ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර ගැටුම් ඇති කිරීමට උත්සහයක්

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපතිවරයාම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් ප්‍රකාශ කළත් එය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තීරණය නොවන බව එහි තරුණ පෙරමුණ පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ විවිධ පාර්ශ්ව ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව මත පළකරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගැටුම් ඇති කිරීමට උත්සහ දරමින් සිටින බවයි.

අද(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ජනාධිපති අපේක්ෂකයා තේරීමේදී පොදුජන පෙරමුණ තීරණාත්මක බලවේගය වියයුතු බව කංචන විජේසේකර මන්ත්‍රීවරයා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

“මීළග ජනාධිපති අපේක්ෂකයා පිලිබද නිරන්තරයෙන් ප‍්‍රශ්න නැගෙනවා. පළාත් පාලන මැතිවරණයේදි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සියයට 14 ජනවරමක් ලැබිලා තියෙනවා. ඒ සියයට 14 ජනවරම නියෝජනය කරමින් මීළඟ ජනාධිපතිවරයා ලෙස මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොදුජන පෙරමුනේ සහායෙන් පත්විය යුතු බව මහින්ද සමරසිංහ ප‍්‍රකාශයක් කළා.

කල්පනා කරලා බැලූවම විවිධ අදහස් තියෙන්න පුලූවන්. ශී‍්‍රලනීපයට වගේම පොදුජන පෙරමුණටත් ඒ වගේ යෝජනා තියෙන්න පුලූවන්. සන්ධානයක් නිර්මාණය වෙනවා නම් ඒ සන්ධානයේ පක්ෂවලට යෝජනා තියෙන්න පුලූවන්.

පොලොවේ යථාර්තයක් එක්ක ඒ යෝජනා ගැන සිතිය යුතුයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සියයට 14 ගන්න වෙලාවේ හිටපු කීදෙනෙක් දැන් ශී‍්‍රලනිපයත් එක්ක ඉන්නවාද කියලා හිතලා බල්ලනත් ඕනේ. මහින්ද රාජපක්ෂ මහතායි මේ රටේ මිනිස්සු ඉල්ලන නායකයා.

මේ රටේ බහුතර ජනතාව නියෝජකය කරන මතය අපෙක්ෂකයා තෝරා ගැනීමේදි සැලකිල්ලට ගත යුතු බවයි අපි විශ්වාස කරන්නේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා විදියට 2015 ජනවාරි 08 වැනිදා මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරපු අයම විපක්ෂයේ අපේක්ෂකයා වුනා.

ඒ නිසා මේ නම් යෝජනා කරන අය ඊළගට විපක්ෂයේ බලකනු වෙන්න පුලූවන් කියන සැකය අපිට තියෙනවා. පොදුජන පෙරමුණයි එජාප විරෝධී සටනේ ප‍්‍රධාන පක්ෂය විදියට කටයුතු කලේ.

ඒ පක්ෂයේ මතය තරුණයින්ගේ මතය නියෝජනය විය යුතුයි. ඒ නිසා අපි අපේ පක්ෂයේ නායකයින්ටත් අනතුරු හඟවනවා. එහෙම නොවුනොත් ඡුන්ද පෙටිටයේ ඡුන්ද ගණන් කරද්දි එක දෙක අතර කරට කර ඡුන්දයක් තියෙයි. අපි මේ ගැන සාකච්ඡා කළ යුතුයි. පොලොවේ යථාර්තය එක්ක අපේක්ෂකයා තේරිය යුතුයි.“

සීනිගම දෙවොල් දේවාලයේ

ගරු මහින්ද රාජපක්ෂ මහතා සීනිගම දෙවොල් දේවාලයේ පැවති විශේෂ ආගමික වතාවත් වලට සහභාගි වු අවස්ථාව සහ ගාල්ල කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට වසර 75ක් සපිරීම නිමිත්තෙන් පැවති අධ්‍යාපන ප්‍රදර්ශනයට සහභාගි වූ අවස්ථාව..

 

පොහොට්ටුවේ අපි රට පුරාම වැඩ

මං පොහොට්ටු සාමාජිකයෙක්.. ශ‍්‍රීලනිපය අතහැරියා.. ජනාධිපති අපේක්‍ෂක ගෝටාභයද..- බැසිල් හෙලි කරයි..
තමන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය තමන් 2015 ජනවාරි මාසයේදී අත්හැරි බවත් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට දේශපාලන පක්ෂ 29ක් සාකච්ඡා කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

වසර තුනකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කළේ ජනතාවගේ අවශ්‍යතාව මත බව පෙන්වා දුන් ඇමැතිවරයා එසේ බිහි වූ ලාබාලතම පක්ෂය අද වන විට මේ රටේ අංක එකේ පක්ෂය වී ඇති බවත් පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිවයින පුරා පැවැත්වීමට නියමිත ගම සමඟ පිළිසඳරක් සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණයට මිනුවන්ගොඩ දී 05 වැනි දා එක්වෙමිනි.

වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව සංවිධාන කෙරෙන ගම සමඟ පිළිසඳරක් සමාරම්භක සම්මන්ත්‍රණය මිනුවන්ගොඩ දී සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා විසිනි.

එහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මේ උදා වෙලා තියෙන්නේ නව වසරක්. මේ නව වසර මැතිවරණ වර්ෂයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මොකද මේ අවුරුද්ද තුළ ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් වගේම පළාත් සභා මැතිවරණයත් අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි. ඒ නිසා මේක තීරණාත්මක වර්ෂයක් ලෙසත් හඳුන්වන්න පුළුවවන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ මේ රටේ ජනතාවගේ අවශ්‍යතාව මතයි. 2015 ජනාධිපතිවරණයෙන් පසුව ජනතාවට රටේ තිබෙන ප්‍රධාන පක්ෂ දෙකම එපා වෙලා තිබුණු වෙලාවක තමයි පොදුජන පෙරමුණ බිහිවුණේ. පොහොට්ටුව ලකුණෙන් රට හමුවට ආ පොදුජන පෙරමුණ ආරම්භයේ සිටම ජයග්‍රාහී ගමනක නියැළුණා.

ඒකට හොඳම උදාහරණය තමයි 2018 පළාත් පාලන මැතිවරණය. ඒ මැතිවරණයේ දී අපේ මේ ලාබාල පක්ෂය දැවැන්ත පක්ෂ සියල්ල පරදවමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. ඒ ජයග්‍රහණය නිසා තමයි රටේ ගමන් මඟ වෙනස් වුණේ කියන එක අපි පැහැදිලිව කියන්න ඒනේ.

මේ වන විට පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට දේශපාලන පක්ෂ 29ක් සාකච්ඡා කර තිබෙනවා. ඒ සාකච්ඡා සියල්ල බොහෝ දුරට දැන් අවසන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම තවත් පක්ෂ ගණනාවක් දැන් අපේ මාවතට පිවිස තිබෙනවා. ඒක සන්තෝෂයට කාරණයක්.

අද වන විට රට තුළ ක්‍රියාකාරීම පක්ෂය බවට පත්ව ඇත්තේ පොදුජන පෙරමුණයි. ගම් මට්ටමින් ශාඛා සමිති හදලා ක්‍රියාකාරී සාමාජිකත්වයක් ඇති එකම පක්ෂ අපේ පොදුජන පෙරමුණ කියන එක අපි ආඩම්බරයෙන් කියනවා. ඒ නිසා මීළඟ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීම අපට ගැටලුවක් නෙමෙයි.

සමහරු අහනවා අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. ඒක තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින්. ඒක අපි ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. අපේ අරමුණ ජයග්‍රහණය නම් අපේක්ෂකයා කවුද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මහින්ද මහත්තයා තෝරලා දෙන ඕනෙම අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරවන්න අපි සූදානම්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා

මට මතකයි අපි බැසිල් මහත්තයා එක්ක එකතු වෙලා පොහොට්ටුව පක්ෂයක් විදියට හදාගෙන යන විට සමහරුන් අපට හිනා වුණ හැටි. සමහරු කිව්වා ඕක කවදාවත් පිපෙන්නේ නැති පොහොට්ටුවක් කියලා. සමහරු කිව්වා වැඩි කලක් යන්න ඉස්සර පොහොට්ටුව නට්ටං වෙනවයි කියලා. ගොඩක් අය අපි දිහා බැලුවේ පිස්සෝ රැලක් දිහා බලන විදියටයි.

හැබැයි දැන් හැමෝටම පොහොට්ටුවේ අගය තේරිලා තියෙනවා. පොහොට්ටුව තමයි මේ රටේ ලොකුම පක්ෂය බවට දැන් පත්වෙලා තියෙන්නේ. අපිට ලක්ෂ 50 ඉක්ම වූ දැවැන්ත ජනබලයක් තියෙනවා. ඒ බව පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී රටටම ඔප්පු කරලා පෙන්වන්න අපට හැකිවුණා.

2019 කියන්නේ අපට තවත් ජයග්‍රාහී වසරක්. මම එහෙම කියන්නේ 2019 වසරේ පැවැත්වෙන්නට නියමිත මැතිවරණ දිහා බලලයි. ඒ සෑම මැතිවරණයක්ම ජයග්‍රහණය කරන්න අපිට හැකියාවක් තිබෙනවා. ඒ නිසා තමයි හැමෝම දැන් පොහොට්ටුව වටේ පෙළගැහෙන්න පටන් අරගෙන තිබෙන්නේ.

හැමෝටම ඕනේ වෙලා තියෙන්නේ පොහොට්ටුව සමඟ සන්ධාන ගත වීමටයි. අපේ පැත්තට එන ඕනෙම කෙනෙක් පිළිගන්න අපි සූදානම් වුණත් කිසිම අවස්ථාවක පොහොට්ටුව පර වෙන්න ඉඩ තියන්නේ නැහැ කියන ප්‍රතිඥාව මම තමුන්නාන්සේලාට දෙනවා. කාටවත් පොහොට්ටුව විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

ඒ නිසා මොන සන්ධාන හැදුවත් අපේ ලකුණ විය යුත්තේ පොහොට්ටුවයි. පොහොට්ටුව තමයි අපේ ජය ලකුණ. අපිට මෙතරම් ජයග්‍රහණ ලැබුණේ ඒ ලකුණ නිසයි. ඒ නිසා කිසිම අවස්ථාවක අපි අපේ ජය ලකුණ අතහරින්න සූදානම් නැහැ. විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන්න නම් අපට පොහොට්ටු ලකුණ අනිවාර්යෙන්ම ඕනේ කියන එකත් අපි බැසිල් මැතිතුමාට මතක් කරන්න කැමැතියි.

 

පොහොට්ටුව නව වසරේ වැඩ අරබයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නව වසරේ වැඩ අරබයි.

ඕනෑම මැතිවරණයක් ජය ගැනීමේ හැකියාව ශක්තිය අපට තියෙනවා – බැසිල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව වසරේ වැඩ ආරම්භ කිරීම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. පක්ෂ කාර්යාලයේ සේවය කරන පිරිස හා පක්ෂයට අනුබද්ධ සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

බෞද්ධ, හින්දු, කතෝලික සියලු ආගමික වතාවත් මධ්‍යයේ නව වසරේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව එම අවස්ථාවට සහභාගි වූ පිරිස අමතමින් බැසිල් රාජපක්ෂ මහතා මෙසේ කීය.

රටම මඩගොහොරුවක තිබුණු වෙලාවකයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය බිහි වුණේ. අපේ පක්ෂය බිහිවෙන වෙලාවේ අපේ ජනතාවට දේශපාලනය කරන්න පක්ෂයක් තිබුණේ නැහැ. දැන් රටට අලුත් දැක්මක් අවශ්‍යයි. අලුත් තරුණ විද්වත් නායකයන් රට පුරා බිහිවිය යුතු කාලයක් මේක. අද සමාජය දූෂණ වංචාවලින් පිරිලා. නීතියේ ආධිපත්‍ය නැති වෙලා. කාන්තා හිංසනය වැඩි වෙලා. කාන්තාවකට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. පිටරට සංචාරකයන් අපිට එවන ලියුම් දැක්කම හිතෙන්නේ අපේ රට සදාචාරය, සංස්කෘතික සභ්‍යත්වය පිරිහිලා කියලයි.

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ දිනනවා වගේම රට හදන කාර්යයත් අපේ පිට පැවරිලා තියෙන්නේ. අපි පක්ෂයක් විදියට අනෙක් සියලු පක්ෂවලට වඩා වැඩියෙන් වැඩ කළ යුතුයි. අනෙක් දේශපාලන පක්ෂවලට වඩා ජනතාවාදී හෘදයාංගම සේවයක් ජනතාව අපෙන් බලාපොරොත්තු වෙනවා. මේ වර්ෂය තමයි අපේ රටේ අනාගතය තීරණය කරන වර්ෂය.

ඒ වගේම දේශපාලන පක්ෂයක් විදියට අපි අපේ පක්ෂයේ වාර්ෂික ගිණුම් ප්‍රකාශනය මැතිවරණ කොමිසමට ලබා දෙන්න පියවර ගන්නවා. ඒ විතරක් නෙවෙයි, අපි අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ටත්, සාමාජිකයන්ටත් පක්ෂයේ වාර්ෂික ගිණුම් ප්‍රකාශනය ලබාදෙනවා. මෙවැනි දෙයක් දේශපාලන ඉතිහාසයේ පළමුවරටයි සිදුවෙන්නේ. පක්ෂයක් වශයෙන් අපි විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම වඩා වැදගත් බවයි මම සිතන්නේ.
අපේ පක්ෂය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අවසරයෙන් එතුමාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වෙන්නේ. මේ වර්ෂයේ පැවැත්වෙන මැතිවරණ පොදුජන පෙරමුණ නායකත්වයෙන් ජය ගන්න අපිට හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය අපිට තියෙනවා.

මෙම අවස්ථාවට පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

2019 වර්ෂය මැතිවරණ වර්ෂයක්

“2019 වර්ෂය අනිවාර්යයෙන්ම මැතිවරණ වර්ෂයක් වෙලා ජනතාව ළඟට දේශපාලනඥයෝ එන වර්ෂයක් වෙයි. එදාට ජනතාවට හරි හමන් දේශපාලනඥයෝ තෝරා ගන්න, එවිට මේ ඉන්න පරම්පරාව විතරක් නෙවෙයි. ඔබේ දරුවන් දරුවන්ගේ දරුවන් වෙනුවෙන් සමෘද්ධිමත් රටක් බිහිකරන්න හැකියාව ලැබෙන රටේ උගත් දූ දරුවන්ට අනාගතයක් තියෙන රටක් බිහි කරගන්න අවස්ථාව ලැබෙයි.”

 

  • බැසිල් රාජපක්ෂ – 2018/12/16

ප්‍රජාතන්ත්‍රවාදය හා මහ මැතිවරණය

මාධ්‍ය නිවේදනය

ඳහන් වුණේ 19 වෙනි සංශෝධනයට පෙර තිබුණු 70(1) වගන්තියෙයි. ඒ වගන්තිය අහෝසි කරලා නම් තියෙන්නෙ, අද ආණ්ඩුවක් රාජාසන කතාව පැරදුනත්, අයවැයක් පැරදුනත්, විශ්වාසභංග යෝජනාවක් සම්මත වුනත්, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න මොනම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක්වත් නෑ.

ඒ වගේ සීමා කිරීමක් ඇති කරන එක පාර්ලිමේන්තු සම්ප්‍රදායට සම්පූර්ණයෙන්ම විරුද්දයි. ලෝකයේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම සහිත හුඟක් රටවල ඉන්නෙ නාමමාත්‍ර රාජ්‍ය නායකයොයි. ඒ වගේ රටවල පවා, සම්ප්‍රදායක් තියෙනවා රාජ්‍ය නායකයාට තම අභිමතය හා තක්සේරුව පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුලුවන් කියලා. බ්‍රිතාන්‍යයේ ඒ.වී. ඩයිසි කියන නීති විශාරදයා කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට වඩා ජනතාවගේ මතය වෙනස් කියලා හැගෙනවනම්, රජතුමාට තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන් කියලා. 1975 දී ඔස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාරවරයා, තම තනි අභිමතය අනුව අගමැති ගෆ් විට්ලම්ව ධූරයෙන් නෙරපලා මහ මැතිවරණයක් කැදෙවුවා.

ඒ වගේම ඉන්දීය ව්‍යවස්ථාවේ නිර්මාතෘ ආචාර්ය බී.ආර්.අම්බෙඩ්කාර් කියලා තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුද නැද්ද කියන එක ඉන්දීය ජනාධිපතිවරයාගේ තක්සේරුව අනුව සිදු විය යුතු බව. ඉන්දීයාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයන් වෙන ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් විසුරුවා හැරීමේදී ඒ අභිමතය මුල ඉඳලම පාවිච්චි කරලා තියෙනවා. 1970 දී පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබූ විපක්‍ෂයේ විරෝධය නොතකා ජනාධිපති වී.වී.ගිරි ඉන්දීය පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. 1979 දී සංජීව රෙඩ්ඩි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඇති වෙච්ච අරාජිකත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව තම තක්සේරුව අනුව විසුරුවා හැරියා.

එහෙම වුණේ නාමමාත්‍ර රාජ්‍ය නායකයෝ ඉන්න රටවල. නමුත් ලංකාවේ ඉන්නෙ ඍජුවම ජනතාව විසින් ඡන්දයෙන් පත් කරන විධායක ජනාධිපතිවරයෙක්. ඔහුට ජනතාව දී ඇති බලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයක් සහ ජනමත විචාරණයකින් මිස කිසිවෙකුටත් අවලංගු කල නොහැකි බව 19 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ සඳහන් වෙනවා. 19 වෙනි සංශෝධනයට පෙර ව්‍යවස්ථාවේ තිබුණු 70(1) වගන්තිය ඉවත් කරයි කියලා කිවුවට, ඇත්තටම සිදු වුණේ 70(1) යටතේ පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට හිමි බලතල ව්‍යවස්ථාවේ වෙනත් තැනකට ගෙන යෑමයි.

පරණ 70(1) වගන්තිය සංශෝධනය කරන අතරම, 19 වෙනි සංශෝධනයෙන් ව්‍යවස්ථාවේ 33 වගන්තියට අලුතෙන් (2)(ඇ) යන උප වගන්තිය එකතු කලා. මේ වගන්තියෙන් කියවෙන්නෙ, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් නීතියකින් ජනාධිපතිවරයාට පවරා ඇති බලතල වලට අමතරව, පාර්ලිමේන්තුව කැඳවීමටත්, වාර අවසාන කිරීමටත්, විසුරුවා හැරීමටත් ජනාධිපතිවරයාට බලය තිබෙන’ බවයි. මේ ආකාරයට අලුතෙන් හඳුන්වාදුන් 33(2)(ඇ) වගන්තිය, 19 සංශෝධනයෙන් වෙනස් කරපු 70(1) වගන්තියට යටත් කියලත් කොහේවත් සඳහන් වෙන්නේ නෑ.

ඒ නිසා වෙන්න ඕන 19 වෙනි සංශෝධනය ගැන 2015 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ, 70(1) වගන්තියට සිදු කර තිබුණු වෙනස්කමින් ජනාධිපතිවරයාගේ බලතල අඩු වුණයි කියලා ප්‍රකාශ නොවුනේ. 70(1) වගන්තිය වෙනස් කලේ ජනාධිපතිවරයාට ඒ යටතේ තිබුණ බලතල අඩු කිරීමට නම්, 70(1) වගන්තිය පමණක් වෙනස් කරන එක තමයි වෙන්න ඕන. පරණ 70(1) වගන්තියේ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න තිබුණ බලය 33(2)(ඇ) වගන්තිය හැටියට නැවත ගෙන ආවේ ජනාධිපතිවරයාට හිමි ඒ බලය ජනමත විචාරණයක් නැතුව අහෝසි කළ නොහැකි නිසා කියලා තමයි නීති විශාරදයෝ කියන්නෙ.

19 වෙනි සංශෝධනයෙන් ඔය විදියටම තවත් වගන්තියක් එක තැනකින් තව තැනකට ගෙනිහිල්ලා තියෙනවා. 1978 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියපු පරණ 42 වගන්තිය අහෝසි කරලා ඒකෙ වචන මොනවත් වෙනස් නොකර 19 වෙනි සංශෝධනයෙන් 33ඒ වගන්තිය හැටියට ව්‍යවස්ථාවට නැවත ඇතුල් කරලා තියෙනවා. එහෙම කලේ ඇයි කියලා ඒගොල්ලන්ගෙන් තමයි අහන්න ඕන. නමුත් ඒකෙ ප්‍රතිඵලය වන්නේ 19 වෙනි සංශෝධනයට පෙරත්, පසුත්, ජනාධිපතිවරයා එකම විදියට පාර්ලිමේන්තුවට වගකිව යුතු වීමයි. පරණ 70(1) වගන්තිය යටතේ තිබුණු බලයක් 33(2)(ඇ) හැටියට නැවත ගෙන ඒමෙනුත් වෙන්නෙ ඒකමයි.

19 වෙනි සංශෝධනයෙන් පස්සෙ, අපේ ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තු සම්ප්‍රදාය රැකිලා තියෙන්නෙ මේ 33(2)(ඇ) වගන්තියෙන්. ඒ වගන්තිය නොසලකා හැර අපි 19 වෙනි සංශෝධනයෙන් වෙනස් කරපු 70(1) වගන්තිය පමණක් පිළිගත්තොත්, සිද්ධ වෙන්නෙ රාජාසන කතාව පැරදුනත්, අයවැය පැරදුනත්, ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත වුනත්, මොනම හේතුවකටවත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ යන නිගමනයට එන්න සිදුවීමයි. එහෙම පාර්ලිමේන්තුවක්, පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් බැහැර වූවක්. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම තියෙන රටවල නාමමාත්‍ර රාජ්‍ය නායකයන්ටත්, අවශ්‍යතාවයක් පැන නැගුන විට තම අභිමතය අනුව පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණ කැඳවන්න පුලුවන්නම්, ලංකාවේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන, ඡන්දයෙන් පත්වෙන ජනාධිපතිට රටේ හා පාර්ලිමේන්තුවේ මොන තත්වයක් ඇති වුණත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියන එක කොයි තරම් තර්කානුකූලද?

19 වෙනි සංශෝධනයෙන්ම 33(2)(ඇ) වැනි අලුත් වගන්තියක් ව්‍යවස්ථාවට හඳුන්වලා දීලා තිබෙද්දිත්, ජනාධිපතිට ඒ වගේ බලයක් නෑ කියන්න පුලුවන්ද? අපේ රණවිරුවන් පිටරට උසාවි වලට භාර දෙන්න නීති හඳපු 2018 අංක 05 දරණ පනත සම්මත වුනේ ඡන්ද 56 න්. නමුත් පාරිලිමේන්තුව විසුරුවලා ජනතා පරමාධිපත්‍යට ඉඩ දෙන්න පාර්ලිමේන්තුවේ ඡන්ද 150ක් ඕන කියලා තර්ක කරන්න පුලුවන්ද? මට ළඟදි කෙනෙක් ගෙනල්ලා දුන්න “ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටුට් ෆෝ ඩෙමොක්රසි ඇන්ඩ් ඉලෙක්ටෝරල් ඇසිස්ටන්ස්” කියලා රටවල් ගණනාවක් එකතුවෙලා හඳපු අන්තර් – රාජ්‍ය ඒ කියන්නේ ඉන්ටර් – ගවර්න්මෙන්ටල් සංවිධානයකින් හදපු වාර්ථාවක්. ඒ සංවිධානයේ ජර්මනිය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ස්විස්ටර්ලන්තය වගේම ඉන්දියාව හා ජපානය වගේ රටවලුත් සාමාජිකත්වය දරණවා.

මේ වාර්ථාවට අනුව, ව්‍යවස්ථාදායකය විසුරුවාහරින්න නම් තුනෙන් දෙකේ බහුතරයක් අවශ්‍ය රටවල් දෙකයි තියෙන්නෙ – ඒ කොසෝවොයි, ලිතුවේනියාවයි. නමුත් ඒ රටවලත්, ආණ්ඩුවට විරුද්දව විශ්වාස භංග යෝජනාවක් සම්මත වීම, රාජසන කතාව පරාජය වීම වගේ අවස්ථාවල ව්‍යවස්ථාදායකය විසුරුවන්න රාජ්‍ය නායකයාට බලය තියෙනවා. නිල කාලය ඉවර වෙනකන් මොනම හේතුවකටවත් ව්‍යවස්ථාදායකය විසුරුවන්න බැරි ඒකෙ සඳහන් වෙන එකම රට නෝර්වේ රාජ්‍යයි. නමුත් නෝර්වේ වල තියෙන තත්වය අපේ රටට වඩා ගොඩක් වෙනස්. ඒ රටේ ඉන්නෙ අපේ බස්නාහිර පලාතටත් වඩා අඩු ජනගහණයක්. ඒ වගේම ඒ රට ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක්.

නෝර්වේජියානු පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවක් පැරදුනත්, අලුත් ආණ්ඩුවක් පත්වෙන තුරු රජතුමා පරණ ආණ්ඩුවට යන්න දෙන්නේ නෑ. ඒ වගේම රජතුමා ප්‍රමුඛ රාජ්‍ය සභාව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම ඒක ගැන විවාද කලත්, කවදාවත් පරාජය කරන සම්ප්‍රදායක් එහේ නෑ. ඉතින් නෝර්වේ වල වැඩිහරියක් තිබිලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති සුළුතර ආණ්ඩු. දැන් තියෙන්නෙත් සුළුතර ආණ්ඩුවක්. නෝර්වේ වල කරන දේවල් ලංකාවේ කරන්න බැරි බව කාටත් පැහැදිලි වෙන්න ඕන.

ප්‍රංශයේ ව්‍යවස්ථාව පරිනාමය වෙච්ච හැටිත් මෙතනට අදාලයි. 1940 ට කලින් ප්‍රංශයේ තිබ්බ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කලින් විසුරුවන්න බැරි තත්වයක් ඇති කරලා තිබුණා. මේ නිසා ඒ කාලේ ප්‍රංශයේ දිගින් දිගටම අස්ථාවර ආණ්ඩු ඇතිවුනා. 1940 දී හිටලර් ප්‍රංශය ආක්‍රමණය කළා. ඒකෙන් ගොඩ ඇවිල්ල ප්‍රංශය 1946 අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන කොට පාර්ලිමේන්තුව කලින් විසුරවන්න බැහැයි කියන නීතිය වෙනස් කරලා ආණ්ඩුවකට විරුද්ධව මාස 18 ක් ඇතුලත විශ්වාසභංග යෝජනා දෙකක් සම්මත වුණොත් පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් පවත්වන්න ප්‍රතිපාදන සැලසුවා.

නමුත් ස්ථාවර ආණ්ඩු ඇතිකරන්න ඒකත් ප්‍රමාණවත් නොවුන නිසා 1958 දී සම්මත වූ ප්‍රංශයේ වත්මන් ව්‍යවස්ථාවෙන් ඒ රටේ පාර්ලිමේන්තුව ඕනම වෙලාවක කලින් විසුරුවලා ඡන්ද පවත්වන්න සම්පූර්ණ අභිමතානුසාරී බලය ප්‍රංශ ජනාධිපතිවරයාට දීල තියෙනවා. අපි ඒ අත්දැකීම් වලින් ඉගෙන ගන්න ඕන. පාර්ලිමේන්තුවක් විසුරුවා හැර ඡන්දයක් පැවැත්වීමෙන් ඒ විසුරුවා හරින පුද්ගලයාටත් බලපෑමක් ඇති වෙන නිසා කිසිම රාජ්‍ය නායකයෙක් ආවට ගියාට පාර්ලිමේන්තුවක් විසුරුවා හරින්නේ නෑ. බරපතල තත්වයක් යටතේ විතරයි ඒ වගේ තීන්දුවක් කවුරු වුණත් ගන්නෙ. අස්ථාවර වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කරන්න තියෙන එකම මෙවලම තමයි මහ මැතිවරණය. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය හිමි වන්නේ පාර්ලිමේන්තුවට නොව ජනතාවටයි. ඒ පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැගෙන්නෙ සර්වජන ඡන්ද අයිතිය තුළිනුයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ඔබ, මේ ගැන සිතා බලන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි

සුබ අනාගතයක්!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ

2018 දෙසැම්බර් 02

2018 _________ 25 _____

පොහොට්ටුවේ ඓතිහාසික ජය බැසිල් රාජපක්‍ෂ..

පොහොට්ටුව පිහිටුවා ඓතිහාසික ජයක් ගෙන ආවේ බැසිල් රාජපක්‍ෂයි.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා ගැනත් ගෝටා කියයි..
හෝමාගම, ගොඩගමදී ඊයේ දින පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

හැමෝම අහන ප‍්‍රශ්නයක් තමයි විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්ද කියන එක. විශේෂයෙන්ම ඒ දේ එක්සත් ජාතික පක්‍ක්‍ෂයට ලොකු අභියෝගයක් වෙලා තිබෙනවා. ඒ අය විවිධ මත ගෙන හැර දක්වනවා. මම හිතන්නේ ඒ කාර්යය ගැන මනා අවබෝධයක් තිබෙන, ජනතාවගේ විශ්වාසය දිනාගත්, දේශපාලන වශයෙන් පරිණත සියලූම මහජනතාවගේ නායකයා වූ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නියම අවස්ථාවේදී ඒ තීරණය ගනී. දෙවරක්ම ජනාධිපතිවරණයට තම නායකයා කවුද කියලා ඉදිරිපත් කරන්න බැරි එජාපයට තමයි මේ ප‍්‍රශ්නය වැඩිපුරම ගෙනෙන්නේ.

මේ වෙලාවේ වැදගත් වෙන්නේ අපි අපේ ජනතා බලවේගය ඒකරාශී කිරීමයි. අවශ්‍ය වෙලාවට සැලසුම් සකස් කරලා තිබුණා නම් කුමන නායකයා ආවත් අපිට ජයග‍්‍රහණය කරන්න පුළුවන්කම තිබුණා. එදා වගේම අදත් මහින්ද රාජපක්‍ෂ වටා මේ රටේ ජනතාව ඒකරාශී වෙලා ඉන්නවා. අපිට පක්‍ෂයක් නැතිව තිබෙන අවස්ථාවක පොදුජන පෙරමුණ ඇති කරලා ඓතිහාසසික ජයග‍්‍රහණයක් ලබා දෙන්න බැසිල් රාජපක්‍ෂ මහතාට හැකි වුණා.

සියලූම වෘත්තිකයන්ගේ අදහස් හා දැනුම එකතු කරගෙන ඉදිරි රජයකදී ක‍්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන්නයි වියත්මග ඇති කළේ. එම වැඩපිළිවෙළ මේ රටේ ජනතාව දැනුවත් කිරීමටයි එළිය සංවිධානය ඇති කළේ. ජනතා බලවේගය අධෛර්්‍යයමත් කරන වැඩවලින් අපි වැළකී සිටිය යුතුයි. එදා ඇතැමුන් ජනතාව නොමග යැව්වා. ඒකීය රටක් බලාපොරොත්තු වන, ආරක්‍ෂාවේ වැදගත්කම තේරුම්ගත් ජනතාවගේ බලවේගය ඉදිරියට ගෙන යෑමටයි අප සැමගේ යුතුකම වෙලා තිබෙන්නේ. ව්‍යවස්ථා සංශෝධන මගින් රටට වන හානිය පෙන්වා දුන්නා. අවුරුදු තිහක් තිස්සේ රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් කළ රණවිරුවන්ට ඇතිවෙලා තිබෙන තත්ත්වය ගැන කනගාටුයි. රටේ ආර්ථිකය කඩාවැටිලා.

ආර්ථිකය, ආරක්‍ෂාව ඉහළින් තිබූ, පාතාලය නැති රටක් තමයි එදා ජනවාරි 8 වැනිදා මේ රජයට භාර දුන්නේ. නමුත් අවුරුදු 4 ක් ඇතුළත මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම අපෙන් ගිලිහිලා ගිහින් තිබෙනවා. ජනතාව මුලා කරලා, සැලැස්මක් නැතිව, සුළු ජාතීන්ට බොරු කරලා, බලය ලබා ගැනීම පිණිසම විදේශීය බලවේග සමග එකතු වෙලා මේ රටේ බලය ලබා ගත්තා. ඔවුන්ට මේ රටේ ආරක්‍ෂාව, ස්වෙරීත්වය, ආර්ථිකය ගැන කිසිදු දැක්මක් තිබුණේ නැහැ. අද කොළඹ තත්ත්වය බලන්න. අපි ආරම්භ කළ ව්‍යාපෘති පමණයි අද තිබෙන්නේ. කටු කම්බිවලින්, තාප්පවලින් පිරී තිබූ කොළඹ නගරය සංවර්ධනය කළා, ලස්සන කළා. රටකට ආයෝජන වැදගත්. අපි යුහුසුළුව මේ රටට ආයෝජන ගෙනෙන්න කටයුතු කළා. අද මේ තිබෙන සියලූ ආයෝජන මෙරටට එදා ගෙනාවේ මහින්ද රාජපක්‍ෂ රජයයි. එදා අපි තට්ටු නිවාස පරිසරය දියුණු කළා. කොළඹ නගරයේ ප‍්‍රශ්න අපි අවබෝධ කරගෙන තිබුණා. මංමාවත් සකස් කිරීම ඇතුළු විශාල වෙනසක් ඇති අපි කොළඹ කේන්ද්‍ර කරගෙන ඇති කළා.

දේශපාලන වාසිදායක කතා කරනවා හැරෙන්නට මේ ආණ්ඩුවට කිසිදු දැක්මක්, සැලැස්මක් නැහැ. විවිධ ආයතන අපි එදා කෝට්ටේ නගරයට ගෙන ආවා. මේ රජය පාර්ලිමේන්තුව පමණක් නොව ජනතාවත් මුලා කරමින් සිටිනවා. අද ඔවුන් වැරදි මත ඉදිරිපත් කරමින් සිටිනවා. අපි එදා රාජ්‍ය සේවය කාර්යක්‍ෂම ලෙස භාවිතා කළා. මේ රට සංවර්ධනය කළේ රාජ්‍ය සේවකයන්. වත්මන් රජය සෑම රාජ්‍ය සේවකයෙක්ගෙන්ම පළිගත්තා. එදා රාජ්‍ය සේවකයන්ට නිදහසේ වැඩ කරන්න ඉඩ ලබා දුන්නා. පිටරට උපදේශකයන් නිසා නෙමෙයි මේ රට සංවර්ධනය කළේ.

නමුත් අද රාජ්‍ය නිලධාරීන්ට වැඩක් කරන්න බැහැ. නොබියව, නිදහසේ තීන්දු ගන්න බැහැ. අද රට කඩාවැටිලා තිබෙන්නේ ඒ නිසයි. අ¥රදර්ශී තීන්දු තීරණ හේතුවෙන් රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණා දැම්මා. ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ කඩාවැටීම හේතුවෙන් ලක්‍ෂ හතරකට ආසන්න සංඛ්‍යාවකට රැුකියා අහිමි වුණා. ආණ්ඩුවේ අකාර්ක්‍ෂමතාව, නොහැකියාව වසා ගන්න රාජපක්‍ෂ ආණ්ඩුවට බැනබැන ඉන්නවා. එදා මහින්ද රාජපක්‍ෂ රජය ආර්ථිකය දියුණු කළේ, රට සංවර්ධනය කළේ යුද්ධයක් තිබියදී. ගොවීන්ට පොහොර සහනාධාරය දුන්නා. කෘෂිකර්මාන්තය දියුණු කළා. ආර්ථිකය මෙහෙයවන්න හැකි පුද්ගලයන් එතුමා වටා සිටියා. මේ රජය ඉදිරියට යන්නේ දේශපාලන පළිගැනීම්වලින් පමණයි. ඒ හේතුව නිසයි අද රට මෙවැනි තත්ත්වයකට පත්ව තිබෙන්නේ.

– චාමින්ද කරුණාරත්න