එජාප මාධ්‍ය මර්දනයට එරෙහිව පෙළ ගැසෙමු

එජාප මාධ්‍ය මර්දනයට එරෙහිව පෙළ ගැසෙමු

සුපිරි මාධ්‍ය නිදහසක් ලබාදෙන බව පවසමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය නිදහසේ දිග පළල දැන් මැනවින් පසක් වී තිබේ. සම්මත බ`දවා ගැනීමේ පටිපාටියෙන් බැහැරව දේශපාලන හිතවත්කම්මත කරනු ලැබූ පත්වීම්වලට විරෝධය පලකළ ස්වාධීන රූපවාහිනියේ සේවකයින් 14 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇත.
ආයතනයේ සම්පත් විනාශ කරමින් අත්තනෝමතික ලෙස ගෙන යන පරිපාලනයට, දේශපාලන පත්වීම් ලබා දීමට විරෝධය පළකරන සියලූ දෙනා ඉවත් කොට යුධ හමුදාව යොදවා ආයතනය පවත්වා ගෙන යන බවට ස්වාධින රූපවාහිනියේ සභාපතිවරයා තර්ජනය කර තිබේ.
අගමැතිවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ යළි පත්වූ වහාම ලේක්හවුස් ආයතනයේ නව සභාපතිවරයා ලෙස වැඩභාරගත් හිටපු සභාපතිවරයා කතෘවරුන් දෙදෙනෙකුට බැණ තර්ජනය කර ඇති අතර, තවත් සේවකයින් ගණනාවක් ආයතනයෙන් එළවා දමන බවටද චෝදනා කළ සිද්ධියක් මීට පෙර වාර්තා විය.
කෙසේ වෙතත් සේවකයින්ගේ මැදිහත්වීම මත ලේක්හවුස් සේවක දඩයම වැළකී ඇතත් ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන ජනතාවට තොරතුරු ගලායෑම වළක්වා ගැනීම මෙහි අරමුණය. රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැතිධූරය ලබා ගැනීම ස`දහා දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වූ ෆෙඩරල් ව්‍යවස්ථාව ඒ අතර ප‍්‍රධාන කරුණකි.
මේ නිසා ආණ්ඩුවේ මාධ්‍ය මර්ධන පිළීවෙත හුදෙක් මාධ්‍යයට එල්ල වූ තර්ජනයක් නොව සමස්ත රටේම ,රටේ සියලූ දෙනා කෙරෙහිම බලපාන්නා වු ඉතා දරුණු පිළිවෙතකි.
නියමිත බ`දවා ගැනීමේ පටිපාටියෙන් තොරව කරනු ලැබූ ස්වාධින රූපවාහිනී බ`දවා ගැනීම් අකුළා ගන්නා ලෙසත් සේවය අත්හිටුවා ඇති ස්වාධින රූපවාහිනී සේවකයින් සියලූ දෙනා වහාම යළි සේවයේ පිහිටුවන ලෙසත් අපි රනිල් වික‍්‍රමසිංහගේ මාධ්‍ය ඇමැති මංගල සමරවීරට බලකර සිටින්නෙමු.
එසේ නොවන්නේ නම් ස්වාධීන රුපවාහිනී සේවක සටනට සහාය දක්වමින් පෙරට එන ලෙස මෙරට සියලූම මාධ්‍ය මෙන්ම සියලූ වෘත්තීය සමිති සිවිල් සංවිධානවලින් ඉල්ලා සිටිමු.

නලීන් කුමාර නිශ්ශංක
මාධ්‍ය ලේකම්
පොදුජන මාධ්‍ය පෙරමුණ

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://basilrajapaksa.com/wp-content/uploads/2019/01/හෙට-ගැන-හිතන2-1920X1080px.jpg);background-size: cover;background-position: right bottom;background-attachment: scroll;background-repeat: no-repeat;}#stuning-header div.page-title-inner {min-height: 870px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}