බෙලරුස් සහ ශ්‍රී ලංකාව වාණිජ සහ ආර්ථික සම්බන්ධතා වර්ධනය කිරීමට සාකච්ඡා
පසුගිය දින ශ්‍රී ලංකාවේ දී පවත්වනු ලැබූ ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර වෙළෙඳ සහ ආර්ථික ඒකාබද්ධතා කොමිසම සඳහා මෙරටට පැමිණ සිටින බෙලරුස් විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය වැලන්ටින් බී. රෙබකොව් (Valentin B. Rybakov) මහතා ඊයේ (10) ආර්ථික සංවර්ධන ආමත්යංශයේදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුණ ගැසිණි.
අමාත්‍යවරුන් දෙදෙනා මෙම අවස්ථාවේදී දෙරට අතර වාණිජ සහ ආර්ථික සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම පිළිබඳ ව සාකච්ඡා කරන ලදී. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය, කර්මාන්ත අංශය මෙන්ම කෘෂිකාර්මික අංශයන් වැඩි දියණු කිරීම සඳහා බෙලරුස් සහය ලබාදෙන බව බෙලරුස් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් දිවි නැගුම වැඩසටහන යටතේ කර්මාන්ත සහ පශු සම්පත් අංශ දියුණු කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද සහනදායී මිලට පොහොර ලබා දෙමින් කෘෂිකර්මාන්ත කෂේත්රය වැඩිදියුණු කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් කරන ලදී.
ඉදිරියේදී දෙරට අතර වාණිජ සහ ආර්ථික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී අමාත්‍යවරු සාකච්ඡා කළහ.
මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන ආමත්යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අනුර සිරිවර්ධන යන මහත්වරුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්ව සිටි අතර බෙල්රුස් නියෝජනය කරමින් ද නියෝජිතයෝ කිහිප දෙනෙක් එක්ව සිටියහ.



Caption: Hon. Masahiko Komura, President of the Japan-Sri Lanka Parliamentary League and Vice President of the Liberal Democratic Party delivers a speech at the gathering.
Business TodayBusiness TodayBusiness Today