සුළු ජාතීන්ට ප‍්‍රශ්න තිබෙනවා..

සුළු ජාතීන්ට ප‍්‍රශ්න තිබෙනවා.. හැකි තාක් බලය බෙදිය යුතුයි.. සිංහල ජාතිකවාදයට මං කැමති නෑ.. එය වෙනස් කල යුතුමයි..- බැසිල්

හැකිතාක් පලය බෙදිය යුතු බවත් එය ජාතියක් වෙනුවෙන් සිදු කල යුත දෙයක් නොවන බවත් ජනතාවගේ වැඩ කටයුතු කරන්න ජනතාවට අයිතියක් දීම එයින් තමන් අදහස් කරන බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

‘අනිද්දා’ පුවත්පත සමගින් ඔහු පල කර ඇති අදහස් මෙසේය.

ඔබ ජාතිභේද නැතිව දේශපාලනය කිරීම ගැන කීවත්, පොදුජන පෙරමුණේ ඉන්න බොහෝ අය උත්සාහ කරන්නේ සිංහල ජාතිකවාදය වඩ වඩාත් ශක්තිමත් කරමින් බලයට එන්නයි.

ඒක නම් වෙනස් කරගත යුතුමයි. කවුරු මොනවා කිව්වත්. මම නම් ඒකට කැමතිම නැහැ. මම කියන්නේ නැහැ කිසිම ජාතියකට අසාධාරණයක් වෙන නීති හදන්න ඕනෑ කියලා. සමානත්වය ඇති කරන්න නීතිමය පසුබිම හදන්න ඕනෑ. මගෙනුත් අහන අය ඉන්නවා, ලංකාවේ වෙන ජනවර්ගවලට තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා. හැමෝටම සමාන අයිතීන් තියෙනවා නේද කියලා. ඒත් සුළු ජාතිකයෙකුට තියෙන ප්‍රශ්න මොනවාද කියලා ලේසියෙන් පැහැදිලි කරන්න බැහැ. තමනුත් සුළුතරය බවට පත්වුණොත් තමයි ඒ අමාරුව තේරුම් ගන්නේ. මම වෙනත් රටවල සුළුතරය විදියට ඉඳලා ඒ අත්දැකීම් ලබලා තියෙනවා. යම්කිසි කෙනෙක් දේශපාලනයෙන් බලයට එන්න ඒක යොදාගන්නවා නම් මම අනුමත කරන්නේ නැහැ.

පොදුජන පෙරමුණ නියෝජනය කරනවා යැයි ඔබ කියන නවීන අදහස්, පක්ෂයේ දේශපාලන නායකයන්ට එන්නත් කරන්නට සැලසුමක් තියෙනවාද‍?

අපි පහළ මට්ටමෙන්ම ජනතා සහභාගිත්වය ගත්තොත් හුඟ දෙනෙක් මේ සංකල්ප පිළිගනීවි. ඊට විරුද්ධ මතයක් ජනතාවටත් නැති බව පෙනෙනවා. එන්න එන්නම මධ්‍යස්ථ ඡන්ද වැඩිවෙනවා. තරුණ ඡන්ද වැඩිවෙනවා. එදාට වඩා අද මාධ්‍ය වෙනස්වෙලා. අද පත්තරයක්වත් නොකියවන තරුණයෝ ඉන්නවා. ඒත් ඔවුන්ට රටේ වෙන දේවල් ගැන ලොකු දැනුමක් තියෙනවා. බොරු කතා පතුරුවලා එයාලාගේ සහයෝගය ගන්න බැහැ. එයාලා දන්නවා හැමදේම. අපේම ඉතිහාසය ගැන අපටත් වඩා හොඳට එයාලා කියනවා. ඒ නිසා අපි ඒ අය එක්ක දේශපාලනය කරන්න සූදානම් වෙන්න ඕනෑ.

බලය බෙදීමේ අවශ්‍යතාව සුළුතර ජනවර්ගවලින් නිතර මතු කරනවා. එහෙත් පොදුජන පෙරමුණ ඒ ගැන සංවේදීද?

ඉදිරි කාලයේදී අපේ පක්ෂය ගමින් ගමට යන්න බලාපොරොත්තු වෙනවා. ගම්මාන 25,000ක විතර පිළිසඳර කියලා සාකච්ඡා මාලාවක් කරනවා. ඒ අයගේ අදහස් ගන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා. ජාත්‍යන්තර රටවලින් උදාහරණ ගන්නවා. අපේ පක්ෂයේ උපායමාර්ගික කාරණා ගැන වෙනම අංශයක් ඉන්නවා. බලය ජන සන්තක කරන්නේ කොහොමද කියලා අපි හොයනවා. බලය බෙදීම කියන්නේ ජාතියක් වෙනුවෙන් විය යුතු දෙයක් නෙවෙයි. මම නම් කියන්නේ බලය පුළුවන් තරම් බෙදන්න ඕනෑ. බලය බෙදීම කියන්නේ ජනතාවගේ වැඩ කටයුතු කරන්න ජනතාවට අයිතියක් දෙනවා කියන එක.

– අනිද්දා

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://basilrajapaksa.com/wp-content/uploads/2019/01/හෙට-ගැන-හිතන2-1920X1080px.jpg);background-size: cover;background-position: right bottom;background-attachment: scroll;background-repeat: no-repeat;}#stuning-header div.page-title-inner {min-height: 870px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}