විපක්ෂ නායක ඉදිරිපත් කරන අපේක්ෂකට සහය

විපක්ෂ නායක ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකට කොන්දේසි විරහිතව සහය ලබා දෙනවා

ලෝක කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ කළුතර ආසන බල මණ්ඩලය පිහිටුවීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නියෝජ්‍ය නායක, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනයන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය ගරු බැසිල් රාපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගරු පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිතුමිය ඇතුළු දේශපාලන ආරාධිතයින් රැසකගේ හා රටට ආදරය කරන කළුතර කාන්තාවන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් 2019-03-09 වනදා කළුතර නගර ශාලාවේදි අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. එයට සමගාමිව ශ්‍රි ලංකා පොදුජන කාන්තා පෙරමුණ වෙනුවෙන් නිර්මාණය කල ගිතය එළිදැක්විම හා එම පෙරමුණ වෙනුවෙන් ඇප කැප වි ක්‍රියා කල නායිකාවන් රැසකට තිළිණ බේදාදිමද බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් සිදු කෙරිනි.

කාන්තා පෙරමුණේ කළුතර ආසන බල මණ්ඩලය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය ගරු බැසිල් රාපක්ෂ මැතිතුමා අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ඕනෑම නායකයෙකුට තමන් කොන්දේසි විරහිතව සහාය දෙන සඳහන් කර සිටියේය. එසේම ජනාධිපති මැතිවරණය අනිවාර්යයෙන්ම දෙසැම්බර් 08 දිනට පෙර පැවැත්විය යුතු බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි. ඒ සඳහා අනිවාර්යයෙන්ම පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයා ජයග්‍රහණය කොට දෙසැම්බර් 09 වන දින රටේ ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙනු ලබන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය. ඇතැමුන් පවසන පරිදි තම පක්ෂය තුළ කිසිදු භේදයක් නොමැති බවත් පක්ෂයේ පරමාදර්ශී නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිටින බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කරනු ලැබීය. ඉදිරි ජනාධිපතිවරණය හමුමේ එන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට තමන් සූදිනම් බවත් ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි.

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://basilrajapaksa.com/wp-content/uploads/2019/01/හෙට-ගැන-හිතන2-1920X1080px.jpg);background-size: cover;background-position: right bottom;background-attachment: scroll;background-repeat: no-repeat;}#stuning-header div.page-title-inner {min-height: 870px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}