ශ‍්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!

ශ‍්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!
ශී‍්‍ර ලාංකීය සංස්කෘතිය හා බැදී පවතින සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අතීතයේ සිට උත්සවාකාරයෙන් සැමරීමට අපි පුරුදුව සිටිමු.
නමුත් වර්තමාන පාලනයේ අදක්‍ෂ අකාර්‍යක්ෂම කළමණාකරණය හේතුවෙන් රටතුළ සිදුව ඇති ආර්ථික කඩා වැටීම හමුවේ වෙනදා දකින අවුරුදු උත්සවශී‍්‍රය, මෙවර දක්නට නැත. රුපියලේ අගය ඉහළ යාම, ආයෝජකයින් රට හැරයාම ආදී හේතු නිසා මේ වන විට විශාල පිරිසකගේ රැුකියා අහිමිවී ඇති අතර තවත් පිරිසක් රැුකියා අහිමි වීමේ අවධානමට මුහුණ දී සිටියි. එමෙන්ම වත්මන් රජය බලයට පත්වීමත් සමග ආර්ථිකයේ හදවත බදු මහ බැංකුව මංකොල්ල කෑමේ විපාකද මේ වන විට ජනතාවට ගෙවන්නට සිදුව තිබේ. ආණ්ඩුව දිනෙන් දින ජනතාව මත බදු පිට බදු පනවමින් ආණ්ඩුවේ වියහියදම් සොයා ගැනීම කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇති අතර ජනතා ප‍්‍රශ්න කෙරෙහි හෝ ජනතාව මුහුණ දී සිටින අපහසුතා කෙරෙහි අවධානය යොමු කිරීමක් වත්මන් ආණ්ඩුවෙන් කිසිසේත් අපේක්ෂා කල නොහැකිය.
ගොවි ජනතාවට නෙලාගත් අස්වැන්නට නිසි මිලක් නොලැබෙයි. සුලූ අපනයන භෝග ඇතු`ථ සමස්ත කෘෂි කර්මාන්තයටම අත්ව ඇත්තේ එකී ඉරණමය. ව්‍යාපාර බි`ද වැටිම මෙන්ම සංවර්ධන කටයුතු ද ඇන හිට තිබේ. මේ දුෂ්ඨ පාලනයට බැට දෙන ස්වභාව ධර්මයද, ජනතාව තව තවත් පෙළමින් සිටියි. මහජනතාව සිටින්නේ එදා වේල පිරිමසා ගන්නේ කෙසේදැයි සිතමිනි. මේ නිසා මෙවර සිංහල අලූත් අවුරුද්ද චාරිත‍්‍රවලට පමණක් සීමා කරන්නට සිදුව තිබේ.
එහෙයින් මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්දේ එකම නැකතකින් වැඩ අරඹා පොදුජන ශක්තිය එක මිටට ගෙන ජනතා දෙ‍්‍රා්හි පාලනය අතුගා දමන්නටත්, මේකී තත්ත්වය වෙනස් කර සශී‍්‍රක සමෘද්ධිමත් රටක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව ජනතාව අත මුදල් රැුදෙන, සැබෑ සංවර්ධනයක් කරා රට මෙහෙයවන්නටත්, අපි එකා වන්ව එක්සිත්ව, පෙළ ගැසෙමු. එළඹෙන අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් කර ගැනීමට අපට ඇති එකම මාර්ගය එය බවට අසල් වාසී නෑ හිතමිත‍්‍රාදී සිලු දෙනා දැනුම්වත් කරමු.

ඔබ සැමට සුභ නව වසරක් වේවා.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

සුභ නව වසරක් වේවා.

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://basilrajapaksa.com/wp-content/uploads/2019/01/හෙට-ගැන-හිතන2-1920X1080px.jpg);background-size: cover;background-position: right bottom;background-attachment: scroll;background-repeat: no-repeat;}#stuning-header div.page-title-inner {min-height: 870px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}