මීලග ජනාධිපති අපේක්‍ෂක පොහොට්ටු සාමාජිකුට පමණයි..

මීලග ජනාධිපති අපේක්‍ෂක පොහොට්ටු සාමාජිකයෙක්ස පමණයි.. වෙන කිසිවෙකුට නෑ.. ජනාධිපති අපේක්‍ෂක කවුදැයි අගවමින් බැසිල් කියයි..
මීලග ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් නොවන්නෙක් ජනාධිපති කරවීම සදහා පක්‍ෂ සාමාජිකයින් කිසිසේත් සූදානම් නැතැයි එම පක්‍ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පොදුජන පෙරමුණ කාර්යාලයේදී පළාත් පාලන නියෝජිතයන් සමගින් අදහස් පල කරමිනි.

ගමේ සාමාජිකයා අකමැති පුද්ගලයෙක් ජනාධිපති කරවන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයක් මෙහෙයවීමට සූදානම් නැති බවත් එවන් අපේක්‍ෂකයෙක් වෙනුවෙන් මැතිවරණඨක් මෙහෙයවන්නැයි කිසිදා බලපෑම් නොකරන බවත් රාජපක්‍ෂ මහතා පැවසීය.

ස්ථිර ලෙසම මීලග ජනාධිපතිවරයා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් බිහිවන බවත් කී ඔහු ඔහු ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් බවද කීය. එමෙන්ම ජනාධිපතිවරණයේදී මැතිවරණ සලකුණ පොහොට්ටුව යයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

බැසිල් රාජපක්‍ෂ මහතාගේ මෙම ප‍්‍රකාශය අනුව ඔහු අදහස් කරන ජනාධිපති අපේක්‍ෂකයා වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වීමට කිසිසේත්ම ඉඩක් නැත. මහින්ද රාජපක්‍ෂ මහතාද පවසන්නේ තමන් ශ‍්‍රීලනිප සාමාජිකයෙක් බවයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජන කරන කිසිදු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් මේ වන විට නැත. සභාපති ජී.එල්. පීරිස්, ලේකම් සාගර කාරියවසම් හා ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහලම බලධාරීන් වෙයි

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://basilrajapaksa.com/wp-content/uploads/2019/01/හෙට-ගැන-හිතන2-1920X1080px.jpg);background-size: cover;background-position: right bottom;background-attachment: scroll;background-repeat: no-repeat;}#stuning-header div.page-title-inner {min-height: 870px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}