May Day rally at Galle Face

Former President with joint opposition May Day rally at Galle Face

සමස්ත ලෝකයේ කම්කරු ප්‍රජාව උත්කර්ශවත් අන්දමින් සමරනු ලබන කම්කරු දිනය අදට (01) යෙදී ඇත. ධනේෂ්වර පංතියට එරෙහිව කම්කරු පිරිසක් පැය 8කට තම වැඩමුරය සීමා කරන ලෙස ඉල්ලමින් 1988 මැයි 01 වැනි දා චිකාගෝ නුවරට එක්වූහ. මෙම වැඩවර්ජනයේ දී කම්කරුවන් 4 දෙනෙකු මිය අතර තවත් කම්කරු නායකයින් අත්අඩංගුවට පත් විය. මෙම අරගලයේදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද මිය ගියහ. එම කම්කරු අරගලයේ කම්කරු අයිතීන් වෙනුවෙන් රුධිරය වැගිරූ තම සගයින් සාදාතනිකව සිහිකිරීමට 1889 වසරේ රැස්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේය. ඒ අනුව සෑම වසරක මැයි 01 වැනි දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍ර‍කාශයට පත්විය. ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය. 1956දී මැයි දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මැයි දින ඉතිහාසය1926 වර්ෂයේ මැයි දිනය කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එදා මැයි දිනය, මැයි පෙරහැරක් පවත්වා වැඩ කරන ජනතාවට කී‍්‍රඩා උපකරණ තෑගි ලෙස ලබා දුන්නේය. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ප්‍ර‍ධාන පක්ෂ වෙන් වෙන් වශයෙන් මැයි දින සැමරුම් උත්සව උත්කර්ශවත් ලෙස සංවිධානය කර තිබේ. ඒ අනුව කොළඹ, මහනුවර, නුවරඑළිය යන ප්‍රදේශවල ප්‍ර‍ධාන වශයෙන් මැයි රැළි පෙළපාල හා උත්සව සංවිධානය කර තිබේ. එසේම ඒ ඒ පක්ෂ විසින් තේමා පාඨ යොදා ගනිමින් මෙම මැයි දින සමරුමට එක්ව සිටින සිටිති. මෙම අවස්ථාවන් සඳහා ඒ ඒ ප්‍ර‍දේශවල විශේෂ රථ වාහන සැලැස්මක් සහ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.

කම්කරු ජනතාවට වෙනුවෙන් සිදු කරනු ලබන මෙම පෙළපාලි සහ උත්සවලදී පක්ෂ භේදයෙන් තොරව පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවධානය යොමු කිරීම ද වැදගත් වේ. පෙළපාලි මග දෙපස හෝ උත්සව භූමි තුළ පොලිතීන්, ප්ලාස්ටික් වතුර බෝතල් ඇතුළු අපද්‍ර‍ව්‍ය නොදැමීමට වගබලාගැනීම ද ඉතා වැදගත් වේ.

 

Mahinda takes the responsibility

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයට පත්වූයේ තමාගේ ක්‍රියාකලාපයෙන් බවත් එය තමා භාරගැනීමට සූදානම් බවත් ආර්ථීක සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින්.සියලු දෙනාගෙන්ම වැරදි සිදුවන බවත් ඒවා නිවැරදි කරගනිමින් ඉදිරියට යාමට තමා සූදානම් බවත් බැසිල් රාජපක්ෂ එහිදී සදහන් කලා.

The Rajapaksas can not be removed from politics

රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කරන්න බැහැ – බැසිල්
2016 ජනවාරි 7

එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමට නොහැකි බව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ පවසයි.

වර්තමාන දේශපාලන තත්වය හා රාජපක්ෂ පාලනය බිඳ වැටීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා එම ප්‍රකාශය කළේ රාජපක්ෂ පාලනය බිඳ වැටී වසරක් ගත වීමත් සමඟ බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමින්.

රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කරන්න පුළුවන් ජනතාවට විතරයි. මහින්ද රාජපක්ෂ කියන්නේ සටන් කරලා ඉදිරියට ආපු නායකයෙක්. එතුමා රහස් කුමන්ත්‍රණ කරළා ඉදිරියට ආපු නායකයෙක් නෙවෙයි’ බැසිල් රාජපක්ෂ කියා සිටියි.

රාජපක්ෂ පාලනය අවසන් වී වසරක් ගත වන මේ මොහොතේ රට පත් වී ඇති තත්වය ගැන තමා ඉතා කණගාටු වන බව ප්‍රකාශ කළ හිටපු අමාත්‍යවරයා රාජපක්ෂ පාලනය තුළ ගෙන ගිය සංවර්ධන වැඩසටහන් සියල්ල අද අඩාල වී ඇති බවයි සඳහන් කළේ.

‘මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට ගෙනාපු එක හරිද වැරදිද කියලා ජනතාව කල්පනා කරලා බලයි මේ වසරක් ගත වෙන මොහොතේ. එදා කෙසේ වෙතත් අද කල්පනා කරද්දී බලන්න පුළුවන් මොන තරම් වෙනසක් සිදු වෙලාද කියලා’ හිටපු ඇමතිවරයා පවසයි.

පරාජය පිටුපස බලවේග
හිටපු ජනාධිපතිවරයාගේ පරාජයට ඔහු වගකිව යුතු බවට එල්ල කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කළ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා එදා පරාජයට ආණ්ඩුවේ ඇතැම් අඩුපාඩු මෙන් ම ජාත්‍යන්තර රටවල් කීපයක බලපෑම් හේතු වූ බවත් සඳහන් කළේය.

‘හරි හෝ වැරදි හේතු මත එක්ක ලෝකයේ බලවත් රටවල් අපිත් එක්ක තරහ වුනා, විශේෂයෙන් ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා හවුල වගේ ප්‍රබල රටවල් රාශියක් අපට විරුද්ධ වුනා. ජාත්‍යන්තර වශයෙන් කරන බලපෑම් වලට අමතරව දේශීය වශයෙනුත් ඔවුන් බලපෑම් කළා’

රාජපක්ෂ පාලනය බිඳවැටීම පිටුපස ඉන්දියාව හා ඇමරිකාව සිටින බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ.

‘ඡන්දෙ දි ඔවුන් බලපෑම් කළා, ඒක නැහැ කියන්න බැහැ. ඇමරිකාවේ වාර්ෂික වාර්තාවක පවා කියල තියෙනවා මේක තමන් ලද ජයග්‍රහණයක් කියලා’ බැසිල් රාජපක්ෂ කියා සිටියි.

අලුත් දේශපාලන බලවේගයක්
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණට අයත් කණ්ඩායම් වර්තමාන දේශපාලනය ගැන කලකිරී සිටින බව ප්‍රකාශ කරන හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ‘සියළු දෙනාට එක් විය හැකි නව දේශපාලන ධාරාවක උවමනාව දැන් මතු ව ඇති බවයි සඳහන් කළේ.

එවන් බලවේගයක් ගොඩනැගීම පිටුපස ඔහුත් සිටිනවා දැයි බීබීසිය විමසූ විට බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාකියා සිටියේ තමන්ට එවැනි බලාපොරොත්තුවක් නොමැති බවයි.

එවන් බලවේගයක් ගොඩ නැගුන විට ඊට තම දායකත්වය සපයන බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ.

රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකාව තුළ නැවත බලයට පැමිණිය හැකි වේදැයි බීබීසිය ප්‍රශ්නයක් යොමු කළ විට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ ‘ඒ තීරණය ජනතාව මහජනතාවට බාර දෙන’ බවයි.

බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට එල්ල වෙන චෝදනා සහ රාජපක්ෂ පාලනය සමයේ සිදු වූ බවට එල්ල වී ඇති විවිධ චෝදනා ආදිය පිළිබඳවත් බීබීසිය හිටපු ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර එම තොරතුරු සඳහා වීඩියෝ පටය නරඹන්න.

 

Yesterday and tomorrow – 28.12.2014

ස්වාධින රූපවාහිනී සේවය (I.T.N)  ඊයේ අද සහ හෙට – 28.12.2014

ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා -part 1

අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා – ඊයේ අද සහ හෙට -part 2

අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා – ඊයේ අද සහ හෙට -part 3

අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා – ඊයේ අද සහ හෙට -part 4

රට එක්සේසත් කළ ජනපතිගේ දෙවන ගමන

 

රට එක්සේසත් කළ ජනපතිගේ දෙවන ගමන

 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙවන වරට ජනාධිපති ධූරයේ දිවුරුම් දී වසර 04ක් පිරීම නිමිත්තෙන් විවිධ පැතිකඩ ඔස්සේ පළවන ලිපි බොහෝය. මෙම ලිපිය එයට වෙනස්  වන්නකි. වසර 25කට පෙර මහින්ද රාජපක්ෂයන් ජවිපෙ සහ එජාප රාජ්‍ය භීෂණයට මුහුණ දෙමින් 1989 මහ මැතිවරණයට මුහුණ දුන් අතර එය ඔහුගේ දේශපාලන ජීවිතයේ දෙවැනි ගමන විය.

mahinda rajapaksa mp 1වසර 1970 පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද රාජපක්ෂ 1977 මහ මැතිවරණයෙන් වසර 12කට පසු යළි පාර්ලිමේන්තුවට පැමිණියේ 1989දීය. එම යුගයේ ඔහු සමඟ සමීප ව කටයුතු කළ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි ධර්මන් වික්‍රමරත්න වසර 25කට එපිට එම අතීතය ගැන සිය මතකය මෙසේ ආවර්ජනය කරයි.

 
දිනය 1988 මාර්තු 04වනදාය. ස්ථානය කොළඹ 07 පිහිටි ඉරෙඩ් ආයතනයයි. සුනිමල් ප්‍රනාන්දු එහි කැඳවුම්කරුය. එපමණක් නො ව වර්තමාන ජනාධිපතිතුමාගේ සියලු ජයග්‍රහණයන්ගේ දෙවන ගමනේ තිඹිරි ගෙයද එම සාකච්ඡාව වූවාට සැක නැත. එයට සහභාගි වූ පිරිස වූයේ ආචාර්ය විලී ගමගේ, කේ.එච්.ඒ. ගොඩාවත්ත, ටී. ජයසිංහ, ධර්මන් වික්‍රමරත්න, එස්. සහබන්දු, අමරසිංහ කුඩගල්ආර, ජස්ටින් දිසානායක, චමල්, මහින්ද සහ බැසිල් රාජපක්ෂ සොහොයුරන්ය.

කෙදිනක හෝ දකුණින් ජනාධිපතිවරයෙක් බිහි කළ හැකි බව කීවේ බැසිල් රාජපක්ෂයන්ය. සියලු සැලසුම්වල මහ මොළකරු වූයේ ද ඔහුය. සතිපතා ම රැස් වූ අප විවිධ ක්‍රියා සැලසුම් කළෙමු. ඇතැම් අවස්ථාවන්හිදී තංගල්ලේ කාල්ටන්හිද, බැසිල් ඇමතිතුමාගේ ජුබිලි කණුවේ නිවසේ සහ ජනාධිපතිතුමාගේ දෙහිවල නිවසේද සාකච්ඡා පැවැත්විණි. නව ආරක වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කෙරිණි. තංගල්ලේ කාල්ටන්හි බිහිවූ මානව හිමිකම් සුරැකීමේ සහ නීති ආධාර මධ්‍යස්ථානයද මානව හිමිකම් ක්‍රියාකාරකම් සහ උද්ඝෝෂණද ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්ද ඒ අතර විය. 
 

වසර 1987 සිට 1989 කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සහ එජාප ධවල භීෂණයේ උච්චතම අවස්ථාවක් බවට 1988/89 වසරයන් පත් වී තිබුණි. දකුණේ මහා තරුණ සංහාරයට එරෙහි ව අවි අමෝරා ගත් නියමුවන් කිහිප දෙනා අතර අධිනීතිඥ මහින්ද රාජපක්ෂයන් ප්‍රමුඛයකු විය. මාධ්‍ය මගින් මේ පිළිබඳ ව හඬක් නැඟිය යුතු බව ඔහුගේ අදහස විය. තරුණ සිරුරු ටයර් සෑයේ දැවී ගියේය. තංගල්ලේ කාල්ටන් නිවස අතුරුදහන් වූ පවුල්වල අයගේ දුක් සුසුම් සහ අඳෝනාවලින් දෝංකාර දුණි.

ජනාධිපතිවරණය වර්ජනය කරන්නැයි ජවිපෙ ඉල්ලා සිටියේය. ජවිපෙ සහ එජාප ආණ්ඩුවේ භීෂණය ඒ සමඟ අති උග්‍ර විය. 1988 දෙසැම්බර් 19 වැනිදා පැවති ජනපතිවරණයේ ජය රණසිංහ ප්‍රේමදාසයන්ට හිමි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ජනපතිවරණයෙන් ජය ගත් ප්‍රේමදාස මහ මැතිවරණය 1989 පෙබරවාරි 15වැනිදාට තීන්දු කළේය. අප නව ජවයකින් යුතු ව මතු ව ඇති තත්ත්වයන්ට මුහුණ දීමට තීරණය කළෙමු.

සියලු දෙනා ම තංගල්ල කාල්ටන්හි කඳවුරු බැඳ ගත්තේ 1989 මහ මැතිවරණයට මසකටත් කලිනි. සැලසුම් සියල්ල බැසිල් රාජපක්ෂයන් ගෙන්ය. චමල් රාජපක්ෂයන් මැදමූලනේ සිට කටයුතු කළේය. එහෙත් දෙදෙනාගේ ම ඡන්ද ව්‍යාපාරය ඒකාබද්ධ ව මෙහෙයවූයේ එවර මැතිවරණ මූලස්ථානය වූ තංගල්ලේ කාල්ටන් සිටය. කාල්ටන්හි වික්‍රමසූරිය පවුලේ වෛද්‍යවරුන් වන සේන, තිස්ස සහ සුනිල් එදා සිටම රාජපක්ෂ පවුලට ළෙංගතුය. ප්‍රචාරක, ප්‍රවර්ධන, සංවිධාන, ප්‍රවාහන කටයුතු සියල්ල අප වෙත පැවරිණි. සියලු කටයුතු භාරව සිටියේ ආචාර්ය විලී ගමගේය. ආරි වීරරත්න, ධර්මන් වික්‍රමරත්න, එම්.කේ. රංජිත්, පද්මසිරි රාජපක්ෂ, ජස්ටින් දිසානායක, කුඩගල්ආර අමරසිංහ ඇතුළු කිහිප දෙනෙක් ම එම මැතිවරණ සටනේ  නියමුවන් විය. තංගල්ල තානායමේ ජයසිංහ රාළහාමිද යටිතල පහසුකම් සඳහා නොමසුරුව අතහිත දුන්නේය.

තංගල්ල කාල්ටන්හි 1989 මහ මැතිවරණයේදී අපේ නඩයට බාහිරව වැඩ කිරීමට 200ක් පමණ විය. පැමිණි සියලු දෙනා රාජපක්ෂ පරපුරේ උග්‍ර ආධාරකරුවන්ගේ දෙවන පරපුර විය. එමෙන්ම ඔවුහු මහින්ද මහත්තයාගේ සමීපතම මිතුරන්ය. තාවකාලිකව දේශපාලන අනාථයන් බවට පත් වූ පිරිසක්ද එහි විය. එයට හේතුව ඔවුන් මරා දමන බවට ජවිපෙ දැනුම් දී තිබීමය. එමෙන් ම ජවිපෙ බවට චෝදනා කර එජාප ආණ්ඩුවේ නිලනොලත් කොළ කොටි වැනි සන්නද්ධ කණ්ඩායම් විසින්ද ඔවුන් ඝාතනය කිරීමට ලුහුබඳිමින් සිටියේය.

mahinda rajapaksa mp 3ගමේ තරුණ අධාරකරුවන් සියලු දෙනාම රක්ෂණය කිරීමට යෝජනා කලේ අධිනීතිඥ මහින්ද රාජපක්ෂයන්ය. ඒ සඳහා හමුවූයේ කාල්ටන් අසල රක්ෂණ නියෝජිතයෙක් වූ වීරකෝන්ය. ඔහුගේ ලිපිකරු වූයේ සරත් අමරවීරය. ඉන් විදහා පෑවේ තම සගයින් වෙනුවෙන් අධිනීතිඥ මහින්ද රාජපක්ෂයන් දැක්වූ කෘතවේදීභාවයයි. කාල්ටන් නිවසේද එහි පසුපස තිබුණු ශිරන්ති රාජපක්ෂයන්ගේ පෙර පාසල් භූමියේ ඉදි වූ තාවකාලික නවාතැනක සියලු දෙනා ම රොද බැඳ ගෙන සිටියහ. මහින්ද මහත්තයා සමඟින් ම සිටිමින් ඔහුට ආරක්ෂාව සැපයුවේ බණ්ඩාර සහ තිලක්ය.

මහ මැතිවරණය පැවති 1989 පෙබරවාරි මාසයේ රාත්‍රි පහන්වන තෙක් ගත කළ සොඳුරු දිනයන්හිදී වසර 1970දී මහ මැතිවරණය පිළිබඳ ව අතීතය ආවර්ජනය කළේ ආචාර්ය විලී ගමගේය. එදා 1970දී මහ මැතිවරණයට හදිසියේ තරග කිරීමට සිදු වූ මහින්ද රාජපක්ෂයන්ට එදා උදව් කළ පිරිස අතර වෛද්‍යතිලක, විලී ගමගේ, ආරි වීරරත්න, සිංහ අබේගුණවර්ධන, පී.ජේ රත්නායක, පර්සි සූරියපටබැඳි, ජිමී සමරවීර, හෙන්රි සහ ජස්ටින් දිසානායක, මිල්ටන් විතාරණ, කේ.ඩී. හින්නි මහත්තයා පෙරමුණේ ම විය.

නේරු හින්නි මහත්තයා, අම්බල ලියන මහත්තයා, බෙලිඅත්තේ ගුණපාල මුදලාලි, සෙනරත් රාලහාමි, පුවක්දණ්ඩේ පුංචි මහත්තයා, කුඩා වැල්ලේ මුතුමාල මුදලාලි, සිරිසේන මුදලාලි, තංගල්ලේ අප්පුසිඤ්ඤෝ රාලහාමි, විල්සන් ඉස්කෝලයේ මහත්තයා, විජේතුංග විදුහල්පතිතුමා, අක්‍රම් ගුරුතුමාගෙන් ලැබූ සහයද ඉමහත්ය. මහින්ද මහත්තයාගේ 5 ශ්‍රී 2549 මිට්ෂුබිෂි ජීප් රථයේ රථාචාර්ය වූයේ වාසල පුංචි මහත්තයාය. මහාචාර්ය ඈපාසිංහයන්ගේ බිරිඳට අයත් තංගල්ලේ වාසල වලව්ව 1970 මැතිවරණ මූලස්ථානය විය. හැත්තෑවේ ඡන්දයට වැය වූ මුළු මුදල රුපියල් 9,168කි. වැඩි ඡන්ද 6,600ක සංඛ්‍යාවකින් 1970දී මහ මැතිවරණයේ දී මහින්ද මහත්තයා ජය ගෙන තිබිණි. වසර 1977 මැතිවරණයේදී  හම්බන්තොට පමණක් නො ව මුළු රටින්ම ශ්‍රීලනිපය සෝදා ගියේය.

මහ මැතිවරණය පැවති 89 වසරේ මසකට ආසන්න කාලය තුළම අධිනීතිඥ මහින්ද රාජපක්ෂයන් සමඟ අපි වැඩ කළෙමු. ඔහු වැඩ ඇරඹුවේ අලුයම 5ටය. ඉන් පසු උදෑසන 6ට නිවසේ කාර්යාලයට එන ඔහු එදින විභාගවන නඩු සහ කළ යුතු කාර්යයන් පිරික්සයි. උදෑසන 6.30 සිට 7.30 දක්වා දිනපතා ඔහු හමුවීමට පැමිණෙන ගිරුවාපත්තුවේ අහිංසක ගැමියන් ගණන අපමණය.

ඉන් බහුතරයක ම නම් ගම් කියා කතා කිරීමට ඔහු සමත්ය. මුනුබුරෙකු පැමිණි විට සීයාගේ නම මතකයට නංවා අතීතය ආවර්ජනය කරයි. සුව දුක් විමසයි. හැම ප්‍රශ්නයකට ම උපරිම සහනයක් එම මොහොතේ ම ලබාදීමට කටයුතු කරයි. එකල තිබුණේ ස්ථාවර දුරකථන පමණි. ඒවාට නිවාඩුවක් නැත. ඔහු කිසි විටෙක ආඳා මෙන් ජනතාවගේ ප්‍රශ්නවලින් පැන ගියේ නැත. වසර 1987 සිට 90 දක්වා පැවති එජාප පාලන එජාප පාලන සමය රට අරාජික බවට පත්කළේය. එය ගොරකා දඩමස් කරන යුගයකි. දේසේ හැටියට වාසේ කියා නිහඬ ව සිටින්නටද ඔහු සූදානම් නොවීය.

මැතිවරණ පැවති 1989 ජනවාරි, පෙබරවාරි බොහෝ ගැමියන් මහින්ද මහත්තයා හමුවීමට පැමිණියේ හාල් ගෝනියක්ද රැගෙනය. ඇතැමුන් අත වට්ටක්කා ගෙඩි දෙක තුනකි. තවත් අයෙකු අත පොල් මල්ලකි. පැපොල් ගෙඩි කිහිපයකි. කැකිරි ගෙඩිද දක්නට නොතිබුණා නො වේ. මේ ගැමියන් අහිංසකය. හිත හොඳ මිනිසුන්ය. මැතිවරණයේදි භීෂණයද නොතකා ඔවුහු මහින්ද මහත්තයා දිනවීමට කටින් කට පණිවිඩය රැගෙන ගියහ. මහින්ද මහත්තයා වෙනුවෙන් සැවොම කද බැඳ ගෙන වැඩ කළහ.  හෙතෙම ගමේ අක්මුල් සිඳ නොගත්තෙකි. ගම වෙනුවෙන් පෙනී සිටියෙකි. ගැමි සුවඳ හඳුනන්නෙකි.  උදෑසන හෝ දිවා ආහාර ගන්නා අවස්ථාවේදී කාල්ටන් නිවසේ කෑම මේසය ඕනෑ ම කෙනෙකුට සැමදාම විවෘතය. ඕනෑ ම කෙනෙකුට උපරිමයෙන් සංග්‍රහ කිරීම ඔහුගේ ගතියකි.

එදා වැඩි ම ගැමි පිරිසක් නීතිඥ මහින්ද රාජපක්ෂයන්ට සහයෝගය පළ කළේ දම්මුල්ල, පල්ලත්තර, බෙලිගල්ල, ගැටමාන්න ඇතුළු ගම්මාන ගණනාවකිනි. ඡන්ද ව්‍යාපාරයේ නිරත වූ බොහෝ දෙනා ඇතැම් දිනයන්හි ස්නානය කළේ බෙලිඅත්ත වලස්මුල්ල පාරේ කහවත්තේ සහ තංගල්ල වීරකැටිය පාරේ කුඹුරු අසල ඇනිකට් එකේය. එවැනි විරාමයකදී ඔහු අසළ නිවසක හිතවතුන් හමුවීමට යයි. තම සගයන් කිසිවකු පිළිබඳ ඔහු සැක නොකළේය. එහෙත් වරදක් දුටු විට එය එළිපිටම කියා සිටියේය. එමෙන් ම එවැනි සිද්ධියක් අමතක කර දැමීමට ඔහු නිහතමානී විය. කලගුණ සැලකීම අතින් ඔහු පෙරමුණේ ම විය.

mahinda rajapaksa mp 2මැතිවරණ දිනය උදා විය ඒ 1989 පෙබරවාරි 15වැනිදාය. නිවසින් පිටවීමට නැකත තිබුණේ උදෑසන 6ට මොහොතකට පෙරය. එය ප්‍රබල නැකතක් බවත් ජයග්‍රහණය නියත බවත් කීවේ එය පිළියෙල කළ මහරගම ප්‍රකට දෛවඥවරයාය. නිල්, කහ, රතු, සුදු, කොළ වර්ණනයෙන් යුත් ඇඳුමෙන් විචිත්‍ර විය යුතු බව ඔහු කීවේය. නිල් වර්ණයෙන් සාගරය සහ අහස් කුසද, කහ වර්ණයෙන් සූර්යයාද, රතු වර්ණයෙන් ජනතාවද, සුදු වර්ණයෙන් සමඟිය සහ සාධාරණත්වයද කොළ පැහැයෙන් භූමියද නිරූපණය වීම එහි අර්ථය බව ඔහුගේ සටහනේ සඳහන් විය. පෙරමගට සුඛ ලකුණ ලෙස ජල වීදුරුවක් රැගෙන පැමිණියේ ශිරන්ති රාජපක්ෂයන්ය.

ජවිපෙ විසින් ඡන්දය දමන ප්‍රථම 12 දෙනා ඝාතනය කරන බවට රට පුරා දැනුම් දී තිබේ. 1989 පෙබරවාරි 13 සිට 16 දක්වා නිල නොවන ඇඳිරි නීතියක්ද දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් පනවා තිබිණි. එය රටේ වඩාත් ඉහළින් ක්‍රියාවට නැගුණේ දකුණේ හම්බන්තොටය. එම සියලු තත්ත්වයන් අබිබවමින් ජනයා පෙළ ගසන්නට මහින්ද මහත්තයා සමත් විය. අපේ නඩය උපරිම ජවය සහ ශක්තිය ලබා දුන්නෝය. හෙතෙම එම සියලු බාධක බිඳගෙන හිමිදිරියේ සිට ම තංගල්ල, විතාරන්දෙණිය, පුවක්දණ්ඩාව ගම් නියම් ගම්වල ජනතාව හමුවිය. කාර්මික විද්‍යාල, පාසල් සහ පන්සල්වලට ඡන්දදායකයින් පැමිණියේ මී මැසි පොදි මෙනි. දහවල් වන විට සෙසු ගම්මානද ඒ හා සමාන විය. ධවල භීෂණයේ මරණීය තර්ජන නොතකා ගැමි ජනයා සිය යුතුකම ඉටු කළහ.  

ජංගම දුරකථන එකල නොවීය. එහෙත් කිලෝමීටර් 35ක් අතර ක්‍රියාත්මක වන වෝකි ටෝකි යන්ත්‍ර කිහිපයක් අප සතු විය. මැතිවරණයේදී ජනතාව ඡන්ද ප්‍රකාශ කිරීමත් සමඟ අප ගියේ හම්බන්තොට දිසාපති කාර්යාලයටයි. ඡන්ද ගණන් කිරීමේ හම්බන්තොට මධ්‍යස්ථානයේ ඔහුගේ ප්‍රධාන නියෝජිතයෙකු වූයේ මාය. ජවිපෙ සහ එජාප ආණ්ඩුවේ මර්දනය සහ භීෂණය මැද පැවති මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වූයේ පසුවදා එනම් 1989 පෙබරවාරි 16වැනිදා පෙරවරු 11.30ට පමණය. මහින්ද සහ චමල් රාජපක්ෂ සොහොයුරෝ ජයග්‍රහණය කර තිබිණි. එය අසමසම ජයග්‍රහණයක් වූයේ පැවති අනේක බාධක සහ භීෂණය හේතුකොට ගෙනය.  

අපි යළි හම්බන්තොට කච්චේරියේ සිට තංගල්ලේ කාල්ටන් බලා පිටත් වූයෙමු. ගිරුවාපත්තුවේ ගම් පිබිදී තිබිණි. භීෂණය නොතකා නිවෙස්වලින් එළියට ආ ගැමියන් මහින්ද මහත්තයා දිනූ බව අසා කෑ ගසා නැටූහ. යන එන හැම තැනකින් ම ඇසුණේ ජයවේවා හඬ පමණි. ජයග්‍රාහී සතුට සමරන්නට මැදමූලනට සහ කාල්ටන් වෙත සෙනඟ ගලා ආහ. මහින්ද මහත්තයා ඒ ගිරිවාපත්තුවේ අහිංසක ගැමියන් සහ එක් ව සතුට බෙදාහදා ගත්තේය. නව ජවයකින් පියවර දස දහසක් පෙරට යන්නට එම සවිය ප්‍රමාණවත්ය. අපේ නඩය ජයග්‍රහණයේ ප්‍රීතිය භුක්ති වින්දෙමු. මේ සියලු කරුණු කාරණා ඉතිහාසයට එක් වී අදට හරියට ම 26කට ආසන්නය.

අනුවේ දශකයේ මුල් භාගයේ ම එජාප යකාගේ විමානේට අභියෝග කිරීමට ඔහු සමත් විය. ශ්‍රීලනිපයට 1994දී යළි රජයක් පිහිටුවීමට හැකි වූයේ අධිනීතිඥ මහින්ද රාජපක්ෂයන්ගේ ජව සම්පන්න බලයට පින් සිදුවන්නටය. පාද යාත්‍රා, ජන ඝෝෂා ආදී පෙරළිකාරී මගකට ඔහු යොමු විය. වසර 1994 සිට අද දක්වා සෙසු කරුණු කාරණා ගැන මෙනෙහි කළ යුතු නැත. මන්ද මෑත ඉතිහාසය ගැන බොහෝ දෙනා හොඳාකාරව දන්නා බැවිනි. මාළුවාට පිහිනන්නට ඉගැන්විය යුතු නැත. සියලු ව්‍යසන ගැඹුරු පත්ලේ සඟවාගෙන රැලි නඟන මුහුද සේ ඔහු ද අයෝමය ශක්තියකින් හෙබිය.

dharman wickramaratnaධර්මන්

වික්‍රමරත්න

Divi Neguma strengthens the home

දිවි නැගුම නිසා කාන්තාවන්ට තම පවුල රකිමින් ගෘහයට ශක්තියක් වීමට හැකි වුණා

 ඔක්තෝබර් 17, 2014

දිවි නැගුම නිසා කාන්තාවන්ට තම පවුල රකිමින් ගෘහයට ශක්තියක් වීමට හැකි වුණා

ගෘහනියන්ට තම නිවස තුළ සිටිමින් ම ගෘහ ආර්ථිකයට ශක්තියක් ලබා දීමට දිවි නැගුම ජාතික වැඩසටහන යටතේ අවස්ථාව හිමි ව ඇති බවත්, ඒ නිසා මව පවුලේ ආර්ථිකය ගොඩනැගීම සඳහා විදෙස් රැකියාවකට හෝ වෙනත් රැකියාවකට යාම හේතුවෙන් දරුවන්ට හා පවුලට සිදුවන හානිය සිදු නො වී සාර්ථක පවුලක් ගොඩනැගීමට හැකිවන බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
 
අමාත්‍යවරයා සඳහන් කළේ, රටේ දියුණුවත් සමඟ නිවසේ පහසුකම් ද දියුණු වී ඇති බවත්, එම පහසුකම් හේතුවෙන් ගෘහණියට ඉතිරිවන කාලය හා ශ්‍රමය මෙලෙස දිවි නැගුම වැඩසටහන හරහා පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමට යෙදවිය හැකි බවත්ය.
 
පස්යාල මහිම ඇන්තූරියම් අලෙවිසැල සහ සේවා ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් පසුගියදා අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.
 
ව්‍යාපාරයක් ලෙස ඇන්තූරියම් වගාව සිදුකරන අය සඳහා අවශ්‍ය පැළ හා සේවා සැපයීම වෙනුවෙන් මෙය ආරම්භ කර ඇති අතර දැනට ස්වයං රැකියාවක් වශයෙන් ඇන්තූරියම් මල් වගාව සිදුකරන අයට අවශ්‍ය සේවා සැපයීම ද කරගෙන යනු ලබයි.
 
මෙහිදි අදහස් දැක්වු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ අතීතයේ  ගෘහණිය නිවසට අවශ්‍ය දර සෙවීම, වතුර ගෙන ඒම, වැනි කටයුතු මෙන් ම ගොවිතැනේදී ගොයම් කැපීම, වල් නෙළීම වැනි කටයුතු ද සිදුකරමින් තම පවුල ගොඩ නැගීමට කටයුතු කළ බවයි. නමුත් අද නිවසට ජලය, විදුලිය, ගෑස්, වැනි දෑ පැමිණ, වැඩ පහසුකර ඇති සේ ම කුඹුරට සුනාමි භූතයා වැනි යන්ත්‍ර පැමිණ ගොවිතැන පහසුකර ඇති බවත් පෙන්වා දුන් 
අමාත්‍යවරයා මේ හේතුවෙන් යම් වියදමක් ද එකතු වී ඇති බව පෙන්වා දුන්නේය. 
 
නමුත් මෙම යන්ත්‍ර ඇතුළු දෑ භාවිත කිරීමෙන් ඉතිරිවන කාලය හා ශ්‍රමය ස්වයං රැකියාවක් සඳහා යොදවා පවුලේ ආර්ථිකය ගොඩනැගිය හැකි බව අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නේය.
 
ස්වයං රැකියා‍වක් කිරීමේදී ද මුලින් අපහසුකම් ඇති වුවත් ඒවාට සාර්ථක ව මුහුණ දෙමින් ඉදිරියට යාමට ක‍ටයුතු කළ යුතු බවත්, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද පැමිණි සියලු අභියෝග ජයගනිමින් රටට සාමය උදාකිරීමට පියවර ගත් බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. 
 
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන, දිවි නැගුම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජයතිලක හේරත් මහත්වරු, මහිම ඇන්තූරියම් ආයතනයේ අධ්‍යක්ෂිකා ශාමිකා ගුණවර්ධන මහත්මීය ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.
 
10690027 10152687702921311 6398915727556791980 n
 
 
10414485 10152687703136311 2839865010747394155 n
 
10696237 10152687703481311 8314853391733312372 n