සියවසක් හා සමවූ සිවු වසක්..

මේ සුවිසල් අහස් ගැබ යට
දහසකුත් දෑ ලියවිලා ඇත
සියවසක වැඩ කෙරූ සිව්වස
බලය රට කරවන්න අද ඇත
සැඩ ගංඟාවක් තරණය කරමින් එගොඩ වීම එතරම් පහසු නොවෙයි. සියල්ලන්ටම එගොඩ වීමටනම් ශක්තිමත් පහුරක් සෑදිය යුතුමයි. සියලු වගකීම්, අවදානම්, වෙහෙස දැරිය යුතුමයි. එදා ඔවුන් සෑදූ ශක්තිමත් පහුර කිසිවෙකුටත් බිඳිය නොහැකි විය. සැඩ පහර අතරින් ඉතා ප්‍රවේසම්සහගතව පහුර එක් ගමනාන්තයකට ළඟා කරවීමට නියමුවාණන් සමත් විය. ඔහු අන් කවරෙකුත් නොව බැසිල් රාජපක්ෂයන් ය. සියවසක දෑ සිව්වසකට ලඝු කල ඒ මහා විප්ලවයේ ආරම්භය ඉතා සුලු පිරිසකගේ විශ්වාසය, කැපවීම සහ අධිෂ්ඨානය මත බිහි වූවකි. බාධක මධ්‍යයේ ඉතාමත් ප්‍රවේසම්සහගතව බිහි කලා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදවන විට ආසියාවේ ලාබාලතම සහ බලසම්පන්නම පක්ෂය වී හමාරය. මෙතරම් සුලු කාලයකින් පැවැත් වූ මැතිවරණ සියල්ලක්ම ජය ගනිමින් ජනාධිපවතිවරයෙකු, අග්‍රාමාත්‍යවරයෙකු සහ තුනෙන් දෙකක බලයකින් යුතු පාර්ලිමේන්තුවක් බිහි කරන්නට සමත් ආසියාවේ එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. මේ ආ ගමන් මඟ අතිශය දුෂ්කරය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලාංකේය ඉතිහාසයේ රන් අකුරින් ලියවනු නොඅනුමානය.
2015 ජනවාරි 08 ජනාධිපතිවරණ පරාජයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සිරිසේන ජනාධිපතිවරයා නතු කරගත්තේ රාජපක්ෂ වාදී දේශපාලනය යහපාලන තිබිරිගෙය තුලම මාරා දැමීමේ උවමනාව නිසාය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේන වාදීන් රනිල් වික්‍රමසිංහ වන්දනා කරමින් සිරිසේන සමග එක්ව ආණ්ඩුව ගෙන යෑමට අදහස් කරද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද වාදී කදවුර සමග එක් වූ ජනතාවට දේශපාලනය කිරීමට පක්ෂයක් නොමැතිව අසරණ විය.සිරිසේනගේ වැල් බයිලා දේශපාලනයට නතු වීමට ජනතාව අකමැති වූ අතර එයට විකල්පයක් නව දේශපාලන බලවේගයක අවශ්‍යතාව මහපොළවට දැනෙන්නට වුයේ සිරිසේන රනිල් පාලනයට එරෙහි බහුතර ජනතාවක් මහින්ද රාජපක්ෂ නම් වූ අසාහය ජන නායකත්වය සමග සිටි බැවිනි. මහින්ද රාජපක්ෂ මැතිතුමන් පෙරමුණේ තබා ගනිමින් මාතෘ භූමියට පෙම් බදින මිනිසුන් වෙනුවෙන් පක්ෂයක් නිර්මාණය කිරීමේ භාරදුර කාර්ය කරට ගත් බැසිල් රෝහණ රාජපක්ෂයන් සිවිකොණ විසිරි සිටි ජනතාව එකම අරමුණක් වෙනුවෙන් එකතු කිරීම ආරම්භ කළහ.
ජනහිතවාදී දේශමාමක පක්ෂයක අවශ්‍යතාව සම්පුර්න කිරීම උදෙසා 2016 නොවැම්බර් දෙවැනි දින බැසිල් රාජපක්ෂ මැතිතුමන් විසින් මහින්ද රාජපක්ෂ ජන නායකත්වයේ ආශිර්වාදයෙන් ආරම්භ කල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම පළමු උපන් දිනයට පෙර ලංකා ඉතිහාසයේ දැවැන්තම මැයි දින පෙළපාලිය ගෝල්ෆේස් පිටියේදී පවත්වනු ලැබිය. 2018 පෙබරවාරි 10 පැවති පළාත් පාලන මැතිවරණයේදී පළමු මැතිවරණය සදහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගනිමින් ලංකා ඉතිහාසයේ දේශපාලනය වෙනස් කළහ. එයින් නොනැවතී යහපාලන ආණ්ඩුවට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක් බැසිල් රාජපක්ෂ මැතිතුමන් විසින් ආරම්භ කල අතර “ගම සමග පිලිසඳරක්” “ජන බලය කොළඹට” වැඩ සටහන් හරහා ජන මනස රටට හිතකර ලෙස වෙනස් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ නිසා වසර පහක් ඉක්මවා යාමට මත්තෙන් රනිල් සිරිසේන ආණ්ඩුව පරාජය කොට රටේ ජනාධිපතිවරයා බිහිකරන පක්ෂය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්කළේය.ඉන් නොනැවතී 2/3 බලයක් සහිත ආණ්ඩුවක් බිහිකරමින් ජනතාවගේ ජන නායකත්වය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අග්‍රාමත්‍ය වරයා බවට පත් කොට රටේ ජනතාව ඉල්ලු වෙනස නිර්මාණය කරමින් යහපාලන ආණ්ඩුව විසින් ගෙන ආ අදුර දර්ශි 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 20 වැනි සංශෝධනය බලාත්මක කරමින් විධායක ජනාධිපති වරයෙක් නැවත බිහි කිරීමට සමත් විය.
රටේ අනාගතය වෙනුවෙන් දේශපාලනය කරන පක්ෂයක් ලෙස ජනතාවගේ අවශ්‍ය තාවන් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂයක් ලෙස පොදුජන තරුණ පෙරමුණ පොදුජන කාන්තා පෙරමුණ සේම පංච මහා බල වේගයට එහා ගිය බලයක් ජවයක් සහිතව පක්ෂයේ සිවුවැනි ජන්ම දිනය සමරනු ලබයි.
එදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිට වුවහොත් පාරක් පාරක් ගණනේ ඇවිද්දන බව කියමින් පුරසාරම් දෙඩු දේශපාලකයින් හා පොහොට්ටුවට එහි ප්‍රගමනයට එරෙහිව ක්‍රියා කල බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ සිටීමම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ දැවැන්ත ජයග්‍රහණයකි. එදා ගල් පෙරලමින් පක්ෂයට හිතවාදීන් රාජපක්ෂ හිතවාදීන් සිර ගත කරමින් දේශපාලන පලිගැනීම් කරමින් රැකියා අහිමි කරමින් කටයුතු කල පිරිස් වත්මන් ආණ්ඩුවේ විවිධ තනතුර දරමින් පක්ෂය පිලිබදව ප්‍රසස්ති ගී ගායන කිරීමද ජයග්‍රහණයකි. ඔවුන් විසින්ම නිර්මාණය කළ කටුක දුෂ්කර මාර්ගයක ගමන් කරමින් සිව් වසරක් පුරා පක්ෂය වෙනුවෙන් තම ජිවිතයම කැපකළ බැසිල් රෝහණ රාජපක්ෂයන්ගේ නායකත්වයෙන් තවත් චිරාත් කල් වැජබේවා.

සියවසක් හා සමවූ සිවු වසක් තුල රටේ සිවුකොණ විහිදී ජනතාවට නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ පක්ෂයට ජය වේවා..

https://www.facebook.com/basilrajapaksamediaunit/videos/713830535899970

පොදුජන පෙරමුණ සහ තවත් දේශපාලන පක්ෂ අතර සාකච්ඡා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් දේශපාලන පක්ෂ අතර සාකච්ඡා 

ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම සහ තිරසාර වැඩපිළිවෙලක් සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සෙසු දේශපාලන පක්ෂ සාකච්ඡා ආරම්භ කොට ඇත.
ඒ අනුව අද (25) පෙරවරුවේ ඊ. පී. ඩී. පී පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ යන පක්ෂ සමග නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදි සාකච්ඡා වට කිහිපයක් පැවැත්විනි.
විශේෂඥ කමිටු විසිහයක් යටතේ සහ ගම සමඟ පිළිසඳරක් වැඩ පිළීවෙල යටතේ ගම් මට්ට්ටමෙන් රැස් කළ තොරතුරුත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව කටයුතු කරන දේශපාලන පක්ෂවල යෝජනාද ඇතුළත් කරමින් අනාගතයේදි ක්‍රියාත්මක කිරිමට නියමිත මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කෙරෙයි.
අදාල දේශපාලන පක්ෂවල යෝජනා සහ අදහස් ලිඛිතව ලබාදීමටත්, ප්‍රතිපත්ති සම්පාදක කමිටු සදහා නියෝජතයින් සහභාගි කරවීමටත් මෙහිදි එකගත්වය පළවිය.
එමෙන්ම රටට අහිතකර ගිවිසුම්, රාජ්‍ය දේපල පෞද්ගලීකරණය, ඇතුලු මාතෘභූමිය අභියෝගයට ලක්කරන තීින්දුවලට එරෙහිවත්, ජාතික ආරක්ෂාව තහවුරු කර සුරක්ෂිත රටක් බිහිකිරීම උදෙසාත් ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂ විරෝධී බලමුලුවක් ලෙස එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පක්ෂ නියෝජිතයින්ගේ දැඩි අවධානයට ලක්විය.
ඊ. පි. ඩී. පී පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා ඇතුලු මහජන නියෝජිතයින් පිරිසක්ද, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩීව්. ගුණසේකර මහතා ඇතුලු පිරිසක්ද, නව වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ජී. වී. ඩි. තිලකසිරි මහතා ඇතුලු පිරිසක්ද මෙම සාකච්ඡා සදහා එක්වූහ.

මාස දෙකක් ඇතුලත පළාත් සභා මැතිවරණයක් කියන්න බැහැ.

අද (25) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මන්ත්‍රීවරුන්

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
අද ඇමැතිවරු විශාල අපහසුතාවයකට පත්වෙලා සිටිනවා. ඔවුන්ට අද රෝහලකට යන්න බැහැ. උද්ඝෝෂණයක් තියෙන තියන තැනට ගිහිල්ලා බහින්න බැහැ. රටේ යම්කිසි සිද්ධියක් වුණහම ඒ ස්ථානයට යන්න බැහැ. ජනතාවගෙන් විරෝධයක් එල්ලවෙමින් පවතිනවා. මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට අද මහජනතාව අතරට යන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. වෙන හැම කාලෙකම මහ ජනතාවට ප්‍රශ්නයක් වුනහම ඒ වගේ තැනකට මහජන නියෝජිතයෙකුට යන්න පුළුවන්. මේ ආණ්ඩුව දැන් ඒකත් නැති කරලා තියෙන්නෙ. මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු එවැනි ස්ථානයකට ගියපු හැම අවස්ථාවකදීම ජනතාවගේ විරෝධයක් එල්ල වෙමින් පවතිනවා. ඒකට හේතුව තමයි ආණ්ඩු විරෝධී ස්වභාවය අද මහජන නියෝජිතයාගේ පිටින් යවන්න මහජනතාව කටයුතු කරනවා. ජනතාව මේ ආණ්ඩුවෙ ඇමතිවරු ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ අමාත්‍යවරුන්, මේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් ඉවත් වෙන්නේ නැත්තං තමන් ඉවත් වෙන බවට අදහස් ප්‍රකාශ කරන්න පටන් අරන් තියෙනවා.ඇතැම් පසුපෙළ මන්ත්‍රීවරුන් පක්ෂයේ සමහර අයට කියනවා මේ අමාත්‍යවරු ඉල්ලා අස්වුණේ නැත්තං තමන් මන්ත්‍රීධූරයෙන් ඉවත් වෙනවා කියලා. අන්න ඒ වගේ තත්ත්වයට අද මේ රට පත් වෙලා තියනවා. මේ රටේ ඉතිහාසය තුළ රජයේ ඇමතිවරයකුට මහජන ගැටලුවකට කතා කරන්න පුළුවන් අවස්ථාවක් තිබුණා. මොන තරම් බැරෑරුම් අවස්ථාවකදී වුණත් රජයේ මන්ත්‍රීවරු ඇමතිවරු ඒ අවස්ථාවට මැදිහත්වෙලා ඒවා බේරුම් කරන්න බේරුම් කරුවන් හැටියට කටයුතු කළා. අද ඇමතිවරයෙක් ඉස්සරහා දොරෙන් ගියොත් පස්සේ දොරෙන් පිට වෙලා යන්න සිද්ද වෙලා තියෙනවා. ඒ තරමට මහජන විරෝධය වැඩි වෙමින් පවතිනවා. අපි දැක්කා කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහලේකම් ලේකම් කාර්යාලයක් බවට පත් කරන්න කියලා ඉල්ලා සිටිමින් කරපු උද්ඝෝෂණයේ දී ඇමතිවරුන්ට දක්වපු විරෝධය. වෙන කිසිම කලෙකටත් වඩා අද ආණ්ඩුවේ ඇමතිවරුන්ට එරෙහිව මහජන ප්‍රතිවිරෝධය දකින්නට ලැබිලා තියෙනවා. මේක ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම අද එක්සත් ජාතික පක්ෂය තුළ ජනාධිපති අපේක්ෂකයා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා පල්ලෙහාට වැටිල තියෙනවා. ආණ්ඩfුව ඇමතිවරු කියනවා අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය සමත් නැති කෙනෙක් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා හැටියට දාන්න තරම් අපිට පිස්සුවක් නෑ කියලා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ශකයා ඒ තරම් පහත් වෙලා තියෙනවා. එහෙම තියෙද්දි අපෙන් අහනවා අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. අපි අගෝස්තු මාසෙ එකොළොස් වැනිදා අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා ජනතාවට හෙළිකරනවා. නමුත් ඒ අපේක්ෂකයාට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පිළිබඳ ප්‍රශ්නයක් නෑ. උපාධිය තිබෙන, දැක්මක් තිබෙන, විශේෂ සුදුසුකම් තිබෙන, අත්දැකීම් තිබෙන දේශපාලනඥයෙක් අපේ ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙයි. මහජනතාව වෙනුවෙන් වැඩ කරප,ු මහජනතාවට විශ්වාසයක් තියන්න පුළුවන්, රටේ අනාගතය බාර ගන්න පුළුවන,් ඕනම අවස්ථාවකදී ප්‍රශ්නෙකට මුහුණ දෙන්න පුළුවන් අත්දැකීම් ඇති දේශපාලනඥයෙක් අපි ඉදිරිපත් කරනවා. ඒ නිසා අපේ ජනාධිපති අපේක්ෂකයාට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳ ගැටළුවක් නැහැ. අද එක්සත් ජාතික පක්ෂය ඒ තරම් පහත් තත්වයට වැටිලා තියෙනවා. ඒ වගේම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැන් ප්‍රකාශයක් කරලා තියෙනවා ජනාධිපති මැතිවරණයට කලින් පළාත් සභා මැතිවරණ තියන්න බැරි වුනොත් එතුමා ඉල්ලා අස්වන බවට. මේකෙ කාරණය අපි හොඳටම දන්නවා. දැන් මේ ආණ්ඩුව තුන් බියකින් පෙලෙනවා. එකක් ජනාධිපතිවරණය, අනික මහමැතිවරණය, අනිත් පැත්තෙන් පළාත් සභා මැතිවරණය. නමුත් දැන් මේ වන විට නීති අංශයෙන් උපදෙස් ගන්න කටයුතු කරලා පළාත් සභාමැතිවරණය කියන්න පුළුවන්ද කියලා.මේක අලුත්ම තත්ත්වයක්. මැතිවරණ කොමසාරිස්වරයා මේ ප්‍රකාශය කරන්නේ මැතිවරණයක් ඉස්සරහට ගන්න යම් යම් කරුණු පිළිබඳ ඔහුට යම් ඉඟියක් ලැබුන නිසයි. එතුමාට ඉල්ලා අස් වෙන්න වෙයි කියලා මම හිතන්නේ නැහැ. මැතිවරණයක් ඉක්මනට එයි් කියලා අපි බලාපොරොත්තු වෙනවා. එවැනි තත්ත්වයක් ඇතිකර ගන්න දැන් උත්සාහයක යෙදෙනවා. අපිට ප්‍රශ්නයක් නැහැ. තියන්නේ ජනාධිපති මැතිවරණය වුණත් මහ මැතිවරණය වුණත් පළාත් සභා මැතිවරණය වුණත් අපි ඒ හැම මැතිවරණයකට සූදානම්. මේ රටේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ මොනම හරි මැතිවරණයක.් මේ මැතිවරණය කුමක් වුණත් ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න අපි සූදානම්. ඒ වගේම ඒ මැතිවරණය ජයග්‍රහණය කරන්නත් අපිට පසුබිමක් තියෙනවා. මේ රටේ ජනතාව ආණ්ඩු විරෝධී ඡන්දයක් දෙන්න සූදානමින් ඉන්නවා. මෙතන අපේක්ෂකයා බලන්නෙත් නැහැ. පුද්ගලයා බලන්නෙත් නැහැ. ආණ්ඩු විරෝධීව ඡන්ද පෙළ ගැසීමක් රට පුරා තිබෙනවා. අද වෙනකොට රාජ්‍ය සේවකයාගේ ඉඳලා අනිකුත් හැම ක්ෂේත්‍රයක්ම ආණ්ඩු විරෝධී පැත්තට තල්ලු වෙලා තිබෙනවා. ඒ නිසා මේ මැතිවරණ තුන්බියෙන් එක්සත් ජාතික පක්ෂයට එක බියකට හරි මුහුණදෙන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැති වුණොත් මේ රටේ මිනිස්සු පාරට බහින තත්ත්වයක් ඇතිවෙනවා. ඊයේ වන විට ගම්බිරිස් මිල රුපියල් තුන්සීයක වැටිලා තියෙනවා. ඉතිහාසයේ කිසිම දවසක මේ තත්වයට වැටිලා නැහැ. ගොරකා විකුණගන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. කුරුඳු මිල ඉතාම අඩු වෙලා තියෙනවා. සුළු අපනයන බෝග මිල අඩුවෙලා තියෙනව.තේ මිලට ප්‍රශ්නයක් ඇවිල්ල තියෙනව. ඒවායින් බහුතරයක් සාමාන්‍ය ගොවි ජනතාවට බරපතළ බලපෑම් එල්ල කරනවා. ආණ්ඩුව පහුගිය කාලේ කරපු දේවල් වල ප්‍රතිඵල හැටියට තමයි මේ සියලු දේවල් අපි දකින්නේ. ආණ්ඩුව දැන් ඩොලර් බිලියන දෙකක් ණය ගන්න තීන්දුකරලා තියනවා. ඒ මිලියන 2000 ගන්න කොට රටේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 10.5 දක්වා ඉහළ යනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ 2005 ඉඳලා 2015 වෙනකන්ම අපි ණය ගත්තේ ඩොලර් බිලියන 5.2 ක් විතරයි. ඒ මේ රටේ සංවර්ධනය යුද්ධය ඇතුළු ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන අතරයි. 2005 ඉඳලා 2015 වෙනකන් ගත්තු ප්‍රමාණයට වඩා මේ අවුරුදු හතර හමාරකට ඩොලර් බිලියන දහයකට වඩා අරන් තියනවා. හරියටම 2029 දි බැඳුම්කරවල සම්පූර්ණ ගෙවීම කරන්න සිදු වෙනවා. මේ තත්ත්වයට මුහුණ දෙන්නේ අනාගතයේ එන ආණ්ඩුවක්. ඒ කාලෙ කිව්වෙ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ණය බරින් මිරිකිලා තියෙන්නෙ කියලා. ඒ කාලේ ණය අරගත්තු එක ගැන මේ අය ලොකුවට කතා කළා. ඒත් අද සංවර්ධනයක් නැහැ. යුද්ධයක් නැහැ. මුකුත්ම නැතුව අපි ලොකු ණය බරකටත් එකතුවෙලා තියෙනවා. ඒ නිසා මෙි පැවැත්ම තුළ රට අරාජික තත්වයට පත් වන එක වළක්වන්න පුළුවන්කමක් නැහැ. ඉදිරි මාස කිහිපය තුළ ආණ්ඩුවේ මේ තත්ත්වය ඉතාමත්ම කණගාටුදායක තත්වයකට පත් වෙනවා. ඒ නිසා මේ තුන් බිය තිබුණත් කරුණාකර මැතිවරණයකට සුදානම් වෙන්න කියලා, ජනතාවට මැතිවරණයක් දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. එතකොට ජනතාව තමන්ගේ යුතුකම කාර්්‍ය ඉෂ්ට කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා.
අද අපේ රටට හරියට නායකයෙක් නැහැ. නායකයින් තුන්දෙනෙක් ඉන්නවා. හැබැයි රට ගෙනි යන්නේ කවුද කියන එක අප කාටත් තේරුම් ගන්න නොහැකි තත්ත්වයක් තියෙන්නෙ. ඕනෑ ම රටකපාලකයකුට තියෙන වගකීම තමයි ජාතික ආරක්ෂාව රැක ගැනීම. අපේ ආර්ථිකය නිසි කළමනාකාරිත්වයක් තුළ ගෙන යාම. මේ රජයට එවැනි කිසිම කළමනාකාරිත්වයක් නෑ. ඔහේ ඉබාගාතේ දුවන රුවල් කැඩිච්ච නැවක් තත්ත්වයකට ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒ හා සමානවම රටේ සෑම අංශයක්ම කඩා වැටිලා තියෙනවා. රටේ ජනතාව තුළ තියෙන්නෙත් බලාපොරොත්තු කඩ වීමක්. රජයේ කිසිම කෙනෙක් කිසිම කතාවක දී මේ ගැන කිසිම වචනයක් කතා කරන්නේ නැහැ. මේ නිසා ප්‍රධාන වශයෙන්ම අපේ රටේ ජනාධිපති අපේක්ෂකයාට ප්‍රධාන ප්‍රශ්න තුනකට උත්තර දෙන්න සිද්ධ වෙනවා. එකක් රටේ ජාතික ආරක්ෂාව රැකගන්නෙ කොහොමද කියන එක. දෙවැනි එක තමයි ජාතික ආර්ථිකය ගොඩනගලා වඩා හොඳ සුබදායි අනාගතයක් ජනතාවට දෙන්නේ කොහොමද කියන එක. තුන් වෙන එක තරුණයින් සඳහා වන ආර්ථික ක්‍රියාවලිය කුමක්ද කියන එක. ජාතික ආරක්ෂාව ඉතා වැදගත්. ඒක නොතකා ඔහේ ඉබාගාතේ රටට යන්න දුන්න එකේ ප්‍රතිඵලය තමයි ඉතාම කුඩා කණ්ඩායමක් ආගමික අන්තවාදය මතු කරලා මේ රට ඇතුළේ විශාල පීඩනයක් එල්ල කරපු එක.
ඕනෑම රටක ඔත්තු සේවා ආරක්ෂක අංශ වල බිඳ වැටීමක් සිදු වෙච්ච අවස්ථාවක රට ඇතුලත හෝ පිටතින් ප්‍රහාරයක් එල්ලවීමෙ ඉඩ වැඩියි. අපේ රටට සිද්ධ වුනෙත් ඒක. මේ ප්‍රහාරය ඉන්දියාව වලක්ව ගත්තා. ලංකාවේ මේක ඇති තරම් තොරතුරු දීලා තිබිලත් වලක්වගන්න බැරි වුණා. කවුරු මොනවා කිව්වත් රටේ ආරක්ෂාව පිළිබඳව කාටවත් වගේ වගවිභාගයක් තිබුනෙ නැති බවයි අපේ අදහස. 2014 වර්ෂයේ අග වෙනකොට රටේ දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය සාමාන්‍යයෙන් 6.8 ක් විතර වුණා. 2018 වෙන කොට ඒක 3.8 ට අඩු වෙලා තියෙනවා. මේ අවුරුද්ද අවසාන වෙනකොට මේක තව 2.4 ක ට විතර අඩු වෙයි කියලා අපි හිතනවා. අපේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් බිඳ වැටිලා තියෙනවා. ඉදිකිරීම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඇන හිටලා තියෙනවා. ඒ සඳහා තිබෙන අමුද්‍රව්‍ය, විශේෂයෙන්ම පුපුරණ ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි නිසා මෙි ක්ෂේත්‍රය අඩාල වෙලා. ඒ පිළිබඳව ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න තවමත් මේ රජය අපොහොසත් වෙලා තියෙනවා. පුපුරන ද්‍රව්‍ය පාවිච්චි කරලා ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය කළුගල් ආදිය කඩන විශාල පිරිසක් සේවකයොත් එක්ක ම අද අතරමං වෙලා. ඒ අය ආණ්ඩුකාරවරුන් හමුවෙනවා. අපිට කියනවා. බලධාරීන් හම්බවෙනවා. හැබැයි තවමත් විසදුමක් ලැබිලා නැහැ ලැබිල නැහැ. ඒ නිසා ඉදිකිරීම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඇන හිටලා. ගල් වැලි නැතුව ඉදිකිරීම් කර්මාන්තය කරන්නේ කොහොමද. එහෙමනම් ඒකට වෙන ක්‍රමයක් හඳුන්වලා දෙන්න ඕන. කෘෂිකර්මය කඩාවැටිලා. සියළුම කෘෂි නිෂ්පාදන වල මිල සම්පූර්ණයෙන්ම පහත වැටිලා. මේ පවතින කාලගුණ විපර්යාසයන් මැද ඉදිරියේ ලොකු අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න බැහැ.
ඒ නිසා සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් තියෙනවා. නමුත් ඒ හා සමග නිෂ්පාදනය ඉහළ දමන්න රජය කිසි දෙයක් කරන්නේ නැහැ. සුළු අපනයන බෝග සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. විකුණගන්න බැරිව වවන්නේ මොකටද කියලා ගොවියෝ අහනවා. අපේ පැත්තෙ පොල් ඉඩම් වල මෙි මුරේ පොල් කැඩුවෙ නැහැ. කඩන මිනිහටත් සල්ලි දීලා තව අහුලන කෙනාටත් ගෙවලා පොල් ගෙඩිය රුපියල් විස්සට තිහට විකුණල ලාභයක් ගන්න බැහැ. ලංකාවේ වියලි පොල් නිෂ්පාදන වලට හැමදාම ඉහළ මිලක් ලැබුණේ ලංකාවේ පොල් වල තියෙන ගුණාත්මක භාවය නිසයි. පසුගිය කාලයේ මේ ආණ්ඩුව පොල් මද පිටරටින් ගේන්න ඉඩ දුන්නා. ඒ නිසා වියලි පොල් වල අපිට තිබුණු තවය පහළ වැටුණා. ඒ නිසා දැන් අපේ රටේ වියළි පොල් වල මිල තායිලන්තයේ ඉන්දුනීසියාවේ තත්ත්වයට පහත වැටිලා තියෙනවා. ඩොලර් 3.5 ක ට වික්ක වියලි පොල් කිලෝ එක ඩොලර් 1.5 ක් දක්වා අඩු වෙලා. දැන් ලෝකෙ වෙළෙඳපොළ දන්නවා අපේ පොල්වලින් නෙමෙයි මේ නිෂ්පාදනය කරන්නේ කියලා. ඒ වගේ හැම අංශයක්ම මේ ආණ්ඩුව විනාශ කළා. මේ ආණ්ඩුවේ තියෙන අකාර්යක්ෂමතාවය අනිත් අයටත ්පටවනවා. ඒ නිසා දැන් 225ම හොඳ නෑ කියලා කියනවා. 225ම හොඳ නැහැයි කියන්නෙ අපි ආන්ඩුවේ හිටියේ නැහැනෙ.් මේ අවුරුද්ද ඇතුලේ මෙි ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනත් පැත්තට හැරවිලා තියෙනවා. විශේෂයෙන්ම අපි පිළිගන්න ඕනේ අපේ රටේ අද අලුත් තරුණ පරම්පරාවක් හැදිලා තියෙනවා. පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න තරුණ පිරිස් අපේ රටට ආපහු එන්නේ නැහැ. ඒ අය කැමති නැහැ දේශපාලඥයන් ගේ පස්සේ ගිහිල්ලා රස්සාවල් ගන්න. ඒ නිසා රටේ ආර්ථික ක්‍රමය තුළ දේශපාලඥයා විසින් රැකියා ලබා දෙන ක්‍රමය වෙනසක් කරන්න අවශ්‍යයි. කාටත් සාධාරණ ක්‍රමයක් රාජ්‍ය සේවය ඇතුළෙ අපි හදන්න ඕන. රාජ්‍ය සේවයේ වැඩක් කරගන්න ගිය කිසිදු කෙනෙකුට තවත් කෙනෙකුගේ බලපෑමක් නැතිව ඉතා ඉක්මනින් වැඩ කරලා දෙන ක්‍රමයක් අපිට අවශ්‍යයි. අපේ දේශපාලන ක්ෂේත්‍රය තුල තියෙන අකාර්යක්ෂමතාවය ගොඩනගන්න පුළුවන් ජනාධිපතිවරයෙක් වැඩපිළිවෙළක් පිළිබඳව පොදුජන පෙරමුණ කටයුතු කරල තියෙනවා. ඒ පිළිබඳව අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යනවා. අද එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෝ කිහිපදෙනෙක් ගැන කතා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා, කරු ජයසූරිය මහතා, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා. මේ කවුරුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. නමුත් විවේචනය කිරීමේ අයිතිය අපට තියෙනවා.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද අසාර්ථක පාලකයක් වෙලා ඉවරයි. එතුමා ට ජනාධිපතිවරණයකට ඇවිත් ලොකු වැඩක් කරන්න හම්බ වෙන්නේ නැහැ. කරූ ජයසූරිය රජතුමා තමන් ජනාධිපති කියලා හිතාගෙන ප්‍රධාන පෙළේ පුද්ගලයින් පාර්ලිමේන්තුවට කැඳවමින් ඉන්නවා. විදේශ ඇමති වරයා කැඳවන්න ඕනෑ තානාපතිවරුන් කතානායක වරයා කැඳවනවා. ආරක්ෂක නිලදාරීන් කැඳවනවා. ආරක්ෂාව පිළිබඳ ප්‍රධා්න්ීන් කතානායක වරයා කැඳවනවා. කවදාවත් එහෙම තත්ත්වයක් තිබුණේ නෑ. ලංකාවේ එක් අවස්ථාවක ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්න කාලෙ බකීර් මාකර් කතානායකවරයා මේ වගේ තානාපතිවරු පාර්ලිමේන්තුවට කැද වූවා. ජනාධිපතිවරයා බාකීර් මාකර් කතානායක වරයා ව ඉවත් කලා.හැමෝම හැමදේම කරන්න ගියාම මේ රටේ කවුද පාලකයා කියලා හොයාගන්න බැරි වෙනවා. අද මේ රට ඇත්තටම පාලනය කරන්නේ ජනාධිපතිවරයාද අගමැතිවරයාද එහෙම නැත්තං අලුතෙන්ම රට පාලනය කරන කතානායක වරයාද කියන එක කවුරුත් දන්නෑ. මේක අද තුන් ඈ ඳුතු නවකතාවක් වෙලා තියෙනවා. මේ තුන් දෙනාම දන්නෙ නෑ තමන්ගේ කාර්යභාරය මොකක්ද කියලා. එක්සත් ජාතික පක්ෂය බරපතළ ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්න බව පේනවා. තමන්ගේම අපේක්ෂකයා පිළිබඳව ඔවුන්ට නිවැරදි තක්සේරුවක් කරගන්න බැරිවෙලා තියෙනවා. පසුගිය සතියේ නිවාස අධිකාරිය හතළිස් වන සංවත්සරය පැවැත්වූවා. අවුරුදු හතළිහක දී නිවාස අධිකාරිය තුල ජනාධිපති ප්‍රේමදාස මහතා කළ ක්‍රියාකාරිත්වය ඒ කියන්නේ හුදකලාව ගෙවල් සෑදීමේ ක්‍රමවේදයෙන් ඉවත් වෙන්න පුතාටවත් බැරිවෙලා තියනව. හුදකලා ගෙවල් ටිකක් ඉඩම් ගොඩ කරමින් කැළෑ කපමින් හදන බව අපට පේනවා. ඒවත් මිනිස්සුන්ට ණය දීලා තමයි කරන්නෙ. මේ වෙනුවට අද අපේ රටට ගැලපෙන විදිහට ක්‍රමවේදයක් සකස් කරන්න අවශ්‍යයි. අපේ භූමි ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩු වෙමින් තිබෙනවා. කෟෂි කාර්මික ඉඩම් විශාල වශයෙන් නිවාස තැනීමට යොදනවා. ඊට වෙනස් වන දියුණු ලෝකයේ වැඩි පිළිවෙළක් හදාගන්න අවුරුදු හතලිහකට පස්සෙත් නිවාස අධිකාරිය අසමත් වෙලා තියෙනවා.
ජාතිය ගොඩ නැගෙන අලූත් ක්‍රමවේදයක් නිර්මාණය කරන්න මේ සියලු දෙනා අසමත් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ඔය කියන අපේක්ෂකයෝ තුන්දෙනාම අසමත් වූ තුන් දෙනෙක්. මේ අසමර්ථ වූ තුන්දෙනාගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න රටකට බැහැ. ඒ නිසා රටට අලුත් අදහස් අලුත් බලාපොරොත්තු අලුත් වැඩ පිළිවෙලක් සහිත අපේක්ෂකයෙක් අවශ්‍යයි. මේ ආණ්ඩුවේ කවුරු අපේක්ෂකත්වයට ආවත් ඔහු පරදින බව අපි ඉතාමත් වුවමනාවෙන් කියන්න කැමතියි.
දැන් මේ රටේ පාලනය හුඟක් දුරට විදෙස් ජාතිකයින් සතු ව පවතිනවා. පසුගිය කාලේ තර්කයක් ආව මිලේනියම් කෝපරේෂන් කියන ආයතනයේ ලංකාවේ නියෝජිතයින් ඉන්නෙ අරලියගහ මන්දිරය කියලා. අපි දැක්කා සිංගප්පූරු ජාතිකයෙක් හැටියට අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති හැටියට පත් කරලා රටට කරපු විනාශය. ඔහුට ප්‍රශ්නයක් ආවහම රට පැන්නා. කවුද අල්ලන්න යන්නේ.
මේ ආණ්ඩුව ස්වදේශිකයින් මත රැඳුණු පරිපාලන තන්ත්‍රය ක්‍රමානුකූලව බාහිර විදේශීය බලවේගවලට පවරා දෙමින් ඉන්නවා. මේක අපිට පේන්නෙ නැහැ. නමුත් එක සිදුවෙනවා. මේ නිසා තමයි අපේ රටේ පාලකයින් බොහොම දුර්වල පුද්ගලයින් ලෙස ක්‍රියා කරන්නේ. අපේ රටේ පාලන තන්ත්‍රය තුළ තිබෙන ස්වදේශික තත්ත්වය ස්වයිරිත්වය අපි ආරක්ෂාකරගත යුතුයි. පුළුවන් රටවලින් ආධාර උපකාර ගන්න ගමන් රටවල් වල මිත්‍රත්වය පවත්වා ගෙන යන ගමන් ගෝලිය වශයෙන් රටවල ණයකාරයන් බවට පත්වෙන එකෙන් වලකින්න අවශ්‍යයි. අපේ ජාතික ආර්ථික ක්‍රියාවලිය හසුරු වීමේ බලය ඔවුන්ට ලබා දෙන්න කොහෙත්ම හොඳ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ආණ්ඩුව හැම අතින්ම දුර්වල ආණ්ඩුවක් කියලා. දුර්වල ආණ්ඩුවක් තියෙන හැම විටම බාහිර බලපෑම් බහුල වෙනවා. ශක්තිමත් ආණ්ඩුවක් තියෙන හැම මොහොතකම මේ බාහිර බලපෑම් අවම වෙනවා. එහෙම තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බණ්ඩාරනායක මැතිතුමා මේ රටේ බි්‍රතාන්‍යයන් සතුව තිබුණු ප්‍රධාන කඳවුරු දෙකක් ඉවත් කළේ. ඊට පස්සේ ඔවුන්ට පුළුවන් වුණා ඛනිජ තෙල් ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම ඛනිජ තෙල් සංස්ථාව කියන ආයතනය හදලා ස්වදේශිකයන්ට භාරදෙන්න. මේ හැම නායකයෙක්ම මේවා කෙරුවේ රටවල් එක්ක තිබෙන තරහට නෙවෙයි. ඔවුන් දැනගෙන හිටියා මේ රටවල් ලංකාව ඇතුලේ හිටියොත් දේශපාලන තත්වයට ඇඟිලි ගහනවා, බලපානවා කියලා. අද අපිට ඒක හොඳට පේනවා. ඒ තරම් හීන දීන භාවයට මේ රජය පත්වෙලා තිබෙනවා. මේ නිසා අද අපට වගකීමක් තිබෙනවා අපේ ආර්ථිකය සහ ආරක්ෂාව ගොඩ නැංවීමට සහ තරුණ පරම්පරාව පිළිබඳ අදහස් උදහස් සැලකීමට පුළුවන් සමාජ තලයක් නිර්මාණය කරලා හැමෝටම ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන්න. ඊළඟට අපෙන් පත්වන ජනාධිපති අපේක්ෂකයාට ඒ වගකීම පැවරීම අපේ බලාපොරොත්තුවයි. ඒ සඳහා අපි සියලු දෙනාම එකතුවෙලා ඉන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චනද්‍රසේන මහතා
මේ දවස් වල කෘෂිකර්මාන්තය විශාල වශයෙන් කඩා වැටිලා තියෙනවා. පසුගිය කන්නයේ බඩඉරිගු වගාවට සේනා කියන දළඹුවා මගින් විශාල හානියක් සිද්ධ වුණා. එහෙම තියෙද්දී ඉතුරු උන අස්වැන්න ග්‍රාමීය මට්ටමේ වෙළඳ ව්‍යාපාරිකයෝ මිලදී අරගෙන ගබඩා කළා. ඒක තමා ඉතිහාසයේ ඉඳලා පැවතගෙන එන ක්‍රමය. මිල ඉහල යනකම් සාමාන්‍ය වෙළෙන්දෝ බඩ ඉරිගු ගබඩා කරගන්නවා. පසුගිය කාලය තුළ රජය පිටරටින් විශාල වශයෙන් බඩඉරිගු ගෙන්නලා තියෙනවා. දැන් අර ගබඩා කරපු බඩඉරිඟු විකුණගන්න විදිහක් නැහැ.
ඒවට ගුල්ලෝ ගහන්න පටන් අරගෙන. මේක නම් පුදුමාකාර ආණ්ඩුවක්. කවුද මේවා කරන්නෙ කියලා හිතාගන්න බැහැ. කිසිම පාලනයක් නැහැ. කැබිනට් මණ්ඩලයේ ඉන්න ඔක්කොම සීසීකඩ වෙලා. අගමැති තුමා වත් ඇමතිවරු වත් කරන දේ එකිනෙකා දන්නෙ නැහැ. මෙික කැඳහැළියක් වෙලා ඉවරයි. ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ පොළවල් වලින් මට කතාකරනවා. අද දුර පළාත්වල රුපියල් විස්සට විකුණගන්න බැරි එළවළු කිලෝ එක කොළඹ රුපියල් සීයය.ි සමහර එළවළු විකුණගන්න බැරිව අලින්ට දානවා. කාණු වලට විසි කරලා යනවා. ගොවි ජනතාවට ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒ නිසා ගොවි ජනතාව ගොවිතැනින් ඉවත් වෙනවා. ඒක භයානක තත්ත්වයක.් ගොවිතැනින් ඉවත් වෙලා තරුණ කණ්ඩායම් නගරෙට ඇවිල්ල ගොඩනැගිලි වල අත්වැඩ කරුවෝවෙලා සිමෙන්ති අදින තත්වෙට පත්වෙලා තියෙනවා .කොහොමද මේ කෘෂිකාර්මික රටක් ගොඩ ගන්නේ. අපේ ආණ්ඩුව කාලේ අපි පිට රටටත් හාල් යැව්වා. ඉතියෝපියාවටත් අපි හාල් නැවක් ඇරියා. අන්තිමට අපි ඒ ආණ්ඩුව භාර දෙනකොට වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා ටික පිරිලා. සමුපකාර ගබඩාවලත් වී පිරිලා. හැරිසන් ඇමතිතුමා ගිහිල්ලා වී වැඩියි කියලා මත්තල ගුවන්තොටුපලේ හොඳට හෝ නරකට හෝ වී ගබඩා කලා.
එතුමා වැඬේ කලේ වෙන අරමුණක් ඇතිවය.ි කොහොමහරි වී ගබඩා කරන්න මත්තල තෝරාගත්තා. ඒ වගේ රටක තමයි අද මන්දපෝෂණයෙන් දරුවො මැරෙන්නෙ.් හම්බන්තොට මොනරාගල ප්‍රදේශවල විතරක් නොවේ සමහර ප්‍රදේශවල ජනතාව අද මුරුන්ගා කොල තම්බලා කන තත්ත්වයට, නෙළුම් අල හාරලා කන තත්ත්වයට පත් වෙලා. ඒ වගේ දර්ශන ඒ පැත්තට ආවොත් බලා ගන්න පුළුවන්.හික්කඩුව පැත්තේ කුරුදු වගා කරන අය පෙළපාලියක් ගියා. රුපියල් 2000 තිබිච්ච කුරුඳු කිලෝ එක රුපියල් දාහට බැහැලා. දැන් මංගල සමරවීර ඇමතිතුමාට තියෙන්නෙ කුරුඳු පොලු ටික කපා ගන්න එක තමයි.
දැන් ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව කතා කරනවා. රවි කරුණානායක ඇමතිවරයා කියනවා තාත්තා සහ පවුලේ අය දේශපාලනයේ හිටියට ඒක සුදුසුකමක් නෙවෙයි ජනාධිපති තනතුරට කියලා. සාමාන්‍ය පෙළ වත් නැත්නම් මේ තනතුරට සුදුසු නැහැ කියලා එතුමා කියනවා. ඇත්තටම ඒක පිළිගන්න ඕන කාරණයක්. තවත් සමහරු තමන්ගේ සුදුසුකම් ඉදිරිපත් කරනවා. රාජිත සේනාරත්න ඇමැතිතුමා කියනවා ජනතාව තමන්ටත් ඉල්ලන්න කියනවා කියලා. හැබැයි සල්ලි නැහැ කියලා. සයිටම් ප්‍රශ්න ගැන දන්න අය හැමෝම දන්නවා එතුමාට සල්ලි තියෙනවද නැද්ද කියලා. ආණ්ඩුවේ පිරිස ජනාධිපතිවරණයට සම්මුඛ පරීක්ෂණය තම තමන්ම කරගන්න තත්ත්වයට පත්වෙලා තියෙනවා. තව කන්නාඩි දාන උස කෙනෙක් තමන්ගේ සුදුසුකම් කියනවා. කථානායක කරු ජයසූරිය මැතිතුමා කියනවා පක්ෂය ඇතුළේ කැමැත්ත තියෙන්නෙ තමන්ටයි කියලා.
තවත් පිරිසක් කියනවා රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයා අපේක්ෂකයා විය යුතුයි කියලා. මේ විදිහට ජනාධිපති අපේක්ෂකත්වයට තම තමන්ගේ සුදුසුකම් කියන අතරේ රට බල්ලට ගිහිල්ලා. ඊයේ පෙරේදා කාදිනල්තුමා කිව්වා දැන් උඹලා හිටියා ඇති පලයල්ලා කියලා. අපේ නායක හාමුදුරුවෝ කියන්නේත් උඹලා පලයල්ලා කියලා. රටේ ජනතාවත් ඒකම කියනවා. දුම්මල ගහලවත් එලෝ ගන්න බැරි එක තමයි අද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපේ ජනාධිපති අපේක්ෂකයාට ඉතාම හොඳට සුදුසුකම් තියෙනවා. එතුමා ආරක්ෂක අමාත්‍යාංශය ලේකමි විදිහට අවුරුදු තිහක් තිබිච්ච එල්ටීටීඊ ත්‍රස්තවාදය අවසන් කරන්න පෙරමුණ ගත්තා. නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයා වශයෙන් ඉඳගෙන ඒ කටයුත්ත ඉතාම හොඳින් කරා. ඒ නිසා අපේ අපේක්ෂකයාට ඉතාම හොඳ සුදු තියෙනවා. අපිට ඉන්නෙ එක අපේක්ෂක යයි.
ඒ අතරේ මැතිවරණ කොමිසමේ සභාපති තුමා දැන් කියනවා පළාත් සභා පුළුවන් තරම් ඉක්මනින් තියන්න ඕනෙ කියලා. උතුරු මැද ,නැගෙනහිර සහ සබරගමුව දැන් අවුරුදු දෙකක් පුරා මැතිවරණ නවත්තල තියෙන්නෙ. ජනාධිපතිවරණයට කලින් පළාත් සභා දිනන්න බැරි වුණොත් තමන් ඉල්ලා අස්වෙනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපති වරයා කිව්වා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න තව තියෙන්නේ මාස දෙකයි. එහෙම තත්ත්වයක් තුළ පළාත් සභා මැතිවරනයක් තියන්න කාලයක් නැහැ. ඒ නිසා අපි කියනවා හිත හදාගෙන, අවුල් කරන්නෙ නැතුව ජනාධිපතිවරණය හරියාකාරව කරන්න කියලා. මාස දෙකක් ඇතුලත පළාත් සභා මැතිවරණයක් කියන්න බැහැ.
වෛද්‍යවරු කණ්ඩායමක් ඊයේ මාව හම්බවෙන්න ආවා. රාජිත සේනාරත්න ඇමතිවරයා පිළිබඳව කාරණා දහයක් පිළිබඳ බරපතළ වැරැද්දක් ඔවුන් පෙන්වා දෙනවා.ඊට එරෙහිව අත්සන් ලක්ෂ ගානක් එකතු කරන්න ඔවුන් කටයුතු කරා. අපි පාර්ලිමේන්තුවට ගේන විශ්වාසභංග යට ගහන නිසා මහජනතාවගේ අස්සනින් විශ්වාසභංගයක් ගේන්නයි ඔවුන් මේ කටයුත්ත කළේ. අනුරාධපුර රෝහලේ එක කළා. කළුතර කරන්න ගියාට පස්සේ කුරුදු පොලු ප්‍රහාරය වගේ වෛද්‍යවරුන්ට ප්‍රහාර එල්ල කළා. ඒක අද වෙනකොට රටේ විශාල අවුලක් නිර්මාණය කරලා තියෙනවා රාජිත සේනාරත්න ඇමතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ගත්ත දවසේ ඉඳලා මේ කරපු වැරදි වැඩ සහ වැරදි පාලනය නිසා අමාත්‍යාංශය කඩා වැටිලා. වෛද්‍යවරුත් එක්ක ගහගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය අරගෙන යන්න කවදාවත් බැහැ. ඒක නිසා මේ රටේ ජනතාව තමයි වන්දි ගෙවන්නේ. මේ වෛද්‍යවරුන් ගෙන් පලිගන්න කටයුත්ත නවත්තන්න කියලා අපි ඉල්ලනවා. අසරණ ජනතාවගේ ජීවිතත් එක්කයි මේ සෙල්ලම් කරන්නේ කියලා අපි පැහැදිලිව කියන්න ඕන.
පළාත් සභා මැතිවරණය තියන්න කාලයක් නැත්තං අද හෙට පාර්ලිමේන්තුව ඇතුළේ අත්සන් 150ක් අරගෙන මහ මැතිවරණයකට යන්න පුළුවන්.

අපි බලයට පත්වුණාම මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා.

අද (24) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මන්ත්‍රීවරුන්

■ අපි බලයට පත්වුණාම අනිවාර්යෙන්ම ස්ථාවර ආණ්ඩුවක් ගොඩ නගන්න බැරි මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා
අද සිට ජනාධිපතිවරණයට තියෙන්නේ තවත් දින 148.අගෝස්තු එකොළොස් වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහා සමුළුව පැවැත්වෙනවා. සියලු ප්‍රගතිශීලී බලවේග නියෝජනය කරන අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා එදින රටට දැනුම් දෙනවා. මහා සමුළුවෙන් පසුව එළඹෙන අගෝස්තු එකොළොස් වැනිදා සිට දින සියයකින් ආණ්ඩුව අවසන් කිරීමේ වැඩපිළිවෙළ ඇරඹෙනවා. මේ ආණ්ඩුව ජනවාරි 9 වැනිදා බලයට ආවේ දින 100න් අලූත් රටක් තේමාවෙන්. අපිත් අගෝස්තු මස 12 වැනිදා සිට දින 100න් අලුත් රටක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල අරඹනවා. අගෝස්තු 12 වෙනිදා ට දින 100න් අලූත් රටක් කියලා කියලා මාධ්‍ය ඔස්සේ වැර්තා කරන්න පුළුවන්.
ජනාධිපතිවරණ අපේක්ෂක පෝලිමට අලුතෙන් කෙනෙක් එකතු වුණා.ඒ ඌරුවරිගේ රාජිත සේනාරත්න. අපේ වන්නියලැත්තන්ගේ ඌරුවරිගේ ගැන නෙවෙයි මේ කියන්නේ. ජනාධිපති අපේක්ෂක නාමාවලියට නම් ඇතුළත් කර ගැනීමේ දේශපාලන රෝගයකින් සියලුම දෙනා පෙළෙනවා. දේශපාලකයින්ගේ දේශපාලන ජීවිතයට වසර 25ක් පිරිම වැනි දේ සමරමින් මීට කාලෙකට ඉහත සැමරුම් උත්සවය පැවතුණා. ඒ කාලේ දවස පත්තරයේ කර්තෘ ගුණදාස ලියනගේ මහතා මේ උපහාර උළෙල නවත්තන්න වැඩක් කලා. හොරණ නගරයේ මුට්ට කරගහන ජොනීගේ මුට්ට කර ගැසීමට වසර විසිපහක් පිරීම සමරමින් එතුමා උත්සවයක් සංවිධානය කරා. එතනින් පස්සේ දේශපාලඥයින්ගේ උපහාර උළෙලවල් නැවතුණා.
අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුත්තේ කවුද. ඔහු නිසැකයෙන්ම ලෝක බලවතුන් ඉදිරිපිට දණ නොනමන නායකයෙක් විය යුතුයි. අන්තවාදයට ත්‍රස්තවාදයට කොන්දේසියකින් තොරව කටයුතු කළ හැකි නායකයෙක් විය යුතුය. කාන්තාවට දරුවන්ට ආදරය කරන සංස්කෘතික මිනිසෙක් විය යුතුයි. විසිඑක්වැනි සියවසට ගැලපෙන නූතන දැක්මක් සහිත සිංහල දමිළ මුස්ලිම් බොදු කිතුනු හින්දු සියලු ජනවර්ගවලට මගෙ රට කිරි හැකි රටක් නිර්මාණය කරන නායකයෙක් විය යුතුයි.
එහෙම නැතුව ඇස් ගිලීම, මූනේ මහන්සි පාට, නින්ද නොයාම රාජ්‍ය නායකයෙකුට ගැලපෙන්නේ නැහැ. ඒ වගේ අය ගැන පිටකොටුවේ නාට්ටාමි සංගමයට දැනු දෙන්න.
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට මුවා වෙලා ,ඒ සිද්ධිය නිසා ඇතිවුණු යන කැළඹිල්ල ප්‍රයෝජනයට ගනිමින් මුවාවෙලා බරපතල තීන්දු තීරණ ගත්තා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණුවා. සමෘද්ධි ව්‍යාපාරය මුළුමනින්ම දේශපාලනීකරණය කළා. පැලවත්ත සෙවණගල ආදී කර්මාන්ත දේශපාලකයන්ගේ සාක්කුවට දෙන විදිහට පනත් සම්මත කළා. රාජ්‍ය ඔත්තු සේවා හෙළිදරව් කළා. දැන් රාජ්‍ය බැංකු පුද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළ සකසමින් සිටිනවා. ඒත් සමගම මාධ්‍යයත් මේ ලැයිස්තුවට එකතු වෙලා. මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන දඩයම් කිරීමේ පනතක් ගේන්න සූදානම් වෙනවා. යුධ වාතාවරණය යටතේවත් අපේ රටේ එවැනි පනත් ගෙනවේ නැහැ. මේ පනත යටතේ මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන ලක්ෂ පහකට නොඅඩු දඩයකට යටත් කරන්න හැකියාව ලැබෙන අතරම වසර දහයකට නොඅඩු සිරදඬුවමක් දෙන්නත් පුළුවන් .
මීට පෙර මාධ්‍යයට තර්ජන ආවම රාජ්‍ය නායකයා කවුරුවුනත් මාධ්‍ය සංවිධාන නැගිට්ටා. නමුත් මේ මොහොතේ සාහසික බරපතළ පනතක් කරළියට ඇවිත් තිබුණත් මාධ්‍ය සංවිධාන ඇතුලේ පේන්න තියෙන්නේ සුසානයක නියඬතාවයයි. පාස්කු ප්‍රහාරයෙන් පසු දින සිට මේ මාධ්‍ය දඩයම ගේන්න ආණ්ඩුව උත්සාහ කළා. ඒ ප්‍රතිත්‍රස්ත පනත හරහා. නමුත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඒ පනතට විරුද්ධ වුණා. ඒ පනත ගේන්න බැරි උන නිසා තමයි මේ පනත ගේන්න හදන්නේ. ඔබේ දොරට දඩයම්කරු ඇවිත් තට්ටු කරන විට ප්‍රමාද වැඩියි කියලා හිතෙන්න කලින් මාධ්‍ය මේ සම්බන්ධයෙන් පෙරට ආ යුතුයි .
මේ ආණ්ඩුවේ දුර්වල කම ගැන කාරණා එළියට එනවා. මහින්ද රාජපක්ෂ සමයේ නූතනත්වය ගැන කතා කරමින් ලංකාව පුරා නූතන අධිවේගී මාර්ග පද්ධතියක් සැකසීම ගැන අහන්න ලැබුණා. දැන් අහන්නට වෙන්නේ පැලෝපීය නාල ගැන. අපි අවුරුදු හතර හමාරකට පස්සේ ගෝත්‍රික තත්ත්වයට ඇවිත්. ජනාධිපතිවරයා කියනවා මේ හැමදේටම දහනම වැනි ව්‍යවස්ථා සංශෝධන වගකියන්න ඕන කියලා .ඊට කලින් දින සියය ගැන මුකුත් දන්නේ නැහැ කියලා කිව්වා. අප රටේ ජනතාවට කැබිනට් මණ්ඩලය ගැන විශ්වාසයක් නැහැ. රටේ දේශපාලන අස්ථාවර භාවයක් තියෙන්නෙ. දේශපාලන අස්ථාවරභාවයට හේතුව රටේ පවතින මැතිවරණ ක්‍රමයයි. සමානුපාතික ක්‍රමය හඳුන්වා දුන්නේ 1988 මහ මැතිවරණයේදී. එතැන් සිට මහ මැතිවරණ හතක් පැවැත්වූවා.1988 මහ මැතිවරණය සහ 2010 මහ මැතිවරණයෙන් හැරෙන්න අනිත් මහ මහමැතිවරණ පහෙදිම පත්වුණේ සුළුතරයේ ආණ්ඩු.
1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ගැන විශාල බලාපොරොත්තුවක් තිබියදීත් තිබුනේ තිබියදීත් මන්ත්‍රීධූර 105ක්. ඊළඟ මැතිවරණයේදී බෝම්බ වැදිලා අනුකම්පාව යටතෙත් දිනා ගන්න හැකි වුණේ මන්ත්‍රිධුර 107යි. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එකසිය නමයක් පත්වුණා. ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතිනත අරන් පවත්වපු මැතිවරණයෙන් පත් ඳාවුණේ 105යි. 2015 අගෝස්තු මාසේ එක්සත් ජාතික පෙරමුණ විදිහට පුළුල් පෙරමුණකින් ඇවිල්ල ගන්න ලැබුණේ 106යි. 1988 දී සහ 2010 විතරයි බහුතරයක් ලබා ගත්තේ. 1987 මහ මැතිවරණය පැවැත්වුණේ මහා භීෂණයක් මැද. හමුදා ආරක්ෂාව මැද එක්සත් ජාතික පාක්ෂිකයන් පමණක් ඡන්දෙ ප්‍රකාශ කළා. සමස්ථ ඡන්දදායකයින්ගෙන් සියයට 46 ක් පමණයි ඡන්දය දුන්නේ. එදා බහුතරයක් ලැබීම අහඹු සිදුවීමක්. 2010 වර්ෂයේ දී බහුතරයක් සහිත ආණ්ඩුවක් පත් වුණේ යුද ජයග්‍රහණය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයට තිබුණු ජනතා කැමැත්ත නිසයි. මේ විදියට සුළුතර ආණ්ඩු පත්වීම නිසා පාර්ලිමේන්තුව ඇතුළත් පාර්ලිමේන්තුව පිටතත් නාස්තිකවාදීන් පිනවන්න සිද්ධ වෙනවා.
පළාත් සභා පනත වෙනස් කරන වෙලාවේ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය අවශ්‍ය වුණා. එදා රවුෆ් හකීම් රිෂාඞ් බදුරුදීන් ඡන්දෙ දෙන්න කැමති උනේ නැහැ. මේ අය එක්ක සාකච්ඡා කරන්න ඕන නිසා කිසිදු දැනුම් දීමකින් තොරව පාර්ලිමේන්තුව රෑ නවය වෙනකල් පැවැත්තුවා. අවසානයේ 50 ට 50 දෙන්න එකඟ වෙලා මේ අයගේ ඡන්දය ගත්තා .
දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් රටට උචිත මැතිවරණයක් සකස් කළා. අපිට ස්ථාවර ආණ්ඩුවක් පත්කළ හැකි ආකාරයෙන් මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි.
අපි බලයට පත්වුණාම අනිවාර්යෙන්ම ස්ථාවර ආණ්ඩුවක් ගොඩ නගන්න බැරි මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා.ඒ ගැන මේ වන විට සාකච්ඡා කරමින් පවතිනවා. ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් ද වෙනත් පක්ෂයක ආණ්ඩුවක් ද අදාළ නැහැ. අවශ්‍ය වන්නේ ස්ථාවර ආණ්ඩුවක් සකස් කිරීමේ මැතිවරණ ක්‍රමයක්. රටට සුදුසු මැතිවරණ ක්‍රමයක් සැකසීම ඊලග ජනාධිපතිවරයා ගේ පළමු වගකීම් කිහිපය අතර තිබෙනවා.

■ තිරසාර සංවර්ධනයක් කතා කරන මේ ආණ්ඩුවට මේ වසර හතරහමාර පුරාම තිරසාර තීන්දු ගන්න බැරි වුනා.

පාර්ලිමේන්තු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
මෛත්‍රීපාල ජනාධිපතිවරයා තිරසාර සංවර්ධනයක් පිළිබඳව මේ අවුරුදු හතරහමාර පුරාම කතාබහට ලක් කළා. එතුමා එහෙම කතා කළාට මේ ආණ්ඩුවට මේ අවුරුදු හතර හමාර පුරාම තිරසාර තීන්දු ගන්න බැරිවෙලා තියෙනවා. එක වෙලාවකට කියනවා වැලි ගොඩදාන එක නවත්තන්න ඕන කියලා, තව වෙලාවකට කියනවා ගස් කපන එක නවත්තන්න ඕනේ කියලා. තවත් වෙලාවකට කියනවා වඩු මඩුහදන එක නවත්තන්න ඕන කියලා. දැන් එතුමා කියනවා මේ අගමැතිතුමාගේ ජනාධිපතිතුමාගේ අතර තියෙන ප්‍රශ්නය ඇතිවුණේ ඇතිවුනේ දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හින්ද කියල. දැන් මේ රටම අවුල් වෙලා තියෙන්නේ දහනවවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා කියලා එතුමා කිව්වා. මේ දහනවවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෙෘ්ධනය කර ගහගෙන ඇවිත් එතුමා ජනාධිපති වෙච්චි වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය බලහත්කාරයෙන් අල්ලාගෙන, පක්ෂ සභාපති වෙලා, පක්ෂය තුළ තියෙන බලය පාවිච්චි කර විශාල පෙරලිය කට ලක් කලා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කර ගහගෙන ඇවිල්ලා ඒකට ඡන්දෙ දෙන්න කියලා මේ මන්ත්‍රීවරුන්ට බරපතළ විදියේ බලපෑමක් කලේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයායි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවුන බව දැනගත්තේ පත්තරෙන් හරි ෆෙස්බුක් එකෙන් හරි කියලා එතුමා කිව්වේ නැති එක පිළිබඳව මට පුදුමයි. දැන් එතුමා කියනවා අගමැතිතුමාගේත්, ජනාධිපතිතුමාගේත් අවුලට හේතුව සහ රටේ තියෙන සියලුම ප්‍රශ්නවලට හේතුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියලා. එතකොට මේ තිරසාර රාජ්‍යයක් ගැන කියලා මෛත්‍රිපාල ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අත්හදා බැලීමක්ද අවුරුදු හතර හමාරක් පුරා සිදු කළේ . ඔවුන් දැන් පාස්කු ප්‍රහාරයෙ වරද ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් පිට පටවනවා. ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්තයා පත් කලේ අපි නෙවෙයි. ජනාධිපතිවරයා යම්කිසි තනතුරක් දරන්න බැරි අය රටේ ආරක්ෂක ලේකම් ධුරයට පත් කරානම් ඒ පත් කරපු ජනාධිපතිවරයා, පත්කරපු අගමැතිවරයා මේකෙ වගකීම භාරගන්න ඕනේ. එහෙම නැතුව පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට පවරලා, පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට පවරලා අත හෝදගන්න බැහැ. ඇයි පූජිත ජයසුන්දර පත්කලේ අපි නෙවෙයි. පත්කිරීම් කරන වෙලාවේ ව්‍යවස්ථාදායක සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ එකදු මන්ත්‍රීවරයෙක් වත් හිටියේ නැහැ.
පූජිත් ජයසුන්දර මහත්තයා එතුමාගේ ධූරය දරන කාලේ තමන්ගෙ තනතුරට ගැලපෙන්නෑ කියන එක කීපසැරයක් මාධ්‍ය මගින් ඔප්පු කළා. මාධ්‍යවල ඒවා පෙන්නුවා. ඒ වෙලාවේ එතුමා අයින් කරන්න වැඩ කලාද. එතුමාගේ නම නිර්දේශ කරල ආපුවාම අගමැතිතුමා ජනාධිපතිතුමා නියෝජනය කරන ව්‍යවස්ථාදායක සභාව එතුමාව පත්කළා. දැන් රටට කියනවා ඒකෙ වගකීම අපට බාර ගන්න බැහැ කියලා. එතකොට ඒකෙ වගකීම භාර ගන්න ඕනේ අපි ද? රටේ මිනිස්සුද?. ඒ අය වගකීම් විරහිත නම් ඒ අය පත් කරපු අයයි වගකීම භාර ගන්න ඕනේ. අද මුළු රටම පිළිගන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් ධූරයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් කිරීමට ගත්ත තීන්දුව ඉතාම නිවැරදි තීන්දුවක් බව. ඒකෙ සීයට එකකවත් අවදානමක් තිබුණේ නැහැ. හැබැයි මේ හැම එකටම අත්හදා බැලීම් කරන ජනාධිපති සහ අගමැති දැන් කියනවා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා තමයි නැති ප්‍රශ්නය ඇති උනේ කියලා.
අවුරුදු හතර හමාරකට පස්සේ ද ජනාධිපතිතුමාට මතක් උනේ වුණේ එතුමා කරගහගෙන ආපු දහනමවැනි සංශෝධනය රටට ගැලපෙන්නේ නැහැ කියන දේ. මේ රටේ මිලියන විසිදෙකක් ජනතාවගේ ආරක්ෂාව එක්ක එතුමන්ලා සෙල්ලම් කරනවා. මේ රටේ අහිංසක ජනතාවගේ ආර්ථිකයත් එක්ක එතුමන්ලා සෙල්ලම් කරනවා. ඒ නිසා රට ගැන අත්හදා බැලීම් කරන්න, රටේ ආරක්ෂාව ගැන අත්හදා බැලීම් කරන්න, රටේ ආර්ථිකය ගැන අත්හදා බැලීම් කරන්න, ජනාධිපතිවරු අගමැතිවරු පත් උනහම ඒ අය රටත් කාලා අපිවත් කාලා පක්ෂත් කාලා රටේ අනාගතයක් කාල ඔවුනුත් විනාශ වෙනවා. ඒ නිසා මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. මෙවැනි තීන්දු ගන්න බැරි අත්හදා බැලීම් කරන රාජ්‍ය පාලකයින් පත්නොකර මව්බිමේ ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට නායකත්වයක් දෙන්න පුළුවන්, වගකීමක් ගන්න පුළුවන් පුද්ගලයෙක් මේ රටේ නායකත්වයට ගේන්න අපත් එක්ක එකතු වෙන්න කියලා. රූකඩ පාලකයන් දේශපාලනයෙන් අතුගා දාන්න අපිත් එක්ක එකතු වෙන්නයි කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය – ඊයේ ලංකාවේ ජනාධිපති තුමාගේ කතාව ගැන මං විශේෂයෙන් ඔබගෙන් අහන්න කැමති. එදා ජනතා නියෝජිතයින් අනූ පස්දෙනෙක් පෞද්ගලිකව නියාමනය කරමින් ජනාධිපතිවරයා දහනමවැනි සංශෝධනය සිදු කලා. ඔබතුමන්ලා කරුමෙට 19 ට අත එසවූවා. දැන් කියනවා දහනවවැනි සංශෝධනය අහෝසි කරන්න ඕනේ කියලා. දැන් ඔබතුමා මොකද කියන්නේ?
පිළිතුර – එතුමා කියන්නේ දහනමවැනි සංශෝධනය නිසා තමයි මේ සියලු ව්‍යාකූල තත්වයක් නිර්මාණය වුණේ කියලා. දහනවවැනි සංශෝධනයෙන් රට ව්‍යාකූල වුනු බව ඇත්ත. හැබැයි ඒක නෙමෙයි ප්‍රධාන කරුණ. දහනමවැනි සංශෝධනය ඉවත් කරන්න ඕන. ඒක ගැටළුවක් නැහැ. හැබැයි මේ මොහොතේ මේ රටේ තියෙන ප්‍රධානම

ප්‍රශ්නය තමයි අන්තවාදය හා ත්‍රස්තවාදය. මේ රටේ තියෙන තවත් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ආණ්ඩුවේ විසංවාදය. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකට ඉඳියි කියලා. ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන් එකට එකතු වුන එක කාරණයක් ඔබට කියන්න පුළුවන්ද? ඔවුන් එකට එකතු වෙලා රටට කියපු එකම කාරණයක් හෝ තිබෙනවා ද? අපි අතින් වැරැද්දක් වුණා. නිහතමානීව අපි ඒවා පිළිගන්නවා. ඒ නිසා සංශෝධන නිවැරදි කරල අළුත්ම ආකාරයට හිතන නූතනත්වයට ඔබින තැනකට අපේ රට යන්න ඕන. මේ රටේ හොඳම ව්‍යවස්ථාව 1972 ජනරජ ව්‍යවස්ථාව. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගෙනාපු ජනරජ ව්‍යවස්ථාව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පියා, පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ගේ පියා අත ඔසවමින් සම්මත කරපු ජනරජ ව්‍යවස්ථාව. ඛේදවාචකය තමයි රටේ හොඳම ව්‍යවස්ථාව තිබුණේ අවුරුදු පහයි. 72 ව්‍යවස්ථාව 78 වෙනස් වුණා .හැබැයි හතලිස් අටේ ව්‍යවස්ථාව 72 වෙනකන් ගියා. මේ දෙකම අවුරුදු හතළිහකට වැඩිය ගිහිල්ලා තියෙනවා. හැබැයි රටට දීපු හොඳම ව්‍යවස්තාව තිබුණේ අවුරුදු පහයි. ඇයි ඒකට හොඳම ව්‍යවස්ථාව කියන්නේ. දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා කොල්වින් ආර්. ද සිල්වා බුද්ධිමතුන් එකතු වෙලා ප්‍රායෝගිකව ජාතිකත්වය මත පදනම් වෙලා දේශීය අනන්‍යතාවය මත සෑදුනු අපේම ව්‍යවස්ථාවක්. මේක නිවැරදි කරන්නට ඕනේ හැබැයි ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් කියන කාරණය නෙමේ. මේ අවුලට හේතුව. ආන්ඩුවේ විසංවාදය. දහනවවැනි සංශෝධනය ට අත් උස්සන්න අපිට වෙනම පොරොන්දුවක් හම්බුනා. ඒ විසිවෙනි සංශෝධනය ඉදිරිපත් කරනවා කියන පොරොන්දුව. විසිවෙනි සංශෝධනය ඉදිරිපත් කිරීමේ කොන්දේසිය උඩ තමයි අපි 19 වැනි සංශෝධනයට කැමැත්ත දුන්නේ. විසිවෙනි සංශෝධනයෙන් තමයි මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්නේ. (ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විසිවෙනි සංශෝධනය නොවෙයි) මේක තමයි ඛේදවාචකය. එහෙම තමයි අපිව රැවැට්ටුවේ. 20 ගැන මහා හීනෙකින් අපි 19 සංශෝධනයට අත එසවූවා.

මන්දපෝෂණයෙන් දරුවා මියයන විටත් සෞඛ්‍ය ඇමති ජනාධිපති අපේක්ෂක සිහිනයේ..

පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා
විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදු කෙරෙන වංචා දූෂණ හා වාහන අවභාවිතය ඇතුළු කරුණු පිළිබඳව මම කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය වසර හතරක කාලය තුළ සෞඛ්‍ය ඇමැතිවරයා හැටියට පත්වුනු රාජිත සේනාරත්න ඇමතිවරයා විසින් කරන්නට යෙදුණු කරුණු ගණනාවක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර විගණන මගින් සහ විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තා නිකුත් කරලා තිබෙනවා. ඒ අතරින් ඇතිවෙලා තිබෙන තත්ත්වයන් සලකා බැලීමේදී ඉතාම භයානක මූල්‍ය, වාහන අවභාවිතාවක් වගේම බාල ඖෂධ ගෙන්වීම ඇතුළු කරුණු කාරණා රාශියක් පිළිබඳව හෙළිවී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රමවත්ව මේ සම්බන්ධව මේ රටේ වගකිව යුතු ආයතන වලට පොලිස් මූලස්ථානය , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හා දූෂණ කොමිසමට ලිඛිත සාක්ෂි සාධක සහිතව පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු නොවූ බව පැහැදිලිව කියන්න අවශ්‍යයි. මේ දිනවල ප්‍රධාන වශයෙන්ම කතාබහට ලක්වන ප්‍රධාන කාරණයක් වන සයිටම් විශ්ව විද්‍යාලයට අනුබද්ධ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරා ගැනීම වෙනුවෙන් 2017 වසරේදි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට යෙදුනා. කැබිනට් පත්‍රිකාව මගින් සයිටම් රෝහල ශික්ෂණ රෝහලක් හැටියට රජයේ රෝහලක් බවට පරිවර්තනය කරන බව ප්‍රකාශකළත් එය මෙතෙක් සිද්ධි වෙලා නැහැ. නමුත් රෝහලේ මානව සම්පත් වෙනුවෙන් ගෙවිය යුතු මුදල්, හෙදියන්, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වෙනුවෙන් ගෙවිය යුතු මුදල් රුපියල් බිලියන 5 කට ආසන්න ප්‍රමාණයක් රජය මගින් දැනටමත් මේ රෝහල වෙනුවෙන් වැය කරලා. බිලියන පහක් ඒ කියන්නේ රුපියල් කෝටි පන්සීයකට වැඩි මේ දැවැන්ත ධනස්කන්ධය රජයේ බදු මුදල් වලින් පෞද්ගලික ආයතනයක් වෙනුවෙන් තමයි වැය කරල තිබෙන්නේ. මේ ආයතනය කැබිනට් පත්‍රිකාවක් මගින් රජයට පවරා ගන්නා බවට ප්‍රකාශ කළාට විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හෙළිකර ගෙන තිබෙනවා එසේ එවැන්නක් සිදුව නැති බව. අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සඳහන් කරන විදිහට මෙම රෝහල සම්බන්ධයෙන් දැනට රජය සතු ව කිසිම අයිතියක් අයිතියක් නැහැ. රජය අඛණ්ඩව මේ රෝහල වෙනුවෙන් අති විශාල ධනස්කන්ධයක් මාසිකව සහ වාර්ෂිකව වැය කරන බවත් බොහොම පැහැදිලියි. ඔබ සියලු දෙනා දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කරන කාලයේ දී සිද්ධියක් මේ දිනවල විභාගයට ගෙන තිබෙනවා. රුපියල් මිලියන 70 ක් වටිනා ඉදිකිරීමක් වෙනුවෙන් එතුමා සල්ලි ගෙවලා තිබියදීත්, දින වකවානු පිළිබඳව කාරණයක් පාදක කරගෙන තමයි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ මේ නඩුව විභාග කෙරෙන්නේ. එතුමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමේ අරමුණින් දේශපාලන පළිගැනමක් හැටියට එතුමාට විරුද්ධව මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව පවරන්නේ. ඒ මුදල් සියල්ල ම ගෙවලා තියෙද්දිත් මේ විදියට නඩු පවරලා මූලික අයිතිවාසිකම් අපහරණය වෙන විදියට කටයුතු කරන ආණ්ඩුව රුපියල් බිලියන 5 ක් වංචා කරපු රාජිත සේනාරත්න ඇමතිවරයාට විරුද්ධව අපහරණ වලට ඉඩදෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ කටයුතු වලට ව්‍යංගයෙන් හෝ අනුබල දී තිබෙනවා. මේ ඇමැතිවරුන් පිළිබඳව තීරණය කිරීම ජනතාවටම බාර කරනවා.
ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර විගණනයක් හරහා මෑතකදී හෙලිවී තිබෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශාල වාහන අවභාවිතයක් සිදු වී තිබෙන බව .මේ විගණන වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලැබූවක් .එහි බොහොම පැහැදිලිව චක්‍රලේඛ විධිවිධාන වලට පටහැනිව අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා දැනට සංඛ්‍යාව ඉක්මවා භාවිතා කර ඇති මෝටර් රථ සංඛ්‍යාව වාහන 24 ක් බව සඳහන්. මේවා තමුන්ගේ පවුලේ හිතවතුන්ට, තමුන්ගේ බිරිඳට, තමුන්ගේ පුතුන්ටත්, තමුන්ගේ හිතවතුන්ට, තමුන්ගේ පෞද්ගලික ලේකම්වරුන් ඇතුළු විශාල පිරිසකට ලබා දී තිබෙන බව පැහැදිලියි. මේ වාර්තා වල සඳහන් වෙනවා 2017 දෙසැම්බර් 31වැනි දින අමාත්‍යාංශය සතු මෝටර් රථ 679 සහ යතුරුපැදි 1115ක් ඒ කියන්නේ මුළු වාහන 1794 ක භෞතික පැවැත්මක් තහවුරු කරගැනීමට අමාත්‍යාංශයට නොහැකි වී තිබෙන බව. අමාත්‍යාංශය සතුව තිබෙන අති විශාල වාහන ප්‍රමාණයක භෞතික ස්ථානය වත් මේවා තියෙන්නේ කොහෙද කවුරුත් විසින් පරිහරණය කරනවාද යන්න වත් තහවුරු කරගැනීමට කර ගැනීමට හැකි වි නැහැ. මෙහි සදහන් වෙනවා වටිනා ජීප් රථ තුනක් දැනට පරිහරණය කරනවාද යන්න වත් සොයා ගැනීමට නොහැකි වී ඇති බව. වාහනඅංක කේ බී 9985, කේ පී 0050, කේ පී 9404 යන අමාත්‍ය කාර්යාලය ට අනුයුක්ත කරලා තියෙන වටිනා සුඛෝපභෝගී ජීප් රථ 4 ක් දැනට සොයා ගැනීමට නොහැකි බවත් මෙම අභ්‍යන්තර විගණන වාර්තාවේ සඳහන් වී තිබෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන අවභාවිතය පිළිබඳ වංචාව ඉතාම පැහැදිලියි. මේ පිළිබඳව දැන් විශාල ගැටලුවක් මතුවී තිබෙනවා. අස්ථාන ගත වී තිබෙන වටිනා වාහන තමන්ගේ පවුලේ උදවිය සහ දේශපාලන හිතමිතුරන්ට ගජ මිතුරන්ට ඇමතිවරයා ලබාදී ති දී තිබෙන බව බොහොම පැහැදිලිව ප්‍රකට වෙති. මේ ආණ්ඩුව බලයට පත්වූ දවසේ සිටම සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා බාල ඖෂධ ගෙන්වීම පිළිබඳව චෝදනා එල්ල වුණා. විශේෂයෙන්ම පිළිකා රෝග නීතිය පිළිබඳව සියලුම විශේෂඥ වෛද්‍යවරුන් විරුද්ධ වෙද්දී තමුන්ගේ පෞද්ගලික හිතවතෙකුට අයත් සමාගමක් හරහා මේ රටට රුසියාවේ නිෂ්පාදිත ප්‍රමිතියෙන් අඩු ඖෂධ ගෙන්වීම පිළිබඳව අමාත්‍යවරයාට පැහැදිලි චෝදනාවක් එල්ල වී තිබෙනවා. දැන් පිළිකාවට අදාල ඖෂධ විතරක් නෙමෙයි. දියවැඩියාව ළමා රෝග පිළිබඳවත් සිදු බාල ඖෂධ ගෙන්වීම කෙරෙනවා. ලංකාවට ඖෂධ ගෙන්වීමේදී පසුගිය වසර හතරක කාලය තුළ සෞඛ්‍ය හා පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ, වෛද්‍ය සැපයීම් අංශයට කරනු ලබන සැපයුම් පිළිබඳ විඝණකාධිපති වාර්තාවෙන් ප්‍රබල ගැටළු රාශියක් මතු කර තිබෙනවා. මේ අතරින් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ඖෂධ මිලදී ගැනීම, කල් ඉකුත් වූ ඖෂධ රෝහල්වලට ලබා දීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුමත නොකිරීම, කාල සටහනකට අනුව කටයුතු නොකිරීම, වෛද්‍ය සැපයීම් දේශීය වෙඳසැල් වලින් මිලදී ගැනීමේදී සිදුවන අතිරේක පිරිවැය දැරීම, ඇතුළු අර්බුද ගණනාවක් පිළිබඳව විගනකාදිපති දෙපාර්තමේන්තුව පැහැදිලිව චෝදනා එල්ලකර තිබෙනවා.
එක පැත්තකින් මේ රටේ ජනතාවගේ බදු මුදල් රුපියල් බිලියන ගණනින් අපතේ යවන ගමන් ප්‍රතිකාර කිරීමේදී රෝගයට ප්‍රතිකාරයක් නොලැබෙන ඖෂධ ඔවුන්ට ලබා දෙනවා. මේ නිසා පිළිකා රෝග, දියවැඩියාව ඇතුළු රෝග වලින් පෙලෙන රෝගීන්ට ප්‍රතිකාරයේදී බෙහෙත දුන්නට සුවපත් නොවනතත්වයක් මතු වෙලා තිබෙනවා. ඉතාම ප්‍රබල ගැටළුවක්. වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුව, ඖෂධ නීතිගත සංස්ථාව අමාත්‍යවරයාගේ නියෝග අනුව මේ රටේ පිළිගත් සම්ප්‍රදායට පටහැනිව ඖෂධ මිලදී ගැනීම් සිදු කර තිබෙන බවත් තත්ත්වයෙන් බාල කල් ඉකුත් වූ ඖෂධ ජනතාවට ලබාදී තිබෙන බවත් මෙම වාර්තාවෙන් හෙළි කර තිබෙනවා.මේ සම්බන්ධ කරුණු කාරණා ඉදිරි ආණ්ඩුවක් යටතේ දී විමර්ශනයට ලක් කරනවා. මේ වංචාව සම්බන්ධයෙන් වගකිව යුතු සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු වගකිවයුතු සියලු දෙනා සම්බන්ධයෙන් අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි මේ කාරණා වලට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය අනෙකුත් කටයුතු සියල්ලම අධීක්ෂණයට ලක් කළ යුතුයි. ඖෂධ පමණක් නොවෙයි. අනෙකුත් උපකරණ සැපයුම්, රෝහල්වල පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ඇතුළු කරුණු කාරණා වලදී විශාල ලෙස වංචා සිදුවන බවත් පැහැදිලි. ටෙන්ඩර් අවභාවිතය වසරකට කෝටි 10 ඉක්මවන බවත් බොහොම පැහැදිලිව ලිපි ලේඛන වල සඳහන් වෙලා තිබෙනවා. මේ සයිටම් රෝහලට රජයේ මුදල් යෙදවීම රජයෙන් වාහන අවභාවිතය තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම, ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීම වැනි ඉතාම අත්තනෝමතික පාලනයකට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කොට තිබෙනවා. මේ පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂය හඬ අවදි කරනවා. එපමණක් නොවෙයි ඉදිරියේදී නීති මාර්ගයෙන් ගත යුතු සියලූ ක්‍රියාමාර්ග ගන්නා බව මෙහිදී අවධාරණය කරනවා. දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශයේ රෝගී අයිතිවාසිකම් වෙනුවෙන් ලබාදෙන නිර්දේශ නොසලකා කටයුතු කරන බව ට නඩු තීන්දුවක් පවා නිකුත් වෙලා තිබෙනවා. මේ නඩු තීන්දුව හරහා ඖෂධ නියාමන අධිකාරියට පත්වෙලා තිබෙන නිලධාරීන් ඇතුළු පුද්ගලයින්, විවිධ ඖෂධ සමාගම් සමඟ සම්බන්ධකම් පවත්වනවා. ඒ නිසා නියමානුකූල බලයක් වර්තමාන ඖෂධ නියාමන අධිකාරිය ට නොමැති බව හෙළි වෙනවා. අධිකරණ තීන්දුවලට පටහැනිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කරනු ලබනවා. මේ විගණන වාර්තා සහ අභ්‍යන්තර විගණන වාර්තා අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා සියලුම සම්ප්‍රදාය නීති රීති උල්ලංඝනය කරමින් තමුන්ගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කිරීම අපි ඉතාමත්ම පිළිකුලෙන් හෙළා දකිනවා කියන කාරණය අපි සඳහන් කරන්න කැමතියි .

පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා
අද ජුනි මාසේ විසි එක් වෙනිදා. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වෙලා මාස දෙකක් ගත වෙලා තියෙනවා. අප්‍රේල් 21 සිදුවෙච්ච ප්‍රහාරයෙන් පසුව අඩුම තරමේ ආණ්ඩුවේ නිල ප්‍රකාශයක් තුළින් සිදු වෙච්ච හානිය පිළිබඳව හෝ ඒ හානිය සිදු කළ පුද්ගලයින් පිළිබඳව නිවැරදි තොරතුරු රටට ලබාදෙන්න ආණ්ඩුව අසමත් වුනා. ඊයේ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් විදේශගත වීමට පෙර ප්‍රකාශයක් සිදු කළා. මෙතෙක් පවත්වපු පරීක්ෂණ කටයුතු පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සම්බන්ධව සෑහීමකට පත්වන්නට පුළුවන් කමක් නැහැ කියලා උන්වහන්සේ එහිදී අදහස් දැක්වූවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යෝජනා කරනු ලැබූවේ වගකිම් දැරිය යුතු පුද්ගලයන් ඒ වගකීම පැහැරහැරිය පුද්ගලයන් පිළිබඳව පරීක්ෂණ පවත්වන්නයි. නමුත් අද අපි දකින්නේ මෙම තේරීම් කාරක සභාව හරහා පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුතු සහ වගකීම්පැහැර හැරි පුද්ගලයන් පිළිබඳ පරීක්ෂණ කරනවා වෙනුවට, විවිධ රාජ්‍ය නිලධාරීන් විවිධ පුද්ගලයන් දඩයම් කිරීම සඳහා මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කටයුතු කරන ආකාරයයි. පසුගිය සතියේ අපි දැක්කා රාජ්‍ය පරිපාලන අමාත්ාංශයේ ලේකම්වරයා රත්නසිරි මැතිතුමා කැඳවලා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඇතිවෙච්චි තත්ත්වයන් පිළිබඳව සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ චක්‍රලේඛ පිළිබඳව ප්‍රශ්න කිරීම් සිදු කළා. පසුගිය කාලය පුරාවට ම විවිධ අවස්ථාවලදී තේරීම් කාරක සභාවේ සාමාජිකයන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම කියවා ගන්න උත්සාහ කරනවා. ඒ නම මතුවෙන විදිහට විවිධ ප්‍රශ්න අහනවා. මේ වන විටත් රාජ්‍ය ආරක්ෂාව බාරව හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා නැත්තම් අගමැතිවරයා හෝ මේ කැබිනට් එකේ ඉන්න වගකිව යුතු ඇමතිවරයෙක් වගකිවයුතු පුද්ගලයෙක් තේරීම් කාරක සභාවට කැදවල ප්‍රශ්න කිරීම් කරනවා අපි තවමත් දැක්කේ නැහැ. තේරීම් කාරක සභාව පත්කරන අවස්තාවේ අපි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා තේරීම් කාරක සභාවක් පත් කරනවා නම් ඒ පත් කිරීම් කළ යුත්තේ අදාළ සියලු පුද්ගලයින් කැඳවීමට බලය තිබෙන තේරීම් කාරක සභාවක් විදිහට කියලා.කතානායකතුමා තුමත් එදා ප්‍රකාශ කළේ ඒ විදියට සිදුවිය යුතුයි කියලා නමුත් අද අපට පේන්නේ මේ තේරීම් කාරක සභාවක් අර බැඳුම්කර කොමිසම සභාවේ හදපු ජනාධිපති කොමිෂන් සභාවට දෙවැනි වෙන්නේ නැහැ කියන දේ.ඊයෙ දවසෙ මාධ්‍ය වාර්තා කළා කළ නීතිපතිවරයා උපදෙස් දීලා තියෙනවා කියලා ජනාධිපතිවරයා විසින් පත් කරපු විජිත මලල්ගොඩ කමිටුවේ නිර්දේශවලට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරු තුන් දෙනෙක් ඇතුළුව පොලිස් නිලධාරීන් නව දෙනකුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට .විශේෂයෙන්ම වගකීම් පැහැර හැරීම අනතුරු වළක්වා ගැනීමට නොහැකිවීම අනතුරු අඩාල කර ගැනීමට නොහැකි නොහැකි වීම යන කාරණා යටතේ ඔවුන්ට විරුද්ධව විරුද්ධව චෝදනා ගොනු කරනවා.එක පැත්තකින් ආරක්ෂාව බාරව හිටපු ආරක්ෂක ලේකම්වරයා එවකට හිටපු පොලිස්පතිවරයා එවකට හිටපු ඇමතිවරු කැබිනට් මණ්ඩලය මේ සියලු සියලූදෙනාම අතහැරලා විවිධ නිලධාරීන් දඩයම් කරගෙන යන කොමිෂන් සභාවක් විදිහට ජනාධිපති කොමිෂන් සභාව පත් වෙලා තියෙනවා. විශේෂ ජනාධිපති කොමිෂන් සභාව අවුරුද්දක් බැඳුම්කර සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදු කළා. ඊට අනුව පසුගිය සතියේ නිලධාරීන් කිහිප කෙනෙකුට පමණක් නඩු පවරන්න නීතිපතිවරයා උපදෙස් දුන්නා. මහ බැංකුවේ අධිපතිවරයා ඇතුලු නිලධාරීන් කිහිප දෙනෙකුටත් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කිහිප දෙනෙකුටත් පමණයි නඩු පවරන්නේ. නමුත් මාධ්‍ය මගිනුත් , කෝප් කමිටු වාර්තාවෙනුත් අපි දැක්කා, මේ සඳහා අගමැතිවරයා රවී කරුණානායක ඇමැතිවරයා ඇතුලු පිරිස් මෙයට සම්බන්ධ වෙලා තිබෙනවා. 2015 ආණ්ඩුව බලයට පත් වෙච්චි වෙලාවේ අපි දැක්කා එවකට ආණ්ඩුවේ හිටපු ඇමතිවරු දඩයම් කළා. බැසිල් රාජපක්ෂ ඇමැතිතුමා, මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඒ වගේ අය සිරගත කළා. එවකට ආණ්ඩුවේ හිටපු කැබිනට් ඇමතිවරු වංචාවන්ට වගකිය යුතු යි කියලා සිරගත කරපු ආණ්ඩුව, මේ ආණ්ඩුව යටතේ සිදුව ඇති වංචා දූෂණයන් සහ සියලුම ප්‍රහාරයන් පිලිබඳ කටයුතුවලදී ඇමති මණ්ඩලය පැත්තක තියලා නිලධාරීන් පමණක් දඩයම් කරන තැනට පත්වෙලා තිබෙනවා. මේ තේරීම් කාරක සභාව මුල් අවස්ථාවේදී පත්කළේ රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමාට එරෙහිව තිබෙන චෝදනා සෝදලා ඔහු නිර්දෝෂි බවට පත් කිරීමටයි. දැන් අපිට සැකයක් ඇතිවෙලා තිබෙනවා මේ කමිටුව පාවිච්චි කරලා ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු, අගමැතිවරයා ඇතුළු කණ්ඩායම සෝදන්න ද හදන්නේ කියලා. ඊයේ ජාත්‍යන්තර මාධ්‍ය විශේෂ හෙළිදරව්වක් කරලා තිබුණා. අයිඑස් අයි එස් සංවිධානයේ මැදපෙරදිග පරාජයන් වලින් පසුව ඉන්දියාව සහ ලංකාව ඔවුන්ගේ ආක්‍රමණ භූමි හැටියට පාවිච්චි කරන්න උත්සාහ කරනවා කියලා. ඒ පිලිඹඳව රෝ ඔත්තු සේවය ප්‍රකාශයක් කළා.
ජාත්‍යන්තර මාධ්‍යට හෙළි කළ මේ සිද්ධිය අනතුරු ඇගවීමක් බවට පෙනී යනවා. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙවැනි ම තොරතුරු හෙළි කිරීමක් ඉන්දියානු රෝ ඔත්තු සේවය සිදු කළා. එහිදී කරුණු අනාවරණය කිරීම පමණක් නොවෙයි, දුරකථන ඇමතුම් වලින් පවා ආණ්ඩුවට දැනුම් දී තිබෙනවා. ප්‍රහාරය එල්ල කෙරෙන දිනයේදී පවා ඒ පිළිබඳව ඔවුන් අනතුරු ඇඟවීම් සිදුකර තිබෙනවා.එයින් පෙනී යන්නේ සංවිධානය තවමත් සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා කියන එකයි. ඉන්දියාවටත් ලංකාවටත් එහි තර්ජනයක් තියෙනවාි.පසුගිය සති කිහිපයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් මාධ්‍ය ඉස්සරහට ඇවිත් කිව්වේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට අරන් තියනවා, ඒයට සම්බන්ධ වෙච්ච සියලු දෙනා මර්දනය කරලා තියෙනවා, මේ අයිඑස් අයිඑස් කියන තර්ජනය 99% ක් මෙරටින් තුරන් කරලා තියෙනවා කියන එකය.ි නායකයෝ දෙන්නා එවැනි දෙයක් ප්‍රකාශ කළාට පස්සේ ඉන්දියානු රෝ ඔත්තු සේවය මෙවැනි ප්‍රකාශයක් කරද්දී නැවත වතාවක් මේ රටේ ජනතාවට ත්‍රස්තවාදී බියක් ඇති වෙනවා. මෙහි දී රටේ නායකයෝ කියන දේ අහන්න ද නැත්නම් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව තොරතුරු අනාවරණය කරපු රෝ ඔත්තු සේවයේ මාධ්‍ය වාර්තාව පිළිගන්න ද කියන දේ පිළිබඳව ජනතාවට දෙගිඩියාවක් ඇති වෙනවා.අපි ඉල්ලීමක් කරනවා මේ ආණ්ඩුවෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන දේ පිළිගන්න කියලා. එවැනි තර්ජනයක් නැවත වතාවක් තියෙනවා නම් ඒ පිළිබඳව කරුණාකරලා ඔබේ අවධානය යොමු කරන්න. එදා බුද්ධි අංශ සේවාවන් අඩපණ කරල සිදුකරපු ක්‍රියාදාමය නිසා මේ රටට බරපතළ සිදු උනා. මේ නිලධාරීන් දඩයම් කරගෙන යන ගමනේදී ඉදිරියේ දී තවත් මේ වගේ අනතුරක් සිදු වෙන්න පුලුවළුවන් ද කියන දේ පිළිබඳව අපට සැකයක් මතුවෙනවා. ඒ නිසා අපි මේ රටේ රාජ්‍ය පාලකයන් ගෙන් ඉල්ලීමක් කරනවා මේ මාස කිහිපය හරි මේ රට ආරක්ෂිත රටක් විදිහට පවත්වාගෙන යන්න අවශ්‍ය නායකත්වයත් සහයෝගයත් ආරක්ෂක අංශ වෙත ලබා දෙන්න කියලා. ජනාධිපතිවරණය පිළිබඳ මාතෘකාව විවිධ මාධ්‍ය හරහා පසුගිය කාලයේ අපි දැක්කා. විවිධ දේශපාලන පක්ෂ නායකයන් ඔවුන්ගේ අපේක්ෂකයා පිළිබඳ සඳහන් කරනවා. අපි පොදුජන පෙරමුණ හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ජනාධිපතිවරනය ඉලක්ක කරගත් වැඩපිළිවෙළ ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය අපේක්ෂකයන් නම් කිරීමේ කටයුත්ත පොදුජන පෙරමුණු ජාතික සම්මේලනයේදී එළිදක්වන්න ,කරුණු ඉදිරිපත් කරන්න, අපි සූදානම් වෙලා ඉන්නවා. නමුත් අපි දැක්කා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා දිගින් දිගටම අපේක්ෂකයන් පිළිබඳ යම්කිසි මතයක් රටට පලකරලා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සමස්ත විපක්ෂය තුල යම්කිසි බෙදීමක් හදන්න උත්සාහ කරනවා. අපට තවමත් සැකයක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා ඊළඟ මැතිවරණය වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අපේක්ෂකයාට සහයෝගය ලබා දෙයිද ,නැත්නම් ආණ්ඩුව නියෝජනය කරන අපේක්ෂකයාට සහයෝගය ලබා දීලා අවසාන මොහොත පිල් මාරුවක් කරයිද කියලා .ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් වරුන්ගේ එහෙම පූර්වාදර්ශ ඉතිහාසයේ තියෙනවා. දයාසිරි ජයසේකර පහුගිය ජනාධිපතිවරණයේදී ඒ කියන්නේ 2005 රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරය යෙදුණා. 2010 සරත් ෆොන්සේකා මැතිතුමා වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණා. 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ යෙදුනා. මේ අවස්ථා තුනේම එතුමා සහයෝගය දුන් ජනාධිපති අපේක්ෂක තුන්දෙනාම පරාජයට පත්වුණා. ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේ පැත්තේ අපේක්ෂකයා සඳහා සහයෝගය ලබා ගන්න කොට එතුමාව ටිකක් හෝදලා ගන්න ඕන කියන විශ්වාසය අපිට තියෙනවා. මොකද එතුමා විසින් නම් කල අපේක්ෂකයෝ තුන් දෙනාම ඒ මැතිවරණය අවස්ථාවේදී පරාජයට පත්වෙලා තිබෙනවා. අපි දයාසිරි ජයසේකර මැතිතුමා ගෙන් ඉල්ලීමක් කරනවා විපක්ෂය සමග එකට ආණ්ඩුවට විරුද්ධව නම් කටයුතු කරන්න කියලා. මේ රටේ මුළුමහත් ජනතාව ඉල්ලන එක අපේක්ෂකයෙක් ඉන්නවා. ඒ අපේක්ෂකයා පිළිබඳව මේ රටේ ජනතාව දැනටමත් තීන්දුවක් අරගෙන ඉවරයි. අපේ කණ්ඩායම ඇතුලේ අපේක්ෂකයා පිළිබඳව යම්කිසි මතයක් තියෙනවා. අපි තීන්දුවක් අරන් තියෙනවා. ඒ නිසා අපි දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට කියනවා ඔබතුමා උත්සහහ කරන්නෙ උදව් කරන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට නම් කරුණාකරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හැටියට ඒක නොකර ආණ්ඩුවට එකතු වෙලා වැදගත් විදිහට කටයුතු කරන්න කියලා.
එළඹෙන ජනාධිපතිවරණය සඳහා දින වකවානු ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා. අපි විශ්වාස කරනවා දෙසැම්බර් 9 වැනිදාට පෙර මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි යන්න. අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා කාලසටහන නිකුත් කරලා තියෙනවා. දෙසැම්බර් 2 වෙනිදා ඉඳලා තමයි සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කරන්නේ. සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීමට පෙර නොවැම්බර් අවසාන සතිය වෙනකොට මේ රටේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තියෙනවා. සාමාන්‍ය පෙළ පෙළ විභාගය කාලසටහන වෙනස් කරලා මැතිවරණය කල් දමා ගැනීමට රජය උත්සාහ කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් සහ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරනවා සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් නොවෙන ආකාරයට ජනාධිපතිවරණයට දින නියම කරන්න කියලා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා
ඉදිරි මැතිවරණ සඳහා අපි මේ වනවිට සූදානම් වෙමින් සිටිනවා. ඒ සඳහා විශේෂඥ උපදෙස් ලබා ගනිමින් අවශ්‍ය කටයුතු සිදු වෙනවා. එච්චරම සම්බන්ධයෙන් කිසිදු චකිතයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපිට නැහැ. අපේ අපේක්ෂකයා විදියට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා වෙලා තිබෙනවා. ඉදිරියේදී පක්ෂ සංවත්සරය පවත්වා අපේ අපේක්ෂකයා ජනතාවට හඳුන්වා දෙනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගේ හදගැස්ම හඳුනන නායකයෙක් විදියට පක්ෂ සංවත්සරයේ දී අපේ ජනාධිපති ධූර අපේක්ෂකයාගේ නම ජනතාවට දැනගන්නට හෙළි කරනවා.
අපේ අපේක්ෂකයා සම්බන්ධයෙන් අපිට කිසිදු ගැටලුවක් නැහැ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තර අර්බුදයක් ඇති වෙලා තිබෙනවා. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වෙන්න කී දෙනෙක් අපේක්ෂකය ඇඳුම මහගෙන ඉන්නවද. කථානායක කරු ජයසූරිය මහතා කථානායක ධූරය වගකීම් ඉටු කරනවා වෙනුවට එක්සත් ජාතික පාක්ෂිකයන් හා එක්සත් ජාතික පක්ෂයේ වැඩ පිළිවෙල අනුවයි කටයුතු කරන්නේ.
අනිත් පැත්තෙන් මන්දපෝෂණයෙන් දරුවා මියගියත්, බාල බෙහෙත් මිනිස්සුන්ට ලබා දුන්නත් තමන්ව ජනාධිපතිවරයා කරයි කියලා හිතන් සෞඛ්‍ය ඇමතිවරයාද අපේක්ෂකයා වෙන්න ඇදුම් මහනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්තයා කැලෑ එළි කරමින් නිදන්ගොඩ ගනිමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ පිහිටෙන් හෝ ජනාධිපති වෙන්න බලන් ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ සහායෙන් ජනාධිපති වෙන්න බලන් ඉන්න නිසා එක්සත් ජාතික පාක්ෂිකයන් සජිත් ප්‍රේමදාස ගැන කලකිරිලා.
මේ අතරේ පාඨලී චම්පික ඇතිවරයාත්, අමුතු විද්වත් තාක්ෂණික දැක්මක් ගැන සාකච්ඡා කරමින් ජනාධිපති ඇඳුම් අඳින්න ලෑස්ති වෙනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරයට හරියටම මාස දෙකයි. මේ වෙද්දි ඊළඟ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියානු රෝ වාර්තා කරමින් තිබෙනවා. නමුත් රටේ ආරක්ෂාවට අදාල කටයුතු සිද්ධවෙන බව පේන්නේ නැහැ. පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනවා වෙනුවට ඉහළ පිරිස් නිවැරදිව රාජකාරි කළානම් මේ කිසිවක් වෙන්නේ නැහැ.
හොඳම උදාහරණය මීගමුවේ පොලිස් අධිකාරිවරයා. මීගමුව පොලිස් අධිකාරී වගේ පාතාලය සමඟ සම්බන්ධකම් තියෙන නිලධාරීන් තමයි තියාගෙන ඉන්නේ. කැනඩාව වැනි රටවලට මිනිස් ජාවාරමේ යෙදුණු පුද්ගලයින් සමග මේ අධිකාරීවරයා සම්බන්ධකම් තිබෙන බවට අපට තොරතුරු අනාවරණය වෙලා තිබෙනනේ. එවැනි පොලිස් අධිකාරිවරයෙක් තමයි කටුවාපිටියේ ප්‍රහාරය සිද්ධවෙනකොට ඉඳලා තියෙන්නෙ.
මැල්කම් රංජිත් කාදිනල්තුමා මේව දන්න නිසයි පරීක්ෂණ සම්බන්ධයෙන් හෝ රජයේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නැති බව කියන්නේ. තේරීම් කාරක සභාවෙන් කරන්නේ මාධ්‍ය සංදර්ශනයක්. සත්‍ය සෙවීමට තේරීම්කාරක සභාවට අවශ්‍යතාවයක් නැහැ .
මේ වෙද්දි දරුවෝ 50ක් විතර ජීවිතයත් මරණයත් අතර සටනක . මේ දරුවන් ලෝකෙ කොහේ හෝ රටවලට ගෙනිහිල්ල සනීප කරන එක රජයේ වගකීමක්. තුවාලකරුවන්ට රුපියලක් වත් නොලැබුණු තැන් තියෙනවා. සමහරුන්ගේ ඔලු කටු ගලවලා පැත්තකින් තියලා .සමහර දෙමව්පියන්ට රැකියාවට යන්න විදිහක් නැහැ දරුවා ආරක්ෂා කරන්න වෙලා. දරුවා විෂබීජවලින් ආරක්ෂා කරන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබිලා. ආණ්ඩුව කරන්නේ බලය රැක ගැනීමට විතරයි.බලය රැකගන්න තවදුරටත් චන්ද නොපවත්වා සිටියොත් ජනතාව මේ පාලකයන් සම්බන්ධයෙන් තීරණයක් ගනී.
දයා ගමගේ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී මගේ සෙවනගල ,මගේ හිගුරාන කියනවා. මේ සීනි කම්හල් දයා ගමගේ ඇමතිවරයාගේ වෙන්නේ කොහොමද . කම්හල් වල තක්සේරු වටිනාකමටත් අඩුවෙන් තමයි මේ කම්හල අරන් තියෙන්නේ. ජනතාවගේ සම්පත් මේ විදිහට ඉල්ලන්න ලැජ්ජ නැද්ද. ලැජ්ජ නැතුව සභානායකවරයා කියනවා අපිට ඕනේ නම් නිකන් දෙනවා කියලා. කම්හල් දෙන්නෙ නැත්නම් නැත්තං වන්දි හරි දෙන්න කියලා ඇමතිවරයා කියනවා. හෙලිකොප්ටර් ගත්තේ වන්දි ලැබිල නෙමේද. සිරිකොතේ ලයිට් බීලයි වතුර බීලයි ගෙව්වා කියලා රටම එතුමට ලියල දෙන්න ඕනෙද. ඇමතිවරයාගේ කාලයේ ඒ කම්හල්වල වැඩිපුරම හැදුවේ අරක්කු.වැරදි කරන දේශපාලකයින් ඉලපත අරන් එලවන්න. සමෘද්ධි තියා මොනවා දුන්නත් එක්සත් ජාතික පක්ෂයේ පාලකයින්ට ජනතාව ඉදිරියට යන්න බැහැ. ජනතාව අද ඉන්නේ භීතියෙන් දැඩි සත්කාරය ඉන්න දරුවෝ වෙනුවෙන් අවධානය යොමු කරන්න .මේ වගේ දේවල් හෙළිකරන කොට සමාජ මාධ්‍ය සඳහා සහ අනිකුත් මාධ්‍ය සඳහා වාරණ යෙදෙන අණපන හෙළිකිරීම අපි අගය කරනවා.

පාස්කු ප්‍රහාරයට මාස දෙකයි. තවමත් ආරක්ෂාව ගැන විශ්වාසයක් නැහැ.

අද (20) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මන්ත්‍රීවරුන්

පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
මේ ආණ්ඩුව යටතේ කන්න නැතුව දරුවා මැරෙන තත්ත්වයක් ඇතිවෙලා . මහින්ද රාජපක්ෂ මහතාගේ පැවති රජය යටතේ දරුවා ආරක්ෂා කරගැනීම කර ගැනීම සම්බන්ධයෙන් විවිධ වැඩ පිළිවෙළවල් දියත් කළා. ඒ විතරක් නෙමෙයි බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික කටයුතු අමාත්‍යවරයා විදිහට තමන්ගේ නිවස ආශ්‍රිතව එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය ආහාර වර්ග වගා කිරිමේ වැඩ පිළිවෙලක් දියත් කළා. මධ්‍යකාලීන කෙටිකාලීන දීර්ඝකාලීන වශයෙන් ගෘහාශ්‍රිතව වගාව සඳහා අවශ්‍ය පැල වර්ග ලබා දුන්නා. හැම ගෙවත්තකම පෝෂණයෙන් පිරුණු වගාවන් සඳහා ජනතාව යොමු කරා. ඒ කාලේ අපේ රජය යටතේ දුන්නු පැළවල වල පලදාව සමහර නිවෙස්වල අදටත් ප්‍රයෝජනයට ගන්නවා. මේ වැඩපිළිවෙළ නිසා අපේ කාලයේදී කාලයේ දී කන්න නැතුව දරුවෝ මැරුණා කියලා අහන්න ලැබෙන්නෙ නැහැ. වත්මන් ආණ්ඩුවට රටේ දරුවො ටික වත් බලාගන්න බැරි තත්වයක් තියෙන්නේ.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කියන්නේ තමන් බාරගත්තේ බංකොලොත් රටක් කියලයි. ඒ කාලයේ පොලී ප්‍රතිශතය සියයට 10 යි. අද පොලි ප්‍රතිශතය සියයට දහ අටයි. අපි කාලයේ ඩොලරය 130යි. අද ඩොලර් එකක් 180යි. එදා වගේ දෙගුණයක් බදු අයකරනවා. අද ජනතාවට ව්‍යාපාර කරගෙන යන්න විදිහක් නෑ. උද්ධමනය වැඩිය. අපේ කාලේ සියයට 6.6 කුණු කුණු ආර්ථික වර්ධන වේගයේ අද වෙනකොට සියයට 3.3 ක් වෙලා. 2014 වර්ෂයේ දී ඩොලර් බිලියන බිලියන 8.4 තිබුන විදේශ සංචිත අද වෙද්දි 6. 4 ට බැහැලා.
ඒ කාලයේ මිලියන 84ක රැකියාවල නිරත වුණා. අද වෙනවිට රැකියාවල නිරත වන්නේ මිලියන 80. හැබැයි බලයට එනකොට කිව්වේ කිව්වේ රැකියාවල නිරත වන ප්‍රමාණය මිලියන 94ක් කරනවා කියලයි. සියයට හැත්තෑ එකක් වුන ණය ප්‍රතිශතය මේ වෙනකොට 90% එකක් වෙලා.
2014 ජීවත් වන විදිහට අද ජීවත් වෙන්න බැහැ. එදා මාසයක් ජීවත් වෙන්න සරිලන වැටුපක් ලැබුණා. අද ලැබෙන වැටුපෙන් ජීවත්වෙන්න ලැබෙන්නේ සති දෙකයි. රට බංකොලොත් කළේ අපේ ආණ්ඩුව නෙවෙයි.මේ විදිහට රට බංකලොත් උනේ වත්මන් යහපාලන ආණ්ඩුව මහ බැංකුව කොල්ල කාපු නිසයි. රටේ ප්‍රධානියෝ දෙන්නා වෙන අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර තියෙන විරසක යයි. එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරයෙක් දවසක් විවාදයට එක්වෙමින් කිව්වා අගමැති ජනපති ඉන්නේ හරියට දික්කසාද වුණු දෙන්නෙක් වගේ කියලා. මේක හදන කොටම අපි කිව්වා මේ හදන්න කැඳහැළියක් කියලා. අද අපේ දරුවන්ට බඩගින්නෙ මැරෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ තත්ත්වය නිසයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තාවන් අමතමිනි කියනවා ඔවුන්ට අසරණ වෙන්න අතරමං වෙන්න ඉඩ දෙන්නේ නැති බව. ඔවුන්ට ගෞරවාන්විත තත්ත්වයක් තත්ත්වයක් ඇති කරනවාලු. මම මෙතෙක් විද්‍යාලයක ඉගෙන ගත්ත විදිහට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා කිරීම ජනතාවට නියමිත අවස්ථාව ඡන්ද අයිතිය ලබා දීම. ඒ උනාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියනවා එතුමාගේ රාජ්‍ය පාලන සමයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ බව. එතුමගේ කාලේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළේ පළාත් පාලන මැතිවරණය කල් දාලා. අද වෙනකම් පළාත් සභා මැතිවරණය තියෙන්නෙත් නෑ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු දාගන්නත් විදිහක් නැතුව ඉන්නෙ. ඒ තරමට පක්ෂය බංකොලොත් .ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය කිව්වාම හීන් දාඩිය දානවා. ඒ තත්ත්වය පක්ෂයට උදාකලේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. අපි මේ ගැන එක්සත් ජනතා නිදහස් සන්ධාන මධ්‍යම කාරක සභාවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දීත් කතා කරා. ප්‍රතිඵලය වුණේ අපිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීම .ඒ වගේම එතෙක් දැරූ සංවිධායක ධූර වලිනුත් අපි ඉවත් කළා .
අපේ අපේ පවුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් කාලයේ සිටම පක්ෂය සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරපු අය. මේ විදියට තමයි පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කලේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනයට ජනාධිපතිතුමා වෙනත් නිර්වචනයක් දීලාද කියන්න දන්නේ නැහැ. එහෙම නැත්තං සහරාන් බෝම්බයක් පුපුරපු තත්ත්වයක් ඇති කිරීම, දෙමව්පියෝ පාසල් මුර කරන තත්ත්වයක් ඇති කිරීම, මහ පාරේ යන්න එන්න බැරි තත්ත්වයක් ඇති කිරීම ආරක්ෂාව අවිනිශ්චිත තත්ත්වයක් ඇති කිරීම ප්‍රජාතන්ත්‍රවාදය විදිහට එතුමා දකිනවා ද දන්නෙත් නැහැ. අපි එතුමාගෙන් ඉල්ලා මේ රටේ නියමිත කාලයට නියමිත මැතිවරණ පවත්වලා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට ලබා දෙන්න කියලයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
පාස්කු ප්‍රහාරය සිදු වෙලා හෙට හරියටම මාස දෙකයි. තවමත් ජනතාවට ආරක්ෂාව ගැන කිසිම විශ්වාසයක් නැහැ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආරක්ෂාව ගැන බිය වෙන්න එපා කියනවා. අධ්‍යාපන ඇමැතිවරයා පාසල් හොර කිරීමේ අවශ්‍යතාවක් නැතැයි කියනවා. නමුත් දෙමව්පියන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නෑ ඔවුන් තාමත් පාසල් මුර කරන්න යනවා. ආරක්ෂක අංශ තවමත් පාසල් වලට ආරක්ෂාව සපයනවා. මේ අතරේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියන්නේ තත්ත්වය සමනය වෙන්නේ තව අවුරුදු දෙකක්වත් ගියාට පස්සේ ලූ.
පාස්කු සිද්ධියට මාස දෙකක් ගතවන තැන ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් සමහර ඇමැතිවරු සමහර ආණ්ඩුකාරවරු සම්බන්ධයෙන් ජනතාවට සැකයක් ඇතිවුනා. පැමිණිලි කලා. ඒ පැමිණිලි විමර්ශනය කර විමර්ශන වාර්තා රටට හෙළි කළ යුතුයි.
විශාල සංඛ්‍යාවක් මිය ගිහින් තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබුවා. මම නියෝජනය කරන ප්‍රදේශයේ කටුවාපිටියේ විතරක් 114 මියගිය. 261 එකක් තුවාල ලැබුවා .මිය ගිය අයට ලක්ෂ දහයක 10 ක ගෙවීමක් කරලා තියෙනවා. නමුත් තුවාල වුණු අයට අසාධාරණයක් වෙලා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන හානි පූර්ණ කාර්යාලයේ වෛද්‍යවරයෙක් නැහැ. මේ ලඟදි ලඟදි දවස් 50ක් අයි.සී.යු එකේ ඉඳලා තරුණ පිරිමි ළමයෙක් මියගියා. එ තරුණයාට ලැබුණේ රුපියල් ලක්ෂයක් විතරයි.
වෛද්‍ය වාර්තා කියවන්න පුළුවන් වෛද්‍ය දැනුමැති කෙනෙක් හානිපූර්ණ කාර්යාලය ට පත් කරන්න. ජනතාවට විහිළු කරන්න එපා. තවත් කාන්තාවක් සිටිනවා ඒ කාන්තාවට මුළු ජීවිත කාලය පුරාම මේ සිද්ධිය නිසා ඇතිවුණු අනිසි බලපෑම පවතිනවා.තුවාල ලැබූවන්ගේ සැබෑ ගේ සැබෑ තත්වය තේරුම් අරගෙන ජීවිත කාලය පුරාවටම ගෙවීමක් කරන ක්‍රමයක් සකස් කළ යුතුය. ඒ වගේම වගේ ම සිද්දිය නිසා දුක් දුක්විඳින දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.
තිස්සමහාරාමය උග්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් දරුවෙක් මේ ගිහින් තියෙනවා. මේ දරුවා උග්‍ර තීව්‍ර මන්ද පෝෂණ තත්ත්වයට පත් පත්වෙන කල් රජයේ නිලධාරීන් මොකද කළේ. මුල් ළමාවිය සංවර්ධන, ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් පත්කළ නිලධාරීන් ඉන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්නවා. ඒ වගේම ගමේ ග්‍රාම නිලධාරී සමෘද්ධි නිලධාරී කෘෂිකර්ම නිලධාරීන් වගේ අයත් ඉන්නවා. නිලධාරීන්ට ඇයි ආර්ථික අපහසුවෙන් පෙළෙන පවුල හඳුනාගන්න නොලැබුනේ. මහියංගනේ කෑම වේලක් කන්න නැති පාසල් යන්නේ නැති දරුවො ඉන්න බව මේ වෙනකොට හෙළිවෙනවා. බලයට ඇවිත් රැකියා ලක්ෂ දහයක් දෙනව කියල තිබුන රැකියා නැති කරා. රටේ මානව සම්පත් නිරෝගී වුණොත් විතරයි රටක් ගොඩගන්න පුළුවන් වෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ යටියන්තොට ආසන සංවිධායක , රාධිකා වික්‍රමසිංහ මහත්මිය
කාන්තාවක් විදියට මේ රට යන පැත්ත ගැන බියක් ඇති වෙනවා.අපේ දරුවෝ මන්දපෝෂණයෙන් මියයන බව අහන්න ලැබෙනවා. දරුවෝ මන්දපෝෂණයෙන් මියයන කොට සමෘද්ධිය ලක්ෂ හයකට දෙනවා. නමුත් සමෘද්ධි දිය යුතු අයට දෙන්නේ නැහැ .
අනිත් පැත්තෙන් වෛද්‍ය සාෆි අපේ අනාගත පරම්පරාවක් නැති කරනවා .මේ වෙද්දි මව්වරු දාහකට වැඩි ප්‍රමාණයක් මේ වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි කරලා තියෙනවා. එවැනි වෛද්‍යවරු පවා ආරක්ෂා කරන සෞඛ්‍ය ඇමැති වරයෙක් අපිට ඉන්නේ. ආසියාවේ ආශ්චර්යය කරන්න තිබුණු රට අද ආපස්සට යමින් තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙහාන් සේමසිංහ මහතා
අපේ රටේ තවත් වංචාවකට මුලපුරන සංශෝධනයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. ඌණ ක්‍රියාකාරී ව්‍යවසායකයන්ට හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත ඉවත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ හරහා 2011 අංක 43 දරණ පනත අක්‍රිය වෙනවා. ඒ හරහා රජයට අයත් ආයතන 36ක ක්‍රියාකාරීත්වය පිළිබඳ බරපතළ සැකයක් ඇති වෙනවා .මේ පනත අක්‍රිය කිරීම සඳහා නැවත රජය උත්සහ කරන්නේ ආයතන දෙකක් ප්‍රධාන ඉලක්ක කරගෙනයි. එකක් තමයි පැලවත්ත සීනි සමාගම. ඊළඟට සෙවනගල සීනි සමාගම. ඒ දේපල රජයේ ඇමතිවරයෙකු වූ දයා ගමගේ ඇමතිතුමාට නැවත පැවරීම සඳහා වූ උත්සාහයක් ද යන්න සැකයක් අප තුළ තියෙනවා. ඒ අනුව අද පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අපි විශ්වාස කරනවා මේ රටේ රාජ්‍ය සම්පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් තමන්ට හිතවත් ඇමතිවරුන්ට ඒ වගේම ඔවුන්ගේ අනිත් ගෝලබාලයන්ට පැවරීම සඳහා දරන උත්සාහයට විරුද්ධව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් නැගී සිටි කියා. මේ පනත පරාජය කිරීමට හැකි සෑම උත්සාහයක්ම අපි අද පාර්ලිමේන්තුව තුළ ගන්නවා. එක පැත්තකින් මේ රාජ්‍ය සම්පත් කුණුකොල්ලයට එහෙම නැතත් තම තමන්ගේ හිතවතුන්ට ලබා දෙන්න උත්සාහ කරනවා. පසුගිය අවුරුදු හතර හමාරක කාලය තුළ අපි දැක්කා මේ රටේ ආර්ථික මර්මස්ථාන අපේ රටේ වත්කම් එකිනෙක එකඟතාවන්ට අනුව වෙනත් පාර්ශවයන්ට පවරනවා. ඒක රාජතාන්ත්‍රික වශයෙන් ඇතිවන එකඟතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පෙන්වලා පෞද්ගලික මට්ටමේ එකඟතාවයක් ඇතිකර ගන්නවා වෙන්න පුළුවන්. මේවා ඇමතිවරුන්ට අත යට ගනුදෙනුව පදනම් කරගෙන සිදුවන දේවල් වෙන්න පුළුවන්. මේ ආණ්ඩුව දිගින් දිගටම උත්සාහ කරනවා අපේ රටේ වත්කම් අපේ රටේ දේපළ මේ කාලපරිච්ඡේදය තුළ තමන්ගේ හිතවතුන්ට ලබා දීම සඳහා. ඒක ඉතාම ඛේදනීය තත්ත්වයක්. මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය විසින් සහ විවිධ රජයන් විසින් පෞද්ගලීකරණය කරනු ලැබූ ආයතන නැවත පවරා ගැනීම් සිදු වුණා. වර්තමාන ආණ්ඩුව යටතේ ඒ පවරාගත් ආයතන නැවත තමන්ගේ හිතවතුන්ට ලබා දීම සිදු වෙනවා වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ අපේ රටට එකතු වෙච්ච වත්කම් සහ අළුතෙන් එකතු වු වත්කම් භූමියත් වෙනත් කණ්ඩායම්වලට ලබාදීමට රජය කටයුතු කරනවා. ඒක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වගේම රජය විවිධ අවස්ථාවන්වලදී විවිධ නාටක ඉදිරිපත් කරනවා අපි දැක්කා.
අද වෙද්දි මුස්ලිම් ඇමතිවරු කලින් තමන් කටයුතු කළ අමාත්‍යාංශවල ම වැඩ භාරගැනීම සිදුවෙනවා. හැබැයි මෙතන ප්‍රශ්නය ආවේ රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමාට විරුද්ධව චෝදනාවක් එල්ල වෙලා තිබියදී ඒ ගැන රජය පරීක්ෂණ කරන්නේ නැතුව ඒ පරීක්ෂන රජය දිගින් දිගටම මේ මොහොත දක්වාත් යට ගහමින් සාධාරණයක් ඉටු කරන්නේ නැතුව කටයුතු කරද්දීයි. එකම ඇමතිවරයකුට එල්ල වෙච්ච චෝදනාවන් හමුවේ ආණ්ඩුව අනිත් සියළුම මුස්ලිම් නියෝජිතයන් ඇමතිවරු ඇමතිධුර දරපු අය ඉල්ලා අස්වෙන්න වැඩකටයුතු කලා. අපි මුලදිම මේ තත්ත්වය ඇති වෙද්දී කිව්වා මේ පිටුපස අදිසි බලවේගයක් තියෙනවා කියලා. හැබැයි අද ඔප්පු වෙලා තියෙනවා මේ පිටුපස ඉන්නෙ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කියලා. එතුමා විසින් එතුමාගේ රජය ආරක්ෂා කර ගැනීම සඳහා රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉවත්කර ගැනීම සඳහා මෙ නාටකය රඟ දැක්වුවා. මෙි විශ්වාසභංගය රජය අනිවාර්යෙන්ම පරාජයට පත්වෙලා අපහසුතාවයකට පත්වීම වළක්වා ගැනීම සඳහා කෙටි කාලයකට චෝදනාවට ලක් නොවූ ඇමැතිවරු පවා ඉල්ලා අස්වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කරලා තිබ්බා. ඒ හින්ද අපිට දැන් තියෙන තොරතුරු අනුව රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමා හැර අනෙකුත් මුස්ලිම් ඇමැතිවරුන් සියලුම දෙනා ඇමතිධුර බාර ගැනීමට සූදානමින් සිටිනවා. අපි ඒකට කිසිම විරෝධතාවයක් නැහැ. ඔවුන් අමාත්‍ය ධුරවල කටයුතු කරන කාලයේ දී පවා ඔවුන්ට විරුද්ධව අපි මත ප්‍රකාශ කිරීමක් සිදු කළේ නැහැ. චෝදනා ඉදිරිපත් කිරීමක් සිදු කළේ නෑ. අපි ඒ චෝදනාව ඉදිරිපත් කළේ රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයාට පමණයි. මේ නාටකය රඟ දැක්වීම ආණ්ඩුව විසින් සිදු කරනු ලැබූයේ ඒ විශ්වාසභංග යෝජනාව ඉවත්කර ගැනීම සඳහා පමණයි. හැබැයි අපි ආණ්ඩුවට අවධාරනය කරනවා නැවත රිෂාඞ් බදුර්දීන් අමාත්‍ය ධූරයට පත් කළොත් අපි අනිවාර්යෙන්ම ඔහුට විරුද්ධව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නැගූ චෝදනා යටතේම නැවත විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරනවා.
මේ අතරතුර කතානායක තුමාගේ ක්‍රියා කලාපයත් අපි දැඩි ලෙස හෙළා දකිනවා. එතුමාත් මේ විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට අරගෙන ඡන්දය ප්‍රකාශ කිරීමට අවකාශය ලබා දුන්නේ නෑ. කතානායක වරයා තමයි ඒ අවහිරතා ඇති කලේ. දීර්ඝ දිනයක් විවාදය සඳහා ලබා දීලා ඒ අතරවාරයේදී පාස්කු ප්‍රහාරයේ වේදනාවන් අමතක වෙන්න ඉඩ හැරියා. අනෙක් පැත්තෙන් රජය අපහසුතාවයට පත්වීම වළක්වා ගන්න පියවර ගත්තා. ඒ හින්දා අපි විශේෂයෙන්ම ජනතාවට කියනවා මේ වගේ නාටක තව රාශියක් ඉදිරියේදි එයි. මේක එකක් පමණයි. දිගින් දිගටම ආණ්ඩුව මේ විදිහට ජනතාව සහ තමන්ගේ රජය තුළ ඉන්න නියෝජිතයන්ට අවශ්‍ය විදිහට වැඩකටයුතු කරගෙන යනවා. ඒ හින්දා මේ මුස්ලිම් අමාත්‍යවරුන් නැවත දිවුරුම් දිම අපි පුදුම වීමට කාරණයක් නොවේ. හැබැයි ඔවුන් ඉවත් වීමට අදාළ වූ කාරණය සාක්ෂාත් වෙලා නැහැ. ඔවුන් කිව්වේ ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බව සහ එය එක මාසයක් ඇතුළත විය යුතුයි කියලයි. හැබැයි ඉවත් වෙලා මාසයක් ගත වුණෙත් නෑ. ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ සිදු වෙන්නෙත් නැහැ. ඉදිරියේදී ඒ පරීක්ෂණ සිදුවෙයි කියලා අපිට විශ්වාසයකුත් නැහැ. ඒ නිසා රජය මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති වෙච්ච ඛේදජනක තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා ස්වාධීනව ඒ ආයතනවලට වැඩ කටයුතු කිරීමට ඉඩ කටයුතු ලබාදිය යුතුයි. එහෙම විශ්වාසනීය තත්ත්වයක් දැනට ඇති වෙලා නැහැ. තේරීම් කාරක සභාව හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැති අමතර කාරණා සම්බන්ධව විමර්ශනය හා ප්‍රශ්න කිරීම් කරනවා අපට පෙනෙනවා. ඒ වගේම තේරීම් කාරක සභාව හරහා විශේෂයෙන්ම ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අතර තිබෙන විරසක හේතු කොටගෙන කවුද වැඩිපුරම ඒ සම්බන්ධයෙන් වැරදිකරු කියන කාරණාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සිදුකරන බව තමයි අපට පෙනෙන්නට තියෙන්නේ. තේරීම් කාරක සභාවේ සාමාජිකත්වය සම්බන්ධයෙන් ආරම්භයේ සිට මේ දක්වාම ජනතාව තුළ විශ්වාසයක් නැහැ. දැඩි අපැහැදිලිතාවයක් තමයි තිබෙන්නේ. මොකද මේ තේරීම් කාරක සභාව තුළ ප්‍රශ්න කිරීමට නොසුදුසු පුද්ගලයන් තමයි ජනතාව දකින්නේ. සරත් ෆොන්සේකා මැතිතුමා පිළිබඳව අපේ කිසිම විවේචනයක් නැහැ. එතුමාට යම් දැනුමක් තිබෙනවා. ඒ ගැන කටයුතු කිරීම පිළිබඳව අපිට විවේචනයක් නැහැ. අනික් සියළුම මන්ත්‍රීවරුන් සම්බන්ධව අපට විවේචනයක් තිබෙනවා. ඒකට හේතුව ඔවුන් මේ සිදු කරන්නේ සැබැවින්ම සත්‍ය සෙවීමේ ක්‍රියාවලියක් නෙවෙයි. ඒ හින්දා මේ තේරීම් කාරක සභාවේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපැහැදිලි තාවයක් තියෙනව වගේම ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කෙරේ ද යන්න පිළිබඳව කිසිදු විශ්වාසයක් නැහැ . ඔවුන් මෙහිදී සිදු කරන්නේ සැබැවින්ම සත්‍ය සෙවීමේ ක්‍රියාවලියක් නොවේ. ඒ හින්දා මේ කාරක සභාව ක්‍රියාවලිය තුළින් තවදුරටත් මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු වෙයි කියලා රටටත් ජනතාවටත් කිසිදු විශ්වාසයක් නැහැ. ඒ වගේම තමයි මේ කණ්ඩායම තවදුරටත් ඔවුන්ගේ රජය ආරක්ෂා කර ගැනීම සඳහා පමණක්ම කටයුතු කරනවා කියන කාරණාව ඉතාම පැහැදිලියි.
ඒ වගේම තව එක කාරණාවක් දිහා බැලුවහම අපි දකිනවා විවිධ රටවල් විසින් එක පැත්තකින් මේ රජය ආක්‍රමණය කරලා. රජය වෙනත් රටවල් වලට අවශ්‍ය ආකාරයට කටයුතු කරනවා වගේම කවදාවත් ඉතිහාසයේ නොවූ ආකාරයට වෙනත් රජයන් විසින් වෙනත් ආයතන විසින් පඩි ගෙවන කණ්ඩායම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට කටයුතු කිරීමේ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රසාද් කාරියවසම් මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමක් සිදු වුණා. ඒ වගේම කථානායකතුමා පිළිගත්තා ප්‍රසාද් කාරියවසම් මැතිතුමා විසින් සිදුකරන කාර්යභාරයට ගෙවීම් කටයුතු සිදු කරන්නේ පාර්ලිමේන්තුව තුළින් නෙවෙයි කියන කාරණාව. හැබැයි අපි කතානායකතුමාගෙන් අහන ප්‍රශ්නය තමයි එතුමාට හෘද සාක්ෂියට එකඟව තවත් ආයතනයක් විසින් ගෙවීම් කටයුතු කරන පුද්ගලයෙක් මේ රටේ නීති රීති පද්ධතිය හදන තැන තියාගන්න පුලුවන්ද කියන එක. මේ සියල්ල පුද්ගලික න්‍යාය පත්‍රයන් තුළ ක්‍රියාත්මක වන වැඩසටහන්. ප්‍රසාද් කාරියවසම් මැතිතුමා ක්‍රියාත්මක වෙන්නේ කරූ ජයසූරිය කතානායකතුමා ඊළඟ ජනාධිපතිවරනයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා බවට පත් කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධතාවය ගොඩනැගීම සඳහායි. හැබැයි කතානායකතුමා ඒ සම්බන්ධයෙන් සම්බන්ධතාවය ගොඩ නැගීම සඳහා අපේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කරමින් වෙනත් රටක නියෝජිතයෙක් පාර්ලිමේන්තුවට පත්කරගැනීම අනුමත කරන්න බැහැ. මේ රජය පත්කරන්න වෙනත් රටක කණ්ඩායම් තමයි තීන්දු තීරණ ගත්තේ. වෙනත් රටවල කණ්ඩායම් රජයේ පැවැත්ම තීන්දු කරනවා. ඒ වගේම අනාගතය තීන්දු කරන්න්නෙත් ඔවුන්. ඊළඟට එන්න තියෙන ජනාධිපතිවරණයත් ඒ බලවේගයන් විසින්ම මෙහෙය වීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව භාවිතා කරනවා කියන කාරණය පේන්න තියෙනව. ගරු කථානායක තුමාට කියනවා එතුමාගේ කාර්ය මණ්ඩලය තුළට ප්‍රසාද් කාරියවසම් මැතිතුමා ඇතුළත් කරලා ඒ වැඩ කටයුතු සිදු කිරීමත් ඒ සඳහා වෙනත් ආයතනයක් විසින් ගෙවීම්ි කිරීමත් අතර බරපතළ වෙනසක් තියෙනවා. ඒ හින්දා මේක තුළ රටේ සහ රජයේ ස්වාධීනත්වයට අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුවෙි ස්වාධීනත්වයට බරපතළ හානියක් කරන්න කරු ජයසූරිය කථානායක තුමා තුමාගේ මැදිහත් වෙලා තියෙනවා. අපේ රටේ ඉතිහාසය තුළ කථානායකවරයාගේ භූමිකාව දිහා බැලුවහම කරු ජයසූරිය කථානායක වරයා ඉතාමත්ම අසාර්ථක පක්ෂපාතී කතානායක වරයා හැටියට වැරදි පූර්වාදර්ශ රාශියක් ලබා දීලා මේ පාර්ලිමේන්තුව මෙහෙවීම අපි දකිනවා.

ඒ වගේම කතා කළ යුතු තවත් මාතෘකාවක් තිබෙනවා. දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා මේ ඉටු කරන්නේ කාගේ කොන්තරාත්තුවක්ද යන්න පිළිබඳව අපට පැහැදිලිව පේන්න තියෙනවා. එතුමා වසර 6 කට පෙර හිටපු එක්සත් ජාතික පක්ෂයේ කරපු බැලමෙහෙවරකම් කිරීමට නැවත ආරමිභ කරලා තියෙන බව ඉතාමත්ම පැහැදිලිව පේන්න තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දියාරු කිරීමේ කුමන්ත්‍රණය දයාසිරි ජයසේකර මන්ත්‍රිතුමා භාරගෙන තියෙනවා කියන කාරණය පැහැදිලිව පේන්න තියෙනවා. අපි මේවා කියන්න කැමති නෑ. හැබැයි යම් යම් පුද්ගලයන් ඉතිහාසයේ දී තමන්ගේ සීමාවන් අභිබවා තමන්ගේ තත්ත්වය තේරුම් අර ගන්නේ නැතුව තමන් වෙනත් කණ්ඩායම් සමඟ එක එක එකඟතාවයන් වලට එන්නෙ නැතුව සද්භාවයෙන් කටයුතු කරන්නේ නැහැ කියලා හැඟී යනවා නම් සමහර කාරණා අපට කියන්න සිදු වෙනවා. මම මීට පෙරත් මාධ්‍ය සාකච්ඡා වල කියලා තියෙනවා කොහොමද දයාසිරි ජයසේකර මැතිතුමා ගේ ඉතිහාස ක්‍රියාකලාපය කියලා. එතුමා නායකයන් හැටියට කාලෙකට පිළිගත්ත සියලුම නායකයන්ට ඉතාම අපහාසාත්මක ආකාරයට කතා කරලා තවත් කණ්ඩායමකට එකතු වෙච්ච දේශපාලනඥයෙක්. එවැනි දේශපාලකයින් හරහා තමයි දේශපාලනඥයින් සම්බන්ධයෙන් කිසියම් කළ කිරීමක් ජනතාව තුළ ඇති කරනු ලබන්නේ. ජනතාව දේශපාලකයන් පිළිබඳව කලකිරීම නිර්මාණය කරන පරිසරයක් ඇති කරන්නේ එවැනි මන්ත්‍රීවරුන්. අපි දැක්කා එතුමා කොහොමද චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විවේචනය කලේ කියලා. ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය විවේචනය කරපු ආකාරය අපිට හොඳට මතකයි. දයාසිරි ජයසේකර මහතා වයඹ පළාත් සභාව සඳහා තරග කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කඳවුරට ඒකරාශී වුණේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකතුමා සමඟ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉවත්කිරීමේ කුමන්ත්‍රණයකට මැදිහත් වූ නිසයි. එතුමාව එක්සත් ජාතික පක්ෂයෙන් එලෙව්වා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග එකතුවෙලා වයඹ පළාත් සභාවේ මහ ඇමතිවරයා වශයෙන් පත් කිරීමේ පරිසරය නිර්මාණය කර ගත්තේ. ඊට පස්සේ ක්‍රියාත්මක වූ ආකාරයත් අපි දැක්කා. මහින්ද රාජපක්ෂ මැතිතුමා විවේචනයට ලක් කළා.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාට ඒකරාශී වුණා එතුමාවත් එක විටෙක විවේචනයට ලක් කලා. අනික මූලික වශයෙන් එතුමාගේ ආරම්භය තිබ්බ මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමාට ඉතාම අප්‍රසන්න ආකාරයට විවේචනය කිරීම දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා විසින් සිදු කරනු ලැබුවා. දයාසිරි ජයසේකර මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හැටියට කටයුතු කිරීමෙන් එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතා ඉටු කිරීමට කටයුතු කිරීම ගැන අපි පුදුම වෙන්නේ නැහැ. මොකද ඉතිහාසය පුරා ම එතුමා ඒ වගේ කටයුතු වල නියැලී සිටි නිසා. දයාසිරි ජයසේකර මැතිතුමාගෙන් අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඊයේ ජනාධිපතිතුමත් කියලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය ආරක්ෂා කරන ආකාරයට එතුමා කටයුතු කරනවා කියලා. අපිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පසුගිය කාලයේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදීමක් නෑ. හැබැයි එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා කියලා තීන්දුවක් අරන් තියන අවස්ථාවක දයාසිරි ජයසේකර මැතිතුමා ලේකම් වරයා හැටියට මේ එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය ඉටු කිරීමට කටයුතු කිරීමට කැපවී සිටීම ගැන එක පැත්තකින් අපි කණගාටු වෙනවා.
අද පුවත්පත්වල තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන්ට සංවිධායක ධුර සහ ආසන සංවිධායක ධුර ලබා දීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය කටයුතු කරල තියෙනවා කියලා. ඒ අනුව එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කරනවා එකතු වන මන්ත්‍රීවරුන්ට සංවිධායක ධුර ලබා දෙන්න. එතකොට මේ පලවෙනි පියවර.දෙවැනි පියවර සඳහා දයිසිරි ජයසේකර මන්ත්‍රීතුමා කටයුතු කරනවා යන්න පිළිබඳව සැකයක් ඇති වෙනවා . ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින අපේ සියලුම සහෝදර මන්ත්‍රීතුමා ලා වගේම සහෝදර සාමාජිකත්වයට අපි කියනවා දයාසිරි ජයසේකර මැතිතුමා ඇතුළු කිහිප දෙනෙක් විසින් ක්‍රියාත්මක කරන්න යන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා කිරීම නෙවෙයි ඒක සම්පූර්ණයෙන්ම දියාරු කරල එක්සත් ජාතික පක්ෂයේ තවත් කණ්ඩායමක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය බව. ඒ ගැන කල්පනාකාරී වෙන්න කියන කාරණාව අපි ඉතාමත් පැහැදිලිව රටේ ජනතාවගෙන්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝදර සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි රජය තුළ තියෙන අර්බුදය. දැන් මේ අර්බුදය නිරාකරණය කරගන්නේ නැතුව ඉදිරි මාස හතරක් ඉදිරියට යාම පිළිබඳ අවදානමක් තියෙනවා . අපේ රටේ ආර්ථිකයේ දවසින් දවස කඩා වැටෙනවා. එය ගොඩනැගීම සඳහා වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ.මේ කඩාවැටීමේ ප්‍රතිඵලයක් තමයි සියලුම අමාත්‍යාංශ වලට මුදල් ඇමතිතුමා විසින් චක්‍රලේඛයක් නිකුත් කරනවා. සියයට පහලොවක් ප්‍රාග්ධන වියදම කපාහැරීමක් සිදුකරලා . එතකොට මේ රජය විසින් රාජ්‍ය අයවැයෙන් වෙන් කරපු මුදල් කපා හැරීමක් සිදු කරන්න කියලා සියලුම ආයතනවලට දැනුම් දෙන්නේ මේ රටේ රජය තුළ බරපතළ මූල්‍ය අර්බුදයක් තියෙන නිසය. රට ගොඩනැගීම සඳහා කිසිදු ආකාරයක වැඩපිළිවෙළක් මේ රජයට තිබ්බේ නැහැ. ඉදිරි මාස හතර තුළ ඇති වෙන්නෙත් නැහැ. ඒ නිසා එකම ප්‍රථිඵළය එළඹෙන ජනාධිපතිවරණයේ දී මේ ආණ්ඩුව වෙනස් කර අලුත් ජනාධිපතිවරයෙකු යටතේ අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා පෙලගැසීම පමණයි කියන දේ මම කියන්න කැමතියි. ඒ නිසා ඉවසන්න තියෙන්නේ තව මාස හතරක විතර කාලයක් පමණයි. ඉදිරියේදී මේ රට ඉදිරියට ගෙන යන ජාතික වැඩපිළිවෙළ අපි පක්ෂ භේදයෙන් ජාති භේදයෙන් තොරව ඒකරාශී වෙලා රට වෙනුවෙන් කටයුතු කරමු කියලා දෙයක් ඉතාම ගෞරවයෙන් කියන්න කැමතියි.

■ පාර්ලිමේන්තු මන්ත්‍රී තේණුක විදනගමගේ මහතා
අද දවසේ ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීතුමා කිව්වා වගේ ම පසුගිය පාස්කු ඉරිදා දිනයේ ප්‍රහාරයත් එක්කම මේ රටේ ජනතාවගෙන් විශාල විදිහට විරෝධයක් එල්ලවුණා රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාට. එතුමාට එරෙහිව විරුද්ධව විශ්වාසභංගයක් අපි පාර්ලිමේන්තුවට ගෙන ආවා. විශ්වාස භංගය විවාදයට ගැනීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ සහ අනෙකුත් මුස්ලිම් මන්ත්‍රීවරු ඉල්ලා අස්වෙනවා. මෙයින් අවශ්‍ය කරන විසඳුමක් ලැබෙන්නේ නැහැ. සාධාරණ අස්වෙන්නේ සාධාරණ පරීක්ෂණයක් කරන්න කිව්වා. කොහොම උනත් වුණත් ඊයේ දවස වෙනකොට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙන්නෙක් නැවත වතාවක් අමාත්‍ය ධුර බාර ගත්තා. මිට කළින් විශ්වාස භංග යෝජනා ගේනකොටත් හිටපු ඇමැතිවරු ඉල්ලා අස්වුණා. රවි කරුණානායක, තිස්ස මාරපන ඇමැතිවරු තමයි ඒ විදියට ඉල්ලා අස්වුනේ. පස්සේ ටික කාලෙකින් නැවත අමාත්‍ය ධූරය ගත්තා. ඊට පස්සේ අමාත්‍යවරයා ඒ විදිහටම කටයුතු කළා. දැන් මේ කණ්ඩායම නැවත වතාවක් එකිනෙකා ඇමතිකම් භාර ගන්න පටන් අරන්. අපි පැහැදිලිව කියන්න ඕන දෙයක් තියෙනවා මේ රටේ මුස්ලිම් අන්තවාදීන්ගෙන් ජනතාවට විශාල කරදරයක් වුණා. විශේෂයෙන්ම දිගන සිදුවීම මාවනැල්ල සිදුවීම අම්පාර වගේ සිදුවීම් ගණනාවක් මේ රටේ ක්‍රියාවට නැගුණා. හැබැයි මාවනැල්ල සිදුවීම පිටුපස පොලිස් පරීක්ෂණ ආවරණය වෙනකොට මේ තුළ උදව් උපකාර කළ කණ්ඩායමක් සිටි බව පැහැදිලි වුණා. අපි පැහැදිලිව කියන්න කැමතියි කිසිසේත්ම රිෂාද් බදුර්දීන් අමාත්‍යවරයාට නැවත වරක් අමාත්‍යාංශයක් ලබාදීමට ඉඩ ලබාදෙන්නේ නැහැ. ඒ සඳහා කටයුතු කරනවා නම් විපක්ෂයේ විදිහට අපි නැවත වතාවක් විශ්වාසභංගය ගේනවා. ඒ වගේම අපිට ප්‍රශ්නයක් තියෙනවා හෙට අනිද්දා වෙන කොට නැවත වතාවක් ඉවත් කරපු ආණ්ඩුකාරවරුන්ටත් ඒ තනතුරු දෙක ලබා දෙයි ද කියලා. ආණ්ඩුකාරවරු දෙදෙනාට තවමත් සියලු වරප්‍රසාද තියෙනවා. ආරක්ෂාව ආරක්ෂක නිලධාරීන්, වාහන ඇතුළු රජයෙන් ලබාදෙන සියලු පහසුකම් ටික ලැබෙනවා. තනතුර විතරයි නැත්තේ. මේ විදියට දීගෙන දීගෙන යනකොට නැවත වතාවක් හිස්බුල්ලාටත් අසාත් සාලිටත් ආණ්ඩුකාර ධුර ලබා දෙයි කියලා අපිට සැකයක් තියෙනවා. එහෙම තනතුරු දුන්නොත් අපි ඒ සඳහා විරුද්ධව කටයුතු කරනවා.
පසුගිය දවස් වල එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මාධ්‍ය සංදර්ශනයක් තිබ්බා ඇමතිවරයෙක්ගේ හොරකම් ගැන එළි කරනවා කියලා. ඒවාට විසඳුමක් දුන්නේ නැත්නම් විශාල පෙරළියක් කරනවා කියලා කිව්වා. අඟහරුවාදා ඒ පෙරළිය කරයි කියලා අපි බලාපොරොත්තු වුණා. ඒත් අග්‍රාමාත්‍යවරයා හම්බුනාට පස්සෙ කියපු පෙරළිය වුණේ නැහැ.මේ අය කලින් අඬබෙර ගහලා කියනවා මෙහෙම කටයුත්තක් කරනවා කියලා. හැබැයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිසිම පෙරළියක් කරන්නේ නැහැ. මොකද තමන්ට අවශ්‍ය කරන සියලු යටිතල පහසුකම් ටික ලබා ගත්තට පස්සේ රජය හෝ පක්ෂය හෝ ඇමතිවරු විවේචනය කරන්නේ නැහැ. පසුපෙළ මන්ත්‍රීවරු දවස ගානේ නායකත්වය විවේචනය කළා. හැබැයි අපි කියනවා පසුපෙළ මන්ත්‍රීවරුන්ට මාධ්‍ය සංදර්ශන තියන්න එපා කියලා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දවස ගානේ එක එක ප්‍රකාශ කරනවා. එතුමා 2013 දි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉල්ලලා අස්වුනු අවසාන දිනයේ එතුමාට ලබා දීපු ඡන්ද සියල්ල එදා හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ කකුල් දෙක ලඟ තියලා මහින්ද රාජපක්ෂ මහතා සමඟ අත්වැල් බැඳ ගන්නවා කියලා කිව්වා. මේ ඊයේ පෙරේදා කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවා. චමල් රාජපක්ෂ මහතා කතානායක වෙනවා. බැසිල් රාජපක්ෂ මහතා ඇමැති කෙනෙක් වෙනවා. නාමල් රාජපක්ෂ නිරූපමා රාජපක්ෂ ඇමැති වෙනවා. එතුමා දන්නේ නැද්ද දන්නේ නැහැ නිරූපමා රාජපක්ෂ දේශපාලනයෙන් සමු අරන් ඉන්නේ කියලා. මම අහන්න කැමතියි එතුමා එදා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදලා සජිත් මහත්තයාගේ පැත්තේ ඉඳගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා විවේචනය කරපු නිසා පක්ෂයේ ඉන්න බැරි වුනා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වයඹ පළාතට තරග කලා. එතකොටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයායි. එදත් කථානායක චමල් රාජපක්ෂ මැතිතුමා. එදාත් ආර්ථික සංවර්ධන කටයුතු ඇමතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා. එදත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයෙක්. නිරූපමා රාජපක්ෂ මන්ත්‍රීවරියක් විදිහට කටයුතු කළා. එදා මේ වෙනස දැක්කේ නැද්ද. අද ද මේ වෙනස එතුමට මතක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි එතුමට මතක් කරන්න ඕන දේ තමයි පසුගිය කාලය තුළ ඉතා කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරයට පත් වුණා. එතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඇවිල්ල වයඹ මහ ඇමති වෙලා ආයෙ 2015 මැතිවරණයට තරග කරල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් වුණ. අපිට සැකයක් තියෙනවා මේ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණයක් ද කියලා. මට තව ප්‍රශ්නයක් තියෙනවා. 2015 ජනාධිපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තයට හිටපු ලේකම්තුමා කරපු දේ ද මේ මැතිවරණයේදී දයාසිරි ජයසේකර කරන්න ලෑස්ති වෙන්නේ කියලා සැකයක් තියෙනවා. එතුමට බොහොම පැහැදිලිව කියනවා රටේ ජනතාව ඉල්ලන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයෙක් පමණයි. ඒ හින්දා අපේ අපේක්ෂකයා පමණයි ඉදිරිපත් කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයෙක් පමණයි යෝජනා කරන්නේ. ඒ හින්දා එතුමා දවස ගානේ එක එක තැන්වල කරන ප්‍රකාශ පිළිබඳව අපි වාද කරන්න යන්නේ නැහැ. අපිට වෙනම මතයක් තියෙනවා. හැමදාම අපිට මේක ඉවසගෙන ඉන්නත් අමාරුයි. පක්ෂ දෙක ඒකාබද්ධ වෙන්න සාකච්ඡා කරන අතරතුර එතුමා තැනින් තැනට ගිහිල්ලා විවිධ ප්‍රකාශ කරනවා. අපි එතුමාගෙන් බැගෑපත්ව ඉල්ලීමක් කරනවා අපි එකතු වෙලා ගමනක් යනවා නම් ඒ ගමනේදී එකතු වෙලා කටයුතු කරන්න කියලා. අද අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපන් දිනය. එතුමාට අද අපි සුභ උපන්දිනයක් කියා ප්‍රාර්ථනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වි. චානක මහතා
වෙනදා පාර්ලිමේන්තුවට අයවැය ලේඛනයක් ඉදිරිපත් කරහම රටේ ජනතාවට ලොකු විස්වාසයක් තිබුනා. ඒක ක්‍රියාත්මක වෙයි කියලා ජනාතව තුළ බලාපොරොත්තුවක්තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ අයවැය ලේඛනයක් ඉදිරිපත් කලහම අවම වශයෙන් සියයට 90 ක ප්‍රතිශතයක් සියලු අමාත්‍යාංශ වල වැඩ කෙරුණා. හැබැයි මේ ආණ්ඩුව ඉදිරිපත් කරපු සියලු අයවැය වල උපරිම වැඩක් කෙරුණේ 60% ක් විතරයි. හැබැයි අද වෙද්දි මුදල් ඇමතිතුමා ප්‍රකාශ කරනවා තවත් අමාත්‍යංශවලට වෙන්කරපු මුදල් වලින් 15% කපා හරිනවා කියලා. වෙන කෙරුණ 60%යි.එකෙනුත් ඒකෙනුත් සියයට පහලොවක් 15% අඩු කරනවා කියන්නේ මේ සැරේ අයවැයෙන් සියට 50 ක් වත් වැඩ කෙරෙන්නේ නැහැ. මේ ආණ්ඩුව එක පැත්තකින් ආර්ථිකය විනාශ කළා. රටේ ආර්ථික සංවර්ධනය විනාශ කළා. සංචාරක ව්‍යාපාරය විනාශ කළා. ජාතික ආරක්ෂාව විනාශ කළා. මේ සියලුම දේවල් විනාශ කරලා රට එක පැත්තකට ඇදලා දාලා තියෙනවා. හැබැයි මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයට තියෙන විශාලම ගැටලුව තමයි එක පැත්තකින් ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයා අතර ගැටුම. එක්සත් ජාතික පක්ෂය ඇතුළේ විශාල ගැටුමක් තියෙනවා. මේ ගැටුම් විසදා ගන්නෙ නැතුව මෙතුමන්ලා කොහොමද ආණ්ඩුවක් වශයෙන් රටේ තියෙන ප්‍රශ්න විසඳන්න කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි දැක්කා දයාසිරි ජයසේකර මැතිතුමා දිගින් දිගටම ජනාධිපතිවරණයක් ගැන සහ අපේක්ෂකයා ගැන විවිධ ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිසේත්ම තනිවම ජයග්‍රහණය කරන්න බෑ කියලා එතුමා කියනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉන්නේ ලක්ෂ 45 ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි කියලා දයාසිරි ජයසේකර මැතිතුමා කිව්වා. මම මතක් කරන්න කැමතියි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ස්වාධීන කණ්ඩායම් එක්ව පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ලක්ෂ 50 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද ලබා ගත හැකි වූයේ ලක්ෂ 13ක් පමණයි. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් ගෙන් තුනෙන් එකක් දැන් ඉන්නේ අපිත් එක්ක. මැතිවරණය වෙලාවේ අපිට ගමේ ශාඛා සමිති තිබුනේ නැහැ. ඒ මොහොතේ ලාබාලම පක්ෂය වශයෙන් අවුරුද්දක් යන්න කලින් තමයි අපි ඒ ජයග්‍රහණය ලබාගත්තේ. හැබැයි මේ වෙද්දි අපිට ප්‍රාදේශීය සභාව තියෙනවා. ශාඛා සමිති තියෙනවා. ඉතාම ශක්තිමත් ව අපි මැතිවරණයට මුහුණ දෙන්න සූදානම්. එදාට වඩා අද වෙද්දි දහගුණයක් මේ ආණ්ඩුව පිරිහිලා තියෙන්නෙ. ඒ නිසා ලක්ෂ 50 ඉඳලා ලක්ෂ 65 දක්වා අපේ ඡන්ද ප්‍රමාණය වැඩිවෙලා තියෙන්නේ. නොවැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනඑක ස්ථිරයි. ඒක දයාසිරි ජයසේකර තියා කිසිම කෙනෙකුට නවත්වන්න බෑ.
දයාසිරි ජයසේකර මැතිතුමා කියනවා දහනවවැනි සංශෝධනයෙන් පස්සේ ඉස්සරහට ජනාධිපතිවරයාට බලතල නෑ කියලා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විදියට ජනාධිපතිවරයාට බලතල නැත්තම් ඇයි වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ව නැවතත් ජනාධිපති කරන්න හදන්නේ. දයාසිරි ජයසේකර මහ ලේකම්වරයා එතුමාගේ නායකයාට ආදරය නැද්ද? මේක තමයි දයාසිරි මැතිතුමාගේ දිගටම තිබ්බ ප්‍රතිපත්තිය. හැමදාම අත්තෙන් අත්තට පැනලා ඊළඟ මැතිවරණයේදී තමයි අත්තෙන් බිමට වැටිලා පස්ස බිම ඇන ගන්නේ. ඒ වගේම අපි දන්නවා විජයමුණි සොයිසා මැතිතුමාට කටාන ආසනයේ එක්සත් ජාතික පක්ෂය සංවිධායකකම දුන්නා. හැබැයි මේ විදියට මේ ප්‍රකාශත් එක්ක අපිට සැකයක් ඇති වෙනවා එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ ආසන සංවිධායකකම ලැබෙන්නේ දයා සිරි මන්ත්‍රීවරයාට ද කියලා. එදා ප්‍රහාරයට මූලික හේතුව තමයි කරුණු වසන් කිරීම. ත්‍රස්තවාදයෙන් ගැන දැනගත් කරුණු වසන් කරපු හින්දා තමයි එදා ප්‍රහාරය එල්ල වුණේ. අපි දැක්කා දයාසිරි මැතිතුමා කියනවා එදා ටාජ් හෝටලයට ප්‍රහාරය එල්ල වුණේ නැත්තේ විශේෂ පුද්ගලයෙක් පුද්ගලයෙක් ඒ ටාජ් හෝටලයේ හිටපු නිසයි කියලා. එහෙම හිටිය නං ප්‍රහාරය එල්ල වුණේ නැත්තං ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙක් වෙන්න ඕන. ඔහු ත්‍රස්තවාදයට සහයෝගය දුන්නා වෙන්න ඕන. හැබැයි දයාසිරි මන්ත්‍රීතුමා මේ මොහොතේදීත් එම පුද්ගලයා ගැන හෙළි කරන්නේ නැහැ. එතකොට එතුමා ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන පුද්ගලයෙක් වෙනවා. මේ මොහොතේදීත් එතුමා කරුණු වසන් කලොත් ඉස්සරහට එන සියලු ත්‍රස්තවාදී ක්‍රියාවලට දයාසිරි ජයසේකර වගකියන්න ඕන. හැමදාම රට තුළ ඉන්න ත්‍රස්තවාදීන්ට ලොකුම හිසරදය වූනේ මහින්ද රාජපක්ෂ මහතා. ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා පමණයි. 2015 මැතිවරණයේදී ත්‍රස්තවාදීන් සියලුම දෙනා එකතු වුණේ මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධවයි. 2015 සහරාන් වැඩ කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධවයි. මොකද ඔවුන් දැනගෙන හිටියා ත්‍රස්ත ක්‍රියාකාරකම් මහින්ද රාජපක්ෂ එක්ක ඉදිරියට කරගෙන යන්න බැරි බව. මේවා අපි නෙමෙයි කිව්වෙ තේරීම් කාරක සභාවට එන සෑම පුද්ගලයෙක්ම කියනවා සහාරාන් ඇතුලුත්‍රස්තවාදීන් සියලු දෙනා වැඩ කරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටයි කියලා. ඊයේ මවුලවී වරයෙක් තේරීම් කාරක සභාවට ඇවිල්ල ප්‍රකාශයක් කළා. 2016 තමයි මේ ත්‍රස්තවාදය ආරම්භ උනේ කියලා කිව්වා. 2017දී සහරාන් මුස්ලිම් නැති සියලුම අය ඝාතනය කරන්න ඕන කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ පිළිබඳව සාගල ඇමතිතුමාට දැනුම් දීලා තියෙනවා. අධිකරණ ඇමතිතුමාට, අගමැතිතුමාට, ජනාධිපති කාර්යාලය වගේ තැන්වලට දැනුම්දීලා තියෙනවා. ඇයි එහෙනම් ක්‍රියාමාර්ග ගත්තේ නැත්තේ. එදා 2015 මේ ත්‍රස්තවාදීන් යහපාලනය ගේන්න උදව් කරපු නිසා තමයි මේ පහුගිය කාලයේ විශාල නාටකයක් සිදුවුනේ. එක පැත්තකින් මුස්ලිම් අමාත්‍යවරයෙකුට ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුට චෝදනා එල්ල වුන වෙලාවේ සියලුම මුස්ලිම් අමාත්‍යවරු ඉවත් වුණා. හැබැයි මෙතුමන්ලා කිව්වේ පරීක්ෂණ අවසන් වනතුරු කිසිසේත් ඇමතිකම් ඇමතිකම බාරගන්නෙ නෑ. පරීක්ෂණවලට සහයෝගය දෙනවා කිව්වා. හැබැයි ක්‍රමානුකූලව අද වෙනකොට දෙන්න දෙන්න නැවත වතාවක් අමාත්‍ය ධුර ගන්න බව පෙනෙනවා.

ජනාධිපතිවරු අතරින් අසරණම ජනාධිපති මෛත්‍රීපාල

■ ශ්‍රීලනීප, පොදුජන පෙරමුණ දිගය කඩන්න මහ ලෙකම්වරයා උත්සාහ කරනවා.
■ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මැතිවරණයට ඉදිරිපත් වෙන්න ශක්තියක් තියෙනවා. ප්‍රතිපත්තියක් තියෙනවා. දැක්මක් තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා
අද අපි ඉන්නෙ ජනාධිපතිවරණය ගැන විවිධ කතා බහ කෙරෙන වැදගත් කාලයකයි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියල තියෙනවා රාජපක්ශවරු ආන්ඩුවක් පිහිටෙව්වොත් ඇමතිකම් අටක් රාජපක්ශවරුන්ට දෙන්න වෙනවා කියලා. එතුමට අමතක වෙලා තියෙනවා මහ ඇමතිකමට ඉල්ලන්න එතුමා එනකොට අපේ ආන්ඩුව කොහොමද තිබුනෙ කියලා. එතකොටත් මහින්ද රාජපක්ශ මහතා රටේ ජනාධිපතිවරයා. චමල් රාජපක්ශ මැතිතුමා කතා නායකවරයා. ඝෝඨාභය රාජපක්ශ මැතිතුමා ආරක්ෂක ලේකම්තුමා.බැසිල් රාජපක්ශ මැතිතුමා ආරථිික කටයුතු පිලිබඳ ඇමති. නාමල් රාජපක්ශ මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රි. ශශින්ද රාජපක්ශ මැතිතුමා ඌව පලාත් මහ ඇමති. එතකොට මේ තත්වය දන්නේ නැතුවද එතුමා අපේ පැත්තට ආවේ. එදත් ඔය ඔක්කොම හිටියා. එක්කෙනෙක්වත් අඩු නැහැ.මට බොහොම කණගාටුයි කියන්න මහින්ද මහත්තයා පරාජය වු වෙලාවේ කතානායක නිළ නිවාසේ මම ඉන්දෙද්දි කිව්වා මොනවා වුනත් අපි මහින්ද රාජපක්ශව අතහරින්නෙ නෑ කියලා. හැබැයි ඇමති කෑල්ලක් හම්බුන ගමන් ඒක අමතක වුනා .දැන් ලේකම්කම හම්බුනහම තවත් අමතක වුනා. මැතිවරනෙකට ගිහින් ශ්‍රි ලංකා නිදහස් පක්ශයයි පොදුජන පෙරමුනයි එකතු වෙලා කටයුතු කරන්න අපි කැමැත්තෙන් ඉන්නේ.මොකද අපි එකම පවුලේ සහෝදරයො දෙදෙනෙක් වගේ. එහෙම අවස්ථාවක ඒ දීගෙ කඩන්න කටයුතු කරනවා නම් අපි ඒ ගැන කනගාටු වෙනවා. මේ අය පුංචි වාසියකට ඒ එකතුව නැති කරන්න කටයුතු කරනවා නම් අපි එ ගැන කණගාටු වෙනවා. මහින්ද රාජපක්ශ මැතිතුමත් ඒ පවුලත් විවේචනය කරනවා කියන්නේ ඒ එකතුව කඩන්න කටයුතු කරනවා කියන එකයි. අපේ ජනාධිපති අපේක්ශකයා කවුද කියලා අපි කියලා තියෙනවා .පක්ෂෙ සම්මේලනයේදී අපි ඒක නිළ වශයෙන් කියනවා.එක්සත් ජාතික පක්ශයට මොකද වෙලා තියෙන්නෙ.දැන් එක එක රැස්වීමෙදි එක එක්කෙනා යෝජනා කරනවා.මේ අය දැන් අපේ අපේක්ෂකයත් නම් කරනවා. මයන්ත දිසානායක මහතා ගිය සුමානෙ චමල් රාජපක්ශ මහතාව ජනාධිපති අපේක්ශකයා කලා. තවත් එක්කෙනෙක් රාජපක්ශ මැතිනියව අපේක්ශකයා කලා. අපි ප්‍රාදේශීය මැතිවරනය දිනලා ජයග්‍රහනය පෙන්නුම් කරපු දේශපාලන පක්ෂයක්. ඒ හින්දා අපි ඔය කතා ගනන් ගන්නෙ නැහැ. අද එක්සත් ජාතික පක්ෂය වගේ ප්‍රබල දේශපාලන පක්ශයකට ජනාධිපති අපේක්ශකයා නම් කරගන්න බැහැ.එක්සත් ජාතික පක්ශය හැමදාම පක්ෂෙ නායකයා, අපේක්ෂකයා විදිහට නම් කලා. ඩී. එස්. සේනානායක මහත්තයා ඩඞ්ලි සේනානායක මහත්තයා සර් ජෝන් කොතලාවල මහත්තයා ජේ ආර් ජයවර්දන මහත්තයා ඕන තරම් පක්ශත් එක්ක එකතු වුනා. හැබැයි තරඟෙට එන්නෙ පක්ශ නායකයා. නමුත් අද මේ පක්ශය තරඟෙට එන නායකයා තෝරගන්න බැරි පක්ශයක් වෙලා. ජෙ ආර් ජයවර්දන මහත්තයා විශ්‍රාම යනකොට තීරනය කලා ඊලඟ අපේක්ශකයා ප්‍රේමදාස මහත්තයා කියලා. දැන් වාරදෙකක් එක්සත් ජාතික පක්ෂයට බැරි වුනා තමන්ගෙ නායකයා අපේක්ශකයා හැටියට ඉදිරිපත් කරන්න. දැන් බන්ඩාරගම මන්ත්‍රීතුමා කියනවා අපි අලුත් නායකයෙක් ගේනවා කියලා. තවත් කට්ටියක් කියනවා පෙරමුණකින් එනවා කියලා. ශ්‍රි ලංකා පොදු ජන පෙරමුන ඒ වගේ පක්ශයක් නොවෙයි. අපිට ශක්තියක් තියෙනවා ප්‍රතිපත්තියක් තියෙනවා වැඩපිලිවෙලක් තියෙනවා අපේ නායකයා කවුද කියලා.
අද පාර්ලිමේන්තුවේ යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා ඉතිහාසයේ පලවෙනි වතාවට ඇමරිකානු සමාගමකින් පඩි ගෙවන නිලදාරියෙක් කතානායක කාර්යාලයට පත්කරලා කියෙනවා. ඇයි අපිට බැරි ඒ වැටුප ගෙවන්න.අපේ රටේ ස්වාදීනත්වයට මොකද වෙන්නෙ.මේ කතානායක වරයා පාර්ලිමේන්තුවේ ස්වාදීනත්වය විකුණපු කතානායක වරයා බවට පත්වෙනවා.ඉතිහාසයේ කවදාවත් ලෝකෙ මොනම පාර්ලාමේන්තුවකවත් විදේශ රටකින් පඩිගෙවන නියොජිතයෙක් පාරලිමේන්තුවකට උපදේශකයෙක් හැටියට ඇතුල් කරන්නෙ නැහැ.හැබැයි කතාිනායක වරයා කතාකරන්නේ නම් බුදුවෙච්ච කතානායක වරයෙක් වගේ.යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරනවා. ප්‍රසාද් කාරියවසම් මැතිතුමාව ඇමරිකාවෙන් පඩි ගෙවලා කතානායක කාර්්‍යාලයට පත්කරගෙන තියෙනවා.එතකොට අපේ ස්වාදීනත්වයට මොකද වෙන්නේ. අපේ කතානායකවරයා තමයි මේ රටේ පාර්ලිමේන්තුවේ නායකයා. එයා එක එක රට වලට කත් අදින කතානායකවරයෙක් වුනොත් මොකද වෙන්නේ. පහුගිය කාලෙත් විදේශීය තානාපතිවරු ගෙන්න ගන්න මෙතුමා කටයුතු කලා.
අද මේ රටට තව ප්‍රශ්නයක් තියෙනවා. මෙරටට ඉන්නවා විදේශ ඇමති වරයෙක්. මාරපන මහත්තයා. එතුමා තානාපතිවරු එක්ක සාකච්චා කරන්නෙ නෑ. ජනාධිපතිවරයා අගමැතිවරයා අරුනම ඊලඟට කතාකරන්නෙ විදේශ ඇමති වරයානේ. හැබැයි දැන් කතාකරන්නෙ කතානායක. මෙහෙම විහිලුකාර පාර්ලිමෙන්තුවක් බවට අපේ පාර්ලිමේන්තුව පත්වෙලා. අද මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය කව්රුවත් කතාකරන්නේ නෑ. දැන් පාස්කු ඉරිදා සිද්දියෙන් තුන්සිය ගනනක් මැරුනා. තව දහස් ගනනක් තුවාල වුනා. ඒ අය ගැන කවුද කතා කරන්නේ. තානාපතිවරු ගෙනල්ලා රට සංවර්දනය කරන්න කතාකරනවා. නමුත් මේ අහිංසක මිනිස්සු ගැන කතාකරන එක නායකයෙක්වත් නෑනෙ. කාදිනල්තුමා විතරයි ඒ ගැන කතාකරන්නෙ
සමහර දරුවො අද විදේශ රටවලට ගිහිල්ලා බෙහෙත් ගන්න තත්වයට පත්වෙලා තියෙනවා. ඒ ගැන ජනාධිපතිතුමා අගමැතිතුමා හෝ සෞඛ්‍ය ඇමැතිවරයා කතා කරන්නේ නැහැ.
පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවෙදි පොලිස් නිලධාරීන්ගෙන් අහනවා හෙල්මට් දාගෙන යන්නේ නැති අය එහෙ ඉන්නවාද අහනවා. රාජිත සේනාරත්න කියනවා අපේ පැත්තෙත් ඉන්නවා කියලා. ඒ කියන්නේ බේරුවලත් නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නිලධාරීන් ගෙන්වලා බාල්දු කරවනවා. මේ වෙද්දි සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා හෝටල් 75%ක් විතර පාලනය කර ගන්න බැහැ. තාවකාලික සේවකයෝ අයින් කරනවා. රියදුරන්ට, මග පෙන්වන්නන්ට රුකියා නැහැ. වක්‍ර ආදායම් ලැබූවන්ට රැකියා නැහැ. ආන්ඩුව ණය නතර කළාට හරි යන්නේ නැහැ. හෝටලේ පඩි ගෙවන්න, නඩත්තු කරන්න ඕනේ. ජෝන් අමරතුංගට නම් නයිට් ක්ලබ් දැම්මාම ඇති. මැතිවරණ කොමිෂමක් පත්කළාට ඡන්දය පවත්වන්න විදියක් නැහැ. අගමැතිවරයා උත්තර දෙන්නේ නැහැ. ජනාධිපතිඋත්තරයක් දෙන්නේ නැහැ. හැබැයි කතානායකවරයා කියන්නේ යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙන යන බවයි. අපි කණගාටු වෙනවා මේ ආන්ඩුව ගැන. වහාම මැතිවරණයක් පවත්වන්න. ජනතාවට මේ ප්‍රශ්නය විසදා ගන්න අවස්ථාව දෙන්න. ජනතාවයි පාලකයෝ පත්කරන්නෙත් පාලකයෝ ගෙදර යවන්නෙත්.

■ ජනාධිපතිවරණය ළගයි. නමුත් දේශපාලන පක්ෂ ව්‍යාකූලයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්නේ ජයග්‍රාහී මානසිකත්වයකයි.
■ මෙතෙක් පත් කෙරුණු ජනාධිපතිවරු අතරින් ඉතා අසරණම ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. එතුමාට අගමැතිවරයාත් නැහැ කැබිනට් මණ්ඩලයත් නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා
නිතරම අහන්න ලැබෙන්නේ රටේ රටේ අරාජික තත්ත්වය ගැනමයි.ජනාධිපතිවරණයට තව තිබෙන්නේ තව දින එකසිය විස්සක් පමණ කාලයක්. නමුත් රටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් ව්‍යාකූල වෙලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේ පක්ෂයේ සිටින්නේ තැන්පත් තැන්පත් ජයග්‍රාහී ජයග්‍රාහි මානසිකත්වයක. ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පක්ෂයේ අභ්‍යන්තරයේ ප්‍රශ්න ඇතිවෙලා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඇතුළු පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විදියට සජිත් ප්‍රේමදාස මහතාව යෝජනා කරනවා. නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ගැන කතා කරන්න එපා යි තමන්ගෙ මන්ත්‍රිවරුන්ට පවසා තිබෙනවා.
පහුගිය දවස් ටිකේ සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කරමින් කෑගහපු නීති විශාරද අජිත් පි පෙරේරාට පිට කොන්දක් තිබෙනවානම් තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට සජිත් ප්‍රේමදාස මහතා නම් කරන්නයි කියන කතාව දැන් කියලා පෙන්නන්න.
මෙතෙක් පත් කෙරුණු ජනාධිපතිවරු අතරින් ඉතා අසරණම ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. එතුමාට අගමැතිවරයාත් නැහැ කැබිනට් මණ්ඩලයත් නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් පත්කළ තේරීම් කාරක සභාවට ආරක්ෂක අංශ නිලධාරීන් යවන්නේ නැති බව සඳහන් කළා.නමුත් වත්මන් කතානායක කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපතිවරයාව තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ.මේ දවස් වල ආරක්ෂක අංශ නිලධාරීන් තේරීම් කාරක සභාව හමුවට ගෙන්වමින් තිබෙනවා. මේ තේරීම් කාරක සභාව උත්සාහ කරමින් සිටින්නේ පසුව ඉරිදා සිද්ධියෙන් සියලු වගකීම් ජනාධිපතිවරයා පිට පැටවීමටයි. තේරීම් කාරක සභාවේ සංයුතිය සම්බන්ධයෙනුත් අපට ගැටළුවක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ තේරීම් කාරක සභාවට පත් වෙලා ඉන්න නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා තමන්ගේ පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂක ඊබ්‍රාහිම් ආරක්ෂා කළ යුතුයි. ඊබ්‍රාහිම්ගේ ළමයි දෙන්නෙක් බෝම්බ පුපුරුවා ගත්තා.තේරීම් කාරක සභාවේ තවත් විනිසුරුවරයෙක් වෙන රවි කරුණානායක මහතා. මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතයෙක්.ඒ වගේම එම සිද්ධියට අදාළව ඇමතිධූරයෙන් ඉල්ලා අස්වූවෙක්. රාජිත සේනාරත්න ඇමතිවරයාගේ නම අලුත්ගම සිද්ධිය සම්බන්ධයෙන් කියවෙනවා. ඒ වගේම ඔහු රජයට වංචා කිරීමේ සිද්ධියකට අදාළව මන්ත්‍රී ධූරය අහිමි වුවෙක්.
පාස්කු සිද්ධියට පසු දින හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා හෝටලයකට යන දර්ශනයක් හැම මාධ්‍යයකම ප්‍රචාරය වුණා. නමුත් හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයාගෙන් තේරීම් කාරක සභාවේ කිසිම කෙනෙක් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළේ නැහැ.තේරීම් කාරක සභාව කරන්නේ පරිදි සිද්ධිය ජනාධිපතිවරයා පිට පටවා ඉදිරි මැතිවරණයකදී තමන්ගේ ඡන්ද ප්‍රමාණය වැඩිකර ගැනීමේ උපක්‍රමයක්.ජනතා විමුක්ති පෙරමුණ පෙරමුණත් මේ කට්ටියට දුම්මල අල්ලන කෙනා වගේ ඉන්නවා. මේ තේරීම් කාරක සභාවෙන් අසාධාරණයට පත් වුණු පත්වූ ජනතාවට කිසිම සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ.
ළමා ආරක්ෂණ අධිකාරිය පාස්කු ඉරිදා සිද්ධියෙන් හිස්කබල් වලට හානි උණු දරුවන්ගේ සැත්කම් සඳහා මුදල් පරිත්‍යාග කල හැකි අය ගෙන් පරිත්‍යාග ඉල්ලා දැන්වීමක් පළ කරනවා. මේ පුංචි දරුව ගේ සැත්කම් කරගන්නවත් බැරි ආණ්ඩුවක් තියෙන්නෙ. ලැජ්ජා වෙන්න ඕනේ. හරිනම් ඇමතිවරිය ඉල්ලා වෙන්න ඕන.මේ දරුවො ටික සුවපත් කිරීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට.
දරුවන්ගේ සැත්කම් වලට මුදල් නැති වුණාට ආණ්ඩුව මිලියන 1000 ක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.ඒ කන්ද උඩරට ඇමතිවරයාගේ ගේ හදාගන්නයි තවත් අයට වාහන ගන්න. අපි පාර්ලිමේන්තුවේදී මේ ගැන ප්‍රශ්න කරාම ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා අපෙන් අහනවා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්තයට වෙඩි නොවදින වාහනයක් අවශ්‍ය නැද්ද කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයට අලුතින් වාහනයක් ඉල්ලන්නේ නැහැ.නිල බලයෙන් විපක්ෂ නායක ධූරයට හිමි වාහන ඉල්ලන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයට විපක්ෂ නායක වරයා විදිහට නිලබලයෙන් හිමි වෙලා තියෙන වාහන විශේෂ කැබිනට්වෙ මණ්ඩල පනත කින්ලා පනතකින් හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ට දුන්නා. මහින්ද රාජපක්ෂ මහත්තයා පාවිච්චි කරන වාහනය යන යන තැන කැඩෙන නිසයි වාහනයක් ඉල්ලූවේ.
සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති අපේක්ෂක ඇඳුම ඇඳන් හිටියා .ජනාධිපති වරණයට මුහුණදෙන්න හැමතැනම ගෙවල් හදාගෙන ගියා. පාර්ලිමේන්තු පැත්තේ එන්නෙත් නැහැ. හැබැයි හම්බන්තොට තිස්සමහාරාමයේ මාස එකොළහක දරුවෙක් කන්න නැතුව මැරුණා. තිස්සමහාරාමය එතුමගෙ ආසනයයි .කිව්වේ නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හම්බන්තොටට වැසිකිළියක්වත් හැදුවේ නෑ කියලා . එයා ජනාධිපතිවරණය සඳහා සූදානම් වෙන්න රට වටේ යද්දි එතුමාගේ ආසනේ දරුවෝ කන්න නැතුව මැරෙනවා. දැන් පුළුවන් සදා ලෝක පූජිත කන්න නැතුව දරුවා මලගම කියලා ගමන් හදන්න. මේ වන විට මව්වරු අතර නීරක්තිය, අඩු බර දරු උපත්, මළ දරු උපත් වැඩි වැඩිවෙමින් තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයගෙ ආසනය වෙන තිස්සමහාරාමයෙන් කන්න නැති මිනිස්සු ඉන්න බව ඔප්පු වුණා. ජනතාවගේ තියන එකම විමුක්ති මාර්ගය මැතිවරණයයි. මැතිවරණයෙන් තමන්ට කැමති, තමන් පාලනය කළ හැකි පාලකයින් පිරිසක් පත්කර පත් කර ගැනීමේ අවස්ථාව ජනතාවට හිමි විය යුතුයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා අපි සූදානම්. නොවැම්බර් මාසයේ අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි.

මාධ්‍ය -ඉල්ලා අස්වනු ආණ්ඩුවේ ඇමතිවරු මේ වෙනකොට නැවතත් හිටපු ඇමති ධුර වල දිවුරුම් දෙන්න පටන් අරන්
ගාමිණී ලොකුගේ මහතා – ඒ වෙලාවේ වෙලාවෙ ජනතා විරෝධය මගඇරලා තමන්ගේ ඇමතිවරයා බේරගන්න රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කරපු මගඩියක් පමණයි ඒ සිද්ධිය. හරිනම් මේ වෙනකොට රිෂාද් බදුර්දීන් ඇමතිවරයාට විරුද්ධව ගෙනාපු විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වෙලා. ඇමැතිවරයා පැරදිලා. ඇමැතිවරයා පරදින එක වලක්වා ගන්නයි මේක කළේ. කබීර් හකීම් වගේ ඇමතිවරුන්ට කිසිම චෝදනාවක් එල්ල උනේ නැහැ. රවි කරුණානායක මහතාට විශ්වාසභංගය ගෙන ආපු වෙලාවෙත් මේ වගේ දෙයක් වුනේ .රවි කරුණානායක ඇමති ධූරයෙන් අයින් වුණා. ඊට පස්සේ නැවත ඇමති ධුරයක දිවුරුම් දුන්නා. නමුත් චෝදනාවෙන් සුද්ද වුණේ නැහැ.
මාධ්‍ය – මුස්ලිම් ඇමතිවරු ආණ්ඩුවට කල් දුන්නෙ මාසයයි නේද
ගාමිණි ලොකුගේ මහතා – ඔව් මාසයක් දුන්න. ආන්ඩුවම ආණ්ඩුවට කල් දුන්නා. ් මේ බොරුව කපටකම් ගැන ජනතාව තේරුම් අරන් ඉන්නේ.
මාධ්‍ය- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී නැවතත් ජනාධිපතිවරනයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කළා
ගාමිණි ලොකුගේ මහතා -කාට උනත් ඉල්ලන්න පුළුවන්. සිද්ධාලේප වෙද මහත්තයත් ඉල්ලුවේ. අපි අපේ අපේක්ෂකයා දන්නවා.අපේ ජනාධිපති ධූර අපේක්ෂකයා කවුද කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරියේදී සඳහන් කරයි .අපි මහින්ද රාජපක්ෂ මහත්තයා නම් කරන අපේ අපේක්ෂකයා වෙනුවෙන් වැඩ කරන්නේ.අපි තීරණ ගන්න ඕනේ ජනමතය එක්කයි .
මාධ්‍ය-ඉදිරියේදී ජනාධිපතිවරයා ගෙන් ආරක්ෂක අමාත්‍යාංශය ඉවත් කරන බවට කතාවක් තිබෙනවා
ගාමිණිී ලොකුගේ මහතා -ඒක කරන්න වෙන්නේ ඊළඟට පත්වන ජනාධිපතිවරයාගේ කාලයේ දී .දහනම වැනි සංශෝධනයෙන් වෙච්ච දෙයක්. දහනව වැනි සංශෝධනය කියන්නේ මහා අවුලක් බව දැන් ඔප්පු වෙලා අවසන්. අපේ ආණ්ඩුවක් බලයට පත් වුනාම අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නිසා නැවත සංශෝධනය කරනවා.රටට ගැලපෙන විදියට වෙනස් කරනවා.
රංජිත් සොයිසා – ඒ දරුවාගේ පීතෘත්වය තියෙන්නෙ ආණ්ඩුවට.ඒ අය සූදානම් නැහැ දහනවය සංශෝධනය කරන්න .අපේ රජයක දී දහනවය වෙනස් කරන්න අපි සූදානම්.
මාධ්‍ය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පක්ෂයත් එක්ක කෙරෙන සාකච්ඡා සාර්ථකයි ද
ගාමිණි ලොකුගේ -අපි උත්සාහ කරන්නේ සාර්ථක කරගන්න.
මාධ්‍ය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම්වරයාගේ කථා බාධාවක්ද
රංජිත් සොයිසා – දයාසිරි ජයසේකර හිතින් හදාගත්තු කතාවක්.දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙනකොට තිබුණේ අද තියෙන තත්ත්වයම තමයි.දයාසිරි ජයසේකර එක්සත් ජාතික පක්ෂය පේන්නෙ නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහගේ බෑනා රුවන් විජේවර්ධන ඉන්නවා. දයා ගමගේ ඇමතිවරයාගේ නෝනා අනෝමා ගමගේ ඉන්නවා. රාජිත සේනාරත්න චතුර සේනාරත්න ඉන්නවා. මයන්ත දිසානායක නවින් දිසානායක ඉන්නවා .හැබැයි දයාසිරි ජයසේකරට පේන්නේ රාජපක්ෂවරු විතරයි
මාධ්‍ය -ඇමරිකාවේ වැටුප් ගන්න කෙනෙක් පාර්ලිමේන්තුවට පත් කරගන්න පුලුවන්ද
ගාමිණි ලොකුගේ මහතා – ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේවත් ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේවත් මෙහෙම දෙයක් සිද්ධ වෙලා නෑ. කරූ ජයසූරිය කථානායකවරයා ඇමරිකාව ඉස්සරහා දණ ගහලා ඉන්නේ .ඒකට අපි විරුද්ධ. රටක් විදියට අපේ ස්වාධීනත්වය රැක ගන්න ඕන.

රට කඩා වැටුනත් ආණ්ඩුව අත අරින්නනම් එජාපය සූදානම් නැහැ

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා

■ ලිඡ්ඡවි කෙසේ වෙතත් අජාසත් ක්‍රමයට නම් මේ ආණ්ඩුවේ වැඩ කෙරෙනවා.
■ අද ඉන්න මුස්ලිම් නායකයෝ අතර ජාතික නායකයෝ නැහැ.
■ මහ මැතිවරණයකට යෝජනාවක් ගේනවා නම් අපි පාර්ලිමේන්තුවේදි ඒ සදහා අත ඔසවනවා.

අපි ක්‍රමානු කූලව එලඹෙමින් සිටින්නේ මැතිවරණ කාලයකටයි. ඊලඟ ජනාධිපතිවරයා පත්කරගැනීම පිලිඹඳ කාරනාව ඔක්තෝම්බර් වලින් පටන් ගෙන දෙසැම්බර් වලින් අවසන් විය යුතුයි. ඒ නිසා මේ කාලය තුල ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් පිලිබඳ කතා බහ කෙරෙනවා. අපි සියල්ලටම සූදානම්. අපේ අපේක්ෂකයා කවුද කියලත් අපි වෙලාවට කියන්නම්. ඒ අනුව ජනාධිපතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා අපි වැඩ කටයුතු කරගෙන යනවා. අපේ රටේ අද තියෙන ආර්ථික දේශපාලනික රටාව ඉතිමත්ම ශෝචනීයයි කියලා අපි විශ්වාස කරනවා. හැම පැත්තෙන්ම අපිට දකින්නට ලැබෙන්නේ සෘණ කාරනා. ධණ කාරනා කිසිවක් පෙනෙන්නේ නැහැ. එකක් තමයි දේශපාලනික වශයෙන් මේ ආණ්ඩුව ඇතුලෙ තිබෙන අර්බුද. ලිඡ්ඡවි ප්‍රතිපත්ති වලට එකතු වෙන්න කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊයෙත් කියනවා මම දැක්කා. ලිඡ්ඡවි කෙසේ වෙතත් අජාසත් ක්‍රමයට නම් වැඩ කෙරෙන බව අපිට පෙනෙනවා. මේ ආණ්ඩුවට දර්ශනයක් නැති නිසා හැම තැනම ආරවුල් නිර්මානය වෙලා තියෙනවා. ආන්ඩුවකට දර්ශනයක් තියෙනවා නම් අනිවාර්්‍යයෙන්ම වැඩ පිලිවෙලක් නිර්මානය වෙනවා. ඒ හරහා ක්‍රමවේදයක් නිර්මානය වෙනවා. නමුත් මෙ ආන්ඩුවට දර්ශනයක් වැඩපිලිවෙලක් ක්‍රමවේදයක් නැහැ. මේ තේරීම්කාරක සභාවක් පත්කරන්නට අපි හුඟදෙනෙක් අත්සන් කලා. ඇත්තටම තේරීම් කාරක සභාවක් ඕන වුනේ පාස්කු ප්‍රහාරය පිලිඹඳ ඇත්ත හෙලිකර ගැනීමට සහ කොතනද අපිට වැරදුනේ කියන දේ හඳුනාගැනීමටයි. එහෙම නැතුව කිසිම කෙනෙක්ව ඉලක්ක කරගන්නට පොදුජන පෙරමුනට අවශ්‍ය වුනේ නැහැ. නමුත් රිෂාඞ් බදියුදීන් ගේ විශ්වාසභංගයත් එක්කම පාර්ලිමේන්තුව ඇතුලෙ ලොකු විකාරයක් කරන්නට එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව කටයුතු කලා. තේරීම් කාරක සභාවක් කියන්නේ බොහොම ගෞරවාන්විත සභාවක්. ඒ වගේ සභාවක් ඇතුලෙ පුද්ගලයින් හෝ වෙනත් කිසිවක් ඉලක්ක කරගන්න බැහැ. සැබෑ සිද්දියක් පාර්ලිමේන්තුව විසින් ජනතාවට දැන ගැනීම සඳහා වාර්තාවක් සකස් කරන ක්‍රමවේදයක් පමනයි තේරීම් කාරක සභාවකින් කරන්න පුලුවන්. අද සිදුවෙලා තියෙන්නේ මොකද්ද කියලා පැහැදිලියි. තමන් නිවැරදියි අහවල් අය වැරදියි කියන තැනට තල්ලු කරන වැඩපිලිවෙලක් තමයි දැන් තියෙන්නේ. උදාහරනයක් ගත්තොත් තෙරීම් කාරක සභාවට ආපු අයි.ජී.පි. ගෙන් ප්‍රශ්න කරපු විදිහත් අනෙක් අයගෙන් ප්‍රශ්න කල විදිහත් බලන කොට තේරීම් කාරක සභාවක මූලික හරයවත් මේ අයට තේරෙනවද කියලා සැකයක් ඇතිවෙනවා.
සහරාන් ඇතුලු පිරිස බෝම්බ පුපුරවා ගත්තෙ පාස්කු ඉරිදා වුනාට ආරක්ශක අංශ ඒක හොයන්න ගත්තෙ ඊට කලින්. එ වාගේම වනාතවිල්ලුවෙන් විශාල ආයුද තොගයක් එක්ක මේ කල්ලිය අහුවෙනකොට ඒ පිලිඹඳ තොරතුරැ හොයන්න පටන් අරන් තිබුනෙ ඊට කලින්. එක්සත් ජාතික පක්ෂය මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා දීර්ග කාලයක් පොලීසිය පාලනය කලා. ජනාධිපතිවරයා පාලනය කලේ ටික කාලයයි. කලින් ඉඳලා මේ පරීක්ෂන පැවැත්වෙලා තියෙනවා.මේකෙ ඇත්ත දැන ගැනීම වෙනුවට අද තේරීම් කාරක සභාව හොයන්නෙ රාජ්‍ය සේවකයින්ගේ ඇඳුම මොකද්ද කියන එකයි. ඒ තරමටම පහත් තත්වයට වැටිලා තියෙනවා. එතනට ලඝු වුනාට පස්සෙ එ තේරීම් කාරක සභාවෙන් වැඩක් නැහැ. එ නිසා තමයි මේ තෙරීම් කාරක සභාවට අපි නොගියෙ. අපි දැනගෙන හිටියා මේ තේරීම් කාරක සභාව නිවැරදි ඉලක්කයක් කරා යන්නෙත් නැහැ ඇත්ත හොයන්න ඕනෙත් නැහැ ඇත්ත ගැන කතාකරන්නෙත් නැහැ කවුද වැරදි කියලා කාටහරි පටවලා වාර්තාවක් ඉදිරිපත් කරයි කියලා. ඉල්ලා අස්වුනු ඇමතිකම් බාරගැනීම සම්බන්ධයෙන් මුස්ලිම් මන්ත්‍රීවරු අද සාකච්ඡා කරනවා කියලා ආරංචියි. අපි දිගටම කිව්වා මේක නාටකයක් කියලා. නාටකය ඇතුලෙත් තියෙන්නෙ ලස්සන කතාවක්. ඇත්ත වශයෙන්ම මේ රටේ ආගමික ත්‍රස්තවාදයට සම්බන්ධවුනු පිරිස ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ. ඒක පොලීසියට බාරදීලා දේශපාලඥයො තමන්ගෙ අනාගතය ගැන කතා කරනවා. අපිට එහෙම ඉන්න බැහැ. බෝම්බෙන් මැරුන මිනිස්සු ගැනත් ඊට මූලුක වු අන්තවාදී කල්ලි කවුද කියලත් ඔවුන්ට දඩුවම් කිරීම දක්වාත් දේශපාලඥයින් කටයුතු කල යුතුයි කියා අපි විශ්වාස කරනවා. ඊට හේතුව තමයි ඒ අය අතර ජාතික නායකයින් කියන අය නැති වීම. මේ රටේ නිදහස ලබා ගන්න වෙලාවෙ ජාතික ප්‍රශ්නවලදි මුස්ලිම් ප්‍රජාව ප්‍රභලව මැදිහත් වුනා. දේශපාලනයේදි හෝ පොදු වැඩවලිදී ඔවුන්ට ජාති ආගම් භේදයක් තිබුනේ නැහැ. අද ඉන්න නායකයෝ අතර ජාතික නායකයෝ නැහැ. ඔවුන්ට තිබෙන්නේ කුඩා උවමනාවන්. අන්තවාදය ගැන සාකච්චා කරලා විසදුමකට එනවා වෙනුවට ඔවුන්ගේ අය ආරක්ෂා කරන්නයි කියලා ඇමැතිධූරවලින් ඉවත් වුනා. මෙහි නිවැරදි තත්ත්වය හොයලා අපරාධකරුවන්ට දඩුවම් කිරිම ගැන මොවුන් කතා කරන්නේ නැහැ. මේ අය ඇමැති කම් ගත්තත් සිද්ධ වෙන්නේ මේකයි. අපිට අවශ්‍ය වෙන්නේ ජාති ආගම් බේදවලින් තොර එක වැඩපිළීවෙලක් විතරයි.
ව්‍යවස්ථාවට අනුව මහ මැතිවරණයක් තියන්න ඕනේ. ඒකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ඕනේ. ජනමත විචාරණයක් කියන්නේ අදහසක් විතරයි. ඒ නිසා වියදම් කරගන්නේ නැතිව කෙළින්ම මැතිවරණයක් තිබ්බා නම් හරි. මේ ආන්ඩුව යහපාලනය ප්‍රජාතනත්ත්‍රවාදය ගැන කතා කළාට මැතිවරණ නිවැරදිව තියන්නේ නැහැ. ඊළග මැතිවරණය ගැන කතා කරන්නවත් සමහරු කැමැති නැහැ. ජනාධිපතිවරණය ව්‍යවස්ථාව අනුව පැවැත්විය යුතුයි. මහ මැතිවරණයක් තියනවා නම් අපි යෝජනාව සම්මත කර ගන්න අත් ඔසවනවා. ආර්ථික වශයෙන් කඩා වැටුනු හොද තොරතුරක් අහන්නවත් නැති තැනකයි අපි ඉන්නේ.ආරක්ෂාව ගැන බලාපොරොත්තු ඉඩවෙලා. ජිවත්විම අවිනිශ්චිත තැනකයි තියෙන්නේ. මෙවැනි තත්ත්වයක සිදුවිය යුත්තේ ජනතාවගේ කැමැත්ත අනුව පාලකයින් තෝරා ගැනීමේ අවස්ථාව සැලසීමයි.

■ 19 රට අර්බුදයෙන් අර්බුදයට පත් කරමින් තිබෙනවා.
■ එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිධූර අපේක්ෂකයෙක් තෝරා ගැනීමේ ගැටලුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඒ මහතා
දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රට අර්බුදයෙන් අර්බුදයට පත් කරමින් තිබෙනවා. ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ගැටුම් 19 ව්‍යවස්ථා සංශෝධනය මගින් තව තවත් උත්සන්න කරමින් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වගන්තිය ඉවත් කර ඇති බව සඳහන් කර තිබෙනවා. නමුත් දහනම වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ආනුශාංගික විධිවිධාන යටතේ වර්තමාන ජනාධිපතිවරයාට පමණක් ආරක්ෂක මහවැලි සංවර්ධන හා පරිසර විෂය හා ඊට අදාල කාර්යයන් හා කර්තව්‍ය කිරීම තම භාරයේ තබා ගත යුතු බව අමාත්‍යංශයට තීරණය කිරීමට බලය තිබෙනවා.
පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ වර්තමාන තත්ත්වය ගැන බලන විට රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව අනවශ්‍ය බලයක් යොදමින් ඔවුන් අපහසුතාවයට පත් කිරීමට සූදානම් වන බව පේනවා. මේ ආකාරයට බුද්ධි අංශ නිලධාරීන් අනාවරණය වීම ආරක්ෂක විධිවිධාන සමාජයට අනාවරණය වීම ආදිය තුළින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා තියෙනවා. මේ තත්ත්වය සැළකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න පාර්ලිමේන්තුව විසින් තීරණයක් ගත යුතුයි .
මතට තිත වැඩසටහන යටතේ මත්පැන් සහ සිගරට් වලට රජය විසින් අලුතින් නීති පැනෙව්වා. සිගරට් පැකට්ටුවේ සියයට අසූවකම දුම්පානයේ ප්‍රතිවිපාක සඳහන් රූපරාමු ඇතුලත් කරා. එවැනි පියවර ගෙන තිබියදීත් මුදල් ඇමතිවරයා සූදානම් වෙන්නේ චීනයෙන් සිගරට් ගැන්වීමටයි. ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය හරහා ආණ්ඩුව ඇතුළේ අලුත් අර්බුදයක් මතු වෙමින් තිබෙන බව පේනවා. ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරන්නේ මුදල් ඇමතිවරයා චීනෙන් සිගරැට් ගෙන්වීම සඳහා අනුමැතිය දුන්නොත් ආණ්ඩුවෙන් ඉවත් වන බවයි. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ද තමා මුදල් ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ ආකාරයෙන් කටයුතු කළ නොහැකි නම් මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත්වන ලෙස මංගල සමරවීර ඇමතිවරයා ට දැනුම් දෙනවා. එකම ආණ්ඩුවක් තුළ ඇමතිවරු එකිනෙකා එකිනෙකාට විරුද්ධ ප්‍රකාශ කියමින් රට තව තවත් තවදුරටත් අර්බුදයට යවමින් තිබෙනවා. මේ ප්‍රශ්න විසදීම සඳහා විධායක බලතල පාවිච්චි කරන ලෙසත් ජනාධිපතිවරයාට ඉල්ලීම් ඉදිරිපත් කරනවා.
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයෙකු ඇමතිවරයෙකුගේ විශාල මූල්‍ය වංචාවක් හෙළි කරන බව සඳහන් කරනවා.මෙයත් පක්ෂයේම අභ්‍යන්තර අර්බුදය ක් බව පෙනෙනවා. ඒ වගේම අස්ගිරි පාර්ශ්වයේ මහනායක පූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමි එක්සත් ජාතික පක්ෂයේ රටට ආදරය කරන නායකයෝ නැති බව ප්‍රසිද්ධියේ සඳහන් කළා. මෙය භයානක ප්‍රකාශයක්. මෙවැනි ප්‍රකාශයක් පූජ්‍ය පක්ෂයේ නායකයෙක් විසින් කරපු පළමු අවස්ථාව මෙයයි. පූජ්‍ය පක්ෂයට ආණ්ඩු පක්ෂය කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති බව මෙයින් කියවෙනවා. පූජ්‍ය පක්ෂයේ වගේම සමාජයේ සෑම ස්ථාවරයක ම අදහස වෙලා තිබෙන්නේ මේ ආණ්ඩුව තවදුරටත් බලය පැවතීම සුදුසු නැති බවයි. ආණ්ඩුව විහිලු සපයන්නේ නැතිව මොනම මැතිවරණයක් හෝ පැවැත්විය යුතු යි. ජනතාව කැමති ආණ්ඩුවක් බලයට ගෙන ඒමේ අවස්ථාව ජනතාවට ලබා දිය යුතුයි.
ජනාධිපතිවරණය ආසන්න වන විට ජනාධිපති අපේක්ෂකයා ගැන එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය තව තවත් උත්සන්න වෙමින් තිබෙනවා .පසුපෙළ මන්ත්‍රීවරු සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු අපේක්ෂකයා ලෙස නම් කරනවා. ඒ අතරේ සමීක්ෂණ වාර්තා මගින් කරු ජයසූරිය මහතාට සියයට පනහකට වැඩි ප්‍රතිශතයක් තිබෙන බව ප්‍රචාරය කරනවා. මේ සියල්ල පක්ෂ අභ්‍යන්තරයේ පවතින අර්බුදය හෙළිකරනවා. එක්සත් ජාතික පක්ෂයේ මේ අභ්‍යන්තර අර්බුද ඉහළ සිට පහළටම ඔඩුදුවලා යි තිබෙන්නේ. ඒ වගේම විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ඇති අර්බුදය විසඳා ගත නොහැකි තත්වයකට පත්වෙලා. මේ ප්‍රශ්න නිසා රට අරාජික වෙලා. දැන් තිබෙන්නේ කඩිනමින් ජනතාවට මැතිවරණයක් ලබාදීමයි.

■ පොසොන් උත්සවයට අනුරාධපුරයේ සෙනග නැහැ.
■ රට මොන තරම් කඩා වැටුනත් ආණ්ඩුව අත අරින්නනම් එජාපය සූදානම් නැහැ
■ නැව ගිලෙන බව දැනෙන කොට ගෙම්බා පනිනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා.
යහපාලන ආණ්ඩුව බලයට ඇවිත් ජනතාවට කිසිම වැඩක් කළේ නැහැ. අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුණාම තනි ආණ්ඩුවක් හැටියට වැඩ කරන්න හැකියාව ලැබුණු බව කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කකුලෙන් අදින නිසා වැඩ කරන්න බැරි වුණු බවයි කිව්වේ .ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වුණාට පස්සේ ජනතාව ජනතාව සිංහල අලුත් අවුරුද්ද සැමරුවා.නමුත් සිංහල අලුත් අවුරුද්ද සමරන්න තරම් ආර්ථික ශක්තියක් ජනතාවට තිබුණේ නැහැ.සිංහල අලුත් අවුරුද්ද ඈලියාවට ගියා .ඊට පස්සේ වෙසක් උත්සවය ආවත් ආර්ථික ප්‍රශ්න සහ සහරාන්ගේ බෝම්බ නිසා වෙසක් උත්සවයත් ඈලියාවට ගියා. වෙසක් උත්සවයටත් හරියන්න එක්ක පොසොන් උත්සවය ඉහළින්ම සමරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා. මගේ නිවස පිහිටලා තිබෙන්නේ අනුරාධපුර නගරයේ. වෙන පොසොන් මාස වල දී දවස් හත අටක් යනකල් අනුරාධපුර නගරය ජනතාවගෙන් පිරී පවතිනවා. මෙවර අනුරාධපුර නගරය පාළුවට ගිහින් තිබුණේ. ආණ්ඩුව ජනතාවට ආරක්ෂාව සපයන බව කිව්වත් ජනතාවට ආණ්ඩුව විශ්වාස නෑ.ඒ වගේම ආර්ථික ප්‍රශ්න නිසා ජනතාවට ගමන් බිමන් යන්න විදියක් නැහැ .රටේ ආර්ථිකය ආරක්ෂාව සංස්කෘතිය රැකගන්න බැරිකම විතරක් නෙවේ. අඩුම තරමේ ජාතික උත්සව ටික වත් මේ ආණ්ඩුවට හරියට පවත්වන්න බැහැ. මොන පැත්තෙන් රට කඩා වැටුණත් මේ අය ආණ්ඩුවත් අරින්න නම් සූදානම් නැහැ. ජනාධිපතිවරණය තියෙන්නේ මාස දෙකයි. අනෙක් දේශපාලන පක්ෂ ජනාධිපතිවරුන්ට සූදානම් වෙද්දී ආණ්ඩුව ජනමත විචාරණයක් ගැන කතා කරනවා.පහුගිය ඔක්තෝම්බර් මාසේ අගමැතිවරයාගෙන් ආණ්ඩු බලය ලබා ගත්ත වෙලාවේ ජනතාවගේ මතය විමසා බැලීමක් කරන්න තිබුණේ. ආණ්ඩුව සූදානම් වෙන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බලය නැති කරන්නයි. 1988 , 1989 භීෂණ කාලයේදී වත් ජනාධිපතිවරණය කල් දැම්මේ නැහැ. රට පුරාම බෝම්බ පුපුරද්දී මිනිස්සුන්ගේ බෙලි කපද්දිත් ජේ ආර් ජයවර්ධන මහත්තයට ඡන්දය තියන්න සිද්ධ වුණා.එ දා ඡන්දය කල් දාගන්න පුලුවන් උනානම් පුළුවන් වුණානම් රණසිංහ ප්‍රේමදාස මහත්තයට ජනාධිපති අපේක්ෂක ධූරය දෙන්නෙත් නැහැ. ජනතාවගේ මනස විකෘති නොකර ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලු නොකර ජනතාවගේ ඡන්ද අයිතිය ලබා දෙන්න.
ලංකාවේ දුම්වැටි මත් ද්‍රව්‍ය භාවිතය අඩු කරා කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයට සම්මාන පවා දුන්නා. ජනාධිපතිවරයාව අඹමල් රේණුවක තරම්වත් මායිම් නොකර මුදල් ඇමැතිවරයා චීන සිගරැට් ගේන්න හදනවා. මේ සිද්ධිය අල්ලගෙන රාජිත සේනාරත්න මහත්තයා පැනිල්ලක් පනින්නයි හදන්නේ. රාජිත සේනාරත්න සඳහන් කරනවා දුම්වැටි ගෙන්වීම නතර නොකලොත් ඇමති ධුරයෙන් අස් වන බව. නැව ගිලෙන බව දැනෙනකොට ගෙම්බ පනිනවා. මේවගේ ගෙම්බෝ අපි දන්නේ නැහැ.කරවිල කරලට වැටුණු පනුවා කරවිල යම කාගෙන කාගෙන ඉන්නවා වගේ ඉන්නයි තියෙන්නේ.
පහුගිය දවස් වල මේ අයට ලොකු ප්‍රශ්නයක් තිබුනා මොන රාජපක්ෂවරයා ජනාධිපතිවරයාට එයිද කියලා. ඒ අය කිව්වේ රාජපක්ෂ පවුල ඇතුලේ ජනාධිපති පොරයක් කියලයි. කිසිම හොරයක් නැතුව අපි එකම ගමනක යනවා. දැන් කරු ජයසූරිය මහත්තයා ජනාධිපතිවරණයට සූදානම් වෙනවා. ඒ අතරේ එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයො පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් කරන්න සූදානම් වෙනවා. අජිත් පී පෙරේරා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බව කියනවා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගන්න බැරුව ඉන්නේ.හරියටම ඒ අයගේ අපේක්ෂකයා තෝරා ගත්ත දවසට එක්සත් ජාතික පක්ෂය කෑලි දෙක තුනකට කැඩෙනවා.

අද සිට දින 155ට පස්සේ අලුත් ජනාධිපතිවරයෙක්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා
අද අපේ රටේ තියෙන්නේ හරි පුදුම තත්වයක්. අනිවාර්යයෙන් පැවැත්විය යුතු මැතිවරණ පැවැත්වෙන්නේ නැහැ.නමුත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිසේත් පවත්වන්නට බැරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබෙනවා. ජනමත විචාරනයක් පැවැත්විය යුතු බවට රජය පැත්තෙන් යෝජනාවක් එනවා. මේ ජනමත විචාරනයෙන් බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුව විසුරවා හැර මහා මැතිවරනයකට යාමයි. මෙය කිසිසේත් කරන්නට බැරි වැඩක්. මෙය ශ්‍රි ලංකා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්නයෙන් පටහැනි ක්‍රියාවක්. 19වන සංශෝදනයේ ඉතාමත් පැහැදිලිව සඳහන් වෙනවා පාර්ලිමේන්තුව ප්‍රතම වතාවට රැස් වු දින ඉඳලා අවුරදු හතරහමාරක් ගතවෙන තුරු විසුරවා හැරීමට නොහැකි බව. එය ඉතාමත් පැහැදිලි තහනමක්. අවුරුදු හතරහාමාරේ කාලය තුල පාරලිමේන්තුව විසුරවිය හැක්කේ එක් අවස්ථාවකදී පමනයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගෙන් තුනෙන් දෙකක යෝජනාවක් ඉදිරිපත් කොට සම්මත කලොත් පාර්ලිමේන්තුව විසුරවිය යුතුයි කියලා එම යෝජනාව ජනාධිපතිවරයාට දෙන්න පුලුවන්. එම තත්ත්වය හැර වෙන කිසිදු අවස්ථාවක් දී පාර්ලිමේන්තුව විසුරවා හැරීමට බැහැ. ජනමත චිචාරන එකක් නෙවෙයි දහයක් පැවැත්වුවත් මේ තත්වය වෙනස් කරන්න බැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක මහජන මුදල් කාබාසිනියා කිරීමක් කියලා. ජනමත විචාරනයේ ප්‍රතිඵල කුමක් වුවත් සියයට හැත්තෑවක් මැතිවරණයක් අවශයයි කිව්වත් මැතිවරනයකට යන්න බැහැ. උදාහරනයක් ගත්තොත් ජනමතවිචාරනයක් අද පැවැත්වුවොත් සියයට හත්තෑ පහක් ජනතාව මේ ආණ්ඩුව පිලිබඳව සෑහීමට පත් නොවන බව ප්‍රකාශ කරන බව විශ්වාසයි.එ හෙම වුනොත් ආණ්ඩුව ගෙදර යනවාද. ආන්ඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ බහුතර සහාය තිබෙනවා නම් ජනමත විචාරනයේ ප්‍රතිඵල කුමක් වුවත් ඒකෙ කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසයි අපි කියන්නෙ මේ ජනමතවිචාරනය කිසිම ප්‍රයොජනයක් ඇති දෙයක් නොවේ කියලා. මේකට මුදල් හොයන්නෙ කොහෙන්ද. ජනමත විචාරණයක් සඳහා ජනාධිපතිවරනයකට හෝ මහ මැතිවරණයකට යන වියදමම වැයවෙනවා. කිසි වෙනසක් නැතුව ඒසා විශාල ධනස්කන්දයක් වියදම් වෙනවා. කවුද ඒ මුදල් අනුමත කරන්නේ. මේ වසර අවසානයේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා දැනට මැතිවරන කොමිසමට මුදල් වෙන්කරලා තිබුනත් එය ජනමත විචාරණයකට භාවිතා කල නොහැකියි. ජනමත විචාරනයක් පැවැත්විම සඳහා පාර්ලිමේන්තු පරිපූරක ඇස්තමේන්තුවක් හරහා කෝටි ප්‍රකෝටි ගනනක් වෙන් කල යුතු යි. පාර්ලිමේන්තුව මේක කරයිද. මහජන මුදල් මේ විදිහට නාස්තිකරන්නට පාර්ලිමේන්තුව අවසර දෙයිද. ජනාධිපති තුමාට පුලුවන් කොල කෑල්ලක් අත්සන් කරන්න ජනමත විචාරණයක් පවත්වන්න කියලා. නමුත් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබිය යුතු වන්නේ පාර්ලිමේන්තුවෙන්. එතකොට පාර්ලිමෙන්තුවේ බහුතරයක් මේකට කැමති වෙයිද. මේ යෝජනාව ඉදිරිපත් කරන අය මේකෙ ප්‍රායෝගික පැතිකඩ ගැන හිතලා තියෙනවද. ශ්‍රි ලංකාවේ ජනමත විචාරණ පිලිබඳ විශේෂ පනතක් තිබෙනවා. ඊට අනුකූලව ජනමත විචාරණය ප්‍රකාශයට පත්කිරීමත් පැවැත්වීමත් අතර අවමය දින තිහක් වත් තිබිය යුතුයි. ජනාධිපතිවරයා ප්‍රකාශ කල දිනයේ සිට මාසයක් යනතෙක් ජනමත විචාරණයක් පවත්වන්න බැහැ. පනතේ විස්තර සහිතව සඳහන් වෙනවා මැතිරිවරණ කොමිසම මෙහිදී ගත යුතු පියවර සම්බන්දව. ඡන්දපොල භාර නිලදාරීන් පත්කල යුතුයි. ගනන් ගන්නා නිලදාරීන් පත්කල යුතුයි. ඒ ඒ දේශපාලන පක්ශවල නියොජිතයින් පත් කල යුතුයි. ගොඩනැගිලි ඇුතුලු අනෙකුත් සියලු පහසුකම් සැලසීමට මැතිවරණ කොමිසමට සිදු වෙනවා. මේවට කල් යනවා. මේ අතරම මැතිවරණ කොමිසමට සිදුවෙනවා ජනාධිපතිවරණයට සුදානම් වීමට.
එ සඳහා නාම යෝජනා කැඳවීමට අන්තිම දිනය වන්නේ ඔක්තෝබර් 20. ශ්‍රි ලංකා ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව හා මේකට බලපාන අනෙක් නීති යටතේ ඒ පිලිබඳ අභිමතයක් නොමැති වෙනවා. නොවැම්බර් 15යි දසැම්බර් 07යි අතර අනිවාර්්‍යයෙන් ජනාධිපතිවරණය පැවැත් විය යුතුයි. එතකොට මැතිවරන දෙකක් ගැටෙනවා. සියලුම පරිපාලන කටයුතු අවුල් කරලා මහා විශාල මුදල් කන්දරාවක් වියදම් කරලා අන්තිමට ලැබෙන ප්‍රථිපලය මොකද්ද. කිසිම දෙයකට බලපෑමක් නැති ජනමත විචාරනයක් පැවැත්වීම පමනයි. සම්පූර්න හිස් අරථ විරහිත ක්‍රියාවක් පමනයි. බලයේ සිටීම සඳහා කරන දේවල් වල සීමාවක් තිබිය යුතුයි. මෙ විදිහට බලයේ එල්ලී සිටිම අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මෙ රටේ දැන් ආන්ඩුවක් නෑ. රට ගිනිගන්නවා. රටේ පවතින අරාජික තත්වය වහාම විසඳිය යුතුයි. ජනාධිපතිවරයා මෑතකදී පත්කල අමාත්‍යවරුන්ට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නියෝගයක් නිකුත් කරලා තිබෙනවා. ඒ අයගේ නිල කාර්්‍යන්වල යෙදෙන්නට එපා, කැබිනට් රුස්වීම් වලට සහභාගි වෙන්නට එපා. ඒ අගමැතිවරයාගේ අනුමැතිය ගත්තෙ නැති නිසා. මෙක තමයි අද රටේ තිබෙන තත්ත්වය. ආන්ඩු දෙකක්. දැන් ආරංචිය තියෙන්නේ හෙට පැවැත්ැවන කැබිනට් රුස්වීමට ජනාධිපතිතුමා එන බවටයි. හැබැයි එකෙන් කිසිම ප්‍රශ්නයක් විසඳුනේ නැහැ. විධායකය සහා පාරලිමෙන්තු තේරීම් කාරක සභාව අතර සංග්‍රාමය එ විදිහමයි. අපි වගකියන විරුද්ද පක්ශයක් හැටියට ඇවිලෙන ගින්නට පිදුරු දමන්නේ නැහැ. මෙම තත්ත්වය සමතයකට පත්විය යුතුයි. එ නිසා අපි යෝජනා කරනවා යම්යම් පියවර ක්ෂනිකව ගත යුතුයි කියලා.
තේරීම් කාරක සභාවෙ සභාපතිවරයා පැවසුවා ජනාධිපතිවරයා තේරීම් කාරක සභාව හමුවට කැඳවනවා කියලා. මේවා නුවනට හුරු පියවර නොවේ. එය නිත්‍යානුකූලද නැත්ද යන්න ගැටලු සහිතයි. මෙයින් වන්නේ දැනටමත් ඉතාම නරක තත්වයක තිබෙන මෙම අර්බුදය තවතවත් උග්‍ර වීමයි. රට ගැන හිතලා මෙම තත්වය වලක්වා ගත යුතුයි. මේ තත්වය තුල පාර්ලිමේන්තුව කල් දැමීමට ජනාධිපති වරයා උත්සහ නොකල යුතුයි.
පාර්ලිමේන්තු කල් දැමීම තුලින් කාරක සභා අවසාන කිරීම නොකල යුතුයි.සුමන්දිරන් මන්ත්‍රිවරයා බොහොම තීරනාත්මකව කියා තිබෙනවා පාරලිමේන්තුව කල් දැම්මත් කාරක සභාව පවත්වාගෙන යන බව. එය නෙවෙයි වැදගත් වෙන්නේ. මෙයට කිසියම් සුහද විසදුමක් සෙවිමයි කාලීන අවශ්‍යතාවය වෙන්නේ.
රාජ්‍ය රහස් පනතේ විදිවිධාන උල්ලංඝනය කරමින් තේරීම් කාරක සභාවට ක්‍රියාත්මක වෙන්න බැහැ. රාජ්‍ය රහස් එළියට දාපුවාම බුද්ධි අංශ නිලධාරීන්ගේ ජිවිත පවා අහිමි වෙන්න ඉඩ තියෙනවා. මේක කරන්න එපා කියලා අපි පාර්ලිමේන්තුවේදි කී වතාවක් කිව්වද. ඒ මුලධර්මයට දැන් කිසිම ගරු කිරීමක් වෙන්නේ නැහැ. කතානායකතුමාගේ පෙර නියෝග මේකට සම්බන්ධකර ගන්නෙත් නැහැ.
නිතිපතිවරයා මේ සම්බන්ධයෙන් දුන්න නීතිපති උපදෙස් කතානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙත් නැහැ. එවැනි වැදගත් කාරණයක් සැගවිම සුදුසු නැහැ. මේ රටේ අවංක රාජ්‍ය නිලධාරීන්ටත් මේ නිසා දුර්විපාකවලට මුහුණ දෙන්න සිදුවෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් තර්ජනාත්මක විදියට ප්‍රශ්න කලා. එතුමාගේ ඇමැතිවරායගේ නියෝගය අනුවයි අදාල චක්‍රලේඛය පිට කරලා තිබුනේ. එවැනි නිර්භිත රාජ්‍ය නිලධාරීන් තවමත් සිටිම ගැන සතුටුයි. එවැනි රාජ්‍ය නිලධාරීන් අපි ආරක්ෂා කළ යුතුයි.
අප්‍රියෙල් 21 දා වුනු සියලු දේවල් ආන්ඩුව දැන සිටි බව දැන් මැනවින් ඔප්පු වෙලයි තියෙන්නේ. ඒ කියන්නේ නිලධාරින් කිහිප දෙනෙක් පසුපස හඹායාම නෙවෙයි සිද්ධ වෙන්න ඕනේ දේශපාලන අධිකාරිය මෙහි වගකිම් භාරගන්න ඕනේ. වෙන අයට දඩුවම් කරලා ප්‍රශ්නය විසදනේනේ නැහැ. අපේ රජයක් බිහිවීමෙන් පස්සේ ප්‍රමුඛතාවය දෙන්නේ රටේ ආරක්ෂාවටයි. මෙවන් අභ්‍යත්නර සංග්‍රාමයක් තුල රටේ ආරක්ෂාව තහවුරු වෙන්නේ නැහැ. අවංක නිලධාරීන්ට කටයුතු කරන්න වාතාවරණය අපි සැකසිය යුතුයි. ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා. මේ විදියට පිරිහුනු රජයකට කිසිවක් කරන්න බැහැ. රට පිළිගන්න නායකත්වයක් යටතේයි මේ දේවල් කිරීමේ හැකියාව තියෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා
ආණ්ඩුව ජනාධිපතිවරණයේන් පැනයන්න අශිෂ්ට ප්‍රයෝග ගනිමින් සිටිනවා. ආණ්ඩුව බරපතළ ලෙස ගිලන් වෙලා, දේශපාලන වශයෙන් බුංවත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව මැතිවරණ වලට බයයි. පළාත් පාලන මැතිවරණය කල් දැම්මේත්,පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිව කල්දාන්නේත් මේ නිසයි.

නමුත් ප්‍රධාන ප්‍රතිවාදියා විදිහට ඔවුන් සලකන ගෝඨාභය රාජපක්ෂ මහතා දඩයම් කරන්න ව්‍යාපෘති ආරම්භ කරල තියෙන්නෙ. ඒ අතරේ ජනමත විචාරණ ඝෝෂාවක් ඇති කරනවා. විධායක ජනාධිපති ධූරය ජනාධිපති ධූරය අහෝසි ධුරය අහෝසි කිරීමේ යෝජනාව නැවත ගේන්න හදනවා. ඒ වගේම වගේම ජාතිවාදී ආගම්වාදී කලකෝලහාල රටේ ඇති කරල රටේ අස්ථාවර තත්ත්වයක් ඇති කරන්න උත්සාහ කරනවා.

මැතිවරණ කියන්නේ ප්‍රජාත්‍රන්තවාදයේ මිත්‍රයායි. ත්‍රස්තවාදය කියන්නේ ප්‍රජාත්‍රන්තවාදයේ පරම හතුරා. මේ ආණ්ඩුවට ප්‍රජාත්‍රන්තවාදය හකුලන්න ඉඩදෙන්නේ නැහැ. ජනාධිපතිවරණය කල් දැමීමේ හැකියාවක් ආණ්ඩුවට කිසිසේත්ම නැහැ. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිශ්චිත කාල වකවානු තිබෙනවා. ජනාධිපතිවරණ පැවැත්වීමේ අවසාන දිනය දෙසැම්බර් නමයයි. නමුත් ජනාධිපතිවරණය දෙසැම්බර් 9 ට පෙර පැවැත්විය යුතු තත්ත්වයක් ඇතිවෙලා. මැතිවරණ කොමසාරිස්වරයා අතට සාමාන්‍යපෙළ විභාගය කාලසටහන ලැබිලා තියෙනවා. දෙසැම්බර් දෙවැනිදා විභාගය ආරම්භ කෙරෙනවා. විභාගය ආරම්භ වීමට දින තුනකට පෙර විභාග ශාලා භාර දිය යුතුයි. සියලු කරුණු සලකා බැලීමේදී මැතිවරණය පැවැත්වීමට සිදු වෙන්නේ නොවැම්බර් මස 23 වෙනිදායි. ඒ කියන්නේ අද සිට දින 154ට පස්සේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි. ඒ කියන්නේ දින 155ට පස්සේ සිටින්නේ අලුත් ජනාධිපතිවරයෙක්. ආණ්ඩුවට මේකෙන් පැනයන්න අවස්ථාවක් නැහැ. දින 100න් අලූත් රටක්, මාස 60 න් අලුත්ට රටක්, වැනි සටන් පාඨ නිසා දැන්ක් ආණ්ඩුව දේශපාලනික ගිලන් වෙලා අවසන්. දැන් තියෙන්නෙ අලු වෙච්ච රටක්. මීට මාස 60කට පෙර ලෝකෙ ආරක්ෂිතම නගරය. ලෝකේ දර්ශනීයම නගරය. අපේ කොළඹ නගරයයි. නැගී එන කොටස් වෙළඳපොළ විශිෂ්ටතම ගමනාන්තය වුණේත් අපේ රටයි. අද මේ සියල්ල කණපිට හැරිලා. ලිච්ඡවී පාලනය සංහිඳියාව ගැන කියපු මේ ආණ්ඩුව ගැන ජනතාව ඉන්නේ කලකිරිලා. 225ම එකයි ආදී සටන් පාඨ මගින් දැන් පරණ හඬම ආයෙත් මතුවෙමින් තිබෙනවා. මේවට රැවටෙන්න එපා. දේශපාලන විද්‍යාවට අනුව එකම දෙය නැවත නැවතත් සිදුවෙනවා කියන්නේ ඛේදවාචකයක් හෝ විගඩමක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා
ඉතිහාසය පුරාම සිද්ධ වුණේ රජතුමා වැරදි මාවතක යනවනම් මහා සංඝරත්නය සහ ආගමික ප්‍රධානීන් රජතුමාව නිවැරදි කිරීමයි. මෑත කාලය දක්වාම අපිට ඒ තත්ත්වය දැක ගන්න හැකි වුණා. එහෙම පෙන්වා දෙන නාගරික නායකයෙක් සිටීම අපට සතුටක් .අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හාමුදුරුවෝ මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ එක්සත් ජාතික පක්ෂයේ පාලකයෝ රටේ ජනතාවට ආදරය නැහැ. මේ ගැන කියන්න මම බය වෙන්නේ නැහැ. ගාමිණී දිසානායක මහතාගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයෙන් රටට ආදරය කරන නායකයෙක් බිහිවුණේ නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂයේ ආයුෂ ඉවරයි. මියයන්න තියෙන පක්ෂයක්. මේ තත්ත්වය ඇති කරගත් එක්සත් ජාතික පක්ෂයේම වරදින් කියලා නායක හාමුදුරුවෝ සඳහන් කළා.

නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ මේවා ඇහෙද්දි ඇහුණෙ නැහැ වගේ ඉන්නවා. මහා නායක හිමියෝ කරන ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මතය සඳහන් කළ යුතුයි. රට මෙවැනි තත්ත්වයකට පරිවර්තනය කළේ කර එක්සත් ජාතික පක්ෂය. ඇත්ත ඇති සැටියෙන් දැකීම සහ බිය නැතුව ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මහනායක හිමියන්ට අපේ ගෞරවය දක්වනවා. තේ ආණ්ඩුවක් පත් වුණු දවසක අපි වැරදි කලොත් ඒ ගැන අපට පෙන්වා දෙන්න. වැරදි කරනවා නම් ඇඟිල්ල දිගු කිරීම කළ යුතුයි.

බීරි අලි වගේ නොඉඳ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළ යුතුය. කරූ ජයසූරියු ජයසූරිය බීබීසී මාධ්‍යයට පිළිතුරු දෙමින් කියා තිබුණා පක්ෂයෙන් ඉල්ලීමක් ආවොත් ඔහු මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව. මේ කතානායකවරයා අපි වැඩ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ළමයෙක් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. උසස් පෙළ විභාගයෙන් සමත් වුනොත් විශ්ව විද්‍යාලයට තේරී පත්වෙනවා. මේ කතානායකවරයා කතානායක පුටුවේ දී සාමාන්‍ය පෙළ විභාගයත් උසස් පෙළ විභාගයත් දෙකම ෆෙල් වුණා. කැම්පස් යන්නෙ කොහොමද? කතානායක පුටුවේ ගරුත්වය රැකගන්න බැරි කෙනා ජනාධිපති පුටුවෙ වාඩි වෙන්නෙ කොහොමද. ඔබතුමා ජනාධිපති ඇඳුම් මහන්න කලින් තේරීම් කාරක සභාවක් වෙන්න බුද්ධි අංශය අඩපණ කිරීම නවත්වන්න. අගමැතිවරයා සහ ජනාධිපතිවරයා තේරීම් කාරක කාරක සභාවට ගෙන්වීම ගැන කතාවෙනවා. කැඳ හැලිය හදාගත්තු අය කැදහැලියේ නායකයෝ ගෙන්වා ගත්තාට කමක් නැහැ. බුද්ධි අංශ අඩපණ කිරීම නතර කරන්න.
ඛේමාගේ කොලුවට හාෆිගේ අයියා බර අවි ප්‍රහාරයක් දෙමින් සිගරැට් ගෙන්නුවොත් මම ආණ්ඩුවෙන් ඉවත් වෙන බව කිව්වා .රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ හැටි එහෙමයි. ආණ්ඩුවක් පෙරලෙන්න ගිලෙන්න ලං වෙද්දි එයා ඉක්මනට යනවා. අහිකුන්ටකයෝ කූඩාරමේ ඉන්නේ සතියයි. සතියකට වඩා හිටියොත් එයාලගේ බත් එක නරක් වෙනවා. මෙයත් ඒ වගේ කෙනෙක්.

මංගල සමරවීර ඇමතිවරයා ගැනත් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මනතී්්‍රවරු ලස්සන කතාවක් කියෙනවා. ඒ අය කියන්නේ ඉරුණු රෙද්දේ අඟලක් මහද්දී මංගල සමරවීර බඹයක් ඉරන බවයි. ජනතා අධිකරනයෙන් මේ අය ද ඉක්මනට ගෙදර යවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට පැමිණියා. පහුගිය මැතිවරණ සමයේ මුස්ලිම් දේශපාලන පක්ෂ හා සහරාන් අතර ඇතිවෙච්ච ගිවිසුමක් ගැන ඔහු සඳහන් කළා. තේරීම් කාරක සභාව ඒ කතාව මග හැරියා. ඒ ගිවිසුම අත්සන් කරපු මුස්ලිම් නායකයෝ ගිවිසුමේ තියන කොන්දේසි හෙළිකළ යුතුයි. මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන්න අනුමැතිය දීම කෙරුණ ද අපි දන්නේ නැහැ. අපිට ඒ ගැන දැනගන්න අවශ්‍යයි.
මුස්ලිම් ජනතාව මේ පාර කිසිවෙක්ට ඡන්දය දෙන්නේ නැති බව හකීම් ඇමතිවරයා කියනවා. එහෙම පුද්ගලයින්ගේ ඡන්දෙ දීමේ අයිතිය ගැන කතා කරන්න ඔහුට අයිතියක් නැහැ. ආයේ පාරක් මුස්ලිම් ජනතාව රවටන්නයි සූදානම් වන්නේ. මේ රට විනාශ කරන වැඩපිළිවෙළ ඇරඹුණේ 2005 දී. දෙබස් කාලයේදී මේ වැඩපිළිවෙළට අහුවුණු සියලු දෙනාම මේකට වගකියන්න ඕනේ. මුස්ලිම් කොංග්‍රසය කිසිම අවස්ථාවක මැතිවරණයක් තියන්නයි කියන්නේ නැහැ. ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කරන බව වැටහිලා තිබෙන්නේ. රටේ දුර්වල නායකත්වයක් හදපු සියලු දෙනාම අද රටට වෙලා තියෙන දේ වලට වගකියන්න ඕන.

මෛත්‍රීපාල ඉල්ලා අස්වී ජනාධිපතිවරණයකට යාම කාලොචිතයි..

අද (13) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මාධ්‍යවේදින්

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා
ඊයේ දිනය දක්වා පාස්කු දින ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ද දේශපාලඥයින් පිළිබඳව පැමි‚ලි ඉදිරිපත් කිරීමට කාලය ලබාදීමේන් සිදුවුනේ තවත් කල් මැරීමක් පමණයි. මේ ත්‍රස්ත ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ අය සුද්ද කිරීමේ උපායක් ලෙස ආණAඩුව පොලිසිය මගින් කමිටුවක් පත්කරලා පැමි‚ලි බාරගැනීම සිද්ද වුනා. අපේ විස්වාසය නම් මේ ප්‍රහාරයට සම්බන්ද පිරිස පිළිබඳව පොලීසිය පැහැදිලි සාධාරන පරීක්ෂණයක් සිදුකරාවිය යන්නයි. මම මේ විශේෂ පොලිස් කමිටුවට පැමි‚ල්ලක් ඉදිරිපත් කලා. පසුගිය සමයේ මේ රටට අයතා ලෙස ආපු මුදල් ත්‍රස්ත ක්‍රියාව සඳහා යොදාගත් බවට පැහැදිලි වෙලා තිඛෙනවා ඒ පිළිබඳව පරීක්ෂණයක් අවශ්‍ය බවටයි මම පැමි‚ලි කලේ. එතැනදී ගත්ත කාරණය තමයි යාපනේ ඉඳල ෂොපින් බැග් එකක සරමයි කමිසෙයි ගෙන කොළඹ ආපු රිෂාඩ් බදුර්දීන් සහ එතුමාගේ නෑයින් එතුමාගේ හිත මිත්‍රයින් පුදුම සහගත ලෙස ධනවතුන් උනේ කොහොමද කියන එක. ලෝකයේ බොහෝ රටවල දේශපාලඥයා සහ ඒ අයගේ පවුලේ වත්කම් පවා ප්‍රසිද්ද කල යුතුයි. මම කෝටිපතියෙක් උනේ රේගුවට වෙට්ටු දාල කියල ජනාදිපතිවරයාගේ සහෝදර ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය කාලේ කිව්වා. රිෂාඩ් බදුර්දීන් සහ එතුමාගේ සහචරයින් පෙන්නන්න ඕනේ, ඔප්පු කරන්න ඕනේ වේගයෙන් අති විශාල ධනස්කන්දයක් හොයාගත්තේ කොහොමද කියන එක. රිෂාඩ් බදුර්දීන්ග්ගේ නමට මොනවත් නෑ කියලා, එයාට ගැලවෙන්න බෑ. බදුර්දීන් පාර්ලිමේන්තුවට දුන්න පළමු වත්කම් බැරකම් ප්‍රකාශය මුලික කරගෙන සම්පුර්ණයෙන් එතුමාගේ පවුලේ වත්කම් බැරකම් පිළිබඳව පරීක්ෂණ කල යුතුයි. අල්ලස් හා දුෂණ විමර්ශන පනත යටතේ නියම පරීක්ෂණයක් සිදුවෙයි කියල විශ්වාස කරන්න බෑ. මුදල් විශ=ද්ධිකරන පනත යටතේ මේ අය වහාම නීතිය හමුවට ගෙන ආ යුතයි .මේ තරම් දැවැන්ත ප්‍රහාරයක් එල්ල වෙලා තිබියදී ඒවාට සල්ලි ආපු විදිහ ගැන සාක්ෂි පොලීසිය අපෙන් අහනවනම් මේ රටට පොලීසියක් අවශ්‍ය නෑනේ. අපේ කාර්ය බාරය උනේ මේ දේශපාලනඥයින් අත්අඩංගුවට ගන්න මොකක් හරි බාධාවක් තියෙනවානම් එය නිරවුල් කිරීමයි. ඒ සඳහා පැහැදිලි වගකීම් සහගත පැමි‚ල්ලක් අපි ඉදිරිපත් කලා. යුරෝපා සංගමය මුදල් විශ=ද්දීකරනය පිළිබඳව අපේ රට බ්ලැක් ලිස්ට් කරලා 2019.01.09 වැනිද නිකුත් කල නිවේදනය මම මේ වෙලාවේ මාද්‍යට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය රජය යටතේ මෙලෙස අයතා මුදල් එන ආයතන 600 වැඩ තහනම් කලා. සාමාන්‍ය ජනතාවගේ මුදල් නම් ඩොලර් 10000 විතර ගෙනාවොත් බැංකුව ප්‍රශ්න රැසක් අහනවා. එතකොට මේ තරම් මුදල් ගෙනාවේ කොහොමද? ඒ පිලිබඳ පැහැදිලි විමර්ශනයක් කරන්න කියල අපි රහස් පොලිසියෙන් ඉල්ලනවා. මේ මුදල් නැව් මාර්ගයෙන් ගෙනාවද නැත්නම් ගුවන් මගින් ගෙනාවද බැංකු මාර්ගයෙන් ගෙනාවද ලක්ෂ පහළොවට වඩා ආපු ගිණුම් මොනවද ලියල පරීක්ෂා කරපුවාම හොරුත් එක්කම බදු අහුවෙයි ත්‍රස්ත වාදය හොයාගන්න පහසුම ක්‍රමය තමයි මේ බැංකු ගිණුම් ටික පරීක්ෂා කිරීම. මේ ආණ්ඩුව මොලේ පාවිච්චි කරලා හරි ක්‍රියාමාර්ග ගත්ත නම් මේ අමානුෂික ප්‍රහාරය වලක්වා ගන්න තිබුනා. හොඳම දේ තමයි ජනාධිපතිවරයාගේ ගෞරවය ආරක්ෂා කරගෙන සෘජු තීරණයකට එලබිය යුතුයි. මේ රට රාවන රජතුමා දුටුගැමුණු රජතුමා වගේ සෘජු නායකයෝ පාලනය කරපු රටක් ඒ නිසා කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් නායකයෙක් මේ රටට අවශ්‍යයි හොඳට සෘජු මේ රටට වැඩදායි රට නැවත ගොඩගන්න පුළුවන් කෙලින් නායකයෙක් මේ රටේ නායකයා කරන්න ඔනෑ. ඒ සඳහා මෛත්‍රීපාල ජනාදිපතිවරයා තමන්ගේ දුරයෙන් ඉල්ලා අස්වී ජනාධිපතිවරණයකට යාම තමයි ඉතාමත්ම කාලොචිත කියල මම සිහිපත් කරනවා.

පාර්ලිමේන්තු මන්තී්‍රනි පියල් නිශාන්ත මහතා
අද මේ රටත් ජනතාවත් දැවැන්ත අර්බුදයකට මුහුන දෙනවා. මේ අර්බුදය මුහුණ දෙන්න හොද වැඩපිළීවෙලක් අවහ්‍යයි. සමාජයීය ආර්ථීක, දේශපාලන වශයෙන් අර්බුදය නිසා කැප්ටන් නැති නැති නැවක් වගේ. තමන්ගේ වගකීම්වලින් බැහැරවිම නිසා අගමැති පුද්ගලික සංචාරයක. ජනාධිපති තවත් සංචාරයක. රටටත් ජනතාවටත් වගකිය යුතු නායකයෙක් පැය 48ට නැහැ. කැබිනෙට්ටුව පවත්වා ගන්න බැරි තත්ත්වයක් අගමැති හා ජනාධිපති අතර ප්‍රශ්න ඔඩු දුවලා. දැනටත් ඉස්ලිම් ත්‍රස්තවාදිය කි්‍රයාත්මකයි. තේරීම් කාරක සබාවත් කරන්නේ එකිනෙකාගේ ප්‍රතිරූප ගොඩ නැගීම හා චෝදනා ඉදිරිපත් කිරීමයි. දැන් කැප්ටන් නැති නැවට රිංගන ජාත්‍යන්තරය උත්සාහ කරන්නේ මුහුදු මංකොල්ලකාරයින් නැවට පනින්න සූදානම් වෙලා ඉන්නවා වගෙයි. එජාපය ආණ්ඩුව ගන්නා හැම මොහොතකදිම කියන්නේ නැති බැරි අය ඇති හැකි අය කරන්නයි කියනවා. එජාපයේ ඇති හැකි අයටනම් දැන් සමෘද්දිය දෙන්න අරන් ඒ ව්‍යාපාරයේ නොතිබුණු ගැටලූවකට පටලවලා.
ලක්ෂ 6ට සමෘද්දිය දෙනකොට බැංකුවල තියෙන මුදල් වලින් මිලියන 400ක් විතර එජාපයේ ප්‍රචාරණය සදහා යොදා ගෙන. මේ විදියට බලද්දි මිලියන 400ට ආසන්න මුදලක් නාස්ති කරලා කරන්නේ තමන්ගේ ප්‍රතිරූපය හදාගන්නයි. දිලිදුකම පිටුදැකිම කියලා ඇති හැකි අයටයි සමෘද්ධිය දෙන්නේ. ගමේ නිලධාරීන් එකතු වෙලයි සැබෑ දුප්පත් ජනතාවට සමෘද්දිය දෙන්නේ. ආර්ථීකයේ ශක්තිමත් තමන්ගේ පාක්ෂිකයින්ටයි මේ අය සමෘද්ධිය දෙන්නේ.වඩා සුදුස්සා වෙනුවට තමන්ගේ අයට සහනාදාරය දෙන්න ගිහින් මේ අර්බුදය රට පුරාම පැතිරිලා. අද සමෘද්ධි නිලධාරින්ට ස්ථීරපත්විම් දෙනවා කිව්වාට දිලා නැහැ. මිය ගිය අයට විශ්‍රාම වැටපු නැහැ. වැන්දඹු අනත්දරු අරමුදල් ලැබිලා නැහැ. රාජ්‍ය සේවයේ ඉන්න මේ නිලධාරින්ට කුඩම්මාගේ සැලකිලියි දෙන්නේ. තමන්ගේ පාක්ෂිකයින්ට සමෘද්ධි සහනාධෘරය දෙනවායි කී කියමන සනාථ කරමින් සමෘද්ධිය වලපල්ලට යැවීමයි ආණ්ඩුව කරන්නේ.
දැන් ජවිපේ ආණAඩුව ගෙදර යවන්න වැඩ කරනවාලූ. ජනතා විමුක්ති පෙරමුණයි මේ ආණAඩුව ගෙනාවේ. මහින්දගේ කඩේ බඩු හොද නැහැ කියලායි ඔවුන් එදා කිව්වේ. අනුර කුමාර දිසානායකලාට මේ ආණ්ඩුව ගෙදර යවන්න උත්සාහ කරන්න දෙයක් නැහැ. ජනතාව ඒකට පෙළ ගැහිලයි ඉන්නේ. නැවත කඩේ යන්න ජවිපේ ලෑස්ති වෙන්න ඕනේ නැහැ. ජනතාව එළ්ල කරන චෝදනාවලින් බේරෙන්න රනිල් හාමු ගෙදර යවනවා කියන සටන් පාඨය ඉදිරියට අරන්. හාමු ගෙදර යවන වැඩේ අපි කරන්නම්. රටේ මේ වෙද්දි විවිධ ප්‍රශ්න ඇති වෙමින් තිඛෙනවා.පාස්කු දා ත්‍රස්තවාදී බෝම්බවලින් මිය ගිය අයට සාධාරණත්වය ඉටු නොකළාට මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ විපක්ෂයට චෝදනා කිරීම නම් අරඹලා. ආටක නාටක පෙන්වන්නේ නැතිව තමන්ට ආණAඩුව කරන්න බැරිනම් කරන්න පුලූවන් කෙනෙකුට ඉඩ දීලා ගෙදර යන්න කියන පණීවිඩයයි ආණAඩුවට දෙන්න තියෙන්නේ.

පාර්ලිමේන්තු මන්තී්‍ර අනුරාධ ජයරත්න මහතා
පුද්ගලික ආරවුලක් මුල් කරගෙන ජනතාව විනාශකාරී තත්ත්වයකට පත්වෙලා. පහුගිය 10 වැනිදා ඉන්දියන් ඔත්තු සේවය පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා කරලා තිබුණත් රජය නිවැරදිව කි්‍රයාත්මක නොවීම නිසයි ජනතාව ප්‍රහාරයට පක්වුනේ නැහැ. පහුගිය 10 වැනිදා තවත් පස්දෙනෙකුගේ නාමලේඛණයක් බුද්ධී අංශවලට දුන්නා කියනවා. මේ කාරණය සුලූවට තකන්න එපා. ජිවිත අහිමි වුනාට පස්සේ මොනවා කළත් වැඩක් නැහැ. පොලිස්පති ඇතුලූ බුද්ධි අංශ නිලධාරීන් මේ වෙද්දි ඉවත් වෙලා තියෙනවා. වැඩ බලන පොලිස්පතිවරයෙක් ඉන්නේ. ඒ නිසා මේවා සම්බන්ධයෙන් නිවරදිව සොයා බැලීමක් වෙයිද කියන්න බැහැ. මාධ්‍ය මේ සිද්ධිය සම්බන්ධයෙන් පියවර ගත්තේ නැත්නම් ජනතාවට නිවැරදි තොරතුරු ලැඛෙන්නේත් නැහැ. අඩුම තරමේ ඉන්දියන් ඔත්තු සේවා දුන්න තොරතුරු මාධ්‍යයට ලැබුණා නම් එදා ජනතාව පල්ලි යන එක හරි නතර කරනවා.
කරූ ජයසූරිය මහතා ජනාධිපති වෙන්න වෙනම ගමනක් යනවා. රටේ වැදගත් කාර්යයක් ඉටු කරපු නිලධාරීන් අද මුහුණ දීලා ඉන්න තත්ත්වය බලන්න. අධිකරණයේ තියෙන කාරණයක් ගැන සාකච්ඡා කරන්නෙත් නැහැ. කතානායකවරයා ඒ කිසිවක් නොසලකා කටයුතු කරනවා. කතානායකතුමායි රට පාලනය කරන්නේ කියලා කතානායකවරයා පෙන්වන්න උත්සාහ ගනිද්දි ජනාධීපතිතුමාත් ඒ උත්සාහයම ගන්නවා. අනිත් පැත්තෙන් අගමැතිවරයාත් උත්සාහ කරනවා.
අසාත් සාලිගේ ප්‍රකාශය ඇතුලේ තියෙන සහරාන් ගැන පැමිණිලි කළාම පොලිස් ස්ථානාධිපතිවරයාව මාරු කරනවාලූ. එදා සහරාන්ව අත් අඩංගුවට ගන්න ගිය ස්ථානාධිපතිවරයාට වුනේ මොකක්ද කියලා එදා හිටපු පොලිසිය බාර ඇමැති සාගල රත්නායක මහතා ප්‍රකාශයක් කළ යුතුයි. 21 වැනිදා ප්‍රහාරය වලක්වා ගන්න තිබුණා එදා සහරාන්ව අත් අඩංගුවට ගෙන තිබුණානම්.
අපි පාර්ලිමේන්තුවට විශAවාසභංගය භාරදිලා චෝදනාකලේ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට විතරයි. ඔහුව ඇමැතිධූරයෙන් ඉවත් කරලා නිවැරදි පරීක්ෂණයක් කරන එකයි පාර්ලිමේන්තුවට කරන්න තිබුනේ. රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයාට එරෙහිව පැමිණීලි 21ක් ලැබුලා. ඔහු වැරදිකාරයෙක් කියලා ඔප්පු වුනොත් එදාට රාවුෆ් හකිම්, කබීර් ඇතුලු ඇමැතිවරුන් වගකිම ගන්නවාද කියලා අපි ප්‍රශ්න කරනවා. මේ මොහොතේ සිට ඇමැතිකම්වලින් අයින් වෙලා බාධාකරන සියලූ දෙනා මෙහි වගකිම් භාරගන්න ඕනේ.
රටේ ජාතික ආරක්ෂාව පිළීබදව අපි කතාකරන්නේ අපි්‍රයෙල් 21 වැනිදා ඉදලයි. මුස්ලිම් ඇමැතිවරු ඉවත් වෙද්දි ඔවුන්ට තිබුණූ විෂය පඨ ටික බලන්න. මේවාට අද ඉන්නේ වැඩ බලන ඇමැතිවරු. සහරාන් ගහනකල් බුද්ධි අංශ කියන දේවල් ගණන් ගත්තේ නැහැ. ජල සම්පත් හා ජලාප්‍රවාහන මණAඩලය වැනි අමාත්‍යංශයලට වැඩ බලන ඇමැතිවරු දාලා කොළඹ ඇතුලූ ප්‍රධාන නගර ටිකට වතුර නැති වුනාමයි මේ අයට තේරෙන්නේ. මේ ආණAඩුවට ප්‍රශ්නයක් ඇති වෙනකල් රටේ ප්‍රශ්න ගැන තැකීමක් කරන්නේ නැහැ. රටේම ජනතාවට ප්‍රශ්නයක් වුනාමයි පිළීයම් යොදන්නේ. අගමැති කියන ලයිස්තුවට නෙවෙයි ජනාධීපති ඇමැතිධූර දෙන්නේ. ජනාධිපතිතුමා වගේ වගක් නැති අයව ඒ ඇමැතිධූරවලට පත්කරනවා. හෙට දවස වෙද්දි රටට වතුර නැති වෙන එකත් අපිට අහඹු සිද්ධීයක් නෙවෙයි.
පාඨලී චම්පික කියනවා අපියි ආන්ඩු හදන්නේ කියලා. ඒක ඇත්ත. මේ රටට හානි කරන ආන්ඩුව හැදුවේ, සහරාන් අතුලූ පිරිස මිනිස්සු මරාදාන විදියේ ආන්ඩුවක් හැදුවේ ඔවුන්. මහා බෞද්ධ නායකයෝ කියලා රට පරිහානියට පත්කරන ආන්ඩු හදන්න එපා.