බැසිල් රාජපක්ෂ ජව සම්පන්නව මැතිවරණ යාන්ත්‍රණය නිර්මාණය කරා..

අද (25) දින මාධ්‍ය හමුවට සහභාගි වු නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේවර්ධන මහතා
2015 ජනවාරි 8 වැනිදා ඉදන් මේ වනතුරු ආන්ඩුව රටට එක මෙගාවොට් එකක් එකතු කරන වැඩපිීලවෙලක් හැදුවද. මේ ආන්ඩුව නොහැකියවේ ආන්ඩුවක්. මිනිස්සුන්ට දෙන්න තියෙන දසවද දුන්න ආණ්ඩුව සිංහල අවුරුද්ද කලුවරේ සමරන්න සලස්වුවා. මේ ආන්ඩුව හවස 7 – 8 අතර කාලයේ මිනිස්සුන්ව කලුවරේ තියන්න කැමැතියි. ඒ වෙලාවටයි මාධ්‍ය ආයතන පණිවිඩ දෙන්නේ. අපේ කාලයේ ප්‍රවෘත්ති බලන කොට සංවර්ධන අද්‍යාපන පුවත් අහන්න ලැබුනට දැන් අහන්න ලැබෙන්නේ පාතාල ක්‍රියා, මිනීමැරුම්, ආන්ඩුවේ වංචා දූෂණ වගේ දේවල්. ඒ වෙලාවේ ලයිට් කැපුවම අල්ලන මත්ද්‍රව්‍ය ප්‍රමාණය, මරණ මිනිස්සු ගාන, මැති ඇමැතිවරු ගහපු ගැහිලි ගැන ජනතාවට දැ ගන්න ලැබෙන්නේ නැහැනේ. ඒ පැත්තෙන් ලයිට් කැපිම ආන්ඩුවට සැනසීමක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේත් නියග තිබුණා. මේ සියල්ල අතරේ කළමණාකාරීත්වයකින් රට ඉදිරියට ගියා. මිනිස්සුන්ව කලුවරේ තිබ්බේ නැහැ.
හම්බන්තොට අපනයන සැලසුම් කළාපයක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගිහින් විවෘත කළා. තෙල් පිරිපහදුවක් හා සිමෙන්ති කර්මාන්ත ශාලාවක්. එදා වරාය විෂය භාර ඇමැති මම. මෙවැනි කර්මාන්ත ශාලා 11ක් අරභන්න විදේශීය ආයෝජකයෝ 11ක් ඩොලර් බිලියන 1.1 ක විදේශ ආයෝජන අරන් ආවා. එදා සියලු ගිවිසුම් ගහලා තිබුණා. රජයක් විදියට ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා නම් ඒ ආයෝජකයෝ කර්මාන්ත ශාලා 11ක් මේ රටේ පිහිටුවලා. ඒවා එහෙම පිටින්ම අයින්කරලා මැතිවරණය ළග නිසා දැන් අපනයන සැකසුම් කළාපය හදිසියේ හදන්න යනවා. ඔමානයේ තෙල් විෂය භාර ඇ මැතිවරයා ආවා. අපි මේ සමාගම කවුද, මේ සමාගම හා සිංගප්පූරුව අතර තියෙන සම්බන්ධය මොකක්ද, කියන දේවල් දැන ගන්න කැමැතියි. ඔමානයේ ඇමැතිවරයාවත් හයර් කළාද කියලා සැකයි. කලුතර මිල්ලනිය, මාවතගම, කුලියාපිටිය වගේ ස්ථානවල තානාපතිවරු ගෙන්වලා නොයෙකුත් කර්මාන්ත ශාලා ඉදිකිරීමේ මුල්ගල් තිබ්බා. අවුරුදු 4ක් ගත වෙලා මොනවද මේ කර්මාන්ත ශාලාවල ඉදිකලේ. දැන් අක්කර 12000ක් වෙන්කරලා එහි ගොල්ප් ක්‍රිඩාපීටි 5ක් හදනවාලු. අපේ රටේ මිනිස්සුන්ට අඩුවෙලා තිබුනේ ගොල්ප් ගහන එක විතරයි. ඒ තරමට අපේ මිනිස්සු ඉන්නේ සුඛිත මුදුත වෙලා. දැන් රුහුණ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය කරනවාලු. මේ ආයෝජන කළාපය එතුමාගේ 70 වැනි උපන් දිනය වෙනුවෙන් දායාද කරනවාලු. එතුමා 2017.01.03 කුලියාපිටියේ වොක්ස්වැගන් මව් ආයතනයවත් නොදැන වොක්ස්වැගන් වාහන නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් අපේ රටටදායාද කළා. මේ තියෙන්නේ දැන් කුලියාපිටියේ හදන කාර් ( සෙල්ලම් කාරයක් පෙන්වයි) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේක එවලා තිබුණා. මේ වැනි සිහින මාලිගාවලට අපිව එක්ක යනවා. මාධ්‍යවේදීන්ට අපිට වඩා පේන්වා. 2015 ජනවාරි 08 ඉදන් මේ වන තෙක් අක්කර 12000,25000,15000 කියමින් ගස් කැපුවානේ.මේ වන තෙක් බුල්ටෝ ටොපි , තලාබෝල පැකට් කරන තැනක් හැදුවා නම් කියන්න. ඔමානයේ ඇමැතිවරයා තියාගෙන ආන්ඩුවේ අය කියපු දේවල් බැලුවම ලංකාව දැන් සුරපුරයක්. මිනිස්සු බොහොම සතුටින්. උදේ අපි පාර්ලිමේන්තු එන කොට වයලින් ගගහා මිනිස්සු සතුටින් පාරවල් වල ඉදියි කියලා හිතුවේ. 2019 සතුටින් ඉන්න මිනිස්සුන්ගේ ලයිස්තුවේ ශ්‍රි ලංකාව ඉන්නේ 130 වෙනි තැන. 2018 ඉදලා තියෙන්නේ 116. පකිස්ථානය 67 වෙනි තැන. භූතානය 95 වෙනි තැන. නේපාලය 100 වෙනි තැන. බංගලිදේශය 125 වෙනි තැන. ලංකාවේ සතුටෙන් නොවන මිනිස්සු බවට පරිවර්තනය විමකුයි තියෙන්නේ. මේ කියනවිදියට රට පරිවර්ථනයක් වුනා නම් මිනිස්සු සතුටෙන් ඉන්නවා. මේ හතරගාතෙන් වැටුනු ආන්ඩුවට තව දුරටත් ඉදිරියට යන්න බැහැ. 5 වැනිදාට දොල පිදේනි දීලායි. දෙමල සන්ධානයට අපේ රණ විරුවෝ පාවා දෙන ගමන් විල්පත්තුව කපන්නත් ඉඩ දිලා අයවැයට අත ඔසවා ගන්නවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා
විදේශ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජිනිවා නගරයේ ශ්‍රි ලංකා රජය නියෝජනයකරන පිරිස මානය හිමිකම් මහ කොමසාරිස්වරිය නිල වශයෙන් හමුවුන බව නිවේදනය කලා. මහ කොමාසරිස්වරිය රජයේ වැඩපිළිවෙල ප්‍රසංශා කළ බවත් විදේශ කටයුතු අමාතයංශයේ නිවේදනයේ සදහන් වෙනවා. එතුමියගේ වාර්තාවෙන් නම් කියන්නේ ඒ අය කියන විදියට යුද්ධය කාලයේ සිදුවුනු අපරාධ සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශන පවත්වලා අදාල පුද්ගලයින්ට දඩුවම් පැනවිමට ශ්‍රී ලංකා රජයට නොහැකි බවයි. මහ කොමසාරිස්වරියගේ වාර්තාවෙන් අපක්ෂපාති වමර්ශන ශ්‍රි ලංකා රජයෙන්බලාපොරාත්තු වෙන්න බැරි බව කියනවා. අද දැඩි අවශ්‍යතාවයක් තියෙන්නේ මේ ක්‍රියාදාමයන්ට විදේශිය විනිසුරන් සම්බන්ධ කර ගැනීම බවයි ඇය සදහන් කරන්නේ. එසේ නොකලොත් සත්‍ය අනාවරණය නොවන බව කියමින් එසේ නොකලොත් අනාගතයේ බරපතල දුරිව්පාකවලට ශ්‍රී ලංකාවට මුහුණ දෙන්න සිදුවෙන බවයි.
මේකට ප්‍රතිචාරය විදියට තිලක් මාරපන විදේශ ඇමැතිවරයා කියන්නේ විදේශීය විනිසුරන්පත් කරන්න ඉඩක් ලංකාවේ ව්‍යවස්ථාවේ නැති බවයි. එසේ කරනවා නම් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය හා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි කියන්නේ. මෙතනදි ප්‍රශ්නයක් නැගෙනවා. මේක ශ්‍රී ලංකාවේ යෝජනාවක්. ඒ යෝජනාවේ 6 වැනි ජේදයෙන් කියන්නේ විදේශීය විනිසුරන් යොදා ගන්න එකග වන බවයි. මෙය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි නම් එදා ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහි දෙයක් කරන්නයි මේ රජය පොරොන්දු වෙලා තියෙන්නේ. එහි ප්‍රතිඵලයක් වශයෙනුයි මේ අවුල් ජාලාව ඇති වෙන්නේ . දමිල සන්ධානය නියෝජනය කරමින් වෙනම ධූත පිරිසක් යනවා රටට විරුද්ධව අදහස් දක්වන්න. එහි වියදම දැරැවේ ශ්‍රී ලංකා රජයයි. 2015 එකග වු විදියට සියයට සියයක් විදේශිය විනිසුරන්ගේ අධිකරණයක් පත් කළන්න අවශ්‍යයි. රට දෙකට නෙවෙයි හතරට කැඩුනත් කමක් නැති බවයි ඒ අය කියන්නේ. මේ දෙවෙනි යෝජනාව ගේන්නේ එංගලන්තය කැනඩිව ජර්මනිය මැසඩෝනියාව ඇතුළු බටහිර රටවල් පහක්. ඒකට අත්සන් කරපු එකම ආසියානු රට ශ්‍රී ලංකාවයි. මේ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ගය වැරදියි රටේනීතියට පටහැනියි. මේ යෝජනාවට අත්සන්කරන්න කියලා ජිනීවා නගරයේ තානාපතිවරයාට නියෝග කලේ විදේශ ඇමැතිවරයා නෙවෙයි. අමාත්‍යංශයට සම්බන්ධයක් නැති සංහිදියා ඒකකය කියන ආයතනයේ මනෝ තිත්තවැල්ල. විදේශ කටයුතු අමාත්‍යංශය හෝ ජනාධිපතිකාර්යාලය මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් දන්නේ නැහැ. මේක දේශද්‍රෝහි ක්‍රියාවක්.
එක්සත් ජාතින්ගේ රටවල සියලුම තානාපති කාර්යාල ඇමරිකාවේ පිහිටලා තියෙනවා. ඒ මධ්‍යයේ ශ්‍රී ලංකාවට විරුද්ධව ඇමරිකාව ගෙනාපු යෝජනාව සම්මත කර ගන්න සියලු උත්සාහයන් ගත්තත් මහින්ද රාජපක්ෂ සමයේ අපි ගිහින් කරුණු ඉදිරිපත් කළාට පස්සේ අවසානයේ යෝජනාවට පක්ෂව ලැබුනේ ඡන්ද 23යි. රටවල් 12ක් විරුද්ධව ඡන්දය දුන්නා. තව රටවල් 12ක් ඡන්දය නොදී හිටියා. ඇමරිකාව කෙතරම් බලවත් වුනත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වයෙන් අඩක් යෝජනාවට එකග කර ගන්න බැරි වුනා. එදා ශ්‍රී ලංකාවේ ස්ථාවරය සාධාරණයි කියන තැන චිනය රුසියාව සවුදි අරාබිය, එක්සත් එමිරේට්, පකිස්ථානය වගේ රටවල් හිටියා. ඉන්දුනිසියාව ජපානය ඔවුන්ගේ නියෝජිතයින් හරහා ලංකාවේ අභ්‍යන්තර ප්‍රශෟනවලට අත පෙවීම සුදුසු නැති බව කිව්වා. ඒ අවස්ථාවේ සංශෝධනයක් ඉදිරිපත්කළා නම් ඒ සංශෝධනය ජය ගැනීමට අවස්ථාව තිබුණා වුනත් ආන්ඩුව පත් කරන්න උදව් කරපු දෙස් විදෙස් බලවේග තෘප්තියට පත්කරන්න චේතනාන්විතව රජයේ සම අනුග්‍රහයෙන් යෝජනාව ගෙනාවා.
43 වැනි සැසිවාරයේදි රට ගැන විමර්ශන පවත්වලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කිව්වා. ඒ වාර්තාව ගැන සම්පුර්ණ විමර්ශන පවත්වලා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය පැවැත්වීමට ශ්‍රී ලංකා රජය එකගත්වය ප්‍රකාශ කළා. රටේ අභ්‍යන්තර කටයුතු ගැන තිරණ ගන්න මොනවගේ ආයතනයකට අපි අවසර දීලා තියෙන්නේ. මානව හිමිකම් කොමසාරිස්වරිය හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා විදියට වැරදි කෙනෙක් පත් කළා කියනවා. නමුත් පළාත් සභා මැතිවරණ්‍ය වසර එකහමාරකට වඩා කල් දැමිම ගැන වචනයක්වත් කියන්නේ නැහැ. මතු කුඩු ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීම ගැන විරෝධය පත්කරනවා. ඒ වුනාට ඇමරිකාවේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක වෙනවා. මේක තමයි දෙබිඩි පිළිවෙත. නවසිලන්තයේ ත්‍රස්තවාදී ක්‍රියාවට එරෙහිව අදහස් දැක්වුවත් කාත්තන්කුඩියේ ඒවැනි සිද්ධියවක් වුනාම ඒක විමුක්ති අරගලයේ කොටසක්. ඒ නිසා ඇමරිකාව ද්විත්ව පිළීවෙතක් අනුගමනය කරන නිසා අපි ඉල්ලා අස්වෙනවා කියලා පරුෂ වචන කියමින් ඒ ආයතනයෙන් ඉවත්වුනේ. ඒකෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාව ආවත් අපේ රට කිසිම ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. වසර දෙකකට වොෂින්ටන්වල අපේ තානාපතිවරයෙක් නැහැ. මේ රටේ විදේශ ප්‍රතිපත්තිය මේ වෙද්දි අවුල් වෙලා තියෙන්නේ.
විදුලිය ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ රජයේ නොහැකියාව නිසයි. මේ වෙනකල් ආන්ඩුවට එක ප්‍රධාන ව්‍යාපෘතියක්වත් අනුමත කරගන්න බැහැ. මෙහෙම වුනාම පුද්ගලික අංශයෙන් මිලදිගැනිම් කරන්න වෙනවා. මේවා හිතාමතාම කරන්නේ.වැස්ස තියෙනවා නම් විදුලිය තියෙනවා. වැස්ස නැත්නම් විදුලිය නැහැ. මෙහෙම වෙන්න ආන්ඩුවක් මොකටද.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පරෙුම මහතා
මෙවර අයවැය තරම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අඩුම සහභාගීත්වයක් ඇති අයවැයක්, මේ තරම් ඇල්මැරුණු විවාදයක්, මගේ පාර්ලිමේන්තු ජිවිතයේදී දැකලා නැහැ. අයවැයේ තියෙන දේශපාලන ගුණය හා සමාජ ගුණය මේ වසර දෙක ඇතුළත මුලුමනින්ම නැති කරන්න මේ ආන්ඩුව පියවර ගෙන තිබෙනවා. අයවැයට තිබුණු සම්භාවණිය වටිනාකම , ගරුත්වය මුලිනුපුටා දමන්න පියවර ගෙන තිබෙනවා. මේ අයවැය ප්‍රකාශයට පත්කරලා මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවෙන් එළියට එන ගමන් කියනවා අද රෑ ඉදලා ඉන්ධන මිල වැඩිවෙනවා කියලා. තුනිවෙනි දවස වෙද්දි පිටිකිරි මිල ඉහළ දමනවා. ඊට පැය 72ට පෙර ඉදිරිපත් කරන අයවැයේ මේ සම්බන්ධයෙන් සදහනක් නැහැ. මගේ පාර්ලිමේන්තු ජිවිතයේ පළවෙනි වතාවට වැරදිපූර්වාදර්ශයන් දෙකක් අපි දැක්කා. අයවැය විවාදය යන අතරතුර අමාත්‍යංශ දෙකක විෂයන් වෙනස්කළා. පාර්ලිමේන්තු ඉතිහාසයේ ඒ විදියට විවාදය යන අතරේ ඇමැතිධුර වෙනස් වෙනවා අපි දැකලා නැහැ. උදාහරණයක් විදියට වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය විවාදය කරලා පැය 48ක් යද්දි අමාත්‍යංශය වෙනස් වෙනවා. මේකෙන් පේන්නේ විද්‍යාත්මක පදනම් ගැන කතාකරන මේ ආන්ඩුව මොන තරම් අවිද්‍යාත්මකද, අතාර්තිකද කියන කාරණයයි. ආන්ඩුවට පිළීවෙලක් නැහැ. මේ රටේ ජනතාවට කියනවා අයවැය ඇතුලේ තියෙන්නේ සංඛ්‍යා විතරයි. පහුගිය අවුරුදුවල ඉදිරිපත් කරපු යෝජනා ඒ විදියටම ඇතුළත් කරලා තියෙනවා. ආකර්ශනියයි කියන යෝජනා පවා මීට පෙර ඉදිරිපත් කරපුවා. අයවැයේ තිබුණු සම්භාවණීය, ගරුත්වය මුලුමනින්ම නැති කිරිම ගැන අපි ආන්ඩුවට විරෝධය දක්වනවා.
අයවැය පරාජය පත්කරනවාද කියන දේ ජනතාව අපෙන් අහනවා. අයවැය පරාජය කරන්න බැහැ. ඇයි බැරි. පළිවෙනි කාරණාය විපක්ෂය විදියට පෙනි ඉන්න දෙමළ ජාතික සන්ධානයට මෙවරත් ජිනීවා කප්පම දුන්නා. ඒ නිසා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 15 දෙනා අයවැය වෙනුවෙන් පෙනි සිටිනවා.ඊට අමතරව ශ්‍රීලනීපයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ මෙහෙකරෙ සේවයට ඇතුල් වෙලාතියෙනවා. මේ දෙපාර්ශවය නිසාවෙන් අයවැය සංඛ්‍යාත්මකව පරාජය කරන්න බැහැ. දෙමළ ජාතික සන්ධිනයේ දේශපාලන වංකභාවය හා ශ්‍රීලනිපයේ ඇතැමුන් දේශපාන මෙහෙකාර සේවය ඇතුලත්වීමයි අයවැය පරාජය කරන්න බැරි ප්‍රධාන හේතු.
ජාතික ආන්ඩුව හා විධායක ජනාධිපතිධූරය ඉවත් කිරීම දැන් නැවතත් කරළියට ඇවිත් . මේ කාරණා කරළියට එන්නේ මොන වෙලාවටද. ඔබ මාධ්‍යයෙන් වාර්තා කළා රාජපක්ෂ පවුලේ සාමාජිකයින් එකතු වෙලා නුදුරු ජනාධීපතිවරණය සම්බන්ධයෙන් ඒකමතික තීන්දුවකට ආපු බව. ඒ තින්දුව රාජපක්ෂ පවුලෙන් හෝ ඒකාබද්ධ විපක්ෂය විදියට ප්‍රකාශ කලේ නැහැ. නමුත් මාධ්‍ය වාර්තා කළා. මේ වාර්තා කිරීමෙන් පස්සේ හැංගි හැංගි වෙස් බැදපු ජාතික ආන්ඩු කෝළමත්, විධායක ජනාධීපති කෝළමත් කරලියට ආවා. ගෝඨාභය රාජපක්ෂ මහතා පවුලේ නියෝජිතයා විදියට ඉදිරිපත්කරන්න තින්දු කළා කියලයි වාර්තා කලේ. ඊට පස්සේ මේ කෝලම් දෙක කරලියට ආවා. 1982 ජනාධිපතිවරණ මෙහෙයුම මතක ඇති. එදා ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ජයග්‍රහණයේ උපක්‍රමය බණ්ඩාරනායක පවුල දෙකඩ කිරීමයි. මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා එතුමාය පිටියෙන් එළියේ තියලා බණ්ඩාරනායක පවුල කැඩුවා. එහෙමයි ජේ. ආර්.ජයවර්ධන මහතා අපේ ජනාධීපති අපේක්ෂක කොබ්බෑකඩුව මහතා පරාජය කරලා දැම්මේ. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ බෑනැ වෙන රනිල් වික්‍රමසිංහ මහතාත් හිනයක හිටියා. බණ්ඩාරනායක පවුල කැඩුවා වගේ රාජපක්ෂ පවුලත් කඩන්න පුලුවන් කියලා. බැසිල් ගෝඨා අතර අර්බුදයක්. ජනාධිපති අපේක්ෂකත්වය නිසා රාජපක්ෂ පවුල බෙදිලා වැනි පුවත්වලින් පත්තර පිටු පිරුණා. නමුත් වගකීමෙන් අපි කියනවා. බණ්ඩාරනායක පවුල බෙදුවා වගේ රාජපක්ෂ පවුල බෙදන්නත් බැහැ. කඩන්නත් බැහැ. බැසිල් රාජපක්ෂ මහතා ඉතා ජව සම්පන්නව මැතිවරණ යාන්ත්‍රණය නිර්මාණය කරමින් සිටිනවා. මේ රටේ ලාබාලම පක්ෂය ජයගත්තේ ඒ හැකියාව හා නිර්මාණශීලි භාවය නිසා. මේ සියල්ල නිසා තැතිගත්තු අපේ දේශපාලන විරුද්ධවාදින් මේ කෝළම් දෙක කරළයටගේනවා.
ජාතික ආන්ඩුව ගැන ජනාධීපතිතුමා යමක් ප්‍රකාශ කළා. ශ්‍රිලනිප ඇතැමුන් ඒ ගැන අදහස්දැක්වුවා. පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවය ඇති කරගන්නයි ජාතික ආන්ඩුව හදන්නේ කියලා කියනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවය නැති වෙලාතියෙන්නේ ඇයි. පාර්ලිමේන්තුව අස්ථාවර වෙන්නේ 1078දි ජනාධිපතිවරණ ක්‍රමයත් එක්ක ගෙනාපු සමානුපාතික මැතිවරණ ක්‍රමය නිසයි. මේ කුමය යටතේ මැතිවරණ 7ක් මේ වෙද්දි තියලා තියෙනවා. 1988,1994,2000,2001, 2004, 2010,2015. මැතිවරණ දෙකකින් විශේෂ හේතු නිසා බහුතර ආන්ඩු පිහිටුවන්න හැකි වුනත් අනෙක් සියලු අවස්ථාවල බිහිවුනේ සුලුතර ආන්ඩු. 1994දි 105යි ආන්ඩුවට තිබුනේ. 2000දි 107යි. 2001දි 109යි. 2004 එතෙක් මෙතෙක් ඉතිහිසයේ හැදුනු පුලුල්ම පෙරමුණ ජවිපේ හා පොදුජන පෙරමුණ අතර ඇතිවුනා. ඒත් පාර්ලිමේන්තුවේ හිටියේ 105යි. 2015 දැන් පාර්ලිමේන්තුව 105යි. 1988 දි ප්‍රෙමදාස රණසිංහ ජනාධිපතිවරයාගෙත් 2010 මහින්ද රාජපක්ෂ මහතාගේත් ප්‍රධානත්වයෙන් බහුතර ආන්ඩු පිහිටුවිම අහඹු සිදුවිම්. 1988 මහා භීෂණයක් අතරේ ඡන්දය ප්‍රකාශ කලේ සියයට 46යි. එජාප පාක්ෂිකයෝ හමුදා රැකවරණය මැද ඡන්ද පොලට ගෙන ගියා. 1988 දි සියයට 46ක් පමණක් ඡන්දය පාවිච්චි කරපු ඒ මැතිවරනය විකෘතියික්. මහා යුද ජයග්‍රහණයේ ආශ්වාදයෙන් ඡන්ද පොලට ගිය 2010 විශේෂ අවස්ථාවක්. මේක තමයි පාර්ලිමේන්තුව අස්ථාවර වෙන්න හේතුව.
විධායක ජනාධිපතිධූර ගැටය, සමානුපාතක මැතිවරණ ක්‍රමය ගැටය, පළාත් සභා ගැටය කියන ගැට තුනක් ජේ.ආර් මහත්තයා ගහලා තියෙද්දි අපිට කතා කරනවා විධෘයක ජනාධිපති ක්‍රමය කියන ගැටය විතරක් කපන්න. අපි දේශපාලන ගැට කපන්නත් නෙවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ දේශපාලන ගැට කපන්නන් නැති බව ඉතාම වගකීමෙන් කියනවා. ජාතික ආන්ඩු යෝජනාව සමාජවිද්‍යාත්මකව බැලුවම අපචාරයක්. ආර්ථික විද්‍යාත්මකව බැලුවොත් බදු මුදල් මංකොල්ලයක්. අපරාධ විද්‍යාවට අනුව දූෂණයක්. දේශපාලන විද්‍යාවට අනුව ජනතාවගේ පරමාධිපත්‍ය කෙලසිමක්. වෛද්‍ය විද්‍යාවට අදාලව අජීර්ණයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන කරගත්ත බලවේගය ජනාධිපති අපේක්ෂකයා කියන කාරණය ගැන නිල වශයෙන් තීන්දුවකට ඇවිත් නැහැ. ඒවුනාට අපි නොහිතන අය වුනත් මේ පෙරහැරේ විධායක ජනාධීපති කෝලමේ පිටුපස්සේ ඉදලා තිරය පළාගෙන එලියට එන්නත් පුලුවන්. ඒ ගැන චකිතයකට, පුදුමයකට පත් වෙන්න එපා. මේ රටේ බහුතර මැතිවරණ ක්‍රම යෝනා වෙලා තියෙන්නේ, ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා වෙලා තියෙන්නේ මැතිවරණ පරාජයෙන් බේරෙන්න හෝ පටු දේශපාලන අරමුණු වෙනුවෙන්. ඒකයි යථාර්ථය. සමානුපාතික මැතිවරණ ක්‍රමය ගෙනත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එජාපයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අමතමින් සදහන් කලේ එජාපයට සදාකාලිකවම බලයේ ඉන්න මම මැතිවරණ ක්‍රමයක් හැදුවා කියලයි. ඒ මැතිවරණ ක්‍රමය ඇත්ලේ මහින්ද මහත්තයා තුනෙන් දෙකේ බලයක් තියෙන ආන්ඩුවක් හැදීම වෙනම කාරණයක්. ඒක රටේ පහළ වුනු වෙන කිසිම නායකයෙක්ට කරන්න බැරි වුනා. ඒනිසා පුදුම වෙන්න එපා මැතිවරණ පරාජයෙන් බේරෙන්න මෙවැනි ප්‍රතිසංස්කරණ ගැන කතා කලොත්.
අරුණ පත්තරේ සන්වේදී ලිපියක් තියෙනවා. යුද ජයග්‍රහණයට නායකත්වය දුන්න ජෙනරල්වරු පස්දෙනා ගැන. ප්‍රධාන සේනාංක පහට අණදීපු මොවුන්ගේ දරුවන් බලන්න විදේශ ගතවෙන්න විසා එකවත් දෙන්නේ නැතිලු. යුද්ධයට එරෙහි වුවෝ වීරයෝ කරලා යුද්ධයට නායකත්වය දිලා ජිවත් වෙන්න පරිසරය හදපු හමුදා නායකයින්ට අද අත් වෙලා තියෙන ඉරණම මේකයි. පුලුවන් තරම් මේ පණිවිඩය රටට ගෙනියන්න. සංවේදී මිනිසුන්ගේ පපුව කතා කරයි.
මේ ආන්ඩුව දුර්වල කලමණාකරණ සහිත ආන්ඩුවක් බව විදුලි කප්පාදුව මගින් මේ ආන්ඩුව නැවත ඔප්පු කරලා තියෙන්නේ. විදුලි අර්බුදයට නිශ්චිත විසදුමක් දුන්න අය අතර ප්‍රධානියා මහින්ද රාජපක්ෂ මහතායි. ඉතිහාසයේ අපේ නායකයෝ විදුලි අර්බුදයට දිපු විසදුම් මොනවාද. එක නායකයෙක් තිරණය කළා පුද්ගලික අංශයෙන් විදුලිය ගන්න. වරායට නැව් ගෙනත් නැවෙන් විදුලිය මිලදි ගන්න. විදුලිය කපන්නත් යෝජනාවක් ආවා. අන්තිමට කරු ජයසූරිය මහතාගේ කාලයේ පැය 8ක් විදුලිය කැපුවා. එක එක බලවේගවලට බයවෙලා විදුලි යෝජනා ක්‍රම අත් හැරියා. නොරොච්චෝලේ යෝජනා ක්‍රමය අත හැරියා. ඉහළ කොත්මලේ යෝජනා කුමයට මුල් ගල තියෙන දවසට කලින් දවසේ විරෝධතා නිසා ඒක වෙනස් කළා. මේ සියලුවිරුද්ධකම් මැද්දේ මහින්ද රාජපක්ෂ මහත්තයා තින්දුවක් ගත්තා. විදුලි බල ඉංජිනේරැවෝ කිව්වේ අවම වශයෙන් දවසකට මෙගා වොට් 1200ක් අවශ්‍යයි කියලා. මහින්ද මහත්තයා රටේ අනාගතය වෙනුවෙන්ඇහුම්කන් දුන්නේ ඉංජිනේරුවන්ට. ඒ සැලසුමේ ක්‍රියාත්මක කරන්න බැරිවුන දේවල් තව තියෙනවා. තව අපූරු සැලසුමක් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ තිබුණා. ලෝකේ කිසිම රටක් විදුලි අර්බුදයට නොදුන්න විසදුමක් දෙමින් ඔරලෝසුවේ කටු කැරකුවා. මේවා තමයි අපේ දේශපාලනඥයින්ගේ දුප්පත් දර්ශන. සියල්ල මැද මහින්ද රාජපක්ෂ මහතා අලුතින් බලාගාර තුනක් රටට එකතු කළා. එක බලාගාරයක් රටට නොදුන්න මේ ආන්ඩුව අද කලුවරේ ඇවිදිනවා. එක කාලයක කරුවල ජයසූරිය මහත්තයා හිටියා. දැන් කරුවල කරුණානයක මහත්තයා ඉන්නවා කියලා කාටුන් ශීල්පියෙකුත් කියලා තිබුණා. රවි කරුණානායක මහතාට පුද්ගලිකව ඇගිල්ල දිගු කරන්නේ නැහැ. ඔහු ඇමැතිධූරයට පත්වෙලා මාස තුනයි. ඔහුව නිදොස් කොට නිදහස් කරන්නෙත් නැහැ. මේ ආන්ඩුව මෙයට වගකිව යුතුයි. විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිටිගමන් තනතුරෙන් ඉවත් වුනා.ඔහු ඉවත් වුනේ ඇයි. අපට ලැබුණු තොරතුරු අනුව වැරදි තොරතුරු සමාජයට දෙන්න කියලා දේශපාලනඥයින්ගෙන්කෙරෙන බලපෑම් නිසයි අස්වුනේ

මාධ්‍ය – දවල් කාලයේ අවශ්‍යතාව මෙගාවොට් 2000ට අධිකයි. දැන් තියෙන්නේ 1300යි. අපේ ජගය ඉතිරි කරගෙන සූර්ය බලය පාවිච්චි කරන්න පුලුවන්නේ.
ඩලස් අලහප්පෙරුම – ජලවිදුලිය මගින් රටේ විදුලිය ප්‍රශ්නයවිසදන්න බලාගෙන සිටිනවා නම් එය අනතුරක්. ලොව එයින් මිදෙමින් තිබෙනවා. සෝලා පාම්ස් දැන් තියෙන්නේ. අපිට වේගයෙන් වෙනස් වෙන්න වෙනවා.
මාධ්‍ය – ප්‍රාදේශිය ෂබා 21ක බලය ගන්න කතාවක් යනවා
ඩලස් අලහප්පෙරුම – ශ්‍රී ලංකා නිදහස් පක්සය හා පොදුජන පෙරමුණ අතර පැවැති සාකච්ඡාවලදි ජි. එල් පිරිස් මහතා ඉදිරිපත් කරපු යෝජනාවක් ඒක. දැනට පළාත් පාලන ආයතන 21ක් එජාපය හා ශ්‍රීලනිපය හවුලේ බලය අත්පත්කරගත්ත දේවල්. එයින් 15 සභාපති එජාප. පොදුජන පෙරමුණ පැත්තෙත් එවැනි සභා තියෙනවා. ඒක බිම් මට්ටමේ සමගිය ඇති කරගන්නවා නම් හොද යෝජනාවක්. අයවැයට ජන්දය පාවිච්ඡි නොකිරීමේ සිද්ධියෙන් අපේ පාක්ෂිකයෝ විස්සෝප වෙලා ඉන්නේ. කළකිරිමක් කෝපයක් ඇතිවෙලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රීවරු 15යි. එජාපයට 10යි. ශ්‍රීලනීපයට මන්ත්‍රීවරු 2ක් ඉන්න ආයතනයක් තියෙනවා. පොදු ජන පෙරමුණට බලය ලැබීම වලක්වන්න උපක්‍රමශීලිව සභාපතිකම ශ්‍රීලනීපයෙන් තේරුණු දෙන්නාගෙන් කෙනෙක්ට දීලා සභාව එජාපයට ගන්නවා. එවැනි තත්ත්වයන් රැසක් තියෙනවා. අපේ අවංකකම පෙන්වන්න හොද යෝජනාවක්. අපි යෝජනා කරන්නේ එජාප විරෝධී පුලුල් පෙරමුණක්. එජාප වීරෝධී බවයි මෙහි මුඛ්‍ය ලක්ෂණය වෙන්නේ. එජාප විරෝධී බව එළිපට පෙන්වන්න දකින්න මේක හොද අවස්ථාවක්
ජි. එල් පිරිස් – පාක්ෂිකයින් තුල විශ්වාසය ගොඩනංවා ගන්න මේක හොද අවස්ථාවක්.
මාධ්‍ය – ජවිපේ කියනවා මෙවර සියයට 50 සිමාව කිසිවෙකුට ගන්න බැරි බව කියනවා.
ඩලස් අලහප්පෙරුම – ජනාධීපතිවරණයට පෙර මේ විදියට ජනාධීපතිවරණය ගැන පුරෝකතන කරනවානේ. ජනාධීපතිවරණ 5දිම මේ වගේ පුර්ව නිගමන දීලා තියෙනවා.දැන් ඒ වගේ කතා ඇහෙන්න අරන් තියෙන්නේ. ඡන්ද ප්‍රතිඵල නිකුත් වුනාමයි බලන්න වෙන්නේ. තුන්වෙනි අපේක්ෂකයෝ සාර්ථකයි. ලක්ෂ තුනකට වැඩිය ගත්තේ නන්දන ගුණතිලක විතරයි. මැතිවරණ වෙද්දි පූර්ව නිගමන එන එක සාමාන්‍යයි.
මාධ්‍ය – වත්මන් ජනාධීපතිවරයාව බලනේම අපෙක්ෂකත්වයට ගෙනයන්න අත්සාහ කරනවා.
ඩලස් අලහප්පෙරුම – මම එහෙම වෙයි කියලා හිතන්නේ නැහැ. එතුමා විධෘයක ජනාධිපතිධූරය ගැන පැහැදිලි ප්‍රකාශයක් කරලා තියෙනවා. ඇතැමුන්ට එහෙම උත්සාහයක් ඇති. අවසානයේ එක මතයකට එන්න හැකි වෙයි කියලා විශ්වාස කරනවා.

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://basilrajapaksa.com/wp-content/uploads/2019/01/හෙට-ගැන-හිතන2-1920X1080px.jpg);background-size: cover;background-position: right bottom;background-attachment: scroll;background-repeat: no-repeat;}#stuning-header div.page-title-inner {min-height: 870px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}