දිවි නැඟුම ජාතික ව්‍යාපාරය

ජනපති අතින් සුබ මොහොතින් ඇරඹේ…

ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂයක් ආරම්භ කිරීමේ ‘දිවි නැඟුම’ ජාතික ව්‍යාපාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතරදී (12) දා ආරම්භ කෙරිණි. පෙරවරු 11. 21ට යෙදුණු සුබ මොහොතින් අඹ පැළයක් රෝපණය කළ ජනාධිපතිවරයා ඊට ජලය වත්කරන අයුරු. මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් ද මෙහි වෙති.
ඡායාරූපය නලින් හේවාපතිරණ

පවුලේ ආර්ථිකය හා පෝෂණය වැඩිදියුණු කරන ගෘහ ආර්ථික ඒකක දසලක්ෂයේ දිවිනැඟුම ජාතික ව්‍යාපාරය පෙරේදා (12) පෙරවරු 11.21 ට යෙදුනු සුබ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඇරඹිණි.

ඉසුරුමත් නිවහනක් – අසිරිමත් මවුබිමක් යන්න තේමාව කරගත් දිවිනැඟුම ජාතික ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී වසම් 14,000ක් ආවරණය වන පරිදි ක්‍රියාවට නැගේ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් අනුව සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක මෙය කෘෂිකර්ම, කර්මාන්ත හා ධීවර යන අංශ තුන යටතේ ක්‍රියාවට නංවා ඇත. රට පුරා ක්‍රියාත්මක වූ මේ ව්‍යාපෘතියේ අවස්ථා කීපයකි මේ.


‘දිවි නැගුම’ ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ජනතා කැපවීම අවශ්‍යයි

– ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ

”දිවි නැඟුම” ජාතික ව්‍යාපාරයේ සමාරම්භක අවස්ථාව අර්ථවත් කරමින් අගමැති දි. මු. ජයරත්න මහතා ගම්පොළ ජාතික උරුමය මධ්‍යස්ථානයේ දී පැළයක් සිටු වූ අයුරු.
ඡායාරූපය – ගම්පොළ සමූහ එස්. එන්. ගොමුන්න

ගම්පහ අකරවිට දක්ෂ ගොවි මහතෙකු වූ වින්සන් මුණසිංහ මහතාගේ නිවාස භූමියේ තිබූ එළවලු වගාව නිරීක්ෂණය කළ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සරුවට වැවී තිබූ ගෝවා වගාවක් දෙස බලා සිටී. මුණසිංහ ගොවි මහතා අත දික්කරමින් යමක් පැහැදිලි කරයි. ඡායාරූප – ගම්පහ සංචාරක නිමල් ජයසිංහ

ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂයේ ජාතික වැඩසටහන (12) දින දිවයින පුරා ක්‍රියාත්මක වූ අතර ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ශුභ හෝරාව යෙදී තිබූ පෙරවරු 11.34 ට ගම්පහ අකරවිටදී පොල් පැළයක් සිටවූ අවස්ථාව.

“දිවි නැගුම” ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් ජනතා කැපවීම අත්‍යවශ්‍ය බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

රජයට පමණක් මෙම කාර්යය තනිව සිදුකිරීමට නොහැකි බවද හෙතෙම කීවේය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ ගම්පහ මැතිවරණ කොට්ඨාසයේ අකරවිට ග්‍රාමයේදී මෙම ජාතික ව්‍යාපාරය ආරම්භ කිරීමේ ගොවි හමුවට එක්වෙමිනි. අකරවිට පදිංචි වින්සන් මුණසිංහ නම් ගොවි මහතාගේ ආදර්ශ ගොවිපළේදී මෙම ගොවිජන හමුව පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා “දිවි නැගුම” ජාතික වැඩපිළිවෙළ පුළුල් ව්‍යාපෘතියක් බවත්, මෙය රජයට පමණක් කළ හැකි දෙයක් නොවන බවත්, මෙයට සියලු ජනතාවගේ කැපවීම අවශ්‍ය බවත් පෙන්වා දුන්නේය. තම ගෙවත්තේ ඵලදාවෙන් සිත සැනසෙන, එසේම ආර්ථික තත්ත්වය දියුණු වන අපේ පෝෂණය අපේම දෑතින් කෙරෙන විශිෂ්ට ව්‍යාපෘතියක් බවද පැවැසීය.

පවුලේ ආර්ථිකය සහ පෝෂණය වැඩිදියුණු කරන ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂයේ ජාතික ව්‍යාපාරය හඳුන්වා දුන් ජනාධිපතිතුමා එය 2011 අයවැය යෝජනාවටද එක්කිරීමට පෙර පටන්ම අරලියගහ මන්දිරය පිහිටි ගෙවත්තේද මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවද කීය. එතුමා ඒ මඟින් සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටම ආදර්ශයන් දී ඇති බවද පැවැසීය. අපි අද දවසේ පැළයක් වවමු. හෙට එයින් ඵල නෙලමු. මේ තුළින් අපට අපේ පෝෂණය, සෞඛ්‍යය වගේම ආර්ථිකයත් ශක්තිමත් කර ගන්න ලොකු රුකුලක් ලැබෙනවා ඒකාන්ත යැයිද කීය. මේ වැඩපිළිවෙළට සතුටු සිතින්, හැඟීමක් ඇතිව එක්වන ලෙසද ඉල්ලා සිටියේය.

දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා – යුද්ධය නිමවා රටට සාමය උදාකර දුන් ජනාධිපතිතුමාගේ මීළඟ අරමුණ ශ්‍රී ලංකාවාසී සැවොම ආර්ථික අතින්ද සංවර්ධනය කිරීමයි. ඒ අනුව එතුමාගේ සංකල්පයක් වූ දිවිනැගුම ඉසුරුමත් නිවහනක්, අසිරිමත් මව්බිමක් වෙනුවෙන් ගෘහආර්ථික ඒකක දස ලක්ෂයේ ව්‍යාපෘතිය ආරම්භ කරනවා. එම ගම්පහ දිසාවේ ජාතික උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ අකරවිටදී පැවැත්වීම ඉතා අගේකොට සලකනවා. විවෘත ආර්ථිකය මෙරටට පැමිණීමත් සමඟම අතීතයේ සිට අපේ රටේ තිබූ ඒ වගා ව්‍යාපාරය නැතිවුණු බවද කීය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ. ජේ. රත්නසිරි, අකරවිට වින්සන් මුණසිංහ මහත්වරුද අදහස් දැක්වූ අතර මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නිහාල් ජයතිලක, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ආර්. ටී. බී. තිලකසිරි, ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුනිල් ජයලත් යන මහත්වරුද ගම්පහ පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දයානන්ද මහතාද එක්විය. අමාත්‍යාංශ ලේකම්වරු, ග්‍රාම නිලධාරි, සමෘද්ධි ගොවිජන සේවා, කෘෂිකර්ම අංශ ප්‍රධානීන්ද එක්ව සිටියහ.


කෘෂි අංශයෙන් අපේ රට දියුණු කළ හැකිය යන්න ජනපතිතුමන්ගේ විශ්වාසයයි

– ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල

කෘෂි අංශයෙන් අපේ රටට සංවර්ධනය කරා යොමුවිය හැකිය යන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ විශ්වාසය වන අතර මේ රජය දේශීය ගොවිතැන කෙරෙහි විශ්වාසයක් තබා තිබෙනවා. ලොව ආර්ථිකය කොයි ආකාරයෙන් හැසිරුණත් ඒ විශ්වාසයන් අනුව කටයුතු කිරීම තුළින් ඉදිරි අභියෝග අපේ රටට ජයගත හැකි යැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් හා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ලක්ෂ්මන් හුළුගල්ල මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ ගෘහ ආර්ථික ඒකක දශ ලක්ෂයක් රට පුරා පිහිටුවීමේ දීපව්‍යාප්තව ‘දිවි නැගුම’ වැඩපිළිවෙළ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළ 31 හි දී ආරම්භ කෙරෙමින් දිවුලපිටිය බඩල්ගම සිරිඟපාත ගොවිපළින් එම වැඩසටහන ආරම්භ කිරීම නිමිත්තෙන් එහිදී පැවැති කෙටි උත්සව සභාව අමතමිනි.

ලක්ෂ්මන් හුළුගල්ල මහතා එහිදී මෙසේද පැවැසීය.

අද දින මේ ගොවිපළේදීත් ආරම්භ කෙරෙන්නේ ජාතිකමය වශයෙන් ඉතා වැදගත් වැඩපිළිවෙළක කාර්යයක්. මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන උළෙල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින මේ වේලාවටම මාතර දී පැවැත්වෙනවා.

ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව මෙම ජාතික වැඩපිළිවෙළ සකස් කොට මෙහෙයවන ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වූ මෙම වැඩසටහන් උළෙල මේ වනවිට ගම්පහ ප්‍රදේශයේ පැවැත්වෙනවා.

අපේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත්ව දිවයින පුරා පිහිටි ගොවිපළ 21 හි ද මෙම වැඩසටහන මෙම අවස්ථාවට සමගාමීව ආරම්භ වෙනවා. මේ යටතේ එම ගොවිපළවල අක්කර 200 ක භූමි ප්‍රමාණයක පලතුරු හා එළවලු භෝග වගා කෙරෙනවා.

ශ්‍රී ලංකාව වේගයෙන් සංවර්ධනය කරා යොමුවෙමින් තිබෙනවා. විශාල අභියෝගයන්ට ආර්ථික වශයෙන් මුහුණපෑමට සිදුව ඇත්තේ අපේ රටට පමණක් නොවෙයි ගෝලීය ආර්ථිකයේ බලපෑම නිසා අද ලොව හැම රටකම වගේ බඩු මිල වැඩියි. ජීවන වියදම ඉහළ නැඟ තිබෙනවා. පැරණි අපේ සමාජයේ ගෙදර දොර ගෙවතුවල ගෙදර එදිනෙදා ප්‍රයෝජනයට ගන්නා භව භෝග වවා තිබුණා. නමුත් අද අපි ‘සුපර් මාර්කට්’ දිහා බලාගෙන ඒ ගෙවතු වගා කටයුතුවලින් ඈත්ව සිටිනවා.

ඉසුරුමත් නිවහනක් – අසිරිමත් මව්බිමක් යන තේමාව යටතේ ගෘහ ආර්ථික ඒකක දශ ලක්ෂයේ ජාතික වැඩසටහනට සමගාමීව කුලියාපිටිය ආසනයේ ප්‍රධාන උත්සවය වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ අතුල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීගහකොටුව ප්‍රදේශයේදී (12) පැවැත්විණි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ පැලයක් රෝපණය කරමින් ප්‍රධාන අමාත්‍යවරයා වැඩසටහන ආරම්භ කරන අයුරුයි. මෙම අවස්ථාවට වයඹ පළාත් සභාවේ සභානායක සමන්ප්‍රිය හේරත්, කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් මාරි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් වැඩසටහන ත්‍රිකුණාමලය මහ දිසාපති මේජර් ජනරාල් ටී. වී. රංජිත් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කන්තලේ අග්බෝපුර බටු කට්ටිය ප්‍රදේශයේ දී පැවැත්විණි. කන්තලේ ප්‍රාදේශීය ලේකම් සම්පත් බණ්ඩාර ජයසිංහ මහතාගේ මූලිකත්වයෙන් බටුකච්චිය ප්‍රදේශයේ ටියුඩර් සිල්වා ගොවි මහතාගේ අක්කර 2ක් පමණ වූ ගෙවත්තේ දී වැඩසටහන ආරම්භවූයේ දිසාපතිවරයා බිබිලේ දොඩම් පැලයක් එහි රෝපණය කරමිනි. ඡායාරූපය – කන්තලේ සමූහ

ආගමික කටයුතුවල යෙදුණ ශෙහාන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පහන් දල්වා ගෙවත්තෙ නා පැලයක් රෝපණය කළ අයුරු. මෙම අවස්ථාවට වෙහෙරබැද්ද කුටිය පන්සලේ විහාරාධිපති වැලිසර ජිනවංශ තිස්ස හිමි, නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. එස්. කිත්සිරි, ශ්‍රාවස්තිපුර ගොවිජන සේවා මූලස්ථාන කෘෂි උපදේශක ටී. එම්. ජයරත්න යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

එදා ගම්වල අය ඇළ දොළෙන් නෑවේ. ඒත් අද ගම්වල අය දිය නාන්නේ ටැප් එකෙන්. ඊට මුදල් වැය වෙනවා. අපේ දියුණුවත් සමඟ අපේ වියදමද ඉහළ යනවා.

කිරි හා කුකුළු බිත්තර නිපදවීමේ භාරදූර කාර්යයට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යොමුව සිටිනවා. ඒ රටේ සියලු පුරවැසියන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහායි.

කිරිපිටි ආනයනය සඳහා විශාල වියදමක් රජය දරනවා. ඒ වියදම ඉතිරි කරගෙන රටට අවශ්‍ය කිරි නිපදවා ගැනීමයි පශු සම්පත් මණ්ඩලයේ වෑයම. පශු සම්පත් මණ්ඩලයට තිබෙන භූමි ප්‍රමාණයට අනුව කිරි හරකුන් නෑ. ඒ අඩුව සපුරා ගැනීමටද අප කටයුතු කරගෙන යනවා.

මෙම ගොවිපළෙහි ‘දිවි නැගුම’ වැඩපිළිවෙළ යටතේ වගා කරනු ලබන එළවලු හා පලතුරු භෝගවල අස්වනු සහන මිලට මෙම ගොවිපළේ සේවකයන්ට ලබාදීමට කටයුතු කළ යුතුව තිබෙනවා. එමෙන්ම එම භෝග අලෙවි කිරීමෙන් ලැබෙන ලාභයෙන් කිසියම් ප්‍රතිශතයක් ඒ සේවකයන් වෙත ද ලබාදීමට කටයුතු කළ යුතුව තිබෙනවා.

එමෙන්ම මෙහි සේවකයන්ට පුද්ගලිකව භවබෝග වවා ගැනීම සඳහා මෙම ගොවිපළ භූමියෙන් ප්‍රමාණවත් ඉඩකඩ පහසුවක් ලබාදීමටද අප කටයුතු කරනවා.

අපි අද ඉන්නවා. හෙට අපට යන්න සිදුවන්න පුලුවන්. ඒත් මේ වැඩසටහන් නොනැවතී ඉදිරියට ගෙන යා යුතුයි. පුද්ගලයන් මත නොයැපී, ආයතනයේ ප්‍රතිපත්ති මත යැපෙන්නට යොමුවිය යුතුයි.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. සී. එච්. මුණවීර, කලාප 4 භාර සහකාර සාමාන්‍යාධිකාරි රංජිත් මධුරසිංහ හා සිරිඟපාත ගොවිපළ හා වතුයායේ කළමනාකාර ජී. ඒ. අයි. ගනේපොල යන මහත්වරුද මෙම උත්සව සභාව ඇමතූහ.


‘77 දී එජාපය කාබාසිනියා කළ දේශීය ආර්ථිකය යළි ශක්තිමත් කිරීම ‘දිවි නැඟුම’ ව්‍යාපෘතියේ අරමුණයි

– ගොවිජන සේවා ඇමැති එස්. එම්. චන්ද්‍රසේන

එ.ජා.ප. ය විසින් 1977 රටට හඳුන්වා දුන් විවෘත ආර්ථිකය විසින් කාබාසිනියා කැර දැමූ දේශීය ආර්ථිකය හා ‘අපේකම’ යළි ස්ථාපිත කිරීම ගෙවතු වගා දස ලක්ෂයක් ඇරැඹූ ‘දිවි නැගුම’ ව්‍යාපෘතියේ මූලික අරමුණ බව ගොවිජන සේවා හා වන ජීවි ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

ඇමැතිවරයා එම අදහස් පළ කළේ ‘ඉසුරුමත් නිවසක් අසිරිමත් මවුබිමක් යන තේමාව යටතේ ‘දිවි නැඟුම’ ගෙවතු දස ලක්ෂයක් වගා කිරීමේ ජාතික උත්සවයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන උත්සවය අමතමිනි. කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පී. තිස්සකුමාර ගොවි මහතාගේ ගෙවත්තේ පෙරේදා (12) පැවැති උත්සවයේ දී ඇමැතිවරයා මෙසේ ද කීය.

රටේ ගෘහ ආර්ථිකය සවිමත් කිරීම සඳහා ‘දිවි නැගුම’ ව්‍යාපෘතිය මහින්ද චින්තනය යටතේ ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම අනුව ආර්ථික කටයුතු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද දීප ව්‍යාප්තව ආරම්භ කළ ගෙවතු දස ලක්ෂයක් වගා කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය සාර්ථක කිරීමේ වගකීම ගොවිජන සේවා අමාත්‍යාංශයට බාර දුන්නේය.

1977 එ.ජා.ප.ය විවෘත ආර්ථිකය රටට හඳුන්වා දීමෙන් පසු අපේ රටේ ආර්ථිකය උඩුයටිකුරු වුණා. ලෝක වෙළෙඳ පොළේ භාණ්ඩ ආහාර හා අතවශ්‍ය සියලු දේ වලින් ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ වැසී ගියා. ජනාධිපති තුමා යළි රට ගොඩනැගීමේ දැවැන්ත ව්‍යාපෘතිය ආරම්භ කළේ අනාගත පරපුරට සමෘද්ධිමත් රටක් නිර්මාණය කිරීමට බව පැවසූ ඇමැතිවරයා පක්ෂ ජාති ආගම් භේදයෙන් තොරව දිවි නැඟුම ව්‍යාපෘතියෙන් ගෘහ ආර්ථිකය සවිමත් කිරීමට දායක වන ලෙස රට වැසියාගෙන් ඉල්ලා සිටියේ ය.

ගොවිජන සේවා හා රාජ්‍ය ආයතන උසස් නිලධාරිහු රැසක් ද මේ අවස්ථාවට ස

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://basilrajapaksa.com/wp-content/uploads/2019/01/හෙට-ගැන-හිතන2-1920X1080px.jpg);background-size: cover;background-position: right bottom;background-attachment: scroll;background-repeat: no-repeat;}#stuning-header div.page-title-inner {min-height: 870px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}