පොදුජන පෙරමුණ සහ තවත් දේශපාලන පක්ෂ අතර සාකච්ඡා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් දේශපාලන පක්ෂ අතර සාකච්ඡා 

ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම සහ තිරසාර වැඩපිළිවෙලක් සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සෙසු දේශපාලන පක්ෂ සාකච්ඡා ආරම්භ කොට ඇත.
ඒ අනුව අද (25) පෙරවරුවේ ඊ. පී. ඩී. පී පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ යන පක්ෂ සමග නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදි සාකච්ඡා වට කිහිපයක් පැවැත්විනි.
විශේෂඥ කමිටු විසිහයක් යටතේ සහ ගම සමඟ පිළිසඳරක් වැඩ පිළීවෙල යටතේ ගම් මට්ට්ටමෙන් රැස් කළ තොරතුරුත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව කටයුතු කරන දේශපාලන පක්ෂවල යෝජනාද ඇතුළත් කරමින් අනාගතයේදි ක්‍රියාත්මක කිරිමට නියමිත මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කෙරෙයි.
අදාල දේශපාලන පක්ෂවල යෝජනා සහ අදහස් ලිඛිතව ලබාදීමටත්, ප්‍රතිපත්ති සම්පාදක කමිටු සදහා නියෝජතයින් සහභාගි කරවීමටත් මෙහිදි එකගත්වය පළවිය.
එමෙන්ම රටට අහිතකර ගිවිසුම්, රාජ්‍ය දේපල පෞද්ගලීකරණය, ඇතුලු මාතෘභූමිය අභියෝගයට ලක්කරන තීින්දුවලට එරෙහිවත්, ජාතික ආරක්ෂාව තහවුරු කර සුරක්ෂිත රටක් බිහිකිරීම උදෙසාත් ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂ විරෝධී බලමුලුවක් ලෙස එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පක්ෂ නියෝජිතයින්ගේ දැඩි අවධානයට ලක්විය.
ඊ. පි. ඩී. පී පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා ඇතුලු මහජන නියෝජිතයින් පිරිසක්ද, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩීව්. ගුණසේකර මහතා ඇතුලු පිරිසක්ද, නව වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ජී. වී. ඩි. තිලකසිරි මහතා ඇතුලු පිරිසක්ද මෙම සාකච්ඡා සදහා එක්වූහ.

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://basilrajapaksa.com/wp-content/uploads/2019/01/හෙට-ගැන-හිතන2-1920X1080px.jpg);background-size: cover;background-position: right bottom;background-attachment: scroll;background-repeat: no-repeat;}#stuning-header div.page-title-inner {min-height: 870px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}