Ranil does not have a program

පවතින ආණ්ඩුවට ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්නවලට විසදුම් ලබා දීමේ අවශ්‍යතාවයක් නැහැ. ආණ්ඩුවේ ලොකුම ප‍්‍රශ්නය ඇමැති පොරය. මේ වෙද්දි ඇමැතිකම් වෙනුවෙන් කුකුල් පොරයක් ඇති වෙලා. රංගේ බණ්ඩාර හිටපු ඇමැතිවරයා මාසයක් ඇතුලත ඇමැතිකමක් නොලැබුනොත් තීන්දුවක් ගන්න බවට රතු එළියක් නිකුත් කරලා තියෙනවා. තරුණ මන්තී‍්‍රවරු පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන්න කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන්න සූදානම් වෙනවා. පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතාගේ කෙටිකාලීන ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කටයුතු කරපු මේ කණ්ඩායම අද තමතමන්ගේ අරමුණු ඉටු කර ගැනීමේ කුකුල් පොරයකයි ඉන්නේ. එදා ලොම් හැලූනු නායකයින් අයින් කරන්න ඕනේ කියලා අද ලොම් හැලූනු කට්ටිය ඇමැතිකම් අරගෙන නිශ්ෂබ්දව ඉන්නවා. සටන කරපු අයට ඇමැතිකම් ලැබිලා නැහැ.
ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පැත්ත මාරු කරපු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන්ව පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න කටයුතු කරන්න කියලා අපි ජනාධීපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ජාතික ලයිස්තුවෙන් ඒ අය පාර්ලිමේන්තුවට ආවේ අපේ කැපකිරීම නිසයි. ඒ නිසා අපිටත් අයිතියක් තියෙනවා ඒ අයගේ මන්තී‍්‍රධූර සම්බන්ධයෙන්. මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවක් වේදිකාවක් ගානේ ගිහින් කරපු කැපකිරිම් නිසයි මේ අය පාර්ලිමේන්තු ආවේ. දැන් ඒ අය පක්ෂය පාවාදීලයි ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේත් ඇමැති පොරයේ ඉන්න කට්ටිය දිහා බැලූවම මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම ආදර්ශයක්. අපේ ජ්‍යෙෂ්ඨ පිරිස ඇමැතිධූර නැතිව හිටියා. එහෙම වුනා කියලා අපේ අය ඇමැතිධූර ඉල්ලන් ගියේ නැහැ. අද එජාප ආණ්ඩුව ශී‍්‍රලනීප කට්ටියක් ආණ්ඩුවට අරන් ශී‍්‍රලනීපය සිරිකොතේ පක්ෂ ශාඛාවක් කරන්න උත්සහ කරනවා. බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති අනුව කටයුතු කරන පක්ෂයක් නම් එජාපය සම`ග කවදාවත් එකතු වෙන්නේ නැහැ. ශී‍්‍රලනීපයෙන් පැනපු කට්ටිය එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු වැඩ භාරගන්න කොට ආරක්ෂකයෝ වගේ පිටිපස්සෙන් ඉන්නවා. රිලවු වගේ එහාට මෙහාට පනින කණ්ඩායම ඉදිරි මැතිවරණයකදී ගෙදර යවන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එජාප මන්තී‍්‍රවරියක් ෆෙඩරල් පාලනය සිම්පල් දෙයක් කිව්වා. මාධ්‍ය කියනවා ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුව සූදානම් වෙනවා කියලා. අර මන්තී‍්‍රවරිය කියනවා ඒ අය ඉල්ලන්නේ සිම්පල් දෙයක්ලූ. ඇදුම් ගලවලා වෙනත් ඇ`දුමක් අදිනවා වගේ සිම්පල් වැඩක් කියලා හිතනවා ඇති. සම්බන්ධන් සුමන්තිරන් මහත්වරු කොළඹට වෙලා ෆෙඩරල් පාලනයක් ඉල්ලන්න කටයුතු කළත් උතුරේ ජනතාවට අවශ්‍ය ආර්ථික ගැටලූවලට විසදුමක්. ජිවත් වෙන්න සහනයක්. ඒ ජනතාව ගංවතුරින් පීඩා විදින අවස්ථාවේදිවත් ඔවුන්ගේ සහායක් ජනතාවට නැහැ. හමුදාවයි ජනතාවට උදව්වට හිටියේ. දෙමළ ජාතික සන්ධානය මැතිවරණයකට යන්න බිය වෙලා ඉන්නේ ජනතාව අනිවාර්යයෙන්ම ඔවුන්ව ගෙදර යවන බව දන්න නිසයි.
මාධ්‍ය නිදහස ගැන කියපු ආණ්ඩුව දැන් ස්වාධීන රූපවාහියේ සේවකයෝ 14ක් එළියට දාලා. සේවකයෝ ඉල්ලූවේ ඔවුන්ගේ ආයතනයේ අරමුදලකින් වෙන් කරලා තියෙන මුදලකට වුනු දේ හොයන්න කියලා විතරයි. අපේ කාලයෙ පළමුතැන හිටපු මේ නාලිකාව අද බංකොලොත් කරලා. දිනමිණ කර්තෘවරයා එළවලා දැම්මා. අගමැතිතුමා කලූ මාධ්‍ය සුදුමාධ්‍ය කරනවා කිව්වා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන උඩුබුරපු කණ්ඩායම් අද හොයා ගන්න නැහැ. ආණ්ඩුවට විරුද්ධව ප‍්‍රවෘත්ති පළ කලොත් ඔබලාට ලැබෙන දැන්වීම් නැති වෙනවා. මේ තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැන්ම්වත් කරන්න කියලා අපි මාධ්‍යයයෙන් ඉල්ලා සිටිනවා.

-පාර්ලිමේන්තු මන්තී‍්‍ර කනක හේරත් මහතා

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://basilrajapaksa.com/wp-content/uploads/2019/01/හෙට-ගැන-හිතන2-1920X1080px.jpg);background-size: cover;background-position: right bottom;background-attachment: scroll;background-repeat: no-repeat;}#stuning-header div.page-title-inner {min-height: 870px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}