රෝහිත විවාහ වෙයි.. ගැමි කෑම බීම..

Former President and Opposition Leader Mahinda Rajapaksa’s youngest son, Rohitha Rajapaksa, got married at a gala wedding in Weeraketiya – the hometown of the Rajapaksa family – this morning.

Rajapaksa married Tatyana Lee Jayaratne, a model and a young businesswoman.

The ceremony was studded with politicians from both parties. Prime Minister Ranil Wickremesinghe, a long-standing personal friend of former President Rajapaksa, was also seen among the participants.

Several UNP Ministers including Mangala Samaraweera, Kabir Hashim and Sagala Ratnayaka also attended the wedding.

On his official Twitter account, Rohitha Rajapaksa identifies himself as a “Space Systems Engineer, a pilot, a Rugby player and a proud Sri Lankan.”

He has also earned popularity as a singer

රට දිනවන්න කැපවුණු රාජපක්ෂලා

රට දිනවන්න කැපවුණු රාජපක්ෂලා

දක්‍ෂිණ ලංකාවේ රුහුණු රට කවදත් දේශමාමකයන්ගේ නිජ බිමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම දේශමාමකත්වය දුටුගැමුණු මහ රජතුමා ගේ කාලයටත් එහා සිට පැමිණෙන්නකි.

රුහුණේ මාගම රාජධානියේ සිට වර්තමානය දක්වා දක්ෂිණ ලංකාවෙන් රට රැකගැනීමට රට ඉදිරියට ගෙනයාමට ප‍්‍රමුඛත්වයක් ලබා දුන් දේශපෙ‍්‍ර්මීහු සැලකිය යුතු ප‍්‍රමාණයක් සිටිති. ඒ අතරින් කැපී පෙනෙන දේශපාලනඥයන් හා දේශපාලන පරපුරද සිිටි අතර එමගිනුත් ප‍්‍රමුඛස්ථානය හිමිවන්නේ රාජපක්‍ෂවරුන්ටය.

රාජපක්‍ෂවරුන් හා රුහුණු රට අතර පවතින සම්බන්ධතාව සමාන කළ හැක්කේ මව හා දරුවා පෙකණිවැලෙන් සම්බන්ධ වන ආකාරයටය. ඒ තරමටම රාජපක්‍ෂවරුන් හා රුහුණු රට අතර සම්බන්ධයක් තිබේ. ශී‍්‍ර ලංකාවේ ඈත අතීතයේ සිටම යම් යම් පරපුරු රට පාලනයට සම්බන්ධ වී කරන ලද වැඩ කොටස්වල බොහෝ සුවිශේෂීකම් තිබේ.

සේනානායක, බණ්ඩාරනායක, පරපුර මෙන්ම රාජපක්‍ෂ පරපුර ද මෙහිදී හිමිවන්නේ ඉතා සුවිශේෂී ස්ථානයකි. මීට වසර 60, 70 කට එපිට මෙරට දකුණේ මෙන්ම මුළු රටේම ජනතාවගේ දියුණුව වෙනුවෙන් ජයකෙහෙළි නැංවූ රාජපක්‍ෂ පරපුර යළි ජයකෙහෙළි නැංවීමට පටන්ගෙන තිබේ. ඒ අතර කාලයේ දී රාජපක්‍ෂ පරපුරෙන් බිහිවූ බොහෝ දේශපාලනඥයන් දකුණට මෙන් ම මේ රටට විශාල වැඩ කොටසක් කළ බව නොරහසකි.

අපේ රටේ දේශපාලන කුහකත්වය බොහෝ විට මතුවන්නේ පටු දේශපාලන අරමුණු ලබාගැනීම වෙනුවෙන් ය. මේ කුහකත්වයට එරෙහිව එදත් අදත් හෙටත් රාජපක්‍ෂවරුන් අනිවාර්යෙන්ම කැරැලිගසන්නේ ජනතාව වෙනුවෙන් ය.

එදා රාජපක්‍ෂ පරපුර යළි සිහිගන්වමින් වර්තමානයේ සිටින රාජපක්‍ෂවරුන් රට බේරාගැනීමේ තීරණාත්මක අවස්ථාවකට පත්ව සිටින විට දේශපාලන කුහකයන්ට නම් ඉවසා සිටීමට නොහැකි වී ඇත. එම නිසා ඔවුන්ට රාජපක්‍ෂවරුන් වහකදුරු වී සිටී. එහෙත් මේ වන විට ජනතාවට නම් වහකදුරු වී සිටින්නේ රාජපක්‍ෂවරුන්ට එරෙහිව කි‍්‍රයාකරන කුහක දේශපාලනඥයන්ය.

රට පාලනය

මේ කුහක දේශපාලඥයන් සිතා සිටිනුයේ රාජපක්‍ෂ පරපුර හා රට පාලනය අහම්බයක් කියාය. සේනානායකවරුන්ට, බණ්ඩාරනායකවරුන්ට වාගේම අභිමානයක් රාජපක්‍ෂ පරපුරටද තිබෙන බව පිළිගැනීමට ඇතැමුන් අකමැති වී ඇත්තේ මේ කුහකත්වය නිසාය. මේ කුහකයන්ගේ කුහකත්වය නැති කිරීමට හා වත්මන් තරුණ පරපුරේ දැනගැනීම සඳහා රාජපක්‍ෂ පරපුර ගැන අද කතිරයෙන් සැකෙවින් කතා කරන්නේ එය කාලෝචිත නිසාය.

ඩී.එම්.රාජපක්ෂ

මහින්ද රාජපක්‍ෂ වත්මන් ජනාධිපතිවරයාගේ පියා වන ඩී. ඒ. රාජපක්‍ෂ මහතාගේ 104 වැනි ජන්ම දිනය යෙදී තිබුණේ පසුගිය 30 වැනිදාටය. එම නිසා රාජපක්‍ෂ පරපුරේ ඉතිහාසයෙන් කතාව ආරම්භ කිරීම වඩාත් සුදුසු ය.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ සහෝදරයන් වර්තමානයේදී මේ රට ත‍්‍රස්තවාදයෙන් මුළුමනින්ම බේරාගෙන රටේ සංවර්ධනය ඉහළ නැංවීමට ගෙන යන වැඩපිළිවෙළ හා එහිදී පැමිණෙන බාධක ජයගැනීමට රාජපක්‍ෂවරුන් උපක‍්‍රමශීලීව ගන්නා කි‍්‍රයා මාර්ග මේ රටේ අති බහුතරයක් ජනතාව හොඳින් දන්නා අතර ඒ සඳහා එම ජනතාවගේ ආශිර්වාද ලැබී තිබෙන බව පසුගිය මැතිවරණ ප‍්‍රතිඵලවලින් ඉතා හොඳින් පෙන්නුම් කෙරේ.

එම නිසා වත්මන් රාජපක්‍ෂ පරපුර රට වෙනුවෙන් කරනු ලබන සේවාවන් ඉතා හොඳින් දැකගැනීමට හැකි නිසා රාජපක්‍ෂ පරපුරේ අතීතය එනම් වත්මන් රාජපක්‍ෂ පරපුරට රට බේරාගැනීමට මේ ශක්තිය ආශිර්වාදය ලැබුණේ කෙසේද කියා දැනගැනීම කාලෝචිත මෙන්ම ඉතාමත්ම වැදගත්ය.

ඩී.ඒ.රාජපක්ෂ

රුහුණේ සිංහයා යන විරුදාවලියෙන් අමතා එදා රුහුණේ ජනතාව අසීමිත ලෙස ආදරය කෙළේ වීරකැටියේ බුජ්ජම්පොළ ඩී. එම්. රාජපක්‍ෂ මහතාටය. රාජපක්‍ෂ පරපුරේ දේශපාලනයේ ප‍්‍රමුඛයා ඩී. එම්. රාජපක්‍ෂ මහතා බව කීවොත් එය අසත්‍යයක් නොවේ. ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු මෙන්ම දක්ෂ කී‍්‍රඩකයකු ද වූ ඩී. එම්. රාජපක්‍ෂ මහතා වසර කිහිපයක්ම පාසලේ කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය දැරීය.

අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව උසස් රැකියාවකට ගොස් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට ලැබී තිබුණ අවස්ථාව අතහැර දැමීමට ඩී. එම්. රාජපක්‍ෂ මහතා තීරණය කෙළේ හිතේ තිබුණු නැවුම් ඒවගේම විශාල බලාපොරොත්තුවක් හේතුවෙනි. දිළිඳුකමෙන් පීඩා විඳි ජනතාව වෙනුවෙන් යම් වැඩකොටසක් අනිවාර්යෙන්ම කිරීමට ඩී. එම්. රාජපක්‍ෂ මහතා දැඩිව අධිෂ්ඨාන කර ගත්තේ ය.

ඒ වගේම රුහුණේ ගිරුවාපත්තුවේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ද ඩී. එම්. රාජපක්‍ෂ මහතාගේ විශාල බලාපොරොත්තුවක් තිබුණේ ය. මේ අනුව 1936 රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ මැතිවරණයට ඉදිරිපත් වූයේ ස්වාධින අපේක්‍ෂකයකු වශයෙනි. ඒ කාලයේදී ඡන්දය භාවිතා කෙළේ වර්තමානයේදී වාගේ දේශපාලන පක්ෂ ලාංඡනයට නොවේ. ඒ කාලයේදී ඡන්දය භාවිතා කෙළේ අපේක්‍ෂකයාගේ වර්ණයට අදාළ ඡන්ද පෙට්ටියටයි.

ඩී. එම්. රාජපක්‍ෂ මහතා තෝරාගෙන තිබුණේතම ප‍්‍රදේශවාසීන්ගේ ප‍්‍රධාන කෘෂි බෝගයක් වූ කුරහන් කරලේ පැහැයයි. එදා ඉඳන් වර්තමානය දක්වා රාජපක්‍ෂවරුන්ගේ අනන්‍යතාව පෙන්නුම් කෙරෙන ප‍්‍රධානතම සාධකයක් වුයේ කුරහන් පැහැති සාටකයයි.

ඒ වන විට රුහුණේ ජනපි‍්‍රයතම දේශපාලනඥයා බවට පත්ව සිටියේ ඩී. එම්. රාජපක්ෂ මහතාය. ඔහුගේ ජය නිසැක බව දැනගත් ඇතැම් ප‍්‍රතිවාදී කුමන්ත‍්‍රණකරුවන් විවිධ කුමන්ත‍්‍රණ සිදු කොට ඩී. එම්. රාජපක්‍ෂ මහතා සිරගත කරන ලද්දේ කෙසේ හෝ ඡන්දයෙන් පරාජය කිරීමටයි. අසත්‍ය චෝදනා එල්ල කොට ඩී. එම්. රාජපක්‍ෂ මහතා සිරභාරයට පත්කර ඇති බව දැනගත් ජනතාව මැතිවරණ දිනයේ වැල නොකැඩී ගොස් ඡන්දය ප‍්‍රකාශය කෙළේ ඩී. එම්. රාජපක්‍ෂ මහතාටය.

ඡන්ද ප‍්‍රතිඵල නිකුත් වන විට ප‍්‍රතිවාදී කුමන්ත‍්‍රණකරුවන්ට තරු පෙනෙන්න පටන් ගත්තේ සිරගෙදර සිටියදීම වැඩි ඡන්ද දොළොස් දහසකින් හම්බන්තොට මන්තී‍්‍රවරයා වශයෙන් ඩී. එම්. රාජපක්‍ෂ මහතා ජනතාව රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තෝරා පත්කරගෙන තිබූ නිසාය.

දිළිඳු ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට කි‍්‍රයා කරන ගමන්ම දේශීය කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ද ඩී. එම්. රාජපක්‍ෂ මහතා නොගත් උත්සාහයක් නැත. ඩී. එම්. රාජපක්‍ෂ මහතාගේ සුවිශේෂීත්වයක් වූයේ රාජ්‍ය බලයට හෝ ප‍්‍රභූ බලයට බිය නොවී ජනතාව වෙනුවෙන් සේවය කිරීමයි. ඒ වගේම ඒ කාලයේ රට පාලනය කළ බි‍්‍රතාන්‍ය රජයේ උසස් නිලධාරීන් සමඟ ගැටීමටද ඩී.එම්.රාජපක්ෂ මහතා පසුබට නොවී ය.

වරක් හම්බන්තොට කච්චේරියම උණුසුම් මුහුණුවරක් ගත්තේ සුදු ජාතික දිසාපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී ඩී.එම්.රාජපක්ෂ මහතා නොබියව ජනතාව වෙනුවෙන් අදහස් ප‍්‍රකාශ කිරීම නිසා ය. ප‍්‍රදේශවාසීන් සම්බන්ධයෙන් පැවැති ප‍්‍රශ්නයක් සාකච්ඡා කිරීමට ගොස් කතාව දුරදිග ගියේ ය.

සුදු දිසාපතිවරයා

කතාව කෙතරම් දුරදිග ගියේද කියතොත් ඩී.එම්. රාජපක්ෂ මහතා තම බස්තම ඔසවාගෙන ඉදිරියට පැන්නේ සුදු ජාතික දිසාපතිවරයාට පහරදීමට ය. අවට සිටි නිලධාරීන් ඉතා අසීරුවෙන් වළකා නොගත්තේ නම් එදා සුදු ජාතික දිසාපතිවරයාට සිදුවන්නේ ඩී.එම්.රාජපක්ෂ මහතාගෙන් හොඳ හැටි බස්තම් පාරවල් කන්නටය. මේ සිද්ධිය වසර ගණනාවක් යනතුරු දකුණේ ජනතාව සිහි කරන්නේ මහත් වූ අභිමානයකින් යුක්තව යි.

තවත් අවස්ථාවකදී රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ මහ ලේකම් ලෙස කටයුතු කළ සර් ග්‍රෙහාම් ටිරල්ගේ අපහාසාත්මක ප‍්‍රකාශයකට එරෙහි වීමට ද ඩී.එම්.රාජපක්ෂ මහතා පසුබට නොවී ය. ටිරල්ගේ ප‍්‍රකාශයට එරෙහිව ඔහුට සෙරෙප්පුවෙන් මුහුණට ගැසීමට ද ඩී.එම්.රාජපක්ෂ මහතා උත්සාහ දැරූ බව නොරහසකි. සුද්දන්ගේ ආණ්ඩුව කාලෙදි මෙවැනි නිර්භීත ආකාරයෙන් කි‍්‍රයා කිරීමට හැකියාව පවතින්නේ සැබෑ දේශපෙ‍්‍ර්මියකුටම පමණි.

එපමණක් නොව එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක, ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා, පිලිප් ගුණවර්ධන වැනි ප‍්‍රගතිශීලි නායකයන් සමඟ උරෙනුර ගැටී දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් හා ශී‍්‍ර ලංකාවට නිදහස දිනාගැනීමේ සටන් වෙනුවෙන් ඩී.එම්. රාජපක්ෂ මහතා ද සුවිශේෂි වැඩ කොටසක් කෙළේ ය. ශී‍්‍ර ලංකාවට නිදහස දිනාගැනීම සඳහා මැතිසබයෙත් ඉන් පිටතටත් ඩී.එම්.රාජපක්ෂ මහතා කරන ලද සුවිශේෂී කාර්ය භාරය පහසුවෙන් බැහැර කළ නොහැකි ය.

දැඩි කැපවීමක්

ජනතා සේවය සඳහා ඩී.එම්.රාජපක්ෂ මහතාට කාලයක් නොවී ය. ජනතා සේවය නිසාම ඒ වෙනුවෙන් දැඩි කැපවීමක් දැක්වුව නිසා ඒ මහතා අසනීප තත්ත්වයන් ද එතරම් ගණන් නොගත්තේ ය. එක්වරක් රෝගී වූ ඩී.එම්. රාජපක්ෂ මහතා රෝගී තත්ත්වයද නොතකා ජනතා සේවය වෙනුවෙන්ම පෙනී සිටියේ ය. 1945 මැයි මස 18 වැනි දින ඩී.එම්. රාජපක්ෂ මහතා අභාවප‍්‍රාප්ත වුයේ ද සභා රැස්වීම සඳහා පැමිණ සිටියදී මැති සබයේදීම ය.

තම අවසන් හුස්ම පොද වාතලයට නික්ම යන තෙක්ම ජනතාව වෙනුවෙන් හඬ නැගූ නිසා ජනතාව ඩී.එම්.රාජපක්ෂ මහතා හැඳින්වූයේ ‘ රුහුණේ සිංහයා’ වශයෙනි. ඩී.එම්.රාජපක්ෂ මහතාගේ අභාවයෙන් පසුව බාල සොයුරු ඩී.ඒ.රාජපක්ෂ මහතාත් පුතණුවන් වන ලක්ෂ්මන් හා ජෝර්ජ් රාජපක්ෂ යන මහත්වරු ද කි‍්‍රයාකාරී දේශපාලනයට පිවිසියහ.

1905 මාර්තු 30 වැනි දින රුහුණේ ගිරුවාපත්තුවේ දී මෙලොව එළිය දුටු ඩී.ඒ.රාජපක්ෂ මහතා ප‍්‍රගතිශීලී කි‍්‍රයාකාරිත්වයෙන් පුළුල් පුරෝගාමී මෙහෙයක් ඉටුකළ නායකයෙකි. ඩී.ඒ.රාජපක්ෂ මහතා සිය වැඩිමහල් සොහොයුරු වන ඩී.එම්.රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය දිනවීමට තිරයේ පිටුපස සිට අතිවිශාල වැඩකොටසක් කරන ලදී.

වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් විශාල වැඩකොටසක් තිරය පිටුපස සිට සිදු කෙළේ ඩී.එම්.රාජපක්ෂ, ඩී.ඒ.රාජපක්ෂ මහත්වරුන් අතර තිබුණු සබඳතාව සිහි ගන්වමිණි.

1945 වසරේදී ‘රුහුණේ සිංහයා’ හෙවත් ඩී.එම්.රාජපක්ෂ මහතාගේ අභාවයෙන් පසුව ගිරුවා ගම් දොළොස් දහසේ ජනතාවගේ නායකත්වය ගැනීම භාරවූයේ ඩී.ඒ.රාජපක්ෂ මහතාට ය. රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට හම්බන්තොට අතුරු මැතිවරණය සඳහා ඩී.ඒ.රාජපපක්ෂ මහතා නාම යෝජනා අස්සන් කෙළේ කුඹුරේ සීසාමින් සිටියදී ය.

රාජපක්ෂවරුන් කෙතරම් රුහුණේ ජනතාව අතර ජනපි‍්‍රයත්වයට පත්ව සිටියේද කියනවා නම් ඩී.ඒ.රාජපක්ෂ මහතා සමඟ තරග කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීය. ඒ අනුව 1945 ජූලි 14 වැනි දින ඩී.ඒ.රාජපක්ෂ මහතා රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තේරී පත්වන්නේ නිතරගයෙනි. අනතුරුව 1947 පැවති ප‍්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරගවදින ඩී.ඒ.රාජපක්ෂ මහතා බෙලිඅත්තේ මන්තී‍්‍රවරයා ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වේ.

තම ප‍්‍රගතිශීලී මතවාදය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කර ගනිමින් ජාතික නිදහස ලබාගැනීමට දායකත්වය ලබාදීම සඳහා එම පක්ෂයට සම්බන්ධ වූ බව ඩී.ඒ.රාජපක්ෂ මහතා පසුව ප‍්‍රකාශ කර තිබිණි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ිෂය බිහිවීමේ ඓතිහාසික අවස්ථාවේදී එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ ළඟින්ම සිටි හිතවතා වන්නේ ද ඩී.ඒ. රාජපක්ෂ මහතා ය.

වර්තමානයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ගැන විවිධ කතා කියන ඇතැම් කුමන්ත‍්‍රණකරුවන්ට මේ ඉතිහාස පාඩම යළි ඉගැන්විය යුතුමය. 1951 වසරේදී එස්.ඩබ්ලිව්. ආර්.ඩී.බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂ රජයෙන් ඉවත් වී විරුද්ධ පක්ෂයට යාමේදී බණ්ඩාරනායක මහතා අනුගමනය කළ ප‍්‍රථමයා වූයේ ද ඩී.ඒ.රාජපක්ෂ මහතා ය. ඉන්පසුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බිහිවීමේ සිට එම පක්ෂය මැතිවරණවලින් ජය ලබාගෙන රාජ්‍ය බලය ලබාගැනීම දක්වා පක්ෂය වෙනුවෙන් සුවිශේෂී වැඩ කොටසක් කරන ලද දේශපාලඥයා වන්නේ ද ඩී.ඒ.රාජපක්ෂ මහතා ය.

1952 මහ මැතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රථමවරට මුහුණ දුන්නේ ය. එහිදී ජය ලබාගැනීමට හැකිවූයේ මන්තී‍්‍ර ආසන 9ක් පමණි. ඒ නව දෙනාට ඇතුළත්වීමට ඩී.ඒ.රාජපක්ෂ මහතාට ද හැකිවිය.

1956 සමාජ පෙරැළියත් සමඟ පැවැති මහ මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ වාමාංශික පක්ෂ එකමුතුවට විශිෂ්ට ජයක් අත්වෙන විට ඩී.ඒ. රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කෙළේ පහළොස්දහසකට වඩා වැඩි ඡන්ද ලබා ගනිමිණි. එය මුළු දකුණු පළාතේ ඉහළම වැඩි ඡන්ද ප‍්‍රමාණය වශයෙන් වාර්තා විය.

බණ්ඩාරනායක මහතාගේ රජයේ ඉඩම් හා ඉඩම් සංවර්ධන උප ඇමැති ධූරය හිමිවන්නේ ඩී.ඒ.රාජපක්ෂ මහතාට ය. එහිදී මහජනතාව වෙනුවෙන් අති විශාල වැඩ කොටසක් කිරීමේ අවස්ථාවද ඒ මහතාට හිමිවන්නේ ය.

ගොවිතැන් කිරීමට ඉඩම් හා ජලය නොමැති රුහුණේ ජනතාව වෙනුවෙන් අති විශාල මෙහෙවරක් කිරීම සඳහා ඩී.ඒ. රාජපක්ෂ මහතා තීන්දු තීරණ කිහිපයක් ම ගෙන නව වැඩසටහන් ආරම්භ කරන්නේ අහිංසක ගොවි ජනතාව වෙනුවෙනි. විශේෂයෙන්ම වළවේ ගඟ සංවර්ධනය යෝජනා ක‍්‍රමය කි‍්‍රයාත්මක කිරීමට මැදිහත් වීම ඩී.ඒ. රාජපක්ෂ මහතා කරන ලද සමාජ මෙහෙවරේ එක් සිද්ධියක් පමණි.

රුහුණේ ධාන්‍යාගාරය

කාලයක් රුහුණ සුදු අධිරජ්‍යවාදීන් විසින් බැහැර කැර තිබුණේ අන්ත ශුෂ්ක කිසිම දෙයක් කිරීමට නොහැකි කලාපයක් වශයෙන් නම් කරමිනි. රජ දවස රුහුණ රට ධාන්‍යාගාරයක් පැවැති සශී‍්‍රක භූමියක් බව සුදු ජාතික මහත්වරුන් දැන නොසිටි අතර එම තොරතුරු දැන ගැනීමටද ඔවුන්ට කිසිදු අවශ්‍යතාවක්ද නොවීය. රජ දවසේ රුහුණට තිබුණු සශ‍්‍රීකත්වය යළි රුහුණට ගෙන එන්නේ කෙසේද යන්න ඩී.ඒ රාජපක්ෂ මහතා ඉතා හොදින් දැන සිටියේය.

කුඩාගම් හා වැව් එකිනෙකට එක් කොට ජාල සටහනක් මුලින්ම සකස් කෙළේ ඩී.ඒ. රාජපක්ෂ මහතාය. හුලංදා ඔය , චන්ද්‍රිකා වැව වාරි සංවර්ධන ව්‍යාපාරය මෙන්ම කිරම ඔය , උඩු කිරිවිල ජලාශය ආශ‍්‍රිත වාරි යෝජනා සංවර්ධනය, තංගලු වේල්ල , බැරගම , අඟණකොළපැලැස්ස , යන කෘෂි හා වාරි යෝජනා ක‍්‍රම ඩී.ඒ. රාජපක්ෂ මහතා ලබා දුන්නේ රුහුණේ කෙත්වතු සරුකර රට ස්වයං පෝෂී ආර්ථිකයක් බවට පත් කිරීමටය.

ප‍්‍රදේශය පුරා ජල ගබඩා හා සුළු වාරිමාර්ග ලෙස ගම් වැව් සංවර්ධනයෙන් ගොවිතැනට අවශ්‍ය ජල පෝෂක කලාප ඇති කිරීමටද ඩී.ඒ. රාජපක්ෂ මහතා පියවර ගත්තේය.

කෘෂි කර්මාන්තයට වාරි කර්මාන්තයට පමණක් නොව සමුපකාරය නංවා වෙළෙද හුවමාරු ක‍්‍රමය ජනතාවාදී කිරීමට ඩී.ඒ.රාජපක්ෂ මහතා මැදිහත් වුයේ දේශීය රෙදි පිළි නිෂ්පාදනය රැක ගැනීමටය.

ඒ සඳහා හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ කපු වගාව ව්‍යාප්ත කිරීමටද ඩී.ඒ. රාජපක්ෂ මහතා කි‍්‍රයා කෙළේය. පාරම්පරික කර්මාන්තකරුවන්ගේ ගැටලු සොයා බලා ඔවුන් නඟා සිටුවීම සඳහාද ඩී.ඒ.රාජපක්ෂ මහතා සුවිශේෂී වූ කාර්යයභාරයක් කෙළේය. රන්, රිදී, කැටයම් , ලී බඩු වැඩ , මැටි , ප‍්‍රතිමා නෙළීමේ කලාව ඇතුළු ගෘහ කර්මාන්ත ප‍්‍රදේශය පුරා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය මග පෙන්නුවේද ඩී.ඒ. රාජපක්ෂ මහතාය. මීට අමතරව ගමනාගමනය, මංමාවත් , පානීය ජලය, ජල විදුලිය වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් රුහුණේ ජනතාවට ලබා දීමට කටයුතු කෙළේද ඩී.ඒ. රාජපක්ෂ මහතාය. අදත් රුහුණේ ජනතාව රජවරුන්ට කෘතගුණ සලකන්නේ මේ නිසාය.

පංච මහා බලවේගය

සඟ, වෙඳ, ගුරු, ගොවි , කම්කරු පංච මහා බලවේග 1956 කරන ලද පෙරැළිය වඩාත්ම සාර්ථක අන්දමින් ගමට ගෙන ගිය දේශපාලනඥයා වන්නේද ඩී.ඒ. රාජපක්ෂ මහතාය. එදා ඩී.ඒ.රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පරපුර රුහුණට , පොදුවේ රටට කළ සේවය ගැන අමුතුවෙන් කිය යුතු නොවේ. එදත් අදත් හෙටත් ජනතාව රාජපක්ෂවරුන්ට ආදරය කරන්නේ එම නිසාය. ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 104 වැනි ජන්ම දිනය සැමැරෙන මේ කාලයේ ඒ වෙනුවෙන් කෘෂිකර්ම, වාරිකර්මාන්ත, සංස්කෘතික කටයුතුª ඇතුළු අංග රැසක් සබරගමුව පළාත හා හම්බන්තොට දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සිදුවේ.

එදා ජනතාව වෙනුවෙන් කරන ලද අපිරිමිත සේවයට අදත් ජනතාව ඩී.ඒ. රාජපක්ෂ මහතාට ණය ගැතිය. ඒ ණය තවදුරටත් වැඩි වෙමින් පවතින්නේ ඩී.ඒ. රාජපක්ෂ මහතා රටට දායාද කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පුත‍්‍ර රත්නයන් මේ රටට හා ජනතාවට කළ හැකි ඉහළම සේවය වර්තමානයේදී සිදුකරමින් සිටින නිසාය.

Mahinda Rajapaksa

Mahinda Rajapaksa was the 5th President of the Democratic Socialist Republic of Sri Lanka. His election for a second term of office in the Presidential Election, held on January 26, 2010, saw the Sri Lankan electorate recognising him as the national leader who liberated the country from the terrorism of the Liberation Tigers of Tamil Eelam (LTTE), and set the country on the path to peace, stronger democracy and rapid economic development. The re-election of Mahinda Rajapaksa took place in the first nationwide election held after the defeat of the LTTE in May in 2009, and the first where people from all parts of the country were free to participate in elections after more than two decades.

The Early Years
Mahinda Rajapaksa, the second son in a family of six brothers and three sisters, was born in Weeraketiya in Sri Lanka’s Deep South, on November 18, 1945, and was brought up from his early years in keeping with Sinhala-Buddhist traditions. Family tradition was also seen with his first schooling at Richmond College, in the southern city of Galle, where his father D.A. Rajapaksa, uncle, and cousins who also entered politics, were first schooled. His education was later shifted to Nalanda College and Thurstan College in Colombo. He later studied law at the Colombo Law College, and qualified as an Attorney-at-Law.

Mahinda Rajapaksa was 24 years when first elected to Parliament as an SLFP member from the Beliatta electorate in 1970. He was then the youngest Member of Parliament and represented the same electorate his father did. He practiced law mainly in the southern town of Tangalle, from 1977 to 1994, which kept him closely in touch with the people and their needs, and also the development needs of the southern region, until his appointment as a Minister in 1994. After losing his parliamentary seat in 1977, he regained it in the parliamentary election that followed in 1989. He was re-elected to Parliament from the Hambantota District under proportional representation, and held that position until his election as Executive President in November 2005.

Loyalty and Politics
Loyalty to principle and party has been the hallmark of Mahinda Rajapaksa’s political philosophy. In this, he followed the example set by his father, especially in the loyalty he showed to the Sri Lanka Freedom Party (SLFP), which he helped found and to the late S.W.R.D. Bandaranaike and Mrs. Sirimavo Bandaranaike whose leadership and politics he accepted, and was deeply loyal to Mrs. Bandaranaike and the SLFP, the leader and party that brought him to Parliament. His loyalty to the SLFP, which was responsible for the ups and downs in his politics, just like his father’s, has kept him with the party from the time he was a youth activist and throughout his political life as a Member of Parliament, Cabinet Minister, Leader of the Opposition, Prime Minister and as the country’s President.

It is this loyalty that saw him chosen as Prime Minister after the General Election of April 2004, when the United People’s Freedom Alliance, a coalition led by the SLFP, won a majority in Parliament. He had by then risen to the position of Senior Vice President of the SLFP. Loyalty to party also saw him chosen as the SLFP’s presidential nominee in November 2005

The Presidency
Mahinda Rajapaksa had no sudden rise to the Presidency of Sri Lanka. He came through many decades of service to the people, demonstrating an unfailing loyalty to his political party and its leadership, and boldly facing the rough and tumble of politics.

Mahinda Rajapaksa won the Presidency of Sri Lanka on a wide-ranging policy, which was largely people-oriented and was laid out in the “Mahinda Chinthana” – The Concepts of Mahinda – which promised, among others, the defeat of terrorism and the advance of democracy . It also offered social democratic approaches to economic and social issues, the continuance of social welfare policies such as free education and free health, an end to privatisation of the State sector, a huge commitment to infrastructure development, strengthening of the rural sector of the economy, protection of the environment and the upholding of traditional values such as the humane treatment of animals.

Family
Mahinda Rajapaksa is married to Shiranthi Wickremasinghe Rajapaksa and they have three sons: Namal, Yoshitha and Rohitha.