ආණ්ඩුවේ කැබිනට් ඒකේ ඉන්නේ වසලයෝ..

අද (18) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා
සුබ අලුත් අවුරුද්දක් ‌වේවා කියලා පළමුවෙන්ම සුබ පතනවා. ‌‌‌මෛත්‍රී රනිල් ආන්ඩුවේ අවසාන සිංහල අවුරුද්ද කරන්න ජනතාව සූදානම්. ජනතාව මත විශාල බදුබර පිඩනයක්ව ‌යොදවපු ‌මේ ආණ්ඩුව ජාතික මැතිවරණයේදී ‌පොදු ජන ‌පෙරමුණ මුලික කරගනිමින් ජයගන්න අපි සූදානම්. මැයි 01 වැනිදා කම්කරු දිනය සැමරීමේදී ‌පොදුජන ‌පෙරමුනේ මූලිකත්වයෙන් අප්‍රියෙලි මස 26 වැනිදා ත්‍රිකුණාමලයේ ඉදන් රථ ‌පෙලපාලියකින් ‌කොළඹට එන්න ‌පොදුජන තරුණ ‌පෙරමුණ සූදානම්. ආණ්ඩුවට විරෝධතාවය දක්වන ජනතාව ‌පෙරටු කරගෙන 26 වැනිදා ත්‍රිකුණාමලයේ ඉදන් අනුරාධපුරයටත්, 27 වැනිදා අනුරාධපුරයේ ඉදන් දඹුල්ල නගරයටත්, 27 වැනිදා දඹුල්ල නගරයේ ඉදන් කුරුණෑගල නගරයටත්, 28 වැනිදා කුරුණැගල සිට දිවුලපිටියටත් , 29 වැනිදා දිවුලපිටියේ සිට ඔරුගොඩවත්ත දක්වාත්, අවසාන දවසේ , ඒ් කියන්නේ මැයි පළවෙනිදා ‌රටපුරා සිට ඒකරාශි ‌වෙන ජනතාව සමග කැම්බල් පිටියට පැමිණ ආන්ඩුවට දැවැන්ත විරෝධතාවයක් දක්වන්න අපි සුදානම්. ආන්ඩුව ආරම්භ ‌වෙන්නේ විපක්ෂයේ ‌දේශපාලන කණ්ඩායම්ක හා නායකයින් දඩයම් කරමින්. ඒ්ධී සදහා පාර්ලිමේන්තුව භාවිතා කරමින් ‌කොමිෂන් සභා පිහිටුවීමේ අරමුණ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නායකයින් නැවත ‌තරග කිරීම වළක්වන්න නීති සම්පාදනය කළා. පළාත් පාලන ආයතන මැතිවරණය වසර ‌දෙකහමාරක් කල් දැම්මා. ස්වාදීනයි කියන ‌මැතිවරණ කොමිෂමට ‌හෝ ජනාධිපතිට අගමැතිට ‌පාර්ලිමේන්තුවට ‌හෝ කිසිවෙක්ට පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය කියන්න බැරි තරමට රට අර්බුදයට පත්වෙලා. මහින්ද රාජපක්ෂ මහතාට ඒල්ල වුනු ‌චෝදනා ‌මේ ‌වෙද්දි ඉතා ‌වේගයෙන් ‌ගෝඨාභය රාපක්ෂ මහතාගේ දිසාවට හැරෙමින් තිබෙනවා. ‌මේ කාරණාව ආරම්භ ‌වෙන්නේ 2015 ජනවාරි මාසයේ 15 වැනිදා.ආණ්ඩුව පත්වුනු හැටියේම ජනමාධ්‍ය විෂය භාර ඇමැති විදියට මංගල රාජපක්ෂ මහතා රාජ්‍ය මාධය භාවිතා කරලා පළමුවෙන්ම ‌චෝදනා කලේ ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට. රාජ්‍ය මාධ්‍ය ප්‍රවෘත්තියක්දා වුනේ හමුදා කුමන්ත්‍රණයකින් රට අල්ලන්න ‌ගෝඨාභය රාජපක්ෂ මහතා සුදානම්න ‌වෙනවා කියන ඒකයි. ‌මෙහිදි හිටපු හමුදාපතිවරයාටත්, හිටපු අගවිනිසුරුවරයාට හා හිටපු ආරක්ෂක ‌ලේකම්වරයාටයි ‌මේ ‌චෝදනාව ඒල්ල වුනේ. ඒ් විතරක් ‌නෙවෙයි. යුද හමුදා මුලස්ථානය ඉදිකරන්න ලැබුණු මුදල් පුද්ගලික ගිණුමක බැරකරගෙන මුදල් වංචාවක් කරන්න සුදානම් ‌වෙනවා කියලත් ‌‌චෝදනා ඒල්ල වුනා. මහා පරිමාණ වංචා පිළීබද ‌චෝදනා කරලා මුල්‍ය වංචා විමර්ශන ආයතනය නිර්මාණය කරලා ඒහි පළවෙනි නඩුව විදියට ඇවන්ගාඩ් සිද්ධිය විභාග කරනවා. ඒ් විතරක් ‌නෙවෙයි පහුගිය වසරේ එය වි‌‌ශේෂ මහාධිකරණය පිහිටුවලා ඩී. ඒ්. රාජපක්ෂ ‌කවුතුකාගාරය ‌වෙනුවෙන් කරපු කටයුතුවලදි මුදල් පිළීබද අකටයුතුකම් වුනා කියලා නඩු පවරනවා. ඒක්නැලිගොඩ, තාජුඩින් ගාතන සම්බන්ධයෙන් ‌ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බව කියමින් අනුර ‌සේනානයක හිටපු නියෝජ්‍ය ‌පොලිස්පතිවරයා ,හමුදා බුදධි අංශ නිලධාරින් අත්අඩංගුවට අරන් වසර ‌දෙකක් විතර රදවා ‌ගෙන හිටියා. ඒ් නිලධාරීන්ගේ ඥාතීන් ඒළියට ඇවිත් කිව්වා හිටපු ආරක්ෂක ‌ලේකම්තුමාගේ නම කිව්වොත් නිදහස් කරනවා කියලත් ‌මේ බුද්ධි අංශ නිලධාරීන්ට බලපැම් කරන බව.‌මෙවැනි අසත්‍ය ‌චෝදනා කරපු අය ‌මෙරට අධීකරණයෙන් කරන්න බැරි වුනු නිසා විදේශීය අධිකරණයකින් හරි දඩුවමක් ‌දෙන්න රාජ්‍ය ‌නොවන සංවිධාන හරහා ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒරෙහිව නඩු පවරනවා. ‌මේ පිටුපස ඉන්නේ මංගල සමරවිර ඇමැතිවරයා කියලා අපි විශ්වාස කරනවා.
ඒතුමා ඇතුළු කණෟඩායමක් අද ජාත්‍යන්තර අධීකරණවල ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒරෙහිව නඩු පවරමින් සිටිනවා. 2007 ත්‍රස්ත විමර්ශන ඒ්කකයෙන් අත් අඩංගුවට ගත්ත, වර්තමානයේ කැනේඩියානු පුරවැසිභාවය හිමි, ‌රෝයි මනෝජ් කුමාර් කියන පුද්ගලයෙක් තමයි ඒක සිවිල් නඩුවක් ‌ගොනු කරලා තියෙන්නේ. ‌මොහු ‌මේ නඩුව ‌ගොනු කරන්න ‌පෙර රජයේ ඉහළ ‌පෙලේ නායකයින් කිහිප ‌දෙනෙක් සමග සම්බන්ධකම් පවත්වා තිබෙන බවට අපිට ‌මේ ‌වෙද්දි ‌තොරතුරු ලැබිලා තියෙනවා. සම්බන්ධකම් පැවැත්වුවා පමණක් ‌නොවේ. 2007 දි ‌ලෝකයේ තහනම් සංවිධානයක් වුනු ඒල්. ටි. ටී. ඊයට අනුබල ‌දෙමින් ඔවුන්ගේ රූපවාහිනි ‌සේවයට අවශ්‍ය ‌රේඩාර් දුරකතන ජංගම දුරකනන, සැටලයිට් ආදිය සැපයූ බව කියමින්, ඒ් උපකරණත් සමගයි අත් අඩංගුවට ගන්නේ. ඔහු ඒ් සියලු ‌ෙචෝදනාවලට වැරදිකරු බව පිළීගැනීමෙන් පසුව දඩයක්ද නියම කිරීමෙන් පසුවයි ‌2010 දී මොහුව පිටුවහල් කරන්නේ. පහුගිය කාලයේ දිගින් දිගටම හිටපු ආරක්ෂක ‌ලේකම්වරයාට එරෙහිව විරුද්ධව ‌‌චෝදනා ඒල්ල කරපු ප්‍රබලයෙක් වුනු සරත් ‌පොන්සේකා සමග ‌මේ ‌රෝයි කියන පුද්ගලයා සිටින ඡායාරූප අපිට ලැබිලා තියෙනවා. රජයේ ඉහළ නායකයින් සමග කටයුතු කරමින් ‌මේ විදියට නඩු පවරද්දි ‌මේ පිටුපස රජය සිටින බව පැහැදිලියි. වගේම ‌අපේ රටේ යුද අපරාධ වුනා කියමින් ‌වෙනම රාජ්‍යයක් ‌වෙනුවෙන් ‌පෙනි සිටින හිටපු උතුරේ හිටපු මහ ඇමැතිවරයා ඒක්ක ඉන්න ජායාරූපත් තියෙනවා. ‌මේ රටේ අධිකරණයෙන් දඩුවම් වින්ද, මේ රටේ පුරවැසිභාවය නැති පුද්ගලයෙක් තමයි ‌මේ විදියට නඩු පවරන්නේ. 2007 වසරේ අත් අඩංගුවට අරගෙන වද හිංසා පැමිනුවා කියලයි ‌මොහු නඩු පවරන්නේ. නමුති ‌මෝහු සියලු වැරදිවලට වැරදිකරු බව පිළිගෙන තිබෙනවා.
නඩු අංක ඒච්. සී. 5017 අංකයෙන් ‌ෙකොළඹ මහා අධීකරණයේ නඩු පවරලා, සියලු වැරදි පිළිගැනිම නිසා ‌මෙරටින් පිටුවහල් කලේ. වසර වයකට පස්සේ ජනාධිපතිවරණයට මාස කිහිපයක් තියෙන අවස්ථාවක, මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජනතාවගේ සහාය ඇත්නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් ‌වෙනවා කියමින් තමන්ගේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට ඉදිරිපත් වී සිටින අවස්ථාවක ‌මෙි විදියට නඩු පවරන ඒකෙන් පැහැදිලි වන්නේ ආන්ඩුවේ හස්තයක් ක්‍රියාත්මක ‌වෙනවා කියන ඒකයි.
ආගමන විගමන කටයුතු අමාත්‍යංශය ඉදිරියේදි සරත් ‌පොන්සේකාට ලබාදෙන බවත් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ‌මේ ‌පෙල ගැසුමේන් ‌පේන්නේ 2015 ජනවාරි 8 වැනිදා සිටම ඔවුන්ගේ අභියෝග හදුනා ‌ගෙන තිබිමයි. ඔවුන් පළමුව මහින්ද රාජපක්ෂ මහතාට නැවත තරග කරන්න බැරි ‌වෙන්න නිති පැනෙව්වා. ඉන් පස්සේ ‌ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ කියන පුද්ගලයින් ඉලක්ක කරගෙන 19 වැනි සං‌‌ශෝධනය යටතේ නීති හැදුවා. නාමල් රාජපක්ෂ ඉලක්ක කරගෙන ජනාධිපතිවරණයට තරග කිරීමේ වයස්සීමාව ‌වෙනස් කළා. අපි අපේ අපෙක්ෂකයා නම් කර නැති තත්ත්වයකත් ආණ්ඩුව ඔවුන්ට ප්‍රබලම අභීයෝගයක් ‌දෙන පුද්ගලයා විදියට ‌ගෝඨාභය රාජපක්ෂ මහතා හදුනා ‌ගෙන ඔහුට ඒරෙහිව ක්‍රියාත්මක ‌වෙමින් තිබෙනව. ආන්ඩුව යටතෙයි දැන් හැම ‌දෙයක්ම ක්‍රියාත්මක ‌වෙන්නේ. නිතිය ක්‍රියාත්මක කරමින් අනිසි විදියට රටේ අනාගතය භාරගන්න ඉන්න පුද්ගලයින්ට මඩ ගහන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.
දුමින්ද දිසානායක මහතා අලුතෙන් හැදෙමින් තිබෙන සංධානය ගැන අදහස් දක්වලා තිබුණා. ආන්ඩුවට ඒරෙහිව නැගී සිටින බලවේගයක් විදියට ආන්ඩුව ‌පෙරලන්න සූදානම් අයත් ඒක්ක සාකච්ඡා කරන්න සූදානම් බව මහින්ද රාජපක්ෂ මහතා වගේම බැසිල් රාජපක්ෂ මහතාත් ප්‍රකාශ කරලා තිබුණා. දුමින්ද දිසානයක මහතා කියලා තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‌පොහොට්ටුවේ වලිගයක් කරන්න සූදානම් නැහැ කියලා. ඒහෙිම කිව්වට වසර 4ක් තිස්සේ ශ්‍රීලනීපය එජාපයේ අතකොලුවක් කරලා තියෙන්නේ. ශ්‍රීලනිප ප්‍රතිපත්ති යට කරලා එජාපයේ අතකොලුුුුවක් කලේ ඒවකට ජාතික ආන්ඩුව ‌වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරලා ශ්‍රීලනීප අපේක්ෂකයා පරාජය කරන්න ඒළියට බැහැපු දුමින්ද දිසානයකලායි. පිරිසක්ත මැවරණයක් ප්‍රකාශ කළ හැටියේම ශ්‍රීලනිපය අත්හැරලා රනිල් වික්‍රමසිංහ නායකත්වයට එකතු ‌වෙන්න සූදානම් ‌වෙනවා. ඒජාපයේ අතකොලුවක් බවට ශ්‍රීලංනා නිදහස් පක්ෂ්යය පත්කරපු අයගෙන් මිදිලා ආණුඩුව පලවා හරින්න ඒකතු ‌වෙන්න කියලා අපි අනෙක් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා
නව වසර ජනතාවට සුබ ‌වෙන්නේ ‌කොහොමද කියලා ගැටලුවක් තියෙනවා. රටේ ආර්ථික සංවර්ධන ‌වේගය වැඩි ‌වෙමින් දකුණූ ආසියාවේ ‌වේගයෙන්ම සංවර්ධනය ‌වෙන රට බවට පත්වෙමින් රැකියා ප්‍රශ්නය විසදමින් තියෙද්දි ජනතාවට බිල්ලෝ මවලා ජනතාවට යහපාලනය ලබා ‌දෙනවා කියලා ‌මේ ආන්ඩුව පත්වුනත් ඒදා ඉදලා බඩු මිල වැඩි වුනා. රැකියා ප්‍රශ්නය ආවා. අද ජනතාවට ‌තියෙන ප්‍රශ්න ‌වෙලා තියෙන්නේ විදුලිය යන්න කලින් ඇදුම මැද ගැනිම, වතුර කපන්න කලින් වතුර පුරවා ගැනීම වගේ ‌දේවලුයි. විදුලි අර්බුදය සංවිධානාත්මකව ආන්ඩුව හදපු ඒකක්. රුපියල් 10.50ට විදුලි ඒ්කකයක් ‌දෙන්න සමාගමක් සුදානම් වුනත් ‌කොමිස් නැති නිසා හරවලා යැව්වා. ලංකාවේ ලංකා ට්‍රාන්ස් ‌‌පෝමස්ස් සමාගම රුපියල් 14 ට විදුලි ඒ්කකයක් ‌දෙන්න සූදානම් වුනත් ‌කොමිස් නැති නිසා ඒ්වා හරවලා යැව්වා.
ඒදා කැඩිලා තිබුණ වරායේ තියෙන විදුලිබලාගාරය හදලා දැන් ඒ්කෙන් ‌මෙගා ‌වොට් 60ක් විදුලිය ලැබෙනවා. ඒ්ෂීයන් පවර් ඒකෙන් ‌මෙගා ‌වොට් 60ක් ලැබෙනවා. මාතර මාදුගලින් ‌මෙගාවොට් 20ක් එකතු ‌වෙනවා. ඒ් වගේම හදිසි විදුලිය මෙගා වොට් 100ක් මිලදි ගත්තා. ‌දැන් විදුලි අර්බුදය අවසන් ‌වෙලා තියෙන්නේ.
විදුලි අර්බුදය විසදිලා තියෙද්දිත් ‌මේ අය සංවිධානාත්මකව විදුලි අර්බුදයක් ‌පෙන්වලා රුපියල් 34ට විදුලි ඒ්කකයක් මිලදි ගන්න සුදනාම් ‌. ‌මේ ‌වෙද්දිත් කල්ලතෝනි විදුලිය ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් සිද්ධ ‌වෙනවා. තුර්කි සමාගමකින් ‌මෙගාවොට් 400ක් ගන්න සූදානම් වුනත් ‌මේ ගිවිසුම ජනතාවට ‌හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ. ‌මේ සම්බන්ධ සාකච්ඡා වලට විදුලි බල මණ්ඩලයේ කිසිවෙක් සම්බන්ධ කරගෙන නැහැ. ‌මේ විදුලිය සදහා ‌ගෙවන්න ‌වෙන්නේ ‌ඩොලර්වලින්. රැපියල් ‌කෝටි 17500ක් ‌ඩොලර්වලින් ‌ගෙවන්න ‌වෙනවා. ඒදා තිබුනු ඩිසල් මාපියාව නතර කලේ අපේ රජයයි. දැන් නැවතත් ඩිසල් මාපියාවක් හදලා ලංකාවේ ‌ඩොලර්ස් ටික පිටරට යවන කුමන්ත්‍රණයක් සිද්ධ ‌වෙනවා. තව ටික දිනකින් විදුලි බිල වැඩි ‌වෙනවා. ‌කොමිස් මුදල්වලට යටවෙලයි ‌මේ විදියට විදුලිය ගන්න සුදානම් ‌වෙන්නේ.
හම්බන්තොට වරයා, මත්තල ගුවන්තොටුපල සුදු අලියෙක් කියවලා ‌පෙන්වන්න හැදුවා. රටක් සංවර්ධනය ‌වෙන ‌කොට අලුතෙන් මාර්ග ගුවන්තොටුපලවල් වරායන් හැදෙනවා. ගිය වසරේ කටුනායක ගුවන්තොටුපල වහපුවාම ගුවන් ‌යානා යැව්වේ මත්තලට. මත්තල ‌නොතිබුනා නම් විශාල මුදලක් අහිමි ‌වෙන්න තිබුනා. ඒ් යානා ඉන්දියාවට ගිහින් නැවත එන්නේ. හදිසි අවස්ථාවල ‌වෙනදා ගුවන් යානා ගියේ ඉන්දියාවට. දැන් අයහපත් කාලගුණ තත්ත්වයන්වලදි යන්නේ මත්තලට. ‌මහින්ද රාජපක්ෂ මහතාගේ ව්‍යාපෘතිවල ප්‍රතිඵල අද අපිට දකින්න ලැබෙනවා. ආන්ඩුවේ කැබිනට් ඇමැතිවරු ‌වෙලාවකට කියනවා කැබිනට් ඒකේ ඉන්නේ කුඩු කාරයෝ පෝරිසාදයෝ වසලයෝ, පගා කාරයෝ ,කොමිස් කාරයෛා, මන්දබුද්ධිකයෝ කියලා.ඒජාපයේ අයමයි කියන්නේ. ඒ් වගේ අය කැබිනෙට්ටුවේ හිදීමේ ප්‍රතිඵල තමයි අද අපි දකින්නේ. එදා මහ බැංකුව කැඩුවා කියලා අපි කියද්දි ‌මේ අය කිව්වේ ඒහෙම දෙයක් වුනේ නැහැ කියලා. අද ඒ් අයම කියනවා මහ බැංකුව කැඩුවා කියලා. ‌මේ ආන්ඩුව බලයට ඇවිත් ‌දෙයක් කලා නම් ‌හොරකම වංචාව දූෂණය විතරයි.

ශ‍්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!

ශ‍්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!
ශී‍්‍ර ලාංකීය සංස්කෘතිය හා බැදී පවතින සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අතීතයේ සිට උත්සවාකාරයෙන් සැමරීමට අපි පුරුදුව සිටිමු.
නමුත් වර්තමාන පාලනයේ අදක්‍ෂ අකාර්‍යක්ෂම කළමණාකරණය හේතුවෙන් රටතුළ සිදුව ඇති ආර්ථික කඩා වැටීම හමුවේ වෙනදා දකින අවුරුදු උත්සවශී‍්‍රය, මෙවර දක්නට නැත. රුපියලේ අගය ඉහළ යාම, ආයෝජකයින් රට හැරයාම ආදී හේතු නිසා මේ වන විට විශාල පිරිසකගේ රැුකියා අහිමිවී ඇති අතර තවත් පිරිසක් රැුකියා අහිමි වීමේ අවධානමට මුහුණ දී සිටියි. එමෙන්ම වත්මන් රජය බලයට පත්වීමත් සමග ආර්ථිකයේ හදවත බදු මහ බැංකුව මංකොල්ල කෑමේ විපාකද මේ වන විට ජනතාවට ගෙවන්නට සිදුව තිබේ. ආණ්ඩුව දිනෙන් දින ජනතාව මත බදු පිට බදු පනවමින් ආණ්ඩුවේ වියහියදම් සොයා ගැනීම කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇති අතර ජනතා ප‍්‍රශ්න කෙරෙහි හෝ ජනතාව මුහුණ දී සිටින අපහසුතා කෙරෙහි අවධානය යොමු කිරීමක් වත්මන් ආණ්ඩුවෙන් කිසිසේත් අපේක්ෂා කල නොහැකිය.
ගොවි ජනතාවට නෙලාගත් අස්වැන්නට නිසි මිලක් නොලැබෙයි. සුලූ අපනයන භෝග ඇතු`ථ සමස්ත කෘෂි කර්මාන්තයටම අත්ව ඇත්තේ එකී ඉරණමය. ව්‍යාපාර බි`ද වැටිම මෙන්ම සංවර්ධන කටයුතු ද ඇන හිට තිබේ. මේ දුෂ්ඨ පාලනයට බැට දෙන ස්වභාව ධර්මයද, ජනතාව තව තවත් පෙළමින් සිටියි. මහජනතාව සිටින්නේ එදා වේල පිරිමසා ගන්නේ කෙසේදැයි සිතමිනි. මේ නිසා මෙවර සිංහල අලූත් අවුරුද්ද චාරිත‍්‍රවලට පමණක් සීමා කරන්නට සිදුව තිබේ.
එහෙයින් මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්දේ එකම නැකතකින් වැඩ අරඹා පොදුජන ශක්තිය එක මිටට ගෙන ජනතා දෙ‍්‍රා්හි පාලනය අතුගා දමන්නටත්, මේකී තත්ත්වය වෙනස් කර සශී‍්‍රක සමෘද්ධිමත් රටක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව ජනතාව අත මුදල් රැුදෙන, සැබෑ සංවර්ධනයක් කරා රට මෙහෙයවන්නටත්, අපි එකා වන්ව එක්සිත්ව, පෙළ ගැසෙමු. එළඹෙන අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් කර ගැනීමට අපට ඇති එකම මාර්ගය එය බවට අසල් වාසී නෑ හිතමිත‍්‍රාදී සිලු දෙනා දැනුම්වත් කරමු.

ඔබ සැමට සුභ නව වසරක් වේවා.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

සුභ නව වසරක් වේවා.

We have recommended one name for presidential poll: Basil

We have recommended one name for presidential poll: Basil
10 April 2019 12:19 am – 1 – 7175

After electoral victory, we intend to direct six questions at a referendum
We wish to see Mahinda Rajapaksa becoming country’s leade

Former Economic Development Minister and founder of the Sri Lanka Podujana Peramuna (SLPP), Basil Rajapaksa said in an interview with Daily Mirror that he would not differentiate voters based on their ethnic identity. He expressed thoughts on the presidential election and bilateral talks with the Sri Lanka Freedom Party (SLFP) ahead of preparations for the presidential poll as the main strategist of the SLPP-led political force.

No reason whatsoever for SLFP to reject an alliance with us
I won’t differentiate voters based on their ethnic identity
People are concerned over whether presidential polls will be delayed
Excerpts:

Q Certain names have surfaced as potential candidates for presidential polls. What are the latest developments in your party as far as the elections are concerned?

People are concerned over and gripped by uncertainty as it looms around the possibility of conducting long-overdue provincial council elections. In fact, the government postponed elections to local authorities for more than two and a half years. The elections have not been conducted to six provincial councils which stand dissolved at the moment. There is no sign of plans to conduct polls. In the meantime, the court ruled out the possibility to conduct a parliamentary election for four and a half years.

Against this backdrop, people believe that only presidential polls – scheduled to be held in December – would be conducted as constitutionally stipulated. It is feared whether the government would postpone this too; which would be by enacting the 20th Amendment proposed by the JVP. People are anxious over the lack of clarity. Earlier, there had been no instances where elections were postponed for an indefinite period of time. There was only one occasion in which elections were postponed through a referendum.

We are yet to get confirmation on whether the presidential election would be conducted on time. This is our target. We brace for our victory.

In one aspect, we consolidate the organisational structure of our party alongside like-minded parties. We also work for broadbasing our political camp. It is none other than a member of our party who will be fielded as the presidential candidate. We will accommodate onboard as many political parties and forces as possible. An organisational structure is fundamental for electoral victory. We require a structure that operates with discipline and restraint until the very moment election results are announced. In the absence of it, we cannot win in spite of public support. Thirdly, we need to have a proper vision and mission to fulfil people’s aspirations rather than working according to diktats of the World Bank or the International Monetary Fund

(IMF) when in power.

Q You spoke about ‘uncertainty’ over conducting presidential polls on time. Do you see any purported attempt to postpone elections?

Going by what appears in the media virtually on a daily basis, people are doubtful whether elections will be conducted. They fear whether polls will be delayed by incorporating the 20th Amendment. The actions of the government leave scope for such doubts. People are concerned over whether presidential polls will be delayed in the same tactful way the government put off local government and provincial council elections. It is not only the ordinary people but politicians like us too who feel the same.

Q Do you believe the Govt. will truly attempt to enact 20A during this period of time seeking to abolish executive presidency?

We face such a risk. The JVP might have moved the 20th Amendment with good intentions, but we do not know whether it will be used as a ruse to delay presidential polls by some others with vested interests.

Q The basic idea of 20A is to abolish executive presidency. What is your party’s stance on this?

We will not spell out a definite position at this hour. Once we win the presidential elections, we intend to direct six questions to people at a referendum. That is regarding the nature of the Constitution needed for our country. People are given the chance to decide on a suitable model. We will devise a new Constitution depending on public responses to these queries. We remain with an open mind in this regard.

Q Former Defence Secretary Gotabaya Rajapaksa is widely-mentioned as the next candidate. Do you confirm it?

Our party, along with an overwhelming majority of people, wish to see former President Mahinda Rajapaksa becoming the country’s leader. The SLPP will like to see him elected as the President or the Head of State. However, the present government has placed a legal barrier for him to contest again. So we have assigned him to nominate a candidate on his behalf. If he handpicks someone from the Rajapaksa family, we have recommended one name. We need to get the support of like-minded parties for him.

We need to have a proper vision and mission to fulfil people’s aspirations rather than working according to diktats of the World Bank or the International Monetary Fund

Q Former Defence Secretary Gotabaya Rajapaksa is mentioned widely as the next candidate. Do you confirm it?

A Our party, along with an overwhelming majority of people, wish to see former President Mahinda Rajapaksa becoming the country’s leader

Q Is your party ready to accept President Sirisena as your candidate?

A I do not wish to comment on it at this moment and jeopardise talks

Q We noticed different opinions between your party and some others in the opposition. How will it affect the unity?

When Mahinda Rajapaksa was nominated as the presidential candidate in 2005, he was able to muster the support of some parties which were considered irreconcilable under normal circumstances. We tied up with the JVP and JHU. We were able to cobble together an alliance of divergent parties. That is why we managed to win the election at least by a narrow margin. History was rewritten after that victory in 2005.
Casting aside all differences, we have to get together. Last time, we saw how parties with contrasting outlooks such as the Tamil National Alliance (TNA), Jathika Hela Urumaya (JHU) and the JVP arraigned against us.

Q Does that mean parties with contrasting policies will join hands with you at presidential polls?

Definitely! We are unofficially holding talks with a number of such parties which cannot otherwise be expected to join hands with us.

Q What is your position on talks between your party and SLFP?

We have to be very careful in presenting our views in this regard. I am not ready to harbour too much of hope. Likewise, I am not ready to lose hopes too. It is easy to forge a political alliance in view of a presidential election. There is one candidate. We can all agree on a common ground. In the selection of candidates for local government elections, we have to identify 9,000 candidates for a similar number of wards. It gives rise to complications. The selection process is a bit easier when it comes to provincial council and parliamentary elections.
The easiest situation in the formation of a political alliance prevails in view of presidential polls only. The SLFP has no reason whatsoever to reject an alliance with us.

Q Yet, the SLFP’s argument is that its leader President Maithripala Sirisena should be the candidate of the proposed alliance.

It is reasonable for it to lobby for its candidate whereas we do for ours. At the local government elections, we faced such internal squabbles. Some were even displeased with me.

Q But you cannot field two candidates at presidential polls. There has to be only one. What are your thoughts?

It is natural for such quarrels among like-minded parties. We find such problems not only among parties but also among individuals.

*Is your party ready to accept President Sirisena as your candidate?

I do not wish to comment on it at this moment and jeopardise talks. There can be presidential aspirants. In fact, there can be some such even within our own party.

Q International players are involved in Sri Lankan politics too. They were crucial last time. How do you manage them this time around?

The world has largely been globalised. Given our strategic location, it is vital for us to maintain healthy international relations in the implementation of our economic policies. We did so during the period between 2005 and 2010. That was why we were able to resurrect this country from terrorism. When we form a new government in the future, we wish to continue to pursue the same policy.

Q How do you see their influence on our electoral process this time?
There are certain influences. I think it won’t be like what it was last time. In fact, it should not happen. It is inappropriate for a foreign country to interfere in the internal affairs of another country. However, we are building new ties with the countries concerned without compromising on our sovereignty.

Q The UNP is also floating several names as potential candidates. How do you see the challenge emanating from the UNP for your side?

When we plan to contest an election, we have to gauge the potential of our opponents and assess their strengths. Yet, it should not be the sole focus. Whoever may be our rival, we can win!

Q The UNP says it has an edge over your party owing to overwhelming support from minority communities. What is your view?

That is the only option available for them to cash in on. It is proverbially similar to a person caught in water current clutching any straw coming his way. This is the only option available for all forces arraigned against us.

I do not want to differentiate voters based on their ethnic identities. We all face more or less the same problems. It is not that people of only one community suffer under the incumbent government. People belonging to all communities have to endure a lot of hardships under this administration. They are all disappointed and despondent.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මොන තීන්දු ගත්තත් වෙන්නේ විහිලූ සැපයිමයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා
මාසයක් පුරා සාකච්ඡාවට ලක්වුනු 2019 සදහා වූ අයවැය ලේඛණයට ඡන්දය විමසීමට නියමිතව තියෙනවා. රටේ ආර්ථික දේශපාලන තත්ත්වයත් සමග මේ අයවැය හුදු ලියවිල්ලක් මිස ඉදිරි දශකය සදහා කළ ආයෝජනයක් ලෙස අපි දකින්නේ නැහැ. රට මුහුණ දී සිටින සමාජ ආර්ථික ප්‍රශ්නවලට මේ අයවැයෙන් කිසිදු සහනයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අයවැය ඉදිරිපත් කළ දිනයේ සිට මේ දක්වා ආණ්ඩුව පැත්තෙන් අයවැය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බව පේන්නේ නැහැ. අපි ආන්ඩු පක්ෂයේ ඉදලා තියෙනවා. ඒ කාලේ අයවැය ගැන තිබුනේ පුදුම උනන්දුවක්. රටේ ජනතාව හිටියේ පුදුම උනන්දුවකින්. අද ඒ දේවල් පේන්නේ නැහැ. අයවැය ගැන වැඩිම උනන්දුවකින් බලාගෙන හිටිය පිරිස වුනේ විපක්ෂය. එහි ප්‍රතිඵලයක් නිසා පසුගිය සතියේ අපිට වැයශීර්ෂ දෙකක් පරාජය කරන්න පුලුවන් වුනා. අඩුම තරමේ ශ්‍රේෂ්ඨාධිකරණයට, රටට තමන්ට බහුතර බලයක් තිබෙන බව ඔප්පු කරපු ආණ්ඩු පක්ෂයට තමන්ගේ අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ පරාජය වීමෙන් ගලවා ගැනීමේ හැකියාවක් තිබුනේ නැහැ. ඒ පරාජය වීමට පසු දින ලක්ෂ්මන් කිරිඇල්ල ඇවිත් කියනවා මේක පරාජය වුනාට ප්‍රශ්නයක් නැහැ. රුපියල් 360ක් අඩුවෙනවා විතරයි කිව්වා. ඊට පහුවෙනිදා අගමැතිවරයා කියනවා සේවකයින් ලක්ෂ තුනකට වැටුප් ගෙවීමේ හැකියාවක් නැහැ. පළාත් පාලන ආයතන සියයට 90ට වැටුප් ගෙවා ගන්න විදියක් නැහැ. මේක පොහොට්ටුවේ අය හිතා මතාම කරපු දෙයක් කියලා. ඔව්. අපි මේක හිතාමතාම තමයි කලේ. සැලසුම්සහගතවයි කලේ. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට බාධා කරමින් මැතිවරණ කල් දැමීමට එරෙහිව කරපු උද්ඝෝෂණයේ එක පියවරක් විදියට, උද්ධච්චකාරි, ද්වේශ සහගත හැගීම් ප්‍රකාශ කරන චම්පික රණවකට අනතුරු ඇගවිමටත් තමයි අපි මේ දේ කලේ. අද දවසේ මේ වැය ශීර්ෂ දෙකටත් සමස්ත අයවැයටත් නැවත ඡන්දය විමසීමක් සිදුවෙනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ කණ්ඩායම විදියට අපි තීන්දුවක් ගත්තා. රටේ දේපල විකුණන, කිසිම හරයක් නැති, ජාතිය විජාතික කරන මේ ආන්ඩුවට එරෙහිව ඔවුන්ගේ අයවැය පරාජය කරන්න අපේ ඡන්දය ප්‍රකාශ කරනවා. ඒ සදහා විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම්වල සහායත් අවශයයි. ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව කියලා තියෙනවා. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අද දවසේ අයවැයට විරුද්ද ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න. මේ සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් සහභාගිත්වයෙන් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් පැවැත්වුනා. එතැනදි ජනාධිපතිතුමා ප්‍රකාශ කලේ අද දවල් 12ට ඡන්දය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ගන්න තීන්දුව ප්‍රකාශයට පත්කරනවා කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරයි කියලා. යම් ආකාරයකින් අයවැය දෙවන වර කියවීමේදී සිදුවූ ආකාරයට ඡන්දය ප්‍රකාශ නොකිරිම හෝ අයවැයට පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමක් සිදුවුවහොත් එය ශ්‍රීලනීප මන්ත්‍රීවරුන්ගේ ඉදිරි අනාගතයට බරපතල ලෙස බලපාන සාධයකයක් බවට පත්වෙනවා. ජන්දය දීමෙන් හෝ නොදීමෙන් අයවැය දිනවන්න සහාය දැක්වූවොත් ඒක මේ රටේ ජනතාවට කරන අසාධාරණයක්. අද මේ රටේ ජනතාවට කන්න නැහැ. සිංහල අලුත් අවුරුද්ද එනවා. ඒ වුනාට අද බලන්න නගරවල කඩසාප්පු සියල්ල වේලිලා. කිසිම වෙලදාමක් නැහැ. මිනිස්සුන්ට විදුලිය නැහැ. වතුර නැහැ. අද කොළඹ නගරයත් එක්ක මුලු රටේම ජනතාව කරවෙලා පිච්චිලා ඉන්නේ. දවල් දවසේ වැඩක් කරගන්න බැහැ. රාත්‍රී කාලයේ කෑමක් හදාගන්න ඇදුමක් මැද ගන්න විදියක් නැහැ. සාමාන්‍ය ජන ජිවිතය සම්පූර්ණයෙන් කඩා වැටිලා. මේ වෙද්දි විදුලිය දෙන්න කිසිම වැඩපිළීවෙලක් ආන්ඩුවට නැහැ. ජනතාවට එපා වුනා තිත්ත වුනු මේ ආන්ඩුව වෙනුවෙන් සෘජුව හෝ වක්‍රව සහාය දීමක් ශ්‍රීලනීප මන්ත්‍රීවරුන් අතින් සිදුවුනොත් ඒක ඛේදවාචකයක් වෙනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මේ ආන්ඩුව පෙරළීමට ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නවා.මේ සැබෑ වුවමනාවට අවශ්‍යතාවයක් තිබේ නම් අද දවසේ අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ වෙද්දි සමහර මන්ත්‍රීවරු ප්‍රකාශ කරලා තියෙනවා පක්ෂය මොන තින්දුව ගත්තත් ඔවුන් අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව. අයවැයට ඡන්දය දුන්නොත් හෝ ඡන්දය නොදී පළා යාමෙන් මේ රටේ ප්‍රගතිශීලී, ආන්ඩු විරෝධී , එජාප විරෝධී ජනතාවගෙන් නම් කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා
තව දින කිහිපයකින් සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වුනත් ජනතාව ඉන්නේ එදා වේල ගැටගසා ගන්න බැරිව. දරුවන්ට රෙදි කෑල්ලක් ගන්න, නෑගම් යන්න, විනෝද ගමනක් යන්න බැරි තත්ත්වයට අද මේ රටේ ජනතාව පත්වෙලා ඉන්නවා. මේක සම්පූර්ණයෙන්ම රජය වගකිව යුතු තත්ත්වයක්. පොලොන්නරුවේ වී කිලෝව රුපියල් 25යි. වී දාන මල්ල රුපියල් 55යි. වී කිලෝ දෙකක් විකුණන්න වෙනවා වි මල්ල ගන්න.2015 වි මිල තිබුනේ රුපියල් 35ට. හාල් කිලෝව තිබුනේ රුපියල් 60ට. අද වීකිලෝව රුපියල් 25යි. හාල් කිලෝව රුපියල් 100ට වැඩියි. වි ගොවියාට අස්වැන්න අරන් ජිවත් වෙන්නත් බැහැ. ගොවියෝ නොවෙන අයට ලාබෙට හාල් අරන් කාලා බිලා ඉන්න විදියක් නැහැ.
සුලු අපනයන බෝගවලින් මහනුවර ප්‍රදේශයේ ජනතාව ජිවත් වෙනවා. අද ගම්මිරිස් මිල ඉතාම පහත වැටිමක් වෙලා තියෙනවා. එදා කිලෝව 800ක් විතර වුන ගම්මිරිස් අද රුපියල් 300ට බැහැලා.කරාබු මිලත් ඒ වගේමයි. මම දන්නේ නැහැ මේ ආන්ඩුව කොහොමද කරන්නේ කියලා. අද රබර් කිරි මැලේසියාවෙන් ගෙන්වීම නිසා රබර් කර්මාන්තය පහත වැටෙමින් තිබෙනවා. බදු පිට බදු පනවලා ලයිසන් ගන්න ගියාම බද්දක් තියෙනවා. ඊට වැඩියි කාබන් බද්ද. අයෙත් දුම් සහතිකයකුත් ගන්න වෙනවා. මේ ඇමතිතුමා තව ටික දවසකින් රෝදවලට හුලං ගහනවා කියලා හුලං බද්දකුත් පනවයිද කියලා කියන්න බැහැ. මේ වගේ ජනතාව පීඩාවට පත්කරලා. තමන්ගේ දරුවාට ඇදුමක් ගන්න බැරි තත්ත්වයට ගොවියා පත්වෙලා. විනෝද ගමනක් නෑගමනක් යන්න බැරි තැනට ජනතාව පත්වෙලා. මේ අයවැය පරාජය කිරීමටඅපි සෑම උත්සාහයක්ම ගන්නවා. අපේ මන්ත්‍රීවරු වැය ශීර්ෂ දෙකක් පරාජය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මොනවගේ තීන්දුවක් ගනියිද කියන්න අපි දන්නේ නැහැ. මොන දේ කළත් වෙන්නේ විහිලු සැපයිමයි. එක දවසකට විරුද්ධව ඡන්දය දෙනවා. තව දවසට පක්ෂව ඡන්දය දෙනවා. ආයෙත් පැනලා යනවා. මේ ප්‍රතිපත්ති මොනවාද කියලා අපිට තේරෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේ රජය ගෙදර යා යුතුයි කියන තැනයි ජනතාව ඉන්නේ. බලහත්කාරයෙන් තමි රැදී ඉන්නේ. මෙවැනි වියලි කාලගුණික තත්ත්වයන් මීට පෙරත් තිබුණා. හැබැයි හැම තිස්සෙම බැන්නේ රාජපක්ෂ ණය රාජපක්ෂ ණය කියලයි. ඉහළ කොත්මලේ, නොරොච්චෝලේ තියෙනවා ඔය ගත්ත ණය. අද මේවා හදලා නොතිබුණානම් වෙන්නේ කලුවරේම ඉන්නයි.
ඊයේ පෙරේදා අසන්දිමිත්තා කියලා චිත්‍රපටයක් සම්මානයට පාත්‍රවුනා. අපි දැක්කා විදුලි බල ඇමැතිතුමාට සමාජ ජාලා වල විසන්දි මුත්තා කියලා දාලා තියෙනවා. මේවිසන්දි මුත්තලා එක්ක රට ඉදිරියට ගෙනියන්න බැරි නිසා විසන්දි මුත්තලා ටික විසන්දි කරලාම දාන්න මැතිවරණයක් ලබා දෙන්න කියලයි අපි කියන්නේ

මාධ්‍ය – අයවැයෙන් ජනතාවට ණය දෙන්න සූදාම් වෙනවා.
දිලුම් අමුණුගම – ඔව්. ජනතාව තවත් ණය කරන එක ගැන ජනතාව තින්දුවක් ගනියි. තාම එක ණයක් දීපු තැනක් පෙන්වන්න. එහෙම තැනක් නැහැ. වික්‍රමසිංහ මහත්තයා එන්ටර්ප්‍රයිස් එන්ටප්‍රයිස් කියලා කෑ ගහනවා.නමුත් කරාබුවලට, ගම්මිරිස්වලට, රබර්වලට, හාල්වලට කිසිම ප්‍රයිස් එකක් නැහැ. බදුවලට විතරයි ප්‍රයිස් තියෙන්නේ. ඒක තමයි එතුමාගේ ප්‍රයිස් එක.
රංජිත් සොයිසා – දේශීයව රට ඇතුලේ තියෙන මුදල් ටික ණය විදියට දුන්නා කියලා රටේ ආර්ථිකය කොයි විදියටද ප්‍රසාරණය වෙන්නේ කියන්න වෙනවා. අනිත් එක මේකෙන් දේශීය රාජ්‍ය බැංකු ටික කඩා වැටීමේ අවධානමක් තියෙනවා. මේවා ජනතාවගේ මුදල්.

මාධ්‍ය – ඔය කියන විදියට ණය දෙන්න බැංකු සූදානම්ද
රංජිත් සොයිසා – මේ අය කියන විදියට බැංකු ණය දීලා නැහැ. බැංකුවල නිර්ණායක අනුව ඇප තියාගෙන තමයි ණය දේනනේ. බැංකුවල තියෙන්නේ ජනතාවගේ මුදල්. මේ අය කියන විදියට අඥාන වෙලා බැංකු වැඩ කරන්නේ නැහැ.
දිලුම් අමුණුගම – පොලියෙන් එක කොටසක් ආන්ඩුව බැංකුවට දෙන බවයි කියන්නේ. පහුගිය අවුරුද්දේ පොලිය බැංකුවලට ගෙවන්නේ නැතිව බිලියන ගාණක් තියෙනවා. එහෙම වෙලා මේ අවුරුද්දේ ණය දෙයි කියලා හිතන්න බැහැ. ණය අරන් මොනවාද කරන්න පුලුවන්. ණය අරන් ණය කාරයෙක් වෙලා කාලා බීලා බෙල්ලේ වැල දාගන්න එක තමයි කරන්න වෙන්නේ. අද කොන්ඩේ කපන මිනිහාට කොන්ඩේ කපන්න විදුලිය නැහැ. රෙදි හොදන ලොන්ඩරියකට වැඩ කරගන්න විදියක් නැහැ. සරවිස්ටේෂන්වල වාහනක හොදගන්න බැහැ. දවසේ පැය ගාණක් අක්‍රිය වෙලයි තියනේනේ. මිට වඩා පායන කාලවල් තිබුණා. මේවාට පෙර සූදානමක් තියෙන්න වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා රට භාරගන්න අවස්ථාවේ විදුලිය තිබුනේ ජනතාවගෙන් සියයට 70ටයි. මහින්ද මහත්තයා ජනතාවගෙන් සියයට 95ටම විදුලිය දෙන්න අවශ්‍ය පියවර ගත්තා. දැන් අලුත් සම්බන්ධතාවයක් දෙනවා තියා දීලා තියෙන සම්බන්ධතාවයන් ටිකවත් පවත්වා ගෙන යන්නේ නැහැ. කරන්නේ වෙන වැඩනේ. දිවුරුම් දෙනවා. ඒවගේ කරන්න තියෙන දේවල් නොකර වෙනවෙන දේ කරපුවාම මෙහෙම තමයි වෙන්නේ.

මාධ්‍ය – මාධ්‍ය වාර්තා කරනවා කොළඹටත් විදුලිය කැපීමේ සූදානමක් තියෙන බව. ඇැතිවරයාකියනවා අවුරුද්දෙදි කලුවරේ තියෙන්නේම නැහැ කිව්වා.
දිලුම් අමුණුගම – ඔය කතාවෙන්ම පේනවා නේ මේ අයගේ ප්‍රතිපත්තිය. කොළඹ විතරක් අදුරේ නොතිබුනොත් ඇතිද. එතකොට ගම. කොළඹට කිරි ගමට කැකිරි පුතිපත්තියක් . කොළඹ එලියේ තියෙද්දි ගම අදුරේ. කොළඹ එන්ටර්ප්‍රයිස් තියෙනවා. ගම වී විකුණ ගන්න බැහැ.

මාධ්‍ය – අවුරුද්දට කපන්නෙම නැහැ කිව්වා.
රංජිත් සොයිසා – මේ අය ජෙරේටර් නැවක් ඇණවුම් කරලාතියෙනවා. ඒ කියන්නේ මේ අය පායන කොටම මේක කරලා කියලා නොයෙකුත් කතන්දර තියෙනවා. අවුරුද්දට කොමිස් එකක් හොයා ගන්න හදන බව පේනවා. නිලධාරීන්ට හොදටයි. මල්ල කරේ.

මාධ්‍ය – ලංකාවේ හදන තැන්වලින් විදුලිය නොගෙන ඇයි මේ නැව් වලින් ගන්නේ.
රංජිත් සොයිසා – ප්‍රමාණවත් නැහැ කියන මතයේ ඉන්නවා ඇති. තුර්කියෙන් නැවක් ගෙන්වලා විදුලිය දෙන්න ප්ලෑන් කරන වෙලේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දත්ත අරන් විදුලිය අඛණ්ඩව දෙන්න පියවරක් ගන්න තිබුණා.
දිලුම් අමුණුගම- රබර්කිරිත් පිටරටින් ගෙන්වන කාලයක්. ලංකාවේ මිනිස්සු වතුරයි විදුලියයි විතරයි ලංකාවේ කියලා දෙයක් පාවිච්චි කලේ. විදුලියත් තුර්කියෙන් ගෙනත් විතුරත් ගෙනාවනාම් සියයට සියයක් විදේශ රටවල් මත යැපෙන්නේ.ඒ සම්මානයත් ලැබෙයි. අපි දැක්කානේ පහුගිය කාලයේ ස්වාමින් වහන්සේලාට සලකපු අයට එහෙම සම්මාන ලැබෙන හැටි. මේ අයටත් සියලු දේ රටින් ගෙන්වන තත්ත්වයට පත්කිරීමේ සම්මානය හමුවෙයි.
රංජිත් සොයිසා – අපි යෝජනාව කරනවා ශ්‍රි මුඛ මදුර භාෂීනී සම්මානය ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයාට දෙන්න කියලා.

මාධ්‍ය – හදිසි මිලදි ගැනීම් වලට පනතේ අවසර තියෙනවා.
දිලුම් අමුනුගම – පනතේ වගන්ති තියෙන්නේ හදිසි අවස්ථා සදහානේ. නිත්‍යානුකූල නොවන දෙයක් වෙනවා කියලා අපි චෝදනා කරන්නේ නැහැ. ඒ වගේම රවී කරුණානායක මහත්තයා ආපු මාස කිහිපයේ නෙවෙයි මේක වුනෙත් නැහැ. ජනාධිපතිවරයාගේ සිට මේ කැබිනට් මණ්ඩලයේ හිටපු සහ ඉන්න සියලු දෙනා මේ රටට අත්වෙලා තියෙන තත්ත්වයට වගකිවයුතුයි.බැරිනම් ගෙදර යායුතුය්. නැත්නම් මැතිවරණයකින් ගෙදර යැවීමට ජනතාව සූදානමින් සිටින බව වටහා ගත යුතුයි.

මාධ්‍ය – හදිසි මිලදී ගැනීමේ යටතේ නැවෙන් විදුලිය මිලදි ගන්න කොට වාසි තියෙනවාද
දිලුම් අමුණූගම – මොනවා හරි වෙනවා. හදිසි මිලදී ගැනීම්වලින් වාසි තියෙන නිසානේ පෙර සූදානමක් නැතිව හදිසි මිලදිගැනීම් කරන්න වෙනකල් බලන් ඉන්නේ. පස්සේ මේ දේවල් එළියට එයි.
රංජිත් සොයිසා – නිති විරෝධී මත් ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීම් වෙනවා. ඒ සදහා නවින තාක්ෂණය උපයෝගි කරගත්තේ නැහැ කියලා ජනාධීපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා. දැන් මත්ද්‍රව්‍ය වැටලිම් අපකරණ හදසි මිලදී ගැනීම් යටතේ මිලදි ගන්න සූදානම් වෙන බවට අපි ලග ලිපි ලේඛණ තියෙනවා. රුපියල් බිලියන ගානක් වැය කරමින් මේ හදිසි මිලදිගැනිම් කිරිම පිටුපස්සේ දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙනවා.

මාධ්‍ය – මේ අය රටට වැඩක් කරනවා වෙනුවට හදිසි මිලදි ගැනෟම් කරමින් සිටිනවා කියලාද කියන්නේ.
රංජිත් සොයිසා- තව හය මාසේනේ තියෙන්නේ. දැන් ඉන්නේ ගෙදර යන ගමන්. මේ කරන්නේ ගෙදර යන ගමන් කීයක් හරි සාක්කුවට දාගන්න එකයි

මාධ්‍ය -අයවැය සම්බන්ධයෙන් ශ්‍රිලනිපයේ තීන්දුවත් එක්ක ඉදිරියේ ගොඩනැගෙන සන්ධානයට මොනවගේ බලපෑමක්ද වෙන්නේ.
දිලුම් අමුණුගම – එදා පැනලා ගියා. අද මොනවා කරයිද දන්නේ නැහැ. සන්ධානගතවිම කෙසේවෙතත් අවුරුද්දට නැවත ගම්වලට යාමේ ප්‍රශ්නයක් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ට ඇතිවෙලා තියෙනවා මේ පැනලා යාම නිසා. විරුද්ධ නම් විරුද්දයි. පක්ෂ නම් පක්ෂයි. හැංගෙන්න පැනලා යන්න දෙයක් නැහැනේ. අවුරැද්දට ගෙදර යාමේ එකම හැකියාව ලැබෙන්නේ අයවැයට විරුද්දව ජන්දය භාවිතා කිරිමයි.

මාධ්‍ය – ශ්‍රීලනිපයේ මොනවගේ අයද සැක කියලා කියන්න පුලුවන්ද
දිලුම් අමුණුගම – එහෙම නම් කියන්න වුවමනාවක් නැහැ. අපි හොයන්න කලඹල වෙන්නෙත් නැහැ. වැඩි හරියක් ඇවිත් තියෙන්නේ ලයිස්තුවෙන්. ඡන්දෙන් ආපු අය නම් ටිකක් කළඹල විය යුතුයි. ඒ අයට දිස්ත්‍රික්කයෙන් ඡන්ද ලැබිලා තියෙන නිසා.

මාධ්‍ය -ජනතාවට නම් මේ අය ගැන දැන ගන්න අවශ්‍යයි.
දිලුම් අමුණුගම – අද රෑ අටේ ප්‍රවෘත්ති විකාශය යද්දි ජනතාවට දැන ගන්න ලැබෙයි.

මාධ්‍ය – අපි බැලුවේ දෙක තුනවෙද්දි මේ අය යනවා කියලා කියන්නයි.
දිලුම් අමුණුගම – ගිය වතාවේ පහ වෙනකලුත් හිටියානේ. හය වෙද්දිනේ නැතිවුනේ. ඒ නිසා දැන්ම කිව්වාට වැඩක් නැහැ.

සමහර ප්‍රදේශවලට පැය 6ක් 8ක් විතර විදුලිය කප්පාදු කරනවා.

අද දින (04) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා
මේ වන විට ලංකාවේ ඇති වෙලා තියෙන ජල විදුලි අර්බුදය හේතුවෙන් රටේ සමස්ත ජනතාවටම ප්‍රශ්න ඇති වෙලා. පහුගිය කාල සීමාවේ ජාතික විදුලි පද්ධතියට අලුතෙන් විදුලි ඒකක එකතු කිරීමේ ක්‍රමවේදයකට ආණ්ඩුව පිවිසියේ නැහැ.දැනට ජාතික අවශ්‍යතාවය ලෙස පවතින දෛනික මෙගා වොට් 2700ක පමණ අවශ්‍යතාවය ජල විදුලිය නිපදවීමට නොහැකිවීම නිසා අර්බුදයකට පත්වෙලා. ලංකාවේ දැනට ජලවිදුලිය ඇතුලුව නිපදවෙන්නේ මෙගාවොට් 4000 පමණ ප්‍රමාණයක්. වර්තමානයේ වියළ කාලගුණ තත්ත්වය නිසා ජල විදුලි අත්පාදනය අඩුවීමෙන් විදුලි ජනනය මෙගා වොට් 2500 පමණ ප්‍රමාණයකට අඩු වෙලා තියෙන්නේ. විදුලි බල ඉල්ලුම වාර්ෂිකව සියයට හයක් හතක් වැනි ප්‍රමාණයකින් වැඩිවන බව විදුලි බල මණ්ඩලය පුරෝකතනය කර තිබුණත් අපි විශ්වාසකරනවා වාර්ෂීක විදුලි බල ඉල්ලුම ඊට වඩා වැඩියි කියලා. දැන් කාර්යබහුල අවස්ථාවල මෙගාවොට් 750කට වැඩි විදුලි ඉල්ලුමක් මේ රටේ පවතිනවා. මේ විදුලි සැපයුම වෙනුවෙන් ආන්ඩුව සාධණීය මැදිහත්වීමක් නොකිරීමේ වගකීම වත්මන් විදුලුබල ඇමැතිවරයා රජය මෙන්ම මිට පෙර සිටි විදුලි බල ඇමැතිවරයාත් භාරගන්න වෙනවා. අපි 2013නොරොච්චෝලේ විදුලි බලාගාරය ස්ථාපනය කරලා මෙගාවොට් 900 විදුලි ධාරිතාවක් විදුලි බල පද්ධතියට එක් කිරිමට පියවර ගත්තාට පසුව විදුලි බල නිෂ්පාදනය එකතැන පල්වෙමින් තිබෙනව. විදුලි බල අවශ්‍යතාවය පිළිබදව විදුලි බල ඉංඩිනේරුවන් පෙන්වා දුන්නත් ආන්ඩුව කිසිදු පියවරක් ගත්තේ නැතිව ඉදලා දැන් හදිසි මිලදී ගැනීම් හරහා මෙගාවොට් 100ක් මිලදි ගන්න උත්සාහ දරමින් සිටිනවා. බොරදියේ මාලුබෑමේ තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. දැන් තමන්ට කැමැති පුද්ගලයින්ගෙන් විදුලිය මිලදි ගැනීමේ හැකියාව ආන්ඩුවට ලැබෙනවා. මේක සැලසුම්සහගතව කරපු දෙයක් කියලා අපි විශ්වාස කරනවා. සාම්පූර් බලාගාරය ඉදිකලේ නැහැ. එල්. එන්. ජී. බලාගාරයේ ගැටලුව විසදන්න ආන්ඩුව පියවර ගත්තේ නැහැ. ඒ හරහා විශාල අර්බුදයක් ඇති වෙලා තියෙන්නේ. අදට නිෂ්පාදනය කිරීමට යෝජිත මෙගාවොට් 350ට අමතරව එළැඹෙන වර්ෂයේ තවත් මෙගාවොට් 350ක් පමණ ලංකාවට අවශ්‍ය වෙනවා. මේ රට පෙලන විදුලිබල සැපයීම අඩාලවීම හේතුවෙන් අපි ආන්ඩුවට යෝජනා කරනවා එල්. එන්.ජී බලාගාරයේ ටෙන්ඩරය අදාල චීන සමාගමට හෝ ලබාදීලා අනෙක් ටෙන්ඩරයේ පාර්ශ්වකරුවා වන ලක්දනව් සමාගමටත් එම ප්‍රමාණයේම විදුලි බලාගාරයක් හදන්න පහසුකම් සපයන්න කියලා. සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය යටතේ මේ කටයුත්ත කළයුතු වුවත් මේක ජාතික අර්බුදයක් වෙලා තියෙන්නේ. මේ ජාතික අරුබ්දය විසදාගන්න අපිත් දේශපාලන පක්ෂ භේදයකින් තොරව කටයුතු කළ යුතුයි. නැත්නම් අපේ ආන්ඩුවක් පැමිණීමෙන් පසුවත් මේ අරුබුදය විසදා ගන්න බැරි වෙනවා. මෙවැනි බලාගාරයක් හදන්න වසර දෙකහමාරක පමණ කාලයක් ගත වෙනවා. නමුත් ආන්ඩුව භාරගන්න අපිට මේ තත්ත්වය කළමණාකරණය කරගන්න අපහසුවෙනවා. අද විදුලි බලය නොමැතිවීම හරහා රට අරාජිකයි. මේ දිනවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට ජල කප්පදුවක් සිදුවෙනවා. කොළඹ අවට ප්‍රදේශවල සමස්ත ප්‍රජාවටම ජන ජිවිතය පවත්වා ගෙනයාමට බාධාවක් වුනා. ජල සම්පාදනයේ අලුත් වැඩියාව පමණක් නෙවේ. අඹතලේ ප්‍රදේශවලට විදුලි විසන්දිවිමක් වුනාම ඔවුන්ගේ පොම්පාගාර සියල්ල අක්‍රීය වෙනවා. බත්තරමුල්ල ඇතුලු ප්‍රදේශවල තියෙන පීඩන පොම්ප සියල්ල මේ නිසා අකර්මන්‍ය වෙනවා. ජල සම්පාදන මණ්ඩලය සමග විදුලිබල මණ්ඩලය අවබෝධයකින් කටයුතු කරනවා නම් රටේ ජල සම්පාදනයට බාධා නොවන අකාරයකින් විදුලි කප්පාදුකිරීම කරන්න හැකියාව තියෙනවා. පොම්ප ක්‍රියාකරන ස්ථානවල විදුලිය අත්හිටුවීම වලැක්වීමේ පියවරක් ගන්න තිබුණා. එවැනි සම්බන්ධීකරණයක් නැති නිසා සියලු පොම්පාගාරවල ජල පොම්ප අක්‍රීය වෙනවා. ඒවායේ ජල පීඩනය යථා තත්ත්වයට පත්වීමත් සමග නැවත විදුලිය අක්‍රීයවීමක් සිද්ධ වෙනවා. ගිය සෙනසුරාදා සිට පැවැතුනු ජල කප්පාදුවෙන් පස්සේ ඊයේ රෑ ඉදලයි කොළඹ ජනතාවට හරියට ජලය ලැබෙන්න ගත්තේ. මේ කෙන් දරුවා පාසල් යවන්න, රාජකාරිවලට යවන්න බැරි වුනා. ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය සතුව මෙවැනි හදිසි අවශ්‍යතා කළමණාකරණය කිරීමේ පහසුකම් නැති බව අපිට අවබෝධ වුනා. ඔවුන් සතුව ප්‍රමාණවත් බවුසර් තිබුනේ නැහැ. හදිසි අවස්ථාවල පොම්ප සක්‍රීය කරන්න ජෙනරේටර් තිබුණා. ඒවා අක්‍රීය වෙලා තිබුනේ. ඔවුන්ට හදිසි ජෙනරේටර් මිලදී ගෙන තත්ත්වය යථා තත්ත්වයට පත්කරන්න හැකියාවක් තිබුනේ නැහැ. මේ නිසා විදුලිය වගේම ජලයත් නැති වෙලා ජන ජිවිත අඩාල වුනා. රෝහල්වලට විශාල බලපෑමක් වුනා. ශල්‍යකර්ම කිරීම නතර කරන්න වුනා. ඔසුසල්වල ඔසුතොග නැවත භාවිතා කිරීම අපහසුයි. අඛණ්ඩ උෂ්ණත්වයකින් පවත්වා ගෙන යා යුතු එන්නත් වර්ග තිබෙනවා. සුපර් මාර්කට්වල සිට සෑම ව්‍යවසායයෙක්ටම තමන්ගේ භාණ්ඩ කල්තියා ගැනීමේ ක්‍රමවේද සොයාගන්න සිදුවුනා. සමහරක්විට භාවිතයට නුසුදුසු ආහාර වර්ග පාරිබෝගික ජනතාව අතරට එන්න පුලුවන්. මේ වැනි ජාතික අරුබ්දයකට ආණ්ඩුව සාධනීය මැදිහත්වීමක් නොකරන බව පේනවා. මේ රට ගොඩනැගීමේ ශක්තිය ආන්ඩුවට නැති බව විශ්වාසයි.
ඒනිසා තීරණාත්මක මැතිවරණයකදී ජනාතව නිවැරදි තින්දුවක් ගනියි. මීට වසර 15ට පෙරයි මේ වගේ විදුලි කප්පාදුවක් වුනේ. ඒ කියන්නේ රට ආපස්සටයි ගමන් කරමින් තිබෙන්නේ. හෙට (05) පාර්ලිමේන්තුවේ තීරණාත්මක දවසක්.
අයවැය තුන්වැනිවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ අපි සියලුදෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා. ශ්‍රීලනීප අපේ සහෝදරවරු ඔවුන්ගේ ගැටලුව නිරාකරණය කරගෙන ඇති කියලා අපි විශ්වාසකරනවා. අයවැය තුන්වැනි වර කියැවීමේදී මේ අසාර්ථක අයවැයටත් අදූරදර්ශී පාලනයටත් එරෙහිව ඡන්දය දෙයි කියලා අපි විශ්වාස කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා
මේ ආන්ඩුව අවුරුදු 4ට ආසන්න කාලය තුල රටෙ සියලුම අංශ විනාශ කරලා ඉවරයි. විවිධ පක්ෂවලින් රට පාලනය කරලා තිබුණත් මේ විදියට රට අගාධයකට ගිය කසිම ආන්ඩුවක් මේ රටේ තිබුලා නැහැ. මේ ආන්ඩුවට සැලැස්මක්, වැඩපිළිවෙලක් නැහැ. හෙට දකින්නේ නැහැ. මිට කලින් තෙල් නැව එනකල් අපිට බලාගෙන ඉන්න වුනා. අද දකුණූ ආසියාවේ පැය 24ම විදුලිය දෙන්න බැරි එකම රට ලංකාවයි. ජනතාවට කියනවා දවල්ට පැය තුනක් සහ රෑට පැයක් විදුලිය කප්පාදු කරනවා කියලා. ඒක අමූලික බොරුවක්. සමහර ප්‍රදේශවලට පැය 6ක් 8ක් විතර විදුලිය කප්පාදු කරනවා. අද රටේ ආර්ථකයට මේක සෑහෙන්න බලපාලා තිබෙනවා. හැම රටකම වාර්ෂීකව විදුලි ඉල්ලුම වැඩිවෙනවා. නමුත් මේ ආන්ඩුවට කිසිම බලාගාරයක් හදාගන්න බැරිවුනා. හම්බන්තොට තිබුන මෙගාවොට් තුනක් විදුලිය නිපදවපු සුළං බලාගාරයත් අද ගලවලා දාලා. වරාය චිනයට දෙන අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් ගිවිසුමකට ආවානම් මේ විදුලි කප්පාදුන විනාඩි පහකින් හෝ අඩු කරන්න තිබුණා.
2014 වෙද්දි හම්බන්තොට කර්මාන්තපුරයට එල්. එන්. ජී බලාගාරයක් එනවා. එනර් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් කියන බලාගාරයෙන් මෙගාවොට් 1200ක් සැපයීමේ හැකියාව තියෙන බලාගාරයක් ආවේ. 2016 වෙද්දි මොගාවොට් 300ක්,2018 වෙද්දි තව 300ක් 2020 වෙද්දි ඉතිරි 600ත් විදියට විදුලි ධාරිතාව සපයන්නයි මේ බලාගාරය ආවේ. නමුත් මේ ආන්ඩුවට කොමිෂ් මුදල ලැබෙන්නේ නැති වුනාම ඒ සමාගම හරවලා යැව්වා. මේ අය බලාපොරොත්තු වුනේ බ්‍රිතාන්‍ය සමාගම එක්ක ගිවිසුම් ගත වෙන්න. ඒ සමාගමෙන් එක විදුලි ඒකකයක් මිලදී ගන්න නියමිතව තිබුනේ රුපියල් 10.50කට. මේ බලාගාරය හැදුවේ නැති නිසා අද පැය ගණන් විදුලිය කපනවා. මේ වෙද්දි පාවෙනබලාගාර දෙකක් ලංකාවට ඇවිත් තියෙනවා. අපිට මේවායින් විදුලිය ගන්න වෙන්නේ රුපියල් 30 ගානේ. 10.50ට ගන්න ඒකකය 30ට ගන්න වීම නිසා වසරකට රුපියල් කෝටි 4200ක් පාඩු වෙනවා. 2016 වර්ෂයේ සිට අද වෙනකල් වුනු පාඩුව කෝටි 12000ක්. මේක මහ බැංකුවේ වංචාවට ආසන්න පාඩුවක්. එදා මේ එල්. එන්. ජි බලාගාරය ඉදිකරලා තිබුණා නම් අද විදුලි කප්පාදුවකුත් නැහැ. ජනතාවට මීට වඩා සහන මිලකට විදුලිය දෙන්නත් තිබුණා. ඒ සම්බන්ධයෙන් මේ ආන්ඩුව කටයුතු කලේ නැතිව අද වෙද්දි සියලු වැරදි රවි කරුණානයක ඇමැතිවරයා පිටදාන්න අත්සාහ කරනවා.
පහුගිය කාලයේ හැම දේකටම කතා කරපු අජිත් පී. පෙරේරා කොහෙද කියලා දැනගන්න අපි කැමැතියි. එතුමා කිව්වේ ලංකාවට විතරක් නෙවෙයි වැඩි වෙන විදුලිය අපි ඉන්දියාවට දෙනවා කියලයි. සූර්ය බල ශක්තිය ගැන කතා කළා. න්‍යෂ්ඨික බලාගාර ගැන කතා කළා. පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කළා. ද කෝ මේ අජිත් පි. පෙරේරා. පුලුවන්නම් අපිට මේ නියෝජ්‍ය ඇමැතිතුමාව හොයලා දෙන්න.
අයවැය සම්මත කිරීමට නියමිතව තිබුනා. නමුත් අයවැයක් ගැන කිසිම හැගීමක් රටේ නැහැ. ගිය අයවැයෙන් මුදල් අමාත්‍යංශයෙන්ම සියයට 80ක මුදලක් ආපස්සට යනවා. මේ මාස අටකට තියෙන අයවැයෙන් සියයට 90ක් ආපස්සට යන බව නම් විශ්වාසයි. මේ අයැවැය අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුයි. මේ අයවැය ජය ගැනීම ආන්ඩුවට ප්‍රශ්නයක්. මේ වෙද්දි ඡන්දය ගන්න විවිධ සාකච්ඡා තියෙනවා. වරප්‍රසාද, මුදල් ලබා දෙන්න අත්සාහ කරනවා. බැරිම නන් අයවැයට සහභාගි නොවී ඉන්න හරි වරප්‍රසාද දෙන්න හදනවා. ඒ නිසා ඔබගේ මන්ත්‍රීවරයා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අවබෝධයෙන් ඉන්න.
මලික් සමරවික්‍රම ඇමැතිවරයාගේ වැය ශිර්ෂයට ඡන්දය දෙන්න නොපැමිණි මන්ත්‍රීවරුන්ට විනය පරික්ෂණ ආරම්භ කර තිබෙනවාලු. එහෙම නම් අපි පරාජය කරපු වැය ශීර්ෂ දෙක සම්බන්ධයෙන් මෙවැනි පියවරක් ගත්තේ නැත්තේ ඒ වැය ශිර්ෂ දෙක පරාජය කරන්න ආණ්ඩුවෙනුත් උදව් කරපු නිසාද. මේක තමයි අද ආන්ඩුවේ තත්ත්වය. එජාපයේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ ඡන්ද අයිතිය පෙන්වන්න ක්‍රමවේදයක් නැහැ. ඒ පිපිරීම වැඩිකල් යන්න පෙර එලියට එනවා. සමහර විට අයවැය ඡන්දයේදී එළියට එන්නත් පුලුවන්. අපි නම් අනිවාර්යයෙන්ම මේ අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා.

මාධ්‍ය – අයවැය පරාජය වුනොත් ආන්ඩුව විසුරුවා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න සූදානමක් තියෙන බව කියනවා.
රමේෂ් පතිරණ – එවැනි යෝජනාවක් සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍යයි. අයවැය පරාජයට පත්වුනොත් අලුත් ආන්ඩුවකට ආරාධනා කරන්න ජනාධිපතිවරයාට අවස්ථාව තියෙනවා. එහෙම දෙයක් වුනොත් ඒ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් සලකා බලනවා.

මාධ්‍ය – අයවැය පරාජය කිරීමේ හැකියාවක් සංඛ්‍යාත්මකව තියෙනවාද.
රමේෂ් පතිරණ – දැනට ඒකාබද්ධ විපක්ෂයේ අපි සියලු දෙනා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු සහ ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු ඔක්කොම 101ක්. දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය හා අනෙකුත් සහාය දක්වන මුස්ලිහම් කොංග්‍රසය වැනි පක්ෂ එකතු වීමේදී ආන්ඩුවේ පිරිස බලාගන්න පුලුවන්. පරාජය වුනු වැයශීර්ෂ දෙකට ආන්ඩුවේ මන්ත්‍රීවරු හිතාමතා සහභාගි නොවුනු බවත් අපිට වාර්තා වුනා. ඒ වගේම අපිත් සමහර මන්ත්‍රීවරු සමග සාකච්ඡා කරනවා. අපි අත්සාහ කරනවා.

මාධ්‍ය – ඒකියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය මේ සදහා අවශ්‍ය වෙනවා .
රමේෂ් පතිරණ – සංඛ්‍යාත්මකව අවශ්‍ය වෙනවා. එජනිස විදියට 95යි. ජවිපේ 6යි. කිහිප දෙනෙක් එකතු වුනොත් පරාජ කරන්න පුලුවන්.

මාධ්‍ය -නමුත් ශ්‍රිලනිපයේ ඉන්න කිහිප දෙනෙක් දැනුත් ඉන්නේ එජාපයේ වගෙයි පේනනේ.
රමේෂී පතිරණ – ඇත්තෙන්ම එවැනි ජුගුප්සාජක තත්ත්වයක් තියෙනවා.ඒ පැත්තේ ඉන්නවා වගේ ඉදලා තීරණාත්මක අවස්ථාවක අපිට සහයෝගය දෙන් ඉඩ තියෙන අයත් ඉන්නවා.

මාධ්‍ය – රාජිත සේනාරත්න ඇමැතිවරයා කියනවා ඉදිරියේ හැදෙන පුලුල් සංවිධානයට ශ්‍රිලනීපයේ කෙනෙක්ගේ නායකත්වයෙක් පිරිසක් එජාපය වේදිකාවට එන බව. බැලුවම ඒක ඇත්ත වගෙත් පේනවා.
රමේෂ් පතිරණ – එතුමා එවැනි දේශපාලන ප්‍රකාශ කොහොමත් කරනවා. පසුගිය ඔක්තෝම්බර් ආන්ඩුවට එකතු වෙන්න හිටපු ප්‍රබල ඇමැතිවරු හිටියා. නම නරක් වුනු අය අරන් ආන්ඩුවක් හදන්න අපිත් අකමැති වුනා. එන්න අහපු අහපු හැම කෙනාම අරගන්න අකමැති වුන නිසයි අපිට 113 හදා ගන්න බැරිවුනේ. අපිත් කැමැති නැහැ එන හැම කෙනාවම ලංකර ගන්න. දේශපාලන වශයෙන් අපිටත් සමහර දේශපාලන නම් ලං කර ගන්න අපිටත් පිළිකුලක් තියෙනවා.

මාධ්‍ය – අයවැය සම්බන්ධයෙන් ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවක් තියෙනවා කියලා මාධ්‍ය වාර්තා කරනවා.
රමේෂ් පතිරණ – ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අඛණ්ඩව පවතිනවා. අපි විශ්වාස කරනවා ශ්‍රිලනිප මන්ත්‍රීවරු අයවැයට විරුද්ධ වෙයි කියලා.

මාධ්‍ය – අයවැය පරාජය කරගන්න බැරිවුනොත් මොකද කරන්නේ.
රමේෂ් පතිරණ – 2019 අපි හදුනාගෙන තියෙන්නේ විජයග්‍රහණයේ වසර විදියටයි. කවුරු එකග නොවුනත් නැතත් කල් තබන්න බැරි මැතිවරණයක් වෙන්නේ ජනාධීපතිවරණය. පළාත් සභා මැතිවරණය කල් තියාගන්න පුලුවන්. අපක්‍රම භාවිතා කරලා මහ මැතිවරණ්‍ය කල් තියාගන්නත් පුලුවන්. හැබැයි ජනාධීපතිවරණය සම්බන්ධයෙන් එවැනි පියවරක් ගන්න බැහැ. මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ අට වෙනිදායින් පස්සේ කැදවිය යුතුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මැතිවරණයක් පැවැත්විය යුතුයි. බලය ලබාගැනීමේ කෙටි මාර්ග නැහැ. අපි මැතිවරණයට සුදානම් වෙනවා.

මාධ්‍ය – 202 ජනාධීපතිවරණ අපේක්ෂකයා අනිවර්යයෙන්ම ශ්‍රීලනිප විය යුතුයි කියලා මහලේකම්වරයා කියනවා.
රමේෂ් පතිරණ – ඔවුන් අවසන් මෙහොත දක්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධීපතිවරයාට අපේක්ෂකත්වය දිනාගන්න උත්සාහ කරනවා. මේ වෙනතුරු මෛත්‍රීපාල සිරිසේන ජනාධීපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වෙන බව ප්‍රකාශ කරලා නැහැ. ඒ පක්ෂයේ නියෝජිත මහත්වරුන්ගේ පැත්ත අනුව සාධාරණයි. බලය සමගයි ජනතාව රැදී සටින්නේ. රදවාගැනීම පිණිසත් සත්‍ය ලෙසම නාමයෝජනා ලබා ගැනීමේ උත්සාහයතක් තියෙන්නේ. හැබැයි මහ පොලොවේ සත්‍ය නම් අපි ශ්‍රීලංකා පොදුජන පෙරමුණ විදියට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. එජාපයෙනුත් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙයි. තුන්වැනි අපේක්ෂකයෙක්ට ඉඩ නැති බව ඉතිහාසය පෙන්වා දිලා තියෙනවා. තුන්වැනි අපේක්ෂකයෙක් විදියට ඇවිත් වැඩිම ඡන්ද ප්‍රමාණ්‍යක් අරන් තියෙන්නේ නන්දන ගුණතිලක මහත්තයා. ඒ ඡන්ද තුන්ලක්ෂ පනස්පන්දහසක්. ඊට පසුව රෝහන විජේනවීර මහතා දෙලක්ෂ අසූතුන්දහසක් අරන් තියෙනවා. නන්දන ගුණතිලක මහතා එතරම් ඡන්ද ගත්තේ පක්ෂය හොද තැනක සිටින අවස්ථාවකයි. නැවත වතාවක් බලයට පත් කරන්නේ රටේ ආර්ථික අර්බුදයක් ඇති කරපු ආන්ඩුවද රට නිදහස් කරලා සැම අංශයකම ප්‍රවර්ධනයක් ඇති කරපු පැත්තේ කෙනෙක්ද කියලා මේ රටේ ජනතාව තීරණය කරයි.

මාධ්‍ය – අගමැතියවරයා එල්ත එන්. ජී බලාගාරය හම්බන්තොටින් ත්‍රිකුණාමලයට යවනවා.
ඩි. වි. චානක – මේ ආන්ඩුවට ලැබෙන කමිෂන් එක විතරයි අදාලයිත සමහර සමාගම් රටවල් කොමිෂන් දෙන්නේ නැහැ.
රමේෂ් පතිරණ – මේ ආන්ඩුවට විදුලි අර්බුදය සම්බන්ධයෙන් තියෙන්නේ වැසිදෙවියන් යැදීම විතරයි. වැහි නැති හෙණ පහත් වෙයිද කියන්න බැහැ. සැබෑ අර්බුදය හමුවේ බොරදියේ මාලු බාමින් පුද්ගලික හිතවතුන්ගෙන් මිලදි ගන්නයි සූදානම.

මාධ්‍ය – රජයේ ඉඩම් නොවටිනා මුදලකට අර්ජුන ඇලෝසියස්ට ලබාදීම ගැන ඔබලා දැනුම්වත්ද
අර්ජුන ඇලෝසියස් ට රජයේ ඉඩම් නොවටිනා මුදලකට දිම සම්බන්ධයෙන් අපි පරීක්ෂණයක් පවා ඉල්ලා තියෙනවා. අපි ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වැඩිතොරතුරු ලබා දෙනවා.

කරපු පාපකර්ම නිසා ඊළග ආත්මේ ආන්ඩුවේ නායකයෝ සත්තුවත්තේ…

අද (01) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

■ ජනාධිපතිවරයා හෝ විදේශ කටයුතු අමාතයංශය නොදැන ජිනිවා තානාපතිවරයාට උපදෙස් දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් ගන්නා පියවර මොනවාද
■ සුලුසිද්ධි සම්බන්ධයෙන් විදේශ ගමන් බලපත්‍රය අහෝසි කරනවා. නමුත් අර්ජුන මහේන්ද්‍රන් ට පැන යන්න අවස්ථාව දුන්නා.
■ එජාපයේ ජනතා විරෝධී වැඩපිළිවෙලට ශ්‍රිලනීපය හදවතින්ම විරුද්ධ නම් අප්‍රියෙල් පස්වෙනිදා එය පෙන්වන්න අවස්ථාව ලැබෙනවා.
■ ඉතිරි කාලයේ පරම්පරා ගණනකට සරිලන වීදියට උපයා ගැනීමයි ආණ්ඩුවේ ඉලක්කය වෙලා තියෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා
මෛත්‍රීපාල සිරිසේන ජනාධීපතිවරයා දැනුම්වත් නොකර ජිනීවා හී සිටින තානාපති අසීස් මහතාට එහි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග දැනුම්දීලා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක් දන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ අදහස් විමසලා නැහැ. ජනාධීපතිතුමා කියන විදියට විදේශ කටයුතු අමාත්‍යංශයේ කිසිදු අනුදැනුමකින් තොරව මේ නියෝග නිකුත් කර තිබෙන්නේ. මෙවැන්නක් අපේ රටේ ඉතිහාසයේ කිසිම දිනෙක වෙලා නැහැ. මේ නියෝග නිකුත් කරලා තියෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයට හෝ ජනාධිපති කාර්යාලයට කිසිසේත් සම්බන්ධ නොවන නිලධාරියෙක්. සංහිදියාව පිළීබද ඒකකයේ ප්‍රධානි මනෝ තිත්තවැල්ල මහතා විසින් මේ නියෝග නිකුත් කර ඇති බවයි කියන්නේ. දැන් හැමෝගෙන දෝෂාරෝපනයට ලක්වෙලා තියෙන්නේ අසිස් මහතාගේ ක්‍රියාකලාපයයි. ඔහු අඩුම තරමේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන්වත් විමසන්නේ නැතිව මේ ක්‍රියාමාර්ගවය අවතීර්ණ වුනේ. මෙයින් ජනිත වන ආනුෂංග බරපතලයි. අනාගත රජයක් වුනත් මේ සම්බන්ධයෙන් බැදී සිටිනවා. රජය පමණක් නෙවෙයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සෘජුව බලපැම් වෙනවා. උදාහරණයක් විදියට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අකුළාගෙන ඒ වෙනුවට අලුත් අණපනත් ආදේශ කිරීමට වෙනවා තානාපති අත්සන් කිරීමේ යෝජනාව නිසා. ඒ වගේම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙනුත් පොරොන්දුවක් වෙලා තියෙනවා. මේ නියෝග දුන්න පුද්ගලයින් සම්බන්ධයෙන් ගන්නේ මොන වගේ ක්‍රියාමාර්ගයක්ද. ලංකා ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ අපේ රට නියෝජනය කරන තානාපතිවරුන්ට උපදෙස් දීමේ පිළිවෙලක් තියෙනවා. මේක අර්ජුන මහේන්ද්‍රන් දෙක. පාර්ලිමේන්තුවේ එළිපිට බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා වෙද්දි ,මහජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වෙද්දි ඒ කිසිවක් නොතකා අර්ජුන මහේන්ද්‍රන්ට විදේශගතවිමට ඉඩ දුන්නා. ඒක නතර කරන්න තිබුණා. දැන් ඔහුව සිංගප්පූරුවෙන් ගෙන්වා ගන්න උත්සාහ කරනවා. ඒ පුද්ගලයා ලංකාවට ගෙන්වා ගැනිමට අවශ්‍ය තොරතුරු තවමත් එවා නැති බවයි සිංගප්පූරුව කියන්නේ. ඔහුට සිංගප්පූරුවට යන්න ඉඩ ඇරියා. නමුත් සුලු සිදුවීම් සම්බන්ධයෙන් කීදෙනෙක්ගේ විදේශ ගමන් බලපත්‍ර මේ වෙද්දි අහෝසි කරලා තියෙවාද. ශ්‍රී ලංකා ජනතාවට විශාල අලාභයක් කරපු පුද්ගලයාට ගුවන්තොටුපලෙන් ගුවන් යානයක නැගිලා යන්න අවස්ථාව හදලා දුන්නා. මේ නියෝග දුන්න පුද්ගලයින්ට විරුද්ධව දෝෂාරෝපනය කිරිම පමණක් සෑහෙන්නේ නැහැ. එදා ඔහු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. දැන් ඒ සිදුවීමෙන් අත්දැකීම් ගන්න පුලුවන්. ජනාධිපතිවරයා හෝ විදේශ කටයුතු අමාත්‍යංශය නොදැනුවත්ව මේ කරපු දේ ඉතා භයානක පූර්වාදර්ශයක්. මේ සම්බන්ධයෙන් පියවරක් නොගත්තොත් මින් පසු අපේ තානාපති සේවය මෙහෙයවන්නේ කවුද. විදේශ කටයුතු ඇමැතිවරයා හෝ විදේශ කටයුතු අමාත්‍යංශය කිසිම වගකීමක් ගන්නේ නැහැ. වෙන යම් යම් පුද්ගලයින්ට තමන්ගේ යම් යම් න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා රජය විදියට දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා.
අයවැය සම්බන්ධයෙන් තුන්වැනි වර ඡන්ද විමසීම අප්‍රියෙල් පස් වැනිදා සිදුවෙනවා. ඊට දවස් පහකට පස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ අතර තුන්වැනි සාකච්ඡෘ වටය පැවැත්වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අපි අතර කෙරෙන සාකච්ඡෘ වල ප්‍රධාන අරමුණ එජාප විරෝධී දැවැන්ත සන්ධානයක් නිර්මාණය කර එජාපයේ ප්‍රතිපත්ති පරාජය කිරීමේ වාතාවරණයක් සැකසිමයි. විහේෂයෙන් එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති පරාජය කිරීම. මේ නිසා අප්‍රියෙල් පස් වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න ක්‍රියාමාර්ග ඉතා වැදගත් වෙනවා. දෙවන වර කියැවීමේදි ශ්‍රී ලනීප මන්ත්‍රීවරු ඒකාබද්ධ විපක්ෂය සමග පැහැදිලි එකගතාවයකට පැමිණියා අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න. නමුත් අවාසනාවකට අවසන් මොහොතේ ඔවුන් ඡන්දය දීමෙන් වැලකී සිටියා. ඒ ක්‍රියාව හේතුවෙන් මේ වෙද්දි දෙගිඩියාවක්, අවිශ්වාසයක් ඇති වෙලා තියෙනවා අපේ පාක්ෂීකයින් තුල. මෙහි අරමුණ එජාප විරෝධී බලවේගයක් ගොඩනැගීමයි. විවාදයේදී ආන්ඩුව දැඩිව විවේඡනය කරන නමුත් ඡන්දය ගන්න අවස්ථාවේ එජාපය ආරක්ෂා කරන වැඩපිළීවෙලක් ශ්‍රීලනීපය අනුගමනය කරනවා නම් ඔවුන් සමග එජාප විරෝධී බලවේගයක් හදන්නේ කොහොමද කියලා ජනතාව විමසනවා. ඒ සැකය පාක්ෂිකයින්ගේ මනස තුල ඇති වෙලා. අපේ පැත්තෙන් සද්භාවයෙන් මේ සාකච්ඡා පවත්වන්නේ. මේ සාකච්ඡා සාර්ථක කරගෙන තීරණාත්මක අවස්ථාවක මේ සන්ධෘනය ඉදිරියට ගෙන ඒමේ අවශ්‍යතාවය අපි දකිනවා. නමුත් එක අතකින් අත්පොලසන් දෙන්න බැහැ. ඒ වුනු වැරැද්ද නිවැරදි කිරීමය අප්‍රියෙල් පස්වෙනිදා අවස්ථාව ලැබෙන නිසා එයින් උපරිම ප්‍රයෝජනයක් ශ්‍රීලනීපය ගනියි කියලා අපි හිතනවා. එක්කෝ එක්සත් ජාතික පක්ෂයට පක්ෂ වෙන්න වෙනවා. නැත්නම් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ වෙන්න වෙනවා. මොනවා කිව්වත් කෙරුවාව තමයි වැදගත් වෙන්නේ. එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති, මේ රටේ ජාතික සම්පත් විකිණීම, ඇමැතිවරුන්ගේ ප්‍රයෝජනය සදහා මුදල් වෙන්කරන අතරේ ජනතාවට දරාගන්න බැරි කරම් බදු පැටවීම, ශ්‍රී ලාංකිකයින්ට තියෙන රැකියා අවස්ථා නැතිකෙරෙන ආකාරයේ නිදහස් වෙළෙද ගිවිසුම්වලට ඇතුල්වීමට හදවතින්ම විරුද්ධ නම් එය තුන්වැනිවර ඡන්දය විමසීමේදි පෙන්වන්න පුලුවන්. එසේ නොකරන්නේ නම් මේ සාකච්ඡාවලින් අපි අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබා ගන්න අසිරුතාවයක් ඇති වෙනවා. එසේ නොවේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.
එජාප රජය මේ රට පාලනය කරන්න කිසිම උනන්දුවක් උද්යෝගයක් නැති බව දැන් පේනවා. අයවැය විවාදය සාකච්ඡාවට ලක්වෙද්දි, පාර්ලිමේන්තුවේ අයවැය ලේඛණය තරම් වැදගත් පනතක් නැහැනේ. නමුත් වැය ශීර්ෂ දෙකක ඡන්ද ගන්න කොට ආන්ඩුපක්ෂයෙන් එක අවස්ථාවක 38යි. අනෙක් අවස්ථාවේ 24යි. අමාත්‍යංශයවලටමුදල් වෙන් කිරීම සිදුවන අවස්ථාවේ පෙනී සිටින්නේ මන්ත්‍රීවරු 24ක් පමණයි. එයින් පේන්නේ මේ සම්බන්ධයෙන් කිසිම උද්යෝගයක් නැතැ බවයි. උනන්දු වෙන්නේ වැටුප් දිමනා වරදාන ලබාගැනීමට විතරයි. වරදාන භාරගන්නවා නම් අඩුම තරමේ ජනතාවගේ දෛනික අවශ්‍යතා හෝ සැපිරිය යුතුයි. විදුලිය විතරක් නෙවෙයි දැන් වතුරත් නැහැ. සාමාන්‍ය ජනතාවට වතුර නැති වුනාට ඇමැතිවරු පදිංචි වෙලා ඉන්න පැතිවලට වතුර දීලා. දැන් ජාතික ආන්ඩුවක් හදන්න හැදුවා. ඒක ආන්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී වැඩපිළීවෙලක්. 19 වැනි සංශෝධනයෙන් කැබිනට් මණෟඩලපයට උපරිම සිමාවක් තියෙනවා. ශ්‍රීලනිප මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ගිහින් ජාතික ආන්ඩුවක් හදන්න බැහැ. එය දැන් කවුරුත් පිළිඅරන් තියෙනවා. දැන් විකල්පය කැබිනට් ඇමැතිවරු බැරිනම් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දෙන්න සූදානම්ක තියෙනවා. තව මාස හයක කෙටි කාලයයි තියෙන්නේ. මේ රජයේ ආයුෂ කොට නිසා ඒ සිමිත කාලයේ ගන්න පුලුවන් සියලු දේ අරගෙන සාක්කු පුරවා ගැනීමයි අරමුණ වෙලා තියෙන්නේ. විවිධ විවේඡන දෝශාරෝපණ මැද මහින්ද රාජපක්ෂ මහත්තයා නොරොච්චෝලේ හැදුවා. ඒක නොහැදුනානම් අද මේ විදියටවත් විදුලිය දෙන්න ලැබෙන්නේ නැහැ. මේ රජය සාම්පූර් බලාගාරය පිළීබද වැඩපිළිවෙල සම්පූර්ණයෙන් නතර කළා. කෙරවලපිටිය විදුලිබලාගාරය සම්බන්ධයෙන් අපි කාටත් වඩා විවේඡන එල්ල කලේ ජර්මන් තානාපතිවරයා. අදහා ගන්න බැරි තරම් මහා පරිමාන දූෂණ කෙරවලපිටිය සම්බන්ධයෙන් ඇති වෙලා කියනාව. විදුලි බලය නැතිව ජීවත් වෙන්න බැරි නිසා හදිසි අවස්ථාවක් ඇති වුනා කියන පදනම මත පුද්ගලික අංශයෙන් විදුලිබලය ලබාගන්න වුවමනාවෙන් ඇති කරපු තත්ත්වයක් තියෙන්නේ. මේ හදිසි අව්සථාවට මුහුණ දෙන්න කියන තර්කයයි රටට පෙන්වන්නේ. ඒ අනුව ඒෂියා පවර් කියන සපුගස්කන්දේ තියෙන පුද්ගලික සමාගමකින් මෙගාවොට් 50ක් අතිවිශාල මුදලකට ලබාගන්නවා. තවත් පුද්ගලික සමාගමකින් මෙගාවොට් 24ක් ගන්න සූදානම්. මේවායින් අදාල පුද්ගලයින්ගේ පසුම්බිවලට යන මුදල් මිලියන වලින් ගනින්න වෙනවා. ඉතිරි කාලයේ පරම්පරා ගණනකට සරිලන වීදියට උපයා ගැනීමයි ඉලක්කය වෙලා තියෙන්නේ. මේ නිසා ජනතා අධිකරණයට යා යුතුයි. ඒනිසයි අපේ හිටපු මහ ඇමැතිවරු දෙන්නෙක් වන මහිපාල හේරත් සහ එස්. එම්. රන්ජිත් මැතිවරන්‍යක් ඉල්ලා අධීකරණයට ගිහින් තියෙන්නේ. රජය මහා පරිමාන වංචා දූෂණ නිසා මැතිවරණයක් පවත්වන්න සූදානමක් නැහැ. අද අබීයාචානාධිකරණයේ නඩුව ඇහෙනවා. මේ මගඩි සියල්ල මධ්‍යයේ රජය පිළීබද ජනතා මතය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් දෙන්න කියලයි අපි කියන්නේ.

■ බොරුවාගේ දවසේත් අපේ අගමැතිතුමා හොදම බොරුව කියලා
■ අයවැය මග ඇරියේ එජාපයේ පසුපෙල හයිය පෙන්වන්නයි ඒජාප මන්ත්‍රීවරු කියද්දි අගමැතිවරයා ඒක විපක්ෂය මත පටවන්න උත්සාහ කරනවා. අපි කලේ විපක්ෂයේ කාර්යභාරයයි
■ කරපු පාපකර්ම නිසා විදුලි බල ඇමැති ඊළග ආත්මේ ඔටුවෙක් නැත්නම් බකමූනෙක්. මුදල් ඇමැති කපුටෙක්. ආන්ඩුවේ නායකයෝ සත්තුවත්තේ.
■ ආන්ඩුව පැරදුනොත් මහින්ද රාජපක්ෂ නැවත බලයට එන නිසා ආන්ඩුවට සහාය දෙන්න සූදානම් වෙන දෙමළ සංදානය පහුගිය කාලයේ විපක්ෂ නායකධුරය අරන් ආන්ඩුවට සහාය දිදී හිටපු බව පැහැදිලියි

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා
අද දවස ඉතාම වැදගත්. අද දවස මේ රටේ බොහෝ දෙනෙක් උදේ නැගටපු ගමන් තමන්ගේ හිතවතුන්ට බොරුවක් කියලා රවටන දවස. බොරුවගේ දවස. මේ දවස හරියටම ගැලපෙන්නේ යහපාලන ආන්ඩුවට. ඒ කියන්නේ යහපාලන ආන්ඩුවේ නායකයිනගේ දවස. ඒ අයට හොද දවසක් නිසා පුලුවන් තරම් බොරු කියන්න පුලුවන්.අගමැතිතුමා අද දවසේත් හොදට වැඬේ කරලා. එතුමා කියනවා මේ මාසෙන් පස්සේ ප්‍රාදේශීය සභා හා පළාත් සභා වලට මුදල් නැහැලු. අගමැතිතුමා මෙහෙම කියන්නේ ඇයි. පහුගිය 278 වැනිදා ස්වදේශ කටයුතු හා පළාත් පාලන , බස්නාහිර සංවර්ධන හා නගර සභා වැය ශීර්ෂය පරාජය වුනා. දැන් අගමැතිතුමා කියනවා ඒක පරාජය කලේ විපක්ෂය. ඒ නිසා මේ රටේ ග්‍රාමසේවකවරුන්ට පඩි ගෙවන්න සල්ලි නැහැලු. අගමැතිතුමා ඒ ප්‍රකාශය කරන අතරේ අද ලංකාදීප පුවත්පතට එජාප මන්ත්‍රී ඉසාඞ් රහිමාන් කියනවා අයවැය මගහැරියේ එජාපයේ පසුපෙලේ හයිය පෙන්වන්න කියලා. දැන් වික්‍රමසිංහ මහත්තයා අද දවසට ගැලපෙන්නේ නැත්ද. සිංහල අවුරුද්දට රාජ්‍ය නායකයෝ කිරිබත් කනවා. වෙසක් දවසට පන්සල් යනවා. නත්තල් දවසට පල්ලි යනවා. අපේ අගමැතිතුමාත් අද බොරුවගේ දවස නිසා හොදම බොරුව කියනවා අද දවෙස් වාර්තා කරන්න. එතුමා හැමදාම බොරු කියපු කෙනා. වොක්ස්වැගන් කොම්පැණියවත් නොදැන මෙහෙ අනුශාඛාවක් හැදුවා. මෑත භාගයේදී ඕමාන රාජ්‍ය නොදැන තෙල් පිරිපහදුවකට මුල්ගල තිබ්බා. ලක්ෂ දහයකට රැකියා දදෙනවා කිව්වා. ඒ වගේම රත්තරන් බඩු බේරලා දෙනවා කිව්ව අගමැති. මෝටර් බයිසිකල් දෙනවා කිව්ව. තෙමි තෙමි යන අයට නොතෙමි යන්න පුංචි කාර් දුන්න අගමැති. කප්පරක් බොරු කියපු මෙහෙම අගමැති කෙනෙක් ලෝකෙම නැහැ. මේ වෙද්දි විදුලි කප්පාදුවක් වෙනවා. දවල්ට පැය තුනයි. රෑට පැයයි. රමේ මිනිස්සු කලුවරේ. වතුර නැහැ. කොළඹ නගරයේ මහල් නිවාසවල ඉන්න අයට වතුර නැති වුනාම ඉතාම අපහසුතාවයට පත්වෙනවා. රජයට හෝ මැතිඇමැතිවරුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙන අවස්ථාවල මෙවැන්නක් වෙනවා නම් ඊට විසදුම් දෙනවා. ඊළග ආත්මයේ විදුලි බල ඇමැතිවරයා කොහොම ඉදියිද දන්නේ නැහැ. බකමූණාට දවල්ට පේන්නේ නැත්තේ ගිය ආක්මේකරපු පෙර කරුමෙකට. මේ රටේ විදුලි බලඇමැතිවරයා මිළග ආත්මේ බකමූනෙක් වෙනවා. නැත්නම් කාන්තාරෙක ඔටුවෙක් වෙලා ඉපදෙනවා.ත වතුර දෙන්නෙත් නැහැ. ලයිට් දෙන්නෙත් නැහැ. මිනිස්සුන්ව කරුවගේ තියපු පාපකර්මයට අහුවෙනවා. ඒ වගේම මුදල් ඇමැතිවරයාත් ඒ පාපකර්මයට අහුවෙනවා. සිංහල අවුරුද්දට දෙන පඩි පැකට් එක මාසෙ කෑමටත් මදි. මුදල් ඇමැතිවරයාත් කපුටෙක් වෙලා උපදියි. කපුටක්ට මොනතරම් කෑවත් බඩකිනියි. සමහරු එළගි තෙල්වල පොගවපු පහන් තිර දෙනවා කපුටන්ට කන්න. ටික වෙලාවක් හරි බඩගින්නක් නැතිව ඉන්න පුලුවන් වෙන්න. මේ යහපාලන ආන්ඩුවෙ ඉන්න අය ඊළග ආත්මේ උපදින්නේ සත්තු වත්තේ.ඒ තරමට පාපකර්ම කරගත්තා පත්වුනා වසර හතරක කාලයේ. අපි දැක්කා පහුගිය සතියෙ එක්තරා පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කළා. රනිල් වික්‍රමසිංහ ආන්ඩුව පෙරලුනොත් මහින්ද රාජපක්ෂ නැවත බලයට එන නිසා අයවැයට පක්ෂව ඡන්දය දෙන්න තීරණය කළාලු. ගෝඨාභය ජනාධීපතිවෙන්න දකින සිහනය අතහරින්න වෙනවා කියලා මේ විදියට කියන්නේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක්. අද සිංහල දෙමළ මුස්ලිම් ජාතින් තුනම බෝම්බ පිපිරෙන්නේ නැති රටක ජිවත් වෙනවා. මහින්ද රාජපක්ෂ මහතාත්, ගෝඨාභය රාජපක්ෂ මහතාත් රණවිරුවොත් නිසා මේ විදියේ පරිසරයක් හැදිලා තියෙද්දි ශ්‍රී දරන් කියන්නේ එල්. ටි. ටි. ඊ එක තිබුණ කාලේ හොදයි කියලයි. ගෝඨාභය රාජපක්ෂ එක් ලක්ෂ හතළිස් දහසක් මැරුවා කියලා ශ්‍රිදරන් කියන්නේ දෙමළ ජනතාව අතර වෛරය පතුරවන්නයි. අයවැය පැරදුනොත් ආන්ඩුව පාරාදය. ආණ්ඩුව පැරදුනොත් එන්නේ මහින්ද රාජපක්ෂ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ එනවාට කැමැති නැහැ. ඇත්ත. මහින්ද රාජපක්ෂ ආවාම ඊලාම් ගන්න බැහැ. නැවත එල්. ටි. ටී. ඊයට නැගිටින්න බැහැ. ඒ නිසා මහින්ද රාජපක්ෂ එනවාට කැමැති නැති නිසායි මේ වගේ ප්‍රකාශයක් කරන්නේ. ශ්‍රී දරන් මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය කරන කොට බලන්න පාර්ලිමේන්තුවේ 16ක් ඉන්න දෙමළ ජාතික සන්ධානයට විපක්ෂය නායක ධූරයත්, හයක් ඉන්න ජවිපෙට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම දුන්නා. ඒ ආන්ඩුවට සැබෑ විපක්ෂයක් තිබුණාද කියලා මේ ප්‍රකාශයත් එක්ක සලකා බලන්න. විපක්ෂයේ නායකවරයෙකුට නිලවාහන දීලා, කාර්යාල දීලා තියෙන්නේ විපක්සයේ කාර්ය භාරය ඉටුකරන්න. විපක්ෂනායකකම තියන් හිටපු සම්බන්ධන් මහතා ඇතුළු කණ්ඩායම ඒ කාලේ විපක්ෂ නායකකම කරලාද. නැහැ. ආන්ඩුවට කඬේ ගිහින්ලා. ජනතා විමුක්ති පෙරමුණත් ආන්ඩුවට කඬේ ගිහින්. එදා ඒකාධීපති වියරුව කියමින් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පැත්තට ඇගිල්ල දිගු කරගත්ත අයට තමන්ටම ඇගිල්ල දිගු කරගන්නයි දැන් සිද්ධ වෙන්නේ. එදා ඒකාබද්ධ විපක්ෂයේ 51 දෙනා කෙළීන් හිටගෙන නොහිටියා නම් අද විපක්ෂයක් තියෙනවාද. අද නම් සැබෑ විපක්ෂයක් බිහිවෙලා තියෙනවා. අද මිනිස්සුන්ට හඩ යනවා. එදා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදියට පාර්ලිමේන්තුවේ කතා කරන්න තිබෙන අයිතිය නැති කළා. විපක්ෂයට හිමි වුනු කතා කිරීමේ කාලයෙන් වැඩි කාලයක් ගත්තේ දෙමළ ජාතික සන්ධානය. ඊළගට ජනතා විමුක්ති පෙරමුණ. අපි 51 දෙනාට ලැබෙන්නේ විනාඩි 50යි. ඒක 51න් බෙදන්නත් බැහැ. නැගිටලා කතානායකතුමනි කියපු ගමන් බෙල්ලෙන් අල්ලලා වාඩිකරනවා. ඒ නිසා ශ්‍රීදරන් මන්ත්‍රීවරයාගේ කාතවෙන් එළීයට එනවා දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ට දොලපිදේනි දීලා අයට වැයට අත ඔසවා ගන්න බව. දෙමළ සන්ධානය දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට තමන්ගේ සුඛ විහරණය වෙනුවෙනුයි පෙනී සිටින්නේ. දැන් සම්බන්ධන් මන්ත්‍රීවරයාට දිලා තියෙනවා නිල නිවසක්. මමත් පාර්ලිමේන්තුවේ වසර 20ක් සිටිය නිසා මේ දේවල් ඉල්ලන්න බලන් ඉන්නේ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ හීනය ගැනත් ශ්‍රීදරන් කියනවා. හීනය සැබෑ වෙන හැටි එතුමාට දැක ගන්න පුලුවන් වෙයි. සරත් පොන්සේකා මහත්තයාත් කියනවා ජනාධිපතිවරණයට කළින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිරේ යයිද දන්නේ නැහැලු. කොහොමද ඒ වැඬේ. දැන් නඩු තියෙන්නේ විශේෂ අධීකරණයේ. ඒ අධීකරණයේ තීන්දුව ගැන කියන්නේ තවම සාක්ෂි ලබා ගැනීමක්වත් ආරම්භ වෙලා නැති වෙලාවකයි. දැන් බලන්නේ ගොටාභය රාජපක්ෂ මහතාව මොනවාට හරි හිර කරන්න පුලුවන්ද කියලයි. ඒ නිසා අපි අධීකරණයෙන් ඉල්ලා සිටිනවා අධීකරණ්‍යට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවරක් ගන්න කියලා.
ජවිපේ විජිත හේරත් මන්ත්‍රීවරයා රැස්විමක් අමතමින් සිටිනවිට ලයිට් යනවා.තත්ත්පර ගානකින් ලයිට් ආපු ගමන් කියනවා බලන්න මේ ආන්ඩුවේ හැටි . අපි ජෙනරේටරයෙන් තමයි දැන් වැඩ කරන්නේ කියලා. එතුමා මුල අමතක වීමේ පෙත්තක් බීලා ආවද දන්නේ නැහැ. ඒ කඬේ කඩු හොද නැහැ. මේ කඬේ බඩු හොද නැහැ. කියලා හොරෙන් හොරෙන් එජාපෙත් එක්ක ආන්ඩුව හදලා දැන් ආන්ඩුව හොද නැහැ කියනවා. ජවිපේ ට මේ ආන්ඩුව විවේඡනය කරන්න කිසිම අයිතියක් නැහැ. මේ ආන්ඩුව කරන වැරදිවල සියයට තිහක වගකීම ජවිපේ ගන්න වෙනවා. නැති බොරු කියලා, ඒ බොරු පැල කරලා මේ ආන්ඩුව ගෙනත් ඒ අවලාදයෙන් බේරෙන්න දැන් මිනිස්සු ඉස්සරහ බොරු කියනවා. මේ නයාව ඔඩොක්කුවේ දාගත්තේ අපිද . නැහැ. ජනතා විමුක්ති පෙරමුණයි.

මාධ්‍ය – වැය ශීර්ෂය පරාජ වුනාට පස්සෙ වැටුප් ගෙවන්න සල්ලි නැහැ කියනවා.
රෝහිත අබේගුණවර්ධන මහතා – ආන්ඩුවෙන් පිටට පළාත් පාලන ආයතන දුන්නොත් සල්ලි දෙන්නේ නැහැකියලා මැතිවරණය කාලයේ අගමැතිවරයාකිව්වා. පළාත් පාලන ආයතනවලට සත පහක් දුන්නේ නැහැ. අමු බොරු. වැය ශීර්ෂය පරාජය වුනේ අපේ වරදින්ද. අපි විපක්ෂයේ කාර්යභාරය ඉටු කරලා තියෙන්නේ. අපිට අවශ්‍ය ආණ්ඩුව ගෙදර යවන්න. වැටුප් ගෙවන්න සල්ලි නැත්නම් පස්වෙනිදාට අයවැය පැරදෙන්න ඇරලා මැතිවරණයකට යන එකයි.
ජි.එල් පීරිස් මහතා – අපේ කාලයේ හිටපු මහනුවර නගරාධිපතිවරයා කිව්වා මහනුවර ජනතාවගේ සේවය සදහා මුදල් හොයාගත්තේ යම් යම් නිර්මාණශීලි වැඩපිළීවෙල හරහා කිව්වා. පොහොට්ටුවට බලය දුන්නොත් ඒ ආයතනයට රජයෙන් සත පහක් දෙන්නේ නැති බව අගමැති වරයා සහ ඇමැතිවරු කිව්වා. ඒ ප්‍රකාශයෙන් ජනතාව සැලුනෙත් නැහැ. අපි සැලුනෙත් නැහැ. ඒ තර්ජන මැද අපි පළාත් පාලන ආයතන ජයගත්තා.

මාධ්‍ය -මත්ද්‍රව්‍ය වැටලීම් වේගවත් කරන්න මේ වෙද්දි ජනාධිපතිවරයා පියවර අරන් තියෙනවා.
රෝහිත අබේගුණවර්ධන – මත්ද්‍රව්‍ය වැටලීම් කරන පොලීසිය, ඇතුලු ආර්කෂක අංශ අපි අගය කරනවා. මරණීය දණ්ඩනය නියම කරන්නත් සූදානම් වෙනවා. මත් උවදුර නතර කරන්න ගන්න පියවර සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට අපේ සහාය ලබා දෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පළාත් සභා සංසදයේ සභාපති , සබරගමුව පළාත් සභාවේ සභාපති, කංචන ජයරත්න මහතා ද මේ අවස්ථාවට සහභාගි වූයේය.

ජිනීවා තානාපතිවරයා වහාම මෙරටට ගෙන්වන්න

අද (28) දින පැවැති මාධ්‍ය හමුව

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා
ජිනීවා හි තානාපති අෂීස් මහතා නැවතත් 30-1 යෝජනාවට අත්සන් කර නැවත වරක් මේ රට පාවාදෙන බව අපි පහුගිය කාලයේ දිගින් දිගටම ප්‍රකාශ කළා. වත්මන් මුදල් ඇමැතිවරයා විදේශ ඇමැතිවරයා සමයේදි මේ යෝජනාව හරහා රට පාවා දෙන බවත් අපි ප්‍රකාශ කළා. දැන් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාම ප්‍රකාශ කරනවා රටත් හමුදාවත් ජනතාවත් සියලුදේමත් ජිනීවාවල ඉන්න තානාපතිවරයා පාවාදි ඇති බව. මේක විදේශ කටයුතු අමාත්‍යංශය දන්නෙත් නැහැ. විදේශ කටයුතු ලේකම්වරයා දන්නෙත් නැහැලු. රටේ නායකයා විදියට ජනාධිපතිවරයායි මේ සියලු පත්කිරීම් කරන්නේ. මේ යෝජනාවට අත්සන් කිරිම හරහා රට පාවාදිමක් සිදුවෙන බව අපි කරපු ප්‍රකාශය අද ජනාධිපතිවරයාම ප්‍රකාශ කිරිම හරහා පැහැදිලි වන්නේ පහුගිය කාලය පුරාම අපි කියපු කතාව සත්‍යයක් බවයි. වත්මන් ජනාධීපතිවරයා මේ ප්‍රකාශය කිරීම ගැන අපි සතුටු වෙනවා.
එදා ඔස්ට්‍රියාවේ හිටපු තානාපතිවරිය වුනු ප්‍රියානි විජේසේකර මහත්මියව ජනාධිපතිතුමාට පැයගාණක් දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට නොහැකි වීම හේතුවෙන් නැවත මෙරටට කැදවිමට පියවර ගත්තා. තානාපති කෙනෙක්ට කතා කරන්න බැරි නකම් ඒ තානාපතිගෙන් වැඩක් නැහැ. අද තියෙන්නේ දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම වගෙ කාරණයක් නෙවෙයි. රට පාවා දීම සම්බන්ධයෙන් චෝදනාවක්. මේ රටේ රාජ්‍ය නායකයා වගේම පත්කිරිම් සදහා ව්‍යවස්ථාවෙන් බලය තියෙන පුද්ගලයා විදියට ජිනිවා වල ඉන්න මේ තානාපතිවරයාව නැවත මෙරටට කැදවන්න කියලා අපි ඉල්ලා සිටිනවා. තානාපතිවරයා කරපු දේ හෙළාදැකලා, ඔහුට විරුද්ධව අදහස් දැක්වූ ආකාරය අපි දැක්කා. ඒ කතා කරා වගේම රට පාවාදුන් තානාපතිවරයා මෙරටට කැදවා රට වෙනුවෙන් කතා කරන්න පුලුවන් කෙනෙක් ඒ රටේ තානාපති විදියට පත්කරන්න.
එජාප ආණ්ඩුවේ අය කිව්වා මේ රටේ දෙමුහුන් අධිකරණයක් ඇති කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ විදේශ කටයුතු ඇමැතිවරයා කෙළින් කතා කළාලු.නමුත් ජනාධිපතිවරයා කිව්වා විදේශ කටයුතු ඇමැතිවරයා කතාකරපු හැටි. ජනාධිපතිතුමා මේ කතාව හදලා දුන්නේ නැත්නම් විදේශ කටයුතු ඇමැතිවරයා කියන්නේ මිට වඩා වෙනස් කතාවක් බව කිව්වා. රටේ දෙමුහුන් අධිකරණයක් ඇතිවිම වැලැක්විම සදහා ජනාධිපතිවරයා මේ විදියට මැදිහත් වීමත් අපි අගය කරනවා. එදා 2001 චන්ද්‍රිකා මැතිණිය ජනාධිපතිවරයා සමයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරා වුනා. එදා පාර්ලිමෙන්තුවත් , කැබිනට් එකවත් දන්නේ නැතිව ප්‍රභාකරන් එක්ක සටන් විරාම අත්සන් කලේමේ රනිල් වික්‍රමසිංහමයි. එතුමා කවදාවත් රටේ අගමැතිවරයා වුනාම ජනාධිපතිවරයා ගණන් ගන්නේ නැහැ. මේකට අගමැතිවරයාගේ මුලිකත්වය නොතිබුනා නම් කෙරෙන දෙයක් නෙවෙයි. පත්තරවල ගියා ආයෙත් ජාතික ආන්ඩුවක් හැදෙන කතාවක්. මේ තත්ත්වය අනුව එවැනි දෙයක් වෙයි කියලා අපි හිතන්නේ නැහැ.
ඉස්සර මත්ද්‍රව්‍ය ඇල්ලුවේ ග්රෑම්වලින්. ඒවා කිරන්න ගෙන ගියේ පොඩි තරාදි. දැන් පිටකොටුවේ තියෙන බලාන්ස ගෙනියන්න වෙලා කුඩු කිරන්න. ඒ තරම් කුඩු අල්ලනවා පොලීසිය. මේ විදියට සේවය කරන පොලීසියේ බටා එක වැඩි කරන්න කියලා පොලීසිය භාර ඇමැතිවරයා විදියට ජනාධිපතිවරයා සදහන් කළා. රුපියල් 400 ගණනේ 24ක් දෙන එක 800 ගානේ 21 දක්වා වැඩිකළා. 400 ගානේ 24ක් කියන්නේ 9600යි. ජනාධිපතිතුමා කිව්වා 800 ගානේ 21ක් , ඒ කියන්නේ 16800ක් වැඩියෙන් දෙන්න කියලා. දැන් ආන්ඩුව ඒ චක්‍රලේඛණය වෙනස් කරලා 800 ගානේ 14ක් කියලු අලුත් චක්‍රලේඛණයක් යවනවා. ඒ කියන්නේ 11200යි. වැඩිවෙලා තියෙන්නේ 1200යි. ජනාදීපතිතුමා වැඩිකරපු එකෙන් 5600ක් අඩු කරලා. මේකෙන් පේන්නේ මතුද්‍රව්‍ය උවදුර මේ රටෙන් තුරන් කරන එක වළක්වන්න ආන්ඩුව උත්සාහ කරන බවයි. ඒ වුනාට පාර්ලිමේන්තුවේදි කියනවා අපි තමයි පොලිසියේ බටා එක වැඩිකලේ කියලා. ඒ වුනාට ජනාධිපතිතුමා දෙන්න කියපු එකවත් ඒ විදියට දෙන්නේ නැහැ. ආන්ඩුව මැදිහත් වෙලා කපනවා. ජනාධිපතිතුමා කිසියම් පියවරක් ගත්තොත් ආන්ඩුවේ ඉන්න ඇමැතිවරු ඒවා වෙනස් කරනවා. ජනාධිපතිගේ වැය ශීර්ෂය පැරැද්දුවේ නැති වුනාට කියන්න තියෙන සියලුම දේවල් ටික කිව්වා. හැම අතින්ම මේ රට යන්නේ ආගාධයට. අපි මාධ්‍ය හමු තියලා මොන දේවල් කිව්වාත් නිව්ස් බලන්න විදුලිය නැහැ.
නැවතත් රටේ විධායක ජනාධිපති විදියට, ආන්ඩුවේ ප්‍රධානියා විදියට ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව රට පාවාදුන් තානාපතිවරයා මේ රටට කැදවන්නයි කියල ඉල්ලීම ජනාධිපතිවරයාගෙන් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තේණුක විධානගමගේ මහතා
අද රට විදුලි අර්බුදයකට මුහුණ දිලා. දවසකට පැය ගාණක් විදුලිය කපනවා. ව්‍යාපාරිකයින් ඇතුළු සියලුම ජනතාවට මේක ප්‍රශ්නයක්. මීට වසර 4ට කළින් මේ රටේ අඛණ්ඩව පැය 24 පුරාම විදුලිය ලබා දුන්න රට බවට අපේ රට පත්වෙලා තිබුණා. ඒ රට අද දවසකට පැය ගාණක් විදුලිය විසන්දි කරන රට වෙලා. එදා දකුණු ආසියාවේ විදුලි කප්පාදු කරපු රටවල් අද වෙද්දි අඛණ්ඩව ජනතාවට විදුලිය දෙන රටක් බවට පත්වෙලා. ලංකාව හා නේපාලයි අද විදුලි කප්පාදු කරන රටවල් වෙලා තියෙන්නේ. බොරුවට මාධ්‍ය සංදර්ශන තියනවා විතරයි. පහුගිය වසර 4ක කාලය පුරා ජනතාවට අඛණ්ඩව විදුලිය දෙන්න ක්‍රමවේදයක් ඇති කරන්න ආණ්ඩුව කිසිදු පියවරක් අරන් නැහැ. මිට අවුරුදු ගාණකට කලිනුත් අද වගේ විදුලිය කැපුවා. ඒ විතරක් නෙවෙයි විදුලි අර්බුදයට විසදුමක් විදියට ඔරලෝසු කටුවත් කරකවපු කාලයක් තිබුණා. මේ රජය පත්වුනදා ඉදලා ජනතාවට ප්‍රශ්න. පහුගිය දවසක අගමැතිගේ උපන් දිනයට අත්සවයක් තිබ්බා.ඊට කලින් වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ඉදිකරවයා කියලා මුල්ගලක් තිබ්බා. ටයර් කර්මාන්ත ශාලාවක් හදනවා කියලා මුල් ගලක් තිබ්බා. ඒ කිසිවක් වුනේ නැහැ. ආයෝජකයෝ කියලා ගෙන්වා ගෙන තියපු මුල්ගලත් මුල්ගලත් විතරයි. මාධ්‍ය සංදර්ශන නවතලා ජනතාවට විදුලිය දෙන්න අවශ්‍ය පියවර ගන්න. යෝජනාවක් ගේන්න නැවත මේ රටට නොකඩවා විදුලිය ලබාදනෙ. විපක්ෂය විදියට අපිත් අත ඔසවනවා. පහුගිය කාලයේ රටේ වුනුවිනාශයන් සියල්ලට මේ රජය වගකිව යුතුයි.

ප්‍රශන – ශ්‍රී දරන් මන්ත්‍රීවරයා කියනවා ඔබලාගේ අපේක්සකයෙක්ට බලයට එන්න දෙන්නේ නැහැ කියලා.
ජානක වක්කුඹුර – නැහැ . එහෙම නෙවේ. ශ්‍රී දරන් කියන්නේ රාජපක්ෂවරුන්ට නැවත බලයට එන්න දෙන්නේ නැති බවයි. ඒ නිසාලු ආන්ඩුවට සහාය දෙන්නේ. ඇයි ශ්‍රී දරන්ලාගේ ඉල්ලීම තමයි මේ ජිනීවාවල ඉල්ලන්නේ. එහෙම නැතිව අයවැය ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ජිනීවා වලට ආන්ඩුව සහාය දෙනවා. ආන්ඩුව සහයා දුන්න නිසයි රාජපක්ෂවරුන්ට එන්න දෙන්නේ නැහැ කියන්නේ. මේ හඩ ආන්ඩුව ඒ අය එක්ක ඉන්නව නිසයි. ඒ අයත් අද නිදහසේ කතා කරන්නේ මහින්ද රාජපක්ෂමහතා රට නිදහස් කරගන්න දේශපාලන නායකත්වය දුන්න නිසයි. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ සියලු දෙනාට එක විදියට සලකන කෙනෙක්. සිංහල, දෙමළ , මුස්ලිම් කියන බේධයක් එතුමා ළග නැහැ. ශ්‍රී දරන්ලා කවදාවත් අපේ ආන්ඩුවකට සහාය දුන්නේ නැහැ.ආන්ඩුව ගත්ත වෙලේ ඉදන්කරන්න තියෙන සියලුම දේ කලා. පාර්ලිමේන්තුව ගැන තීන්දුවක් ගන්න අධිකරණයට යද්දි අපේ අධීකරණය ස්වාධීනයි. නමුත් ජිනීවා ගිහින් කියනවා අධීකරණය ස්වාධීන නැහැලු. ජනාධිපති පාර්ලිමේන්තුව විසුරවද්දි ගිහින තීන්දුව ගනිද්දි අධීකරණය ස්වාධීනයි කිව්වා. ශ්‍රී දරන්ලාට අවහ්‍ය විදියට අපි වැඩ කරනනේ නැහැ. නමුත් ද්‍රවිඩ ජනතාවගේ සැබෑ අවශ්‍යතාවයන් වෙනුවෙන් කැපවෙනවා. උතුරු නැගෙනහිර විදුලිය නැතිව තියෙන කොට මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් සියලු ජනතාවට විදුලිය ලබා දුන්නා. දැන් විදුලි ඉංජිනේරුවරු කියන්නේ අලුතින් බලාගාරයක් හදනවා නම්වසර හතරක් යන බවයි. ඒ වුනාට වාර්ෂිකව විදුලි අවහ්‍යතාවය වැඩිවෙනවා. එදා නොරොච්චෝලේ හදන කොට කිව්වේ චිනය අයින් කරපු යකඩ ගොඩක් කියලයි. නමුත් විගණකාධිපතිතුමා කිව්වා ඒ වියදම් කළා වගේ දස ගුණයක් ලාභයිලු. අපි භය වුනේ නැතිව විදුලි බලාගාරය හැදුවා. එදා කරූ ජයසූරිය මහත්තයා විදුලි බලාගාරය හදන්න මුල්ගල් තියන්න ගියේ නැහැ බයට. ඒ ව්‍යාපෘතිය නොකලා නම් රටේ දෙකෙන් පංගුවකට විදුලිය නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා අර්බුදය වේලාසන දැකලා පිළියම් කළා. මේ ආන්ඩුවට ඒ වගේ දැක්මක් නැහැ. අපි ශ්‍රිදරන්ට අවශ්‍ය විදියේ නායකයෙක් පත්තරන්නේ නැහැ. දෙමළ සන්ධානය කවදත් රාජපක්ෂවරුන් එක්ක විරුද්ධයි.

මාධ්‍ය – පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්න හැකියාව තියෙනවාද
ජානක වක්කුඹුර – පුද්ගලික අංශයේ විදුලි බලාගාර පිහිටවපු කතාවක් විදුලි බල මණ්ඩලයේ පිරිසක් කියනවා. ඒ අය මේ පිටුපස ඉන්න බවයි කියන්නේ. විදුලිය හිටි අඩියේ ඉන්දියාවෙන් ගේන්නද. අපිම විදුලිය උත්පාදනය කරලා තමයි දෙන්න වෙන්නේ. මේක යට මාපියාවක් තියෙන බව පේනවා. දැන් හදපුවාගෙන් ගන්න නම් සම්බන්ධයක් තියෙන්න අවශ්‍යයි. මේවායින් විදුලිය ගන්න ගියාම වසර 20ට පමණ ගිවිසුම් අත්සන් කරන්න වෙනවා. විදුලිය ගත්තත් නොගත්තත් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ රට අර්බුදයෙන් අර්බුදයට යනවා.
තේණුක විදානගමගේ මහතා – රවි කරුණානායනක මහතා කියන්නේ අප්‍රියෙල් 25 වෙද්දි අර්බුදය විසදන බවයි. මේ වෙද්දි නැවක් ඇවිත් තියෙනවා. අමාත්‍යවරයාපහුගිය කාලයේ එතුමා දරපු අමාත්‍යංශ දිහා බලන්න. සතොස වහලාම දැම්මා. මුදල් අමාත්‍යංශයට ගිහින් වුනු දේ දැක්කානේ. දැන් විදුලිබල ඇමැති වෙලා මොකක් හරි කරයි. වරාය අවට ජෙනරේටර් තියෙන නැවක් ස්ථාපනය වෙලා තියෙන නිසා ඒ හරහා විදුලිය දෙන්න සූදානම් වෙනවා කියලා අපිට සැකයි.

මාධ්‍ය – ඒ කියන්නේ පුද්ගලික අංශයෙන් විදුලිය මිලදි ගැනීමේ උත්සාහයක් තියෙනවාද
ජානක වක්කුඹුර – කැබිනට් පත්‍රිකාවක් දාලා ගෙදරක විදුලි බල්බ දෙකක් නිවාදාන්න. දැන් පොලීසියෙන් යවන්න වෙනාව වහපු විදුලිබල්බ බලන්න. මේවා කරන්න පුලුවන් වැඩද. විදුලිය කළමණාකරණය ක්‍රමවේදයක් අවශ්‍යයි. විදුලි පහන් දෙකක් නිව්වා කියලා මේ ප්‍රශ්නයට විසදුමක් ලැබෙන්නේ නැහැ. මේ අර්බුදය එන බව කිව්වේ මිට වසර ගානක ඉදලයි. ඒ නිසා ඒ කලෙම විදුලිය එකතු කර ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි. පෝර්ට් සිටියට විදුලිය කෝ. කර්මාන්ත පුරයක් හැදුවාම විදුලිය කෝ. අද ගමේ ට්‍රේලර් සාප්පුවට වැඩ කර ගන්න විදියක් නැතිව ඉන්නවා. කොළඹට විදුලිය නොකැපුවාට අනෙක් පැතිවල විදුලිය නැහැ. ඉතින් කර්මාන්තරුවෙක් මේ රටට එයිද. වෙල් වලට සුර්ය කෝෂ දෙනවාලු. ඒකෙන් බදු ගහනවා. ලක්ෂ අටක්විතර වැය කරලා සුර්ය කෝෂ සවිකර ගන්නාව වෙනුවට ජාතික පද්ධතියෙන් විදුලිය ගන්න එක හොදයි කියලා මිනිස්සු තීරණය කරනවා.වැඩපිළීවෙලක් නැති ආන්ඩුව වසර ගානකින්පස්සේ රට කලුවරේ තිබ්බා. ඉල්ලාඅස්වෙලා වැඩක් කරන්න පුලුවන් ආන්ඩුවක් පත්කර ගන්න අව්සථාව දෙන්න.
තේනුක විධානගමෙග් – නොරොච්චෝලේ බලාගාරය පාඩු ලබන අසාර්ථක ආයතනයක් කිව්වා. පහුගිය කාලයේ බලාගාරය බිදවැටුනේ දෙවරයි. රජයටනිසියාකාර වැඩපිළීවෙලක් තිබුණා නම් අද වෙද්දි අලුතින් බලාගාර ඉදිවෙනවා. මහින්ද රාජපක්ෂ රජය සමයේ මේ රටේ දැවැන්ත සංවර්ධනයක් සිද්ධ වුනා. දැන් රටේ සම්පත් විකුණනවා විතරයි.

බැදුම්කරයට උපදෙස් දුන්නු දේශපාලනඥයෝ හෙළිදරව් කරව්..

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා 

විදුලි අර්බුදය සම්බන්ධයෙන් අපි කණගාටු වෙනවා. ලංකාවේ විදුලි බල පද්ධතියෙන් ජනනය කළ හැකි සම්පූර්ණ විදුලි ධාරිතාව මෙගාවොට් 4000යි. සියලුම අංශ උපරිමයෙන් ක්‍රියාතම්ක වුනොත් ජලවිදුලියෙන් මෙගාවොට් 1700යි. ගල් අගුරුවලින් මෙගාවොට් 900යි. තෙල්වලින් මෙගාවොට් 1200කුත් අනෙකුත් පරිසරකාමි විදුලි ජනක ක්‍රමවලින් මෙගාවොට් 200ක් විදියටයි මේ මෙගාවොට් 4000 නිෂ්පාදනය වෙන්නේ. අපි නොරොච්චෝලේ විදුලි බලාගාරය හැදුවාට පස්සේ විදුලි අර්බුදයට මුහුණ දෙන්න කිසිම විදුලි බලාගාරයක් මේ වන තෙක් හැදුවේ නැති ආන්ඩුව සම්පූර්ණයෙන්ම මේ තත්ත්වයට වග කියන්න වෙනවා.

වර්ෂකට සියයට 6ත් 8ත් අතර ප්‍රමාණයක් විදුලි උත්පාදනය වැඩි කරන්න වෙනවා. 2025 වෙද්දි මේ රටේ විදුලි උත්පාදනය මෙගා වොට් 6000ක් නොවුනොත් මේ රටේ ඇති වෙන තත්ත්වය මොකක්ද. ඒ තත්ත්වය තේරුම් ගෙන වැඩපිළීවෙලක් ක්‍රියාත්මක කළ යුතු රටක් මේ වෙද්දි කිසිම මහා පරිමාන විදුලි බලාගාරයක් හැදුවේ නැති නිසා අද රට අදුරේ. 

 අද වෙද්දි ආර්ථික වර්ධනවේගය තියෙන්නේ තුනයි දශම ගානක. මේ විදියට ඉදිරියට ගියොත් එකයි දශම හතකට ආර්ථීක වර්ධන වේගය අඩු වෙන එක වළක්වන්න බැහැ. මේ විදියට ආණ්ඩුව කියන කිසිදෙයක් කරන්න පුලුවන් කමක් නැහැ. මේකට ආන්ඩුවේ ඇමැතිවරයාට බැනලා වැඩක් නැහැ. ආන්ඩුව පත්වුනු දවසේ ඉදලා විදුලි නිෂ්පාදන ක්ෂේත්‍රයට අත නොගැසීම නිසා සහ ආණ්ඩුවට එවැනි දැක්මක් නැති නිසා තමයි ජනතාවත් රටත් මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. 

මේ දිනවල පරිභෝජනය කරන්නේ මෙගාවෝට් 2000යි. නමුත් මෙගාවොට් 2500ක් පමණ ප්‍රමාණයක් රටට අවශ්‍යයි. මේ ආන්ඩුවට ඒ මෙගාවොට් ප්‍රමාණය රටට දෙන්න බැහැ. තෙල් ප්‍රශ්නය නිසා තෙල්මිල වැඩිනිසා තෙල්වලින් විදුලිය ජනනය කරන විදුලි බලාගාර ක්‍රියාත්මක කරන්න බැහැ. වැස්ස නැති නිසා ඒ විදුලි බලාගාර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නොරොච්චෝලේ පොඩි බිදවැටීමක් වුනොත් ඒකත් විදුලි පද්ධතියට එකතු කරන්න බැහැ. මේ නිසා ඉදිරි කාලයේදී රට නරක තත්ත්වයකට පත්වෙනවා. අපේ ආන්ඩුවක් ඇවිත් සැලැස්මකට වැඩ කරන ක්‍රමවේදයකට යන අතරම මේ භයානක තත්ත්වයන්ට අපිට මුහුණ දෙන්න සිදුවෙනවා. මේ වෙද්දි කර්මාන්ත ශාලාවල වියදම වැඩිවෙලා. අධිවේගී මාර්ගවල මාර්ගවල විදුලිය නැති වෙලා අවධානම් තත්ත්වයක් ඇති වෙලා. කර්මාන්ත ශාලාවල නිෂ්පාදනයට තෙල් වලින් තමන්ගේ විදුලි ජනක යන්ත්‍ර පණ ගන්වන්න වෙලා. නිෂ්පාදන වියදම වැඩිවෙලා. අපනයන ක්සේත්‍රයත්මේ නිසා විශාල බලපෑමක් වෙලා. පාසල්වල විදුලි ජනක නැහැ. උගන්වන්නත් විදියක් නැති වෙනවා. හැම ක්සේත්‍රයකම නිෂ්පාදන මිල වැඩිවෙනවා. ආන්ඩුව මේකට වග කියන්න වෙනවා. හේතු සාධක කියලා වැඩක් නැහැ. 2001 බලයට ආවමත් මෙවැනි තත්ත්වයක් ඇති වුනා. ගෙවුනු අවුරුදු හතරහමාර නිසි කළමණාකාරිත්වයකින් කටයුතු නොකිරිම නිසා අපිට මේ සියලු ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවුනා. 

හැම වර්ෂකම සියයට 6 සිට සියයට 8 දක්වා ප්‍රමාණයකින් විදුලි පරිබෝජනය කරන ප්‍රමාණයේ වැඩිවිමක් සිදුවෙනවා. ඒකට මුහුණ දෙන්න සැලැස්මක් ආන්ඩුවට නැත්නම් තවතවත් ජනතාව විපතට පත්කරන කාරණාවලම ආන්ඩුව යෙදිම කණගාටුවට කරුණක්. මේ නිසා බඩු මිලවැඩිවීම , විරැකියාව, ආයෝජන අඩුවීම, ආර්ථක සේවා බිද වැටීම ණය බර වැඩිවිම වගේ දේවලට මුහුණ දෙන්න වෙලා. 

දැන් බැදුම්කර සිද්ධියට සම්බන්ධ නිලධාරීන් අත් අඩංගුවට ගැනීමක් සිද්ධ වෙනවා. නිලධාරීන්ගේ ඇගට මේ ප්‍රශ්නයට දාලා අත පිහදගන්න හදනවාද කියලා හිතනෙවා. ඒ නිසා නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ සිද්ධියට සම්බන්ධ වුනු, උපදෙස් දුන්න දේශපාලනඥයෝ වහාම හෙළි කරන්න. මේ වෙද්දි ආන්ඩුව අසමත් වෙලා තියෙන්නේ සිංගප්පූරු පුරවැසිභාවය තියෙන අර්ජුන මහේන්ද්‍රන් මේ රටට ගෙන්වන්න අවශ්‍ය ලේඛණ යවන්න. නිලධාරීන් අත් අඩංගුවට ගත්තාම ඔවුන්ට උපදෙස් දුන්න පුද්ගලියින් හෙළි කිරීමේ වගකීමක් තියෙනවා. බැදුම්කර කොමිසමේ දී යම් යම් දේවල් මග හරින ආකාරයට කටයුතු කරපු හැටිත් හෙළි වෙන්න පුලුවන්. එහෙම වුනොත් ඔය සියලු දෙනාගේම නායකයින්ගේ රෙදි ගැලවෙන්නත් පුලුවන්. 

හම්බන්තොට මහාපරිමාන ආයෝජන දෙකක් ගැන කතාකරනවා. මේ සිමෙන්ති ආයෝජනය කාගෙද. සිමෙන්ති ආයෝජනය නන්දන ලොකුවිතාන මහතාගේ. මීට කලින් එතුමා ගැන කිව්වේ මොනවාද. මොහු ආයෝජනය කරන්නේ රාජපක්ෂලාගේ සල්ලි කිව්වා. අද ඔහුගේ ආයෝජනය හොද වෙලා. මේ ආයෝජනය ගෙනාවෙත් අපේ කාලේ ආයෝජන ගෙනාපු නන්දන ලොකුවිතාන මහත්තයායි කියලා කියන්නේ නැහැ. මොහුට විරුද්ධව ඒ දවස්වල පරික්ෂණ කලා. අපි ආයෝජනයින්ට අවස්ථාව දුන්නා. නිීති රිති දාලා ආයෝජකයෝ පීඩාවට පත්කිරිම නිසා කිසිම ආයෝජනයක් එන්නේ නැතිව ගියා. දැන් මහා පරිමානයෙන් ලංකාවේ ලොකුම ආයෝජනය ගෙනාවාලු. මේ ආන්ඩුව එදා අපි ගෙන ගිය වැඩපිළීවෙල ඒ විදියට ක්‍රියාත්මක කළා නම් අද වෙද්දි රටේ මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. රටේ ආර්ථික අර්බුදය එන්න එන්න වැඩි වෙමින් තිබුණත් පියවරක් ගන්න ආන්ඩුවට කාලය නැති නිසා ආන්ඩුවට තියෙන එකම විකල්පය මැතිවරණයකට යන එකයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා 

අපේ කොටස් වෙලදපොල ඉතාම පසුගාමි තත්ත්වයකයි තියෙන්නේ. කොටස් වෙලද පොලේ පසුබෑම රටේ ආර්ථිකයේ සැබෑ ස්වරූපය දක්වන්නක්. ආයතනවලට වෙලදාමක් නැත්නම් නිෂ්පාදනයකිරීමේ අංශ වැඩි දියුණු වෙන්නේ නැත්නම් සේවා අංශය දුර්වල වෙනවා නම් අවසානයේ කොටස් වෙලදපොල පහත වැටෙනවා. ලංකා ඉතිහාසයේ කිසිමදාක නොවුන විදියට කොටස් වෙලදපොල පහත වැටිලා තියෙන්නේ. දැන් මේ පිලිබදව ආර්ථකමය විග්‍රහයක් නොකරන අගමැතිතුමාගේ උපදේශනය වෙලා තියෙන්නේ ජනතාවගේ ඊ.ටී.එප්, ඊ.පී.එප් මුදල් කොටස් වෙලදපොලේ ආයෝජනය කිරිමයි. කොටස් වෙලදපොලක් වැටෙන්නේ කොටස් වෙලෙදපොලේ කර්මාන්තවල දියුණුවක් නැති වුනාමයි. දියුණුවත් නැති වුනාම කොටස් මිල වැටෙනවා. කොටස් ගැනීම අඩු වෙනාව. ඊලගට කොටස්වෙලද පොල වැටෙනවා. මේ තර්කය අනෙක් පැත්තට දාලා කොටස් වෙලද පොළට මහජනයා එකතු කරන් තියෙන අරමුදල් දාපුවාම වෙන්නේ මහජනතාවගේ මුදලුත් සම්පූර්ණයෙන්ම විනාශ වීමයි. 

විශේෂයෙන්ම මේ දවස්වල ස්වෛරී බැදුම්කර ගණනාවක් නිකුත් කරනවා. මේ වසරෙත් නිකුත් කළා. ඒ බැදුම්කරවල පොලිය සියයට හතහමාරක් පමණ වෙනවා. මේයින් පේන්නේත් අපේ ආර්ථිකයේ දුර්වලතාවයයි. මේ විදියට විශාල පොලියකට අරන් අපි ණය ගෙව්වා වුනත් අපිට ඊළගට තියෙනවා තවත් විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න. ඊළගට අපේ ස්වෛරී බැදුම්කරවලට කවුරුත් අවේ නැත්නම් අපි මොකද කරන්නේ. මේ ස්වෛරී බැදුම්කර මිලදි ගන්න ඉල්ලුම් කරන කිසිවෙක් ඉදිරියේදි නැති වෙන්න ඉඩ තියෙනවා. මේ වෙද්දි ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේම නැහැ. එක තැනක හිටලා තියෙන්නේ. ඒ අතරේ විදුලි බල අර්ඩුදයක්. විදුලිය කපන්න වුනේ ඇයි. කපන්නේ නැත්නම් පුද්ගලික අංශයෙන් විදුලිබලය ගන්න වෙනවා. ඒ සදහා බිලියන 60ක් විතර වෙන් කරන්න වෙනවා. ආන්ඩුවට ඒ විදියට විදුලිය මිලදි ගන්න සල්ලි නැති නිසයි විදුලිය කපන්නේ. දවල් වරුවේ පැය 4ක් විතර කපලා රාත්‍රියට පැය දෙකක් විතර කපනවා. ලංකාවේ නියගය ආරම්භ වුනා විතරයි. මේකෙන් පේන්නේත් ආර්ථීකයේ බංකොලොත් භාවයයි. මෙහෙම වුනොත් ආන්ඩුවේ ප්‍රජා සේවා එකින් එක නතර වෙන්න ඉඩ තියෙනවා. මේ ප්‍රශ්නයට රජයට මුහුණ දෙන්න බැහැ. උපදේශකයින්ට මේ සම්බන්ධයෙන් උපදෙස් නැහැ. මේ තත්ත්වය තේරුම් ගෙන රට ඉදිරියට ගෙන යන්න හැකි නව පාලනයටකට රට භාර දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා 

එජාප පෙරමුණු ආන්ඩුව ගම් වැඩපිළිවෙල ගැන මහ ලොකුවට කතා කළාට නිත්‍යානුකූලව කරන්නේ නැහැ. අපේ රටේ මහජන නියෝජිතයින්  තෝරා ගන්නා ක්‍රමවේදයක් තියෙනවා. ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයාත්, මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනවරුනුත්, පළාත් සභා මැතිවරණයෙන් පළාත් සභා මන්ත්‍රීවරුනුත්, ප්‍රදේශිය සභා මැතිවරණයෙන් පළාත්පාලන ආයතන නියෝජතවරුනුත් තෝරා ගන්නවා. මේ ආයතන හතරටම ව්‍යවස්ථාණුකූලව වෙනවෙනම බලතල තියෙනවා. පළාත් පාලන ආයතන යටතේ පාලනය වෙන මාර්ග සහ පොදුකටයුතු වලට ගම්පෙරලිය යටතේ සංවර්ධනය කිරීමට යාමේදි පළාත් පාලන ආයතනවල වගකීම් අමතක කරලා තියෙනවා.  අපේ ආන්ඩුව කාලයේ පළාත් සභා විෂයයන් සංවර්ධනය කිරීමේදී පලාත් සභාව තියෙන්නේ මොන පක්ෂයටද කියලා බැලුවේ නැතිව පළාත් සභාවට භාර දුන්නා. නගර සභාවේ ප්‍රාදේශීය සභාවේ කටයුතු ඒ ආයතනවලට භාරදුන්නා. අද තමන්ගේ පාක්ෂිකයින් සතුටු කරන්න පොඩි පොඩි කොන්ත්‍රාත් තමන්ගේ පාක්ෂිකයින්ට දෙන්න ගිහින් ප්‍රාදේශිය සභාවයි ප්‍රාදේශීය ලේකම්කාර්යාලයි අතර ප්‍රශ්න ඇති වෙලා. නිත්‍යාණුකූල නොවන දේට බලපෑම් කරන නිසා මේවා දාලා යන්න හිතිලා තියෙන බවත් සමහර නිලධාරීන් කියනවා. අගෝස්තු 31 වෙද්දි මේ ව්‍යාපෘති අවසන් කරන්න කිව්වත් පළාත් පාලන ආයතනයේ ඉන්න නිලධාරියා ඒ වැඩපිළිවෙලින් ඉවත් කරලා. මේ ආයතනවලට නීත්‍යාණුකූලව ලැබිලා තියෙන බලතල ස්වාධීනව කරගෙන යන්න ඉඩ දෙන්න කියලා ඉල්ලා සිටිනවා. 

මේ වෙද්දි ගම්වල අය තමන්ගේ ශිතකරණයේ දාලා තියෙන මස්ටික, මාලුටික නරක් වෙනවා කියනවා. ගමේ කුඩා වී මෝල පවත්වා ගෙන යන්න බැහැ. සංචාරක කර්මාන්තට ක්‍රියාත්මක වෙන ප්‍රදේශවල විදුලිය කපපුවාම දැන් තියෙන රස්නය එක්ක සංචාරකයෝ එන්නේ නැහැ. ආන්ඩුව පුරසාරම් දොඩලා අවේ අපමණ අගයක් ලබා දෙනවා කියලා. දැන් විදුලිය කැපිල්ලෙනුත් අපමණ අගයක් ලබා දෙමින් සිටිනවා. 

දැන් ජාතික ආන්ඩුවක් ගැන කතා කරනවා. ජාතික ආන්ඩුවේ ඉදලා ආපු මන්ත්‍රීවරුන් නම් කියන්නේ ආයේ ජාතික ආන්ඩුවකට හේත්තු වෙන්නේ නැති බවයි. ජාතික ආන්ඩුවක් නැවත හදන්න යෝජනා කරන්න පුලුවන්ද. රනිල් වික්‍රමසිංහ ආන්ඩුවත් එක්ක වැඩකරන්න බැහැ.මේ ආන්ඩුව රට විනාශ කළා කියලා ජනාධිපතිතුමා කියද්දි රෙදි ඇද ගෙන ආයෙත් ජාතික ආන්ඩුවක් ගැන කතා කරන්න පුලුවන්ද. මේක පැහැදිලිවම ක්‍රමන්ත්‍රණයක්. කඩන් වැටිලා තියෙන ආණ්ඩුවට ශක්තියක් දෙන්න ජනතාව නොමග යවන්න කරන ප්‍රකාශයක් බව පැහැදිලියි. 

 

මාධ්‍ය – ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව ජිනිවා යෝජනාවලට සම අනුග්‍රහය දක්වා තිබෙන බවයි උතුරු පළාත් ආන්ඩුකාරවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සදහන්කලේ. 

අනුර ප්‍රියදර්ශන යාපා – සාමාන්‍යයෙන් සම අනුග්‍රහයක් දක්වනවා නම් විදේශ ඇමැතිවරායානේ එය දන්වන්නේ. මේක දන්වලා තියෙන්නේ මුදල් අමාත්‍යංශයේ උපදේශකවරයෙක් වෙන මනෝ තිත්තවැල්ල මහතායි.  එයා තමයි නිත්‍ය නියෝජිත අසීස් මහතාට පනිවිඩය දීලා තියෙන්නේ. එක් එක් අංශ මෙහෙයවීමේ අමනෝඥකම පේනවානේ. නේස්බි සාමිවරයා නිකුත් කළ වාර්තාව මානව හිමිකම් කොමිෂමේ අවධානයට යොමු කලේ නැහැ අපේ රජය. සම අනුග්‍රහය දක්වනවා කියන්නේ ඒ අය කියන විදියේ පිරිසක් අතුරුදන් වෙලා තියෙනවා. ඒ සදහා වගවීමේ ක්‍රියාවලියක් සදහා බැගෑපත්ව අපිට කාලය දෙන්න කියලයි කියන්නේ. නේස්බි සාමිවරයා කියන්නේ ඒ කියන විදියේ ප්‍රමාණ්‍යක් අතුරුදන් වෙලා නැහැ කියලයි. 

ඇමරිකාව ඉරාකයේ බෝම්බ හෙලිම නිසා කුඩා දරුවන් මිය ගිය සිද්ධියක් වාර්තා වුනා. ඒකට මොනවගේ පරික්ෂණයක්ද වෙන්නේ. හැදි දෙකකින්නේ බෙද්න්නේ. 

ලක්ෂ්මන් යාපා අබේවර්ධන – බලයට පත්වෙන්න දුන්න අසිමිත පොරොන්දු මේ ඉටු කරන්නේ නැහැ. ඇමරිකාව මේකෙන් අයින් වුනාම අපි ගිහින් බ්‍රිතාන්‍ය බදාගත්තා. මේ ආන්ඩුව ඊළග ඡන්දෙටත් ජාත්‍යන්තරය පාවිච්චි කරන්නයි හදන්නේ. නිත්‍යානුකූල හමුදාවක් විදියට අපි හිතාමතා කිසිවක් නොකල බව රට පිළිගත්තා. යුද්ධයෙන් පස්සේ ජනතාව නැවතපදිංචි කිරීම, පුනරුත්තාපනය කිරිම, ඔවුන්ගේ පහුසකම් වැඩිදියුණු කිරිම කළ බව පිළීගත්තා. මේ වගේ කෙටි කළක් ඇතුළත යුද්ධයෙන් අවතැන්වුවන්ට පිහිටවුනු ආන්ඩුවක් නැහැ. ඒ අතරේ මේ ආන්ඩුව ගිහින් කල් ඉල්ලන්නේ ඊළග ජනාධිපතිවරණයත් පන්න ගන්න. සාමාන්‍ය ජනතාවට මේකෙන් බේරෙන්න කරන්න තියෙන්නේ මේ ආන්ඩුව පලවා හැරීමේ ක්‍රියාදාමයට එකතු වෙන එකයි. 

එස්. එම්. චන්ද්‍ර‌සේන -එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ සමයේ රට පාවා දෙන ගිවිසුම රනිල් වික්‍රමසිංහ අත්සන් කලේ එවකට විධායක ජනාධිපති චන්ද්‍රිකා බණෟඩාරනායක කුමාරණතුංග මහත්මිය දන්නේ නැතිවයි. මුලු රටේම ජනතාව එක්කයි විධායකය තෝරාගන්නේ. ඒ විධායකය නොදැන ප්‍රභාකරන්ට උතුරු නැගෙනහිර පාවා දුන්නා වගේ මේ රනිල් වික්‍රමසිංහ ආන්ඩුව පුරුද්දකට වගේ මෙවරත් ජිනිවා ගිහින්  ජනාධිපතිවරයා  දැනුම්වත් කිරීමකින් තොරව රට පාවා දුන්නේ. 

 

බැසිල් රාජපක්ෂ ජව සම්පන්නව මැතිවරණ යාන්ත්‍රණය නිර්මාණය කරා..

අද (25) දින මාධ්‍ය හමුවට සහභාගි වු නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේවර්ධන මහතා
2015 ජනවාරි 8 වැනිදා ඉදන් මේ වනතුරු ආන්ඩුව රටට එක මෙගාවොට් එකක් එකතු කරන වැඩපිීලවෙලක් හැදුවද. මේ ආන්ඩුව නොහැකියවේ ආන්ඩුවක්. මිනිස්සුන්ට දෙන්න තියෙන දසවද දුන්න ආණ්ඩුව සිංහල අවුරුද්ද කලුවරේ සමරන්න සලස්වුවා. මේ ආන්ඩුව හවස 7 – 8 අතර කාලයේ මිනිස්සුන්ව කලුවරේ තියන්න කැමැතියි. ඒ වෙලාවටයි මාධ්‍ය ආයතන පණිවිඩ දෙන්නේ. අපේ කාලයේ ප්‍රවෘත්ති බලන කොට සංවර්ධන අද්‍යාපන පුවත් අහන්න ලැබුනට දැන් අහන්න ලැබෙන්නේ පාතාල ක්‍රියා, මිනීමැරුම්, ආන්ඩුවේ වංචා දූෂණ වගේ දේවල්. ඒ වෙලාවේ ලයිට් කැපුවම අල්ලන මත්ද්‍රව්‍ය ප්‍රමාණය, මරණ මිනිස්සු ගාන, මැති ඇමැතිවරු ගහපු ගැහිලි ගැන ජනතාවට දැ ගන්න ලැබෙන්නේ නැහැනේ. ඒ පැත්තෙන් ලයිට් කැපිම ආන්ඩුවට සැනසීමක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේත් නියග තිබුණා. මේ සියල්ල අතරේ කළමණාකාරීත්වයකින් රට ඉදිරියට ගියා. මිනිස්සුන්ව කලුවරේ තිබ්බේ නැහැ.
හම්බන්තොට අපනයන සැලසුම් කළාපයක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගිහින් විවෘත කළා. තෙල් පිරිපහදුවක් හා සිමෙන්ති කර්මාන්ත ශාලාවක්. එදා වරාය විෂය භාර ඇමැති මම. මෙවැනි කර්මාන්ත ශාලා 11ක් අරභන්න විදේශීය ආයෝජකයෝ 11ක් ඩොලර් බිලියන 1.1 ක විදේශ ආයෝජන අරන් ආවා. එදා සියලු ගිවිසුම් ගහලා තිබුණා. රජයක් විදියට ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා නම් ඒ ආයෝජකයෝ කර්මාන්ත ශාලා 11ක් මේ රටේ පිහිටුවලා. ඒවා එහෙම පිටින්ම අයින්කරලා මැතිවරණය ළග නිසා දැන් අපනයන සැකසුම් කළාපය හදිසියේ හදන්න යනවා. ඔමානයේ තෙල් විෂය භාර ඇ මැතිවරයා ආවා. අපි මේ සමාගම කවුද, මේ සමාගම හා සිංගප්පූරුව අතර තියෙන සම්බන්ධය මොකක්ද, කියන දේවල් දැන ගන්න කැමැතියි. ඔමානයේ ඇමැතිවරයාවත් හයර් කළාද කියලා සැකයි. කලුතර මිල්ලනිය, මාවතගම, කුලියාපිටිය වගේ ස්ථානවල තානාපතිවරු ගෙන්වලා නොයෙකුත් කර්මාන්ත ශාලා ඉදිකිරීමේ මුල්ගල් තිබ්බා. අවුරුදු 4ක් ගත වෙලා මොනවද මේ කර්මාන්ත ශාලාවල ඉදිකලේ. දැන් අක්කර 12000ක් වෙන්කරලා එහි ගොල්ප් ක්‍රිඩාපීටි 5ක් හදනවාලු. අපේ රටේ මිනිස්සුන්ට අඩුවෙලා තිබුනේ ගොල්ප් ගහන එක විතරයි. ඒ තරමට අපේ මිනිස්සු ඉන්නේ සුඛිත මුදුත වෙලා. දැන් රුහුණ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය කරනවාලු. මේ ආයෝජන කළාපය එතුමාගේ 70 වැනි උපන් දිනය වෙනුවෙන් දායාද කරනවාලු. එතුමා 2017.01.03 කුලියාපිටියේ වොක්ස්වැගන් මව් ආයතනයවත් නොදැන වොක්ස්වැගන් වාහන නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් අපේ රටටදායාද කළා. මේ තියෙන්නේ දැන් කුලියාපිටියේ හදන කාර් ( සෙල්ලම් කාරයක් පෙන්වයි) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේක එවලා තිබුණා. මේ වැනි සිහින මාලිගාවලට අපිව එක්ක යනවා. මාධ්‍යවේදීන්ට අපිට වඩා පේන්වා. 2015 ජනවාරි 08 ඉදන් මේ වන තෙක් අක්කර 12000,25000,15000 කියමින් ගස් කැපුවානේ.මේ වන තෙක් බුල්ටෝ ටොපි , තලාබෝල පැකට් කරන තැනක් හැදුවා නම් කියන්න. ඔමානයේ ඇමැතිවරයා තියාගෙන ආන්ඩුවේ අය කියපු දේවල් බැලුවම ලංකාව දැන් සුරපුරයක්. මිනිස්සු බොහොම සතුටින්. උදේ අපි පාර්ලිමේන්තු එන කොට වයලින් ගගහා මිනිස්සු සතුටින් පාරවල් වල ඉදියි කියලා හිතුවේ. 2019 සතුටින් ඉන්න මිනිස්සුන්ගේ ලයිස්තුවේ ශ්‍රි ලංකාව ඉන්නේ 130 වෙනි තැන. 2018 ඉදලා තියෙන්නේ 116. පකිස්ථානය 67 වෙනි තැන. භූතානය 95 වෙනි තැන. නේපාලය 100 වෙනි තැන. බංගලිදේශය 125 වෙනි තැන. ලංකාවේ සතුටෙන් නොවන මිනිස්සු බවට පරිවර්තනය විමකුයි තියෙන්නේ. මේ කියනවිදියට රට පරිවර්ථනයක් වුනා නම් මිනිස්සු සතුටෙන් ඉන්නවා. මේ හතරගාතෙන් වැටුනු ආන්ඩුවට තව දුරටත් ඉදිරියට යන්න බැහැ. 5 වැනිදාට දොල පිදේනි දීලායි. දෙමල සන්ධානයට අපේ රණ විරුවෝ පාවා දෙන ගමන් විල්පත්තුව කපන්නත් ඉඩ දිලා අයවැයට අත ඔසවා ගන්නවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා
විදේශ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජිනිවා නගරයේ ශ්‍රි ලංකා රජය නියෝජනයකරන පිරිස මානය හිමිකම් මහ කොමසාරිස්වරිය නිල වශයෙන් හමුවුන බව නිවේදනය කලා. මහ කොමාසරිස්වරිය රජයේ වැඩපිළිවෙල ප්‍රසංශා කළ බවත් විදේශ කටයුතු අමාතයංශයේ නිවේදනයේ සදහන් වෙනවා. එතුමියගේ වාර්තාවෙන් නම් කියන්නේ ඒ අය කියන විදියට යුද්ධය කාලයේ සිදුවුනු අපරාධ සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශන පවත්වලා අදාල පුද්ගලයින්ට දඩුවම් පැනවිමට ශ්‍රී ලංකා රජයට නොහැකි බවයි. මහ කොමසාරිස්වරියගේ වාර්තාවෙන් අපක්ෂපාති වමර්ශන ශ්‍රි ලංකා රජයෙන්බලාපොරාත්තු වෙන්න බැරි බව කියනවා. අද දැඩි අවශ්‍යතාවයක් තියෙන්නේ මේ ක්‍රියාදාමයන්ට විදේශිය විනිසුරන් සම්බන්ධ කර ගැනීම බවයි ඇය සදහන් කරන්නේ. එසේ නොකලොත් සත්‍ය අනාවරණය නොවන බව කියමින් එසේ නොකලොත් අනාගතයේ බරපතල දුරිව්පාකවලට ශ්‍රී ලංකාවට මුහුණ දෙන්න සිදුවෙන බවයි.
මේකට ප්‍රතිචාරය විදියට තිලක් මාරපන විදේශ ඇමැතිවරයා කියන්නේ විදේශීය විනිසුරන්පත් කරන්න ඉඩක් ලංකාවේ ව්‍යවස්ථාවේ නැති බවයි. එසේ කරනවා නම් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය හා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි කියන්නේ. මෙතනදි ප්‍රශ්නයක් නැගෙනවා. මේක ශ්‍රී ලංකාවේ යෝජනාවක්. ඒ යෝජනාවේ 6 වැනි ජේදයෙන් කියන්නේ විදේශීය විනිසුරන් යොදා ගන්න එකග වන බවයි. මෙය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි නම් එදා ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහි දෙයක් කරන්නයි මේ රජය පොරොන්දු වෙලා තියෙන්නේ. එහි ප්‍රතිඵලයක් වශයෙනුයි මේ අවුල් ජාලාව ඇති වෙන්නේ . දමිල සන්ධානය නියෝජනය කරමින් වෙනම ධූත පිරිසක් යනවා රටට විරුද්ධව අදහස් දක්වන්න. එහි වියදම දැරැවේ ශ්‍රී ලංකා රජයයි. 2015 එකග වු විදියට සියයට සියයක් විදේශිය විනිසුරන්ගේ අධිකරණයක් පත් කළන්න අවශ්‍යයි. රට දෙකට නෙවෙයි හතරට කැඩුනත් කමක් නැති බවයි ඒ අය කියන්නේ. මේ දෙවෙනි යෝජනාව ගේන්නේ එංගලන්තය කැනඩිව ජර්මනිය මැසඩෝනියාව ඇතුළු බටහිර රටවල් පහක්. ඒකට අත්සන් කරපු එකම ආසියානු රට ශ්‍රී ලංකාවයි. මේ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ගය වැරදියි රටේනීතියට පටහැනියි. මේ යෝජනාවට අත්සන්කරන්න කියලා ජිනීවා නගරයේ තානාපතිවරයාට නියෝග කලේ විදේශ ඇමැතිවරයා නෙවෙයි. අමාත්‍යංශයට සම්බන්ධයක් නැති සංහිදියා ඒකකය කියන ආයතනයේ මනෝ තිත්තවැල්ල. විදේශ කටයුතු අමාත්‍යංශය හෝ ජනාධිපතිකාර්යාලය මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් දන්නේ නැහැ. මේක දේශද්‍රෝහි ක්‍රියාවක්.
එක්සත් ජාතින්ගේ රටවල සියලුම තානාපති කාර්යාල ඇමරිකාවේ පිහිටලා තියෙනවා. ඒ මධ්‍යයේ ශ්‍රී ලංකාවට විරුද්ධව ඇමරිකාව ගෙනාපු යෝජනාව සම්මත කර ගන්න සියලු උත්සාහයන් ගත්තත් මහින්ද රාජපක්ෂ සමයේ අපි ගිහින් කරුණු ඉදිරිපත් කළාට පස්සේ අවසානයේ යෝජනාවට පක්ෂව ලැබුනේ ඡන්ද 23යි. රටවල් 12ක් විරුද්ධව ඡන්දය දුන්නා. තව රටවල් 12ක් ඡන්දය නොදී හිටියා. ඇමරිකාව කෙතරම් බලවත් වුනත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වයෙන් අඩක් යෝජනාවට එකග කර ගන්න බැරි වුනා. එදා ශ්‍රී ලංකාවේ ස්ථාවරය සාධාරණයි කියන තැන චිනය රුසියාව සවුදි අරාබිය, එක්සත් එමිරේට්, පකිස්ථානය වගේ රටවල් හිටියා. ඉන්දුනිසියාව ජපානය ඔවුන්ගේ නියෝජිතයින් හරහා ලංකාවේ අභ්‍යන්තර ප්‍රශෟනවලට අත පෙවීම සුදුසු නැති බව කිව්වා. ඒ අවස්ථාවේ සංශෝධනයක් ඉදිරිපත්කළා නම් ඒ සංශෝධනය ජය ගැනීමට අවස්ථාව තිබුණා වුනත් ආන්ඩුව පත් කරන්න උදව් කරපු දෙස් විදෙස් බලවේග තෘප්තියට පත්කරන්න චේතනාන්විතව රජයේ සම අනුග්‍රහයෙන් යෝජනාව ගෙනාවා.
43 වැනි සැසිවාරයේදි රට ගැන විමර්ශන පවත්වලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කිව්වා. ඒ වාර්තාව ගැන සම්පුර්ණ විමර්ශන පවත්වලා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය පැවැත්වීමට ශ්‍රී ලංකා රජය එකගත්වය ප්‍රකාශ කළා. රටේ අභ්‍යන්තර කටයුතු ගැන තිරණ ගන්න මොනවගේ ආයතනයකට අපි අවසර දීලා තියෙන්නේ. මානව හිමිකම් කොමසාරිස්වරිය හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා විදියට වැරදි කෙනෙක් පත් කළා කියනවා. නමුත් පළාත් සභා මැතිවරණ්‍ය වසර එකහමාරකට වඩා කල් දැමිම ගැන වචනයක්වත් කියන්නේ නැහැ. මතු කුඩු ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීම ගැන විරෝධය පත්කරනවා. ඒ වුනාට ඇමරිකාවේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක වෙනවා. මේක තමයි දෙබිඩි පිළිවෙත. නවසිලන්තයේ ත්‍රස්තවාදී ක්‍රියාවට එරෙහිව අදහස් දැක්වුවත් කාත්තන්කුඩියේ ඒවැනි සිද්ධියවක් වුනාම ඒක විමුක්ති අරගලයේ කොටසක්. ඒ නිසා ඇමරිකාව ද්විත්ව පිළීවෙතක් අනුගමනය කරන නිසා අපි ඉල්ලා අස්වෙනවා කියලා පරුෂ වචන කියමින් ඒ ආයතනයෙන් ඉවත්වුනේ. ඒකෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාව ආවත් අපේ රට කිසිම ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. වසර දෙකකට වොෂින්ටන්වල අපේ තානාපතිවරයෙක් නැහැ. මේ රටේ විදේශ ප්‍රතිපත්තිය මේ වෙද්දි අවුල් වෙලා තියෙන්නේ.
විදුලිය ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ රජයේ නොහැකියාව නිසයි. මේ වෙනකල් ආන්ඩුවට එක ප්‍රධාන ව්‍යාපෘතියක්වත් අනුමත කරගන්න බැහැ. මෙහෙම වුනාම පුද්ගලික අංශයෙන් මිලදිගැනිම් කරන්න වෙනවා. මේවා හිතාමතාම කරන්නේ.වැස්ස තියෙනවා නම් විදුලිය තියෙනවා. වැස්ස නැත්නම් විදුලිය නැහැ. මෙහෙම වෙන්න ආන්ඩුවක් මොකටද.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පරෙුම මහතා
මෙවර අයවැය තරම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අඩුම සහභාගීත්වයක් ඇති අයවැයක්, මේ තරම් ඇල්මැරුණු විවාදයක්, මගේ පාර්ලිමේන්තු ජිවිතයේදී දැකලා නැහැ. අයවැයේ තියෙන දේශපාලන ගුණය හා සමාජ ගුණය මේ වසර දෙක ඇතුළත මුලුමනින්ම නැති කරන්න මේ ආන්ඩුව පියවර ගෙන තිබෙනවා. අයවැයට තිබුණු සම්භාවණිය වටිනාකම , ගරුත්වය මුලිනුපුටා දමන්න පියවර ගෙන තිබෙනවා. මේ අයවැය ප්‍රකාශයට පත්කරලා මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවෙන් එළියට එන ගමන් කියනවා අද රෑ ඉදලා ඉන්ධන මිල වැඩිවෙනවා කියලා. තුනිවෙනි දවස වෙද්දි පිටිකිරි මිල ඉහළ දමනවා. ඊට පැය 72ට පෙර ඉදිරිපත් කරන අයවැයේ මේ සම්බන්ධයෙන් සදහනක් නැහැ. මගේ පාර්ලිමේන්තු ජිවිතයේ පළවෙනි වතාවට වැරදිපූර්වාදර්ශයන් දෙකක් අපි දැක්කා. අයවැය විවාදය යන අතරතුර අමාත්‍යංශ දෙකක විෂයන් වෙනස්කළා. පාර්ලිමේන්තු ඉතිහාසයේ ඒ විදියට විවාදය යන අතරේ ඇමැතිධුර වෙනස් වෙනවා අපි දැකලා නැහැ. උදාහරණයක් විදියට වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය විවාදය කරලා පැය 48ක් යද්දි අමාත්‍යංශය වෙනස් වෙනවා. මේකෙන් පේන්නේ විද්‍යාත්මක පදනම් ගැන කතාකරන මේ ආන්ඩුව මොන තරම් අවිද්‍යාත්මකද, අතාර්තිකද කියන කාරණයයි. ආන්ඩුවට පිළීවෙලක් නැහැ. මේ රටේ ජනතාවට කියනවා අයවැය ඇතුලේ තියෙන්නේ සංඛ්‍යා විතරයි. පහුගිය අවුරුදුවල ඉදිරිපත් කරපු යෝජනා ඒ විදියටම ඇතුළත් කරලා තියෙනවා. ආකර්ශනියයි කියන යෝජනා පවා මීට පෙර ඉදිරිපත් කරපුවා. අයවැයේ තිබුණු සම්භාවණීය, ගරුත්වය මුලුමනින්ම නැති කිරිම ගැන අපි ආන්ඩුවට විරෝධය දක්වනවා.
අයවැය පරාජය පත්කරනවාද කියන දේ ජනතාව අපෙන් අහනවා. අයවැය පරාජය කරන්න බැහැ. ඇයි බැරි. පළිවෙනි කාරණාය විපක්ෂය විදියට පෙනි ඉන්න දෙමළ ජාතික සන්ධානයට මෙවරත් ජිනීවා කප්පම දුන්නා. ඒ නිසා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 15 දෙනා අයවැය වෙනුවෙන් පෙනි සිටිනවා.ඊට අමතරව ශ්‍රීලනීපයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ මෙහෙකරෙ සේවයට ඇතුල් වෙලාතියෙනවා. මේ දෙපාර්ශවය නිසාවෙන් අයවැය සංඛ්‍යාත්මකව පරාජය කරන්න බැහැ. දෙමළ ජාතික සන්ධිනයේ දේශපාලන වංකභාවය හා ශ්‍රීලනිපයේ ඇතැමුන් දේශපාන මෙහෙකාර සේවය ඇතුලත්වීමයි අයවැය පරාජය කරන්න බැරි ප්‍රධාන හේතු.
ජාතික ආන්ඩුව හා විධායක ජනාධිපතිධූරය ඉවත් කිරීම දැන් නැවතත් කරළියට ඇවිත් . මේ කාරණා කරළියට එන්නේ මොන වෙලාවටද. ඔබ මාධ්‍යයෙන් වාර්තා කළා රාජපක්ෂ පවුලේ සාමාජිකයින් එකතු වෙලා නුදුරු ජනාධීපතිවරණය සම්බන්ධයෙන් ඒකමතික තීන්දුවකට ආපු බව. ඒ තින්දුව රාජපක්ෂ පවුලෙන් හෝ ඒකාබද්ධ විපක්ෂය විදියට ප්‍රකාශ කලේ නැහැ. නමුත් මාධ්‍ය වාර්තා කළා. මේ වාර්තා කිරීමෙන් පස්සේ හැංගි හැංගි වෙස් බැදපු ජාතික ආන්ඩු කෝළමත්, විධායක ජනාධීපති කෝළමත් කරලියට ආවා. ගෝඨාභය රාජපක්ෂ මහතා පවුලේ නියෝජිතයා විදියට ඉදිරිපත්කරන්න තින්දු කළා කියලයි වාර්තා කලේ. ඊට පස්සේ මේ කෝලම් දෙක කරලියට ආවා. 1982 ජනාධිපතිවරණ මෙහෙයුම මතක ඇති. එදා ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ජයග්‍රහණයේ උපක්‍රමය බණ්ඩාරනායක පවුල දෙකඩ කිරීමයි. මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා එතුමාය පිටියෙන් එළියේ තියලා බණ්ඩාරනායක පවුල කැඩුවා. එහෙමයි ජේ. ආර්.ජයවර්ධන මහතා අපේ ජනාධීපති අපේක්ෂක කොබ්බෑකඩුව මහතා පරාජය කරලා දැම්මේ. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ බෑනැ වෙන රනිල් වික්‍රමසිංහ මහතාත් හිනයක හිටියා. බණ්ඩාරනායක පවුල කැඩුවා වගේ රාජපක්ෂ පවුලත් කඩන්න පුලුවන් කියලා. බැසිල් ගෝඨා අතර අර්බුදයක්. ජනාධිපති අපේක්ෂකත්වය නිසා රාජපක්ෂ පවුල බෙදිලා වැනි පුවත්වලින් පත්තර පිටු පිරුණා. නමුත් වගකීමෙන් අපි කියනවා. බණ්ඩාරනායක පවුල බෙදුවා වගේ රාජපක්ෂ පවුල බෙදන්නත් බැහැ. කඩන්නත් බැහැ. බැසිල් රාජපක්ෂ මහතා ඉතා ජව සම්පන්නව මැතිවරණ යාන්ත්‍රණය නිර්මාණය කරමින් සිටිනවා. මේ රටේ ලාබාලම පක්ෂය ජයගත්තේ ඒ හැකියාව හා නිර්මාණශීලි භාවය නිසා. මේ සියල්ල නිසා තැතිගත්තු අපේ දේශපාලන විරුද්ධවාදින් මේ කෝළම් දෙක කරළයටගේනවා.
ජාතික ආන්ඩුව ගැන ජනාධීපතිතුමා යමක් ප්‍රකාශ කළා. ශ්‍රිලනිප ඇතැමුන් ඒ ගැන අදහස්දැක්වුවා. පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවය ඇති කරගන්නයි ජාතික ආන්ඩුව හදන්නේ කියලා කියනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවය නැති වෙලාතියෙන්නේ ඇයි. පාර්ලිමේන්තුව අස්ථාවර වෙන්නේ 1078දි ජනාධිපතිවරණ ක්‍රමයත් එක්ක ගෙනාපු සමානුපාතික මැතිවරණ ක්‍රමය නිසයි. මේ කුමය යටතේ මැතිවරණ 7ක් මේ වෙද්දි තියලා තියෙනවා. 1988,1994,2000,2001, 2004, 2010,2015. මැතිවරණ දෙකකින් විශේෂ හේතු නිසා බහුතර ආන්ඩු පිහිටුවන්න හැකි වුනත් අනෙක් සියලු අවස්ථාවල බිහිවුනේ සුලුතර ආන්ඩු. 1994දි 105යි ආන්ඩුවට තිබුනේ. 2000දි 107යි. 2001දි 109යි. 2004 එතෙක් මෙතෙක් ඉතිහිසයේ හැදුනු පුලුල්ම පෙරමුණ ජවිපේ හා පොදුජන පෙරමුණ අතර ඇතිවුනා. ඒත් පාර්ලිමේන්තුවේ හිටියේ 105යි. 2015 දැන් පාර්ලිමේන්තුව 105යි. 1988 දි ප්‍රෙමදාස රණසිංහ ජනාධිපතිවරයාගෙත් 2010 මහින්ද රාජපක්ෂ මහතාගේත් ප්‍රධානත්වයෙන් බහුතර ආන්ඩු පිහිටුවිම අහඹු සිදුවිම්. 1988 මහා භීෂණයක් අතරේ ඡන්දය ප්‍රකාශ කලේ සියයට 46යි. එජාප පාක්ෂිකයෝ හමුදා රැකවරණය මැද ඡන්ද පොලට ගෙන ගියා. 1988 දි සියයට 46ක් පමණක් ඡන්දය පාවිච්චි කරපු ඒ මැතිවරනය විකෘතියික්. මහා යුද ජයග්‍රහණයේ ආශ්වාදයෙන් ඡන්ද පොලට ගිය 2010 විශේෂ අවස්ථාවක්. මේක තමයි පාර්ලිමේන්තුව අස්ථාවර වෙන්න හේතුව.
විධායක ජනාධිපතිධූර ගැටය, සමානුපාතක මැතිවරණ ක්‍රමය ගැටය, පළාත් සභා ගැටය කියන ගැට තුනක් ජේ.ආර් මහත්තයා ගහලා තියෙද්දි අපිට කතා කරනවා විධෘයක ජනාධිපති ක්‍රමය කියන ගැටය විතරක් කපන්න. අපි දේශපාලන ගැට කපන්නත් නෙවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ දේශපාලන ගැට කපන්නන් නැති බව ඉතාම වගකීමෙන් කියනවා. ජාතික ආන්ඩු යෝජනාව සමාජවිද්‍යාත්මකව බැලුවම අපචාරයක්. ආර්ථික විද්‍යාත්මකව බැලුවොත් බදු මුදල් මංකොල්ලයක්. අපරාධ විද්‍යාවට අනුව දූෂණයක්. දේශපාලන විද්‍යාවට අනුව ජනතාවගේ පරමාධිපත්‍ය කෙලසිමක්. වෛද්‍ය විද්‍යාවට අදාලව අජීර්ණයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන කරගත්ත බලවේගය ජනාධිපති අපේක්ෂකයා කියන කාරණය ගැන නිල වශයෙන් තීන්දුවකට ඇවිත් නැහැ. ඒවුනාට අපි නොහිතන අය වුනත් මේ පෙරහැරේ විධායක ජනාධීපති කෝලමේ පිටුපස්සේ ඉදලා තිරය පළාගෙන එලියට එන්නත් පුලුවන්. ඒ ගැන චකිතයකට, පුදුමයකට පත් වෙන්න එපා. මේ රටේ බහුතර මැතිවරණ ක්‍රම යෝනා වෙලා තියෙන්නේ, ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා වෙලා තියෙන්නේ මැතිවරණ පරාජයෙන් බේරෙන්න හෝ පටු දේශපාලන අරමුණු වෙනුවෙන්. ඒකයි යථාර්ථය. සමානුපාතික මැතිවරණ ක්‍රමය ගෙනත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එජාපයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අමතමින් සදහන් කලේ එජාපයට සදාකාලිකවම බලයේ ඉන්න මම මැතිවරණ ක්‍රමයක් හැදුවා කියලයි. ඒ මැතිවරණ ක්‍රමය ඇත්ලේ මහින්ද මහත්තයා තුනෙන් දෙකේ බලයක් තියෙන ආන්ඩුවක් හැදීම වෙනම කාරණයක්. ඒක රටේ පහළ වුනු වෙන කිසිම නායකයෙක්ට කරන්න බැරි වුනා. ඒනිසා පුදුම වෙන්න එපා මැතිවරණ පරාජයෙන් බේරෙන්න මෙවැනි ප්‍රතිසංස්කරණ ගැන කතා කලොත්.
අරුණ පත්තරේ සන්වේදී ලිපියක් තියෙනවා. යුද ජයග්‍රහණයට නායකත්වය දුන්න ජෙනරල්වරු පස්දෙනා ගැන. ප්‍රධාන සේනාංක පහට අණදීපු මොවුන්ගේ දරුවන් බලන්න විදේශ ගතවෙන්න විසා එකවත් දෙන්නේ නැතිලු. යුද්ධයට එරෙහි වුවෝ වීරයෝ කරලා යුද්ධයට නායකත්වය දිලා ජිවත් වෙන්න පරිසරය හදපු හමුදා නායකයින්ට අද අත් වෙලා තියෙන ඉරණම මේකයි. පුලුවන් තරම් මේ පණිවිඩය රටට ගෙනියන්න. සංවේදී මිනිසුන්ගේ පපුව කතා කරයි.
මේ ආන්ඩුව දුර්වල කලමණාකරණ සහිත ආන්ඩුවක් බව විදුලි කප්පාදුව මගින් මේ ආන්ඩුව නැවත ඔප්පු කරලා තියෙන්නේ. විදුලි අර්බුදයට නිශ්චිත විසදුමක් දුන්න අය අතර ප්‍රධානියා මහින්ද රාජපක්ෂ මහතායි. ඉතිහාසයේ අපේ නායකයෝ විදුලි අර්බුදයට දිපු විසදුම් මොනවාද. එක නායකයෙක් තිරණය කළා පුද්ගලික අංශයෙන් විදුලිය ගන්න. වරායට නැව් ගෙනත් නැවෙන් විදුලිය මිලදි ගන්න. විදුලිය කපන්නත් යෝජනාවක් ආවා. අන්තිමට කරු ජයසූරිය මහතාගේ කාලයේ පැය 8ක් විදුලිය කැපුවා. එක එක බලවේගවලට බයවෙලා විදුලි යෝජනා ක්‍රම අත් හැරියා. නොරොච්චෝලේ යෝජනා ක්‍රමය අත හැරියා. ඉහළ කොත්මලේ යෝජනා කුමයට මුල් ගල තියෙන දවසට කලින් දවසේ විරෝධතා නිසා ඒක වෙනස් කළා. මේ සියලුවිරුද්ධකම් මැද්දේ මහින්ද රාජපක්ෂ මහත්තයා තින්දුවක් ගත්තා. විදුලි බල ඉංජිනේරැවෝ කිව්වේ අවම වශයෙන් දවසකට මෙගා වොට් 1200ක් අවශ්‍යයි කියලා. මහින්ද මහත්තයා රටේ අනාගතය වෙනුවෙන්ඇහුම්කන් දුන්නේ ඉංජිනේරුවන්ට. ඒ සැලසුමේ ක්‍රියාත්මක කරන්න බැරිවුන දේවල් තව තියෙනවා. තව අපූරු සැලසුමක් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ තිබුණා. ලෝකේ කිසිම රටක් විදුලි අර්බුදයට නොදුන්න විසදුමක් දෙමින් ඔරලෝසුවේ කටු කැරකුවා. මේවා තමයි අපේ දේශපාලනඥයින්ගේ දුප්පත් දර්ශන. සියල්ල මැද මහින්ද රාජපක්ෂ මහතා අලුතින් බලාගාර තුනක් රටට එකතු කළා. එක බලාගාරයක් රටට නොදුන්න මේ ආන්ඩුව අද කලුවරේ ඇවිදිනවා. එක කාලයක කරුවල ජයසූරිය මහත්තයා හිටියා. දැන් කරුවල කරුණානයක මහත්තයා ඉන්නවා කියලා කාටුන් ශීල්පියෙකුත් කියලා තිබුණා. රවි කරුණානායක මහතාට පුද්ගලිකව ඇගිල්ල දිගු කරන්නේ නැහැ. ඔහු ඇමැතිධූරයට පත්වෙලා මාස තුනයි. ඔහුව නිදොස් කොට නිදහස් කරන්නෙත් නැහැ. මේ ආන්ඩුව මෙයට වගකිව යුතුයි. විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිටිගමන් තනතුරෙන් ඉවත් වුනා.ඔහු ඉවත් වුනේ ඇයි. අපට ලැබුණු තොරතුරු අනුව වැරදි තොරතුරු සමාජයට දෙන්න කියලා දේශපාලනඥයින්ගෙන්කෙරෙන බලපෑම් නිසයි අස්වුනේ

මාධ්‍ය – දවල් කාලයේ අවශ්‍යතාව මෙගාවොට් 2000ට අධිකයි. දැන් තියෙන්නේ 1300යි. අපේ ජගය ඉතිරි කරගෙන සූර්ය බලය පාවිච්චි කරන්න පුලුවන්නේ.
ඩලස් අලහප්පෙරුම – ජලවිදුලිය මගින් රටේ විදුලිය ප්‍රශ්නයවිසදන්න බලාගෙන සිටිනවා නම් එය අනතුරක්. ලොව එයින් මිදෙමින් තිබෙනවා. සෝලා පාම්ස් දැන් තියෙන්නේ. අපිට වේගයෙන් වෙනස් වෙන්න වෙනවා.
මාධ්‍ය – ප්‍රාදේශිය ෂබා 21ක බලය ගන්න කතාවක් යනවා
ඩලස් අලහප්පෙරුම – ශ්‍රී ලංකා නිදහස් පක්සය හා පොදුජන පෙරමුණ අතර පැවැති සාකච්ඡාවලදි ජි. එල් පිරිස් මහතා ඉදිරිපත් කරපු යෝජනාවක් ඒක. දැනට පළාත් පාලන ආයතන 21ක් එජාපය හා ශ්‍රීලනිපය හවුලේ බලය අත්පත්කරගත්ත දේවල්. එයින් 15 සභාපති එජාප. පොදුජන පෙරමුණ පැත්තෙත් එවැනි සභා තියෙනවා. ඒක බිම් මට්ටමේ සමගිය ඇති කරගන්නවා නම් හොද යෝජනාවක්. අයවැයට ජන්දය පාවිච්ඡි නොකිරීමේ සිද්ධියෙන් අපේ පාක්ෂිකයෝ විස්සෝප වෙලා ඉන්නේ. කළකිරිමක් කෝපයක් ඇතිවෙලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රීවරු 15යි. එජාපයට 10යි. ශ්‍රීලනීපයට මන්ත්‍රීවරු 2ක් ඉන්න ආයතනයක් තියෙනවා. පොදු ජන පෙරමුණට බලය ලැබීම වලක්වන්න උපක්‍රමශීලිව සභාපතිකම ශ්‍රීලනීපයෙන් තේරුණු දෙන්නාගෙන් කෙනෙක්ට දීලා සභාව එජාපයට ගන්නවා. එවැනි තත්ත්වයන් රැසක් තියෙනවා. අපේ අවංකකම පෙන්වන්න හොද යෝජනාවක්. අපි යෝජනා කරන්නේ එජාප විරෝධී පුලුල් පෙරමුණක්. එජාප වීරෝධී බවයි මෙහි මුඛ්‍ය ලක්ෂණය වෙන්නේ. එජාප විරෝධී බව එළිපට පෙන්වන්න දකින්න මේක හොද අවස්ථාවක්
ජි. එල් පිරිස් – පාක්ෂිකයින් තුල විශ්වාසය ගොඩනංවා ගන්න මේක හොද අවස්ථාවක්.
මාධ්‍ය – ජවිපේ කියනවා මෙවර සියයට 50 සිමාව කිසිවෙකුට ගන්න බැරි බව කියනවා.
ඩලස් අලහප්පෙරුම – ජනාධීපතිවරණයට පෙර මේ විදියට ජනාධීපතිවරණය ගැන පුරෝකතන කරනවානේ. ජනාධීපතිවරණ 5දිම මේ වගේ පුර්ව නිගමන දීලා තියෙනවා.දැන් ඒ වගේ කතා ඇහෙන්න අරන් තියෙන්නේ. ඡන්ද ප්‍රතිඵල නිකුත් වුනාමයි බලන්න වෙන්නේ. තුන්වෙනි අපේක්ෂකයෝ සාර්ථකයි. ලක්ෂ තුනකට වැඩිය ගත්තේ නන්දන ගුණතිලක විතරයි. මැතිවරණ වෙද්දි පූර්ව නිගමන එන එක සාමාන්‍යයි.
මාධ්‍ය – වත්මන් ජනාධීපතිවරයාව බලනේම අපෙක්ෂකත්වයට ගෙනයන්න අත්සාහ කරනවා.
ඩලස් අලහප්පෙරුම – මම එහෙම වෙයි කියලා හිතන්නේ නැහැ. එතුමා විධෘයක ජනාධිපතිධූරය ගැන පැහැදිලි ප්‍රකාශයක් කරලා තියෙනවා. ඇතැමුන්ට එහෙම උත්සාහයක් ඇති. අවසානයේ එක මතයකට එන්න හැකි වෙයි කියලා විශ්වාස කරනවා.

රාජපක්ෂ පවුලෙන් කවුද කියා අපි තීන්දුවකට ආවා..

රාජපක්ෂ පවුලට අවස්ථාව ලැබුණොත් ඒ අවස්ථාව කාට ද කියා අපි තීන්දුවකට ආවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ

ජනාධිපතිධුර අපේක්ෂකයා ගැන බැසිල් කෙළින් කතා කරයි

මහින්ද රාජපක්ෂ කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ප්‍රකාශයට පත් වී තිබේ. මෙතරම් හදිසියේ අපේක්ෂකයා නම් කිරීමට හේතු වූයේ ඇයි? මේ ඒ ගැන විමසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් ​රෝහණ රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවකි.

• පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ස්ථීර වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ?   

එහෙමම කියන්න බෑ එක පාරටම. අපේ ජනාධිපති අපේක්ෂකයා තේරිය යුත්තේ අපේ පක්ෂයෙන්. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් රැස්වෙච්ච වෙලාවක අපේ පක්ෂයෙන් යෝජනා කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව.   

• නමුත් මහින්ද රාජපක්ෂට ඉල්ලන්න බැහැ?   

ඔව්. එතුමාට ඉල්ලන්න බැරි නිසා ඒ සඳහා සුදුස්සා නම් කිරීමේ අයිතිය එතුමාට දීලා තියෙනවා. එතුමා සුදුසු අපේක්ෂකයා නම් කළාට පස්සේ ඒ නාම යෝජනාව අපේ පක්ෂයේ සම්මේලනයට ද‌ාලා සාමාජිකත්වයේ අනුමැතිය ගත යුතුයි.   

• පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළා රාජපක්ෂ සහෝදරවරු රැස්වෙලා ගෝඨාභය රාජපක්ෂගේ නම ස්ථීර කරගත්තා කියලා?   

ඇත්තටම මතවාදයක් ගියා රාජපක්ෂ සහෝදරයන් අතර අපේක්ෂකයා පිළිබඳ විවිධ මත තියෙනවා කියලා. එහෙම කතාවක් නිතර නිතර කියැවෙන කොට ඒ සම්බන්ධයෙන් වැරදි චිත්‍රයක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා අපි පවුලේ පිරිස හමුවෙච්ච වෙලාවක අපි කතා කරලා පැහැදිලි කර ගත්තා රාජපක්ෂ කෙනෙකුට යම් අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාව දිය යුත්තේ කාටද කියන එක මතයකට ආවා.   

• ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ?   

ඔව් ඇත්තටම. එතුමා තමයි කැමති වුණේ ඉදිරිපත් වෙන්න.   

• ඔබ ගෝඨාභය රාජපක්ෂට අපේක්ෂකත්වය දෙනවට විරුද්ධ මතයක හිටියා.   

ඇත්තටම ඒ වැරදි මතය නිසා තමයි අපි ඒ විදියට හමුවෙලා ඒ තීරණය ගත්තේ.   

• ඔබත් අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් හිටියා?   

ඇත්තටම නැහැ. ඒකට පෞද්ගලික කාරණාත් තියෙනවා. දේශපාලන කාරණාත් තියෙනවා. ඊටත් අමතරව මට හිතෙනවා මට වඩා සුදුස්සෙක් කියලා ගෝඨාභය රාජපක්ෂ. ඒ මම හිතන විදිය.   

• නමුත් සමහරු කියනවා මහින්ද කඳවුරේ වැඩකාරයා හා මොළකාරයා බැසිල් රාජපක්ෂ ඔහු තමයි සුදුසු කියලා? 

සමහරු එහෙම කිව්වට මම ඒක පිළිගන්නේ නෑ.   

• පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර නිල සාකච්ඡාවක් ඇරැඹිලා තියෙනවා. ඒ සාකච්ඡාවේ ප්‍රගතිය?   

ඒ සාකච්ඡා වටයෙන් සාකච්ඡා වට දෙකයි පැවැත්වූවේ. ඒ කමිටුවේ අදහස් එනකම් අපි විවෘත මනසකින් ඉන්නවා. 

 
• ජනාධිපති මෛත්‍රි පසුගිය ජනාධිපතිවරණයේදී කිව්වේ ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා ගෙදර යනවා’ කියලා. මොකක් වෙයිද? 

ඒක ඇත්තටම එතුමාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්.   

• නමුත් ඔබලා තීරණයක් ගන්නකොට ඒ තත්ත්වයත් සැලකිල්ලට ගත යුතුයි?   

ඔව්. නමුත් එතුමා නිහඬයිනේ. ඒ සමහර විට එතුමා මුල් මතයෙම ඉන්න නිසා වෙන්නැති.   

• ජනාධිපති මෛත්‍රි තීරණය කළොත් ඉදිරිපත් වෙන්න?

  එහෙම වුණොත් එතුමා ජනතාවට දීපු තවත් එක් පොරොන්දුවක් කඩ කළා වෙනවනේ.   

• ඔබ කලින්ම කිව්වා ජනාධිපතිවරණ අපේක්ෂකයා පොහොට්ටුවෙන් කියලා. ඇයි ඉක්මන් වුණේ?    

මෙහෙමනේ. අපේක්ෂකයෙක් පැමිණිය යුත්තේ බලවේගයක් හරහනේ. අපේ පක්ෂය තමයි අද ලංකාවේ තියෙන ප්‍රබලතම දේශපාලන පකෂය. ඒ වගේම අංක එකේ පක්ෂය. ඉතින් අංක එකේ පක්ෂය හැටියට එහෙම කියන්න අපට අයිතියක් තියෙනවා.   

• ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මහ ලේකම් මන්ත්‍රී දයාසිරි ජයසේකර කිව්වා ‘අපේ පක්ෂයේ අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කියලා. දැන් කියනවා තාම අපේක්ෂකයා තීරණය කරලා නෑ කියලා. මෙයින් කුමක් ඇත්ත විය හැකි ද?   එතැන මම හිතන්නේ ඔහු ඉතාම සාධාරණ ප්‍රකාශයක් කළේ. එක පැත්තකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා තේරුවත් ඔහු සන්ධානයක් හැදුවොත් ඔහුට අපේක්ෂකයා තෝරන්න බැහැ. ඒක වෙන්නැති ඔය කියන්න ඇත්තේ. අපි එහෙම හිතමු.   

• එස්.බී. දිසානායක, මහින්ද සමරසිංහත් කෙළින්ම කිව්වා ‘අපේ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රි’ කියලා.   මම අගය කරන එකක් තමයි තමන් අපේක්ෂකයකු නම් ඔහු මුලින් රටට කිව යුතුයි මම තමයි අපේක්ෂකයා කියලා. එතකොට ඒ පක්ෂවලට වගේම ජනතාවට කාලයක් තියෙනවා ඔහු සුදුසු ද නැද්ද කියලා තීරණය කරන්න. මෙතැනදී ඔබම කියනවා ‘මම ආපහු එන්නේ නෑ. මේ පාර විතරයි එන්නේ’ කියලා. කියපු කෙනා ඉදිරිපත් වෙනව ද නැද්ද කියලා. ඒ වගේ සැකයක් තියෙන කෙනෙක් අපේක්ෂකයෙක් හැටියට නම් කරන්නේ කොහොමද? අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විතරයි ‘මම ඉදිරිපත් වෙන්න සූද‌ානම්’ කියලා කියල තියෙන්නේ. ඒක මම අගය කරන හොඳ ලක්ෂණයක්. එතකොට ඔහු ගැන අපේ පාක්ෂිකයන්ට අනික් අයට ජනතාවට සිවිල් සමාජයට හැදෑරීමක් කරන්න පුළුවන්.   

• මම ඔබෙන් නැවතත් අහනවා යම් හෙයකින් ජනාධිපති මෛත්‍රි ඉදිරිපත් වුණොත්?   

ඒක ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතියක්.   

• නමුත් ඔහු ඉදිරිපත් වුණොත් ගෝඨාභයට අවාසියි. ඔබේ ඡන්ද දෙකට කැඩෙනවා?   

ඔය තර්කය පළාත් පාලන ඡන්දෙදිත් කිව්වා. එකම ඡන්ද දෙකට කැඩෙනවා කියලා. මම නම් හිතන්නේ නැහැ. ඔය ගැන විවිධ මත තියෙනවා. එහෙම වෙන එකක් නෑ කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. 

 
• එහෙම වෙන්නේ නෑ කියලා කිව්වේ?   

එහෙම වෙන්නේ නැහැ කියලා කිව්වේ ඒ විදියට දෙන්නෙක් තරග කරන එකක් නෑ කියලයි?   

• ජනාධිපති මෛත්‍රිට පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් ලැබුණා. මේ ඡන්ද ලක්ෂ 15 තීරණාත්මක නැද්ද?   

දැන් එයා හැට දෙලක්ෂයක් ගත්තනේ ජනාධිපතිවරණයේදී. එතකොට ඒකනේ ඡන්ද ලක්ෂ 15 කට වැටුණේ. දැන් එතැනින් කොච්චර පල්ලෙහාට ඇවිල්ල ද කියන්න දන්නේ නෑ. ඒවා ජනතාවගේ තීන්දු. ඒ නිසා පූර්ව මැතිවරණ ප්‍රතිඵලයක් අරගෙන දැන් තීන්දු තීරණ ගන්නවා නම් ඒත් ඒවා එහෙමම වෙන්නේ නැහැ.   

• ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ කියලා තීන්දු කරන්න පෙර හෝ පසු ජනාධිපති මෛත්‍රි එක්ක සාකච්ඡාවක් කළා ද?   

මම නම් සාකච්ඡා කළේ නැහැ. 

  • ජනපති මෛත්‍රි ඉදිරිපත් වෙන්න තීන්දු කළොත් එතුමා ජනතාවට දීපු තවත් එක් පොරොන්දුවක් කඩ කළා වෙනවා’
  • අපි සුළු ජාතිකයන් ළඟට යා යුතුයි
  • ඡන්ද කැඩෙන්න දෙන්නෙක් තරග කරන එකක් නෑ

• එතකොට මහින්ද රාජපක්ෂ?  

ඒ පිළිබඳව මම ඇත්තටම දන්නේ නෑ.  

• ඔක්තෝබර් 26 වැනිද‌ා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමේදී ජනාධිපති මෛත්‍රි ළඟ ජනාධිපති අපේක්ෂත්වය පිළිබඳ හැඟීමක් තිබුණා.  

එහෙම මතයක් සමාජයේ තියෙන්න ඇති. මම අවංක වෙන්න ඕන. ඇත්තටම මම සාකච්ඡා වට දෙකකටයි සම්බන්ධ වුණේ. ඒ සාකච්ඡා වට දෙකේදි එහෙම අදහසක් ආවෙම නැහැ.  

• ජනාධිපතිවරණ ඉතිහාසය ගත්තොත් සුළු ජාතික ඡන්ද තීරණාත්මකයි. ඒ ඡන්ද දිනා ගැනීමේ ක්‍රියාන්විතයක් තියෙනවද?  

ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විතරක් නොවෙයි අපේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු කඳවුරටම පොහොට්ටුවටම සුළු ජාතික ඡන්දවලින් ලැබිය යුතු ප්‍රතිශතය ලැබිලා නැහැ. ඒක නිසා අපි ඔවුන් ළඟට යා යුතුයි. ඔවුන්ගේ හදවත් අඳුරගෙන ඔවුන් සමග සංවාද‌ාත්මක විය යුතුයි.  

• තමන්ට සාධාරණය ඉටුවුණේ නෑ කියලා උතුරේ ජනතාව කියනවා. ඔවුන්ට සාධාරණය ඉටුකරන්න ඔබලා බලාපොරොත්තු වෙන්නේ කොහොමද?  

ඒකත් අපි බලාපොරොත්තු වුණා සාධාරණයක් ඉෂ්ට කරන්න. ඒ වෙනුවෙන් යම් යම් දේවල් කළා. නමුත් ඒ ජනතාව ඒක පිළිගත්තේ නැහැ. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය දේ මොකක්ද කියලා අපි තීන්දු කරපු එක වැරැදියි. ඒකත් ඔවුන්ගෙන්ම අහලා ක්‍රියාත්මක කළ යුතුයි.  

• ඇයි උතුරේ ජනතාව ඔබලා ප්‍රතික්ෂේප කළේ?  

උතුර ගත්තොත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයෙදි තරම් සංවර්ධනයක් පසුගිය නිදහසෙන් පස්සේම සිදුවුණේ නැහැ. පළමුවැනිම දේ තමයි එහෙ තමන්ගේ කරේ සයනයිඩ් කරල එල්ලගෙන පි​ටේ ටී පනස්හය එල්ලගෙන හිටපු දරුවන්ට ළමා සොල්ද‌ාදුවන්ට නැවත අර සයනයිඩ් කරල වීසි කරලා පොත් බෑගය අරගෙන ස්කෝලෙ යන්න අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම අද උතුරේ කිසිම තැනක මාර්ග බාධකයක් නැහැ. මාළු අල්ලන අයට එද‌ා අශ්වබල 10 ට වැඩි යාත්‍රාවලින් මුහුදු යන්න බෑ. ගොවි කර්මාන්තයට අවශ්‍ය වතුර පොම්පයට අවශ්‍ය භූමි තෙල් ටික ඩීසල් ටික අද ගන්න පුළුවන්. කුප්පි ලාම්පුවෙන් නොවෙයි අද විදුලි බුබුළෙන් අධ්‍යාපනය ලබනවා. ස්කෝල සියල්ල විවෘත වෙලා. රෝහල් සියල්ල විවෘත වෙලා. ගොවිජන සේවා කාර්යාල ඇතුළු රටේ අනෙකුත් ප්‍රදේශවල තියෙන සෑම රජයේ කාර්යාලයක්ම අපි විවෘත කළා. උතුරට සමෘද්ධිය දීලා තිබුණේ නෑ. අපි ඒක නැවත ලබා දුන්නා. ඒ ඔක්කොටම වැඩිය ප්‍රජාතන්ත්‍රවාදය. පළාත් පාලන ආයතන පළාත් සභාව සමුපකාර ජනතාවට වඩාත් කිට්ටු සියලු ආයතන යළිත් ක්‍රියාත්මක වුණා. ඒ තත්ත්වය ඇති වුණේ මහින්ද රාජපක්ෂ යුගයෙදි. යාල්දේවි දුම්රිය නැවත යාපනයට ගියා. ඒ වගේම සියලු මාර්ග විවෘත කළා විතරක් නොවෙයි ඉතාම නවීන ක්‍රමයට හැදුවා. වාරිමාර්ග සියල්ල ප්‍රතිසංස්කරණය කළා. ඉරණමඩු ජලාශයත් ප්‍රතිසංස්කරණය කළා. ඒ වගේම ඔවුන්ගේ ජීවනෝපායට අවශ්‍ය සියලුම දේවල් දුන්නා. බිම් බෝම්බ අතුරපු භූමිය ගොවිබිම් බවට පත් කළා.  

• මගේ ප්‍රශ්නය එහෙම කරලත් ඒ ජනතාව ඔබලා ප්‍රතික්ෂේප කළේ ඇයි කියලයි?  

ඒවා කළාට…. ඒවා අපි හිතාගත්ත දේවල්. අපි හිතුවා මේ අයට අවශ්‍ය මේවා කියලයි. නමුත් ඒක ඔවුන් තේරුම් ගත්තේ වැරැදි විදියට. යාල්දේවි දුම්රිය යාපනයට එන්නේ සොල්ද‌ාදුවෝ ගේන්න කියලා ඔවුන්ට කිව්වා. අලිමංකඩ පාලම හදලා සංගුපිටිය පාලම හදලා මාර්ග නවීකරණය කළේ යුද ටැංකි අරගෙන එන්න කියලා කිව්වා. ඉතින් ඒ වගේ තත්ත්වයක් උතුරේ තිබුණා.  

• ඒ ජනතාවට අවශ්‍යයි තමන්ගේ දරුවට, ඥ‌ාතියාට මොකද වුණේ කියලා දැනගන්න.මේ ආණ්ඩුව එ්කට වැඩපිළිවෙළක් හදනකොටත් මහින්ද කඳවුර ඒකටත් විරුද්ධයි?  

ඇත්ත වශයෙන්ම එහෙම විරුද්ධ වීම සම්බන්ධයෙන් මට මගේ මතයක් තියෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයවත් මේ ආණ්ඩුවවත් හරි දේ කරන්නේ නැහැ. උද‌ාහරණයක් වශයෙන් අතුරුදන් වූවන්ට වන්දි දෙනවා කියනවා. නමුත් එක කෙනෙකුට වන්දි ගෙවලා තියෙනවද? එහෙම ගෙවපු කෙනෙක් ඉන්නවද? හැබැයි දේශපාලන වීඩියෝ පට හදන්න. ඒ කියන්නේ ඊළඟ ජනාධිපතිවරණයේදී ප්‍රයෝජන ගන්න හදපු වීඩියෝ පටවලට මිලියන ගණන් වියදම් කරලා තියෙනවා. හැබැයි අර අහිංසක පවුල්වලට වන්දි ගෙවලා නෑ. මම නම් කිව්වේ කාටවත්ම වන්දි ගෙවලා නැහැ කියලා. හැබැයි කාර්යාල ද‌ාලා නිල වාහන අරගෙන මිලියන ගණන් එ්වට වියදම් කරනවා. එක වීඩියෝ එකක් හදලා තියෙනවා සුදුවෑන් පිළිබඳව. ඒ විදියේ වීඩියෝ පට පහක් මේ වෙනකොට හදා කෝටි ගාණක් වියදම් කරනවා. දේශපාලන කාර්යයක් එතැන කරන්නේ. මට නම් විරුද්ධ ඒකට. යම් කෙනෙකුට අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඔහුට සාධාරණය ඉටුවිය යුතුයි. ඒ වගේම මම කියනවා අපේ පැත්තෙන් නම් අසාධාරණයක් වුණේ නෑ කියලා.  

• පැහැරගෙන යාම්, අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් ඔබේ රජයට උතුරෙන් බරපතළ චෝදනා එල්ල වුණා?  

ඇත්තටම ළමයින් පැහැරගෙන ගියෙ එල්ටීටීඊ එකෙන්. ගෙවල්වලට ගියාම ඒ ළමයින්ගේ පින්තූර තියෙනවා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්න ඉන්නකොට එල්ටීටීඊ එකෙන් අරන් ගියා කියනවා. සමහරු සාමාන්‍ය පෙළ කරලා ඉන්නකොට පැහැරගෙන ගිහින් තියෙනවා. එල්ටීටීඊ එකෙන් පැහැර ගෙන ගියේ. හැබැයි ඉල්ලන්නේ අපෙන්. මම උතුරේ ගිය එක වෙලාවක වයසක අම්මා කෙනෙක් කෑ ගහගෙන මගේ ඉස්සරහට එන්න හදනවා. මගේ ආරක්ෂක නිලධාරීන් ඒ අම්මව නැවැත්තුවම මම එන්න දෙන්න කියලා කිව්වා. ඒ අම්මගෙ අතේ කොළයක් තිබුණා. ඒක මට දීලා කියනවා එයාගේ රත්තරන් බඩු ටික දෙන්න කියලා. මම ඒ රිසිට් එක ගත්තා. ඒක තිබුණේ දෙමළෙන්. කොටි ලාංඡනයත් තිබුණා. මගේ දෙමළ නිලධාරියෙකුගෙන් මම ඇහුවා ‘මේකෙ මොකක්ද ලියලා තියෙන්නේ’ කියලා. ඒ නිලධාරියා කිව්වා ‘මේක ඊළාම් බැංකුවෙන් දීපු රිසිට් එකක් කියලා. ඒ අම්මා ඊළාම් බැංකුවට ගිහින් රත්තරන් බඩු උගස් තියලා. හැබැයි ඒ රත්තරන් බඩු ටික ඉල්ලන්නේ අපෙන්.  

• ඔබ මොකද කිව්වේ?  

මම කිව්වා ‘එල්ටීටීඊ එකත් එක්ක මගේ සම්බන්ධයක් නෑ. ඒ ගොල්ලත් එක්ක සම්බන්ධයක් තියෙන සම්බන්ධන් මහත්තයා ඉන්නවා. එයාගෙන් ඉල්ල ගන්න කියලා. මේ ජනතාව සාධාරණය ඉල්ලන්නේ ආණ්ඩුවෙන්.  

• ඇත්තෙන්ම ඔය වගේ ප්‍රශ්නවලට ආණ්ඩුවකට උත්තර තියෙනවද?  

ආණ්ඩුවක් වුණාම සමස්ත ජනතාවගේම ප්‍රශ්නවලට විසඳුම් දිය යුතුයි. එහෙම නැත්නම් ඒක යුක්ති ධර්මයට ගැළපෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ හොඳ මිනිසුන්ට විතරක් නොවෙයිනේ ධර්මය දේශනා කළේ. අංගුලිමාල වගේ අයටත් ධර්මය දේශනා කළා. අපි ආණ්ඩුවක් හැටියට සියලු දෙනාට සාධාරණය ඉටු කළ යුතුයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කටයුතු කළේ ඒ විදියට තමයි. නමුත් යම් යම් අඩුපාඩු තිබුණා. මම කියන්නේ ඊළඟ රාජ්‍ය නායකයා වැඩි දෙනාටම නොවෙයි සියලු දෙනාට සේවය කරන යුක්තිය ඉටු කරන කෙනෙක් විය යුතුයි. අපේ අපේක්ෂකයා නියත වශයෙන්ම එහෙම කෙනෙක්.  

• ඔබ එහෙම කිව්වත් ඔබේම කඳවුරේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කියනවා ‘අපට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ජාතික ඇඳුම අඳින නායකයෙක්’ කියලා.?  

ඇඳුම ගැන නම් මම දන්නේ නෑ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් තමයි එන්නේ ස්ථීරවම.  

• විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ගෝඨාභය වෙනුවට මෛත්‍රිපාල අවශ්‍යයි කියන මතයේ ඉන්න බවට රාවයක් යනවා?  

ඒක රාවයක් පමණයි. එහෙම නැතිව කිසිම ඇත්තක් නෑ.  

• ඒ රාවය පිටිපස්සේ ඉන්නේ ඔබ?  

එහෙම අහන්​නේ ඇයි කියලයි මම මේ කල්පනා කරන්නේ. එහෙම කිසිම දෙයක් නෑ. විමල් මන්ත්‍රීතුමා හා උදය මන්ත්‍රීතුමා තමයි මුලින්ම රටට කිව්වෙත් අපට ගෝඨාභය අවශ්‍යයි කියලා. එතුමන්ලා දෙන්නම දේශපාලනඥයෝ. පක්ෂ නායකයෝ. පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියන එක පොහොට්ටුවටත් කලින් වගේම රාජපක්ෂ පවුලටත් කලින් රටට කිව්වේ ඒ නායකයන් දෙන්නා. ඒ නිසා ඔබ ඔය කියන විදියෙ ප්‍රශ්නයක් නෑ. විවිධ මත තියෙනවා. ඒවා ප්‍රකාශ වෙනවා. නමුත් අවසානයේ අපේ එකම ධජය අරගෙන සටන් බිමේ ඉන්නවා. එහෙම තමයි දේශපාලකයා.  

• ඔබ හිතනවද මේ ජනාධිපතිවරණ සටන පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා?  

ස්ථීවරම අපි ජයගන්නවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ජයගත යුත්තේ රට වෙනුවෙන්. ජනතාව වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් තමයි මේ පාලනය පෙරළා දැමිය යුත්තේ. ජනතාව හා රට වෙනුවෙන් නව වැඩපිළිවෙළක් නව ඇරැඹුමක් අවශ්‍යයි. අලුතෙන් හිතලා වැඩි දෙනාට නොව සියලු දෙනාට වැඩකරන රජයක් පිහිටුවා ගත යුතුයි.  

• ඔබේ ප්‍රතිවාදියා කවුරු කියලද ඔබ අනුමාන කරන්නේ?  

ප්‍රතිවාදියා ගැන මත කිහිපයක් තියෙනවා. අපට වැරදිච්ච තැනක් තමයි 2015. එතැනදි අපි හිතපු නැති අපේක්ෂකයෙක් තමයි ආවේ. අපි හිතුවේ නෑ එහෙම අපේක්ෂකයෙක්. දැනට අපේ ප්‍රතිවාදියා සම්බන්ධයෙන් කියැවෙන නම් කිහිපයක් තියෙනවා. ඒ නම්වලින් එකක් ඒවි.  

• ‘මෙන්න මෙයා ආවොත් නම් භයානකයි’ කියලා හිතෙන නමක් තියෙනවද?  

ඔය කියවෙන නම්වලින් එකක් නම් එන්නේ කියන්න දෙයක් නැහැ. ඒත් කියන්න බැහැනේ. ගියපාර වගේ මොකක් හරි වෙනසක් වුණොත්. කොහොම වුණත් අපි මේ පාර යන්නේ ආණ්ඩු විරෝධි ඡන්ද ගන්න පමණක් නොවෙයි. රටේ අනාගතය වෙනුවෙන් සැකසූ වැඩපිළිවෙළකට ප්‍රසාද ජනක ඡන්දත් බලාපොරොත්තුවෙන්. ඒ නිසා කවුරු ආවත් කිසිම ප්‍රශ්නයක් නෑ. මේ ආසියාවේ චීන කොමියුනිස්ට් පක්ෂයට පස්සේ ඉතාම සංවිධානාත්මකම දේශපාලන පක්ෂය අපේ පක්ෂයයි. ඒ පක්ෂය ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කරනවා. ඒක තමයි ඇත්තම තත්ත්වය.

 

සාකච්ඡා කළේ :
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්