කොළඹ මැනිං වෙළඳපොළ වසා දැමීමට සිදුවීමත් සමඟ දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින එළවළු ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ නව ස්ථානයක් වෙන් කර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කෙරේ.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් භූමියක් මේ සඳහා වෙන් කර ගැනීමට අපේක්ෂා කෙරෙන අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අකුරටම පිළිපදිමින් ඉතා කඩිනමින් මැනිං වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කරන්නැයි අද (2020.11.10) අරලිය ගහ මන්දිරයේ පැවති පැවැති සාකච්ඡාවකදී ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
පවතින කොවිඩ් වසංගතය හමුවේ ආසාදිතයින් වාර්තා වීම නිසා ඊයේ සිට නැවතත් මැනිං වෙළඳපොළ වසාදමා ඇති අතර, ඒ හේතුවෙන් එළවළු අලෙවිකරගැනීම සඳහා මැනිං වෙළෙඳ පොළට දිනකට පැමිණෙන එළවළු ලොරි 150ත් 200ත් අතර ප්‍රමාණයක් වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සිදුවී තිබේ.
කෘෂි නිෂ්පාදන සඳහා ගොවීන්ට හොඳ මිලක් ලබාදීමටත්, ඒ තුළින් එළවළු හිඟයක් නොවන ආකාරයට පාරිභෝගිකයාට අවශ්‍ය එළවළු ප්‍රමාණය සැපයීමටත් අපේක්ෂා කෙරෙන අතර පී.සී.ආර් පරීක්‍ෂණ සිදු කිරීමෙන් පසුව පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් නව වෙළඳපොළ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස් එම් චන්ද්‍රසේන, සී බී රත්නායක මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.
2025 අවසන්වීමට පෙර පැය 24 පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව (03/09/2020) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අතිගරු ජානාධිපතිතුමන්ගේ විමසුමට ලක් විය.
ගංගා, ඇළ දොළ සහ ජල පෝෂක ප්‍රදේශ පිරිසිදු කොට සංරක්ෂණයට විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන කඩිනම් කිරීම අවශ්‍යයය.
“සැමට ජලය” සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට ඉදිරිපත් කෙරුණු ප්‍රමුඛ ප්‍රතිඥාවකි.
ඉදිරි සිව් වසර තුළ පවුල් ලක්ෂ 47කට ජලය සැපයීමට රජය අපේක්ෂා කරයි. දේශීය සහ විදේශීය අරමුදලින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ජල නළ කි.මි 40,000ක් අලුතින් එළීමට සිදු වේ.මේ දක්වා ජල සම්පාදනයට ගිය පිරිවැයෙන් හරි අඩකින් ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ජලය ජනනය සහ සංරක්ෂණය ජල මූලාශ්‍ර හඳුනාගැනීම වැඩසටහනෙහි පියවර කිහිපයකි. ජල පෝෂක මූලාශ්‍ර සංරක්ෂණය උදෙසා වන රෝපණයට ද සැලසුම් කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් සමස්ත ජල සැපයූමෙන් 45% ක් ජලය කාන්දුවීම හේතුවෙන් අපතේ යමින් තිබිණ. ගත වූ මාස කිහිපය තුළ අලුතින් ජල නළ එළීමෙන් එය 15% දක්වා අඩුකර ගැනීමට හැකිව තිබේ. ජලය ආරක්ෂා කිරිමේ පියවරක් ලෙස ජලය කාන්දුවන ස්ථාන හඳුනාගෙන අලුතින් ජල නළ එළීම දැන් සිදුවන බව නිලධාරීහු සඳහන් කළහ.
ප්‍රජා ජල ව්‍යාපෘති යටතේ බෙදාහැරෙන ජලය ඉහළ ප්‍රමිතියකින් පිරිපහදු කර නිවාස වෙත සැපයීමට ද සැලසුම් කර තිබේ.
ප්‍රජා ජල ව්‍යාපෘති සේවක ගැටළු විසඳීම කෙරෙහි නිලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ජානාධිපතිතුමන් උපදෙස් දෙන ලදි.
ජල නළ එළිමේදී මාර්ගවලට වන හානිය සහ එමගින් ජාතික ධනය විනාශවීම වැළැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද එකඟතාව පළ කෙරිණි. රටේ පානීය ජල අවශ්‍යතාව සපුරලීමට යන සමස්ත වියදමෙන් 30%ක් පමණ එමගින් ඉතිරි කර ගත හැකි බව අනාවරණය විය.
වර්ෂා ජලය ගබඩා කිරීම සහ දිවයිනේ වැව් සහ ජලාශවල ධාරිතාව නැංවිම, අලුතින් වැව් සහ ජලාශ පද්ධතියක් ඉදිකිරීම කෙරෙහි ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. ජල ඌණතාවක් ඇති ප්‍රදේශවලට ජලය ගෙනයාමට නව ඇළ මාර්ග සහ නළ මාර්ග සහිත ව්‍යාපෘති හඳුන්වාදීම ද නව සැලසුමට අන්තර්ගත වේ.
අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහු සහ ප්‍රජා ජල ව්‍යාපෘති නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

