දිවි නැගුම නිසා ගෘහයට ශක්තියක්

දිවි නැගුම නිසා කාන්තාවන්ට තම පවුල රකිමින් ගෘහයට ශක්තියක් වීමට හැකි වුණා

දිවි නැගුම නිසා කාන්තාවන්ට තම පවුල රකිමින් ගෘහයට ශක්තියක් වීමට හැකි වුණා

ගෘහනියන්ට තම නිවස තුළ සිටිමින් ම ගෘහ ආර්ථිකයට ශක්තියක් ලබා දීමට දිවි නැගුම ජාතික වැඩසටහන යටතේ අවස්ථාව හිමි ව ඇති බවත්, ඒ නිසා මව පවුලේ ආර්ථිකය ගොඩනැගීම සඳහා විදෙස් රැකියාවකට හෝ වෙනත් රැකියාවකට යාම හේතුවෙන් දරුවන්ට හා පවුලට සිදුවන හානිය සිදු නො වී සාර්ථක පවුලක් ගොඩනැගීමට හැකිවන බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
 
අමාත්‍යවරයා සඳහන් කළේ, රටේ දියුණුවත් සමඟ නිවසේ පහසුකම් ද දියුණු වී ඇති බවත්, එම පහසුකම් හේතුවෙන් ගෘහණියට ඉතිරිවන කාලය හා ශ්‍රමය මෙලෙස දිවි නැගුම වැඩසටහන හරහා පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමට යෙදවිය හැකි බවත්ය.
 
පස්යාල මහිම ඇන්තූරියම් අලෙවිසැල සහ සේවා ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් පසුගියදා අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.
 
ව්‍යාපාරයක් ලෙස ඇන්තූරියම් වගාව සිදුකරන අය සඳහා අවශ්‍ය පැළ හා සේවා සැපයීම වෙනුවෙන් මෙය ආරම්භ කර ඇති අතර දැනට ස්වයං රැකියාවක් වශයෙන් ඇන්තූරියම් මල් වගාව සිදුකරන අයට අවශ්‍ය සේවා සැපයීම ද කරගෙන යනු ලබයි.
 
මෙහිදි අදහස් දැක්වු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ අතීතයේ  ගෘහණිය නිවසට අවශ්‍ය දර සෙවීම, වතුර ගෙන ඒම, වැනි කටයුතු මෙන් ම ගොවිතැනේදී ගොයම් කැපීම, වල් නෙළීම වැනි කටයුතු ද සිදුකරමින් තම පවුල ගොඩ නැගීමට කටයුතු කළ බවයි. නමුත් අද නිවසට ජලය, විදුලිය, ගෑස්, වැනි දෑ පැමිණ, වැඩ පහසුකර ඇති සේ ම කුඹුරට සුනාමි භූතයා වැනි යන්ත්‍ර පැමිණ ගොවිතැන පහසුකර ඇති බවත් පෙන්වා දුන් 
අමාත්‍යවරයා මේ හේතුවෙන් යම් වියදමක් ද එකතු වී ඇති බව පෙන්වා දුන්නේය. 
 
නමුත් මෙම යන්ත්‍ර ඇතුළු දෑ භාවිත කිරීමෙන් ඉතිරිවන කාලය හා ශ්‍රමය ස්වයං රැකියාවක් සඳහා යොදවා පවුලේ ආර්ථිකය ගොඩනැගිය හැකි බව අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නේය.
 
ස්වයං රැකියා‍වක් කිරීමේදී ද මුලින් අපහසුකම් ඇති වුවත් ඒවාට සාර්ථක ව මුහුණ දෙමින් ඉදිරියට යාමට ක‍ටයුතු කළ යුතු බවත්, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද පැමිණි සියලු අභියෝග ජයගනිමින් රටට සාමය උදාකිරීමට පියවර ගත් බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. 
 
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන, දිවි නැගුම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජයතිලක හේරත් මහත්වරු, මහිම ඇන්තූරියම් ආයතනයේ අධ්‍යක්ෂිකා ශාමිකා ගුණවර්ධන මහත්මීය ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.
 
10690027 10152687702921311 6398915727556791980 n
 
 
10414485 10152687703136311 2839865010747394155 n
 
10696237 10152687703481311 8314853391733312372 n
div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://basilrajapaksa.com/wp-content/uploads/2019/01/හෙට-ගැන-හිතන2-1920X1080px.jpg);background-size: cover;background-position: right bottom;background-attachment: scroll;background-repeat: no-repeat;}#stuning-header div.page-title-inner {min-height: 870px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}