ඇමැතිවරුන්ට චෝදනා එල්ල වුනත් රජය නිහඩයි

අද දින (05* පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙහාන් සේමසිංහ මහතා.
අගමැතිවරයා කාර්ය භාරය ඉටු නොකර මාධ්‍ය ප‍්‍රකාශයෙක් වෙලා. මේ වෙද්දි විශේෂ ප‍්‍රකාශ තුනක් කරලා. ආණ්ඩුව බලයට ආ දවසේ ඉදලා අගමැති ජනාධීපති දෙපල මාරුවෙන් මාරුවට ප‍්‍රකාශ කරනවා. ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් ප‍්‍රතිඵලයක් නැහැ. තමන්ගේ වගකීම ඉටු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඊයේ වෙද්දි රනිල් වික‍්‍රමසිංහ මහතා මේ ප‍්‍රහාරය මාධ්‍ය දඩයම සදහා යොදා ගන්න හදනවා. රජය ජනතාවගේ ආරක්ෂාවට තොරතුරු නොදෙන අවස්ථාවක ආරක්ෂක අංශ සමග එක්ව මාධ්‍යයි ජනතාවට තොරතුරු දුන්නේ. එක මාධ්‍ය ආයතනයක් මේ දඩයමට ගොදුරු වුනොත් සියලූ මාධ්‍ය ආයතන එක්වෙන්න. ජනතාවට නිවැරදි තොරතුරු දිම නිසා ප‍්‍රශ්නයක් වුනු බවයි අගමැතිතුමා කියන්න හදන්නේ.
රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවට නැගී හිටපු මාධ්‍යවේදීන්ට වුන දේ, බටලන්ද කොමිෂම ගැන අපි අහලා තියෙනවා. ඒ නිසා තමන්ගේ වගකිම ඉටු කරනවා මිස එහි වරද මාධ්‍ය පිට පටවන්න එපා. වරදේ වගකීම පොලිස්පතිවරයා පිට තියලා අත හෝදගන්නත් උත්සාහ කරනවා. විය යුත්තේ සමස්ත රජයම වරද පිළිගැනීමයි. දැන් ආයෙත් එජාපයේ සුපුරුදු පිළිවෙත පටන් අරන්. රාජිත සේනාරත්න මහතා තමයි මහින්ද රාජපක්ෂ රජය බිදදමන්න පදනම් විරහිත චෝදනා එල්ල කලේ. වරස 5ක් තිස්සේ ඒ කිසිවක් ඔප්පු කර ගන්න බැරි වුනා. හමුදා කුමන්ත‍්‍රණයක් ගැන කිව්වා. තාජුඞීන් ඝාතනය ගැන කිව්වා. මහින්ද රාජපක්ෂ මහතා නමට විදේශයේ තියෙන මුදල් ගැන කිව්වා. දැන් ආයෙත් වැඩ පටන් අරන්. ගෝඨාභය රාජපක්ෂ මහතාව එදා අන්තවාදී බෞද්ධයෙක් කිව්ව මොහු දැන් අන්තවාදී මුස්ලිම් ප‍්‍රශ්නයට මැදි කරන්න හදනවා. විජේදාස රාජපක්ෂ මහතා අන්තවාදින් ගැන කියද්දි එහෙම දෙයක් නැහැ කිව්වෙත් මෙතුමා. ඒ ප‍්‍රකාශ නිසා මිනිස් ජිවිත දහස් ගණනක් නැති වුනා.
මේ අය අන්තවාදින් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න බවයි කිව්වේ. මේ පින්තූර බලන්න. යම් කණ්ඩායමක් ඇවිත් කිසියම් පොතක් පිළිගන්වන එකයි මෙයි තියෙන්නේ. මෛතී‍්‍ර ගුණරත්න ආන්ඩුකාරවරයා, මැතිවරණ කොමසාරිස්වරයා, දඹර අමිල හිමියන්,ට වගේම රාජිත සේනාරත්නටත් ඔය කියන පොත පිළීගන්වලා තියෙන බව මේ පින්තූරවලින් පැහැදිලියි. අන්තවාදි කණ්ඩායම් පෝෂණය කලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නෙවෙයි. වර්තමාන ආන්ඩුවයි අන්තවාදය පෝෂණය කලේ. ආණ්ඩුවට අවශ්‍ය වුනේ පාර්ලිමේන්තුවේ තමන්ගේ බලය රැුක ගැනීම පමණයි. තමන්ගේ වගකිම නිසියාකාරව ඉටු කරන්න බැරි නම් එහි වගකීම වෙනත් අය පිට පටවන්න එපා.
අපේ පියල් නිශාන්ත මන්තී‍්‍රවරයා කරපු ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වෙද්දි පරීක්ෂණ සිද්ධවෙනවා. ඒ එතුමාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කණගාටුව ප‍්‍රකාශ කර තිබියදිත්. නමුත් මරණ සංඛයාව 351ක් කියලා පසුව එය 251ක් කීම සම්බන්ධයෙන් මේ වෙද්දි කිසිදු පියවරක් නැහැ. විරුද්ධ පක්ෂය දඩයම් කරන්න දැන් ආන්ඩුව සූදානම් වෙනවා.
ඒ වගේම රජයට සම්බන්ධ මැති ඇමැතිවරුන්ට චෝදනා එල්ල වුනත් රජය නිහඩයි. රිසාඞ් බදියුදීන් හා තියෙන සම්බන්ධතා ගැන කියැවෙනවා. ත‍්‍රස්තවාදින් භාවිතා කරපු නිවසක් දේශපාලකයින්ට සම්බන්ධයි කියනවා. කාගෙන්ද ප‍්‍රශ්න කලේ. ඒ කිසිවෙක් සම්බන්ධයෙන් නිතීිමය විදියට පරික්ෂණ කලේ නැහැ. රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයාගෙන් ප‍්‍රශ්න කරපු බව පොලිස්පති කිව්වාත් ඔහු එළියට ඇවිත් කියනවා මගෙන් කිසිම ප‍්‍රශ්න කිරිමක් වුනේ නැහැ කියනවා. හිස්බුල්ලා අසාද් සාලි, ආන්ඩුකාරවරුන්ට වගේම මුජිබර් රහුමාන්ට චෝදනා එල්ල වෙනවා. කෝ ප‍්‍රශ්්න කලා. චෝදනා එල්ල වෙන රජයට සම්බන්ධ පුද්ගලයින්ගෙන් ප‍්‍රශ්න කළ යුතුයි. නැත්නම් අපිට හිතෙන්නේ මේකට රජය සම්බන්ධයි කියලා. කිලෝ ගාණක් පුපුරන ද්‍රව්‍ය මොවුනට ලැබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කර දඩුවම් දිය යුතුයි. ඒ වගේම මන්සූර් ඇමැතිවරයා ත‍්‍රස්තවාදියාගේ බිරිද බලන්න යනවා. ඒකට අවස්්ථාව නොදුන්න අධ්‍යක්ෂවරයා පොළොන්නරුවට මාරු කරනවා.
ආන්ඩුව මේ සියලූ දේ දැනගෙන වසන් කරලා මේ බරපතල හානිය රටට කළාද කියලා අපිට සැකයි. හිටපු අමාත්‍ය වසන්ත සේනානයක මහතා තුර්කි ත‍්‍රස්තවාදින් අපේ රටේ ඉන්න බවට හෙළිදරව්වක් කරනවා.මේ සම්බන්ධයෙන් වසර දෙකකට පෙර දැනුම්වත් වෙලා ඉදලා තියෙනවා. මොවුන්ගේ ගමන් බලපත් අංක පවා ලබාදී තියෙනවා. මොවුන්ගේ කීදෙනෙක් දැන් මෙරට ඉන්නවාද. කීදෙනෙක් ලංකාවෙන් පිටත් වුනාද කියන දේ රජය පැහැදිලි කළ යුතුයි.
අද ජනතා විමුක්ති පෙරමුණ කෙහෙද ඉන්නේ. පහුගිය කාලයේ මහින්ද රාජපක්ෂ ආන්ඩුව හා ගත්ත පියවරයන් දැඩිව විවේඡුනය කළ මොවුන් ජාතික ව්‍යසනයක් ඇතිවුනු අවස්ථාවක මේ විදියට නිහ`ඩ ඇයි. සැකරුවෙක් විදියට අත් අඩංගුවට ගත්ත ඊබ‍්‍රහීම් ඔවුන්ගේ ජාතික ලයිස්තුවේ ඉන්න නිසාද? ජවිපේ පෙරට ඇවිත් මේ ව්‍යසනය වලක්වන්න උදව් කරන්නේ නැත්තේ කියන එකත් අපිට ප‍්‍රශ්නයක්.
මේ 15 වැනිදා වෙද්දි තිරණාත්මක තීන්දුවක් ලැබෙන්න තිබුණා. සජිත් පේ‍්‍රමදාස මහතා අගමැතිවෙලා ආන්ඩුවක් බිහිවෙයි කියන බලාපොරොත්තුව එජාප මන්තී‍්‍රවරුන්ට තිබුණා. අනාගතයේ එජාපය භාරගන්න ඉන්නවා නම්, එජාප ආන්ඩු සමයක වුනු මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියට එන්නේ නැත්තේ ඇයි. මේ සිද්ධිය ආවරණයක් කරගෙන විරුද්ධ පක්ෂයට චෝදනා එල්ල කරමින් ජනතා අප‍්‍රසාදය වහගන්නයි මේ උත්සාහ කරන්නේ.
ප‍්‍රතිත‍්‍රස්ත පනත ගෙනත් තියෙන්නේ ත‍්‍රස්තවාදය තුරන් කිරීමට කිව්වත් එය අසත්‍යයි. ඒ සදහා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ප‍්‍රතිපාදන තියෙනවා. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂමට වුනු පොරොන්දුවක් මොවුන් මේ ඉටු කරන්න සූදානම් වෙන්නේ. මේ හදුන්වා දෙන පනත හරහා සිද්ධ වෙන්නේ රජයට විරුද්ධව නැගී සිටින පුරවැසියන් පාලනය කරන්නයි. මාධ්‍ය ආයතන වුවත් පාලනය කරන්න ඉඩ තියෙනවා. විදේශිය රටවල සහාය ගන්න හදන්නේ ප‍්‍රතිත‍්‍රස්ත පනත ගේන්න හදන්නේ එල්.ටී, ටී. ඊ ඩයස්පොරොවේ ග‍්‍රහණයට මේ ආන්ඩුව ලක්වෙලා තියෙන නිසයි.
යුද්ධය අවසන් වීමෙන් පස්සේ අපේ රටේ සංචාරක ව්‍යාපාරය සීග‍්‍රයෙන් වර්ධනය වුනා. මේ ත‍්‍රස්ත ප‍්‍රහාරය වගේම එයින් පස්සේ රටේ ආරක්ෂාව විශ්වාසනීය විදියට තහවරු කිරීමට ආණ්ඩුවට නොහැකි වීම නිසා දැන් සංචාරක ව්‍යාපාරය කඩාවැටිලා. මහින්ද රාජපක්ෂ රජය සමයේ රජයේ මග පෙන්වීම යටතේ පුද්ගලික අංශය සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පියවර ගත්තා. මේ ව්‍යසනයෙන් පස්සේ සංචාරක ව්‍යාපාරය සම්න්ධයෙන් රජය කිසිදු අවධානයක් යොමු කලේ නැහැ. දැන්වත් රජය මැදිහත් වී සංචාරක ව්‍යාපාරය ගොඩනැගීම සදහා වැඩපිළිවෙලක් ඇති කළ යුතුයි. එහෙම නොකර ප‍්‍රකාශ නිකුත් කිරීම පමණක් ප‍්‍රමාණවත් නැහැ.
අද වෙද්දි ආනන්දි ශසිදරන්, මාවෙයි සේනාධිරාජා උතුරු පළාතට හමුදා ආරක්ෂාව ඉල්ලනවා. ඔවුන් තමයි අපේ රණ විරුවෝ යුද අධිකරණයට ගෙනියන්න උත්සාහ කලේ. අද දෛවයේ සරදමක් විදියට උතුරු පළාත හා නැගෙනහිර පළාත ආරක්ෂා කළ හැක්කේ හමුදාවට පමණයි කියලා ඔවුන්ටත් විශ්වාස කරන්න සිද්ධ වෙලා. දැන්වත් මානව හිමිකම් කොමිෂමේ සම අනුග‍්‍රහය දැක්වූ යෝජනාවලින් ඉල්ලා අස්වෙන්න. මේ ත‍්‍රස්තවාදය වැලැක්වීම සදහා වහාම වැඩපිළීවෙලක් දියත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාංචන විජේසේකර මහතා
මේ විපත වූ අවස්ථාවේ සිට මේ දක්වා දේශපාලන නායකත්වයේ අඩුපාඩු මග හරිමින් අවශ්‍ය නායකත්වය දුන්නේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්. පොදුජන පෙරමුණ විදියටත්, ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් විදියටත් අපි අගරදතුරුතුමන්ට අපේ ගෞරවය දක්වනවා. තමන්ගේ ජිවිත ගැන නොහිතා මේ වෙනතුරු රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ආරක්ෂක අංශවලට, සෞඛ්‍ය අංශවලට වගේම ජනතාවට නිවැරදි තොරතුරු ලබා දුන්න මාධ්‍යයටත් අපේ ගෞරවය දක්වනවා. ආණ්ඩුවට නිවැරදි තොරතුරු ජනතාවට ලබා දෙන්න ඒකකයක් පත්කරන්න දින54ක් ගත වුනත් මාධ්‍ය මුල් අවස්ථාවේ සිට එය නිවැරදිව කළා.
අගරදගුරුතුමන් තමන්ට දුන්න වෙඩිනොවදින වාහනය ප‍්‍රතික්ෂේප කරමින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න කිව්වා. සමස්ත ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බුද්ධි අංශ තොරතුරු ජනතාවට නොදී දේශපාලන නායකත්වය වෙනුවෙන් ආරක්ෂාව ඉල්ලන අවස්ථාවක මෙවැනි ආගමික නායකයෙක් අපේ රටේ සිටීම ගැන අපි සතුටු වෙනවා. පහුගිය සති කිහිපයේ උන් වහන්සේගේ ප‍්‍රකාශ තුලින්ම රට පාලනය වූවා හැරෙන්න දේශපාලන නායකත්වය තුළින් රටේ සාමය පවත්වා ගැනීමක් සිදුවුනේ නැහැ.
පියල් නිශාන්ත මන්තී‍්‍රවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් අපි කණගාටු වෙනවා. නිවැරදි තොරතුරුම පමණක් මුලාශ‍්‍ර කරගත යුතු බව අපි විශ්වාස කරනවා. නමුත් පහුගිය කාලයේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයාගේ ප‍්‍රකාශ අපි දැක්කා. ත‍්‍රස්තවාදින් කියලා වෙනත් රටවල පුද්ගලයින් ගේ ජායාරූප පවා නිකුත් වුනා. ඒ සම්බන්ධයෙනුත් පියල් නිශාන්ත මන්තී‍්‍රවරයාට මෙන්ම නීතීය කි‍්‍රයාත්මක විය යුතුයි.
මේ දින කිහිපයේ රජයේ පාර්ශවය නියෝජනය කරන අය මේ අවස්ථාවත්් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඇගිල්ල දිගු කරන්න උපයෝගි කර ගෙන තිබෙනවා. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එජාපයේ පසුපෙල මන්තී‍්‍රවරුන්ගේ විරෝධය පලවෙද්දි ඔවුන්ට උපදෙස් ලැබී තිබෙන්නේ මාධ්‍ය ඉදිරියට ගිහින් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂට හා විපක්ෂයට මේ සිද්ධිය බැර කරන්න පුලූවන් කියලයි. අවසාන දින දෙකේ සමාජ මාධ්‍ය දිහා බැලූවම නැවතත් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්වල නිර්මාතෘ විදියට පෙන්වා දෙන්න උත්සාහ ගන්නේ ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ දෙපල බව පේනවා. රාජිත සේනාරත්න 2015 මැතිවරණයට පෙර බොදුබල සේනාව අන්තවාදි කණ්ඩායමක්. එය මෙහෙයවන්නේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුන්‍දා ආණ්ඩුවයි කියලා කිව්වා. මැතිවරණයෙන් පස්සේ ඒක මෙහෙයවන්නේ පාඨලී චම්පික කියලා කිව්වා. ආවා කල්ලය ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරද්දි මහින්ද රාජපක්ෂ ඇතුලූ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගේ නිර්මාණයක් කිව්වා.
ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කරන්න සූදානම් කිව්ව අවස්ථාවේ මොවුන්ගේ සටන් පාඨය වුනේ ගෝඨාභය රාජපක්ෂට සුලූ ජාතික ඡුන්ද නොලැබෙන බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ද්විත්ව පුරවැසියෙක් නෙවෙයි කිව්වටා පස්සේ දැන් මේ අන්තවාදි කණ්ඩායම්වල නිර්මාතෘ ගෝඨාභය රාජපක්ෂ මහතායි කියන්න උත්සාහ ගන්නවා. රටේ විපතක් සිදුවෙලා තියෙන අවස්ථාවක මිට වඩා වගකීමෙන් කටයුතු කරන ලෙස අපි රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටිනවා. පහුගිය කාලයේ බොරුවෙන් ගෙන ගිය ආන්ඩුව මේ විපතෙන් පස්සෙත් බොරුවෙන් ඉදිරියට ගෙනියන්න එපා.
රාජිත සේනාරත් මහතා සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළට ගන්න පෙර නිලධාරීන් මැදිහත් වෙලා හෝ ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එතුමා කරන්නේ හොද මානසිකත්වයෙන් ඉන්න පුද්ගලයින්ට කරන්න පුලූවන් විදයේ ප‍්‍රකාශ නෙවෙයි. ජාත්‍යන්තර මාධ්‍යට රනිල් වික‍්‍රමසිංහ මහතා විවිධ ප‍්‍රකාශ නිකුත් කරනවා. අයි. එස්. අයි. එස් නායකයා වසර 5ට පසු කරපු ප‍්‍රකාශයට අනුව තුර්කියේ හා සිරියාවේ ඔවුන් ලබපු පරාජයන්ට ප‍්‍රතිප‍්‍රහාරයක් විදියට ලංකාවේ තෝරාගත් ඉලක්කයට කරපු ප‍්‍රහාරයක් කියලා කියන්න අගමැතිවරයා උත්සාහ කරනවා. රාජ්‍ය ආරක්ෂාවේ දුර්වලකම අයි. එස්. සංවිධානය ප‍්‍රයෝජනයට ගත්තා කියන දේ එයින් පැහැදිලියි. ඒ වගේම තුර්කිය සිරියාවට පස්සේ ඔවුන්ගේ ඉලක්කය ලංකාවද කියලා දෙවරක් හිතන්න සිද්ධ වෙනවා. අපි දිගින් දිගටම අනතුරු හැගවිම් කළා. බුද්ධි අංශවල මානසිකත්වය කඩා වැටීමේ ප‍්‍රතිඵලයි මේ දකින්න ලැබෙන්නේ. 21 වැනිදා සිට ආරක්ෂක අංශ දිනපති අත්අඩංගුවට ගැනීම් සිද්ධවෙන ආකාරයෙන් අපිට පේනවා. රටේ ආරක්ෂක අංශ ශක්තිමත් බව මේවායින් පැහැදිලියි. දැන්වත් ජාතික ආරක්ෂාව අනතුරේ දාන්න එපා. විදේශ ඔත්තු, තොරතුරු වගේම අපේ අංශවල තොරතුරු මගින් ප‍්‍රහාරයන් වළක්වා ගන්න අපේ හමුදාවන්ට හැකියාව තියෙනවා.
ඇමරිකානු තානාපතිනිය ලංකාවට අනතුර තවමත් තියෙන නිසා අවධානයෙන් ඉන්න කිව්වා. මේ තානාපතිනියම නැගෙනහිර පලාතේ යුධ පුහුනු කටයතු වලට සම්බන්ධ වෙනාව. ඇමරිකානු යුද අභ්‍යාස සිද්ධවුනා. මාස තුනකට කලින් නාවික හමුදාව ශක්තිමත් කරන්න කියලා තානාපති කාර්යාලය හරහා ඩොලර් මිලියන 38ක ප‍්‍රධානයක් දුන්නා. ඒ වගේම මහා බි‍්‍රතාන්‍යට අයත් දුපතක් තියෙනවා දියොගොගාසියාව කියලා. පළවෙනි , දෙවැනි ලෝක යුද්ධය වගේම මැද පෙරදිග යුද තත්ත්වයන් සිරියාව, වගේ රටවල තත්ත්වයන්ටත් ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්තානය බවට පත්වුනේ මේ ¥පතයි. මේක ඇමරිකාව බදු ක‍්‍රමයට අරන් තිබුණු ¥පතක්. මිට සති කිහිපයකට පෙර හේග් ජාත්‍යන්තර අධිකරණය මේ ඇමරිකාව මේ ¥පතේ පරිපාලනය නිති විරෝධීයි කියන තීන්දුව දුන්නා. ඒ සමග ඇමරිකානු හමුදාව ඉන්නේ අනතුරක. ඉන්දියන් සාගරයේ ඔවුන්ගේ මූලස්ථානය නැති වෙමින් පවතිනවා. මේ මොහොතෙත් ඇමරිකාව ඉන්දියන් සාගරයේ මූලස්ථානය බවට ලංකාව පත්කර ගැනීමේ උත්සාහයක් තියෙන්න පුලූවන්. මේ නිසා ලංකාව ලෝක බලවතුන්ගේ යුධ පිටියක් කරන්න අවස්ථාව දෙන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
2013 දිණමිණ පුවත්පතේ තියෙනවා නිති රිති කඩපු විදේශිකයින් 3000ක් රටෙන් පිටුවහල් කරපු බව කියනවා. මේ ආගමන බුද්ධි නිර්ක්ෂණ ඒකකය 2010 ආරම්භ කරලා විවිධ ජාවාරම් වලට සම්බන්ධ ත‍්‍රස්තවාදය වරපුරන පිරිස් ඉන්න බව හදුනා ගෙන 3000ට අධීක පිරිසක් මෙරටින් පිටුවහල් කළා. එයින් 161 අන්තවාදී ඉගැන්විම් කරන පූජකවරු. ඒ බුද්ධි අංශය අද කි‍්‍රයාත්මක වෙනවාද දන්නේ නැහැ. චම්පික රණවක ඇමැතිවරයා කියනවා 300ට ආසන්න විදේශයින් ත‍්‍රස්තවාදය, අන්තවාදය වපුරන ගැන්විම් කරන අය සිටින බව, විජේදාස රාජපක්ෂ මහතා කියනවා අයි. එස් අයි. එස් සම්බන්ධකම් තියෙන අය ගැන කියනවා. වසන්ත සේනානායක රජය දැනුවත් කළාලූ තුර්කි ත‍්‍රස්තයින් මෙරට සිටින බවට. නිති විරෝධීව මෙරට රැුදී සිටින විදේශියකයින් පිළිබදව ගණනය කිරීමක් මෙතෙක් සිද්ධ වුනාද කියලා අපිට සැකයක් තියෙනවා. ආන්ඩුවේ හිටපු දෙන්නෙක්ට ආන්ඩුවට එරෙහිව කරුණු දක්වන්න කොන්ද පණ තිබුණ හතක ගැන අපි සතුටුයි. විජේදාස රාජපක්ෂ මහතාටත්, වසන්ත සේනානයක මහතාටත් මේනිසා අවසානයේ තනතුරු අහිමි වුනා. අනතුරු හගවන එවැනි පුද්ගලයින්ට වෙන දේ අපි බලන් ඉන්නවා. හිටපු හමුදාපති සරත් පොන්සේක් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට කරපු චෝදනාවලට ප‍්‍රතිචාර දක්වා තිබුණා.
එදා ආන්ඩු පෙරලිය වෙලාවේ සිංදු කියමින් බූරුවා ගසමින් හිටපු අජිත් පෙරේරා, හරීන් ප‍්‍රනාන්දුලාත් අද ජවිපේ වගේම නිහඩයි. ජවිපේ වගේම නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස නිහඩයි. මේ ව්‍යවසන වුනාට පස්සේ ජවිපේ නායකයාට මෙරටට එන්න දින 6ක් ගත වුනා. රාජ්‍ය නායකයාට පැය 12ක් ගතවුනා. මුජිබර් රහිමාන්ගේ හිතවත් කොළඹ නාගරික මන්තී‍්‍රවරයෙක් කඩු කිනිසි එක්ක හසුවුනා. ආන්ඩුවේ මන්සූර් මන්තී‍්‍රගේ රියදුරා අවි ආයුධ එක්ක අසුවුනා. ජවිපේ ජාතික ලයිස්තු පුද්ගලයෙක්ගේ පවුල කෙලින්ම ප‍්‍රහාරය සම්බන්ධ වුනා. බැරිවෙලාවත් බැසිල් රාජපක්ෂ මහතාගේ මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතෙක් මෙතැන හිටියානම් මොකද වෙන්නේ. ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නොපවත්වා ඉන්න කුමන්ත‍්‍රණ දියත් වෙනවා. කුමන්ත‍්‍රණ කරලා බලයේ සිටින්න හෝ ඡුන්ද කල්දාන්න සුදානම් වෙන්න එපා. අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.
නිපුණතා සංවර්ධන ඇමැතිවරයා විදියට ඩලස් අලහප්පෙරුම මන්තී‍්‍රවරයා මඩකලපු ශරියා විශ්ව විද්‍යාලය අනුමැතිය දුන්න බව සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කරනවා. 2012 වසරේ ආන්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් ප‍්‍රතිපත්ති තින්දුවක් ගනිමින් විෂය ධෘරාවට තාක්ෂණ විෂය ඇතුලූ කරනවා. තාක්ෂණ විෂය උසස් පෙලට එකතු විමත් සමග යුනිවසිටි කොලේජ් 25ක් මේ රටේ ඇති කරන්න තීරණයක් ගන්නවා. යුනෝ ටෙක් විදියටයි මේ තීන්දුව ගන්නේ. රාජ්‍ය මැදිහත්වීමෙන් විශ්ව විද්‍යාල 20ක් හා රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ වි තවත් විශ්ව විදයාල 5කුත් ඇති කරන්න තිරණය වෙනවා. ඒ අනුව රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ එකගතා ගිවිසුම් තුනක් ඇති කරනවා. පළමුවැන්න ශී‍්‍ර ජයවර්ධන පුර රෝහල එක්කත්, දෙවැන්න ශී‍්‍ර ලංකා ඉංජිනේරු ආයතනයත් සමගත්, තුන්වැන්න හිරා ආයතනයත් එක්කත් මේ ගිවිසුම් හැදෙනවා. එදා පාඨමාලා තුනකටයි අනැමැතිය හිමි වෙන්නේ. එදා අනුමැතිය ලබාදෙනයඅනෝ ටෙක් ආයතනය අද දවසේ බිහිවෙන භූමියට නෙවෙයි දුන්නේ. කාත්තන්කුඩිවල තියෙන වෙනත් එකකටයි අනුමැතිය දුන්නේ. හයිරා පදනම කියන මේ කටයුත්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ 2015 දෙසැම්බර් මාසයේ. ඒ නිසා මේකට මහින්ද රාජපක්ෂ හෝ ඩලස් අලහප්පෙරුම මහත්වරු පහසුකම් දීලා නැහැ. මේ ආන්ඩුවේ එවැනි අනුමැතියක් ලබා දුන්න කණ්ඩායම් කවුද කියලා සෙවීමේ වගකීමක් ආණ්ඩුවට තියෙනවා.

මාධ්‍ය – මේ වෙද්දි ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජිවත්වෙන්න වාතාවරණයක් නිර්මාණය වෙලා නැහැ නේද?
සෙහාන් සේමසිංහ – රටේ ජාතික ආරක්ෂවා සම්බන්ධයෙන් ප‍්‍රමුඛතාවයක් දීපු නිසා පසුගිය ආන්ඩුව සමයේ මෙවැනි සිද්ධියක් වුනේ නැහැ. සංහිදියාව පිළිබද කාර්යාලය තමයි අපේ රටේ ජාතික ආරක්ෂාව පැත්තකට දාලා සංහිිදියාව කියන දේ තුල කටයුතු කරලා මේ අවාසනාවන්ත සිද්ධියට රට ගොදුරු කලේ. මේ සංහිදායව පිළීබද කාර්යාලයට ලැබුණු මුදල් හා ඒ මුදල්වලට වුනු දේ දැන ගැනීමට අවශ්‍යයි. ඩොලර් මිලියන 480ක් මේ ප‍්‍රහාරය නිසා රටට ලැබෙන බව මංගල සමරවිර මුදල් ඇමැතිවරයා සතුටෙන් කිව්වා. මේ මුදලට රට පාවාදුන්නද? අගමැතිතුමන් මෙම්රටේ කි‍්‍රස්තියානු භක්තිකයාට හිංදු ජාතිකයාට බෞද්ධයාට ආගමික ස්ථානවලට යන්න හැකියාවක් නැහැ. පළමුව රටේ ආරක්ෂාව තහවුරු කරන්න. මේ ව්‍යසනය වෙලා ෂතියක් ගිහිල්ලත් පරික්ෂණ කරන්න ප‍්‍රමාණවත් නිලධාරීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය විදියට ති‍්‍රවිද හමුදා හා පොලිසිය කරන සියලූ කටයුතු වෙනුවෙන් අපි පෙනී සිටින බව කියනවා. මේ ආණ්ඩුව ඇතුලේ ඉන්න ය කලේ රණවිරුවන් බාල්දු කිරීමයි. ඒ නිසා අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. අගමැතිතුමාට නැවතත් කියන්නේ රටේ අගාමික නිදහස ස්ථාපිත කරන ලෙසයි.
මාධ්‍ය – ජනාතවගේ ආරක්ෂාව නැති වුනත් පාර්ලිමේන්තුව ආරක්ෂා කරලාතියෙනවා.
සෙහාන් සේමසිංහ – අද දේශපාලනඥයින් ගැන තියෙන්නේ කළකිරිමක්. සිමිත දේශපාලනඥයින් පිරිසක් බලය රැුක ගන්න නොකළ යුතු දේක රලා තියෙනවා. ව්‍යසනය වෙලා සතියක් යන තැක අගරදගුරුතුමන් ඉල්ලා සිටින්නේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නයි කියලා. රජය අන්තවාදින් ජයස්පෙර්රාව සමග කටයුතුකළා මිස ජාතික ආරක්ෂාව ගැන හිතුවේ නැහැ
මාධ්‍ය – පාසල් ඇරඹෙන්න නියමිතයි නේද
සෙහාන් සේමසිංහ – දෙමව්පියන්ඉන්නේ අවිනිශ්චිත තත්ත්වයක. පාසලට යන දරුවා නිරුපදි‍්‍රතිව නිවසට එයි කියන විශ්වාසය දෙමව්පියන්ට නැහැ. 6 වැනිදා පාසල් ඇරඹෙන්න පෙර දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කළ යුතුයි. 6 වැනිදා පාසල් අරින්න සුදුසු තත්ත්වයක් රටේ තියනවා කියලා දෙමව්පියන් තුළ විශ්වාසයක් නැහැ. රජය වගකිම ති‍්‍රවිද හමුදාවට භාරදීලා පැත්තකට වුනොත් හරි. සිවිල් ආරක්ෂක කමිටු කිට්ටුවෙන් රාජ්‍ය අංශ එක්ක කටයුතු කළා. මේ ආන්ඩුව බලයට ඇවිත් සිවිල් ආරක්ෂක කමිටු අකී‍්‍රය කළා. ස්වේජාවෙන් රටට ලබා දුන්න ආරක්ෂාව නොසලකා හැරියා. මෙ ්සිද්ධියෙන් අපි කිසිද් දේශපාලන වාසි ගන්න උත්සාහ නොකළාටඅ ාණ්ඩුවත් ආන්ඩජුවට උදව් කරන පාර්ශවයත් දේශපාලන වාසි ගන්න උත්සාහ කරන බව පේනවා.
මාධ්‍ය – නිතිය සාමය අමාත්‍යංශය සරත් පොන්සේකා මහතාට දෙන්න කියලා ඉල්ලිමක් තියෙනවා.
සෙහාන් සේමසිංහ – සරත් පොන්සේකා මහතාගේ දේශපාලන මතයකුමක් වුවත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එතුමා දරන්නෙ අපේ දේශපාලන මතයමයි. රජය දිගින් දිගටම ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන අසථ්‍ය ප‍්‍රචාරයක්අරන් ගියා. ත‍්‍රස්තවාදය පරාජය කරන්න දේශපාලන නායකත්වය ලැබුනේ කොහොමද කියන දේ සරත් පොන්සේකා මහතා ප‍්‍රකාශ කරනවා.මේක රජයේ අභ්‍යන්තර ප5ශ්නයක්.ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට අපේ සහාය උපරිමෙයන් ලබා දෙනාවා.

අපිට හමුදාවන් විශ්වාස වුනාට ඔවුන්ට අණදෙන පුද්ගලයෝ විශ්වාස නැහැ.

අද (02* දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ ප‍්‍රධාන ලේකම් අතුල ද සිල්වා මහතා
ත‍්‍රස්ත ප‍්‍රාහරයෙන් පස්සේ අගරදගුරුතුමා ජාතායට දුන්න නායකත්වය අපි අගය කරනවා. මේ සම්බන්ධයෙන් කෙරෙන පරික්ෂඛ සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්න බැරි බව කාදිනල්තුමා සදහන් කර තිබෙනවා. අගමැතිවරයා ලංකාවේ පිරිස් අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදින් සමග කි‍්‍රයාකරන බව දැන හිටියත් ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න රටේ නිතිය ප‍්‍රමාණවත් නැති නිසා ත‍්‍රස්තවාදය තුරන් කරන්න ප‍්‍රතිත‍්‍රස්ත පනත සම්මත කරලා දෙන්නයි රටේ අගමැතිවරයා සදහන් කර තිබෙනවා. මෙය සම්පුර්ණයෙන්ම අසත්‍යයක්.
ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ පළවෙනි වගන්තිය නීතීඥවරයෙක් වුනු අගමැතිවරයා කියවලා නැහැ. ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්තවාදි කි‍්‍රයා වැළෑක්වීම සදහාද, ශී‍්‍ර ලංකාව තුළ හෝ ශී‍්‍ර ලංකාවෙන් පිටත යම් පුද්ගලයෙක්, පුද්ගලික කණ්ඩායමක, සමිතියක, සංවිධානයක හෝ සමිතියක නැතහොත් පුද්ගලික මණ්ඩලයක නීතිවිරෝධී කි‍්‍රයාවැළැක්වීම සදහාද ආනුෂංගික වූ කරුණු සදහාද තාවකාලික විදිවාධාන සැළැස්වීම සදහා වු පනතකි. මේ පනතෙන් ශී‍්‍ර ලංකාව තුළ හෝ පිටත කිසියම් නිතිවිරෝධී කි‍්‍රයාවක් හෝ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් වැළැක්වීමේ ප‍්‍රතිපාදන සළස්වා තිබෙනවා.
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප‍්‍රයෝජනයට ගෙන එයත් සමග නිතිය කි‍්‍රයාත්මක කිරීම මගිනුයි මහින්ද රාජපක්ෂ මහතා තිස් වසරක යුද්ධයක් අවසන් කලේ. තමන්ගේ නොහැකිව වසා ගන්න කියන කාරණයකුයි මෙය. අගමැතිවරයා නොහැකියාව වසා ගන්න කරන ප‍්‍රකාශයක් නම් අපිට මේක විහිලූවකට අරන් බැහැර කරන්න පුලූවන්. ඔහු ඒක කියමින් කියන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ පොල් ගාන්නේ නැතිව ප‍්‍රතිත‍්‍රස්ත පනත සම්මත කරන්නලූ. මේක ගේන්නේ ත‍්‍රස්තවාදය වැළෑක්වීමේ පනත ඉවත් කරලා ඒ වෙනුවට නව පනතක් විදියටයි. මේක දෙයාකාරයකින් රටට අහිතකරයි. මේ විධි විධාන දැනට තියෙන පනතට වඩා ලිහිල්. අරමුණ ත‍්‍රස්තවාදය වැළැක්වීම නම් ඒක තියෙන පනතෙන්් කරන්න පුලූවන්. නව පනත ගෙනත් 45 වෙනි වගන්තියෙන් අපරාධ විධිවිධාන සංග‍්‍රහයේ 115, 116, 120 වගන්ති අත් හිටුවනවා. 115 තියෙන්නේ පැය 24ක් ඇතුළත විමර්ශන අවසන් කළ නොහැකි නම් දින 15ක් බන්ධනාගාරගත කරලා ප‍්‍රශ්න කිරීමේ හැකියාව. ඒ වගන්තිය අත්හිටුවීම ත‍්‍රස්තවාදය වැළැක්වීමට ප‍්‍රයෝජනවත්ද,නැද්ද? විමර්ශනය සදහා බන්ධනාගාර නිලධාරීන් යටතේ පොලිස්නිලධාරීන්ට සැකකරුවන් විවිධ ස්ථානවලට ගෙනිහින් පරීක්ෂණ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගන්තියත් අත් හිටුවනවා. මේ අත් හිටවීම මගින් පරීක්ෂණවලට වෙන්නේ බාධාවක්. විමර්ශන කටයුතු අවුරුදු 5යි 10යි අතර කාලයකට අත් හිටුවීමේ හැකියාවත් තියෙනවා. අත් හිටවලා මොහුව සමාජගත කරනවා. මේවායින් වෙන්නේ ත‍්‍රස්තවාදය වැඩි කිරීමයි. ත‍්‍රස්තවාදය ගැන කළකිරෙනවා වැනි ප‍්‍රකාශයක් මගින් නඩු කටයුතු අහෝසි කර ගැනීමේ හැකියාවත් තියෙනවා. මේවා ත‍්‍රස්තවාදය වැළැක්වීමට හේතු වෙනවාද.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට අවශ්‍ය වෙලා තියෙන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමටද? නැත්නම් ත‍්‍රස්වාදය වැඩිකිරිමටද? මේ වගේ පනතක් ගේන්නේ ඇයි. මෙයා ජාත්‍යන්තර කොන්ත‍්‍රාත්තුවක් ඉටු කරමින් සිටින්නේ. තමන්ගේ හිනවල ජනපි‍්‍රයත්වයත් එක්ක බලය පවත්වා ගැනීමට අවශ්‍ය කරුණු මේ පනතට ඇතුලූ කරලා තියෙනවා. රටේ වෘත්තිය සමිති ශිෂ්‍ය ව්‍යාපාර, වැනි දේට රාජ්‍ය මර්ධනයට ගොදුරු වෙන වගන්තිත් මෙහි තියෙනවා. ආන්ඩුවේ කි‍්‍රයාවක් වැළැක්වීම, ආන්ඩුවට යමම්කිසිවක් කරන්න පෙලඹීමත් මේ පනට අනුව ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක්. ෂරියා නිීතිය ඉගැන්වීමේ පනතක් ගෙනත් ඒකට කවුරු හරි විරුද්ධ වුනොත් ඔවුන් ත‍්‍රස්තවාදින් කියලා නම් කරන්න පුලූවන්. මැතිවරණය නොපැවැත්වීමට එරෙහි ජනතා අරගල ත‍්‍රස්තවාදය කියලා නම් කරන්න පුලූවන්. අත්‍යවශ්‍ය සේවාවය බරපතල හානි කිරිමත් ත‍්‍රස්තවාදි කි‍්‍රයාවක්. වෛද්‍යවරු වර්ජනයක් කලොත් ඔවුන් ත‍්‍රස්තවාදින් කියලා ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න ඉඩ තියෙනවා. මේක ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් කියනවා නම් මීට වඩා තියෙන පනත හොදයි. ත‍්‍රස්තවාදය නමින් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කෙරෙන වැඩපිළීවෙල වැළැක්විමයි මෙමගින් වෙන්නේ. මේකේ නිසි බලධාරියා විදියට නම් කරලා තියෙන්නේ නිතිය හා සාමය විෂය භාර ඇමැති. හැබැයි පනත ඉදිරිපත් කරන්නේ විදේශ කටයුතු ඇමැති. මේකේන්ම පේනවා අවශ්‍යතාවය මොකක්ද කියලා. මේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කරන්නේ බොරදියේ බාලූබෑමක්.

නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා
මැලිකම් රංජිත් කාදිනල් තුමන්ගේ භූමිකාව අපි අගය කරන්න ඕනේ. ව්‍යවසන වුනු තැන්වලට සංවේදීව ගමන් කළා. කිතුණු බැතිමතුන් ළගට ගිහින් උන් වහ්නසේ කි‍්‍රයාකළ ආකාරය පරමාර්ශීයි. ත‍්‍රස්තවාදයට ගොදුරු වුනු කටුවාපිටියට නුදුරින් මුස්ලිම් ජනතාව ජිවත් වන ප‍්‍රදේශයක් තියෙනවා. ආගමික සුහදතාවය සමග තත්ත්වය බරතපල විම වැලැක්වුවා. ආගමික නායකයින් සමගත් දේශපාලන නායකත්වය සමගත් සාකච්ඡුා කරලා අවශ්‍ය පියවර ගත්තා.පහුගිය දින කිහිපයේ රජය වෙඩි නොවදින වාහනයක් දුන්නත් අන් වහ්නසේ එය ප‍්‍රතික්ෂේප කරමින් මගේ ආරක්ෂාවට වඩා ජනතාවගේ ආරක්ෂාවයි වටින්නේ කිව්වා. කාදිනල්තුමා වචනයේ විදියට නෙවේ වගකිම් සහගතව නායකත්වය පෙන්නුම් කෙරුවා. රජයේ වගකිවයුත්තන් වගකිම භාර ගන්න සූදානම් නැහැ. ජේසුස්තුමා එදා අසාධාරණයට අයුක්තියට එරෙහිව පෙනි සිටියා. සාධාරණය හා යුක්තිය වෙනුවෙන් කිතුණුවන් පෙනි සිටින්නේ. එදා සමාජයේ හිටපෙු හෙරේත්ලා, පිලාත්ලා වැනි වගකිම භාරගන්න බැරි නායකයෝ ඉන්න සමාජයක කාදිනල්වරයාගේ හැසිරීම අපිට වැදගත්.
අපේ සමාජයේ ප‍්‍රගමනයට සාධනීය විදියට යොදා ගන්න පුලූවන් අදහස් කාදිනල්තුමා ලපහුගිය කාලයේ ප‍්‍රකාශ කළා. ත‍්‍රස්තවාදය මඩින්න නව පනතක් අවශ්‍ය නැති බවත් කාදිනල්තුමා කිව්වා. පවතින පනතින් ත‍්‍රස්තවාදය නැති කළ හැකි බවත් එතුමා කිව්වා. අවශ්‍ය නම් සංශෝධන ගෙනත් මේ ත‍්‍රස්තවාදය මඩින්න හැකියාව තියෙනවා. මේ ම්ලේච්ඡු ප‍්‍රහාරය වුනු මොහොතේම උන් වහන්සේ කිව්වා මේ පිටුපස විදේශීය හස්තයක් තිබිය හැකි බව කිව්වා. ත‍්‍රස්තවාදය මර්දනය මුවාවෙන් සමහර රටවල්වලට කරපු මැදිහත්වීම් නිසා වුනු දේ උන් වහන්සේ දුටුවා. වහාම මේ ත‍්‍රස්තවාදය මර්ධනයට විදේශ බලපෑම් වලින් ඉවත් වෙලා දේශීය ක‍්‍රම පිලිබද විශ්වාසය තැබිය යුතු බව අන් වහන්සේ කිව්වා. මෑත ඉතිහාසයේ දරුණුම ත‍්‍රස්තවාදය වුනේ, මරාගෙන මැරෙන සංකල්පය හදුන්වා දුන්න එල්. ටී.ටී. ඊ මර්දනය කළා නම් මේ ත‍්‍රස්තවාදය මර්ධනය කරන්න අපේ හමුදාවන්ට බැරි මොකද? සිරියාවට ලිබියාවට වුනු දේ අපි දැක්කා. උන් වහ්නසේ මේ සියලූ කාරණා පෙන්නා දුන්නා. බුද්ධි අංශයට ලැබුණූ තොරතුරු පමණක් ප‍්‍රමාණවත් නැහැ. ඒ තොරතුරු විමර්ශනය කළා නම් ඒ තොරතුරේ තියෙන දේවල් හොයා ගන්න බැහැ. මේ ත‍්‍රස්තවාදී ව්‍යවසනයේ තියෙන අක් මුල් සොයන්න අවශ්‍ය බව උන් වහන්සේ ප‍්‍රකාශ කළා. පවතින විමර්ශනයන් ගැන අන් වහන්සේ සෑහීමකට පත් වෙන්නේ නැහැ. යුද හමුදාව අත් අඩංගුවට ගැනීම් කළාට ප‍්‍රශ්න කිරීමේ හැකියාවක් නැහැ. අත් අඩංගුවට ගත්ත සමහර පුද්ගලියින් කෙටි කාලයක් තුල නිදහස් වෙනවා.
දේශපාලනපක්ෂ ආගම හා ජාතිය මත පදනම්ව නිර්මාණය වීම මේ විදියේ ව්‍යසනයන්ට හේතු වුනු බව අන් වහන්සේ සදහන් කළා. මිට වසර 10ට පෙර කිතුණු බැතිමතුන් පිරිසක් ඇවිත් කිතුණ්ුවන් නියෝජනය කරන දේශපාලන පක්ෂයක් බිහිකරන්න යෝජනා කළත් උන් වහන්සේ ඒ මොහොතේම ඔවුන්ට පිටව යන්න කිව්වා. අගරදගුරුතුමන්ගේ වගකීම, අදහස් නිසා මේ ව්‍යසනයෙන් අපේ රටට යහපත් මාර්ගයකට පැමිණීමේ හැකියාව උදා කළ බව අපි ගෞරවයෙන් සිහිපත් කරනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ගම්පහ දිස්ති‍්‍රක් නීතීඥ සංවිධානය නියෝජනය කරමින් නීතීඥ පියුම් පෙරේරා මහතා 
අපිට පේනවා මේ රට අරාජික බව. කාදිනල්තුමා නොසිටින්නට රටේ තත්ත්වය නරක අතට පෙරලෙන්න ඉඩ තිබුණා. මේ රටේ මිනිස්සු මෙතරම් අරාජික වටපිටාවක හමුදාව හා පොලීසිය කෙරෙහි නෙත් අයාගෙන බලන් ඉන්නවා. මිට වසර 10ට පෙර හමුදාවන්ට නිවැරදි නායකත්වය ලැබීම තුළින් කෲර ත‍්‍රස්තවාදයක් අවසන් වුනු නිසා අපි තුළ රණවිරුවන් සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තියෙනවා.
දැන් අපි 19 අඩුපාඩු ගැන කතා කරනවා. ඒ වගේම 15 වෙනි සංශෙෘ්ධනයත් අපි කතා කළ යුතුයි. ජේ. ආර්. ජයවර්ධන මහතා හදුන්වාදුන්න සමානුපාතික නියෝජන ක‍්‍රමයෙන් මන්තී‍්‍රවරයෙක් පත් වෙන්න 12.5%ක ඡුන්ද ප‍්‍රතිශතයක් ගත යුතුව තිබුණා. සජිත් පේ‍්‍රමදාස මහතාගේ පියා රණසිංහ පේ‍්‍රමදාස මහතා තමයි 15 වෙනි සංශෙෘ්ධනය ගෙනත් තමන්ට ජනාධිපති වෙන්න අෂ්රොප් මහතාගේ ඡුන්ද මිටිය වෙනුවෙන් ගෙනාවේ. මේවා මිනිස්සු කතා කළ යුතු මාතෘකා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ගෝලීය ත‍්‍රස්තවාදයක් ගැන කියනවා. ප‍්‍රති ත‍්‍රස්ත පනත ගේන්නෙම කොන්ත‍්‍රාත්තුවක්විදියටයි. නැත්නම් විදේශ කටයුතු ඇමැතිවරයා මෙම්පනත ගේන්නේ ඇයි. මේවගේ දේවල් වෙන්නේ අපේ රටේ විතරයි. රටේ මිනිස්සු කොන්ඬේ බැදපු චින්නු කියලයි මේ පාලකයෝ හිතන්නේ. එහෙම වෙන්නේ නැහැ. මිනිස්සු ඇස් අරගෙන ඉන්නේ.
මේ පින්තූරය රිවයින් කරද්දි මේ පිටපස විදේශිය අත පෙවීමක් තියෙන බව පේනවා. බැලූ බැල්මට අයි. එස් සංවිධානයේ අත පෙවීමක් මෙහි තියෙනවා. මේවිදේශ අත පෙවීම් කෙර’ම් වලට, ජාත්‍යන්තර කුමන්ත‍්‍රණවලට සෙල්ලම් පිට්ටනියක් බවට ලංකාවට පත් කරන්න මිනිස්සු කැමැති නැහැ. අපි දැක්කා මේ රටේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන් වසර 30 යුද්ධය අවසන් කළා. අඩුපාඩුවක්තියෙනවා නම් සංශෙෘ්ධනයක් කරමු. නැතිව මැජික් පොල්ලක් වැනි පනතක් ගෙනා සැනින් ත‍්‍රස්තවාදයනැති වෙන්නේ නැහැ. එහෙම කියන්න හැකියාව තියෙන්නේ ත‍්‍රස්තවාය එන බව දැන දැනත් හිටපු අයට විතරයි. මේ ප‍්‍රති ත‍්‍රස්ත පනත සම්පූර්ණයෙන් හකුලා ගත යුතුයි. මෙහි තිරය පිටුපස ත‍්‍රස්තවාදයාටත් රණවිරුවාටත් එකම හැන්දෙන් බෙදීමක් සිද්ධ වෙනවා. ජිනීවාවලට ලංකාවේ නීතිය වෙනස් කරන්න දුන්න පොරොන්දුවයි මේ ඉෂ්ට කරන්න හදන්නේ.
සේපාල ඒකනායක සිද්ධිය වෙලාවේ අතීතයට බලාපන විදියට නිති හදලා සති තුනකින් දඩුවම් කලේ ජේ. ආර්. ජයවර්ධන මහතායා.මාතෘ භූමියට ආදරය නොකරන අයයෙ හිස් ප‍්‍රකාශ කරමින් සිටින්නේ. මේ සියල්ල පසෙක දමා බල දේශපාලන වෙනුවෙන් පෙනි සිටින්නේ ඒ වගේ අයයි. සේපාල ඒකකානායකට දඩිවම් දෙන්න මාමාට හැකිවුනා නම්බෑනට බැරිද. මේ විදේශ අත පෙවීම් අපේ විරෝධය දක්වනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නීතීඥ සංගමයේ නියෝජ්‍ය ලේකම් සාගලා අබේවික‍්‍රම මහතා
ඵසුගිය පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් විපතට පත් පවුලිවලට සංවේගය පළ කරනවා. රටක් අරාජික වුනු අවස්ථාවක ආගමික නායකයෙක් විදියට මැදිහත් වෙමින් මග පෙන්වීමක් කරන අගරදගුරුතුමන් නොසිටින්නට අපි අසරණ වෙනවා. මවක් විසියට තිස් වසරක යුද්ධයෙන් බැට කමින් ගත කරපු කෙනෙක් විදියට අපි කාලයක් ගත කළා. ත‍්‍රස්තවාදයට වගේම එජාප භීෂණයටත් අපි ගොදුරු වුනා. නිල ලත් ඇදිරි නිතියට වගේම රතු සහෝදරයින්ගේ නිල නොලත් ඇදිරි නිතියටත් අපි මුහුණ දුන්නා. දරුවාගේ පාසලත් මුරකළා. ත‍්‍රස්තවාදය නිම වුනාම අපි සතුටු වුනා. අගමැතිකම අහිමි වුනු රනිල් වික‍්‍රමසිංහගේ මුහුණත් පාස්කු ප‍්‍රහාරයෙන් පස්සේ මුහුනේ තිබුණ ෂතුටත් අපි දැක්කා. මිනිස්සු මැරිලා තියෙද්දිත් මේ සිද්ධිය වෙස්වලාගත්ත ආශිර්වාදයක් කිව්වේ ප‍්‍රතිත‍්‍රස්ත පනත ඉදිරිපත් කරපු එවකට සිටි විදේශ ඇමැති වත්මන් මුදල්අමාත්‍ය ඇමැතිවරයායි. ලෝකයේ බිහිසුනුම ත‍්‍රස්තවාදය වළක්වන්න ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප‍්‍රමාණවත් වුනා නම් වෙනත් පනත් අවහ්‍ය නැහැ. අපි ගෙවල්වල ඇඩූ කදුලින් හිටපු කාලය නිමා වුනා. 2015 ජනවාරි 8 වැනිදා අරලිය ගහ මන්දිරයෙන් නික්මෙන මහින්ද රාජපක්ෂ මහතා කිව්වේ මම ඔබතුමාට තිළින කරන්නේ සම්පූර්ණයෙන් නිවහල් රටක්. ඒ රට ආරක්ෂා කරන්න කියලයි. නමුත් ඒ අයට බැරිවුනා ගෙවුනු වසර හතරහමාරේ රට ආරක්ෂා කර ගන්න.
හරීන් ප‍්‍රනාන්දුගේ තාත්තාට වගේම අපිටත් දරුවෝ ඉන්නවා. අපිට හමුදාවන් විශ්වාස වුනාට ඔවුන්ට අණදෙන පුද්ගලයෝ විශ්වාස නැහැ. විනාඩි 15න් වගකිව යුතු ඇමැතිවරයාගේ සහෝදරයා, සහෝදරිය නිදහස් වෙනවා. ලේකම්වරයා නිදහස් වෙනවා. කාදනල්තුමා පාරට බැස්සේ අන් වහන්සේ පිටුපසින් සියලු ජනතාව එනවා. අපේ දරුවන්ට නිදහසේ පාසල් යන්න නිදහස අවශ්‍යයි. ස්වාමියාට නිදහසේ රැුකියාවට යන්න අවශ්‍යයි. රටේ ආරක්ෂාව එක්ක දියුණුව එක්ක පොල් ගෑවා ඇති දැන් ගෙදර යන්න රනිල් මහත්තයෝ.

අගමැතිතුමාට වගකීම ගන්න බැරිනම් අයින් වෙන්න..

අද දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්
■ මේ සිද්ධියට වගකියන්න ඕනේ රජය කියලා හැමෝම කියනවා. රජය කියන්නේ ජනාධිපති ඇතුලු කැබිනට් මණ්ඩලයයි.
■ නීතිවල අඩුපාඩුවක් නෙවෙයි ලැබුණු තොරතුරු වලින් ප්‍රයෝජන ගෙන ජනතාව ආරක්ෂා කිරීමට රජයේ දෙපාර්ශවය අපොහොසත් වීමයි සිදුවුනේ.
■ රටේ වාසනාවට තව මාස හයයි තියෙන්නේ. ඒ කාලයේ අවම වශයෙන් ජනතාවගේ ජිවිත ආරක්ෂා කර ගැනීමට උත්සුක විය යුතුයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පිරිස් මහතා
මෙවැනි සිද්ධියක් නැවත සිදුනොවිමට වගබලාගත යුතුයි. ඒ සදහා ආණ්ඩුව එකක් ලෙස වැඩ කළ යුතුයි. රටකට ආණ්ඩු දෙකක් තියෙන්න බැහැ. රජයේ පාර්ශවයන් දෙක එකිනෙකාට ඇගිලි දිගු කරනවා පමණය’. එකට එකතු වෙලා රට පාලනය කරන්න වරමක් මොවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියා. අද ජනාධිපති ශ්‍රීලනීපයේ. අගමැති එජාපයේ. මොවුන් එකතු වෙලා සාමුහිකව රට පාලනය කරන්නයි ජනතාවගෙන් වරමක් ගත්තේ. ජනාධිපතිතුමා බුද්ධි අංශ දුර්වල කිරීමේ වගකීම රජය භාරගත යුතු බව කියනවා. කවුද රජය. ජනාධිපති ඇතුලු කැබිනට් මණ්ඩලය. රජයේ උච්ඡතම ස්ථානය ජනාධිපතිවරයායි. ජනාධිපතිවරයාට රජයෙන් බැහැර වෙලා රජය විවේඡනය කරන්න බැහැ.
නිව්යෝක් ටයිම් පුවත්පතේ පළවෙනි පිටුවේ තියෙනවා ශ්‍රී ලංකා රජයට බුද්ධි අංශවලින් තොරතුරු ලැබුණු බව. පුද්ගලයින්ගේ නම් දුරකතන අංක, සාකච්ඡා පැවැත්වූ ස්ථාන පවා එහි සදහන් වෙනවා. මේ තොරතුරු රජය අතට පත්ව තිබුණත් පියවරක් ගත්තේ නැහැ. මේ තොරතුරු අගරදගුරුවරයාට දිලා තිබුණා නම් කිසිදු දේව මෙහෙයක් පවත්වන්නේ නැහැ. යුද හමුදාපතිවරයා කියන්නේ මේ ගැන තොරතුරක් තිබුණා නම් ඔවුන් ක්‍රියාත්මක වෙන බවයි. හොටල් ක්ෂේත්‍රයේ අයට මොන යම් හෝ තොරතුරක් ලැබී තිබුණානම් හෝටල් ආරක්ෂා කර ගන්නවා. මේකට ජනාධිපතිතුමා අගමැතිතුමා වගේම සමස්ත රජයම වගකිව යුතුයි. රජයේ ස්ථාවරය මෙහි වගකීම භාරගෙන ආරක්ෂක ලේකම් හා පොලිස්පතිවරයා ඉවත් වීමයි. අපි එය පිළිගන්නේ නැහැ. දේශපාලන අධිකාරියම වග කිව යුතුයි. මෙවනි නිලධාරීන් පත්කිරීමේදී රජය වගකිව යුතුයි. සිද්ධ වුනු ඛේදවාචකය වගේම හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශයත් රටට බලපෑවා. සිද්ධි එකක් දෙකක් වෙයි. මෙතරම් දෙයක් වෙයි කියලා හිතුවේ නැහැයි එතුමා කළ ප්‍රකාශය ලොව පුරා ප්‍රචලිත වුනා. හදිසි නිතිය නොතිබුණු නිසා හමුදාවෙන් ප්‍රයෝජන ගැනීමේ හැකියාවක් රජයට තිබුනේ නැහැු කියලත් හිටපු ලේකම්වරයා කිව්වා. හදිසි නීතිය තත්ත්පර 30න් ක්‍රියාත්මක කරන්න පුලුවන්. ජනාධිපතිවරයා ලියවිල්ල අත්සන් කිරීම පමණයි ප්‍රමාණවත්. ගැසට් කරන්නේ ජනතාවගේ දැන ගැනිම සදහායි. හදිසි නීතිය නොතිබු බව කියමින් කෙදිරි ගෑමෙන් ප්‍රයෝජනයක් නැහැ. අවශ්‍යතාවය තියෙනවා නම් ඒ බලතල ලබා ගන්න පුලුවන්. නිතියේ අඩුපාඩු නෙවෙයි දේශපාලන අධිෂ්ථානය නැති එකයි වුනේ.
පොලිස්පති ගැන මුලු රටම දන්නවා. පළමු දවසේ සිට තනතුර දරන්න නුසුදුසු බව එතුමා මැනවින් ප්‍රදර්ශනය කළා. ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත මිසක් හැකියාව හා ජ්‍යේෂ්ඨත්වය අනුව නෙවෙයි ඔහු පත්වුනේ. කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුනු ව්‍යවස්ථාදායකයයි මේ පත්කිරිම කලේ. පටු දේශපාලන වාසිගැන නොහිතා රටේ ජනතාවගේ ජිවිත ගැන සිතා දැන්වත් ජනාධිපති හා අගමැතිවරයා කියන දෙපාර්ශවය සාමුහික වගකීමෙන් කිසියම් විදිමත් වැඩපිළිවෙලකට පැමිණිය යුතුයි. නිලධාරීන් දඩමිමා කරගැනීමකයි මොවුන් යෙදී ඉන්නේ. ඒ අතර අගමැතිවරයා ස්කයි නිව්ස් සමග සම්මුඛ සාකච්ඡාවකදී නීතිවල අඩුපාඩුවක් තියෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒක සම්පූර්ණයෙන් වැරදයි’ එතුමා වගකීමෙන් මිදෙන්න කරන ව්‍යාජ තර්කයක්. ත්‍රස්තවාදය ආරක්ෂා කිරීමේ පනත, මහජන ආරක්ෂණ පනත හා දණ්ඩ නීති සංග්‍රහය කියන පනත් තුනේම ප්‍රමාණවත් විදිවිධාන අඩංගුයි මෙ තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කරන්න. මිහිපිට තිබුණු භයානක ත්‍රස්තවාදී කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ මර්දනය කලේ මේ නීතිවලින්. ඒ කියන්නේ නීතිවල අඩුපාඩුවක් නෙවෙයි ලැබුණු තොරතුරු වලින් ප්‍රයෝජන ගෙන ජනතාව ආරක්ෂා කිරීමට රජයේ දෙපාර්ශවය අපොහොසත් වීමයි සිදුවුනේ.
රනිල් වික්‍රමසිංහ මහතා කියනවා මේ සියලු ප්‍රශ්න ඇති වුනේ ප්‍රති ත්‍රස්තවාදි පනත පාර්ලිමේන්තුවේ සම්මත නොවුනු නිසා. පොල් ගාන්නේ නැතිව ඉක්මනින් මෙය සම්මත කරන්නලු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නයි මේ යන්නේ. එහෙම කරනවා කියලා ජාත්‍යන්තරයට පොරොන්දුවක් දීලා තියෙනවා. මේ ඛේදවාචකය ඇති වුනාම රජය යොදා ගත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි. අද වෙන කොට 150ක් පමණ සිරභාරයට අරන්. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙයි. පනත අහෝසි කරලා තිබුණා නම් මේ ක්‍රියාමාර්ග කඩිනම් වෙන්නේ නැහැ. ඒ වගේම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ සමහර වගන්ති හදිසි රිති රෙගුලාසිවලටත් යටත් කළා. ප්‍රති ත්‍රස්ත පනතින් වෙන්නේ ත්‍රස්තවාදින් නලවලා පෝෂණය කිරිමයි. මිනි මැරුමකදි දෙන්නේ මරණිය දණ්ඩනය. හැබැයි මෙම්පනත යටතේ 350ක් මැරුවොත් සිද්ධ වෙන්නේ ජිවිතාන්තය දක්වා සිරදඩුවමට යටත් කිරීම පමණයි. ත්‍රස්තවාදින්ට පුදුම දයාවක් කරුණාවක් මේ පනතින් දක්වනවා. පනතේ දෙවැනි උපලේඛණය අනුව ත්‍රස්තවාදියෙක් අත් අඩංගුවට ගත්තොත් වහාම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂමට දැන්විය යුතුයි. තුන්වැනි උපලේඛණය අනුව පොලිස්පතිවරයාට වහාම දැන්විය යුතුයි. මන්ත්‍රීවරයෙක් අත් අඩංගුවට ගත්තොත් එවැනි අවශ්‍යතාවයක් නැහැ. මේ පනත ගේන්නේ ත්‍රස්තවාදය වළක්වීමේ අරමුණින් නෙවෙයි. වෙනත් අරමුණකින්. විශේෂයෙන් මාධ්‍ය, වෘත්තීය සමිති සිවිල් සංවිධාන මර්දනය කිරීමේ අංග සම්පූර්ණ වැඩ පිළීවෙලක් මේ පනතේ ගැබ්වෙලා තියෙනවා. රාජ්‍ය දේපල වලට හානි කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා තුන්වැනි වගන්තියේ සදහන් වෙනවා. මේ පනත යටතේ අත්‍යවශ්‍ය සේවාවලට බාධා කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක්. අවුරුදු 20ක් බන්ධනාගාර ගත කරන්න පුලුවන්. එයට අනුබල දීම වසර 15ක් බන්ධනාගාර ගත කරන්න පුලුවන් වරදක්. එවැනි ක්‍රියාවකට තොරතුරු සැපයිමත් ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාවක් කියලා 10 වැනි වගන්තියේ සදහන් වෙනවා. මේවා බෝම්බ පුපුරන ත්‍රස්තවාදින්ට ගේන නීති නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක තමන්ගේ නිත්‍යාණුකූල අයිතිවාසිකම් වලට පෙනි සිටින මිනිසුන් නිහඩ කිරිමයි. අද රටේ මැතිවරණ නැහැ. පළාත් සභා අකර්මන්‍යයි. මැතිවරණ ඉල්ලා අපේ හිටපු මහ ඇමැතිවරු දෙන්නෙක් අධිකරණයට ගිහින්. මැතිවරණ ඉල්ලා ජනතාව පාරට බැස්සොත් ගන්න දරුණු ක්‍රියාමාර්ග තමයි මේ පනතේ අඩංගු වෙන්නේ. 62 වැනි වගන්තිය පොලිස් රාජ්‍යයක අඩිතාලමයි. අගමැතිවරයාගේ අත්සාහය මෙරට පොලිස් රාජ්‍යයක් බිහිකිරීමයි. 62 වගන්තියෙන් යමම්නිෂ්චිත ප්‍රදේශයකට හෝ පරිශ්‍රයකට ඇතුල් නොවන ලෙස, නිශ්චික ල්‍රදේශයකින් පිට නොවන හෝ රැදදිසිටින ලෙස, යම් මාර්ගයක ගමන් නොකරන ලෙස, නිෂ්චිත ස්ථානයක රැස් නොවන ලෙස එක පෑන් පහරකින් කිරීමේ හැකියාව පොලිසියට ලැබෙනවා. 95 වගන්තිය තවත් භයානකයි. මේ යෝජිත නිතිය සමග ගැටෙන වෙනත් නිති තියෙනවා නම් ඒවා අහෝසි වෙනවා. මේ නිතියයි බලාත්මක වෙන්නේ. එවැනි භයානක පනතක් තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. මාධ්‍යවේදින්ට කිසියම් ස්ථානයකට ගිහින් ජායාරූප ගැනීම සටහන් තබා ගැනීම පවා තහනම් වෙනවා. මේ හදන්නේ ආඥාදායකත්වයක් රටේ ඇති කරන්නයි. ජිවිත 350ක් බිලි දීලා භයානක පනතක් සම්මත කර ගැනීමේ උත්සාහයකයි රජය ඉන්නේ.
පළමු දවසේ ඉදන් අදක්ෂභාවය හා තනතුරට නුදුසුදු බව පෙන්වූ පොලිස්පතිවරයා පිට වගකිම පවරලා මෙයින් මිදෙන්න රජයට හැකියාවක් නැහැ. දැන් මේ රජයේ 6 වැනි ආර්කෂක ලේකම්වරයා පත්කරනවා. හිටපු ලේකම්වරයා පත්කලේ කවුද. පත්කරන අයගේ වගකීම මොකක්ද. ජනතාව තමන්ගේ ආරක්ෂාව භාර දුන්නේ පොලිස්පතිටවත් ආරක්ෂක ලේකම්ටවත් නෙවේ. දැන්වත් එකිනෙකාට චෝදනා කිරිම් නතර කරලා ජනාධිපති හා අගමැති එකතු වෙලා රට කරන්න වෙනවා. රටේ වාසනාවට තව මාස හයයි තියෙන්නේ. ඒ කාලයේ අවම වශයෙන් ජනතාවගේ ජිවිත ආරක්ෂා කර ගැනීමට උත්සුක විය යුතුයි.

■ පොලිස් මාධ්‍ය ප්‍රකාශය ප්‍රහාරය එල්ල වී පැය කිහිපයක් ඇතුළත කරපු ප්‍රකාශයේදී නියෝජ්‍ය පොලිස්පති නිකුත් කරපු චක්‍රලේඛණය ගැන දන්නේ නැහැ කිව්වා. ඒ බොරුකාරයෝ තමයි අදටත් මාධ්‍ය ප්‍රකාශයක කිය කිය ජනතාවට කරුණු දක්වන්නේ
■ අගමැතිතුමාට වගකීම ගන්න බැරිනම් පොල් ගාන්නේ නැතිව අයින් වෙන්න.
■ අපරාධ නඩු විධාන සංග්‍රහය හා දණ්ඩ නිති සංග්‍රහයට අනුව මනුෂ්‍ය ඝාතනයට සහාය දුන්නේ කවුද කියලා හොයලා නඩු දාන්න. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නිති සංග්‍රහය තියෙනවා
■ මගේ තාත්තා කිව්වා. මම ගියේ නැහැ කියන්නේ සාක්ෂි තමයි. තොරතුරු සැගවීම යටතේ නඩු පවරන්න පුලුවන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා
මේ ආන්ඩුව තොරතුරු ජනගත විම වළක්වන්න සමාජමාධ්‍ය තහනම් කරලා, ආන්ඩුවට එන ප්‍රකෝපය හා අවලාද වෙනතකට යැවීමට දරපු උත්සාහය අපි හෙළා දකිනවා. රාජ්‍ය ආරක්සාව සම්බන්ධයෙන් එවැන්නක් කළාට ප්‍රශ්නයක් නැතත් ජනතාවට යම් යම් සත්‍ය තොරතුරු දැන ගැනීමට තිබුණු හැකියාව වැළැක්වූවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශය ප්‍රහාරය එල්ල වී පැය කිහිපයක් ඇතුළත කරපු ප්‍රකාශයේදී නියෝජ්‍ය පොලිස්පති නිකුත් කරපු චක්‍රලේඛණය ගැන දන්නේ නැහැ කිව්වා. බොරු කිව්වා. ඒ බොරුකාරයෝ තමයි අදටත් මාධ්‍ය ප්‍රකාශයක කිය කිය ජනතාවට කරුණු දක්වන්නේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1978 අංක 48. වත්මන් අගමැතිවරයා ඇමැති ධූරය දරපු ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවෙන් තමයි මේ පනත ගෙනාවේ. ඒ පනත හා ඊට පස්සේ ගෙනාපු සංශෝධනත් එක්කයි අවුරුදු 30ක් තිබුණු ත්‍රස්තවාදයක් නැති කරන්න හැකිවුනේ. ඒ පනත ඉතා කෙටි පනතක්. ඒ යටතෙ පාර්ලිමේන්තුවට බෝබ්ම ගහපු විත්තිකරුවන් වෙනුවෙන් පෙනි හිටපු එක නිතීඥවරයෙක් මම. මම අගමැතිවරයාට අභියෝග කරනවා. ඒ අත්දැකිම තියෙන එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වත් අද ඉන්නවාද. ඒ පනත යටතේ නඩු සිය ගණනකට වඩා මම කතා කරලා තියෙනවා. මේ ත්‍රස්තවාදි ව්‍යාපාරයට එකතු වුනු සැකකරුවන්ට,තවත් ඉන්නවා නම් අල්ල ගන්න, මේ කර මර්ධනය කිරීමට මේ පනත ප්‍රමාණවත්. දැන් අගමැතිවරයා කරන්න හදන්නේ මොකක්ද?පුර්විකාවේ ප්‍රතිත්‍රස්ත පනත කියලාවත් නැහැ. දැනට තියෙන පනත ඉවත් කිරීම පිණිසද කියලා තියෙන්නේ.මේකකාගේ වුවමනාවක්ද. මංගල සමරවිර ඇමැතිවරයා විදේශ ඇමැතිවරයා විදියට 2015 සැප්තැම්බර් මාසයේ ජිනිවා වලට ගිහින් 30 යෝජනාව සම්මත කරන්න සහාය දැක්වූවා. එහි කොන්දේසියක් තමයි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරිම. ත්‍රස්තවාදින්ට පනත දියාරු කරලා සාමාන්‍ය ජනතාවගේ පුරවැසි අයිතිවාසිකම් මැඩ පවත්වන්නයි මේ පනත ගෙනත් තියෙන්නේ. වෘත්තීය සමිති වලට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න ලැබෙන්නේ නැහැ. මාධ්‍යවේදින්ට තොරතුරු වාර්තා කරන්න ලැබෙන්නේ නැහැ. අගමැතිතුමාගේ පළවෙනි කතාවෙන් කිව්වේ ගෝලීය ත්‍රස්තවාදයක් කියලා විශ්වීය ත්‍රස්තවාදයට සම්බන්ධයි කිව්වා. ඊට පස්සේ ස්කයි නිව්ස් එකට කියනවා මෙම්පනත ගෙනාවේ නැත්නම්නඩු පවරන්න බැහැලු. මම අභියෝග කරනවා අගමැතිතුමාට පුලුවන් නම් පෙන්වන්න තියෙන පනතෙනක් කාටද නඩු පවරන්න බැරි කියලා. පාර්ලිමේන්තුව පොල් ගහන්නේ නැතිව මේක සම්මත කරන්නලු. අගමැති එතුමා. කමිටු පත්කලේ පාර්ලිමේන්තුව. පොල් ගාන්නේ නැතිව සම්මත කරන්නලු. අපිට කියන්නෙ වෙන්නේ පොල් ගාන්නේ නැතිව අයින් වෙන්න කියලයි.
වගකීම ගන්න බැරිනම් පොල් ගාන්නේ නැතිව අයින් වෙන්න. එතුමාගේ ඇමැතිවරු දෙන්නෙක් ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා කරුණු දැනගෙන හිටියේ නැහැ කියන්න බැහැනේ. පිළිඅරන් තියෙනවානේ. මේ අයට පුලුවන්නේ දැන් තියෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරන්න තොරතුරු වසන් කිරිමට එරෙහිව. ඇමැතිවරු දෙන්නෙක් දැනගෙන හිටිය බව කියනවා.ආරක්ෂක ලේකම් දැනගෙන හිටියා. මේ තරම් දෙයක් වෙයි කියලා හිතුවේ නැහැලු. පොලිස්පතිවරයා දැන නොසිටියා කියන්න බැහැ. චක්‍රලේඛණය යැව්වේ පොලීසියෙන්. ජනවාරි 8 වැනිදා මේ විනාශය කරන්න යහපාලනය ගෙනාපු රාජ්‍ය නොවන සංවිධාන නඩයත් මේකට වගකියන්න වෙනවා. අද කෝ ඒ එන්. ජී. ඕ නඩය.
මේ සිද්ධීයෙන් කියන්නේ ආන්ඩුවට සහාය දෙන අයගේ යෝජනා ක්‍රියාත්මක කරන බවයි. ජිනිවා වලට සහාය දෙන්නේ කොටි ඩයස්පෝරාවේ හා බටහිර වුවමනාවට. ආන්ඩුව පවත්වා ගෙන යන්නේ සමහර ජනවර්ගවල සහාය ඕනේ වෙනවා. විශ්වාස භාගයේදිදිනුවේ කොහොමද. හොයලා බලන්න. බහුතරය පෙන්නුවේ කොහොමද. හොයලා බලන්න. ඒ අයට අත තියන්න කැමැති නැහැ. නොරතුරු දැන ගෙන හිටියත් අත් අඩංගුවට ගන්න හෝ අත් අඩංගුවට ගන්න හැකියාවක් තිබුනේ නැහැ. එහෙම කළා නම් ආන්ඩුව වැටෙනවා. රට බිල්ලට දුන්න ආන්ඩුවක් ඉතිහිසයේ තියෙනවා නම් රනිල් වික්‍රමසිංහගේ මේ ආන්ඩුවයි. අපරාධ නඩු විධාන සංග්‍රහය හා දණ්ඩ නිති සංග්‍රහයට අනුව මනුෂ්‍ය ඝාතනයට සහාය දුන්නේ කවුද කියලා හොයලා නඩු දාන්න. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නිති සංග්‍රහය තියෙනවා. දැන් දේශපාලන සිරකරුවෝ කියලානේ කියන්නේ. එහෙම කියන්නේ ලක්ස්මන් කදිරගාමර්, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහත්වරුන්ට බෝම්බ ගහලා මරපු පිරිසට. මේ අයට සහාය ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පනත ගෙනාවොත් පමණයි. මේ උත්සාහ කරන්නේත්‍රස්තවාදින්ට උඩගෙඩි දීමට මිසක් ත්‍රස්තවාදය අවසන් කරන්න නෙවෙයි කියන දේ හොදින්ම පැහැදිලියි.
මේ පනතේ 85න්, සන්නද්ධ හමුදා කැදවීම කරන්න වෙන්නේ මේවගේ අවස්ථාවකදී මහජන සාමය පවත්වා ගෙන යන්න බැරි බව පොලිස්පතිවරයා ප්‍රකාශ කලොත් විතරයි. මේ පොලිස්පති ඉන්න වෙලාවක මෙම්පනත අද තිබුණා නම් ජනාධිපතිතුමාට සන්නද්ධ හමුදාව කැදවන්න වෙන්නේ මේ විහිලුකාර පොලිස්පතිවරයා යටතෙයි. උසාවිවල නඩු කතා කරපු අපිව මෝඩයාට අන්දන්න ද යන්නේ.ජනතාව වගේම ජනතාවත් මුලා කරන්නයි හදන්නේ. බැරිකම හා නොහැකිව හැරෙන්න ිසිවක් අගමැතිගේ මුවින් පිට වෙන්නේ නැහැ. දැන් ඉන්නේ මාරපන විදේශ ඇමැතිවරයා. මේ ජායාරූප අරන් ගිහින් අපේ රටේ මානව හිමිකම් අහිමි වෙන හැටි පෙන්වන්න පුලුවන්. අපිට කටු ඔටුනු දාන්න එනවා වෙනුවට අපේ මානව හිමිකම් අහිමි වීම් දැකගන්න කියන්න පුලුවන්නේ. අපේ ජනතාව මියගියාම මැනව හිමිකම් වලට යන්න මැලිද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. එහෙම කලොත් රණ විරුවන්ට” බුද්ධි අංශවලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.ප්‍රශ්නයක් වෙන්නේ අගමැතිතුමාටයි ඔහුව බලයේ තියාගන්න හදන අයටයි. මගේ තාත්තා කිව්වා. මම ගියේ නැහැ. කියන්නේ සාක්ෂි තමයි. තොරතුරු සැගවීම යටතේ නඩු පවරන්න පුලුවන්.

■ ලෝකේ දරුණුම ත්‍රස්තවාදින් කියපු අයව, රටවල් 193ක් එක්ක සම්බන්ධකම් තිබුණු ධනවත්ම ම්ලේඡ්ඡ සංවිධානයක් අවුරුදු දෙකහමාරක් ඇතුළත පාලනය කලේ මේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන්. අගමැතිතුමාට ඒ පනතෙන් වැඩක් කරන්න බැහැලු.
■ දැනගෙන පුරවැසියන් ගැන අනුකම්පාවක් නැතිව ඡන්ද පදනමට හානියක් නොවන විදියට වැඩ කිරීම නිසයි මේ ඛේදවාචකය වුනේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා
මෙවැනි අවස්ථාවක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හා ජනාධිපතිවරයාගේ හැසිරිම දිහා බැලුවම හිතෙන්නේ මේකියන කරුණු ඇත්තද කියලයි. මේකරුණු සත්‍යයද, ඇයි මෙහෙම හැසිරෙන්නේ. 2015 ජනවාරි 8 වැනිදා ජනතාවට අහසක් උසට බලාපොරොත්තු දිලා මේ ආන්ඩුව පත්කර ගත්තේ. තිස් අවුරුදු යුද්ධය අවසන් කරපු හමුදා සහ බුද්ධි අංශ වගේම මහින්ද රාජපක්ෂ රජය ලෝකය ඉදිරියේ අවමානයට ලක්කිරිමයි සිද්ධ වුනේ. මානව හිමිකම් යෝජනාවේ සිට රටේ ස්ථාවරත්වය බාල්දු කිරීමට මොවුන් කටයුතු කරලා තියෙනවා. අතුරුදන්වූවන්ගේ පනත හරහා ගෙනයන වැඩපිළීවෙල වගේම ප්‍රතිත්‍රස්ත පනත කියන එක ගේන්න යන ගමන් කියන කතා බලන්න. ලෝකේ දරුණුම ත්‍රස්තවාදින් කියපු අයව, රටවල් 193ක් එක්ක සම්බන්ධකම් තිබුණු ධනවත්ම ම්ලේඡ්ඡ සංවිධානයක් අවුරුදු දෙකහමාරක් ඇතුළත පාලනය කලේ මේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන්. ජිනීවා වලට දුන්න පොරොන්දුවක් මේ ඉටු කරන්නේ. ඒ වගේම ත්‍රස්තවාදියෙක් අල්ලගත්ත ගමන් මානව හිමිකම් කොමිෂමට දැන්වීම වගේම නිතිපති දෙපාර්තමේන්තුවට අධීචෝදනා නැගීම වසර 10ක් පමා කරන්න පුලුවුන්. දේශපාලන වශයෙන් ඛේදනිය තත්ත්වයකට මේ වෙද්දි රනිල් වික්‍රමසිංහ මහතා මුහුණ දිලා තියෙනවා. වොක්ස්වැගන් සිට සාවද්‍ය තොරතුරුයි කිව්වේ. සීතලයි කියලා කියන යුද්ධයක් එජාපයේ තියෙනවා. එහි දුර්වල තැනකයි රනිල් අගමැතිවරයා ඉන්නේ. ඔහුගේ ස්ථාවරය ඇති කර ගන්න නම් මෙම්සිද්ධිය වෙස් වලාගත්ත ආශිර්වාදයක් විදියට යොදා ගන්න උත්සාහයකයි ඉන්නේ. මේ වනවිටත් විදේශිය හමුදාවන් මෙරටට ඇවිත්. සිරියාවේ හිටපු අගමැතිවරයා පවත්වා ගෙන යන මුවාවෙන් කරන විනාශයයි අද සිරියාවේ දකින්න තියෙන්නේ. එවැනි විනාශයක් වුනත් තනතුර ආරක්ෂා කරගැනීමයි රනිල් වික්‍රමසිංහය අවශ්‍ය. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ හා පාලකයින් දැනුවත් නැති බව කියන්න පුලුවන්ද. පවතින පාලනයට ඇලුම් කරන අයට වුනත් හෘද සාක්ෂියෙන් අහලා බලන්න පුලුවන්. දැනගෙන පුරවැසියන් ගැන අනුකම්පාවක් නැතිව ඡන්ද පදනමට හානියක් නොවන විදියට වැඩ කිරීම නිසයි මේ ඛේදවාචකය වුනේ. මේ ඛේදවාචකය කොහොන් කොහොම නැවත ඇරfඹිදිද කියන්න බැහැ.
දෙමුහුන් ආණ්ඩුව රජය නම් රජය එකිනෙකාට චෝදනා කරන්න බැහැ. ආරක්ෂක මණ්ඩලයට මාස 6ක් තිස්සේ කැදවුයේ නැත්නම් ඒක පාර්ලිමේන්තුවට කියන්න තිබුණා. වෙන දෙයක් වෙන්න කියලා බලන් හිටියා. අපි ඒකාබද්ධ විපක්ෂය විදියට අපිට හැකි උපරිම පරිත්‍යාගයක් කරමින් නැවත නගා සිටුවීම්වලට සහාය දෙනවා. අපි දැවැන්තම මැයි රැළිය කරන්න සූදානමින් සිටියා. නමුත් මේ තත්ත්වය මත අපිට මැයි දින රැළිය පවත්වන්න වෙන්නේ නැහැ.

■ ත්‍රස්තවාදයක් තුරන් කරපු හමුදාවක් බුද්ධි අංශයක් හිටපු රටක් වෙලත් අගමැතිතුමාට ජාත්‍යන්තරය තමයි විශ්වාස.
■ මේ සම්මත කරගන්න හදන පනත තිබිලාද 30 වසරක යුද්ධය අවසන් කලේ. තිබුණු නිතියයි, හැකියාව හා නායකත්වය තිබිලයි යුද්ධය අවසන් කලේ. මීට වැඩි පනතක් ගෙනාවත් මේ ආන්ඩුවට කවදාවත්ම බැහැ. මේක නොහැකියාව.
■ අල්හාජ් මොහොමඞ් ඉබ්‍රහිම් අපේ ජාතික ලයිස්තුවේ ඉබ්‍රහිම් හිටියා නම් මොකද වෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා
මේ අවස්ථාවේ රටේ වගකීම දරණ ආන්ඩුවේ අගමැතිතුමාගේ හැසිරීම රටම බලා සිටිනවා. ගිය ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වුනා. කතෝලික දේවස්ථාන වගේම හෝටල්වලට බෝම්බ ප්‍රහාරය එල්ල වෙද්දි අගමැතිතුමා හිටියේ කොහෙද කියලා අපි දන්නේ නැහැ.නමුත් බෝම්බ ප්‍රහාරයේ ශබ්දයෙන් දැන් එතුමා කම්පනයට පත්වෙලා. යම් අනතුරක් වුනාම ඒ කම්පනයෙන් කරන්නේ මොනවාද කියලා දන්නේ නැහැ. විදේශීය හමුදාවන් ගෙනත් මේ සම්බන්ධයෙන් හොයන්න පුදුම වුවමානවක් තියෙන්නේ. ත්‍රස්තවාදයක් තුරන් කරපු හමුදාවක් බුද්ධි අංශයක් හිටපු රටක් වෙලත් ජාත්‍යන්තරය තමයි එතුමාට විශ්වාස. මේ ඊළග තුරුම්පුව. මේ තුළින් විදේශීය හමුදාවන් ගෙන්වා ගෙන රට තළ අස්ථාවරභාවයක් තියෙන්නේ කියලා මේ ආන්ඩුවම ගෙනියන්නයි හදන්නේ. අගමැතිතුමනි මේ සම්මත කරගන්න හදන පනත තිබිලාද 30 වසරක යුද්ධය අවසන් කලේ. තිබුණු නිතියයි, හැකියාව හා නායකත්වය තිබිලයි යුද්ධය අවසන් කලේ. මීට වැඩි පනතක් ගෙනාවත් මේ ආන්ඩුවට කවදාවත්ම බැහැ. මේක නොහැකියාව. තමන්ට රට ආරක්ෂා කරගන්න බැරි බව එතුමා පිළීගන්න වෙනවා.
දිගන සිද්ධයේදී මාධ්‍ය වාර්තා කළා දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාව පැය 18ක් ප්‍රශ්න කිරිම ගැන. මොන විදියකින් හරි දේශපාලන දඩයමක් කර ගන්නයි බැලුවේ..මේ සිද්ධි දෙක අහසයි පොළවයි වගේ. ආන්ඩුවේ අයගේ නම් තුනක් ප්‍රසිද්ධියේ කියැවෙනවා. එක රිෂාඩි බදියුදීන්. දෙක අසාත් සාලි ආන්ඩුකාරවරයා. තුන මුජිබර් රහුමාන්. අද වෙනතුරු මොවුන්ගෙන් එක ප්‍රශ්නයක් ඇහුවද. ඒ ඡන්ද මල්ලට. ගෙනත් ප්‍රශ්න කලොත් ඔවුන් ඡන්දෙ දෙන්නේ නැහැ. ආන්ඩුව ඉවරයි. දේශපාලන පොතෙන් සිද්ධිය වැහෙනවා. ජවිපේ නායක අනුර කුමාර දිසානායක කට අල් කරගෙන ඒක වුනේ කොහොමද. කියලා කියනවා. ඒ අනුර කුමාර දිසානයක නායකයාගෙන් අපි අහන්නේ එතුමාලාගේ ජාතික ලයිස්තුවේ 11 වැනියා අල්හාජ් මොහොමඞ් ඉබ්‍රහිම්. අපේ ජාතික ලයිස්තුවේ ඉබ්‍රහිම් හිටියා නම් මොකද වෙන්නේ. දැන් කියනවා එතුමාට සම්මානයක් මහින්ද රාජපක්ෂ මහත්තයා දීලාලු. එතුමාලාගේ ජාතික ලයිස්තුවට දාන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා සම්මාන දුන්න අයද. මේ කන්න ඕනේ වුනාම කඹරගොයා තලගොයා කර ගන්න උන්නැහැලා ටිකක්. මේවාට වගකියන්න ඕනේ නොහැකියාව තියෙන රූකඩ පාලකයින් රටට දායාද කරපු ජනතා විමුක්ති පෙරමුණත්. රාජ්‍ය ආරක්ෂාව බිංදුවට දාලා අද වැඩිය ශබ්ද නැහැ. මාධ්‍ය ඉස්සරහට වැඩිය එන්නෙත් නැහැ. මහානායක හාමුදුරුවෝ ප්‍රකාශ කළා චෝදනා විරහිතව ඉන්න බුද්ධී අංශ නිලධාරින් නිදහස් කරන්න කියලා. රට අස්ථාවර කරන ස්වාධිනත්වය නැති කරන තින්දුවක් ගත්තා නම් ඒ මංගල සමරවිර තමයි. අපේ ගෙවල්වල දරු පැටව් ඉන්නවානේ සමරවිරට පැවැත්මක් නැති වුනාට. බුද්ධි අංශය විනාශ කිරීමේ වගකිමත් මේ රජය ගන්න වෙනවා. රජය බලයට පත්වුනු දා ඉදන් බුද්ධි අංශවල චිත්ත ධෛර්යය වැටෙන දේ කලේ. අපි කියන්නේ මේ ආන්ඩුවට ඉදිරියට යන්න බැහැ. රටේ ආර්ථිකයත් දැන් කඩා වැටිලා. සංචාරයට එන්න හිටපු සංචාරකයෝ සියල්ල අවලංගු කරලා. මිනිස්සු රුකියාවට එන්නේ නැහැ.

ජාතික ආරක්ෂාව පිලිබඳ සර්වපාක්ෂික සමුළුව

ජාතික ආරක්ෂාව පිලිබඳ සර්වපාක්ෂික සමුළුව 2019 අප්‍රේල් 25

පසුගිය පාස්කු ඉරිදා දින සිදුවූ සහාසික ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තත්වය සාකච්චා කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවීම පිළබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෞරවය පුද කර සිටින අතර ඒ සඳහා සහභාගී වීමට අප පක්ෂය වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පල කර සිටින්නෙමු.
පසුගිය ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳවත් ඉන් පෙර,පසු තත්වය පිළිබඳවත් පවතින තත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජාතික ආරක්ෂාව සහ ජාතීන් අතර සමගිය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට නිරන්තර සූදානමින් සිටින අප පක්ෂයේ අදහස් හා යෝජනා මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස අපේ දර්ශනය සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් යන සියලු ශ්‍රී ලංකික පුරවැසි සහෝදරත්වයන්ට තම තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් රැක ගෙන නිදහසේ ජීවත්විය හැකි. සෞභාග්‍යමත් සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමයි. ඒ අනුව වාර්ගික සුහදත්වය ආගමික සහජීවනය සහිතව ජිවත්වන නුතන ශ්‍රී ලංකීය ජාතිය නිර්මාණය කිරීම අපේ ඒකායන අපේක්ෂාවයි.

• මානව සමාජයේ අනෙක් සියලු අයිතීන් තියෙන්නේ ජිවත් වීමේ අයිතියට යටින්. ඒ නිසා ජාතික ආරක්ෂාවට ඉහලින් කිසිවක් තියෙන්න බෑ. වාර්ගික සුහදත්වයආගමික සහජීවනය ආදී මේ සියලු යහපත් මානව බැදීම් නිර්මාණය වන්නේ සුරක්ෂිත සමාජ වටපිටාවක් තුළ පමණයි. සංහිදියාව තියෙන්නෙත් ජාතික ආරක්ෂාව නැමති මහා පොදු සාධකය ඇතුලේ.

• නමුත් පහු ගිය කාලේ ජාතික ආරක්ෂාව සහ ජාතික සංහිදියාව අතර ප්‍රතිවිරෝධයක් තිබෙන බවට වූ ආකල්පයක් ඉහල සිට පහලට සමාජ ගත උනා. ඒ ආකල්පය විසින් අන්තිමේදී ජාතික ආරක්ෂාව පිළිබඳව උනන්දු වීම ජාතික සංහිදියාවට එරෙහිවීමක් යන මතය අපේ පොළවේ පැළ කලා. එක හරියට හුස්ම ගැනීම හදවතට අහිතකරයි කියනවා වගේ අවිද්‍යාත්මක විකෘති අදහසක්. දැන සහ නොදැන ඍජුව හා වක්‍රව එකී තත්වය මේ මහා විපතට හේතුවක් උනා.

• අපි අවධාරණය කරන්නේ ජාතික ආරක්ෂාව නිසි තැන ස්ථානගත කරන්න කියලා. ජාතික ආරක්ෂාවට හිමි තැන දෙන්න කියලා. ජාතික ආරක්ෂාව කළමනාකරණය කිරීමේ වගකීම නිසි වෘත්තියභාවයක් සහිත පරිනත සුදුස්සන් අතට පත් කරන්න කියලා.

• ජාතික ආරක්ෂක කවුන්සිලය ප්‍රමුඛව ජාතික ආරක්ෂාව භාර ආයතන වල බරපතල බිද වැටීමක් අපට නිරීක්ෂණය වුණා. වහාම ජාතික ආරක්ෂාව භාර ආයතන විද්‍යාත්මකව ප්‍රතිව්‍යුහගත කරන්න.

• රාජ්‍ය බුද්ධි සේවා අත්තනෝමතික දණ්ඩනයකට ලක්වී අති බව ප්‍රසිද්ධ කරුණක්. ඒ හේතුවෙන් රාජ්‍ය බුද්ධි සේවාවන් අකර්මන්‍ය වෙලා. රාජ්‍යයක පැවැත්ම උදෙසා රාජ්‍ය බුද්ධි සේවාවක ඇති අවශ්‍යතාව වහාම තේරුම් අරගෙන අකර්මන්‍ය කර ඇති රාජ්‍ය බුද්ධි සේවාව යලි සක්‍රිය කරන ලෙස අපි ඉතා අවධාරණයෙන් ඉල්ලා සිටිනවා.

• රැස් කරගන්න ලද තොරතුරු නිශ්චිත දත්ත බවට පත්වෙන්නේ විද්‍යාත්මක පිරිපහදු (Filtering) කිරීමකට පස්සේ. බුද්ධි සේවාවක් විසින් ඉදිරිපත් කරන බුද්ධිමය දත්ත කියන්නේ ඕපා දුප නොවේ. පසුගිය සිදුවීම විශ්ලේෂණය කරද්දී අපට පෙනී යනවා බුද්ධි අංශ දත්තයන්ට සාමාන්‍ය කට කතාවකට ලැබෙන තරමේ වත් වටිනාකමක් ලැබී නොමැති බව. බෙහෙත් ගත්තට වැඩක් නැහැ බෙහෙත් බොන්නේ නැත්නම්. ඒ නිසා ලැබෙන බුද්ධි තොරතුරු නිසි ලෙස භාවිතයට ගැනීම වගකිව යුත්තන්ගේ ප්‍රමුඛතම වගකීමක්.

• ජාතික ව්‍යසනයකින් පසු හැසිරීම. වර්තමාන ආණ්ඩුව වහාම අධ්‍යනය කල යුතුයි. මේ සිද්ධියේදී සිවිල් නායකයින් සහ සාමාන්‍ය මහජනතාව ඉතා දියුණු හැසිරීමක් ප්‍රකට කලා. ඔවුන් හිටියේ වගකිව යුතු බලධාරීන්ට වඩා බොහොම ඉදිරියෙන්.

• මේ වන විට නිර්මාණය වී ඇති තත්වය පාදක කරගනිමින් ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරයක් ඇති කොට ජාතීන් අතර සමගිය පළුදු කිරීමේ කුමන්ත්‍රණයක් 1983 කළු ජූලිය නිර්මාණය කළා සේ මේ මොහොතේ මතු විය හැකි බැවින් ඉතා වගකීමෙන් සියලු ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ මූලිකම වගකීම විය යුතුය.

• පාස්කු ඉරිදා ඛේදවාචකය සිදු වූ සැනින් මනුෂ්‍යතත්වයේ නාමයෙන් සහ රාජකාරිමය වගකීමෙන් ඉදිරිපත් වූ අසල්වැසියන්ට, රෝහල් කාර්යමණ්ඩලයන්ට, ආරක්ෂක අංශ නිලධාරීන්ට සියලු අපදා සහන සේවාවන්ට. මෙන්ම පරිත්‍යාගශිලිව සහ කම්පනයන් යුතුව උපකාර කල සැමටත් අපි හිස නමා අචාර කරනවා.

• පළාත් සභා 09 න් 08 ක්ම මේ වන විට නිල කාලය අවසන් වීම හේතුවෙන් මහජන සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බරපතල දුෂ්කරතා පවතිද්දී ඊට මුහුණදෙමින් අපගේ පළාත් පාලන ආයතන සියල්ල මගින් මේ මොහොතට අවශ්‍ය සියලු සේවාවන් ලබාදීම සදහා 24 පැය පුරාම අපගේ මහජන නියෝජිතයන් සහ පළාත් පාලන ආයතන සූදානම් කර ඇත.

රට අරාජික වෙලා. පාලනයක් නැහැ..

රට අරාජික වෙලා. පාලනයක් නැහැ..
මේ සිද්ධියේදි අපි සංවේදීව රජයට සහාය ලබා දෙන්න සූදානම්…
– හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ඇත්තටම රටේ ආරක්ෂාවක් නැහැ. රට අරාජික වෙලා. පාලනයක් නැහැ. එහෙ මෙහෙ බෝම්බ පුපුරනවා.මේ තත්ත්වය ඉතා ඉක්මනින් වෙනස් කරන්න වෙනවා යි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවුසවේ අද :23-උදේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී මාධ්‍යවේදින් රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් විමසන අවස්ථාවේදිය.
එහිදී වැඩිදුරටත් මාධ්‍යවේදින් හමුවේ අදහස් දැක්වු ඒ මහතා
මාධ්‍ය – එජාප මන්ත්‍රීවරු ජනාධිපතිිවරයාට චෝදනා කරනවා මේ සම්බන්ධයෙන්
මහින්ද රාජපක්ෂ මහතා – ඒක ඒ අයගේ වැඩක්නේ.
මාධ්‍ය – පොලිස්පතිතුමා ගැන ඔබගේ අදහස
මහින්ද රාජපක්ෂ මහතා – පොලිස්පතිතුමා වැඩ කරන්නේ රජය කියන විදියටනේ. මේකේ වගකිම රජය භාර ගන්න වෙනවා.
මාධ්‍ය – පොලිස්පතිතුමාටයි වරද පටවන්නේ
මහින්ද රාජපක්ෂ මහතා – පුද්ගලයෙකුට වරද පටවනවන එක නෙවෙයිි කළ යුතුව තිඛෙන්නේ්. ඔහුට දෙන උපදෙස් අනුවනේ කටයුතු කරන්නේ. ඔහුව ආරක්ෂක මණ්ඩලයට මාස ගානක් කැදවලාත් නැහැලූනේ.මේ රජයයි මේකට වගකිව යුතු
මාධ්‍ය- ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශය ගැන මොකද කියන්නේ
මහින්ද රාජපක්ෂ මහතා – හරිම කණගාටුයි. මම කතාකරලා කිව්වා මේ වගේ ප්‍රකාශ කරන්න එපා කියලා.මේ සිද්ධියේදි අපි සංවේදීව රජයට සහාය ලබා දෙන්න සූදානම්. රජය අඩුපාඩු පෙන්වාදිම අපේ වගකීමක්.
මාධ්‍ය – බුද්ධි අංශය ගැන මොකද හිතන්නේ.
මහින්ද රාජපක්ෂ මහතා – බුද්ධි අංශයේ ක්‍රියාත්මක වීම අඩපන කළා. විශේසයෙන් යුද හමුදාවෙයි පලපුරුදු බුද්ධි අංශයක් ක්‍රියාත්මක වුනේ. 600ක් විතර හිටියා. නමුත් ඒ අය අද වෙනතුරු පාවිච්චි කළාද. සියලූ බුද්ධි අංශ එකතු වෙලයි එදා තින්දු ගත්තේ. එදා හැම අගහරුවාදාම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඒ අයව කැදෙව්වා. තොරතුරු හුවමාරු කර ගත්තා. අද එවැනි තත්ත්වයක් නැහැ. බුද්ධි අංශය විනාශ කලා. භාගයක් එළියේ. ගෝඨාගේ මිනිස්සු, මහින්ද ගේ මිනිස්සු කියලා ඒ අයව මාරු කළා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ. මේ ගැන අහන්න හොදම කෙනා සරත් පොන්සේකා මහත්තයා. එතුමාගේ යටතෙයි හමුදාව තිබුනේ. හමුදාවේ බුද්ධි අංශය ගැන එතුමාගෙන් ඇහුවොත් කියයි.
මාධ්‍ය – මේ සිද්ධිය නිසා සංචාරක කර්මාන්තය කඩා වැටෙනවා නේද
මහින්ද රාජපක්ෂ මහතා – අනිවාර්යයෙන්ම. හොටල් ඉලක්ක කිරීමෙන්ම පේනවා ගැහුවේ රටේ ආර්ථීකයට කියලා. කවුද කලේ කියලා තාම කියන්නේ නැහැ. අද වෙනතුරු හමුදාව පාවිච්චා කළාද. බෝම්බයක් පුපුරන කොට හමුදාව ගෙන්වා ගන්නවාට වඩා බුද්ධිමත්ව මෙහි අභ්‍යන්තරයට ගිහින් මේ ගැන හොයන්න.

ආණ්ඩුවේ කැබිනට් ඒකේ ඉන්නේ වසලයෝ..

අද (18) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා
සුබ අලුත් අවුරුද්දක් ‌වේවා කියලා පළමුවෙන්ම සුබ පතනවා. ‌‌‌මෛත්‍රී රනිල් ආන්ඩුවේ අවසාන සිංහල අවුරුද්ද කරන්න ජනතාව සූදානම්. ජනතාව මත විශාල බදුබර පිඩනයක්ව ‌යොදවපු ‌මේ ආණ්ඩුව ජාතික මැතිවරණයේදී ‌පොදු ජන ‌පෙරමුණ මුලික කරගනිමින් ජයගන්න අපි සූදානම්. මැයි 01 වැනිදා කම්කරු දිනය සැමරීමේදී ‌පොදුජන ‌පෙරමුනේ මූලිකත්වයෙන් අප්‍රියෙලි මස 26 වැනිදා ත්‍රිකුණාමලයේ ඉදන් රථ ‌පෙලපාලියකින් ‌කොළඹට එන්න ‌පොදුජන තරුණ ‌පෙරමුණ සූදානම්. ආණ්ඩුවට විරෝධතාවය දක්වන ජනතාව ‌පෙරටු කරගෙන 26 වැනිදා ත්‍රිකුණාමලයේ ඉදන් අනුරාධපුරයටත්, 27 වැනිදා අනුරාධපුරයේ ඉදන් දඹුල්ල නගරයටත්, 27 වැනිදා දඹුල්ල නගරයේ ඉදන් කුරුණෑගල නගරයටත්, 28 වැනිදා කුරුණැගල සිට දිවුලපිටියටත් , 29 වැනිදා දිවුලපිටියේ සිට ඔරුගොඩවත්ත දක්වාත්, අවසාන දවසේ , ඒ් කියන්නේ මැයි පළවෙනිදා ‌රටපුරා සිට ඒකරාශි ‌වෙන ජනතාව සමග කැම්බල් පිටියට පැමිණ ආන්ඩුවට දැවැන්ත විරෝධතාවයක් දක්වන්න අපි සුදානම්. ආන්ඩුව ආරම්භ ‌වෙන්නේ විපක්ෂයේ ‌දේශපාලන කණ්ඩායම්ක හා නායකයින් දඩයම් කරමින්. ඒ්ධී සදහා පාර්ලිමේන්තුව භාවිතා කරමින් ‌කොමිෂන් සභා පිහිටුවීමේ අරමුණ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නායකයින් නැවත ‌තරග කිරීම වළක්වන්න නීති සම්පාදනය කළා. පළාත් පාලන ආයතන මැතිවරණය වසර ‌දෙකහමාරක් කල් දැම්මා. ස්වාදීනයි කියන ‌මැතිවරණ කොමිෂමට ‌හෝ ජනාධිපතිට අගමැතිට ‌පාර්ලිමේන්තුවට ‌හෝ කිසිවෙක්ට පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය කියන්න බැරි තරමට රට අර්බුදයට පත්වෙලා. මහින්ද රාජපක්ෂ මහතාට ඒල්ල වුනු ‌චෝදනා ‌මේ ‌වෙද්දි ඉතා ‌වේගයෙන් ‌ගෝඨාභය රාපක්ෂ මහතාගේ දිසාවට හැරෙමින් තිබෙනවා. ‌මේ කාරණාව ආරම්භ ‌වෙන්නේ 2015 ජනවාරි මාසයේ 15 වැනිදා.ආණ්ඩුව පත්වුනු හැටියේම ජනමාධ්‍ය විෂය භාර ඇමැති විදියට මංගල රාජපක්ෂ මහතා රාජ්‍ය මාධය භාවිතා කරලා පළමුවෙන්ම ‌චෝදනා කලේ ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට. රාජ්‍ය මාධ්‍ය ප්‍රවෘත්තියක්දා වුනේ හමුදා කුමන්ත්‍රණයකින් රට අල්ලන්න ‌ගෝඨාභය රාජපක්ෂ මහතා සුදානම්න ‌වෙනවා කියන ඒකයි. ‌මෙහිදි හිටපු හමුදාපතිවරයාටත්, හිටපු අගවිනිසුරුවරයාට හා හිටපු ආරක්ෂක ‌ලේකම්වරයාටයි ‌මේ ‌චෝදනාව ඒල්ල වුනේ. ඒ් විතරක් ‌නෙවෙයි. යුද හමුදා මුලස්ථානය ඉදිකරන්න ලැබුණු මුදල් පුද්ගලික ගිණුමක බැරකරගෙන මුදල් වංචාවක් කරන්න සුදානම් ‌වෙනවා කියලත් ‌‌චෝදනා ඒල්ල වුනා. මහා පරිමාණ වංචා පිළීබද ‌චෝදනා කරලා මුල්‍ය වංචා විමර්ශන ආයතනය නිර්මාණය කරලා ඒහි පළවෙනි නඩුව විදියට ඇවන්ගාඩ් සිද්ධිය විභාග කරනවා. ඒ් විතරක් ‌නෙවෙයි පහුගිය වසරේ එය වි‌‌ශේෂ මහාධිකරණය පිහිටුවලා ඩී. ඒ්. රාජපක්ෂ ‌කවුතුකාගාරය ‌වෙනුවෙන් කරපු කටයුතුවලදි මුදල් පිළීබද අකටයුතුකම් වුනා කියලා නඩු පවරනවා. ඒක්නැලිගොඩ, තාජුඩින් ගාතන සම්බන්ධයෙන් ‌ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බව කියමින් අනුර ‌සේනානයක හිටපු නියෝජ්‍ය ‌පොලිස්පතිවරයා ,හමුදා බුදධි අංශ නිලධාරින් අත්අඩංගුවට අරන් වසර ‌දෙකක් විතර රදවා ‌ගෙන හිටියා. ඒ් නිලධාරීන්ගේ ඥාතීන් ඒළියට ඇවිත් කිව්වා හිටපු ආරක්ෂක ‌ලේකම්තුමාගේ නම කිව්වොත් නිදහස් කරනවා කියලත් ‌මේ බුද්ධි අංශ නිලධාරීන්ට බලපැම් කරන බව.‌මෙවැනි අසත්‍ය ‌චෝදනා කරපු අය ‌මෙරට අධීකරණයෙන් කරන්න බැරි වුනු නිසා විදේශීය අධිකරණයකින් හරි දඩුවමක් ‌දෙන්න රාජ්‍ය ‌නොවන සංවිධාන හරහා ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒරෙහිව නඩු පවරනවා. ‌මේ පිටුපස ඉන්නේ මංගල සමරවිර ඇමැතිවරයා කියලා අපි විශ්වාස කරනවා.
ඒතුමා ඇතුළු කණෟඩායමක් අද ජාත්‍යන්තර අධීකරණවල ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒරෙහිව නඩු පවරමින් සිටිනවා. 2007 ත්‍රස්ත විමර්ශන ඒ්කකයෙන් අත් අඩංගුවට ගත්ත, වර්තමානයේ කැනේඩියානු පුරවැසිභාවය හිමි, ‌රෝයි මනෝජ් කුමාර් කියන පුද්ගලයෙක් තමයි ඒක සිවිල් නඩුවක් ‌ගොනු කරලා තියෙන්නේ. ‌මොහු ‌මේ නඩුව ‌ගොනු කරන්න ‌පෙර රජයේ ඉහළ ‌පෙලේ නායකයින් කිහිප ‌දෙනෙක් සමග සම්බන්ධකම් පවත්වා තිබෙන බවට අපිට ‌මේ ‌වෙද්දි ‌තොරතුරු ලැබිලා තියෙනවා. සම්බන්ධකම් පැවැත්වුවා පමණක් ‌නොවේ. 2007 දි ‌ලෝකයේ තහනම් සංවිධානයක් වුනු ඒල්. ටි. ටී. ඊයට අනුබල ‌දෙමින් ඔවුන්ගේ රූපවාහිනි ‌සේවයට අවශ්‍ය ‌රේඩාර් දුරකතන ජංගම දුරකනන, සැටලයිට් ආදිය සැපයූ බව කියමින්, ඒ් උපකරණත් සමගයි අත් අඩංගුවට ගන්නේ. ඔහු ඒ් සියලු ‌ෙචෝදනාවලට වැරදිකරු බව පිළීගැනීමෙන් පසුව දඩයක්ද නියම කිරීමෙන් පසුවයි ‌2010 දී මොහුව පිටුවහල් කරන්නේ. පහුගිය කාලයේ දිගින් දිගටම හිටපු ආරක්ෂක ‌ලේකම්වරයාට එරෙහිව විරුද්ධව ‌‌චෝදනා ඒල්ල කරපු ප්‍රබලයෙක් වුනු සරත් ‌පොන්සේකා සමග ‌මේ ‌රෝයි කියන පුද්ගලයා සිටින ඡායාරූප අපිට ලැබිලා තියෙනවා. රජයේ ඉහළ නායකයින් සමග කටයුතු කරමින් ‌මේ විදියට නඩු පවරද්දි ‌මේ පිටුපස රජය සිටින බව පැහැදිලියි. වගේම ‌අපේ රටේ යුද අපරාධ වුනා කියමින් ‌වෙනම රාජ්‍යයක් ‌වෙනුවෙන් ‌පෙනි සිටින හිටපු උතුරේ හිටපු මහ ඇමැතිවරයා ඒක්ක ඉන්න ජායාරූපත් තියෙනවා. ‌මේ රටේ අධිකරණයෙන් දඩුවම් වින්ද, මේ රටේ පුරවැසිභාවය නැති පුද්ගලයෙක් තමයි ‌මේ විදියට නඩු පවරන්නේ. 2007 වසරේ අත් අඩංගුවට අරගෙන වද හිංසා පැමිනුවා කියලයි ‌මොහු නඩු පවරන්නේ. නමුති ‌මෝහු සියලු වැරදිවලට වැරදිකරු බව පිළිගෙන තිබෙනවා.
නඩු අංක ඒච්. සී. 5017 අංකයෙන් ‌ෙකොළඹ මහා අධීකරණයේ නඩු පවරලා, සියලු වැරදි පිළිගැනිම නිසා ‌මෙරටින් පිටුවහල් කලේ. වසර වයකට පස්සේ ජනාධිපතිවරණයට මාස කිහිපයක් තියෙන අවස්ථාවක, මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජනතාවගේ සහාය ඇත්නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් ‌වෙනවා කියමින් තමන්ගේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට ඉදිරිපත් වී සිටින අවස්ථාවක ‌මෙි විදියට නඩු පවරන ඒකෙන් පැහැදිලි වන්නේ ආන්ඩුවේ හස්තයක් ක්‍රියාත්මක ‌වෙනවා කියන ඒකයි.
ආගමන විගමන කටයුතු අමාත්‍යංශය ඉදිරියේදි සරත් ‌පොන්සේකාට ලබාදෙන බවත් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ‌මේ ‌පෙල ගැසුමේන් ‌පේන්නේ 2015 ජනවාරි 8 වැනිදා සිටම ඔවුන්ගේ අභියෝග හදුනා ‌ගෙන තිබිමයි. ඔවුන් පළමුව මහින්ද රාජපක්ෂ මහතාට නැවත තරග කරන්න බැරි ‌වෙන්න නිති පැනෙව්වා. ඉන් පස්සේ ‌ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ කියන පුද්ගලයින් ඉලක්ක කරගෙන 19 වැනි සං‌‌ශෝධනය යටතේ නීති හැදුවා. නාමල් රාජපක්ෂ ඉලක්ක කරගෙන ජනාධිපතිවරණයට තරග කිරීමේ වයස්සීමාව ‌වෙනස් කළා. අපි අපේ අපෙක්ෂකයා නම් කර නැති තත්ත්වයකත් ආණ්ඩුව ඔවුන්ට ප්‍රබලම අභීයෝගයක් ‌දෙන පුද්ගලයා විදියට ‌ගෝඨාභය රාජපක්ෂ මහතා හදුනා ‌ගෙන ඔහුට ඒරෙහිව ක්‍රියාත්මක ‌වෙමින් තිබෙනව. ආන්ඩුව යටතෙයි දැන් හැම ‌දෙයක්ම ක්‍රියාත්මක ‌වෙන්නේ. නිතිය ක්‍රියාත්මක කරමින් අනිසි විදියට රටේ අනාගතය භාරගන්න ඉන්න පුද්ගලයින්ට මඩ ගහන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.
දුමින්ද දිසානායක මහතා අලුතෙන් හැදෙමින් තිබෙන සංධානය ගැන අදහස් දක්වලා තිබුණා. ආන්ඩුවට ඒරෙහිව නැගී සිටින බලවේගයක් විදියට ආන්ඩුව ‌පෙරලන්න සූදානම් අයත් ඒක්ක සාකච්ඡා කරන්න සූදානම් බව මහින්ද රාජපක්ෂ මහතා වගේම බැසිල් රාජපක්ෂ මහතාත් ප්‍රකාශ කරලා තිබුණා. දුමින්ද දිසානයක මහතා කියලා තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‌පොහොට්ටුවේ වලිගයක් කරන්න සූදානම් නැහැ කියලා. ඒහෙිම කිව්වට වසර 4ක් තිස්සේ ශ්‍රීලනීපය එජාපයේ අතකොලුවක් කරලා තියෙන්නේ. ශ්‍රීලනිප ප්‍රතිපත්ති යට කරලා එජාපයේ අතකොලුුුුවක් කලේ ඒවකට ජාතික ආන්ඩුව ‌වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරලා ශ්‍රීලනීප අපේක්ෂකයා පරාජය කරන්න ඒළියට බැහැපු දුමින්ද දිසානයකලායි. පිරිසක්ත මැවරණයක් ප්‍රකාශ කළ හැටියේම ශ්‍රීලනිපය අත්හැරලා රනිල් වික්‍රමසිංහ නායකත්වයට එකතු ‌වෙන්න සූදානම් ‌වෙනවා. ඒජාපයේ අතකොලුවක් බවට ශ්‍රීලංනා නිදහස් පක්ෂ්යය පත්කරපු අයගෙන් මිදිලා ආණුඩුව පලවා හරින්න ඒකතු ‌වෙන්න කියලා අපි අනෙක් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා
නව වසර ජනතාවට සුබ ‌වෙන්නේ ‌කොහොමද කියලා ගැටලුවක් තියෙනවා. රටේ ආර්ථික සංවර්ධන ‌වේගය වැඩි ‌වෙමින් දකුණූ ආසියාවේ ‌වේගයෙන්ම සංවර්ධනය ‌වෙන රට බවට පත්වෙමින් රැකියා ප්‍රශ්නය විසදමින් තියෙද්දි ජනතාවට බිල්ලෝ මවලා ජනතාවට යහපාලනය ලබා ‌දෙනවා කියලා ‌මේ ආන්ඩුව පත්වුනත් ඒදා ඉදලා බඩු මිල වැඩි වුනා. රැකියා ප්‍රශ්නය ආවා. අද ජනතාවට ‌තියෙන ප්‍රශ්න ‌වෙලා තියෙන්නේ විදුලිය යන්න කලින් ඇදුම මැද ගැනිම, වතුර කපන්න කලින් වතුර පුරවා ගැනීම වගේ ‌දේවලුයි. විදුලි අර්බුදය සංවිධානාත්මකව ආන්ඩුව හදපු ඒකක්. රුපියල් 10.50ට විදුලි ඒ්කකයක් ‌දෙන්න සමාගමක් සුදානම් වුනත් ‌කොමිස් නැති නිසා හරවලා යැව්වා. ලංකාවේ ලංකා ට්‍රාන්ස් ‌‌පෝමස්ස් සමාගම රුපියල් 14 ට විදුලි ඒ්කකයක් ‌දෙන්න සූදානම් වුනත් ‌කොමිස් නැති නිසා ඒ්වා හරවලා යැව්වා.
ඒදා කැඩිලා තිබුණ වරායේ තියෙන විදුලිබලාගාරය හදලා දැන් ඒ්කෙන් ‌මෙගා ‌වොට් 60ක් විදුලිය ලැබෙනවා. ඒ්ෂීයන් පවර් ඒකෙන් ‌මෙගා ‌වොට් 60ක් ලැබෙනවා. මාතර මාදුගලින් ‌මෙගාවොට් 20ක් එකතු ‌වෙනවා. ඒ් වගේම හදිසි විදුලිය මෙගා වොට් 100ක් මිලදි ගත්තා. ‌දැන් විදුලි අර්බුදය අවසන් ‌වෙලා තියෙන්නේ.
විදුලි අර්බුදය විසදිලා තියෙද්දිත් ‌මේ අය සංවිධානාත්මකව විදුලි අර්බුදයක් ‌පෙන්වලා රුපියල් 34ට විදුලි ඒ්කකයක් මිලදි ගන්න සුදනාම් ‌. ‌මේ ‌වෙද්දිත් කල්ලතෝනි විදුලිය ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් සිද්ධ ‌වෙනවා. තුර්කි සමාගමකින් ‌මෙගාවොට් 400ක් ගන්න සූදානම් වුනත් ‌මේ ගිවිසුම ජනතාවට ‌හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ. ‌මේ සම්බන්ධ සාකච්ඡා වලට විදුලි බල මණ්ඩලයේ කිසිවෙක් සම්බන්ධ කරගෙන නැහැ. ‌මේ විදුලිය සදහා ‌ගෙවන්න ‌වෙන්නේ ‌ඩොලර්වලින්. රැපියල් ‌කෝටි 17500ක් ‌ඩොලර්වලින් ‌ගෙවන්න ‌වෙනවා. ඒදා තිබුනු ඩිසල් මාපියාව නතර කලේ අපේ රජයයි. දැන් නැවතත් ඩිසල් මාපියාවක් හදලා ලංකාවේ ‌ඩොලර්ස් ටික පිටරට යවන කුමන්ත්‍රණයක් සිද්ධ ‌වෙනවා. තව ටික දිනකින් විදුලි බිල වැඩි ‌වෙනවා. ‌කොමිස් මුදල්වලට යටවෙලයි ‌මේ විදියට විදුලිය ගන්න සුදානම් ‌වෙන්නේ.
හම්බන්තොට වරයා, මත්තල ගුවන්තොටුපල සුදු අලියෙක් කියවලා ‌පෙන්වන්න හැදුවා. රටක් සංවර්ධනය ‌වෙන ‌කොට අලුතෙන් මාර්ග ගුවන්තොටුපලවල් වරායන් හැදෙනවා. ගිය වසරේ කටුනායක ගුවන්තොටුපල වහපුවාම ගුවන් ‌යානා යැව්වේ මත්තලට. මත්තල ‌නොතිබුනා නම් විශාල මුදලක් අහිමි ‌වෙන්න තිබුනා. ඒ් යානා ඉන්දියාවට ගිහින් නැවත එන්නේ. හදිසි අවස්ථාවල ‌වෙනදා ගුවන් යානා ගියේ ඉන්දියාවට. දැන් අයහපත් කාලගුණ තත්ත්වයන්වලදි යන්නේ මත්තලට. ‌මහින්ද රාජපක්ෂ මහතාගේ ව්‍යාපෘතිවල ප්‍රතිඵල අද අපිට දකින්න ලැබෙනවා. ආන්ඩුවේ කැබිනට් ඇමැතිවරු ‌වෙලාවකට කියනවා කැබිනට් ඒකේ ඉන්නේ කුඩු කාරයෝ පෝරිසාදයෝ වසලයෝ, පගා කාරයෝ ,කොමිස් කාරයෛා, මන්දබුද්ධිකයෝ කියලා.ඒජාපයේ අයමයි කියන්නේ. ඒ් වගේ අය කැබිනෙට්ටුවේ හිදීමේ ප්‍රතිඵල තමයි අද අපි දකින්නේ. එදා මහ බැංකුව කැඩුවා කියලා අපි කියද්දි ‌මේ අය කිව්වේ ඒහෙම දෙයක් වුනේ නැහැ කියලා. අද ඒ් අයම කියනවා මහ බැංකුව කැඩුවා කියලා. ‌මේ ආන්ඩුව බලයට ඇවිත් ‌දෙයක් කලා නම් ‌හොරකම වංචාව දූෂණය විතරයි.

ශ‍්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!

ශ‍්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!
ශී‍්‍ර ලාංකීය සංස්කෘතිය හා බැදී පවතින සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අතීතයේ සිට උත්සවාකාරයෙන් සැමරීමට අපි පුරුදුව සිටිමු.
නමුත් වර්තමාන පාලනයේ අදක්‍ෂ අකාර්‍යක්ෂම කළමණාකරණය හේතුවෙන් රටතුළ සිදුව ඇති ආර්ථික කඩා වැටීම හමුවේ වෙනදා දකින අවුරුදු උත්සවශී‍්‍රය, මෙවර දක්නට නැත. රුපියලේ අගය ඉහළ යාම, ආයෝජකයින් රට හැරයාම ආදී හේතු නිසා මේ වන විට විශාල පිරිසකගේ රැුකියා අහිමිවී ඇති අතර තවත් පිරිසක් රැුකියා අහිමි වීමේ අවධානමට මුහුණ දී සිටියි. එමෙන්ම වත්මන් රජය බලයට පත්වීමත් සමග ආර්ථිකයේ හදවත බදු මහ බැංකුව මංකොල්ල කෑමේ විපාකද මේ වන විට ජනතාවට ගෙවන්නට සිදුව තිබේ. ආණ්ඩුව දිනෙන් දින ජනතාව මත බදු පිට බදු පනවමින් ආණ්ඩුවේ වියහියදම් සොයා ගැනීම කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇති අතර ජනතා ප‍්‍රශ්න කෙරෙහි හෝ ජනතාව මුහුණ දී සිටින අපහසුතා කෙරෙහි අවධානය යොමු කිරීමක් වත්මන් ආණ්ඩුවෙන් කිසිසේත් අපේක්ෂා කල නොහැකිය.
ගොවි ජනතාවට නෙලාගත් අස්වැන්නට නිසි මිලක් නොලැබෙයි. සුලූ අපනයන භෝග ඇතු`ථ සමස්ත කෘෂි කර්මාන්තයටම අත්ව ඇත්තේ එකී ඉරණමය. ව්‍යාපාර බි`ද වැටිම මෙන්ම සංවර්ධන කටයුතු ද ඇන හිට තිබේ. මේ දුෂ්ඨ පාලනයට බැට දෙන ස්වභාව ධර්මයද, ජනතාව තව තවත් පෙළමින් සිටියි. මහජනතාව සිටින්නේ එදා වේල පිරිමසා ගන්නේ කෙසේදැයි සිතමිනි. මේ නිසා මෙවර සිංහල අලූත් අවුරුද්ද චාරිත‍්‍රවලට පමණක් සීමා කරන්නට සිදුව තිබේ.
එහෙයින් මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්දේ එකම නැකතකින් වැඩ අරඹා පොදුජන ශක්තිය එක මිටට ගෙන ජනතා දෙ‍්‍රා්හි පාලනය අතුගා දමන්නටත්, මේකී තත්ත්වය වෙනස් කර සශී‍්‍රක සමෘද්ධිමත් රටක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව ජනතාව අත මුදල් රැුදෙන, සැබෑ සංවර්ධනයක් කරා රට මෙහෙයවන්නටත්, අපි එකා වන්ව එක්සිත්ව, පෙළ ගැසෙමු. එළඹෙන අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් කර ගැනීමට අපට ඇති එකම මාර්ගය එය බවට අසල් වාසී නෑ හිතමිත‍්‍රාදී සිලු දෙනා දැනුම්වත් කරමු.

ඔබ සැමට සුභ නව වසරක් වේවා.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

සුභ නව වසරක් වේවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මොන තීන්දු ගත්තත් වෙන්නේ විහිලූ සැපයිමයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා
මාසයක් පුරා සාකච්ඡාවට ලක්වුනු 2019 සදහා වූ අයවැය ලේඛණයට ඡන්දය විමසීමට නියමිතව තියෙනවා. රටේ ආර්ථික දේශපාලන තත්ත්වයත් සමග මේ අයවැය හුදු ලියවිල්ලක් මිස ඉදිරි දශකය සදහා කළ ආයෝජනයක් ලෙස අපි දකින්නේ නැහැ. රට මුහුණ දී සිටින සමාජ ආර්ථික ප්‍රශ්නවලට මේ අයවැයෙන් කිසිදු සහනයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අයවැය ඉදිරිපත් කළ දිනයේ සිට මේ දක්වා ආණ්ඩුව පැත්තෙන් අයවැය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බව පේන්නේ නැහැ. අපි ආන්ඩු පක්ෂයේ ඉදලා තියෙනවා. ඒ කාලේ අයවැය ගැන තිබුනේ පුදුම උනන්දුවක්. රටේ ජනතාව හිටියේ පුදුම උනන්දුවකින්. අද ඒ දේවල් පේන්නේ නැහැ. අයවැය ගැන වැඩිම උනන්දුවකින් බලාගෙන හිටිය පිරිස වුනේ විපක්ෂය. එහි ප්‍රතිඵලයක් නිසා පසුගිය සතියේ අපිට වැයශීර්ෂ දෙකක් පරාජය කරන්න පුලුවන් වුනා. අඩුම තරමේ ශ්‍රේෂ්ඨාධිකරණයට, රටට තමන්ට බහුතර බලයක් තිබෙන බව ඔප්පු කරපු ආණ්ඩු පක්ෂයට තමන්ගේ අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ පරාජය වීමෙන් ගලවා ගැනීමේ හැකියාවක් තිබුනේ නැහැ. ඒ පරාජය වීමට පසු දින ලක්ෂ්මන් කිරිඇල්ල ඇවිත් කියනවා මේක පරාජය වුනාට ප්‍රශ්නයක් නැහැ. රුපියල් 360ක් අඩුවෙනවා විතරයි කිව්වා. ඊට පහුවෙනිදා අගමැතිවරයා කියනවා සේවකයින් ලක්ෂ තුනකට වැටුප් ගෙවීමේ හැකියාවක් නැහැ. පළාත් පාලන ආයතන සියයට 90ට වැටුප් ගෙවා ගන්න විදියක් නැහැ. මේක පොහොට්ටුවේ අය හිතා මතාම කරපු දෙයක් කියලා. ඔව්. අපි මේක හිතාමතාම තමයි කලේ. සැලසුම්සහගතවයි කලේ. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට බාධා කරමින් මැතිවරණ කල් දැමීමට එරෙහිව කරපු උද්ඝෝෂණයේ එක පියවරක් විදියට, උද්ධච්චකාරි, ද්වේශ සහගත හැගීම් ප්‍රකාශ කරන චම්පික රණවකට අනතුරු ඇගවිමටත් තමයි අපි මේ දේ කලේ. අද දවසේ මේ වැය ශීර්ෂ දෙකටත් සමස්ත අයවැයටත් නැවත ඡන්දය විමසීමක් සිදුවෙනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ කණ්ඩායම විදියට අපි තීන්දුවක් ගත්තා. රටේ දේපල විකුණන, කිසිම හරයක් නැති, ජාතිය විජාතික කරන මේ ආන්ඩුවට එරෙහිව ඔවුන්ගේ අයවැය පරාජය කරන්න අපේ ඡන්දය ප්‍රකාශ කරනවා. ඒ සදහා විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම්වල සහායත් අවශයයි. ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව කියලා තියෙනවා. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අද දවසේ අයවැයට විරුද්ද ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න. මේ සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් සහභාගිත්වයෙන් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් පැවැත්වුනා. එතැනදි ජනාධිපතිතුමා ප්‍රකාශ කලේ අද දවල් 12ට ඡන්දය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ගන්න තීන්දුව ප්‍රකාශයට පත්කරනවා කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරයි කියලා. යම් ආකාරයකින් අයවැය දෙවන වර කියවීමේදී සිදුවූ ආකාරයට ඡන්දය ප්‍රකාශ නොකිරිම හෝ අයවැයට පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමක් සිදුවුවහොත් එය ශ්‍රීලනීප මන්ත්‍රීවරුන්ගේ ඉදිරි අනාගතයට බරපතල ලෙස බලපාන සාධයකයක් බවට පත්වෙනවා. ජන්දය දීමෙන් හෝ නොදීමෙන් අයවැය දිනවන්න සහාය දැක්වූවොත් ඒක මේ රටේ ජනතාවට කරන අසාධාරණයක්. අද මේ රටේ ජනතාවට කන්න නැහැ. සිංහල අලුත් අවුරුද්ද එනවා. ඒ වුනාට අද බලන්න නගරවල කඩසාප්පු සියල්ල වේලිලා. කිසිම වෙලදාමක් නැහැ. මිනිස්සුන්ට විදුලිය නැහැ. වතුර නැහැ. අද කොළඹ නගරයත් එක්ක මුලු රටේම ජනතාව කරවෙලා පිච්චිලා ඉන්නේ. දවල් දවසේ වැඩක් කරගන්න බැහැ. රාත්‍රී කාලයේ කෑමක් හදාගන්න ඇදුමක් මැද ගන්න විදියක් නැහැ. සාමාන්‍ය ජන ජිවිතය සම්පූර්ණයෙන් කඩා වැටිලා. මේ වෙද්දි විදුලිය දෙන්න කිසිම වැඩපිළීවෙලක් ආන්ඩුවට නැහැ. ජනතාවට එපා වුනා තිත්ත වුනු මේ ආන්ඩුව වෙනුවෙන් සෘජුව හෝ වක්‍රව සහාය දීමක් ශ්‍රීලනීප මන්ත්‍රීවරුන් අතින් සිදුවුනොත් ඒක ඛේදවාචකයක් වෙනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මේ ආන්ඩුව පෙරළීමට ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නවා.මේ සැබෑ වුවමනාවට අවශ්‍යතාවයක් තිබේ නම් අද දවසේ අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ වෙද්දි සමහර මන්ත්‍රීවරු ප්‍රකාශ කරලා තියෙනවා පක්ෂය මොන තින්දුව ගත්තත් ඔවුන් අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව. අයවැයට ඡන්දය දුන්නොත් හෝ ඡන්දය නොදී පළා යාමෙන් මේ රටේ ප්‍රගතිශීලී, ආන්ඩු විරෝධී , එජාප විරෝධී ජනතාවගෙන් නම් කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා
තව දින කිහිපයකින් සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වුනත් ජනතාව ඉන්නේ එදා වේල ගැටගසා ගන්න බැරිව. දරුවන්ට රෙදි කෑල්ලක් ගන්න, නෑගම් යන්න, විනෝද ගමනක් යන්න බැරි තත්ත්වයට අද මේ රටේ ජනතාව පත්වෙලා ඉන්නවා. මේක සම්පූර්ණයෙන්ම රජය වගකිව යුතු තත්ත්වයක්. පොලොන්නරුවේ වී කිලෝව රුපියල් 25යි. වී දාන මල්ල රුපියල් 55යි. වී කිලෝ දෙකක් විකුණන්න වෙනවා වි මල්ල ගන්න.2015 වි මිල තිබුනේ රුපියල් 35ට. හාල් කිලෝව තිබුනේ රුපියල් 60ට. අද වීකිලෝව රුපියල් 25යි. හාල් කිලෝව රුපියල් 100ට වැඩියි. වි ගොවියාට අස්වැන්න අරන් ජිවත් වෙන්නත් බැහැ. ගොවියෝ නොවෙන අයට ලාබෙට හාල් අරන් කාලා බිලා ඉන්න විදියක් නැහැ.
සුලු අපනයන බෝගවලින් මහනුවර ප්‍රදේශයේ ජනතාව ජිවත් වෙනවා. අද ගම්මිරිස් මිල ඉතාම පහත වැටිමක් වෙලා තියෙනවා. එදා කිලෝව 800ක් විතර වුන ගම්මිරිස් අද රුපියල් 300ට බැහැලා.කරාබු මිලත් ඒ වගේමයි. මම දන්නේ නැහැ මේ ආන්ඩුව කොහොමද කරන්නේ කියලා. අද රබර් කිරි මැලේසියාවෙන් ගෙන්වීම නිසා රබර් කර්මාන්තය පහත වැටෙමින් තිබෙනවා. බදු පිට බදු පනවලා ලයිසන් ගන්න ගියාම බද්දක් තියෙනවා. ඊට වැඩියි කාබන් බද්ද. අයෙත් දුම් සහතිකයකුත් ගන්න වෙනවා. මේ ඇමතිතුමා තව ටික දවසකින් රෝදවලට හුලං ගහනවා කියලා හුලං බද්දකුත් පනවයිද කියලා කියන්න බැහැ. මේ වගේ ජනතාව පීඩාවට පත්කරලා. තමන්ගේ දරුවාට ඇදුමක් ගන්න බැරි තත්ත්වයට ගොවියා පත්වෙලා. විනෝද ගමනක් නෑගමනක් යන්න බැරි තැනට ජනතාව පත්වෙලා. මේ අයවැය පරාජය කිරීමටඅපි සෑම උත්සාහයක්ම ගන්නවා. අපේ මන්ත්‍රීවරු වැය ශීර්ෂ දෙකක් පරාජය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මොනවගේ තීන්දුවක් ගනියිද කියන්න අපි දන්නේ නැහැ. මොන දේ කළත් වෙන්නේ විහිලු සැපයිමයි. එක දවසකට විරුද්ධව ඡන්දය දෙනවා. තව දවසට පක්ෂව ඡන්දය දෙනවා. ආයෙත් පැනලා යනවා. මේ ප්‍රතිපත්ති මොනවාද කියලා අපිට තේරෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේ රජය ගෙදර යා යුතුයි කියන තැනයි ජනතාව ඉන්නේ. බලහත්කාරයෙන් තමි රැදී ඉන්නේ. මෙවැනි වියලි කාලගුණික තත්ත්වයන් මීට පෙරත් තිබුණා. හැබැයි හැම තිස්සෙම බැන්නේ රාජපක්ෂ ණය රාජපක්ෂ ණය කියලයි. ඉහළ කොත්මලේ, නොරොච්චෝලේ තියෙනවා ඔය ගත්ත ණය. අද මේවා හදලා නොතිබුණානම් වෙන්නේ කලුවරේම ඉන්නයි.
ඊයේ පෙරේදා අසන්දිමිත්තා කියලා චිත්‍රපටයක් සම්මානයට පාත්‍රවුනා. අපි දැක්කා විදුලි බල ඇමැතිතුමාට සමාජ ජාලා වල විසන්දි මුත්තා කියලා දාලා තියෙනවා. මේවිසන්දි මුත්තලා එක්ක රට ඉදිරියට ගෙනියන්න බැරි නිසා විසන්දි මුත්තලා ටික විසන්දි කරලාම දාන්න මැතිවරණයක් ලබා දෙන්න කියලයි අපි කියන්නේ

මාධ්‍ය – අයවැයෙන් ජනතාවට ණය දෙන්න සූදාම් වෙනවා.
දිලුම් අමුණුගම – ඔව්. ජනතාව තවත් ණය කරන එක ගැන ජනතාව තින්දුවක් ගනියි. තාම එක ණයක් දීපු තැනක් පෙන්වන්න. එහෙම තැනක් නැහැ. වික්‍රමසිංහ මහත්තයා එන්ටර්ප්‍රයිස් එන්ටප්‍රයිස් කියලා කෑ ගහනවා.නමුත් කරාබුවලට, ගම්මිරිස්වලට, රබර්වලට, හාල්වලට කිසිම ප්‍රයිස් එකක් නැහැ. බදුවලට විතරයි ප්‍රයිස් තියෙන්නේ. ඒක තමයි එතුමාගේ ප්‍රයිස් එක.
රංජිත් සොයිසා – දේශීයව රට ඇතුලේ තියෙන මුදල් ටික ණය විදියට දුන්නා කියලා රටේ ආර්ථිකය කොයි විදියටද ප්‍රසාරණය වෙන්නේ කියන්න වෙනවා. අනිත් එක මේකෙන් දේශීය රාජ්‍ය බැංකු ටික කඩා වැටීමේ අවධානමක් තියෙනවා. මේවා ජනතාවගේ මුදල්.

මාධ්‍ය – ඔය කියන විදියට ණය දෙන්න බැංකු සූදානම්ද
රංජිත් සොයිසා – මේ අය කියන විදියට බැංකු ණය දීලා නැහැ. බැංකුවල නිර්ණායක අනුව ඇප තියාගෙන තමයි ණය දේනනේ. බැංකුවල තියෙන්නේ ජනතාවගේ මුදල්. මේ අය කියන විදියට අඥාන වෙලා බැංකු වැඩ කරන්නේ නැහැ.
දිලුම් අමුණුගම – පොලියෙන් එක කොටසක් ආන්ඩුව බැංකුවට දෙන බවයි කියන්නේ. පහුගිය අවුරුද්දේ පොලිය බැංකුවලට ගෙවන්නේ නැතිව බිලියන ගාණක් තියෙනවා. එහෙම වෙලා මේ අවුරුද්දේ ණය දෙයි කියලා හිතන්න බැහැ. ණය අරන් මොනවාද කරන්න පුලුවන්. ණය අරන් ණය කාරයෙක් වෙලා කාලා බීලා බෙල්ලේ වැල දාගන්න එක තමයි කරන්න වෙන්නේ. අද කොන්ඩේ කපන මිනිහාට කොන්ඩේ කපන්න විදුලිය නැහැ. රෙදි හොදන ලොන්ඩරියකට වැඩ කරගන්න විදියක් නැහැ. සරවිස්ටේෂන්වල වාහනක හොදගන්න බැහැ. දවසේ පැය ගාණක් අක්‍රිය වෙලයි තියනේනේ. මිට වඩා පායන කාලවල් තිබුණා. මේවාට පෙර සූදානමක් තියෙන්න වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා රට භාරගන්න අවස්ථාවේ විදුලිය තිබුනේ ජනතාවගෙන් සියයට 70ටයි. මහින්ද මහත්තයා ජනතාවගෙන් සියයට 95ටම විදුලිය දෙන්න අවශ්‍ය පියවර ගත්තා. දැන් අලුත් සම්බන්ධතාවයක් දෙනවා තියා දීලා තියෙන සම්බන්ධතාවයන් ටිකවත් පවත්වා ගෙන යන්නේ නැහැ. කරන්නේ වෙන වැඩනේ. දිවුරුම් දෙනවා. ඒවගේ කරන්න තියෙන දේවල් නොකර වෙනවෙන දේ කරපුවාම මෙහෙම තමයි වෙන්නේ.

මාධ්‍ය – මාධ්‍ය වාර්තා කරනවා කොළඹටත් විදුලිය කැපීමේ සූදානමක් තියෙන බව. ඇැතිවරයාකියනවා අවුරුද්දෙදි කලුවරේ තියෙන්නේම නැහැ කිව්වා.
දිලුම් අමුණුගම – ඔය කතාවෙන්ම පේනවා නේ මේ අයගේ ප්‍රතිපත්තිය. කොළඹ විතරක් අදුරේ නොතිබුනොත් ඇතිද. එතකොට ගම. කොළඹට කිරි ගමට කැකිරි පුතිපත්තියක් . කොළඹ එලියේ තියෙද්දි ගම අදුරේ. කොළඹ එන්ටර්ප්‍රයිස් තියෙනවා. ගම වී විකුණ ගන්න බැහැ.

මාධ්‍ය – අවුරුද්දට කපන්නෙම නැහැ කිව්වා.
රංජිත් සොයිසා – මේ අය ජෙරේටර් නැවක් ඇණවුම් කරලාතියෙනවා. ඒ කියන්නේ මේ අය පායන කොටම මේක කරලා කියලා නොයෙකුත් කතන්දර තියෙනවා. අවුරුද්දට කොමිස් එකක් හොයා ගන්න හදන බව පේනවා. නිලධාරීන්ට හොදටයි. මල්ල කරේ.

මාධ්‍ය – ලංකාවේ හදන තැන්වලින් විදුලිය නොගෙන ඇයි මේ නැව් වලින් ගන්නේ.
රංජිත් සොයිසා – ප්‍රමාණවත් නැහැ කියන මතයේ ඉන්නවා ඇති. තුර්කියෙන් නැවක් ගෙන්වලා විදුලිය දෙන්න ප්ලෑන් කරන වෙලේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දත්ත අරන් විදුලිය අඛණ්ඩව දෙන්න පියවරක් ගන්න තිබුණා.
දිලුම් අමුණුගම- රබර්කිරිත් පිටරටින් ගෙන්වන කාලයක්. ලංකාවේ මිනිස්සු වතුරයි විදුලියයි විතරයි ලංකාවේ කියලා දෙයක් පාවිච්චි කලේ. විදුලියත් තුර්කියෙන් ගෙනත් විතුරත් ගෙනාවනාම් සියයට සියයක් විදේශ රටවල් මත යැපෙන්නේ.ඒ සම්මානයත් ලැබෙයි. අපි දැක්කානේ පහුගිය කාලයේ ස්වාමින් වහන්සේලාට සලකපු අයට එහෙම සම්මාන ලැබෙන හැටි. මේ අයටත් සියලු දේ රටින් ගෙන්වන තත්ත්වයට පත්කිරීමේ සම්මානය හමුවෙයි.
රංජිත් සොයිසා – අපි යෝජනාව කරනවා ශ්‍රි මුඛ මදුර භාෂීනී සම්මානය ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයාට දෙන්න කියලා.

මාධ්‍ය – හදිසි මිලදි ගැනීම් වලට පනතේ අවසර තියෙනවා.
දිලුම් අමුනුගම – පනතේ වගන්ති තියෙන්නේ හදිසි අවස්ථා සදහානේ. නිත්‍යානුකූල නොවන දෙයක් වෙනවා කියලා අපි චෝදනා කරන්නේ නැහැ. ඒ වගේම රවී කරුණානායක මහත්තයා ආපු මාස කිහිපයේ නෙවෙයි මේක වුනෙත් නැහැ. ජනාධිපතිවරයාගේ සිට මේ කැබිනට් මණ්ඩලයේ හිටපු සහ ඉන්න සියලු දෙනා මේ රටට අත්වෙලා තියෙන තත්ත්වයට වගකිවයුතුයි.බැරිනම් ගෙදර යායුතුය්. නැත්නම් මැතිවරණයකින් ගෙදර යැවීමට ජනතාව සූදානමින් සිටින බව වටහා ගත යුතුයි.

මාධ්‍ය – හදිසි මිලදී ගැනීමේ යටතේ නැවෙන් විදුලිය මිලදි ගන්න කොට වාසි තියෙනවාද
දිලුම් අමුණූගම – මොනවා හරි වෙනවා. හදිසි මිලදී ගැනීම්වලින් වාසි තියෙන නිසානේ පෙර සූදානමක් නැතිව හදිසි මිලදිගැනීම් කරන්න වෙනකල් බලන් ඉන්නේ. පස්සේ මේ දේවල් එළියට එයි.
රංජිත් සොයිසා – නිති විරෝධී මත් ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීම් වෙනවා. ඒ සදහා නවින තාක්ෂණය උපයෝගි කරගත්තේ නැහැ කියලා ජනාධීපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා. දැන් මත්ද්‍රව්‍ය වැටලිම් අපකරණ හදසි මිලදී ගැනීම් යටතේ මිලදි ගන්න සූදානම් වෙන බවට අපි ලග ලිපි ලේඛණ තියෙනවා. රුපියල් බිලියන ගානක් වැය කරමින් මේ හදිසි මිලදිගැනිම් කිරිම පිටුපස්සේ දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙනවා.

මාධ්‍ය – මේ අය රටට වැඩක් කරනවා වෙනුවට හදිසි මිලදි ගැනෟම් කරමින් සිටිනවා කියලාද කියන්නේ.
රංජිත් සොයිසා- තව හය මාසේනේ තියෙන්නේ. දැන් ඉන්නේ ගෙදර යන ගමන්. මේ කරන්නේ ගෙදර යන ගමන් කීයක් හරි සාක්කුවට දාගන්න එකයි

මාධ්‍ය -අයවැය සම්බන්ධයෙන් ශ්‍රිලනිපයේ තීන්දුවත් එක්ක ඉදිරියේ ගොඩනැගෙන සන්ධානයට මොනවගේ බලපෑමක්ද වෙන්නේ.
දිලුම් අමුණුගම – එදා පැනලා ගියා. අද මොනවා කරයිද දන්නේ නැහැ. සන්ධානගතවිම කෙසේවෙතත් අවුරුද්දට නැවත ගම්වලට යාමේ ප්‍රශ්නයක් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ට ඇතිවෙලා තියෙනවා මේ පැනලා යාම නිසා. විරුද්ධ නම් විරුද්දයි. පක්ෂ නම් පක්ෂයි. හැංගෙන්න පැනලා යන්න දෙයක් නැහැනේ. අවුරැද්දට ගෙදර යාමේ එකම හැකියාව ලැබෙන්නේ අයවැයට විරුද්දව ජන්දය භාවිතා කිරිමයි.

මාධ්‍ය – ශ්‍රීලනිපයේ මොනවගේ අයද සැක කියලා කියන්න පුලුවන්ද
දිලුම් අමුණුගම – එහෙම නම් කියන්න වුවමනාවක් නැහැ. අපි හොයන්න කලඹල වෙන්නෙත් නැහැ. වැඩි හරියක් ඇවිත් තියෙන්නේ ලයිස්තුවෙන්. ඡන්දෙන් ආපු අය නම් ටිකක් කළඹල විය යුතුයි. ඒ අයට දිස්ත්‍රික්කයෙන් ඡන්ද ලැබිලා තියෙන නිසා.

මාධ්‍ය -ජනතාවට නම් මේ අය ගැන දැන ගන්න අවශ්‍යයි.
දිලුම් අමුණුගම – අද රෑ අටේ ප්‍රවෘත්ති විකාශය යද්දි ජනතාවට දැන ගන්න ලැබෙයි.

මාධ්‍ය – අපි බැලුවේ දෙක තුනවෙද්දි මේ අය යනවා කියලා කියන්නයි.
දිලුම් අමුණුගම – ගිය වතාවේ පහ වෙනකලුත් හිටියානේ. හය වෙද්දිනේ නැතිවුනේ. ඒ නිසා දැන්ම කිව්වාට වැඩක් නැහැ.

සමහර ප්‍රදේශවලට පැය 6ක් 8ක් විතර විදුලිය කප්පාදු කරනවා.

අද දින (04) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා
මේ වන විට ලංකාවේ ඇති වෙලා තියෙන ජල විදුලි අර්බුදය හේතුවෙන් රටේ සමස්ත ජනතාවටම ප්‍රශ්න ඇති වෙලා. පහුගිය කාල සීමාවේ ජාතික විදුලි පද්ධතියට අලුතෙන් විදුලි ඒකක එකතු කිරීමේ ක්‍රමවේදයකට ආණ්ඩුව පිවිසියේ නැහැ.දැනට ජාතික අවශ්‍යතාවය ලෙස පවතින දෛනික මෙගා වොට් 2700ක පමණ අවශ්‍යතාවය ජල විදුලිය නිපදවීමට නොහැකිවීම නිසා අර්බුදයකට පත්වෙලා. ලංකාවේ දැනට ජලවිදුලිය ඇතුලුව නිපදවෙන්නේ මෙගාවොට් 4000 පමණ ප්‍රමාණයක්. වර්තමානයේ වියළ කාලගුණ තත්ත්වය නිසා ජල විදුලි අත්පාදනය අඩුවීමෙන් විදුලි ජනනය මෙගා වොට් 2500 පමණ ප්‍රමාණයකට අඩු වෙලා තියෙන්නේ. විදුලි බල ඉල්ලුම වාර්ෂිකව සියයට හයක් හතක් වැනි ප්‍රමාණයකින් වැඩිවන බව විදුලි බල මණ්ඩලය පුරෝකතනය කර තිබුණත් අපි විශ්වාසකරනවා වාර්ෂීක විදුලි බල ඉල්ලුම ඊට වඩා වැඩියි කියලා. දැන් කාර්යබහුල අවස්ථාවල මෙගාවොට් 750කට වැඩි විදුලි ඉල්ලුමක් මේ රටේ පවතිනවා. මේ විදුලි සැපයුම වෙනුවෙන් ආන්ඩුව සාධණීය මැදිහත්වීමක් නොකිරීමේ වගකීම වත්මන් විදුලුබල ඇමැතිවරයා රජය මෙන්ම මිට පෙර සිටි විදුලි බල ඇමැතිවරයාත් භාරගන්න වෙනවා. අපි 2013නොරොච්චෝලේ විදුලි බලාගාරය ස්ථාපනය කරලා මෙගාවොට් 900 විදුලි ධාරිතාවක් විදුලි බල පද්ධතියට එක් කිරිමට පියවර ගත්තාට පසුව විදුලි බල නිෂ්පාදනය එකතැන පල්වෙමින් තිබෙනව. විදුලි බල අවශ්‍යතාවය පිළිබදව විදුලි බල ඉංඩිනේරුවන් පෙන්වා දුන්නත් ආන්ඩුව කිසිදු පියවරක් ගත්තේ නැතිව ඉදලා දැන් හදිසි මිලදී ගැනීම් හරහා මෙගාවොට් 100ක් මිලදි ගන්න උත්සාහ දරමින් සිටිනවා. බොරදියේ මාලුබෑමේ තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. දැන් තමන්ට කැමැති පුද්ගලයින්ගෙන් විදුලිය මිලදි ගැනීමේ හැකියාව ආන්ඩුවට ලැබෙනවා. මේක සැලසුම්සහගතව කරපු දෙයක් කියලා අපි විශ්වාස කරනවා. සාම්පූර් බලාගාරය ඉදිකලේ නැහැ. එල්. එන්. ජී. බලාගාරයේ ගැටලුව විසදන්න ආන්ඩුව පියවර ගත්තේ නැහැ. ඒ හරහා විශාල අර්බුදයක් ඇති වෙලා තියෙන්නේ. අදට නිෂ්පාදනය කිරීමට යෝජිත මෙගාවොට් 350ට අමතරව එළැඹෙන වර්ෂයේ තවත් මෙගාවොට් 350ක් පමණ ලංකාවට අවශ්‍ය වෙනවා. මේ රට පෙලන විදුලිබල සැපයීම අඩාලවීම හේතුවෙන් අපි ආන්ඩුවට යෝජනා කරනවා එල්. එන්.ජී බලාගාරයේ ටෙන්ඩරය අදාල චීන සමාගමට හෝ ලබාදීලා අනෙක් ටෙන්ඩරයේ පාර්ශ්වකරුවා වන ලක්දනව් සමාගමටත් එම ප්‍රමාණයේම විදුලි බලාගාරයක් හදන්න පහසුකම් සපයන්න කියලා. සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය යටතේ මේ කටයුත්ත කළයුතු වුවත් මේක ජාතික අර්බුදයක් වෙලා තියෙන්නේ. මේ ජාතික අරුබ්දය විසදාගන්න අපිත් දේශපාලන පක්ෂ භේදයකින් තොරව කටයුතු කළ යුතුයි. නැත්නම් අපේ ආන්ඩුවක් පැමිණීමෙන් පසුවත් මේ අරුබුදය විසදා ගන්න බැරි වෙනවා. මෙවැනි බලාගාරයක් හදන්න වසර දෙකහමාරක පමණ කාලයක් ගත වෙනවා. නමුත් ආන්ඩුව භාරගන්න අපිට මේ තත්ත්වය කළමණාකරණය කරගන්න අපහසුවෙනවා. අද විදුලි බලය නොමැතිවීම හරහා රට අරාජිකයි. මේ දිනවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට ජල කප්පදුවක් සිදුවෙනවා. කොළඹ අවට ප්‍රදේශවල සමස්ත ප්‍රජාවටම ජන ජිවිතය පවත්වා ගෙනයාමට බාධාවක් වුනා. ජල සම්පාදනයේ අලුත් වැඩියාව පමණක් නෙවේ. අඹතලේ ප්‍රදේශවලට විදුලි විසන්දිවිමක් වුනාම ඔවුන්ගේ පොම්පාගාර සියල්ල අක්‍රීය වෙනවා. බත්තරමුල්ල ඇතුලු ප්‍රදේශවල තියෙන පීඩන පොම්ප සියල්ල මේ නිසා අකර්මන්‍ය වෙනවා. ජල සම්පාදන මණ්ඩලය සමග විදුලිබල මණ්ඩලය අවබෝධයකින් කටයුතු කරනවා නම් රටේ ජල සම්පාදනයට බාධා නොවන අකාරයකින් විදුලි කප්පාදුකිරීම කරන්න හැකියාව තියෙනවා. පොම්ප ක්‍රියාකරන ස්ථානවල විදුලිය අත්හිටුවීම වලැක්වීමේ පියවරක් ගන්න තිබුණා. එවැනි සම්බන්ධීකරණයක් නැති නිසා සියලු පොම්පාගාරවල ජල පොම්ප අක්‍රීය වෙනවා. ඒවායේ ජල පීඩනය යථා තත්ත්වයට පත්වීමත් සමග නැවත විදුලිය අක්‍රීයවීමක් සිද්ධ වෙනවා. ගිය සෙනසුරාදා සිට පැවැතුනු ජල කප්පාදුවෙන් පස්සේ ඊයේ රෑ ඉදලයි කොළඹ ජනතාවට හරියට ජලය ලැබෙන්න ගත්තේ. මේ කෙන් දරුවා පාසල් යවන්න, රාජකාරිවලට යවන්න බැරි වුනා. ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය සතුව මෙවැනි හදිසි අවශ්‍යතා කළමණාකරණය කිරීමේ පහසුකම් නැති බව අපිට අවබෝධ වුනා. ඔවුන් සතුව ප්‍රමාණවත් බවුසර් තිබුනේ නැහැ. හදිසි අවස්ථාවල පොම්ප සක්‍රීය කරන්න ජෙනරේටර් තිබුණා. ඒවා අක්‍රීය වෙලා තිබුනේ. ඔවුන්ට හදිසි ජෙනරේටර් මිලදී ගෙන තත්ත්වය යථා තත්ත්වයට පත්කරන්න හැකියාවක් තිබුනේ නැහැ. මේ නිසා විදුලිය වගේම ජලයත් නැති වෙලා ජන ජිවිත අඩාල වුනා. රෝහල්වලට විශාල බලපෑමක් වුනා. ශල්‍යකර්ම කිරීම නතර කරන්න වුනා. ඔසුසල්වල ඔසුතොග නැවත භාවිතා කිරීම අපහසුයි. අඛණ්ඩ උෂ්ණත්වයකින් පවත්වා ගෙන යා යුතු එන්නත් වර්ග තිබෙනවා. සුපර් මාර්කට්වල සිට සෑම ව්‍යවසායයෙක්ටම තමන්ගේ භාණ්ඩ කල්තියා ගැනීමේ ක්‍රමවේද සොයාගන්න සිදුවුනා. සමහරක්විට භාවිතයට නුසුදුසු ආහාර වර්ග පාරිබෝගික ජනතාව අතරට එන්න පුලුවන්. මේ වැනි ජාතික අරුබ්දයකට ආණ්ඩුව සාධනීය මැදිහත්වීමක් නොකරන බව පේනවා. මේ රට ගොඩනැගීමේ ශක්තිය ආන්ඩුවට නැති බව විශ්වාසයි.
ඒනිසා තීරණාත්මක මැතිවරණයකදී ජනාතව නිවැරදි තින්දුවක් ගනියි. මීට වසර 15ට පෙරයි මේ වගේ විදුලි කප්පාදුවක් වුනේ. ඒ කියන්නේ රට ආපස්සටයි ගමන් කරමින් තිබෙන්නේ. හෙට (05) පාර්ලිමේන්තුවේ තීරණාත්මක දවසක්.
අයවැය තුන්වැනිවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ අපි සියලුදෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා. ශ්‍රීලනීප අපේ සහෝදරවරු ඔවුන්ගේ ගැටලුව නිරාකරණය කරගෙන ඇති කියලා අපි විශ්වාසකරනවා. අයවැය තුන්වැනි වර කියැවීමේදී මේ අසාර්ථක අයවැයටත් අදූරදර්ශී පාලනයටත් එරෙහිව ඡන්දය දෙයි කියලා අපි විශ්වාස කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා
මේ ආන්ඩුව අවුරුදු 4ට ආසන්න කාලය තුල රටෙ සියලුම අංශ විනාශ කරලා ඉවරයි. විවිධ පක්ෂවලින් රට පාලනය කරලා තිබුණත් මේ විදියට රට අගාධයකට ගිය කසිම ආන්ඩුවක් මේ රටේ තිබුලා නැහැ. මේ ආන්ඩුවට සැලැස්මක්, වැඩපිළිවෙලක් නැහැ. හෙට දකින්නේ නැහැ. මිට කලින් තෙල් නැව එනකල් අපිට බලාගෙන ඉන්න වුනා. අද දකුණූ ආසියාවේ පැය 24ම විදුලිය දෙන්න බැරි එකම රට ලංකාවයි. ජනතාවට කියනවා දවල්ට පැය තුනක් සහ රෑට පැයක් විදුලිය කප්පාදු කරනවා කියලා. ඒක අමූලික බොරුවක්. සමහර ප්‍රදේශවලට පැය 6ක් 8ක් විතර විදුලිය කප්පාදු කරනවා. අද රටේ ආර්ථකයට මේක සෑහෙන්න බලපාලා තිබෙනවා. හැම රටකම වාර්ෂීකව විදුලි ඉල්ලුම වැඩිවෙනවා. නමුත් මේ ආන්ඩුවට කිසිම බලාගාරයක් හදාගන්න බැරිවුනා. හම්බන්තොට තිබුන මෙගාවොට් තුනක් විදුලිය නිපදවපු සුළං බලාගාරයත් අද ගලවලා දාලා. වරාය චිනයට දෙන අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් ගිවිසුමකට ආවානම් මේ විදුලි කප්පාදුන විනාඩි පහකින් හෝ අඩු කරන්න තිබුණා.
2014 වෙද්දි හම්බන්තොට කර්මාන්තපුරයට එල්. එන්. ජී බලාගාරයක් එනවා. එනර් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් කියන බලාගාරයෙන් මෙගාවොට් 1200ක් සැපයීමේ හැකියාව තියෙන බලාගාරයක් ආවේ. 2016 වෙද්දි මොගාවොට් 300ක්,2018 වෙද්දි තව 300ක් 2020 වෙද්දි ඉතිරි 600ත් විදියට විදුලි ධාරිතාව සපයන්නයි මේ බලාගාරය ආවේ. නමුත් මේ ආන්ඩුවට කොමිෂ් මුදල ලැබෙන්නේ නැති වුනාම ඒ සමාගම හරවලා යැව්වා. මේ අය බලාපොරොත්තු වුනේ බ්‍රිතාන්‍ය සමාගම එක්ක ගිවිසුම් ගත වෙන්න. ඒ සමාගමෙන් එක විදුලි ඒකකයක් මිලදී ගන්න නියමිතව තිබුනේ රුපියල් 10.50කට. මේ බලාගාරය හැදුවේ නැති නිසා අද පැය ගණන් විදුලිය කපනවා. මේ වෙද්දි පාවෙනබලාගාර දෙකක් ලංකාවට ඇවිත් තියෙනවා. අපිට මේවායින් විදුලිය ගන්න වෙන්නේ රුපියල් 30 ගානේ. 10.50ට ගන්න ඒකකය 30ට ගන්න වීම නිසා වසරකට රුපියල් කෝටි 4200ක් පාඩු වෙනවා. 2016 වර්ෂයේ සිට අද වෙනකල් වුනු පාඩුව කෝටි 12000ක්. මේක මහ බැංකුවේ වංචාවට ආසන්න පාඩුවක්. එදා මේ එල්. එන්. ජි බලාගාරය ඉදිකරලා තිබුණා නම් අද විදුලි කප්පාදුවකුත් නැහැ. ජනතාවට මීට වඩා සහන මිලකට විදුලිය දෙන්නත් තිබුණා. ඒ සම්බන්ධයෙන් මේ ආන්ඩුව කටයුතු කලේ නැතිව අද වෙද්දි සියලු වැරදි රවි කරුණානයක ඇමැතිවරයා පිටදාන්න අත්සාහ කරනවා.
පහුගිය කාලයේ හැම දේකටම කතා කරපු අජිත් පී. පෙරේරා කොහෙද කියලා දැනගන්න අපි කැමැතියි. එතුමා කිව්වේ ලංකාවට විතරක් නෙවෙයි වැඩි වෙන විදුලිය අපි ඉන්දියාවට දෙනවා කියලයි. සූර්ය බල ශක්තිය ගැන කතා කළා. න්‍යෂ්ඨික බලාගාර ගැන කතා කළා. පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කළා. ද කෝ මේ අජිත් පි. පෙරේරා. පුලුවන්නම් අපිට මේ නියෝජ්‍ය ඇමැතිතුමාව හොයලා දෙන්න.
අයවැය සම්මත කිරීමට නියමිතව තිබුනා. නමුත් අයවැයක් ගැන කිසිම හැගීමක් රටේ නැහැ. ගිය අයවැයෙන් මුදල් අමාත්‍යංශයෙන්ම සියයට 80ක මුදලක් ආපස්සට යනවා. මේ මාස අටකට තියෙන අයවැයෙන් සියයට 90ක් ආපස්සට යන බව නම් විශ්වාසයි. මේ අයැවැය අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුයි. මේ අයවැය ජය ගැනීම ආන්ඩුවට ප්‍රශ්නයක්. මේ වෙද්දි ඡන්දය ගන්න විවිධ සාකච්ඡා තියෙනවා. වරප්‍රසාද, මුදල් ලබා දෙන්න අත්සාහ කරනවා. බැරිම නන් අයවැයට සහභාගි නොවී ඉන්න හරි වරප්‍රසාද දෙන්න හදනවා. ඒ නිසා ඔබගේ මන්ත්‍රීවරයා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අවබෝධයෙන් ඉන්න.
මලික් සමරවික්‍රම ඇමැතිවරයාගේ වැය ශිර්ෂයට ඡන්දය දෙන්න නොපැමිණි මන්ත්‍රීවරුන්ට විනය පරික්ෂණ ආරම්භ කර තිබෙනවාලු. එහෙම නම් අපි පරාජය කරපු වැය ශීර්ෂ දෙක සම්බන්ධයෙන් මෙවැනි පියවරක් ගත්තේ නැත්තේ ඒ වැය ශිර්ෂ දෙක පරාජය කරන්න ආණ්ඩුවෙනුත් උදව් කරපු නිසාද. මේක තමයි අද ආන්ඩුවේ තත්ත්වය. එජාපයේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ ඡන්ද අයිතිය පෙන්වන්න ක්‍රමවේදයක් නැහැ. ඒ පිපිරීම වැඩිකල් යන්න පෙර එලියට එනවා. සමහර විට අයවැය ඡන්දයේදී එළියට එන්නත් පුලුවන්. අපි නම් අනිවාර්යයෙන්ම මේ අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා.

මාධ්‍ය – අයවැය පරාජය වුනොත් ආන්ඩුව විසුරුවා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න සූදානමක් තියෙන බව කියනවා.
රමේෂ් පතිරණ – එවැනි යෝජනාවක් සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍යයි. අයවැය පරාජයට පත්වුනොත් අලුත් ආන්ඩුවකට ආරාධනා කරන්න ජනාධිපතිවරයාට අවස්ථාව තියෙනවා. එහෙම දෙයක් වුනොත් ඒ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් සලකා බලනවා.

මාධ්‍ය – අයවැය පරාජය කිරීමේ හැකියාවක් සංඛ්‍යාත්මකව තියෙනවාද.
රමේෂ් පතිරණ – දැනට ඒකාබද්ධ විපක්ෂයේ අපි සියලු දෙනා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු සහ ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු ඔක්කොම 101ක්. දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය හා අනෙකුත් සහාය දක්වන මුස්ලිහම් කොංග්‍රසය වැනි පක්ෂ එකතු වීමේදී ආන්ඩුවේ පිරිස බලාගන්න පුලුවන්. පරාජය වුනු වැයශීර්ෂ දෙකට ආන්ඩුවේ මන්ත්‍රීවරු හිතාමතා සහභාගි නොවුනු බවත් අපිට වාර්තා වුනා. ඒ වගේම අපිත් සමහර මන්ත්‍රීවරු සමග සාකච්ඡා කරනවා. අපි අත්සාහ කරනවා.

මාධ්‍ය – ඒකියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය මේ සදහා අවශ්‍ය වෙනවා .
රමේෂ් පතිරණ – සංඛ්‍යාත්මකව අවශ්‍ය වෙනවා. එජනිස විදියට 95යි. ජවිපේ 6යි. කිහිප දෙනෙක් එකතු වුනොත් පරාජ කරන්න පුලුවන්.

මාධ්‍ය -නමුත් ශ්‍රිලනිපයේ ඉන්න කිහිප දෙනෙක් දැනුත් ඉන්නේ එජාපයේ වගෙයි පේනනේ.
රමේෂී පතිරණ – ඇත්තෙන්ම එවැනි ජුගුප්සාජක තත්ත්වයක් තියෙනවා.ඒ පැත්තේ ඉන්නවා වගේ ඉදලා තීරණාත්මක අවස්ථාවක අපිට සහයෝගය දෙන් ඉඩ තියෙන අයත් ඉන්නවා.

මාධ්‍ය – රාජිත සේනාරත්න ඇමැතිවරයා කියනවා ඉදිරියේ හැදෙන පුලුල් සංවිධානයට ශ්‍රිලනීපයේ කෙනෙක්ගේ නායකත්වයෙක් පිරිසක් එජාපය වේදිකාවට එන බව. බැලුවම ඒක ඇත්ත වගෙත් පේනවා.
රමේෂ් පතිරණ – එතුමා එවැනි දේශපාලන ප්‍රකාශ කොහොමත් කරනවා. පසුගිය ඔක්තෝම්බර් ආන්ඩුවට එකතු වෙන්න හිටපු ප්‍රබල ඇමැතිවරු හිටියා. නම නරක් වුනු අය අරන් ආන්ඩුවක් හදන්න අපිත් අකමැති වුනා. එන්න අහපු අහපු හැම කෙනාම අරගන්න අකමැති වුන නිසයි අපිට 113 හදා ගන්න බැරිවුනේ. අපිත් කැමැති නැහැ එන හැම කෙනාවම ලංකර ගන්න. දේශපාලන වශයෙන් අපිටත් සමහර දේශපාලන නම් ලං කර ගන්න අපිටත් පිළිකුලක් තියෙනවා.

මාධ්‍ය – අයවැය සම්බන්ධයෙන් ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවක් තියෙනවා කියලා මාධ්‍ය වාර්තා කරනවා.
රමේෂ් පතිරණ – ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අඛණ්ඩව පවතිනවා. අපි විශ්වාස කරනවා ශ්‍රිලනිප මන්ත්‍රීවරු අයවැයට විරුද්ධ වෙයි කියලා.

මාධ්‍ය – අයවැය පරාජය කරගන්න බැරිවුනොත් මොකද කරන්නේ.
රමේෂ් පතිරණ – 2019 අපි හදුනාගෙන තියෙන්නේ විජයග්‍රහණයේ වසර විදියටයි. කවුරු එකග නොවුනත් නැතත් කල් තබන්න බැරි මැතිවරණයක් වෙන්නේ ජනාධීපතිවරණය. පළාත් සභා මැතිවරණය කල් තියාගන්න පුලුවන්. අපක්‍රම භාවිතා කරලා මහ මැතිවරණ්‍ය කල් තියාගන්නත් පුලුවන්. හැබැයි ජනාධීපතිවරණය සම්බන්ධයෙන් එවැනි පියවරක් ගන්න බැහැ. මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ අට වෙනිදායින් පස්සේ කැදවිය යුතුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මැතිවරණයක් පැවැත්විය යුතුයි. බලය ලබාගැනීමේ කෙටි මාර්ග නැහැ. අපි මැතිවරණයට සුදානම් වෙනවා.

මාධ්‍ය – 202 ජනාධීපතිවරණ අපේක්ෂකයා අනිවර්යයෙන්ම ශ්‍රීලනිප විය යුතුයි කියලා මහලේකම්වරයා කියනවා.
රමේෂ් පතිරණ – ඔවුන් අවසන් මෙහොත දක්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධීපතිවරයාට අපේක්ෂකත්වය දිනාගන්න උත්සාහ කරනවා. මේ වෙනතුරු මෛත්‍රීපාල සිරිසේන ජනාධීපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වෙන බව ප්‍රකාශ කරලා නැහැ. ඒ පක්ෂයේ නියෝජිත මහත්වරුන්ගේ පැත්ත අනුව සාධාරණයි. බලය සමගයි ජනතාව රැදී සටින්නේ. රදවාගැනීම පිණිසත් සත්‍ය ලෙසම නාමයෝජනා ලබා ගැනීමේ උත්සාහයතක් තියෙන්නේ. හැබැයි මහ පොලොවේ සත්‍ය නම් අපි ශ්‍රීලංකා පොදුජන පෙරමුණ විදියට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. එජාපයෙනුත් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙයි. තුන්වැනි අපේක්ෂකයෙක්ට ඉඩ නැති බව ඉතිහාසය පෙන්වා දිලා තියෙනවා. තුන්වැනි අපේක්ෂකයෙක් විදියට ඇවිත් වැඩිම ඡන්ද ප්‍රමාණ්‍යක් අරන් තියෙන්නේ නන්දන ගුණතිලක මහත්තයා. ඒ ඡන්ද තුන්ලක්ෂ පනස්පන්දහසක්. ඊට පසුව රෝහන විජේනවීර මහතා දෙලක්ෂ අසූතුන්දහසක් අරන් තියෙනවා. නන්දන ගුණතිලක මහතා එතරම් ඡන්ද ගත්තේ පක්ෂය හොද තැනක සිටින අවස්ථාවකයි. නැවත වතාවක් බලයට පත් කරන්නේ රටේ ආර්ථික අර්බුදයක් ඇති කරපු ආන්ඩුවද රට නිදහස් කරලා සැම අංශයකම ප්‍රවර්ධනයක් ඇති කරපු පැත්තේ කෙනෙක්ද කියලා මේ රටේ ජනතාව තීරණය කරයි.

මාධ්‍ය – අගමැතියවරයා එල්ත එන්. ජී බලාගාරය හම්බන්තොටින් ත්‍රිකුණාමලයට යවනවා.
ඩි. වි. චානක – මේ ආන්ඩුවට ලැබෙන කමිෂන් එක විතරයි අදාලයිත සමහර සමාගම් රටවල් කොමිෂන් දෙන්නේ නැහැ.
රමේෂ් පතිරණ – මේ ආන්ඩුවට විදුලි අර්බුදය සම්බන්ධයෙන් තියෙන්නේ වැසිදෙවියන් යැදීම විතරයි. වැහි නැති හෙණ පහත් වෙයිද කියන්න බැහැ. සැබෑ අර්බුදය හමුවේ බොරදියේ මාලු බාමින් පුද්ගලික හිතවතුන්ගෙන් මිලදි ගන්නයි සූදානම.

මාධ්‍ය – රජයේ ඉඩම් නොවටිනා මුදලකට අර්ජුන ඇලෝසියස්ට ලබාදීම ගැන ඔබලා දැනුම්වත්ද
අර්ජුන ඇලෝසියස් ට රජයේ ඉඩම් නොවටිනා මුදලකට දිම සම්බන්ධයෙන් අපි පරීක්ෂණයක් පවා ඉල්ලා තියෙනවා. අපි ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වැඩිතොරතුරු ලබා දෙනවා.

කරපු පාපකර්ම නිසා ඊළග ආත්මේ ආන්ඩුවේ නායකයෝ සත්තුවත්තේ…

අද (01) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

■ ජනාධිපතිවරයා හෝ විදේශ කටයුතු අමාතයංශය නොදැන ජිනිවා තානාපතිවරයාට උපදෙස් දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් ගන්නා පියවර මොනවාද
■ සුලුසිද්ධි සම්බන්ධයෙන් විදේශ ගමන් බලපත්‍රය අහෝසි කරනවා. නමුත් අර්ජුන මහේන්ද්‍රන් ට පැන යන්න අවස්ථාව දුන්නා.
■ එජාපයේ ජනතා විරෝධී වැඩපිළිවෙලට ශ්‍රිලනීපය හදවතින්ම විරුද්ධ නම් අප්‍රියෙල් පස්වෙනිදා එය පෙන්වන්න අවස්ථාව ලැබෙනවා.
■ ඉතිරි කාලයේ පරම්පරා ගණනකට සරිලන වීදියට උපයා ගැනීමයි ආණ්ඩුවේ ඉලක්කය වෙලා තියෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා
මෛත්‍රීපාල සිරිසේන ජනාධීපතිවරයා දැනුම්වත් නොකර ජිනීවා හී සිටින තානාපති අසීස් මහතාට එහි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග දැනුම්දීලා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක් දන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ අදහස් විමසලා නැහැ. ජනාධීපතිතුමා කියන විදියට විදේශ කටයුතු අමාත්‍යංශයේ කිසිදු අනුදැනුමකින් තොරව මේ නියෝග නිකුත් කර තිබෙන්නේ. මෙවැන්නක් අපේ රටේ ඉතිහාසයේ කිසිම දිනෙක වෙලා නැහැ. මේ නියෝග නිකුත් කරලා තියෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයට හෝ ජනාධිපති කාර්යාලයට කිසිසේත් සම්බන්ධ නොවන නිලධාරියෙක්. සංහිදියාව පිළීබද ඒකකයේ ප්‍රධානි මනෝ තිත්තවැල්ල මහතා විසින් මේ නියෝග නිකුත් කර ඇති බවයි කියන්නේ. දැන් හැමෝගෙන දෝෂාරෝපනයට ලක්වෙලා තියෙන්නේ අසිස් මහතාගේ ක්‍රියාකලාපයයි. ඔහු අඩුම තරමේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන්වත් විමසන්නේ නැතිව මේ ක්‍රියාමාර්ගවය අවතීර්ණ වුනේ. මෙයින් ජනිත වන ආනුෂංග බරපතලයි. අනාගත රජයක් වුනත් මේ සම්බන්ධයෙන් බැදී සිටිනවා. රජය පමණක් නෙවෙයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සෘජුව බලපැම් වෙනවා. උදාහරණයක් විදියට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අකුළාගෙන ඒ වෙනුවට අලුත් අණපනත් ආදේශ කිරීමට වෙනවා තානාපති අත්සන් කිරීමේ යෝජනාව නිසා. ඒ වගේම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙනුත් පොරොන්දුවක් වෙලා තියෙනවා. මේ නියෝග දුන්න පුද්ගලයින් සම්බන්ධයෙන් ගන්නේ මොන වගේ ක්‍රියාමාර්ගයක්ද. ලංකා ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ අපේ රට නියෝජනය කරන තානාපතිවරුන්ට උපදෙස් දීමේ පිළිවෙලක් තියෙනවා. මේක අර්ජුන මහේන්ද්‍රන් දෙක. පාර්ලිමේන්තුවේ එළිපිට බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා වෙද්දි ,මහජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වෙද්දි ඒ කිසිවක් නොතකා අර්ජුන මහේන්ද්‍රන්ට විදේශගතවිමට ඉඩ දුන්නා. ඒක නතර කරන්න තිබුණා. දැන් ඔහුව සිංගප්පූරුවෙන් ගෙන්වා ගන්න උත්සාහ කරනවා. ඒ පුද්ගලයා ලංකාවට ගෙන්වා ගැනිමට අවශ්‍ය තොරතුරු තවමත් එවා නැති බවයි සිංගප්පූරුව කියන්නේ. ඔහුට සිංගප්පූරුවට යන්න ඉඩ ඇරියා. නමුත් සුලු සිදුවීම් සම්බන්ධයෙන් කීදෙනෙක්ගේ විදේශ ගමන් බලපත්‍ර මේ වෙද්දි අහෝසි කරලා තියෙවාද. ශ්‍රී ලංකා ජනතාවට විශාල අලාභයක් කරපු පුද්ගලයාට ගුවන්තොටුපලෙන් ගුවන් යානයක නැගිලා යන්න අවස්ථාව හදලා දුන්නා. මේ නියෝග දුන්න පුද්ගලයින්ට විරුද්ධව දෝෂාරෝපනය කිරිම පමණක් සෑහෙන්නේ නැහැ. එදා ඔහු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. දැන් ඒ සිදුවීමෙන් අත්දැකීම් ගන්න පුලුවන්. ජනාධිපතිවරයා හෝ විදේශ කටයුතු අමාත්‍යංශය නොදැනුවත්ව මේ කරපු දේ ඉතා භයානක පූර්වාදර්ශයක්. මේ සම්බන්ධයෙන් පියවරක් නොගත්තොත් මින් පසු අපේ තානාපති සේවය මෙහෙයවන්නේ කවුද. විදේශ කටයුතු ඇමැතිවරයා හෝ විදේශ කටයුතු අමාත්‍යංශය කිසිම වගකීමක් ගන්නේ නැහැ. වෙන යම් යම් පුද්ගලයින්ට තමන්ගේ යම් යම් න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා රජය විදියට දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා.
අයවැය සම්බන්ධයෙන් තුන්වැනි වර ඡන්ද විමසීම අප්‍රියෙල් පස් වැනිදා සිදුවෙනවා. ඊට දවස් පහකට පස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ අතර තුන්වැනි සාකච්ඡෘ වටය පැවැත්වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අපි අතර කෙරෙන සාකච්ඡෘ වල ප්‍රධාන අරමුණ එජාප විරෝධී දැවැන්ත සන්ධානයක් නිර්මාණය කර එජාපයේ ප්‍රතිපත්ති පරාජය කිරීමේ වාතාවරණයක් සැකසිමයි. විහේෂයෙන් එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති පරාජය කිරීම. මේ නිසා අප්‍රියෙල් පස් වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න ක්‍රියාමාර්ග ඉතා වැදගත් වෙනවා. දෙවන වර කියැවීමේදි ශ්‍රී ලනීප මන්ත්‍රීවරු ඒකාබද්ධ විපක්ෂය සමග පැහැදිලි එකගතාවයකට පැමිණියා අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න. නමුත් අවාසනාවකට අවසන් මොහොතේ ඔවුන් ඡන්දය දීමෙන් වැලකී සිටියා. ඒ ක්‍රියාව හේතුවෙන් මේ වෙද්දි දෙගිඩියාවක්, අවිශ්වාසයක් ඇති වෙලා තියෙනවා අපේ පාක්ෂීකයින් තුල. මෙහි අරමුණ එජාප විරෝධී බලවේගයක් ගොඩනැගීමයි. විවාදයේදී ආන්ඩුව දැඩිව විවේඡනය කරන නමුත් ඡන්දය ගන්න අවස්ථාවේ එජාපය ආරක්ෂා කරන වැඩපිළීවෙලක් ශ්‍රීලනීපය අනුගමනය කරනවා නම් ඔවුන් සමග එජාප විරෝධී බලවේගයක් හදන්නේ කොහොමද කියලා ජනතාව විමසනවා. ඒ සැකය පාක්ෂිකයින්ගේ මනස තුල ඇති වෙලා. අපේ පැත්තෙන් සද්භාවයෙන් මේ සාකච්ඡා පවත්වන්නේ. මේ සාකච්ඡා සාර්ථක කරගෙන තීරණාත්මක අවස්ථාවක මේ සන්ධෘනය ඉදිරියට ගෙන ඒමේ අවශ්‍යතාවය අපි දකිනවා. නමුත් එක අතකින් අත්පොලසන් දෙන්න බැහැ. ඒ වුනු වැරැද්ද නිවැරදි කිරීමය අප්‍රියෙල් පස්වෙනිදා අවස්ථාව ලැබෙන නිසා එයින් උපරිම ප්‍රයෝජනයක් ශ්‍රීලනීපය ගනියි කියලා අපි හිතනවා. එක්කෝ එක්සත් ජාතික පක්ෂයට පක්ෂ වෙන්න වෙනවා. නැත්නම් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ වෙන්න වෙනවා. මොනවා කිව්වත් කෙරුවාව තමයි වැදගත් වෙන්නේ. එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති, මේ රටේ ජාතික සම්පත් විකිණීම, ඇමැතිවරුන්ගේ ප්‍රයෝජනය සදහා මුදල් වෙන්කරන අතරේ ජනතාවට දරාගන්න බැරි කරම් බදු පැටවීම, ශ්‍රී ලාංකිකයින්ට තියෙන රැකියා අවස්ථා නැතිකෙරෙන ආකාරයේ නිදහස් වෙළෙද ගිවිසුම්වලට ඇතුල්වීමට හදවතින්ම විරුද්ධ නම් එය තුන්වැනිවර ඡන්දය විමසීමේදි පෙන්වන්න පුලුවන්. එසේ නොකරන්නේ නම් මේ සාකච්ඡාවලින් අපි අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබා ගන්න අසිරුතාවයක් ඇති වෙනවා. එසේ නොවේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.
එජාප රජය මේ රට පාලනය කරන්න කිසිම උනන්දුවක් උද්යෝගයක් නැති බව දැන් පේනවා. අයවැය විවාදය සාකච්ඡාවට ලක්වෙද්දි, පාර්ලිමේන්තුවේ අයවැය ලේඛණය තරම් වැදගත් පනතක් නැහැනේ. නමුත් වැය ශීර්ෂ දෙකක ඡන්ද ගන්න කොට ආන්ඩුපක්ෂයෙන් එක අවස්ථාවක 38යි. අනෙක් අවස්ථාවේ 24යි. අමාත්‍යංශයවලටමුදල් වෙන් කිරීම සිදුවන අවස්ථාවේ පෙනී සිටින්නේ මන්ත්‍රීවරු 24ක් පමණයි. එයින් පේන්නේ මේ සම්බන්ධයෙන් කිසිම උද්යෝගයක් නැතැ බවයි. උනන්දු වෙන්නේ වැටුප් දිමනා වරදාන ලබාගැනීමට විතරයි. වරදාන භාරගන්නවා නම් අඩුම තරමේ ජනතාවගේ දෛනික අවශ්‍යතා හෝ සැපිරිය යුතුයි. විදුලිය විතරක් නෙවෙයි දැන් වතුරත් නැහැ. සාමාන්‍ය ජනතාවට වතුර නැති වුනාට ඇමැතිවරු පදිංචි වෙලා ඉන්න පැතිවලට වතුර දීලා. දැන් ජාතික ආන්ඩුවක් හදන්න හැදුවා. ඒක ආන්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී වැඩපිළීවෙලක්. 19 වැනි සංශෝධනයෙන් කැබිනට් මණෟඩලපයට උපරිම සිමාවක් තියෙනවා. ශ්‍රීලනිප මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ගිහින් ජාතික ආන්ඩුවක් හදන්න බැහැ. එය දැන් කවුරුත් පිළිඅරන් තියෙනවා. දැන් විකල්පය කැබිනට් ඇමැතිවරු බැරිනම් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දෙන්න සූදානම්ක තියෙනවා. තව මාස හයක කෙටි කාලයයි තියෙන්නේ. මේ රජයේ ආයුෂ කොට නිසා ඒ සිමිත කාලයේ ගන්න පුලුවන් සියලු දේ අරගෙන සාක්කු පුරවා ගැනීමයි අරමුණ වෙලා තියෙන්නේ. විවිධ විවේඡන දෝශාරෝපණ මැද මහින්ද රාජපක්ෂ මහත්තයා නොරොච්චෝලේ හැදුවා. ඒක නොහැදුනානම් අද මේ විදියටවත් විදුලිය දෙන්න ලැබෙන්නේ නැහැ. මේ රජය සාම්පූර් බලාගාරය පිළීබද වැඩපිළිවෙල සම්පූර්ණයෙන් නතර කළා. කෙරවලපිටිය විදුලිබලාගාරය සම්බන්ධයෙන් අපි කාටත් වඩා විවේඡන එල්ල කලේ ජර්මන් තානාපතිවරයා. අදහා ගන්න බැරි තරම් මහා පරිමාන දූෂණ කෙරවලපිටිය සම්බන්ධයෙන් ඇති වෙලා කියනාව. විදුලි බලය නැතිව ජීවත් වෙන්න බැරි නිසා හදිසි අවස්ථාවක් ඇති වුනා කියන පදනම මත පුද්ගලික අංශයෙන් විදුලිබලය ලබාගන්න වුවමනාවෙන් ඇති කරපු තත්ත්වයක් තියෙන්නේ. මේ හදිසි අව්සථාවට මුහුණ දෙන්න කියන තර්කයයි රටට පෙන්වන්නේ. ඒ අනුව ඒෂියා පවර් කියන සපුගස්කන්දේ තියෙන පුද්ගලික සමාගමකින් මෙගාවොට් 50ක් අතිවිශාල මුදලකට ලබාගන්නවා. තවත් පුද්ගලික සමාගමකින් මෙගාවොට් 24ක් ගන්න සූදානම්. මේවායින් අදාල පුද්ගලයින්ගේ පසුම්බිවලට යන මුදල් මිලියන වලින් ගනින්න වෙනවා. ඉතිරි කාලයේ පරම්පරා ගණනකට සරිලන වීදියට උපයා ගැනීමයි ඉලක්කය වෙලා තියෙන්නේ. මේ නිසා ජනතා අධිකරණයට යා යුතුයි. ඒනිසයි අපේ හිටපු මහ ඇමැතිවරු දෙන්නෙක් වන මහිපාල හේරත් සහ එස්. එම්. රන්ජිත් මැතිවරන්‍යක් ඉල්ලා අධීකරණයට ගිහින් තියෙන්නේ. රජය මහා පරිමාන වංචා දූෂණ නිසා මැතිවරණයක් පවත්වන්න සූදානමක් නැහැ. අද අබීයාචානාධිකරණයේ නඩුව ඇහෙනවා. මේ මගඩි සියල්ල මධ්‍යයේ රජය පිළීබද ජනතා මතය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් දෙන්න කියලයි අපි කියන්නේ.

■ බොරුවාගේ දවසේත් අපේ අගමැතිතුමා හොදම බොරුව කියලා
■ අයවැය මග ඇරියේ එජාපයේ පසුපෙල හයිය පෙන්වන්නයි ඒජාප මන්ත්‍රීවරු කියද්දි අගමැතිවරයා ඒක විපක්ෂය මත පටවන්න උත්සාහ කරනවා. අපි කලේ විපක්ෂයේ කාර්යභාරයයි
■ කරපු පාපකර්ම නිසා විදුලි බල ඇමැති ඊළග ආත්මේ ඔටුවෙක් නැත්නම් බකමූනෙක්. මුදල් ඇමැති කපුටෙක්. ආන්ඩුවේ නායකයෝ සත්තුවත්තේ.
■ ආන්ඩුව පැරදුනොත් මහින්ද රාජපක්ෂ නැවත බලයට එන නිසා ආන්ඩුවට සහාය දෙන්න සූදානම් වෙන දෙමළ සංදානය පහුගිය කාලයේ විපක්ෂ නායකධුරය අරන් ආන්ඩුවට සහාය දිදී හිටපු බව පැහැදිලියි

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා
අද දවස ඉතාම වැදගත්. අද දවස මේ රටේ බොහෝ දෙනෙක් උදේ නැගටපු ගමන් තමන්ගේ හිතවතුන්ට බොරුවක් කියලා රවටන දවස. බොරුවගේ දවස. මේ දවස හරියටම ගැලපෙන්නේ යහපාලන ආන්ඩුවට. ඒ කියන්නේ යහපාලන ආන්ඩුවේ නායකයිනගේ දවස. ඒ අයට හොද දවසක් නිසා පුලුවන් තරම් බොරු කියන්න පුලුවන්.අගමැතිතුමා අද දවසේත් හොදට වැඬේ කරලා. එතුමා කියනවා මේ මාසෙන් පස්සේ ප්‍රාදේශීය සභා හා පළාත් සභා වලට මුදල් නැහැලු. අගමැතිතුමා මෙහෙම කියන්නේ ඇයි. පහුගිය 278 වැනිදා ස්වදේශ කටයුතු හා පළාත් පාලන , බස්නාහිර සංවර්ධන හා නගර සභා වැය ශීර්ෂය පරාජය වුනා. දැන් අගමැතිතුමා කියනවා ඒක පරාජය කලේ විපක්ෂය. ඒ නිසා මේ රටේ ග්‍රාමසේවකවරුන්ට පඩි ගෙවන්න සල්ලි නැහැලු. අගමැතිතුමා ඒ ප්‍රකාශය කරන අතරේ අද ලංකාදීප පුවත්පතට එජාප මන්ත්‍රී ඉසාඞ් රහිමාන් කියනවා අයවැය මගහැරියේ එජාපයේ පසුපෙලේ හයිය පෙන්වන්න කියලා. දැන් වික්‍රමසිංහ මහත්තයා අද දවසට ගැලපෙන්නේ නැත්ද. සිංහල අවුරුද්දට රාජ්‍ය නායකයෝ කිරිබත් කනවා. වෙසක් දවසට පන්සල් යනවා. නත්තල් දවසට පල්ලි යනවා. අපේ අගමැතිතුමාත් අද බොරුවගේ දවස නිසා හොදම බොරුව කියනවා අද දවෙස් වාර්තා කරන්න. එතුමා හැමදාම බොරු කියපු කෙනා. වොක්ස්වැගන් කොම්පැණියවත් නොදැන මෙහෙ අනුශාඛාවක් හැදුවා. මෑත භාගයේදී ඕමාන රාජ්‍ය නොදැන තෙල් පිරිපහදුවකට මුල්ගල තිබ්බා. ලක්ෂ දහයකට රැකියා දදෙනවා කිව්වා. ඒ වගේම රත්තරන් බඩු බේරලා දෙනවා කිව්ව අගමැති. මෝටර් බයිසිකල් දෙනවා කිව්ව. තෙමි තෙමි යන අයට නොතෙමි යන්න පුංචි කාර් දුන්න අගමැති. කප්පරක් බොරු කියපු මෙහෙම අගමැති කෙනෙක් ලෝකෙම නැහැ. මේ වෙද්දි විදුලි කප්පාදුවක් වෙනවා. දවල්ට පැය තුනයි. රෑට පැයයි. රමේ මිනිස්සු කලුවරේ. වතුර නැහැ. කොළඹ නගරයේ මහල් නිවාසවල ඉන්න අයට වතුර නැති වුනාම ඉතාම අපහසුතාවයට පත්වෙනවා. රජයට හෝ මැතිඇමැතිවරුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙන අවස්ථාවල මෙවැන්නක් වෙනවා නම් ඊට විසදුම් දෙනවා. ඊළග ආත්මයේ විදුලි බල ඇමැතිවරයා කොහොම ඉදියිද දන්නේ නැහැ. බකමූණාට දවල්ට පේන්නේ නැත්තේ ගිය ආක්මේකරපු පෙර කරුමෙකට. මේ රටේ විදුලි බලඇමැතිවරයා මිළග ආත්මේ බකමූනෙක් වෙනවා. නැත්නම් කාන්තාරෙක ඔටුවෙක් වෙලා ඉපදෙනවා.ත වතුර දෙන්නෙත් නැහැ. ලයිට් දෙන්නෙත් නැහැ. මිනිස්සුන්ව කරුවගේ තියපු පාපකර්මයට අහුවෙනවා. ඒ වගේම මුදල් ඇමැතිවරයාත් ඒ පාපකර්මයට අහුවෙනවා. සිංහල අවුරුද්දට දෙන පඩි පැකට් එක මාසෙ කෑමටත් මදි. මුදල් ඇමැතිවරයාත් කපුටෙක් වෙලා උපදියි. කපුටක්ට මොනතරම් කෑවත් බඩකිනියි. සමහරු එළගි තෙල්වල පොගවපු පහන් තිර දෙනවා කපුටන්ට කන්න. ටික වෙලාවක් හරි බඩගින්නක් නැතිව ඉන්න පුලුවන් වෙන්න. මේ යහපාලන ආන්ඩුවෙ ඉන්න අය ඊළග ආත්මේ උපදින්නේ සත්තු වත්තේ.ඒ තරමට පාපකර්ම කරගත්තා පත්වුනා වසර හතරක කාලයේ. අපි දැක්කා පහුගිය සතියෙ එක්තරා පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කළා. රනිල් වික්‍රමසිංහ ආන්ඩුව පෙරලුනොත් මහින්ද රාජපක්ෂ නැවත බලයට එන නිසා අයවැයට පක්ෂව ඡන්දය දෙන්න තීරණය කළාලු. ගෝඨාභය ජනාධීපතිවෙන්න දකින සිහනය අතහරින්න වෙනවා කියලා මේ විදියට කියන්නේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක්. අද සිංහල දෙමළ මුස්ලිම් ජාතින් තුනම බෝම්බ පිපිරෙන්නේ නැති රටක ජිවත් වෙනවා. මහින්ද රාජපක්ෂ මහතාත්, ගෝඨාභය රාජපක්ෂ මහතාත් රණවිරුවොත් නිසා මේ විදියේ පරිසරයක් හැදිලා තියෙද්දි ශ්‍රී දරන් කියන්නේ එල්. ටි. ටි. ඊ එක තිබුණ කාලේ හොදයි කියලයි. ගෝඨාභය රාජපක්ෂ එක් ලක්ෂ හතළිස් දහසක් මැරුවා කියලා ශ්‍රිදරන් කියන්නේ දෙමළ ජනතාව අතර වෛරය පතුරවන්නයි. අයවැය පැරදුනොත් ආන්ඩුව පාරාදය. ආණ්ඩුව පැරදුනොත් එන්නේ මහින්ද රාජපක්ෂ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ එනවාට කැමැති නැහැ. ඇත්ත. මහින්ද රාජපක්ෂ ආවාම ඊලාම් ගන්න බැහැ. නැවත එල්. ටි. ටී. ඊයට නැගිටින්න බැහැ. ඒ නිසා මහින්ද රාජපක්ෂ එනවාට කැමැති නැති නිසායි මේ වගේ ප්‍රකාශයක් කරන්නේ. ශ්‍රී දරන් මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය කරන කොට බලන්න පාර්ලිමේන්තුවේ 16ක් ඉන්න දෙමළ ජාතික සන්ධානයට විපක්ෂය නායක ධූරයත්, හයක් ඉන්න ජවිපෙට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම දුන්නා. ඒ ආන්ඩුවට සැබෑ විපක්ෂයක් තිබුණාද කියලා මේ ප්‍රකාශයත් එක්ක සලකා බලන්න. විපක්ෂයේ නායකවරයෙකුට නිලවාහන දීලා, කාර්යාල දීලා තියෙන්නේ විපක්සයේ කාර්ය භාරය ඉටුකරන්න. විපක්ෂනායකකම තියන් හිටපු සම්බන්ධන් මහතා ඇතුළු කණ්ඩායම ඒ කාලේ විපක්ෂ නායකකම කරලාද. නැහැ. ආන්ඩුවට කඬේ ගිහින්ලා. ජනතා විමුක්ති පෙරමුණත් ආන්ඩුවට කඬේ ගිහින්. එදා ඒකාධීපති වියරුව කියමින් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පැත්තට ඇගිල්ල දිගු කරගත්ත අයට තමන්ටම ඇගිල්ල දිගු කරගන්නයි දැන් සිද්ධ වෙන්නේ. එදා ඒකාබද්ධ විපක්ෂයේ 51 දෙනා කෙළීන් හිටගෙන නොහිටියා නම් අද විපක්ෂයක් තියෙනවාද. අද නම් සැබෑ විපක්ෂයක් බිහිවෙලා තියෙනවා. අද මිනිස්සුන්ට හඩ යනවා. එදා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදියට පාර්ලිමේන්තුවේ කතා කරන්න තිබෙන අයිතිය නැති කළා. විපක්ෂයට හිමි වුනු කතා කිරීමේ කාලයෙන් වැඩි කාලයක් ගත්තේ දෙමළ ජාතික සන්ධානය. ඊළගට ජනතා විමුක්ති පෙරමුණ. අපි 51 දෙනාට ලැබෙන්නේ විනාඩි 50යි. ඒක 51න් බෙදන්නත් බැහැ. නැගිටලා කතානායකතුමනි කියපු ගමන් බෙල්ලෙන් අල්ලලා වාඩිකරනවා. ඒ නිසා ශ්‍රීදරන් මන්ත්‍රීවරයාගේ කාතවෙන් එළීයට එනවා දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ට දොලපිදේනි දීලා අයට වැයට අත ඔසවා ගන්න බව. දෙමළ සන්ධානය දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට තමන්ගේ සුඛ විහරණය වෙනුවෙනුයි පෙනී සිටින්නේ. දැන් සම්බන්ධන් මන්ත්‍රීවරයාට දිලා තියෙනවා නිල නිවසක්. මමත් පාර්ලිමේන්තුවේ වසර 20ක් සිටිය නිසා මේ දේවල් ඉල්ලන්න බලන් ඉන්නේ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ හීනය ගැනත් ශ්‍රීදරන් කියනවා. හීනය සැබෑ වෙන හැටි එතුමාට දැක ගන්න පුලුවන් වෙයි. සරත් පොන්සේකා මහත්තයාත් කියනවා ජනාධිපතිවරණයට කළින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිරේ යයිද දන්නේ නැහැලු. කොහොමද ඒ වැඬේ. දැන් නඩු තියෙන්නේ විශේෂ අධීකරණයේ. ඒ අධීකරණයේ තීන්දුව ගැන කියන්නේ තවම සාක්ෂි ලබා ගැනීමක්වත් ආරම්භ වෙලා නැති වෙලාවකයි. දැන් බලන්නේ ගොටාභය රාජපක්ෂ මහතාව මොනවාට හරි හිර කරන්න පුලුවන්ද කියලයි. ඒ නිසා අපි අධීකරණයෙන් ඉල්ලා සිටිනවා අධීකරණ්‍යට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවරක් ගන්න කියලා.
ජවිපේ විජිත හේරත් මන්ත්‍රීවරයා රැස්විමක් අමතමින් සිටිනවිට ලයිට් යනවා.තත්ත්පර ගානකින් ලයිට් ආපු ගමන් කියනවා බලන්න මේ ආන්ඩුවේ හැටි . අපි ජෙනරේටරයෙන් තමයි දැන් වැඩ කරන්නේ කියලා. එතුමා මුල අමතක වීමේ පෙත්තක් බීලා ආවද දන්නේ නැහැ. ඒ කඬේ කඩු හොද නැහැ. මේ කඬේ බඩු හොද නැහැ. කියලා හොරෙන් හොරෙන් එජාපෙත් එක්ක ආන්ඩුව හදලා දැන් ආන්ඩුව හොද නැහැ කියනවා. ජවිපේ ට මේ ආන්ඩුව විවේඡනය කරන්න කිසිම අයිතියක් නැහැ. මේ ආන්ඩුව කරන වැරදිවල සියයට තිහක වගකීම ජවිපේ ගන්න වෙනවා. නැති බොරු කියලා, ඒ බොරු පැල කරලා මේ ආන්ඩුව ගෙනත් ඒ අවලාදයෙන් බේරෙන්න දැන් මිනිස්සු ඉස්සරහ බොරු කියනවා. මේ නයාව ඔඩොක්කුවේ දාගත්තේ අපිද . නැහැ. ජනතා විමුක්ති පෙරමුණයි.

මාධ්‍ය – වැය ශීර්ෂය පරාජ වුනාට පස්සෙ වැටුප් ගෙවන්න සල්ලි නැහැ කියනවා.
රෝහිත අබේගුණවර්ධන මහතා – ආන්ඩුවෙන් පිටට පළාත් පාලන ආයතන දුන්නොත් සල්ලි දෙන්නේ නැහැකියලා මැතිවරණය කාලයේ අගමැතිවරයාකිව්වා. පළාත් පාලන ආයතනවලට සත පහක් දුන්නේ නැහැ. අමු බොරු. වැය ශීර්ෂය පරාජය වුනේ අපේ වරදින්ද. අපි විපක්ෂයේ කාර්යභාරය ඉටු කරලා තියෙන්නේ. අපිට අවශ්‍ය ආණ්ඩුව ගෙදර යවන්න. වැටුප් ගෙවන්න සල්ලි නැත්නම් පස්වෙනිදාට අයවැය පැරදෙන්න ඇරලා මැතිවරණයකට යන එකයි.
ජි.එල් පීරිස් මහතා – අපේ කාලයේ හිටපු මහනුවර නගරාධිපතිවරයා කිව්වා මහනුවර ජනතාවගේ සේවය සදහා මුදල් හොයාගත්තේ යම් යම් නිර්මාණශීලි වැඩපිළීවෙල හරහා කිව්වා. පොහොට්ටුවට බලය දුන්නොත් ඒ ආයතනයට රජයෙන් සත පහක් දෙන්නේ නැති බව අගමැති වරයා සහ ඇමැතිවරු කිව්වා. ඒ ප්‍රකාශයෙන් ජනතාව සැලුනෙත් නැහැ. අපි සැලුනෙත් නැහැ. ඒ තර්ජන මැද අපි පළාත් පාලන ආයතන ජයගත්තා.

මාධ්‍ය -මත්ද්‍රව්‍ය වැටලීම් වේගවත් කරන්න මේ වෙද්දි ජනාධිපතිවරයා පියවර අරන් තියෙනවා.
රෝහිත අබේගුණවර්ධන – මත්ද්‍රව්‍ය වැටලීම් කරන පොලීසිය, ඇතුලු ආර්කෂක අංශ අපි අගය කරනවා. මරණීය දණ්ඩනය නියම කරන්නත් සූදානම් වෙනවා. මත් උවදුර නතර කරන්න ගන්න පියවර සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට අපේ සහාය ලබා දෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පළාත් සභා සංසදයේ සභාපති , සබරගමුව පළාත් සභාවේ සභාපති, කංචන ජයරත්න මහතා ද මේ අවස්ථාවට සහභාගි වූයේය.