ජනාධීපති බලාපොරොත්තු වුනු සුජාත දරුවා අනාචාරයේ..

අද (21) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා
19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ජනතාවගේ ඇහැට වැලි ගහලා කරපු සංශෝධනයක් බව ඊයේ පැවැති විවාදයෙන් පස්සේ ජනතාවට තේරුම් ගියා. ඒ හරහා හදපු ව්‍යවස්ථාදායක සභාව මෙනතරම් පක්ෂග්‍රාහි විදියට අගමැතිවරයා වෙනුවෙන් කටයුතු කළාද කියන දේ ආන්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් දැක්වූ අදහස් දැක්වීම් තුලින් පෙනුනා. ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම ඒ අතරින් සුවිශේෂී වුනා. මේ රටේ නිතියේ ආධිපත්‍ය තහවුරු කරන්නත් රාජ්‍ය යාන්ත්‍රණය විදිමත් කරන්නත් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවිම ඔවුන් ලැබූ අති මහත් ජයක් ලෙස පෙන්වුවත් ඒ කිසිවක් ව්‍යවස්ථාදායක සභාව හරහා සිදුවෙලා නැහැ. මේ වෙද්දි අකර්මණ්‍ය ව්‍යවස්ථාදායක සභාවක්. අගමැතිවරයා එහි පාලනය ඔහු අතට අරන් අධිකරණ ක්සෞත්‍රයට බලපෑම් කර තිබෙන බව පැහැදිලියි. මේ ව්‍යවස්ථාදායක සභාවේ අවශ්‍යතාවය අද වෙන විට රටට දැනෙන්නේ නැහැ. ව්‍යවස්ථාදායක සබාව පක්ෂ පාතීවීම රටට ඔප්පු වෙලා තියෙන නිසා අද වෙන විට මේ ව්‍යවස්ථාදායක සභාව ඉල්ලා අස්විය යුතුයි. ඔවුන්ට හෘද සාක්ෂියක් තියෙනවා නම් රටේ පැවැත්ම සම්බන්ධ වගකීමක් තියෙනවා නම් ඔවුන් පැහැදිලිව ඉල්ලා අස්විය යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආපු සියලු පනත් හරහා වෙනත් අරමුණක් ඉටු කර ගැනීමටයි උත්සාහ කලේ.
රන්ජන් රාමනායක මහතාගේ හෙළි දරව්වත් එක්ක රට බලවත් කළකිරිමට පත්වෙලා. ඔවුන්ගේ ඡන්දයෙන් පත්කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිටින බව හෙලිවිම නිසා රට අපකීර්තියට පත්වෙලා. ජනතාව මේ දිහා බලන්නේ පිළිකුලෙන්. කතානායකවරයාට දුරකතනයෙන් මේ නම් සම්බන්ධයෙන් දැනුම් දුන්න බව රන්ජන් රාමනායක කියනවා. දුරකතනය හරහා නම් හෙළි දරව් කළා නම් ඒ නම් රටට හෙලි කළ යුතුයි. මෙවැනි ඇමැති මණ්ඩලයක් කොහොමද රටක් පාලනය කරන්නේ. රටයි අපකීර්තියට පත්වෙන්නේ. ඒ නම් ටික කතානායකවරයාට ලබා දිලා නැත්නම් රන්ජන් රාමනායකගේ ප්‍රකාශය ගැන පරික්ෂණකයක් කළ යුතුයි.
පහුගිය කාලයේම මේ ආන්ඩුව කටයුතු කළ ආකාරය අනුව පෙනී යන්නේ කුඩු ගහලා වගේ තමයි. කුඩු ගහලා ඊට පස්සේ හොරකම් කරන්න ගන්නවා. අපිට කුඩු ගහන පුද්ගලයා හා ආන්ඩුව අතර වෙනසක් පේන්නේ නැහැ. අම්මාගේ මගුල් මුද්ද වුනත් විකුණන්න කුඩු ගහන පුත්තු ලැහැස්තියි. ලෝක වාර්තා තිබ්බ ආන්ඩුවක්. බලයට ඇවිත් මාසයෙන් බැදුම්කර හොරකම කළා. අපි දෛනිකව මාධ්‍ය මගින් හා වෘත්තීය සමිති කරන හෙලි දරව් කිරීම් මගින් අන්ඩුවේ හොරකම් දකිනවා.
ආන්ඩුව එකින් එක ජාතික සම්පත්විකුණමින් සිටිනවා. කුඩු ගහන මනුෂ්‍යයත් ඒ වගේ තමන්ගේ දේපල විකුණනවා. අපේ සභ්‍යත්වයට සදාචාරයට පළමු පා පහර එල්ල වෙන්නේ මේ ආන්ඩුවෙන්. එජාප සාමාජිකයින්ගෙන් අපි අහනවා යහපත් ගුණ ධර්ඹ අගය කරන පුද්ගලයින්ට එජාපය වෙනුවෙන් පෙනී සිටින්න පුලුවන්ද. එජාපය කුඩු කාරයින්ගේ තැනක් බව පරික්ෂණ යට ගහන එකෙනුත් ඔප්පු වෙනවා. ඇමැතිවරු හය දෙනෙක් කුඩු ගහන බව රන්ජන් රාමනායක කියනවා. ඒ අයව හෙලිවීම වලක්වන්නත් ආන්ඩුව මේ වෙද්දි කටයුතු කරනවා.
මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයේ සිටියදී මේ අය අරලිය ගහ මන්දිරය බලහත්කාරයෙන් අල්ලා ගෙන හිටියා. රාත්‍රී කාලයට අරගිය ගහ මන්දිරය සූදු පිටියක් වුනා. මත්පැන් බිව්වා. රන්ජන් රාමනායක තමන්ගේ සගයන් ගැන තීන්දු තීරන ගන්න ඇත්තේ ඒ දවස්වල ඔවුන්ගේ හැසිරීමෙන් වෙන්න පුලුවන්. නම් දුන්නේ නැහැ කියලා කතානායකවරයාට මේ වගකීමෙන් මිදෙන්න බැහැ. ලක්ෂ්මන් කිරිඇල්ල කමිටුව ගැන විශ්වාසයක් තියන්න බැහැ. ඔහු සභාව නොමග වයන ප්‍රකාශ පාර්ලිමේන්තුවේදි නිතරම කියනවා. ඉදිරිපෙල කිහිප දෙනෙක් කොකේන් භාවිතා කරන බව කියද්දි ඉදිරි පෙල අය කරන පරික්ෂණ පිලිගන්නේ කොහොමද. අනිත් කාරනේ එජාපයේ අය පත්කරන කමිටු කොහොමත් විශෟවාස කරන්න බැහැ. කුඩා දරුවාට පවා වංචාවක් වෙලා තියෙන බව පේන්න තියෙද්දි එජාපයේ වාර්තාවෙන් කිව්වේ එහෙම දෙයක් නොවුන බවයි.
අපේ රාජ්‍ය සේවයේ අද බරපතල කඩාවැටීමක් වෙලා. ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය සමිති නායකයින් අද අසාධාරන ලෙස ස්ථාන මාරුකරලා. සී. ටී. බි එකේ තත්ත්වයත් එයයි. ඊයේ රූපවාහිනි සංස්ථාවේ කිහිප දෙනෙක්ගේ වැඩ තහනම් කරලා. අද රාජ්‍ය සේවයෙන්ම පළිගන්න තැනට ආන්ඩුව පත්වෙලා. අපේ රටේ විවිධ පක්ෂ රටේ නායකත්වය ගෙන තියෙනවා. ඒ කිසිදු අවස්ථාවක නොවුනු පළිගැනීමක් මේ ආන්ඩුවෙන් සිදුවෙනවා.
කිරිපිටි සම්බන්ධයෙන් වෛද්‍යවරු විවිධ මත ඉදිරිපත් කරද්දි රාජිත සේනාරත්න කියනවා බල්ලෝ බිරැවට ඔහුගේ ගමන නතරකරන්නේ නැහැලු. දියර කිරි වෙනුවට පිටිකිරි ප්‍රචලිත කිරීමට ආන්ඩුවපියවර ගන්නා බවයි මේ අදහසින් කියැවෙන්නේ. රාජිත සහ රජය බහුජාතික සමාගම් සමග තියෙන එකගතා කඩ නොකර ඉදිරියට ගෙනියන බවයි මේකියන්නේ. මේ ආන්ඩුව බහුජාතික සමාගම් විසින් පාලනයකරන ආන්ඩුවක්. මේ ආණ්ඩුව රඑට විනාශ කිරීමේ උපරිමයට ගිහින් තියෙන නිසයි මැතිවරණ තියන්නේ නැත්තෙත්. අපි මැතිවරණයක් ඉල්ලා අපිට ගන්න පුලුවන් සියලු පියවර ගන්නවා. නමුත් ආන්ඩුව මැතිවරණ තැබීම ප්‍රමාද කරන්න නීතිපති පක්ෂ නාටයක හමුවට කැදවන්න හදනවා. එයින් මැතිවරණයට බැධාවක් නැහැ.මැතිවරණය පැවැත්විම රජයේ වගකීමක්. ඒ නිසා කඩිනමින් සංශෝධන ඉදිරිපත් කරලා මැතිවරණය පවත්වන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පි. හැරිසන් ඇමැතිවරයාගෙන් වි මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇහුවාත දිස්ත්‍රික් මට්ටමින් වි මිලදි ගැනීම් සිදුවෙන නිසා මෙහි ප්‍රශ්නයක් නැති බව කිව්වා. බදුල්ලේ වි මිලදි ගැනීම් මධ්‍යස්ථාන 28ක් විවෘත වෙලා කියලා එතුමා කිව්වත් මේ වනතුරු බදුල්ලේ එවැන් ස්ථානයක් නැහැ. අපේ රජය සමයේ රට සහලින් ස්වයංපෝෂිත වුනා. මේ ආන්ඩුව ඇවිත් පොහොර සහනාදාරය පවා නැති කළා. දින ගණනාවක් අගමැතිවරයා වුනු හැටියේම මහින්ද රාජපක්ෂ මහතා ගොවීන්ට පොහොර සහනාදාරය දිම නිසා වී අස්වැන්න වැඩි වෙලා තියෙනව.
පළාත් සභාවල කාලය අවසන් වෙමින් පවතිනවා. මහින්ද රාජපක්ෂ සමයේ නිතරම මැතිවරණ කියලා කිව්වා. පහුගිය පළාත් පාලන මැතිවරණයත් වසර දෙකකට වඩා ප්‍රමාද කළා. දැන් පළාත් සභා මැතිවරණයත් නොතියා ඉන්නයි බලන්නේ. අපි කියන්නේ හැකි ඉක්මනින් මැතිවරණය තියන්න කියලයි.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පහුගිය කාලයේ අධීකරණයත් නිතීඥවරුත් විවේචනය කළා. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විවේඡනය කරනවා. එතුමා නලුවෙක් වුනාට දේශපාලන නලුවෙක් වෙන්න එපා කියලා අපි කියනවා. කතානායකවරයාට නාම ලේඛණය දුන්න බව එතුමා කිව්වත් කතානායකවරයා කියන්නේ එහෙම දෙයක්දුන්නේ නැහැ කිව්වා. පහුගිය කැබිනට් හමුවේදි අපේ දිස්ත්‍රික්කයේ හරින් ප්‍රනාන්දු ඇමැතිවරටයා රන්ජන් හිටියා නම් හොම්බට අනින බවකියා තියෙනවා. ඒ කියන්නේ ඔහුට කොකේන් සිද්ධිය සම්බන්ධයෙන් රිදිලා තියෙනවා. එතුමාගේ නමත් මේ ලිස්ට් එකේ තියෙනවාද කියලා බදුල්ල දිස්ත්‍රික්කයේ අපිතුල සැකයක් තියෙනවා. පහුගිය දවස්වල ඇමැතිවරුන්ගේ පුත්තු පස්දෙනෙකුත් කුඩු ගහන බව කිව්වා. මේ විදියට එකිනෙකාට චෝදනා නොකර නම් ටික හෙළි කරන්න.
පහුගිය කාලයේ මාකදුරේ මදූෂ් අත් අඩංගුවට ගත්තා. දැන් මදූස් යට ගිහින් කොකේන් පාර්ලිමේන්තුවට ඇවිත්. මදූෂ් අත් අඩංගුවට ගන්න වෙලේ අත් අඩංගුවට ගත්ත රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක් සහිත පුද්ගලයා අමතක වෙලා යමින් සිටිනවා. ඔහුව හෙලිකළ යුතුයි. රටේ ජනතාව ඉල්ලන්නේ මැතිවරණයක් බව මම නැවතත් අවධාරණය කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා
ජනාධීපතිවරයා පාර්ලිමේන්තුව අමතා කළ කතාවෙන් කිව්වේ එතුමා බලාපොරොත්තු වුනු සුජාත දරුවා මේ ආන්ඩුව අනාචාරයේ යොදවා ඇති බවයි. අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනි සිටින පක්ෂයක්. කණ්ඩායමක් විදියට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කියලා ගෙනාපු මේ කොමිෂන් සභාවලින් වෙලා තියෙන ව්‍යසනය නිසා ලැජ්ජාව තියෙනවා නම් ව්‍යවස්ථාදායක සභාව ඉල්ලා අස්වෙන්න අවශ්‍යයි. ආන්ඩුවේ හිටපු විපක්ෂ නායකවරු මේක ඇතුලේ තියාගෙන කරන්නේගමේ කසිප්පු පෙරන මනුෂ්‍යාට බලපත්‍රයක් දුන්නා වගේ දෙයක්. 19ට පෙර ජනාධිපතිගේ විධායක බලයෙන් පත්වුනු අගවිනිසුරු,මැතිවරණ කොමසාරිස්වරයා, ඇතුලු පිරිස් රට යම්කිසි වැඩපිළීවෙලකට ගියා. අද මේ සියල්ල කඩා වැටිලා. අද අධිකරණ විනිසුරන්ට තර්ජන පිට තර්ජන. විවාහ මංගල්‍යයකට ගියා නම්, කොටහලු මගුලකට ගියා නම්, ප්‍රියසම්බාෂණයකට ගියානම්, කඩපිලේදි හෝ මුණ ගැහුනා නම් එය තමයි අදීකරණ ක්සේත්‍රයේ ඉහළට යාමට තියෙන නුසුදුසුකම බවයි ඊයේ මන්ත්‍රීවරු පෙන්වා දුන්නේ. ඒ අය එක්ක එකතු වෙන කට්ටිය තමයි ඉහළට යන්න සුදුස්සෝ විදියට පෙන්නන්නේ. පහුගිය දවස්වල පොලිස්පතිවරයා කටයුතු කළ ආකාරය ගැන ව්‍යවස්ථාදායක සභාවට ගෙනත් ප්‍රශ්න කලාට මැතිවරණ නැති එක ගැන ප්‍රශ්න කරන්න ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා කටයුතු කළාද. කරු ජයසුරිය කියන්නේ කවුද කියන දේ මම දන්නවා. රන්ජන් මහත්තයා දුරතකනයෙන් කියපු දේවල් මිට කලින් ප්‍රකාශ කලා. මේක විතරක් ලිඛිතව දෙන්න කියලා පාර්ලිමේන්තු සතියක් වංචාවෙන් තියන් හිටියා. ඇයි ආන්ඩුවේ ඉන්න කොකේන් හරි මත්ද්‍රව්‍ය හරි ගන්න අය කතානායකවරයා හෙළී කරන්නේ නැත්තේ. අද අපිටවත් අපේ දරුවන්ටවත් පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. පවුලක් නැති සමජගත නොවුන පිස්සු බල්ලෙක් වගේ කෙනෙක් කියපු දෙයක් නිසා පාර්ලිමේන්තුවේ 225 අත්තර නැතිව ඉන්නවා. දැන් ඒ බෝලේ හිමින් සැරේ අපේ පැත්තට එමින් තියෙන්නේ. අපි ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනා සම්බන්ධයෙන් වගකියනවා. අපි ළග කොකේන් ගහන අය නැහැ. අපේ කණ්ඩායමත් මේ 225 අතරේ ඉන්න නිසා අපිට නිදොස් වෙන්න අවශ්‍යයයි. මේ නැව ගිලෙන්න පටන් අරන්. ගිලෙන නැවෙන් මීයෝ පනිනවා වගේ ආන්ඩුවෙම අයයි මේ චෝදනා කරන්නේ. රන්ජන් රාමනායක බුද්ධික පතිරණ කියන්නේ ආන්ඩුවේ අය. මේවා අපි කිව්වානම් මාධ්‍ය සංදර්ශන කියනවා. අද පොන්සේකා මහත්තයා කියනවා තෙවරප්පෙරුම හොරාලු. තෙවරප්පෙරුම කියනවා පොන්සේකා හොරාලු. මේ ආන්ඩුවෙම අය නේද
අද විහේෂ දවසක්. පෙබරවාරි 22. අද වගේ දවසකයි රනිල් වික්‍රමසිංහ උතුරු නැගෙනහිර ප්‍රභාකරන්ට ඔප්පුවකින්ම ලියලා දුන්න දවස. අය වැය සම්මත් කර ගන්න දෙමල සන්දනායේ අවහ්‍යතාවයන් වෙනුවෙන් පෙනී හිටින්න වෙලා. පාසල්වලට රෝහල්වලට දෙනවා කිව්ව දේවල් , ගම් පෙරලිය කරන්න නම් එදා පෙබරවාරි 22 එල්. ටි.ටී,ඊ යට ඔප්පුවෙන් දුන්න දේ දෙමළ සන්ධානයට ඔප්පුවෙන් දෙන්න රනිල් සූදානම් වෙනවා. දෙමළ ජනතාවගේ අයිතීන් දිනාදිය යුතුයි. නමුත් රට කෑලි කඩන්න බැහැ. දෙමළ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවට දෙමළ නායකයින්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙනුයි මේ ආන්ඩුව පෙනී හිටින්නේ. ආන්ඩුවේ කුමන්ත්‍රණ එළියට එන්න පටන් අරන් තියෙන්නේ ඒ අයගේම මන්ත්‍රීධූර රැග ගැනීමේ අවශ්‍යතාවය නිසයි. අද බීඩි කොල, කරුංකා කන්ටේනර් පිටින් අහුවෙනවා. ඉල්ලපු කොමිස් මුදල් ලේඛණ ගත වෙලා. මත්ද්‍රව්‍ය වෙනුවෙන් පෙනී හිටපු ඇමැතිවරු එළිවෙනවා. ඉස්සර කඩන්න බැහැ. බලක් තියෙන්නේ කියපු මිනිස්සුන්ට කනේ ඇගිලි ගහගන්න වරායක් හදපු ආන්ඩුවක් තිබුනේ. එදා හැම තැනම ඇහුනේ සංවර්ධන ව්‍යාපෘති අරඹනවා.ඒවා විවෘත කරනවා කියන දේවල්. ජනතාවට දැන් අවශ්‍ය වෙලාතියෙන්නේ කඩිනමින් මැතිවරණයකට යන එකයි.
ප්‍රශ්න – ජනාධීපතිවරයා පාර්ලිමේන්තු එන්නේ සුවිශේෂි සිද්ධීයක් වුනොත් විතරයි. ඇයි දැන් නිතර නිතර එනවා පේන්නේ.
ශෙහාන් සේමසිංහ – එජාපය සමග ආන්ඩුවක් කිරීම ගැන ජනාධීපතිතුමා ඉන්නේ බරපතල කණගාටුවකින්. එජාපය කරපු විනාශය ගැන ජනාධිපතිතුමා දන්නවා. ඒ මිල කළ නොහැකි විනාශයට අගයක් දෙන්න බැහැ. බැදුම්කර සිද්ධීයේ පාඩුව ට්‍රිලියනයකට වැජඩියි. රටට ආදරය කරන හෘද සාක්ෂියක් ඇති සියලු දෙනා ආන්ඩුව වෙනස් කරන්න අවශ්‍ය බවයි පිලිගන්නේ.

මාධ්‍ය – 19 ඇහැට වැලි ගැහුවා කිව්වා. ජනතාව පත්කල ඔබතුමන්ලා ඇයි රැවටුනේ
ශෙහාන් සේමසිංහ – මේ ආන්ඩුව රැවැට්ටුවේ නැති පුද්ගලයින් කවුද. 19ඉදිරිපත් කරමින් සදහන් කලේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රමවත්ව හා ස්වාධීනව වැඩ කරන්න , දේශපාලන අතපෙවිමකින් තොරව වැඩ කරන්න ස්වාධින කොමිෂන් සභා පිහිටුවන බවයි කිව්වේ. ඊට පරිබාහිරව කටයුතු කරනවා නම් එහි වරද තියෙන්නේ ඉදිරිපත් කරපු අයගේද සම්මත කරපු අයගේද. ජනාධිපතිතුමා කරන පුකාශවලින් රාජ්‍ය යාන්ත්‍රණය බරපතල විදියට කඩා වැටුන බවයි පැහැදිලි වන්නේ. ආන්ඩු පක්ෂයේ අධිකරණ විනිසුරන් විවේචනය කරන්නයි අවස්ථාව හදාගත්තේ. ඒකත් අධීකරණයට කරපු බලපෑමක්. මේ ආන්ඩුව ජනතාවට යහපතක් කලේ නැහැ. ඡන්දයෙන් දිනන්න බැරි රනිල් වික්‍රමසිංහ කුමන්ත්‍රණයෙන් බලයට එන්නයි මේ හැමදේම කරන්නේ.
මාධ්‍ය – ව්‍යවස්ථාදායක සභාවට සාමාඩිකයෝ පත්කරන්නේ කවුද
ශෙහාන් සේමසිංහ – සාමාජිකයෝ 10ක්ඉන්නවා. නිල බලයෙන් අගමැති, කතානායක විපක්ෂනායක ඉන්නවා. විපක්ෂ නායක හා අගමැති එකගතාවයෙන් පහක් හා ජනාධීපතිගෙන් නියෝජිතයෙක් හා අගමැති විපක්ෂ නායක නියෝජනය නොකරන පක්ෂවලින් තව කෙනෙක් පත්වෙනවා. විපක්ෂ නායකවරයා පත් කිරීම සදහායි රනිල් වික්‍රමසිංහ වැඩි අවධානයක් යොමු කලේ. ව්‍යවස්ථාදායක සභාව එජාප පාලනයට නතු කර ගැනීමටයි විපක්ෂ නායකගේ පත්කිරීම් යොදා ගත්තේ. විපක්ෂ නායකධූරය අහිමි වීම සම්බන්ධයෙන් එජාපය කිඹුල් කදුල් හලන්නේ ඒ නිසයි. මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රීධෂූරය අහෝසිකරලා හරි හිතවතෙකුට විපක්ෂ නායකකම අරන් දෙන්න හැදුවේ ඒ නිසයි.
මාධ්‍ය – විදුලි බලාගාරය ලක්දනව් එකට නොදී චින ආයතනයකට දෙන්න තීරණය කලේ ඇයි
ශෙහාන් සේමසිංහ – මහින්ද රාජපක්ෂ මහතා සැලසුම්සහගතව රට පාලනය කලේ. අද වෙනාකට රටේ ණය බිලියන 12000ක් වෙලා. බිලියන 5000කින් ණය වැඩිවුනේ කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කරලා නෙවේ. එල්. එන්. ජී බලාගාරය ගැන විවේඡනයක් රටේ තියෙනවා. අවම ලංසුවට දෙනවා වෙනුවට වැඩි ලංසුවක් දෙන තැනටයි ව්‍යාපෘතිය දෙන්නේත අඩුම තරමේ දේශීය කර්මාන්ත නැංවීමටවත් අවධානය යොමු කරලා නැහැ. අපේ රටේ නිෂෟපාදනය කරන විදුලිය වෙනුවෙන් විදේශ විනිමය වෙනත් රටකට යන එනකයි යෙින් වෙන්නේ. ලක්දනවි ආයතනයට නොදීම හා චිනය සමග ක්‍රියාත්මක වින්පෝස් සමාගමට ටෙන්ඩරය දිම අත යට ගනුදෙනුවක් තිබෙන බවට සැකයක් ඇති කරනවා. මේ ව්‍යාපෘතියේ ඇමැතිවරයා රවි කරුණානායක. ජර්මන් තානාපති විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන් ආයෝජන සදහා නුසුදුසු රටක් බව කිව්වා. අපේ රටේ විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීම වෙනුවට අතයට ගනුදෙනු වෙන බව පේනවා.ලක්දනව් ආයතනය අත් දැකීම් සහිත ආයතනයක්. මේ කරන්නේ හොරකමට අවශ්‍ය වාතාවරණයක් නැවතත් සකස් කර ගැනීම බව පැහැදිලියි.

කොකේන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කමිටුවක්

අද (21) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා
ලංකා ඉතිහාසයේ පළමු වතාවට කොකේන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කමිටුවක් පත්කරලා තියෙනවා. පහුගිය කාලයේ පාර්ලිමේන්තුව මේ රටේ ළමයින්ට බලන්න හොද නැති තැනක් කියලා අපිට බැනපු කට්ටිය අද කියනවා කොකේන් ගහන අය මේකේ ඉන්නවා කියලා. එදා පාර්ලිමේන්තුවේ මැදට පැනලා කෑ ගහපු එකද ලොකෙට ගියේ, කොකේන් ගහනවා කියන එකද. ජනාධීපති මත්ද්‍රව්‍යයෙන් රට මුදවා ගන්න හදද්දි කැබිනට් මන්ඩලයේ කෙකේන් ගහන අය ඉන්නවා කියපු කතාව දැන් වෙනත් පැත්තකට හරවන්නයි හදන්නේ . දැන් කියනවා ඒකාබද්ධ විපක්ෂය පැත්තෙත් කොකේන් ගහන අය ඉන්නවා කියලා. අපි ලැහැස්තියි ඔ්නම පරික්ෂණයකට මුහුණ දෙන්න. ආන්ඩු පක්ෂ රැස්වීමේදි හරින් ප්‍රනාන්දු , රන්ජන් රාමනායකගේ හොම්බට ගහන්න ඔ්නේ කියපු සිද්ධියක් තියෙවා. හරින් ප්‍රනාන්දු ට සෑහෙන්න රිදිලා. අපි ආන්ඩුව ගැන කියපු මේ දේ බැහැර කරන්නේ නැහැ. ඇමැතිවරයෙක් යමක් කියපුවාම ඒක හොයනවා වෙනුවට ගහලා පස්සෙන් පන්නන එකයි කරන්නේ.
ආන්ඩුව මේ ප්‍රශ්නෙට නම් උත්තර දෙන්න අවශ්‍යයි. මගේ ගැන ඇහුවොත් සිගරැට් එකක් හරි බොනවාද කියලා දැන ගන්න පුලුවන්. විපක්ෂයේ අපි මන්ත්‍රීවරුන්ගේ ගරැත්වය රැකිය යුතුයි කියන තැන ඉන්නේ. රන්ජන් රාමනායක බොරු කිව්වා නම් එතුමාට එරෙහිව කටයුතු කරන්න ඔ්නේ. මේ අය අරලිය ගහ මන්දිරයේ පහුගිය කාල‌යේ හිටපු නිසා රෑ කරපු දේවල් දන්නවා. ඒ නිසයි මේ ගැන කිව්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා
ධර්මද්වීපය , ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියපු අපේ රට අදවෙද්දි කුඩු බෙදා හැරිමේ මධ්‍යස්ථානයක් වගෙයි. මේ දවස්වල මාතෘකාව කුඩු. නිති හදන තැන මත්කුඩු වර්ග භාවිතා කරන අය ඉන්න බව කියනවා. මන්ත්‍රීවරුන්ගේ නිර්දෝශීභාවය පෙන්විය යුතුයි. ඒ සදහා ක්‍රම තියෙනවා. ඒ නිසා මන්ත්‍රීවරු විදියට පරික්ෂණයකට මුහුණ දීලා මේ කැළැලෙන් මිදෙන්න අපි සූදානම්. අපේ නිර්දෝෂීභාවය පෙන්වන්න අවස්ථාවක් දෙන්න කියලා අපි කතානායකරයාගෙන් ඉල්ලා සිටිනවා.
අත් අඩංගුවට පත්වෙලා ඉන්න මධූෂ්ට එරෙහිව රට පුරා ත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් අත් අඩංගුවට ගැනීමක් මේ වෙද්දි ජනාධීපතිවරයා විසින් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ වැඩපිීලවෙල ජනතාවගේ ප්‍රසාදය දිනා ගෙන තියෙනවා. ඒ අතරේ ආණ්ඩුවේම රාජ්‍ය ඇමැතිවරයෙක් වන රන්ජන් රාමනායක මහතා කැබිනට් මණ්ඩලයේ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් සිටින බව පවසනවා. මේ ප්‍රකාශ නිසා ජනතාව තුළ කුකුසක් ඇති වෙනවා මත්ද්‍රව්‍ය සම්බන්ධ ජාවාරම්කරුවන් අතු අඩංගුවට ගත්තාට ඔවුන් සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක වෙනවා වෙනුවට දේශපාලනඥයින්ගේ සහායෙන් ඔවුන් නීතියෙන් ගැලවෙයි කියලා.
මත්‍ද්‍රව්‍ය භාවිතා කරන ඇමැතිවරු සම්බන්ධයෙන් සොයා බලන්න අගමැතිවරයා කමිටුවක් පත්කරලා තියෙනවා. බැද්ම්කර සිද්ධිය ගැන හොයන්න අගමැතිවරයා පත් කරපු කමිටුව ගැන අපි දන්න නිසා එතුමා පත්කරන කමිටු ගැන අපිට විශ්වාසයක් නැහැ. මේ කමිටුවෙත් ඉන්නේ එතුමාගේ හිතවත්තු. ඒ නිසා අපිට මේ කමිටුව ගැන විශ්වාසයක් නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා
මත්ද්‍රව්‍ය භාවිතා කරන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් සොයන්න අගමැතිවරයා පත්කරපු කමිටුවේ එක්කෙනෙක්දැන් වයස නිසා ඔහුනම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ කියලා රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයා කියනවා. කමිටුවේ ඉන්න අනිත් හතරනො ගැන අපි කොහොමද දැන් විශ්වාස කරන්නේ. අපි පාර්ලිමේන්තුවේ හඩ නගපුවාම අපිට විරුද්ධව අපරාධ පරික්ෂණ වාර්තා කැදවලා. තවමත් ක්‍රොකේන් භාවිතා කරනවා කියන අය සම්බන්ධයෙන් කිසිම පරීක්ෂණයක් නැහැ. රංජන් රාමනායක මන්ත්‍රීවරයාව මේ ප්‍රශ්නයේදී අපි තනි කරන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය රංජන් රාමනායක මන්ත්‍රීතුමා එක්ක ඉන්නවා වගේම ඒකාබද්ධවිපක්ෂයේ කවුරු හරි කොකේන් භාවිතා කරන මන්ත්‍රීවරයෙක් ඉන්නවා නම් ඔහු සම්බන්ධයෙන් හෙලි කරන්න කියලත් අපි ඉල්ලා සිටිනවා. අපි ලැහැස්තියි ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්න.
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පි ද සිල්වා මහතා
ජනතාවට බොරු පොරොන්දු දීලා බලයටපත්වුනු ආන්ඩුව ඊළගට මොනවගේ දෙටයක්කරයිද කියලා ජනතාව බයෙන් ඉන්නේ. ව්‍යවස්ථාදායක සභාව පත්කලේ කොමිෂන් සභා ස්වාධීන කරලා රාජ්‍ය නිලධාරීන් ස්වාධීනව පත්කරන්න බලය දෙනවා කිව්වා. රත්ගම තරුණ ව්‍යාපාරිකයින් දෙන්නා පැහැරගැනීම සිද්ධ වුනේ දකුණු පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ ක්‍රියාත්මක වුනු වැටලීම් ඒකකයකින් කියලා මේ වෙද්දි හෙළි වෙමින් තිබෙනවා. එක ව්‍යාපාරිකයෙක්ට පහර දෙන අවස්ථාවේ මිය ගිහින් තියෙනවා. ඒ මරණය දුටු නිසා අනිත් ව්‍යාපාරිකයාවත් මැරැවා කියනවා. මේ ආන්ඩුව මානව හිමිකම් ගැන කතා කෙරුවට මානව හිමිකම් ආරක්ෂා කරන්නේ කරන්නේ නැහැ. මේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයක් පැවැත්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
ජාතික රූපවාහිනියට පත්කළ අලෙවි කළමණාකරුවෙක්ගේ වැඩපිළීවෙලත් එක්ක ආදායම බැහැලා. මේ සම්බන්ධයෙන් සේවකයින් විසින් පැමිණිලි කරලා ඔහුව ඉවත් කරන්න කියලා ඉල්ලා සිටියම දැන් සේවකයින් ඉවත් කරන්න පටන් අරන්. වැඩේ කැතයි මහත්තයෝ. ජනතවගෙන් බලය ගන්නේ රට සුරපුරටක් කරනවා කියලා. අපි දැන් ඡන්දයට ගිහින් රටේ ජනතමය උරගා බලමු.
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා
රටේ ජාතික ආරක්ෂාව, රාජ්‍ය නිලධාරින් පිරිහිම නිසා රට ආපස්සට යමින් තිබෙනවා. ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන නාමල් කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීලි කළාම අපාරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ කරනනේ නාමල් කුමාර ගැන. මේ වගේ දේවල් රටේ ආරක්ෂාව සම්බන්දයෙන් ප්‍රශ්නයක්. කිසිම පුද්ගලයෙක් රටේ ආරක්ෂාවට අදාල කිසිවක් හෙළි කරන්න ඉදිරියට එන්නේ නැති වෙයි.
යහපාලන දළඹුවා අනෙක් පැත්තෙන් රටේ ආර්ථිකය කාගෙන යනවා. මූල්‍ය ආයතන කිහිපයක් කඩා වැටෙන්න ආසන්න බව මහ බැංකු වාර්තා අනුව පැහැදිලියි. මේ ආන්ඩුවේ වැරදි ප්‍රතිපත්ති නිසයි ආර්ථිකය කඩා වැටෙන්නේ.බහු ජාතික සමාගම්වලට පිනුම් ගහන්න පුලුවන් විදියේ පසුබිමක් මේ ආන්ඩුව සකසා තියෙනවා. අදිරාජ්‍යවාදින් මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වුනේ යුද්ධය ජයගත්ත නිසා පමණක් නෙවෙයි. රටේ දේශිය නිෂ්පාදනවලට තැන දෙමින් ස්යංපෝෂිත ආර්ථිකයක් හදන්න පෙරමුණ ගැනීමත් එක හේතුවක්. මේ ආන්ඩුව බණ්ඩි පොහොර දෙන වෙලාවට මඩ පොහොර දෙනවා. අස්වැන්න නෙලන වෙලාවට බණ්ඩි පොහොර දෙනවා. කිරිපිටි ආනයනය කරමින් දේශිය කිරිගොවියා වැටෙන්න හරිනවා. අපේ කාලයේ කිරිපිටි ආනයනයට රුපියල් 225ක සෙස් බද්දක් දැම්මා. ඒ බද්දෙන් දේශිය කිරිගොවියා නගා සිටුවන්න පියවර ගත්තා. මේ ආන්ඩුව ඇවිත් ඒ බද්ද රුපියල් 2ක් කලා. ආන්ඩුවේ ඇමැතිවරයෙක් කිරිපිටි වල සත්ව තෙල් අඩංගුයි කියද්දි අමාත්‍යංශයත් ඒක සනාථ කරද්දි ඇමැතිවරයා කියනවා එහෙම දෙයක් නැහැ කියලා. ඇමැතිවරයා මොන බහුජාතික සමාගමේ සාක්කුවට වැටිලාද දන්නේ නැහැ.
මේ එක්කම දැන් රටේ කිර්තා නාමය විකිණීමේ වැඩපිීලවෙලකුත් ආරම්භ කරලා. අපේ රටට තියෙන සිලෝන් ටි කියන නාමය යටතේ වෙනත් රටවලින් තේ ගෙන්වලා ප්‍රතිඅපනයනය කරන්න මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ඉල්ලනවා. ගම්මිරිස් සම්බන්ධයෙන් තිබුණු ප්‍රසාදයත් මේ වෙද්දි ආන්ඩුව නැත කරලා ඉවරයි. ගම්මිරිස් වල මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන එකත් ගහලමයි ගේන්නේ. නමවත් රටේදි නෙවෙයිගහන්නේ. ලංකාව වැරදි වැඩ කරන රටක් නෙවෙයි කියන පිළිගැනිම තියෙන නිසා වෙනත් රටවල් ලංකාවෙන් යවන දේවල් වැඩි පරික්ෂාවට ලක් කරන්නේ නැහැ. මේ මත්ද්‍රව්‍ය සිද්ධියත් ඒ වගේ තමයි. එක් පුද්ගලයෙක් පාවිච්චි කරන්නේ ගිනිකූරැ හිසක වෙඩිබෙහෙත් තියෙන්නේ ප්‍රමාණයක්. ලංකාවේ කිර්ති නාමය යොදාගනිමින් ප්‍රති අපනයනය කිරීම සදහා ගේන මත්‍ද්‍රව්‍ය තමයි වැඩියෙන් අහුවෙන්නේ.
මේ කොකේන් ආණ්ඩුව තොලොංචි කරලා රටට යහපතකල් වෙන ආණෟඩුවක්පත්කර ගන්න ඡන්දයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ.

කොකේන් ගහන ඇමැතිවරු හෙළි කරන්න..

අද (15) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක
ආණ්ඩුව පත් වෙලා වසර හතරක් ගත වුනත් අපි ලබා ගත්ත ජයග්‍රහණ සිමිතයි. නමුත් රටක් විදියට වේගයෙන් පසුපසට නම් ගියා. මහින්ද රාජපක්ෂ මහතා භාරදුන්නේ දකුණු ආසියාවේ වේගවත්ම ආර්ථික සංවර්ධන වේගය සහිතවයි. අද වෙද්දි අපි ඉන්නේ අවසානයේ. මේ ප්‍රශ්න වලට අත්තර හොයනවා වෙනුවට ආණ්ඩුව උත්සාහ කරන්නේ ආණ්ඩුවේ ප්‍රශ්න බේරගන්න. මෙතුමන්ලාට අද 113 නැහැ. ඒ නිසා ජාතික ආන්ඩුවක් හදන්න උත්සාහ කරන්නේ. කිරිඇල්ල ඇමැතිතුමා කියනවා 20 වැනිදා ජාතික ආන්ඩු යෝජනාව ගේනවලු. අපි කිරිඇල්ල ඇමැතිතුමාට කියන්නේ අනිවාර්යයෙන්ම අපි එදාට ජාතික ආන්ඩු යෝජනාව පරාජය කරනවා. ඒකට අපි විපක්ෂය වශයෙන් සූදානම්. ජවිපේ, දෙමළ සන්ධානයත් අපිට ඒකට සහාය දෙනවා. එතුමන්ලාට ඉදිරි මැතිවරණයකට යන්න අවශ්‍ය නම් අපිට සහාය වෙන්න වෙනවා. මේ ආන්ඩුව තමයි ඉතිහාසයේ බිහිවුනු ආන්ඩු අතරින් ජනතාවට සංවේදීබවින් අඩුම ආන්ඩුව. අපේ කෘෂිකර්මය විනාශ වෙනවා. උපාධිධාරීන් 70000ක් රැකියා නැතිව ඉන්නවා. සේනා දළඹුවා කෘෂිකර්මාන්තය විනාශ කළත් වන්දි නැහැ. ඒවාට විසදුම් හොයනවා වෙනුවට ජාතික ආන්ඩුවක් හදාගන්න එක් ගැනයි හිතන්නේ. ඔබතුමන්ලා ඉස්සර වෙලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසදන්න. උපාධිධාරීන් 70000ට රැකියා දෙන්න යෝජනාවක් ගෙනාවොත්, සේනා දළඹුවාගෙන් හානිවුන ගොවින්ට වන්දි දෙන්න යෝජනාවක් ගෙනාවොත් අපි විපක්ෂය විදියට සහාය දෙනවා. නමුත් රට විනාශ කරන කිසිම යෝජනාවකට අපි සහාය දෙන්නේ නැහැ.
කොකේන් බොන දේශපාලකයින් ඉන්නවා.ක්‍රීඩකයින් ඉන්නවා. කැබිනට් ඇමැතිවරු ඉන්න බව රංජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. ඇමැතිවරැන් සම්බන්ධයෙන් කරපු හෙලිදරව්ව අපි අගය කරනවා. නමුත් ක්‍රීඩකයින් ගැන කරපු චෝදනාව නම් අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද ඔවුන් කිසියම් තරගයකට යනවා නම් ඊට පෙර පරීක්ෂණවලට බදුන් වෙනවා. නමුත් ඇමැතිවරු ගැන කරපු චෝදනාව නම් නිවැරදි වෙන්න පුලුවන්. පහුගිය කාලයේ රට වෙනුවෙන් ගත්තු යම්යම් තිරන මේ අය ගත්තේ කුඩු ගහලද කියලා අපිටත් වෙලාවකට හිතෙනවා. රටේ ජාතික සම්පත් විකුණපු විදිය, රටේ ආර්ථික විනාශය දැක්කාම එහෙම හිතෙන එක සාධාරණයි. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි පියවර ගනිමින් සිටිනවා. එතුමාට ආරම්භය ගන්න සුභ තැනක් දැන් හෙළිවෙලා තියෙන්නේ. කවුද කුඩුගහන ඇමැතිවරු කියලා හොයා ගෙන නෙරපා හරින අතරේ උපරිම දඩුවම් දෙන්න අවශ්‍යයි. බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට චෝදනා එල්ල වුනත් මෙතෙක් කිසිවක් වුනේ නැහැ. අඩුම ගණනේ දැන් කුඩු ගහන අය සම්බන්ධයෙන් හරි පියවරක් ගන්න අවශයයි.
අපි දැක්කි පොලිසිය ඩුබායි සිංගප්පුරු ගියා මහින්ද රාජපක්ෂ මහතාගේ සල්ලි හොයන්න ගියා. මේ විදියට මදූෂ්ව හොයන්න, අර්ජුන මහේන්ද්‍රන්ව හොයන්න කී පාරක් රට ගියාද කියලා අපි පොලීසියෙන් අහනවා. පොලීසියේ සම්බන්ධකම් නිසයි මොවුන් ගැලවෙන්නේ කියන එක ජනතාව විශ්වාස කරනවා. නාමල් කුමාර ජනාධිපතිවරයා ඝාතනය ගැනත්, හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය ගැනත් හෙළිදරව් කරද්දි ඇමැතිවරයායි පොලිසියයි මේක විහිලුවකට ගත්තා. අද වෙද්දි මදූස්, පාතාලය, පොලිසිය අතර සම්බන්ධකම් හෙළිදරව් වෙමින් තිබෙනවා. මේ පිටුපස හිටපු දේශපාලන නායකයෝ කවුද කියලා දැන ගන්නත් අපි කැමැතියි. කඩිනමින් පරික්ෂන කරලා මේ පිටුපස හිටපු දේශපාලන නායකයෝ හෙළි කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
අද මැතිවරණ කොමසාරිස්, ජනාධිපති, විපක්ෂ නායක හාමෝම මැතිවරණයක් ඉල්ලනවා. ආන්ඩුව මැතිවරණයක් දෙන්න සූදානම්. අපි අද කෑගල්ලෙන් පටන් අරන් මුලු රට පුරාම විරෝධතාවයක් පවත්වන්න තීරණය කරලා තියෙන්නේ මැතවරනය දිනාගන්න තෙක්ම. උතුරේ තරුණයෙක් මාධ්‍යයට ආවා. ඉල්ලන්නේ අධයාපනය සංවර්ධනය. දේශපාලන විසදුමක් කියන දේ යට සැගවිලා උතුර සංවර්ධනය කරන්නේ නැහැ. උතුරට රැකියා දෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ සමයේ නිතිය ස්වාධින නැහැ. පොලිසිය ස්වාධීන නැහැ කිව්වා. ඒ කට පිලිතුරු දින 51දි ලැබුනා. ඒ කාලයේ මහින්ද මහත්තයාට එරෙහි නඩු වේගයෙන් විභාග වෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මන්ත්‍රීධූරය සම්බන්ධ නඩුව විභාග වෙන්නේ නැතිව කල් යනවා. එක වසරක කාලයයි ,ධූර කාලයෙන් ඉතිරි වෙලා තියෙන්නේ. නඩුව කල් ගියොත් නඩුවෙන් ධූරය නැති වෙන්න කලින් ධූරකාලය අවසන් වෙනවා. මේ කාලයේ නිතිය පොලිසිය ස්වාධීනද.
• පළාත් සභා ඇතිකලේ තමන් කියලා උදම් අනපු එජාපයම අද පළාත් සභා කල්දාලා.
• ප්‍රජාතන්තුවායේ මුලික ලක්ෂණය ආරක්ෂා කරන්න එකතු වෙන්න කියලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන හඩ නගපු අයගෙන් ඉල්ලා සිටිනවා.
පළාත් සභා මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ
පාර්ලිමේන්තු මැතිවරණය දුන්න වෙලාවේ අපේ කාලය ඉතිරි නිසා මැතිවරණයකට යාම අනවශ්‍ය බව කිව්වා. පළාත් සභා හයක කාලය අවසන් වෙලා. තවත් පළාත් සභා දෙකක කාලය ඉකුත් විමට නියමිතයි. පළාත් සභා මහජන නියෝජිතයින් රහිත ආයතන විම නිසා පළාත් සභා ක්‍රමය අඩපන වෙලා. පළාත් සභා ආරම්භ කලේ තමන් කියලා එජාපය උදව් ඇනුවත් අද පළාත් සභා කල් දමලා තියෙන්නේ. පළාත් සභා මැතිවරණය ඉක්මනින් පවත්වන්න කරන්න තියෙන්නේ පොඩි සංශෝධනයක්.
සුලු ජනතාවගේ ඡන්ද තමන්ට වාසිදායක විදියට හැසිරෙයි කියලා හිතලා ජනාධිපතිවරණයක් දක්වා මැතිවරණ කල් දාන්නයි ආන්ඩුව උත්සාහ කරන්නේ. ඒ හිතලුව වැරදි බව ජනාධිපතිවරණය තිබ්බ දවසට තේරුම් ගනියි. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය ආරක්සා කරන්න එකතු වෙන්න කියලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඩ නගන අයගෙන් අපි ඉල්ලා සිටිනවා. මේ පළාත් වල ජනතාවගේ අයිතිය ලබා දෙන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත
තරුණයින් තිරණාත්මක අවධානම් සහගත තත්ත්වයකට මුහුණ දීලා ඉන්නේ. රනිල් වික්‍රමසිංහ ආන්ඩුවෙන් තරුණයින්ට බලාපොරොත්තු දුන්නා. දිගින් දිගටම එතුමාගේ වැඩසටහන් දියත් කරන්නේ තරුණයින් මුල් කරගෙන කියලයි එතුමා කියන්නේ. රනිල්වික්‍රමසිංහ මහතාගේ දින 100වැඩ පිලිවෙලේදි තරුණයින් වෙනුවෙන් කරන්න හිටපුවා, 2020 වැඩ සටහන, මෙගා පොලිස් වැඩපිළිවෙල අපිට මතක් වෙනවා.දැන් 2025 ක් ගැන කියනවා. අද වෙන කොට සමාජයට නොගැලපෙන තරුණයාගේ කීර්තා නාමය කඩා වැටෙන වැඩපිළිවෙලක් තමයි දියත් වෙන්නේ. උසස් පෙලට ලක්ෂ දෙකහමාරක් පමණ පෙනී හිටියා. විශ්ව විද්‍යාලයේ යන්නේ 25000ක් වගේ ප්‍රමාණයක්. ඉතිරි අයට අද වෙනතුරු වැඩපිළිවෙලක් දියත් වෙන්නේ නැහැ.
රංජන් රාමනායක මන්ත්‍රීවරයා කියනවා කොකේන් ගහන ඇමැතිවරුලු ඉන්නේ. එවැනි අය ඇමැතිවරු නම් අපේ තරුණයින්ට දෙවියන්ගේ පිහිටයි. මේ ඇමැතිවරු පස්දෙනා රටට හදුනා දීලා දේශපාලන භූමිකාවෙන් ඉවත් කරන්න අවශ්‍යයි. ‌මේ දිනවල මදූෂ් ගැන කියමින් තරුණ ප්‍රශ්න යට ගහනවා. විරැකියාව තරුණයින්ට තියෙන ලොකුම ප්‍රශ්නය. රැකියා දස ලක්ෂයක් දෙනවා කියලා රැකියා දස ලක්ෂයක් විතර නැති කරලා. වෙනස වෙනස් කරන්න බහුතරය නැහැ කියලා ජවිපේ කඩිමුඩියේ විශ්වාස භංගයක් ගෙනාවා. දැන් පාඨලී චම්පික කියනවා අපිට ඉන්නේ 103ක් කියනවා. ජවිපේ අද නිෂ්ෂබ්දයි. විශ්වාසභංග ගේන්නේත් නැහැ. කතානායකවරයා බහුතරය ගැන ප්‍රශ්න කරන්නෙත් නැහැ. බහුතරය ගැන හොයපු රාජ්‍ය නොවන සංවිධානත් නැහැ. වෙනත් රටවල තානාපතිවරැ බහුතරය හොයන්න එන්නෙත් නැහැ. මුලු රටම රවටපු ආන්ඩුවක් විදියටයි අපි දකින්නේ. ආන්ඩුව වෙනස් කරන්න ආදරණීය තරුණයිනි දැන් ඉදිරියට එන්න.මේ රටේදැවැන්ත වෙනසක් ඇති කිරීමට හැකි පිරිසක් විදියට ආන්ඩුව පලවා හැරලා තරුණ බලාපොරොත්තු ඉටු කරන්න දායකත්වය ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

මීලග ජනාධිපති අපේක්‍ෂක පොහොට්ටු සාමාජිකුට පමණයි..

මීලග ජනාධිපති අපේක්‍ෂක පොහොට්ටු සාමාජිකයෙක්ස පමණයි.. වෙන කිසිවෙකුට නෑ.. ජනාධිපති අපේක්‍ෂක කවුදැයි අගවමින් බැසිල් කියයි..
මීලග ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් නොවන්නෙක් ජනාධිපති කරවීම සදහා පක්‍ෂ සාමාජිකයින් කිසිසේත් සූදානම් නැතැයි එම පක්‍ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පොදුජන පෙරමුණ කාර්යාලයේදී පළාත් පාලන නියෝජිතයන් සමගින් අදහස් පල කරමිනි.

ගමේ සාමාජිකයා අකමැති පුද්ගලයෙක් ජනාධිපති කරවන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයක් මෙහෙයවීමට සූදානම් නැති බවත් එවන් අපේක්‍ෂකයෙක් වෙනුවෙන් මැතිවරණඨක් මෙහෙයවන්නැයි කිසිදා බලපෑම් නොකරන බවත් රාජපක්‍ෂ මහතා පැවසීය.

ස්ථිර ලෙසම මීලග ජනාධිපතිවරයා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් බිහිවන බවත් කී ඔහු ඔහු ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් බවද කීය. එමෙන්ම ජනාධිපතිවරණයේදී මැතිවරණ සලකුණ පොහොට්ටුව යයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

බැසිල් රාජපක්‍ෂ මහතාගේ මෙම ප‍්‍රකාශය අනුව ඔහු අදහස් කරන ජනාධිපති අපේක්‍ෂකයා වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වීමට කිසිසේත්ම ඉඩක් නැත. මහින්ද රාජපක්‍ෂ මහතාද පවසන්නේ තමන් ශ‍්‍රීලනිප සාමාජිකයෙක් බවයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජන කරන කිසිදු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් මේ වන විට නැත. සභාපති ජී.එල්. පීරිස්, ලේකම් සාගර කාරියවසම් හා ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහලම බලධාරීන් වෙයි

ප්‍රගති සමාලෝචන රැස්වීම මාලාව

ගම සමඟ පිළිසඳරක් වැඩසටහන සමගාමී ශ්‍රී ලංකා පොදුජන් පෙරමුණ ඉදිරි දේශපාලන කටයුතු, ප්‍රගති සමාලෝචන රැස්වීම මාලාවේ පළමු අදියර 2019/02/05 දිනය පුරා අනුරාධපුර / මොණරාගල / රත්නපුර / ත්‍රිකුණාමලය දිස්ත්‍රික් හා උතුරැ පළාත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති අවස්තාව.

උතුරේ සිදුවන දැවැන්ත සංවර්ධනය

Vast development taking place in the North.17.10.2009-itn news Sri Lanka

Senior Presidential Advisor and Parliamentarian and Chief of the Uthuru Wasanthaya Task Force Basil Rajapaksa claims that development hitherto not witnessed in liberated areas, is now visible.
Mr. Rajapaksa said the intention of the President and the Government is to provide electricity, water, schools, health and irrigation facilities needed by the people. Anyone could witness the bridge in Mannar, the Arippu Bridge, the A-32 Road, the largest irrigation reservoir which is the Giant Tank and Arittakulam. All these are being reconstructed at present.

He was speaking after the commissioning an electrification scheme in the Mannar area. The Uthuru Wasanthaya Task Force has launched mega development projects in Mannar. Work on the scheme to provide power supplies was accelerated and was commissioned yesterday. The entire area was devastated when it was dominated by the terrorists. However, massive development is now in place. The event was organised under the mediation of Minister W.D.J. Seneviratne. Minister Risath Bathiyudeen, Northern Governor G.A. Chandrasiri and many Defence officials were present.

 

රෝහිත විවාහ වෙයි.. ගැමි කෑම බීම..

රෝහිත රාජපක්‍ෂ විවාහ වෙයි.. සියවසක් මතක රන්දයි.. තරු හෝටල්-මස්-අරක්කු කිසිත් නෑ.. ගැමි කෑම බීම පමණයි..

ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතා අද දිනයේ විවාහ දිවියට එළැඹුනේය.

වීරකැටියේදී පැවත්වෙන මෙම මංගල උත්සවය සදහා දේශපාලන නායකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දෙනෙකු සහභාගී වී සිටිති. මේ විවාහය සදහා කිසිදු ආකාරයක මත්පැන් සැපයීමක් සිදු නොකෙරෙන රණවරා, බෙලිමල්, දිවුල් යුෂ අමුත්තන්ට බීම සහා ලබා දෙයි. ආහාර සදහා ලබා දෙන්නේ දේශීය ගැමි ආහාර පමණක් වන අතර ඒවා සකසන්නේ අසල්වැසි පවුල් විසිනි. කිසිදු මස් මාංශ වර්ගයක් ආහාර සදහා එක් කර නැත. මැදමුලන ගම්මානයටම මෙම විවාහයේ ආරාධනා කර ඇත. තරු හෝටල් සම්ප‍්‍රදායෙන් බැහැරව පැවැත්වෙන මෙම උත්සවය වැවක් ආසන්නයේ පිහිටි භූමි ප‍්‍රදේශක සංවිධානය කර ඇත.

රෝහිත රාජපක්‍ෂ මහතාගේ මනාලිය වූයේ ටට්යානා ලිවේරා ජයරත්නයි. සරල බව අගයමින් දේශීය සංස්කෘතියට මුල් තැන දෙමින් නව ආරක විවාහ මංගල උත්සවයක සේයා රූ කිහිපයක්… 

ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත

හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ.

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත

පසුගියදා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක සභාව ඉදිරියේ ව්‍යවස්ථාවක කෙටුම්පතක් හැටියට සකස් කර තිබූ පිටු 187ක වර්ථාවක් අගමැතිවරයා සභාගත කළේය. ඉන් පසු ‘ව්‍යවස්ථාවකුත් නෑ ව්‍යවස්ථා කෙටුම්පතකුත් නෑ’ කියමින් ඔහු රට වටේ යන ආකාරය අපි දුටුවෙමු. එවැන්නක් කියන අතරම අලුත් ව්‍යවස්ථාවක් යටතේ ලංකාව බෙදිය නොහැකි එක්සත් රටක් හැටියට පවතින බවත්, බුදු දහමට තිබුණු තැන වෙනස් නොවන බවත්, අගමැතිවරයාත්, එක්සත් ජාතික පක්‍ෂයේ වෙනත් ඇමතිවරුත් කියයි. රටේ පවතින කෘෂිකාර්මික පළිබෝධ උවදුරත්, ණය උගුල ඇතුලු අනේකවිධ අර්බුධ මධ්‍යයේ නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කෙරෙන මේ හොරගල් ඇහිලීම ගැන අපි කවුරුත් අවධානයෙන් සිටිය යුතුය.

වර්ථමාන පාලකයන් 2015 බලයට පැමිණෙන විට ජනතාවට දුන් ව්‍යවස්ථාමය පොරොන්දු දෙක වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්, ස්ථාවර පාර්ලිමේන්තු ආණ්ඩු පිහිටුවීමට හැකිවෙන ආකාරයට මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමත් පමණි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේ කෙටුම්තේ විධිවිධාන තිබේ. අපි එයට විරුද්ධ නොවෙමු. නමුත් මෙහි යෝජනා කර තිබෙන නව මැතිවරණ ක්‍රමය 2017 දී පලාත් පාලන ආයතන හා පලාත්සභා වලට හඳුන්වාදුන් ආකාරයේ ‘පූර්ණ සමානුපාතික’ මැතිවරණ ක්‍රමයකි. ඒ මැතිවරණ ක්‍රමය ගෙන ඒමට 2017 කටයුතු කළ අයම දැන් එය ප්‍රතික්‍ෂේප කර ඇත. ස්ථාවර ආණ්ඩු ඇතිවෙන ආකාරයට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට නම් හඳුන්වා දිය යුත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් පිහිටවනු ලැබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් යෝජනා කළ 70% ක් කේවල ආසන හා 30% ක් සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරා පත් කෙරෙන ‘දෙමුහුන්’ ඡන්ද ක්‍රමයයි. එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඒ දෙමුහුන් මැතිවරණ ක්‍රමය යෝජනා කලේ, 2002 සිට 2007 දක්වා එජාප සහ එජනිස ආණ්ඩු දෙකක් යටතේ අවුරුදු ගණනාවක් මුලුල්ලේ කරනු ලැබූ අධ්‍යනයකින් පසුවය.

පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කර පලාත් ව්‍යවස්ථාදායකයන් විශාල වශයෙන් බලවත් කිරීමට අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා ඇත. පලාත් සභා වලට අයිති විශයන් ගැන පාර්ලිමේන්තුවෙන් නීති සෑදීමට නම් හැම පලාත් සභාවක්ම එයට එකඟ විය යුතු වේ. එක පළාත් සභාවක් හෝ එම නීතියට විරුද්ධ වුවහොත් එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය මෙන්ම ජනමතවිචාරණයක්ද අවශ්‍ය වේ. නමුත් ඒ ආකාරයට සම්මත කරනු ලැබූ නීතියක් වුවද ඕනෑම පලාත් සභාවකට ඕනෑම වෙලාවක සරළ බහුතරයකින් සම්මත කරන පනතකින් අහෝසි කර දැමිය හැක (කෙටුම්පතේ 132 ඡේදය). පාර්ලිමේන්තුවේ බලය ඒ ආකාරයට සීමා කළ විට ඒකීය රාජ්‍ය ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය වේ. අපි එයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙමු.

සමගාමී ලැයිස්තුවට අයිති විෂයන් ගැන පාර්ලිමේන්තුව නීති සෑදීමට නම් සියලුම පළාත් සභාවල එකඟත්වය ලබාගත යුතු වේ (134 ඡන්දය). එවන් එකඟතාවයක් ලබාගන්නවාද නැද්ද යන්න ගැන තීරණය කිරීමට වත්මන් ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට හිමි බලය එයින් අහෝසි වෙනු ඇත. පාර්ලිමේන්තුව විසින් නීතියක් සම්මත කළ පසුත් අලුත් ව්‍යවස්ථාවෙන් පිහිටු වීමට යෝජනා කර තිබෙන ව්‍යවස්ථාමය උසාවියට ඒ නීතිය අවලංගු කළ හැක. එයින් පාර්ලිමේන්තුවේ බලය තවත් හීන වේ (182-ඇ සහ 185 ඡේද). මේ ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා කෙටුම්පතේ පලාත් සභා බලතල ලැයිස්තුවක් ගැනත් සමගාමී බලතල ලැයිස්තුවක් ගැනත් මධ්‍යම ආණ්ඩුවේ බලතල ලැයිතුවක් ගැනත් සඳහන් වුවද ඒ ලැයිස්තු අපේ වර්ථමාන ව්‍යවස්ථාවේ තිබෙන ලැයිස්තුද නැත්නම් වෙනස් ඒවාද යන්න සඳහන් කර නැත.

මේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පතත් සමඟ කිසිඳු ප්‍රයෝජනයක් නැති තොරතුරු අඩංගු ලියවිලි මිටි ගණන් සභාගත කෙරුවද වැදගත්ම කාරණයක් වන මේ බලතල ලැයිස්තු ඉදිරිපත් කර නැත. අලුත් ව්‍යවස්ථා යෝජනා වලට අනුව, මධ්‍යම ආණ්ඩුවේ නියෝජිතයා වන ආණ්ඩුකාරවරයාට පලාතේ මහ ඇමති යටතේ කටයුතු කිරීමට සිදුවේ. වත්මන් ව්‍යවස්ථාවේ විධිවිධාන වලට හාත්පසින්ම වෙනස්ව පළාතේ විධායක බලය ඇත්තේ මහ ඇමතිවරයාට මිස ආණ්ඩුකාරවරයාට නොවන බවට සඳහන්ව තිබීමෙන්ද මේ යෝජනාවල ෆෙඩරල්වාදී නැඹුරුව තවත් පැහැදිලි වේ (242 ඡේදය).

පොලිස් සේවය ජාතික පොලිස් සේවයක් සහ පලාත්බද පොලිස් සේවාවන් 09 කට කඩා ඒ හැම එකටම වෙන වෙනම පොලිස් කොමිසම් ඇති කිරීමටත් මෙහි විධි විධාන ඇත. ජාතික පොලිස් සේවයට අයිති වන්නේ රාජ්‍ය විරෝධී කටයුතු, මැතිවරණ සම්බන්ධ වැරදි, හොර මුදල් අච්චු ගැසීම වැනි නම්කරනු ලැබු කාරණා කිහිපයක් පමණි. අනෙක් සියලුම එදිනෙදා පොලිස් කටයුතු, එනම් අපරාධ, වංචා, මත්ද්‍රව්‍ය, රථ වාහන, මහජන සාමය වැනි කරුණු අයිති වන්නේ පලාත්බද පොලීසි වලටය. (254, 259, හා 284 වෙනි ඡේද) මේ ආකාරයට පොලීසිය කොටස් කිහිපයකට කැඩීමෙන්පමණක් මේ රට ඉවර කර දැමිය හැක. 13 වෙනි සංශෝධනයේ කුමක් තිබුණත් අවුරුදු 30ක් මුලුල්ලේ කිසිම ආණ්ඩුවක් පොලීසිය කෑලි දහයකට වෙන් නොකලේ ඒ නිසාය.

අලුත් යෝජනා යටතේ, වර්ථමානයේ මධ්‍යම ආණ්ඩුවට අයත් විෂයන් සඳහා භාවිතා වෙන ඉඩම් හැරුණු විට සෙසු සියලුම රජයේ ඉඩම් අයත් වන්නේ පලාත් සභාවලටය. මධ්‍යම ආණ්ඩුවට එවන් රජයේ ඉඩමක් අවශ්‍ය වුවහොත්, එය අදාළ පළාත් සභාවෙන් ඉල්ලා සිටිය හැක. පලාත් සභාව ඒ ඉඩම නොදී සිටියහොත් එම දුක් ගැනවිල්ල ත්‍රිපුද්ගල බේරුම් කරන කමිටුවකට යොමු වේ. එම කමිටුවේ තීන්දුව ගැන සෑහීමකට පත්නොවන්නේ නම් මධ්‍යම ආණ්ඩුවට ව්‍යවස්ථාමය උසාවියට ඒ ඉඩම ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කළ හැක. ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ කාරණයකට මධ්‍යම ආණ්ඩුව රජයේ ඉඩමක් පවරාගත්තත් අදාල පලාත් සභාවට ව්‍යවස්ථාමය අධිකරණය වෙත ඒ පවරා ගැනීමට විරුද්ධව පෙත්සමක් ඉදිරිපත් කළ හැක (302, 307 සහ 308 ඡේද).

අලුත් ව්‍යවස්ථා යෝජනා වලට අනුව මධ්‍යම ආණ්ඩුවෙන් හදිසි නීතිය ප්‍රකාශ කළත් එයට විරුද්ධව අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර වාරණයක් ලබාගත හැක. මාස තුනකට වැඩි කාලයකට නැත්නම් දින 180 ක කාලයක් ඇතුළත දින 90 කට වඩා හදිසි නීති තත්වයක් පවත්වාගෙන යෑමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය වේ (290-5, 291- ඈ, 292 ඡේද). එයින් ප්‍රායෝගිකව සිද්ධවන්නේ හදිසි තත්වයකටවත් මධ්‍යම ආණ්ඩුවට සුදුසු ආකාරයට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වීමයි. හදිසි නීතිය ප්‍රකාශ කිරීමක් යනු විධායකයේ ක්‍රියාවකි. එවන් කාරණා සම්බන්ධයෙන් අධිකරණයට කටයුතු කිරීමට නොහැක. හදිසි නීතිය ප්‍රකාශ කිරීමට එරෙහිව වාරණයක් ලබාගත හැකිනම්, හදිසි නීතිය ප්‍රකාශ කිරීමෙන්ද පලක් නැත.

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට හඳුන්වා දී ඇති විධිවිධාන (237-3 ඡේදය), වර්ථමානයේ ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි ව්‍යවස්ථාව සම්බන්ධ අධිකරණ බලය වෙනම ව්‍යවස්ථාමය අධිකරණයකට පැවරීම (181 සිට 191 දක්වා ඡේද) ඇතුලු තවත් ගැටලු ගණනාවක්ම ඇත. 1983 හයවන සංශෝධනයෙන් වත්මන් ව්‍යවස්ථාවේ 7 වෙනි උපලේඛණය හැටියට ඇතුළත් කරන ලද බෙඳුම්වාදයට එරෙහි විශේෂ ප්‍රතිඥාව අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ පෙනෙන්නට නැත. මෙහිදී අප සඳහන් කර ඇත්තේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ අපට එකඟ විය නොහැකි විධිවිධාන කිහිපයක් පමණක් බව සැලකිය යුතුය.

මේ ව්‍යවස්ථා කෙටුම්පතේ පැහැදිලි රටාවක් පෙනෙන්ට තිබේ. එමඟින් පාර්ලිමේන්තුවත් මධ්‍යම ආණ්ඩුවත් හැකි තරම් දුර්වල කරනු ලැබේ. පලාත් සභා හැකි තරම් බල සම්පන්න කරනු ලැබේ. ආණ්ඩුකාරවරුන් මහ ඇමතිවරුන්ට යටත්කරනු ලැබේ. සෑම පලාත් සභාවකටම වෙන වෙනම සන්නද්ධ පොලිස් සේවාවන් ඇති කරනු ලැබේ. පලාත් සභා වලට අයත් බලතල මොනවාද, මධ්‍යම ආණ්ඩුවට අයත් බලතල මොනවාද යන්න දැන්මම ප්‍රකාශයට පත් නොකර, පසුව නියම කර ගැනීමට ඉඩ ඉතුරු කරනු ලැබේ. අවශ්‍ය අවස්ථාවල හදිසි නීතියවත් ප්‍රකාශ කිරීමට බැරි තත්වයක් ඇති කරනු ලැබේ. මේ සියල්ලම කුමණ අරමුණකින් කරනවාද යන්න කාටත් පැහැදිලි විය යුතුය.

අද රට පාලනය කරන එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය ඇතුලු හවුල නීති සම්පාදනය කිරීමේදී දක්වා ඇති වංචා සහගත ප්‍රවේශය නිසා ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බරපතල ලෙස පලුදු වී ඇත. ඔවුන් ජනතාවත් ශ්‍රේෂ්ඨාධිකරණයත් නොමඟ හැරීම සඳහාම 19 වන සංශෝධනය තුළින් හිස් වගන්ති ව්‍යවස්ථාවට ඇතුළත් කළ ආකාරය කවුරුත් දනී. සම්පූර්ණයෙන්ම වෙනත් කාරණා සඳහා ඉදිරිපත් කර තිබුණු පනත් කෙටුම්පත් දෙකකට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ගෙන එනු ලැබූ සංශෝධන වලින් පලාත් පාලන මැතිවරණ ක්‍රමයත් පලාත් සභා මැතිවරණ ක්‍රමයත් පස්සා දොරින් වෙනස් කළ ආකාරය කවුරුත් දනී. 2016 අගෝස්තු මාසයේදී විවාදයක්වත්, හරිහමන් ඡන්දයක්වත් නොපවත්වා පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක් මැද මේ ආණ්ඩුව අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත සම්මත කරගත්හැටි කවුරුත් දනී.

මේ ආණ්ඩුවේ කපටිකම් වලට සීමාවක් නැත. ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කළ පසු ඔවුන් කතා කරන්නේ බුද්ධාගමට හිමි තැන ගැනත් ‘ඒකීය’ යන වචනය ගැනත් පමණය. අපට ලබා දී ඇති කෙටුම්පතේ මේ කාරණා දෙකම සම්බන්ධයෙන් විකල්ප වගන්ති යෝජනා කර ඇත. අප මෙතනදී පරීක්‍ෂාකාරී විය යුතුය. බෙදුම්වාදීන්ටයි ෆෙඩරල්වාදීන්ටයි වැදගත් වන්නේ නමවත්, වචනයවත් නොවේ. ඔවුනට අවශ්‍ය දේ ලැබෙනවා නම්, නම කුමක් වුවත් ඔවුනට ප්‍රශ්නයක් නැත. මේ පිරිස සැබවින්ම ඉලක්ක කරගෙන සිටින්නේ ඒකීය කියන වචනයවත් බුදු දහමවත් නොවේය. රටේ ඒකීය භාවය ගැනත් බුදු දහම ගැනත් ඉදිරිපත් කර තිබෙන විකල්ප වගන්ති කේවල් කිරීමේ උපක්‍රමයක් ලෙස ඔවුන් විසින්ම ඉල්ලා අස් කරගෙන බොරු නම්‍යශීලී බවක් පෙන්වා මේ ව්‍යවස්ථා කෙටුම්පතේ හරය වෙන ෆෙඩරල් පාලන ක්‍රමය දිනා ගැනීමට ඔවුන් උත්සාහ කිරීමට ඉඩ ඇත.

විශේෂයෙන්ම මහා සංඝරත්නය මේ උප්පරවැට්ටි ගැන අවබෝධයෙන් සිටිය යුතු යැයි මම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වර්ථමාන ව්‍යවස්ථාවේ බුද්ධාගමට මුල් තැන දී තිබියදීත්, මේ ආණ්ඩුව භික්‍ෂූන් වහන්සේලාව මර්ධනය කළ ආකාරය අපි දුටුවෙමු. මේ නිසා ඒකීය ලේබලය එළෙසම තිබියදී ඔවුන්ට රට ෆෙඩරල් කළ හැක. මේ රටේ දමිළ ජනතාවගෙන් බහුතරය ජීවත් වන්නේ උතුරු නැගෙනහිර පලාත් වලින් පිටය. මුස්ලිම් ජනතාවගෙන් අති බහුතරය ජීවත් වන්නේ නැගෙනහිර පළාතෙන් පිටය. මේ වගේ රටකට අලුත් ව්‍යවස්ථාවක් සෑදිය යුත්තේ ඒ යතාර්ථයත් හිතේ තබාගෙනය.

වර්ථමාන ආණ්ඩුව ගෙනවිත් තිබෙන මේ ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධ වීම යනු සියලුම ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධ වීම නොවන බවද අපි පැහැදිලිව කිව යුතුය. වර්තමාන ව්‍යවස්ථාවේ පුලුල් වෙනස්කම් සිඳු විය යුතු බව අපි පිළිගනිමු. 19 වෙනි සංශෝධනය නිසා පමණක් මොන තරම් අවුලක් ඇති වී තිබෙනවාද? ඇතැම් දේශපාලන පක්‍ෂවලට තිබෙන බෙදුම්වාදී නැත්නම් ෆෙඩරල්වාදී අදහස් අපි ප්‍රතික්‍ෂේප කරන අතරම ඒ ඒ ප්‍රාදේශීය ජන සමාජයන් වලට යම් කිසි ජාතික රාමුවක් තුළ තමන්ගේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට හැකියාවක් තිබිය යුතු බවත් අපි පිළිගනිමු. ඊලඟ ජාතික ඡන්දයේදී ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් අපේම යෝජනා ඉදිරිපත් කර ඒ වෙනුවෙන් ජනතාවගෙන් වරමක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙමු. අපගේ එම උත්සාහයට සහයෝගය දෙන මෙන් මම ජනතාවගෙන් මෙන්ම සියලුම දේශපාලන පක්‍ෂ වලින්ද මේ අවස්ථාවේදී ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක – 2019 ජනවාරි 23

Sinhala 23 January 2019