මැතිවරණවලට ඉදිරිපත් වෙන ෂලකුණ

මැතිවරණවලට ඉදිරිපත් වෙන ෂලකුණ සම්බන්ධයෙන් ඉදිරියේදි සුදුසු තීරණයක් ගන්නවා.
– බැසිල් රාජපක්ෂ
පළාත් පාලන ආයතන පිහිටුවා වසරක් පිරෙන එළැඹෙන පෙබරවාරි 10 වැනිදා, ”ඉදිරි මැතිවරණ ස`දහා තර`ග කරන්නේ පොහොට්ටුව ළකුණින් ”යැයි නිල වශයෙන් ප‍්‍රකාශ කරනු ඇතැයි බලාපොරොත්තු වන බව සමස්ත ලංකා පළාත්පාලන නියෝජිත සංසදයේ මන්තී‍්‍රවරු අද (18* ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට සංදේශයක් භාරදෙමින් ස`දහන් කළේය.
ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ ස`දහා ඉදිරිපත් වෙන සන්ධානය කුමක්වුවත්, මැතිවරණ සලකුණ ලෙස පොහොට්ටුව යොදාගත යුතු බවද එම සංසදයේ සභාපති උදේනි අතුකෝරල මහතා එහිදී ඉල්ලා කලේය.
මෙම යෝජනාව සමස්ත ලංකා පළාත් පාලන ආයතන සංසදයේ විධායක සභාව සම්මත කර ඇතැයිද හෙතෙම බැසිල් රාජපක්ෂ මහතාට සන්දේශය භාරදෙමින් ස`දහන් කලේය.
සන්දේශය භාරගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
මේ වෙද්දි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ විවිධ සංවිධාන ම`ගින් මේ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම දිස්ති‍්‍රක්ක සංවිධාන මගින් පවා මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා. මේ සියලූ යෝජනා අපේ පරමාදර්ශි නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අපිත් එක්ක තර`ග කරන සහෝදර පක්ෂ සම`ග සාකච්ඡුා කරලා සුදුසු තින්දුවක් ගනියි. පළාත් පාලන ආයතන ජයගත් ඔබගෙන් මේ ඉල්ලිම ඉදිරිපත්වීම ගැන සතුටුයි. අපේ නායකතුමාට හො`ද තින්දුවක් ගන්න සලස්වමු.
මගේ පෞද්ගලික තීරණයත් ඒකයි. අපි අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන පක්ෂයක විදියට අපේ සහෝදර පක්ෂ අමතක කරන්නත් බැහැ. ගියවරත් පළාත්පාලන ආයතන මැතිවරණයට අපේ සහෝදර පක්ෂ එක්කයි ඉදිරිපත්වුනේ. ඒ පක්ෂවලට සභාපතිකම් නගරාධිපතිකම් පවා දුන්නා. ඒ අයත් පොහොට්ටුවේ අගය ගැන දන්නවා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාධාරණ හොද තීන්දුවක් ගන්නවා.

https://www.facebook.com/slppmediacentre/videos/2438189112882323/

පොහොට්ටුව ක‍්‍රියාත්මකයි..

පොහොට්ටුව ක‍්‍රියාත්මකයි.. විශේෂ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් අරඹයි..
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සාධාරණ මැතිවරණයක් සදහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නමින් විශේෂ ඒකකයක් පසුගිය දා විවෘත කෙරිණ. බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ස්ථාපිත කර ඇති මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය 43-1/1, බෝධිරාජ මාවත, ජයන්තිපුර, බත්තරමුල්ල යන ලිපිනයෙහි පිහිටා ඇත.

දේශපාලන පක්ෂයක් විසින් මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සාමාන්‍යයෙන් සිදු වන්නේ නිශ්චිත මැතිවරණ කාලසීමාවකට අදාළව පමණි. නමුත් මේ මොහොතේ රට හමුවේ පවතින විශේෂ දේශපාලනික තත්වයන් කිහිපයක් සැලකිල්ලට ගනිමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සාධාරණ මැතිවරණයක් සදහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවීමට කටයුතු කර ඇත.

මැතිවරණ කල්දැමීමට එරෙහිව ක‍්‍රියාකරමින් ජනතාවගේ ඡුන්ද අයිතිය වෙනුවෙන් සක‍්‍රීය ලෙස මැදිහත් වීමද මෙම මෙහෙයුම් මධ්‍යස්ථානයේ කාර්යභාරයකි. ඒ අනුව කල්දමා ඇති පළාත් සභා මැතිවරණය දිනා ගැනීම සදහා වඩාත් විධිමත් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමටද නියමිතයි. ඊට සමගාමීව කල්දමා ඇති මැතිවරණ කඩිනමින් පැවැත්වීම සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ගන්නා සියලූ ක‍්‍රියාමාර්ග හමුවේ සහාය සංවිධානයක් ලෙස කටයුතු කිරීමටද සාධාරණ මැතිවරණයක් සදහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අපේක්ෂා කරයි.

එමෙන්ම වර්තමාන රජය යටතේ සිදු කරන බරපතල දේශපාලන පලිගැනීම් කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින් වින්දිතයන් සදහා යුක්තිය ඉටු කිරීමට මැදිහත් වීමද මෙම ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ තවත් වැදගත් කාර්යභාරයකි. රාජ්‍ය ආයතන තුළ සේවකයන් සේවයෙන් පහකිරීමේ සිට අසාධාරණ ලෙස ස්ථාන මාරුවීම් ලබාදීම දක්වා දරුණු දේශපාලන පලිගැනීම් මේ වන විට විශාල වශයෙන් සිදු වෙමින් පැවතීම මීට හේතුවයි.

2019 වසර මැතිවරණ වර්ෂයක් වන බැවින් වත්මන් ආණ්ඩුව සමාජ ව්‍යූහය තුළ ප‍්‍රතිවාදීන් මර්ධනය කරමින් තම පාර්ශවයට වාසිසහගත වන ආකාරයෙන් විවිධ අකටයුතුකම්වල නිරතව සිටී. මෙම තත්වයන් නිදහස් සහ සාධාරණ මැතිවරණ සදහා සෘජු ලෙස අභියෝගයක් වන බැවින් එවැනි සිදුවීම් අඛණ්ඩව නිරීක්ෂණය කරමින් ඒ සදහා ගත යුතු නෛතික ක‍්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමටද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාධාරණ මැතිවරණයක් ස`දහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සූදානමින් සිටී.

සර්වජන ඡුන්දබල අයිතිය සහ රාජ්‍යයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත කරමින් ඉතා දියුණු මැතිවරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් රට තුළ ස්ථාපිත කිරීම සාධාරණ මැතිවරණයක් සදහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අවසන් අපේක්ෂිවයි.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර ගැටුම් ඇති කිරීමට උත්සහයක්

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපතිවරයාම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් ප්‍රකාශ කළත් එය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තීරණය නොවන බව එහි තරුණ පෙරමුණ පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ විවිධ පාර්ශ්ව ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව මත පළකරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගැටුම් ඇති කිරීමට උත්සහ දරමින් සිටින බවයි.

අද(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ජනාධිපති අපේක්ෂකයා තේරීමේදී පොදුජන පෙරමුණ තීරණාත්මක බලවේගය වියයුතු බව කංචන විජේසේකර මන්ත්‍රීවරයා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

“මීළග ජනාධිපති අපේක්ෂකයා පිලිබද නිරන්තරයෙන් ප‍්‍රශ්න නැගෙනවා. පළාත් පාලන මැතිවරණයේදි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සියයට 14 ජනවරමක් ලැබිලා තියෙනවා. ඒ සියයට 14 ජනවරම නියෝජනය කරමින් මීළඟ ජනාධිපතිවරයා ලෙස මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොදුජන පෙරමුනේ සහායෙන් පත්විය යුතු බව මහින්ද සමරසිංහ ප‍්‍රකාශයක් කළා.

කල්පනා කරලා බැලූවම විවිධ අදහස් තියෙන්න පුලූවන්. ශී‍්‍රලනීපයට වගේම පොදුජන පෙරමුණටත් ඒ වගේ යෝජනා තියෙන්න පුලූවන්. සන්ධානයක් නිර්මාණය වෙනවා නම් ඒ සන්ධානයේ පක්ෂවලට යෝජනා තියෙන්න පුලූවන්.

පොලොවේ යථාර්තයක් එක්ක ඒ යෝජනා ගැන සිතිය යුතුයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සියයට 14 ගන්න වෙලාවේ හිටපු කීදෙනෙක් දැන් ශී‍්‍රලනිපයත් එක්ක ඉන්නවාද කියලා හිතලා බල්ලනත් ඕනේ. මහින්ද රාජපක්ෂ මහතායි මේ රටේ මිනිස්සු ඉල්ලන නායකයා.

මේ රටේ බහුතර ජනතාව නියෝජකය කරන මතය අපෙක්ෂකයා තෝරා ගැනීමේදි සැලකිල්ලට ගත යුතු බවයි අපි විශ්වාස කරන්නේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා විදියට 2015 ජනවාරි 08 වැනිදා මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරපු අයම විපක්ෂයේ අපේක්ෂකයා වුනා.

ඒ නිසා මේ නම් යෝජනා කරන අය ඊළගට විපක්ෂයේ බලකනු වෙන්න පුලූවන් කියන සැකය අපිට තියෙනවා. පොදුජන පෙරමුණයි එජාප විරෝධී සටනේ ප‍්‍රධාන පක්ෂය විදියට කටයුතු කලේ.

ඒ පක්ෂයේ මතය තරුණයින්ගේ මතය නියෝජනය විය යුතුයි. ඒ නිසා අපි අපේ පක්ෂයේ නායකයින්ටත් අනතුරු හඟවනවා. එහෙම නොවුනොත් ඡුන්ද පෙටිටයේ ඡුන්ද ගණන් කරද්දි එක දෙක අතර කරට කර ඡුන්දයක් තියෙයි. අපි මේ ගැන සාකච්ඡා කළ යුතුයි. පොලොවේ යථාර්තය එක්ක අපේක්ෂකයා තේරිය යුතුයි.“

රට බෙදන කදවුරේ ශක්තිය බිදවැටිලා

ආණ්ඩුව සිටින්නේ ඔවුන්ගේ ස්වභාවික මරණය අබියසයි. නායකත්ව අර්බුදය දැවැන්ත ප‍්‍රශ්නයක් වෙලා. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සජිත් පේ‍්‍රමදාස මහතාට සම්බන්ධ අයට නියෝජ්‍ය ඇමැතිකමක්වත් නොදෙන්න ප‍්‍රවේශම් වෙලා තියෙනවා. එජාපය ඇතුලේ තියෙන ගැටුම් දැන් තීව්ර වෙලා. සරත් ෆොන්සේකා, පාලිත තෙවරප්පෙරුම ද්වන්ද යුද්ධයක. ඒ වගේම මංගල සමරවීර හා රවී කරුණානායක ගල උඩ සටනක. රවී කරුණානයක කියලා තිබුණා මෝස්තර කාරයෙකුට මුදල් ඇමැතිකම හරි යන්නේ නැහැ කියලා. මෙහෙම එජාපය ඇතුලේ ප‍්‍රබල ගැටීම් ඇති වෙන කොට මේ ආණ්ඩුවට රටේ ආර්ථිකය ගොඩගන්න බැරිබව මුලූ ලෝකයම දන්නවා. මෙවැනි තත්ත්වයක් යටතේ ණයදෙන ආයතන, ආධාර දෙන ආයතන එන්නේ නැහැ. අවුරුදු 10ට පස්සේ කොටස් වෙලෙදපොලේ අවම දෛනික පිරිවැටුප ජනවාරි 4 වැනිදා වාර්තා වුණා. ඒ යුද්ධය අවසානයේ 2009 ඇති වු තත්ත්වයට සමාන තත්ත්වයක්. රුපියල අවප‍්‍රමාණ වෙමින් යනවා. ආණ්ඩුව චීනය, ජපානය වැනි අපේ රටට ආධාර දීපු මිත‍්‍රශීලි රටවල් තරහ කර ගත්තා. මේ රටවල් සදාකාලිකව ශී‍්‍ර ලංකාවට මිත‍්‍රශීලි රටවල්. රනිල් වික‍්‍රමසිංහ වන්දනාමාන කරන බටහිර රටවලින් අපේ ආර්ථිකයට තල්ලූවක් ලැබුලා නැහැ. ඒ රටවල් අපේ රට සූරාකෑවා විතරයි. අද රනිල් වික‍්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානයේ හිරකාරයෙක් වෙලා. ඊළමට පාර කපන ව්‍යවස්ථාව ගේන්න යන්නේ ඒ නිසයි. ඒ නිසයි ආන්ඩුව ඉන්නේ ස්වභාවික මරණයක් අබියසයි කියලා මම කිව්වේ. මරණ තුනක් ඇති මිනිසෙක් පැනිකෑය කිව්වා වගේ මේ ආණ්ඩුවත් මරණ තුනක් අතේ තියාගෙන පැණි කනවා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේ පවතින ඕනෑම මැතිවරණයක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජය ගන්නවා.
මහින්ද රාජපක්ස මහතාව විපක්ෂ නායක විදියට පිළිගැනීම රටක් විදියට හොද තත්ත්වයක්. ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙනත් ඊළමට පාර කපන ක`දවුර පාර්ලිමේන්තුවේ ශක්තිමත් වෙලා හිටියා. ව්‍යවස්ථා දායක සභාවේ හත්දෙනෙක් පත්කරන්නේ අගමැති හා විපක්ෂ නායක. පසුගිය කාලයේ ලංකාවේ ප‍්‍රදාන පත්කිරීම් කලේ රනිල් සම්බන්ධන් කදවුරයි. නමුත් විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලැබීමෙන් පසුව රටේ පුරවැසියන් සැනසුම් සුසුමක් හෙලූවා මේ ක`දවුර කඩා වැටිලා සැබෑ විපක්ෂයට විපක්ෂ නායකකම ලැබිම ගැන.

පාර්ලිමේන්තු මන්තී‍්‍රනී පවිත‍්‍රා වන්නිආරච්්චි

ජොලියක් ගන්න ඇමති පොරය..!

2018 වර්ෂය අවසාන භාගයේ රටම කතාවුන මාතෘකාවක් වුනේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු. ව්‍යවස්ථාව ආරක්ෂා කරමු වගේ දේවල්. මහා හයියෙන් ඒ දේවල් කියපු අය අද ප්‍රජාතන්ත්‍රවදාය ආරක්ෂා කරලාද නැද්ද කියන ප්‍රශ්නය රට ඉදීරියේ තියෙනවා. ප්‍රජාතන්ත්‍රවදයේ හිරු දෙවියෝ රනිල් වික්‍රමසිංහ සදූ දෙවියෝ අනුර කුමාර” තරු දෙවියෝ සුමන්රදීන්. මේ දෙවිවරු කලේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් රනිල් වික්‍රමසිංහ නැවත බලයට පත්කිරීමයි. පක්ෂය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියලා බලාපොරොත්තු දූන්නා. බලාපොරොත්තු කඩවෙලා හිටපු එජාපයේ කට්ටිය හිතුවා රනිල් වික්‍රමසිංහ කියන්නේ දැන් අලූත් නායකයෙක් කියලා. ඒ වුනාට දැන් බලද්දී පරණ රනිල්ම තමයි. පාක්ෂීකයාටවත් තමන්ගේ මිනිස්සුන්ටවත් කන්නො රනිල් වික්‍රමසිංහ එයාගේ ගමන යනවා. අනුර කුමාරගෙන් අහන්න තියෙන්නේ ඔබට දැන් සතුටුයිද කියලා තමයි.
කිරිපිටි පැකට්ටුවක් රුපියල් 135කින් වැඩි කරන්න ඉල්ලීම් ඇවිත්. මිල වැඩි නොකලොත් කිරිපිටි ගෙන්වීම නතර කරන්න වෙනවාලූ. කිරිපිටි කිලෝවකට රුපියල් 170ක් බදූ ගෙවනවාලූ. කිරි දරුවන්ට දෙන කිරි ටිකෙන් බදූ ගහන ආණ්ඩුවක්. නමුත් කතා කලේ සක්‍ර දේවියන් වඩම්මලා ෂක්‍ර දෙවියන්ට කරන්න බැරිදේත් කරනවා වගෙයි. ගෑස් සිලින්ඩරයකට රුපියල් 378ක් වැඩි කරන්න ගෑස් සමාගම් ඉල්ලා තිබෙනවා. මේ විදීයට 2019 කියන්නේ ජිවත් වෙන්න හැකියාවක් තියෙන වසරක් වෙයිද? මේ දවස්වල ඇමැති පොරයක් ඇති වෙලා. ඉස්සර අපි ආණඩුව කරද්දී ආණඩුව විවේචනය කරන්නේ විපක්ෂය. දැන් ආණ්ඩුවට බනින්නේ ආණඩුවමයි. හිටපු මුදල් ඇමැති” වත්මන් විදුලි බල ඇමැති කියනවා කිසිම හැකියාවක් නැති අය පක්ෂයට ඇවිත් අපිව පක්ෂයෙන් එළවන්න හදනවාලූ. කේවට්ටයෙක් පක්ෂයේ ඉන්නවාලූ. මේ කේවට්ටයා මලික් සමරවික්‍රමයි. මේ ආණඩුවේ ඉන්න අය එකිනෙකාට බැන ගන්නවා. කම්බ හොරු කියනවා. පහුගිය මහින්ද රාජපක්ෂ අගමැති සමයේ ජාතික ආණඩුවක් නෙවෙයි තිබුනේ. ජාතික ආණඩුවක් නම් විතරයි ඇමැතිවරු තිහකට වැඩිවෙන්නේ. ඒ දවස්වල කිසිම කෙනෙක් ඇමැති තනතුරු වලට පොරකෑවේ නැහැ. අපි කිව්වේ අපිට ඇමැතිකම් එපා කියලයි. ආදර්ශය අපි පෙන්නුවා. අනුර කුමාර දීසානායකට මේ ආණඩුවේ දේවල් පේන්නේ නැහැ. ෆොන්සේක තෙවරප්පෙරුම රණ්ඩුවක් තියෙනවා. ඒ කතා ඇතුලේ මේ රටේ අතුරුදහන් වුනු අය මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් ගැන කියැවෙනවා. ඒ ගැනයි හොයලා බලන්න ඕනේ. ඇයි නිහඩ. දැන් ඇත්ත එළියට එනවා. ජවිපේ කට්ටිය දැන් ආයෙත් විද්වත් සභාවක් පටන් අරන්. සරත් ෆොන්සේකා හොදයි කියලා ජනාධිපති ඇදූම ඇන්දූවේ ජවිපෙයි. ජවිපේ තීන්දූ ගැන රටේ මිනිස්සුන්ට දැන් හොදට තේරෙනවා. රට අස්ථාවර තීන්දූ ගන්නේ ජවිපෙයි.

-පාර්ලිමේන්තු මන්තී්‍ර රෝහිත අබේගුණවර්ධන

පොහොට්ටුවේ අපි රට පුරාම වැඩ

මං පොහොට්ටු සාමාජිකයෙක්.. ශ‍්‍රීලනිපය අතහැරියා.. ජනාධිපති අපේක්‍ෂක ගෝටාභයද..- බැසිල් හෙලි කරයි..
තමන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය තමන් 2015 ජනවාරි මාසයේදී අත්හැරි බවත් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට දේශපාලන පක්ෂ 29ක් සාකච්ඡා කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

වසර තුනකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කළේ ජනතාවගේ අවශ්‍යතාව මත බව පෙන්වා දුන් ඇමැතිවරයා එසේ බිහි වූ ලාබාලතම පක්ෂය අද වන විට මේ රටේ අංක එකේ පක්ෂය වී ඇති බවත් පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිවයින පුරා පැවැත්වීමට නියමිත ගම සමඟ පිළිසඳරක් සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණයට මිනුවන්ගොඩ දී 05 වැනි දා එක්වෙමිනි.

වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව සංවිධාන කෙරෙන ගම සමඟ පිළිසඳරක් සමාරම්භක සම්මන්ත්‍රණය මිනුවන්ගොඩ දී සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා විසිනි.

එහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මේ උදා වෙලා තියෙන්නේ නව වසරක්. මේ නව වසර මැතිවරණ වර්ෂයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මොකද මේ අවුරුද්ද තුළ ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් වගේම පළාත් සභා මැතිවරණයත් අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි. ඒ නිසා මේක තීරණාත්මක වර්ෂයක් ලෙසත් හඳුන්වන්න පුළුවවන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ මේ රටේ ජනතාවගේ අවශ්‍යතාව මතයි. 2015 ජනාධිපතිවරණයෙන් පසුව ජනතාවට රටේ තිබෙන ප්‍රධාන පක්ෂ දෙකම එපා වෙලා තිබුණු වෙලාවක තමයි පොදුජන පෙරමුණ බිහිවුණේ. පොහොට්ටුව ලකුණෙන් රට හමුවට ආ පොදුජන පෙරමුණ ආරම්භයේ සිටම ජයග්‍රාහී ගමනක නියැළුණා.

ඒකට හොඳම උදාහරණය තමයි 2018 පළාත් පාලන මැතිවරණය. ඒ මැතිවරණයේ දී අපේ මේ ලාබාල පක්ෂය දැවැන්ත පක්ෂ සියල්ල පරදවමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. ඒ ජයග්‍රහණය නිසා තමයි රටේ ගමන් මඟ වෙනස් වුණේ කියන එක අපි පැහැදිලිව කියන්න ඒනේ.

මේ වන විට පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට දේශපාලන පක්ෂ 29ක් සාකච්ඡා කර තිබෙනවා. ඒ සාකච්ඡා සියල්ල බොහෝ දුරට දැන් අවසන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම තවත් පක්ෂ ගණනාවක් දැන් අපේ මාවතට පිවිස තිබෙනවා. ඒක සන්තෝෂයට කාරණයක්.

අද වන විට රට තුළ ක්‍රියාකාරීම පක්ෂය බවට පත්ව ඇත්තේ පොදුජන පෙරමුණයි. ගම් මට්ටමින් ශාඛා සමිති හදලා ක්‍රියාකාරී සාමාජිකත්වයක් ඇති එකම පක්ෂ අපේ පොදුජන පෙරමුණ කියන එක අපි ආඩම්බරයෙන් කියනවා. ඒ නිසා මීළඟ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීම අපට ගැටලුවක් නෙමෙයි.

සමහරු අහනවා අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. ඒක තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින්. ඒක අපි ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. අපේ අරමුණ ජයග්‍රහණය නම් අපේක්ෂකයා කවුද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මහින්ද මහත්තයා තෝරලා දෙන ඕනෙම අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරවන්න අපි සූදානම්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා

මට මතකයි අපි බැසිල් මහත්තයා එක්ක එකතු වෙලා පොහොට්ටුව පක්ෂයක් විදියට හදාගෙන යන විට සමහරුන් අපට හිනා වුණ හැටි. සමහරු කිව්වා ඕක කවදාවත් පිපෙන්නේ නැති පොහොට්ටුවක් කියලා. සමහරු කිව්වා වැඩි කලක් යන්න ඉස්සර පොහොට්ටුව නට්ටං වෙනවයි කියලා. ගොඩක් අය අපි දිහා බැලුවේ පිස්සෝ රැලක් දිහා බලන විදියටයි.

හැබැයි දැන් හැමෝටම පොහොට්ටුවේ අගය තේරිලා තියෙනවා. පොහොට්ටුව තමයි මේ රටේ ලොකුම පක්ෂය බවට දැන් පත්වෙලා තියෙන්නේ. අපිට ලක්ෂ 50 ඉක්ම වූ දැවැන්ත ජනබලයක් තියෙනවා. ඒ බව පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී රටටම ඔප්පු කරලා පෙන්වන්න අපට හැකිවුණා.

2019 කියන්නේ අපට තවත් ජයග්‍රාහී වසරක්. මම එහෙම කියන්නේ 2019 වසරේ පැවැත්වෙන්නට නියමිත මැතිවරණ දිහා බලලයි. ඒ සෑම මැතිවරණයක්ම ජයග්‍රහණය කරන්න අපිට හැකියාවක් තිබෙනවා. ඒ නිසා තමයි හැමෝම දැන් පොහොට්ටුව වටේ පෙළගැහෙන්න පටන් අරගෙන තිබෙන්නේ.

හැමෝටම ඕනේ වෙලා තියෙන්නේ පොහොට්ටුව සමඟ සන්ධාන ගත වීමටයි. අපේ පැත්තට එන ඕනෙම කෙනෙක් පිළිගන්න අපි සූදානම් වුණත් කිසිම අවස්ථාවක පොහොට්ටුව පර වෙන්න ඉඩ තියන්නේ නැහැ කියන ප්‍රතිඥාව මම තමුන්නාන්සේලාට දෙනවා. කාටවත් පොහොට්ටුව විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

ඒ නිසා මොන සන්ධාන හැදුවත් අපේ ලකුණ විය යුත්තේ පොහොට්ටුවයි. පොහොට්ටුව තමයි අපේ ජය ලකුණ. අපිට මෙතරම් ජයග්‍රහණ ලැබුණේ ඒ ලකුණ නිසයි. ඒ නිසා කිසිම අවස්ථාවක අපි අපේ ජය ලකුණ අතහරින්න සූදානම් නැහැ. විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන්න නම් අපට පොහොට්ටු ලකුණ අනිවාර්යෙන්ම ඕනේ කියන එකත් අපි බැසිල් මැතිතුමාට මතක් කරන්න කැමැතියි.

 

ජනතා විමුක්ති පෙරමුණ අන්ත අසරණ වෙලා

අපේ පාක්ෂිකයෝ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිකම නොගත්තා නම් හො`දයි නේද කියන අවස්ථා තියෙනවා. රටේ මිනිස්සු දැක්කා ඇත්ත ආණ්ඩු කවුද? ඇත්ත විපක්ෂය කවුද? පාර්ලිමේන්තුව විකෘතියි නේද කියන දේ. කතානායක අසුනේ සිටියෙත් විපක්ෂ නායක ධූරයේ සිටියේත්, අගමැතිධූරයේ සිටියෙත්, විපක්ෂයේප‍්‍රධාන සංවිධායක ධූරයේ සිටියේත් හංසයා දිනවන්න කටයුතු කරපු අයයි. කෙටි කාලීන ආණ්ඩු වෙනස නිසා අද ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ සන්ධානය අන්ත අසරණ වෙලා ඉන්නවා.
අපි ඒ තීින්දුව නොගත්තා නම් මහින්ද රාජපක්ෂ මහත්තයා අදත් මන්තී‍්‍රවරයෙක් විතරයි. ඒ තීන්දුව නිසා අද මහින්ද රාජපක්ෂ මහත්තයා විපක්ෂ නායක වෙලා ඉන්නවා. ශී‍්‍රලනීපය එජාපය විරසක වෙලා. ජනාධිපතිතුමා අගමැතිතුමා ඉදිරියේ අගමැතිතුමා වැඩ කරපු විදිය ප‍්‍රසිද්ධියේ කියපු ආකාරය ජනතාවට දැක ගන්න ලැබුණා. අද ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකධූරය අහිමි වෙලා හතර අතේ දුවනවා. සම්බන්ධන් මහත්තයාලා නිල නිවෙස් බලහත්කාරයෙන් අල්ලා ගෙන ඉන්නවා. ඉදිරියේ දි අපි නිල නිවසකට වැය වන මුදල කාර්යාලයක් පවත්වා ගෙන යන්න වැයවන මුදල කොයි තරම්ද කියලා සොයා බලනවා. අපි දන්න විදියට පොදු දේපල පරිහරණයේදී අලාභය රුපියල් ලක්ෂයකට වැඩි නම් ඇප ලැබෙන්නේ නැහැ. මාස කිහිපයක්වත් රක්ෂීත බන්ධනාගාරයේ ඉන්නත් වෙනවා.
ජනතාවගේ අවධානය වොනතකට යොමු කරන්නත් මේ වෙද්දි එජාපයේ කට්ටිය පියවර අරන් තියෙනවා. පාලිත රංගේ බන්ඩාර කාලයකට ඉස්සෙල්ලා අපේ පස්සෙන් ආවා. ඒ දුරකතන සංවාද අදත් අපි දකිනවා. මේ සියලූ දේ කතා කරන විට පොදුජන පෙරමුනේ සංවිධාන කටයුතු කරපු මම කිව්වා පාලිත රංගේ බන්ඩාර අපිට එකතු කර ගන්න එපා. අපේ දිස්ති‍්‍රක්කයේ 34ක් අමුඅමුවේ මරා දැමුවා කියලා. මමයි ඔහුව ගැනීම වැලැක්වූවේ. පාලිත තෙවරප්පෙරුමයි සරත් ෆොන්සේකායි අද මරා ගන්නවා. ඒ අයට තියෙන්නේ ජනතාවට සේවය කිරීමේ අවශ්‍යතාවයක් නෙවෙයි. හරින් ප‍්‍රනාන්දුලා වගේ අය කිව්වා ලොම් හැරුණු අය ඉවත් කරන්න ඕනේ කියලා. ටිකිරි මොලේ තියෙන රනිල් වික‍්‍රමසිංහ මහත්තයා සහන මල්ලක් එක්ක අයවැයක් ගෙනත් ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නයි සූදානම. ඊට පස්සේ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. මේකටයි ඔහු සූදානම් වෙන්නේ. අපේ ගම්වල මිනිස්සු අසරණ වෙලා. ආර්ථීකය කඩා වැටිලා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් නිශාන්ත

කුමන්ත‍්‍රණයක් මගින් ජාතික ආණ්ඩුවකට

පස්වෙනි වරටත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති වෙලා පාර්ලිමේන්තුවේ කරපු පළවෙනි ප‍්‍රකාශයෙන් ඇගිල්ල දිග් කලේ මාධ්‍යයට. අවුරුදු හතරක් තිස්සේ ආණ්ඩුව රට විනාශ කරමින් සදාචාරය සංස්කෘතිය විනාශ කරමින් කළ දේ මාධ්‍ය රටට හෙළි කළා. අගමැතිධූරය දරන අවසන් අවස්ථාවේ රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍ය හැදින්වූයේ කලූ මාධ්‍ය ලෙසයි. කලූමාධ්‍ය සංස්කෘතිය වෙනස් කරන්න ආණ්ඩුව පියවර ගන්න බව කිව්වා. මාධ්‍ය මර්ධනය සදහා අණ පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න සූදානමක් තියෙනවා. මාධ්‍ය නිහඩ කලේ නැත්නම් රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවට ඉදිරියට යන්න බැහැ. එහි පියවරක් විදියට තෝරාගත් මාධ්‍ය සදහා දැන්වීම් ලබා දීම නතර කළා. හිරු හා දෙරණ තෝරා ගෙනයි මේ ප‍්‍රහාරය පටන් ගත්තේ. හෙට දිනයේ අනෙක් මාධ්‍ය ආයතනවලටත් මේ දේ වෙන්න පුලූවන්. 70%ක් පේක්ෂකයින් නරඹන නාලිකාවලට දැන්වීම් නොදීමෙන් වෙන්නේ රාජ්‍ය ආදායම අඩු වීමයි. ආණ්ඩුවේපළවෙනි පියවර මාධ්‍ය නිහඩ කිරිමයි.
රජයේ මැතිඇමැතිවරු එකිනෙකා බැන ගන්නවා. මේක අස්ථාවර කුමන්ත‍්‍රණකාරී ආණ්ඩුවක් නිසා ඒකේ තනතුරු බෙදා ගන්න බැරිව හැල හැප්පීම් යනවා. රටේ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන මන්තී‍්‍රවරයාගේ භූමිකාව ඉටු කරනවා වෙනුවට ඇමැතිධූර ලබා ගැනීම කෙරෙහි මේ අයගේ අවධානය යොමු වෙලා තියෙන්නේ. පසුපෙළ මන්තී‍්‍රවරුන්ගේ මේ ගැටුම රනිල් වික‍්‍රමසිංහගේ තවත් කුමන්ත‍්‍රණයක් වෙන්න පුලූවන්. රටේ තියෙන අර්බුද ජනතාව අතරට යාම වළක්වන්න මේ විදියටම රනිල් වික‍්‍රමසිංහ මහතා මීට පෙරත් කටයුතු කර තිබෙනවා. පසුපෙළ මන්තී‍්‍රවරු හරහා මේ කි‍්‍රයාත්මක කරලා තියෙන්නේ නැවතත් ජාතික ආණ්ඩුවකට යන්න දරන උත්සාහයක්. ඩග්ලස් දේවානන්ද මහතා තනි පක්ෂයක් තනි මන්තී‍්‍රවරයෙක් විදියට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටින නිසා රජය එතුමා ඉදිරියේ දණින් වැටිලා ජාතික ආණ්ඩුවකට යන්න ඉල්ලා සිටියා. එතුමා තමන්ට ඡුන්දය දීපු ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරමින් තමන්ට ඡුන්දය දුන්න ජනතාව වෙනුවෙන් සිටියා. දැන් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරන්න විදියක් සොයමින් ඉන්නේ.
ඊයේ අගමැතිවරයා ඇමැතිධූර බලාගෙන ඉන්න මන්තී‍්‍රනවරු කිහිප දෙනෙක් අරලිය ගහ මන්දීරයට ගෙන්වූවා. ඒ ඇමැතිකම ලැබෙන තුරු ඔවුන්ට විෂයයන් වල වගකිම් බාරදෙන බව ප‍්‍රකාශ කළා. ජාතික ආණ්ඩුවකට යන්න මොවුන් කල් මරමින් මොවුන් ඉන්නේ. කුමන්ත‍්‍රණයක් ම`ගින් ජාතික ආණ්ඩුවකට යනවා නම් ඔවුන් ගැන ජනතාව බලාගනියි. අගමැතිතුමාට ඕනේ ඇමැතිකම් ලබා දීලා මන්තී‍්‍රවරු නිහඩ කරලා තියා ගන්නයි. නැවත වරක් ජනතාවගේ ඇස්වලට වැලි ගැසීමට දරන මේ උත්සාහයට හසු වෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අද ආණ්ඩුවේ හිතවතා දෙමළ සන්ධානයයි. දෙමළ සන්ධානයෙත් කිහිපදෙනයි මේ උත්සාහයේ ඉන්නේ. බලහත්කාරයෙන් විපක්ෂනායක කාර්යාලයේත්, විපක්ෂනායක නිල නිවසෙත් ඉන්නවා. රනිල් වික‍්‍රමසිංහ කරපු දේමයි මේ ගොල්ලෝ කරන්නේ. විපක්ෂනායකධූරය දැවැද්දෙන් ලැබුණු දෙයක්වත් භූදලයවත් නෙවෙයි. පාර්ලිමේන්තුව පත්කරන්නෙත් වෙනස් කරන්නෙත් ජනතාව. මේ තනතුරු වෙනස් කරන්නෙත් ජනතාවයි. එදා අගමැතිධූරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරන්න කුමන්ත‍්‍රණය කරපු විදියටම අද විපක්ෂනායකධූරයෙනුත් ඉවත් කරන්නයි මේ අය හදන්නේ. පුලූවන්නම් මන්තී‍්‍රධූරයෙනුත් ඉවත්කරයි. මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමට හිතවත් අය වගේම විරුද්ධ අයත් ඉන්නවා. සාධාරණත්වයේ නාමයෙන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් ඇස් ඇරලා රනිල් වික‍්‍රමසිංහ සහ සුමන්දිරම් මන්තී‍්‍රවරයා ගෙනයන වැඩපිීළිවෙල දිහා බලන්න. ඔවුන්ට බටහිර බලවේගයන් වලින් භාරකරපු වැඩපිීළිවෙලයි මේ කරමින් සිටින්නේ. රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුකරන හැම අවස්ථාවකට දෙමළ සන්ධානය මේ විදියට ගිවිසුම්වලට ආවා.
එජාපය සුමන්දිරම්ලාව බළල් අතක් විදියට භාවිතා කරන බවයි බොහෝ අය කිව්වේ. නමුත් මේ සිද්ධවෙන දේවල් එක්ක බලපුවම පේන්නේ සුමන්දිරම් මන්තී‍්‍රවරයාගේ බළල් අතක් බවට එක්සත් ජාතික පක්ෂය පත්වෙලා තියෙනවා කියන එකයි. ව්‍යවස්ථාව ඔවුන්ගේ ප‍්‍රමුඛ කාර්යය. රට බෙදන, ජාතීන් අතර අසමගිය ඇති වෙන, ජනතාව විරුද්ධ ව්‍යවස්ථාව ගෙන ඒමයි මේ අයට අවශ්‍ය. තුනෙන් දෙකක් බලයක් සහිත රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවක් ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ඉ`දගෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වගේ පෙනී ඉන්න අයත් ඉන්නවා. අපි පාර්ලිමේන්තුවේ ඉන්න තුරු රනිල් වික‍්‍රමසිංහ එකගවුනු සුමන්දිරම්ගේ ව්‍යවස්ථාව කිසිදිනෙක සම්මත කරන්න ඉඩ තියන්නේ නැහැ. අද ආණ්ඩුව පවත්වා ගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. ඇමැතිකම් ගත්ත අය සතුටු නැත්නම් ආණ්ඩුවේ එකිනෙකා කුලල් කා ගන්නවා නම් පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරලා නව පාර්ලිමේන්තුවයක් පත් කර ගැනීමට මැතිවරණයක් පවත්වන්න.
ආණ්ඩුව අයවැය ගේන්න සූදානම්. මැතිවරණයක් ඉලක්ක කරගත්ත මේ අයවැයෙන් ඒ සදහාම වූ බදු ප‍්‍රතිපත්තියක් එකතු වෙන්න ඉඩ තියෙන බව මේ වන විට විද්වතුන්ගේ අදහසයි. 2018 වෙද්දි රුපියල් බිලියන 11800 දක්වා ණය ගත්තා. ණය ගත්තේ රුපියල් බිලියන 7000 ණය ගෙවනවා කියලා. නමුත් ඒක වුනේ නැහැ. ආණ්ඩුව දැන් ආයෙත් විදෙස් ණය ගන්න සූදානම්. රුපියල් බිලියන 550ක් 2019 මුල භාගයේ ගන්න සූදානම්. ආර්ථිකය දුර්වල වීමේ වගකීමත් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව භාර ගන්න ඕනේ. ආර්ථීක වර්ධන වේගය කඩා වැටිලා, ජාත්‍යන්තර සංවිධාන අපේ රට ආර්ථික දර්ශකවල පහලට දැම්මේ මහ බැංකු හොරකම නිසයි. තවදුරටත් මහ බැංකු සිද්ධිය ගැන ස්වාධීන පරික්ෂණයක් වෙන්නේ නැති බව මේ ආණ්ඩුව පත්වීමෙන් පැහැදිලි වෙනවා. රුපියල් 3000 අල්ලසක් ගත්ත පොලිස් නිලධාරියා බන්ධානගාරගත කරලා කෝටි ගණන් වංචා කරපු මහබැංකු හොරු නිදැල්ලේ. අත් අඩංගුවට අරන් ස්වාධීන පරික්ෂණයක් පවත්වනවා නම් පළමුව අත් අඩංගුවට ගන්න ඕනේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයායි.

-පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙහාන් සේමසිංහ

අපි විපක්ෂයේ කාර්යභාරය ඉටු කරනවා.

නිල කාර්යාල හෝ පහසුකම් ඇතත් නැතත් අපි ජනතාව වෙනුවෙන් විපක්ෂයේ කාර්යභාරය ඉටු කරනවා. – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ
විපක්ෂ නායකධූරයට හිමි නිල කාර්යාල හෝ පහසුකම් කිසිවක් මෙතෙක් නොලැබුණත් ආණ්ඩුව ගෙන යන අන්තෂිත හා මර්දනකාරී කි‍්‍රයාපිළිවෙත පරාජය කිරීම සදහා ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යභාරය නොපැකිළිව ඉටු කිරිමට තමා කැපවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන් කලේ අද (04) බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි සිය කාර්යාලයේ නව වසරේ වැඩ කටයුතු ආරම්භ කරමිණි.
මෙම වර්ෂය මැතිවරණ වර්ෂයක් බැවින් ඒ සදහා මුහුණදීමට තම කදවුර ශක්තිමත් කර ගැනීම අත්‍යවශ්‍යව පවතින අතර විශේෂයෙන්ම පසුගිය දින පනහේ ආණ්ඩුව තුළින් රටට දිනාදුන් ජයග‍්‍රහණ පිළිබදව ජනතාව දැනුම්වත් කිරිම මේ මොහොතේ ප‍්‍රමුඛ කාර්යයක් බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා “අපි ආණ්ඩුව භාරගැනීම හොදයි කියන කට්ට්යත්, හොද නැහැ කියන කට්ටියත් ඉන්නවා. අපි අවුරුදු එකහමාරක් හිටියා නම් රටේ මොනවාද ඉතිරි වෙන්නේ. ගුවන් තොටුපල වරාය බංකු වගේ රටේ සම්පත් විකුණුවා. ඒ වගේම තවත් දේවල් විකුණන්න සූදානම් කරලා තිබුනේ. ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න සූදානමක් තිබුණා. ශී‍්‍රලනීපයත් ඒ අය එක්ක හවුලක හිටිය නිසා තුනෙන් දෙකක බලයක් ආණ්ඩුවට තිබුණා. දැන් ශී‍්‍රලනීපය ආණ්ඩුවෙන් එළියට ඇවිත් තියෙන එක අපි හැමෝගෙම ජයග‍්‍රහණයක්.
අද රනිල් වික‍්‍රමසිංහ බොරු කියනවා. අපි බිලයන 8ක් වියදම් කරලාලූ. එහෙම වියදම් කරන්න තියා බිලියනයක්වත් මුදල් තිබුනේ නැහැ. ජනතාවට බොරු කියලා තමන්ගේ මල්ල තර කර ගන්න හදන්න එපා කියලා අපි ආන්ඩුවට කියනවා” යැයිද පැවසිය.
මාධ්‍ය ආයතනවල පළිගැනීම් අරඹා ඇති ආණ්ඩුව මේ වන විට තෝරා ගත් ආයතනවලට පමණක් දැන්වීම් දිම අරඹා ඇතැයි ද මෙහිදි පෙන්වා දුන් විපක්ෂනායකවරයා අද ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ තමන්ට හීලෑ මාධ්‍ය කර්මාන්තයක් බවද කිය.
මේ අවස්ථාවට මහා සංඝරත්නය, දේශපාලන නායකයින් හා වෘත්තිකයින් පිරිසක්ද එක්ව සිටි අතර කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් මහතා ද මෙහිදී විපක්ෂ නායකවරයා සමග සුහද සාකච්ජාවක නිරත විය.

බැසිල්ගෙන් පෙරමුනේ ඉංජිනේරු බලකායක්

ගංවතුරෙන් හානිවූ උතුර ගොඩනගන්න බැසිල්ගෙන් පෙරමුනේ ඉංජිනේරු බලකායක්
ගංවතුරින් හානියට පත්වූ උතුරු ප‍්‍රදේශයේ ජනතාවගේ නිවාස හා පොදු දේපල ප‍්‍රතිසංස්කරණය කිරීම සදහා ශී‍්‍ර ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ අද (04) කිලිනොච්චිය බලා පිටත්විය.
ප‍්‍රතිසංස්කරණ කටයුතු සදහා අවශ්‍ය විදුලි උපකරණ, ජල නල, ආදී දේ රැුගත් වාහන 10ක් සහ ඉංජිනේරුවන් තිහක් සහ තවත් කාර්මික නිලධාරීන් තිහක්ද මේ සදහා එක්විය.
සෙනසුරාදා උදේ සිට ප‍්‍රතිසංස්කරණ කටයුතු අරඹන ශී‍්‍ර ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ දින දෙකක් උතුරේ ජනතාව වෙනුවෙන් සිය සේවය ලබා දීමට තීරණය කර තිබේ.
ශී‍්‍ර ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ උතුර බලා පිටත්වන අවස්ථාවට එක්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
උතුරු පළාතේ ජනතාව පහුගිය කාලයේ ගංවතුර ආපදාවකට මුහුණ දුන්නා. ඒ වෙලාවේ සංවිධාන රැුසක් ජනතාව වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත් වුනා. අපේ තරුණ පෙරමුණත් උතුරට ගිහින් ජනතාවට උදව් කළා. මේ වෙද්දි ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් ඉටුවෙලා අවසන්. දැන් ඔවුන්ගේ නිවාස අලූත්වැඩියා කරලා පදිංචියට සුදුසු තත්ත්වයට පත්කිරිමට අවශ්‍යයි. සමහරකේ මේ වන විටත් නැවතත් නිවෙස්වලට ගිහින් තිබුණත් තවත් සමහරෙක්ගේ නිවාස දැඩි ලෙස හානියට පත්ව තිබෙනවා. අපේ ශී‍්‍ර ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ අද ඒ ජනතාවට සහාය වෙන්න උතුරට යන්න තීරණය කරලා තියෙනවා. අපේ පක්ෂයට වගේ මෙවැන් ඉංජිනේරු බලකායක් වෙන කිසිම පක්ෂයකට නැහැ.
දේශපාලන පක්ෂයක් විදියට දේශපාලන කටයුතු වගේම මෙවැනි ප‍්‍රයෝජනවත් දේ ස`දහාත් මැදිහත් වියයුතුයි කියලා මම විශ්වාස කරනවා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ඉංජිනේරු පෙරමුණට මම සුබ පතනවා. යුද්ධයෙන් පස්සේ බෝම්බ ඉවත් කරලා නැවත පදිංචි කිරීම් කලේ අපි. අවුරුදු 10ට වැඩි කාලයක් බෝම්බ ඉවත් කරන්නත් නැවත පදිංචිකිරීම් කරන්නත් ගත වෙයි කියලා බොහෝ දෙනක් කිව්වා. ධීවර කර්මාන්තය න`ගා සිටවූවා. යාල් දේවිය නැවතත් අතුරට යැව්වා. විදුලිය දුන්නා. මාස හයෙන් බෝම්බ බිම් ගොවිබිම් කරලා ජනතාව ස්වයං පෝෂිත කළා.