2019 වර්ෂය මැතිවරණ වර්ෂයක්

“2019 වර්ෂය අනිවාර්යයෙන්ම මැතිවරණ වර්ෂයක් වෙලා ජනතාව ළඟට දේශපාලනඥයෝ එන වර්ෂයක් වෙයි. එදාට ජනතාවට හරි හමන් දේශපාලනඥයෝ තෝරා ගන්න, එවිට මේ ඉන්න පරම්පරාව විතරක් නෙවෙයි. ඔබේ දරුවන් දරුවන්ගේ දරුවන් වෙනුවෙන් සමෘද්ධිමත් රටක් බිහිකරන්න හැකියාව ලැබෙන රටේ උගත් දූ දරුවන්ට අනාගතයක් තියෙන රටක් බිහි කරගන්න අවස්ථාව ලැබෙයි.”

 

  • බැසිල් රාජපක්ෂ – 2018/12/16

හෝමාගම කාන්තා බල මණ්ඩලය

හෝමාගම පොදුජන පෙරමුණ කාන්තා බල මණ්ඩලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍ර දේවී වන්නිආරච්චි මැතිනිය, පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිනිය, සබරගමු පළාත් සභා සභා නායක කංචන ජයරත්න මැතිතුමන්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මැතිතුමන්, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ මැතිතුමන් හා හෝමාගම ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී තුමන් ලා හා මන්ත්‍රී තුමියන්ලාගේ ප්‍රධානත්වයෙන් මේ මොහොතේ දී හෝමාගම මීගොඩ දී පැවැත්වේ.

පොහොට්ටුවේ ඓතිහාසික ජය බැසිල් රාජපක්‍ෂ..

පොහොට්ටුව පිහිටුවා ඓතිහාසික ජයක් ගෙන ආවේ බැසිල් රාජපක්‍ෂයි.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා ගැනත් ගෝටා කියයි..
හෝමාගම, ගොඩගමදී ඊයේ දින පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

හැමෝම අහන ප‍්‍රශ්නයක් තමයි විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්ද කියන එක. විශේෂයෙන්ම ඒ දේ එක්සත් ජාතික පක්‍ක්‍ෂයට ලොකු අභියෝගයක් වෙලා තිබෙනවා. ඒ අය විවිධ මත ගෙන හැර දක්වනවා. මම හිතන්නේ ඒ කාර්යය ගැන මනා අවබෝධයක් තිබෙන, ජනතාවගේ විශ්වාසය දිනාගත්, දේශපාලන වශයෙන් පරිණත සියලූම මහජනතාවගේ නායකයා වූ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නියම අවස්ථාවේදී ඒ තීරණය ගනී. දෙවරක්ම ජනාධිපතිවරණයට තම නායකයා කවුද කියලා ඉදිරිපත් කරන්න බැරි එජාපයට තමයි මේ ප‍්‍රශ්නය වැඩිපුරම ගෙනෙන්නේ.

මේ වෙලාවේ වැදගත් වෙන්නේ අපි අපේ ජනතා බලවේගය ඒකරාශී කිරීමයි. අවශ්‍ය වෙලාවට සැලසුම් සකස් කරලා තිබුණා නම් කුමන නායකයා ආවත් අපිට ජයග‍්‍රහණය කරන්න පුළුවන්කම තිබුණා. එදා වගේම අදත් මහින්ද රාජපක්‍ෂ වටා මේ රටේ ජනතාව ඒකරාශී වෙලා ඉන්නවා. අපිට පක්‍ෂයක් නැතිව තිබෙන අවස්ථාවක පොදුජන පෙරමුණ ඇති කරලා ඓතිහාසසික ජයග‍්‍රහණයක් ලබා දෙන්න බැසිල් රාජපක්‍ෂ මහතාට හැකි වුණා.

සියලූම වෘත්තිකයන්ගේ අදහස් හා දැනුම එකතු කරගෙන ඉදිරි රජයකදී ක‍්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන්නයි වියත්මග ඇති කළේ. එම වැඩපිළිවෙළ මේ රටේ ජනතාව දැනුවත් කිරීමටයි එළිය සංවිධානය ඇති කළේ. ජනතා බලවේගය අධෛර්්‍යයමත් කරන වැඩවලින් අපි වැළකී සිටිය යුතුයි. එදා ඇතැමුන් ජනතාව නොමග යැව්වා. ඒකීය රටක් බලාපොරොත්තු වන, ආරක්‍ෂාවේ වැදගත්කම තේරුම්ගත් ජනතාවගේ බලවේගය ඉදිරියට ගෙන යෑමටයි අප සැමගේ යුතුකම වෙලා තිබෙන්නේ. ව්‍යවස්ථා සංශෝධන මගින් රටට වන හානිය පෙන්වා දුන්නා. අවුරුදු තිහක් තිස්සේ රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් කළ රණවිරුවන්ට ඇතිවෙලා තිබෙන තත්ත්වය ගැන කනගාටුයි. රටේ ආර්ථිකය කඩාවැටිලා.

ආර්ථිකය, ආරක්‍ෂාව ඉහළින් තිබූ, පාතාලය නැති රටක් තමයි එදා ජනවාරි 8 වැනිදා මේ රජයට භාර දුන්නේ. නමුත් අවුරුදු 4 ක් ඇතුළත මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම අපෙන් ගිලිහිලා ගිහින් තිබෙනවා. ජනතාව මුලා කරලා, සැලැස්මක් නැතිව, සුළු ජාතීන්ට බොරු කරලා, බලය ලබා ගැනීම පිණිසම විදේශීය බලවේග සමග එකතු වෙලා මේ රටේ බලය ලබා ගත්තා. ඔවුන්ට මේ රටේ ආරක්‍ෂාව, ස්වෙරීත්වය, ආර්ථිකය ගැන කිසිදු දැක්මක් තිබුණේ නැහැ. අද කොළඹ තත්ත්වය බලන්න. අපි ආරම්භ කළ ව්‍යාපෘති පමණයි අද තිබෙන්නේ. කටු කම්බිවලින්, තාප්පවලින් පිරී තිබූ කොළඹ නගරය සංවර්ධනය කළා, ලස්සන කළා. රටකට ආයෝජන වැදගත්. අපි යුහුසුළුව මේ රටට ආයෝජන ගෙනෙන්න කටයුතු කළා. අද මේ තිබෙන සියලූ ආයෝජන මෙරටට එදා ගෙනාවේ මහින්ද රාජපක්‍ෂ රජයයි. එදා අපි තට්ටු නිවාස පරිසරය දියුණු කළා. කොළඹ නගරයේ ප‍්‍රශ්න අපි අවබෝධ කරගෙන තිබුණා. මංමාවත් සකස් කිරීම ඇතුළු විශාල වෙනසක් ඇති අපි කොළඹ කේන්ද්‍ර කරගෙන ඇති කළා.

දේශපාලන වාසිදායක කතා කරනවා හැරෙන්නට මේ ආණ්ඩුවට කිසිදු දැක්මක්, සැලැස්මක් නැහැ. විවිධ ආයතන අපි එදා කෝට්ටේ නගරයට ගෙන ආවා. මේ රජය පාර්ලිමේන්තුව පමණක් නොව ජනතාවත් මුලා කරමින් සිටිනවා. අද ඔවුන් වැරදි මත ඉදිරිපත් කරමින් සිටිනවා. අපි එදා රාජ්‍ය සේවය කාර්යක්‍ෂම ලෙස භාවිතා කළා. මේ රට සංවර්ධනය කළේ රාජ්‍ය සේවකයන්. වත්මන් රජය සෑම රාජ්‍ය සේවකයෙක්ගෙන්ම පළිගත්තා. එදා රාජ්‍ය සේවකයන්ට නිදහසේ වැඩ කරන්න ඉඩ ලබා දුන්නා. පිටරට උපදේශකයන් නිසා නෙමෙයි මේ රට සංවර්ධනය කළේ.

නමුත් අද රාජ්‍ය නිලධාරීන්ට වැඩක් කරන්න බැහැ. නොබියව, නිදහසේ තීන්දු ගන්න බැහැ. අද රට කඩාවැටිලා තිබෙන්නේ ඒ නිසයි. අ¥රදර්ශී තීන්දු තීරණ හේතුවෙන් රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණා දැම්මා. ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ කඩාවැටීම හේතුවෙන් ලක්‍ෂ හතරකට ආසන්න සංඛ්‍යාවකට රැුකියා අහිමි වුණා. ආණ්ඩුවේ අකාර්ක්‍ෂමතාව, නොහැකියාව වසා ගන්න රාජපක්‍ෂ ආණ්ඩුවට බැනබැන ඉන්නවා. එදා මහින්ද රාජපක්‍ෂ රජය ආර්ථිකය දියුණු කළේ, රට සංවර්ධනය කළේ යුද්ධයක් තිබියදී. ගොවීන්ට පොහොර සහනාධාරය දුන්නා. කෘෂිකර්මාන්තය දියුණු කළා. ආර්ථිකය මෙහෙයවන්න හැකි පුද්ගලයන් එතුමා වටා සිටියා. මේ රජය ඉදිරියට යන්නේ දේශපාලන පළිගැනීම්වලින් පමණයි. ඒ හේතුව නිසයි අද රට මෙවැනි තත්ත්වයකට පත්ව තිබෙන්නේ.

– චාමින්ද කරුණාරත්න

ගාලු මුවදොර මැයි දිනය රැලිය..

සමස්ත ලෝකයේ කම්කරු ප්‍රජාව උත්කර්ශවත් අන්දමින් සමරනු ලබන කම්කරු දිනය අදට (01) යෙදී ඇත. ධනේෂ්වර පංතියට එරෙහිව කම්කරු පිරිසක් පැය 8කට තම වැඩමුරය සීමා කරන ලෙස ඉල්ලමින් 1988 මැයි 01 වැනි දා චිකාගෝ නුවරට එක්වූහ. මෙම වැඩවර්ජනයේ දී කම්කරුවන් 4 දෙනෙකු මිය අතර තවත් කම්කරු නායකයින් අත්අඩංගුවට පත් විය. මෙම අරගලයේදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද මිය ගියහ. එම කම්කරු අරගලයේ කම්කරු අයිතීන් වෙනුවෙන් රුධිරය වැගිරූ තම සගයින් සාදාතනිකව සිහිකිරීමට 1889 වසරේ රැස්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේය. ඒ අනුව සෑම වසරක මැයි 01 වැනි දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍ර‍කාශයට පත්විය. ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය. 1956දී මැයි දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මැයි දින ඉතිහාසය1926 වර්ෂයේ මැයි දිනය කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එදා මැයි දිනය, මැයි පෙරහැරක් පවත්වා වැඩ කරන ජනතාවට කී‍්‍රඩා උපකරණ තෑගි ලෙස ලබා දුන්නේය. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ප්‍ර‍ධාන පක්ෂ වෙන් වෙන් වශයෙන් මැයි දින සැමරුම් උත්සව උත්කර්ශවත් ලෙස සංවිධානය කර තිබේ. ඒ අනුව කොළඹ, මහනුවර, නුවරඑළිය යන ප්‍රදේශවල ප්‍ර‍ධාන වශයෙන් මැයි රැළි පෙළපාල හා උත්සව සංවිධානය කර තිබේ. එසේම ඒ ඒ පක්ෂ විසින් තේමා පාඨ යොදා ගනිමින් මෙම මැයි දින සමරුමට එක්ව සිටින සිටිති. මෙම අවස්ථාවන් සඳහා ඒ ඒ ප්‍ර‍දේශවල විශේෂ රථ වාහන සැලැස්මක් සහ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.

කම්කරු ජනතාවට වෙනුවෙන් සිදු කරනු ලබන මෙම පෙළපාලි සහ උත්සවලදී පක්ෂ භේදයෙන් තොරව පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවධානය යොමු කිරීම ද වැදගත් වේ. පෙළපාලි මග දෙපස හෝ උත්සව භූමි තුළ පොලිතීන්, ප්ලාස්ටික් වතුර බෝතල් ඇතුළු අපද්‍ර‍ව්‍ය නොදැමීමට වගබලාගැනීම ද ඉතා වැදගත් වේ.