE

Debate on the Constitutional Reform Process

(Translation of the text of the speech made by Opposition Leader
Hon. Mahinda Rajapaksa in Parliament on Friday the 26th July 2019)

Hon. Speaker,

There only a few more months left for the next presidential election. Is there any point in holding a debate on constitutional reform at the tail end of the tenure of a government? An initiative to amend the constitution should be taken when a government has been newly elected to office, not as the final task before leaving office. This government was elected on the pledge that they would amend the constitution within their first 100 days in office. At that time, the only reform proposals they spoke of was the abolition of the executive presidency and changing the system of elections.

My 2015 presidential election manifesto stated very clearly that if I was re-elected to office, we would amend the constitution and also hold a referendum to have those amendments directly endorsed by the people. But the yahapalana manifesto said that they would amend the constitution only to the extent that a referendum was not made necessary. What was the problem in holding a referendum? A referendum is a case of going before the people. It is always better to have important constitutional amendments endorsed by the people at a referendum.

The yahapalana manifesto said that the Constitution would be amended only to the extent that a referendum would not be made necessary because they never had any intention of abolishing the executive presidency after being elected to power. A fundamental Constitutional change of that nature cannot be carried out without a referendum under the present law. Though they said that they were going to abolish the executive presidency during the election campaign, once elected to power, they pointed to their election manifesto and said that since constitutional amendments can be made only to the extent that a referendum is not made necessary, the executive presidency cannot be abolished. So from the very beginning, the constitutional reform process of this government was riddled with deception and perfidy.

Then they presented to Parliament, the 19th Amendment which has given rise to the present confusion as to whether power lies with the presidency or the cabinet. When the then opposition expressed misgivings about the provisions of the 19th Amendment, the President came to Parliament and said that the 20th Amendment which would change the parliamentary elections system would be presented to Parliament in a matter of weeks. It was on that undertaking that the opposition MPs voted for the 19th Amendment. If the parliamentary elections system had been changed, Parliamentary governments would have had a working majority and the balance of power would have shifted to Parliament. Though our MPs had serious misgivings about the 19th Amendment, we voted for it on the promise that the 20th Amendment would be introduced in Parliament expeditiously. So this government has cheated the opposition as well.

After that, the government convened the whole Parliament as a Constitutional Assembly on 9 March 2016 in order to promulgate a new constitution. After holding many discussions and releasing numerous reports over a period of more than two and a half years, on 11 January 2019 the Prime Minister tabled in Parliament a document which was described as the report of the panel of experts of the Steering Committee of the Constitutional Assembly. Even in presenting that document to Parliament, the Prime Minister insisted that its contents are not the views of the government but only of the panel of experts that compiled the report. Ultimately the report that was tabled in Parliament had no owner. How can a constitutional reform process succeed when nobody takes responsibility for the drafts that are tabled in Parliament?

We are resolutely opposed to the draft constitution that was presented to Parliament by the Prime Minister. It would have had the effect of dividing Sri Lanka into nine semi -independent states. It contained proposals to set up nine separate police forces, and provisions that would have made it impossible for the center to take back any powers devolved to the provincial units. Some say that I too spoke of ’13 Plus’ – a system of government going beyond the provisions of the 13th Amendment. I once told the then Indian Foreign Secretary that I was thinking of establishing a second chamber of Parliament made up of representatives of the provincial councils so as to get provincial leaders to participate in national affairs. It was the Indian Foreign Secretary who described my idea as 13 Plus. So it should be understood that what I meant by 13 Plus was not dividing the country into nine semi-independent units as proposed in the draft constitution that was tabled by the Prime Minister.

That draft constitution did have provisions to abolish the executive presidency and to change the parliamentary elections system. However the elections system proposed in that draft constitution was very similar to the systems that were put in place for the local government institutions and the provincial councils in 2017. After the 2018 February local government elections, even those who participated in introducing that new elections system are now opposed to it. We are completely opposed to the introduction of that unworkable system at the Parliamentary level as well.

The draft constitution that was presented to Parliament was prepared by Parliamentarian Sumanthiran and some NGO activists. After presenting it to Parliament, the Prime Minister repeatedly denied ownership of the document. Ultimately it appears that this government had taken the Tamil National Alliance too for a ride.

There is nothing that the TNA has achieved over the past four and a half years. Parliamentarian Sumanthiran always drafts constitutional amendments that will lead to a separate state without the name. They have stated their views very clearly on paper. But at the ground level, the TNA has been directly responsible for depriving the people of the North and East of the two Provincial Councils that my government gave the people. The Eastern Provincial Council stood dissolved nearly two years ago. The Northern Provincial Council also ceased to function nearly one year ago. Elections cannot be held to the provincial councils that have ceased to exist because the government changed the system of elections to the provincial councils.

Due to the fact that the delimitation of electorates for the provincial councils has run into problems, the entire provincial councils system is now defunct. Without the votes of the TNA, the government would not have been able to obtain the two thirds majority in Parliament to change the PC elections system. Ironically, it is the TNA that has rendered inoperative the provincial councils system which was introduced as a solution to the North-East problem.

Even before the war ended, my government held elections to the Eastern Provincial Council in 2008 and give the people of that province their democratic rights. In 2013, we held elections in the North and for the first time established the Northern Provincial Council as well. The TNA in collaboration with the UNP has ensured that both Councils are now no longer operational.

After the end of the war, my government developed the infrastructure of the Northern and Eastern provinces and took steps to improve the livelihoods of the people. Then the government changed. During the past four and a half years, the TNA has worked very closely with the government. However there has been no improvement in the lives of the Tamil people of the North and East. People of all communities have been placed at a disadvantage after this government came into power. The Tamil people of the North and East may have been affected to a greater extent than other communities.

Today, the people of those areas have no livelihood. Tamil politicians have now begun openly saying that the poverty of the Tamil people in those areas is being exploited in dastardly ways by certain unscrupulous elements. That would never have happened if our government had been in power. In such an event, the livelihoods of the Tamil people of the North and East would have improved and they would have been living with dignity. Some time ago I saw a media report which said that when Tamil youth had confronted some TNA Parliamentarians and told them about their problems, the MPs had said that they will achieve liberation first and then attend to the problems of the people.

What they mean by liberation is changing the Constitution and obtaining a separate Tamil state in the North and East. In 2014, I invited the TNA for a discussion about what they deem to the problems of the Tamil people. After a few rounds of discussions, the TNA Parliamentarians stropped coming for those discussions. By that time they had decided to defeat my government and to achieve their aims by helping to get the ‘common candidate’ elected. Today the TNA is neither here nor there.

Participating in constitutional reform under this government is not a feasible option. They introduced the 19th Amendment and rendered the country ungovernable. They changed the system of local government elections and threw the entire local government system into confusion. They changed the system of elections to the provincial councils and today the PCs have ceased to exist. The unscrupulous manner in which this government manipulated the legislative process has also given rise to suspicion and damaged their credibility. The way they made changes to the local government and provincial council elections systems was by bringing committee stage amendments to Bills that had been introduced in Parliament for completely different purposes.

The people had no way of knowing what the government was passing into law and the Supreme Court also could not be moved to verify the constitutionality of the reforms. Even when the 19th Amendment was passed certain words and sentences had been surreptitiously excised from the Bill during the committee stage. Due to the atmosphere of mistrust that the conduct of the government has brought about, the opposition cannot collaborate in any constitutional reform process with this government. Furthermore there is no point in talking about constitutional reform at the tail end of the tenure of a government. This matter has to be taken up by a new government elected by the people.

We will put forward a set of proposals to reform the constitution at the forthcoming presidential elections. This country cannot move forward without clearing up the confusion created by the 19th Amendment. Once a new government is in power, we hope to obtain the support of all political parties represented in Parliament for the new constitution. Those who genuinely wish to see constitutional reform taking place in this country can join hands with us at that stage. We will not deceive the people by saying that we will amend the Constitution only to the extent that a referendum is not necessary. We will definitely hold a referendum to get the new constitution endorsed by the people.

Thank you.

Mahinda Rajapaksa, Opposition Leader

26 July 2019

English Constitutional Reform

රටක් විදිහට එකම නීතියක් ක්‍රියාත්මක විය යුතුයි – බැසිල්

ජාතියක් ලෙස එකට සිටිමින් එකම රටක් ලෙස ඉදිරියට යාමට නම් කාටත් පිළිගත හැකි එකම නීතියක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවැසුවේ අද (26) නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී මුස්ලිම් උලමා පක්ෂයේ නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා පොදුජන ප්‍රමුඛ රජයක් මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ පිළිවෙළක් සකස් කිරීම සහ ඉදිරි මැතිවරණ වලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සෙසු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙළ යටතේ අද දිනයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්සත් ලංකා පොදුජන පක්ෂය, මුස්ලිම් උලමා පක්ෂය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ අතර විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
ඉදිරි සතියකදී අපි අනුගමනය කළ යුතු පතිපත්තිය ජනතාව ඇසුරින් සකස් කරන්න අපි තීරණය කළා. ඒ අනුව ගම සමග පිළිසදරක් වැඩසටහනක් ගම් මට්ටමින් අදහස් හා යෝජනා එකතු කරමින් තිබෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව කටයුතු කරපු දේශපාලන පක්ෂ වල අදහස් යෝජනාවලියට එකතු කරන්න තීරණය කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රදේශයකට ආගමකට ජාතියකට සීමා වුන පක්ෂයක් නෙවෙයි. අපේ පක්ෂයට අවුරුද්දකටත් වඩා අඩු වයසක දී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කරන්න හැකිවුණා. මේ වන විට ලංකාවේ වැඩිම මහජන නියෝජිතයින් ප්‍රමාණයක් ඉන්නේ අපේ පක්ෂයට. රට පුරාම මහජන නියෝජිතයින් 4000 කට වැඩි ප්‍රමාණයක් අපිට ඉන්නවා. මහජන නියෝජිතයින් වැඩි වීමත් සමහර වෙලාවට ප්‍රශ්නයක්. දරුවෝ වැඩි උනාම පාලනය කරගන්න අමාරුයි. ඒවුනත් අපි නිසි විනයක් සහිත පක්‍ෂයක්. එනිසා අපිට ඒ අය මෙහෙයවීම අමාරුනැහැ.
අපේ පක්ෂයේ කිසිම ජාතියකට ආගමකට ප්‍රදේශයකට සීමා කරලා නැහැ. රටේ හැමෝමටම එක නීතියක් තිබිය යුතු බවයි අපේ අදහස. ජාතියක් විදියට එකට ඉන්න එක නීතියක් අවශ්‍යයි .
අනාගතයේ රටේ පාලනය ගැන ඉන්න පක්ෂයක් විදිහට රටේ සාමකාමී පරිසරයක් අපි බලාපොරොත්තු වෙනවා. එල්ටී. ටී ඊ සංවිධානයෙන් රට බේරාගෙන ආරක්ෂාව තහවුරු කිරීම නිසයි ශීඝ්‍ර සංවර්ධනයක් කරා රට ගෙන යන්න හැකිවුණේ. අපි ආණ්ඩුව භාර ගන්න කාලේදී රටේ ජාතිවාදී අරගල තියෙනවා නම් බලාපොරොත්තු වන සංවර්ධනය කරා යන අපට බැහැ .ඒ නිසා පාස්කු ඉරිදා සිද්ධිය වැනි සිදුවීම් රට තුළ නැවත සිදුවෙනවා දකින්න අපි කැමති නැහැ.බේරුවල සිද්ධිය අවස්ථාවේදී ඊට මැදිහත් වෙලා සිද්දිය සමථයකට පත් කරන්න අපට හැකි වුණා.සියලු තොරතුරු තිබිලත් පාස්කු ඉරිදා සිද්ධිය නතර කරගන්න වත්මන් රජයට නොහැකි වුණා.ආණ්ඩුව මෙයට වගකිව යුතුයි. නමුත් ආණ්ඩුව උත්සාහ කරන්නේ එහි වගකීමත් අප පිට පටවන්න. නීතිය ක්‍රියාත්මක කරන ආයතන අධිකරණය හමුදාව මේ හැමදේම තියෙන්නෙ ආණ්ඩුව ලග.
මුස්ලිම් ජනතාවගෙන් කීප දෙනෙක් කරපු දෙයකට සමස්ත මුස්ලිම් ජනතාව වගකිව යුතු නැහැ.ඒ වගේම පොහොට්ටුවේ කිහිප දෙනෙක් කරන වැඩ වලට වැඩවලට සම්පූර්ණ පොහොට්ටුව වග කියන්න අවශ්‍යත් නැහැ.
යුද්ධයෙන් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ එවකට රජය මුස්ලිම් ජනතාව වෙනුවෙන් කළ සේවය වචනයෙන් කිව නොහැකි බව එහි දී සඳහන් කළ මුස්ලිම් උලමා පක්ෂයේ නායක මුබාරක් අබ් මජීඞ් මහතා ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පෙරමුණ සමඟ එක්ව කටයුතු කරන බව එහිදී සඳහන් කලේය.