පොහොට්ටුවේ ඉංජිනේරු බලකාය උතුරට

ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා පොහොට්ටුවේ ඉංජිනේරු බලකාය අද උතුරට
උතුරේ ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම ස`දහා විශේෂ පශ්චාත් ආපදා කළමනාකරණ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීම ස`දහා ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ අද (සිකුරාදා* පස්වරුවේ උතුරු පළාත බලා පිටත්ව යාමට නියමිතයි. සහෝදරත්වයේ සත්කාරය ලෙස නම් කර ඇති මෙම වැඩසටහන සෙනසුරාදා සහ ඉරිදා දෙදින පුරා උතුරේ ප‍්‍රදේශ රැුසක ක‍්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. බැසිල් රාජපක්ෂ මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ මෙම ව්‍යාපෘතිය සංවිධාන කර ඇත.
ගංවතුරෙන් හානියට පත් ප‍්‍රදේශවල ජනතාවට අවශ්‍ය ඉංජිනේරුමය සහ ශිල්පීමය සේවාවන් ලබාදීම මෙම සහන සේවාවේ අපේක්ෂාවයි. ඒ යටතේ හානියට පත් නිවාස ප‍්‍රතිසංස්කරණය, ගෘහස්ථ ජලනල පද්ධති, අභ්‍යන්තර විදුලි සැපයුම් පද්ධති ප‍්‍රතිසංස්කරණය කිරීම සිදු කෙරේ. ඊට අමතරව පශ්චාත් ආපදා කළමනාකරණ කටයුතු ස`දහා අවශ්‍ය ඉංජිනේරුමය උපදේශන සේවාවක්ද ඊට සමගාමීව ක‍්‍රියාත්මක කෙරේ. අද කොළඹින් පිටත්ව යන පොදුජන ඉංජිනේරු පෙරමුණේ විශේෂ මෙහෙයුම් බලකායට සිවිල් ඉංජිනේරුවන්, විදුලි ඉංජිනේරුවන් සහ යාන්ත‍්‍රික ඉංජිනේරුවන් ඇතුලූ ඉංජිනේරුවන් 100 දෙනෙකු පමණ ඇතුලත් වේ. ඊට අමතරව ඉදිකිරීම් තාක්ෂණික ශිල්පීන් රැුසක්ද ඊට එක්ව සිටී.
විපතට පත් ප‍්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතාවන් ඔවුන්ගේ ඉල්ලීම් අනුව ඉටු කර දීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ. උතුරු පළාතේ පශ්චාත් ආපදා කළමනාකරණ ව්‍යාපෘතිය ස`දහා යන පොදුජන ඉංජිනේරු පෙරමුණේ සහන කණ්ඩායම කොළඹින් පිටත් වීම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද නෙ`ඵම් මාවත කාර්යාල පරිශ‍්‍රයේ දී උත්සවාකාරයෙන් සිදු කෙරේ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2019.01.03

ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සදහා පොහොට්ටුවේ ඉංජිනේරු බලකාය අද උතුරට

 

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://basilrajapaksa.com/wp-content/uploads/2019/01/හෙට-ගැන-හිතන2-1920X1080px.jpg);background-size: cover;background-position: right bottom;background-attachment: scroll;background-repeat: no-repeat;}#stuning-header div.page-title-inner {min-height: 870px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}