කොළඹ මැනිං වෙළඳපොළ අලුත් ස්ථානයකට

කොළඹ මැනිං වෙළඳපොළ වසා දැමීමට සිදුවීමත් සමඟ දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින එළවළු ගොවීන්ට තම  නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ නව ස්ථානයක් වෙන් කර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කෙරේ.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් භූමියක් මේ සඳහා වෙන් කර ගැනීමට අපේක්ෂා කෙරෙන අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අකුරටම පිළිපදිමින් ඉතා කඩිනමින් මැනිං වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කරන්නැයි අද (2020.11.10) අරලිය ගහ මන්දිරයේ පැවති පැවැති සාකච්ඡාවකදී ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
පවතින කොවිඩ් වසංගතය හමුවේ ආසාදිතයින් වාර්තා වීම නිසා ඊයේ සිට නැවතත් මැනිං වෙළඳපොළ වසාදමා ඇති අතර, ඒ හේතුවෙන් එළවළු අලෙවිකරගැනීම සඳහා මැනිං වෙළෙඳ පොළට දිනකට පැමිණෙන එළවළු ලොරි 150ත් 200ත් අතර ප්‍රමාණයක් වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සිදුවී තිබේ.
කෘෂි නිෂ්පාදන සඳහා ගොවීන්ට හොඳ මිලක් ලබාදීමටත්, ඒ තුළින් එළවළු හිඟයක් නොවන ආකාරයට පාරිභෝගිකයාට අවශ්‍ය එළවළු ප්‍රමාණය සැපයීමටත් අපේක්ෂා කෙරෙන අතර පී.සී.ආර් පරීක්‍ෂණ සිදු කිරීමෙන් පසුව පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් නව වෙළඳපොළ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස් එම් චන්ද්‍රසේන, සී බී රත්නායක මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

මහ කන්නයේ පොහොර ගොවීන්ට ලබාදීම

මහ කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර නියමිත කාලයට ගොවීන්ට ලබාදීමට කටයුතු කරන්නැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ස‍භාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
(2020.11.04) දින අරලියගහ මන්දිරයේ පැවති ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් පොහොර ආනයනය හා බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ගොවීන් වෙත නිසි කාලයේදි ජලය සහ පොහොර සැපයීම මගින් කෙටිකලක් තුළ නිෂ්පාදන ධාරිතාවය වැඩිකරගත හැකි බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම වසරේ පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 708,910ක් වන අතර, මහ කන්නය සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් 214,000 න් මේ වන විට ඉන් මෙට්‍රික් ටොන් 51,797ක් ගොවීන් අතර බෙදාදීමට කටයුතු කළ බවත් ඉතිරි ප්‍රමාණය ක්‍රමානුකූලව බෙදාහැරීම සඳහා තොග ලැබෙමින් පවතින බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලය මෙම සාකච්ඡාවේදී අනාවරණය කළේය.
අනෙකුත් වගාවන් සඳහා පොහොර නිකුත් කිරීම 10%ක් රජයේ සමාගම් මඟින් සහ 90%ක් පෞද්ගලික සමාගම් වලින් ආනයනය කර නිකුත් කරනු ලබයි.
මෙහිදී පොහොර ආනයනයේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් පෞද්ගලික ආයතන බැසිල් රාජපක්ෂ මහතා සමඟ දීර්ඝව සාකච්ඡා කළ අතර, ලබන වසරේ යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීම සඳහා අනුමැතිය කඩිනමින් ලබාදිය යුතු බැවින්, ආනයනය කිරීමට වෙන් කරන ප්‍රමාණය දෙසැම්බර් මාසය වන විට ලබාදිය යුතු බව පෙන්වා දුන්නේය.
මෙහිදී ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්ය සාධක බලකායේ ස‍භාපති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ගොවීන්ට අවශ්‍ය පොහොර ඕනෑම අවස්ථාවක දී මිලට ගැනීමට හැකි පරිසරයක් සකස් කරන බවත් පොහොරවල ගුණාත්මකභාවය නියාමනය සහ අපද්‍රව්‍යවලින් තොර ඉහළ තත්ත්වයේ පොහොර ආනයනය සඳහා රජයේ විශේෂ අවධානය යොමුව ඇති බව ද මෙහිදී අවධාරණය කළේය.
ලබන වර්ෂයට අවශ්‍ය සමස්ථ පොහොර ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 708,910න් යල කන්නය සඳහා මෙට්‍රික් ටොන් 285,504ක් වෙන් කරන අතර මහා කන්නය සඳහා මෙට්‍රික් ටොන් 423,406ක් වෙන් කරනු ලබයි.

නිරෝධායනයට යොමුකර අයට ආහාර ලබාදීමේ ක්‍රමවේදයක්.

උද්ගතව ඇති නව කොවිඩ් 19 තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර…
• තම නිවස තුළම නිරෝධායනයට යොමු කර ඇති පවුල්වලට සති දෙකකට ප්‍රමාණවත් ආහාර ලබාදීමේ විශේෂ ක්‍රමවේදයක්…
කොවිඩ් 19 වෛරසය නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී පසුගිය අවස්ථාවේ මෙන්ම අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අද (2020.10.27) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළේය.
බැරෑරුම් තත්ත්වයකදී වුවද විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, ප්‍රවාහනය, සෞඛ්‍ය, මහාමාර්ග ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.
ලෝකයේ ආර්ථිකය අතින් බලවත් රටවල්වලට පවා කොවිඩ් 19 වෛරසයට මුහුණදීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබියදී මෙම වෛරසය පාලනය කර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා කඩිනමින් ලබාදීමටත් රජයක් හැටියට පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.
සමාජ මාධ්‍ය මඟින් සිදුකෙරෙන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන්ද මෙහිදී සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ඇතැම් බලවත් රටවල ලක්ෂ ගණනින් ආසාදිතයින් හමුවන, දහස් ගණනින් මිය යන අවස්ථාවක මෙරට සෞඛ්‍ය අංශ, ආරක්ෂක හා පරිපාලන අංශ කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා සිදුකරන කාර්යභාරය රටක් වශයෙන් අගය කළ යුතු බවයි.
වෛරසය නිසා සිදුවිය හැකි ජීවිත විනාශය වළක්වන අතර අවදානමට ලක්විය හැකි වැඩිහිටි ජනතාව රැකගැනීම සඳහා සියළු පියවර ගන්නා ලෙසත් උපදෙස් දෙන ලදී. එබැවින් මහජන ආධාර, විශ්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිසාපතිවරුන්ට හා තැපැල්පතිට මෙම සාකච්ඡාවේ දී උපදෙස් ලබාදුන්නේය.
නිවෙස්වලම නිරෝධායනයට යොමුකරන පවුල් සඳහා සති දෙකකට සරිලන බඩුමල්ලක් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර දිසාපතිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිලධාරීන් සහ ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් එම කටයුත්ත ක්‍රමානුකූලව සිදු කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේය.
මෙම සාකච්ඡාව සඳහා විදුලිබල, ජල, ගෑස්, ප්‍රවාහන ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින් සහභාගී වූ අතර ජනතාව වෙත කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා තම ආයතන සූදානම් බවත් සෞඛ්‍ය ආරක්ෂිතව සහ නිරෝධායන නීතී අනුව තම ආයතනවල සේවකයින් සේවය සඳහා ගෙන්වන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
ණය වාරික සඳහා සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසාදැමුණු ප්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදල ලබාදීමට තීරණය කර ඇති බවද සඳහන් කෙරුණි.
කොළඹ නගරයේ කසළ කළමනාකරණය පෙර පරිදිම සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යන බව මෙම අවසථාවට සහභාගී වූ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය පැවසුවාය.
කොළඹ නගරය තුළ කොවිඩ් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් එම තත්ත්වය පාලනය කිරීමට කොළඹට පැමිණෙන පිරිස පාලනය කිරීම සිදුකළ යුතු බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ඒ සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කර, ප්‍රාදේශීය මට්ටමෙන් රජයේ කාර්යාල පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව මෙහි දී සාකච්ඡාවට ගැනුණි.
තවද පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මගී ප්‍රවාහනය සිදු කරන බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දුන් අතර ජනතාව කොළඹ නගරයට පැමිණීම පෙරට සාපේක්ෂව විශාල වශයෙන් අඩු වී ඇති බවත් උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් සිසුන්ගේ පහසුව සඳහා ගමන් වාර සීමිත කිරීම අවම වශයෙන් සිදු කර ඇති බවද ඔවුන් සඳහන් කළේය.
එමෙන්ම විභාග දෙපාර්තමේන්තුව සහ විවිධ ආයතන මඟින් පවත්වන විභාග මෙම අවස්ථාව සැලකිල්ලට ගෙන කල් දමන ලෙස බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින් සහභාගී වූහ.
ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය.

අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යා යුතුයි

• උද්ගතව ඇති නව කොවිඩ් 19 තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර…
• තම නිවස තුළම නිරෝධායනයට යොමු කර ඇති පවුල්වලට සති දෙකකට ප්‍රමාණවත් ආහාර ලබාදීමේ විශේෂ ක්‍රමවේදයක්…
කොවිඩ් 19 වෛරසය නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී පසුගිය අවස්ථාවේ මෙන්ම අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අද (2020.10.27) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළේය.
බැරෑරුම් තත්ත්වයකදී වුවද විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, ප්‍රවාහනය, සෞඛ්‍ය, මහාමාර්ග ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.
ලෝකයේ ආර්ථිකය අතින් බලවත් රටවල්වලට පවා කොවිඩ් 19 වෛරසයට මුහුණදීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබියදී මෙම වෛරසය පාලනය කර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා කඩිනමින් ලබාදීමටත් රජයක් හැටියට පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.
සමාජ මාධ්‍ය මඟින් සිදුකෙරෙන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන්ද මෙහිදී සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ඇතැම් බලවත් රටවල ලක්ෂ ගණනින් ආසාදිතයින් හමුවන, දහස් ගණනින් මිය යන අවස්ථාවක මෙරට සෞඛ්‍ය අංශ, ආරක්ෂක හා පරිපාලන අංශ කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා සිදුකරන කාර්යභාරය රටක් වශයෙන් අගය කළ යුතු බවයි.
වෛරසය නිසා සිදුවිය හැකි ජීවිත විනාශය වළක්වන අතර අවදානමට ලක්විය හැකි වැඩිහිටි ජනතාව රැකගැනීම සඳහා සියළු පියවර ගන්නා ලෙසත් උපදෙස් දෙන ලදී. එබැවින් මහජන ආධාර, විශ්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිසාපතිවරුන්ට හා තැපැල්පතිට මෙම සාකච්ඡාවේ දී උපදෙස් ලබාදුන්නේය.
නිවෙස්වලම නිරෝධායනයට යොමුකරන පවුල් සඳහා සති දෙකකට සරිලන බඩුමල්ලක් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර දිසාපතිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිලධාරීන් සහ ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් එම කටයුත්ත ක්‍රමානුකූලව සිදු කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේය.
මෙම සාකච්ඡාව සඳහා විදුලිබල, ජල, ගෑස්, ප්‍රවාහන ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින් සහභාගී වූ අතර ජනතාව වෙත කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා තම ආයතන සූදානම් බවත් සෞඛ්‍ය ආරක්ෂිතව සහ නිරෝධායන නීතී අනුව තම ආයතනවල සේවකයින් සේවය සඳහා ගෙන්වන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
ණය වාරික සඳහා සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසාදැමුණු ප්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදල ලබාදීමට තීරණය කර ඇති බවද සඳහන් කෙරුණි.
කොළඹ නගරයේ කසළ කළමනාකරණය පෙර පරිදිම සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යන බව මෙම අවසථාවට සහභාගී වූ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය පැවසුවාය.
කොළඹ නගරය තුළ කොවිඩ් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් එම තත්ත්වය පාලනය කිරීමට කොළඹට පැමිණෙන පිරිස පාලනය කිරීම සිදුකළ යුතු බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ඒ සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කර, ප්‍රාදේශීය මට්ටමෙන් රජයේ කාර්යාල පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව මෙහි දී සාකච්ඡාවට ගැනුණි.
තවද පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මගී ප්‍රවාහනය සිදු කරන බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දුන් අතර ජනතාව කොළඹ නගරයට පැමිණීම පෙරට සාපේක්ෂව විශාල වශයෙන් අඩු වී ඇති බවත් උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් සිසුන්ගේ පහසුව සඳහා ගමන් වාර සීමිත කිරීම අවම වශයෙන් සිදු කර ඇති බවද ඔවුන් සඳහන් කළේය.
එමෙන්ම විභාග දෙපාර්තමේන්තුව සහ විවිධ ආයතන මඟින් පවත්වන විභාග මෙම අවස්ථාව සැලකිල්ලට ගෙන කල් දමන ලෙස බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින් සහභාගී වූහ.
ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය.

“සැමට ජලය” සෞභාග්‍යයේ දැක්ම

2025 අවසන්වීමට පෙර පැය 24 පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව (03/09/2020) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අතිගරු ජානාධිපතිතුමන්ගේ විමසුමට ලක් විය.
ගංගා, ඇළ දොළ සහ ජල පෝෂක ප්‍රදේශ පිරිසිදු කොට සංරක්ෂණයට විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන කඩිනම් කිරීම අවශ්‍යයය.
“සැමට ජලය” සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට ඉදිරිපත් කෙරුණු ප්‍රමුඛ ප්‍රතිඥාවකි.
ඉදිරි සිව් වසර තුළ පවුල් ලක්ෂ 47කට ජලය සැපයීමට රජය අපේක්ෂා කරයි. දේශීය සහ විදේශීය අරමුදලින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ජල නළ කි.මි 40,000ක් අලුතින් එළීමට සිදු වේ.මේ දක්වා ජල සම්පාදනයට ගිය පිරිවැයෙන් හරි අඩකින් ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ජලය ජනනය සහ සංරක්ෂණය ජල මූලාශ්‍ර හඳුනාගැනීම වැඩසටහනෙහි පියවර කිහිපයකි. ජල පෝෂක මූලාශ්‍ර සංරක්ෂණය උදෙසා වන රෝපණයට ද සැලසුම් කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් සමස්ත ජල සැපයූමෙන් 45% ක් ජලය කාන්දුවීම හේතුවෙන් අපතේ යමින් තිබිණ. ගත වූ මාස කිහිපය තුළ අලුතින් ජල නළ එළීමෙන් එය 15% දක්වා අඩුකර ගැනීමට හැකිව තිබේ. ජලය ආරක්ෂා කිරිමේ පියවරක් ලෙස ජලය කාන්දුවන ස්ථාන හඳුනාගෙන අලුතින් ජල නළ එළීම දැන් සිදුවන බව නිලධාරීහු සඳහන් කළහ.
ප්‍රජා ජල ව්‍යාපෘති යටතේ බෙදාහැරෙන ජලය ඉහළ ප්‍රමිතියකින් පිරිපහදු කර නිවාස වෙත සැපයීමට ද සැලසුම් කර තිබේ.
ප්‍රජා ජල ව්‍යාපෘති සේවක ගැටළු විසඳීම කෙරෙහි නිලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ජානාධිපතිතුමන් උපදෙස් දෙන ලදි.
ජල නළ එළිමේදී මාර්ගවලට වන හානිය සහ එමගින් ජාතික ධනය විනාශවීම වැළැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද එකඟතාව පළ කෙරිණි. රටේ පානීය ජල අවශ්‍යතාව සපුරලීමට යන සමස්ත වියදමෙන් 30%ක් පමණ එමගින් ඉතිරි කර ගත හැකි බව අනාවරණය විය.
වර්ෂා ජලය ගබඩා කිරීම සහ දිවයිනේ වැව් සහ ජලාශවල ධාරිතාව නැංවිම, අලුතින් වැව් සහ ජලාශ පද්ධතියක් ඉදිකිරීම කෙරෙහි ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. ජල ඌණතාවක් ඇති ප්‍රදේශවලට ජලය ගෙනයාමට නව ඇළ මාර්ග සහ නළ මාර්ග සහිත ව්‍යාපෘති හඳුන්වාදීම ද නව සැලසුමට අන්තර්ගත වේ.
අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහු සහ ප්‍රජා ජල ව්‍යාපෘති නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

නිවසටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම

ජනතාව ඒකරාශීවීම වළකමින් නිවසටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය
බෙදාහැරීමේ විශේෂ වැඩසටහන ඇරඹේ …
 ගොවීයා සහ දේශීය ආර්ථිකය ශක්තිමත් වන අයුරින් වැඩසටහන ක්‍රියාවට …
 සහල් සහ එළවළු දිවයින පුරා බෙදාහැරීමේ විධිමත් යාන්ත්‍රණයක් …
 මාළු, බිත්තර සහ කුකුල් මස් හිඟයකින් තොරව …
 ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සමූපකාර හා සුපිරි වෙළඳසැල් ඒකාබද්ධව …
 රෝගීන්ට ඖෂධ බෙදාහැරීමේ විශේෂ වැඩපිළිවෙළක් …
 සෑම ප්‍රාදේශීකයකටම පැය 24 ම විවෘත ඉන්ධන හලක් ..
 වාණිජ බැංකු අත්‍යාවශ්‍ය සේවා ගණයට …
රට තුළ කොරෝනා වෛරසය (COVID- 19) පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කෙරේ. සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
සමස්ථ ක්‍රියාදාමය කොරෝනා මර්දනයට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගෙනයන වැඩපිළිවෙළට යටත්ව විය යුතුය. ජන ජීවිතය බිඳ නොවැටෙන ආකාරයෙන් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම ද අවශ්‍යතාවකි. ගොවියා සහ දේශීය ආර්ථිකය සුරැකෙන පරිදි රට තුළ නිෂ්පාදනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ජනතාව වෙත බෙදා හැරීමට සැලසුම් කෙරේ.
අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, බැංකු ප්‍රධානීන්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවේ දී තීරණ රැසකට එළැඹෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
සහල්, පොල්, එළවළු, බිත්තර, කුකුළු මස් හිඟයකින් තොරව සැපයීමේ හැකියාව පවතී. මේවා ගොවීන්ගෙන් සහ නිෂ්පාදකයන්ගෙන් නිසි පරිදි මිලදී ගෙන සමූපකාර සහ සුපිරිද වෙළෙඳසැල් ඒකාබද්ධව අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් සකස් කර ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් විධිමත්ව බෙදාහැරිය හැකි බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. ඒවා ඒ ඒ ජන කොටස් අපේක්ෂා කරන පරිදි විවිධ මිල ගණන් යටතේ සකස් කර ලබා දිය හැකිය. ක්‍රියාදාමය මෙහෙයවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ද සහය ලබා ගැනේ.
රජයේ රෝහල්වල ලියාපදිංචිව අඛණ්ඩව ඖෂධ මිලදීගන්නා රෝගීන්ට අදාළ බෙහෙත් වට්ටේරුවලට අනුව නිවසටම ඖෂධ බෙදාහැරීමට තීරණය කෙරිණ. ප්‍රාදේශීය ලේකම්, මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ ආරක්ෂක අංශ ද මීට දායක කර ගැනේ.

පෞද්ගලික ෆාමසිවලින් ඖෂධ මිලට ගන්නා රෝගීන්ට ප්‍රාදේශීයව තෝරාගත් ෆාමසි කිහිපයක් නම් කර නිවසටම බෙදාහැරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ද සාකච්ඡා කෙරිණ.
වෙළෙඳ සහ අත්‍යාවශ්‍ය කටයුතුවලට දායක වන අයුරින් වාණිජ බැංකු විවෘතව තැබීමට පියවර ගන්නා ලෙස ද, ඒවායේ ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබීය.
දුරකථන ඇණවුම් මගින් නිවෙස් වෙතම ගෑස් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා එම ආයතනවලින් ඉල්ලා සිටියේය.
සමස්ත ව්‍යාපෘතියේ අරමුණ ජනතාව ඒකරාශිවීම වළක්වා කොරෝනා වෛරසය මර්දනයට සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමයි.
බෙදාහැරීමේ කාර්යයට ප්‍රාදේශීය ලේකම්, ග්‍රාමසේවා නිලධාරීන්, කෘෂි පර්යේෂණ නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහභාගී කර ගැනේ. මේ වන විට රටවල් රැසක් පූර්ණ වශයෙන් ආනයන, අපනයන ක්‍රියාවලිය නවතා ඇත. උද්ගත තත්ත්වය කෙරෙහි වැඩි අවදානයක් යොමු කර ස්ථාවර නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩනැඟීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
වගා සහ ධීවර කටයුතු බාධාවකින් තොරව පවත්වාගන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට තීරණය කෙරිණ.
එළවළු මෙන්ම වී, බඩ ඉරිඟු, උඳු, මුං, කවුපී, කුරක්කන් වගා සඳහා ගොවීන් දිරිමත් කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.
චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්. ආටිගල යන මහත්වරු මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

රටක් විදිහට එකම නීතියක් ක්‍රියාත්මක විය යුතුයි – බැසිල්

ජාතියක් ලෙස එකට සිටිමින් එකම රටක් ලෙස ඉදිරියට යාමට නම් කාටත් පිළිගත හැකි එකම නීතියක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවැසුවේ අද (26) නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී මුස්ලිම් උලමා පක්ෂයේ නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා පොදුජන ප්‍රමුඛ රජයක් මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ පිළිවෙළක් සකස් කිරීම සහ ඉදිරි මැතිවරණ වලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සෙසු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙළ යටතේ අද දිනයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්සත් ලංකා පොදුජන පක්ෂය, මුස්ලිම් උලමා පක්ෂය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ අතර විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
ඉදිරි සතියකදී අපි අනුගමනය කළ යුතු පතිපත්තිය ජනතාව ඇසුරින් සකස් කරන්න අපි තීරණය කළා. ඒ අනුව ගම සමග පිළිසදරක් වැඩසටහනක් ගම් මට්ටමින් අදහස් හා යෝජනා එකතු කරමින් තිබෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව කටයුතු කරපු දේශපාලන පක්ෂ වල අදහස් යෝජනාවලියට එකතු කරන්න තීරණය කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රදේශයකට ආගමකට ජාතියකට සීමා වුන පක්ෂයක් නෙවෙයි. අපේ පක්ෂයට අවුරුද්දකටත් වඩා අඩු වයසක දී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කරන්න හැකිවුණා. මේ වන විට ලංකාවේ වැඩිම මහජන නියෝජිතයින් ප්‍රමාණයක් ඉන්නේ අපේ පක්ෂයට. රට පුරාම මහජන නියෝජිතයින් 4000 කට වැඩි ප්‍රමාණයක් අපිට ඉන්නවා. මහජන නියෝජිතයින් වැඩි වීමත් සමහර වෙලාවට ප්‍රශ්නයක්. දරුවෝ වැඩි උනාම පාලනය කරගන්න අමාරුයි. ඒවුනත් අපි නිසි විනයක් සහිත පක්‍ෂයක්. එනිසා අපිට ඒ අය මෙහෙයවීම අමාරුනැහැ.
අපේ පක්ෂයේ කිසිම ජාතියකට ආගමකට ප්‍රදේශයකට සීමා කරලා නැහැ. රටේ හැමෝමටම එක නීතියක් තිබිය යුතු බවයි අපේ අදහස. ජාතියක් විදියට එකට ඉන්න එක නීතියක් අවශ්‍යයි .
අනාගතයේ රටේ පාලනය ගැන ඉන්න පක්ෂයක් විදිහට රටේ සාමකාමී පරිසරයක් අපි බලාපොරොත්තු වෙනවා. එල්ටී. ටී ඊ සංවිධානයෙන් රට බේරාගෙන ආරක්ෂාව තහවුරු කිරීම නිසයි ශීඝ්‍ර සංවර්ධනයක් කරා රට ගෙන යන්න හැකිවුණේ. අපි ආණ්ඩුව භාර ගන්න කාලේදී රටේ ජාතිවාදී අරගල තියෙනවා නම් බලාපොරොත්තු වන සංවර්ධනය කරා යන අපට බැහැ .ඒ නිසා පාස්කු ඉරිදා සිද්ධිය වැනි සිදුවීම් රට තුළ නැවත සිදුවෙනවා දකින්න අපි කැමති නැහැ.බේරුවල සිද්ධිය අවස්ථාවේදී ඊට මැදිහත් වෙලා සිද්දිය සමථයකට පත් කරන්න අපට හැකි වුණා.සියලු තොරතුරු තිබිලත් පාස්කු ඉරිදා සිද්ධිය නතර කරගන්න වත්මන් රජයට නොහැකි වුණා.ආණ්ඩුව මෙයට වගකිව යුතුයි. නමුත් ආණ්ඩුව උත්සාහ කරන්නේ එහි වගකීමත් අප පිට පටවන්න. නීතිය ක්‍රියාත්මක කරන ආයතන අධිකරණය හමුදාව මේ හැමදේම තියෙන්නෙ ආණ්ඩුව ලග.
මුස්ලිම් ජනතාවගෙන් කීප දෙනෙක් කරපු දෙයකට සමස්ත මුස්ලිම් ජනතාව වගකිව යුතු නැහැ.ඒ වගේම පොහොට්ටුවේ කිහිප දෙනෙක් කරන වැඩ වලට වැඩවලට සම්පූර්ණ පොහොට්ටුව වග කියන්න අවශ්‍යත් නැහැ.
යුද්ධයෙන් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ එවකට රජය මුස්ලිම් ජනතාව වෙනුවෙන් කළ සේවය වචනයෙන් කිව නොහැකි බව එහි දී සඳහන් කළ මුස්ලිම් උලමා පක්ෂයේ නායක මුබාරක් අබ් මජීඞ් මහතා ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පෙරමුණ සමඟ එක්ව කටයුතු කරන බව එහිදී සඳහන් කලේය.

රටට, ජනතාවගෙන් හදපු ජනතාවගේ ප්‍රතිපත්ති මාලාවක්..

අද (13) දින පැවැති ගම සමඟ පිළිසඳරක් විශේෂ මාධ්‍ය සාකච්ඡාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගුනේ ගම් මට්ටමින්. අපි පළාත් පැලන මැතිවරණයට ගියේ පක්ෂයට අවුරුද්දක් පිරුණ අවස්ථාවක. ඒ වෙද්දි අපේ පක්ෂයට ප්‍රතිපත්තියක් හෝ අනාගත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න හැකියාවක් තිබුනේ නැහැ. අපි ජනතාවට පොරොන්දු වුනා නැවත ජනතාව ඉදිරියට එන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව හා අනාගතයේ පිහිටුවන රජයේ වැඩපිළිවෙලකුත් සමගයි කියලා. මෙය සකස් කළ යුත්තේ දේශපාලනඥයෝ හෝ පක්ෂයේ නායකයින් විසින් නෙවෙයි, ජනතාව අතරින් මේ වැඩපිළීවෙල සකස් කළ යුතු බව අපි තිරණය කළා. ජනමුල ප්‍රතිපත්ති සම්පාදනයක් සදහා පක්ෂය පහසුකම් සපයන්නෙක් පමණක් විය යුතුයි කියලා අපි එකගතාවයට ආවා. වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් , ව්‍යාපාරික ප්‍රජාව මේ ප්‍රතිපත්ති මාලාව සම්පාදනය කරන්න එකතු කරගැනීමට අපි තීරණය කළා.
අපිට ගම් 36000ක් තියෙනවා. ජනශූන්‍ය ගම්මාන අතහැරියාම ග්‍රාම නිලධාරී වසම් 14000ටම ගිහින් ගම් 25000ජනතාව මුණ ගැහෙනවා. ඒ සදහා ගම සමග පිළිසදරක් කියලා වැඩපිළිවෙලක් සකස් කළා. එය සම්ප්‍රධායෙන් ටිකක් බැහැර වුනු වැඩපිළිවෙලක්.අපේ පක්ෂයේ ක්‍රියාකාරිකයින්ට පමණක් සීමා නොවී පක්ෂය පහසුකම් සපයන්නෙක් විදියට සිටිමින් පක්ෂභේදයෙන් තොරව ජනතා අදහස් ලබා ගැනීමයි අපේ බලාපොරොත්තුව.
අපි ජනතාව එක්ක වැව් අමුණු පවා බලන්න ගියා. ගම ඇතුලේ ජනතාවට තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් විමසීමක් මෙහිදි සිද්ධ වෙනවා. මෙහිදී ගමේ ජනතාව අතරින් මාර්ග සංවර්ධනය, ජල පහසුකම්, විදුලිය , පොදු පහසුකම් , ඇල වේලි අමුණු ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණය කිරිම් වගේම ගමේ ආර්ථිකය දියුණු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වුනා.ගමේ ආවේණික කර්මාන්ත වැඩිදියුණු කිරීම වගේම නව කර්මාන්ත ඇති කිරීම මගින් නව රැකියා උත්පාදනයකිරිම ගැනත් ජනතාවඅතරින් අදහස් ඉදිරිපත් වුනා.ඒ විතරක් නෙවෙයි. ගමේ සංවර්ධනයට බාධාවක් වී ඇති ගංවතුර ගැලීම්, නායයෑම්, වැනි විපත්වලට විසදුමක් ලබාගැනීම, ගමේ පිහිටීමේ භූ විෂමතා අනුව පරිපාලන වහයෙන් මුහුණපෑමට සිදුව ඇති ගැටලු මෙන්ම යම් යම් පුද්ගලයින්ගෙන් සිදුවන බැධා සම්බන්ධයෙනුත් ජනතාව අදහස් දක්වමින් තිබෙනවා.
මේ විදියට අපි හැම ගමකටම ගිහින් ආකෘති පත් තුනක් පුරවනවා. පළවැනි ආකෘති පත්‍රය ගමේ සමාජයිය ආර්ථික භූගෝලීය පසුබිම, ජාතික අදහස් වගේම ගමේ දේශපාලන පසුබිම් වාර්තාවකුත් ගන්නවා. මේ විදියට ජනතා අදහස් ගන්න අතරේ රටේ වෘත්තීය සමිති නායකයින්, විද්වතුන්, පුද්ගලික අංශයේ අයගෙන් විශේෂඥ කමිටු පිහිටුවලා අදහස් ගන්නවා.
ඉතිහාසයේ අපේ ගම පදනම්ව පැවැති සමාජීයය තත්ත්වයත් ආර්ථික තත්ත්වයත් බ්‍රිතාන්‍යය යුගයේ සිට වෙනස් වුනා. වෙල්ලස්ස කැරැල්ලෙන් පස්සේ අපේ ආර්ථිකය විනාශ කළා. ඊට පස්සේ ඩි.එස් සේනානයක කාලයේ ජනපද,බණ්ඩාරනායක මහත්තයාගේ කාලයේ ජනපද පුලුල් කිරීම, ගම්උදාව, අපේ ගම නැගුම, මේ ආණ්ඩුවේ ගම්පෙරළිය වගේ දේවල් සිදුවුනා. අපි ගම දියුණු කිරීමටත් ජනතාවගේ අදහස් ගන්නවා වගේම ඉඩම් ප්‍රශ්නය විසදන්න අවශයයි. වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රශ්නත් විසදන්න තියෙනවා. මේ සියල්ල සම්බන්ධයෙන් විශේෂඥ අදහස් ගන්නවා.මේ ප්‍රතිපත්තිය සැකසීමේදී අපේ පක්ෂය පහසුකම් සපයන්නා විදියට කටයුතු කරනවා වගේම පසුව අපේ ජනාධිපතිවරයෙක් හා රජයක් පිහිටුවීමෙන් පස්සේ එය ක්‍රියාත්මක කිරීමට අපේ පක්ෂය දේශපාලන නායකත්වය දෙනවා. බොහෝ මැතිවරණ ප්‍රකාශන ජනතාවට ඉදිරිපත් කළාට ආන්ඩු බිහිවීමෙන් පස්සේ මැතිවරණ ප්‍රකාශන ක්‍රියාත්මක වුනේ නැහැ. ඒ අතින් මහින්ද චින්තන වැඩපිළීවෙල සම්බන්ධයෙන් ආඩම්බර විය හැකියි. සහෝදර පක්ෂ එක්ක එකතු වෙලයි ඒක හැදුවේ. මැතිවරණයෙන් පස්සේ රටේ ප්‍රතිපත්ති මාලාව ලෙස සලකලා මහින්ද චින්තනය ක්‍රියාත්මක කළා. අපිට සමහරක් ක්‍රියාත්මක කරන්න බැරිවුනා. නමුත් ප්‍රතිශතයක් ලෙස අපි වැඩි කොටසක් ක්‍රියාත්මක කළා.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර මේ ක්‍රියාවලියට ජනතාව සම්බන්ධ කර ගැනීම අවශ්‍යයි. අපි පළවෙනි අධියර විදියට පළාත් පාලන හා පළාත් සභා මන්ත්‍රීවරු දැනුවත් කළා. ඊට පස්සේ අපේ වෘත්තීය සමිති අනු සංවිධාන දැනුම්වත් කළා. දෙවැනි වටය මේ මාසයේ 16,17,23,24,30,31 දිනවල යාපනය හා මඩකලපුව හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 20 පුරා පළාත් පාලන ආයතන 286ක අපේ ක්‍රියාකාරීන් දැනුම්වත් කරනවා. ඒකියන්නේ ග්‍රාම සේවා වසම් 12468 අපේ ක්‍රියාකාරිකයින් දැනුම්වත් කරන්න රැස්විම් 511ක් කරනවා. පළවෙනි සති අන්තයේ රැස්විම් 126ක්, දෙවැනි සති අන්තයේ රැස්විම් 195ක්, අවසන් සතියේ තවත් රැස්වීම් 134ක් පැවැත්වෙනවා. තවම දින නියම නොවුනු ස්ථාන 16කුත් තියෙනවා. අපේ ක්‍රියාදරයින් වගේම ග්‍රාමිය නායකයින් , පූජ්‍ය පක්ෂය, ගමේ ග්‍රාම නිලධාරී, කෘෂි පර්යේෂණ නිලධාරී වගේ නිලධාරින්වත් සහභාගි කර ගන්නවා.
පුද්ගලික අංශය , වෘත්තීය අංශ, වෘත්තීයවේදීන් වැනි සියලු කොටස් මෙයට සහභාගි කර ගැනීමට අවශ්‍යයි. සිවිල් සමාජයේ විවිධ විෂයන් ගැන, පරිසරය, සත්ව ආදී ක්ෂේත්‍ර ගැන විශේෂයෙන් අවධානය යොමු විය යුතු අංශ ගැන අවධානය යොමු කරන අංශවලටත් අපි එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

මාධ්‍ය – අයවැයට පක්ෂව ඒකාබද්ධ විපක්ෂය ඡන්දය දුන්නා. නමුත් ශ්‍රීලනීපය ඡන්දය නොදී ඉවත් වෙලා හිටියා. ශ්‍රීලනීපය හා පොදුජන පෙරමුණ එකමුත් බවයි ජනතාව හිතන්නේ. මෙතනදි සිද්ධ වුනේ පරස්පර සිද්ධියක් නේද
බැසිල් රාජපක්ෂ – ඡන්දය නොදී හිටිය අයගෙන් මේ සම්බන්ධයෙන් අහන්න අවශ්‍යයි. මතවාදීව එකතු විම තුළිනුයි සමගියක් ඇති වෙන්නේ.

මාධ්‍ය – තවම එවැනි එකතු විමක් සම්බන්ධයෙන් සාකච්ඡා වෙන්නේ නැද්ද
බැසිල් රාජපක්ෂ – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් 14 වැනිදා සාකච්ඡා අරඹනවා. ඒ සාකච්ඡා අරඹන්නේ විවෘත මනසකින්.

මාධ්‍ය – මේ වැඩසටහන ඇයි උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ව්‍යාප්ත නොවන්නේ.
බැසිල් රාජපක්ෂ – උතුරු නැගෙනහිරට වැඩපිීලවෙල ගෙනියන්න හරිම කැමැතියි. එයයි විය යුත්තේත්. අපි අරඹන්න සතුටුයි. නමුත් අපි ඇත්ත පිලිගන්න අවශ්‍යයි. අපේ පක්ෂය රට පුරාම ව්‍යාප්ත කරන්න හිතුවත් පසුගිය මැතිවරණය බැලුවම ඒ ප්‍රදේශවලින් අපේ පක්ෂයට නිසි නියෝජනයක් ලැබිලා නැහැ. මේ විදියට වැඩපිළීවෙල ආරම්භ කරලා ඉදිරියට ගෙන යනවා. මේ වෙද්දි මඩකලපුවට වැඩපිළීවෙල ගෙන ගිහින් තියෙනවා. ඉදිරි මාස තුනේදී උතුරු නැගෙනහිර ජනතාවගේ අදහස් ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මෙතෙක් පැවැති සියලු ආන්ඩුවලට ඒ ජනතාවගේ අදහස් ලබා ගන්න හැකි වුනේ නැහැ. අපේ පක්ෂය හැම වෙලාවෙම වැඩිදෙනෙක්ට සේවය කරනවා වෙනුවට හැම දෙනෙක්ටම සේවය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.

මාධ්‍ය – මේ වැඩපිළිවෙලෙන් බලාපොරොත්තු වන ඉලක්කය මොකක්ද
බැසිල් රාජපක්ෂ – මේ රටට , ජනතාවගෙන් හදපු ජනතාවගේ ප්‍රතිපත්ති මාලාවක් සකසා ගැනීමයි.

මාධ්‍ය – මොනතරම් කාලයකින්ද මේ වැඩපිීලවෙල අවසන් වෙන්නේ.
බැසිල් රාජපක්ෂ – ඡන්දයක් ඉක්මනින් එන නිසා ජුනි මාසය වෙද්දි මෙය සකසන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි ඡන්දයකට ජනතාව ඉදිරියට යන්නේ ප්‍රතිපත්තියත් එක්කයි. මැතිවරණ ප්‍රකාශයක් එළි දක්වන්නේ නම් මැතිවරණයකදියි. නමුත් අපේ ප්‍රතිපත්ති මාලාව රටේ ජාතික ප්‍රතිපත්තියක් විදියට පත්කර ගැනීමයි අවශ්‍ය.

මාධ්‍ය – ඉකිමනින් ඡන්දයක් එන බව ඔබ කිව්වාත මොන මැතිවරණයද එන්නේ
බැසිල් රාජපක්ෂ – නිත්‍යාණුකූලව නම් පළාත් සභා මැතිවරණය එන්න අවශ්‍යයි. මේ වෙද්දි පළාත් සභා පවත්වන කාලය පසුවෙලා තියෙන්නේ. දෙසැම්බර් වෙන්න කලින් අනිවාර්යයෙන් ජනාධිපතිවරණය තියන්න වෙනවා. ඔක්තෝම්බර් 05 වෙද්දි මැතිවරණය ප්‍රකාශයට පත්කරන්න වෙනවා. ඒ අනුව පළාත් සභා මැතිවරණයට පස්සේ නීත්‍යාණුකූලව තියන්න තියෙන්නේ ජනාධීපතිවරණය. ඊළගට ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව අනුව අනිවාර්යයෙන්ම තුනෙන් දෙකේ යෝජනාවක් සම්මත නොවුනොත් අන්තිමට එන්නේ පාර්ලිමේන්තු මැතිවරනයයි.නිත්‍යාණුකූලව පළාත් සභා මැතිවරණය තියන්න තිබුණත් මේ අය තියයි කියලා හිතන්නේ නැහැ. ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය අධීකරණය හරහා හරි ලබා ගන්න අපි උත්සාහ කරනවා. අපි හිතනවා අලුත් ජනවරමකින් පත්වෙන අපේ අලුත් ජනාධිපතිවරයා ජනතාව ඉදිරියට ජනමත විමසුම් කිහිපයක් ගෙන යයි කියලා. අපි අලුතින් පත්වෙන ජනාධිපතිවරයාගෙන් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම සදහා ඉල්ලීම් කිහිපයක් කරනවා. රටට ගැලපෙන ඡන්ද ක්‍රමය, පාලන ක්‍රමය, එය විධායක ජනාධීපතික්‍රමයක්ද, පාර්ලිමේන්තු විධායක ක්‍රමයක්ද, බලය බෙදීමේ කේන්ද්‍රය ගමද, දිස්ත්‍රික්කයද පළාතද වැනි ප්‍රශ්න ජනතාවට දීලා පසුව ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැදීම සුදුසුබවයි අපි හිතන්නේ.

මාධ්‍ය – අනෙක් පක්ෂවලින් ලැබෙන්නේ මොන වගේ සහායක්ද
බැසිල් රාජපක්ෂ – අපි මේ වැඩපිළීවෙල කරන්නේ පක්ෂ විදියට නෙවෙයි. අපි පහසුකාරකයෙක් විදියටයි කටයුතු කරන්නේ. ගම සමග පිළිසදරක් වැඩපිළීවෙලට සියලු පක්ෂවලට ආරාධනා කරනවා. අපිත් එක්ක ඉන්න අනෙක් සහෝදර පක්ෂ සෑහෙන්න පැරණියි. ඒ පක්ෂවලට හදපු ප්‍රතිපත්ති තියෙනවා.

මාධ්‍ය – ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වියයුතු බව ඔබ හිතනවා
බැසිල් රාජපක්ෂ – ජනවරමක් තියෙන පක්ෂයකින් විය යුතුයි.

මාධ්‍ය – වත්මන් ආන්ඩුවත් ව්‍යවස්ථා සංශෝධනය සදහා සුදානම් වුනා.
බැසිල් රාජපක්ෂ -අපි කියන්නේ ජනතාවගෙන් මුලින් අහන්න අවශ්‍යයි කියලයි. ඒ ක්‍රියාවලිය ආරම්භයේ සිටම දෙපැත්තේම ජනතාව මුලාකිරීමයි වුනේ. බිත්තර නොදා කෑ ගහන කිකිළියොත් ඉන්නවානේ. ඒ වගේ කෙකර ගෑවා විතරයි.

මාධ්‍ය – එජාපය තමන්ගේ නායකයා ජනාධිපතිවරණයට එවනබව මේ වෙද්දි ප්‍රකාශ කරලා තියෙනවා. ඔබතුමන්ලාගෙන් කවුද
බැසිල් රාජපක්ෂ – අපි පක්ෂයක් විදියට තින්දු කලේ මහින්ද රාජපක්ෂ මහතාවයි. අපිට එතුමාව පත්කර ගන්න තිබුණා නම් හොදයි. එතුමාට නිතියෙන් බාධාවක් තිබුනොත් එතුමා හොද කෙනෙක් පත්කරයි.

මාධ්‍ය – මේ වෙද්දි රාජපක්ෂවරයෙක්ගේ නාමයක් යෝජනාවෙන්නේ නැති බවට රාවයක් තියෙනවා.
බැසිල් රාජපක්ෂ – ඒත් ප්‍රශ්නයක් නැහැ. රාජපක්ෂවරු තින්දු කලොත් ඒ රාජපක්ෂ කවුද කියන එකත් එතුමා තින්දු කරලා තියෙන්නේ. රාජපක්ෂ නොවන කෙනෙක් දැම්මොත් එතුමා කියන කෙනෙක් වෙනුවෙන් අපි වැඩ කරනවා.

මාධ්‍ය – රාජපක්ෂ නොවන කෙනෙක් නම් කවුද සුදුසු
බැසිල් රාජපක්ෂ – ඒක මට තොරන්න බැහැනේ. ඒක මහින්ද රාජපක්ෂ ජනාධීපතිතුමා කරයි.

මාධ්‍ය – වත්මන් ජනාධිපතිතුමාට නැවත අපෙක්ෂකත්වයට එන්න බාධාවක් නැහැ නේද
බැසිල් රාජපක්ෂ – අපේ පක්ෂයේ සාමාජිකත්වය ලේසියෙන් ගන්න බැහැ. පළවෙනි වටයේ සාමාජිකත්වය බොහොම ලේසියෙන් දුන්නා. දැන් ලේසි නැහැ. අරම්භක සාමාජික පෝරමය දැන්දෙන්නේ නැහැ. දැන් දෙන්නෙක්වත් නිර්දේශ කරන්න වෙනවා. එහෙම දෙන්නෙතක් සොයා ගන්න පුලුවන් කමක් නැහැ.

මාධ්‍ය – පහුගිය කාලයේ ඔබගේ නමත් යෝජනා වුනා.
බැසිල් රාජපක්ෂ – මගේ නම කවදාවත්යෝජනා වුනේ නැහැ. නාමයොජනා පත්‍රයේ අපේක්ෂකයාගේ කැමැත්ත දෙනවා කියලා අත්සන් කරන්න තැනක් තියෙනවා.

මාධ්‍ය – ‌මේ වෙද්දි ගොඩනැගෙමින් තිබෙන සංධානය වත්මන් ජනාධිපතිවරයාව යෝජනා කලොත්
බැසිල් රාජපක්ෂ -මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වොත් හා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි බලන්න අවශ්‍ය වෙන්නේ ජනතාව කියන දෙයයි. අවසානයේ අපි යන්නේ ඡන්දයකට නිසා දිනන්න පුලුවන් කෙනෙක් දාන්නත් වෙනවා.

මාධ්‍ය – ගම සමග පිළීසදරක් වැඩසටහනේදි මීළග ජනාධිපතිවරයා ගැනත් සාකච්ඡා වෙනාවද
බැසිල් රාජපක්ෂ – නැහැ. ඒක පක්ෂය සාකච්ඡා කරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි සුදුස්සා. එතුමාට එන්න බැරි නම් සුදුසු කෙනො එතුමාම තීරණය කරයි. තව සහෝදර පක්ෂ තියෙනවා. අපි පළාත් පාලන මැතිවරනයට ඉල්ලුවෙත් සන්ධානයෙන්. නිල වශයෙන් පක්ෂ 29ක් අපිත් එක්ක හිටියා. විශෞෂයෙන් ලංකා සමසමාජ පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්තුවාදි වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ වගේපක්ෂත් එක්කයි අපි ඉල්ලුවේ. ඒවායේ නගරාධිපතිවරු පවා ඉන්නවා. නමුත් පොහොට්ටුවෙන් ඉල්ලුවේ.

මාධ්‍ය – සන්ධානය ගොඩනැගීමට පැවැති සාකච්ඡා සදහා ඔබතුමා සහභාගි වෙනවා අපි දැක්කේ නැහැ.
බැසිල් රාජපක්ෂ – අපේ පක්ෂය නිල වශයෙන් සාකච්ඡා අරඹන්නේ 14 වැනිදා.අපේ පරමාදර්ශී නායකයාට සාමාජිකත්වය ගන්න බැරි වුනත් දේශපාලන වශයෙන් අපි එක්ක වැඩ කරනවා. පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීවරු නැහැ. නමුත් අපිට අදව් කරනවා.

මාධ්‍ය –
බැසිල් රාජපක්ෂ – තින්දුව අරන් ජාතික සම්මේලනයට දාලා අපේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතුයි. මුල් බීජය ඇති වෙන්නේ එතුමාගෙන්.

මාධ්‍ය – දිගින් දිගටම මහින්ද රාජපක්ෂ මහතා ගන්න තින්දුවට එකග බවයි ඔබලා කියන්නේ
බැසිල් රාජපක්ෂ – ඔව්. ජනතාව එතුමාවයි නායකත්වයට අවශ්‍ය බව කියන්නේ. මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසිකරලයි ජේ. ආර් ජයවර්ධන මහතා ජනාධිපතිවරණයට මුහුණ දුන්නේ. රේසි එකේ අනික් තරගකරුවා ඉවත් කරලා. ඒ නිසා අපි පිහිටුවන ආන්ඩුවක් පිහිටුවන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමගේ නායකත්වයෙන්.ජනතාවගේ බලාපොරොත්තුව ඒකයි.

මාධ්‍ය – ඔබතුමා ඉදිරියේදි පාර්ලිමේන්තුවට එනවාද
බැසිල් රාජපක්ෂ – එන්න විදියක් නැහැනේ. 19න් මාව එළියට දැම්මානේ. 19 කියන එක ගලෙන් හතරදෙනෙක්ට ගැහුවා.

මාධ්‍ය – 2019 ජනාධිපතිවරණයෙන් ඔබ පාර්ශවය ජයගන්න නම් ශ්‍රලනිප හා පොහොට්ටුව එකතු වෙන්න අවශ්‍යද.
බැසිල් රාජපක්ෂ – මැතිවරණයකට යද්දි කිසිවෙක් දිනන් බැරි බව කියන්නේ නැහැ. ස්වාධිනයි කියපු ආයතනයක් සහ පොලීසිය කරපු සමික්ෂණයකින් පළාත් පාලන මැතිවරණයට පෙර කිව්වේ අපි දිනන් ආයතන 40ක් බවයි. ඒ වගේ ඡන්දයකියන දේ ජනතාව අතේ තියෙන්නේ. නමුත් අපි දිනන කොට්ඨාශ ගණනත් මම දින තුනකට පෙර කිව්වා. ඒ වගේ අපි විශෟවාසයෙන් කියනවා ජනතාව අපි කෙරෙහි විශ්වාසය තියයි කියලා

මාධ්‍ය – ජනාධිපතිවරණය තනිවම දිනන්න පුලුවන්ද
බැසිල් රාජපක්ෂ – දැන්ම කියන්න හොද නැහැ

මාධ්‍ය – ජනාධිපතිවරණය නොසලකා හැරලාද ඉන්නේ
බැසිල් රාජපක්ෂ- නැහැ. නැහැ. මේක තමයි ප්‍රධාන මැතිවරණය. මේක අපි අනිවාර්යයෙන්ම දිනනවා.

මාධ්‍ය – දෙපැත්තේ අය කරන ප්‍රකාශ දිහා බැලුවාම එන්න එන්න විරසක වෙන බවයි පේන්නේ
බැසිල් රාජපක්ෂ – අපි ඈත් වෙලා වෙන වෙනමදින්නා. දැන් එන්න එන්න ළං වේගෙන යනවා වගේ මට පේන්නේ.

මාධ්‍ය – තදින් ප්‍රහාර එල්ල කරන බවක්නේ පේන්නේ.
බැසිල් රාජපක්ෂ – දැන් කපු මහත්තරු ඇවිත් කේන්දර බලලා වැඩේ යනවා. හිටපු ගමන් දෑවැද්ද මදි කියලා පොඩි පොඩි ප්‍රශ්න වෙනවා. ඒවගේ දෙයක් තමයි වුනේ

මාධ්‍ය – සතියකට කලින් ඇමරිකන් තානාපතිවරිය උතුරට ගිහින් පළාලි ගුවන් තොටුපල ගැන සමික්ෂණය කරලා සංවර්ධනය වෙන්න තියෙන සිතියම් පවා පරීක්ෂා කළා. එහෙම කරන්න ඒ අයට අයිතියක් තියෙනවාද
බැසිල් රාජපක්ෂ – මේක අද ඊයේ වුනු දෙයක් නෙවෙයි. මහින්ද ජනාධිපතිතුමා බලයට එද්දි ගිවිසුම් රාශියක් තිබුණා. සටන් විරාම ගිවිසුම කිලිනොච්චිය අල්ල ගන්නකල් අවසන් කරන්න බැරිවුනා. ඒකාලේ සටන් විරාම නිරීක්ෂණ කණ්ඩායම් හිටියා. සම සභාපතිවරු හිටියා. ඔවුන්ගෙන් අහන්නේ නැතිව මොකුත් කරන්න බැරුව ගියා. රතු කුරුසේ අය හිටියා. උසාවියටවත් නැති බලතල තිබුණා. පුද්ගලික ගෙයක් වුනත් පරික්ෂා කරන්න හැකියාව තිබුණා. හමුදා කදවුරුවලට ඇතුල් වෙලා පරික්ෂා කරපු අවස්ථාත් තිබුනා. ඒ හැමදේකින්ම නිදහස් කරගෙනයි 2015 රට භාර දුන්නේ. දැන් නයෙක් දාගෙන කෑවෝ කෑවෝ කියනවා.

ගෝටාභය ජනාධිපතිවරණයට සූදානම් යයි කීම ගැන සතුටු වෙනවා..- බැසිල් කියයි..

ගෝඨාභය කලින්ම කියපු එක හොඳයි බැසිල් රාජපක්ෂ

රාවය MARCH 11, 2019  සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ සංයුතිය, දැක්ම, අරමුණු සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කිසියම් අපැහැදිලිභාවයක් බොහෝ දෙනකුට තිබෙනවා. ඒවා පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?

අපි මේ දවස්වල අපේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව, පක්ෂයේ දැක්ම, ඉදිරි වැඩපිළිවෙළ සකස් කිරීම ගැන ජනතාවත් එක්ක පිළිසඳරක යෙදෙනවා. ජනතාවත් සහභාගි කරගෙන ඉදිරියේදී ඒවා සකස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි තවම නිල ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කළේ නෑ. 2015 ජනවාරි 09 වෙනිදායින් පස්සේ ජාතික ආණ්ඩු සංකල්පයත් එක්ක එක්තරා විදිහකට මතුවෙලා, අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව තවදුරටත් රට තුළ උග්‍ර වෙච්ච දේශපාලන තත්ත්වය තමයි මේ පක්ෂය ආරම්භ කරන්නට මූලික හේතුව වෙන්නේ. එතනදි ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කියන තනතුරු සියල්ලම එකම දේශපාලන කඳවුරකට හිමි වුණා. ශ්‍රීලංකා, යූඑන්පී, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය පක්ෂ සියල්ලම මේ කඳවුරට ඇවිල්ලා, රජය හැටියට පෙනී හිටින්න පටන් ගත්තා. එතනදි ඊට බාහිරව ඉන්න කට්ටියව නියෝජනය කරන්න කිසිම දේශපාලන පක්ෂයක් තිබුණේ නෑ. ඒ කියන්නේ ජනවාරි 08 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් සහ මහින්ද රාජපක්ෂ කියන නායකත්වයට ඡන්දය දීපු අය නියෝජනය වෙන කිසිම දේශපාලන සංවිධානයක් ගොඩනැඟුනේ නෑ. ඒකත් එක්කයි මේ පක්ෂයේ අවශ්‍යතාව ඇති වුණේ. ඒ තුළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහිවුණේ ජනතාවගෙන්. ජනතා අවශ්‍යතාවන් උඩ ජනතාව සංවිධානය කළ පක්ෂයක්. ශ්‍රීලංකා නිදහස් පක්ෂය කියන ගොයම් ගහෙන් අපේ බීජය බිහිවුණාට මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම නෙවෙයි. ඊට වැඩිය ටිකක් ඉස්සරහට ගිය දේශපාලන පක්ෂයක්.

2015 ජනවාරි 9 වැනිදායින් පසුව ‘පනස්අට ලක්ෂය’ට නියෝජනයක් නැතිවුණා කියා ඔබ කිව්වත්, ඒ දේශපාලන කඳවුරේ සාමාජිකයන් පිරිසක් කැබිනට් ඇමැති තනතුරු පවා ලබාගෙන කටයුතු කරමින් සිටියා නේද?

ඒ නිසාම තමයි පනස් අට ලක්ෂයේ ජනතාවට නියෝජනයක් නැති වුණේ. එක පැත්තකින්, අනෙක් පැත්තෙන් මැතිවරණයට ඉල්ලූ පුද්ගලයා පක්ෂයේ සභාපති හැටියට පත් කරගත්තා. කොටසක් ජාතික ආණ්ඩුවට එකතු වුණා. ජාතික ආණ්ඩු සංකල්පය එක්ක විපක්ෂ නායකයත් ඒකට එකතු වුණා නේ. විපක්ෂයේ සංවිධායකයා හැටියට ජනතා විමුක්ති පෙරමුණත් එක්තරා විදිහකට ඒ රාජ්‍ය යන්ත්‍රණයේ හිටියානේ. ව්‍යවස්ථාදායකය තුළත්, විධායකය තුළත් සමහර තීන්දු තීරණ ගන්නා විට ඔවුන් එක පිලකට ගොණු වුණා. එතකොට ඉතිරි වුණු අනෙක් කට්ටිය වෙනුවෙන් තමයි අලුත් විපක්ෂයක අවශ්‍යතාව මතු වුණේ. ඒකට තමයි පොදු ජන පෙරමුණ බිහි කළේ.

ඔය කියන ආකාරයට පනස්අට ලක්ෂය නියෝජනය කළ අය අතරින් ඉතිරි වුණ වැඩි පිරිසක් විවිධ දූෂණ, විෂමාචාර සහ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබපු අය නේද? ඇතැම් අය නඩු දෙක තුනක විත්තිකාරයෝ නේද? එහෙම බැලුවම පොදු ජන පෙරමුණ කියන්නේ එවැනි පිරිසකගේ එකතුවක්ද?

එහෙම කියන්න පුළුවන්කමක් නැහැ. ඔය චෝදනා ගැන මම මේ වෙලාවේ කතා කරන්න යන්නේ නෑ. මොකද ඒවා අධිකරණය ඉදිරියේ තිබෙන කාරණා නිසා. ඒවා විග්‍රහ කරනවා නම් එක්තරා ආකාරයක දේශපාලන දඩයමක් විදිහටත් විග්‍රහ කරන්න පුළුවන්. ඒ නිසා අධිකරණය ඉදිරියේ තියන කාරණා ගැන කතා කරන එක සුදුසු නෑ. ඒත් ඔය කියන ඔක්කොම චෝදනාත් එක්ක තමයි අලුත් පක්ෂයක් හැටියට අපි ජනතාව ඉදිරියට ගියේ. එහෙම ගිහිල්ලා අවුරුදු හැත්තෑ දෙකක් පැරණි එක්සත් ජාතික පක්ෂය සහ අවුරුදු හැට අටක් පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අවුරුදු පනහ පැනපු ජනතා විමුක්ති පෙරමුණත් යන ඒ සියලු පක්ෂ තමන්ගේ දේශපාලන ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතයක් ලබන තැනකට පත්කළා. ප්‍රාදේශීය සභා මැතිවරණයේදි පොහොට්ටුව පනස් ලක්ෂයක් ඡන්ද ගත්තානේ. ජනතාවගේ ඡන්දයෙන් තේරිච්ච මහජන නියෝජිතයන් තුන්දහස් නවසීයකට වැඩියෙන් අපිට දන් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ දින්න එකම එක කොට්ඨාසය පානදුර දින්නෙත් අපේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙච්ච නිසා. ඒ කියන්නේ කවුරු මොන චෝදනා එල්ල කළත් ජනතාව අපි කෙරෙහි ලොකු විශ්වාසයක් තිබ්බා.

ලංකාවේ දේශපාලන පරිසරය ඇතුලේ ඡන්දදායකයන්ට හැම මැතිවරණයකදීම පාහේ සිදුවෙන්නේ විරෝධාකල්පයේ ප්‍රකාශනයක් විදිහට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න. පොදු ජන පෙරමුණට ලැබුණ මේ විශාල ඡන්ද ප්‍රමාණයත් පවතින ආණ්ඩුවට විරෝධය පළ කිරීමේ ප්‍රකාශනයක් මිස, පොදු ජන පෙරමුණේ විශේෂ ගුණයක් හේතුවෙන් ලැබුණ ඡන්ද නොවෙයි කියා සිතිය නොහැකිද?

එහෙමත් වෙන්න පුළුවන්. එහෙම නම් 2015 ජනවාරි 08 වැනිදා සිද්ධ වෙච්ච එකත් එහෙම තමයි. ඒක තමයි වඩාත් නිවැරදි. අනෙක මේක තමයි අවුරුදු ගානකට පස්සේ තමන්ගේ කොට්ඨාසයට නියෝජිතයෙක් හඳුනාගෙන ඡන්දය දෙන්නට ජනතාවට ලැබුණ අවස්ථාව. අනෙක් එක ආණ්ඩුවට විරෝධය පළ කරන්න නම් ජනතාවට පොදු ජන පෙරමුණ හැර තෝරාගන්න තව දේශපාලන පක්ෂ ගොඩක් තිබුණානේ. හැබැයි, ඒ වෙලාවේ ආණ්ඩුවේ එකට හිටපු පිරිස් ඡන්දෙදි දෙකට තුනට කැඩුණා. අපි විතරයි ආණ්ඩුවට විරුද්ධව නම් ඡන්දය දෙන්න තිබුණේ. එතනදි ඔවුන් මේක විරෝධය පළ කිරීමේ ඡන්දයක් බවට යොදාගත්තා වෙන්නත් ඇති. හැබැයි ඡන්ද කැඩිච්ච විදිහෙන් අපිට හොඳට පේනවා ජනවාරි 8 වැනිදා හංසයාට දීපු ඡන්ද ගොඩ තුනකට කැඩුණා. එදා මහින්ද මහත්තයාට දීපු ඡන්ද මේ පාර පොහොට්ටුවට ලැබුණා වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ.

පහුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මේ පක්ෂයට එක්වෙච්ච පිරිස පක්ෂයේ සාමාජිකත්වය ලැබුවාද නැත්ද කියන එක ගැන පසුව විවාදාත්මක තත්ත්වයක් මතු වුණා. එහිදී හැබෑවටම සිදුවූයේ මොකක්ද?
මෙහෙමයි. ඒක දේශපාලන රාමුව තුළ එකක්. නීතිමය තත්ත්වය තුළ වෙනත් එකක්. එදා ඒකාබද්ධ විපක්ෂයත් ඔය අර්බුදයටම මුහුණ දුන්නා. එක පැත්තකින් කථානායකතුමා බහුතරය පනස් හතරට වැඩිය දාසය ලොකුයි කියලා පිළිගත්තා. ඒකට හේතුව කිව්වේ මෙතන පක්ෂ දෙක තුනක් නෑ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු තමයි ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නේ කියලා. එතකොට නීතිමය රාමුව තුළ ඔවුන් සියල්ලක්ම ජාතික ආණ්ඩුවේ කොටස්කාරයෝ. හැබැයි ඔවුන්ගේ දේශපාලන මතවාදයයි දේශපාලන ක්‍රියාවලියයි තුළ ඔවුන් හිටියේ විපක්ෂයේ. ඒක පිළිගත්තා. හැබැයි කතා ගනිද්දිත් එක්සත් නිදහස් සන්ධානයට වෙන්කරන කාලය තමයි කථානායකතුමා ඒකාබද්ධ විපක්ෂයේ අයටත් බෙදලා දුන්නේ. වෙනම දුන්නේ නෑ. විපක්ෂ නායකකම දුන්නේ නැත්තෙත් ඒකනේ. එවැනි තත්ත්වයක්ම තමයි ඔය පිළිබඳවත් තියෙන්නේ. නීතිමය වශයෙන් ඔවුන් තවම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෝ. හැබැයි දේශපාලන වශයෙන් ඔවුන් ඉන්නේ වෙනත් කඳවුරක. අපිත් එක්ක.

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් පිරිසක් පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නා උත්සවයක් මාධ්‍ය ඉදිරියේ පැවැත්වුවේ බොරුවටද?

නීතිමය රාමුව තුළ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් නැහැ. එදා මම එතන හිටියෙත් නැහැ. මම කියන්නේ ඒක නීතිමය වශයෙන් කතා කළොත් එකක්. දේශපාලන වශයෙන් කතා කළොත් වෙන එකක් කියන එකයි. මේ පක්ෂය ජනතාවට අයිති පක්ෂයක්. නායකයෝ ඉන්නේ පිට. හැබැයි මේකේ පරමාදර්ශී නායකයා හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, පක්ෂය පිහිටවපු දා ඉඳලා ඉන්නවා. ඔහු නිල වශයෙන් පක්ෂයේ සාමාජිකයෙක්ද, නැත්ද කියන එක දැනගන්න ජනතාවට අවශ්‍ය වුණේ නෑ. එතුමාගේ දැක්මක් අනුව පිහිටවපු පක්ෂයක් කියලා ජනතාව දන්නවා.
දෙසැම්බර් නව වැනිදා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙක් ජනාධිපති ලෙස දිවුරුම් දෙන කතාවක් ඔබ ප්‍රකාශ කර තිබුණා. කොහොමද එහෙම කියන්නේ කියා පැහැදිලි කිරීමක් කළ හැකිද?
මැතිවරණ නීතිය අනුව අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය තියන්න පුළුවන් අවසාන දිනය දෙසැම්බර් නවය. ඒත් සෙනසුරාදා දවසක තියනවා නම් තියන්න වෙන්නේ දෙසැම්බර් 07 වැනිදා. දෙසැම්බර් 07 ඡන්ද විමසීම කළොත් දෙසැම්බර් 08 ගණන් කරලා නව ජනාධිපතිවරයාට දිවුරුම් දෙන්න වෙන්නේ දෙසැම්බර් 09 වැනිදා. ඒ අනුව තමයි මම එහෙම කිව්වේ. 09 වැනිදා දිවුරුම් දීලා දහ වැනිදා ඉඳලාම රටේ අවශ්‍යතා වෙනුවෙන් වැඩ කරන්න අපි සූදානම්.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද?

අපේ රටේ ක්‍රමයයි වෙනත් රටවල ක්‍රමයි දෙකක්. ඇමරිකාවේ නම් පක්ෂය තුළ අපේක්ෂකයා වීමට අවුරුද්දක කාලයක් යනවා. ප්‍රයිමරිස් කියලා එංගලන්තේ වගේ ටවුන් හෝල් මීටින්ස් තියලා, ප්‍රශ්න අහලා, පක්ෂයේම කට්ටිය විවාද කරලා, අපේක්ෂකයා විවාදවලට සහභාගි වෙලා, ඒ දෙගොල්ල අතර, අපේක්ෂකයෝ අතර, විවාද කරලා තමයි පක්ෂයේ නාම යෝජනාවට අවස්ථාවක් ලැබෙන්නේ. හැබැයි ලංකාවේ එහෙම නෑ. අවසානය දක්වා ඒක රහසක් විදිහට තබා ගැනීම පක්ෂවල පුරුද්දක් වෙලා තියනවා. සරත් ෆොන්සේකා මහත්තයා තරඟ වදින්නට මාසයකට ඉස්සෙල්ලා යුද හමුදාපතිවරයා වෙලා හිටියා. එයින් අස්වෙලා තරඟ වැදුණා. එතකන් කවුරුවත් ඒ අපේක්ෂකයා ගැන දන්නේ නෑ. ප්‍රේමදාස මහත්තයා නම් කළෙත් අවසන් මොහොතේ සම්මේලනයක් තියලා. ඒ වෙනකොට ලලිත් ඇතුලත්මුදලි එනවා… ගාමිණී දිසානායක එනවා… කියලා ලොකු රාවයන් තිබුණා. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා නම් කළෙත් “අනුර බණ්ඩාරනායක ද? මහින්ද රාජපක්ෂ ද?” කියලා ලොකු වාදයක් අවසන් මොහොත වෙනකම් ගිහින්. ඒ ලංකාවේ ක්‍රමය. ඒ නිසා ඒ අනුව සුදුස්සා එළියට ඒමත් සුදුසු කාලයක සිද්ධ විය යුතුයි කියන මතයේ පක්ෂ නායකත්වයේ හුඟ දෙනෙක් ඉන්නේ. තාම ඒ කාලය ඇවිල්ලා නෑ.

ඇමරිකානු පුරවැසියකුත් වන ඔබගේ මතයත් ඔය කියන පක්ෂ නායකයන්ගේ මතයමද?

ඒ මතය නෙවෙයි, මගේ තියෙන්නේ. ජනතාවට තමුන්ගේ නායකයා කවුද කියන එක තීරණය කරන්න කල් ඇතිවම අවස්ථාව, අයිතිය තියෙන්න ඕනේ. විධායක ජනාධිපති ක්‍රමය තුළ ඉස්සෙල්ලාම තෝරාගන්නේ පුද්ගලයෙක්. එහෙම වෙලාවට හදිසියේ පුද්ගලයෙක් ඉදිරිපත්වීමෙන් ජනතාව නොමඟ යන්න පුළුවන්. පහුගිය සැරේ වුණේ ඒකනේ. ඒ නිසා මම සන්තෝෂ වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමුන් ඉදිරිපත් වෙන්න සූදානම් කියන එක කලින්ම ජනතාවට දැනුම් දීපු එක ගැන. එතකොට එතුමාටත් ජනතාවගේ අදහස් ගන්න පුළුවන්. ජනතාවටත් ඔහු ගැන සලකා බලන්න පුළුවන්.

පොදු ජන පෙරමුණට ජනාධිපතිවරණ ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තු තියාගන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක කිසියම් හෝ එකඟතාවක් ඇති කරගැනීමට සිදුවෙනවා නේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන බවට මේ වෙනකොටත් තීරණය කර තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. පොදු ජන පෙරමුණ යෝජනා කරන්නේ ගෝඨාභය නම් එහිදී යම් අවුල් සහගත බවක් මතුවෙනවා නේද?

මාධ්‍ය මගින් ඉදිරිපත් කරන දේවල් අනුව ජනතාවත් සමහර විට ව්‍යාකූල වෙනවා වෙන්න පුළුවන්. අපේ පක්ෂය තුළ නම් එහෙම කිසිම අවුල් සහගත බවක් නෑ. අපි පැහැදිලිව දන්නවා මේකට සුදුස්සා කවුද කියලා. ඒ ගැන අපි බොහොම පැහැදිලි තැනක ඉන්නවා. අපේ ප්‍රතිපත්ති අනුගමනය කරන, ඒවා ක්‍රියාත්මක කරන්න සුදුසු ජනාධිපතිවරයෙක්, පාර්ලිමේන්තුවක්, පළාත් සභාවක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒත් එක එක පක්ෂවලට තම තමන්ගේ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට තියන අයිතියත් අපි පිළිගන්නවා. සමහර විට පසුව ඒවා සාකච්ඡා කරලා එක්කහු වෙනවා විය හැකි වුවත්, තමන්ගේ අපේක්ෂකයාව ඉදිරිපත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් පුළුවන්. සාහිත්‍ය සම්මාන දෙනකොටත්, නාට්‍යවලට සම්මාන දෙනකොටත්, හැම පොතක්ම, හැම නාට්‍යයක්ම තරඟයට යෝජනා කරන්න පුළුවන්. අන්තිමට තෝරලා එකකට තමයි සම්මානය ලැබෙන්නේ. ඒක ඉතිං බොහොම කල්පනාවෙන් ගත යුතු තීන්දුවක්. අපි මීට කලින් ගත්ත තීන්දු තීරණ පදනම් කරගෙන තීරණයක් ගැනීම අමාරු දෙයක් නෙවෙයි. ඒක අපි ඉස්සරහට තියාගමු. දැන්ම අවශ්‍ය වෙන එකක් නෑ ඒ ගැන පැහැදිලිව යමක් කියන්න.

ඔබලාගේ දේශපාලන කඳවුරේ පදනම සිංහල බෞද්ධ ඡන්ද පදනම නේද? එහෙම තියාගෙන කොහෛාමද සමානාත්මතාව ගැන කතා කරන්නේ ?

අපේ පක්ෂයේ නම් එහෙම එකක් නෑ. අපිත් එක්ක ඉන්න අනෙක් පක්ෂවලත් එහෙම එකක් නෑ. ඒත් අපි සාධාරණව පිළිගන්න ඕනේ මේ රටේ පදනම සිංහල බෞද්ධ පදනම කියලා. අපේ පක්ෂය හැම වෙලාවෙම වැඩි දෙනා වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් නෙවෙයි, හැම දෙනා වෙනුවෙන්ම පෙනී සිටින පක්ෂයක්. අධ්‍යාපනය පැත්තෙන් බැලුවොත් වැඩි දෙනකුට හොඳ අධ්‍යාපනයක් දෙන්න නෙවෙයි හැම දෙනාටම හොඳ අධ්‍යාපනයක් දෙන්නයි අපි වැඩ කරන්නේ. විදුලිය දෙනකොට වැඩි දෙනකුට විදුලිය දීම නෙවෙයි අපේ පරමාර්ථය හැම දෙනාටම විදුලිය දිම. ඒ වගේම බහුතරය නොවෙයි සියලු දෙනාගේම කැමැත්ත ඇතිව හැම දෙනාම සතුටු කරන සමාජයක් බිහි කරන්නයි අපි කටයුතු කරන්නේ.

එවැනි කාරණාවලදි නොවෙයි ඔය ගැටලුව මතුවෙන්නේ. ආගමික සහ බලය බෙදීම ආදී දේශපාලන කාරණා ආදියේදියි. බුද්ධාගමට මුල් තැන දෙනවා කිව්වොත් අනෙක් ආගම්වලට වෙනස් තැනක් හිමිවන බවත්, අසමාන සැළකීමක් සිදුවන බවත් එයින් පෙනෙනවා එතකොට ඔබ අර කලින් සඳහන් කළ සමානාත්මතාවය කියන කාරණය ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැති වෙනවා නේද?

එහෙම වෙන්න හේතුවක් නෑ. දැන් ඇමරිකාවේ ජනාධිපතිතුමා දිවුරුම් දෙන්නේ බයිබලේ අතගහලා. ඒකෙන් කියන්නේ නෑ අනෙක් ආගම් පස්සට යනවා කියලා. ඕක අපේ රටේ කළොත් එහෙම, ජාතක පොතේ හරි ධම්ම පදයේ හරි අත තියලා දිවුරුම් දෙන්න ගියොත් ඕක වැරදි විදිහට විග්‍රහ කරන්න පුළුවන්. එංගලන්තයේ රාජ්‍ය ආගම හැටියට තියෙන්නේ එංගලන්ත සභාව, රැජිනගේ ආගම. එකෙන් මම හිතන්නේ නෑ අනෙක් ඒවාට අසාධාරණයක් කරන්න ඉඩ කඩක් තියනවා කියලා. මේවා තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ කාරණා. සුඩානය වගේ මෑතක පවා ගෝත්‍රිකවාදී සටන් තිබුණු රටවල් පවා අද ඉදිරියට ඇවිත් තියනවා ඒවායින් අපි ඉගෙන ගන්න ඕනේ. ඇමරිකාවේ රජයේ පමණක් නොවෙයි පුද්ගලික අංශයේ රක්ෂාවකට දාන ඉල්ලුම් පත්‍රයේවත් අයදුම්කරු ගැහැනුද පිරිමිද කියලාවත් අහන්න බෑ. ජාතිය හෝ ආගම ගැන ඉල්ලුම් පත්‍රයේ කැමැති නම් ලියන්න පුළුවන්. නැත්නම් නොලියා ඉන්න පුළුවන්. අපේ ආණ්ඩුව තුළ අපි සිවිල් සමාජය පුරවැසි අයිතිවාසිකම් වගේ දේවල් ගැනත් විශේෂ අවධානයක් යොමු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාම පහළ මට්ටම දක්වා පුරවැසි සහභාගිත්වය ලබාදෙන රාජ්‍ය පරිපාලන ක්‍රමයක් ඇති කරන්න. 2005 මහින්ද චින්තනයෙත් කිව්වා ජනතාවට බලය බෙදනවා කියලා. ඒ නිසා මම ඉල්ලන්නේ අපේ පක්ෂය දිහා පාට කණ්ණාඩිවලින් බලන්නේ නැතිව, නැවුම්ව බලලා, නව ඇරඹුමක් රටේ ඇති කරන්න හැම දෙනාම සම්බන්ධ වෙන්න කියලා.

ගෝඨාභය කලින්ම කියපු එක හොඳයි බැසිල් රාජපක්ෂ

සුළු ජාතීන්ට ප‍්‍රශ්න තිබෙනවා..

සුළු ජාතීන්ට ප‍්‍රශ්න තිබෙනවා.. හැකි තාක් බලය බෙදිය යුතුයි.. සිංහල ජාතිකවාදයට මං කැමති නෑ.. එය වෙනස් කල යුතුමයි..- බැසිල්

හැකිතාක් පලය බෙදිය යුතු බවත් එය ජාතියක් වෙනුවෙන් සිදු කල යුත දෙයක් නොවන බවත් ජනතාවගේ වැඩ කටයුතු කරන්න ජනතාවට අයිතියක් දීම එයින් තමන් අදහස් කරන බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

‘අනිද්දා’ පුවත්පත සමගින් ඔහු පල කර ඇති අදහස් මෙසේය.

ඔබ ජාතිභේද නැතිව දේශපාලනය කිරීම ගැන කීවත්, පොදුජන පෙරමුණේ ඉන්න බොහෝ අය උත්සාහ කරන්නේ සිංහල ජාතිකවාදය වඩ වඩාත් ශක්තිමත් කරමින් බලයට එන්නයි.

ඒක නම් වෙනස් කරගත යුතුමයි. කවුරු මොනවා කිව්වත්. මම නම් ඒකට කැමතිම නැහැ. මම කියන්නේ නැහැ කිසිම ජාතියකට අසාධාරණයක් වෙන නීති හදන්න ඕනෑ කියලා. සමානත්වය ඇති කරන්න නීතිමය පසුබිම හදන්න ඕනෑ. මගෙනුත් අහන අය ඉන්නවා, ලංකාවේ වෙන ජනවර්ගවලට තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා. හැමෝටම සමාන අයිතීන් තියෙනවා නේද කියලා. ඒත් සුළු ජාතිකයෙකුට තියෙන ප්‍රශ්න මොනවාද කියලා ලේසියෙන් පැහැදිලි කරන්න බැහැ. තමනුත් සුළුතරය බවට පත්වුණොත් තමයි ඒ අමාරුව තේරුම් ගන්නේ. මම වෙනත් රටවල සුළුතරය විදියට ඉඳලා ඒ අත්දැකීම් ලබලා තියෙනවා. යම්කිසි කෙනෙක් දේශපාලනයෙන් බලයට එන්න ඒක යොදාගන්නවා නම් මම අනුමත කරන්නේ නැහැ.

පොදුජන පෙරමුණ නියෝජනය කරනවා යැයි ඔබ කියන නවීන අදහස්, පක්ෂයේ දේශපාලන නායකයන්ට එන්නත් කරන්නට සැලසුමක් තියෙනවාද‍?

අපි පහළ මට්ටමෙන්ම ජනතා සහභාගිත්වය ගත්තොත් හුඟ දෙනෙක් මේ සංකල්ප පිළිගනීවි. ඊට විරුද්ධ මතයක් ජනතාවටත් නැති බව පෙනෙනවා. එන්න එන්නම මධ්‍යස්ථ ඡන්ද වැඩිවෙනවා. තරුණ ඡන්ද වැඩිවෙනවා. එදාට වඩා අද මාධ්‍ය වෙනස්වෙලා. අද පත්තරයක්වත් නොකියවන තරුණයෝ ඉන්නවා. ඒත් ඔවුන්ට රටේ වෙන දේවල් ගැන ලොකු දැනුමක් තියෙනවා. බොරු කතා පතුරුවලා එයාලාගේ සහයෝගය ගන්න බැහැ. එයාලා දන්නවා හැමදේම. අපේම ඉතිහාසය ගැන අපටත් වඩා හොඳට එයාලා කියනවා. ඒ නිසා අපි ඒ අය එක්ක දේශපාලනය කරන්න සූදානම් වෙන්න ඕනෑ.

බලය බෙදීමේ අවශ්‍යතාව සුළුතර ජනවර්ගවලින් නිතර මතු කරනවා. එහෙත් පොදුජන පෙරමුණ ඒ ගැන සංවේදීද?

ඉදිරි කාලයේදී අපේ පක්ෂය ගමින් ගමට යන්න බලාපොරොත්තු වෙනවා. ගම්මාන 25,000ක විතර පිළිසඳර කියලා සාකච්ඡා මාලාවක් කරනවා. ඒ අයගේ අදහස් ගන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා. ජාත්‍යන්තර රටවලින් උදාහරණ ගන්නවා. අපේ පක්ෂයේ උපායමාර්ගික කාරණා ගැන වෙනම අංශයක් ඉන්නවා. බලය ජන සන්තක කරන්නේ කොහොමද කියලා අපි හොයනවා. බලය බෙදීම කියන්නේ ජාතියක් වෙනුවෙන් විය යුතු දෙයක් නෙවෙයි. මම නම් කියන්නේ බලය පුළුවන් තරම් බෙදන්න ඕනෑ. බලය බෙදීම කියන්නේ ජනතාවගේ වැඩ කටයුතු කරන්න ජනතාවට අයිතියක් දෙනවා කියන එක.

– අනිද්දා