අගමැතිවරයාගේ කලූ මාධ්‍ය ප‍්‍රකාශය

ආණ්ඩුව බලයටපත් වීමෙන් පස්සේ මාධ්‍ය මර්ධනයක් දියත් වෙනවා. මාධ්‍ය ආයතන බොහෝමයක් කලූ මාධ්‍ය ආයතන ලෙස අගමැතිවරයා කළ ප‍්‍රකාශයත් සමගයි මේ මර්ධනය ඇරඹුනේ. දිගින් දිගටම රාජ්‍ය මාධ්‍ය ආයතනවලට බලපැම් එල්ල වුනා. ස්වාධීන රූපවාහිනි සේවකයින් විශාල පිරිසක් වැඩ තහනමට ලක්කරලා. තනතුරු වෙනස් කිරිම් හා බදවා ගැනීම් සම්බන්ධයෙන් සේවකයින් විරුද්ධවීම නිසයි මෙහෙම වෙලා තියෙන්නේ. ගලබොඩ ඥාණීස්සර හිමියන්ට සෙත් පැතීමේ බෝධීපූජා පින්කමට පක්ෂ පාට බේදයෙන් තොරව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, සජිත් පේ‍්‍රමදාස මහතා, හර්ෂ ද සිල්වා වැනි පිරිස් සහභාගි වුනා. එහිදී මම මාධ්‍ය මර්ධනය සම්බන්ධව ජනාධිපතිතුමාගේ අවධානය යොමුකළා. කුමන දේශපාලන මතයක් දැරුවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුල මාධ්‍ය නිදහස අපි ගරු කළ යුතුයි. අපේ රටේ මාධ්‍ය භාරකාරත්වය මුදල් අමාත්‍යංශය යටතේ තිබීම නිදහස් මාධ්‍යයට හිතකර නැහැ. මුදල් අමාත්‍යංශය යටතේ රාජ්‍ය බැංකු, රාජ්‍ය රක්ෂණ ආයතන, ලොතරැයි වැනි දේ තියෙන්නේ මුදල් අමාත්‍යංශය යටතෙයි. මේවා එදිනෙදා ප‍්‍රචාරණය අවශ්‍ය දේවල්. මුදල් අමාත්‍යංශය යටතේ තියෙන දැන්වීම් මාධ්‍ය ආයතනවලට නොදී සිටිම මගින් බලපෑම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ ආයතනවලට රජයට හීලෑ වීමට සිදුවෙනවා. එය ජනතාවට හිලෑ විමක් නෙවෙයි. මුදල් අමාත්‍යංශය ඛන්ජ තෙල් මිල සූත‍්‍රය හදුන්වාදෙන අවස්ථාවේ මහින්ද රාජපක්ෂ රජයට මඩ ගහන්න දැන්විම් පළ කලා. මම ඊට විරුද්ධව අධිරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. මහජනයාගේ බදු මුදල් භාවිතා කරලා වැරදි තොරතුරු ප‍්‍රචාරණය කිරීම සාධාරණ හා යුක්ති සහගත වෙන්නේ නැහැ. එය ජනතා මුදල් අවභාවිතයක්. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ අගමැතිතුමත් මුදල් ඇමැතිතුමත් ජනමාධ්‍ය සම්බන්ධ ආයතනත් මාධ්‍යයට සිය රාජකාරී නිදහසේ කරගෙන යාමට ඉඩදිය යුතුයි.
දැනට අතුරු සම්මත ගිනුමක් පමණයි සම්මත වුනේ. එක්සත් ජාතික පක්ෂය ඇතුලූ ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය දිගින් දිගටම කිව්වේ මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය නැති බවයි. අපේ කැබිනට් මණ්ඩලයට වැඩ තහනම් කිරීමකුත් සිද්ධ වුනා. මමත් වැඩ තහනමට ලක්වුනු කැබිනට් මණ්ඩල ඇමැතිවරයෙක් වුනා. මුදල් පනතකට දන්න සිල්ප පෙන්නලා වැඩිම ඡුන්ද පෙන්වනවා. එහෙම කරලත් ගත්තේ 102යි. ඒකෙන් දෙමල සන්ධානයේ ඡුන්ද ටික අයින් වුනාම තියෙන්නේ 88යි. ලෝකෙටම පේනවා මේ ආණ්ඩුවට බහුතරය නැති බව.
තෙවරක් තෙල් මිල අඩු කිරීම, පොහොර සහනාධෘරයව, වැසී යන කර්මාන්ත වැසී යාම වැලැක්වීමේ බදු සහන වගේ දේවල් අපේ කෙටි කාලීන ආණ්ඩුවෙන් ලබා දුන්නා. ඉදිරියේ ගේන්න නියමිත අයවැයෙන් සහන දෙන්න නම් ඩොලරයට ගෙවිය යුතු මුදල් රුපියල් 200ක් විම කෙසේ හෝ නතර කර ගත යුතුයි. ඩොලරයට ගෙවිය යුතු මිල රුපියල් 200 වුනොත් ආනයනය කරන සියලූ භාණ්ඩවල වැඩිපුර රුපියල් ගණනක් ගෙවන්න වෙනවා. අයවැයෙන් මොන සහන දුන්නත් ජිවත්වීමට අරගලයක යෙදෙන ජනතාව පිඩනයට ලක්වෙනවා. අයවැයෙන් සහනයක් දෙන්න නම් රුපියලේ අගය පාලනය කළ යුතුයි.
කරටි කඩන ලෙස ඉහළ ගොස් තිබෙන ණය පොලී අනුපාතය පහළ හෙළලා තනි ඉලක්කමක අගයකට ගෙනා යුතුයි. නැත්නම් භාණ්ඩවල නිෂ්පාදන වියදම, බෙදා හැරීමේ වියදම් ඉහළ යනවා. අද විශාල ආර්ථික ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ පොලී අනුපාතය ඉහළ යාම. මේ නිසා සමහර ව්‍යවසාය අංශ කඩා වැටිලා ව්‍යවසායකයෝ සියදිවි නසාගන්න තත්ත්වයක් ඇති වෙලා.
රාජ්‍ය අයවැය ලේඛණ හිගය අඩුම තරමේ දළ දේශීය නිෂ්පාදනයේ ප‍්‍රතිශතවක් ලෙස 4% මට්ටමකවත් පවත්වා ගෙන යා යුතුයි. නැත්නම් මුදල් අච්චු ගහන්න වෙලා මිල උද්දමනයක් ඇති වෙනවා.
සිංගප්පූරු නිදහස් වෙලෙද ගිවිසුම වගේ රටට අහිතකර ගිවිසුම් කි‍්‍රයාත්මක වීම වැලැක්විය යුතුයි. ඒක නොකලොත් ස්වාජාතිකයෝ වැනසිලා විජාතිකයෝ විතරක් වැජඹෙනවා. අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීම තුළින් අයවැය පරතරය අඩු කර ගැනීිමට අවධානය යොමු කළ යුතුයි. රාජ්‍ය බැංකු හා පොදු දේපල විකිණීම නතර කළ යුතුයි. මේ කොන්දේසී ඉටු නොකළොත් ජනතාවට ඇත්තට සහනයක් ලැබෙන්නේ නැහැ. එවැනි න්‍යායත්මක හා ප‍්‍රායෝගික ආර්ථිකය හැසිරවීමේ වැඩ පිීළවෙලක් නැතුව ඉදිරිපත් කරන අයවැය පුරසාරමක් විතරයි.

-පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්ධුල ගුණවර්ධන

 

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://basilrajapaksa.com/wp-content/uploads/2019/01/හෙට-ගැන-හිතන2-1920X1080px.jpg);background-size: cover;background-position: right bottom;background-attachment: scroll;background-repeat: no-repeat;}#stuning-header div.page-title-inner {min-height: 870px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}