“ගම සමග පිලිසදරක්” දෙවන අදියර

“ගම සමග පිලිසදරක්” දෙවන අදියර
සම්පත්දායකයින් දැනුවත් කිරීමේ වැඩමුලුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් තලවතුගොඩට Hotel Grand monarch හීදී අද පැවැත්විණි…..

ගුරුවරුන්ගේ විරෝධතාවයට අධ්‍යාපන සේවා සංගමයේ සහාය

ගුරුවරුන්ගේ විරෝධතාවයට ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සහාය 

විදුහල්පති ගුරු වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ආන්ඩුවට බල කරමින් එලැඹෙන 13 වැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සහාය පල කරන බව එම සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ මහත්මිය පැවසීය.
ඒ අනුව එලැඹෙන 13 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට වාර්තා නොකරන ලෙස සිය සංගමයේ සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටින බවද ඇය සදහන් කළාය.
1997.01.01 දින සිට බී. සී පෙරේරා වැටුප් කොමිෂම මගින් මෙම වැටුප් විෂමතාව ඇති කරනු ලැබූ අතර මේ හේතුවෙන් ගුරු සේවය අර්බුද රැසකට මුහුණ දී ඇතැයිද හෙතෙම පැවසීය.
වසර 23ක් පුරා පවතින විදුහල්පති ගුරු වැටුප් විෂමතා ඉවත් නොකිරීම, පවතින හා පැවැති සේවා ව්‍යවස්ථා නිවැරදිව ක්‍රියාත්මක කිරීම සදහා අත්‍යාවශ්‍ය පොදු අපදෙස් සංග්‍රහයන් නිකුත් නොකිරීම, නව සේවා ව්‍යවස්ථාවට අත්‍යාවශ්‍ය සංශෝදන එක් නොකිරීම, වැටුප් විෂමතා පිලිබද සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරිමට රජය විසින් පත්කළ නව වැටුප් සමාලෝචන කොමිෂම විසින් ලබාදුන් නිර්දේශ පිළීබදව මෙතෙක් ඉදිරි පියවර නොගැනීම, ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධන 16ක් ගෙන එන බවට අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශයට පත්කර ඇතත් ඒ පිළීබදව ගුරු සංගම් දැනුම්වත් නොකිරීම දළ දේශිය වියදමෙන් සියයට 6ක් අධ්‍යාපනය සදහා වෙන් කරන බවට පොදුරොන්දු වි ඇතත් මෙතෙක් එවැන්නක් සදහා කිසිදු පියවරක් නොගැනීම ඇතුළූ කාරණ 10ක් මුල් කරගනිමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.
මේ සදහා ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය ඇතුලු විදුහල්පති හා ගුරු සංගම් 12 එකමුතුව, ශ්‍රී ලංකා රජයේ ගුරු සංගම මෙන්ම තවත් අධ්‍යාපන ක්ෂේත්‍රය ගුරු හා විදුහල්පති සංගම් ගණනාවක සහායපළ වි ඇත.

විපක්ෂ නායක ඉදිරිපත් කරන අපේක්ෂකට සහය

විපක්ෂ නායක ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකට කොන්දේසි විරහිතව සහය ලබා දෙනවා

ලෝක කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ කළුතර ආසන බල මණ්ඩලය පිහිටුවීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නියෝජ්‍ය නායක, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනයන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය ගරු බැසිල් රාපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගරු පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිතුමිය ඇතුළු දේශපාලන ආරාධිතයින් රැසකගේ හා රටට ආදරය කරන කළුතර කාන්තාවන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් 2019-03-09 වනදා කළුතර නගර ශාලාවේදි අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. එයට සමගාමිව ශ්‍රි ලංකා පොදුජන කාන්තා පෙරමුණ වෙනුවෙන් නිර්මාණය කල ගිතය එළිදැක්විම හා එම පෙරමුණ වෙනුවෙන් ඇප කැප වි ක්‍රියා කල නායිකාවන් රැසකට තිළිණ බේදාදිමද බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් සිදු කෙරිනි.

කාන්තා පෙරමුණේ කළුතර ආසන බල මණ්ඩලය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය ගරු බැසිල් රාපක්ෂ මැතිතුමා අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ඕනෑම නායකයෙකුට තමන් කොන්දේසි විරහිතව සහාය දෙන සඳහන් කර සිටියේය. එසේම ජනාධිපති මැතිවරණය අනිවාර්යයෙන්ම දෙසැම්බර් 08 දිනට පෙර පැවැත්විය යුතු බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි. ඒ සඳහා අනිවාර්යයෙන්ම පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයා ජයග්‍රහණය කොට දෙසැම්බර් 09 වන දින රටේ ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙනු ලබන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය. ඇතැමුන් පවසන පරිදි තම පක්ෂය තුළ කිසිදු භේදයක් නොමැති බවත් පක්ෂයේ පරමාදර්ශී නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිටින බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කරනු ලැබීය. ඉදිරි ජනාධිපතිවරණය හමුමේ එන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට තමන් සූදිනම් බවත් ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි.

ජැක් පොට් වගේ කැස්නෝ ගමට ගෙනිහින්

අද දින 08 මාධ්‍යහමුවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා
මංගල සමරවිර මුදල් ඇමැතිවරයා කිව්වා මේ අයවැය මැතිවරණයක් ඉලක්ක කරගත්ත අයවැයක් නොවන බව. ආණ්ඩුව මේ කපේට මැතිවරණයක් තියන සුදානමක් නැති නිසා අපිටත් ඒකට එකග වෙන්න සිද්ධ වෙනවා. ඔක්තෝම්බර් මාසයේ ප‍්‍රකාශ කිරිමට නියමිත ජනාධිපතිවරණය කල් දාන්නත් නොයෙකුත් උපක‍්‍රම භාවිතා කරමින් ඉන්නේ. මේ අයවැය තරුණ පරපුර සිහින ලොවකට ගෙන යන අයවැයක්. රටේ ණය බර වැඩි වෙනවා වගේම ජනතාවගේ ජිවිතත් ණය බරින් පුරවන අයවැයක්. හෝම් ස්විට් හෝම්, සිහින මාලිගා, වගේ සුන්දර වචනවලින් පිරුණු අයවැයක්. දරුවෝ 14ට ලෝකයේ ඉදිරියෙන්ම තියෙන විශ්ව විද්‍යාලවලට යවන්න මිලියන 500ක් වෙන්කරලා. මෙහෙ උසස්පෙල ඒ විශ්ව විද්‍යාලවල පිළීගන්නේ නැහැ. එහේ තියෙන විභාගවලට පෙනි සිටින්න අවශ්‍යයි. දරුවා විභාගයට පෙනී හිදලා අමත් වුනොත් ඒ විශ්ව විද්‍යාලවලින් අවස්ථාව ලැබෙන්නේ ඊළග දරුවාටයි. අපේ විශ්ව විද්‍යාල තියෙන්නේ ශේණිගතවල පහළ මට්ටමක. මේ මුදල් අපේ විශ්ව විද්‍යාල දියුණු කරන්න යෙදවූවා නම් මීට වඩා හොදයි. මේකත් දරුවෝ 14කට ලබා දෙන පොරොන්දුවකට සීමා වුනු සිහිනයක්.
කෘෂිකර්මය විනාශ කරපු මොඞ් ගොවියා කියනවා පරාක‍්‍රමබාහු රජුට පස්සේ තමන්ලූ රට ස්වයංපෝෂිත කලේ. රටේ කෘෂිකර්මය මුලූමනින්ම විනාශ කලා. ජැක් පොට් වගේ කැස්නෝ ගමට ගෙනිහින් ගමේ සූදුව නිතිගත කරලා ගමේ සුදුවෙනුත් බදු ගහන්න රැුජිනෝ කියලා එකක් ගේන්න සූදානම් වෙන්නේ. 2019 අයවැයෙන් බදු බර සියයට 21කින් වැඩිවෙලා. ජනතාවගෙන් ආදායමක් උපයාගන්නවා මිස ජනතාවට කිසිම සහනයක් නැති අයවැයක්.
එජාප පසුපෙල කණ්ඩායම කියනවා ජනාධිපතිගේ වැය ශීර්ෂය පරාජය කරනවා කියලා. අපිට මේකට සහාය දීමේ අවශ්‍යතාවයක් කොහෙත්ම නැහැ. අපි දන්නවා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය නොකරන බව. අගමැතිවරයා දන්නවා මේකට විරුද්ධවුනොත් වෙන දේ. අපි මේ චන්ඩි මන්ත‍්‍රීවරුන්ට අබියෝග කරනවා පුලූවන්නම් පරාජය කරලා පෙන්වන්න කියලා. දෙමල සන්දානය අයවැයේ තීරණාත්මක සාධකයක්. ආන්ඩුවට බහුතරයක් නැහැ. අයවැයෙන් උතුරේ ජනතාවටත් බදු ගහලා. උතුරේ ජනතාව ගැන හිතලා ඡුන්දය දෙන්න කියලා අපි දෙමල ජාතික සන්ධානයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ටොරිංටන් නෝනා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු 6ක් එක්ක අයවැයට සහාය දෙන්න සූදානම්වෙන බව අපිට සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියෙනවා. ඊ.ටී.අයි ගිවිසුමේ ඩොලර් කුට්ටිය ගිලීමේ ප‍්‍රතිවිපාක තමයි මේ ගිලින්නේ. අපි ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ සහගහන අයවැයට සහාය දෙන්න ගිහින් තමන්ගේ දේශපාලන ජිවිතය විනාශ කරගන්න එපා කියලා ඉල්ලා සිටිනවා. අද වරප‍්‍රසාදවලට මුදලට පාර්ලිමේන්තුවේ ඉන්න නායකයෝ එහාට මෙහාට වෙනවා. ඊ. ටි. අයි ඩොලර් ටික නිසා මන්ත‍්‍රීවරු වෙන දිහාකට ගෙනියනවා. සම්බන්ධන් මහත්තයාට නිවාස වාහන දීලා ඡුන්ද ගන්න බලනවා. දැන් මෙහෙම නම් විධායක ජනාධිපතිධූරය අහෝසි කලාම පාර්ලිමේන්තුවේ තියෙන තත්ත්වය මොකක්ද. අගමැතිවරයාට වෙන්නේ රට ඉදිරියට ගෙනියන්න නෙවෙයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිනවිමට කටයුතු කර කර ඉන්නයි වෙන්නේ. මේ අයවැය හදලා තියෙන්නේ කොකේන් ගහලා ඒකට මත්වෙලා සිහින ලෝකෙක ඉන්න වෙලාවක. ඒ නිසා මම මේක නම් කරන්නේ කොකේන් අයවැයක් විදියටයි.
ඩි. වි. චානක මන්ත‍්‍රීවරයා තංගල්ල පොලිස් අධිකාරී ලක්ෂිත ගීතාල් කියන මහත්මයා ගැන පැමිණිල්ලක් කළා. මන්ත‍්‍රීවරයාගේ වාහනයට පොඩි දෙයක් දාන්න කියලා ඔහු තරුණයෙක්ගෙන් ඉල්ලිමක් කරලා තිබුණා. මේ පොලිස් නිලධාරියාම තිලිණ කසුන් කියන තරුණයා අනිසි ලෙස රදවා ගෙන ගහලා ජි. වී. චානක හා ඔහුගේ පියා ඝාතනයකට සම්බන්ධයි කියලා රජයේ සාක්ෂිකාරයෙක් විදියට සම්බන්ධ වෙන්න කියනවා. මේ සම්බන්ධයෙන් අපි පැමිණිලි කළා. මෙවැනි කටයුතු වලට පොලිස් බලතල භාවිතා කිරීම සම්බන්දයෙන් පරික්ෂණය කරන තුරු හෝ මේ පොලිස් අධිකාරිවරයා ඒ ප‍්‍රදේශයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩි. වි. චානක මහතා
රණවිරුවන් 30000 ජිවිත දීලා 60000ක් ආබාධිත වෙලා, දේපල හානිවෙලා ලබපු යුද්ධයකින් අපේ රට ජය ගත්තේ. එදා රණවිරුවා දෙවියකේ ලෙස සැලකුවා. අද ඒ රණවිරුවාව මිනි මරුවෙක්කියලා හංවඩු ගහලා මානව හිමිකම් කඩපු කණ්ඩායමක් ලෙස නම් කරන්න මේ ආන්ඩුව උත්සාහ කරනවා. ආන්ඩුව දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න රණවිරුවන්ගෙන් පලි ගන්න හදනවා. ලෝක ඉතිහාසයේ පළමු වතාවට තමන්ගේ රටට විරුද්ධව මානව හිමිකම් කොමිෂමට ඇමරිකාවත් එක්ක එකතු වෙලා යෝජනාවක් ගෙනාව. දැන් ඇමරිකාව යෝජනාවෙන් ඉවත් වෙලා. ලොව අංක එකට බලවත් රාජ්‍යයක් අස්වෙනවා නම් ඇයි අපි අස්වෙන්නේ නැත්තේ. ඒ වෙනුවට ඇමරිකාව නැත්නම් එංගලන්තය එක්ක එකතු වෙලා යෝජනාව ගේන්න හදන්නේ ජනාධිපතිවරයා විරුද්ධ වෙලා තියෙන අවස්ථාවකයි.
සුමන්දිරන් මන්ත‍්‍රීවරයා මාස තුනකට කලින් රටේ අධීකරණය ස්වාධීනයි කිව්වා. මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරවිමට ගත්ත තිරණයට විරුද්ධව කටයුතු කරන කොට අධීකරණය ස්වාධීනයි. ඇයි අපේ රට තුල පරීක්ෂණ නොකර පිටරට සහාය ගන්නේ. මේවා තමයි කුමන්ත‍්‍රණ. ආන්ඩුවට අයවැය සම්මත කරගන්න දෙමල සන්ධානයේ සහාය අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සදහා කරන්නාගොඩ හිටපු නාවික හමුදාපතිතුමා බිල්ලට දෙන්න හැදුවත් අධිකරණයේ මැදිහත් වීම නිසා ඒකත් කරන්න බැරි වුනා. දැන් එංගලන්තය එක්ක හරි රටට විරුද්ධව යෝජනාවක් ගෙනත් සම්මත කරගන්න හදන්නේ දෙමල සන්දනාය පිනවන්න. ජනාධිපතිතුමාගෙන් ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මෙයට විරුද්ධ වෙන්න කියලා. අයවැය පාස්කරගන්න රට පාවාදිමක් විදියටයි අපි මෙය දකින්නේ.
අයවැය එනකල් ජනතාව බලන් ඉන්නවා.මෙවර අයවැය කතාවවත් ජනතාව ඇහුවේ නැහැ. ගියවර අයවැයේ වැඩපිළීවෙලේ ක‍්‍රියාත්මකවීම සියයට 50යි. එහෙම නම් මාස හයට ගේන අයවැයෙන් සියයට 25ක්වත් ඉෂ්ට කරගන්න බැහැ. එදා දුන්න ෆී වයි ෆයි පුංචි කාර් සිහින අද නිවාස සිහින ගෙනත්. කරන්නේ තරුණයාව රැුවටිමයි. රැුකියා විරහිත උපාධීධාරින්ට රැුකියා ලැබෙන වැඩපිීලවෙලක් මේ අයවැයේ නැහැ. එහෙම නම් සාමාන්‍ය පෙල උසස් පෙල සමත් වෙන අයට මොකද වෙන්නේ. අද 2500කින් පඩු වැඩි කරද්දි බදු වලින් රු.6000ක් විතර ආපහු ගන්නවා. පඩියෙන් ලබා ගන්න පුලූවන් භාණ්ඩ හා සේවා බැලූවම එතන 20000ක් විතර බදු. ඒ නිසා මුර්ත වැටුප අඩු වෙනවා. මේකට හේතුව ට‍්‍රිලියන 2කින් බදු වැඩිවිමයි.
සභානායකවරයාගේ අයවැය පිළීබද කතාවෙන් උත්සාහ කලේ මහින්ද රාජපක්ෂ මහතා සංවර්ධනය කලේ නිවසට යන්න හයි වේ එකක් හදාගන්න. හයිහම්බන්තොටට වරායක් හදාගන්න. එතුමාගේ දිස්ත‍්‍රික්කයට ගුවන් තොටුපලක් හදාගන්න. ඒක තමයි මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩපිළීවෙල කියලා කියන්න උත්සාහ කළා. නමුත් කිරිඇල්ල මහත්තයා දන්නේ නැති වුනාට 2004 දි රනිල් වික‍්‍රමසිංහ මහත්තයා හම්බන්තොට වරාය පිළීබද සක්‍යතා වාර්තාව ගන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා නැවතත් 2007 දි සත්‍යතා වාර්තාවක් ගන්නවා. ඒ අනුව සුදුසුයි කියපු නිසයි හම්බන්තොට වරාය හදන්නේ.
දිර්ඝකාලින වැඩපිළීවලෙක් තිබුණ නිසයි හයිවේ එක ගියේ. එහෙම නැතුව මහින්ද රාජපක්ෂ මහත්තයාට යන්න නෙවේ. මේකේ පළවෙනි අධියර විදියටයි බෙලි අත්තට හයිවේ එක ගියේ. ගුවන් තොටුපල කර්මාන්ත පුරය වරාය යා කරලා තමයි මේ හයිවේ එක හදන්න ගියේ. කිරිඇල්ල මහත්තයාලාට මේවා තේරෙන්නේ නැහැ. ගුවන්තොටුපලේ වී ගබඩා ගරපු අයට සංවර්ධනය පිළීබදව දැක්මක් නැහැ. අද යාපනයට හයිවේ එක හදනවාලූ. අද වෙද්දි කඩවත ඉදන් හයිවේ එක දිගු කරගන්න බැරිවෙලා ඉන්නේ.
මංගල සමරවීර කිව්වා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ලක්ෂයකට වැසිකිලි පහසුකම් නැතිලූ. හබ්න්තොට දිස්ත‍්‍රික්කයේ ජනතාවගෙන් සියයට 50ට වැසිකිලි නැති බවයි මේ කියන්නේ. සජිත් පේ‍්‍රමදාස මහත්තයාගේ දිස්ත‍්‍රික්කයේ මේ ප‍්‍රශ්නය වසර හතරක් තිස්සේ විසදුවේ නැත්තේ ඇයි. එදා සජිත් ප්‍රෙමදාස මැතිතුමා ප‍්‍රචාරණ කටයුතු වලට වියදම් කරපු මිලියන 600 පාවිච්චි කළා නම් වැසිකිලි 25000ක් නොමිලේ හදලා දෙන්න තිබුණා. මේ ආන්ඩුවට ජනතාවට වැඩ කරන්න වුවමනාවක් නැහැ. මේක මහින්ද රාජපක්ෂ මහතාට කරපු චෝදනාවක් නෙවෙයි. සෘජුවම සජිත් පෙුමදාස මහතාට කරපු චෝදනාවක්.
උපාධීධාරින් බදවා ගැනීමේ ක‍්‍රමවේදයකට මුදල් වෙන්කරලා තියෙන්නේ කොතැනද කියලා අපි ආන්ඩුවෙන් අහනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාංචන විජේසේකර මහතා
ආන්ඩුවේ අවසාන අයවැය යෝජනාවෙන් තරුණ ඡුන්ද දිනාගැනීම හා තරුණයින් ඉලක්ක කරගනිමින් යෝජනා ගෙනත් තියෙනවා. මේ යෝජනා ක‍්‍රියත්මක කරන්න මුදල් හැකියාවක් ආන්ඩුවට නැහැ. වසර 5ක් තිස්සේ තරුණ පරපුරට දුන්න පොරොන්දුම තමයි මෙවරත් ඉදිරිපත්කරලා තියෙන්නේ. රැුකියා දසලක්ෂයක් බිහි කරනවා කිව්වට ඉදිරිපත් කරපු අයවැය ලේඛණ පහ ඇතුලේ ඒ සදහා මුදල් වෙන් වෙන්නේ කොහොමද රැුකියා උත්සාදනය වෙන්නේ කොහොමද කියලා සදහන් වෙලා නැහැ. අපේ ආන්ඩුව 2013 වන විට හිටපු සියලූ උපාධිධාර්න පාට පක්ෂ බේදයකින් තොරව රාජ්‍ය යාන්ත‍්‍රණයට ඇතුළත් කර ගත්තා. මේ ආන්ඩුව බලයට පත්වුනාට පස්සේ තවත් උපාධීධාරීන් 70000ක් පමණ බිහිවෙලා. පළාත්පාලන මැතිවරණයට පෙර සම්මුඛ සාකච්ඡුෘවලට ගෙනත්, අගමැතිවරයා හා ජනාධීපතිවරයා පසුගිය වසර අවසානයට පෙර උපාධීධාරින් රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න බවට පොරොන්දු වුනා. නමුත් රාජ්‍ය සේවයට ඇතුලත් කර ගත්තේ පක්ෂ පාට අනුව බලලා 5000ක් පමණ පිරිසක්. මේ අයවැයේ උපාධීධාරින් බදවා ගැනීමේ ක‍්‍රමවේදයකට මුදල් වෙන්කරලා තියෙන්නේ කොතැනද කියලා අපි ආන්ඩුවෙන් අහනවා.
විශිෂ්ට ප‍්‍රතිඵල ලබන 14කට වදේශ විශ්වවිද්‍යාල දෙනවලූ. අපේ උසස්පෙල විභාගයෙන් විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගන්නවා වගේ විදේශ විශව විද්‍යාලවලටත් අනන්‍ය වු ළමුන් ඇතුළත් කර ගැනීමේ ක‍්‍රමවේදයක් තියෙනවා. මේ කරන්නේ ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන සිසුන් ශිෂ්‍යත්ව හරහා විදේශ විශ්ව විද්‍යාලවලට ඇතුළත් කිරීමේ ක‍්‍රමවේදයක්ද කියලා අපිට සැකයක් තියෙනවා. රවි කරුණානයක ඇමැතිතුමත් මිට පෙර මේ විදියට මේ යෝජනාවම ඉදිරිපත් කළා. එක ශිෂ්‍යයෙක්ටවත් ඒ ශිෂ්‍යත්වය දුන්නාද කියලා අපි අහන්න කැමැතියි. විශෟව විද්‍යාලයට ඇතුලත් වෙන ශිෂ්‍යයන්ට ගිය අවුරුද්දේ ලක්ෂ 8ක ණයක් දෙන යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ යෝජනාවම මේ පාරත් ගෙනත්. එක දරැුවෙක්ට ඒ ණය දිලා තියෙනවාද. හෝම් ස්විට් හෝම් ණයයෝජනා ක‍්‍රමය මගින් කරන්නේ තරුණ තරුණියන් මුලා කිරීමයි. අයවැය කතාවේ පිටු අංක 72 යටතේ හෝම් ස්විට් හෝම් ණය යෝජනා ක‍්‍රමයගැන කියැවෙන තැන තියෙනවා උපරිම ණය සීමාව ලක්ෂ 100යි. වාර්ෂික පොලී අනුපාතකය පළමු වසර පහ සදහා සියයට 12යි. සහනාධාර පොලි අනුපාතිකය පළමු වසර පහ සදහා සියයට 40යි. ණය ලාභින් සදහා ගෙවිය යුතු පොලිය සියයට 5යි. වරහන් ඇතුලේ තියෙනවා සහනාදාරය ගෙවන්නේ පළමු වසර 5 සදහා විතරයි කියාල. ඉතිරි වසර 20 රටේ තියෙන පොලී අනුපාතය අනුවයි ගෙවන්න වෙන්නේ. ණය පහුකම අරන් වසර 5කින් වෙන් වෙන්නත් මේකෙන් ප‍්‍රතිපාදන තියෙනවාග ණය ගෙවා ගන්න බැරිව. අපේ ආන්ඩුව දෙන වෙලාවේ හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල , නොරොච්චෝලේ බලාගාරය වගේ දේවලූත් රටට දායාද කරලා තිබුනේ ණය තිබුනේ රු. බිලියන 7391යි. අද වෙද්දි ණය බිලියන 12000ට ආසන්නයි. ඒත් කරපු දෙයක් නැහැ. මුදල් ඇමැතිතුමා පහුගිය අයවැයේදි විශේෂ ප‍්‍රකාශයක් කරමින් කිව්වා අපු සහන දෙනවා නෙවෙයි බිලීපිත්තක් දෙනවා මාලූ අල්ල ගන්න කියලා. මේ අයවැයෙන් කරලා තියෙන්නේ බෙල්ලට තෙන්ඩුවක් දා ගන්න කඹයක් දිපු එකයි.
ඞී. වි . චානක මන්ත‍්‍රීවරයාට සජිත් ප්‍රෙමදාස පාර්ශවයෙන් චෝදනා එල්ල වෙන්න ගත්තා. තොරතුරු පනත යටතේ නිවාස අමාත්‍යංශයේ තොරතුරු සෑහෙන ප‍්‍රමාණයක් ඩි. වි චානක මන්ත‍්‍රීවරයා එළි කළා.
එජාපයේ පසුපෙල මන්ත‍්‍රීවරු හිතාගෙන හිටියේ සජිත් ප්‍රෙමදාස කියන්නේ ඊලග පක්ෂ නායකයා කියලයි. සත්‍ය හෙළිදරව් වෙද්දි චානක මන්ත‍්‍රීවරයාට එරෙහිව පොලීසිය යොදාගනිමින් කුමන්ත‍්‍රණයක් දියත් වුනා කියලා අපිට සැකයි. ජවිපේ දේශපාලන මණඩල සභික ලාල් කාන්ත ඇප ලබලා එළියට ඇවිත් මේ රටේ පොලීසියට අවහ්‍ය නම් ගොරකා දඩ මස් කරන්නත් දඩ මස් ගොරකා කරන්නත් පුලූවන් කිව්වා. ඒ ජවිපේ දේශපාලන මණඩල සභිකයෙක් කරපු ප‍්‍රකාහ්‍යක්. ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත‍්‍රණයක් ගැන එළියට එන වෙලාවෙදි ආන්ඩුවේ පාර්ශවයෙන් කිව්වේ මඩ ගහන්න කියන දේවල් කිව්වා. නමුත් නිතිපතිවරයා කියනවා ත‍්‍රස්තවිමර්ශන ඒකකය භාරව හිටපු පොලිස්පතිවරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා හා ජනාධීපතිවරයා ඝාතන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වුන බවට තොරතුරු තියෙන බව .ඒ නිසා පොලීසිය ගැන අපිට සැකයි. මේ වගේ තත්ත්වයක් යටතේ අපිට සැකයි චානක මන්ත‍්‍රීවරයා විතරක් නෙවෙයි ඒකාබද්ධ විපක්ෂයේ සියලූම මන්ත‍්‍රීවරැුන්ට එරෙහිව පොලිසය ඇතුලෙන් මේ කුමන්ත‍්‍රණය දියත් වෙයිද කියලා. අපේ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න. දේශපාලනීකරණය වුනු පොලිසිය ස්වාධීන කරන්න කියලත් අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
සුමන්දිරන් මන්ත‍්‍රීවරයා අගමැතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා. ජනාධිපතිතුමාගේ හිතේ තියෙන සත්‍ය මතයත් මේ වෙද්දි නිකුත් වෙලා තියෙද්දි අය වැය දිනාගන්න සහාය දෙන්න අල්ලසක්ද දුන්නේ කියලා. ඒ වගේම ඇමරිකානු තානාපතිවරයි උතුරු නැගෙනහිර සංචාරයකින් පස්සේ කිව්වා යෝජනාවේ තියෙන කාරණ ඉෂ්ට කරන්න බැදිලා ඉන්න බව. ඇමරිකාවට එරෙහිව පරික්ෂණ කරද්දි ඔවුන්ට එරෙහිව ස්වාධින පරීක්ෂණ වෙන්නේ නැහැ කියලා ඉවත්වුනු ඇමරිකාව යි මෙහෙම කියන්නේ. ඇමරිකාවට ඉවත් වෙන්න පුලූවන් නම් ජනාධීපතිතුමාගේ නියෝජිතයින් හරහා ලිඛිත ඉල්ලීමක් කරන්න ලංකාව යෝජනාවෙන් ඉවත් වෙන බවට. හිටපු විපක්ෂ නායක සම්බන්ධන් මහතාට නිල නිවාස වාහන දෙකක් දෙන්න කැබිනට් පත‍්‍රිකාවක් නිකුත් වෙලා. අපි 54ක් විපක්ෂයේ කතා කිරීමේ අයිතිය ඉල්ලූවත් අපේ අයිතීන් පිළීබද කතානායක හෝ එදා විපක්ෂ නායක අවධානය යොමු කලේ නැහැ. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයෙක් විදියට පහසුකම්දීම ගැන අපේ විරෝධයක් නැහැ. නමුත් මේ පහසුකම් නිසා ජනාතවගේ අයිතීන් පාවා දෙන්න එපා. ආන්ඩුවෙන් පත් කරපු විපක්ෂනායකවරයෙක් කියන හැගීමයි පුහුගිය කාලයෙ එතුමා සම්බන්ධයෙන් තිබුනේ.

මාධ්‍ය -උපාධීයක් අරන් විශ්ව විද්‍යාලයෙන් පිටවෙන ශිෂ්‍යයින්ට රජයේ රැුකියා දිය යුතුද
කාංචන විජේසේකර – නැහැ . එහෙම දෙයක් නැහැ. නමුත් අපි කතාකරන්නේ ආන්ඩුවෙන් දුන්න පොරොන්දුවක් සම්බන්ධයෙන්. ජනතාවට ඒ පොරොන්දුව දුන්නේ ආන්ඩුව. 2017 රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා කිව්වා උපාධීදාරීන් රාජ්‍ය සේවයට අන්තර්ග‍්‍රහණයකරන බව කිව්වා. රජයේ රැුකියාවක් දෙන්න කියලා දෙයක් නැහැ. නමුත් ඒ පොරොන්දුව ගැන තරුණ තරුණයින් තුල බලාපොරොත්තුවක් ඇති වුනා.
කනක හේරත් – සියයට 70ක් කලා විෂයන්ගෙන් උපාධිය ගත්තාම පාරට බහින්න වෙන්නේ. ඒ නිසා අපි 2015ට පෙර මේ ක‍්‍රමය වෙනස් කරලා තාක්ෂණ විෂයන් පාසලට ඇතුලත් කලා.තාක්ෂණ විෂයට වැඩි අවධානයක් යොමු කලොත් මේ රටේ විතරක් නෙවෙයි විදේශ රටවලත් රැුකියා තියෙනවා. මහින්දෝදය නම නිසා පාසල් 1000 වැඩපිීලවෙල නතර කලා.විද්‍යා අංශය හා ඉංජානේරු කියලා තාක්ෂණ විෂයන්ද මහින්දෝදය විද්‍යාගාරවල තිබුණා.
මාධ්‍ය – මේ සියල්ලට මුල නිසි ප‍්‍රතිපත්තියක් නොතිබීම නේද
කනක හේරත් – අපි ආන්ඩුවක් හදන්න කලින් ප‍්‍රතිපත්ති මාලාවක් හදනවා. අධ්‍යාපන, සෙක්‍ය, ගමනාගමන හැම අංශයක්ම ගැන විශේෂඡුයෝ මේ වෙද්දි සාකච්ඡුා කරනවා. ඊට පස්සේ ඔවුන් හා දේශපානඥයෝ සමග සකච්ඡුාවක් පැවැත්වෙනවා. සැම දෙයක් සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තියක් තිබුය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.
කාංචන විජේසේකර – දැන් තියෙන්නේ ආන්ඩු වෙනස් වෙනකොට වෙනස් වෙන ප‍්‍රතිපත්තියක් විතරක් නෙවෙයි. ඇමැතිවරු වෙනස් වෙද්දිත් වෙනස් වෙන ප‍්‍රතිපත්තියක්. මේ ක‍්‍රමවේදයන් නැති විය යුතුයි.

ආන්ඩුවට අයවැය හිගය පියවගන්න බැහැ..

අද දින (05) මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

ආන්ඩුවට අයවැය හිගය පියවගන්න ක්‍රමයක් නැහැ.
මේ වසරේ ඩොලර් මිලියන 5.9ක් ණය ගෙවන්න තියෙනවා.
ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩ එන්න නම් අලුතින් මුදල් අච්චු ගැසීම, දේශිය ණය හෝ විදේශීය ණය ගැනීම, ලාභ ලබන ආයතන කිහිපයක් විකිණීම පමණයි ආන්ඩුවට තියෙන විසදුම්.
අටුව කඩලා පුටුව කඩනවා වගේ දේශිය ආර්ථකය පරදුවට තබමින්, බිංගිරියේ පොල් අක්කර 1200ක් කපලා ආයෝජන කළාපයක් හදන්න සුදානම් වෙන්නේ කිසිම ආයෝජනයක් නැතිවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා
ලංකාවේ සමස්ත වියදම රුපියල් බිලියන 6550යි. රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400ක් කියලා වාර්තා වෙනවා.අපිට ප්‍රශ්නයක් තියෙනවා. ලංකාව මේ වසරේ ඩොලර් බිලියන 5.9ක් ණය විදියට ගෙවන්න තියෙනවා. රුපියලේ වැඩිවීම නිසා මේ වසරේ රුපියල් බිලියන 1008ක් අයවැය තුළින් ගෙවන්න සිද්ධ වෙනවා. මේ නිසා ආන්ඩුව කියන දේවල් කරන්න පුලුවන්ද කියලා අපිට සැකයි. මෙවැනි තත්ත්වයක් ඇති වුනාම ආන්ඩුවට සිද්ධ වෙනවා බදු වැඩි කරන්න. නැත්නම් ලාභ ලබන ආයතන දෙක තුනක් විකුණන්න වෙනවා. නැතිව අය වැය හිගය පියවා ගන්න බැහැ. මේ ආන්ඩුව ලංකාවේ කෙටි කාලයක් තුල ණය ලබා ගත්ත ආන්ඩුව වගේම ලංකාවේ ජනතාවට වැඩියෙන්ම ජනතාවට හැනිකර බදු පනවපු ආන්ඩුව. රුපියල් බිලියන 90ක් පසුගිය දෙසැබ්ර් වෙද්දි මුදල් අච්චි ගහලා. ඒ විදියට අලුතින් මුදල් අච්චු ගහන්න, දේශිය ණයෙන් පියවන්න, නැත්නම් විදේශිය ණය ගන්න එක හෝ අපේ රටේ තියෙන සම්පත් විකුණා මුදල් පියවීම කියන පියවරයන් ටික විතරයි ආන්ඩුවට ඉතිරි වෙලා තියෙන්නේ.
මේ නිසා ආර්ථිකය අතින් අපි ඉන්නේ වඩා භයානක තැනක. අපි ඉන්නේ මිට වසර කිහිපයකට කළින් ග්‍රීසිය හිටිය තැනටත් වඩා පහළ තැනක. මතුපිටින් චොකලට් තවරලා මේ අයවැය දුන්නාට ඒකේ යටින් තියෙන්නේ තිත්ත බෙහෙතක්. අපි විරුද්ධ පක්ෂයේ ඉන්න නිසා කියන කතාවක් නෙවෙයි. මේක තමයි ඇත්ත. රුපියලේ අවප්‍රමාණය තව තවත් වැඩිවුනොත් අනිවාර්යයෙන්ම මේ සදහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණයත් ඒ හා සමානව වැඩිවෙනවා. මෙය හම්බන්තොට වරාය ගොඩනගන්න ගත්ත වුදල මෙන් දෙගුණයක් වෙලා තියෙනවා. මේ අස්සේ එජාපය සංදර්ශනයක් කරනවා ඒ අය නිදහස් වෙලෙද කලාප හදන බව පෙන්වමින්. කුරුණෑගල බිංගිරියේ වෙලද කළාපය හදන්න කියලා හොද ඵලදාවක් සහිත පොල් අක්කර 1200ක් යොදා ගෙන. අටුව කඩලා පුටුව හදනවා වගේ මෙවැනි දේ කිරිම සුදුසු නැහැ. ඉඩම් වෙන් කරන්න පුලුවන්. ආයෝජන එනවාද. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවත් ඒ වගේ. දේශීය ආර්ථකය පරදුවට තබලා මේවගේ රුවටිම් කරන්න හොද නැහැ. පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සමයේ හොදම වී අස්වැන්න වාර්තා වෙලා කියලාත් ජනතාවට බොරු කියනවා. වී අතිරික්තයට හේතුව ජනතාව දන්නවා. වියලි කාලයෙන් පස්සේ අපිට හොද වැස්සක් ලැබුණා. අපේ කෙටිකාලනී ආන්ඩුවෙන් පොහොර ටික කළට දුන්නා. ඒ අනුව ගොවියෝ වැඩකළා.වි වලට මිලකුත් නැහැ. වි මිලදි ගැනීමේ ක්‍රමවේදයකුත් හදලා නැතුව පරාක්‍රමබාහු යුගයක් ගැන කියන්නේ මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. දෙවියන්ට කොටසක් වෙන්කරලා වැදුම් පිදුම් කරලයි ගොවියෝ අස්වැන්න ගෙට ගන්නේ. එවැනි ගරු බුහුමන් කරන අස්වැන්න පහුගිය කාලයේ මත්තල ගුවන්තොටුපලේ ගෙනත් දැම්මා. තමන්ට අදාල නැති ප්‍රකාශයක් කරලා රට රවට්ටන ප්‍රකාශයක් කිරීම ගැන අපි කණගාටු වෙනවා. වී කිලෝව රුපියල් 30ට වත් දි ගන්න බැරිව ඉන්නේ. පොලොන්නරුව වැනි ප්‍රදේශවල ජනතාව ඉච්ඡාභංගත්වයට පත්වෙලා ඉන්නේ. නරක දරුණු තැනකට ආර්ථිකය පත්වෙලා තියෙද්දි බොරු නොකර මැතිවරණයකට ගිහින් නව රජයක් පත්කරගන්න අවස්තාව දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

• අපි ඉදිරියේ තියෙන්නේ ඇස් බැන්දුම් අයවැයක්
• ත්‍රස්තවාදය පරාජය කිරීමට මේ රටේ මිනිසුන්ගේ අයිතිවාසිකමක්ම ආරක්ෂා කරන්න, දෙමල ජනතාව පළිහක් කරගෙන ඉන්න වෙලාවේ ඔවුන්ව නිදහස් කරගෙන සමස්ත රට වැසියාටම නිදහස ලබා දී විනය ගරුකව කටයුතු කළ බව මතක තබා ගෙන රණවිරැවන්ට පීඩාවක් නොවන විදියට අතීතය අමතක කරන්න ඔ්නේ.
• මැතිවරණ කල් දැමීම ඉලක්ක කරගෙන ජනාධිපතිධූරය අහෝසිකරන්න ඉඩ දෙන්න බැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
ඇස් බැන්දුම් අයවැයක් ඉදිරියේ අපි ඉන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡාවක් තිබුණා. දේශපාලන අර්බුදයක් නිසා ණය ගෙවීම ප්‍රමාද වුන බව ජාත්‍යන්තර අරමුදලට කියලා වසරකින් කල් ලබා ගෙන තියෙනවා. ඩොලර් බිලියන 101.5 ණය මුදලට වසරකින් කාලය දික් කරලා. ආන්ඩුවට කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර අරන් තියෙනවා. ආන්ඩුවේ වැය අඩු කරන්න කිව්වාම මෙය මැතිවරණ වසරක් නිසා වැය අඩු කිරීම අමාරැ කබව ආන්ඩුව කිව්වා. වැය අඩු කරන්න අපහසුනම් ආදායම් මාර්ග වැඩි කරගන්න කිව්වා. ඒ සදහා බදු පැනවිම අනිවාර්යයෙන් සිදුවෙනවා. අද ඉදිරිපත් කරන අයවැයෙන් බදු පැනවූයේ නැති වුනත් ඉදිරියේදි ගැසට් මගින් බදු පනවනවා. විනිමය අනුපාතය නිදහසේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නත්, ඩොලර් බිලියන 150 ආදායමක් හොයා ගන්න, අකාර්යක්ෂම ආයතන විකිණීම හා පුද්ගලීකරණය ක්‍රියාත්මක කිරීම අයවැය හිගය 3.5කින්පවත්වා ගෙන යාම කියන කොන්දේසි අරමුලින් දාලා තියෙනවා. අයවැය හිගය 3.5 ක්ව තියාගන්න නම් බදු වැඩිකරන්න වෙනවා. ඩොලර් මිලියන 150කින් ආදායම වැඩි කරන්නත් බදු ආදායම තදින්ම ක්‍රියාත්මක කරන්න ඔ්නේ. අද අයවැයෙන් රජයේ සේවකයින්ට ඇස්බැන්දුමක් පෙන්වයි. තව මාස කිහිපයකින් බැංකු පොලී අනුපාතය අනිවාර්යයෙන් වැඩි වෙනවා. මේක මැතිවරණ අයවැයක් වුනත් ඒකවත් හරියට කරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.
අගමැතිතුමා උතුරට ගිහින් ප්‍රකාශයක් කරලා තියෙනවා පරණ අතීතය අමතක කරලා කටයුතු කරන්න කියාලා. යුද්ධයේදී වුනු දේවල් අමතක කරලා අතීතයට සමාව දෙන්න කියපු ඒ ප්‍රකාශය හොදයි. නමුත් අතිතයේ හමුදාවක් ත්‍රස්තවාදය පරාජය කිරීමට මේ රටේ මිනිසුන්ගේ අයිතිවාසිකමක්ම ආරක්ෂා කරන්න, දෙමල ජනතාව පළිහක් කරගෙන ඉන්න වෙලාවේ ඔවුන්ව නිදහස් කරගෙන සමස්ත රට වැසියාටම නිදහස ලබා දී විනය ගරුකව කටයුතු කළ බව මතක තබා ගෙන රණවිරැවන්ට පීඩාවක් නොවන විදියට අතීතය අමතක කරන්න ඔ්නේ. යුද අපරාධයක් වෙන්න නම් සූහ මිනිස් ඝාතනයක් වෙන්න ඔ්නේ. ළමා සොල්දාදුවන් ඉන්න ඔ්නේ. අපේ හමුදාවන් එවැනි දේ කරලා නැහැ. හිටපු නාවික හමුදාපති අත් අඩංගුවට ගන්න උත්සාහය තවමත් තියෙනවා. අපේ සියලු හමුදාවන් විශිෂ්ටයි. මුහුදු මාර්ග රැක ගැනීම වසන්ත කරන්නාගොඩයි කලේ.
දැන් ව්‍යවස්ථා මර උගුලක් ගෙනත් තියෙනවා. 1994 ඉදන් ජනාධිපතිධූරය අහෝසි කරන බව කිව්වා. නමුත් මේ පාර්ලිමේන්තුව තුල එවැනි දෙයක් කරන්න බැහැ. මේ හදන්නේ පළාත් පාලන ආයතන කල් දැම්ම වගේ, පළාත් සභා කල් දැම්මා වගේ පාර්ලිමේන්තුව කල් දාගන්නයි. ජනාධිපතිධූරය අහෝසි කරන්න නම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඖනේ. ඒකට මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඔ්නේ කියන්නයි හදන්නේ. මැතිවරණ කල් දැමීම ඉලක්ක කරගෙන ජනාධිපතිධූරය අහෝසිකරන්න ඉඩ දෙන්න බැහැ. මේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ගිය හැම අවස්ථාවකම අර්බුද ඇති වුනා. ව්‍යවස්ථාව වෙනස් කරන්න ජනතාවගේ කැමැත්ත ඔ්නේ. පළාත් සභා මැතිවරණය තියෙන බවක් නැහැ. කල් දාන්න බැරි එකම මැතිවරණය ජනාධිපතිවරණය. ඔක්තෝම්බර් වෙද්දි මැතිවරණය තියන්න ඔ්නේ.
• අයවැය සම්මත කරගන්නේ කොහාමද කියන ගැටලුව සහ අධිකරණයට තමන් බහුතරය කියලා බලයේ ඉන්න එජාපයට පෙන්වීමේ ගැටලුවක් මේ වෙද්දි ඇති වෙලා
• ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ කියලා අයවැය දෙකක් අපිට නැහැ. අපි සමස්ත අයවැයම පරාජය කිරීමටයි පියවර ගන්නේ
• විකුම්සිහ රජු සහලින් රට ස්වයංපෝෂිත කරපු නිසා තමයි මත්තල ගුවන්තොටුපලේත් වී පිරෙව්වේ
• ගම්මිරිස් කිලෝ කෝටි 21ක් මහ මුහුද මැදදි නැවෙන් නැවට පටවලා රුපියල් ඩොලර් කෝටි 66ක් තමන්ගේ අයට හොයාදුන්න රජු විදියටත් ඉතිහාසගත වෙනවා.
• ජාත්‍යන්තර ප්‍රමිතයේ කාන්තා යට ඇදුම් නිර්මානයේ සන්නාමය විදියටත් වික්‍රමසිංහ රජු ඉතිහාසගත වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා
තව පැය කිහිපයකින් යහපාලන රජයෙ ්අවසාන අයවැය ලේඛණය ඉදිරිපත් කරන්න නියමිතයි. මේ දෙස විමර්ශනාතාමකව බද්දි බරපතල අයවැය පරතරයක් තියෙනවා. මෙය පියවා ගන්න රජයට විසදුම් වෙන්නේ බදු දඩ සහ ණය මත යැපීමයි. මෙයින් ජනතාවට සහනයක් ලැබෙන්නේ නැහැ. අයවැය සම්මත කරගැනීම දක්වා ආන්ඩුවට අබියෝග දෙකක් තයෙනවා. අයවැය සම්මත කරගන්නේ කොහාමද කියන දේ සහ අධිකරණයට තමන් බහුතරය කියලා බලයේ ඉන්න එජාපයට පෙන්වීමේ ගැටලුවක් තියෙනවා. පිරිසක් අයවැය ට සහාය නොදෙන බවත් කියනවා. විපක්ෂය ලෙස අපි කියන්නේ ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ අයවැය කියලා දෙකක් නැති බවයි. අපි අයවැය පරාජය කරන්න පියවර ගන්නවා. ස්වයං රැකියා ඇති කරනවා ඉඩම් ඔප්පු දෙනවා වැනි දේ කිව්වට ඒ දේවල් කරන්න තරම් තත්ත්වයක් රටේ ගොඩනැගිලා නැහැ.
කුරුණෑගල වෙලද කළාපයක් විවෘත කරන්න ගිහින් අගමැතිවරයා කියනවා හයවෙනි පරාක්‍රමබාහු රජුගෙන් පසුව සහලින් රට ස්වයං පෝෂිත කලේ තමන් බව. අලුතින් විකුම්සිහ රජු ලෙසයි දැන් හදුන්වන්නේ. එතුමා සහලින් රට ස්වයංපෝෂිත කරපු නිසා තමයි මත්තල ගුවන්තොටුපලේත් වී පිරෙව්වේ. එතුමා කෘෂිකර්මයට විරුද්ධ නැහැ කියනවා. එතුමා තමයි ගම්මිරිස් කිලෝ කෝටි 21ක් මහ මුහුද මැදදි නැවෙන් නැවට පටවපු රජු විදියට ඉතිහාසගත වෙන්නේ. එක කිලෝවෙන් ඩොලර් 3 ගානේ ඩොලර් කෝටි 66ක් ආදායම් හොයාගත්තා රජයට සම්බන්ධ ඇමැතිවරු හා සහෝදරයෝ හොයා ගත්තා. වික්‍රමසිංහ රජු ඒකටත් ඉතිහාසයට එකතු වෙනවා. ඇගලුම් කර්මාන්තය අතින් කාන්තා යට ඇදුම් එතුමාගේ කාලයේ නිස්පාදනය කලාලු. එහෙමනකම් ජාත්‍යන්තර ප්‍රමිතයේ කාන්තා යට ඇදුම් නිර්මානයේ සන්නාමය විදියට වික්‍රමසිංහ රජු ඉතිහාසගත වෙනවා. මේ විදියට ජනතාව අන්දවන්නයි උත්සාහ කරන්නේ.

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ – දිවුලපිටිය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණ පෙරමුණේ දිවුලපිටිය බලමණ්ඩලය හා තරුණ සමුළුව අද දින (03) දින විශාල තරුණ සහභාගිත්වයකින් පැවැවිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී  දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී  දුලිප් විජේසේකර ඇතුළු  බස්නාහිර පළාත් සභාවේ ගරු මන්ත්‍රීවරුන්‌ගේ හා ගම්පහ දිස්ත්රික්කයේ ප්‍රාදේශීය සභා ගරු මන්ත්‍රීවරුන්‌ගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටියේ දී පැවැත්විය.

ශ්‍රී ලංකා පොදුජන ව්‍යාපාරික පෙරමුණ අනුරාධපුර

ශ්‍රී ලංකා පොදුජන ව්‍යාපාරික පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලය පිහිටුවීම පස්වෙනි විධායක ජනාධිපති වත්මන් විපක්ෂ නායක අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හිටපු අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්.එම්. චන්ද්‍රෙස්න මැතිතුමා, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එච්.සී. මුතුකුමාරණ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ⁣ෂෙහාන් සේමසිංහ මැතිතුමා, හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු රංජිත් සමරකෝන් මැතිතුමා, උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රී මණ්ඩලය ඇතුලු අනුරාධපුර දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ සහ විශාල ව්‍යාපාරික ප්‍රජාවකගේ සහභාගීත්වයෙන් 2019.03.02 වන දින අනුරාධපුර ගෝල්ඩන් මැංගො රිසෝට් හෝටලයේ දී අති සාර්ථකව සිදු කරන ලදී.

මැතිවරණ සිහිනයක්… ආන්ඩුව මැතිවරණ දෙන්නේ නැහැ.

අද (01) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා
ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන්න කියලා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඉල්ලිමක් කළා. 20 වෙනි සංශෝධනය ගැන මේ වෙලාවේ කතා කරන්නේ ඇයි කියන එකයි අපි කල්පනා කරන්නේ. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනවා කියන එක වෙනම දෙයක්. ජනතා විමුක්ති පෙරමුනෙන් ඉදිරිපත් කරලා තියෙන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙනියනවාද කියන එක තවත් දෙයක්. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කළ යුතුයි කියන අයත් සමහර විට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අකමැති වෙන්න පුලුවන් එහි තියෙන දුර්වලතා මත. වඩා වැදගත් වන්නේ මෙහි ප්‍රායෝගික තත්ත්වයයි. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් පැවැතිවෙන්න නියමිතව තියෙනවා. ඒ වගේම ජනාධිපතික්‍රමය ඉවත් කරනවා නම් ඡන්ද ක්‍රමය වෙනස් කරන්න වෙනවා. ඡන්ද ක්‍රමය වෙනස් කරනවා නම් ඒ සම්බන්ධයෙන්සාකච්ඡා කරලා එකගතාවයකට එන්න වෙනවා. මිශ්‍ර ක්‍රමයක් ගෙනාවොත් සීමා නිර්ණය කරන්න වෙනවා. මගේ පුද්ගලික මතය නම් ජනමත විචාරණයකට යන්න අවශ්‍යයි. ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ ජනාධිපතිධූරය අවශ්‍යයි කියන තැනයි. ඒ වගේම අනුර කුමාර දිසානායක මහතා මේ යෝජනාව ගෙනත් ජනතාවගේ අවධානය වෙනතකට හරවනවා වෙන්න පුලුවන්. මේ මාසයේ ජිනිවා යෝජනා මාලාව සාකච්ඡා වෙනවා. රණවිරුවන්ට විරුද්ධව යුද අපරාධ චෝදනා එල්ල වෙලා කිසියම් ක්‍රියාදාමයකට යාමේ අවධානමක් තියෙනවා. මංගල සමරවිර මහතාගේ දේශපාලන ජිවිතයට වසර 30ක් පිරිම හා ජෝන් අමරතුංග මන්ත්‍රීවරයාගේ දේශපාලන ජිවිතයට වසර 40ක් පිරීම සිදුවුනා. මංගල සමරවිර දක්ෂ දේශපාලනඥයෙක් නිසා හිටපු සහ ඉන්න ජනාධිපතිවරු කිහිප දෙනෙක්ම ඇවිත් එතුමාගේ වේදිකාවේ කතා කරනවා අපි දැක්කා. එතුමාගේ ක්‍රියාදාමය බලපුවාම මානව හිමිකම් යෝජනාවට එකග වීමේ පාපකර්මයෙන් භව ගාණක් ගියාට මිදෙන්න බැහැ. විදේශ ඇමැතිකම එතුමාගේ භූදලයක් වගේ කරගෙන ගිහින් අපේ රට පාවා දුන්නා.
මුදල් ඇමැති කෙනෙක් විදියට ගත්තාමත් සිංගප්පුරු ගිවිසුම වැනි දේ ක්‍රියාත්මක වුනේ තනි තීරණයට එතුමාගේ කාලයේදීයි. එතුමා දක්ෂ දේශපාලනඥයෙක් වුනාට විදේශ ඇමැතිවරයෙක් විදියට රට පාවා දීමේ ක්‍රියාදාමයේ කොටස්කාරයෙක්.
පසුගිය 27 වැනිදාට බැදුම්කරයට වංචාවට වසර 4ක්. තවම කිසිවෙක්ට නිතියෙන් දඩුවම් දීලා නැහැ. මේක යටපත් කරන්න එපා. අඹ ගෙඩි කිහිපයක් හොරකම් කළාම හිරේ යනවා. මේ වගේ හොරකම් කරලා නිදහසේ ඉන්නවා. මෙතැන සමාජ සාධාරණත්වයක් නැති බවයි සාමාන්‍ය ජනතාවගේ අදහස වෙලා තියෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා
ගුරු හා විදුහල්පති ක්ෂේත්‍රයේ ප්‍රශ්නයක් ඇති වුනා. ආණ්ඩුව දරුවන්ගේ දෑස් පාදන ගුරුවරුන්ට කදුලු ගෑස් ගැහුවා. දරුවන්ගේ ඔලු ගෙඩි හදන ගුරුවරුන්ගේ ඔලු පැලුවා. අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් කරනවා කියලා කරපු මේ වෙනස අපි තරයේ හෙළා දකිනවා. අද සමහර දේශපාලන පක්ෂ තමන්ගේ බලය වෙනුවෙන් තමන්ගේ පක්ෂයේ දැවැන්ත ඇද වැටීම් වෙනුවෙන් ගුරුවරු විදුහල්පතිවරු යොදා ගන්න බවත් අපි දකිනවා. මේ පහර දීම හෙළා දකින අතරේ දේශපාලකයින්ගේ අරමුණු වෙනුවෙන් ජිවිත බිලි දෙන්න ලෑස්ති වෙන්න එපා. අද වෙද්දි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇද වැටීමක් වෙලා. පාසල් පද්ධතිය විනාශ වෙලා. ගුරු ක්ෂේත්‍රය විනාශ වෙලා. පාසල් පද්ධතිය අපි බලාපොරොත්තු වුනු ඉලක්ක කරා ගෙනිහයන්න බැරි වෙලා. අධ්‍යාපන බලධාරීන් දැන්වත් මේ නාඩගම නතර කළ යුතුයි.
20 වෙනි සන්නිය පටන් ගන්න හදන්නේ අනුර කුමාර දිසානායක කියන ගුරුන්නාන්සේයි. ඔහු 20 වෙනි සන්නිය ගැන විපක්ෂ නායකවරයා සමග සාකච්ඡා කරන්න සූදානම්ලු. 19 වැනි සන්නිය නටලා රට නන්නත්තාර කරලා තියෙන වෙලාවක අනුර කුමාර ගුරුන්නාන්සේලා කියන විදියට 20 වැනි සන්නිය නැටුවොත් ඔහු කියන විදියටම රට අනාතයි. කුජීතයි. රට ආර්ථික වශයෙන් , සමාජයීය වශයෙන් වැටිලා වගේම දැවැන්ත දේශපාලන අර්බුදයකයි රට ඉන්නේ. මේ ප්‍රශ්නවලට 20 වැනි සන්නිය ගෙනත් විසදුම් දෙන්න බැහැ. රටටත් ජාතියටත් වින කරන මේ සන්නිය ගෙනත් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න අපි සූදානම් නැහැ. දැන් නැව් පිටින් ටොන් ගණන් කුඩු අපේ රටට එනවා. දේශලපාලන ආශිර්වාදයත් ඊට ලැබෙනවා. ඒ වුනාට රෝගීන්ගේ අසරණකම ගැන නම් බලන්නේ නැහැ. ජනතාව සුවපත් කරනවා වෙනුවට සුවපති නිදැල්ලේ. වකුගඩු රෝගීන්ට ප්‍රමාණවත් බෙහෙත් නැහැ. පිළීකා රෝහලේ වෛද්‍යවරුන් හා රෝගීන් කියන්නේ අත්‍යාවශ්‍ය බෙහෙත් නැති බවයි. තියෙන බෙහෙත් ටිකත් ප්‍රමිතයෙන් තොරයි. ඒ වුනාට තමන්ගේ හිතවත්තු මේ ජාවාරමේ ඉන්නේ. සුවපතිතුමනි, මාධ්‍ය සංදර්ශණ තියන්නේ නැතිව රෝහල්වලට ගිහින් රෝහල්වල අඩුපාඩි සොයා බලන්න. රෝගින් සිටින්නේ ඛේදනීය තත්ත්වයක. වකුගඩු හා පිළීකා රෝගීන්ට අත්‍යාවශ්‍ය බෙහෙත් ටිකවත් ලබා දෙන්න.
රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ අවසාන අයවැය තීරණාත්මක අයවැයක්. සුන්දර වචන සෙට් එකක් එක්ක අයවැය ඉදිරිපත් කරයි. ජනතාවට සිනි බොල ටොපි චොකලට් දෙයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ක ක්‍රියාත්මක කරන්න හදන වැඩපිළීවෙල දැක්කාම තේරෙනවා ජනතාව අන්දන්න ලෑස්ති වෙන්න හදන බව පේනවා. රටේ රාජ්‍ය සේවකයාට වගේම පුද්ගලික සේවකයාටත් සහන අවශ්‍යයි. අපි වීදි සටන් වලට බැහැලා දුක් විදින ජනතාව වෙනුවෙන් දැඩික්‍රියාමාර්ග ගන්න සූදානම්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා
ආණ්ඩුව පටන් ගත්ත දවසේ මේ දකවා ගොවීන් කම්කරැවන් වෘත්තීයවේදින් ගුරුවරුන් විශෟව විද්‍යාල ශිෂ්‍යයින් ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසුනා. ආන්ඩුව දකුණු අත කරන දේ වම් අත දන්නේ නැහැ වගේ, ආන්ඩුවට අවශ්‍ය දේ කළා මිස රටට අවශ්‍ය දේ කලේ නැහැ. රට දිනෙන් දින ආර්ථිකයෙන් විරැකියාවෙන් කඩා වැටිලා ස්ථාවරත්වය නැති වුනා. අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කරනවා කියලා ඇවිත් කිසි දෙයක් කරන්න බැරි වුනා.
දැන් ආන්ඩුවේම පාර්ශ්වයන් වුන ජනතා විමුක්ති පෙරමුණ නැවතත් 20 වෙනි සංශෝධනය ගේන්න යනවා. කළින් ගෙනත් අධීකරණ මතය ප්‍රකාශ කරලා තියෙනවා. මේ ගැන විපක්ෂ නායකතුමා එක්ක සාකච්ඡා කරන්න හදනවා. විපක්ෂ නායකතුමා ජනතාව වෙනුවෙන් සාකච්ඡාවලට එක්වෙයි. හැබැයි අපි දන්න ජනතා විමුක්ති පෙරමුණට බැහැ රටේ පොදු ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්න බැහැ. 6 දෙනෙක් පාර්ලිමේන්තු ආවේ මුලු රටෙන් ම ඡන්ද ලක්ෂ 5ක් අරන්. වැඩ කරන්න හදන්නේ ඒ අය තමයි නායකයෝ කියලා හිතාගෙන. රටේ ජනතාව 80 ගණන්වල වගේ අන්දන්න සූදානම් වුනත් ජනතාව අදින්න සූදානම් නැහැ. 20 වෙනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිධූරය නැති කරලා පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න 225 දෙනා අතරෙන් යෝජනාවකින් ජනාධිපතිවරයෙක් පත්කර ගන්න මේ වෑයම් දරන්නේ. ඩිල් කුමාර කියන නම හරියටම හරි. බල්ලා විසින් නැට්ට වනනවා මිස නැට්ට විසින් බල්ලා වනන්නේ නැහැ කියලා අපි අහලා තියෙනවා. දැන් නැට්ට තමයි බල්ලා වනන්න හදන්නේ. මේපක්ෂය හා පුද්ගලයෝ හැම මොහොතෙම පාර්ලිමේන්තුවේ තනතුරු ටික අරන් කලේ තමන්ගේ පක්ෂේ ගොඩනගා ගන්න එකයි. උදාහරණයකට වත්මන් ක්‍රමයට මැතිවරණය තැබුවොත් තමන්ගේ නියෝජිතයින් ගණන වැඩි කරගන්න පුලුවන් කියලා හිතලා පළාත් පාලන මැතිවරණය පැවැත්වුවා. දැන් 8000ට වැඩි මන්ත්‍රීවරු ප්‍රමාණයක් ජනතාව විසින් නඩත්තු කරනවා. පළාත් සභා යෝජනාව ගෙනත් පාර්ලිමේන්තුවේ අගමැතිවරයාට කිව්වා මාස හතරක් ඇති මැතිවරණය තියන්න අපි මේක කරගෙන යන්නම් කියලා. දැන් 20 ගේනවා. ඇයි 20 ගේන්නේ. මේ අයට ජනාධිපති අපේක්ෂකයෙක් නැහැ. ඔවුන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කලොත් ඡන්ද ලක්ෂ තුන හතරකට සීමා වෙන නිසයි කෙටි මාර්ගයකින් එන්න හදන්‌නේ. අද එජාපයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාටත්, ජවිපේ අපෙක්ෂකයෙක් ඉදිරිපත් කලොත් ඒ අපේක්ෂකයාටත්, වෙනත් පක්ෂයකින් අපේක්ෂකයොත් ඉදිරිපත් කලොත් ඒ අපේක්ෂකයින්ටත් අභියෝගයක් තියෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ
ආශිර්වාදයෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයාට කිසිම අභියෝගයක් නැහැ. ඒ අපේක්ෂකයා වෙනුවෙන් ජනතාව සූදානම් වෙලා ඉන්නේ. අපි යුද්දේ ජය ගත්තේ 20 නැතිව, විධායක ජනාධීපතික්‍රමයක් එක්ක.
මත්ද්‍රව්‍ය යුද්ධයෙන් රට දිනාගන්න නම් විධායකය තිබිය යුතුයි. විධායකයේ තියෙන නුසුදුසු දේ ගැන මහින්ද රාජපක්ෂ මහතා කතා කරයි. එහෙම නැතුව මහින්ද රාජපක්ෂ මහතාට බලය ලබා දෙන්නයි මේකටයුතු කරන්නේ කියනවා වගේ , නංගි පෙන්නලා අක්කා දෙන ගේම ගහන්න නම් බැහැ. මහින්ද රාජපක්ෂ කියන්නේ පරිනත දේශපාලකයෙක්. අපිට ඉතිහාසය මතකයි. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කෙටි කාලීන ආන්ඩුවෙන් ජනතාවට මොන තරම් සහන ලැබුණද. ඒ ආන්ඩුව එපා කියලා වෙනස් කරන්න දැගලුවේ අද සාකච්ඡාවලට එන්න හදන අනුර කුමාර දිසානායකලා. එදා ජනතාවගේ පොහොර මිල අඩු වුනාත ඉන්ධන සහනාධාරය ලැබුනා. සියලු දෙනා එක්ක සාකච්ඡා පටන් ගත්තා. මේක බලාගෙන ඉන්න බැරිවයි ජනතා විමුක්ති පෙරමුණ ආන්ඩුවට සහාය වෙන වැඩපිළිවෙලකට ගියේ. ඒ වගේම යුද්ධය අවසාන වෙන අවස්ථාවේ යුද්ධය අවසන් වුනොත් මහින්ද රාජපක්ෂ මහතාව නතර කරන්න බැහැ. මිනිස්සුන් තුළ ඇති වන විශ්වාසය නැති කරන්න බැහැ වගේ දේවල් ගැන හිතලා එවැනි කුහක සිතුවිල්ලකින් ආන්ඩුවෙන් ඉවත් වුනා. එවැනිකුහකකම් තියෙන පක්ෂයක්. පොර්ට් සිටිය හදන වෙලාවේ රටේ කලුගල් මදිවෙලා ඉන්දියාවෙනුත් කලු ගල් ගේන්න වෙයි කිව්වා. අද පොර්ට් සිටිය හැදිලා ඉවරයි. උමා ඔය හදපුවාම මුලු පළාතම විනාශ වෙනවා. ඒ පළාතට වතුර කදුලක් නැති වෙනවා කිව්වා. අද ඒ ව්‍යාපෘතියෙන් සියයට 70ක් වැඩ අවසන්. නොරොච්චෝලේ බලාගාරේ හදද්දි කිව්වා පුත්තල් පැත්තට යන්න බැරි වෙනවා කියලා. අද නොරොච්චෝලේ බලාගාරය නිසා තමයි සියයට 90ට වැඩි ප්‍රමාණයකට විදුලිය දෙන්න පුලුවන් වුනේ. ඒ නිසා කුහකකමින් 20 ගේන ආන්ඩුව සම්බන්ධයෙන් අපි අවධානයෙන් ඉන්නේ.
ආන්ඩුවට තව අභියෝගයක් තියෙනවා. අයවැය පස්වෙනිදා ඉදිරිපත්කරන්න නියමිතයි. මේක ආන්ඩුවේ අවසාන අයවැය. ලබන වසරේ අයවැය ගේන්න මේ ආන්ඩුව තියෙන්නේ නැහැ. මේ ආන්ඩුව ගේන පස්වෙනි අයවැය මේක. කිසිම අයවැයක සාධනීය ලක්ෂණයක් තිබුනේ නැහැ. සිංහ ලීලාවෙන් කතා කරන මන්ත්‍රීවරු එක වැය ශිර්ෂයක් පරාජය කරන්නේ නැහැ. සිරිකොතේ අහවල් දේවල් පාවිච්චි කරනවා කියපු කෙනාව ගෙන්නලා අගමැතිතුමා දෙකයි කිව්වේ. ඒ බොලේ ඒකාබද්ධ විපක්ෂයට විසිකළා. අගමැතිතුමාගේ කාමරයට රිංගුවාට පස්සේ චන්ඩි දාන චන්ඩි මල්ලිලා ඡන්දේ දෙනවා. අඩෛක්කලනාදන් මන්ත්‍රීවරයා පුවත්පතට ප්‍රකාශයක් කරමින් කියලා තියෙනවා දෙමළ සන්ධානය අයවැයට පක්ෂව ඡන්දය දෙන්න සාකච්ඡා කරනවාලු. මේකේතියෙනවා අතුරුදන් වුවන ්පිළිබද, සිරගත වූවන්, ඉඩම් සම්බන්ධ ගැටලුව තියෙනවා. මේවා වෙනුවෙන් ගිවිසුම් අත්සන් වෙනවා. දෙමළ ජනතාවඉල්ලන්නේ මේවා නෙවේ. දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලැබෙන්නේ නැහැ. නිවාස ඇමැති හම්බන්තොට ගෙවල් විවෘත කරද්දි පෝස්ටර් වදින්නේ කොළඹ. හම්බන්තොටට දුන්න නිසාව ප්‍රමාණයම දුන්න තව දිස්ත්‍රික්කයක් පුලුවන් නම් කියන්න. අධ්‍යාපන ඇමැති කුලියාපිටියේ පාසල්විතරයි හද්නනේ. රටේ අනෙක් පළාත් වල දරුවෝ ඉගෙන ගන්නේ නැද්ද. අය වැයට අපි වෙන් කරපු මුදල්වලින් මහින්දෝදය 1000ක් එකවර මුල්ගල තියලා එකවර විවෘත කළා. ලෙඩ්ඩු ඉන්නේ කලුතර විතරද. මේ ආන්ඩුව මුලු රටම විනාශ කරලා. කලුතරට විතරක් වැඩ කරන සෙක්‍ය ඇමැති කෙනෙක් ඉන්නේ. අනෙකුත් දිස්ත්‍රික්කවලත් මේ ගැටලුව තියනවා. මේ අයවැයෙන් බලය අල්ල ගෙන යන්නයි හදන්නේ. උතුරේ ජනතාව දරුවෝ මත්ද්‍රව්‍යවලින් බේරා ගන්න කියනවා. පාසල් හදන්න කියනවා. ප්‍රවාහනය දියුනු කරන්න කියනවා. ජනතාව සූදානම් මේ ආන්ඩුවටත් ආන්ඩුවට සහාය දුන්න අයටත් විරුද්ධව ඡන්ද දෙන්න. දෙමළ සන්ධානය මේ වංචාවන්ට අහු වෙන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. සුමන්දිරන්ගේ වුවමනාවන් ඉෂෟඨ වුනාට ඒ ජනතාවගේ වුවමනාවන් ඉෂ්ට වෙලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණ 20 සම්මත කරගන්න අපි පස්සේ එන්නේ ඇයි. ජනමතය තියෙන්නේ අපි එක්ක කියලා දන්න නිසා. පළමුව නයා මැරීමයි වැදගත් වෙන්නේ.ඊට පස්සේ භූමිය ආරක්ෂා කරගන්න පුලුවන්. ඒ නිසා 20 එක්ක එන නයා මරලා භූමිය ආරක්ෂා කර ගන්න ඒකාබද්ධ විපක්ෂයට පුලුවන්. ඒ නිසා මැතිවරණ සිහිනයක්. ආන්ඩුව මැතිවරණ දෙන්නේ නැහැ. ආන්ඩුවෙන් මැතිවරණයක් ගන්න අවශ්‍යයි. සියලු බලවේග එකතු වෙලා මේ ආන්ඩුව එළවන්න සූදානම් වෙන්න.

අයවැයෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා.

අද ( 28) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා
පහුගිය කාලයේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂවල පුලුල් සන්ධානයක් සම්බන්ධයෙන් සාකච්ඡා වුනා. ඊයේ වෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන් මේ සාකච්ඡා සදහා අපේ පක්ෂයේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පරෙුම මහතාත්, ජ්‍යෙස්ඨ කතිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතාත් පත්කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය ගෙදර යවන වැඩපිළිවෙලක් සදහා පුලුල් සන්ධානයක අවහ්‍යතාවය අද තිබෙනවා. ඉතිහාසයේ සිද්ධවුනු වැරදි නැවතත් සිදුනොවන ආකාරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛත්වයෙන් තියලා මෙම සන්ධානය ගොඩ නගන්න කියලා අපි සාකච්ඡාවලට සම්බන්ධ වෙන සියලු දෙනාගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. පසුගිය වසරේ 19 වෙනි සංශෝධනය ගෙන විට අපි ඒකාබද්ධ විපක්ෂය ලෙස ඊට විරැද්ධත්වය ප්‍රකාශ කළා. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සම්බන්ධයෙනුත් ඒකාබද්ධ විපක්ෂයේ වැඩිදෙනෙක් සිටින්නේ විරුද්ධවයි. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් නැවත සලකා බලන්න කියලා අපි ඉල්ලා සිටිනවා. හැමදාම එකට හිටපු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩාඩායම තුළ භේදයක්තිබුනේ නැහැ. අපිව මර්ධනය කරද්දිත් අපි කණෟඩායමක් ලෙස ඊට මුහුණ දුන්නා. ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපතිධූරය අහෝසි කරන 20 වැනි සංශෝධනය ඉදිරිපත් කරලා අපේ කණ්ඩායම කැඩීමයි බලාපොරොත්තු වෙන්නේ. අද වෙද්දි එජාපයේ නායකයෝම කියනවා එහි ඉන්න ලොම් හැලුනු නායකයින්ට ජනධිපතිවරණයට ඉදිරිපත් වෙලා ජය ගන්න බැරි බව. ජවිපේ නායකයෝ එජාපයට තවත් කඩේ යන්න බැරි බව දන්නවා. දෙමළ ජාතික සන්ධානයත් රනිල් වික්‍රමසිංහ මහතාට ජයගන්න බැරි බව දන්නවා. ඒකනිසයි ඒකාබද්ධ විපක්ෂයේ කණෟඩායම බේද කරන්න උත්සාහ කරන්නේ. මේක තමයි මේ අයගේ උපාය මාර්ගය.
1977න් පස්සේ බහුතරයක් ඇතිව ආණ්ඩු පිහිටවලා තියෙන්නේ අවස්ථා දෙකකදි පමණයි. 1989 හා 2010දියි. එවැනි තත්ත්වයකින් රට පාලනය වුනේ විධායක ජනාධිපති බලතල සහිතවයි. 2004 බලයට පත්වෙලා එදා කතානායකවරයෙක් තෝරා ගන්න හැකියාවක් ඒ රජයට තිබුනේ නැහැ. එහෙම වෙලත් යුද්ධය ජයගන්න මහින්ද රාජපක්ෂ මහතාට හැකිවුනා වගේම එදා රජය ස්ථිර රජයක් ලෙස කටයුතු කළා. 19 වැනි සං‌ශෝධනය ගෙනඒම තුළින්මවිධායකය ව්‍යව්සථාදායකය අධීකර ණය අතර අවුල් ඇති වෙලා. ජනාධීපතිවරයාට මැතිවරණයක් තියන්න බැරි තත්ත්වයක්, කොමිෂන් සබා පිස්සුවෙන් වගේ කටයුතු කරන තත්ත්වයක් ඇති වෙලා. ජනාධිපතිතුමා කියන විදියට එතුමාට බැදුම්කර හොරුන්ව අල්ල ගන්නවත් බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. ජනාධිපතිධූරය නැති වුන දවසට ජනාධිවරයා රූකඩයක් වෙනවා. ජනාධිපතිවරයා පළාත්වලට පත්කරන ආන්ඩුකාරවරයා ජනාධීපතිවරයා හා සමානම රූකඩයක් බවට පත්වෙනවා. අගමැති රනිල් වික්‍රමසිංහ කියනවා 19 වැනි සංශෝධනය නිසාලු මාකදුරේ මදූෂ්ව ඇල්ලුවේ. පෙබරවාරි 04 වැනිදා අපි නිදහස සමරනවා වගේ පෙබරවාරි 27 වැනිදාට ජනතාව මහ බැංකු මංකොල්ලය සමරනවා. 19 වැනි සංශෝධනය ගෙනත් මදූෂ්ව අල්ලගන්න පුලුවන් වුනාට අර්ජුන මහේන්ද්‍රන්ව අල්ලගන්න තවම බැරිවුනාද කියලා අපි අගමැතිවරයාගෙන් අහනවා. මේ රජය මහා බැංකුමංකොල්ලය හා සමාන මංකොල්ලයක් තමයි ඊ.ටී.අයි මංකොල්ලයත්. මේ නිසා ජනතාව විශාල ගැටලුවකට මුහුණ දීලා ඉන්න නිසා කඩිනමින් විසදුමක් දෙන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
මානව හිමිකම් කොමිෂමෙන් ඇමරිකාව ඉවත් වුනත් ඇමරිකාව එක්ක අත් වැල් බැදගෙන වාර්තාව දුන්න ශ්‍රී ලංකා රජයට එයින් ඉවත් වෙන්න බැහැ. හරියට නිවට කරණවෑමියා දැකලා එලුවෝ රැවුල් කපන්න ඇහුවා වගේ. පහුගිය දවස්වල ඉන්දියාවෙන් ගිහින් පකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයක් සිදුකරනවා. අපේ රටේ එහෙම දෙයක් වුනානම් අපේ රටේ ඉන්න නායකයෝ රණවිරැවන්ව අරන් ගිහින් භාරදෙයි. ජිනීවා සමුලුවට ගිහින් රට පාවා දුන්නේ මංගල සමරවිර ඇමැතිවරයායි. ජෝන් අමරතුංග මහතාගේ වසර 40 දේශපාලන ජිවිතය සැමරුවේ කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන්. මේ විදියට මංගල සමරවිර ඇමැතිවරයාගේ 30 වසරක දේශපාලන ජිවිතය සමරන්නත් සූදානම් වෙනවා. ඔහු අපේ රණවිරුවන් දංගඩෙියට ගෙනියන්න හදන සමන්තා පවර්ස් කියන කාන්තාවගේ ප්‍රධානත්වයනේ තමයි සමරන්න හදන්නේ. මංගල සමරවිරට ඡන්දය දුන්න අයත් මෙවැන්නෙක් අපේ නායකයා කර ගැනිම ගැන දුක්විය යුතුයි.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා රන්ජන් රාමනායකට පක්ෂය ආරක්ෂාවන පරිදි කටයුතු කරන්නයි කියලා තියෙනවා. මේක තමයි ඇත්ත. මොන හොරකම වුනත් අවසානයේදී සියලු දෙනා නිර්දෝෂී වෙනවා. අද වෙද්දි කොකේන් කමිටුවෙන් සියලු දෙනා නිර්දෝෂී කරලා. එදා අර්ජුන මහේන්ද්‍රන්ව නිර්දෝශ කළා වගේමයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ 2001 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන වත්මන් රාජ්‍ය ඇමැතිවරයෙක්ට මාවනැල්ල ආසනයෙන් ඉල්ලා අස්වෙන්න කියලා එක්මසත් ජාතික පක්ෂයේ සභාපතිවරයා බලපැම් කරනවා. දේශපාලන නායකයෝ කිසිකෙනෙක්ට මාවනැල්ලෙන් කෑගල්ලෙන් නැගිටින්න බැරිවුනා. දේශපාලනයෙන් ඉදිරියට යන්නේනැතිව කකුලෙන් අදින එජාප පාක්ෂිකයින්ට අපිත් එක්ක අත්වැල් බාදගන්නයි කියලා ආරාධනා කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා මේ ආන්ඩුව කමිටු කිහිපයක් පත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ හැසිරිම සම්බන්ධයෙනුත් කමිටුවක් පත්කරලා තියෙනවා. රන්ජන් රාමනායක ඇමැතිවරයාගේ හැසීර්ම සම්බන්දයෙන් බලන්න. පළමුවෙන් කිව්වා කැබිනට් ඇමැතිවරු කොකේන් ගහනවාකිව්වා. ඊට පස්සෙ පක්ෂ විපක්ෂ දෙගොල්ලොම කියලා. ඊටත් පස්සේ කිව්වා හිටපු ඇමැතිවරු කියලා. වැඩිපුරම ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අයලු. කිසිම ඇමැතිවරයෙක් නැහැකිව්වත් අපිට දැන් ඒකත් පිළිගන්න වෙලා. රන්ජන් රාමනායක කියපු දේ දැන් කමිටුවෙන් ප්‍රතික්ෂේප වෙලා. කතානායකවරයාගේ වගකිම මන්ත්‍රීවරු 225 දෙනා වෙනුවෙන් විශේෂ කමිටුවක් පත්කරලා, රන්ජන් රාමනායකගේ හඩපට ටික අරගෙන ගෙන රන්ජන් රාමනායකට විරුද්ධව පරික්ෂණයක් කරලා දඩුවම් කිරිමයි. මුලු ලෝකෙටම කෙකේන් ගහන අය පාර්ලිමේන්තුවේ ඉන්නවා කියපු මොහුට විරුද්ධව දඩුවම් දෙන්න අවශ්‍යයි. එජාපයේ කමිටුවක් පත්කරලා ඔවුන් නිදහස් කියලා වැඩක් නැහැ. මේ සිද්ධිය ලොකෙට ගිහින් ඉවරයි. හරියට පරික්ෂණයක් කරලා දඩුවම්කළ යුතුයි. ආන්ඩුව ඇතුලෙන් හොක්කට ගහනවා කියපුවාම කියපු දේ වෙනස් වෙනවා.
අපි මේ කමිටුවල දේවල් පිලිගන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ කමිටුවක්පත්කරලා ඒකේ ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාම ඉන්නවාලු. එතන ගහගත්ත එජාප පිරිස කමිටුවෙන් ඉවත් කරලා. දුලිප් වෙදආරච්චි පාර්ලිමේන්තුවේ සරම උස්සලා පෙන්නුවා. ඒකපාර්ලිමේන්තුවට අපහාසයක් නෙවෙයිද. ඒකාබද්ධවිපක්ෂයේ අයට විතරක් පරීක්ෂණ කරන්නේ නැතිව සියලු දෙනාට එරෙහිව පියවර ගන්න අවහ්‍යයි.
මහ බැංකු හොරකම අගමැතිවරයා සුද්ධ කළා. දැන් ජනාධිපතිතුමාකියනවා මේ ආන්ඩුව ඉන්න කල් බැදුම්කර හොරුන්ට දඩුවම් දෙන්න බැහැලු. ඒකියන්නේ හොරුටික ඉන්නේ ආන්ඩුවේ. ඒක නිසයි අපි කියන්නේ ඇත්ත හොරුන්ට දඩුවම් දෙන්න මේ ආන්ඩුව‌ෙ ගදර යවන්න කියලා. පහුගිය කාලේ විවිධ සංවිධාන තිබුනා. ඒ අය මේසම්බන්ධයෙන් වචනයක් කියන්නේ නැහැ.මේ ආන්ඩුව තියෙනකල් මහ බැංකු හොරුන්ට දඩුවම් දෙන්න බැහැ. මොවුන් ගෙදර යවලා සැබෑ හොරුන්ට දඩුවම් දෙන්න එකතු වෙන්න.
මුල්‍ය අපරාධ ක‌ොට්ඨාශය නීති විරෝධීව හැදුවේ ඒකාබද්ධවිපක්ෂයට දඩුවම් දෙන්න. එහි ස්ථානාධිපතිවරයා විශ්‍රාම යද්දි කියනවා එතුමා චූදිතයින්ට තොරතුරු දුන්න බව. අපි මෙය කිව්වේ වේලාසන. මේක ආන්ඩුවේ වුවමනාවන් ඉෂ්ඨ කරන තැනක් වෙලා තිබුනා. මේකත් පොලීසිය. මේ පොලීසය මගින් ආණ්ඩුව කලේ මර්ධනය. ගාල්ල සිද්ධිය අපේ කාලයේ වුනානම් පොලිස්පති අයින් වෙන්න කියනවා. අපේ කාලයේ පොලිස්පතිතුමා ඉල්ලා අස්විමක්වුනා.
මධ්‍යෙයෙන් ගාල්ලේ සිද්ධිය හෙලිනොකලා නම් දරුවෝ වෙනුවෙන් කවුරුත් ඉදිරිපත් නොවුනානම් මේ සිද්ධිය යටපත් වෙනවා. ඒ නිසා මාධ්‍යයට අපි ස්තූති වන්ත වෙනවා. පොලීසිය වැරැද්දක් කළාම අයිතිකාරයෙක් නැහැ. මේ ආන්ඩුව මර්දන කාරිව මිනිස්සු බයකරන වැඩපිළිවෙලක් ගෙනියන්නේ ඡන්දයක් ළග නිසයි. ජනාධිපතිවරණයට පෙර නව ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න බැහැ. ආන්ඩුවට තියෙන්නේ 103යි. විධායක ජනාධිපතිකම අහෝසි කරන්නේ ජනාමත විචාරණයකින්. ඒ නිසා කෙරෙන්නේ නැති දේවල් කතා නොකර කරන්න තියෙන දේ කරමු. ආන්ඩුව පලාත් සභා මැතිවරණය තියන්නේ නැහැ. එන්නේ ජනාධිපතිවරණය. එතෙක් ආන්ඩුව අල්ලා ගෙන යාමයි කරන්නේ. ඒ නිසා ආන්ඩුව ගෙදර යවන්න එකතු වෙන්න කියලා අපි විපක්ෂයේ සියලු දෙනාට කියනවා. ආන්ඩුවෙන් රුපියල් 1000 අරන් දෙනවා කියපු දිගම්බරන් අතුලු කට්ටිය ඒක අරන් දුන්නාද. හැමදාම කදුකරයේ මිනිස්සු රවටනවා. දැන් ඉල්ලා අස්වෙන්න කියලා අපි ඒ අයට කියනවා. ඔය ඇමැතිවරුන්ට ඔ්නේ රගපාන්න විතරයි. මේ අය 1000 අරන් දෙන්නෙත් නැහැ. ඇමැතිකම් අත අරින්නෙත් නැහැ.
ලංගම පාඩු ලබන ආයතනයක් වෙලා. සුදුස්සාට සුදුසු තැන දෙන්න අවශයයි. අලුතින් ආන්ඩුව පත්වුනාට පස්සේ හැම ඩිපොවෙම අයට උසස්විම දෙනවා. රස්සාවෙන් දොට්ට දාපු අයට පත්වීමත් එක්ක උසස්වීම් දෙනවා. දැන් ලංගම බස් රථ රාශියක් දුවන්නේ නැහැ. අද කළවානේ ඩිපොවේ පඩි ගෙවා ගන්න බැහැ. ආදායම පක්ෂ 7ක් විතර තිබුණ එක ලක්ෂ 4ට අඩුවෙලා. බස් පාරේ දිව්වේ නැත්නම් ආදායමක් නැහැ. එජාප පාක්ෂිකයාට සලකනවා කිව්වානේ. දැන් මේකරන්නේ ඒක තමයි. නිත්‍යාණූකූලව උසස්වීම් දෙන්න අවශ්‍ය අයට උසස්වීම් දුන්නට කමක් නැහැ. වහාම පරික්ෂණයක් කරලා සුදුසු අයට පත්විම් දෙන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
මේ අයවැයෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා. ගල් වැලි සියලු දේ වැඩි වෙලා. සාමාන්‍යයෙන් ගෙයක් හදන්න බලාපොරොත්තුවක් තියන් හිටපු අය ගේ බලාපොරොත්තු නැතිවෙලා. මේ අයවැයෙන් ආන්ඩුව ගෙදර යවමු කියලා අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා
න්‍යස්ටික බලවතුන් දෙදෙනෙක් වෙන දකුණු ආසියානු කලාපෙය් ඉන්දියාව හා පකිස්ථානය අතර ප්‍රශ්නයක් ඇතිවෙලා. අපි සිවිල් යුද්ධයක අත් දැකීම් විදලා තියෙනවා. මේ රට වල් දෙක අතර යුද්ධයක් ඇති වුනොත් අපිටත් එහි ප්‍රථිපල භුක්ති විදින්න වෙනවා. මේ ආන්ඩුව මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට දෙන්න හැදුවා. ඉන්දියාව චිනය ඇමරිකාව අතර තියෙන බල අරගලයේ ප්‍රතිඵල අපිට භුක්ති විදින්න වෙන බව අපි එදා කිව්වා. මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට දීමේ කටයුතු වේගවත් කරන්න සූදානමක් තියෙනවා නම් මේ අවස්ථාව ඊට යොදා ගෙන න්‍යෂ්ඨික පොරයෝ මධ්‍යස්ථානයක් බවට අපේ රට පත්කරන්න එපා කියලා අපි ආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
මහ බැංකු වංචාවට අවුරුදු 4යි. ජනාධිපති කොමිෂමේ වාර්තාව පිට වෙලත් වසරක්. බැදුම්කර විවාදය තාවකාලිකව තරක කරලත් වසරක් වෙනවා. විවාදය නතර වුන තැන ඉදන් අරඹන්න. අයවැයෙන් පසු පළමු සතියේස මේ වාර්තාව විවාදයටගන්න. මේ වාර්තවේ පිටුගණනාවක් අතුදහන් බවට චෝදනාවක් තියෙනවා. ඒ පිටු පාර්ලිමේන්තුවටඉදිරිපත් කරන්න කියලා අපි ඉ්ලලා සිටිනවා. අර්ජුන මහේන්ද්‍රන්ට ආරක්ෂාව දුන්නේ ගඅහමැතිවරයා. විදේශ ගමන් බලපත්‍රය අහෝසිකරලා හෝ ඔහු මෙරට රදවා ගන්න පියවර නොගත්ත නිසා දැන් ඔහු විදෙස්ගත වෙලා තියෙනවා.
ජවිපෙන් මහ බැංකු වංචාව ගැන අගමැතිවරයාට චෝදනා කරනවා. මෙවැනි අගමැතිවරයෙක් ඉන්න බව දැනගෙන අගමැතිවරයාට එරෙහි විශෟවාසභංග යෝජනවාට අත්සන් කලේ නැහැ. ආන්ඩුව වෙනස් වුනාම නැවතත් රනිල් වික්‍රමසිංහ පත් කරන්න කියලා දුවන් ගියේ විජිත හේරත් මන්ත්‍රීවරයා. දූසිතයින් ආරක්ෂා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණයි.
අද ජිවන වියදම වැඩිවෙලා. ත්‍රස්තවාදින් මහ බැංකුවට කළ ප්‍රහාරයෙන් ජිව.ත 91ක් අපිට අහිමි වුනා. මේ ආන්ඩුවෙන් වුනප්‍රහාරයෙන් සෑමපුරවැසියෙක්ම වසර 30ක් යනතුරු ණයකාරයෝ වෙලා. පහුගිය ැයවැයෙන් වගේම මේ අයවැයෙනුත් විවිධ යෝජනා එයි. 2018 වසරේ අයවැයෙන් ඉදිරිපත් කරපු යෝජනා කීයද ඉටුකලේ. සිමෙන්තිවල වැඩි කරපු මුදල අඩු කරන්න තඅසාහයක් ගනියි. මේ සියලු දේ කරන්නේ මැතිවරණයක් ඉලක්ක කරගෙන. බැදුම්කර චූදිතයින් අත් අඩංගුවට ගෙන ඒ මුදල් පියවා ගන්නේ නැත්නම් මේ කිසිම පොරොන්දුවක් යථාර්ථයක් වෙන්නේ නැහැ.
මංගල සමරවිර ඇමැතිවරයාගේ 30 වසරක දේශපාලන ජීවිතයට සුබ පතනවා. එතුමා පහුගිය කාලයේ ගත්ත තින්දු තීරණ දිහා බලද්දි බරපතල කලු පැල්ලමක් එල්ල වන තැනක් තියෙනවා. 2015 දි ඇමරිකානු තානාපතිවරිය සමන්තා පවර් එක්ක යෝජනාවක් ගෙනාවා. මේක අමාත්‍ය මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ. අද වෙද්දි ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙලා. ඒනිසා ජනාධිපතිවරයාගෙනුත් ආන්ඩුවෙනුත් අපි ඉල්ලීමක් කරලා තියෙනවා. එක්සත් ජාතින්ගේ සැසිවාරයේදී ලිඛිත ඉල්ලීමක් කරන්න මේ යෝජනාවෙන් ලංකාව පාර්ශවකාරයෙක් විදියටඉල්ලා අස්වෙනබවට. මංගල සමරවීරටත් පුලුවන් සමන්තා පවර් ඉදිරියේ ඒ සම යෝජනාව ඉවත් කරන බව හෝ එතුමාගේ කතාවේදි කළ හැකියි.
විධායක ජනාධිපතිධූරය ඉවත්කිරිමේ යෝජනාවක් ඇවිත් තියෙනවා. ජනාධිපතිවරණයට අදාලව ව්‍යවස්ථාවේ නිර්වචනය ක් තියෙනවා. ඒ අනුව ඊළග ජනාධිපතිවරණය දෙසැම්බර් 09ත් නොවැම්බර් 09ත් අතර පැවැත්විය යුතුයි. ඔක්තෝම්බර් 05 වැනිදා වෙද්දි ජනාධිපතිවරණය කැදවීමේනිවේදනය නිකුත් කළ යුතුයි. ඔක්තෝම්බර් 05 සිට නොවැම්බර් 05 දක්වා නාමයෝජනා කැදවන්න අවශ්‍යයි. ජනාධිපතිවරණය අහෝසිකිරීමේ යෝජනාව ගේන්නෙත් මැතිවරණය කල් දා ගන්නයි. මේක ප්‍රායෝගික නැති හිස් යෝජනාවක්. මෙහෙම යෝජනාවක් ගේනවා නම් ඇත්තටම කොකේන් ගහපු කෙනෙක්. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරිම ගැන අපිට සාකච්ඡා කරන්න පුලුවන්. මේ ආන්ඩුවට ඒ ගැන සාකච්ඡාවක් කරන්න ජන වරමක් නැහැ. අලුත් පාර්ලිමේන්තුවකදී අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. අපි විපක්ෂයේ කණෟඩායමක් විදියට හිතන්නේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට විරුද්ධවයි ඡන්දය දෙන්නේ. ඒකාබද්ධ විපක්ෂය නියෝජනයකරන අයගෙන් සියයට 90ට වැඩි පිරිසක් මේ යෝජනාව මේ මොහොතේ ගෙනාවොත් පරාජය කරන්න සූදානම්.
ඩි. වි චානක මන්ත්‍රීවරයොගේ වාහනයට අනිතික දෙයක් දමන්න ගිය බවට පැමිණිලි ඉදිරිපත් වෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙවැනි අවධානමක් තියෙන නිසා ආරක්ෂාව තහවුරු කරන්නයි ඒ පැමිනිල්ලෙන් ඉල්ලා තිබුනා.
මිට මාස කිහිපයක පෙර සජිත් ප්‍රේමදාස නිවාස අරමුදලේ මුදල් මගින් තමන්ගේ ප්‍රතිරුපය නංවා ගැනීමට කරන දේවල් සම්බන්ධයෙන් එලිවුනා. ඒ එලි කිරිම කිරීමෙන් පසුව චානක මන්ත්‍රීවරයා මත්කුඩු වලට සම්බන්ධබව හැගෙන පුකාශයක් සජිත් ප්‍රේමදාස කලා. මේ නිසා අපිට සැකයක් තියෙනවා. නිතීඥවරු කණ්ඩායමක් පසුගිය දවස්වල සිදුවුන ඝාතන සම්බන්ධයෙන් චානක මන්තී්‍රවරයා සම්බන්ධයි කියන්න උත්සාහ කරනවා. ඒ මාධ්‍ය හමුව පැවැත්වෙන්නෙ ්සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා වෙනුවෙනුයි. චානක මන්ත්‍රීවරයා ඉලක්ක කරගෙන කිසියම් වැඩපිළීවෙලක් දියත් වෙන බවයි පෙන්නේ. ඒනිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න. මේ විදියට චෝදනා එල්ල කරලා විපක්ෂයෙ දේශපාලනයින් දඩයම් කරන්න හදන්නේ. මන්ත්‍රිවරු 54ක් කළහකාරි ලෙස හැසිරැනු බවට චෝදනා එල්ල වුනා. එහි එජාප මන්ත්‍රීවරු එක්කෙනයි. කතානායකවරයාගේ බෑනාමයි එතුමගේ පිටුපස්සේ හිටියේ. හරින් ප්‍රනාන්දුත් අපි දැක්කා. එජාපයේ මන්ත්‍රීවරු20ට වැඩි පිරිසක් කතානායක පුටුව අසලට ආවා. බෑනා පුටුව අසලට එනවා දැක්කේ නැද්ද. පිහි අරන් ආවා දැක්කේ නැද්ද. මේක ඒකපාර්ශ්වික වාර්තාවක්. නැවතත් කමිටුවක් පත්කරලා ස්වාධින පරික්ෂණයක් කරන්නයි කියලා අපි ඉල්ලා සිටිනවා.

මාධ්‍ය – ඔබලාගේ ආන්ඩුවකදි මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කරනවාද
අපේ ආන්ඩුවකදි පලමු කාර්යය විදියටමහ බැංකු මංකොල්ලය ගැන චෝදාන ලැබු සියලු දෙනා නිතිය හමුවට ගේනවා.
මාධ්‍ය – අර්ජුන ඇලෝසියස් මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාගේ මගුල් ගෙදර යනවා. නිතිය කියාත්මක වෙයිද
කාංචන විජේසේකර – අපිත් මගුල් දගදර හිටියා. ඔය කියන කෙනා දැක්කේ නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් මගුල් ගෙදර ආවා. අපේ රජයක් සමයේ නිතිය ක්‍රියාත්මක නොවෙයි කියලා අපි හිතන්නේ නැහැ. නමුත් එවැනි දෙයක් නොවුනොත් අපි තරුණ මන්ත්‍රිවරු විදියට ආන්ඩුව පොළඹවන නීතිය ක්‍රියාත්මක කරන තැනට
මාධ්‍ය – පොදුජන පෙරමුනේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් මැතිවරණයට ගේන්න පුලුවන්ද
කාංචන විජේසේකර – ස්ථිර වශයෙන්ම අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ගේනවා. ජලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයනේ කමිටුවක් පත්කරලා තියෙනවා. අපේ බහුතරයක මතය වෙලා තියෙන්නේ පොදුජන පෙරමුනේ අපේක්ෂකයෙක් පොහොට්ටුව ලකුණින් ඉදිරිපත්විය යුතු බවයි.
මාධ්‍ය – පුලුල් සන්ධානයේදී ශ්‍රිලනීප අපේක්ෂකයෙක් අවොත්
කාංචන විජේසේකර – පුලුල් සන්ධානයේ වැඩි බලයක් පොදුජන පෙරමුණට හිමිවිය යුතුයි. අද පළාත් පාලන ආයතනවලින් ,පළාත් සභාවල වගේම පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ පොදුජන පෙරමුණට. අපි ඉතිහාසයේ සන්ධාන දැකලා තියෙනවානේ. එජනිස ප්‍රධාන පාර්ශවකරු වුනෙත්, පොදුජන පෙරමුනේ ප්‍රධාන පාර්ශ්වකරු වුනෙත් ශ්‍රීලනීපය. අපේක්ෂකයා ඉදිරිපත් වුනේ ශ්‍රීලනිපයෙන්. ඒ වගේ දැන් ගොඩ නැගෙන පුලුල් සන්ධානය ඇතුලේ අපේක්ෂකයා තේරීමේ කටයුත්ත භාරවෙන්නේ පොදුජන පෙරමුණට.
මාධ්‍ය – පොදුජන පෙරමුණට ඒ අවස්ථාව ලැබුනේ නැත්නම්
කාංචන ජයසේකර – ඒක ඒ වෙලාවට බලමු
මාධ්‍ය – බැදුම්කර හොරුන්ගේ ලයිස්තුව තියෙන්නේ ජනාධිපතිතුමා ළගනේ.
කාංචන ජයසේකර – ඒක අපිටත් ගැටලුවක්. අපිත් කියන්නේ හංගල තියෙන ලයිස්තුව එළියට දාන්න කියලයි. කතානායකවරයාට ලේඛණය ලැබුනේ නැහැලු. පිටු ගානක් අඩු බව හෙළි වෙලා තියෙන්නේ. කවුරු හංගගෙන ඉන්න කෙනා එලි කරන්න අවශ්‍යයි.

පොදුජන පෙරමුණේ කුවේට් ජනහමුව

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුවේට් ජන හමුව නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමන්ගේ හා ප්‍රසන්න රණතුංග මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හවාලි බෝයිස්කවුට් ශාලාවේදී පැවැත්විණි

කුවේට් රාජ්‍යය ස්වාධීන අරාබි එමීර් රාජ්‍යයකි. එය ඊසාන අරාබි අර්ධද්වීපයෙහි පිහිටා ඇත. එය මායිම් වන්නේ දකුණින් සවුදි අරාබියාව, උතුරින් ඉරානය, වයඹ දෙසින් ගල්ෆ් පර්සියානුවටය. කුවේට් යන නම, දිය ලග පිහිටි බලකොටුව යන අර්ථය දැක්වේ. භූමි ප්‍රමාණය වර්ග කි.මී. 20,000 වන අතර ජනගහනය මිලියන 3 කි. ‍පෞරාණිකව මෙම රාජ්‍යයේ ඇති වරාය තුලින් ඉන්දියාව හා මෙසපොතේමියාව අතර වෙළඳ ගනුදෙනු සිදුවී ඇත. බානි උටාබ් ගෝත්‍රය පළමු අරාබි පදිංචිකරුවන් වන අතර නව එමිරේට් රාජ්‍යයේ මුල් ආරම්භකරුවෝය. 19 ශතවර්ෂයේ කුවේටය ඔටමන් අධිරාජ්‍යයේ බලපෑමට ලක් වු අතර 2 වන ලෝක යුද්ධයෙන් පසු අරාබි පාලනයකට නතු වු අතර, එය බ්‍රිතාන්‍යය ආරක්ෂාව යටතේ විය. එරට විශාල තෙල් ආකර 1930 ගණන්වල සොයා ගත්හ. 1961, බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයෙන් නිදහස් වු පසු එරට තෙල් කර්මාන්තයේ කැපී පෙනෙන දියුණුවක් ඇති විය. 1990 දි ඉරාකය කුවේටය ආක්‍රමණය කළ අතර එය ඉරාකයට යාකරන ලදි. කුවේට් ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් වන අතර කුවේට් නගරය සමඟ පාර්ලිමේන්තු පද්ධතියක් තුලින් රටේ දේශපාලන හා ආර්ථික නගරය ලෙස පවතී. ඒ රටේ ‍ලෝකයේ 5 වන විශාලතම තෙල් රන්දිතය, පෙට්ට්‍රොලියම්, කුවේටය පෙට්ට්‍රොලියම් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායමෙන් 95% ක් හා රාජ්‍ය ආදායමෙන් 80% ක් සපයයි. කුවේටය ලෝකයේ ධනවත්ම රටවල් අතර ඒක පුද්ගල ආදායමෙන් 11 ස්ථානයේ හා අරාබි රටවල් අතර ඉහළම මානව සංවර්ධිත දර්ශක‍යේ ද ඇත. ලෝක බැංකුව මඟින් කුවේට් ඉහළ ආදායම් ආර්ථිකයක් ඇති රටක් ලෙස හා නේටෝ නොවන සංවිධානයක් ලෙස නම් කර ඇත.