Four years of misrule

MEDIA RELEASE

Four years of misrule and the fate of future generations in this country

Sri Lanka faces three major dangers as we complete four years since the change of government on 9 January 2015. The first among them is the danger of the economy collapsing at any moment. In the past four years, the UNP led government has borrowed the equivalent of 50% of the total national debt that was outstanding as at the end of December 2014 from the loans taken in the six decades after gaining independence in February 1948. Even though the UNP claims to be taking loans to repay the loans taken by my government, if debt was being incurred only to pay off previous debts, the total outstanding debt in the country cannot increase. What has happened however is that while the total outstanding debt as at the end of 2014 has remained as it is, a sum equivalent to more than 50% of that total has been added on to the national debt in the past four years.

When we ruled the country between 2006 and 2014, there was a major war in the country in the first few years. We had to face a world food crisis in the middle of that in 2007. Between 2008 and 2009 came the worst global recession since the 1930s. Between 2006 and 2014, crude oil prices went up continuously in an unprecedented manner touching 140 USD per barrel. Despite all those challenges, in the entire nine years between 2006 and 2014, the Rupee depreciated by only Rs. 28 to the US Dollar. However over the past four years, without any of the crises that we had to face, the Rupee has depreciated by Rs. 53 to the US Dollar. The average growth rate of 7.4% that we maintained has plummetted to below 3%. Even though the President realised the danger of what was happening and tried to hold a general election and hand the running of the country back to us, that did not succeed. We are now in a situation where no one knows what will happen to the economy in the comming weeks and months.

The next danger we face is that of the entire governmental mechanism breaking down due to the 19th Amendment. Under the provisions of the 19th Amendment, Parliament cannot be dissolved under any circumstances, even in the event of a government repeatedly losing votes on the budget, the statement of government policy or no confidence motions. A parliament is a gathering of individuals and organisations with their own views, needs and ambitions. Over the centuries, the parliamentary system evolved certain mechanisms to retain these individuals and organisations within a framework that will enable a government to function in the country. If differences emerge with a parliamentary ruling party to the extent that it disrupts governance, the power to call a general election and allow the people to elect a new government was one of the corner stones of the parliamentary system. Since it is now no longer possible to go before the people when necessary, the capacity of the governing party to retain its MPs and colation partners within a certain framework has been seriously impaired.

The parliamentary dissolutions that took place in this country in 1952, 1959, 1964 and 2001 were due to turbulence within the ruling parties and coalitions of the time. Before long, it will become clear to everyone how inimical it is to a country to block the ability to call a general election when necessary. The main criticism made against the 1978 Constitution from the very beginning was that in the event where the parliamentary majority goes to a political party other than the party of the President, the system could face a situation of gridlock. The precedent that was created in this regard after the general elections of 1994 and 2001 was that in the event where the President calls a general election which is won by a different political party, the President would submit to the people’s mandate, take a step back and hand over the running of the country completely to the Prime Minister and the Cabinet appointed from within Parliament. That however, is no longer possible today.

Even though the President is now prohibited from calling a general election to seek the people’s mandate, the 19th Amendment itself has placed the responsibility of forming governments with the MPs in Parliament and taking the country forward entirely on the same President. The President continues to be the head of government and the head of the Cabinet. The President will also be responsible for everything done by such a government. The President now cannot call elections to test public opinion and take a back seat if the people’s mandate goes against him. After the 2018 local government election, the whole country knows that the UNP does not have the people’s mandate and that they have been avoiding holding elections for that very reason. In such circumstances, it will be impossible for the President to hand over the running of the country to the UNP and take a back seat. Because of the irrational provisions of the 19th Amendment, there is a clear danger of a breakdown in the governmental mechanism of the country.

The third danger facing the country is the proposed new draft constitution which is to be presented to the Constitutional Assembly. Through this draft constitution, the government seeks to divide the country into nine semi-independent federal units. The powers wielded by the central government today, are to be devolved to the provinces. Each province is to have a separate police force. Provisions have been introduced to weaken the central Parliament and the legal framework in such a manner as to make it impossible for the central government to respond adequately to an emergency in order to safeguard the peace and integrity of the country. This draft constitution has been prepared by the same persons who drafted the completely confused 19th Amendment.

The same parties that drafted this proposed new constitution introduced a new elections system for the local government bodies and provincial councils in 2017. Today, the every people who enthusiastically voted for that new elections system say that no election in the future should be held according to that new system. If the new constitution drafted by the same people is passed, Sri Lanka as we know it, will cease to exist. We now hear that attempts are being made to buy MPs to get this new constitution passed. Thus, Sri Lanka now is confronted with three deadly dangers. In these circumstances, I wish to draw the attention of the people to the fact that the only political force capable of preventing these dangers from becoming a reality is the opposition alliance that I lead, which has an established track record of having overcome even challenges deemed impossible, in the service of this country.

Mahinda Rajapaksa
Leader of the Opposition – 9 January 2019

English 9 January 2019

Mahinda Rajapaksa is accepted as the leader of the Opposition

මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක ලෙස පිළිගන්නවා -නි. කථානායක මැතිසබයට දන්වයි

අජිත් අලහකෝන්,  කුෂාන් සුබසිංහ

විපක්‍ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පිළිගැනීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇතැයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෝල්ටාවේ පවත්වන කථානායකවරුන්ගේ සමු`ථවට සහභාගීවීම සඳහා කරු ජයසූරිය මහතා පිටව ගොස් ඇති නිසා කථානායකවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ඉහත නිවේදනය සභාවට දැනුම් දෙමින් නියෝජ්‍ය කථානායකවරයා ඒ බව කීය.

මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය දරණ බවට එම සන්ධානයේ ලේකම්වරයා විසින් ලිපියක් එවා ඇතැයිද ඒ අනූව විපක්‍ෂ නායකවරයා ලෙස රාජපක්‍ෂ මහතා පිළිගන්නා බවද කථානායකවරයා තීරණය කර ඇත.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

2018 දෙසැම්බර් මස 18 වෙනි දින කථානායකතුමා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ විරුද්ධ පාර්ශ්වයේ අසුන් ගෙන සිටින පිළිගත් දේශපාලන පක්ෂ අතරින් වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවක් සිටින පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයා විරුද්ධ පක්ෂයේ නායකයා වශයෙන් පිළිගැනීම චිරාගත පාර්ලිමේන්තු සම්ප්‍රදාය වන බවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන සිටින වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස පිළිගන්නා ලදී.

එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විසින් 2018.12.18 දාතමින් යුත් ලිපිය මගින් තම සන්ධානය මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරය සඳහා යෝජනා කිරීමට තීරණය කළ බවටද කථානායකතුමා වෙත දැනුම් දී ඇත.

කථානායකතුමාගේ ඉහත කී නිවේදනයෙන් අනතුරුව සහ 2018 දෙසැම්බර් මස 19 වෙනි බදාදා ඉලංගෙයි තමිල් අරසු කච්චිහි නායක ආර්. සම්බන්ධන් මහතා විසින් පාර්ලිමේන්තුව තුළ කරනු ලැබූ විශේෂ ප්‍රකාශයෙන් පසුව පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් සභා ගර්භය තුළදී පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකයා පිළිගැනීම සම්බන්ධයෙන් මතු කරන ලද විවිධ කරුණු සම්බන්ධයෙන් කථානායකතුමාගේ තීරණය මෙම සභාවට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

සභාව තුළ මතු කරන ලද කරුණුවල සාරාංශගත හරය වූයේ යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඔහු එසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අවස්ථාවේදී ඔහුගේ නම ඇතුළත් වූයේ පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා පත්‍රයේද, ඒ දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටීම, ඉල්ලා අස්වීමෙන් හෝ පහ කිරීමෙන් හෝ අන් හේතුවක් නිසා නතර වූ අවස්ථාවක ඔහු එසේ සාමාජිකයෙකුව සිටීම නතර වූ දින සිට එක් මාසයක කාලසීමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස් වන්නේය යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(13) ව්‍යවස්ථාවේ (අ) අනු ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනයන් පදනම් කර ගෙනය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විසින් 2018.12.19 දින දරණ ලිපිය මගින් කථානායකතුමාට දන්වා ඇත්තේ මැතිවරණයෙන් පසු මැතිවරණ කොමසාරිස්ගේ ගැසට් නිවේදනය අනුව තේරී පත්වූ සියලුම මන්ත්‍රීවරුන් (අධිකරණ නියෝග මත ඉවත්වූ මන්ත්‍රීතුමිය හැර) සියලු දෙනාම තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවයි.

මෙම කරුණ පිළිබඳව ගරු කථානායකතුමා විසින් ගැඹුරෙන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, තීරණය කර ඇත්තේ යම් මන්ත්‍රීවරයෙකුගේ අසුන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධානයන්ට අනුකූලව නීතිය ක්‍රීයාත්මක වීම මගින් අහිමිවීම පිළිබඳව හෝ යම් මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහිමිවීම, ඉල්ලා අස්වීම පිළිබඳ වන සිද්ධිමය කාරණා හෝ තීරණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල සඳහන් විධිවිධානවලට අනුකුලව කථානායකතුමාගේ බලසීමාවට අදාළ කාරණයක් නොවන බවයි. එසේම, කථානායකතුමා අවධාරණය කර සිටින්නේ ඉහත කී කාරණා පිළිබඳව නිශ්චය කිරීමට බලය අධිකරණය සතු කාර්යභාරයක් වන බවයි.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම කරුණු සොයා බැලීම සඳහා වන විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස යෝජනාවක් භාර දී ඇත.

එම කරුණ පිළිබඳවද කථානායකතුමා විසින් සලකා බලනු ලදුව, පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර මන්ත්‍රී් කණ්ඩායමක් විසින් එහි සුළුතරයක් නියෝජනය කරන කණ්ඩායමක, අභ්‍යන්තර කටයුතු පරීක්ෂා කර බැලීම සඳහා වන යෝජනාවක් පිළිගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට එකඟ නොවන සහ පටහැනි වන බවටද දැනුම් දී ඇත.

Saman Ekanayake

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගම සමග පිලිසදරක් “වැඩසටහනේ සමාරම්භක උළෙලේ දී ….. සමන් ඒකනායක කවියා ….

Ministerial jar for a jar ..!

2018 වර්ෂය අවසාන භාගයේ රටම කතාවුන මාතෘකාවක් වුනේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු. ව්‍යවස්ථාව ආරක්ෂා කරමු වගේ දේවල්. මහා හයියෙන් ඒ දේවල් කියපු අය අද ප්‍රජාතන්ත්‍රවදාය ආරක්ෂා කරලාද නැද්ද කියන ප්‍රශ්නය රට ඉදීරියේ තියෙනවා. ප්‍රජාතන්ත්‍රවදයේ හිරු දෙවියෝ රනිල් වික්‍රමසිංහ සදූ දෙවියෝ අනුර කුමාර” තරු දෙවියෝ සුමන්රදීන්. මේ දෙවිවරු කලේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් රනිල් වික්‍රමසිංහ නැවත බලයට පත්කිරීමයි. පක්ෂය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියලා බලාපොරොත්තු දූන්නා. බලාපොරොත්තු කඩවෙලා හිටපු එජාපයේ කට්ටිය හිතුවා රනිල් වික්‍රමසිංහ කියන්නේ දැන් අලූත් නායකයෙක් කියලා. ඒ වුනාට දැන් බලද්දී පරණ රනිල්ම තමයි. පාක්ෂීකයාටවත් තමන්ගේ මිනිස්සුන්ටවත් කන්නො රනිල් වික්‍රමසිංහ එයාගේ ගමන යනවා. අනුර කුමාරගෙන් අහන්න තියෙන්නේ ඔබට දැන් සතුටුයිද කියලා තමයි.
කිරිපිටි පැකට්ටුවක් රුපියල් 135කින් වැඩි කරන්න ඉල්ලීම් ඇවිත්. මිල වැඩි නොකලොත් කිරිපිටි ගෙන්වීම නතර කරන්න වෙනවාලූ. කිරිපිටි කිලෝවකට රුපියල් 170ක් බදූ ගෙවනවාලූ. කිරි දරුවන්ට දෙන කිරි ටිකෙන් බදූ ගහන ආණ්ඩුවක්. නමුත් කතා කලේ සක්‍ර දේවියන් වඩම්මලා ෂක්‍ර දෙවියන්ට කරන්න බැරිදේත් කරනවා වගෙයි. ගෑස් සිලින්ඩරයකට රුපියල් 378ක් වැඩි කරන්න ගෑස් සමාගම් ඉල්ලා තිබෙනවා. මේ විදීයට 2019 කියන්නේ ජිවත් වෙන්න හැකියාවක් තියෙන වසරක් වෙයිද? මේ දවස්වල ඇමැති පොරයක් ඇති වෙලා. ඉස්සර අපි ආණඩුව කරද්දී ආණඩුව විවේචනය කරන්නේ විපක්ෂය. දැන් ආණ්ඩුවට බනින්නේ ආණඩුවමයි. හිටපු මුදල් ඇමැති” වත්මන් විදුලි බල ඇමැති කියනවා කිසිම හැකියාවක් නැති අය පක්ෂයට ඇවිත් අපිව පක්ෂයෙන් එළවන්න හදනවාලූ. කේවට්ටයෙක් පක්ෂයේ ඉන්නවාලූ. මේ කේවට්ටයා මලික් සමරවික්‍රමයි. මේ ආණඩුවේ ඉන්න අය එකිනෙකාට බැන ගන්නවා. කම්බ හොරු කියනවා. පහුගිය මහින්ද රාජපක්ෂ අගමැති සමයේ ජාතික ආණඩුවක් නෙවෙයි තිබුනේ. ජාතික ආණඩුවක් නම් විතරයි ඇමැතිවරු තිහකට වැඩිවෙන්නේ. ඒ දවස්වල කිසිම කෙනෙක් ඇමැති තනතුරු වලට පොරකෑවේ නැහැ. අපි කිව්වේ අපිට ඇමැතිකම් එපා කියලයි. ආදර්ශය අපි පෙන්නුවා. අනුර කුමාර දීසානායකට මේ ආණඩුවේ දේවල් පේන්නේ නැහැ. ෆොන්සේක තෙවරප්පෙරුම රණ්ඩුවක් තියෙනවා. ඒ කතා ඇතුලේ මේ රටේ අතුරුදහන් වුනු අය මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් ගැන කියැවෙනවා. ඒ ගැනයි හොයලා බලන්න ඕනේ. ඇයි නිහඩ. දැන් ඇත්ත එළියට එනවා. ජවිපේ කට්ටිය දැන් ආයෙත් විද්වත් සභාවක් පටන් අරන්. සරත් ෆොන්සේකා හොදයි කියලා ජනාධිපති ඇදූම ඇන්දූවේ ජවිපෙයි. ජවිපේ තීන්දූ ගැන රටේ මිනිස්සුන්ට දැන් හොදට තේරෙනවා. රට අස්ථාවර තීන්දූ ගන්නේ ජවිපෙයි.

-පාර්ලිමේන්තු මන්තී්‍ර රෝහිත අබේගුණවර්ධන

 

We work all over the country

මං පොහොට්ටු සාමාජිකයෙක්.. ශ‍්‍රීලනිපය අතහැරියා.. ජනාධිපති අපේක්‍ෂක ගෝටාභයද..- බැසිල් හෙලි කරයි..
තමන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය තමන් 2015 ජනවාරි මාසයේදී අත්හැරි බවත් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට දේශපාලන පක්ෂ 29ක් සාකච්ඡා කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

වසර තුනකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කළේ ජනතාවගේ අවශ්‍යතාව මත බව පෙන්වා දුන් ඇමැතිවරයා එසේ බිහි වූ ලාබාලතම පක්ෂය අද වන විට මේ රටේ අංක එකේ පක්ෂය වී ඇති බවත් පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිවයින පුරා පැවැත්වීමට නියමිත ගම සමඟ පිළිසඳරක් සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණයට මිනුවන්ගොඩ දී 05 වැනි දා එක්වෙමිනි.

වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව සංවිධාන කෙරෙන ගම සමඟ පිළිසඳරක් සමාරම්භක සම්මන්ත්‍රණය මිනුවන්ගොඩ දී සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා විසිනි.

එහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මේ උදා වෙලා තියෙන්නේ නව වසරක්. මේ නව වසර මැතිවරණ වර්ෂයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මොකද මේ අවුරුද්ද තුළ ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් වගේම පළාත් සභා මැතිවරණයත් අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි. ඒ නිසා මේක තීරණාත්මක වර්ෂයක් ලෙසත් හඳුන්වන්න පුළුවවන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ මේ රටේ ජනතාවගේ අවශ්‍යතාව මතයි. 2015 ජනාධිපතිවරණයෙන් පසුව ජනතාවට රටේ තිබෙන ප්‍රධාන පක්ෂ දෙකම එපා වෙලා තිබුණු වෙලාවක තමයි පොදුජන පෙරමුණ බිහිවුණේ. පොහොට්ටුව ලකුණෙන් රට හමුවට ආ පොදුජන පෙරමුණ ආරම්භයේ සිටම ජයග්‍රාහී ගමනක නියැළුණා.

ඒකට හොඳම උදාහරණය තමයි 2018 පළාත් පාලන මැතිවරණය. ඒ මැතිවරණයේ දී අපේ මේ ලාබාල පක්ෂය දැවැන්ත පක්ෂ සියල්ල පරදවමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. ඒ ජයග්‍රහණය නිසා තමයි රටේ ගමන් මඟ වෙනස් වුණේ කියන එක අපි පැහැදිලිව කියන්න ඒනේ.

මේ වන විට පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට දේශපාලන පක්ෂ 29ක් සාකච්ඡා කර තිබෙනවා. ඒ සාකච්ඡා සියල්ල බොහෝ දුරට දැන් අවසන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම තවත් පක්ෂ ගණනාවක් දැන් අපේ මාවතට පිවිස තිබෙනවා. ඒක සන්තෝෂයට කාරණයක්.

අද වන විට රට තුළ ක්‍රියාකාරීම පක්ෂය බවට පත්ව ඇත්තේ පොදුජන පෙරමුණයි. ගම් මට්ටමින් ශාඛා සමිති හදලා ක්‍රියාකාරී සාමාජිකත්වයක් ඇති එකම පක්ෂ අපේ පොදුජන පෙරමුණ කියන එක අපි ආඩම්බරයෙන් කියනවා. ඒ නිසා මීළඟ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීම අපට ගැටලුවක් නෙමෙයි.

සමහරු අහනවා අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. ඒක තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින්. ඒක අපි ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. අපේ අරමුණ ජයග්‍රහණය නම් අපේක්ෂකයා කවුද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මහින්ද මහත්තයා තෝරලා දෙන ඕනෙම අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරවන්න අපි සූදානම්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා

මට මතකයි අපි බැසිල් මහත්තයා එක්ක එකතු වෙලා පොහොට්ටුව පක්ෂයක් විදියට හදාගෙන යන විට සමහරුන් අපට හිනා වුණ හැටි. සමහරු කිව්වා ඕක කවදාවත් පිපෙන්නේ නැති පොහොට්ටුවක් කියලා. සමහරු කිව්වා වැඩි කලක් යන්න ඉස්සර පොහොට්ටුව නට්ටං වෙනවයි කියලා. ගොඩක් අය අපි දිහා බැලුවේ පිස්සෝ රැලක් දිහා බලන විදියටයි.

හැබැයි දැන් හැමෝටම පොහොට්ටුවේ අගය තේරිලා තියෙනවා. පොහොට්ටුව තමයි මේ රටේ ලොකුම පක්ෂය බවට දැන් පත්වෙලා තියෙන්නේ. අපිට ලක්ෂ 50 ඉක්ම වූ දැවැන්ත ජනබලයක් තියෙනවා. ඒ බව පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී රටටම ඔප්පු කරලා පෙන්වන්න අපට හැකිවුණා.

2019 කියන්නේ අපට තවත් ජයග්‍රාහී වසරක්. මම එහෙම කියන්නේ 2019 වසරේ පැවැත්වෙන්නට නියමිත මැතිවරණ දිහා බලලයි. ඒ සෑම මැතිවරණයක්ම ජයග්‍රහණය කරන්න අපිට හැකියාවක් තිබෙනවා. ඒ නිසා තමයි හැමෝම දැන් පොහොට්ටුව වටේ පෙළගැහෙන්න පටන් අරගෙන තිබෙන්නේ.

හැමෝටම ඕනේ වෙලා තියෙන්නේ පොහොට්ටුව සමඟ සන්ධාන ගත වීමටයි. අපේ පැත්තට එන ඕනෙම කෙනෙක් පිළිගන්න අපි සූදානම් වුණත් කිසිම අවස්ථාවක පොහොට්ටුව පර වෙන්න ඉඩ තියන්නේ නැහැ කියන ප්‍රතිඥාව මම තමුන්නාන්සේලාට දෙනවා. කාටවත් පොහොට්ටුව විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

ඒ නිසා මොන සන්ධාන හැදුවත් අපේ ලකුණ විය යුත්තේ පොහොට්ටුවයි. පොහොට්ටුව තමයි අපේ ජය ලකුණ. අපිට මෙතරම් ජයග්‍රහණ ලැබුණේ ඒ ලකුණ නිසයි. ඒ නිසා කිසිම අවස්ථාවක අපි අපේ ජය ලකුණ අතහරින්න සූදානම් නැහැ. විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන්න නම් අපට පොහොට්ටු ලකුණ අනිවාර්යෙන්ම ඕනේ කියන එකත් අපි බැසිල් මැතිතුමාට මතක් කරන්න කැමැතියි.

 

You must divide power as far as possible

බැසිල් රාජපක්‍ෂ – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හදිසි ජනා ධිපති වරණය ක් කැඳෙව්වොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහායෝගය දෙනවාද?
අපි එහෙම තීන්දුවක් අරගෙන නැහැ. මම හිතන්නේ මේ වෙලාවේ ජනාධිපතිවරණයකට යෑම ඒ තරම් සුදුසු නැහැ. දැන් සමහරු කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත්ත තීරණය වැරදියි කියලා. මම ඒ තීරණයේ හරි වැරැද්ද ගැන අදහසක් කියන්නේ නැහැ. එහෙත්, එහෙම සාකච්ඡාවක් තියෙන වෙලාවක හදිසි ජනාධිපතිවරණයක් කැඳවීම අවාසියක් වේවි. අනෙක ජනතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඡන්දය ලබාදුන්නේ වසර හයක් සඳහා. ජනාධිපතිවරයා වසර පහකට ඒ කාලය සීමා කරගත්තා. ඊටත් ඉහා ගිහින් තවත් කාලය සීමා කරගැනීම සුදුසුයි කියලා මම හිතන්නේ නැහැ. කෙසේ වෙතත් 2019 අග ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි.

පොදුජන පෙරමුණට 2019 අවුරුද්දේ තියෙන සැලසුම් මොනවාද?
ජනාධිපතිවරණයට අපේ රට සූදානම් කිරීම තමයි මූලිකම වැඬේ. ඒ අතරේ ඇල්පිටිය පළාත් පාලන ආයතනයේ මැතිවරණය පැවැත්විය යුතුයි. ඊට අමතරව පළාත් සභා තුනක මැතිවරණ දැනටමත් අවුරුද්දයි මාස දෙකක් තිස්සේ කල් දාලා තියෙනවා. මේ වර්ෂය අවසාන වෙද්දී පළාත් සභා නවයේම මැතිවරණ පැවැත්විය යුතුමයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉහළින් කතාකරන එජාපයටත්, වැඩි වැඩියෙන් බලය බෙදන්නැයි ඉල්ලන දෙමළ ජාතික සන්ධානයටත් පළාත් සභා කල් දාන්න බැහැ. ඒ නිසා මැතිවරණ රැසකට මේ වර්ෂයේදී මුහුණදෙන්නට සිදුවේවි. ඉදිරි කාලය තුළ මේ රටේ ජනතාවගේ මතය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් තියෙනවා. ලංකාවේ වැඩිම මහජන නියෝජිතයන් පිරිසක් ඉන්න දේශපාලන පක්ෂය විදියට අපි රටේ ප්‍රධාන ප්‍රශ්න කිහිපයකට අවධානය යොමුකරලා තියෙනවා. ඒ ප්‍රශ්නවලට විසඳුමක් ලබාදෙන වැඩපිළිවෙළක් එක්ක එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වැඩපිළිවෙළ සකස් කිරීම තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ.
ලංකාවේ දේශපාලනයට අලු‍ත්ම දැක්මක් අවශ්‍යයි. නීතියේ ආධිපත්‍යය අද නැහැ. දූෂණය ඉහවහා ගිහින් තියෙන්නේ. මම මේ කියන්නේ යහපාලන ආණ්ඩුව නිසා මේක වුණා වගේ පටු කතාවක් නෙවෙයි. ඒක ලංකාවේ කාලාන්තරයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක්. ඒ වගේම ලංකාවේ කාන්තා හිංසනය ඉහළ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ ගෙවල් ඇතුළේ තියෙන අඬදබර ගැන නෙවෙයි. කාන්තාවකට පාරේ යන්න බැරි රටක් බවට ලංකාව පත්වෙලා. මම සංචාරක අමාත්‍යාංශයේ හිටපු කාලයේත් ඒ තත්වය දැක්කා. ලංකාව ඉතාම අශීලාචාර පිරිසක් ඉන්න රටක් ලෙස හඳුන්වන තැනකට පත්වෙලා. මත්ද්‍රව්‍ය පාවිච්චිය වැඩිවෙලා. අද අපට වසවිස නැතිව ආහාර වේලක් ගන්න බැරි තත්වයට පත්වෙලා. කන ආහාර ටික ගැන විශ්වාස කරන්න බැහැ. ළිඳකින් වතුර බොන්න බැරි තරම් ජලය දූෂණය වෙලා. ඒ මැද්දේ ලංකාව නිෂ්පාදනය පැත්තෙන් දුර්වල රටක් වෙලා තියෙනවා. බොහෝ ක්ෂේත්‍රවල නිෂ්පාදනයන් තිබුණු රටක් අද හැමදේම පිටරටින් ගෙන්වන තැනට පත්වෙලා. අලු‍ත් අදහස්, අලු‍ත් මුහුණු හා අලු‍ත් වැඩපිළිවෙළක් තියෙන රජයක් බිහිකරන්න මේ වර්ෂයේදී අපි උත්සාහ කරන්න ඕනෑ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ මහින්ද රාජපක්ෂ අතර තියෙන සම්බන්ධය මොකක්ද?
පැහැදිලිවම අතිසමීප සම්බන්ධයක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හා පොදුජන පෙරමුණ අතර සම්බන්ධය ඈත් කරන්න බැහැ. ආරම්භයේ පටන්ම එතුමා තමයි පක්ෂයේ පරමාදර්ශී නායකයා. එතුමාගේ නායකත්වයෙන් තමයි සියලු‍ දේ කළේ. එතුමාගේ දැක්ම තමයි අපේ පක්ෂයේ දැක්ම. ළඟදී සාමාජිකත්වය සම්බන්ධයෙන් ඇතිවුණ ප්‍රශ්නය දේශපාලනික වශයෙන් අපේ පක්ෂයට වැදගත්කමක් නැහැ. එතුමාගේ සාමාජිකත්වය තියෙනවාද නැද්ද කියන එක සලකන්නේ නැහැ. එතුමා වෙනුවෙන් තමයි මේ පක්ෂය බිහි කළේ. එතුමාගේ අනුගාමිකයින් තමයි මේ පක්ෂයේ ඉන්න සියලුදෙනාම. සාමාජිකත්වය සම්බන්ධව දැන් අර්බුදයක් තියෙන්නේ ව්‍යවස්ථාමය පසුබිම නිසායි. එහෙත් පහුගිය කාලයේ අපේ පක්ෂයේ සියලු කටයුතුවලට සම්බන්ධ වුණ මහජන නියෝජිතයන් බොහෝ දෙනෙක් නිල වශයෙන් පක්ෂයේ සාමාජිකත්වය අරගෙන තිබුණේ නැහැ. නීතිමය රාමු ඇතුළේ ඉඳන් දේශපාලනය ගැන බලන්න බැහැ. එජාපයේත් නිල සාමාජිකත්වය නොගෙන පක්ෂයේ නායක මට්ටමේ ඉන්න පුද්ගලයො ඉන්නවානේ. ඒ නිසා මම මොහොතකටවත් ඒ ගැන කතාකරන්න කැමති නැහැ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණට එක්වේවිද?
අනිවාර්යයෙන්ම එහෙම වේවි. මේ පක්ෂය බිහිවෙද්දී ඔක්කෝම හිටියේ ආණ්ඩුවේ. නිල වශයෙන් එජාපය හා ශ්‍රීලනිපය හිටියා. නොනිල විදියට ජවිපෙ හා දෙමළ ජාතික සන්ධානයත් ඒ පැත්තේ හිටියා. විරුද්ධ පක්ෂයක් තිබුණේ නැහැ. අපි කියන්නේ, දේශපාලන මඩ ගොහොරුවක තමයි නෙළුම් පොහොට්ටුව පිපුණේ. අපේ අඩුපාඩු නැතිවම නෙවෙයි. අපි කියන්නේ නැහැ අපි හැම අතින්ම විශිෂ්ටයි කියලා. අපි අනිවාර්යයෙන්ම සිවිල් සමාජය ශක්තිමත් කිරීම, නීතියේ ආධිපත්‍යය ඇතිකිරීම, ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ගැන වැඩිපුර හිතන්න ඕනෑ. ජාතීන්, ආගම්, කුල භේදවලින් මිදිලා වැඩ කරන්න බලාපොරොත්තු වෙන්න ඕනෑ. අනෙක් හැම කොටසක්ම එකතු කරගන්න ඕනෑ. මොනවා වුණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි ප්‍රධාන දේශපාලන බලවේගය වෙන්න ඕනෑ.
තවත් කාරණයක් තියෙනවා. අපි ආණ්ඩුවක් ගන්නවා නම් පැහැදිලි ජනවරමක් අවශ්‍යයි. එහෙන් මෙහෙන් කට්ටිය එකතු කරන්න බැහැ. කොන්දේසිවලට යටවෙලා ආණ්ඩු කරන්න බැහැ. අපට හරි බලයක් ඇතිව ආණ්ඩුවක් ගන්න ඕනැ. හරියට වැඩ කරන්න බැරි නම් ආණ්ඩුවක් අරගෙන වැඩක් නැහැ.

ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර තියෙන සම්බන්ධය මොකක්ද?
ශ්‍රීලනිපය අපේ පක්ෂයට ආසන්නම පක්ෂයක් විදියට සලකන්න පුළුවන්. ශ්‍රීලනිප බීජයෙන් තමයි අපි හටගත්තේ. ඒ නිසා ඒ පක්ෂයත් එක්ක වැඩි සමීපභාවයක් තියෙනවා. ඒ නිසා ශ්‍රීලනිපය සමඟ අපි සන්ධානගත වීමේ ඉඩක් තියෙනවා.

පොදුජන පෙරමුණ බිහිවූ වෙලාවේ ශ්‍රීලනිපය හිටියේ එජාපය එක්ක යහපාලන ආණ්ඩුවේ. එතකොට ඔබලාගේ දේශපා ලන බලවේගයට දේශපාලන පක්ෂයක් අවශ්‍ය බව හිතන්න පුළුව න්. එහෙත් දැන් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වෙලා. රාජපක්ෂවරු සමඟ එක්වෙන්න මෛත්‍රීපාල සිරිසේන ජන පති වරයා කැමති වෙලා. ඉතින්, පොදුජන පෙරමුණකට දැන් අවශ්‍යතාවක් තියෙනවාද?
ශ්‍රීලනිපය යුගයේ අවශ්‍යතාවට අනුව වෙනස් වෙලා නැහැ. මම ඉහතින් පෙන්වපු නවීන තත්වයන්ට ශ්‍රීලනිපය සූදානම් වෙලා නැහැ. ඒ නිසා අපේ පක්ෂය යුගයේ අවශ්‍යතාවක් වෙලා තියෙනවා. කෙනෙක්ට කියන්න පුළුවන් අද ශ්‍රීලනිපය අවශ්‍යද කියලා. මම හිතන්නේ ශ්‍රීලනිපයටත් ඓතිහාසික කාර්යභාරයක් තියෙනවා. ඒ නිසා ඒ පක්ෂය තියෙන්න ඕනෑ. ඒත් අවශ්‍ය ප්‍රමාණයට තමන්ගේ කාර්යභාරය කරන එක ඒ නායකයන්ගේ වගකීමක්. ඒ ගැන මම කතාකරන්නේ නැහැ.

ඔබ ඉහතින් පෙන්වූ නවීන අදහස් ගැන පොදුජන පෙරමුණේ සාමාජිකත්වය තියෙන බොහෝ දෙනෙක් සංවේදී නැති බවයි අපට පෙනෙන්නේ. පොදුජන පෙරමුණේ අද ඉන්නේ එජනිසය සමඟ සිටි කණ්ඩායම. ඔවුන්ගේ පරණ අදහස් වෙනස් වී ඇති බව පෙනෙන්නේ නැහැ..
ඒක තමයි අපටත් තියෙන අභියෝගය. අපි ගෙයක් හදනවා කියලා හිතමු. හිස් ඉඩමක අලු‍ත්ම ගෙයක් හදනකොට හරි ලේසියි. ඒත් තියෙන ගෙයක් නවීන විදියට අලු‍ත්වැඩියා කරන්න ගියාම වියදමත් වැඩියි, කරදරත් වැඩියි. ලංකාවේ දේශපාලනය තුළ මුල් බැසගත් මත, සම්ප්‍රදායන් තියෙනවා. ඒවා වෙනස් කරන්න අමාරුයි. එහෙත් හොඳ නායකත්වයක් තිබුණොත් ඒවා කරන්න පුළුවන්. අපි උත්සාහ කරන්නේ ඒක කරන්න තමයි.

ඔබ ජාතිභේද නැතිව දේශපාලනය කිරීම ගැන කීවත්, පෙ ාදුජන පෙරමුණේ ඉන්න බොහෝ අය උත්සාහ කරන්නේ සිංහල ජාතිකවාදය වඩ වඩාත් ශක්තිමත් කරමින් බලයට එන්නයි.
ඒක නම් වෙනස් කරගත යුතුමයි. කවුරු මොනවා කිව්වත්. මම නම් ඒකට කැමතිම නැහැ. මම කියන්නේ නැහැ කිසිම ජාතියකට අසාධාරණයක් වෙන නීති හදන්න ඕනෑ කියලා. සමානත්වය ඇති කරන්න නීතිමය පසුබිම හදන්න ඕනෑ. මගෙනුත් අහන අය ඉන්නවා, ලංකාවේ වෙන ජනවර්ගවලට තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා. හැමෝටම සමාන අයිතීන් තියෙනවා නේද කියලා. ඒත් සුළු ජාතිකයෙකුට තියෙන ප්‍රශ්න මොනවාද කියලා ලේසියෙන් පැහැදිලි කරන්න බැහැ. තමනුත් සුළුතරය බවට පත්වුණොත් තමයි ඒ අමාරුව තේරුම් ගන්නේ. මම වෙනත් රටවල සුළුතරය විදියට ඉඳලා ඒ අත්දැකීම් ලබලා තියෙනවා. යම්කිසි කෙනෙක් දේශපාලනයෙන් බලයට එන්න ඒක යොදාගන්නවා නම් මම අනුමත කරන්නේ නැහැ.

පොදුජන පෙරමුණ නියෝජනය කරනවා යැයි ඔබ කියන නවීන අදහස්, පක්ෂයේ දේශපාලන නායකයන්ට එන්නත් කරන්නට සැලසුමක් තියෙනවාද‍?
අපි පහළ මට්ටමෙන්ම ජනතා සහභාගිත්වය ගත්තොත් හුඟ දෙනෙක් මේ සංකල්ප පිළිගනීවි. ඊට විරුද්ධ මතයක් ජනතාවටත් නැති බව පෙනෙනවා. එන්න එන්නම මධ්‍යස්ථ ඡන්ද වැඩිවෙනවා. තරුණ ඡන්ද වැඩිවෙනවා. එදාට වඩා අද මාධ්‍ය වෙනස්වෙලා. අද පත්තරයක්වත් නොකියවන තරුණයෝ ඉන්නවා. ඒත් ඔවුන්ට රටේ වෙන දේවල් ගැන ලොකු දැනුමක් තියෙනවා.

බොරු කතා පතුරුවලා එයාලාගේ සහයෝගය ගන්න බැහැ..
බැහැ බැහැ. එයාලා දන්නවා හැමදේම. අපේම ඉතිහාසය ගැන අපටත් වඩා හොඳට එයාලා කියනවා. ඒ නිසා අපි ඒ අය එක්ක දේශපාලනය කරන්න සූදානම් වෙන්න ඕනෑ.

බලය බෙදීමේ අවශ්‍යතාව සුළුතර ජනවර්ගවලින් නිතර මතු කරනවා. එහෙත් පොදුජන පෙරමුණ ඒ ගැන සංවේදීද?
ඉදිරි කාලයේදී අපේ පක්ෂය ගමින් ගමට යන්න බලාපොරොත්තු වෙනවා. ගම්මාන 25,000ක විතර පිළිසඳර කියලා සාකච්ඡා මාලාවක් කරනවා. ඒ අයගේ අදහස් ගන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා. ජාත්‍යන්තර රටවලින් උදාහරණ ගන්නවා. අපේ පක්ෂයේ උපායමාර්ගික කාරණා ගැන වෙනම අංශයක් ඉන්නවා. බලය ජන සන්තක කරන්නේ කොහොමද කියලා අපි හොයනවා. බලය බෙදීම කියන්නේ ජාතියක් වෙනුවෙන් විය යුතු දෙයක් නෙවෙයි. මම නම් කියන්නේ බලය පුළුවන් තරම් බෙදන්න ඕනෑ. බලය බෙදීම කියන්නේ ජනතාවගේ වැඩ කටයුතු කරන්න ජනතාවට අයිතියක් දෙනවා කියන එක.■

■ තරිඳු උඩුවරගෙදර / රේඛා නිලු‍ක්ෂි හේරත්

The JVP is utterly helpless

අපේ පාක්ෂිකයෝ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිකම නොගත්තා නම් හො`දයි නේද කියන අවස්ථා තියෙනවා. රටේ මිනිස්සු දැක්කා ඇත්ත ආණ්ඩු කවුද? ඇත්ත විපක්ෂය කවුද? පාර්ලිමේන්තුව විකෘතියි නේද කියන දේ. කතානායක අසුනේ සිටියෙත් විපක්ෂ නායක ධූරයේ සිටියේත්, අගමැතිධූරයේ සිටියෙත්, විපක්ෂයේප‍්‍රධාන සංවිධායක ධූරයේ සිටියේත් හංසයා දිනවන්න කටයුතු කරපු අයයි. කෙටි කාලීන ආණ්ඩු වෙනස නිසා අද ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ සන්ධානය අන්ත අසරණ වෙලා ඉන්නවා.
අපි ඒ තීින්දුව නොගත්තා නම් මහින්ද රාජපක්ෂ මහත්තයා අදත් මන්තී‍්‍රවරයෙක් විතරයි. ඒ තීන්දුව නිසා අද මහින්ද රාජපක්ෂ මහත්තයා විපක්ෂ නායක වෙලා ඉන්නවා. ශී‍්‍රලනීපය එජාපය විරසක වෙලා. ජනාධිපතිතුමා අගමැතිතුමා ඉදිරියේ අගමැතිතුමා වැඩ කරපු විදිය ප‍්‍රසිද්ධියේ කියපු ආකාරය ජනතාවට දැක ගන්න ලැබුණා. අද ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකධූරය අහිමි වෙලා හතර අතේ දුවනවා. සම්බන්ධන් මහත්තයාලා නිල නිවෙස් බලහත්කාරයෙන් අල්ලා ගෙන ඉන්නවා. ඉදිරියේ දි අපි නිල නිවසකට වැය වන මුදල කාර්යාලයක් පවත්වා ගෙන යන්න වැයවන මුදල කොයි තරම්ද කියලා සොයා බලනවා. අපි දන්න විදියට පොදු දේපල පරිහරණයේදී අලාභය රුපියල් ලක්ෂයකට වැඩි නම් ඇප ලැබෙන්නේ නැහැ. මාස කිහිපයක්වත් රක්ෂීත බන්ධනාගාරයේ ඉන්නත් වෙනවා.
ජනතාවගේ අවධානය වොනතකට යොමු කරන්නත් මේ වෙද්දි එජාපයේ කට්ටිය පියවර අරන් තියෙනවා. පාලිත රංගේ බන්ඩාර කාලයකට ඉස්සෙල්ලා අපේ පස්සෙන් ආවා. ඒ දුරකතන සංවාද අදත් අපි දකිනවා. මේ සියලූ දේ කතා කරන විට පොදුජන පෙරමුනේ සංවිධාන කටයුතු කරපු මම කිව්වා පාලිත රංගේ බන්ඩාර අපිට එකතු කර ගන්න එපා. අපේ දිස්ති‍්‍රක්කයේ 34ක් අමුඅමුවේ මරා දැමුවා කියලා. මමයි ඔහුව ගැනීම වැලැක්වූවේ. පාලිත තෙවරප්පෙරුමයි සරත් ෆොන්සේකායි අද මරා ගන්නවා. ඒ අයට තියෙන්නේ ජනතාවට සේවය කිරීමේ අවශ්‍යතාවයක් නෙවෙයි. හරින් ප‍්‍රනාන්දුලා වගේ අය කිව්වා ලොම් හැරුණු අය ඉවත් කරන්න ඕනේ කියලා. ටිකිරි මොලේ තියෙන රනිල් වික‍්‍රමසිංහ මහත්තයා සහන මල්ලක් එක්ක අයවැයක් ගෙනත් ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නයි සූදානම. ඊට පස්සේ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. මේකටයි ඔහු සූදානම් වෙන්නේ. අපේ ගම්වල මිනිස්සු අසරණ වෙලා. ආර්ථීකය කඩා වැටිලා.

-පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් නිශාන්ත

By a conspiracy a national government

පස්වෙනි වරටත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති වෙලා පාර්ලිමේන්තුවේ කරපු පළවෙනි ප‍්‍රකාශයෙන් ඇගිල්ල දිග් කලේ මාධ්‍යයට. අවුරුදු හතරක් තිස්සේ ආණ්ඩුව රට විනාශ කරමින් සදාචාරය සංස්කෘතිය විනාශ කරමින් කළ දේ මාධ්‍ය රටට හෙළි කළා. අගමැතිධූරය දරන අවසන් අවස්ථාවේ රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍ය හැදින්වූයේ කලූ මාධ්‍ය ලෙසයි. කලූමාධ්‍ය සංස්කෘතිය වෙනස් කරන්න ආණ්ඩුව පියවර ගන්න බව කිව්වා. මාධ්‍ය මර්ධනය සදහා අණ පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න සූදානමක් තියෙනවා. මාධ්‍ය නිහඩ කලේ නැත්නම් රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවට ඉදිරියට යන්න බැහැ. එහි පියවරක් විදියට තෝරාගත් මාධ්‍ය සදහා දැන්වීම් ලබා දීම නතර කළා. හිරු හා දෙරණ තෝරා ගෙනයි මේ ප‍්‍රහාරය පටන් ගත්තේ. හෙට දිනයේ අනෙක් මාධ්‍ය ආයතනවලටත් මේ දේ වෙන්න පුලූවන්. 70%ක් පේක්ෂකයින් නරඹන නාලිකාවලට දැන්වීම් නොදීමෙන් වෙන්නේ රාජ්‍ය ආදායම අඩු වීමයි. ආණ්ඩුවේපළවෙනි පියවර මාධ්‍ය නිහඩ කිරිමයි.
රජයේ මැතිඇමැතිවරු එකිනෙකා බැන ගන්නවා. මේක අස්ථාවර කුමන්ත‍්‍රණකාරී ආණ්ඩුවක් නිසා ඒකේ තනතුරු බෙදා ගන්න බැරිව හැල හැප්පීම් යනවා. රටේ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන මන්තී‍්‍රවරයාගේ භූමිකාව ඉටු කරනවා වෙනුවට ඇමැතිධූර ලබා ගැනීම කෙරෙහි මේ අයගේ අවධානය යොමු වෙලා තියෙන්නේ. පසුපෙළ මන්තී‍්‍රවරුන්ගේ මේ ගැටුම රනිල් වික‍්‍රමසිංහගේ තවත් කුමන්ත‍්‍රණයක් වෙන්න පුලූවන්. රටේ තියෙන අර්බුද ජනතාව අතරට යාම වළක්වන්න මේ විදියටම රනිල් වික‍්‍රමසිංහ මහතා මීට පෙරත් කටයුතු කර තිබෙනවා. පසුපෙළ මන්තී‍්‍රවරු හරහා මේ කි‍්‍රයාත්මක කරලා තියෙන්නේ නැවතත් ජාතික ආණ්ඩුවකට යන්න දරන උත්සාහයක්. ඩග්ලස් දේවානන්ද මහතා තනි පක්ෂයක් තනි මන්තී‍්‍රවරයෙක් විදියට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටින නිසා රජය එතුමා ඉදිරියේ දණින් වැටිලා ජාතික ආණ්ඩුවකට යන්න ඉල්ලා සිටියා. එතුමා තමන්ට ඡුන්දය දීපු ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරමින් තමන්ට ඡුන්දය දුන්න ජනතාව වෙනුවෙන් සිටියා. දැන් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරන්න විදියක් සොයමින් ඉන්නේ.
ඊයේ අගමැතිවරයා ඇමැතිධූර බලාගෙන ඉන්න මන්තී‍්‍රනවරු කිහිප දෙනෙක් අරලිය ගහ මන්දීරයට ගෙන්වූවා. ඒ ඇමැතිකම ලැබෙන තුරු ඔවුන්ට විෂයයන් වල වගකිම් බාරදෙන බව ප‍්‍රකාශ කළා. ජාතික ආණ්ඩුවකට යන්න මොවුන් කල් මරමින් මොවුන් ඉන්නේ. කුමන්ත‍්‍රණයක් ම`ගින් ජාතික ආණ්ඩුවකට යනවා නම් ඔවුන් ගැන ජනතාව බලාගනියි. අගමැතිතුමාට ඕනේ ඇමැතිකම් ලබා දීලා මන්තී‍්‍රවරු නිහඩ කරලා තියා ගන්නයි. නැවත වරක් ජනතාවගේ ඇස්වලට වැලි ගැසීමට දරන මේ උත්සාහයට හසු වෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අද ආණ්ඩුවේ හිතවතා දෙමළ සන්ධානයයි. දෙමළ සන්ධානයෙත් කිහිපදෙනයි මේ උත්සාහයේ ඉන්නේ. බලහත්කාරයෙන් විපක්ෂනායක කාර්යාලයේත්, විපක්ෂනායක නිල නිවසෙත් ඉන්නවා. රනිල් වික‍්‍රමසිංහ කරපු දේමයි මේ ගොල්ලෝ කරන්නේ. විපක්ෂනායකධූරය දැවැද්දෙන් ලැබුණු දෙයක්වත් භූදලයවත් නෙවෙයි. පාර්ලිමේන්තුව පත්කරන්නෙත් වෙනස් කරන්නෙත් ජනතාව. මේ තනතුරු වෙනස් කරන්නෙත් ජනතාවයි. එදා අගමැතිධූරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරන්න කුමන්ත‍්‍රණය කරපු විදියටම අද විපක්ෂනායකධූරයෙනුත් ඉවත් කරන්නයි මේ අය හදන්නේ. පුලූවන්නම් මන්තී‍්‍රධූරයෙනුත් ඉවත්කරයි. මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමට හිතවත් අය වගේම විරුද්ධ අයත් ඉන්නවා. සාධාරණත්වයේ නාමයෙන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් ඇස් ඇරලා රනිල් වික‍්‍රමසිංහ සහ සුමන්දිරම් මන්තී‍්‍රවරයා ගෙනයන වැඩපිීළිවෙල දිහා බලන්න. ඔවුන්ට බටහිර බලවේගයන් වලින් භාරකරපු වැඩපිීළිවෙලයි මේ කරමින් සිටින්නේ. රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුකරන හැම අවස්ථාවකට දෙමළ සන්ධානය මේ විදියට ගිවිසුම්වලට ආවා.
එජාපය සුමන්දිරම්ලාව බළල් අතක් විදියට භාවිතා කරන බවයි බොහෝ අය කිව්වේ. නමුත් මේ සිද්ධවෙන දේවල් එක්ක බලපුවම පේන්නේ සුමන්දිරම් මන්තී‍්‍රවරයාගේ බළල් අතක් බවට එක්සත් ජාතික පක්ෂය පත්වෙලා තියෙනවා කියන එකයි. ව්‍යවස්ථාව ඔවුන්ගේ ප‍්‍රමුඛ කාර්යය. රට බෙදන, ජාතීන් අතර අසමගිය ඇති වෙන, ජනතාව විරුද්ධ ව්‍යවස්ථාව ගෙන ඒමයි මේ අයට අවශ්‍ය. තුනෙන් දෙකක් බලයක් සහිත රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවක් ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ඉ`දගෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වගේ පෙනී ඉන්න අයත් ඉන්නවා. අපි පාර්ලිමේන්තුවේ ඉන්න තුරු රනිල් වික‍්‍රමසිංහ එකගවුනු සුමන්දිරම්ගේ ව්‍යවස්ථාව කිසිදිනෙක සම්මත කරන්න ඉඩ තියන්නේ නැහැ. අද ආණ්ඩුව පවත්වා ගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. ඇමැතිකම් ගත්ත අය සතුටු නැත්නම් ආණ්ඩුවේ එකිනෙකා කුලල් කා ගන්නවා නම් පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරලා නව පාර්ලිමේන්තුවයක් පත් කර ගැනීමට මැතිවරණයක් පවත්වන්න.
ආණ්ඩුව අයවැය ගේන්න සූදානම්. මැතිවරණයක් ඉලක්ක කරගත්ත මේ අයවැයෙන් ඒ සදහාම වූ බදු ප‍්‍රතිපත්තියක් එකතු වෙන්න ඉඩ තියෙන බව මේ වන විට විද්වතුන්ගේ අදහසයි. 2018 වෙද්දි රුපියල් බිලියන 11800 දක්වා ණය ගත්තා. ණය ගත්තේ රුපියල් බිලියන 7000 ණය ගෙවනවා කියලා. නමුත් ඒක වුනේ නැහැ. ආණ්ඩුව දැන් ආයෙත් විදෙස් ණය ගන්න සූදානම්. රුපියල් බිලියන 550ක් 2019 මුල භාගයේ ගන්න සූදානම්. ආර්ථිකය දුර්වල වීමේ වගකීමත් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව භාර ගන්න ඕනේ. ආර්ථීක වර්ධන වේගය කඩා වැටිලා, ජාත්‍යන්තර සංවිධාන අපේ රට ආර්ථික දර්ශකවල පහලට දැම්මේ මහ බැංකු හොරකම නිසයි. තවදුරටත් මහ බැංකු සිද්ධිය ගැන ස්වාධීන පරික්ෂණයක් වෙන්නේ නැති බව මේ ආණ්ඩුව පත්වීමෙන් පැහැදිලි වෙනවා. රුපියල් 3000 අල්ලසක් ගත්ත පොලිස් නිලධාරියා බන්ධානගාරගත කරලා කෝටි ගණන් වංචා කරපු මහබැංකු හොරු නිදැල්ලේ. අත් අඩංගුවට අරන් ස්වාධීන පරික්ෂණයක් පවත්වනවා නම් පළමුව අත් අඩංගුවට ගන්න ඕනේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයායි.

-පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙහාන් සේමසිංහ

We fulfill the role of the Opposition.

නිල කාර්යාල හෝ පහසුකම් ඇතත් නැතත් අපි ජනතාව වෙනුවෙන් විපක්ෂයේ කාර්යභාරය ඉටු කරනවා. – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ
විපක්ෂ නායකධූරයට හිමි නිල කාර්යාල හෝ පහසුකම් කිසිවක් මෙතෙක් නොලැබුණත් ආණ්ඩුව ගෙන යන අන්තෂිත හා මර්දනකාරී කි‍්‍රයාපිළිවෙත පරාජය කිරීම සදහා ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යභාරය නොපැකිළිව ඉටු කිරිමට තමා කැපවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන් කලේ අද (04) බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි සිය කාර්යාලයේ නව වසරේ වැඩ කටයුතු ආරම්භ කරමිණි.
මෙම වර්ෂය මැතිවරණ වර්ෂයක් බැවින් ඒ සදහා මුහුණදීමට තම කදවුර ශක්තිමත් කර ගැනීම අත්‍යවශ්‍යව පවතින අතර විශේෂයෙන්ම පසුගිය දින පනහේ ආණ්ඩුව තුළින් රටට දිනාදුන් ජයග‍්‍රහණ පිළිබදව ජනතාව දැනුම්වත් කිරිම මේ මොහොතේ ප‍්‍රමුඛ කාර්යයක් බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා “අපි ආණ්ඩුව භාරගැනීම හොදයි කියන කට්ට්යත්, හොද නැහැ කියන කට්ටියත් ඉන්නවා. අපි අවුරුදු එකහමාරක් හිටියා නම් රටේ මොනවාද ඉතිරි වෙන්නේ. ගුවන් තොටුපල වරාය බංකු වගේ රටේ සම්පත් විකුණුවා. ඒ වගේම තවත් දේවල් විකුණන්න සූදානම් කරලා තිබුනේ. ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න සූදානමක් තිබුණා. ශී‍්‍රලනීපයත් ඒ අය එක්ක හවුලක හිටිය නිසා තුනෙන් දෙකක බලයක් ආණ්ඩුවට තිබුණා. දැන් ශී‍්‍රලනීපය ආණ්ඩුවෙන් එළියට ඇවිත් තියෙන එක අපි හැමෝගෙම ජයග‍්‍රහණයක්.
අද රනිල් වික‍්‍රමසිංහ බොරු කියනවා. අපි බිලයන 8ක් වියදම් කරලාලූ. එහෙම වියදම් කරන්න තියා බිලියනයක්වත් මුදල් තිබුනේ නැහැ. ජනතාවට බොරු කියලා තමන්ගේ මල්ල තර කර ගන්න හදන්න එපා කියලා අපි ආන්ඩුවට කියනවා” යැයිද පැවසිය.
මාධ්‍ය ආයතනවල පළිගැනීම් අරඹා ඇති ආණ්ඩුව මේ වන විට තෝරා ගත් ආයතනවලට පමණක් දැන්වීම් දිම අරඹා ඇතැයි ද මෙහිදි පෙන්වා දුන් විපක්ෂනායකවරයා අද ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ තමන්ට හීලෑ මාධ්‍ය කර්මාන්තයක් බවද කිය.
මේ අවස්ථාවට මහා සංඝරත්නය, දේශපාලන නායකයින් හා වෘත්තිකයින් පිරිසක්ද එක්ව සිටි අතර කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් මහතා ද මෙහිදී විපක්ෂ නායකවරයා සමග සුහද සාකච්ජාවක නිරත විය.