People do not need communalism.

දේශපාලනඥයින්ට භාර දීපු රටක අවුරුද්ද සුභ වෙන්නේ කොහොමද? රජයකට සැලැස්මක්, වැඩපිළීවෙලක් නායකත්වයක් තිබිය යුතුයි. ඒ නායකත්වටයට රටටත් ජනතාවටත් ම`ග පෙන්වීමේ හැකියාව තියෙන්න ඕනේ. රාජපක්ෂ ණය ගැන කියපු ඒ අය දෙවැනිවරට බලයට පත්වීමෙන් පස්සේ කතාකරන්නේ දින 58 විනාශය ගැන. දින 58 විනාශය කියන්නේ තෙල් මිල අඩු කිරීමද? පොහොර සහනාදාරය ලබා දීමද? එසේත් නැත්නම් අලූත් ජනාධිපතිවරයෙක් බලයට පත්වෙන්න මාසයක් පමණ යද්දි රටේ ප‍්‍රධාන මූල්‍ය කේන්ද්‍රය හොරකම් කිරීමද හරි? ඔක්තෝම්බර් 25 දක්වා මේ රජය හෙරකම් කිරීමට වංචා කිරීමට නාස්ති කිරිමට අමතරව මේ රටේ ප‍්‍රතිපත්තිය කියලා ඉදිරිපත් කරපු වැඩපිළීවෙල මොකක්ද? අපි යථාර්ථයෙන් ඈත්වෙලා ප‍්‍රායෝගික නැති දේවල් ඉදිරිපත් කරද්දි යන්න හැකි වෙන්නේ සීමාසහිත දුරයි. අද ලංකාවට වෙලා තියෙන්නේ ඒක. අගමැතිවරයා කරන්නේ දවස් 58ක් තුල රට විනාශ වුනා කියන එකයි. ඒ විදියට බනින එක හොදයි. ඒකෙන් වෙන්නේ මහින්ද මහත්තයාට නොමිලේම ප‍්‍රචාරයක් ලැබෙන එකයි වෙන්නේ.
අගමැතිවරයෙක් කරන්න ඕනේ අඩන එක නෙවෙයි. රටට දැක්මක් ඉදිරිපත් කරන්න ඕනේ. එජාපයේ ඞී.එස් සේනනායක, ඩඞ්ලි සේනානායක වගේ අගමැතිවරු හිටියා. ඒ අය එක්ක ගත්තම රනිල් වික‍්‍රමසිංහගේ වැඩපිළිවෙල මොකක්ද? මහින්ද රාජපක්ෂ කියන පුද්ගලගයා විනාශ කිරිම විතරයි ඔහුගේ ඉලක්කය. මහින්ද රාජපක්ෂ කියන චරිතයට තියෙන බියත් එක්ක ඔහුව දේශපාලනයෙන් ඉවත් කිරීමයි රනිල් වික‍්‍රමසිංහට තියෙන එකම බලාපොරොත්තුව. කාලයක් රටේ අගමැතිවරු දෙන්නෙක් හිටියා. අරලිය ගහ මන්දිරයෙන් යන්න හිටපු අගමැතිවරයා කැමැති වුනේ නැහැ. දැන් විපක්ෂ නායකලා දෙන්නයි. සම්බන්ධන් විපක්ෂ නායක කාර්යාලයෙන් යන්න අකමැතියි. මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරනවා. තින්දු වලට නිහතමානීව හිස නවන බව කියනවා. කටයුතු කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන නොහිතයි. මේ වගේ කණ්ඩායමකට රටක් භාර දීලා නව වසර අපිට සුබ වෙයිද? ජනාතාව බලාපොරොත්තු වූ දේවල් නෙවෙයි ජනතාවට ලැබෙන්නේ. ජනතාව කිසිසේත් හීනෙකින්වත් බලාපොරොත්තු නොවූ හෙණ ගෙඩි ලැබෙන්නේ. හෙට අනිද්දා වෙද්දි බලන්න. යථාර්ථයෙන් ඈත් වෙලා ප‍්‍රායෝගික නොවන වැඩපිළීවෙලවල් රටට ගේනවා. කෝ ෆොක්ස්වැගන් කොම්පැනිය. අගමැතිවරයා දිවුර දිවුර ෆොක්ස්වැගන් කොම්පැනිය එනවා කිව්වා. කෝ ඒ කම්පැණීය. වර්තමාන මහ බැංකු අධීපති විදේශ ආයෝජන අවශ්‍ය බව කියනවා. මහ බැංකුව කඩන රටකට විදේශ ආයෝජන එයිද? අපේ කර්මාන්තකරුවෝ පිටරට ගියාද? අපේ රටට කර්මානත්තකරුවෝ ආපු එකද වුනේ. මහ ලොකු ආර්ථික දත්ත ඉදිරිපත්කරන අයගේ විදේශ ආයෝජන කෝ. මේ ආන්ඩුවට අවුරුදු තුනහමාරක් වෙනවා. බෝඞ් විතරයි කෝ සංවර්ධන ව්‍යාපෘති. සැහැල්ලූ දුම්රිය බෝඞ් එක විතරයි.කුණු කන්ද ඉවත් කරනවා කිව්වා. මේ රටේ මිනිස්සුන්ට කොයි තරම් වස විස කවනවාද? ඉන්දියාවෙන් ගේන පරිප්පු ටිතවත් වසවිස තියෙනවාද කියලා පරීක්ෂා කරගෙන ජනතාවට දෙන්න බැරි ආන්ඩුවක්.
ඒ අතරේ මහින්දලා ජාතිවාදීන් කියනවා. ජාතිවාදි හැගීම් වපුරමින් ඒ තුලම ජිවත්වෙන පිරිසක් ජාතිවාදීන් කියන්නේ. ජනතාවට ජාතිවාදයක් අවශ්‍ය නැහැ. ඒ වුනාට ජනතාවට කියනවා අපි උඹලා වෙනුවෙන් වෙනම රටක් ඉල්ලන්නේ කියනවා. අවසානයේදී සටන් කරලා තියෙනන්නේ පුද්ගල න්‍යාය පත‍්‍ර අනුව විතරයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විදුර වික‍්‍රමනායක මහතා

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://basilrajapaksa.com/wp-content/uploads/2019/01/හෙට-ගැන-හිතන2-1920X1080px.jpg);background-size: cover;background-position: right bottom;background-attachment: scroll;background-repeat: no-repeat;}#stuning-header div.page-title-inner {min-height: 870px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}