මේ අවස්ථාවේ එජාපය තවත් නාටකයක් රග දැක්වුවා.

අද (04) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්

■ මේ අවස්ථාවේ එජාපය තවත් නාටකයක් රග දැක්වුවා.
■ මේකේ තිරපිටපත ලිව්වේ සිරිකොත ඇතුලෙ, නැත්නම් අරලියගහ මන්දිරයේ. අධ්‍යක්ෂණය කලේ අරලිය ගහ මන්දිරය ඇතුලේ.
■ අවසානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මගින් නාට්‍යාණුසාරයෙන් එළියට දැම්මෙත් අරලිය ගහ මන්දිරයේදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා
ආරක්ෂාව පිළිබද වගකිම සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ ජනාධිපතිවරයාට. නිතිය හා සාමය ඇමැතිධූරය වසර ගණනාවක් දැරුවේ එක්සත් ජාතික පක්ෂය නිසා මේ වගකීමෙන් අගමැති ඇතුලු රජයට මිදෙන්නත් බැහැ. අන්තිමට සිද්ධ වුනේ විශාල ප්‍රහාරයක් එල්ල වෙලා ජනතාව අසරණ විමයි. හැම පුද්ගලයාම ජාති ආගම් භේදයකින් පිඩාවට පත්වුනා. සිංහල ජනයා තමන්ව ආරක්ෂා කරන්න කෙනෙක් නැහැ කියන තැනට මානසිකතවය කඩා වැටුනා. දැන් කළ යුතුව තියෙන්නේ ආරක්ෂක අංශවලට නිදහසේ තමන්ගේ රාජකාරි කටයුතු කිරීමට ඉඩ දිමයි.
ආරක්ෂක අංශවලට බලපැම් ඇති වුනු අවස්ථා ගණනාවක් අපි දැක්කා. කල්පිටියේ පුපුරන ද්‍රව්‍ය හමුවෙද්දි බලපැම් කරලා යම් යම් පිරිස් මුදා ගැනීමට අත්සාහ කරපු බව අපි කවුරුත් දන්නවා. යම් අය අත් අඩංගුවට ගත්තාම හිටපු ඇමැතිවරයෙක් යුද හමුදාපතිවරයාට කතා කරලා තොරතුරු අහපු බවත් අපි දන්නවා. මේ විදියට තොරතුරු ඇසිමත් බලපැමක්. මේ නිසා ජනතාව තුළ කුකුසක් ඇති වුනා. එක පැත්තකින් එජාපය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම පැහැර හැරියා. රජය මෙය සාමාන්‍ය දෙයක් විදියට සැලකුවා. විශ්වාසයක් නැති විදියට වැඩ කළාට පස්සේ රටක් ඇතුලේ අරාජික තත්ත්වයක් ඇති වුනේ. මේ නායකයෝ දෙන්නාගෙන් කවුරු වුනත් කියන දේ ජනතාව විශ්වාස නොකරන තැනට පත්වුනා. ඒ අනුවයි ආණ්ඩුකාරවරු දෙදෙනෙක් හා ඇමැතිවරයෙක් සම්බන්දයෙන් උපවාසය ඇරඹුනේ. මේ අවස්ථාවේ එජාපය තවත් නාටකයක් රඟ දැක්වුවා. මේකේ තිරපිටපත ලිව්වේ සිරිකොත ඇතුලෙ, නැත්නම් අරලියගහ මන්දිරයේ. අධ්‍යක්ෂණය කලේ අරලිය ගහ මන්දිරය ඇතුලේ. පසුගිය කාලයේ. අවසානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මගින් නාට්‍යාණුසාරයෙන් එළියට දැම්මෙත් අරලිය ගහ මන්දිරයේදී. චෝදනා එල්ල වුනු පිරිසක් සිටියදි අනෙක් සියලුම දෙනා අත ඔසවලා එහි වගකිම බාරගන්නවා. සියලු දෙනාටම ඉල්ලා අස්වෙන්නයි කියලා කවුරුවත් කිව්වෙත් නැහැ. එහෙම දෙයක් කවුරුවත් බලාපොරොත්තු වුනෙත් නැහැ. මේකෙන් එජාපය බලාපොරොත්තු වෙන්නේ රටේ ජාතික ආරක්ෂාවත්, ජනතාවගේ අනාගතයත්, ඉදිරියේදී ඔත්තු සේවාවල පැවැත්මටත් දේශපාලනික වශයෙන් ප්‍රශ්නයක් හදන එකයි. දේශපාලනික වහයෙන් සිතීමයි මෙහි ගැටලුව. අපි රටේ ආරක්ෂාව පැත්තෙන් හිතුවට එක්සත් ජාතික පක්ෂය හිතන්නේ දේශපාලනික පැත්තෙන්. එජාපය දේශපාලනික නාට්‍යයක් රගදක්වලා ආරක්ෂාවේ වගකීම මහජනතාවට පවරන්න උත්සාහ කරනවා නම් අන්තවාදය හෝ ත්‍රස්තවාදය කවදාවත් අපිට නැත් කරන්න බැහැ. මේ අන්තවාදය අපි බැහැර කරන්නේ කොහොමද කියන දේ ගැන කතිකාවතක් ඇති කළ යුතුයි. ලංකාවේ මද්‍රසා පාසල් විශාල ගණනාවක් තියෙනවා. ජාත්‍යන්තරයෙන් ආපු ගුරුවරු මේවායේ වහාබ්වාදය උගන්වනවා. ත්‍රස්තවාදයට මුදල් දුන්න අය ගැන දැන් කවුරුත් කතා කරන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ගැන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන වෙලාවේ කට්ටියක්ම එකතු වෙලා අපි ගැනත් හොයන්න කියනවා.
ජාතික ආරක්ෂාව බරපතල විදියට විනාශ වෙලාතියෙන කාලයක්. දේශපාලන විදියට හැම කෙනෙක්ටම නිදහසේ ජිවත් වෙන්න ඉඩ හදපු නායකයෙක් ඉන්න පක්ෂයක් විදියට අපි සැබැ දේ ජනතාවට එළි කරන්න ඕනේ. මේ රටේ ඊළග ප්‍රධාන පක්ෂය වෙන්නේ රටේ ආරක්ෂාවත් ජනතාවට නිදහසේ ආරක්ෂිතව ඉන්න පරිසරයත් සකස් කිරීමයි. මේ අය කිව්වේ මාසයක් කල් දෙනවා ඒ කාලේ ඇතුළත වරදකරු නිවැරදිකරු හොයන්න කියලයි.ඒ කියන්නේ මාසයකට පස්සේ ඒ අය නැවත ඇමැතිකම්වලට එනවාද? මේක නායකයක්. අරලිය ගහ මන්දිරයේ ඇතුලේ කරපු මේ නාටකයට රැවටෙන්න එපා. අපි කළ යුත්තේ ත්‍රස්තවාදය නැවත ඇති වීම වැළක්වීම සදහා අවශ්‍ය පියවර ගැනීමයි. නැත්නම් මේ වහාබ්වාදයට විශාල පිරිසක් ගොදුරු වෙලා රට ඇතුලේ ප්‍රශන ඇති වෙන එක වළක්වන්න බැහැ.
බෞද්ධාගම නිරහන්කාර ගෞරවාන්විත ආගමක් බව අපි විශ්වාස කරනවා. බුදුන් වහන්සේගේ දේශනාවේ කියන්නේ මෛත්‍රී කරන්නයි. ඒ අනුව අපේ රටේ ප්‍රධාන ආගමත් එක්ක හැදුනු මහා සංස්කෘතිය ඇතුලේ ඕනෑම ආගමක් අදහන කෙනෙකුට සාධාරණ නිදහසක් තිබෙනවා. ඒ නිදහස ඔවුන් භුක්ති විදිනවා. සහරාන් හෝ වෙනත් කෙනෙකුට අහිංසක මිනිස්සු එල්ල කරගෙන බෝම්බයක් පුපුරවා ගන්න කිසිම සාධකයක් තිබුනේ නැහැ. නොමැති සාධකයක් නිර්මාණය වුනේ කොහොමද කියලා අපි හොයන්න ඕනේ. ඒකට මේ විදියේ නාටකයක් රග දක්වලා හරි යන්නේ නැහැ. ප්‍රශ්නය නිවැරදිව තේරුම් අරන් නිවැරදිව උත්තරයක් හොයලා අන්තවාදය ඇතිවිම වැලැක්වීමත් සෑම කෙනෙකුට සාධාරණව ජිවත්වීමට පරිසරය සකස් කිරීමයි තමයි සිද්ධ වෙන්න ඕනේ. ඒ තුලයි එක රටක් විදියට වැඩ කරන්න පුලුවන් වෙන්නේ. මේ ආන්ඩුව ප්‍රහ්නය විසදනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව කරන්නේ වැරදිකරපු අය පවා ආරක්ෂා කරමින් ප්‍රශ්නයට නිවැරදි පිළීතුරක් සෙවීමෙන් වැලකී සිටිමයි. එජාපයට එල්. ටි. ටී. ඊ යුද්ධය අවසන් කිරීමේ සැබෑ උවමානවක් තිබුනේ නැහැ. ඔවුන් ආරක්ෂක අංශ මෙහෙයුම් අවඥාවට ලක්කළා. ත්‍රස්තවාදය පරාජය කළාට පස්සේ ඒක පිළීගන්නවත් ඔවුන්ගේ සූදානමක් නැහැ. පරික්ෂණ කිරීම වෙනුවට තමන්ගෙ පිරිස් එකතු කරගෙන ඇමැතිකම්වලින් අස්කරලා නාටකයක් රඟ දැක්වීම අපේ රටේ දේශපාලනයේ අදුරු වළාකුලක්. දේශපාලකයා මහජනයාට නායකත්වය දෙන පුද්ගලයෙක් විය යුතුයි. එජාපයේ කිසිවෙක් එතැන නැහැ. ජනතාව නිවැරදි තත්ත්වය තේරුම් අරන් එක කදවුරක ඉදලා මේ මිථ්‍යෘව, අන්තවාදය, ත්‍රස්තවාදය පරාජය කරලා සාමකාමි රටක් නිර්මාණය කරන්න අවශ්‍යයි.

■ විශ්වාසභංගයෙන් ඇමැතිවරයෙක් පරාජය වෙලා ආන්ඩුවට බලපැමක් ඇති වෙයිද කියන දේ ගැන හිතලා යෝජනාව යටපත් කරනනයි මේ අවුල ඇති කලේ.
■ පරික්ෂණ මාසයකින් අවසන් කරන්න පුලුවන්ද? අඩුම තරමේ මාස තුනක්වත් මේ පරීක්ෂණ සදහා කල්ගත වෙනවා.
■ බොරුවට කොලේ වහලා ආරක්ෂක අංශත් නොමග යවලා සිද්ධිය යට ගහලා ආයෙත් ඇමැතිකම් අරන් ආන්ඩු කරන්නයි සූදානම් වෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. එම්. චන්ද්‍රසේන මහතා
රනිල් වික්‍රමසිංහ ඇතුලු රට පාලනය කරන පිරිස ජනතාවගේ ඇස් වහලා රවටමින් කටයුතු කරපු ආකාරය අපි පහුගිය කාලයේම දැක්කා. ඉතිහාසයේ ඇමැතිවරු කී දෙනෙකුට විශ්වාසභංග ඇවිත් තියෙනවාද? සමහරු පැරදුනා. සමහරු ජය ගත්තා. රිෂාඞ් බදුයිදීන් ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනාපුවම ආන්ඩුවට කරන්න තිබුනේ පාර්ලිමේන්තු සම්ප්‍රධාය හා ව්‍යවස්ථාව අනුව කටයුතු කිරිමයි. ඒ අනුව කටයුතු කළානම් මේවෙද්දි විශ්වාසභංග යෝජනාව විවාද කරලත් අවසන්. විශ්වාසභංගයෙන් ඇමැතිවරයෙක් පරාජය වෙලා ආන්ඩුවට බලපැමක් ඇති වෙයිද කියන දේ ගැන හිතලා යෝජනාව යටපත් කරනනයි මේ අවුල ඇති කලේ. තේරීම් කාරක සභාව ගේනවා වෙනුවට විශ්වාසභංග යෝජනාව ගෙනත් ඇමැතිවරයා ජය ගත්තත් පරාජය කළත් ප්‍රශ්නය අවසන් කරන්න තිබුණා.
එහෙම නොකරීම නිසා රතන හිමියන්ට උපවාස කරන්න වුනා. උපවාසයත් එක්ක රටේ ජනතාවගේ නැගීටිමක් සහ බලාපොරොත්තු නොවුන තත්ත්වයක් ඇති වුනා. කාලයක් තිස්සේ රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාට චෝදනා එල්ලවෙමින් තිබුණා. විලපත්තුව කපන සිද්ධිය, ත්‍රස්තවාදින්ට උදව් කළා. උසාවියට ගල් ගැහුවා. වගේ ප්‍රශ්න තිබුණා. මේ නිසා රිෂාඩි බදියුදීන් ඇමැතිවරයා ජනතාවගේ සැකයට භාජනය වෙලා හිටියේ. ඒ නිසයි විශ්වාසභංගය ගෙනාවේ. අසාත් සාලි හා හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා සම්බන්ධයෙනුත් මේ වගේ සැකයන් ඇති වෙමින් තිබෙනවා. ඒ තුන් දෙනාගේ ප්‍රශ්නය නිසියාකාරව විසදන්න බලධාරීන් කටයුතු නොකිරිම නිසා දැන් ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ අනාගෙන දගලනවා. සියලුම මුස්ලිම් ඇමැතිවරු අරලිය ගහ මන්දිරයට ගෙනත් ඊලග මැතිවරණය ජය ගන්න වැඩක් තමයි මේ කලේ. තනිකරම දේශපාලන වාසියටයි කටයුතු කලේ.
ප්‍රශ්නයක් නැති ඔක්කොම එක තැනකට ගෙනත් අස්වුනාම රටේ ජනතාව හිතන් ඉන්නවා සියලු දෙනා අස්වුනා කියලා හිතන් හිටියට එහෙම වුනේ නැහැ. මාසයක් ඇතුළත පරික්ෂණ ඉවර කරන්නලු. මේ පරික්ෂණ මාසයකින් අවසන් කරන්න පුලුවන්ද? අඩුම තරමේ මාස තුනක්වත් මේ පරීක්ෂණ සදහා කල්ගත වෙනවා. බොරුවට කොලේ වහලා ආරක්ෂක අංශත් නොමග යවලා සිද්ධිය යට ගහලා ආයෙත් ඇමැතිකම් අරන් ආන්ඩු කරන්නයි සූදානම් වෙන්නේ. සිංහල, මුස්ලිම් දෙමල සියලු ජනතාව අමු අමුවේ රැවටිමක් කලේ. ඒකට අහු වෙන්න එපා. මේ රටේ තියෙන සැබෑ ප්‍රශ්න ඕවා නෙවෙයි. කෘෂිකර්මාන්තය කඩා වැටිලා. ආර්ථිකය කඩා වැටිලා. ඩොලරය ඉහළ ගිහින්. මිනිස්සුන්ට ජිවත් වෙන්න විදියක් නැහැ. මේ සියල්ල යටපත් කරන්න නාට්‍යයක් රග පෑමක් තමයි දැන් කරමින් ඉන්නේ.
මංගල සමරවිර ඇමැතිවරයා මුලින්ම ඇවිත’් මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා බෞද්ධ ජනතාව ඇවිස්සුවා. උපවාසවලටත් ඒ කතා මුල් වුනා. දැන් කියනවා අගරදගුරු රතන හිමි බලන්න යාම වැරදියි. ඒක ජාතින් අතර අසමගියක් ඇති කිරීමක් ලු. අගරදගුරුතුමන්ට මේ ඇමැතිවරුන් මල් තියලා වදින්න ඕනේ. එදා වෙන්න ගිය විනාශය නතර කලේ අගරදගුරුවරයා. එදා පොදු පෙරමුණ ආන්ඩුව සමයේ සුදු නෙලුම් ව්‍යාපාරය කලානේ. මංගල සමරවිර ඇමැතිවරයා එදා කිව්වේ ජාතක සමගිය ඇති කිරීම සුදු නෙලුමක් වලෙග් කරන්න ඕනේ කිව්වා. අගරදගුරුතුමා සියලු ආගම්වලට ගරු කරනවා. එදා දලදා මාලිගාව ඉදිරියට ගියේ ආගමික සහජිවනය පෙන්වන්න. මේ මොංගල් සමරවිරට වෙලා තියෙන්නේ මේක නොතේරෙන එක නෙවෙයි. බටහිරට ඕනේ විදියටයි කටයුතු කරන්නේ. ජනාධීපතිවරණය ළග එනවා. මෙහෙම පණ අදින ආණ්ඩවක් අපි ඉතිහාසය පරාම දැකලා නැහැ. ඇමැතිකම් ගන්න බලාගෙන බුරුතු පිටින් ඉන්නවා. මේ මංගල සමරවිරලා සෙල්ලම් කරන්නේ රවටන්නේ ජනතාවයි. තණ කොල කන මිනිස්සු නෙවෙයි ටේ ඉන්නේ. බත් කන මිනිස්සු. රටේ සහජිවනය සාමාකාමීත්වය සියල්ල අවසන් කරලා තියෙන්නේ. බොරුවට රගපැම් කරන්න එපා. ජනතාවට කරන එකම යුතුකම මහ මැතිවරණයකින් ආන්ඩුවක් පත් කර ගන්න අවස්ථාව ලබා දීමයි.

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://basilrajapaksa.com/wp-content/uploads/2019/01/හෙට-ගැන-හිතන2-1920X1080px.jpg);background-size: cover;background-position: right bottom;background-attachment: scroll;background-repeat: no-repeat;}#stuning-header div.page-title-inner {min-height: 870px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}