පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය

පස්වන විධායක ජනාධිපති සහ විපක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ නිල වශ‍යෙන් අද දින රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

මෙම අවස්ථාවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද අමරවීර මැතිතුමා, හිටපු කථානායක ගරු චමල් රාජපක්ෂ මැතිතුමා, හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත, පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්දානන්ද අඵත්ගමගේ, අනන්ද අඵත්ගමගේ, යන මන්ත්‍රීවරුන් සහභාගි විය.

පොහොට්ටුව පළාත් සභා මැතිවරණය ලබාගන්නවා

පළාත් සභා මැතිවරණය ලබාගන්න පොහොට්ටුව සියලූ ක‍්‍රියාමාර්ග ගන්නවා- ජී. එල්. පීරිස්
පළාත් සභා මැතිවරණය ලබාගැනීම සඳහා ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ මගින් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් දේශපාලන හා නීතිමය වශයෙන් ගත හැකි සියලූ කි‍්‍රයාමාර්ග ගන්නා බව එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.

මේ වනවිට පළාත් සභා තුනක් අකර්මණ්‍ය වී වසර එකහමාරකට ආසන්න කාලයක් ගත වී ඇති අතර ලබන අපේ‍්‍රල් මාසය වෙද්දී පළාත් සභා නවයෙන් අටක ම කාලය අහෝසි වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මෙලෙස ආණ්ඩුව දිගින් දිගටම පළාත් සභා මැතිවරණය කල්දැමීමට එරෙහිව උතුරු මැද පළාත් සභාවේ හා සබරගමුව පළාත් සභාවේ හිටපු මහ ඇමැතිවරුන් වන එස්. එම්. රංජිත් හා මහීපාල හේරත් යන මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට තීරණය කර ඇති බවත්, ඒ සඳහා මේ සතියේ තම නීතිඥවරුන් සමග නඩුව ගොනු කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් පැවැසීය.

දෙමළ සංවිධානයේ උතුරේ ගිලිහී ගොස් තිබෙන ඡුන්ද පදනම සකස් කරගන්නා තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට එකඟ නොවන බව පැවැසූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ආණ්ඩුව දෙමළ සන්ධානයට යට නොවී පැරණි ක‍්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවත් කීය.

අනුර බාලසූරිය

අනාගතය කෙටුම්පත් කරන්න ඔබත් එන්න – බිබිල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණ පෙරමුණේ බිබිල බලමණ්ඩලය හා තරුණ සමුළුව අද දින (19) දින විශාල තරුණ සහභාගිත්වයකින් පැවැවිනි..

මරණ තුනක් මැද පැණි කන තත්ත්වයට වැටී සිටින එක්සත් ජාතික පක්ෂය මුහුණ පා සිටින අර්බුද හමුවේ ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබිම කිසිවකුටත් වැළක්විය නොහැකි බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය. එක්සත් ජාතික පක්ෂයේ බුර බුරා නැගෙන අභ්‍යන්තර අර්බුද අද වන විට ජාත්‍යන්තරයේ අවධානයට ද ලක්ව ඇති බව පෙන්වා දුන් වන්නිආරච්චි මහත්මිය තමන්ගේ අර්බුද විසඳා ගැනීමට නොහැකි එ. ජා. ප නායකයන්ට රටේ අර්බුද විසැඳීමට කිසිදු හැකියාවක් නැති බවත් අවධාරණය කළාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ “ගම සමඟ පිළිසඳරක්“ මැයෙන් සංවිධාන කරන ආසන බල මණ්ඩල රැස්වීම් මාලාවේ ගම්පහ දිස්ත්‍රික් පළමු රැස්වීම ලෙසින් පැවැති ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් වන්නිආරච්චි මහත්මිය මෙසේ ද ප්‍රකාශ කළාය. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මේ ස්වභාවික මරණයකට ලක් වෙමින් සිටිනවා. පසුගිය දවස්වල එක්සත් ජාතික පක්ෂය තුළ බුර බුරා නැගෙන නායකත්ව අර්බුදය ඔබ දකින්න ඇති. පසුගිය මාසයේ රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය පත් කරන විට සජිත් ප්‍රේමදාස මහතාට උදව් කළ හිතවතුන් කිසිවකුටත් නියෝජ්‍ය ඇමැති ධුරයක්වත් නොදී ඉන්න පරිස්සම් වුණා.

මැතිවරණවලට ඉදිරිපත් වෙන ෂලකුණ

මැතිවරණවලට ඉදිරිපත් වෙන ෂලකුණ සම්බන්ධයෙන් ඉදිරියේදි සුදුසු තීරණයක් ගන්නවා.
– බැසිල් රාජපක්ෂ
පළාත් පාලන ආයතන පිහිටුවා වසරක් පිරෙන එළැඹෙන පෙබරවාරි 10 වැනිදා, ”ඉදිරි මැතිවරණ ස`දහා තර`ග කරන්නේ පොහොට්ටුව ළකුණින් ”යැයි නිල වශයෙන් ප‍්‍රකාශ කරනු ඇතැයි බලාපොරොත්තු වන බව සමස්ත ලංකා පළාත්පාලන නියෝජිත සංසදයේ මන්තී‍්‍රවරු අද (18* ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට සංදේශයක් භාරදෙමින් ස`දහන් කළේය.
ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ ස`දහා ඉදිරිපත් වෙන සන්ධානය කුමක්වුවත්, මැතිවරණ සලකුණ ලෙස පොහොට්ටුව යොදාගත යුතු බවද එම සංසදයේ සභාපති උදේනි අතුකෝරල මහතා එහිදී ඉල්ලා කලේය.
මෙම යෝජනාව සමස්ත ලංකා පළාත් පාලන ආයතන සංසදයේ විධායක සභාව සම්මත කර ඇතැයිද හෙතෙම බැසිල් රාජපක්ෂ මහතාට සන්දේශය භාරදෙමින් ස`දහන් කලේය.
සන්දේශය භාරගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
මේ වෙද්දි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ විවිධ සංවිධාන ම`ගින් මේ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම දිස්ති‍්‍රක්ක සංවිධාන මගින් පවා මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා. මේ සියලූ යෝජනා අපේ පරමාදර්ශි නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අපිත් එක්ක තර`ග කරන සහෝදර පක්ෂ සම`ග සාකච්ඡුා කරලා සුදුසු තින්දුවක් ගනියි. පළාත් පාලන ආයතන ජයගත් ඔබගෙන් මේ ඉල්ලිම ඉදිරිපත්වීම ගැන සතුටුයි. අපේ නායකතුමාට හො`ද තින්දුවක් ගන්න සලස්වමු.
මගේ පෞද්ගලික තීරණයත් ඒකයි. අපි අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන පක්ෂයක විදියට අපේ සහෝදර පක්ෂ අමතක කරන්නත් බැහැ. ගියවරත් පළාත්පාලන ආයතන මැතිවරණයට අපේ සහෝදර පක්ෂ එක්කයි ඉදිරිපත්වුනේ. ඒ පක්ෂවලට සභාපතිකම් නගරාධිපතිකම් පවා දුන්නා. ඒ අයත් පොහොට්ටුවේ අගය ගැන දන්නවා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාධාරණ හොද තීන්දුවක් ගන්නවා.

https://www.facebook.com/slppmediacentre/videos/2438189112882323/

සුළු ජාතීන්ට ප‍්‍රශ්න තිබෙනවා..

සුළු ජාතීන්ට ප‍්‍රශ්න තිබෙනවා.. හැකි තාක් බලය බෙදිය යුතුයි.. සිංහල ජාතිකවාදයට මං කැමති නෑ.. එය වෙනස් කල යුතුමයි..- බැසිල්

හැකිතාක් පලය බෙදිය යුතු බවත් එය ජාතියක් වෙනුවෙන් සිදු කල යුත දෙයක් නොවන බවත් ජනතාවගේ වැඩ කටයුතු කරන්න ජනතාවට අයිතියක් දීම එයින් තමන් අදහස් කරන බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

‘අනිද්දා’ පුවත්පත සමගින් ඔහු පල කර ඇති අදහස් මෙසේය.

ඔබ ජාතිභේද නැතිව දේශපාලනය කිරීම ගැන කීවත්, පොදුජන පෙරමුණේ ඉන්න බොහෝ අය උත්සාහ කරන්නේ සිංහල ජාතිකවාදය වඩ වඩාත් ශක්තිමත් කරමින් බලයට එන්නයි.

ඒක නම් වෙනස් කරගත යුතුමයි. කවුරු මොනවා කිව්වත්. මම නම් ඒකට කැමතිම නැහැ. මම කියන්නේ නැහැ කිසිම ජාතියකට අසාධාරණයක් වෙන නීති හදන්න ඕනෑ කියලා. සමානත්වය ඇති කරන්න නීතිමය පසුබිම හදන්න ඕනෑ. මගෙනුත් අහන අය ඉන්නවා, ලංකාවේ වෙන ජනවර්ගවලට තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා. හැමෝටම සමාන අයිතීන් තියෙනවා නේද කියලා. ඒත් සුළු ජාතිකයෙකුට තියෙන ප්‍රශ්න මොනවාද කියලා ලේසියෙන් පැහැදිලි කරන්න බැහැ. තමනුත් සුළුතරය බවට පත්වුණොත් තමයි ඒ අමාරුව තේරුම් ගන්නේ. මම වෙනත් රටවල සුළුතරය විදියට ඉඳලා ඒ අත්දැකීම් ලබලා තියෙනවා. යම්කිසි කෙනෙක් දේශපාලනයෙන් බලයට එන්න ඒක යොදාගන්නවා නම් මම අනුමත කරන්නේ නැහැ.

පොදුජන පෙරමුණ නියෝජනය කරනවා යැයි ඔබ කියන නවීන අදහස්, පක්ෂයේ දේශපාලන නායකයන්ට එන්නත් කරන්නට සැලසුමක් තියෙනවාද‍?

අපි පහළ මට්ටමෙන්ම ජනතා සහභාගිත්වය ගත්තොත් හුඟ දෙනෙක් මේ සංකල්ප පිළිගනීවි. ඊට විරුද්ධ මතයක් ජනතාවටත් නැති බව පෙනෙනවා. එන්න එන්නම මධ්‍යස්ථ ඡන්ද වැඩිවෙනවා. තරුණ ඡන්ද වැඩිවෙනවා. එදාට වඩා අද මාධ්‍ය වෙනස්වෙලා. අද පත්තරයක්වත් නොකියවන තරුණයෝ ඉන්නවා. ඒත් ඔවුන්ට රටේ වෙන දේවල් ගැන ලොකු දැනුමක් තියෙනවා. බොරු කතා පතුරුවලා එයාලාගේ සහයෝගය ගන්න බැහැ. එයාලා දන්නවා හැමදේම. අපේම ඉතිහාසය ගැන අපටත් වඩා හොඳට එයාලා කියනවා. ඒ නිසා අපි ඒ අය එක්ක දේශපාලනය කරන්න සූදානම් වෙන්න ඕනෑ.

බලය බෙදීමේ අවශ්‍යතාව සුළුතර ජනවර්ගවලින් නිතර මතු කරනවා. එහෙත් පොදුජන පෙරමුණ ඒ ගැන සංවේදීද?

ඉදිරි කාලයේදී අපේ පක්ෂය ගමින් ගමට යන්න බලාපොරොත්තු වෙනවා. ගම්මාන 25,000ක විතර පිළිසඳර කියලා සාකච්ඡා මාලාවක් කරනවා. ඒ අයගේ අදහස් ගන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා. ජාත්‍යන්තර රටවලින් උදාහරණ ගන්නවා. අපේ පක්ෂයේ උපායමාර්ගික කාරණා ගැන වෙනම අංශයක් ඉන්නවා. බලය ජන සන්තක කරන්නේ කොහොමද කියලා අපි හොයනවා. බලය බෙදීම කියන්නේ ජාතියක් වෙනුවෙන් විය යුතු දෙයක් නෙවෙයි. මම නම් කියන්නේ බලය පුළුවන් තරම් බෙදන්න ඕනෑ. බලය බෙදීම කියන්නේ ජනතාවගේ වැඩ කටයුතු කරන්න ජනතාවට අයිතියක් දෙනවා කියන එක.

– අනිද්දා

විපක්ෂ නායක කාර්යාලය

අද (18) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් පස්වන විධායක ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමන් විපක්ෂ නායක කාර්යාලයේ දී වැඩ ආරම්භ කළ මොහොත.

වසර හතරක කාලයකට පසුව රටතුළ දැවෙන ගැටළු සදහා විසදුම සෙවීම⁣ වෙනුවෙන් පෙනීසිටින ජනතාවාදී විපක්ෂයක් බිහිවී ඇත. මේවනවිට රට මුහුණපාන බරපතළ ගැටළු අතුරින් මෑත කාලයතුල පහතට ඇදවැටුණු කෘෂිකාර්මික අංශටත් ආර්ථිකය කෙරෙහිත් අපගේ මූලික අවධානය යොමු වනු ඇත. තවද ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳවද අප අවධානය යොමුකරන්නෙමු. අප විසින් ආණ්ඩුවේ ක්‍රියාකලාපය ඉතා සමීපව අධීක්ෂණය කරමින් එහි වැඩකටයුතු වඩා නිර්වද්‍ය ලෙස විවේචනයට කිරීමටත් කටයුතු කරන්නෙමු. අවසානයේදී රටට නිත්‍යානුකූල විපක්ෂයක් ලැබී ඇති අතර එය සැබෑ විපක්ෂයේ භූමිකාවට අනුගතව කටයුතු කරනු ඇත.

 

ஐந்தாவது நிறைவேற்று அதிகாரம் கொண்ட ஜனாதிபதி மற்றும் எதிர்க்கட்சித் தலைவர் மஹிந்த ராஜபக்ஷ அவர்கள் இன்று காலை கொழும்பில் உள்ள எதிர்க்கட்சி தலைவர் காரியாலயத்தில் தமது பணிகளை ஆரம்பித்தார்.

கடந்த நான்கு வருட காலப்பகுதிக்கு பின்னர் இலங்கையின் அனைத்து துயரங்களையும் பிரதிநிதித்துவப்படுத்தும் எதிர்கட்சியை பெற்றுக்கொண்டுள்ளது.

நாட்டின் தற்போதைய மிக முக்கியமான பிரச்சனைகளாக காணப்படும் விவசாயத்துறை மற்றும் சரிவடைந்து செல்லும் பொருளாதாரத்தில் கவனம் செலுத்தியுள்ளோம் அத்துடன் புதிய அரசியல் யாப்பு தொடர்பாகவும் விழிப்புடன் உள்ளோம்..

அரசாங்கத்தின் செயல்பாடுகளை விழிப்புடன் கண்காணிப்பதுடன் அதன் செயற்பாடுகளை ஆக்கப்பூர்வமான முறையில் விமர்சிப்போம். இறுதியாக, எதிர்கட்சி என்ற வகையில் முறையாக செயல்படவுள்ளவரை இந்த நாடு பெற்றுள்ளது

පොහොට්ටුව ක‍්‍රියාත්මකයි..

පොහොට්ටුව ක‍්‍රියාත්මකයි.. විශේෂ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් අරඹයි..
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සාධාරණ මැතිවරණයක් සදහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නමින් විශේෂ ඒකකයක් පසුගිය දා විවෘත කෙරිණ. බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ස්ථාපිත කර ඇති මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය 43-1/1, බෝධිරාජ මාවත, ජයන්තිපුර, බත්තරමුල්ල යන ලිපිනයෙහි පිහිටා ඇත.

දේශපාලන පක්ෂයක් විසින් මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සාමාන්‍යයෙන් සිදු වන්නේ නිශ්චිත මැතිවරණ කාලසීමාවකට අදාළව පමණි. නමුත් මේ මොහොතේ රට හමුවේ පවතින විශේෂ දේශපාලනික තත්වයන් කිහිපයක් සැලකිල්ලට ගනිමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සාධාරණ මැතිවරණයක් සදහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවීමට කටයුතු කර ඇත.

මැතිවරණ කල්දැමීමට එරෙහිව ක‍්‍රියාකරමින් ජනතාවගේ ඡුන්ද අයිතිය වෙනුවෙන් සක‍්‍රීය ලෙස මැදිහත් වීමද මෙම මෙහෙයුම් මධ්‍යස්ථානයේ කාර්යභාරයකි. ඒ අනුව කල්දමා ඇති පළාත් සභා මැතිවරණය දිනා ගැනීම සදහා වඩාත් විධිමත් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමටද නියමිතයි. ඊට සමගාමීව කල්දමා ඇති මැතිවරණ කඩිනමින් පැවැත්වීම සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ගන්නා සියලූ ක‍්‍රියාමාර්ග හමුවේ සහාය සංවිධානයක් ලෙස කටයුතු කිරීමටද සාධාරණ මැතිවරණයක් සදහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අපේක්ෂා කරයි.

එමෙන්ම වර්තමාන රජය යටතේ සිදු කරන බරපතල දේශපාලන පලිගැනීම් කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින් වින්දිතයන් සදහා යුක්තිය ඉටු කිරීමට මැදිහත් වීමද මෙම ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ තවත් වැදගත් කාර්යභාරයකි. රාජ්‍ය ආයතන තුළ සේවකයන් සේවයෙන් පහකිරීමේ සිට අසාධාරණ ලෙස ස්ථාන මාරුවීම් ලබාදීම දක්වා දරුණු දේශපාලන පලිගැනීම් මේ වන විට විශාල වශයෙන් සිදු වෙමින් පැවතීම මීට හේතුවයි.

2019 වසර මැතිවරණ වර්ෂයක් වන බැවින් වත්මන් ආණ්ඩුව සමාජ ව්‍යූහය තුළ ප‍්‍රතිවාදීන් මර්ධනය කරමින් තම පාර්ශවයට වාසිසහගත වන ආකාරයෙන් විවිධ අකටයුතුකම්වල නිරතව සිටී. මෙම තත්වයන් නිදහස් සහ සාධාරණ මැතිවරණ සදහා සෘජු ලෙස අභියෝගයක් වන බැවින් එවැනි සිදුවීම් අඛණ්ඩව නිරීක්ෂණය කරමින් ඒ සදහා ගත යුතු නෛතික ක‍්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමටද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාධාරණ මැතිවරණයක් ස`දහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සූදානමින් සිටී.

සර්වජන ඡුන්දබල අයිතිය සහ රාජ්‍යයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත කරමින් ඉතා දියුණු මැතිවරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් රට තුළ ස්ථාපිත කිරීම සාධාරණ මැතිවරණයක් සදහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අවසන් අපේක්ෂිවයි.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

විපක්‍ෂ නායකතුමාගේ තෛපොංගල් පණිවුඩය

අද දින තෛපොංගල් සමරන දමිළ ජනතාවට මම සාමය, සතුට පිරි සෞභාග්‍යමත් අනාගතයකට සුබ පැතුම් එක් කරන්නේ ඉමහත් ප්‍රීතියෙනි. කෘෂිකාර්මික ජීවිතය හා බැඳුණු ජනයාගේ අස්වනු නෙලන අවස්ථාව සමරනු ලබන මෙම මහෝත්සවය, ගොවියන්ට පමණක් නොව අප සියලු දෙනාටම සුහදත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය උදා කර ගත හැකි වැදගත් අවස්ථාවක් වන බව මගේ විශ්වාසයයි. මෙම උත්සවයෙන් ලබාදෙන පණිවුඩය ලෝ වාසී සියලු දෙනාටම ඉතාම වැදගත්ය.

ජාති, ආගම් භේද පසෙකලා, තෛපොංගල් උත්සවය අපි අපේ ඥාතී-හිත මිත්‍රාදීන් සමඟ, සාමයෙන් සහ ස්නේහයෙන් යුතුව සමරමු.

හින්දු දින දර්ශනයෙහි වර්ෂයේ මුල් මාසය තෛ යනුවෙන් හැඳින්වෙන අතර, අපගේ මුතුන් මිත්තන්ට අනුව, තෛයි මාසයේ උදාව නව ගමනක ආරම්භය සටහන් කරයි.

මෙම උත්සවය තුළින් දමිළ ජනතාව, එළෙඹෙන වසර දුක් කම්කටොලු වලින් මිදුනු යහපත් සෞඛ්‍ය සහ සමෘද්ධිය උදා කරන මෙන් ආශිර්වාද පතා හිරු දෙවියන්ට බුහුමන් දැක්වීම සිදු කරති. මෙම තෛපොංගල් දිනයේදී, පසුගිය වසරේ අප, විශේෂයෙන් උතුරු – නැගෙනහිර ජනතාව, මුහුණපෑ ස්වාභාවික ව්‍යසනයන්ගේ බලපෑම්වලින් ප්‍රකෘති ස්වභාවයට ජන ජීවිතය පත් කිරීමට එකට එකතු වී කටයුතු කරමු.

මගේ දීර්ඝ දේශපාලන ගමනේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස, ඇමතිවරයෙක් ලෙස, අගමැතිවරයෙක් ලෙස, ජනාධිපතිවරයෙක් ලෙස මෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස, මා සැම විටම රටේ ප්‍රගතිය වෙනුවෙන් ජාති, ආගම් භේද වලින් තොරව කටයුතු කර ඇත්තෙමු.

තවද, රටේ විපක්‍ෂ නායක ලෙස, රට තුළ එක්සත් සහ සාමකාමී ජීවිතයක් අප සියලු දෙනාටම ගත කිරීමට ඉවහල් වන, අප සියලු දෙනාටම එකඝ විය හැකි දේශපාලන විසඳුමක් ලැබෙනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක – 2019 ජනවාරි 15

__________ _______ 2019

Tamill 2019