ශ්‍රී ලංකා පොදුජන ව්‍යාපාරික පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලය පිහිටුවීම පස්වෙනි විධායක ජනාධිපති වත්මන් විපක්ෂ නායක අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හිටපු අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්.එම්. චන්ද්‍රෙස්න මැතිතුමා, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එච්.සී. මුතුකුමාරණ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ෂෙහාන් සේමසිංහ මැතිතුමා, හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු රංජිත් සමරකෝන් මැතිතුමා, උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රී මණ්ඩලය ඇතුලු අනුරාධපුර දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ සහ විශාල ව්‍යාපාරික ප්‍රජාවකගේ සහභාගීත්වයෙන් 2019.03.02 වන දින අනුරාධපුර ගෝල්ඩන් මැංගො රිසෝට් හෝටලයේ දී අති සාර්ථකව සිදු කරන ලදී.



