සිංහල හමුදාව කියලා එකක් නැහැ.

යුද්ධය අවසාන කාලයේදී ත‍්‍රස්තවාදීන් සිවිල් ජනතාව කොටු කරගෙන, මුදාගත් ප‍්‍රදේශවලට එන්න නොදී කොටුකර ගෙන හිටියා. ඒ වෙලාවේ අපේ හමුදාවන් ජනතාව මුදාගෙන ඕමන්තේ හරහා රැු`දවුම් කර`දවුරුවලට ගේන වෙලාවේ ඔවුන් හිටියේ ඇවිදින ඇටසැකිලි වෙලා. මහින්ද රාජප්කෂ ජනාධිපතිතුමා මට කතා කරලා කිව්වා ලක්ෂ තුනකට විතර කන්න නැහැ. ඉක්මනට ජනතාවට අවශ්‍ය කෑම සූදානම් කරන්න කිව්වා. මම පන්සල්, වෙළ`ද ව්‍යාපාර දැනුම්වත් කරලා සිවිල් වැසියන්ට ජිවත් වෙන්න අවශ්‍ය ආහාර සැපයීිම කළා. සටනෙන් ආබාධිත වුනු රණවිරුවන්ගේ ගෙවල්වලින් පවා ඒ වෙලාවේ ආහාර දුන්නා.
ඒ විදියට අපෙත් සහායෙන් යුද හමුදාව ජිවිත පරදුවට තියාගෙන සිවිල් ජනතාව නැවත පදිංචි කරලා විදුලිය දීලා, වැව් අමුණුහදලා, රෝහල් හ`දලා, රේල් පාර හ`දද්දි හමුදාව අනුපමේය සේවයක් කළා. එදා සයනයිඞ් කරල ළමයින්ගේ කරේ බැදලා තිබුනේ. ජිවිතයක් තිබුනේ නැහැ. ඒ ජිවිත යථා තත්ත්වයට ගේන්න හමුදාව පියවර ගත්ත විදියටම පසුගියදා ගංවතුර වෙලාවෙත් ආරක්ෂක සේනා මැදිහත් වුනා. උතුරේ ජනතාවට ඒ වෙලාවේ පිහිටට හිටියේ හමුදාවන් විතරයි. විග්නේස්වරන්, සුම්න්දිරන්, දෙමළ ජාතික සන්ධානය ඒ වෙලාවේ ආවේ නැහැ. හරි නම් හමුදාවට උපහාර කරන්න ඕනේ. ඒ වුනාට විග්නේස්වරන් කිව්වා යුද අපරාදවලින් බේරෙන්න හමුදාව මෙහෙම ක බව කිව්වා. සිංහල හමුදාව කියලා එකක් නැහැ. ශී‍්‍ර ලංකා යුද හමුදාවයි ඉන්නේ. විග්නේෂ්වරන්ලා පළාත් සභාවට දීපු මුදල්වලින් ජනතාවට වැඩක් කලේ නැතිව ඒ මුදල් ආයෙත් ආවා.
රාජ්‍ය දේපළ විකුණලා රට අන්ත අසරණ කරපු එජාප ආණ්ඩුව රකින්න නම් දෙමළ ජාතික සංධානය පෙරමුණ ගන්නවා. ජාතිවාදය වපුරන්නේ නැතිව දේශපාලනය කරන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ.
මම වනජිවි ඇමැතිවරයා ලෙස කටයුතු කරපු කාලයේ නිලධාරින් එක්ක සහායෙන් වන අලින්ගෙ ප‍්‍රශ්නවලට විසදුම් දෙන්න අවශ්‍ය පියවර ගත්තා. නමුත් ඒ කිසිවක් තවමත් අවසන් වෙලා නැහැ. හැබැයි පහුගිය කාලයේ වන ජිවි ඇමැතිවරු දෙන්නා කියා ගත්ත දේවල් අපි දැක්කා. වන අලින්ගෙන් ජනතාවට විශාල ප‍්‍රශ්න ඇති වෙලා. මිනිස්සු මරණවා. ගොවිතැන් පාලූ වෙනවා. එක්සත් ජාතික පක්ෂය ඇමැතිකම්වලට පොරෙකනවා මිස ජනතාවගේ ප‍්‍රශ්න විසදන්නේ නැහැ. ආණ්ඩුව ඇතුලේ තියෙන සටන වෙනම කරන්න. ජනතාවගේ ප‍්‍රශ්න කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු කරන්න.
රටේ මහ මැතිවරණයක් පවත්වලා අලූත් ආණ්ඩුවක් පත්කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අද පළාත් සභා නවයම ආණ්ඩුවට සහාය දෙන්නේ නැහැ. පළාත් පාලන ආයතන ටික ආණ්ඩුවට නැහැ. ජනාධිපතිතුමා ආණ්ඩුවත් එක්ක නැහැ. මෙහෙම විහිලූ නොකර ශක්තිමත් ආණ්ඩුවක් හදන්න අවස්ථාව දෙන්න කියලා අපි ආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

– පාර්ලිමේන්තු එස්. එම්. චන්ද්‍රසේන

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://basilrajapaksa.com/wp-content/uploads/2019/01/හෙට-ගැන-හිතන2-1920X1080px.jpg);background-size: cover;background-position: right bottom;background-attachment: scroll;background-repeat: no-repeat;}#stuning-header div.page-title-inner {min-height: 870px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}