රෝහිත රාජපක්‍ෂ විවාහ වෙයි.. සියවසක් මතක රන්දයි.. තරු හෝටල්-මස්-අරක්කු කිසිත් නෑ.. ගැමි කෑම බීම පමණයි..
ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතා අද දිනයේ විවාහ දිවියට එළැඹුනේය.
වීරකැටියේදී පැවත්වෙන මෙම මංගල උත්සවය සදහා දේශපාලන නායකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දෙනෙකු සහභාගී වී සිටිති. මේ විවාහය සදහා කිසිදු ආකාරයක මත්පැන් සැපයීමක් සිදු නොකෙරෙන රණවරා, බෙලිමල්, දිවුල් යුෂ අමුත්තන්ට බීම සහා ලබා දෙයි. ආහාර සදහා ලබා දෙන්නේ දේශීය ගැමි ආහාර පමණක් වන අතර ඒවා සකසන්නේ අසල්වැසි පවුල් විසිනි. කිසිදු මස් මාංශ වර්ගයක් ආහාර සදහා එක් කර නැත. මැදමුලන ගම්මානයටම මෙම විවාහයේ ආරාධනා කර ඇත. තරු හෝටල් සම්ප‍්‍රදායෙන් බැහැරව පැවැත්වෙන මෙම උත්සවය වැවක් ආසන්නයේ පිහිටි භූමි ප‍්‍රදේශක සංවිධානය කර ඇත.
රෝහිත රාජපක්‍ෂ මහතාගේ මනාලිය වූයේ ටට්යානා ලිවේරා ජයරත්නයි. සරල බව අගයමින් දේශීය සංස්කෘතියට මුල් තැන දෙමින් නව ආරක විවාහ මංගල උත්සවයක සේයා රූ කිහිපයක්…


රාජපක්ෂවරුන් හා රුහුණු රට අතර පවතින සම්බන්ධතාව සමාන කළ හැක්කේ මව හා දරුවා පෙකණිවැලෙන් සම්බන්ධ වන ආකාරයටය. ඒ තරමටම රාජපක්‍ෂවරුන් හා රුහුණු රට අතර සම්බන්ධයක් තිබේ. ශී‍්‍ර ලංකාවේ ඈත අතීතයේ සිටම යම් යම් පරපුරු රට පාලනයට සම්බන්ධ වී කරන ලද වැඩ කොටස්වල බොහෝ සුවිශේෂීකම් තිබේ.
මහින්ද රාජපක්ෂ ශ්රීා ලංකා ප්රනජාතාන්ත්රියක සමාජවාදී ජනරජයේ හිටපු පස්වන ජනාධිපතිතුමාය. 2010 ජනවාරි 26 වන දා ජනාධිපතිවරණයෙන් දෙවන වරට පත්වීම තුළින්, ඔහු දෙමළ ඊලාම් කොටි සංවිධානයේ ත්රපස්තවාදය රටින් තුරන් කළ හා ඉන් රට සාම මාවතටත්, ශක්තිමත් ප්ර ජාතන්ත්රාවාදයකටත්, සීඝ්රර ආර්ථික සංවර්ධනයකටත් යොමු කළ ජාතික නායකයා ලෙස ඡන්දදායකයින් පිළිගත් බව පැහැදිලි විය.
මහින්ද රාජපක්ෂ ශ්රී ලංකාවේ ජනාධිපතිධුරය දිනා ගත්තේ ත්රරස්තවාදය තුරන් කිරීමත්, ප්රහජාතන්ත්රිවාදය වැඩි දියුණු කිරීමත් පොරොන්දු වූ, ‘මහින්ද චින්තන’ යන පුළුල් ජනතා හිතෛෂී ප්රරතිපත්ති මාලාව පදනම් කරගෙනය. එහි ඇතලත් වූ දෑ අතර, ආර්ථික සහ සමාජීය ප්ර්ශ්න වලට සමාජීය ප්ර්ජාතන්ත්ර වාදී ප්රදවේශ, නොමිලේ අධ්යාකපනය සහ නොමිලේ සෞඛ්යව පහසුකම් යන සමාජ සුබසාධන ප්රවතිපත්ති නොකඩවා පවත්වාගෙන යාම, රාජ්යස සේවය පෞද්ගලීකරණය අත්හිටුවීම, යටිතල පහසුකම් වෙනුවෙන් සුවිශාල ලෙස කැප කිරීම, ගැමි ආර්ථිකය ශක්තිමත් කිරීම, පරිසරය සුරක්ෂිත කිරීම සහ සතුන්ට අවිහිංසාවෙන් සැළකීම වැනි සාම්ප්ර්දායික සාරධර්ම ඉදිරියට ගෙන යාම ද විය.