මහින්දගේ පරාජයේ වගකීම භාරගන්නවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයට පත්වූයේ තමාගේ ක්‍රියාකලාපයෙන් බවත් එය තමා භාරගැනීමට සූදානම් බවත් ආර්ථීක සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින්.සියලු දෙනාගෙන්ම වැරදි සිදුවන බවත් ඒවා නිවැරදි කරගනිමින් ඉදිරියට යාමට තමා සූදානම් බවත් බැසිල් රාජපක්ෂ එහිදී සදහන් කලා.

රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කරන්න බැහැ

රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කරන්න බැහැ – බැසිල්
2016 ජනවාරි 7

එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමට නොහැකි බව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ පවසයි.

වර්තමාන දේශපාලන තත්වය හා රාජපක්ෂ පාලනය බිඳ වැටීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා එම ප්‍රකාශය කළේ රාජපක්ෂ පාලනය බිඳ වැටී වසරක් ගත වීමත් සමඟ බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමින්.

රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කරන්න පුළුවන් ජනතාවට විතරයි. මහින්ද රාජපක්ෂ කියන්නේ සටන් කරලා ඉදිරියට ආපු නායකයෙක්. එතුමා රහස් කුමන්ත්‍රණ කරළා ඉදිරියට ආපු නායකයෙක් නෙවෙයි’ බැසිල් රාජපක්ෂ කියා සිටියි.

රාජපක්ෂ පාලනය අවසන් වී වසරක් ගත වන මේ මොහොතේ රට පත් වී ඇති තත්වය ගැන තමා ඉතා කණගාටු වන බව ප්‍රකාශ කළ හිටපු අමාත්‍යවරයා රාජපක්ෂ පාලනය තුළ ගෙන ගිය සංවර්ධන වැඩසටහන් සියල්ල අද අඩාල වී ඇති බවයි සඳහන් කළේ.

‘මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට ගෙනාපු එක හරිද වැරදිද කියලා ජනතාව කල්පනා කරලා බලයි මේ වසරක් ගත වෙන මොහොතේ. එදා කෙසේ වෙතත් අද කල්පනා කරද්දී බලන්න පුළුවන් මොන තරම් වෙනසක් සිදු වෙලාද කියලා’ හිටපු ඇමතිවරයා පවසයි.

පරාජය පිටුපස බලවේග
හිටපු ජනාධිපතිවරයාගේ පරාජයට ඔහු වගකිව යුතු බවට එල්ල කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කළ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා එදා පරාජයට ආණ්ඩුවේ ඇතැම් අඩුපාඩු මෙන් ම ජාත්‍යන්තර රටවල් කීපයක බලපෑම් හේතු වූ බවත් සඳහන් කළේය.

‘හරි හෝ වැරදි හේතු මත එක්ක ලෝකයේ බලවත් රටවල් අපිත් එක්ක තරහ වුනා, විශේෂයෙන් ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා හවුල වගේ ප්‍රබල රටවල් රාශියක් අපට විරුද්ධ වුනා. ජාත්‍යන්තර වශයෙන් කරන බලපෑම් වලට අමතරව දේශීය වශයෙනුත් ඔවුන් බලපෑම් කළා’

රාජපක්ෂ පාලනය බිඳවැටීම පිටුපස ඉන්දියාව හා ඇමරිකාව සිටින බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ.

‘ඡන්දෙ දි ඔවුන් බලපෑම් කළා, ඒක නැහැ කියන්න බැහැ. ඇමරිකාවේ වාර්ෂික වාර්තාවක පවා කියල තියෙනවා මේක තමන් ලද ජයග්‍රහණයක් කියලා’ බැසිල් රාජපක්ෂ කියා සිටියි.

අලුත් දේශපාලන බලවේගයක්
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණට අයත් කණ්ඩායම් වර්තමාන දේශපාලනය ගැන කලකිරී සිටින බව ප්‍රකාශ කරන හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ‘සියළු දෙනාට එක් විය හැකි නව දේශපාලන ධාරාවක උවමනාව දැන් මතු ව ඇති බවයි සඳහන් කළේ.

එවන් බලවේගයක් ගොඩනැගීම පිටුපස ඔහුත් සිටිනවා දැයි බීබීසිය විමසූ විට බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාකියා සිටියේ තමන්ට එවැනි බලාපොරොත්තුවක් නොමැති බවයි.

එවන් බලවේගයක් ගොඩ නැගුන විට ඊට තම දායකත්වය සපයන බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ.

රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකාව තුළ නැවත බලයට පැමිණිය හැකි වේදැයි බීබීසිය ප්‍රශ්නයක් යොමු කළ විට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ ‘ඒ තීරණය ජනතාව මහජනතාවට බාර දෙන’ බවයි.

බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට එල්ල වෙන චෝදනා සහ රාජපක්ෂ පාලනය සමයේ සිදු වූ බවට එල්ල වී ඇති විවිධ චෝදනා ආදිය පිළිබඳවත් බීබීසිය හිටපු ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර එම තොරතුරු සඳහා වීඩියෝ පටය නරඹන්න.

 

https://www.bbc.com/sinhala/sri_lanka/2016/01/160107_ug_basil_azzam?fbclid=IwAR1M8yYwyMOJPRSay7xwe61OlsXUkQHvjjaSfOrzjhopE_AFiNPSJwv1Bt0

 

ඊයේ අද සහ හෙට – 28.12.2014

 

ස්වාධින රූපවාහිනී සේවය (I.T.N) ඊයේ අද සහ හෙට – 28.12.2014

ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා -part 1

ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා -part 2

ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා -part 3

ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා -part 4

 

 

රට එක්සේසත් කළ ජනපතිගේ දෙවන ගමන

 

රට එක්සේසත් කළ ජනපතිගේ දෙවන ගමන

 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙවන වරට ජනාධිපති ධූරයේ දිවුරුම් දී වසර 04ක් පිරීම නිමිත්තෙන් විවිධ පැතිකඩ ඔස්සේ පළවන ලිපි බොහෝය. මෙම ලිපිය එයට වෙනස්  වන්නකි. වසර 25කට පෙර මහින්ද රාජපක්ෂයන් ජවිපෙ සහ එජාප රාජ්‍ය භීෂණයට මුහුණ දෙමින් 1989 මහ මැතිවරණයට මුහුණ දුන් අතර එය ඔහුගේ දේශපාලන ජීවිතයේ දෙවැනි ගමන විය.

mahinda rajapaksa mp 1වසර 1970 පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද රාජපක්ෂ 1977 මහ මැතිවරණයෙන් වසර 12කට පසු යළි පාර්ලිමේන්තුවට පැමිණියේ 1989දීය. එම යුගයේ ඔහු සමඟ සමීප ව කටයුතු කළ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි ධර්මන් වික්‍රමරත්න වසර 25කට එපිට එම අතීතය ගැන සිය මතකය මෙසේ ආවර්ජනය කරයි.

 
දිනය 1988 මාර්තු 04වනදාය. ස්ථානය කොළඹ 07 පිහිටි ඉරෙඩ් ආයතනයයි. සුනිමල් ප්‍රනාන්දු එහි කැඳවුම්කරුය. එපමණක් නො ව වර්තමාන ජනාධිපතිතුමාගේ සියලු ජයග්‍රහණයන්ගේ දෙවන ගමනේ තිඹිරි ගෙයද එම සාකච්ඡාව වූවාට සැක නැත. එයට සහභාගි වූ පිරිස වූයේ ආචාර්ය විලී ගමගේ, කේ.එච්.ඒ. ගොඩාවත්ත, ටී. ජයසිංහ, ධර්මන් වික්‍රමරත්න, එස්. සහබන්දු, අමරසිංහ කුඩගල්ආර, ජස්ටින් දිසානායක, චමල්, මහින්ද සහ බැසිල් රාජපක්ෂ සොහොයුරන්ය.

කෙදිනක හෝ දකුණින් ජනාධිපතිවරයෙක් බිහි කළ හැකි බව කීවේ බැසිල් රාජපක්ෂයන්ය. සියලු සැලසුම්වල මහ මොළකරු වූයේ ද ඔහුය. සතිපතා ම රැස් වූ අප විවිධ ක්‍රියා සැලසුම් කළෙමු. ඇතැම් අවස්ථාවන්හිදී තංගල්ලේ කාල්ටන්හිද, බැසිල් ඇමතිතුමාගේ ජුබිලි කණුවේ නිවසේ සහ ජනාධිපතිතුමාගේ දෙහිවල නිවසේද සාකච්ඡා පැවැත්විණි. නව ආරක වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කෙරිණි. තංගල්ලේ කාල්ටන්හි බිහිවූ මානව හිමිකම් සුරැකීමේ සහ නීති ආධාර මධ්‍යස්ථානයද මානව හිමිකම් ක්‍රියාකාරකම් සහ උද්ඝෝෂණද ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්ද ඒ අතර විය. 
 

වසර 1987 සිට 1989 කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සහ එජාප ධවල භීෂණයේ උච්චතම අවස්ථාවක් බවට 1988/89 වසරයන් පත් වී තිබුණි. දකුණේ මහා තරුණ සංහාරයට එරෙහි ව අවි අමෝරා ගත් නියමුවන් කිහිප දෙනා අතර අධිනීතිඥ මහින්ද රාජපක්ෂයන් ප්‍රමුඛයකු විය. මාධ්‍ය මගින් මේ පිළිබඳ ව හඬක් නැඟිය යුතු බව ඔහුගේ අදහස විය. තරුණ සිරුරු ටයර් සෑයේ දැවී ගියේය. තංගල්ලේ කාල්ටන් නිවස අතුරුදහන් වූ පවුල්වල අයගේ දුක් සුසුම් සහ අඳෝනාවලින් දෝංකාර දුණි.

ජනාධිපතිවරණය වර්ජනය කරන්නැයි ජවිපෙ ඉල්ලා සිටියේය. ජවිපෙ සහ එජාප ආණ්ඩුවේ භීෂණය ඒ සමඟ අති උග්‍ර විය. 1988 දෙසැම්බර් 19 වැනිදා පැවති ජනපතිවරණයේ ජය රණසිංහ ප්‍රේමදාසයන්ට හිමි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ජනපතිවරණයෙන් ජය ගත් ප්‍රේමදාස මහ මැතිවරණය 1989 පෙබරවාරි 15වැනිදාට තීන්දු කළේය. අප නව ජවයකින් යුතු ව මතු ව ඇති තත්ත්වයන්ට මුහුණ දීමට තීරණය කළෙමු.

සියලු දෙනා ම තංගල්ල කාල්ටන්හි කඳවුරු බැඳ ගත්තේ 1989 මහ මැතිවරණයට මසකටත් කලිනි. සැලසුම් සියල්ල බැසිල් රාජපක්ෂයන් ගෙන්ය. චමල් රාජපක්ෂයන් මැදමූලනේ සිට කටයුතු කළේය. එහෙත් දෙදෙනාගේ ම ඡන්ද ව්‍යාපාරය ඒකාබද්ධ ව මෙහෙයවූයේ එවර මැතිවරණ මූලස්ථානය වූ තංගල්ලේ කාල්ටන් සිටය. කාල්ටන්හි වික්‍රමසූරිය පවුලේ වෛද්‍යවරුන් වන සේන, තිස්ස සහ සුනිල් එදා සිටම රාජපක්ෂ පවුලට ළෙංගතුය. ප්‍රචාරක, ප්‍රවර්ධන, සංවිධාන, ප්‍රවාහන කටයුතු සියල්ල අප වෙත පැවරිණි. සියලු කටයුතු භාරව සිටියේ ආචාර්ය විලී ගමගේය. ආරි වීරරත්න, ධර්මන් වික්‍රමරත්න, එම්.කේ. රංජිත්, පද්මසිරි රාජපක්ෂ, ජස්ටින් දිසානායක, කුඩගල්ආර අමරසිංහ ඇතුළු කිහිප දෙනෙක් ම එම මැතිවරණ සටනේ  නියමුවන් විය. තංගල්ල තානායමේ ජයසිංහ රාළහාමිද යටිතල පහසුකම් සඳහා නොමසුරුව අතහිත දුන්නේය.

තංගල්ල කාල්ටන්හි 1989 මහ මැතිවරණයේදී අපේ නඩයට බාහිරව වැඩ කිරීමට 200ක් පමණ විය. පැමිණි සියලු දෙනා රාජපක්ෂ පරපුරේ උග්‍ර ආධාරකරුවන්ගේ දෙවන පරපුර විය. එමෙන්ම ඔවුහු මහින්ද මහත්තයාගේ සමීපතම මිතුරන්ය. තාවකාලිකව දේශපාලන අනාථයන් බවට පත් වූ පිරිසක්ද එහි විය. එයට හේතුව ඔවුන් මරා දමන බවට ජවිපෙ දැනුම් දී තිබීමය. එමෙන් ම ජවිපෙ බවට චෝදනා කර එජාප ආණ්ඩුවේ නිලනොලත් කොළ කොටි වැනි සන්නද්ධ කණ්ඩායම් විසින්ද ඔවුන් ඝාතනය කිරීමට ලුහුබඳිමින් සිටියේය.

mahinda rajapaksa mp 3ගමේ තරුණ අධාරකරුවන් සියලු දෙනාම රක්ෂණය කිරීමට යෝජනා කලේ අධිනීතිඥ මහින්ද රාජපක්ෂයන්ය. ඒ සඳහා හමුවූයේ කාල්ටන් අසල රක්ෂණ නියෝජිතයෙක් වූ වීරකෝන්ය. ඔහුගේ ලිපිකරු වූයේ සරත් අමරවීරය. ඉන් විදහා පෑවේ තම සගයින් වෙනුවෙන් අධිනීතිඥ මහින්ද රාජපක්ෂයන් දැක්වූ කෘතවේදීභාවයයි. කාල්ටන් නිවසේද එහි පසුපස තිබුණු ශිරන්ති රාජපක්ෂයන්ගේ පෙර පාසල් භූමියේ ඉදි වූ තාවකාලික නවාතැනක සියලු දෙනා ම රොද බැඳ ගෙන සිටියහ. මහින්ද මහත්තයා සමඟින් ම සිටිමින් ඔහුට ආරක්ෂාව සැපයුවේ බණ්ඩාර සහ තිලක්ය.

මහ මැතිවරණය පැවති 1989 පෙබරවාරි මාසයේ රාත්‍රි පහන්වන තෙක් ගත කළ සොඳුරු දිනයන්හිදී වසර 1970දී මහ මැතිවරණය පිළිබඳ ව අතීතය ආවර්ජනය කළේ ආචාර්ය විලී ගමගේය. එදා 1970දී මහ මැතිවරණයට හදිසියේ තරග කිරීමට සිදු වූ මහින්ද රාජපක්ෂයන්ට එදා උදව් කළ පිරිස අතර වෛද්‍යතිලක, විලී ගමගේ, ආරි වීරරත්න, සිංහ අබේගුණවර්ධන, පී.ජේ රත්නායක, පර්සි සූරියපටබැඳි, ජිමී සමරවීර, හෙන්රි සහ ජස්ටින් දිසානායක, මිල්ටන් විතාරණ, කේ.ඩී. හින්නි මහත්තයා පෙරමුණේ ම විය.

නේරු හින්නි මහත්තයා, අම්බල ලියන මහත්තයා, බෙලිඅත්තේ ගුණපාල මුදලාලි, සෙනරත් රාලහාමි, පුවක්දණ්ඩේ පුංචි මහත්තයා, කුඩා වැල්ලේ මුතුමාල මුදලාලි, සිරිසේන මුදලාලි, තංගල්ලේ අප්පුසිඤ්ඤෝ රාලහාමි, විල්සන් ඉස්කෝලයේ මහත්තයා, විජේතුංග විදුහල්පතිතුමා, අක්‍රම් ගුරුතුමාගෙන් ලැබූ සහයද ඉමහත්ය. මහින්ද මහත්තයාගේ 5 ශ්‍රී 2549 මිට්ෂුබිෂි ජීප් රථයේ රථාචාර්ය වූයේ වාසල පුංචි මහත්තයාය. මහාචාර්ය ඈපාසිංහයන්ගේ බිරිඳට අයත් තංගල්ලේ වාසල වලව්ව 1970 මැතිවරණ මූලස්ථානය විය. හැත්තෑවේ ඡන්දයට වැය වූ මුළු මුදල රුපියල් 9,168කි. වැඩි ඡන්ද 6,600ක සංඛ්‍යාවකින් 1970දී මහ මැතිවරණයේ දී මහින්ද මහත්තයා ජය ගෙන තිබිණි. වසර 1977 මැතිවරණයේදී  හම්බන්තොට පමණක් නො ව මුළු රටින්ම ශ්‍රීලනිපය සෝදා ගියේය.

මහ මැතිවරණය පැවති 89 වසරේ මසකට ආසන්න කාලය තුළම අධිනීතිඥ මහින්ද රාජපක්ෂයන් සමඟ අපි වැඩ කළෙමු. ඔහු වැඩ ඇරඹුවේ අලුයම 5ටය. ඉන් පසු උදෑසන 6ට නිවසේ කාර්යාලයට එන ඔහු එදින විභාගවන නඩු සහ කළ යුතු කාර්යයන් පිරික්සයි. උදෑසන 6.30 සිට 7.30 දක්වා දිනපතා ඔහු හමුවීමට පැමිණෙන ගිරුවාපත්තුවේ අහිංසක ගැමියන් ගණන අපමණය.

ඉන් බහුතරයක ම නම් ගම් කියා කතා කිරීමට ඔහු සමත්ය. මුනුබුරෙකු පැමිණි විට සීයාගේ නම මතකයට නංවා අතීතය ආවර්ජනය කරයි. සුව දුක් විමසයි. හැම ප්‍රශ්නයකට ම උපරිම සහනයක් එම මොහොතේ ම ලබාදීමට කටයුතු කරයි. එකල තිබුණේ ස්ථාවර දුරකථන පමණි. ඒවාට නිවාඩුවක් නැත. ඔහු කිසි විටෙක ආඳා මෙන් ජනතාවගේ ප්‍රශ්නවලින් පැන ගියේ නැත. වසර 1987 සිට 90 දක්වා පැවති එජාප පාලන එජාප පාලන සමය රට අරාජික බවට පත්කළේය. එය ගොරකා දඩමස් කරන යුගයකි. දේසේ හැටියට වාසේ කියා නිහඬ ව සිටින්නටද ඔහු සූදානම් නොවීය.

මැතිවරණ පැවති 1989 ජනවාරි, පෙබරවාරි බොහෝ ගැමියන් මහින්ද මහත්තයා හමුවීමට පැමිණියේ හාල් ගෝනියක්ද රැගෙනය. ඇතැමුන් අත වට්ටක්කා ගෙඩි දෙක තුනකි. තවත් අයෙකු අත පොල් මල්ලකි. පැපොල් ගෙඩි කිහිපයකි. කැකිරි ගෙඩිද දක්නට නොතිබුණා නො වේ. මේ ගැමියන් අහිංසකය. හිත හොඳ මිනිසුන්ය. මැතිවරණයේදි භීෂණයද නොතකා ඔවුහු මහින්ද මහත්තයා දිනවීමට කටින් කට පණිවිඩය රැගෙන ගියහ. මහින්ද මහත්තයා වෙනුවෙන් සැවොම කද බැඳ ගෙන වැඩ කළහ.  හෙතෙම ගමේ අක්මුල් සිඳ නොගත්තෙකි. ගම වෙනුවෙන් පෙනී සිටියෙකි. ගැමි සුවඳ හඳුනන්නෙකි.  උදෑසන හෝ දිවා ආහාර ගන්නා අවස්ථාවේදී කාල්ටන් නිවසේ කෑම මේසය ඕනෑ ම කෙනෙකුට සැමදාම විවෘතය. ඕනෑ ම කෙනෙකුට උපරිමයෙන් සංග්‍රහ කිරීම ඔහුගේ ගතියකි.

එදා වැඩි ම ගැමි පිරිසක් නීතිඥ මහින්ද රාජපක්ෂයන්ට සහයෝගය පළ කළේ දම්මුල්ල, පල්ලත්තර, බෙලිගල්ල, ගැටමාන්න ඇතුළු ගම්මාන ගණනාවකිනි. ඡන්ද ව්‍යාපාරයේ නිරත වූ බොහෝ දෙනා ඇතැම් දිනයන්හි ස්නානය කළේ බෙලිඅත්ත වලස්මුල්ල පාරේ කහවත්තේ සහ තංගල්ල වීරකැටිය පාරේ කුඹුරු අසල ඇනිකට් එකේය. එවැනි විරාමයකදී ඔහු අසළ නිවසක හිතවතුන් හමුවීමට යයි. තම සගයන් කිසිවකු පිළිබඳ ඔහු සැක නොකළේය. එහෙත් වරදක් දුටු විට එය එළිපිටම කියා සිටියේය. එමෙන් ම එවැනි සිද්ධියක් අමතක කර දැමීමට ඔහු නිහතමානී විය. කලගුණ සැලකීම අතින් ඔහු පෙරමුණේ ම විය.

mahinda rajapaksa mp 2මැතිවරණ දිනය උදා විය ඒ 1989 පෙබරවාරි 15වැනිදාය. නිවසින් පිටවීමට නැකත තිබුණේ උදෑසන 6ට මොහොතකට පෙරය. එය ප්‍රබල නැකතක් බවත් ජයග්‍රහණය නියත බවත් කීවේ එය පිළියෙල කළ මහරගම ප්‍රකට දෛවඥවරයාය. නිල්, කහ, රතු, සුදු, කොළ වර්ණනයෙන් යුත් ඇඳුමෙන් විචිත්‍ර විය යුතු බව ඔහු කීවේය. නිල් වර්ණයෙන් සාගරය සහ අහස් කුසද, කහ වර්ණයෙන් සූර්යයාද, රතු වර්ණයෙන් ජනතාවද, සුදු වර්ණයෙන් සමඟිය සහ සාධාරණත්වයද කොළ පැහැයෙන් භූමියද නිරූපණය වීම එහි අර්ථය බව ඔහුගේ සටහනේ සඳහන් විය. පෙරමගට සුඛ ලකුණ ලෙස ජල වීදුරුවක් රැගෙන පැමිණියේ ශිරන්ති රාජපක්ෂයන්ය.

ජවිපෙ විසින් ඡන්දය දමන ප්‍රථම 12 දෙනා ඝාතනය කරන බවට රට පුරා දැනුම් දී තිබේ. 1989 පෙබරවාරි 13 සිට 16 දක්වා නිල නොවන ඇඳිරි නීතියක්ද දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් පනවා තිබිණි. එය රටේ වඩාත් ඉහළින් ක්‍රියාවට නැගුණේ දකුණේ හම්බන්තොටය. එම සියලු තත්ත්වයන් අබිබවමින් ජනයා පෙළ ගසන්නට මහින්ද මහත්තයා සමත් විය. අපේ නඩය උපරිම ජවය සහ ශක්තිය ලබා දුන්නෝය. හෙතෙම එම සියලු බාධක බිඳගෙන හිමිදිරියේ සිට ම තංගල්ල, විතාරන්දෙණිය, පුවක්දණ්ඩාව ගම් නියම් ගම්වල ජනතාව හමුවිය. කාර්මික විද්‍යාල, පාසල් සහ පන්සල්වලට ඡන්දදායකයින් පැමිණියේ මී මැසි පොදි මෙනි. දහවල් වන විට සෙසු ගම්මානද ඒ හා සමාන විය. ධවල භීෂණයේ මරණීය තර්ජන නොතකා ගැමි ජනයා සිය යුතුකම ඉටු කළහ.  

ජංගම දුරකථන එකල නොවීය. එහෙත් කිලෝමීටර් 35ක් අතර ක්‍රියාත්මක වන වෝකි ටෝකි යන්ත්‍ර කිහිපයක් අප සතු විය. මැතිවරණයේදී ජනතාව ඡන්ද ප්‍රකාශ කිරීමත් සමඟ අප ගියේ හම්බන්තොට දිසාපති කාර්යාලයටයි. ඡන්ද ගණන් කිරීමේ හම්බන්තොට මධ්‍යස්ථානයේ ඔහුගේ ප්‍රධාන නියෝජිතයෙකු වූයේ මාය. ජවිපෙ සහ එජාප ආණ්ඩුවේ මර්දනය සහ භීෂණය මැද පැවති මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වූයේ පසුවදා එනම් 1989 පෙබරවාරි 16වැනිදා පෙරවරු 11.30ට පමණය. මහින්ද සහ චමල් රාජපක්ෂ සොහොයුරෝ ජයග්‍රහණය කර තිබිණි. එය අසමසම ජයග්‍රහණයක් වූයේ පැවති අනේක බාධක සහ භීෂණය හේතුකොට ගෙනය.  

අපි යළි හම්බන්තොට කච්චේරියේ සිට තංගල්ලේ කාල්ටන් බලා පිටත් වූයෙමු. ගිරුවාපත්තුවේ ගම් පිබිදී තිබිණි. භීෂණය නොතකා නිවෙස්වලින් එළියට ආ ගැමියන් මහින්ද මහත්තයා දිනූ බව අසා කෑ ගසා නැටූහ. යන එන හැම තැනකින් ම ඇසුණේ ජයවේවා හඬ පමණි. ජයග්‍රාහී සතුට සමරන්නට මැදමූලනට සහ කාල්ටන් වෙත සෙනඟ ගලා ආහ. මහින්ද මහත්තයා ඒ ගිරිවාපත්තුවේ අහිංසක ගැමියන් සහ එක් ව සතුට බෙදාහදා ගත්තේය. නව ජවයකින් පියවර දස දහසක් පෙරට යන්නට එම සවිය ප්‍රමාණවත්ය. අපේ නඩය ජයග්‍රහණයේ ප්‍රීතිය භුක්ති වින්දෙමු. මේ සියලු කරුණු කාරණා ඉතිහාසයට එක් වී අදට හරියට ම 26කට ආසන්නය.

අනුවේ දශකයේ මුල් භාගයේ ම එජාප යකාගේ විමානේට අභියෝග කිරීමට ඔහු සමත් විය. ශ්‍රීලනිපයට 1994දී යළි රජයක් පිහිටුවීමට හැකි වූයේ අධිනීතිඥ මහින්ද රාජපක්ෂයන්ගේ ජව සම්පන්න බලයට පින් සිදුවන්නටය. පාද යාත්‍රා, ජන ඝෝෂා ආදී පෙරළිකාරී මගකට ඔහු යොමු විය. වසර 1994 සිට අද දක්වා සෙසු කරුණු කාරණා ගැන මෙනෙහි කළ යුතු නැත. මන්ද මෑත ඉතිහාසය ගැන බොහෝ දෙනා හොඳාකාරව දන්නා බැවිනි. මාළුවාට පිහිනන්නට ඉගැන්විය යුතු නැත. සියලු ව්‍යසන ගැඹුරු පත්ලේ සඟවාගෙන රැලි නඟන මුහුද සේ ඔහු ද අයෝමය ශක්තියකින් හෙබිය.

dharman wickramaratnaධර්මන්

වික්‍රමරත්න

දිවි නැගුම නිසා ගෘහයට ශක්තියක්

දිවි නැගුම නිසා කාන්තාවන්ට තම පවුල රකිමින් ගෘහයට ශක්තියක් වීමට හැකි වුණා

දිවි නැගුම නිසා කාන්තාවන්ට තම පවුල රකිමින් ගෘහයට ශක්තියක් වීමට හැකි වුණා

ගෘහනියන්ට තම නිවස තුළ සිටිමින් ම ගෘහ ආර්ථිකයට ශක්තියක් ලබා දීමට දිවි නැගුම ජාතික වැඩසටහන යටතේ අවස්ථාව හිමි ව ඇති බවත්, ඒ නිසා මව පවුලේ ආර්ථිකය ගොඩනැගීම සඳහා විදෙස් රැකියාවකට හෝ වෙනත් රැකියාවකට යාම හේතුවෙන් දරුවන්ට හා පවුලට සිදුවන හානිය සිදු නො වී සාර්ථක පවුලක් ගොඩනැගීමට හැකිවන බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
 
අමාත්‍යවරයා සඳහන් කළේ, රටේ දියුණුවත් සමඟ නිවසේ පහසුකම් ද දියුණු වී ඇති බවත්, එම පහසුකම් හේතුවෙන් ගෘහණියට ඉතිරිවන කාලය හා ශ්‍රමය මෙලෙස දිවි නැගුම වැඩසටහන හරහා පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමට යෙදවිය හැකි බවත්ය.
 
පස්යාල මහිම ඇන්තූරියම් අලෙවිසැල සහ සේවා ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් පසුගියදා අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.
 
ව්‍යාපාරයක් ලෙස ඇන්තූරියම් වගාව සිදුකරන අය සඳහා අවශ්‍ය පැළ හා සේවා සැපයීම වෙනුවෙන් මෙය ආරම්භ කර ඇති අතර දැනට ස්වයං රැකියාවක් වශයෙන් ඇන්තූරියම් මල් වගාව සිදුකරන අයට අවශ්‍ය සේවා සැපයීම ද කරගෙන යනු ලබයි.
 
මෙහිදි අදහස් දැක්වු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ අතීතයේ  ගෘහණිය නිවසට අවශ්‍ය දර සෙවීම, වතුර ගෙන ඒම, වැනි කටයුතු මෙන් ම ගොවිතැනේදී ගොයම් කැපීම, වල් නෙළීම වැනි කටයුතු ද සිදුකරමින් තම පවුල ගොඩ නැගීමට කටයුතු කළ බවයි. නමුත් අද නිවසට ජලය, විදුලිය, ගෑස්, වැනි දෑ පැමිණ, වැඩ පහසුකර ඇති සේ ම කුඹුරට සුනාමි භූතයා වැනි යන්ත්‍ර පැමිණ ගොවිතැන පහසුකර ඇති බවත් පෙන්වා දුන් 
අමාත්‍යවරයා මේ හේතුවෙන් යම් වියදමක් ද එකතු වී ඇති බව පෙන්වා දුන්නේය. 
 
නමුත් මෙම යන්ත්‍ර ඇතුළු දෑ භාවිත කිරීමෙන් ඉතිරිවන කාලය හා ශ්‍රමය ස්වයං රැකියාවක් සඳහා යොදවා පවුලේ ආර්ථිකය ගොඩනැගිය හැකි බව අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නේය.
 
ස්වයං රැකියා‍වක් කිරීමේදී ද මුලින් අපහසුකම් ඇති වුවත් ඒවාට සාර්ථක ව මුහුණ දෙමින් ඉදිරියට යාමට ක‍ටයුතු කළ යුතු බවත්, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද පැමිණි සියලු අභියෝග ජයගනිමින් රටට සාමය උදාකිරීමට පියවර ගත් බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. 
 
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන, දිවි නැගුම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජයතිලක හේරත් මහත්වරු, මහිම ඇන්තූරියම් ආයතනයේ අධ්‍යක්ෂිකා ශාමිකා ගුණවර්ධන මහත්මීය ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.
 
10690027 10152687702921311 6398915727556791980 n
 
 
10414485 10152687703136311 2839865010747394155 n
 
10696237 10152687703481311 8314853391733312372 n

නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය

ශ්‍රී ලංකාවේ ප්‍රථම නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය ජාතියට දායාද කෙරේ 

ශ්‍රී ලංකාවේ ප්‍රථම නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගිත්වයෙන් දැයට දායාද කිරීම අද (14) පස්වරු 2.00ට යෙදුණු සුබ මොහොතින් සිදු විය.
 
කර්මාන්ත ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සහ සංවර්ධනයේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා පරමාණුක ශක්ති අධිකාරිය මඟින් නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට මුල්ගල් තැබූයේ 2011 ඔක්තෝබර් 07 වනදාය. 
 
උත්සව අවස්ථාව ඇමතූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියේ, නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය බිහිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සිදුවන ශීඝ්‍ර සංවර්ධනයට සුවිශාල ශක්තියක් ලබාදිය හැකි බවයි. ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් මෙම සේවාව වෙනුවෙන් පුහුණු කිරීම හා එම සේවා ලබාදීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ පුහුණු හා සේවා මධ්‍යස්ථානයක් ඉදිකිරීම මෙහි ඇති සුවිශේෂීත්වයකි. බොහෝ කලක් සිහිනයක්ව පැවති න්‍යෂ්ටික තාක්ෂණයේ යහපත් යොදාගැනීමක් වන නිර්විනාශක පරීක්ෂණ ක්‍රමවේදය රටේ ස්ථාපිත කිරීම වෙනුවෙන් කැපවූ සිය දෙනාට ද අමාත්‍යවරයා සිය ස්තූතිය පුදකර සිටියේය.
 
විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ශීඝ්‍ර දියුණුවක් දැන් රටේ ඇති වී තිබෙන  බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. දැනුම් කේන්ද්‍රීය ආර්ථිකයක් රටේ ගොඩනැගීම වෙනුවෙන් චම්පික රණවකයන් දියත් කරන ව්‍යාපෘති ඉතා සුවිශේෂී බවත් ඒවා කාර්යක්ෂමව සහ ඵලදායී මට්ටමෙන් පවත්වාගෙන යාමට එතුමන් කටයුතු කිරීම ඇගයිය යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. මතු පරපුරේ තාක්ෂණික අවශ්‍යතාව වෙනුවෙන් මෙම මධ්‍යස්ථානය ඉතා වැදගත් වන බව ද එතුමන් පෙන්වා දුන්නේය.
 
නිෂ්පාදිත භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහාත් අඛණ්ඩව සිදු කරන පරීක්ෂා කිරීම් සඳහාත් සේවාවන් පවත්වාගෙන යන අතරතුර සිදු කරන නඩත්තු කිරීම් සඳහාත් කර්මාන්ත ක්ෂේත්‍රයේ බහුල වශයෙන් නිර්විනාශක පරීක්ෂණ යොදා ගැනේ. නිර්විනාශක පරීක්ෂණ යනුවෙන් හඳුන්වන්නේ ද්‍රව්‍යවලට කිසිදු ආකාරයක හානි කිරීමක් සිදු නොකොට ඒවා පරීක්ෂාවට ලක් කිරීමේ ක්‍රමවේදයකි. විදුලිබල, ගුවන්යානා, රසායනික, රබර්, යන්ත්‍රසූත්‍ර, නැව්, යකඩ, බොයිලේරු, උස් ගොඩනැගිලි, මෝටර් රථ, තෙල්, ගෑස්, ඉන්ධන ගවේෂණ, මහාමාර්ග, සිවිල් ඉංජිනේරු, වෑද්දුම් යන ක්ෂේත්‍රයන් සඳහා මෙම තාක්ෂණය බහුල වශයෙන් යොදා ගත හැකි වේ. මෙම සේවාවන් වඩා දියුණු කිරීම, ඉහළ ප්‍රමිතිය තහවුරු කිරීම හා එමඟින් නිෂ්පාදන ජාත්‍යන්තරව පිළිගත් මට්ටමට ගෙන ඒම මෙමඟින් සිදු කෙරේ. ඉහත සඳහන් ක්ෂේත්‍රයන්හි අයිතිකරුවන් සහ එම සේවකයන්, රටෙහි සිටින රැකියා විරහිත තරුණ තරුණියන් මෙන් ම සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඉඩ සැලසෙන මහජනතාව මෙහි සේවාලාභීන් බවට පත්කිරීම නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ අපේක්ෂිත ප්‍රතිලාභයන් වේ.
 
ඉහළ ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ නිෂ්පාදනය හා නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම, අනපේක්ෂිත ලෙස කර්මාන්ත ශාලාවල නිෂ්පාදන නතර කිරීම් සහ ඒවායේ යන්ත්‍රවල නිරන්තර අලුත්වැඩියාවන් අවම කිරීම යනාදිය සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය තාක්ෂණික සහය ලබාදීම මඟින් නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය රටෙහි ජාතික අවශ්‍යතාව කෙරෙහි ඍජුව ම සම්බන්ධ වේ. පුහුණු ශ්‍රම සම්පත ඉහළ නැංවීම මෙන් ම රැකියා විරහිතභාවය අවම කිරීම සහ විදේශ ආදායම ඉහළ නැංවීමෙන් ද ඒ සඳහා දායක වෙයි. අ.පො.ස. උ/පෙ විභාගය විද්‍යා විෂය ධාරාවෙන් සමත් තරුණ තරුණියන්ට නිර්විනාශක පරීක්ෂණ සම්බන්ධ පාඨමාලාවලට සහ අදාළ විභාගවලට සහභාගී වී අවශ්‍ය සහතික ලබාගැනීමට මේ ඔස්සේ හැකි වන අතර තරුණ පරපුර සඳහා මෙරට මෙන්ම පිටරට ද රැකියා අවස්ථා උදාකර ගැනීමට මෙමඟින් අවස්ථාව උදා වේ.
 
DSC 4149
 
 
DSC 4220
 
DSC 4418 
 

පාකිස්තානු රජයේ ආධාර ඇතිව මන්නාරම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරේ

පාකිස්තානු රජයේ ආධාර ඇතිව මන්නාරම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරේ
ඔක්තෝබර් 16, 2014

උතුරේ පැවැති ගැටුම් හේතුවෙන් ආපදාවන්ට පත්වූවන් යළි නඟාසිටුවීමේ අරමුණින් නිවාස අහිමිවූවන් වෙනුවෙන් පාකිස්තානු රජයේ ආධාර ඇති ව නිවාස ඉදිකර දීමේ වැඩසටහනේ පළමු අදියර මන්නාරම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.

නිවාස 230ක් ඉදිකිරීමේ වැඩසටහනේ සමාරම්භය පසුගියදා සිදුවිය. එම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි, පාකිස්තානු මහ කොමසාරිස් මේජර් ජනරාල් (විශ්‍රාම) ක්වාසිම් කුරේෂි සහ පාකිස්තානු නියෝජ්‍ය මහ කොමසාරිස් සර්පරාස් අහමඩ් ඛාන් යන මහත්වරුන් ද නිවාසලාභීහු විශාල පිරිසක් ද එක් ව සිටියහ.

මන්නාරම දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පුව, නාරිකඩුව සහ මොද්දයිකාඩෛ යන ප්‍රදේශවල ඇරඹි මෙම වැඩසටහන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක් ප්‍රදානය කිරීම ද පසුගියදා අරලියගහ මන්දිරයේ දී සිදු විය.

https://sinhala.news.lk/news/world-3/item/6233-2014-10-16-07-58-48

 

ISLAMABAD: The ground-breaking ceremony of the Pakistan Housing Project for the rehabilitation of war-affected homeless people of the Northern Province of Sri Lanka was held in Puthukkudiyiruppu village of Mannar town.

The High Commissioner of Pakistan in Sri Lanka, retired Maj Gen Qasim Qureshi, Sri Lankan Minister for Economic Affairs Basil Rajapaksa, Minister for Industry and Commerce Rishad Bathiudeen and Northern Province Governor retired Maj Gen G.A. Chandrasiri laid the foundation stone of the project.

According to a message received here Monday, Deputy High Commissioner Sarfaraz Ahmed Khan Sipra and other notables were also present on the occasion along with a large number of beneficiary families.

The Pakistan Housing Project will help 230 homeless families from Puthukkudiyiruppu, Narikaddu and Moddaikadai villages.

The cost of houses will be borne by the government of Pakistan, while roads, electricity and other external facilities will be contributed by the government of Sri Lanka.

The Sri Lankan commerce minister Basil Rajapaksa announced a matching grant by his government for construction of additional 230 houses for the homeless families.

Last week, the Pakistani high commissioner handed over a cheque for $1million to the minister at the Temple Trees for commencement of the project.

Published in Dawn, October 14th, 2014

2014-newsletter (1)

https://www.dawn.com/news/print/1137812

http://www.asiantribune.com/node/85640

http://www.ft.lk/front-page/pakistan-to-build-220-houses-for-homeless-in-mannar-and-nanattan/44-360146

https://sinhala.news.lk/news/world-3/item/6233-2014-10-16-07-58-48

https://www.news.lk/news/business/item/3544-pakistan-housing-project-for-war-affected-families-of-northern-province-inaugurated

රජය රාජ්‍ය සේවාව ශක්තිමත් කළා

ලෝකයේ රටවල් සියල්ල රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට උත්සාහ ගනිද්දී ශ්‍රී ලංකා රජය රාජ්‍ය සේවාව ශක්තිමත් කළා

 සැප්තැම්බර් 22, 2014

Hand over the Motor bike for Government Officers @ Kalutara

කළුතර දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන් 3985කට යතුරුපැදි ලබා දෙමින් ඇමති බැසිල් කියයි

නවසීලන්තයෙන් ආරම්භ ව ලෝකයේ අනෙකුත් රටවල් විසින් ද ආර්ථික ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබූ රාජ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලිය ලොව පුරා ක්‍රියාත්මක වෙද්දී වත්මන් ශ්‍රී ලංකා රජය, රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමට කටයුතු කළ බවත් ඉන් නොනැවතී පාඩු ලබමින් තිබූ පෞද්ගලික ආයතන ද රජයට පවරා ගනිමින් ඒවා ලාභ ලබන තත්ත්වයට දියුණු කළ බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

වත්මන් රජය බලයට පත්වීමට පෙර පැවති රජයන් සියල්ලක් ම විසින් ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග එක් ව රාජ්‍ය සේවය සංඛ්‍යාත්මක ව කප්පාදු කිරීමට ගිවිසගෙන සිටි බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එම ක්‍රියාව වෙනස් කළ බවත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) කලුතර දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන් 3985කට යතුරුපැදි ලබාදීම සඳහා කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවති උත්සවයක් අමතමිනි.

“අපේ රජය ශ්‍රී ලංකාව භාර ගනිද්දි ඉතා ම දුර්වල ආර්ථිකයක් තිබුණේ. එක පැත්තකින් භූමිය අඩුවෙලා අනෙක් පැත්තෙන් විශාල ගැටුමක් තිබුණා. ඒ වාගේ ම වෙළෙඳ ශේෂය අඩුවෙලායි තිබුණෙ. එ පමණක් නො වෙයි විදේශ මුදල් තැන්පත් ප්‍රමාණය සතියකට දෙකකට පිරිමහගන්නවත් බැරි ව තිබුණේ. ආර්ථික වර්ධනය අඩුවෙලා තිබුණු යුගයක් ඒක. ඉතින් ඒ වගේ රටක් භාර ගන්න ජනාධිපතිවරයෙකුට ජාත්‍යන්තර මූල්‍ය සංවිධානත් සමග කතා කරලා මේ ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ කිසි කෙනෙක්. නමුත් ජනාධිපතිතුමා මහින්ද චින්තන ප්‍රතිපත්තිය ඉදිරිපත් කරලා බලයට පත්වුණාට පස්සේ මේ ආයතන ගෙන්වලා ඒ ප්‍රතිපත්ති කීපයක් වෙනස් කළා. අපේ රටේ වගේ ම අනෙකුත් රටවල්වලත් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරලයි තිබුණේ. විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය, රක්ෂණ ක්‍රම, ප්‍රවාහන වගේ සියලු ම අංශයන් පෞද්ගලීකරණය කරන්න පියවර අරගෙනයි තිබුණේ. නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ හැම දෙයක් ම අනෙක් පැත්ත හැරෙව්වා. ජාත්‍යන්තර සංවිධානයත්, ලෝක බැංකුවත්, ආසියානු සංවර්ධන බැංකුවත් මේ දේ පිළිගෙන රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා ණය ලබාදෙනවා. දැන් අපේ රට ආදර්ශයට ගනිමින් වෙන රටවලුත් රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා.“ යැයිද අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.‍

රාජ්‍ය සේවාව ආරක්ෂා කිරීමට පමණක් නො ව රාජ්‍ය අංශය පුළුල් කිරීමටත්, නැති වූ අයිතිවාසිකම් ලබා දෙන්නටත්, නව අයිතිවාසිකම් ලබා දීමටත් ජනාධිපතිවරයා කටයුතු කළා පමණක් නො ව මුළු මූල්‍ය ප්‍රතිපත්තිය ම ඒ පැත්තට යොමු කළා යැයි ද අමාත්‍යවරයා මේ අවස්ථාවේ දී කියා සිටියේය. මෙම යතුරු පැදි ලබාදීමෙන් සංකේතවත් කරන්නේ ජනාධිපතිවරයා ජනතාව කෙරෙහි දක්වන සංවේදීභාවය ඒ වගේ ම එතුමා රාජ්‍ය නිලධාරීන් කෙරහි දක්වන ආකල්පය සහ මුඵ මහත් රාජ්‍ය ප්‍රතිපත්තිය ගමන් කරන දිශාවත් පෙන්නුම් කිරීමක් බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට මහින්ද සමරසිංහ, රෝහිත අබේගුණවර්ධන, රෙජිනෝල්ඩ් කුරේ, විදුර වික්‍රමනායක, ජානක බණ්ඩාර යන මැතිඇමතිවරුන් ඇතුළු මහජන නියෝජිත පිරිසක් ද කළුතර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක්ද එක් ව සිටියහ.

 

Hand over the Motor bike for Government Officers Kalutara 1

 

Hand over the Motor bike for Government Officers Kalutara 2

 

Hand over the Motor bike for Government Officers Kalutara 3

 

Hand over the Motor bike for Government Officers Kalutara 4

 

Hand over the Motor bike for Government Officers Kalutara 5

 

Hand over the Motor bike for Government Officers Kalutara 6

ශ්‍රී ලංකාව ෂැන්හයිහි බැබලෙයි

MINISTER BASIL RAJAPAKSA VISITS CHINA TO ATTEND “SRI LANKA SHINES IN SHANGHAI” PROMOTIONAL EVENT SERIES

arrivalofvipsatthegalanight

Arrival of VIPs at the Gala Night

As a part of his official tour of China, the Minister of Economic Development Basil Rajapaksa, visited Shanghai as Special Envoy of President Mahinda Rajapaksa on Trade and Commerce from 3rd to 6th July 2014. This visit also coincided with the “Sri Lanka Shines in Shanghai” promotional event, co-ordinated by Sri Lanka Tourism Promotion Bureau of the Ministry of Economic Development.

Mr. Yang Xiong referred to the long standing Sri Lanka – China bilateral relations and emphasized the sister city/province cooperation Shanghai has with the Western Provincial Council as well as the City of Colombo and welcomed the series of activities to promote Sri Lanka trade and tourism in Shanghai, as yet another facet of bilateral co-operation to bring Sri Lanka closer to the hearts of Shanghainese. While admiring the speed of post-conflict development in Sri Lanka, he added that the participation of the Minister of Economic Development in the promotional  event adds further impetus to enhanced cooperation between the tourism and trade sectors of Shanghai and Sri Lanka.

 

 

ministerbasilrajapaksainconversationwithshanghaimayoryangxiong

Minister Basil Rajapaksa in conversation with Shanghai Mayor Yang Xiong

“As a major trading port in China, Shanghai is speeding up its construction in international economy, finance, trade and shipping center, through establishment of the pilot free trade zone and facilitating investment and trade” he added. He emphasized that Shanghai is willing to work with Sri Lanka based  free trade zones to strengthen exchanges and cooperation and further promote investment and trade .

Minister Basil Rajapaksa briefed the Shanghai Mayor of Sri Lanka’s post-conflict economic and social development, including the major development work in the Northern and Eastern Provinces. He expressed his gratitude to China and to Shanghai for their assistance towards development of Sri Lanka and welcomed investors and tourists from Shanghai. Minister Rajapaksa also highlighted the value addition of sister city/province cooperation which is an excellent platform to further expand exchanges and cooperation in the fields of trade, tourism, ports, etc. 

 

 

launchingthepressconference

Launching the Press Conference

“Sri Lanka Shines in Shanghai” included a Press Launch on 1st July attended by nearly 100 media personnel, followed by Business-to-Business meetings which gave an invaluable opportunity to over 80 Sri Lankan business representatives to interact with over 170 Chinese tour operators and 160 trade representatives on 4thJuly. The highlight of the event was the Gala Night on 4th July attended by over 550 Chinese officials, business, culture and media personnel who were treated to exotic Sri Lankan dancing and some dance items from China, especially from Shanghai. The Gala Night was graced by Madam Zhang Lili, Standing Committee Member and the Chair of the Foreign Affairs Committee of the Shanghai Municipal People’s Congress on the sidelines of these activities from 4th to 6th July, a trade fair and Sri Lankan performances took place for the public at the Nanjing Pedestrian Street Century Square, which attracted over 20,000 visitors. All events had raffles draws offering free air tickets to Sri Lanka, package tours, and many Sri Lankan luxury products.

Shan Wijayalal, Chief Minister of the Southern Provincial Council and Z. A. Nazeer Ahamed, Minister of Agriculture, Animal Production & Development, Rural Industries Development, Fisheries & Tourism of the Eastern Provincial Council were also special guests at the events.

The Shanghai Municipal Commission for Commerce was responsible for the visit of Minister Basil Rajapaksa as well as “Sri Lanka Shines in Shanghai”, while the Sri Lanka Consulate General in Shanghai coordinating other related  activities of the visit, in conjunction with the Embassy of Sri Lanka in Beijing, Ministry of Industry and Commerce, Sri Lanka Export Development Board, Sri Lanka Convention Bureau, Sri Lanka Tea Board, National Gem and Jewellery Authority, SriLankan Airlines, National Craft Council, Laksala and Associations connected to the tourism industry.

Sri Lanka Consulate General in Shanghai
17th July 2014