මහ කන්නයේ පොහොර ගොවීන්ට ලබාදීම

මහ කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර නියමිත කාලයට ගොවීන්ට ලබාදීමට කටයුතු කරන්නැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ස‍භාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
(2020.11.04) දින අරලියගහ මන්දිරයේ පැවති ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් පොහොර ආනයනය හා බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ගොවීන් වෙත නිසි කාලයේදි ජලය සහ පොහොර සැපයීම මගින් කෙටිකලක් තුළ නිෂ්පාදන ධාරිතාවය වැඩිකරගත හැකි බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම වසරේ පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 708,910ක් වන අතර, මහ කන්නය සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් 214,000 න් මේ වන විට ඉන් මෙට්‍රික් ටොන් 51,797ක් ගොවීන් අතර බෙදාදීමට කටයුතු කළ බවත් ඉතිරි ප්‍රමාණය ක්‍රමානුකූලව බෙදාහැරීම සඳහා තොග ලැබෙමින් පවතින බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලය මෙම සාකච්ඡාවේදී අනාවරණය කළේය.
අනෙකුත් වගාවන් සඳහා පොහොර නිකුත් කිරීම 10%ක් රජයේ සමාගම් මඟින් සහ 90%ක් පෞද්ගලික සමාගම් වලින් ආනයනය කර නිකුත් කරනු ලබයි.
මෙහිදී පොහොර ආනයනයේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් පෞද්ගලික ආයතන බැසිල් රාජපක්ෂ මහතා සමඟ දීර්ඝව සාකච්ඡා කළ අතර, ලබන වසරේ යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීම සඳහා අනුමැතිය කඩිනමින් ලබාදිය යුතු බැවින්, ආනයනය කිරීමට වෙන් කරන ප්‍රමාණය දෙසැම්බර් මාසය වන විට ලබාදිය යුතු බව පෙන්වා දුන්නේය.
මෙහිදී ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්ය සාධක බලකායේ ස‍භාපති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ගොවීන්ට අවශ්‍ය පොහොර ඕනෑම අවස්ථාවක දී මිලට ගැනීමට හැකි පරිසරයක් සකස් කරන බවත් පොහොරවල ගුණාත්මකභාවය නියාමනය සහ අපද්‍රව්‍යවලින් තොර ඉහළ තත්ත්වයේ පොහොර ආනයනය සඳහා රජයේ විශේෂ අවධානය යොමුව ඇති බව ද මෙහිදී අවධාරණය කළේය.
ලබන වර්ෂයට අවශ්‍ය සමස්ථ පොහොර ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 708,910න් යල කන්නය සඳහා මෙට්‍රික් ටොන් 285,504ක් වෙන් කරන අතර මහා කන්නය සඳහා මෙට්‍රික් ටොන් 423,406ක් වෙන් කරනු ලබයි.

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://basilrajapaksa.com/wp-content/uploads/2019/01/හෙට-ගැන-හිතන2-1920X1080px.jpg);background-size: cover;background-position: right bottom;background-attachment: scroll;background-repeat: no-repeat;}#stuning-header div.page-title-inner {min-height: 870px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}