ජනතා විමුක්ති පෙරමුණ රජයේ ම කොටසක්.

අද (13) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මාධ්‍යවේදින්

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා
රටක සංකීර්ණ වටපිටාවක් දේශපාලන ආර්ථික බලපෑම් වශයෙන් තියෙන අවස්ථාවක අගමැති ජනපති දෙදෙනා ම රටින් බැහැරව ගිහින්. බිලියන විසි එකක් රටේ ජනතාව නිශ්ශබ්දව ඉන්නේ කරන්න දෙයක් නැති නිසයි. මිනිසුන්ගේ ප්‍රශ්නයක් කියන්න කෙනෙක් නැති තත්ත්වයකයි රට තියෙන්නේ .මේ නිසා ඉවසා සිටීම ජනතාවගේ න්‍යාය වෙලා. පාස්කු සිද්ධියෙන් පස්සේ බල කේන්ද්‍ර දෙකක් මිලියන විසි එකක් ජනතාව උගසට තියලා කටයුතු කරනවා. ජනාධිපති කැබිනට් මණ්ඩලය වර්ධනය කරනවා. කැබිනට් මණ්ඩලය රැස් නොවී රටක් ඉදිරියට යන පළමු අවස්ථාව මේකයි. අගමැති ජනපති රටින් බැහැරව ගිය තමන්ගේ කටයුතු වෙනත් ඇමති වරයෙකුට හෝ පවරා නැහැ .රටේ සියලු අභ්‍යන්තර ප්‍රශ්න පැත්තකට තියලා කතානායක වරයා තමන්ට ඕන විදිහට හිතු මනාපය මනාපයේ කටයුතු කරගෙන යාමක් යාම කොයි සිද්ධවෙනවා.පාස්කු ඉරිදා සිද්ධියෙන් පස්සේ රටකට දරාගන්න බැරි දරුණු දරුණු ව්‍යසනයකට සේයාවන් ජනතාව දැක්කා.රටේ නායකයෝ එකිනෙකාට බෝලය පාස් කරගන්නවා මිස සැබෑ ප්‍රශ්ණයට විසඳුමක් දෙන්නේ නැහැ. රට අරාජික වෙලා තියෙන මේ මොහොතේ ආණ්ඩුව සූදානම් වෙමු විපක්ෂ විපක්ෂ නායකවරයා වගකිවයුත්ත යුත්තේත් දැනට දමන්නයි.
ව්‍යවස්ථාමය වශයෙන් විපක්ෂ විපක්ෂ නායකවරයාට තිබෙන භූමිකාව විපක්ෂය විසින් නිවැරැදිව ඉටු කරමින් තිබෙනවා. ජනතාව වෙනුවෙන් විපක්ෂයෙන් ඉටුවිය යුතු දේවල කිසිදු අඩුවක් විපක්ෂයෙන් සිදු වෙලා නැහැ .විපක්ෂයේ වශයෙන් පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලුවා .රිෂාඞ් බදුර්දීන් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවා. අපි විපක්ෂයේ භූමිකාව නිවැරදිව කරගෙන ගියත් කථානායකවරයාගේ හැසිරීම නිසා රටේ අර්බුදයක් ඇති වුණා. අතුරලියේ රතන හිමියන් උපවාසයක් ඇරඹුවා .ඒ සියලු සිදුවීම්වල වගකීම කතානායකවරයා බාර ගන්න ඕනේ .ප්‍රශ්නය විසඳනවා වෙනුවට ආණ්ඩුව උත්සාහ කළේ රිෂාද් බදුර්දින් ඇමතිවරයා ආරක්ෂා කිරීමටයි .ඉතිහාසය පුරා මේ වන වන තෙක් විශ්වාසභංග හතළිස් නවයක් ඉදිරිපත් වෙලා තියෙනවා .ඒ කිසිදු අවස්ථාවක මෙවැනි තේරීම් කාරක සභාවක් පත් කරලා නැහැ.පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් උසාවියේ නඩු 5ක් පහක් ගොනු වෙලා තිබෙනවා .සිද්ධියට සම්බන්ධ කරුණු තේරීම් කාරක සභාව හමුවේ සාකච්ඡාවක ගැනීම මේ නිසා නීතියට පටහැනි බව නීතිපතිවරයා විසින් කථානායකවරයාට ලිඛිතව දන්වා තිබෙනවා .කතානායකවරයා විසින් මේ ලිපිය තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ. අඩුම තරමේ කතානායක වරයා එකී ලිපිය පිළිගන්නේද නැද්ද යන්නවත් සඳහන් කර නැහැ .ඒ කියන්නේ මේ වෙද්දි විධායකය ව්‍යවස්ථාදායකය විධායකය යනු කුළුණු තුනම බාල්දු වෙලා. නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කෙරුණු ලිපිය නොසළකා හරිම බරපතළ තත්ත්වයක් .මෙවැනි තත්ත්වයක් යටතේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම විපක්ෂයේ හා විපක්ෂ නායකවරයාගේත් වගකීමයි.පාස්කු ඉරිදා සිදු වීමෙන් පසු ව මේ වන තෙක් වන තෙක් පක්ෂය වශයෙන් අපි හානියට පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටියා.
ආණ්ඩුව අවුරුදු හතර හමාරක් රාජපක්ෂ මුව හමට තඩිබාමින් විපක්ෂයේ පිරිස හිරේ දැම්ම කෙරෙහි අවධානය යොමු කළා මිසක් රටේ ආරක්ෂාව සමාජ සවිබලගැන්වීම වැනි අත්‍යවශ්‍ය සියලු දේවල් තමන්ගේ අවධානය යොමු කළේ නැහැ .දැන් ලක්ෂ හාරදාහක විතර ප්‍රචාරණ වියදමක් දරමින් සමෘද්ධි සහනාධාර ලබාදෙනවා .දැන්වීම් වලට විතරක් කෝටි ගණන් වියදම් කරනවා .ජනතාව සිටින්නේ එදිනෙදා ජීවත් වීමේ ද අමාරුවකින් .ජනතාව වෙනුවෙන් කිසිවක් නොකල ආණ්ඩුව මේ කරන්නේ කරන්නේ තමන්ගේ දේශපාලන උවමනාවන් .
මේ සියලු දේ අතර රනිල් වික්‍රමසිංහ සූදානම් වන්නේ මාධ්‍ය මර්දනයටයි .මාධ්‍යයට බල්ලා බූරුවා කියමින් පටන් ගත්ත ගමන අවසානයේ ලෑස්ති කරගන්න කියන පණිවිඩයක් දුන්නා . අගමැතිවරයාගේ තක්කඩි කටයුතු ඉදිරියට ගෙනයන්න නම් මාධ්‍ය මර්දනය කළ යුතු බව අගමැතිවරයා වටහාගෙන තිබෙනවා. මාධ්‍ය මර්දනය සඳහා අවශ්‍ය අණ පනත් ගේන්න රජය සූදානම්.ප්‍රතිත්‍රස්ත පනතත් එ වැන්නක්.ප්‍රතිතස්ත පනත මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් මර්දනය කරනවා .
මුස්ලිම් ඇමැතිවරුන් ගේ ඒකමතික තීරණයට හේතු වුනේ රිෂාඞ් බදුර්දින් ඇමතිවරයා ඉල්ලා අස් නොවීමයි .ඕනම වැරදි වඩා වැඩක් කලොත් කළේ අපේ කෙනෙක් නම් අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා වැනි පණිවිඩය කුයි මෙයින් දුන්නෙ .ජනතාව අතරේ මේ තත්ත්වය සම්බන්ධයෙන් විරෝධයක් ඇති වෙලා .රට ව්‍යාකූල කිරීමේ වගකීම රජය භාර ගත යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
අනුර කුමාර දිසානායක මහතා රජයට ගෙදර යන්න කියනවා. රජය ගෙදර යනවා නම් රජයත් එක්ක අනුර කුමාරත් ගෙදර යන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙත් රජයේ ම කොටසක්. පොඩි ළමයි සෙල්ලම් කරද්දි මුණ හංග ගත්තා ම තමන්ව පේන්නේ නෑ කියල හිතනවා. ඒ උනාට පස්සේ එළියෙ . අපේ ජනතාව බුද්ධිමත්. මේ ආණ්ඩුව ගේන්න ජනතා විමුක්ති පෙරමුණ විශාල වැඩ කොටසක් කළ බව ජනතාව දන්නවා . ජනාධිපතිවරණය අවසන් කැන්වසින් එක කළේ ජනතා විමුක්ති පෙරමුණ. පෝස්ටර් ගැහුවේ ජනතා විමුක්ති පෙරමුණ. ආණ්ඩුව බලයට ගෙනත් ආණ්ඩුවේ භූමිකාව ඉටු කරලා අද ආණ්ඩුවට ගෙදර යන්න කියලත් කියනවා .එහෙමනම් අනුර කුමාරත් ගෙදර යන්න ඕනෙ. පාලන මැතිවරණයේ දී ආණ්ඩු විරෝධී ඡන්ද ජනතා විමුක්ති පෙරමුණට නොලැබුනේ අනුර කුමාර දිසානායක ලා කියන්නේ ආණ්ඩුවෙන් කොටසක් බව ජනතාව දන්න නිසයි .රනිල් වික්‍රමසිංහ ඇතුළු ආන්ඩුවේ සන්නිවේදන කණ්ඩායම ආණ්ඩුවේ දුබලතාවය වසා ගන්න අලූත් පාරකට ඇවිත්. පාස්කු සිද්ධියට සහ ආණ්ඩුවේ දුර්වලතාවය දුබලතාව නොහැකියාව නිසා සිදුවුණු දේවල් විපක්ෂය පිටත් පටවන්න උත්සාහ කරනවා .අද රටේ ඇතිවෙලා තියෙන අවාසනාවන්ත තත්ත්වයට විපක්ෂය වගකිව යුතු නැහැ. ආණ්ඩුවට දැන් කරන්න තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයක් පවත්වා ජනතාවට තමන්ගේ නියෝජිතයන් තෝරා ගැනීමට අවස්ථාව ලබා දීම පමණයි.
පාස්කු ඉරිදා ඒ අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය තුවාල ලැබූ පුද්ගලයින් පුද්ගලයින් ට සාධාරණත්වයක් ඉටු වූවායැයි යි සිතන්න බැහැ. ළඟ තිබුණු කඩු කිනිසි ලැබුණාට එතැනින් එහාට පරීක්ෂණ වෙන්නේ නැහැ. පරීක්ෂණ වෙන බවක් පේන්නෙ නැහැ. ආණ්ඩුවට ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ අවශ්‍යතාවයක් නැහැ .ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට පියවර ගන්නවා වෙනුවට ආණ්ඩුව උත්සහ කරන්නේ තේරීම් කාරක සභා විගඩම මගින් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමයි .ජනාධිපතිවරයාත් එකට එක කරනවා මිසක් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. කැබිනට් මණ්ඩලයේ රැස් වෙන්නේ නැහැ . රටේ දැවෙන ප්‍රශ්න වලට කැබිනට්ටුව රැස් නොවී රටක් වශයෙන් ඉදිරියට යන්න තීරණ ගන්නේ කොහොමද

ඇත්තටම ආන්ඩු බලය තියෙන්නේ කාටද?

අද (12) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මාධ්‍යවේදින්

■ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා
ජනාධිපති අගමැති විතරක් නෙවෙයි දැන් කතානායකවරයාත් අවිඅමෝරාගෙන ඉන්නේ. මේ තුන්පාර්ශ්වයට එකිනෙකාට දොස් පවරා ගන්නවා මිස රටේ පාලන බලය ගැන බලන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යෝජනා කරන නම් වෙනුවට අමාත්‍යංශවල නියෝජ්‍ය අමාත්‍යවරුන්වම වැඩ බලන ඇමැතිවරුන් ලෙස පත්කරන්න ජනාධිපතිවරයා තිරණ කළා. මේකෙන් අර්බුදය අග්‍ර වුනා. අද වන විට රටේ බලය පාලක පන්තියෙන් ගිලිහිලා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ වහාබ් අන්තවාදය ගැන පරික්ෂණ පැවැත්වෙනවාද අපි කිසිවෙක් දන්නේ නැහැ. රජයේ අවධානය ඊට යොමු නොවිම නිසා අපි ඉන්නේ වෙනදාටත් වඩා අනාරක්ෂිත තත්ත්වයක. ලංකාවේ නිදහසින් පස්සේ මෙවැනි තත්ත්වයක් ඇති වුනු පළමු අවස්ථාව.
ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය අපිට තේරුම් ගන්න වෙනවා. ව්‍යවස්ථාවේ හත්වෙනි පරිච්ඡේදය අනුව ජනාධිපතිවරයා ආණ්ඩුවේ විධායකයේ සන්නද්ධ සේවාවල ප්‍රධානියායි. කැබිනට් මණ්ඩලය පත් කිරිමනිති විරෝධීයි කියලා සභානායක කිරිඇල්ල කියනවා. කැබිනට් මණ්ඩලය රැස් නෙවෙන්නේ ඇයි කියලා සොයා බලා තත්ත්වය නිවැරදි කිරීමයි ඔවුන් කළ යුතු වන්නේ. අගමැති කියනවාපාර්ලිමේන්තුවේ 225ම රටට එපා වෙලාලු. ඒක ඔවුන්ගේ අලුත් කතාව. 225 කියන්නේ ආණ්ඩුව නෙවෙයි. ජනාධිපති අගමැති හා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුයි ආණ්ඩුව කියන්නේ. ආණ්ඩුව තමන්ගේ අකාර්යක්ෂමතාවය හංගලා 225ටම ඒ අකාර්යක්ෂමතාවය ගාවලා තමන්ට බැරි දේ අනිත් අයටත් බැහැ කියන්නයි හදන්නේ. විපක්ෂයේ හොදට වැඩ කරන්න පුලුවන් අය ඉන්නවා.ඒ අය වැඩ කරලා තියෙනවා. වැඩ පෙන්වලා තියෙනවා. එයාලාගේ වැඩ බැරිකම හැමෝටම ආරfාපනය කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයකයි අගමැතිවරයා ඉන්නේ. පක්ෂයේ ජනාධීපතිවරයා සමග හෝ සමගියක් ඇති කරගන්න අගමැතිට බැරිවෙලා. රටේ ප්‍රදාන ප්‍රශ්නය දැන් ආණ්ඩුවෙන් ගිලිහිලා. පාස්කු ප්‍රහාරයෙන් 300ට වඩා මැරිලා 500ට වඩා තුවාල ලැබුවා. ඒිතුවාල වුනු අයට බෙහෙත් නැහැ. සෞඛ්‍ය ඇමැතිවරයා ඒ අය බලන්නවත් ගිහින් නැහැ. මේක ඛේදවාචකයක්. වැරදිකාරයෝ වෙලා තියෙන්නේ පාස්කු ඉරිදා ආගම අදහන්නන ගිය විතරයි.
අද බඅරුතු පිටින් මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වෙලා. අපේ කිසිවෙකුට හෝ අත තිබ්බොත් ඇමැති පදවිවල ඉන්නේ නැහැ කියලයි මෙයින් කියන්නේ. මේක බරපතල තත්ත්වයක්. වැරදිකරුවෝ ඉන්නවා නම් පැමිණීලි දාන්න කියනවා. හදුසි නිතිය යටතේ ඕන කෙනෙක් අත් අඩංගුවට ගන්න පුලුවන්. එහෙම තියෙද්දි ඇමැතිවරුන්ට විතරක් පරීක්ෂණ පවත්වන්න සාක්ෂි ඉල්ලනවා. ඡන්ද ගොඩ රැක ගන්න අන්තවාදින් එක්ක වුනත් එකතු වීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියලයි මෙයින් පේන්නේ. රටේ ආර්ථිකය දැන් හොදටම බිදවැටිලා. කෘෂි නිෂ්පාදනවලට මිලක් නැහැ. ඇමැතිවරු නිදි. අපේ පළාතේ පොල් තොග මිලට රුපියල් 20ටත් අඩුයි. කොළඹ පොල් විකුණන්නේ රුපියල් 55ටත් වැඩි මිලකටයි. පොල් සංවර්ධන මණ්ඩලය නිහඩයි. වගා කිරීමේ මණ්ඩලය සහ ඇමැතිත් නිහඩයි. ගොවින්ට අද දුක කියන්න කෙනෙක් නැහැ. ගොවින්ට වියදම් කරපු මුදලවත් හොයාගන්න බැරිව අසරණ වෙලා. හැම මාසෙකම ඉන්ධන මිල වැඩිවෙනවා. ඉන්ධන මිල සුත්‍රය ගෙනාවේ ටැක්ස් ටැක්ස් ගහන්නද? නැත්නම් නැත්නම් ඛණිජ තෙල් සංස්ථාවේ අලාභය නැති කරගන්නද? ඇමැතිවරිය කියලා තිබුණු මේ වෙලාවේ රුපියල් 15ක්න් වැඩිකරන්න තිබුණු තෙල් මිලයි රුපියල් 3කින් වැඩිකලේ කියලා. හැම වසරකදිම ජුනි මාසයේ ලෝකයේ තෙල් මිල අඩු වෙනවා.ලෝක තෙල් මිලත් එක්ක සමපාත වුනා නම් මේ විදියට තෙල් මිල වැඩි කරන්න බැහැ. ආණ්ඩුව තෙල් මිල වැඩි කරන්නේ පඩි ගෙවිම් හා එදිනෙදා වැය සදහා මුදල් හොයා ගැනිමටයි. භාණ්ඩාගාරයට බදු ගැනීම අඩු වැඩි වීම විතරයි මිල සූත්‍රයෙන් වෙන්නේ.
වෛද්‍ය සාෆි අද ලොකු ප්‍රශ්නයක්. සිසේරියන් සැත්කම්වලදී කාන්තාවන් වදභාවයට පත්කළා කියලා චෝදනාව ඔහුට එල්ල වෙලි තියෙනවා. මේක අපිට හොයන්න බැහැ. හොයන්න අපිට තේරෙන්නෙත් නැහැ. සෞඛ්‍ය ඇමැති ඒ පිළිබදව නිහඩයි. ඇමැති පත්කරපු කමිටුවට සාක්ෂි දිම රෝහල් සේවකයින් ප්‍රතික්ෂේප කරනවා. වෛද්‍යවරුන්ගේ ආචාර ධර්ම නියාමනය වෙන්නේ වෛද්‍ය සභාවෙන්. වෛද්‍ය සභාවේ සභාපති මේ සම්බන්ධයෙන් සභාවේ කතා කිරිම ප්‍රතික්ෂේප කරලා. වෛද්‍යවරුන්ගේ විෂමාචාර හොයලා ඔහු වෛද්‍යවරයෙක් විදියට කටයුතු කළ යුතුද කියලා තිරණය කරන්නේ කවුද? වෛද්‍යසභාව කියන්නේ ස්වාධින ආයතනයක්.
සමෘද්ධිලාභින් ප්‍රමාණය ලක්ෂ හයකින් වැඩි කළා. නැති බැරි කෙනෙකුට සමෘද්ධි සහනාධාරය දුන්නට ප්‍රශ්නයක් නැහැ. නමුත් සමෘද්ධිය දේශපාලනීකරණයකිරිමවැරදියි. සමෘද්ධිය ආරම්භ කරන අවස්ථාවේ ප්‍රධාන නිර්ණායකය වුනේ එවකට ආහාර මුද්දර සහිත විම. ඔවුන් සියලු දෙනාට සමෘද්ධිය දුන්නා. ඒකට දේශපාලනයක් සම්බන්ධ වුනේ නැහැ. පළවෙනි වතාවටයි සමෘද්ධි සහනාදාරය දේශපාලනිකරණය වීම පටන් ගත්තේ. මීට වඩා භයානක වන්නේ ඉතුරුම්ලාභින්ගේ ඉතුරුම් මුදල් රුපියල් 500 ගානේ කපලා ටිෂර්ට් මහලා දීලා බැංකුවලින්ම උත්සව පවත්වන්න දේශපාලනඥයෝ පියවර අරන් තියෙනවා. පයබරවායට පිටිකර බෙහෙත් බැදලා වැඩක් නැහැ. මේ නැති කරන්නේ ආන්ඩුවේ නැති වෙන කීර්තිය රදවා ගන්න. ඒක වෙන්නේ නැහැ. තියෙන කිර්තියත් නැති වෙන එකයි වෙන්නේ. කරුණාකරලා දේශපාලනය නැති බැරි මිනිස්සුන්ගේ සහනාදාරයට ඇතුල් කරන්න එපා. අපේ රටේ පාලනය වෙනුවට දැන් තියෙන්නේ දුර්පාලනයක්. ඇත්තටම ආන්ඩු බලය තියෙන්නේ කැටද. කතානායකවරයා මෙවැනි දේට මැදිවිමත් සුදුසු නැහැ.
අද තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුතේරීම් කාරක සභාවක් හැසිරිය යුතු ආකාරයට නෙවෙයි හැසිරෙන්නේ. කතානායකවරයා තමන්ගේ කීර්තිය නැති කර ගත්තා වගේම ඔහු නායකත්වය දරන පාර්ලිමේන්තුවේ කිර්තියත් නැති කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් අපි කණගාටු වෙනවා. රටේ සැබි ප්‍රශ්නය සෙවිම වෙනුවට වෙනත් ප්‍රශ්නවලට මහජනයා යොමු කරමින් ගැටුම් ඇති කරනවා නම් ඒක රටකට කරන බරපතල වැරැද්දක්. රජයක් තියෙන්නේ ආන්ඩු කරන්න. ආන්ඩු කරන්න සමගියක් තියෙන්න ඕනේ.මේ දුර්දාන්ත පාලනය වෙනස් කරන්න මහ මැතිවරණයකට යමු. බැරිකම වහගන්න බොරුවට ප්‍රවෘත්ති සාකච්ඡා තියන්න එපා . බැරි ආන්ඩුව ජනතාවට බැරි බැරියාව හැදෙන්න කලින් කරුණාකරලා නික්ම යන්න.

■ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා
එජාපය හා ඒකාබද්ධ විපක්ෂ කාව දඩමිමා කරගෙන මේ තේරීම් කාරකසභාව ගෙනාවද කියන එක ප්‍රශ්නයක් යැයි ශ්‍රීලනීප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියලා තියෙනවා.අපි තේරීම් කාරක සභාවක් ඉල්ලුවේ කිසිවෙක් ඉලක්ක කරගෙන නෙවෙයි. තුන්සියයක් පමණ මිය ගහින් 500ට වැඩි පිරිසක් රෝගින් වුනු පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වගකිවයුත්තන් සොයා ගන්නයි අපිට අවශ්‍ය වුනේ. තේරිම් කාරක සභාවට අත්සන් කරලා කතානායකවරයාට ලියවිල්ල දිලා පාර්ලිමේන්තුවට ආපුවාම එජාපය පළාත් සභා මැතිවරණ පනතට කළා වගේම විකෘති වැඩපිළීවෙලකට සූදානම් වෙන බව පෙනුනා. අපි ගෙනාපු විශ්වාසභංගයත් මේ තේරීම් කාරක සභාවට පටලවා ගෙන ගෙනයන වැඩ පිළීවෙලින් අපි බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැති බව අපිට තේරුණා. ඒ නිසා අපි තේරීම් කාරකසභාවට නොයන්න තීරණය කළා.
අද පාර්ලිමේන්තුවේ තේරීම් කරක සභාව හැසිරෙන ආකාරය ජනතාව දකිනවා. ජනාධිපතිට විරුද්ධව කතාකරනවා නම් ඕන තරම් කතා කරන්න කාලය දෙනවා. අගමැතිට විරුද්ධව මොනවා හරි කියාගෙන ආවොත් ආන්ඩුව රකින්න කාරක සභාව ඉදිරිපත් වෙන බව මහජනතාවට තේරෙනවා. තේරිම ාකරක සභාවේ මන්ත්‍රීවරුන් පාස්කු ප්‍රහාරයෙන් මැරුණු අයට සාධෘරණයක්කරන්න නෙවෙයි.තමන්ගේ ආන්ඩුවේ තැවරිලා තියෙන මඩ ටික හෝදාගන්නයි මේ අය කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසයි අපි මුලින්ම මේකෙන් අයින් වුනේ. මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවැනි තේරීම් කාරක සබාවක් අපි දැකලාම නැහැ. මේ සභාවේ ස්වාධින භාවයක් පෙන්නෙම නැහැ. අසාත් සාලි ඇවිත් ආණ්ඩුවට විරුද්ධව අදහස් දක්වනවා නම් එතුමාට අවස්ථාව දෙන්නේ නැහැ. නමුත් ඊට කළින් ජනාධිපතිතුමාට විරුද්ධව අදහස් දක්වන විට ඔහේ කියවන්න දෙනවා. මේක ස්වාධින නැහැ. කතෝලික ජනතාවට සාධාරණත්වයක් හෝ යුක්තියක් ඉටු වෙන්නේ නැහැ. බුද්ධි අංශය දුර්වල කරන්න උත්සාහ කරන නිසා වෙන්න ඇති ජනාධිපතිවරයා මේ තේරීම් කාරකසභාවට විරුද්ධ වෙන්නේ. පළවෙනි දවසෙම බුද්ධ ිනිලධාරින් සමාජයට නිලාවරණය වුනා.අසාත් සාලි ආණ්ඩුකාරවරයා පැහැදිලිවම කියනවා මෙම්ආන්ඩුවට ඇවිත් පළමු දින 100 තුළ අගමැතිට පුද්ගලිකව කිව්වාලු මුස්ලිම් කටයුතු අමාත්‍යංශය සම්ප්‍රධායික මුස්ලිම් ඇමැතිවරයෙක්ට දෙන්න කියලා. ඒ සම්බන්ධයෙන් සභෘවේ කිසිවෙක් හාර අවුස්සලා ප්‍රශ්න අහන්නේ නැහැ. අන්තවාදී ආගම් අදහන ස්ථාන ඇති කිරිම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හලිම් වගකිව යුතුයි. එතුමාගේ මල්ලි වගකියව යුතු බව කිව්වත් ඇමැතිතුමා අහිංසකයි කියනවා. එතුමන්ලා කරන්න ඕනේ සාක්ෂි සටහන් කර ගැනීමයි. සුද්ධ පවිත්‍ර කිරිම නෙවෙයි. පරික්ෂණයට ඉඩ දෙන්නේ නැතිව මල්ලි කළාට අයියා වගකියන්න ඕනේ නැහැලු. හලිම් ඇමැතිවරයා මෙයට සම්බන්ධ බව හිටපු ආණ්ඩුකාරවරයා කියද්දි අපිට උත්තර ලැබුනේ අන්තවාදය සදහා ආණ්ඩුවේ ඇමැතිවරු සම්බන්ධයි කියපු කතාවටයි. අද අපි ආණ්ඩුවෙන් අහනවා අසාත් සාලි ආණ්ඩුකාරවරයා කියපු විදියට අන්තවාදය පෝෂණය කරපු සම්ප්‍රදායික ආගම වෙනුවට අන්තවාදය අදහන්න දෙන්න එපා කියද්ද අන්තවාදයට ඉඩ දුන් මුස්ලිම් කටයුතු ඇමැතිවරයා මේ සිද්ධියට වගකිව යුතු නැත්ද? මේ ත්‍රස්තවාදය නිකම්ම පෝෂණය වුනේ නැහැ. ආන්ඩුවේ සහයා මතයි මේක වුනේ.විශේෂයෙන් මුස්ලිම් කටයුතු ඇමැතිවරයා. මේක එළි කරන්නේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන කෙනෙක්මයි. අසාත් සාලි ආන්ඩුකාරවරයාට අදහස ්ප්‍රකාශ කරන්නවත් අවස්ථාව දෙන්නේ නැහැ. කාත්තන්කුඩා පොලීසියේ ස්ථානාධිපතිවරයා සහරාන්ව අල්ලන්න යද්දි 2017දි ඒ පොලිස් ස්ථානාධිපතිවරයාව මාරු කරන්නේ එජාප රජයේ ඇමැතිවරයා ඉද්දි. සහරාන්ලාට වැඩෙන්න ඉඩ දුන්නේ එජාප ආන්ඩුව බව සක්සුදක් සේ පැහැදිලියි. දිගන සිද්ධීය වනාතවිල්ලුව සිද්ධිය නිවාස 125 ගිනි ගැනිම් ගැන සොයා බලන්නේ නැති වුනාට අඹගෙඩි දෙකක් හොරකම් කළා කියලා හිරේ දානවා. ජනතාව ගොනාට අන්දන්න හදන්න එපා. 2015 වගේ ආයෙත් ගොනාට ඇන්දෙන්නේ නැහැ. අසාත් සාලි ආණ්ඩුකාරවරයා කියපු කාරණා ගැන විශේෂ පරික්ෂණයක් කරන්න ඕනේ. ඒ වගේම උලමා සභාවේ සභෘපතිතුමා සාක්ෂී දෙමින් සදහන් කළා සහරාන් වැනිම අන්තවාදය වැලද ගත්තු තව 500ක් විතර සිටිනබව. ජනතාව යන යන තැන අයිඩෙන්ටි පෙන්වන්න ඕනේ. රටේ විශාල භීතිකාවක් තියෙන එක හරි. ජනාධීපතිතුමාට මඩ ගහන්න කලින් ජනතාවට ආරක්ෂාව සපයන්න ආණ්ඩුව පියවර ගන්න ඕනේ. බෝලය පාස්කරලා ඡන්ද ගොඩ වැඩි කරගන්නයි උත්සාහ කරන්නේ.2015දි සුරංගනා කතා කියලා විවිධ සංවිධෘන නමින් ඇවිත් මහජනතාව මුලි කරපු සියලු දෙනා මේ තත්ත්වයට වග කියන්න ඕනේ. අගමැති 225 ම එපා කියලා උත්සාහ කරන්නේ ජනතාව වෙනස් විදියකට සිතන්න පොළඹවලා නැවතත් තමන්ගේ පාර්ශ්වයකට බලය අරන් අගමැතිකමේ ඉන්නයි. මේ යන තේරීම් කාරක සභාව වැරදියි. කතෝලික ජනතාවට හෝ ශ්‍රී ලංකාවාසී ජනතාවට සාධාරණත්වයක් ඉටු වෙන්නේ නැහැ.
අද ජනාධීපති කතානායක දෙපැත්තක. වෙන්නේ මොනවාද තේරුම් ගන්න බැහැ.ආන්ඩුවේ කඹ ඇදිල්ල නිසා ජනතාව දුක් විදින්නේ. කන්න නැහැ. බොන්න නැහැ.ආන්ඩුවට ජනාධිපති තනි කරලා යන්න බැහැ. ජනාධීපතිගේ ප්‍රදානත්වයෙන් කැබිනෙට්ටුව රැස් වෙන්නේ.රටක් විදියට හිතන්න . දේශපාලන මතිමතාන්තර පැත්තක දාලා මැතිවරණයක් තියෙන කල් හෝ ජනාතව වෙනුවෙන් කටයුතු කරන්න. මේ නිසා අද ආරක්ෂක අංශ අසරණ වෙලා. පාස්කු ප්‍රාහරයට කලිනුත් ආරක්ෂක අංශ අඩපන කරලා තිබුනේ. දැන් ප්‍රහාරයෙන් පස්සෙත් රටේ ආරක්සාව පිළීබදව තිබෙන තත්ත්වයට අනුව හෙට ඇති වෙන තත්ත්වයන් සම්බන්ධයෙන් රජය වගකිව යුතුයි. ත්‍රස්තවාදීන් 500ට වඩා ඉන්නවා කිව්වාට ත්‍රස්තවාදය නැති කරන්න කිසිවක් වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී රටේ ආර්ථීකය ගැන වගේම ආරක්ෂෘව ගැන ප්‍රශ්නයක් තියෙනවා.ඒ ගැන අවධානය යොමු කරන්න.
රිෂාඩි බදියුදින්ට එරෙහි විශ්වාසභංගයට සහාය දෙන්න එජාපයේ කතෝලික ඇමැතිවරු එකග වෙලා තිබුණා වගේ එළැඹෙන ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේදිත් ඊට සහාය දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ විශ්වාසභංගය ගෙනත් තියෙන්නෙත් පාස්කු සිද්ධියට අදාලවයි. මුස්ලිම් ඇමැතිවරු 20ක් තමන්ගේ එකාට ප්‍රශ්නයක් වුනාම එක තැනක හිට ගත්තා. අපේ කතෝලික ජනතාව 300ක් විතර මිය ගියා. 500ක් විතර තුවාල ලැබුවා. මේ අය ජිවිත පුදකරපුවාම තමයි රටේ ත්‍රස්තවාදයක් තියෙන බව හෙළී වුනෙත්. දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුත් මේ ප්‍රහාරයට ආන්ඩුව වගකිය යුතුයි කිව්වා. මේ සියලු දෙනාම රජයට එරෙහිව ජවිපේ ගෙනාපු විශ්වාසභංග යෝජනාවට සහාය දෙයි කියලාත් අපි බලාපොරොත්තු වෙනවා. තමන්ගේ පක්ෂය, ආණ්ඩුව රකිනවා වෙනුවට ජිවිත පූජා කරපු ජනතාව වෙනුවෙන් සාධාරණත්වය ඉටු කරන්න එකතු වෙන්න කියලා වැදලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.

වෙඩි බෙහෙත් ගෙන්වන ප්‍රධානීන් මුස්ලිම් ජාතිකයින්

අද (11) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මාධ්‍යවේදින්

■ ඒ කාලේ කපිල හෙන්ද්‍රාවිතාරණ බුද්ධි අංශ ප්‍රධානී වුනාට ඒ කවුද කියලා රටේ මිනිස්සු දන්නේ නැහැ.
■ ඉන්දියානු අගමැති පැමිණි අවස්ථාවේ පරිවාර ඇමැතිවරයෙක් පත් කළාට පරිවාර වැඬේ කලේ අගමැතිවරයායි.
■ එක්සත් ජාතික පක්ෂය වගේම ජනතා විමුක්ති පෙරමුණත් ජනතාව අතරින් ප්‍රතික්ෂේප වෙලා තියන බව ගුරු ගෙදර මැතිවරණයෙන් පේනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
තේරීම් කාරක සභාව පවත්වන එක නැවැත්වුවේ නැත්නම් ජනාධිපතිතුමා කැබිනට් එක පවත්වන්නේ නැහැ කියනවා. රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා එකගත්වයක නැහැ. කතානායකවරයා කියනවා පාර්ලිමේන්තුවේ කාරක සභාව හමුවට කැදවන නිලධාරීන් පාර්ලිමේන්තුවට ආවේ නැත්නම් ඒ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙන්න වෙයි කියලා. ජනාධිපතිතුමා කියනවා තේරිම් කාරක සභාව නවත්වන්න. මගේ නිලධාරීන්ව යවන්නේ නැහැ කියලා. ඉතිහාසයේ නොවුන විදියට තේරීම් කාරක සභාවක් පවත්වලා රටේ බුද්ධි අංශ නිරාවරණය කිරිමක් වෙනනේ. බුද්ධි අංශය හා ආරක්ෂක ප්‍රධානීන් සම්බන්ධයෙන් මිට කළින් මෙවර හෙළිදරව්වක් වුනේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ධූරයේ ඉන්න කාලේ හෙන්ද්‍රවිතාරණ මහතා බුද්ධි අංශයේ සහ ආරක්ෂක අංශයේ ප්‍රධානියෙක් විදියට වැඩ කළා. නමුත් කවුදරුත් දන්නේ නැහැ කපිල හෙන්ද්‍රවිතරණ කියන්නේ කවුද කියලා. දැන් ආරක්ෂක ප්‍රධානීන් කවුද කියන දේ රට හමුවේ හෙළිවුනා.
මේ නිලධාරින් තේරීම් කාරක සභාව කැදවිම සම්බන්ධයෙන් කතානායක හා ජනාධිපතිවරයා අතර මතවාද දෙකක් ඇති වෙලා. නිලධාරින් පිළිගන්නේ කවුරු කියන දේද? මේ වගේ තත්ත්වයකයි රට තියෙන්නේ. මැතිවරණයක් තියනවා ඇරෙන්න කරන්න දෙයක් අද නැහැ. ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න විසදන්නේ නැහැ. රට දරුණු ආර්ථික වැටිමකයි තියෙන්නේ. ග්‍රාමිය මට්ටමේ ගම්මිරිස් මිල රුපියල් 600යි. මෙතෙක් තිබුණු කුරුණු මිල වැටිලා. ඒ අතරේ තේ කර්මාන්තශාලා දරුණු කඩා වැටිමකයි තියෙන්නේ. මේ වෙද්දි දකුණු පළාතේ තේ කර්මාන්ත ආයතන 27ක් කඩා වැටිමකට ලක්වෙලා තියෙන්නේ. මේ තත්ත්වය මගින් ආර්ථිකය විනාශ වෙනවා විතරක් නෙවෙයි රටේ පරිපාලනයක් නැති තත්ත්වයක් ඇති වෙලා. පහුගිය සති දෙකේ අලුතින් ඡන්ද ලියාපදිංචිය අඩු වෙලා. පාර්ලිමේන්තු බෝම්බය නිෂ්ක්‍රිය කළ යුතුයි කියලා ජනතාව අතරින් මතුවෙනවා. මොකක්ද මේ බෝම්බය. පාර්ලිමේන්තු ප්‍රජාතනත්ත්‍රවාදය අවශ්‍ය නැහැ කියන එකයි. සාමාන්‍යයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙනාවාම වෙන දේ ජනතාව දන්නවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙනාව වෙලාවේ කට්ටිය ඉක්මනට දුවලා පැනලා තීන්දු තිරණ අරන් ඡන්දයත් ඕනේ විදියට තිබ්බා. මේ විශ්වාසභංගය සම්බන්ධයෙන් ඒ වැඩපිළීවෙල දියත් වෙන්නේ නැහැ. අවසානයේ මුස්ලිම් ඇමැතිවරු සියලු දෙනා ආන්ඩුවෙන් ඉවත් වුනා. ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩු ක්‍රමය තුළ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඉක්මනින් විසදනවා. මුස්ලිම් ඇමැතිවරු ඉවත් විම ප්‍රජාතන්ත්‍රවාදයට පහරක්. එල්. ටි. ටී. සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් කිරීමයි එදා ප්‍රධාන අභියෝගය වුනේ. සමහර අවස්ථාවල එයින් කොටසක් කඩලා ප්‍රජාතන්ත්‍රවාදයට ගත්තා. එවැන්නක් කරනවා මිස සියලු දෙනාවම අන්තවාදයට තල්ලු කිරිමක් නෙවෙයි සිදු විය යුත්තේ. මේ රට අර්බුදයට ලක්වෙන ක්‍රියාදාමයකටයි ආන්ඩුව කටයුතු කලේ. දැන් තියෙන තත්ත්වය උඩ වහාම මැතිවරනයකට යාමයි කරන්න තියෙන්නේ.
ඉන්දිය අගමැති ආපු වෙලාවේ රජයෙන් පරිවාර ඇමැතිවරයෙක් පත්කළා. පරිවාර වැඬේ කලේ අගමැතිවරයා. එජාපයේ තියෙන අර්බුදයත් ඒකෙන් පැහැදිලියි. පරිවාර ඇමැතිවරයාගේ කටයුතු ටික කරන්න බැරි වුනා. රාජ්‍ය නායකයෙක් ආපුවම ඒ නායකයා එක්ක යන්නයි පරිවාර ඇමැතිවරයෙක් පත්කරන්නේ. ඒ නායකයාගේ සියලු දේ බලා ගන්නේ පත්කරන පරිවාර ඇමැතිවරයායි. අන්තිමට පත්කරපු පරිවාර ඇමැතිවරයාට කරන්න සිදුවුනේ ජනාධිපති කාර්යාලයට එන එක විතරයි. මේකෙන් ආන්ඩුව තුළ විතරක් නෙවෙයි එජාපය තුළ නායකත්ව අර්බුදයක් තිබෙන බවයි. ආණ්ඩුවේ පාර්ශ්ව අතර අර්බුදයක් තියාගෙන රට ගෙනියන්න බැහැ. ජනතාවට අස්ථාවර නැති ආණ්ඩුවක් පිහිටුවන්න අවස්ථෘව තියෙන්න ඕනේ.ජනතාව ඉන්නේ දැඩි කළකිරිමකයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කැපවිමෙන් කටයුතු කරන්න සිදුවෙනවා. අපි ඒ සදහා ශක්තිමක්ව මුහුණ දෙන්න සුදානම්. මෙවර ගුරු සංගමයේ ඡන්දයෙන් පේනවා රටේ ජනතාව එජාපය වගේම ජවිපේත් මේ වෙද්දි ප්‍රතික්ෂේප කරලා තිබෙන බව.■ මේ ආණ්ඩුව දන් සංඝභේදය පටන් අරන්.

■ ලෝක වෙලෙදපොලේ තෙල් මිල අඩු වුනත් අපේ රටේ 10 වැනිදාට තෙල් මිල ඉහළ යනවා.
■ සමෘද්ධියත් ඡන්ද අල්ලසක් කරගෙන

පාර්ලිමේන්තු එස්. එම්.චන්ද්‍රසේන මහතා
මේ රට සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා මංගල සමරවිර ඇමැතිවරයා ප්‍රසිද්ධියේ කිව්වා. දැන් ගම්පහ දිසත්්‍රක්කයේ ස්වාමින් වහන්සේලා තීරණය තියෙන්නේ මංගල සමරවිර ඇමැතිවරයාව පන්සල්වලට වද්දා නොගන්නයි. මංගල සමරවිර ඇමැතිවරයා කලේ නොකළ යුතු ප්‍රකාශයක්. ස්වාමීන් වහන්සේලා අද වෙද්දි මේ කාරණය නිසා දෙකට බෙදිලා. අපි දැක්කා තවත් ස්වාමින් වහන්සේලා පිරිසක් පන්සල්වලට ආධීර දෙන බව කියලා තියෙනවා. කණගාටුදායක විදියට මංගල සමරවිර ඇමැතිවරයා සංඝභේදයක් ඇති කරලා තියෙනවා. මේක අපේ ආගමේ හැටියට ආනන්තරීය පාපකර්මයක්. මේ අතරේ කබිර් හසිම් ඇමැතිවරයාට විරුද්ධව සහ පක්ෂවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් පෙනී සිටිනවා. දැන් ශාසනයත් ආගමත් දෙකට බෙදිම තමයි මේ ප්‍රකාශ මගින් වෙලා තියෙන්නේ. ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ ආගම් අතර බේද ඇති කරනවා වගේම ආගම් ඇතුලේ බේද ඇතිකිරිමයි.
අගරදගුරුතුමා ගිනි අවුලවන්න රතන හිමියන්ගේ උපවාසය කරන තැනට ගියා කියලා කිව්වා. අප්‍රියෙල් 21 බෝම්බ සිද්ධීයෙන් වෙන්න ගිය විශාල විනාශය නතර කරපු අගරදගුරුතුමන්ට හරි නම් අපි මල් තියලා වදින්න ඕනේ. අවංකව ඒ කාරණය පිළිගන්න ඕනේ. නමුත් ආන්ඩුවට ඕනේ මේ තියෙන සාමකාමී තත්ත්වය නැතිකරන්නයි. ඒ වෛරයටයි මේ වගේ ප්‍රකාශ කරන්නේ. රටේ ලොකු අර්බුදයක් ඇති වෙලා තියෙන්නේ.මංගල සමරවිර ඇතුලු ආණ්ඩුව මේ විදියටසංඝයා වහන්සේ භේද කිරීම කරන්න එපා. ආගම් භේද කරන්න එපා.ආගම්වලට ගරහන්න එපා. සිංහල බෞද්ධ රටක් කියන දේ අගරදගුරුතුමන් පිළිගන්නවා. හකීම් ඇමැතිවරායත් කිව්වා ඔහු මේ රට සිංහල බෞද්ධ රටක් විදියට පිළිගන්න බව. ආගමික නායකයින් වගේම ජාතීන්ගේ නායකයොත් අපේ රටෙ සිංහල බෞද්ධ රටක් කියන දේ පිළීගන්නවා. ඒ වුනාට ආන්ඩුවේනායකයින් පිළීගන්න සූදානම් නැහැ අපේ රට සිහල බෞද්ධ රටක් බව. අවුරුදු හතරහමාරක් ඇතුලේ රටේ සංවර්ධනය විනාශ කරලා රට ප්‍රපාතයට ඇද දමලා තියෙන්නේ. රට ව්‍යෘකූල තත්ත්වයට පත්කරලා ජාතිභේදය ඇති කිරිම නතර කරන්න දැන්වත් අවශ්‍යයි.
අපේ ආන්ඩුව ආපු ගමන් තුන්වතාවක් ඉන්ධන මිල අඩු කළා. මේ ආන්ඩුවත් ඒ නිසා ලැජ්ජාවට වගේ ආයේ ආණ්ඩුව පිහිට වූ හැටියේ කරන්න දෙයක් නැති කමට මිල අඩු කළා. ඊට පස්සේ මේ වෙනකල් කලේ මිල වැඩිකිරිමමයි. සෑම ක්ෂේත්‍රයටම තෙල් මිල බලපානවා. අද වෙද්දි කෘෂිකර්මාන්තයකඩා වැටිලා. කර්මාන්ත කඩා වැටිලා.මේ විදියට මාසෙන් මාසෙට තෙල් මිල වැඩි කරන්න ගියාම රටේ ජනතාවට ජිවත් වෙන්න බැරි වෙනවා. මේ විදියට ජනතාවට පිඩි නොකර මේ අසමත් ආණ්ඩුව බලෙන් ආණ්ඩුවේ ඉන්නේ නැතිව මැතිවරණයකට යන්න ඕනේ. රිෂාඞ් බදියුදී්න් විශ්වාසභංගයෙන් පැරදිලා එළියට ගියානම් ආන්ඩුව ඉවරයි. දෙමළ සන්ධානයට පොරොන්දු දිදි තියාගෙන ඉන්න අසමත් දුර්වල ආණ්ඩුවක්. හඅමෝටම ඔලුව නවාගෙන හාමෝගෙම න්‍යායපත්‍ර අනුව ආණ්ඩුව කරගෙන යන්නේ. හරිම නින්දිතයි.
කාලයක් මම සමෘද්දි ඇමැතිවරයා විදියට වැඩකළා. අඩු ආදායම් ලබන ජනතාව සමික්ෂණයක් මගින් සොයාගෙනයි අපි සමෘද්ධිය දුන්නේ. එජාපය කියලා අපි කවදාවත් සමෘද්ධිය නොදී හිටියේ නැහැ. මම කවදාවත් යු. ඇන්. පි කාරයෙක් කියලා සමෘද්ධිය කපන්න කියලා කාටවත්ම කියලත් නැහැ. මේ ආන්ඩුව කරන්නේ අමූලික බොරුවක්. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ තියෙන දුර්වල කම නිසා ඒ අයට ආණ්ඩුවකට එන්න නම් අවුරුදු 20ක් තිස්සේ බැරි වුනා. ඒ මුවාවෙන් පාක්ෂිකයින්ට කිසිවක් කරන්න බැරි වුනා කියලා බොරු කියමින් ඡන්දය වෙනුවෙන් කරන ඡන්ද අල්ලසක් මේ දෙන්නේ.අපි දෙසැම්බර් අවසානය වෙද්දි අපේ ජනාධිපතිවරයෙක් පත්කරනවා. මේ විදියට අනවශ්‍ය විදියට එජාපයේ කියලා හංවඩු ගහමින් සමෘද්ධිය දීම වැරදියි. අගමැති ජනාධිපති එක පක්ෂයක ජාතියක කුලයක වෙන්න බැහැ. අනුරාධපුරයේ හොරොව්පතානේ සුදුසුකම් තියෙන අයට සමෘද්ධිය නොදී නුසුදුසු අයට දීලා. මිනිස්සු ගහ ගන්නත් පෙළඹුනා. දැන් ආගම්භේද , ජාතිභේද ඇති කරලා මදිවට දුප්පත් ජනතාව අතරත් භේද හදනවා. හිරිකිතයක් නැතිව මෙහෙම කටයුතු කිරිම ගැන කණගාටුයි.

■ අපි කුඩා රාජ්‍යයක් වුනත් අපේ ස්වාධීනත්වය තියාගන්න ඕනේ.
■ ලංකාවට වෙඩි බෙහෙත් ගෙන්වන ප්‍රධානීන් හත් දෙනාම මුස්ලිම් ජාතිකයින්.
■ වෙඩි බෙහෙත් ගෙන්වීම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නියාමනය යටතට පත්විය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා
පහුගිය දිනක ඉන්දියානු අගමැතිවරයා පැය කිහිපයකට මේ රටට පැමිණියා. ඒත් එක්කම තද වර්ෂාවේ අපේ ජනාධීපතිතුමා ඉන්දියානු අගමැතිවරයාට කුඬේ ඇල්ලුවා.කෙනෙක් කියන්න පුලුවන් අපේ ජනාධිපතිතුමාගේ තියෙන සරලකමයි කියලා. නමුත් කුඩු රාජ්‍යයක් වුනත් අපේ රාජ්‍යය ස්වාධින රාජ්‍යයක්. අපේ අදීනත්වය අනන්‍යතාවය නායකත්වය මේ විදියට ලැජ්ජාවට පත්කිරීම ගැන කණගාටුයි. මීට වගේ අපේ නායකයෝ කල්පනා කරන්න ඕනේ. රට කුඩා වුනත් අපි ස්වාධින රාජ්‍යයක්. සර් ජෝන් කොතලාවල අගමැතිවරයාගේ කාලේ රැජින අපේ රටට ආවා. එ වෙලාවේ එංගලන්තයේ පත්තර අපේ සර් ජෝන් කොතලාවල හැදින්වූවේ දැවැන්ත නායකයෙක් විදියටයි.
පහුගිය දවසක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාව හමුවෙන්න ගල්කුරි කරන පිරිස ආවා. මේ රටට වෙඩි බෙහෙත් ගෙන්වන ප්‍රධාන ව්‍යාපාරිකයින් හත් දෙනාම මුස්ලිම් ජාතිකයින් බව එහිදි අනාවරණය වුනා. ඔවුන් එත්දෙනාගේ බලාධිකාරියක් තියෙන්නේ. මේක ජාතිවාදී වෙන්න ඕනේ නැහැ. ටෙන්ඩරයකින් නියමානුකූලව ඒ දේ කළාට කමක් නැහැ. ප්‍රශ්නයක් බවටපත්වෙලා තියෙන්නේ මේ ගෙන්වන වෙඩි බෙහෙත්වලින් තමයි යම්කිසි ප්‍රමාණයක් පහුගිය දවස්වල අවාසනාවන්ත සිද්ධීයටත් වෙඩි බෙහෙත් ලැබුනේ. මේ තත්ත්වයනියාමනය කරන්න අවස්ථෘ කිහිපයක ආරක්ෂක අමාත්‍යංශය උත්සාහ කරලා තියෙනවා. සිරියල් නම්බරයක්වත් දැම්මානම් කවුද මේ වෙඩි බෙහෙත් ගෙන්වපු කෙනා කියලා හොයා ගන්න තිබුණා. මේ අති භයානකතත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා ඒ වෙලාවෙම ආරක්ෂක ලේකම්වරයා දැනුම්වත් කළා. වෙඩි බෙහෙත් ගෙන්විම වැනි දෙයක් ටෙන්ඩර් කිරීම අවහ්‍ය නැති බවයි මගේ හැගීම. මේක රාජ්‍ය ආරක්ෂඛ අමාත්‍යංශයේ නියාමනය යටතේ තියෙන්න ඕනේ දෙයක්. ව්‍යාපාරයක් විදියට කරනවා නම් නියාමනයක් අවශ්‍යයි. දැන්වත් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වෙයිකියලා හිතනවා.
කතෝලික ජනතාවගේ අප්‍රසාදයට මංගල සමරවිර ඇමැතිවරයා ලක්වෙලා තියෙන්නේ. මේ ආන්ඩුව සංහිදියාව ගැන දැවැන්ත විදියට කතා කළා. දෙමලෙන් ජාතික ගීය කියන්න අවශ්‍ය වුනා. නමුත් ප්‍රායෝගිකව කරපු දෙයක් නැහැ. මහින්ද රාජපක්ෂ මහතා කරපු සංවර්ධනය වත් ඉදිරියට ගෙන ගියේ නැහැ. කාදිනල්තුමා නිතරම කිව්ාව මේ රට සිංහල බෙ?ද්ධ රටක්. ඒ සංස්කෘතිය යටතෙයි අපි සියලු දෙනාගේ පැවැත්ම තියෙන්නේ කියලා.අන් වහන්සේ දෙමළ ජානතව ගැනත් මුස්ලිම් ජනතාව ගැනත් කතා කළා. මුහුදුබඩ කතෝලික ජනතාවට කිව්වා මුස්ලිම් ජනතාව ආරක්ෂා කරන්න කිව්වා. රතන හාමුදුරුවෝ කිවේවේ සියලු මුස්ලිම් මන්ත්‍රීවරු ගැන නෙවෙයි.සිද්ධිය සම්බන්ධයෙන් කියැවුනු මන්ත්‍රීවරුන්ට විරුද්ධවයි. ඒ නිසයි අන් වහන්සේව බලන්න ගියේ. ජවිපේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගය ගේන්නේ සද්භාවයෙන් කියලා අපි හිතන්නේ නැහැ. නමුත් අපි ඉදිරියේදී මංගල සමරවිර ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන්න සුදානම්.
කුරුණෑගල දොස්තර සාෆිගේ ප්‍රශ්නය විද්‍යාත්මකව විසදාගන්න ඕනේ. නමුත් එතුමා ඊළගට එජාපයේ ලයිස්තුවෙන් පත්වෙන්න ඉන්න මන්ත්‍රීවරයා විදියට අපිට ප්‍රශ්නයක් තියෙනවා. නැවත රාජ්‍ය සේවයට එන්න වංචනික විදියට කැබිනට් පත්‍රිකාවක් දාලා වංචනික දෙයක් වෙලා තියෙනවා. මේ සම්බබ්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුයි. හැම ක්ෂේත්‍රයකම මෙවැනි අරුබද තියෙනවා. අද වෙද්දි ජනාධීපති අගමැතිවරයා අතර සෑහෙන්න ප්‍රශ්න. ජන අප්‍රසාදයට ලක්වෙලා තියෙන රජය හැකි ඉක්මනින් මැතිවරණයකට යුතුයි. ආන්ඩුව ගෙදර යවන සටන මිට වඩා දැවැන්ත විදියට පෙළ ගස්වන්න අපි සූදනම්.

ජනාධිපති හා කතානායක අතර දැන් මහා මත ගැටුමක

අද (10) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මාධ්‍යවේදින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය සෑම ක්සේත්‍රයකින්ම පේනවා. අධ්‍යාපන සේවා සමුපකාර සමිතියට නියෝජිතයින් පත්කර ගැනීමේ ඡන්දයේදී නියෝජිතයින් 371න් නියෝජිතයින් 192ක් ලබා ගන්න අපිට හැකිවුනා. ඒ අනුව අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්පුර්ණ සාමාජික සංඛ්‍යාව වන 15න් සාමාජිකයින් 9ක් අපිට හිමිවෙන්න නියමිතයි. අපිට විරුද්ධ කණ්ඩායමට අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ලැබෙන්නේ සාමාජිකයින් 6ක් පමණයි. ජවිපේ වාර දෙකක් වසර 10කට වැඩි කාලයක් ගුරුගෙදර බලය අල්ලාගෙන හිටියා. මේ අවස්ථාවේදි තත්ත්වය වෙනස් වුනා. මෙය දේශපාලන ජයක් ලෙස සලකා ගුරුවරුන්ගේ අභිවෘද්ධියට දෙවන තැනක් දෙන්න අපි කටයුතු කරන්නේ නැහැ. මේ ජයෙන් අපි ඒ විදියට උදම් වෙන්නේ නැහැ. ගුරු ගෙදර ප්‍රධාන අරමුණ ගුරුවරුන්ගේ අභිවෘද්ධියි. අපි මේ මැතිවරණය කලේ සති දෙකක් වැනි කාලයක් තුළයි. අපිට අවශ්‍ය වුනේගුරුවරුන්ට සෙතක් නොවන පැවැති ප්‍රවණතාවය වෙනස් කිරිමයි. මෙයින් පේන්නේ අපේ පක්ෂයේ ජනප්‍රියතාවයයි. ගුරුවරුන් කියන්නේ සමාජයේ බුද්ධිමත් කණ්ඩායමක්. අපි නිහතමානිව ඉල්ලා සිටින්නේ ගුරුවරුන්ගේ අභිවෘද්ධිය සදහා ඉදිරිපත් කළ වැඩපිළීවෙල ඉදිරියට ගෙන යන්න සහාය වෙන්න කියලයි.
මනුෂ්‍ය ජිවිත රැදී පවතින්නේ බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය මත බව මේ වෙද්දි තහවුරු වෙලා අවසන්. මේ වන විට බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාව අස්කරලා. මොකක්ද කරපු වරද. සිසිර මෙන්ඩිස්ට නියෝග ලැබුණා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවට ඇවිත් සාක්ෂි දෙන්න කියලා. ඔහු ඊට අවනත වුනා. විකල්පයක් තිබුනේ නැහැ. ඔහුට එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැහැ. ඔහු හෘද සාක්ෂිය අනුව දන්න දේ ප්‍රකාශ කළා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ. එතුමාගේ රක්ෂාව නැති වුනා. අස්වෙන්න කියලා එතුමාට නියෝග කළා. එළැඹෙන සතියේ බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා කැදවා තිබෙනවා. මේ නිලධාරීන් මොනවාද කරන්නේ.ජනාධිපතිවරයා කියනවා එතැනට ගියොත් අස්කරනවා කියලා. සේවයේ යෙදී සිටින බුද්ධි අංශ නිලධාරින්ට තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙන්න අවසර දෙන්නේ නැහැ. එය නතර කරනවා යැයි ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කරද්දි කතානායකවරයා තර්ජනය කරනවා නිලධාරින් පාර්ලිමේන්තුවේ නියෝග අනුව පෙනී නොසිටියොත් දැඩි ක්‍රියාමාර්ග ගන්න බව කියනවා. ඒ කියන්නේ මොනවා කළත් රක්ෂාව අහිමි වෙනවා. ජනාධිපතිවරයාගේ නියෝගයට අවනත වෙනවාද, කතානායකවරයාගේ නියෝගයට අවනත වෙනවාද? මෙහි ප්‍රතිඵලය මොකක්ද. බුද්ධි අංශ සම්පූර්ණයෙන් කඩා වැටීමයි. අද ඒ අයගේ රාජකාරියට වඩා වැදගත් රාජකාරියක් මේ රටේ නැහැ. පුලුවන් තරම් අඩුවෙන් සේවය කිරීම ඇගට ගුණයි කියන පණීවිඩයයි රජයේ ක්‍රියාපටිපාටය තුළින් බුද්ධි අංශවලට තේරුම් ගන්න තියෙන්නේ. උනන්දුවෙන් ත්‍රස්තවාදීන්ට විරුද්ධව වැඩපිළීවෙලක් ඉදිරියට ගෙන ගියොත් ඒකට වන්දිය විදියට රක්ෂාව නැති වෙනවා. හිරබත් කරන්න වෙනවා. අපි හිතන්නේ මෙය රජය චේතනාවෙන් කරන බවයි. ආණ්ඩුව රජයෙ නිලධාරීන්ට එක නියෝගයක් දෙන්න ඕනේ. ආන්ඩුව දෙපිල බෙදිලා පරස්පර නියෝග දුන්නොත් බුද්ධි අංශය අවංකව උද්යෝගිමත්ව වැඩ කරන්නේ කොහොමද?
අද වනවිට ආන්ඩුව ඉදිරියට ගෙනියන්න බැරි විදයේ අර්බුදයක් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර පවතිනවා. ඒකට හොදම උදාහරණයක් වෙන්නේ රටේ ජනාධිපතිවරයා කැබිනට් එක වර්ජනය කරන බවට කරන ප්‍රකාශයයි. කැබිනට් රැස්විමක් නිල වශයෙන් පවත්වන්න ජනාධිපතිවරයා සිටිය යුතුයි. එතුමා කැබිනට්ටුවට එන්නෑ කියන්නේ මේ රටේ ආණ්ඩුවක් නැති බවයි. කාටද මෙයට මැදිහත් විය හැක්කේ. මේ තත්ත්වයට එකම හව්හරණය අධිකරණයයි.මේ තත්ත්වය සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයට වගකීමක් තියෙනවා. බුද්ධී අංශ නිලධාරීන්ට කාගේ හව්හරණයක්ද. ජනාධිපතිවරයා හා කතානායකවරයාට මැදිවුනු ඔවුන්ට කරන්න තියෙන්නේ අධිකරණයට යන එකයි. ආයෙත් මිනිස්සු මැරෙන්න ඕනෙද? මේ පක්ෂග්‍රාහී අර්බුදය විසදන්න ඊට වඩා ඉහලින් බලයක් තියෙන්නේ ශ්‍රී ලංකා අධීකරණයට විතරයි. මාධ්‍යයටත් විශේෂ කටයුතුත්තක් තියෙනවා. ආණ්ඩුව කියන විදියට අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශයට පත්කිරිම හේතුවෙන් සමාජයේ ප්‍රශ්න ඇති විය හැකියි කියලා මාධ්‍යට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ආන්ඩුව සූදානම්. අපි ඊට එරෙහිව පෙනී සිටිනවා. විජිත් මළල්ගොඩ කියන්නේ ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් අප්‍රියෙල් 21 සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වන්න ජනාධිපතිවරයා කොමිෂමක් පත්කළා. ඒ වාර්තාවට මොකක්ද වුනේ. ඇයි වාර්තාව හංගන්නේ. ජනතාවට වාර්තාව ඉදිරිපත් නොකරන්නේ ඇයි? 2015 ජනාධිපතිවරණයට කළින් තිබුණු ඡන්ද ව්‍යාපාරයේදී අපි කිව්වා මේක කැද හැළියක් බව. මොවුන්ට අවශ්‍ය වුනේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීම විතරයි. මේ යුද්ධය ආණ්ඩුව තුල ඉහළ මට්ටමකට ඇවිත් රටේ ආර්ථීකය කඩා වැටෙන බව අපි ජනතාවට කිව්වා. දැන් ඒ දේ වෙලා. රමේ ජනාතවයි වන්දි ගෙවන්නේ. ඇමැතිවරු මන්ත්‍රීවරු කිසිම ප්‍රශ්නයක් නැතිව ඔවුන්ගේ සියලු වරප්‍රසාධ භුක්ති විදිමින් සිවසේ සිටිනවා. ගිය සතියෙත් අලුතින් ඇමැතිවරු දෙන්නෙක් පත්කළා. මේ සියල්ල මැද හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පස්සේ කියනවා මෙය කළඹල විය යුතු තත්ත්වයක් නෙවෙයි. තව මාස පහයි තියෙන්නේ. ඒ ටික කොහොම හරි ගැට ගහගෙන යනවා කියලා. ඒ තත්ත්වයටයි ශ්‍රී ලංකා ආන්ඩුව පත්වෙලා තියෙන්නේ. මේකද ජනතාව බලාපොරොත්තු වුනේ. අද බිම් මට්ටමේ තියෙන ආරක්ෂාව මෙයයි. ජනාධිපතිවරයා රටේ නැති අවස්ථාවක ජිවිත සිය ගණන් නැති වෙන ව්‍යසනයක් රටේ සිදුවුනාම අගමැතිවරයා ත්‍රිවිද හමුදා අධීපතින් ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් රැස්විමකට කැදවනවා. ජනාධිපතිවරයා ඒ අයට නියෝග දෙනවා අගමැතිවරයාගේ රැස්වීමට යන්න එපා කියලා. ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම්වලට යන්නේ ජනාධීපති තෝරා ගන්න එතුමගේ පක්ෂයේ පිරිස්. මන්ත්‍රීවරුන් මොනවාද රටේ ආරක්ෂාව ගැන දන්නේ.ආරක්ෂාව ගැන වගකීම් තියෙන අත්දැකිම් තියෙන නිලධාරීන් කොහාමද රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඒ වගේ අවස්ථාවක නිවැරදි විග්‍රහයක් කරන්නේ. පොලිස්පතිවරයා කියනවා තේරීම් කාරක සභාව ඉදිරියේ 2018 ඔක්තෝම්බර් මාසයේ සිට ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම්වලට කතා කලේ නැහැකියලා. ඒ විදියට කොහොමද ආරක්ෂක මණ්ඩලෙයේ රැස්විම් පවත්වන්නේ. ඒ විදියේ ආයතන අතර සම්බන්ධිකරණයක් නැතිව කොහොමද රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගන්නේ. මාස දෙකකට වැඩි කාලයක් ආරක්ෂක කවුන්සිලය රැස්වෙලත් නැහැ. අපේ ආන්ඩු කාලයේ හැම බදාදා දවසකම රැස්වුනා. පාර්ලිමේන්තු කාරක සභාවේ අරමුණ වෙලා තියෙන්නේ සියලු වගකිම් මෛත්‍රීපාල සිරිසේන මහතා පිට දමා අනෙක් සියලු දෙනා සුදනන් විමයි. ආරක්ෂාව ගැන කැක්කුමකින් කරන දෙයක් නෙවෙයි. මෙයින් රනිල්වික්‍රමසිංහ අගමැතිවරයාට ගැලවෙන්න හැකියාවක් නැහැ. 2018 දී සහරාන්ට විරුද්ධව විවෘත වරෙන්තුවක් කැදවා තිබුණත් කිසිදු පියවරක් ගෙන නැහැ. එදා නීතිය හා සාමය භාරව තිබුනේ එජාපයේ ඇමැතිවරුන්ට. තේරීම් කාරක සබාවේද් ස්මන්තිරන් මන්ත්‍රීවරයා හා ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා පුන පුන ප්‍රශ්න කරන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැනුම් දුන්නාද කියලා විතරයි.අගමැතිවරයාට දැනුම්දුන්නාද කියලා කිසිවෙක් අහන්නේ නැහැ. ඒකෙන් කිසිම විශ්වාසදායක තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රශ්න කිරීම ප්‍රශ්න සහගතයි. හරින් ප්‍රනාන්දු කියන විදියට ගැට ගහගෙන යනවා වෙනුවට රටේ ආරක්ෂාව හා ආර්ථිකයගැන හිතලා රජය තීන්දු තිරණ ගත යුතුයි.ගිය සතියේ රජයේ සුරැකුම්වල විදේශීය ආයෝජන රුපියල් බිලියන 4.5ක් ඒ කියන්නේ මිලියන 4500ක් රටෙන් ගිහින්. රටේ ආර්තීකය කඩා වැටිලා කියන එක එයින් පේනවා. පරිසරය ආරක්ෂා කරන්න කියලා වඩු මඩු වසා දමන්න හදනවා. පරිසරය ආරක්ෂා කරන අතරේ මිනිසුන්ගේ ජිවනෝපාය ආරක්ෂා කරන වැඩපිළීවෙලකටයි එළැඹෙන්න ඕනේ. මේ සම්පූර්ණයෙන් උමතුවෙන් කරගෙන යන වැඩපිළීවෙලක්. මේකට විසදුම මාස පහක් ගැට ගසා ගැනීම නෙවෙයි. පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගෙන රට පාලනය කරන්න හැකි අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීමට ජනතාවට ඉඩ දිීමයි කළ යුත්තේ.

පාර්ලිමේන්තු රෝහිත අබේගුණවර්ධන මහතා
අප්‍රියෙල් මාසේ 21 වැනිදා වුනු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ඔලුව ඔසවා ගැනීමට නොහැකිව සිටින ආන්ඩුව අද වෙද්දි තවත් අර්බුදකාරි තත්ත්වයකට මුහුණ දීලා. විධායකය හා ව්‍යවස්ථාදයකය අතර මහා පරිමාන ගැටුමක් වේ වෙද්දි ඇති වෙලා. ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුවේ කතානායකවරයා දැන් මහා මත ගැටුමක. ඊට ප්‍රදාන සාධකය පාර්ලිමේන්තුවේ පත්කරපු තේරීම් කාරක සභාව. තේරිම් කාරක සභාව පත්කලේ කතානායක කරූ ජයසුරිය මහතා. තේරීම් කාරක සභාවනියෝජනය වෙන්නේ එක පාර්ශිවයක් විතරයි. සාමාන්‍යයෙන් ආණ්ඩු හා විපක්ෂ කියන දෙපාර්ශවය තේරීම් කාරක සභාව නියෝජනය කළ යුතුයි. මේ තේරීම් කාරක සභාවේ විපක්ෂය නැහැ. ආණ්ඩුව විතරයි. විපක්ෂය කියලා පෙන්න ගහගෙන පිටුපස්සෙන් ආණ්ඩුවේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයෙක් ඉන්නවා. දැන් ඒ තේරීම් කාරක සභාව නාටකයක් වෙලා. ජනාධිපතිතුමා පැහැදිලිව කියනවා තේරීම් කාරක සභාවට තමන් යටතේ ඉන්න කිසිමනිලධාරියෙක්ට සහභාගි වෙන්න දෙන්නේ නැති බව කියනවා. ඒ කියන්නේ ත්‍රිවිද හමුදාව මෙන්ම ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් කටයුතුකරන සියලු අංශ නියෝජනය වන පොලීසිය තියෙන්නේ ජනාධිපතිවරයා යටතේ. ජනාධපිතිවරයා නිලධාරීන්ට කියනවා ඒ අයගේ වගකීම තමන් භාරගන්න බව. කතානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් කියනවා පාර්ලිමේන්තුවේ කැදවීමට අවනත නොවුනොත්ප්‍රති විපාක විදින්න වෙයි කියනවා. ඒ කියන්නේ තිස් වසරක යුද්ධිය අවසන් කරන්න මැදි වුනු ආරක්ෂක අංශයට දොලොවක් අතර ඉන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. තේරීම් කාරක සබාවට ආවත් ප්‍රශ්නයක්. නාවත් ප්‍රශ්නයක්. නිලධාරීන් කැදවීමේ බලය තේරීම් කාරක සභාවට ඇති බව කතානායකවරයා කියනවා. කසාද බැදපු ජෝඩුවක් කාලයක් යද්දි ප්‍රශ්න ඇතිවෙන කොට උසාවි ගිහින් දික්කසාද නඩුවක් යනවා. අවසානයේ මේ ජෝඩුවට එක දරුවෙක් හරි ඉන්නවා නම් ඒ දරුවාව අම්මා වම් අතෙන් අදිනවා. තාත්තා දකුණු අතෙන් අදිනවා. දෙන්නම අයිතිය කියනවා. ඒකෙන් හානිය වෙන්නේ දරුවාටයි. ඒ විදියට කතානායකවරයාගෙයි ජනාධිපතිවරයාගෙයි කඹ ඇදිල්ලෙන් වෙන්නේ පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන කටුයුතු අඩාල වෙන එකයි වෙන්නේ. මෙයට සම්බන්ධ කවුරු හරි ඉන්නවා නම් අල්ලන එක යට යනවා. බුද්ධි අංශ නිලධාරින්ගේ මනස වැඩකරන්නේ කොයි වෙලේ තේරීම් කාරක සභාවට අඩගහාවිද කියලයි. මග සිටියත් ගෙදර ගියත් නසින එකයි වෙන්නේ.මේ නරිනාකටයේ තවත් භයානක තත්ත්වයක් තියෙනවා. අද මාධ්‍ය වාර්තා කරනවා අයි. එස්. අයි. එස් ක්‍රියාකාරම් සම්බන්දයෙන් ඉන්දියාවෙන් තවත් අනතුරු ඇඟවිමක්. දුරකතනඅංක පහකුත් ආරක්ෂක අංශ අතට දීලා. මේ තේරීම් කාරක සභා නාටකය දිනපතා පෙන්වමින් බුද්ධි අංශ අසරණ කරන එකෙන් වෙන්නේ තවත් මිනිස් ජිවිත නැතිකරන බෝම්බයකට පාර කැපීමයි. රටම මේ දිහා බලාගෙන ඉන්නවා. යම් සිද්ධියක් ඇති වුනොත් විධායකයේ හා ව්‍යවස්ථාදාකයේ බේරා ගත නොහැකි රණ්ඩුවයි වග කියන්න ඕනේ.
අපි මේ සිද්ධි කළින් කිව්වා. මේ අය අද නයි මුගටි වුනාට එදා හිටියේ එක වේදිකාවේ. මෛත්‍රී පාල සිරිසේන ජනාධිපති, රනිල් වික්‍රමසිංහ අගමැති, කරූ ජයසූරිය කතානායක, සාක්ෂි දෙන පොලිස්පති පූජිත ජයසුන්දර, ජවිපේ අනුර කුමාර ඇතුලු ගෝලබාලයෝ එකතු වෙලයි මේ කැද හැලිය හැදුවේ. කැද හැලිය හදන විට අපි උගුර ලේ රහ වෙනකල් කිව්වා මේ දීගය ගැලපෙන්නේ නැහැ. රටයි විනාශ වෙන්නේ කියලා. පොල්ගෙඩිය බින්දාම බෑ දෙකයි. පොල් ගෑවට පස්සෙත් ගෑනු බෑයයි, පිරිමි බෑයයි සෙට් වෙනවා. පිරිමි බෑයවල් දෙකක් සෙට් වෙන්නේ නැහැනේ. ඒ වගේ ගැලපෙන්නේ නැති දීගයක් වුනේ. ඒ දීගෙන් මුලු රටම අද විනාශ වෙනවා.
පුලුවන් නම් රටේ අප්පිරිය වුනු අයගේ රියලිටි ෂෝ එකක් කරන්න. මේ අය අනිවාර්යයෙන් තේරෙනවා. දැන් සිරිකොත ඇතුලෙත් අර්බුදයක්. මේ වෙද්දි මුස්ලිම් ජනතාව නියෝජනය කරපු ඇමැතිවරු ඉවත් වෙලා කැබිනෙට්ටුව පුරප්පාඩු වෙලා. එජාපයේ කිසිම දවසක ඇමැතිකමක වාඩි වෙන්න බැරිව හිටපු අය අන්තිම මොහොතේ හරි ඇමැතිකමකට එන්න දගලනවා.දැන් අගමැතිවරයාට දිගින් දිගටම ඉල්ලීම් එනවා. ඒ අස්සේ ඉවත් වුනු අයගේ හොද හොද කෑලී ඉවත් වුනු අය එනකල් අපිට දෙන්නයි හොද කෑලී බලාපොරොත්තුවෙන් ඉන්න අය ඉල්ලනවා. කොහොමත් දැන් ඔක්තෝම්බර් වෙද්දි පොදු හරි එකමුතු වෙලා හරි පක්ෂයෙන් හරි ජනාධිපතිවරයෙක් අපේක්ෂකයෙක් දාන්න ඕනේ. සමහරු දැන් අපේක්ෂක ඇඳුම ඇදලා. සමහරු භාගෙට ඇදලා. මේ දිහා වික්‍රමසිංහ මහත්තයා බලාගෙන ඉන්නවා. වෙන කෙනෙක්ව දාලා පක්ෂ නායකකමත් නැති කරගන්නවාද, මහ මැතිවරණයකට ගිහින් විපක්ෂනායකකමසහ පක්ෂ ායකකම රැකගන්නවාද කියලා ඔහු හිතනවා. ඒ අතරේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයාව ඉල්ලනවා. දාගත්තොත් මරු බඩුව. ඒ අතරේ කොන්ඬේ මෝස්තරය වෙනස් කරලා කණා්නාඩිය එහෙම වෙනස් කරගෙන පරිනතභාවයක් ආරෝපනය කරගෙන චම්පික මහත්තයාත් යනවා. දැන් සිරිකොත ඇතුලේ ලොකු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයෙන් තෙරපෙන්නේ රටේ ජනතාවයි. මේ ආණ්ඩුවට යන්න බැහැ. මාධ්‍ය ආයතන ගිහින් රටේ ආර්ථිකය ගැනබලන්න. වෙරළ තීරයට ඔබේ කැමරාව ගෙනියන්න. පාලු සොහොන් පිටි වගේ. සුදු මහත්තරු දකින්නවත් නැහැ. සංචාරක ව්‍යාපාරය සම්පුර්ණයෙන් කඩා වැටිලා. රට එහෙම පිටින්ම අරාජික වෙලා.එල්ලෙන්න වැල් නැතිව ඉන්න අයගේ ලීමඩු ටික වහන්නලු ඒ අතරේ. මෙහෙම ආණ්ඩු තියෙනවා. එහෙම දේවල් වෙද්දි නොයෙකුත් දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් සිටිනවා. මංගල සමරවිර මුදල් ඇමැතිවරයා කතුරට බෙල්ල දුන්නා දඩා ගමගේ ඇමැතිවරයාගේ. ලක්ෂ හයකට සමෘද්ධිය දේශපාලනික තේරීමක් මත ලබාදීමක් කළා. සුදුසුකම වුනේ අලියා සාමාජිකත්වය. මම මුදල් ඇමැති නිසා මුදල් වෙන් කරනවා. අහු වෙන්නේ දයා ගමගේ. දැන් පටන් ගන්නේ ටීෂර්ට්වලින්. සමෘද්ධි ප්‍රතිලාභියා ඉතිරිකළ මුදලින් බස් අරන් යන්න ඕනේ. කටවුට් ගහන්න ඕනේ. ප්‍රාදේශීය ලේකම් එවන ලයිස්තුව වෙනුවට ගමේ එජාප නියෝජිතයාගේ නාමලේඛණයට සමෘද්ධි දෙනවා. තොප්පිය වැටෙන්නේ දයා ගමගේ ඔලුවටයි. බට බෙදලා, සමෘද්ධිලාභියාට රුපියල් 2500ක් දීලා බැසිල් රාජපක්ෂ මහතා හිරේ හිටියා. ලක්ෂ්මන් කිරිඇල්ල පැහැදිලිව කිව්වා අපි සමෘද්ධිය දෙන්නේ එජාප පාක්ෂිකයාට විතරයි කියලා. ඒ නිසා දයා ගමගේ ඇමැතිුමන්ට ලෑස්ති වෙන්න වෙයි ආන්ඩු මාරුවුනාම උත්තර දෙන්න. දුප්පත්කම නැති කරන්න ආපු ආණ්ඩුවක් සමෘද්ධිලාභින් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ රටේ දිලිදුකම නැතිබැරිකම වැඩිවෙලාකියන පණිවිඩයයි ආන්ඩුව දෙන්නේ. සමෘද්ධිය දේශපාලනයට මැදිකරගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට වගකියන්න වෙනවා.
මංගල සමරවිර උත්සාහ කළා සිංහල බෞද්ධකමට ගහන්න. දැන් ආයෙත් පන්සල් ගානේ යනවා. සිංහල බෞද්ධකමට අගෞරව කිරීම, මැලිකම් රංජිත් අගරදගුරුවරයාට අපහාස කිරිම ආදිය නිසා මේ මංගල සමරවීර ඇමැතිවරයාට ජනතාව ඉදිරි මැතිවරණයේදී නිසි පියවර දෙන බව විශ්වාසයි.

විල්පත්තුව කපලා ඉවර වුනාට පස්සේ වඩු මඩුව වැහුවා වගේ..

අද :07* දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා
පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මක වෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධ තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසීම සම්බන්ධයෙන් රටේම අවධානය යොමු වෙලයි තියෙන්නේ. සාක්ෂි ලබා දෙන කණ්ඩායමේ සහ විමර්ශන කණාඩායමේ අදහස් දෙස බැලුවාම පේන්නේ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් වගකීම භාරගත යුතු බවයි.මෙතෙක් ඔවුන් කිසිවෙක් වගකීම භාරගෙන නැහැ.නැවත එවන් සිදුවීමක් නොවන ලෙසින් ආරක්ෂාව තහවුරු කරන්න රජය පියවර අරන් තියෙනවාද කියලත් අපිට සැකයි. මේ අවස්ථාවේ අපිට විශ්වාස කරන්න හැකියාව තියෙන්නේ ආපේ ආරක්ෂක අංශ පමණයි. ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවාද කියන එක ප්‍රශ්නාර්ථයක්. අපි පහුගිය කාලයේ කතා කරපු ජාතික ආරක්ෂාවට රජය කිසිදු ප්‍රමුඛතාවයක් ලබා නොදුන් බව මේ වෙද්දි ඔප්පු වෙලා. ජනාධිපතිතුමාත් එජාපයත් අතර තිබෙන විරසකය නිසා මේ ප්‍රහාරය වළක්වා ගන්න බැරිවෙලා. දෙපැත්තේ කඹ ඇදිල්ල නිසා රටේ ප්‍රශ්න රැසක් ඇති වෙමින් තිබෙනවා.
පූජිත ජයසුන්දර පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරු ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් ලබා දුන්න බව කියනවා. ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරපු හේමසිරි ප්‍රනාන්දු කියන්නේ ඔහු මේ රටේ ඉතාම අසරණ වූ ආරක්ෂක ලේකම්වරයා බවයි. ආරක්ෂක ලේකම්වරයා කියන්නේ ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කර ගැනීමේ ඉඩ ප්‍රශ්තාවක් නොලැබුනු ආරක්ෂක ලෙකම්වරයෙක්. ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාකළ ආකාරය හා ඔහු ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සංසන්දයට කළ නොහැකි බවත් ඔහුම කියනවා. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ආරක්ෂක ලේකම්ධූරයේ වගකීම් නිසියාකාරව ඉටුකරපු කෙනෙක් බව ඔහුගේ ප්‍රකාශවලින් තේරෙනවා. මේ රටේ ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරන්න, රටේ විනය, කොළඹ ආශ්‍රිත නගර සංවර්ධනය සදහාත් ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ගිය වැඩපිළිවෙල ප්‍රසංසනීය බව පේන්න තියෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා විවේඡනය කිරීමේ වැඩපිළිවෙලක් එජාපය ගෙනගියත් ඔවුන් විසින් පත්කරපු නිලධාරීන් පිලිගන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉටු රකපු කාර්යභාරයවත් ඔවුන්ට ඉටු කරගන්න බැරි බවයි. පුජිත ජයසුන්දර මහතා ආරක්ෂක මණ්ඩලයට නොකැදවිම නිසා තමන්ගේ යුතුකම නිවැරදිව ඉටුකිරීමට නොහැකි වෙනවා නම් පූජිත ජයසුන්දර අගමැතිවරයාට දැනුම්වත් නොකලේ ඇයි. ඔහුව පත්කළ ව්‍යන්‍ස්ථාදායක මණ්ඩලය දැනුම්වත් නොකලේ ඇයි. මේ දෙපාර්ශවයේ බල අරගලයේ තරඟයයි මේ විනාශය රටට කලේ.
මුස්ලිම් අමාත්‍යවරු ආන්ඩුවේ අවශ්‍යතාවය වෙනුවෙන් ජවනිකාවක් නිරූපනය කළා. රාවුෆ් හකිම් ඇමැතිවරයා මෙම්ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධයි, අන්තවාදයට සම්බන්ධයි කියලා අපි චෝදනා කලේ නැහැ. එවැනි අවස්ථාවක ඔහු සියලුම මුස්ලිම් අමාත්‍යවරු ධූරයෙන් ඉවත් වන බව සදහන් කරනවා. නමුත් මෙතෙක් එවැන්නක් සිද්ධ වෙලා නැහැ.රජය තින්දු කරනවා ඔවුන්ට මසක කාලයක් රජයෙන් දෙන සියලු වරප්‍රසාධ ලබා දෙන්න. ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් අපෙන් විරුද්ධතාවයක් නැහැ. නමුත් ඔවුන් ඉවත් වූවා සේ සලකමින් අමාත්‍යධූරවල වරප්‍රසාද ලබා දෙනවා නම් ජනතාව නැවතත් රැවටිමකුයි කරන්නේ. සියලු දෙනා තනතුරුවලින් ඉවත් වීම අන්තවාදයට සම්බන්ධ නොවුන මුස්ලිම්වරුන්ට කරන අසාධාරණයක් නෙවෙයිද. සියලු මුස්ලිම්වරු මේ අන්තවාදයට සම්බන්ධ නැති බවයි අපි විශ්වාස කරන්නේ.
පරික්ෂණ කටයුතු ස්වාධීනව කරන්න ඉවත් වුනා නම් රවුෆ් හකිම් ඇමැතිවරයා තේරිම් කාරක සභාව තුල වාඩිවිමත් සුදුසු නැහැ. මේවායින් පැහැදිලි වන්නේ ඔවුන් විසින් රංගනයක නිරත වන බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පිටුපස කණ්ඩායම විසින් ඔවුන් මෙහෙයවන බවයි.
මොහොමඞ් තස්ලීම් අනාවරණයක් කරමින් මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් බෝම්බකරුවෙක් බවට ඔහු හදනාගත් බව සදහන් කරනවා. කබිර් හසිම් ඇමැතිවරයාට මේ බව දැනුම්දුන්න බවත් කියනවා. ඒ පණිවිඩය දැනගෙනත් නිහඩ වුනේ ඇයි. තමන්ගේ සගයෙක් වෙඩි වැදි සිටින බව දැන දැනත් අන්තවාදී බලවේගවලට සම්බන්ධ බලවේග වෙනුවෙන් පෙනී හිටියේ කොහොමද? අපි ජාති වාදීන් අන්තවාදීන් කියන හංවඩුව නොගසන අයත් මේ කණ්ඩායමට ඇතුළත් වන්න අත්සාහ කරන්නේ ඇයි. හමුදාපතිවරයාට අමතන ලෙස රිෂාඩි බදියුදින්ට උපදෙස් දුන්නේ රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා බව සදහන් කළත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් රුවන් විජේවර්ධන මහතා කිසිදු අදහස් දැක්වීමක් කරන්නේ නැහැ. නමුත් මේ වෙද්දි දිගින් දිගටම ආරක්ෂක අංශවලින් ප්‍රශ්න කරනවා. මනෝ ගනේෂන් ඇමැතිවරයා උතුරු ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටි ආරච්චි මහතාගෙන් ප්‍රශ්න කරනවා. මනෝ ගනේෂන් ඇමැතිවරයාට අමතකද දන්නේ නැහැ පල්ලියට ආපු අහිංසක දමිල ජනතාවත් මේ ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වුන බව. මේ ආරක්ෂක වැඩ පිළීවෙල යාපනයේ විතරක් නෙවෙයි. රට පුරාම දියත් වෙනවා. ඒ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. එවැන් ආරක්ෂාවක් කරන නිලධාරින්ගෙන් ප්‍රශ්න කිරීම කෙතෙක් දුරට සාධාරණද? මේ පේන්නේ දිගින් දිගටම ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් මැති ඇමැතිවරුන් ප්‍රශ්න කිරන ආකාරයයි.
මාධ්‍ය නිදහස ගැනකතා කරමින් මාධ්‍යවේදින්ගේ අයිතිවාසිකම් ගැන කතා කරමින් බලයට ඇවිත් මාධ්‍ය මර්දනයටයි ආන්ඩුව කතා කරන්නේ. කැබිනට් මණ්ඩලයේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන සෘජුව ඉලක්ක කරමින් තින්දු ගන්නවා.ප්‍රති ත්‍රස්ත පනත මගින් මාධ්‍ය හරහා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වසන් කරන්න අත්සාහ කළා.2015දි රංග ඛළංසූරිය හරහා ලංකවේ ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාලය නමින් කාර්යාලයක් පිහිටවූවා. ස්වාධීන මාධ්‍ය මණ්ඩල පනතක් ගෙනාවා.ඒ අවස්ථාවේ නිතියේ පිහිට ලැබීම මගින් ඒ පනත ක්‍රියාත්මක කිරීම වැලකුණා. අද රජයට මාධ්‍ය දැඩි හිසරදයක් වෙලා තියෙන්නේ රජයේ අකටයුතුකම් ගැන ජනතාව දැනුම්පත් කිරිම නිසයි. මාධ්‍ය මර්ධනය කිරීමේපනත් විවිධ නම් වලින් ගේන්න සුදානමක් තියෙන්නේ. ඒ කටයුත්තෙන් වලකින්නයි අපි ඉල්ලා සිටිනවා. මාධ්‍ය මර්ධනය කරපු ආන්ඩුවක් බලයේ ඉදලත් නැහැ. නැවත බලයට ඇවිල්ලත් නැහැ.
ජනාධිපතිතුමා වඩුමඩු තහනම් කරන්න පියවර ගන්න බව කිව්වා.2015 බලයට ආපු ආණ්ඩය මේ වෙද්දි ලක්ෂ 5ට අධීක රැකියා ප්‍රමාණයක් ජනතාවට අහිමිකරලා. ජනාධිපතිවරයා ගන්න තින්දු තීරණ හරහා රටේ ආර්ථිකයට, සුලු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන්ට මොකද වෙන්නේ.මහා පරිමාණ දැව ජාවාරම් කරුවෝ මර්ධනය කරන්න පියවර ගන්නේ නැහැ.ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ වැලි ජාවාරම නැවතුනාලු. එහෙම වුනේ නැහැ. වැලි ව්‍යාපාරය ජනාධිපතිතුමාගේ ඥාතීන් අතර ව්‍යාපාරයක් බවට පත් කළා. ඒ ව්‍යාපාරයේ යෙදුනු අය මැසිවිලි නගද්දි ජනාධිපතිතුමාගේ පවුලේ අය යහතින් ඒ ව්‍යාපාරයේ නිරත වෙනවා.මේ පියවර ගැනීමේදී ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගන්න. වඩුමඩු පමණක් නතර කරලා ප්‍රයෝජනයක් නැහැ. දැන් සුලු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් දැඩි අසරණ තත්ත්වයකට පත්වෙලා. ආන්ඩුව වියරු වැටිලා ඉන්නේ. මංගල සමරවිර ඇමැතිවරයා කාදිනල්වරයා සම්බන්ධයෙන්විවිධ චෝදනා එල්ල කරනවා.එතුමා දිගින් දිගටම අපේ පූජ්‍ය පක්ෂය දැඩි සේ විවේඡනයකරනවා. මංගල සමරවිර කරන්නේ ජාත්‍යන්තරයෙන් ඔහුට ලැබුණු කොන්ත්‍රාත්තුවක්.ඒ රටේ යහපතට කරන දෙයක් නෙවෙයි.වෛරය ඇතිවන ලෙසට කටයුතු කරන මංගල සමරවිර සම්බන්ධයෙන් වහාම පියවර ගන්න ඕනේ.
සමෘද්දි සහනාධාර ලබාදීම සම්බන්ධයෙන් අපේ විවේඡනයක් නැහැ.නමුත් ඒ ලබාදුන්න ක්‍රමවේදය ගැන විවේඡනයක් තියෙනවා. නිලධාරීන් විසින් හදපු ප්‍රමුඛතා ලේඛණය එජාපයේ සංවිධායකවරු හා ශාඛා සමිති ගෙන්වලා තමුන්ගේ එජාප පාක්ෂිකයින්ට පමණක් සහනාධාරය දෙනවා. මේක බරපතල අසාධාරණයක්.මේ සෑම ප්‍රතිලාභියෙක්ගෙන්ම 500 අය කිරිමක් කරලා මිලියන 3000ක් උත්සව කටයුතු සදහා පමණක් වැය කරනවා. මේ මුදල රජයට ලබා දිම සමහර සමෘද්දි බැංකු ප්‍රතික්ෂේප කරන කොට සමාජ ආරක්ෂණ අරමුදලෙන් මුදල් අරන්. එජාපයේ ප්‍රචාරණය සදහා මේ මුදල් වියදම් කරන්නේ කොහොමද? ප්‍රතිලාභ ලබා දෙනවා කියලා දිලිදු අයගෙන් රුපියල් 500ක් ගැනීම ගැනත් ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි. ආන්ඩුවේ අර්බුද ආණ්ඩුවටම විසදා ගන්න බැරිවයි ඉන්නේ.
පළාත් සබා මැතිවරණය කල් ගිහින්. මහ මැතිවරණයට නිතිමය බාධාවක් තියෙනවා. ඒ නිසි නියමිතව තිබෙන්නේ ජනාධිපතිවරණයයි.සමහරු ගිහින් ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින්නේ එජාපයට විරුද්ධ බලවේගයට නායකත්වය දෙන්න කියලයි.එතුමාගෙන් ඉල්ලිම් කරලා වැඩක් නැහැ.එතුමා එජාපය එක්ක අත් වැල් බැදගෙන එජාපයට ඉදිරියට එන්න උදව් කරපු නායකයෙක්. ජනාධිපතිවරයාගෙන් කවුරු හෝ නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නයි ඉල්ලා සිටිනවා කියන්නේ එජාපය නැවත බලයට ගේන්න සහාය වෙනවා කියන එකයි. ශක්තිමත් නායකත්වයක් සමග අපි මැතිවරණයට පෙනී හිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා
පාස්තු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් එක්ක ඇති වුනු සිද්ධි මාලාවේදී රටේ විශාලම මෙහෙය කලේ අති අතුම් කාදිනල්තුමායි. බෝම්බ පිපිරීමෙන් පස්සේ තව දෙතුන්දාහක් මිය ගිහින් දේපල විශාල වශයෙන් ගිනිබත් වෙන්න ඉඩ තිබුණා. අන් වහන්සේ ජනතාව හැසිරවූ විදියෙන් ඒ විනාශය වැලකුණා. එහෙම වෙන්න තිබුණු දෙයක් වුනා නම් ආණ්ඩුවට නතර කරන්නත් බැහැ. පස්සේ කුළියාපිටියේ වුනු දේ ස්වාභාවිකවම නතර වෙනකල් ආන්ඩුවට මොකුත් කරන්න බැරිවුනා. මංගල සමරවිර ඇමැතිවරයාට 350ක් මිය ගියාම කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ. බොහෝම සිනාමුසුව කිව්වා ඇමරිකන් ඩොලර්ගානක් ලැබුනා කියලා කිව්වා.සෑම අදුරු වලාකුළකම රිදී රේඛාවක්තියෙනවා කියන එකයි එතුමාගේ පිළීතුර වුනේ. නමුත් කාදිනල් තුමා රතන හිමියන් හමුවෙන්න ගියාම මංගල සමරවිර ඇමැතිවරයාට බොහෝම කේන්ති ගියා. කාදිනල් තුමා කිව්වා මේ බෝම්බවලට අනුලබල දිපු අයට එරෙහිව පරික්ෂණ විනිවිද භාවයකින් වෙනබව පේන්නේ නැති බව කිව්වා. පරීක්ෂණ විනිවිදභාවයකින් සිද්ධ වුනා නම් රතන හාමුදුරුවෝ අපවාස කරන්නෙත් නැහැ.කාදිනල්තුමා එතැනට යන්නෙත් නැහැ. රතන හාමුදුරුවන්ගේ විරෝධය පෑමට විරෝධයක් විදියට, පරික්ෂණවලට සහාය දිමක් නිසාද? ආන්ඩුවට මුස්ලිම් ජනතාව හා කතෝලික ජනතාවට ආරක්ෂාව දෙන්න බැරිවීම නිසාද මේ විදියට ඉවත් වුනේ කියලා කිසිවෙක් කිව්වේ නැහැ. කාදිනල්තුමා, රතන හාමුදුරුවෝ හෝ අපි අනෙක් අයට චෝදනා නොකලේ සැක සහිත දෙයක් නැති නිසයි. කුළී පදනම මත ගත්ත ගේ රිෂාඞ් ඇමැතිගේ සහෝදරයාගේ ගෙයක්. සිද්ධීයට පසු දින ඇදිරි නිතිය තියෙන වෙලාවක නැගෙනහිර පළාත් ආන්ඩුකාරවරයා හෝටලයකට යන සිද්ධියක දසුන් තියෙනවා. පතොරම් බෝම්බ තොග පිටින් ලබා දුන්න තඹ කර්මාන්තශාලාව රිෂාඞ් බදියුදින්ගේ අනුග්‍රහය ලබපු එකක් බව ඔප්පු වෙලා තියෙනවා. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ පියා එතුමාගේ ළගම හිතවතෙක්. ජවිපේ ජාතික ලයිස්තුවේ ඉන්න බව ඔපුප් වෙලා තියෙන නිසා සැක පහළ කරන්නේ. අනෙක් අය ගැන සැක සහිත සිදුවිම් වාර්තා වෙලා නැති නිසයි අනෙක් අයට චෝදනා එල්ල නොවුනේ.මේකේන් සාමාන්‍ය මුස්ලිම් ජනතාව අසීරුතාවයට පත්වෙලා. දැන් පොලිස් මුලස්ථානයට පැමිණීලි තියෙනවා නම් ගෙනත් දෙන්නලු. ඉස්සර කොහේ හරි බෝම්බයක් තිබුණාම අපි කවුන්ටර් ඇරලා පැමිණිලි කරන්න කිව්වේ නැහැ. පොලිසියට කරන පැමිණිලිවලට වෙන දේ සාක්ෂි කැදවීමෙන් පේනවා. ඒවා දැක්කාම හිතෙන්නේ බෝම්බ අටකින් බේරුණු එක ලොකු දෙයක්. බේම්බයක් පුපුරනවා කිව්වාම ලියුම් ලියලා පිපිරිම නතර කරන්න පුලුවන්ද? ලිපි යැවීමෙන්ත්‍රස්තවාදය නතර කරන්න බැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට කොහොමත් ලංකාවේ හමුදාව ඇලජි. 2001 බලයට ආපු ගමන් අනුරුද්ද රත්නායක මහත්තයාගේ පුද්ගලික හමුදාවක් කියලා මිලේනියම් සිටි බුද්ධි අංශ නිලධාරින්ගේ නම් ටික ප්‍රසිද්ධ කළා. බල්ලෝ භාරව සිටිය කෙනෙක් තමයි ගිහින් මේ අයව ඇල්ලුවේ. අල්ලලා ගෙනත් බලු කූඩවල දාලා හිටියේ නුවර. අපිට හොදට මතකයි. ඒ නිලධාරින්ගේ නම් පත්තරේ දාලා 86ක් එල්. ටී. ටී. ඊ එකෙන් මරලා දැම්මා. ගිරිතලේ බුද්ධි අංශ නිලධාරීන් අරන් ගිහින් හිරේ දැම්මා තවම නඩුත් නැහැ. දැන් සමාජසේවා වැඩට යොදවලා. රාජ්‍ය හා පුද්ගලික අංශයේ ස්ථානවලට ඒ ස්ථාන දැනුවත් නොකර සේවයට යෙදවාල තිබුණු හමුදාවෙන් පඩු ලබන විශාල බුද්ධි නිලධාරින් පිරිසකගේ සේවය 2017දී රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත නතර කරලා. ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියපු සභානායක කිරිඇල්ල කියනවා අපි සහරාන්ලාට පඩි ගෙවලාලු. ඒ එතුමා දන්න තරම තමයි. කරුණා අම්මාන් සමග අපිත් එක්ක එකතු වුනු යම් පිරිසට් බුද්ධි සේවය සදහා යොදාගෙන වැටුප් ගෙවිමක් කරලා තියෙනවා. මේ වතාවේ ආරක්ෂක අංශ නිවැරදි දෙයක් කරලා තියෙනවා. ආන්ඩුව බලයට ඇවිත් පඩි ගෙවන්න නම් ඉල්ලන කොට බුද්ධී අංශ අය නම් දෙන්නේ නැතිව නේම් කෝඞ් ටිකයි දුන්නේ. නේම් කෝඞ්වල තියෙන්නේ මුස්ලිම් නම්.ඒක නිසයි සහරාන්ලාට පිඩි ගෙව්වා කියන්නේ.ඒ ද්‍රවිඩ පිරිසට පඩි ගෙවලා නැති නිසා ඔවුන්ගේ සේවය ලැබෙන්නෙත් නැහැ දැන් ආණ්ඩුවට.
බෝම්බය ගැන ලියුම් ලියනවා. අර බුද්ධි අංශය දැනන් හිටියා. අර බුද්ධි අංශය දැනන් හිටියා කියලා කියනවා. රටපුරා තිබුණූ කදවුරු ටික බෝම්බේ පුපුරපු ගමන් හොයාගන්නවා. ඒකියන්නේ බෝම්බේ පුපුරන්න කළින් හමුදාවට ක්‍රියා’ත්මක වෙන්න අවසරයක් තිබුනේ නැහැ කියලා. බුද්පිළීම කඩපු සිද්ධීයේදී අසාත්සාලි මැදිහත් වෙලා සැකරුවෝ බේරාගෙන, කෑගල්ලේ කිසිදු නීතිඥයෙක් මොවුන් වෙනුවෙන් ඉදිරිපත් නොවුනු අවස්ථාවක ලංකාවේ ආන්ඩුකාරවරයෙක් වෙන තවත් නීතීඥවරයෙක් හොයාගෙන ඇපි ගන්තේ අසාත් සාලියි. ඒ ආන්ඩුකාරවරයා තමයි මානසික රෝගියෙක් කියලා ඇපි ගත්තේ.ඒ මානසික රෝගියා තමයි යස අගේට ගිහින් බෝම්බ පුපුරවාගෙන තියෙන්නේ.
අද පරීක්ෂණ දිහා බලන්න. පොලිස්පති, ආරක්ෂක ලේකස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න අහනවා. සැකයට භාජනය වෙන අයව මේ කමිටුවටවත් කැදවන්නේ නැහැ. කාදිනල්තුමා, ස්වාමීන් වහන්සේ, පොදුජන පෙරමුණ මුස්ලිම් ජනතාවට විරුද්ධයි කියලා පෙන්වන්න හදනවා. අපි විරුද්ධ ත්‍රස්තවාදයට මිසක් මුස්ලිම් ජනතාවට නෙවෙයි. දේශපාලන බලය නැතිව ත්‍රස්තවාදය මේ තරම් පෝෂණය වෙන්න බැහැ. කඩු මේතරම් ගෙනාවේ ඇයි කියලා හොයන්න වෙනවා. මේ ගැන කවුරු හෝ මතයක් පළ කරපු ගමන් ඇමැතිවරු ගන්න තින්දු බලන්න.දැන් මංගල සමරවිර ඇමැතිතුමා බුදු හාමුදුරුවන්ටත් වඩා ඉහළින් ඉන්නේ. චීවරධාරියෝ. සිවුරු ඇද ගත්ත අය. දැන් ජේසුස් වහන්සේටත් වඩා ලොක්කෙක්. ඉක්මනටම පාප් වහන්සේගෙනුත් පිළිතුරක් ලැබෙයි.
වඩුමඩු ප්‍රකාශය සුලු කාරණයක් නෙවෙයි. විල්පත්තු සිද්ධීයේදී විල්පත්තුව කපලා ඉවර වෙනකල් කිසිවක් තහනම් වුනේ නැහැ. විල්පත්තුව කපලා ඉවර වුනාට පස්සේ වඩු මඩුව වැහුවා වගේ කියලා මුහුණූ පොතේ අලුත් ප්‍රශ්තාපිරුළක් තියෙනවා.මේ කාරණාව ජනාතවගේ පැත්තෙන් බලන්න වෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ විශාල පිරිසකට රැකියා අහිමි වෙලා. ඇරියස් නැතිව ණය ගෙවපු අයටයි මේ වෙද්දි ණය සහනයක් දෙන්නේ. මේ ණය සහනය ගන්න වෙන්නේ අරලිය හෝටලේ අධීපතිවරයාටයි, ධම්මික පෙරේරා මහතාටයි, හැරී ජයවර්ධන මහතාටයි විතරයි. ව්‍යාපාර වැටුනේ 21 වැනිදා නෙවෙයි.2015 ඉදන් වැටෙමින් තිබුනේ.21 වැනිද වෙද්දි නහයෙන් උඩටත් වතුර ගිය එකයි වුනේ. රිෂීඞ් ඇමැතිතුමාලා කැලෑ පිටින් කැපුවාට අපිට වත්තේ තියෙන කොස් ගහක් කපා ගන්න පුලුවන්ද? ඒවාට විදි විධාන තියෙනවා. මේ පැත්තෙන් වඩු මඩු තහනම් කරනවා. සමහරු කියනවා ජනාධිපතිතුමාගේ පවුලට ඇලුමිනියම් ව්‍යාපාරිකයෙක් එකතු වුනු නිසා වඩු මඩු තහනම්කරනවා කියලත්. මේ විදියට ආර්ථිකය වැටුලා තියෙන වෙලාකව අනිත් පැත්තෙන් ස්වයං රැකියා කරන වඩු වෘත්තියේ යෙදෙන අයට බඬේ පහර දෙන්න ගහන්න එපා කියලා අපි කියනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා
අද ආණ්ඩුව එකිනෙකාට බෝල පාස් කරනවා.පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කරපු තේරීම් කමුටුව රනිල් වික්‍රමසිංහ අවුරුදු හතරක් තිස්සේ ගාගත්තු කුණු හෝදන වොෂින් මැෂිමක් බවට පත්වෙලා. විවිධ චෝදනාවන්ට ලක්වුනු පුද්ගලයෝ තේරීම් කාරක සභාවේ ඉදන් තමන්ගේ කුණු හෝදගන්නවා. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට අත් අඩංගුවට ගත්ත කෙනාගෙන් ප්‍රශ්න කරන්නේ සරත් ෆෝන්සේකා. සරත් ෆෝන්සේකාත් ඒ කුමන්ත්‍රණයට හවුල් බව නාමල් කුමාර කිව්වා. ඊබ්‍රහිම් නානාගේ පුත්තු ගැන පරික්ෂණ කරන කමිටුවේ ඔහුව ජාතික ලයිස්තුවට දාපු ජවිපේ මන්ත්‍රීනලින් ජයතිස්ස. අනෙක් පැත්තෙන් මහ බැංකු හිල් කරපු අය චත් ගලවලා නැව් ගත්ත අය මේකක නියෝජනය කරනවා. ඩර්ටි රනිල්ගේ කුණු හෝදන කොන්ත්‍රාත්තුව තමයි මේ කමිටුව භාරඅරන් තියෙන්නේ.
හිටපු පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා චෝදනා දෙපැත්තට මාරු කර ගන්නවා. ඒ වෙලාවේ ජනාධිපතිතුමා රටේ නැත්නම් අගමැතිුමාට මේසම්බන්ධයෙන් කිව්වේ නැත්තේ ඇයි. අගමැති බබාද? අගමැති කියපු නිසා ඔහුව පොලිස්පතිවරයා කරන තරමට සම්බන්ධයක් තිබුණ පොලිස්පතිවරයාත් අද කරන්නේ රනිල් වික්‍රමසිංහ සුද්ධ කිරීමයි. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අගමැතිවරයා වගකිය යුතුයි.
වංචාව දූෂණය නැති කරනවා. බොරු ප්‍රචාර නතර කරනවා කියලා බලයට ඇවිත් සමෘද්ධි බැංකුවල මුදල් කොටි ගණනින් ප්‍රචාරණයට වියදම් කරනවා. ජනතාවගේ මුදලින් තමයි මේ බැංකු ගොඩනැගුනේ. ජනාධීපතිවරයාට නැවතත් බලයට එන්නයි කියලා අපේ හිටපු ඇමැතිවරු ටිකක් ගිහින් ඉල්ලීමක් කරනවා. නචච්ඡා වසලේ හෝති බ්‍රහ්මනෝ කියලා බුදු වදනක් මතකයට එනවා. බ්‍රාහ්මනයෙක් වුනත් වසලයෙක් ආශ්‍රය කලොත් වසලයෙක් වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාට තවත් මේ වගේ බොරු ලණු දෙන්න එපා. එතුමා පැහැදිලිව කිව්වා ඔහු දේශපාලනයෙන් සමුගන්න බව. පහුගිය වසර 4 නරා වලක වැටුලා අපේ ආන්ඩුව කාලේ හදාගෙන හිටපු ප්‍රතිරූපය නැති වුනේ මේ වසලයෝ ඇසුරු කිරීම නිසයි. අපේ කදවුරට ඇවිත් එළැඹෙන ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා
මේ වන විට හිටපු ආණ්ඩුකාර අසාත් සාලි හා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා එක්ව පළත් සභාවේ මන්ත්‍රීවරුන් සඳහා දහම් පාසල් සංවර්ධනයට, දරුවන්ගේ පාසල් උපකරණ සදහා, වෙහෙර විහාරස්ථාන සදහා වෙන් කළ, ක්‍රීඩා තරඟ පැවැත්විමට වෙන්කළ මුදල් කපා හැරලා. ජනාධිපතිවරයා යටතේ ආණ්ඩුකාරවරයා සිටින නිසා ඒ හයියත් ගනිමින් රාජ්‍ය ගිනුම් කාරක සභාවේ සභාපතිවරයා පළාත් සභාවට ඇවිත් ප්‍රධාන ලේකම්වරයා ඇතුලු අමාත්‍යංශ ලේකම්වරු භය කරලා. ඔවුන්ව අසරණ කරලා ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල් කපා හැරලා ඔවුන්ට අවශ්‍ය ව්‍යාපෘති සදහා මුදල් වෙන් කරගන්නවා. මිනිස්සුන්ගේ ඉල්ලීම්වලටයි මේ මුදල් වෙන් කරලා තිබුනේ. පොසොන් උත්සවයට වෙන්කරපු මුදල් කපා හැරලා. වෙසක් උත්සවයේ අධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් වෙන්කරපු මුදල් කපා හැරලා. මේ අය රට කොහෙටද ගෙනියන්නේ. මේක ජාතිවාදය අවුස්සන වැඩපිළිවෙලක් බවට පත් වෙමින් තිබෙනවා. මන්ත්‍රීවරුන්ට වෙන්කරපු මුදල් නැවත ලබා දෙන්න. මිලියන 81000ක් පළාත්සභවේ මුලු ආදායම. මන්ත්‍රීවරු 144 දෙනෙක් කරන කාර්යභාරය අද එක තනි පුද්ගලයෙක් කරනවා වැය ශීර්ෂ 30ට වඩා වැඩි ප්‍රමාණයක් තනි පුද්ගලයෙක්ට ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. පළාත් සභා මැතිවරණය කල් දැමීම තුළ පළාත් සභාවෙන් වරප්‍රසාද භුක්ති විදින ජනතාවට සිද්ධ වෙන්නේ දැඩි අසාධාරණයක්. හැකි ඉක්මනින් පළාත් සභා පිහිටුවන්න ඡන්දය තියන්න.
වඩු මඩුව තහනම් කරනවා කියන්නේ අපේ උරුමයට ගහනවා කියන එකයි. ඇම්බැක්කේ දේවාලයේ තියෙන්නේ අපේ දේශීය කැටයම් නිර්මාණ. වෙස් මුහුණු කළාව ආදි වූ අපේ සංස්කෘතියටයි මේ ගහන්නේ. වඩු මඩුව තහනම් කරන්න එපා. මහ ලී මෝල්වලට අවුරුදු 5 සහන කාලයක් දෙන ගමන් වඩු මඩුව හෙට ඉදන් තහනම් කරන්න හදනවා.
බිලියන 2447ක් රටේ වැය ශීර්ෂය. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය විතරක් බිලියන 10627ක්. මාස හයක් ගත වෙලත් ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයට වෙන්කරපු මුදල්වලට මොනවාද වුනේ කියලා අහන්නේ කවුද? මොනවාද වුනේ ඒ සල්ලි වලට. එතුමාගේ වැය ශීර්ෂයේ ප්‍රාග්ධන මුදල් කියලා වෙන්කරපු මුදල් අර්ථවත් විදියට රටේ අවශ්‍යතාවයකට වියදම් නොකරන බවයි අපිට පේන්නේ. මේවා සම්බන්දයෙන් පුලුල් කතිකාවක් අවශ්‍යයි. මේ වැය ශීර්ෂ ගැන අධ්‍යයනයක් කරන්න ඕනේ. මේ තරම් ඇමැතිවරු රටට ඕනේ නැහැ. අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කළානම් පුනරාවර්තන වියදම් නමින් සිද්ධවෙන මුදල් හානිය වළක්වා ගන්න පුලුවන්. අපි තරුණ මන්ත්‍රීවරු විදියට නුදුරු අනාගතයේදි අයවැය ගැන රටේ පුලුල් කතිකාවතක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා.

අපේ දරුවන්ගේ නෙත් පාදන, අධ්‍යාපන සේවයට සියලූ දෙනා නැගී සිටීම

අද (06* දින මාධ්‍ය සාකච්ඡුාවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගාමිනී ලොකුගේ මහතා
එළැඹෙන 8 වැනිදා අධ්‍යාපන සමුපකාර සමිතියේ, ඒ කියන්නේ ගුරු ගෙදර නිලවරණය පැවැත්වෙනවා. ගුරුවරුන්ගේ සුභසිද්ධිය සදහා ඉතා කුඩාවට ඇරඹුන මේ ආයතනය අද විශාල අරමුදලක් සහිත ආයතනයක්. මේ ආයතනය ඇරඹු අයට අපි ස්තූතිවන්ත විය යුතුයි. අද වෙද්දි මේ ආයතනය දේශපාලනයට ලක්වෙලා. පහුගිය නිලවරණ දෙකක්ම ජවිපේ තමන්ගේ නියා්ජිතයින් යෙදවලා මෙහි බලය ගත්තා. ගුරුවරුන් වෙනුවෙන් අලූත් වැඩපිළීවෙලක් හදනවා. සහන සලස්වනවා. ගුරුවරුන්ගේ සුබසාධනය සදහා අවශ්‍ය පියවර ගන්නවා කියලා දෙවරක්ම ජවිපේ නියෝජතයින් මෙහි බලයට පැමිණිය. ගියවර සමුපකාර දෙපාර්තමේන්තුව මොවුන් සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වලා කම්කරු කොමසාරිස්තුමා අධ්‍යක්ෂ මණ්ඩලයක් පවත්වලා තමයි ඊළග නිලවරණය තිබ්බේ. නමුත් ඔවුන් සංවිධානය වෙලා පක්ෂයක් විදියට නැවතත් බලය ලබා ගත්තා. භිෂණ හෙයලා සමිතිය නැවත නගා සිටුවනවා කිව්වට පහුගිය අවුරුදු තුනේම කිසිම පරීක්ෂණයක් කලේ නැහැ. සාමාජික ගුරුමහත්ම මහත්මීන්ට වැරදි අවබෝධ දෙනවා. අපේ ගුරු සංගමය හා අනෙකුත් අධ්‍යාපනයට සම්බන්ධ සංගම් එකතු කරගෙන මේ මැතිවරණයට අපෙක්ෂකයෝ ඉදිරිපත් කරන්න තිරණය කරලා තියෙනවා.
නව දේශපාලන පක්ෂයක් විදියට ලංකාවේ සැම අධ්‍යාපන කොට්ඨාශයකම පවත්වන නිලවරණයට අපෙක්ෂකයින් යොදවන්න තිරණය කරලා තියෙනවා. සියලූ බුද්ධිමත් ගුරුමහත්වරු මේ සංගමයේ වටිනාකම දන්නවා. ජවිපෙන් මේ සංගමය බේරාගෙන දක්ෂයින් පිරිසකට භාර දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. පසුගිය වසරේ ඡුන්දය පාවිච්ඡුි කරලා තිබුනේ 19000ක් පමණයි. සාමාජිකයෝ එක්ලක්ෂ දහනමදායහක් ඉන්නවා. මේ වසරේදිත් සාමාජිකයෝ එක්ලක්ෂ 20000ක් විතර ඡුන්දය දෙන්න සුදුසුකම් ලබලා තියෙනවා. අට වෙනිදා 10 සිට 4 වෙනතුරුමැතිවරණය පවත්වනවා. මේ සංගමය ආරම්භයේදි සංගමයට සේවකයෝ ගන්න විට සේවකයින්ගේ දරුවන් ගන්න තීරණය කරලා තිබුණත් අද වෙද්දි සේවකයෝ 300ක් විතර අරන් තියෙන්නේ දේශපාලන ශාඛා සමිතිවල නියෝජිතයින්ගෙන්. ඒ අවස්ථාව සේවකයින්ගේ දරුවන්ට අහිමි වෙලා. ගුරුවරුන් හා සේවය කරන අයගේ යහපතට අරඹපු ආයතනයක් මිස දේශපාලනකයින්ගේ දෙයක් නෙවෙයි. ඒ වුනාට සංගමයේ ප‍්‍රධාන කාර්යාලයට ගියාම දකින්න ලැබෙන්නේ පක්ෂ කාර්යාලයක් විදියටයි අපිට අවහ්‍ය වෙලා තියෙන්නේ ගුරුවරුන්ගේ පාලනයට මේ සංගමය යටත් කරන්නයි. ඒ නිසා අපි සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා අට වැනිදා තමන්ගේ යුතුකම ඉටුකරලා තමන්ගේම පාලනයකට සංගමය ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රමේෂ් පතිරණ මහතා
අට වැනිදා පැවැත්විමට යෝජිත මේ නිලවරණයට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ගුරු සංගම් විසින් ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. අධ්‍යාපන සේවා නියුක්තිකයින් විසින් පාලනය කරන්න යෙදුනු මේ සමිතියේ කටයුතු සම්බන්ධයෙන් සාමාජිකයින් ඉන්නේපැහැදිමකින් නෙවෙයි. සමාජමය වශයෙන් ආර්ථික වශයෙන් ගුරුවරු හා අනධ්‍යයන සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් අවුරුදු 80ට වඩා වැඩි කාලයක් තිස්සේ පවත්වා ගෙන යන ශක්තිමත් සමිත්යක් පහුගිය වසර තුනේ ජවිපේ අත්තනෝමතික පාලනය යටතේ දුර්වල වුනා. සාමාජිකත්වය ප‍්‍රතිලාභ ලබාදෙනවා වෙනුවට දේශපාලන වශයෙන් තමන්ට හිතවත් පිරිසකගේ සුභසාධනයට පමණක් කටයුතු කරමින් සුලූ අතලොස්සකගේ ඕනෑ එපා කම් වෙනුවෙන් පෙනි සිටිම නිසා මේ විශිෂ්ඨ ආයතනය කඩා වැටිමකට ලක්වුනා. ඒ ආයතනය යථා තත්ත්වයට පත්කර සාමාජිකත්වයේ සුභ සිද්ධිය ඇති කිරීම සදහායි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ අනුග‍්‍රාහකත්වය ලබන කණ්ඩායමක් මැතිවරණයට ඉදිරිපත්කරලා තියෙන්නේ.
පසුගිය වතාවේ බලයට පැමිණි ජවිපේ සහාය ලබන කණ්ඩායම ගොඩනැගිලි ඇතුලූ සමිතියේ භෞතික සම්පත් දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කළා. සමිතියේ අරමුදල් සමිතියේ සාමාජික ජවිපේ හිතවතුන්ගේ අවශ්‍යතා අනුවයි. මානව සම්පත පැත්තෙනුත් සමිතියේ සාමාජිකත්වයට හිමි රැුකියා අවස්ථා ජවිපේ සාමාජිකත්වයට හිමිවුනා. ලියාපදිංචි ඡුන්ද සංඛ්‍යාවෙන් සුලූ ඡුන්ද ප‍්‍රමාණයක් භාවිතා විම නිසා මේ අය ජය ගත්තා. අද වෙද්දි ආන්ඩුවට ව්‍යාංගයෙන් සහාය දැක්වීම නිසා ජවිපේ ප‍්‍රතික්ෂේප වෙලා. සාමාජිකයින්ට ලබා දුන්න පොරොන්දු ඉෂ්ට කරලා නැහැ. ක්ෂණික ණය ලබා දීම කඩිනම් කිරීම, 8% පොලියට ගත් ණයවල පොලි ප‍්‍රතිශතය 4% දක්වා අඩු කරන බව කිව්වත් ඒක වෙලා නැහැ. සාමාජිකත්වයේ සුබ සාධානය වෙනුවෙන් දෙනවා කිව් කිසිවක් දීලා නැහැ. සාමාජිකත්වයේ දරුවන් විශ්ව විද්‍යාලයට යන විට දෙනවා කියපු ශිෂ්‍යත්ව හො ්පරිගණක උපකරණ ඔවුනුට ලැබුනේ නැහැ. සුබසාධන කටයුතු විධිමතව විමධ්‍යගත ක‍්‍රමයකට කරනවා කිව්වත් ඒ කිසිවක් වුනේ නැහැ. ලක්ෂ ගණන් පොලී ගෙවමින් කාර්යාල පවත්වා ගෙන යනවා. මේ අත්තනොමතික පාලනයෙන් ශක්තිමත් මූල්‍ය ආයතනයගලවා ගත යුතුව තියෙනවා. මේ ඉල්ලිම ඇවිත් තියෙන්නේ සාමාජිකයින් අතරින්මයි. ඒ අනුවයි අපි කණ්ඩායමක් මෙවර මැතිවරණයට ඉදිරිපත් කරන්නේ. මේ වන විටත් ලංකාවේ ලක්ෂ දෙකහමාරක් පමණ වන අධ්‍යාපන සේවා නියුක්තිකයින් අතට අපේ වැඩපිීලවෙල පත් කරලා තියෙන්නේ. සමිතියේ අරමුදල් කළමණාකරණය කර සමිතියේ කටයුතු කළාප මට්ටමට විමධ්‍යගත කරමින් ප‍්‍රතිලාභ රැුසක් සාමාජිකයින්ට ලබාදීමේ වැඩපිීලවෙලක් අපි සකස් කරලා තියෙනවා. දැනටමත් විශාල ණය ප‍්‍රමාණයක් අරන් සමිතිය ණය අර්බුදයකට හිර කරලයි තියෙන්නේ. ලෝක සමුපකාර ආයතන සමග එක්ව ශක්තිමත් ආයතනයක් ගොඩ නැගීමේ මූලික අරමුණත් අපේ කණ්ඩායම තුළ තිබෙනවා. අපේ දරුවන්ගේ නෙත් පාදන, අධ්‍යාපන සේවයට ශක්තියක් සපයන සියලූ දෙනාට ශක්තිමත්ව නැගී සිටීමේ පසුතලය සකසන්න පුලූවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

ශී‍්‍ර ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති, වසන්තා හදපාන්ගොඩ මහත්මිය
අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමුපකාර සකසුරුවම් හා ණය දෙන සමිතිය විදියටයි මේ සමිතිය හදුන්වන්නේ. නමුත් මුල්‍ය කළමණාකරණයක් වුනේ නැහැ.දැනට දකුණු ආසියාවේ තියෙන විශාලම සමුපකාර සමිතිය. ජවිපේ ලංකා ගුරු සේවා සංගමය බලයට පැමිණි ගමන් තමන්ගේ මහසභා නියෝජතියින්ට හා පාක්ෂිකයින්ට ණය ලබා දිම නිසා සමිතියේ මුල්‍ය අර්බුදයක් ඇති වුනා. මෙම්නිසා මහජන බැංකුවෙන් රුපියල් මිලියන 1000ක ණයක් වත්මන් පාලකයින් අරන් තියෙන්නේ 13.2% පොලියට. ගුරුවරුන්ට ණය දෙන්නේ 14% පොලියට. බලයට ආවේ ගුරුවරුන්ට 4% පොලියට ණය දෙනවා කියලයි. පරිගණක 27ක් මිලදි ගන්න රුපියල් පනස් හතර ලක්ෂ හැට අටදහස් හයසිය තිස් පහක් වැය කරලා. එක පරිගණකයක් කීයක් වෙනවාද බලන්න. මේ මුදල් සාමාජිකයින්ගේ මුදල්. අහිංසක ගුරුවරු කටේ කෙළරහ වෙනකල් කතා කරලා උගන්නලා හමුබකරපු මුදල් වලින් රුපියල් 435 ගානේ කපලා හදපු අරමුදලේ මුදල් මේ විදියට අවභාවිතා කරලා. මහ සභාව මගින් මිලදි ගත්ත ඉඩම් වලින් කිසිදු ප‍්‍රයෝජනයක් අරන් නැහැ. පරිපාලනය විමධ්‍යගත කරන්න කියලා දිසිති‍්‍රක්ක 20 විතර අධික කුලි පදනම මමත කාර්යාල පිහිටුවලා තියෙනවා. මේවාට විතරක් මාසිකව ලක්ෂ 100ක් විතර ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ජවිපේ දේශපාලන කි‍්‍රයාවලිය සදහාත් ගුරුවරුන්ගේ මුදල් වැය කරනවා. තමන්ගේ කි‍්‍රයාකාරිකයින්ට රැුකියා දෙන රැුකියා මධ්‍යස්ථානයක් බවටත් ගුරු ගෙදර පත්කරලා තියෙනවා.අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ සැබැ ගුරුවරුන්ගේ සුභසාධන මධ්‍යස්තානයක් බවට පත්කිරිමයි. අපේ සංගමය හොරු කියලා හදුන්වන්න මේ කණ්ඩායම අත්සාහ කරන නිසා අපිට රතු හොරු කවුද කියලා රටට කියන්න වෙනවා. මෙහි සභාපති මහින්ද ජයසිංහ. ඔහු මුල්‍ය චෝදනා 11ට වැරදිකරුවෙක් වෙලා සේවයෙන් පහ කරපු කෙනෙක්.අතුරු මැද පළාතේ අධ්‍යාපන ලේකම් සේවයෙන් පහ කරලා තියෙන්නේ මොහු මුල්‍ය චෝදනා පිලිගැනීමෙන් පස්සේ. රජයේ මුදල් අයථා විදියට ගනුදෙනු කිරිම නිසා සේවයෙන් පහකරපු කෙනෙක්. අතුරු පාලක මණ්ඩලයේ අපේ කිසිවෙක් සාමාජික වෙලා නැහැ. අපි ගුරු ගෙදරින් තේ කහට එකක්වත් බීලා නැහැ.
සේවයෙන් පහ කරපු කෙනෙක් නිසා සමුපකාර කොමසාරිස් විසින් මොහුව සමිතියේ සභාපති ධූරයෙන් ඉවත් කළා. මේ නිසයි අතුරු පාලක මණ්ඩල දාන්න සිද්ධ වුනේ.මේ අතුරු පාලක මණ්ඩලත් ජවිපේ වැරදි සහගත නිර්දේශම ඉදිරියට ගෙන යාම නිසා අපි අවස්ථා තුනක්ම නඩු දැම්මා. මේ මහින්ද ජයසිංහ එදා අධිකරණයට ගිහින් අතුරු පාලක මණ්ඩලයට එරෙහිව නිතිමය කි‍්‍රයාමාර්ග ගන්නේ නැතිව කට වහන් හිටියා. අද ඇවිත් හොරුකියලා ඒ නම අපිට ගාවලා වාසි ගන්න හැදුවට අපි සාමාජිකයෝ විදියට එදා අතුරු පාලක මණ්ඩලයට නඩු දැම්මේ. මේ වෙද්දි විවිධ කුමන්ත‍්‍රණ සිද්ධ වෙනවා. සමුපකාර කොමසාරිස්ගෙන් අපි ඉල්ලා සිටිනවා ජාතික හැදුනුම්පත මේකට අනිවාර්ය කරන්න කියලා. මැතිවරණය සාදාරණව තියන්න. ශී‍්‍ර ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය ආරම්භ කරලා වසර තුනයි. අපි මේ වෙද්දි දිවයින පුරාම අපේ නියෝජිතයින්පත්කරලා තියෙන්නේ. ජවිපේ සම්පුර්ණයෙන්ම පෝෂණය වෙන්නේ ගුරුගෙදරින්. අනුරාධපරයේ ගුරුගෙදර යන්ත‍්‍ර රාතී‍්‍ර කාලයේ පවා පාවිච්චි කරන්නේ කවුද කියලා අපි දන්නවා. ගුරුවරුන්ගේ සැබ සුබසාධනය වෙනුවෙන් පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වෙන අපේ අපේක්ෂකයින්ට දෙන්න.

මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදින් තැනට තල්ලු කලේ එජාප ආන්ඩුවයි.

අද (06) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා
අගමැතිවරයාගේ අලුත්ම අපාය මාර්ගයයි මේ දිනවල ක්‍රියාත්මක වෙන්නේ. අපි ත්‍රස්තවාදින්ට සම්බන්ධකම් තියෙනවා කියලා එක ඇමැතිවරයෙකුට චෝදනා කරද්දි සියලු ඇමැතිවරු ඉල්ලා අස්විම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සැලසුම් සහගත වැඩපිළීවෙලක්. අමාත්‍යවරු ඉල්ලා අස්වුනේ මාධ්‍ය ඉස්සරහා ප්‍රදර්ශනයකට පමණයි. වරප්‍රසාද සියල්ල තියෙනවා. පාර්ලිමේන්තුවේ ලේකම්තුමාත් ජනාධිපති ලේකම්තුමාත් මේ වෙනකල් ලිඛිතව අස්විම දැනුම්දීලා නැහැ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මේක ඉදිරි මාසය නාට්‍යයයි. අන්තවාදීන්ට විරුද්ධ වුනු අපේ මුස්ලිම් ජනතාව මේ සිද්ධිය නිසා බියවෙලා. අමාත්‍යවරු සියලු දෙනා ඉල්ලා අස්වුනේ ඇයි කියලා ඔවුන් හිතනවා.ත්‍රස්තවාදයට සහාය නොදුන් මුස්ලිම් ජනතාව පවා ත්‍රස්තවාදින් විදියට දකින තත්ත්වයකටයි රට පත්වුනේ. මේක රනිල් වික්‍රමසිංහගේ සැලැස්ම. රිෂාඞ් බදියුදින් ඇතුලු එජාපයට සම්බන්ධ නොවන ඇමැතිවරු ස්වාධිනව කටයුතු කරන්න සූදානමින් සිටින අවස්ථාවක කබිර් හසිම් ඇමැතිවරයාත් එක්කම එකට ගොනු කලේ එජාපය වෙනුවෙන් මුස්ලිම් ඡන්ද ටික රැකගන්නයි.
මේක තාවකාලිකයි. තාවකාලිකව එළියට දැමිමක් විතරයි. මුස්ලිම් ජනතාවගේ ඡන්ද ගැනීමේ දුෂ්ට අරමුනින් මේක කලේ. කබිර් හසිම් හිටපු ඇමැතිවරයා කියනවා ස්වාධීන පරික්ෂණයක් පවත්වන්නලු ඔවුන් ඉල්ලා අස්වුනේ. අපි කබිර් හසිම් ඇමැතිවරයාට චෝදනා කලේ නැහැ. එදා මැවනැල්ලේ බුදුපිළීම කඩන සිද්ධියේදී තොරතුරු දුන්න පුද්ගලයාට වෙඩි තියලා යනකල් ඔහුව ආරක්ෂා රකගන්න කබිර් හසිම් ඇමැතිවරයාට බැරිවුනා. ත්‍රස්තවාදීන්ටය විරෝධී සාමාන්‍ය මුස්ලිම් ජනතාව ආරක්ෂා කරගන්න මේ අයට පුලුවන් වෙයි කියලා අපි හිතන්නේ නැහැ. ත්‍රස්තවාදින්ට සම්බන්ධ එක අමාත්‍යවරයෙක් ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනා එකමුතුව කටයුතු කරනවා වගේම මුස්ලිම් ජනතාවත් ත්‍රස්තවාදින්ගේ පැත්තට තල්ලු කරන පණිවිඩයක් මේ තුළ ගැබ්වෙලා තියෙනවා.
මේක භයානක පණිවිඩයක්. අහිසංක මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදින් තැනට තල්ලු කලේ එජාප ආන්ඩුවයි. මැතිවරණය ඉලක්ක කරගෙන ත්‍රස්තවාදින්ගේ සල්ලිවලට යටත් වෙලයි මේ දේවල් කලේ. මොන පරික්ෂණය තිබුණත් නැතත් මාසයක් ඇතුළත රිසාඩි බදියුදින් නිදොස් කොට නිදහස් කරනවා. මේ වගේ පරික්ෂණ මොන තරම් තිබුණද? බැදුම්කර සිද්ධියේ හොරු අදවෙන කල් අල්ල ගත්තේ නැහැ. කුඩු ගහන අය හොයන්න පත්කරපු කමිටුවට සිද්ධ වුනු දේකුත් නැහැ. මුස්ලිම් ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය තේරුම් ගෙන සියලු ජනතාවට එකට ජීවත් විය හැකි රටක් නිර්මාණයකරන්න එකතු වෙන්න.
වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි 800ට වැඩියි. තවම විද්‍යාත්මක පරීක්ෂණයක් ආරම්භ කරලා නැහැ. පසුගිය වසර ගණනාවේ වුනා වගේ සාෆි එලියට ඇවිත් ඩි. අයි. ජි ඇතුළට යන එකයි වෙන්නේ.
අපේ ප්‍රදේශයේ දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ සීතාවක ගග හරස් කරලා ජලාශයක් ඉදිකිරීමයි. දැන් පාරිසරික වාර්තාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ ගැන අපි ඇහුවට කිසිම තොරතුරක් දෙන්නේ නැහැ.අපේ පැත්තේ සමාජමය ප්‍රශ්නයක් බවට මේ සිද්ධිය පත්වෙලා තියෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා
මේ දවස්වල ආන්දොලනයට පත්වෙලා තියෙන්නේ මංගල සමරවිර මහතා මැතකදි කරපු ප්‍රකාශයයි. මොහු කියන දේවලින් කුපිත වෙන්න එපා කියලා අපි බෞද්ධයින්ගෙන් ඉල්ලා සිටිනවා. හිතාමතා බෞද්ධයින් කුපිත කරන්නයි එතුමා උත්සාහ කරන්නේ. රතන හිමියන්ට විරුද්ධව ට්විටර් පණිඩිවටක් දැමිම පවා පෙන්නුම් කරන්නේ කණ්ඩායම් කල්ලි ගැසිමක් කරන්නයි. දෙමළසන්ධානය වගේම මුස්ලිම් මන්ත්‍රීවරුනුත් එකම කණ්ඩායමක් විදියට කටයුතු කරන්න ගනියි. මෙවැනි නිර්මාණ මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවශ්‍යතාවය ඉටු වෙනවා. ලංකාවේ මුහුදු සිමාවෙන් නැව් 30000ක් පමණ වසරකට යනවා. වානිජ කටයුතු වලින ්90% වෙන්නේ නැව් වලින්. බටහිර රටවල්වලට අවශ්‍ය මේ නැව්වල ආරක්ෂාව සකසා ගන්නයි. අපේ අවධානය සිංගප්පූරු ගිවිසුම කෙරෙහි යොමු විය යුතුයි. අපේ මුහුදු සීමාවන් ගුවන් සීමාවනක් ඒ රටට විවෘත කරන්න එකල වෙලා තියෙනවා. අලුත් ගිවිසුම් අලුත් පනත් එලියට ආවත් අපි ඒ කිසිවක් ගැන කතා නොකර මංගල සමරවිරගේ ප්‍රකාශ ගැන කතා කරනවා. බිලියන 5.1 ක වංචාවක් රාජිත සේනාරත්න අමැතිගේ අමාත්‍යංශයෙන් වෙලා තියෙනවාලු. තුරුකි නැවෙන් විදුලිය ගන්නවා.ප්‍රචාරණය සදහා විශාල මුදල් ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාසගේ අමාත්‍යංශයෙන් වැය කරලා. අඩුම තරමේ මධූෂ් ගැනවත් අද වෙද්දි කතා කරන්නේ නැහැ. ඒවා යට ගිහින්. බැදුම්කරය යට ගිහින්. ජනාධීපති මැතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් එන්න නියමිතයි. මේ හොරුන් කරපුවා ජනතාව දන්නේ නැති නිසා හොරු ටිකම නැවතත් පත්වෙනවා. අපි ඇගිල්ල දික්කලේ ත්‍රස්තවාදයට සම්බන්ධ අයට විතරයි. කබිර් හසිම් ඇමැතිතුමා කියනවා පරික්ෂණය කරන්න ඉඩ දෙන්න අයින් වුනු බව. එතුමාට බහුතරයක් ලැබුනේ සිංහල ඡන්ද. එතුමා මුස්ලිම් කියලා ජනතාව හිතුවේ නැහැ. දැන් එතුමා සිංහලයින්ට දිලා තියෙන පණිවිඩය වෙලා තියෙන්නේ අන්තවාදින් ආරක්ෂා කරන බවයි. එතුමා මහානායක හිමිවරුන් කියපු විදියට ඇමැතිකම නැවත භාර ගන්න. සැම මැතිවරණයදිම අපේ රටේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතිහාසය දිහා බැලුවාමහ එය හොදින්ම පැහැදිලියි. මෙවර මැතිවරණයේදි දරාගන්න බැරිතරම් ප්‍රශ්න ඇති කරලා. මේ මංගල වැනි අය ඉදිරියේදි තවත් ප්‍රශ්න වැඩි කරයි. ජනතාව ඉවසිමෙන් කටයුතු කිරිමයි වඩා වැදගත් වෙන්නේ.

මේ අවස්ථාවේ එජාපය තවත් නාටකයක් රග දැක්වුවා.

අද (04) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්

■ මේ අවස්ථාවේ එජාපය තවත් නාටකයක් රග දැක්වුවා.
■ මේකේ තිරපිටපත ලිව්වේ සිරිකොත ඇතුලෙ, නැත්නම් අරලියගහ මන්දිරයේ. අධ්‍යක්ෂණය කලේ අරලිය ගහ මන්දිරය ඇතුලේ.
■ අවසානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මගින් නාට්‍යාණුසාරයෙන් එළියට දැම්මෙත් අරලිය ගහ මන්දිරයේදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා
ආරක්ෂාව පිළිබද වගකිම සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ ජනාධිපතිවරයාට. නිතිය හා සාමය ඇමැතිධූරය වසර ගණනාවක් දැරුවේ එක්සත් ජාතික පක්ෂය නිසා මේ වගකීමෙන් අගමැති ඇතුලු රජයට මිදෙන්නත් බැහැ. අන්තිමට සිද්ධ වුනේ විශාල ප්‍රහාරයක් එල්ල වෙලා ජනතාව අසරණ විමයි. හැම පුද්ගලයාම ජාති ආගම් භේදයකින් පිඩාවට පත්වුනා. සිංහල ජනයා තමන්ව ආරක්ෂා කරන්න කෙනෙක් නැහැ කියන තැනට මානසිකතවය කඩා වැටුනා. දැන් කළ යුතුව තියෙන්නේ ආරක්ෂක අංශවලට නිදහසේ තමන්ගේ රාජකාරි කටයුතු කිරීමට ඉඩ දිමයි.
ආරක්ෂක අංශවලට බලපැම් ඇති වුනු අවස්ථා ගණනාවක් අපි දැක්කා. කල්පිටියේ පුපුරන ද්‍රව්‍ය හමුවෙද්දි බලපැම් කරලා යම් යම් පිරිස් මුදා ගැනීමට අත්සාහ කරපු බව අපි කවුරුත් දන්නවා. යම් අය අත් අඩංගුවට ගත්තාම හිටපු ඇමැතිවරයෙක් යුද හමුදාපතිවරයාට කතා කරලා තොරතුරු අහපු බවත් අපි දන්නවා. මේ විදියට තොරතුරු ඇසිමත් බලපැමක්. මේ නිසා ජනතාව තුළ කුකුසක් ඇති වුනා. එක පැත්තකින් එජාපය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම පැහැර හැරියා. රජය මෙය සාමාන්‍ය දෙයක් විදියට සැලකුවා. විශ්වාසයක් නැති විදියට වැඩ කළාට පස්සේ රටක් ඇතුලේ අරාජික තත්ත්වයක් ඇති වුනේ. මේ නායකයෝ දෙන්නාගෙන් කවුරු වුනත් කියන දේ ජනතාව විශ්වාස නොකරන තැනට පත්වුනා. ඒ අනුවයි ආණ්ඩුකාරවරු දෙදෙනෙක් හා ඇමැතිවරයෙක් සම්බන්දයෙන් උපවාසය ඇරඹුනේ. මේ අවස්ථාවේ එජාපය තවත් නාටකයක් රඟ දැක්වුවා. මේකේ තිරපිටපත ලිව්වේ සිරිකොත ඇතුලෙ, නැත්නම් අරලියගහ මන්දිරයේ. අධ්‍යක්ෂණය කලේ අරලිය ගහ මන්දිරය ඇතුලේ. පසුගිය කාලයේ. අවසානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මගින් නාට්‍යාණුසාරයෙන් එළියට දැම්මෙත් අරලිය ගහ මන්දිරයේදී. චෝදනා එල්ල වුනු පිරිසක් සිටියදි අනෙක් සියලුම දෙනා අත ඔසවලා එහි වගකිම බාරගන්නවා. සියලු දෙනාටම ඉල්ලා අස්වෙන්නයි කියලා කවුරුවත් කිව්වෙත් නැහැ. එහෙම දෙයක් කවුරුවත් බලාපොරොත්තු වුනෙත් නැහැ. මේකෙන් එජාපය බලාපොරොත්තු වෙන්නේ රටේ ජාතික ආරක්ෂාවත්, ජනතාවගේ අනාගතයත්, ඉදිරියේදී ඔත්තු සේවාවල පැවැත්මටත් දේශපාලනික වශයෙන් ප්‍රශ්නයක් හදන එකයි. දේශපාලනික වහයෙන් සිතීමයි මෙහි ගැටලුව. අපි රටේ ආරක්ෂාව පැත්තෙන් හිතුවට එක්සත් ජාතික පක්ෂය හිතන්නේ දේශපාලනික පැත්තෙන්. එජාපය දේශපාලනික නාට්‍යයක් රගදක්වලා ආරක්ෂාවේ වගකීම මහජනතාවට පවරන්න උත්සාහ කරනවා නම් අන්තවාදය හෝ ත්‍රස්තවාදය කවදාවත් අපිට නැත් කරන්න බැහැ. මේ අන්තවාදය අපි බැහැර කරන්නේ කොහොමද කියන දේ ගැන කතිකාවතක් ඇති කළ යුතුයි. ලංකාවේ මද්‍රසා පාසල් විශාල ගණනාවක් තියෙනවා. ජාත්‍යන්තරයෙන් ආපු ගුරුවරු මේවායේ වහාබ්වාදය උගන්වනවා. ත්‍රස්තවාදයට මුදල් දුන්න අය ගැන දැන් කවුරුත් කතා කරන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ගැන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන වෙලාවේ කට්ටියක්ම එකතු වෙලා අපි ගැනත් හොයන්න කියනවා.
ජාතික ආරක්ෂාව බරපතල විදියට විනාශ වෙලාතියෙන කාලයක්. දේශපාලන විදියට හැම කෙනෙක්ටම නිදහසේ ජිවත් වෙන්න ඉඩ හදපු නායකයෙක් ඉන්න පක්ෂයක් විදියට අපි සැබැ දේ ජනතාවට එළි කරන්න ඕනේ. මේ රටේ ඊළග ප්‍රධාන පක්ෂය වෙන්නේ රටේ ආරක්ෂාවත් ජනතාවට නිදහසේ ආරක්ෂිතව ඉන්න පරිසරයත් සකස් කිරීමයි. මේ අය කිව්වේ මාසයක් කල් දෙනවා ඒ කාලේ ඇතුළත වරදකරු නිවැරදිකරු හොයන්න කියලයි.ඒ කියන්නේ මාසයකට පස්සේ ඒ අය නැවත ඇමැතිකම්වලට එනවාද? මේක නායකයක්. අරලිය ගහ මන්දිරයේ ඇතුලේ කරපු මේ නාටකයට රැවටෙන්න එපා. අපි කළ යුත්තේ ත්‍රස්තවාදය නැවත ඇති වීම වැළක්වීම සදහා අවශ්‍ය පියවර ගැනීමයි. නැත්නම් මේ වහාබ්වාදයට විශාල පිරිසක් ගොදුරු වෙලා රට ඇතුලේ ප්‍රශන ඇති වෙන එක වළක්වන්න බැහැ.
බෞද්ධාගම නිරහන්කාර ගෞරවාන්විත ආගමක් බව අපි විශ්වාස කරනවා. බුදුන් වහන්සේගේ දේශනාවේ කියන්නේ මෛත්‍රී කරන්නයි. ඒ අනුව අපේ රටේ ප්‍රධාන ආගමත් එක්ක හැදුනු මහා සංස්කෘතිය ඇතුලේ ඕනෑම ආගමක් අදහන කෙනෙකුට සාධාරණ නිදහසක් තිබෙනවා. ඒ නිදහස ඔවුන් භුක්ති විදිනවා. සහරාන් හෝ වෙනත් කෙනෙකුට අහිංසක මිනිස්සු එල්ල කරගෙන බෝම්බයක් පුපුරවා ගන්න කිසිම සාධකයක් තිබුනේ නැහැ. නොමැති සාධකයක් නිර්මාණය වුනේ කොහොමද කියලා අපි හොයන්න ඕනේ. ඒකට මේ විදියේ නාටකයක් රග දක්වලා හරි යන්නේ නැහැ. ප්‍රශ්නය නිවැරදිව තේරුම් අරන් නිවැරදිව උත්තරයක් හොයලා අන්තවාදය ඇතිවිම වැලැක්වීමත් සෑම කෙනෙකුට සාධාරණව ජිවත්වීමට පරිසරය සකස් කිරීමයි තමයි සිද්ධ වෙන්න ඕනේ. ඒ තුලයි එක රටක් විදියට වැඩ කරන්න පුලුවන් වෙන්නේ. මේ ආන්ඩුව ප්‍රහ්නය විසදනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව කරන්නේ වැරදිකරපු අය පවා ආරක්ෂා කරමින් ප්‍රශ්නයට නිවැරදි පිළීතුරක් සෙවීමෙන් වැලකී සිටිමයි. එජාපයට එල්. ටි. ටී. ඊ යුද්ධය අවසන් කිරීමේ සැබෑ උවමානවක් තිබුනේ නැහැ. ඔවුන් ආරක්ෂක අංශ මෙහෙයුම් අවඥාවට ලක්කළා. ත්‍රස්තවාදය පරාජය කළාට පස්සේ ඒක පිළීගන්නවත් ඔවුන්ගේ සූදානමක් නැහැ. පරික්ෂණ කිරීම වෙනුවට තමන්ගෙ පිරිස් එකතු කරගෙන ඇමැතිකම්වලින් අස්කරලා නාටකයක් රඟ දැක්වීම අපේ රටේ දේශපාලනයේ අදුරු වළාකුලක්. දේශපාලකයා මහජනයාට නායකත්වය දෙන පුද්ගලයෙක් විය යුතුයි. එජාපයේ කිසිවෙක් එතැන නැහැ. ජනතාව නිවැරදි තත්ත්වය තේරුම් අරන් එක කදවුරක ඉදලා මේ මිථ්‍යෘව, අන්තවාදය, ත්‍රස්තවාදය පරාජය කරලා සාමකාමි රටක් නිර්මාණය කරන්න අවශ්‍යයි.

■ විශ්වාසභංගයෙන් ඇමැතිවරයෙක් පරාජය වෙලා ආන්ඩුවට බලපැමක් ඇති වෙයිද කියන දේ ගැන හිතලා යෝජනාව යටපත් කරනනයි මේ අවුල ඇති කලේ.
■ පරික්ෂණ මාසයකින් අවසන් කරන්න පුලුවන්ද? අඩුම තරමේ මාස තුනක්වත් මේ පරීක්ෂණ සදහා කල්ගත වෙනවා.
■ බොරුවට කොලේ වහලා ආරක්ෂක අංශත් නොමග යවලා සිද්ධිය යට ගහලා ආයෙත් ඇමැතිකම් අරන් ආන්ඩු කරන්නයි සූදානම් වෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. එම්. චන්ද්‍රසේන මහතා
රනිල් වික්‍රමසිංහ ඇතුලු රට පාලනය කරන පිරිස ජනතාවගේ ඇස් වහලා රවටමින් කටයුතු කරපු ආකාරය අපි පහුගිය කාලයේම දැක්කා. ඉතිහාසයේ ඇමැතිවරු කී දෙනෙකුට විශ්වාසභංග ඇවිත් තියෙනවාද? සමහරු පැරදුනා. සමහරු ජය ගත්තා. රිෂාඞ් බදුයිදීන් ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනාපුවම ආන්ඩුවට කරන්න තිබුනේ පාර්ලිමේන්තු සම්ප්‍රධාය හා ව්‍යවස්ථාව අනුව කටයුතු කිරිමයි. ඒ අනුව කටයුතු කළානම් මේවෙද්දි විශ්වාසභංග යෝජනාව විවාද කරලත් අවසන්. විශ්වාසභංගයෙන් ඇමැතිවරයෙක් පරාජය වෙලා ආන්ඩුවට බලපැමක් ඇති වෙයිද කියන දේ ගැන හිතලා යෝජනාව යටපත් කරනනයි මේ අවුල ඇති කලේ. තේරීම් කාරක සභාව ගේනවා වෙනුවට විශ්වාසභංග යෝජනාව ගෙනත් ඇමැතිවරයා ජය ගත්තත් පරාජය කළත් ප්‍රශ්නය අවසන් කරන්න තිබුණා.
එහෙම නොකරීම නිසා රතන හිමියන්ට උපවාස කරන්න වුනා. උපවාසයත් එක්ක රටේ ජනතාවගේ නැගීටිමක් සහ බලාපොරොත්තු නොවුන තත්ත්වයක් ඇති වුනා. කාලයක් තිස්සේ රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාට චෝදනා එල්ලවෙමින් තිබුණා. විලපත්තුව කපන සිද්ධිය, ත්‍රස්තවාදින්ට උදව් කළා. උසාවියට ගල් ගැහුවා. වගේ ප්‍රශ්න තිබුණා. මේ නිසා රිෂාඩි බදියුදීන් ඇමැතිවරයා ජනතාවගේ සැකයට භාජනය වෙලා හිටියේ. ඒ නිසයි විශ්වාසභංගය ගෙනාවේ. අසාත් සාලි හා හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා සම්බන්ධයෙනුත් මේ වගේ සැකයන් ඇති වෙමින් තිබෙනවා. ඒ තුන් දෙනාගේ ප්‍රශ්නය නිසියාකාරව විසදන්න බලධාරීන් කටයුතු නොකිරිම නිසා දැන් ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ අනාගෙන දගලනවා. සියලුම මුස්ලිම් ඇමැතිවරු අරලිය ගහ මන්දිරයට ගෙනත් ඊලග මැතිවරණය ජය ගන්න වැඩක් තමයි මේ කලේ. තනිකරම දේශපාලන වාසියටයි කටයුතු කලේ.
ප්‍රශ්නයක් නැති ඔක්කොම එක තැනකට ගෙනත් අස්වුනාම රටේ ජනතාව හිතන් ඉන්නවා සියලු දෙනා අස්වුනා කියලා හිතන් හිටියට එහෙම වුනේ නැහැ. මාසයක් ඇතුළත පරික්ෂණ ඉවර කරන්නලු. මේ පරික්ෂණ මාසයකින් අවසන් කරන්න පුලුවන්ද? අඩුම තරමේ මාස තුනක්වත් මේ පරීක්ෂණ සදහා කල්ගත වෙනවා. බොරුවට කොලේ වහලා ආරක්ෂක අංශත් නොමග යවලා සිද්ධිය යට ගහලා ආයෙත් ඇමැතිකම් අරන් ආන්ඩු කරන්නයි සූදානම් වෙන්නේ. සිංහල, මුස්ලිම් දෙමල සියලු ජනතාව අමු අමුවේ රැවටිමක් කලේ. ඒකට අහු වෙන්න එපා. මේ රටේ තියෙන සැබෑ ප්‍රශ්න ඕවා නෙවෙයි. කෘෂිකර්මාන්තය කඩා වැටිලා. ආර්ථිකය කඩා වැටිලා. ඩොලරය ඉහළ ගිහින්. මිනිස්සුන්ට ජිවත් වෙන්න විදියක් නැහැ. මේ සියල්ල යටපත් කරන්න නාට්‍යයක් රග පෑමක් තමයි දැන් කරමින් ඉන්නේ.
මංගල සමරවිර ඇමැතිවරයා මුලින්ම ඇවිත’් මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා බෞද්ධ ජනතාව ඇවිස්සුවා. උපවාසවලටත් ඒ කතා මුල් වුනා. දැන් කියනවා අගරදගුරු රතන හිමි බලන්න යාම වැරදියි. ඒක ජාතින් අතර අසමගියක් ඇති කිරීමක් ලු. අගරදගුරුතුමන්ට මේ ඇමැතිවරුන් මල් තියලා වදින්න ඕනේ. එදා වෙන්න ගිය විනාශය නතර කලේ අගරදගුරුවරයා. එදා පොදු පෙරමුණ ආන්ඩුව සමයේ සුදු නෙලුම් ව්‍යාපාරය කලානේ. මංගල සමරවිර ඇමැතිවරයා එදා කිව්වේ ජාතක සමගිය ඇති කිරීම සුදු නෙලුමක් වලෙග් කරන්න ඕනේ කිව්වා. අගරදගුරුතුමා සියලු ආගම්වලට ගරු කරනවා. එදා දලදා මාලිගාව ඉදිරියට ගියේ ආගමික සහජිවනය පෙන්වන්න. මේ මොංගල් සමරවිරට වෙලා තියෙන්නේ මේක නොතේරෙන එක නෙවෙයි. බටහිරට ඕනේ විදියටයි කටයුතු කරන්නේ. ජනාධීපතිවරණය ළග එනවා. මෙහෙම පණ අදින ආණ්ඩවක් අපි ඉතිහාසය පරාම දැකලා නැහැ. ඇමැතිකම් ගන්න බලාගෙන බුරුතු පිටින් ඉන්නවා. මේ මංගල සමරවිරලා සෙල්ලම් කරන්නේ රවටන්නේ ජනතාවයි. තණ කොල කන මිනිස්සු නෙවෙයි ටේ ඉන්නේ. බත් කන මිනිස්සු. රටේ සහජිවනය සාමාකාමීත්වය සියල්ල අවසන් කරලා තියෙන්නේ. බොරුවට රගපැම් කරන්න එපා. ජනතාවට කරන එකම යුතුකම මහ මැතිවරණයකින් ආන්ඩුවක් පත් කර ගන්න අවස්ථාව ලබා දීමයි.

ආන්ඩුවේ අවසාන අදියරයි ඇවිත් තියෙන්නේ.

අද (03) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්

■ රටේ ආරක්ෂාව දේශපාලන පන්දුවක් බවට කරගෙන. මේ රටේ තියෙන්නේ එක ආණ්ඩුවයි. ජනතාව කිව්වේ මේ දෙපාර්ශවයට එකතු වෙලා සාමුහික වගකීමෙන් රට පාලනය කරන්න මිසක් මේ විදියට කුළල් කා ගන්න කියලා නෙවෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා
කිසි දවසක නොදුටු විදියට රටේ හැම ක්ෂේත්‍රයක්ම මේ වෙද්දි කඩා වැටිලා තියෙන්නේ. ආණ්ඩුකාරවරු කියන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතයින්. ජනාධිපතිවරයාට තියෙන බලතල අදාල පළාත් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ ආණ්ඩුකාරවරයාට. වද සැත්කම් සම්බන්ධයෙන් ගත හැකි එකම ක්‍රියාමාර්ගය වෙන්නේ අදාල වෛද්‍යවරයා නියම විදියට බදු ගෙවලා නැත්නම් වෛද්‍යවරයාගෙන් බදු ලබා ගැනීමයි කියලා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පවසනවා. අසාත් සාලි සාකච්ඡාවකට එනවා නම් මහජන නියෝජිතයින් එතැනින් පිට වෙලා යනවා. ප්‍රථම වතාවට ආණ්ඩුකාරවරයෙක් යන තැන්වලදී හූ හඩ ඇහෙනවා. ආන්ඩුකාරවරයාගේ නියෝග ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හිස්බුල්ලා ආන්ඩුකාරවරයා සම්බන්ධයෙන් තත්ත්වයත් මේකයි. හිස්බුල්ලා ආන්ඩුකාරවරයා හා ත්‍රස්තවාදින් සම්බන්ධයෙන් මේ වෙද්දි සී. ස’. ටී.වි මගින් බරපතල සාක්ෂියක් ලැබිලා තියෙනවා. දමිල ගුරුවරුන් මාරුකිරීම ජනාධිපතිවරයා වහාම අවලංගු කර තියෙනවා. ඒ කියන්නේ මේ වෙද්දි ආණ්ඩුකාරවරයා සම්බන්ධයෙන් ජනාධීපතිවරයාටත් කිසිම විශ්වාසයක් නැහැ. එහෙමනම් ජනතාව කොහොමද ආන්ඩුකාරවරයාව විශ්වාස කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලතල 36ක් පළාත් සභාවට භාරකරලා තියෙනවා. මේ වෙද්දි පලාත් සභ අටක් අකර්මණ්‍යයි. ඒ පළාත් සභා අටේ සියලුම බලතල ආන්ඩුකාරවරයා සතුයි. අද වෙද්දි ආන්ඩුකාරවරුයි ජනතාවයි අතර අරගලයක් දකින්න ලැබෙනවා. පළාත් සභා කාර්යබාරයන් කඩා වැටෙන තැනකට ඇවිත්.
මේ වෙද්දි අතුරලියේ රතන හිමියන් මාරාන්තික උපවාසයක් අරඹලා තියෙන්නේ. දමිල සංධානයේ වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයාත් ඊට සහාය පල කරලා. ආන්ඩුකාරවරුන් සම්බන්ධයෙන් තිරණයක් ගන්න ඕනේ ජනාධිපතිවරයායි. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා කියන්නේ එතුමාගේ අනුගාමිකයින්ගෙන් අහලා තීරණයක් ගන්න බවයි. තව මොනවා වෙනකල්ද ඉන්නේ. මේ ගින්න දිගින් දිගටම පැතිරෙනකල්ද ඉන්නේ. මේ ක්ෂණිකව පියවර ගන්න ඕනේ අවස්ථාවක්. නිසි වේලාවට තිරණ අරන් ගින්න නිවන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නැහැ කියන්නේ ආණ්ඩුවක් නැති තත්ත්වයක්.
දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශයක් කරනවා තනතුරු බෙදා ගැනිම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරන්න ඕනෙලු. මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂකයා විදියටත්, මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධූරයත් හිමිවිය යුතුයිලු. රට ගිනි ගන්න අවස්ථාවක මෙයද ප්‍රමුඛතාවය දිය යුතුවෙන්නේ. රැවුල ගිනි ගන්න වෙලාවක සුරුට්ටු පත්තු කිරිම සුදුසු නැහැ. 19 වන සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිධූරයට කිසි කෙංගෙඩියක් කර ගන්න බැහැ කියලත් එතුමා කියනවා. එහෙමනම් එවැනි තනතුරක් ඉල්ලන්නේ ඇයි?
රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයාට ගෙනත් තියෙන විශ්වාසභංගය ජුනි 18 වැනිදාට කල් දැම්මා. ඒ අතරේ සමහර දේශපාලනපක්ෂ කියනවා මේ සම්බන්ධයෙන් තිරණයක් ගන්නේ අවසාන මොහොතෙලු. ඇයි මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්වැට උඩ ඉන්නේ. යුද හමුදාපතිවරයාට තුන්වතාවක් අමතලා තමන්ගේ හිතවතුන් ගැන විමසීම අනුමත කරනවාද? එය අනුමත නොකරනවා නම් ඒ විශ්වාසභංගයට සහාය දෙන්න බැරි ඇයි.
කතානායකගේ හැසිරිමත් ඒ වගේමයි. එදා අපේ ආන්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවේ තියෙන්නේ මොනවාද කියලාවත් නොදැන ඒ මොහොතෙම විවාදයට ගන්නවා. එසේ කරපු කතානායකවරයා මෙම්වගේ ගින්නක් ඇවිලෙස අවස්ථාවක ඇයි මාසයක් මේ විශ්වාසභංග යෝජනාව කල් දානනේ. ඒ වගේම පූජිත ජයසුන්දර පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පිටු 20ක ලියවිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කරන්න සහායක් නොලැබුණු බව හා මේ අන්තවාදින් සම්බන්ධයෙන් කරපු බුද්ධි අංශයේ ඉහළ විමර්ශන සියල්ලක් අත් හිටුවන්න කියපු බවකුත් එහි සදහන් වෙනවා. එතුමා බොරුවක් කිව්වොත් හිරේ යන්න වෙනවා. බුද්ධි අංශ හා නිතිය ක්‍රියාත්මක කිරිමේ අංශ අතර කිසිදු සම්බන්ධතාවයක් නැතිබවත් සදහන් කරනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවට දුන් සාක්ෂි මගින් ඛේදවාචකයට දින 12ට පෙර මේ සම්බබ්ධයෙන් තොරතුරු රජයට ලැබී ඇති බව අනාවරණය වුනා. ආරක්ෂක මණ්ඩලය මාස දෙකක් තුළ රැස්වුනේ නැහැ. මේ අපේ රටේ ආරක්ෂාව දේශපාලන පන්දුවක් බවට පත් කර ගැනීමක් වෙන්නේ. මේ රටේ තියෙන්නේ එක ආණ්ඩුවයි. ජනතාව කිව්වේ මේ දෙපාර්ශවයට එකතු වෙලා සාමුහික වගකීමෙන් රට පාලනය කරන්නයි. නැතිව මේ විදියට කුළල් කා ගන්න කිව්වේ නැහැ. එක පාර්ශ්වයකට සුදු හුණූ ගාලා අනෙක් පාර්ශිවයට දෙහි කපන්න අවශ්‍ය නැහැ. මේ දෙපාර්ශ්වයම රටේ තත්වයට වග කියන්න වෙනවා. සරත් විජේසුරීය වැනි අය ජනතාව ඉදිරියේ පාපොච්ඡාරණය කරලා සමාව ඉල්ලන්නේ ඒ නිසයි.
ජනාධිපතිවරණය ගැන ජනාධීපතිවරයා ඉන්දියාවේදි ප්‍රකාශයක් කලා. ජනාධිපතිවරණය පවත්වන කාල සිමාවන් ව්‍යවස්ථාවෙන්ම දක්වා තිබෙනවා. ඒ බලය පැවරෙන්නේ මැතිවරණ කොමිෂමට. මැතිවරණය කල් දැමීමට සති දෙක තුනකට පෙර උත්සාහයක් දැරුවාත් අපි එය මේ වෙද්දි ව්‍යාර්ථ කරලා තියෙනවා.
රටේ ආරක්ෂාව මේ විදියට අඩපන වෙන්න මුලික හේතුව බුද්ධි අංශ කඩා වැටිමත් හේතු වුනා. විපක්ෂයෙන් පලි ගැනීමට පමණයි ආරක්ෂක අංශ භාවිතා කලේ. මහින්ද රාජපක්ෂ මහතාටත් බැසිල් රාජපක්ෂ මහතාටත් එරෙහිව නඩු පැවරීම් වුනා. ගෝඨා භිතීයක් ඇති කරමින් තිබෙනවා. මේ ව්‍යසනයේ මොකලරු වු සහරාන් ට විවෘත වරෙන්තුවක් නිකුත් කරලා තිබුණා. දවසක් දෙකක් හිරකරගෙන ප්‍රශ්න අහලා විමර්ශනයක් කළා නම් මේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. විදේශවලින් මද්‍රසා වලට එන අයට විසා 130ක් දිලා. නේවාසික විසා 305ක් දිගු කරලා.1680ක් ලියාපදිංචි මද්‍රසා තියෙනවා. බෝම්බකරුවන් අතර දුරකතන පණිවිඩ 1800ක් අරන් තියෙනවා. පුහුණු කිරීමේ කඳවුරු 7ක් හා නිවාස 14ක් පවත්වා ගෙන ගියා. පහුගිය වසර 4 තුල යහපාලනයෙන් නෙලා ගත්ත අස්වැන්න තමයි මේ.

■ රටේ මේ තරම් ප්‍රශ්න තියෙද්දි ශ්‍රීලනීප මහ ලේකම් තනතුරු බෙදා ගන්න කතා කරනවා.
■ සජිත් ප්‍රේමදාස රට නැගිටවන්න කලින් කැබිනෙට්ටුවෙන් නැගිටලා ඉන්න ඕනේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා
රතන හිමියන්ගේ මාරාන්තික උපවාසයට දින තුනයි. ඒ සමගම තවත් ස්ථාන කිහිපයක එවැනි අපවාස ආරම්භ කර තිබෙනවා. ආන්ඩුකාරවරු සහ ඇමැතිවරයා වහාම ඉවත් කරන්න කියලා රජයට බල කිරීමයි මෙයින් කෙරෙන්නේ. පෞද්ගලික බස්රථ ධාවනයෙන්ඉවත් වෙන බවත් මේ වෙද්දි සදහන් කර තිබෙනවා. මේ සියලු සිදුවිම් වෙද්දි රජයක වගකිම මොකක්ද කියලා ජනතාව බලන් බන්නවා. ආණ්ඩුකාරවරු පත්කිරීමේ වගකීම තියෙන්නේ ජනාධිපතිවරයාටයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධීපතිවරයායි අසාත් සාලි හා හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාව ඒ තනතුරුවලට පත්කළේ. ජනාධිපති මේ අයව තනතුරුවලින් ඉවත් කරන තෙක් රට බලන් ඉන්නවා. එක පැත්තක්නි හිමිනමක් ජිවිත අවදානමක. රටම ඇවිස්සිලා. ජනාධිපතිතුමාට එක අත්සන් පහරින් මේ අයව අත්සන් කරන්න පුලුවන්කම තියෙද්දි ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි? රිෂාඞ් බදියුදින් ඉන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ අගමැති මණ්ඩලයේ. එතුමාට ඉවත් වෙන්න කියන වගකිම තියෙන්නේ අගමැතිට. නැත්නම් කතානායකට පුලුවන් හෙට පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව ගේන්න පුලුවන්. මේවා රටේ නායකයින්ගේ වගකීම්. රටම අවුලන්නේ නැතිව ගිනි තියන්නේ නැතිව මිනිස්සුන්ව පාරට බස්සන්නේ නැතිව කරුණාකරලා තීන්දු තීරණ ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
මේ වෙද්දි ඌව පළාත් සභාව අරෙන්න සියලුම පළාත් සභා විසුරුවලා. බස්නාහිර පළාත් සභාව ගත්තාම මන්ත්‍රීවරු 144ක් හිටියා. මේ අයගේ බලතල ලැබෙන්නේ ආණ්ඩුකාරවරයාට. නැගෙනහිර පළාත් සබාවේ මන්ත්‍රීවරු 37ක්. මේක හිස්බුල්ලාට විරුද්ධව කරන අරගලයක් නෙවෙයි. ආන්ඩුකාරවරයාගේ බලය රටක ජනාධීපතිවරයාගේ බලයට සමානයි. පහුගිය දවස්වෙද්දි බස්නාහිර පළාතේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති විදියට ආණ්ඩුකාරවරයා පත්කලාම හූ හඩ මැද්දේ සභාවෙන් එළීයට ආවා. හිස්බුල්ලා ආන්ඩුකාරවරයාවත් ඒ විදියට පත්කරනවා. බැරි වෙලාවත් 13 වැනි සංශෝධනයෙන් ඉඩම් හා පොලිස් බලතල දිලා තිබුණා නම් මොනද වෙන්නේ.මේ ආන්ඩුකාරවරු දෙන්න කොහොමට හැසිරෙයිද? බොහොම භයානක විදියට බලය අයුතු ලෙස පාවිච්චි කිරිමක් වෙන නිසා රට තවත් විනාශ නොකර මේ අයව තනතුරුවලන් ඉවත් කරන්න. නැත්නම් මේ ආන්ඩුවේ අයව ඇස්, කන් සම්බන්ධ වෛද්‍යවරුන්ට පෙන්වන්න වෙනවා.
කයිවාරු ගහලා අයි. එස්. අයි. එස් ත්‍රස්තයින් අයින් කරන්න බැහැ. ඒක ඔලුවෙන් කරන්න ඕනේ කියලා අගමැති කියලා තියෙනවා.එතුමා ඔලුවෙන් කරපු සේ මදිද? 29 වතාවක් පැරදිලා කුමන්ත්‍රණයකින් බලයට ආවා. මහ දවාගේ ටයිකොට් දාගෙන මහ බැංකුව කොල්ල කෑවා. ලංකාවට නොතිබුණ අයි.එස්. ත්‍රස්තවාදය අවිත මරණ බියෙන් සිටින රටක් වෙලා තියෙනවා. මේ දවස්වල උඩ බලාගෙන කතා නොකර ඉන්නවා. ඒකත් ඔලුවෙන් කරන්නේ. රට මේතරම් ප්‍රශ්නවල තියෙද්දි එතුමා නිහඩව ඉන්නේ ඔලුවෙන් කරන වැඩක් නිසයි. මුලු රටම හාන්සි කරවන්න ඒ ඔලුවෙන් කරපු වැඩ ටික ඇති. ඒ නිසා ඔලුව තමන්ගේ නෝනා බලා ගැනීමට විතරක් යෙදවලා රට වෙනුවෙන් මැතිවරණයකට යන්න. අපේ පක්ෂයේ සභාපති මහාචාර්ය ජි. එල් පිරිස් මහතා ඇතලු පිරිසක් ශ්‍රී ලංකා නිදහස්පක්ෂයත් එක්ක සාකච්ඡාවක් පැවැත්වෙනවා. ආන්ඩු විරෝදි බලවේගයකටයි මේසාකච්ඡා පැවැත්වෙන්නේ. අපියි ආසන්නතම මැතිවරණයක් ජය ගත්ත පක්ෂය. ඒ පක්ෂය එක්ක නිල විදියට සාකච්ඡාවක් කරන කොට සාකච්ඡා මේසයේ කල යුතු කාරනා වෙන වෙන තැන්වල කතා කරන්නේ ඇයි.දැන් තනතුරු බෙදා ගැනීමකට ගිහින්. තනතුරු බෙදා ගැනීමේදි එතුමා දක්ෂ බව අපිට අත් දැකීම් තියෙනවා. තනතුරක් වෙනුවෙන් ඕනම තැනකට යන්න හැකියාව එතුමාට තියෙනවා. රට අස්ථාවර වෙලා තියෙන වෙලාවක මෙවැනි දේවල් සුදුසු නැති බවයි අපි හිතන්නේ. අපි රට ස්ථාවර කිරීමට ආන්ඩු විරෝධී පුලුල් පෙරමුණක් සකස් කිරීමට ඕනම පාර්ශ්වයක් එක්ක සාකච්ඡා කරන්න සූදානම්. ඒ සාකච්ඡා වෙනත් වෙනත් අරමුණූ වලට යොදා ගැනීම නම් සුදුසු නැහැ.
ශ්‍රී ලනීප ජාතික සංවිධායක අතුරලියේ රතන හිමියන් අපවාස කරන තැනට ගියා. ජනතාවගේ හූ හඩ මැද්දේ තමයි එතුමාටත් යන්න සිද්ධ වුනේ. ජනතාවට අප්‍රිය වුනු දේශපාලන නායකයෝ බවට ඔවුන් පත්වෙලා තියෙන්නේ. මේඅවස්ථාවේදී සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා කියලා තියෙනවා විදේශ හමුදාවන්ට රට පාවා දෙන ගිවිසුම් වලට එරෙහිව රටම නැගිටින්න ඕනෙලු. මේ කියන්නේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතා. අපි යෝජනා කරනවා එතුමාට මුලු රටම නැගිටින්න කලින් කැබිනට් එකේ පුටුවෙන් නැගිටින්න කියලා. ඔය කැබිනට් එකේදි නේ ගහන ගිවිසුමක් ගහන්නේ.එකපාරටම හීනෙන් නැගිටලා වගේ කතා කරන්න එපා. හීනෙන් නැගිටිනවා ආයෙත් නිදිය ගන්නවා. පළමුවෙන් නැගිටලා ඔය පක්ෂයෙන් එළීයට ඇවිත් ඉන්න. බලාපොරොත්තු තියාගෙන දේශපාලන වාසියට කතා කරන්න එපා.එජාපයට කතිරය ගහපු අයට නැගිටින්න කාලය ඇවිත්. ඒ අය පැරට බැහැලා ආණ්ඩුවට ඉවත් වෙන්න කියන පණීවිඩය දෙන්න.

■ 21 ප්‍රහාරයෙන් පස්සේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග ගැන ජනතාව ඉන්නේ අසතුටෙන්.
■ ආන්ඩුවේ අවසාන අදියරයි ඇවිත් තියෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා
රතන හිමියන් අඛණ්ඩ උපවාසයක් ගෙනයන තත්ත්වයකට රට පත්වුනේ ඇයි? අප්‍රියෙල් 21 ප්‍රහාරයෙන් පස්සේ ආන්ඩව ගත්ත ක්‍රියාමාර්ග ගැන ජනතාව ඉන්නේ අසතුටෙන්. සිද්ධියෙන් විපතට පත්වුවන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වුනේ නැහැ. හදිසි නිතිය දීර්ඝ කරන විවාදයේදී ඊට පෙර මාසයේ අත්අඩංගුවට ගැනීම් නිදහස් කිරීම් රදවා ගැනීම් සම්බන්ධයෙන් සංශිප්ත වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතුව තිබුණා. මේ සැරේ එවැන්නක් ඉදිරිපත් කලේ නැහැ. එජාපයේ දේශපාලනඥයෝ තමයි පාර්ලිමේන්තුවේ 225ම මේකට වගකිව යුතු බව කියමින් ඔවුන්ට එල්ල වෙන චෝදනාව අනික් අයටත් බෙදා හරින්න උත්සාහ කරන්නේ. ත්‍රස්තවාදහ වැලැක්වීමේ පනත යටතේ සැකරුවන් උසාවියට ඉදිරිපත් නොකර සාමාන්‍ය නිතිය යටතේ අධිකරණයට දාලා ඇප දිම සම්බන්ධයෙන් විනිසුරුට දොස් කියලා හරි යන්නේ නැහැ. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිම ගන්න වෙන්නේ විධායකයි. ආණ්ඩු පක්ෂයට එන විරෝධතාවය අනෙක් අයට බෙදා හරින්න දරන බොලද උත්සාහයක්.
මේ ආන්ඩුව ජාතික ආරක්ෂාව සැලසීමේ වගකීම අත් හැරලා. මේ ආන්ඩුකාරවරු අනියම් ආකාරයෙන් ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වු බවයි චෝදනා එල්ල වෙලා තියෙන්නේ. අනෙක් පැත්තෙන් ආන්ඩුව සිය වගකිම් පැහැර හැරිමක් කරලා තියෙන්නේ. මේ සිද්ධියෙන් පස්සේ රටේ ආර්ථික ප්‍රශ්න. පාසල් දරුවන්ට ඇති වෙලා තියෙන ප්‍රශ්නය. සභානායකවරයා කියනවා තේරිම් කාරක සභාව සජිවීව දීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක්ලු. කවුද තේරිම් කාරක සභාවක් ඒ විදියට සජීවීව දුන්නේ. බුද්ධි අංශ තොරතුරු ඔලියට ඒමේ වාසිය යන්නේ අන්තවාදින්ට. සභානායකවරයා ආන්ඩුවේ දැනුවත් කිරිමකින් තොරව මෙවැනිනක් කියයි කියලා අපි හිතන්නේ නැහැ. සජිත් ප්‍රෙමදාස එජාප නියෝජ්‍ය නායකතුමනුත් හිටපු ගමන් නින්දෙන් ඇහැරිලා වගේ විදේශ හමුදාවන්ට රට පාවාදෙන්නේ නැහැ කියනවා. ඕක විපක්ෂය කියලා ගොඩක් කල්. ප්‍රතිත්‍රස්ත පනතත් ඒ වගේමයි. අපි කිව්වට පස්සේ කියනවා අකුල ගන්න කියලා. එතුමන්ලාගේ ආන්ඩුව. කැබිනෙට්ටුව. සභානායකට කිව්වා නම් හරි ඕක අස් කර ගන්න කියලා. රට නැගිට්ටවන්න කලින් එජාපයේ අය කණ්ඩායම් නායක රැස්වීමේදි හරි කැබිනට් එකේදි හරි නැගිට්ටා නම් හරිනේ. මෙම්අත්සාහ කරන්නේ ජනප්‍රිය මාතෘකාවකට අනුගත විමයි. ආන්ඩු පක්ෂයේ දේශපාලනඥයින්ට ජනතාව දක්වන විරෝධතාවය අනුව පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයකුයි තියෙන්නේ. ආන්ඩුවේ අවසාන අදියරයි ඇවිත් තියෙන්නේ. රට තවත් ව්‍යසනයන්ට ගොදුරු නොකර මේ පානය වෙනස් කරන්න. ඊට අවශ්‍ය ඉඩ හැදීම ආණ්ඩුවේ යුතුකමයි. මැතිවරණය පවත්වන්න යෝජනාවක් ගෙනාවොත් අපි ලැහැස්තියි ඕන වෙලාවක අපේ ඡන්දය දෙන්න.

පොලිසිය එකිනෙකාට එක එක විදියටයි නිතියක්‍රියාත්මක වෙන්නේ.

අද (30) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා
පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් සොයන්න පත්කරපු තේරීම් කාරක සභාවේ සභාපතිවරයා සහ තවත් මන්ත්‍රීවරු ඇවිත් හිටියේ නැහැ. මේක සැබැවින්ම ඛේදවාචකය ගැන හොයන්න පත්කරපු එකක්ද. විශේෂ තේරීම් කාරක සභාව හරහා රිෂාඞ් බදියුදින් නිවැරදිකරුවෙක් කරන්නයි කටයුතු කරන්නේ කියලා අපි මුල ඉදලාම කිව්වා.මේ තරම්බරපතල කාරණාවක් සම්බන්ධයෙන් පත්කරපු කාරක සභාවේ සියලුම මන්ත්‍රීවරු සහභාගි නොවීමත් පුදුමයක්. වසර ගණනාවක් තිස්සේ විපක්ෂයක් විදියට අපි කිව්වා බුද්ධි අංශ දුර්වල කිරීමක් වුන බව. මේ සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමේී බුද්ධි අංශ ගැන විශ්වාස නොකර ඒ තෙරතුරු මග හැරීම නිසා මේ ප්‍රහාරය එල්ල වුන බව පැහැදිලියි. බුද්ධි අංශයේ අභ්‍යන්තරය ගැන ප්‍රශ්න කරන්න සරත් ෆෝන්සේකා මහතා ඇරෙන්න අනිත් අය සුදුසුද කියලා හිතන්න වෙනවා. මිලේනියම් ඛේදවාචකය හරහා බුද්ධි අංශය විනාශ වුනා වගේ තවත් එවැනිම කේධවාචකයකට රට මෙහෙයවිමක්ද මෙතැන වෙන්නේ කියලා අපිට හිතෙනවා. ඒනිසා බුද්ධි අංශවල අභ්‍යන්තරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදි තෝරා බේරා ගෙන ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. එකිනෙකාගේ බලය මොකක්ද කියන දේ නෙවෙයි මේ කාරක සභාව හරහා ජනතාව දැන ගන්න උත්සාහ කරන්නේ.
මේ ප්‍රශ්න කිරීම්වලදි ජනතා විමුක්ති පෙරමුණත්, රාජිත සේනාරත්න මහතාත් එකම මතයක් දැරීම අපිට ප්‍රශ්නයක්. බුද්ධි අංශය තොරතුරු ඒකාරාශී කිරීමට අනුගමනය කරන පිළීවෙත් පසුගිය කාලයේ රාජිත සේනාරත්න අනාවරණය කළා. එහෙම කරද්දි එතුමා නොසිටි අවස්ථාවක ජවිපේ නියෝජිතයා ඒකාරණය සම්බන්ධයෙන් විමසුවා. මේ වෙද්දි රාජිත සේනාරත්න ප්‍රමුඛ රජයත් ජවිපෙත් එකම කාරණයක් ඔස්සේ ගමන් කිරීම අපිට සැකයි.
බුද්ධි අංශ ප්‍රධානිට තින්දු තිරණගන්න බලයක්නැති බව කියනවා. එහෙමනම් කාටද බලය තියෙන්නේ. මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිත්, අගමැති රනිල් වික්‍රමසිංහත් රටට අනාවරණය කරන්න ඕනේ. ආරක්ෂක කමිටුව පෙබරවාරි මස සිට රැස් නොවුනේ රටෙට්ජාතික ආරක්ෂාව තුට්ටුවකට මායිම් නොකරන ආන්ඩුවක් කියන එක ගම්‍ය වෙනවා. එහි ප්‍රතිඵලය අපි දැක්කා. ආරක්ෂාව තහවුරු වෙලා කියලා රජය කිව්වත් ඒ අවධානම තවදුරටත් තිබෙන බව තේරුම් කාරක සභාවේ සාක්ෂි මගින් අපි දැක්කා. සරත් විජේසූරිය මහතා සාධාරණ සමාජයක් වෙනුවෙන් මේ රජය බලයට ගේන්න කැපකිරීමක් කළා. පැවැති රජය බරපතල ලෙස විවේඡනය කරලා දැන් එතුමා විසින්ම එතුමාට සාප කරගන්නවා. මේ රටට සැබැවින්ම ආදරය කරන රටේ අනාගතය ගැන අවබෝදයක් තිබුණු අය මොවුන් මේ රටේපාලනය සදහා නුසුදුසු බව දැක්කා. නමුත් සිවිල් සංවිධාන පෙරමුණට ඇවිත් සාමන්‍ය ජනතාවගේ ආකල්ප වෙනස් කලා. එතුමන්ලා මැදිහත්ව රටට කරපු හානිය ගැන පසුතැවීම ගැන අපි සතුටුයි. එතුමාලා 2015 කරපු වරද නිවරදි කර ගන්න බහුතර ජනතාව වැඩපිළීවෙල එක්ක එකතු වෙන්න. 2015 වගේම කුමන්ත්‍රණ මේ අවස්ථාවේදීත් රටේ දියත් වෙනවා. ඒ නිසා රැවටිමට ලක් වෙන්න එපා. 2015දි වගේම මැතිවරණයට මාස 5ක් තියා ඒ කුමන්ත්‍රණය දියත් වෙන්නේ රටේ දුර්වල නායකත්වයක් ගොඩනගන්නයි. තින්දු තීරණගන්න බැරි ආණ්ඩුවක් හදන්නයි. මගේ රට ලංකාවයි කියලා කට ඇරලා කියන්න බැරි නායකත්වයක් බිහි කිරීමේ මේ කුමන්ත්‍රණයට හසු වෙන්න එපා.
හදිසි නිතිය ඉවත් කරන්න බලපෑම් සිද්ධ වෙනවා. ජනතාවගේ පැත්තෙන් අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරය නිසයි හදිසි නිතිය පැනවූවේ. හදිසි නිතිය ක්‍රියාත්මක වෙන්නේ කිසිදු ජන කොට්ඨාශයකට හානියක් කරන්න නෙවෙයි. රටේ ඇති වුනු තත්ත්වය සමනය කරන්නයි. ඒනිසා විවිධ රටවලින් එන බලපෑම් වලට ආණ්ඩුවයටත් වෙන්න අවශ්‍ය නැහැ. දෙමල ජාතික සන්ධානය ඛේදවාචකය අවස්ථාවේ හමුදා ආරක්ෂාව ඉල්ලුවත් දැන් හදිසි නිතිය ඉවත් කරන්නලු. මෙය දේශපලානඥයින්ගේ හෝ වෙනත් රටක අවශ්‍යතාවය මත සිදුවිය යුත්තක් නෙවෙයි අපේ බුද්ධි අංශ ලබා දෙන තොරතුරු මත පදනම් වෙලයි කරන්න ඕනේ.
මේ ත්‍රස්ත ප්‍රහාරය ගැන කතා කරන අවස්ථාවේ රටේ ආර්ථිකයකඩා බිදදමපු බැදුම්කරය යට ගසන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. සමහරුන් නිදහස්කර ගන්නත් ආන්ඩුව අත්සාහ කරනවා. මහ බැංකුව කොල්ලකෑම හා ජාතික ආරක්ෂාව අනතුරේ දැමීම හරහා රටට කරපු විනාශය අතරේ බැදුම්කර හොරුන් නිදහස් කර ගන්න නම් සූදානම් වෙන්න එපා. පොලිසිය හරහා එකිනෙකාට එක එක විදියටයි නිතියක්‍රියාත්මක වෙන්නේ. මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා අත් අඩංගුවට ගන්නේ සගවා තිබුණු පතොරොම් වගයක් එක්ක. ඒ වුනත් හවස වෙද්දි නිරුපද්‍රිතව නිදහස් වෙනවා. මංගල සමරවිර ඇමැතිවරයාත් දිගින් දිගටම ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටිමින් ජාතිවාදය ඇති කිරීමේප්‍රකාශ නිකුත් කරද්දි ඔහුගේ අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා උණ්ඩ 93ක් එක්ක එසු වෙන්නේ. සමා කාලයක් ලබා දීලත් තිබුණු නිති විරෝධී දේවල් පොලීසියට භාර දෙන්න කියලා. එවැනි භාරදිමක් නොකල පුද්ගලයෙක්ව නිදහස්කරද්දි සැකයක් ඇති වෙනවා. ඔහු සාමන්‍ය නිතිය යටතට ගැනෙන්නේ නැද්ද. බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් කමුටිවේවේ සිටීම අසාධාරණයි. රවීකරුණානයක ඇමැතිවරයාට චෝදනා තිබීම නිසා ඇමැතිධූරයෙන් අයින් වෙන්නත් වුනා. කුරුණෑගල වෛද්‍යවරයාව නිදොස් කරගන්නත් ආන්ඩුව උත්සාහ කරන්නේ රිසාඞ් බදියුදීන්ව නිදහස් කරගන්න උත්සාහ කරන ආකාරයටමයි. විමර්ශන කටයුතු කරන නිලධාරීන් මාරු කරනවා. ආණ්ඩුකාරවරු තර්ජනාත්මක ප්‍රකාශ කරනවා. මේ නිසා පොලිසියට ස්වාධිනව කටයුතු කිරීමේ අවස්ථාව ලබා දෙන්නත් අවශ්‍යයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි රමේෂ් පතිරණ මහතා
ආණ්ඩුවබලයට ගේන්න වෙහෙස දැරූ, දරදිය ඇද්ද සරත් විජේසූරිය මහතා ආණ්ඩුවබලයට පත්වීම සම්බන්ධයෙන් එතුමාටම සාප කරගන්නවා. සාපය වැදිලා තියෙන්නේ රටට සහ ජනතාවට මිස එතුමාට නෙවෙයි. මේ රටේ ආරජිකත්වයයි එතුමාගේ ප්‍රකාශයේ තියෙන්නේ. නිතියේ ආධිපත්‍ය පිරිහිම ඇතුලු සමාජ විභේදනයේ කැඩපතක් මේ දිනවල මාධ්‍ය ඔස්සේ දකින්න ලැබෙන්නේ.
මහ බැංකු වංචාවේ චූදිතයෙක් මහ උජාරුවෙන් රටේ බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කරන හැටි අපි දැක්කා. දැන් මහ බැංකු අපරාධය ගැන ජනතාවට අමතක වෙමින් තිබෙනවා. පාතාල නායක මධූෂ්ව ජනතාවට අමතක වෙමින් තිබෙනවා. රටේ අරාජිකත්වයට වගකිව යුතු ප්‍රධානින් කටයුතු කරමින් සිටින්නේ ජනතාව සුඛිත මුදිත තත්ත්වයෙන් ප්‍රීතියෙන් කටයුතු කරන විදියටයි. ඇයි මේ රටේ ජනතාවට රට අනාරක්ෂිතයි කියලා දැනෙන්නේ. අප්‍රියෙල් 21 ප්‍රහාරයෙන් පස්සේ නිතියේ ආධීපත්‍ය බිද වැටෙන බව ජනතාවට දැනෙන දේවල් කිහිපයක් සිද්ධ වුනා. තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් නව දෙනාට ඇප ලබා දීම, අන්තවාදය පෝෂණය කරන රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාව කොන්දේසි විරහිතව ආරක්ෂා කරන්නට ආණ්ඩුව කටයුතු කිරීම, එවැනි අන්තවාදින් පෝෂණය කිරීමත්, ශරියා නීිතිය ප්‍රචලිත කිරීමත් කරන බවට චෝදනා නැගෙන අසාත් සාලි ආණ්ඩුකාරවරයාව ආරක්ෂා කරන්න ජනාධිපතිවරයා ක්‍රියාකිරිම ආදිය නිසා ජනතාවට දැනෙන්නේ නිතිය ආදිපත්‍ය බිද වැටෙන බවයි. පරාජිත ඡන්ද අපේක්ෂකයින්ට මන්ත්‍රීධූර දුන්නේ ජනාධීපතිවරයා බව අපි කණගාටුවෙන් සිහිපත් කරනවා. නගරසභාවකට තේරෙන්න ඡන්ද ගන්න බැරිවුන අසාත් සාලි බස්නාහිර පළාත් සභා ආන්ඩුකාර ධුරයට පත්කරලා තිබීම ඛේදවාචකයක්. මන්ත්‍රීවරයෙක් විදියටනගරසභාවට පත්වෙන්න බැහැ. අගනුවර ඇතුලු බස්නාහිර පලාත පාලනයට පත්කරනවා. මන්ත්‍රීවරයෙක් විදියට පාර්ලිමේන්තුවට එන්න ඡන්ද ගන්න බැරි හිස්බුල්ලා ජාතික ලයිස්තුවෙන් පත්කරලා පළාතේ ප්‍රදානියා බවට පත්කරන තරමට රටේප්‍රජාතන්ත්‍රවාදි කඩයිම් අතික්‍රමණය කරලා මූලධර්ම විනාශ කරලා තිබෙනවා. ඒ නිසා ජනතාවට නිතිය ක්‍රියාත්මක වෙන බවට හැ`ුගිමක් ඇති වෙන්නේ නැහැ. ජනාධීපතිවරයා අගමැතිවරයා ඇතුලු පුද්ගලයින් නිර්ලජ්ජිත විදියට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට බලපෑම් කරමින් නිදහසේ හැසිරෙනවා.
කුරුණැගල හා දඹුල්ල රෝහල් ආශ්‍රිතව වෛද්‍ය සාෆි කියන පුද්ගලයා ඇති කළ සිද්ධීයක් සම්බබ්ධයෙන් ආන්දෝලනාත්මක සිද්ධීයක් වාර්තා වෙනවා. මේ සිද්ධීටය ජනතාව හමුවට ගෙන ඒම සම්බන්ධයෙන් අපි මාධ්‍යයට ස්තූතිවන්ත වෙනවා. මේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරික්ෂණ කරන්න ඕනේ වෛද්‍ය සභාවයි. මේ සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමෙන් පත්කරලා තියෙන කමිටුව විශ්වාසනිය එකක් නොවන බව වෛද්‍යවරු හෙද හෙදියන් සදහන් කරලා තියෙනවා. සෞඛ්‍ය ඇමැතිවරයා ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් කිසියම් පාර්ශවයක් වෙනුවෙන් පක්ෂ ග්‍රාහිව කටයුතු කරන බව ජනතාවට ස්ථිර වෙලා තියෙනවා. අද සෞඛ්‍ය ඇමැතිවරයා රටේ ආරක්ෂක මේකම්වරයා සම්බන්ධයෙන් කරපු ප්‍රකාශ සියල්ලක් බොරු බවට පත්වෙලා තියෙනවා. ඇමැතිවරයා වෛද්‍යවරයා සම්බන්ධයෙන් කරන ප්‍රකාශ තාක්ෂණිකව පිළිගන්නබැරි බවයි වෛද්‍යවරු කියන්නේ. වෛද්‍ය සභාව මගින් සාධනිය පරික්ෂණයක් කරලා දෛ්‍ය සාෆි සම්බ්නධයෙන් පියවරක් ගැනීම යුක්ති සහගත බවයි සමාජ මතය වෙලා තියෙන්නේ. නිතිය පිළිබදව විශ්වාසය බිද හෙලූ, ඡන්දයබලාපොරොත්තුවෙන් රටේ සමාජ සම්මතයන් බිද දමන ආන්ඩුවට සදාචාරාත්මකව රටේ ඉන්න බලයක් නැහැ. නමුත් ඔවුන්ගේ ක්‍රියාදාමය හරහා පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගෙන සිටීමේ හැකියාවක් ඔවුන්ට තිබෙනවා. වැඩි බහුතරයක් ඡන්ද ලබා ගත්තත් ශක්තිමත් ආන්ඩුවක් පිහිටුවා ගැනීමට නොහැකි වීම නිසයි අද මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. මේ කාලින් අවශ්‍යතාතාවය ගැන දැන් නැවත කතිකාවතක් ඇති වෙලා. රටේ බහුතරයක් මුස්ලිම් ජනතාව අන්තවාදයට අකමැතියි. අන්තවාදින්ගෙන් තොරව ශක්තිමත් ආන්ඩුවක් බිහිකිරීම සමිබන්ධයෙන් රටේ කතිකාවතක් ඇති වෙලා තියෙන්නේ. අපි මේකට තාවකාලික යෝජනාවක් ඉදිරිපත් කරනවා. ජාතික ලයිස්තුවෙන් 29ක් පාර්ලිමේන්තුවට පත්වෙනවා. බහුතරය ලබා ගන්නා දේශපාලන පක්ෂයට ලයිස්තුවෙන් මන්ත්‍රීධූර 15ක් ලබා දිය යුතුයි. එවැන්නකින් වැඩි බහුතරය ලබා ගන්න දේශපාලන පක්ෂයට ආන්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් ලැබෙනවා. මේක සාධනීය මැතිවරණ ක්‍රමයක් හදුන්වාදෙන තෙක් තාවකාලික පියවරක් විදියට සුදුසුයි. රටේ ජන කොට්ටාශවල හදවත්තුල ඇතිව තිබෙන ඉරි තැලීම්, වේදනාවන් සමනය කරන්න අවශ්‍ය පියවර ඉදිරි රජයකදි ගන්න බවත් අපි සදහන් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා
පාසලක වරදක් කලොත් විදුහල්පතිවරයා ඒ ස්ථානයෙන් ඉවත් කරලයි පරීක්ෂණය කරන්නේ. පොලිස් නිලධාරියෙක් වරදක් කලොත් ඔහුව අදාල ස්ථානයෙන් ඉවත් කරලයි පරික්ෂණය කරන්නේ. වෛද්‍යවරයාටත් ඒ ක්‍රමයයි පිළීගන්නේ. ඒ පරික්ෂණයට බලපෑම් වෙන නිසයි. රිෂාඩි බදියුදින්ට විශ්වාස භංගය ගේන්නේ ඇමැතිධූරය අයින් කරන්න මිසක් ආන්ඩුවනේ ඉවත් කරන්න කියලා නෙවෙයි. ඔහු යටතේ ආයතන 42ක් තියෙනවා. සාධාරණ පරික්ෂණයක් කරන්න තියෙන බාධාව අයින් කරන්න. ඔහුව එජාපයේ තියාගත්තාට අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් ආන්ඩුවයි ජවිපෙයි දෙකම කියන්නේ වැරදි ඔප්පු කරන්න කියලයි. ආණ්ඩුවට වුවමනා වෙලා තියෙන්නේ මොහුව සුද්ධ කරන්නයි. මගේ කට්ටියක් අරන් යනවා කියලා රිෂාඞ් බදියුදින් කියලා තියෙන නිසයි මෙහෙම කරන්නේ. දෙකහි පනහා විශ්වාසභංලය කියපු කට්ටිය දැන් කියනවා පරික්ෂණයෙන් වැරදි කරු වුනොත් ඒ අයගේ ඡන්ද 38ක් දෙනවාලු. වැරදිකරු වුනොත් ඒ අය ඕනේ නැහැ. උසාවි ගිහින් මන්ත්‍රීධූරයත් අපි නැති කරලා දෙන්නම්. මේ අය රනිල් වික්‍රමසිංහට විරුද්ධව හැමදාම කිව්වේ මේ විදියටයි. අපි තරුණ ස්වාධින මන්ත්‍රීවරු කියන මේ කට්ටිය මොනවා හරි දෙනවා නම් නායකත්වය වෙනුවෙන් පෙනී හිටිනවා.
සමෘද්දි සහනාධාර බෙදන් ලක්ෂ 1800 උත්සව පවත්වනවා. සමෘද්ධී සහනාධාර දෙන්න කියලා නිලධාරීන්ගේ මට්ටමින් තොරතුරු අරන් තිබියදි සමෘද්දි අමාත්‍යංශය හරහා අවශ්‍ය අවශ්‍ය අයට හිමිකම් සහතිකපත් ලියනවා. ආවේ යහපාලනය කියලා. යහපාලනය නම් ජනතාවගේ පක්ෂ පාට බලන්න අවශ්‍ය නැහැ. සහනාධාරය හිමිවිය යුතු සියලු දෙනාට සහනාධාරය දෙන්න. වරදි වැඩ කලොත් අපේ ආන්ඩුවකින් පරික්ෂණයක් කරලා නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරනවා. ලක්ෂ 1800ක් වියදම් කරලා අත්සව තියද්දි අපේ මානව සම්පත පාසල් ලග ශිටගෙන ඉන්නවා. පාසල් 10000ට වැඩියි. අවම පාසලක 10ක් මුරට ඉන්නවා. එහෙම බලද්දි ලක්ෂයක් කිසිම වැඩක් නොකර පාසල් මුර කරනවා. රාජ්‍ය සේවකයා, කුළි වැඩක් කරන කෙනා, මන්ත්‍රීවරයා හැමෝම වෙනස්ක නැතිව පාසල මුර කරන්න ගිහින් ඉන්නවා. වැඩ කරන්න පුලුවන් ලක්ෂයකට වැඩි පිරිසක් පාසල් මුර කරනවා. 100% ආරක්ෂාව තහවුරු වෙලා නම් විදුහල්පතිවරුන්ට කියන්න දෙමව්පියන් ගෙන්වන එක නතර කරන්න කියලා. ආන්ඩුව අදුරේ අතගානවා මිසක් වැඩපිළීවෙලක් නැහැ. මේ නාස්ති කරන මුදල ලක්ෂ 5 ගානේ දුන්නා නම් පාසල් 500ට විතර කම්බි වැටක් ගහලා දෙන්න පුලුවන්. සමෘද්දි නියාමකලා ලවා මේ හිමිකම් පත් දෙන්න තිබුණා. දැන්වත් මේ නාස්තිය නතර කරලා දරුවන් ගැන හිතන්න. පාසල් මුරකරන මානව සම්පත රටේ දියුණුවට යෙදා ගන්නත් මේ අපතේ යවන සල්ලි වලින් පුලුවන්. පුපුරන ද්‍රව්‍ය හදුනා ගැනීමේ උපකරණයක් රුපියල් 10000ට විතර ගන්න පුලුවන්. මේ සල්ලිවලින් ඒ විදියේ උපකරණ අරන් පාසල් වලට බෙදලා දුන්නා නම් පාසල් ආරක්ෂක වැඩපිළීවෙල මීට වඩා සාර්ථකයි.
වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් නිවැරදි පරීක්ෂණයක් කරන්න ඕනේ. මේ රටේ එක ජාතියක් විනාශ කරන්නයි වෑයම් කරලා තියෙන්නේ. දරන් 250ක් පැමිණිලි ඇවිත්. එක රෝහලක 250ට පළමු දරුවා ලැබිලා දෙවැනි දරුවා ලැබෙන්නේ නැතිව යන්න පුලුවන්ද. මාධ්‍යට ස්තූතිවන්ත වෙනවා ජාතියක් වනසන්න යද්දි ඒ ජාතිය ආරක්ෂා කිරීම ගැන. අද මුස්ලිම් ජනතාව අන්තවාදීන්ට එරෙහිව එළියට බැහැලා. ඒ වුනාට ආණ්ඩුව අන්තවාදී කොටස් තවම රකිනවා. නගර සභාවේ කොමසාරිස්ව මාරු කරන්න, තමන්ට ඕනේ විදියට බලය පාවිච්චි කරන්න බස්නාහිර ආන්ඩුකාරවරයා පියවර ගන්නවා. හමුදාවට දොස් කියනවා. එක පෑන් පහරින් අන්තවාදී අදහස් දක්වන අය අස් කිරීමේ හැකියාව ජනාධිපතිට තියෙනවා. කෙටි කාලයකට හෝ ජනාධිපතිතුමා මේ ආන්ඩුකාරවරු ඉවත්කරලා ස්වාධීනව කටයුතු කළ හැකි අය පත්කල යුතුයි. ඒ තැන්වලට සියලු ජනතාවට එක හා සමානව සලකන අය පත්කළ යුතුයි.
මාස දෙකක් රටේ ආරක්ෂක කවුන්සිලය රැස්වුනේ නැහැ කියන්නේ රටේ ආරක්ෂාව බින්දුවට දාලා. අපේ ආන්ඩුව කාලයේ සතියකට සැරයක් ආරක්ෂක මණ්ඩලය රැස්වුනා. මේ සිද්ධියට ආන්ඩුවේ සියලු දෙනා වගකිව යුතුයි. ලෝකයට ඕනේ විදියට වැඩ කරන්න ගිහින් අපිට ස්වාධීනව කටයුතු කරන්න තිබුණු අයිතිය නැති කරගෙන. මවුවරුන්ගේ මානව අයිතිවාසිකම් නැතිවීම ගැන හොයන්න කියලා මොන රටද කිව්වේ. මුස්ලිම් කෙනෙක්ට වුනාන්ම ඒ අයිතිවාසිකම් වෙනුවෙන් පෙල ගැහිලා එයි. ආන්ඩුව වෛද්‍යවරයා ආරක්ෂා කරනවා වෙනුවට සාධාරණ පරික්ෂණයක් කලේ නැත්නම් මිනිස්සු කඬේකට ගිහින් කන්න බයයි. වෛද්‍යවරයෙක් ලගට යන්න බයයි. මුස්ලිම් ජනතාව අන්තවාදයට එරෙහිව නැගිටින්න. ඒ වගේම මැතිවරණයක් පවත්වන්න.

මාධ්‍ය – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින රථයක් ගන්න යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවාලු. එතුමා කැප කිරීමක් කරන්න ඕනේ නැද්ද
රමේෂ් පතිරණ – විප්කෂ නායකවරයාට නිල වශයෙන් හිමිවිය යුතු වාහන තුනෙන් දෙකක් සම්බන්ධන් මහතා ධූරයෙන් ඉවත් වෙද්දි අරන් ගිහින්. තියෙන එකම වාහනයත් ඇඹීලිපිටියේදි කැඩුනු නිසා සුදුසු ආරක්ෂාව සහිත වාහනයක් ඉල්ලා තිබෙනවා. එතුමා ආරක්ෂ කළ යුතු දේශපාලනඥයෙක් බව රටම දන්නවා.
ශෙහාන් සේමසිංහ – අලුත් වාහනයක් ගැන නෙවෙයි කතා කරන්නේ. තිබෙන වාහන සංචිතයෙන් ආරක්ෂිත වාහනයක් ඉල්ලන්නේ. මෙවැනි තත්ත්වයක මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා විය යුතුයි. අපි හැමදාමත් එතුමාගේ ආරක්ෂාව ගැන කතා කළා. එක් වරක් එතුමා අනාරක්ෂීත කළා. ජනතාවගේ පැතුමත් එතුමාගේ නායකත්වය යටතේ ආරක්ෂීත රාජ්‍යයක් බිහිවීමයි.

මාධ්‍ය – එතුමාට නව රථයක් ලබා ගන්න ඉල්ලීමක් කළා කියලයි කියන්නේ.
ජානක වක්කුඹුර – ඒ යෝජනාව දාලා තියෙන්නේ අගමැතිතුමානේ. එතුමා ඊළග විපක්ෂ නායක වෙන නිසා එහෙම ඉල්ලිමක් කළාද දන්නේ නැහැ. විපක්ෂනායකවරයා විදියට දෙන්න තියෙන දේවල් දුන්නා නම් හරි. හිටපු විපක්ෂ නායකතුමාට සියලු දේ දිලා. වෙඩි නොවදින රථ නොදුන්නත් මහින්ද රාජපක්ෂ මහතාව ජනතාව ආරක්ෂා කරනවා. තියෙන වාහන සංචිතයෙන් වාහනයක් ඉල්ලීමයි සිද්ධ වුනේ.