අයවැයට එරෙහිව ශ්‍රිලනිප ඡන්දය දෙන්න එකග වෙලා, අවසානයේ පැනලා ගියා..

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසා
ජනාධිපති වැය ශීර්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමේදී මන්ත්‍රීවරුන් කියපු විදියට යමක් වෙයිද කියලා අපි බලන් හිටියා. ඒ වගේම පෙරේදා අයවැය දෙවෙනිවර කියැවීමේ ඡන්ද විමසීමේදී අපි බලාපොරොත්තු වුනා යම් ආකාරයකින් තර්ජනයක් ආන්ඩුවට එල්ල කරන්න හැකිවෙයි කියලා. නමුත් අයවැය සදහා ඡන්දය විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ගත්ත තීරණය ගැන විපක්ෂය ලෙස අපි කණගාටු වෙනවා. දවස් 11ට මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුනා. අයවැය දෙවැනිවර කියැවීමේදී විපක්සයේ බහුතර ඡන්දයෙන් පරාජය කරන්න ඒ වෙලාවේදී සියලු දෙනා එකගතාවයකට ආවා. ඒ වගේම ආන්ඩුවේ පැත්තෙන් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරන්න උත්සාහ කලොත් ඒ උත්සාහය පරාජය කරන්නත් අපි තිරණය කළා. කණ්ඩායමක් ලෙස ඒ ස්ථාවරයට අපි එකග වෙලා සභා ගැබට ගියා. අවසානයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදි අපි නොසිතූ දෙයක් සිද්ධවුනා. එජනිස මහලේකම්වරයා ඇතුලු කණ්ඩායම ඡන්දය ප්‍රකාශ නොකර පාර්ලිමේන්තුවෙන් ඉවත් වුනා. ඒක අපි බලාපොරොත්තු නොවුනු තත්ත්වයක්. එවැනි තත්ත්වයකත් අපි ඡන්ද 76ක් අයවැයට එරෙහිව ප්‍රකාශ කරන්නත් තුනෙන් දෙකේ බහුතරයෙන් අයවැය සම්මත කර ගත්තා කියන අභිමානය නැති කරන්නත් අපිට හැකි වුනා.
ඊයේ දවසේ ජනාධිපති වැය ශීර්ෂය වගේම ආන්ඩුවේ කැබිනට් ඇමැතිවරු අට දෙනෙක්ගේ වැය ශීර්ෂ පරාජය කරන්න පියවර ගන්න බව එජාප පසුපෙල මන්ත්‍රීවරු කාලයක් තිස්සේ කිව්වා. ඒ අය කිව්වා මිසක් අපි ඒක විශ්වාස කලේ නැහැ. අපි දන්නවා එජාපයේ ඒ වගේ කෂේරුකාවක් තියෙන මන්ත්‍රීවරු නැති බව. ඊයේ ජනාධිපති වැය ශීර්ෂයට ඡන්දය ප්‍රකාශ කිරීමේදී වැය ශීර්ෂය හොදයි කියලා කට්ටියම ඡන්දය දුන්නා. අප විපක්ෂය නියෝජනය කළ නිසා අපිට ගැටලුවක් ඇති වුනේ නැහැ. මලික් සමරවික්‍රම, කබීර් හසිම්, වගේ අයගේ වැය ශීර්ෂවලට වෙන දේත් අපි බලන් ඉන්නවා. ඒ විදිහට ඉතාම හොද දේශපාලන රංගනයක් ඊයේ අවසන් වුනා. මේ දේශපාලන රංගනයේ තිර පිටපත හා අධ්‍යක්ෂණය රනිල් වික්‍රමසිංහ මහතාගේ බව අපි දන්නවා.
දැන් නම් අපිට සැකයක් තියෙනවා ඇතැම් අයගේ ක්‍රියාමාර්ගත් එක්ක තුන්වැනිවර කියැවීමේදී අය වැය පරාජය කරන්න පුලුවන් වෙයිද කියලා. ඒ කෙසේ වෙතත් 2015 සිට සැබෑ විපක්ෂයේ භූමිකාව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රියාවට නංවන මන්ත්‍රීවරුන් විදියට අපි අයවැයට දැඩි විරෝධයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අයවැය තනිකරම නිස්සාර පුස්සක් බව හෙළිදරව් වෙලා තියෙන්නේ.
මංගල සමරවිර මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදි කියනවා පොහොසත් බබාලාට දැන්ම ඉදලා බදු ගෙවන්න පුරුදු කරනවාලු. ලක්ෂ 12ක් පොතේ තිබුනොත් ඒකට පොලිය රුපියල් 5000ට වැඩිවෙන නිසා පොහොසත් බබෙක් වෙනවාද. ලක්ෂ 12 තැන්පතුවක් බැංකුවේ තියෙනවා නම් පොහොසත් දරුවෙක් වෙනවාද. දරුවාගේ ආතා, කිරිඅම්මා, නැන්දා මාමා වගේ නෑයෝ දරුවෙක්ගේ උපන්දිනයට කියක් හරි පොතට දාලා දෙන එක සිරිතක්. ලක්ෂ 12ක් කියන්නේ මහ ලොකු ගානක් කියලා මංගල සමරවිර ඇමැතිතුමා හිතාගෙන ඉන්නේ. දැන් පොලියෙනුත් පොලිය කපන බව ඔප්පු වෙලා තියෙන්නේ. අපි අහන්නේ මේ රටේ ප්‍රධානපෙලේ කෝටිපති ව්‍යාපාරිකයින්ට නීත්‍යාණ්‍ුකූල නොවන ආකාරයට මොන තරම් බදු සහන පසුගිය කාලයේ මේ යහපාලන ආන්ඩුව දුන්නාද. ඇලෝසියස් ගේ මෙන්ඩිස් සමාගමට, ප්‍රාඩෝ ගෙන්වන අයට, ගම්මරිස් මුහුද මැදදි පටවන අයට බදු සහන දීලා පුංචි නොදරු කිරි සප්පයාගේ සිට මිනිස්සුන්ගෙන් බදු පිට බදු ගහන අයවැයක්. මේක තමයි අපි දකින අයවැයේ ස්වරූපය.
මේක මැතිවරණ වර්ෂයක්. අපිට කැමැති වෙලාවක මැතිවරණයකට මුහුණ විපක්ෂය ලෙස අපිට හැකියාව තියෙනවා.මේ වෙද්දි ශ්‍රිලනිපය හා පොදුජන පෙරමුණ අතර නිල සාකච්ඡා ඇති වෙලා තියෙනවා සන්දානයක් ඇති කිරීමට.පවතින එජාප ආන්ඩුව ලැබෙන පළවෙනි මොහොතේම පරාජය කිරිමට පුලුල් සන්ධානයක අවශ්‍යතාවය අපි පිළිගන්නවා. දේශප්‍රෙමී සන්ධානයක් රටට අවශ්‍යයි. රට විකුණන ප්‍රතිපත්තියට එරෙහි එජාපයේ කවුරු හෝ ඉන්නවා නම් සන්දානයට එන්න කියලා අපි ආරාධනා කරනවා. මේ සන්ධානය පිරිසිදු එකක් විය යුතුයි. මහ බැංකු හොරු මිට ඇතුළත් විය යුතු නැහැ. බැදුම්කර සිද්ධිය හරහා යම් යම් දේ ලබා ගත්ත පිරිස් එකතු කර ගන්නේ නැහැ. විවිධ ආකාරයෙනක් දීමනා ගත්ත අය මේ සන්ධානයට ඇතුලත් වුනොත් රටේ ජනතාව තුළ මේ සන්ධානය ගැන විශ්වාසයක් නැති වෙයි. මේක ශුද්ධ වු සන්ධානයක් විය යුතුයි. විනය හා නිතිය තදින් ක්‍රියාත්මක වෙන සංවරශිලි රටක් අපි බිහි කරන්න අවශයයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා
ඊයේ පාර්ලිමේන්තුවේ කෙරුණ කතාවලින් ඒ අයම පත්කරපු ජනාධිපතිවරයාව දැඩිව විවේඡනය කරනවා අපි බලන් හිටියා. ජනාධිපති වැය ශිර්ෂය පරාජය කරන බව පම්පෝරි ගැහුවා. අවසානයේ සියලු දෙනා වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය දුන්නා. මේ සංදර්ශන පෙහොට්ටුවට ඡන්දය දෙන අය බලන්නේ නැහැ. මේ රවටන්නේ එජාපයේ පාක්ෂිකයින්. එජාප පාක්ෂිකයින් රැවටිලා රැවටිලා තවත් රැවටෙන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. ගැලරියට කතා කරලා අතයටින් සහාය දෙන එකයි වෙන්නේ.මේකත තමයි එජාපයේ ඉදිරිපෙල පසුපෙල කවුරුත් කරන්නේ. අපි සන්ධානයට යන්න සාකච්ඡා පැවැත්වෙනව. නමුත් මට පොඩි බයක් තියෙනවා. ඒ සන්ධානය මැතිවරණයකට ගිහින් අයවැය ඡන්දයට වුනුදේම වෙන්න ඉඩ තියෙනවා. විශ්වාසය තියන්න බැරි මිනිස්සු එක්ක සන්ධාන ගහපුවාම එහෙම සැකයක් ඇති වෙනවා. අයවැයට එරෙහිව ඡන්දය දෙන්න එකග වෙලා ඉදලා අවසානයේ ශ්‍රිලනිප කණ්ඩායම පැනලා ගිහින් හැංගිලා හිටියා.අවසනායේ අපිත් එක්ක සන්ධාන ගහලා අපේ අපේක්ෂකයා දිනන කොට , ගිය වතාවේ දින්නත් අගමැති කම දෙන්නේ නැහැ කිව්වා වගේ දෙයක් වෙයිද දන්නේ නැති නිසා ඒ බව ඇති වෙනවා. සන්දනායක් හදන කොට මේ සියල්ල පිළීබද අවධානය යොමු කළ යුතුයි. විශ්වාස කරන්න බැරි පුචද්ගලයෝ එක්ක සන්ධාන ගහලා අවධානමකට වැටෙන්න අවශ්‍ය නැහැ. ජනතාව ඉන්නේ අපිත් එක්ක. අපිටත් ටිකක් කල් යද්දි අමතක වෙනවානේ. ඒ නිසා නැවතත් අතීතය මතක් කරලා දෙනගමන් පැනලා ගියපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බොහොම ස්තූතියි. නැවත අපිට සන්ධානයක් හදද්දි දෙවරක්කල්පනා කරන්න. අමාරුවේ වැටෙද්දි පැනලා දුවන අය එක්කයි අපි සන්ධාන ගහන්නේ කියන කාරණය දැන් අපිට සැලකිල්ලට ගන්න පුලුවන්.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ කොමිෂන් සභා වැය ශීර්ෂ ගැන සාකච්ඡා වුනා. ඉතිහාසයේ වැය සදහා යොදා ගන්නේ රාජ්‍ය ව්‍යාපාර. ස්කාගාර,කැලනි ටයර්, වානේ සංස්ථාව, එයාර් ලංකා වගේ දේවල් තිබුණා රාජ්‍ය ආදායම ලැබෙන. අද වැය ශිර්ෂවලට වැය කරන්නෙ ජනතාවගෙන්. අද වෙද්දි ජනතාවගේ ඉහට උඩින් බදු නග්ගලා තියෙනවා. ඩියුටි පී වාහන 225 යන අය අහිංසක අයට ගන්න තියෙන වැගන් ආර් එකේ බදු ලක්ෂ 35ක් දක්වා වැඩි කරනවා. අපිට ඉනධනවලට කීය වුනත් කමක් නැහැ ලීටර් ගානට සල්ලි ගෙවනවා. අපි දින 51 තුන්වතාවක් තෙල් මිල අඩු කළා. මේ දින කිහිපයට මේ ආන්ඩුව තුන්වරක් තෙල් මිල වැඩි කළා. පාර්ලිමේන්තුවේ 225ට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අපිය පත්කරන්න ඡන්දය දෙන ජනතාවට පෙට්‍රල් ගහගන්න විදියක් නැහැ. හොද නැහැ කියමින් අරක්කු සිගරැට් මිල වැඩි කරනවා. හොද නැත්නම් තහනම් කළා නම් හරි. සිගරැට්ටුවක් බොන කොට රැපියල් 60ක බදු බොන්න වෙනවා. අරක්කු බෝතලයක් බොද්දි 1000 බදු බොනවා. මේ විදියට ගියොත් බදු බිලා වෙනම ලෙඩක් හැදෙන්න ඉඩ තියෙනවා. වාහනයක් නිෂ්පාදනය කරන ජපානයේ කොම්පැනියකටවත් ලංකාවේ වගේ ආදායමක් ලැබෙන්නේ නැහැ. කාබන් බද්ද වගේ දෙයක් අයකරනවා නම් ඒ අය කරන මුදල් කාබන් නිශේදනය කිරීමේ ව්‍යාපෘතියක් තියෙන්න අවශ්‍යයි. අපි මංගල සමරවීර ඇමැතිතුමාගෙන් අහනවා එතුමා යෝජනා කරන කාබන් නිශේදනය කිරීමේ ව්‍යාපෘතිය මොකක්ද කියලා. අලුත් වාහනවලට කාබන් බද්ද අඩුයි. අලුත් වාහනයෙන් කොළඹ වටේ රවුම් 100 දුවන මිනිහාට කාබන් බද්ද අඩුයි. 7 ශ්‍රී වගේ කාරයක් වෙසක් පෝයට විතරක් එළියට අරන් වෙසක් බලන්න යන දුප්පත් මිනිහාට කාබන් බද්ද වැඩියි. අවුරුද්ද පරණ නිසා. කාබන් බද්දෙත් ධනවතාට බදු අඩුයි. දුප්පතාට බද්ද වැඩියි. ත්‍රිරෝද රියදුරන් රජයේ රැකියා ඉල්ලන්නේ නැහැ. පාඩුවේ ජිවත් වෙනවා. විශාල ජනතාවක් ප්‍රවාහනය කරනවා. ඔවුන්ගෙනුත් මේ කාබන් බද්ද අයවෙනවා. මැතිවරණ කොමිෂම තියෙනවා. සභාපති ඉන්නවා. නිලධාරින් ඉන්නවා. සේවකයෝ නඩත්තු වෙනවා. වාහන තියෙනවා. මැතිවරණ නැහැ. පොලිස් කොමිෂම තියෙනවා. හරියාකාරයව උසස්විම් නැහැ. පොලිස් නිලධාරීන්ට ශ්‍රීලනීප මන්ත්‍රීවරු පිටිපස්සේ යන්න වෙලා. අල්ලස් කොමිෂම තියෙනවා. අපි පැමිණිලි සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙනවා. මේවා ගැන විභාගයක් නැහැ.හොදම දේ විමේ වහලා දාලා වියදම් අඩු කරලා ජනතාවට ජීවත් වෙන්න පහසුකම් සලසන එකයි. ඒ අයගේ නහයට උඩින් වතුර යන්නත් දැන් ළගයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසුරිය මහතා
මොන මාධ්‍ය සංදර්ශනයක් ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඉදිරිපත් කළත් ලංකාවේ මුල්‍ය අර්බුදය උග්‍ර වෙලා. ඒෂියා මිල දර්ශකයේ 7.6 අඩුවෙලා. මේ වගේ දේවල් නිසා අයවැයේ සමහර යෝජනා දැනටම විහිලු වෙලා ඉවරයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වලින් මිලියන 300ක් හැම පළාත්පාලන ආයතනයකටම වෙන් කරලාලු. ජනාධිපතිතූමා කියනවා මොරගහකන්ද ව්‍යාපෘතියට බිලියන 6ක් ගෙවන්න තියෙනවා තවම මුදල් වෙන් කරලා නැහැලු. ව්‍යාපෘති කරපු අයට තවම මුදල් වෙන් වෙලා නැහැ. මේ විදියට එන්ටර්පුයිස් ශ්‍රි ලංකා පටන් අරන් ගමේ ඉන්න පොඩි ව්‍යාපාරිකයාත් අමාරුවේ දාන්නයි මේ කට්ටිය උත්සාහ කරන්නේ. මෑතකදි රජය ණයක් ගත්තේ 7.85 පොලියට.අවුරුදු 5 බැදුම්කරයකට 6.85 පොලියකටත්, අවුරුදු 10ක බැදුම්කරයකට 7.85ට පොලී අනුපාතයකටත් තමයි මේවා ගන්නේ. අපි අනිත් රටවල් එක්ක බලද්දි තායිලන්තය 2.51යි. වියට්නාමය 4.78, ග්‍රීසිය 3.85යි. මැලේසියාව 3.87යි. අපි ඩොලර් ගෙවද්දි පොලිය විතරක් නෙවෙයි ගෙවන්නේ. රුපියල බාල්දු වුනු මුදලත් ගෙවන්න වෙනවා. උදාහරණයක් විදියට මේ අවුරුද්දේ රුපියල සියයට 26කින් බාල්දු වෙලා. ඩොලර් වලට ගෙවද්දි 8.5ට අමතරව තව රුපියල් 26කුත් හොයා ගන්න වෙනවා. මේ ව්‍යාපෘති කිසිවක් සාර්ථක වෙන්නේ නැහැ.. එහෙමනම් කෝහොමද මේ ආන්ඩුව පවත්වා ගෙන යන්නේ.
මේ මුල්‍ය අර්බුදය විසදන්න නම් ආයෝජකයින් තුල විශ්වාසයක් ඇති කළ යුතුයිත මේ ආන්ඩුව කෙරෙහි නම් ආයොජකයින්ට කිසිම විශ්වාසයක් නැහැ. මෙහෙම ගියොත් වෙන්නේ ආර්ථකය කඩා වැටීමයි. එන අවුරුද්දේ මොකක්ද වෙන්නේ. අයවැයෙන් ණය ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. මේ ණය අර්බුදයේ අපි දැනටමත් ඉන්නවා. මේ නිසා අපි පුලුවන් ඉක්මනට ණය අර්බුදයෙන් මිදෙන්න ජාතික ප්‍රතිපත්තියකට යන්න වෙනවා. එජාප මන්ත්‍රීවරු මාධ්‍ය සංදර්ශන නොකර රටට ආදායම් ලබා ගන්න පුලුවන් විදි පෙන්වා දෙන්න අවශයයි. අයවැයෙ ආදායම් ලබා ගන්න පුලුවන් එක යෝජනාවක් තියෙනවාද. කෙටිකාලිනව මුදල් සොයා ගැනීමේ ක්‍රමවේද සොයා ගන්න වෙනවා බදු වලට අමතරව.ආර්ථික විද්‍යාවේ කියනවා බදු ගන්න ප්‍රමාණය වැඩි වුනාම රජයට මුදල් ලැබෙන ප්‍රමාණය අඩු වෙනවා. සියයට 100ක් බදු ගත්තොත් කවුරුත් බදු ගෙවන්නේ නැහැ.සියයට 0 බදු තිබුණත් මුදලක් ලැබෙන්නේ නැහැ. දැන් සීමාව ඉක්මවලා තියෙන්නේ. හැකි ඉක්මනින් මැතිවරණයකට ගිහින් විශ්වාසයක් ගොඩ නගා ගැනීමේ අවශ්‍යතාවයක් දැන් ඇති වෙලා තියෙනවා.

ප්‍රශ්න – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැවටිමක්ද කරන්නේ
රන්ජිත් සොයිසා – ශ්‍රී ලංකා නිදහස් පක්සය රවටමින් ඉන්නවා නෙවෙයි. ඇතැම් පුද්ගලයෝ අවස්ථාවට උචිත ආකාරයෙන් කටයුතු කරන්න යාම නිසා ඇති වුනු තත්ත්වයක් තියෙනවා. අපි තවමත් විශ්වාස කරනවා මේ ආන්ඩුව පලවා හැරීමට පොදු සන්ධානයක් අවශ්‍ය බව. ඒ වෙනුවෙන් අපි කැප කිරිම් කරමින් සිටිනවා. හොද අවබෝධයකින් යුක්තව අපි කටයුතු කරන්නේ.හිතා මතා රටත් ජනතාවත් අමාරුවේ දමන ක්‍රියාමාර්ගවලට අවතිර්ණ වෙන්නේ නැහැ.
ප්‍රශ්න – ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පිළිබද ඡන්ද විමසිමක් ආවානම් ඔබලා ඡන්දය දෙනවාද
රන්ජිත් සොයිසා – ආවේ නැහැනේ.
තාරක බාලසූරිය – කණ්ඩායම් රැස්වීමේදි සහයෝගයක් දෙන්න අවශ්‍ය බවයි සාකච්ඡා වුනේ.
රන්ජිත් සොයිසා- දෙවැනිවර ඡන්දය පරාජය කරන්නත්, ජනාධීපතිවරයාගේ වැය ශීර්ෂය සදහා බෙදීමක් ආවොත් ඒ සදහා සහාය පලකිරීමක් කරන්නත් විපක්ෂ නායකතුමා දැන්ම්දීලා තිබුණා. අවාසනාවට එහෙම දෙයක් ආවේ නැහැ.
මාධ්‍ය – මේ විදියට ශ්‍රීලනිපය කටයුතු කරද්දි සාකච්ඡා සාර්ථක වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්ද
දිලුම් අමුණුගම – එල්. ටී. ටී. ඊ එකත් එක්කත් සාකච්ඡා නම් තිබුනේ. සාකච්ඡා සාර්ථක වෙන්නත් අසාර්ථක වෙන්නත් පුලුවන්. ශ්‍රීලනිපය පිටි පස්සේ යාමේ අවශ්‍යතාවයක් අපිට නැහැ. බහුතර ජනතාව අපිත් එක්ක ඉන්න නිසා මැතිවරණ දිනන්න නම් ඒ අයට අපි පස්සේ ඒමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ දේවල් සැලකිල්ලට ගනියි සාකච්ඡා පවත්වන අය. ඒ නිසයි මම කිව්වේ සාකච්චා කරන අයට ඉතිහාසය මතක් කර ගන්න මේක හොද අවස්ථාවක්
මාධ්‍ය – සාකච්ඡාවලට සම්බන්ධ වෙන නියෝජිතයින්ට මේ සිද්ධි සම්බන්ධයෙන් දැනුම්දීලාද තියෙන්නේ.
දිලුම් අමුණුගම – එතුමන්ලාව දැන්ම්වත් කරන්න දෙයක් නැහැනේ. එතුමන්ලා පාර්ලිමේන්තුවේ හිටියානේ මේ අවස්ථාවේදී. සියලු දෙනා අයවැයට විරුද්ධව ඡන්දෙ දෙන්න පාර්ලිමේන්තු ඇවිත් පැනලි ගිය බව දැක්කනේ. අපි කියන්න අවශ්‍යයි මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඡන්දය පාවිච්චි කළා. කොන්ද තියෙන අයත් ඒ අතරේ ඉන්නවා.
මාධ්‍ය – ජනතාව පෙලන බදු ගැන කතා කරනවා. මහින්ද රාජපක්ෂ සමයේත් ඒ විදියට බදු වැඩි කළා. ඇයි මේ තරම් ජනතාව ගැන කැක්කුමක් දැන්.
දිලුම් අමුණුගම – බඩු අඩුකිරීම් වැඩි කිරීම් ඒ කාලෙත් වුනා. ඒ කාලේ වැඩි නොකළ යුතු දෙයක් අපි වැඩි කළා නම් ඒක වැරදිලි. අදත් කිරිපිටි තව රැපියල් 60කින් වැඩි වෙන්න තියෙනවා. බදු නැතිව රටකට දුවන්න බැරි බව අපි පිළිගන්නවා.දුප්පත් ජනතාවට බලපාන සියලු කාරණාවලට බදු ගහනවා. ජනතාවට ජිවත් වෙන එකෙන් වැඩක් නැති තත්ත්වයක් ඇති වෙනවා. ජනතාව යන්ත්‍රසූත්‍ර වගේ වෙනවා. අපි බදු ගත්තේ නැහැ කියන්නේ නැහැ. දුප්පත් ජනතාවට සාධාරණයක් වෙන්න අවශ්‍යයි.
රංජිත් සොයිසා – බදු සරල විය යුතුයි. වාහන වලට දුම් වියෝනය කරන බද්දකුත් අය කරනවා. කාබන් බද්දකුත් අය කරනවා. කිසිම රටකට බදු නැතිව දුවන්න බැහැ. ණය ගන්නේනැතිව රටක් ගෙනියන්න බැහැ. අපි බලයට පත්වුනත් මේ දේවල් කරනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ කිව්වේ මේ බදු සරල විය යුතු බවයි. සමහර බදු අපි අත හැරලා දැම්මා.
තාරක බාලසුරිය – අපි කතා කරන්නේ සමස්ත බදු ප්‍රතිපත්තිය ගැන.ඒ කාලේ ආර්ථික වර්ධන වේගයක් තිබුණා. අද තියෙන්නේ 3.3 ආර්ථක වර්ධනයක්. රටේ මුදල් නැහැ. ඒ වගේ අවස්ථාවක හැම ක්සේත්‍රයකින්ම බදු ගහලා ජනතාව අමාරැවේ දැමිම ගැනයි අපි කතා කරන්නේ.
මාධ්‍ය – ශ්‍රිලනීප එක්ක සම්මුතියක් තවම නැද්ද
රංජිත් සොයිසා – තවම සම්මුතියක් නැහැ. සම්මුතියක් සදහා උත්සාහ කරනවා.
මාධ්‍ය – දයාසිරි ජයසේකර උත්සාහ කරනවා ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෙක් ගේන්න.
රන්ජිත් සොයිසා – ඒක සාධාරණයිනේ.එතුමා ශ්‍රිලනීප අපෙක්ෂකයෙක් විය යුතුයි කියලා. ජනතාව කියන්නේ පොහොට්ටුව ලකුණින් පොහොට්ටුවේ කෙනෙක් ජනාධිපති කරන්න කියලා. ඒ ප්‍රකාශයේ ගැටලුවක් නැහැ. දැන් සාකච්ඡා පැවැත්වෙනවා. සම්මුතියකට ආවම ප්‍රශ්නය විසදෙනවා. බහුතර මතය ජය ගනියි.
ප්‍රශ්නය – අයවැයේදි ඇයි මේ වගේ සම්මුතියකට එලැඹුනේ නැත්තේ
රන්ජිත් සොයිසා – ඒක හෘද සාක්ෂිය පිළිබද ප්‍රශ්නයක්
දිලුම් අමුණුගම – සම්මුතියකට එළැඹිලා පැයකට කළින් පැනලා ගියා. ඒක තමයි ඇත්ත කතාව. අර සම්මුතිය ගැනත් බලන්න වෙයි සාකච්ඡා කරද්දි. ඡන්දෙට පැයකට කලින් පැනලා ගියොත් අමාරැවේ වැටෙනවා.
තාරක බාලසූරිය – ශ්‍රීලනිපයේ සමහර අය තුන්වැනි බලවේගයක් විදියට කටයුතු කලොත් ඒ අයට හැමදාම කැබිනෙට්ටුවේ ඉන්න පුලුවන් කියලා විශ්වාස කරනවා. ඒක තමයි යථාර්ථය. ඒ අය දේශපාලන ඉතිහාසය දිහා බැලුවාම ආන්ඩුවක් පෙරලන්න යද්දි බහුතරයක් ජනතාව කේන්ද්‍ර වුනේ ශක්තිමත් බලවේගයත් එක්ක. 1989 මහජන එක්සත් පෙරමුනෙන් මන්ත්‍රීවරු තුන් දෙනෙක් හිටියා. 94දි එක්කෙනෙක්වත් ආවේ නැහැ. එජාපය පරාජය කරන්න නම් පොදු ජන පෙරමුණට ඡන්දය දෙන්න අවශ්‍යයි කියලා ජනතාව තිරණය කරපු නිසයි එහෙම වුනේ.මේ අය තුන්වෙනි බලවෙග්යක් වෙනවා කිව්වාට රටේ අවශ්‍යතාවය තියෙන්නේ තියෙන්නේ ඒ අය තුන්වෙනි බලවේගය වෙන එක නෙවෙයි. මේ ආන්ඩුව පුලුවන් ඉක්මනින් ගෙදර යැවිමයි.

රටට, ජනතාවගෙන් හදපු ජනතාවගේ ප්‍රතිපත්ති මාලාවක්..

අද (13) දින පැවැති ගම සමඟ පිළිසඳරක් විශේෂ මාධ්‍ය සාකච්ඡාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගුනේ ගම් මට්ටමින්. අපි පළාත් පැලන මැතිවරණයට ගියේ පක්ෂයට අවුරුද්දක් පිරුණ අවස්ථාවක. ඒ වෙද්දි අපේ පක්ෂයට ප්‍රතිපත්තියක් හෝ අනාගත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න හැකියාවක් තිබුනේ නැහැ. අපි ජනතාවට පොරොන්දු වුනා නැවත ජනතාව ඉදිරියට එන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව හා අනාගතයේ පිහිටුවන රජයේ වැඩපිළිවෙලකුත් සමගයි කියලා. මෙය සකස් කළ යුත්තේ දේශපාලනඥයෝ හෝ පක්ෂයේ නායකයින් විසින් නෙවෙයි, ජනතාව අතරින් මේ වැඩපිළීවෙල සකස් කළ යුතු බව අපි තිරණය කළා. ජනමුල ප්‍රතිපත්ති සම්පාදනයක් සදහා පක්ෂය පහසුකම් සපයන්නෙක් පමණක් විය යුතුයි කියලා අපි එකගතාවයට ආවා. වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් , ව්‍යාපාරික ප්‍රජාව මේ ප්‍රතිපත්ති මාලාව සම්පාදනය කරන්න එකතු කරගැනීමට අපි තීරණය කළා.
අපිට ගම් 36000ක් තියෙනවා. ජනශූන්‍ය ගම්මාන අතහැරියාම ග්‍රාම නිලධාරී වසම් 14000ටම ගිහින් ගම් 25000ජනතාව මුණ ගැහෙනවා. ඒ සදහා ගම සමග පිළිසදරක් කියලා වැඩපිළිවෙලක් සකස් කළා. එය සම්ප්‍රධායෙන් ටිකක් බැහැර වුනු වැඩපිළිවෙලක්.අපේ පක්ෂයේ ක්‍රියාකාරිකයින්ට පමණක් සීමා නොවී පක්ෂය පහසුකම් සපයන්නෙක් විදියට සිටිමින් පක්ෂභේදයෙන් තොරව ජනතා අදහස් ලබා ගැනීමයි අපේ බලාපොරොත්තුව.
අපි ජනතාව එක්ක වැව් අමුණු පවා බලන්න ගියා. ගම ඇතුලේ ජනතාවට තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් විමසීමක් මෙහිදි සිද්ධ වෙනවා. මෙහිදී ගමේ ජනතාව අතරින් මාර්ග සංවර්ධනය, ජල පහසුකම්, විදුලිය , පොදු පහසුකම් , ඇල වේලි අමුණු ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණය කිරිම් වගේම ගමේ ආර්ථිකය දියුණු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වුනා.ගමේ ආවේණික කර්මාන්ත වැඩිදියුණු කිරීම වගේම නව කර්මාන්ත ඇති කිරීම මගින් නව රැකියා උත්පාදනයකිරිම ගැනත් ජනතාවඅතරින් අදහස් ඉදිරිපත් වුනා.ඒ විතරක් නෙවෙයි. ගමේ සංවර්ධනයට බාධාවක් වී ඇති ගංවතුර ගැලීම්, නායයෑම්, වැනි විපත්වලට විසදුමක් ලබාගැනීම, ගමේ පිහිටීමේ භූ විෂමතා අනුව පරිපාලන වහයෙන් මුහුණපෑමට සිදුව ඇති ගැටලු මෙන්ම යම් යම් පුද්ගලයින්ගෙන් සිදුවන බැධා සම්බන්ධයෙනුත් ජනතාව අදහස් දක්වමින් තිබෙනවා.
මේ විදියට අපි හැම ගමකටම ගිහින් ආකෘති පත් තුනක් පුරවනවා. පළවැනි ආකෘති පත්‍රය ගමේ සමාජයිය ආර්ථික භූගෝලීය පසුබිම, ජාතික අදහස් වගේම ගමේ දේශපාලන පසුබිම් වාර්තාවකුත් ගන්නවා. මේ විදියට ජනතා අදහස් ගන්න අතරේ රටේ වෘත්තීය සමිති නායකයින්, විද්වතුන්, පුද්ගලික අංශයේ අයගෙන් විශේෂඥ කමිටු පිහිටුවලා අදහස් ගන්නවා.
ඉතිහාසයේ අපේ ගම පදනම්ව පැවැති සමාජීයය තත්ත්වයත් ආර්ථික තත්ත්වයත් බ්‍රිතාන්‍යය යුගයේ සිට වෙනස් වුනා. වෙල්ලස්ස කැරැල්ලෙන් පස්සේ අපේ ආර්ථිකය විනාශ කළා. ඊට පස්සේ ඩි.එස් සේනානයක කාලයේ ජනපද,බණ්ඩාරනායක මහත්තයාගේ කාලයේ ජනපද පුලුල් කිරීම, ගම්උදාව, අපේ ගම නැගුම, මේ ආණ්ඩුවේ ගම්පෙරළිය වගේ දේවල් සිදුවුනා. අපි ගම දියුණු කිරීමටත් ජනතාවගේ අදහස් ගන්නවා වගේම ඉඩම් ප්‍රශ්නය විසදන්න අවශයයි. වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රශ්නත් විසදන්න තියෙනවා. මේ සියල්ල සම්බන්ධයෙන් විශේෂඥ අදහස් ගන්නවා.මේ ප්‍රතිපත්තිය සැකසීමේදී අපේ පක්ෂය පහසුකම් සපයන්නා විදියට කටයුතු කරනවා වගේම පසුව අපේ ජනාධිපතිවරයෙක් හා රජයක් පිහිටුවීමෙන් පස්සේ එය ක්‍රියාත්මක කිරීමට අපේ පක්ෂය දේශපාලන නායකත්වය දෙනවා. බොහෝ මැතිවරණ ප්‍රකාශන ජනතාවට ඉදිරිපත් කළාට ආන්ඩු බිහිවීමෙන් පස්සේ මැතිවරණ ප්‍රකාශන ක්‍රියාත්මක වුනේ නැහැ. ඒ අතින් මහින්ද චින්තන වැඩපිළීවෙල සම්බන්ධයෙන් ආඩම්බර විය හැකියි. සහෝදර පක්ෂ එක්ක එකතු වෙලයි ඒක හැදුවේ. මැතිවරණයෙන් පස්සේ රටේ ප්‍රතිපත්ති මාලාව ලෙස සලකලා මහින්ද චින්තනය ක්‍රියාත්මක කළා. අපිට සමහරක් ක්‍රියාත්මක කරන්න බැරිවුනා. නමුත් ප්‍රතිශතයක් ලෙස අපි වැඩි කොටසක් ක්‍රියාත්මක කළා.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර මේ ක්‍රියාවලියට ජනතාව සම්බන්ධ කර ගැනීම අවශ්‍යයි. අපි පළවෙනි අධියර විදියට පළාත් පාලන හා පළාත් සභා මන්ත්‍රීවරු දැනුවත් කළා. ඊට පස්සේ අපේ වෘත්තීය සමිති අනු සංවිධාන දැනුම්වත් කළා. දෙවැනි වටය මේ මාසයේ 16,17,23,24,30,31 දිනවල යාපනය හා මඩකලපුව හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 20 පුරා පළාත් පාලන ආයතන 286ක අපේ ක්‍රියාකාරීන් දැනුම්වත් කරනවා. ඒකියන්නේ ග්‍රාම සේවා වසම් 12468 අපේ ක්‍රියාකාරිකයින් දැනුම්වත් කරන්න රැස්විම් 511ක් කරනවා. පළවෙනි සති අන්තයේ රැස්විම් 126ක්, දෙවැනි සති අන්තයේ රැස්විම් 195ක්, අවසන් සතියේ තවත් රැස්වීම් 134ක් පැවැත්වෙනවා. තවම දින නියම නොවුනු ස්ථාන 16කුත් තියෙනවා. අපේ ක්‍රියාදරයින් වගේම ග්‍රාමිය නායකයින් , පූජ්‍ය පක්ෂය, ගමේ ග්‍රාම නිලධාරී, කෘෂි පර්යේෂණ නිලධාරී වගේ නිලධාරින්වත් සහභාගි කර ගන්නවා.
පුද්ගලික අංශය , වෘත්තීය අංශ, වෘත්තීයවේදීන් වැනි සියලු කොටස් මෙයට සහභාගි කර ගැනීමට අවශ්‍යයි. සිවිල් සමාජයේ විවිධ විෂයන් ගැන, පරිසරය, සත්ව ආදී ක්ෂේත්‍ර ගැන විශේෂයෙන් අවධානය යොමු විය යුතු අංශ ගැන අවධානය යොමු කරන අංශවලටත් අපි එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

මාධ්‍ය – අයවැයට පක්ෂව ඒකාබද්ධ විපක්ෂය ඡන්දය දුන්නා. නමුත් ශ්‍රීලනීපය ඡන්දය නොදී ඉවත් වෙලා හිටියා. ශ්‍රීලනීපය හා පොදුජන පෙරමුණ එකමුත් බවයි ජනතාව හිතන්නේ. මෙතනදි සිද්ධ වුනේ පරස්පර සිද්ධියක් නේද
බැසිල් රාජපක්ෂ – ඡන්දය නොදී හිටිය අයගෙන් මේ සම්බන්ධයෙන් අහන්න අවශ්‍යයි. මතවාදීව එකතු විම තුළිනුයි සමගියක් ඇති වෙන්නේ.

මාධ්‍ය – තවම එවැනි එකතු විමක් සම්බන්ධයෙන් සාකච්ඡා වෙන්නේ නැද්ද
බැසිල් රාජපක්ෂ – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් 14 වැනිදා සාකච්ඡා අරඹනවා. ඒ සාකච්ඡා අරඹන්නේ විවෘත මනසකින්.

මාධ්‍ය – මේ වැඩසටහන ඇයි උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ව්‍යාප්ත නොවන්නේ.
බැසිල් රාජපක්ෂ – උතුරු නැගෙනහිරට වැඩපිීලවෙල ගෙනියන්න හරිම කැමැතියි. එයයි විය යුත්තේත්. අපි අරඹන්න සතුටුයි. නමුත් අපි ඇත්ත පිලිගන්න අවශ්‍යයි. අපේ පක්ෂය රට පුරාම ව්‍යාප්ත කරන්න හිතුවත් පසුගිය මැතිවරණය බැලුවම ඒ ප්‍රදේශවලින් අපේ පක්ෂයට නිසි නියෝජනයක් ලැබිලා නැහැ. මේ විදියට වැඩපිළීවෙල ආරම්භ කරලා ඉදිරියට ගෙන යනවා. මේ වෙද්දි මඩකලපුවට වැඩපිළීවෙල ගෙන ගිහින් තියෙනවා. ඉදිරි මාස තුනේදී උතුරු නැගෙනහිර ජනතාවගේ අදහස් ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මෙතෙක් පැවැති සියලු ආන්ඩුවලට ඒ ජනතාවගේ අදහස් ලබා ගන්න හැකි වුනේ නැහැ. අපේ පක්ෂය හැම වෙලාවෙම වැඩිදෙනෙක්ට සේවය කරනවා වෙනුවට හැම දෙනෙක්ටම සේවය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.

මාධ්‍ය – මේ වැඩපිළිවෙලෙන් බලාපොරොත්තු වන ඉලක්කය මොකක්ද
බැසිල් රාජපක්ෂ – මේ රටට , ජනතාවගෙන් හදපු ජනතාවගේ ප්‍රතිපත්ති මාලාවක් සකසා ගැනීමයි.

මාධ්‍ය – මොනතරම් කාලයකින්ද මේ වැඩපිීලවෙල අවසන් වෙන්නේ.
බැසිල් රාජපක්ෂ – ඡන්දයක් ඉක්මනින් එන නිසා ජුනි මාසය වෙද්දි මෙය සකසන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි ඡන්දයකට ජනතාව ඉදිරියට යන්නේ ප්‍රතිපත්තියත් එක්කයි. මැතිවරණ ප්‍රකාශයක් එළි දක්වන්නේ නම් මැතිවරණයකදියි. නමුත් අපේ ප්‍රතිපත්ති මාලාව රටේ ජාතික ප්‍රතිපත්තියක් විදියට පත්කර ගැනීමයි අවශ්‍ය.

මාධ්‍ය – ඉකිමනින් ඡන්දයක් එන බව ඔබ කිව්වාත මොන මැතිවරණයද එන්නේ
බැසිල් රාජපක්ෂ – නිත්‍යාණුකූලව නම් පළාත් සභා මැතිවරණය එන්න අවශ්‍යයි. මේ වෙද්දි පළාත් සභා පවත්වන කාලය පසුවෙලා තියෙන්නේ. දෙසැම්බර් වෙන්න කලින් අනිවාර්යයෙන් ජනාධිපතිවරණය තියන්න වෙනවා. ඔක්තෝම්බර් 05 වෙද්දි මැතිවරණය ප්‍රකාශයට පත්කරන්න වෙනවා. ඒ අනුව පළාත් සභා මැතිවරණයට පස්සේ නීත්‍යාණුකූලව තියන්න තියෙන්නේ ජනාධීපතිවරණය. ඊළගට ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව අනුව අනිවාර්යයෙන්ම තුනෙන් දෙකේ යෝජනාවක් සම්මත නොවුනොත් අන්තිමට එන්නේ පාර්ලිමේන්තු මැතිවරනයයි.නිත්‍යාණුකූලව පළාත් සභා මැතිවරණය තියන්න තිබුණත් මේ අය තියයි කියලා හිතන්නේ නැහැ. ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය අධීකරණය හරහා හරි ලබා ගන්න අපි උත්සාහ කරනවා. අපි හිතනවා අලුත් ජනවරමකින් පත්වෙන අපේ අලුත් ජනාධිපතිවරයා ජනතාව ඉදිරියට ජනමත විමසුම් කිහිපයක් ගෙන යයි කියලා. අපි අලුතින් පත්වෙන ජනාධිපතිවරයාගෙන් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම සදහා ඉල්ලීම් කිහිපයක් කරනවා. රටට ගැලපෙන ඡන්ද ක්‍රමය, පාලන ක්‍රමය, එය විධායක ජනාධීපතික්‍රමයක්ද, පාර්ලිමේන්තු විධායක ක්‍රමයක්ද, බලය බෙදීමේ කේන්ද්‍රය ගමද, දිස්ත්‍රික්කයද පළාතද වැනි ප්‍රශ්න ජනතාවට දීලා පසුව ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැදීම සුදුසුබවයි අපි හිතන්නේ.

මාධ්‍ය – අනෙක් පක්ෂවලින් ලැබෙන්නේ මොන වගේ සහායක්ද
බැසිල් රාජපක්ෂ – අපි මේ වැඩපිළීවෙල කරන්නේ පක්ෂ විදියට නෙවෙයි. අපි පහසුකාරකයෙක් විදියටයි කටයුතු කරන්නේ. ගම සමග පිළිසදරක් වැඩපිළීවෙලට සියලු පක්ෂවලට ආරාධනා කරනවා. අපිත් එක්ක ඉන්න අනෙක් සහෝදර පක්ෂ සෑහෙන්න පැරණියි. ඒ පක්ෂවලට හදපු ප්‍රතිපත්ති තියෙනවා.

මාධ්‍ය – ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වියයුතු බව ඔබ හිතනවා
බැසිල් රාජපක්ෂ – ජනවරමක් තියෙන පක්ෂයකින් විය යුතුයි.

මාධ්‍ය – වත්මන් ආන්ඩුවත් ව්‍යවස්ථා සංශෝධනය සදහා සුදානම් වුනා.
බැසිල් රාජපක්ෂ -අපි කියන්නේ ජනතාවගෙන් මුලින් අහන්න අවශ්‍යයි කියලයි. ඒ ක්‍රියාවලිය ආරම්භයේ සිටම දෙපැත්තේම ජනතාව මුලාකිරීමයි වුනේ. බිත්තර නොදා කෑ ගහන කිකිළියොත් ඉන්නවානේ. ඒ වගේ කෙකර ගෑවා විතරයි.

මාධ්‍ය – එජාපය තමන්ගේ නායකයා ජනාධිපතිවරණයට එවනබව මේ වෙද්දි ප්‍රකාශ කරලා තියෙනවා. ඔබතුමන්ලාගෙන් කවුද
බැසිල් රාජපක්ෂ – අපි පක්ෂයක් විදියට තින්දු කලේ මහින්ද රාජපක්ෂ මහතාවයි. අපිට එතුමාව පත්කර ගන්න තිබුණා නම් හොදයි. එතුමාට නිතියෙන් බාධාවක් තිබුනොත් එතුමා හොද කෙනෙක් පත්කරයි.

මාධ්‍ය – මේ වෙද්දි රාජපක්ෂවරයෙක්ගේ නාමයක් යෝජනාවෙන්නේ නැති බවට රාවයක් තියෙනවා.
බැසිල් රාජපක්ෂ – ඒත් ප්‍රශ්නයක් නැහැ. රාජපක්ෂවරු තින්දු කලොත් ඒ රාජපක්ෂ කවුද කියන එකත් එතුමා තින්දු කරලා තියෙන්නේ. රාජපක්ෂ නොවන කෙනෙක් දැම්මොත් එතුමා කියන කෙනෙක් වෙනුවෙන් අපි වැඩ කරනවා.

මාධ්‍ය – රාජපක්ෂ නොවන කෙනෙක් නම් කවුද සුදුසු
බැසිල් රාජපක්ෂ – ඒක මට තොරන්න බැහැනේ. ඒක මහින්ද රාජපක්ෂ ජනාධීපතිතුමා කරයි.

මාධ්‍ය – වත්මන් ජනාධිපතිතුමාට නැවත අපෙක්ෂකත්වයට එන්න බාධාවක් නැහැ නේද
බැසිල් රාජපක්ෂ – අපේ පක්ෂයේ සාමාජිකත්වය ලේසියෙන් ගන්න බැහැ. පළවෙනි වටයේ සාමාජිකත්වය බොහොම ලේසියෙන් දුන්නා. දැන් ලේසි නැහැ. අරම්භක සාමාජික පෝරමය දැන්දෙන්නේ නැහැ. දැන් දෙන්නෙක්වත් නිර්දේශ කරන්න වෙනවා. එහෙම දෙන්නෙතක් සොයා ගන්න පුලුවන් කමක් නැහැ.

මාධ්‍ය – පහුගිය කාලයේ ඔබගේ නමත් යෝජනා වුනා.
බැසිල් රාජපක්ෂ – මගේ නම කවදාවත්යෝජනා වුනේ නැහැ. නාමයොජනා පත්‍රයේ අපේක්ෂකයාගේ කැමැත්ත දෙනවා කියලා අත්සන් කරන්න තැනක් තියෙනවා.

මාධ්‍ය – ‌මේ වෙද්දි ගොඩනැගෙමින් තිබෙන සංධානය වත්මන් ජනාධිපතිවරයාව යෝජනා කලොත්
බැසිල් රාජපක්ෂ -මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වොත් හා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි බලන්න අවශ්‍ය වෙන්නේ ජනතාව කියන දෙයයි. අවසානයේ අපි යන්නේ ඡන්දයකට නිසා දිනන්න පුලුවන් කෙනෙක් දාන්නත් වෙනවා.

මාධ්‍ය – ගම සමග පිළීසදරක් වැඩසටහනේදි මීළග ජනාධිපතිවරයා ගැනත් සාකච්ඡා වෙනාවද
බැසිල් රාජපක්ෂ – නැහැ. ඒක පක්ෂය සාකච්ඡා කරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි සුදුස්සා. එතුමාට එන්න බැරි නම් සුදුසු කෙනො එතුමාම තීරණය කරයි. තව සහෝදර පක්ෂ තියෙනවා. අපි පළාත් පාලන මැතිවරනයට ඉල්ලුවෙත් සන්ධානයෙන්. නිල වශයෙන් පක්ෂ 29ක් අපිත් එක්ක හිටියා. විශෞෂයෙන් ලංකා සමසමාජ පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්තුවාදි වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ වගේපක්ෂත් එක්කයි අපි ඉල්ලුවේ. ඒවායේ නගරාධිපතිවරු පවා ඉන්නවා. නමුත් පොහොට්ටුවෙන් ඉල්ලුවේ.

මාධ්‍ය – සන්ධානය ගොඩනැගීමට පැවැති සාකච්ඡා සදහා ඔබතුමා සහභාගි වෙනවා අපි දැක්කේ නැහැ.
බැසිල් රාජපක්ෂ – අපේ පක්ෂය නිල වශයෙන් සාකච්ඡා අරඹන්නේ 14 වැනිදා.අපේ පරමාදර්ශී නායකයාට සාමාජිකත්වය ගන්න බැරි වුනත් දේශපාලන වශයෙන් අපි එක්ක වැඩ කරනවා. පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීවරු නැහැ. නමුත් අපිට අදව් කරනවා.

මාධ්‍ය –
බැසිල් රාජපක්ෂ – තින්දුව අරන් ජාතික සම්මේලනයට දාලා අපේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතුයි. මුල් බීජය ඇති වෙන්නේ එතුමාගෙන්.

මාධ්‍ය – දිගින් දිගටම මහින්ද රාජපක්ෂ මහතා ගන්න තින්දුවට එකග බවයි ඔබලා කියන්නේ
බැසිල් රාජපක්ෂ – ඔව්. ජනතාව එතුමාවයි නායකත්වයට අවශ්‍ය බව කියන්නේ. මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසිකරලයි ජේ. ආර් ජයවර්ධන මහතා ජනාධිපතිවරණයට මුහුණ දුන්නේ. රේසි එකේ අනික් තරගකරුවා ඉවත් කරලා. ඒ නිසා අපි පිහිටුවන ආන්ඩුවක් පිහිටුවන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමගේ නායකත්වයෙන්.ජනතාවගේ බලාපොරොත්තුව ඒකයි.

මාධ්‍ය – ඔබතුමා ඉදිරියේදි පාර්ලිමේන්තුවට එනවාද
බැසිල් රාජපක්ෂ – එන්න විදියක් නැහැනේ. 19න් මාව එළියට දැම්මානේ. 19 කියන එක ගලෙන් හතරදෙනෙක්ට ගැහුවා.

මාධ්‍ය – 2019 ජනාධිපතිවරණයෙන් ඔබ පාර්ශවය ජයගන්න නම් ශ්‍රලනිප හා පොහොට්ටුව එකතු වෙන්න අවශ්‍යද.
බැසිල් රාජපක්ෂ – මැතිවරණයකට යද්දි කිසිවෙක් දිනන් බැරි බව කියන්නේ නැහැ. ස්වාධිනයි කියපු ආයතනයක් සහ පොලීසිය කරපු සමික්ෂණයකින් පළාත් පාලන මැතිවරණයට පෙර කිව්වේ අපි දිනන් ආයතන 40ක් බවයි. ඒ වගේ ඡන්දයකියන දේ ජනතාව අතේ තියෙන්නේ. නමුත් අපි දිනන කොට්ඨාශ ගණනත් මම දින තුනකට පෙර කිව්වා. ඒ වගේ අපි විශෟවාසයෙන් කියනවා ජනතාව අපි කෙරෙහි විශ්වාසය තියයි කියලා

මාධ්‍ය – ජනාධිපතිවරණය තනිවම දිනන්න පුලුවන්ද
බැසිල් රාජපක්ෂ – දැන්ම කියන්න හොද නැහැ

මාධ්‍ය – ජනාධිපතිවරණය නොසලකා හැරලාද ඉන්නේ
බැසිල් රාජපක්ෂ- නැහැ. නැහැ. මේක තමයි ප්‍රධාන මැතිවරණය. මේක අපි අනිවාර්යයෙන්ම දිනනවා.

මාධ්‍ය – දෙපැත්තේ අය කරන ප්‍රකාශ දිහා බැලුවාම එන්න එන්න විරසක වෙන බවයි පේන්නේ
බැසිල් රාජපක්ෂ – අපි ඈත් වෙලා වෙන වෙනමදින්නා. දැන් එන්න එන්න ළං වේගෙන යනවා වගේ මට පේන්නේ.

මාධ්‍ය – තදින් ප්‍රහාර එල්ල කරන බවක්නේ පේන්නේ.
බැසිල් රාජපක්ෂ – දැන් කපු මහත්තරු ඇවිත් කේන්දර බලලා වැඩේ යනවා. හිටපු ගමන් දෑවැද්ද මදි කියලා පොඩි පොඩි ප්‍රශ්න වෙනවා. ඒවගේ දෙයක් තමයි වුනේ

මාධ්‍ය – සතියකට කලින් ඇමරිකන් තානාපතිවරිය උතුරට ගිහින් පළාලි ගුවන් තොටුපල ගැන සමික්ෂණය කරලා සංවර්ධනය වෙන්න තියෙන සිතියම් පවා පරීක්ෂා කළා. එහෙම කරන්න ඒ අයට අයිතියක් තියෙනවාද
බැසිල් රාජපක්ෂ – මේක අද ඊයේ වුනු දෙයක් නෙවෙයි. මහින්ද ජනාධිපතිතුමා බලයට එද්දි ගිවිසුම් රාශියක් තිබුණා. සටන් විරාම ගිවිසුම කිලිනොච්චිය අල්ල ගන්නකල් අවසන් කරන්න බැරිවුනා. ඒකාලේ සටන් විරාම නිරීක්ෂණ කණ්ඩායම් හිටියා. සම සභාපතිවරු හිටියා. ඔවුන්ගෙන් අහන්නේ නැතිව මොකුත් කරන්න බැරුව ගියා. රතු කුරුසේ අය හිටියා. උසාවියටවත් නැති බලතල තිබුණා. පුද්ගලික ගෙයක් වුනත් පරික්ෂා කරන්න හැකියාව තිබුණා. හමුදා කදවුරුවලට ඇතුල් වෙලා පරික්ෂා කරපු අවස්ථාත් තිබුනා. ඒ හැමදේකින්ම නිදහස් කරගෙනයි 2015 රට භාර දුන්නේ. දැන් නයෙක් දාගෙන කෑවෝ කෑවෝ කියනවා.

ජිනිවා කොමිෂමට සමඅනුග්‍රහය දැක්වීමේ ප්‍රතිඵලය අද අපි විදිනවා..

අද (12) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
මේ රජයට මැතිවරණ අයවැයක්වත් ඉදිරිපත් කර ගන්න බැරි වුනා. 2018 ඉදිරිපත් කරපු හරිත අයවැයෙන් සියයට 30ක් යෝජනා ක්‍රියාත්මක කලේ නැහැ. 2018 වසරේ අද්ධමනය වැඩි වෙලා ජනතාව පීඩනයට ලක්වුනා. 2019 අයවැය එන්ටර්ප්‍රයිස් අයවැයක් ලෙස සදහන් කරලා තියෙනවා. මේ අයවැයෙන් මිනිස්සුන්ට නොදැනෙන ලෙස 38 වැනි පිටුවේ 205 යටතේ 2005 සිට මෙතෙක් වැඩිනොකළ සියලු බදු වැඩිකරන්න තීන්දු කරලා. මේ බදු වර්ග මොනවාද කියලා සදහන් කරන්න කිව්වාම උත්තර දුන්නේ ඒවා ගැසට් පත්‍රයක් මගින් පසුව ප්‍රකාශ කරන බවයි. ඒ කියන්නේ ආන්ඩුවේ අයකිරිම් සිට සියලු දේ මිල වැඩිවෙනවා. සමෘද්ධිය ලක්ෂ හයකට වැඩි කරන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මගින් කමිටු දාලා පරික්ෂණ කරලා ඒවා නැවත ප්‍රාදේශීය ලේකම්ට එවලා සමෘද්ධි කොමසාරිස්ට යවලා ඔය ටික කරන කොට මේ ආන්ඩුව බලයේ නැහැ. ඔක්තෝම්බර් මාසය වෙද්දි ජනාධිපතිවරණය
ප්‍රකාශයට පත්කළාම කීසිම සහනාදාරයක් ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ නිසා මේක අසාර්ථක අයවැයක්. මධ්‍යම අධීවේගය වසර හතරහාමාරක් හදාගන්න බැරි ආන්ඩුව රුවන්පුර අධීවේගී මාර්ගයක් ගැන කතා කරනවා.ඒ එක්කම රන් මාවත කියලා මිලියන 10000ක් වෙන් කරලා තියෙනවා. ලංකාවේ ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම් පහම මහාමාර්ග අධිකාරියේ මුදල් නොගෙවිම නිසා කඩාවැටිලා තියෙන්නේ. ඒවාට බිලියන ගානක් මුදල් ගෙවන්න තියෙනවා. එහෙම නම් රන්මාවතේ වැඩටිකකරන්නේ කොහොමද. මේ අයවැයේ තියෙන යෝජනා ක්‍රියාත්මක කරන්න පුලුවන් තත්ත්වයක් නැහැ. මේ අයවැය ඉදිරිපත් කරද්දි ජනතාවට සහන කිහිපයක් හෝ ලබාදෙයි කියලා අපි හිතුවේ. රජයේ සේවකයින්ට වැඩිකරපු 2500ක්‍රියාත්මක වෙන්නේ ජුලි මාසේ 01 වැනිදා ඉදලයි. නමුත් බදු ක්‍රියාත්මක වෙන්නේ මාර්තු ඉදන්. පුද්ගලික අංශයට කිසිම පඩි වැඩිවීමක් නැහැ. 2500 වැඩිවෙද්දි බදු මුදල්වලට රජයේ සේවකයෝ 5000ක් වැය කරලා ඉවරයි. මුදල් ඇමැතිතුමා මැතිවරණයක් ගැනත් කියලා තියෙනවා. ඒ කියන්නේ මේ යෝජනා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මහ මැතිවරණයකට යන්නයි.
ජිනිවා මානව හිමිකම් කොමිෂම ඉදිරියට ගිහින් 30.1ට සමඅනුග්‍රහය දැක්වීමේ ප්‍රතිඵලය අද අපි විදිනවා. ශවේන්ද්‍ර සිල්වා මාණ්ඩලික ප්‍රධානි විදියට පත්කරද්දි ජිනීවා කොමිෂමේ මහ කොමසාරිස්වරිය අහනවා එයාව කොහොමද පත්කරන්නේ කියලා. රටේ අභ්‍යන්තර පත්කිරීමකට ඇගිල්ල දිගු කරනවා. ජිනීවා මානව හිමිකම් කොමිෂමට කලින් වසන්ත කරන්නාගොඩ අත් අඩංගුවට ගන්න හැදුවා. එතුමා උසාවි ගිහින් අත් අඩංගුවට ගැනීම නතර කර ගත්තේ. ඒකට උපක්‍රම විදියට නාවික හමුදා කදවුරේදි අතුරුදන් වූවා කියලා අපරාධ පරික්ෂණයේ ක්‍රිෂාන්ත සිල්වා ජිනීවා නිලධාරීන් එක්ක ඇටකටු අරන් ගිහින් පෙන්වූවා. අන්තමට කාබන් පරික්ෂණ වාර්තාවෙන් ඒවා සත්තුන්ගේ ඇටකටු කියලා කිව්වා. මන්නාරමේ මිනීවල හාරලා ඇටකටු ගෙන ගියාම ඇමරිකාවේ කරපු පරික්ෂණවලින් ඒකත් ප්‍රතික්ෂේප වුනා.
ජිනීවා සමුලුව ආසන්නයේ මේ කතන්දර ගෙනත් අපිට පීඩනයක් කරන්න බලන්නේ. ජනාධිපතිතුමා කොමිෂමට තුන් දෙනෙක් යවනවා. අගමැතියි විදේශ කටයුතු අමාත්‍යංශයයි එක ප්‍රකාශයක් කරනවා. ඒක ජනාධිපතිතුමා පිළීගන්නේ නැහැ. ආන්ඩුව හිරවෙලා. වසර දෙකහමාරක් කල් ඉල්ලනවා. දින 52ක් තුල නිති සම්මත කරන්න බැරිවුන නිසයි කල් ඉල්ලන්නේ කියලා ලිපියකින් දන්වලා තියෙනවා. ජිනිවා යෝජනාවලට එකගයි කියලා ජනතාවට කියන්න බැහැ. ජන්දයකින් පස්සේ ආන්ඩුවක් හදාගෙන කැමැති විදියට වැඩ කරන්නයි ඒ අය සුදානම් වෙන්නේ. ජාත්‍යන්තරය සනස සනස අවුරුදු දෙකහමාරක් මැතිවරණයකට යන තෙක් මේක ගෙනියන්නයි ආන්ඩුව මේ උත්සාහ කරන්නේ. දෙමල ජාතික සන්ධානය මන්නාරම් ඇටකටු වෙනත් තැනකින් නැවත පරික්ෂා කරන්න අවශ්‍ය බව කියද්දි මහ කොමසාරිස්වරිය කියනවා හයිබ්‍රිඩ් අධිකරණයක් ගේන්න අවශ්‍යයිලු. පාර්ලිමේන්තුවේදි කිරිඇල්ල මහත්තයා කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්න දෙයක් නැහැ. අපිත් හයිබ්‍රිඩ් අධිකරණයට විරුද්ධයි කියලා. අද කොමසාරිස්වරිය කියනවා හයිබ්‍රිඩ් අධිකරණයක් අවශ්‍යයි කියලා. අද න්‍යාය පත්‍රකිහියක් ක්‍රියාත්මක වෙනවා. මානව හිමිකම් කොමිෂමේ සාකච්ඡාවලට රජය අනියම් ආකාරයෙන් සහාය දැක්වීම නිසා ජනාධිපතිතුමා ට නියෝජතයින් තුන්දෙනෙක් යවන්න වෙලා තියෙනවා. ඇමරිකාව මානව හිමිකම් කොමිෂමෙන් ඉවත් වෙලා තියෙද්දිත් අපි බ්‍රිතාන්‍යයත් එක්ක එකතුවෙලා වැඩකරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය කියන්නේ. ජාත්‍යන්තරය සනසනවා මිස රටේ මිනිස්සුන්‌ගේ ප්‍රශ්න විසදන්නේ නැති මේ ආන්ඩුව වහාම ගෙදර යන්න අවශයයි. රටේ ආර්ථිකය කඩා වැටීම ආදි මේ දේ නිසා රට තියෙන්නේ අර්බුදයකට මැදිවෙලා.මේ අරුබ්දය ගැන ජනතාව කල්පනාවෙන් ඉන්න අවශ්‍යයි. ඡන්ද විමසීමකට යන්න විවිධ දේ දෙන්න වෙලා. කල්මුනේට වෙනම දිසාපති කාර්යාලයක් ඉල්ලනවා. මේ ප්‍රශ්න ටික විසදුවේ නැත්නම් තවත් ඉල්ලීම් තියෙනවා කියනවා.මේ වගේ අවිනිශ්චිත තත්ත්වයක්තියෙන නිසයි මුදල් ඇමැතිතුමා මහ මැතිවරණයක් කලින් එන්න ඉඩතියෙනවා කියන්නේ. මිනිස්සුන්ගේ පීඩනය ඒ ආකාරයෙන්මයි. අද වෙද්දි කරුංකා ගම්මිරිස් වලට සහතිකය නොදීම නිසා කන්ටේනර් 138ක් වරායේ හිරවෙලා.නිත්‍යාණුකූලව යවන අයටවත් තමන්ගේ නිෂෟපාදනය යවා ගන්න බැරි වෙලා තියෙන්නේ. රාජ්‍ය ආදායම අනුව මේ අය කොහොම කටයුතු කරයිද් කියලා හිතා ගන්නවත් බැහැ. අයැවැය පරතරය පියවන්න විතරක් රුපියල් බිලියන 2409ක් අවශ්‍යයි. අසාර්ථක ආන්ඩුවක අසාර්ථක අයවැයක් නිමවෙමින් පවතින්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා
පසුගිය රජය ගත්ත ණය නිසා රට ණය උගුලක හිරවෙලා තියෙන බවට මිථ්‍යා මතයක් මේ රජය වපුරවලා තිබෙනවා. ඒක සම්පූර්ණ අසත්‍යයකි. 2005දි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවෙද්දි ණය වශයෙන් තිබුනේ රුපියල් බිලියන 2222යි. එතුමා 2009 යුද්ධය කරලා, පාරවල් හදලා, ගුවන්තොටුපළවල් හදලා කෘෂිකර්මාන්තයට සේවයක් කරලා අවසානයේ රුපියල් බිලියන 7000යි ණය තිබුනේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ සමයේ ණය බර වැඩිවුනේ රුපියල් බිලියන 5000කින් විතරයි. මේ ආන්ඩුවේ අයවැය ඉදිරිපත් කරන මොහොත වෙද්දි රුපියල් බිලියන 12000ක් වෙලා ණය බර. ඒ කියන්න්නේ මේ ආන්ඩුව බලයට පත්වුනාට පස්සේ රුපියල් බිලියන 7000කින් ණය බර වැඩිවෙලා. 2018 වසරේ විතරක් ඩොලර් බිලියන දෙකහමාරක ණය අරන් තියෙන්නේ සියයට හයහමාර, හතහමාර පොලියට අරන්. දැන් සියයට හතහමාරයි අටහමාරයි අතර පොලියකට අලුතෙන් ණය ගන්න සූදානම් වෙනවා. ප්‍රධන දේ එජාපයේ අමනෝඥ ක්‍රියාවලිය හා ආර්ථික හැසිරවීමේ ක්‍රමවේදය. ග්‍රාමිය වශයෙන් දුප්පත්කම වැඩිවෙලා.
ලියාපදිංචි සියලු කොමිපැණිවලින් රුපියල් 30000බැගිනුත්, අනෙක් කොම්පැනිවලින් රුපියල් ලක්ෂ පහලවකුත් , අනෙකුත් සමාගම් වලින් රුපියල් දෙලක්ෂ පනස්දහසක් බැගිනුත් අය කරන්න අදහස් කරලා තියෙනවා. ඒ අනුව කොමිපැනිවලට පනවලා තියෙන නව බද්දෙන් විතරක් රුපියල් බිලියන 4600ක් විතර අලුත් මුදලක් ලැබෙනවා. වාර්ෂාක අලුත් කිරීමේ බද්දට අමතරවයි මේ බද්ද අය කරන්නේ. මේ නිසා කර්මාන්ත කඩා වැටෙන්න ගන්නවා. බැංකු ව්‍යාපාර ප්‍රශ්නවලට මුහුණපාලා. ආර්ථකය යහපත් වෙයි කියලා විශ්වාස කරන්න නම් බැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා
ජනාධීපතිතුමා කෝටි 100 වි මිලදි ගන්න අනුමත වුන බව කිව්වා. මේ වෙද්දි මාස දෙකක් විතර වෙනවා. මේ පාර අස්වැන්න බලපුවාම මම නියෝජනය කරන ආසනයේ වි අස්වැන්න මිලදී ගැනීමටත් මේ කෝටි 100 මදි. ඒ කෝටි 100 වි ටිකවත් වී අලෙවි මණ්ඩලයට ගන්න බැරි වෙන්න හේතුව නාඩු කිලෝව 38ක් හා සම්බා කිලෝව 41ක් වීම. අපි ගණන් හැදුවාම සම්බා කිලෝවක් නිෂ්පාදනය කරන්නම රුපියල් 42ක් යනවා. ඒ කියන්නේ 41ට දුන්නාම රුපියලක් පාඩුයි. ඒ වගේම නාඩු කිලෝවක් නිෂ්පාදනය කරන්න 40ක් පමණ වැය වෙනවා. මේ නිසා වි අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා ස්ථානවලට ගොවීන් යන්නේ නැහැ. තඹුත්තේගම වී අලෙවි මණ්ඩලයේ ගබඩාවට තවම ගොවින් පස්දෙනෙක් වී ගෙනත් නැහැ. පුද්ගලික වෙලෙදපොලේ මේ වෙද්දි රු. 28,29,30යි. හාල් නම් 110යි.120යි. මේ රටේ වී මිලදි ගන්න පුද්ගලික වෙලෙන්දෝ හතරපස්දෙනෙක් ඉන්නේ. මේ අය රු.30ට වි ටික ගබඩා කරලා මාස දෙකක් යද්දි හාල් එළියට දානවා රුපියල් 100යි 120යි. මාස හයක් විතර මහන්සි වෙලා ගොවීන්ට රුපියල් 30යි. මාස දෙකක් ගබඩා කරපු වෙලෙන්දා රුපියල් 60ක් ලගාභ ගන්නවා. ආන්ඩුව මේකට මැදිහත් වෙන්නෙත් නැහැ. මැදිහත් වෙන්න විදියකුත් නැහැ. මේ වෙද්දි වි අස්වැන්නෙන් සියයට 70ක් වෙලෙද පොලට ඇවිත් අවසන්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය අපි හදාගන්නවා. වි අතිරික්තයි කියලා අපිට දැනුන වෙලාවට වි අලෙවි මණ්ඩලය හරහා සියයට 30ක් අස්වැන්න මිලදි ගන්න අපි පියවර ගන්නවා. ගොවියා ආරක්ෂා කරන්න අපි එවැනි වැඩපිළීවෙලක් ක්‍රියාත්මක කරනවා. එක අවස්ථාවක සාමාන්‍ය වෙලෙදපොලේ අර්තාපල් 75ක් වෙලා අස්වැන්න අඩු නිසා මිල 35ට බැස්සා. අපිට මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නා මේ ටික ගන්න කියලා. බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික කටයුතු අමාත්‍යංශයෙන් මුදල් දිලා ගොවිජන දෙපාර්තමේන්තුවේ ගබඩාවල ගබඩා කළා. සමෘද්ධාලාභීන්ට අපි මේවා බෙදා හැරියා. මේවා කියලා මේකටත් නඩුවක් වැටෙයිද දන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ මහතා වැසිකිලි ආධාර විදියට රුපියල් 6000ක් දුන්නා කියලා උසාවි යනවා. අයවැයෙන් වැසිකිලිවලට රුපියල් 40000ක් දෙන්න යනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා උසාවියෙන් වැරදිකරු වුනොත් මංගල සමරවිර මහත්තයාටත් උසාවි යන්න වෙනවා. වැසිකිලි යන්න කන්න දීලා ඉන්න අවශයයි. ඒ වගේ වැසිකිලිවැඩ තමයි මේ ආණෟඩුවේ තියෙන්නේ. සිරිකොත කචල් එක අපි දන්නවානේ. පසුපෙල මන්ත්‍රීවරු ජනාධිපතිගේ වැය ශීර්ෂය පරාජය කරනවාලු. එතනම පිල් දෙකයි. මේ වගේ පිල් කිහිපයක් තියෙනවා එජාපය ඇතුලේ. දැන් පිට කෝට්ටේ හන්දියේ තියෙන සිරිකොත ගමට අරන්ගියා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මෙහෙ ගහගත්තා. අපි දැක්කා කලුතරට ගියාට පස්සේ කලුතරත් ගහගත්තා. සිරිකොත ගමට ගිහින් සිරිතොක කචල් එකත් ගමට අරන් ගිය එක තමයි එජාපේ මේ දවස්වල දේශපාලන කටයුත්ත වෙලා තියෙන්නේ. අගෝස්තු මාසේ 31 වෙද්දි ගම්පෙරලිය අවසන් කරන්න කියලා චක්‍රලේඛණයක් යවලා. තවම අයවැය සම්මත වුනේවත්නැහැ. සල්ලි ගිහින්ලත් නැහැ. අයවැය පරාජය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි හිතනවා පුලුවන් වෙයි කියලා. මාස හතරකින් ඇස්තමේන්තුවක්වත් හදාගන්න බැරිව මොන ගම්පෙරලියද. රට හරි පෙරලගන්න තිබුනා ගෙවුනු අවුරුදු හතරේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා මේ අයවැය පරාජය කරන්න කියලා. නැත්නම් මේ රට ඉදිරියට ගෙනියන්න බැහැග ජනතාව මත බර පටවන්නේ නැතිව මේ ආන්ඩුව ගෙදර යවමු. මහජන මතයට අවස්ථාවක් දීලා ආණ්ඩුවක් හදමු.

ප්‍රශ්න – අලුතින් ආන්ඩුව ණයක් ගන්න සූදානම් වෙන බව කියනවා. ඒ සම්බන්ධයෙන් දැනුවත්ද
අනුර ප්‍රියදර්ශන යාපා – ඩොලර් බිලියන දෙකහමාරක බැදුම්කර නිකුත් කරන්න සූදානම් වෙන්නේ. ගිය වසරේත් ගත්තා. දැනට තියෙන තත්ත්වය අනුව පොලිය සියයට අටහමාරක් විතර වෙයි. ණය බර වැඩිවෙලා පොලිය ගෙවීෆම් ප්‍රමානයත් වැඩිවෙනවා. රුපියල අවප්‍රමාණ වීමේ බරත් එකතු වෙනවා. ණය අරන ්ණය ගෙවීමහැර උපක්‍රමයක් ආන්ඩුවට නැහැ.
ප්‍රශ්න – රජයේ ආදායම ණය වාරික හා පොලියට සමානයි. බොන්ඩ් නිකුත් කරන්න වෙනවා. ඒ සදහා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කල් ඉල්ලුවේ. ඩොලර් බිලියන 1.5ක් ගෙවන්න සිදුවුනා නම් ආයේ ගන්න බැරිවෙනවා. කල්ගත්ත නිසා බැදුම්කර නිකුත් කරන්න පුලුවන්. මේක සාර්ථක ක්‍රමයක් නෙවෙයි. මේ වෙද්දි ණය බර සියයට 83ක් වැඩි වෙලා. ඒ කාලේ ණය ගත්තේ රාජ්‍ය ආදායම වැඩිකරගන්න අතරේ. මේ අයවැයෙන් කෘෂිකර්මයට කිසිම දෙයක් වෙන් කරලා නැහැ.නිශ්පාදන ක්සේත්‍රය කඩන්වැටිලා. ආදායම් නැති ණය උගුලක අසුවෙලා ඉන්නේ.
අනුර ප්‍රියදර්ශන – ණය දෙන ආයතන ශ්‍රේණිගත කිරීම්වල පහලට ගියාම වැඩි පොලියට ණය ගන්න වෙන්නේ. අනෙක් පැත්තෙන් මේ අය නොයෙකුත් බදු පනවනවා. වාහනවලට සුඛෝපභෝගි බද්දක් පනවලා. ඒ කියන්නේ ලක්ෂ 35ට වැඩි සියලු වාහන මේ අය සුඛෝපභෝගී වාහන කියලා නම් කරලා තියෙන්නේ. මේකෙන් මිලියන 48000ක් හොයන්න හිතුවාට මේ තත්ත්වය යටතේ ශත 48000ක් හොයන්න බැහැ. අපේ සංචිත බරපතල ලෙස පහල වැටිලා. මාස තුනකට සරිලන සංචිත පමණයි තියෙන්නේ. ඩොලර් බැරලය 103 සිට 55ට බැස්සා. ඒ කාලේ ආර්ථිකය දියුණු කර ගන්න තිබුණා. ඒ ලාභය කොයි පැත්තට ගියාද දන්නේ නැහැ.
ලක්ෂ්මන් යාපා – හැරී ජයවර්ධන මහතා බදු ගැන සහ ආර්ථකය ගැන පැහැදිලි කිරීමක්කළා. ඒ අනුව සියලු දේ කඩා වැටිලා. රන් මාවතක් ගේන්න හැදුවට කොන්තාත් කරුවන්ට බිලියන 7ක් ගෙවන්න වෙනවා.
ප්‍රශ්න – නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කියනවා ඩොලර් බිලියන 5ක ආයෝජනයක් හම්බන්තොටට ඇවිත් කියලා.
අනුර ප්‍රියදර්ශන යාපා- අපි නම් දන්නේ නැහැ.කියන්න පුලුවන්. ආයෝජන මණ්ඩලය එකම ආයෝජනයක්වත් අනුමත කරලා නැහැ.
ලක්ෂම්න යාපා අබේවර්ධන – වොක්ස් වැගන් එක කුරුණෑගල ඉවරකරලා දැන් බිංගිරියට ගිහින්. කැබිනට් තීරණ ගන්න පුලුවන්. අත්සන් කරපු ගිවිසුම් මොනවාද.2015ට කලින් ඇවිත් අත්සන් කරපුවා ඇරෙන්න ලොකු ආයෝජනයක් ඇවිත් තියෙනවාද
අනුර ප්‍රියදර්ශන යාපා- ජර්මන් තානාපතිවරයා කිව්වා ලංකාව ආයෝජනයට සුදුසු නැතිබව. බංගලාදේශය විශිෂ්ඨ ලෙස ආයෝජන ගන්නවා. සාර්ථක ගමනක් යනවා. මිනිස්සු සතුටෙන් ඉන්නවා. විරුද්ධ පක්ෂය පරාදයිමැතිවරනයෙන්. අපි ඉන්නේ ඇප්ගිනිස්ථානයට උඩින්. 6.8ක තිබුණ වර්ධන වේගය දැන් 3.1ක් වෙලා. රජයක් කරනවා නකම් ආර්ථිකය ගැන වගකිමක් දරන්න අවශයයි.අදායමට වඩා වියදම වැඩියි නම් කන්න විදියක් නැත්නම් ආර්ථකය හරි යන්නේ කොහොමද
ප්‍රශ්න – මහ මැතිවරණයකින් පස්සේ මේ තත්ත්වය වෙනස් කරන්න පුලුවන්ද
අනුර ප්‍රියදර්ශන යාපා. – ඔව්. පුලුවන්. රජයකට විශ්වාසයක් තියෙන්න අවශ්‍යයි. මේ රජය බදුක්‍රමය වසරින් වසර වෙනස් කරනවා. ආර්ථකයක් හසුරුවන්න පුලුවන් වෙන්නේ විශ්වාසභාවයයි, ස්ථාවරභාවයයි විනයයි මගින්. මේ තුන හදපු ගමන් ඉතිරි ටික ඉබේම හැදෙනවා.
ප්‍රශ්න – අයවැය පරාජය කරන්න පුලුවන්ද
අනුර ප්‍රියදර්ශන යාපා – මේ ආන්ඩුවට පරාජය වීම කෙසේ වෙතත් බහුතරය නැහැ. ආන්ඩුව රැදෙන්නේ දෙමල සන්ධානයේ ඡන්ද මත. මාවෛයි සේනාධිරාජා ඡන්දේ නෙදෙන කතාවක් කිව්වා. ඒකේ සත්‍ය තත්ත්වය කොහොමද කියලා කියන්න දන්නේ නැහැ. අයවැය පරාජයට වඩා මේ රටේ ආර්ථකයට වෙලා තියෙන හානිය එක්ක මහ මැතිවරණයකින් රට ඇතුලේ නැවතත් සාමාන්‍ය තත්ත්වය හදන්න කියලයි අපි ඉල්ලන්නේ.
එස්. එම්.චන්ද්‍රසේන – අයවැය පරාජය වුනොත් ආන්ඩුව අස්වෙන්න අවශයයි. ජනාධීපතිට පුලුවන් අලුත් අගමැතිවරයෙක් පත් කරන්න. ඒ පත්කරන්නේ අපේ කෙනෙක්නේ. අපි ආන්ඩු හද හදා ඉන්නේ නැහැ. අයවැය පරාජය වුනොත් ගිය කට්ටිය එයි. ආන්ඩුව විසුරවන්න 150ක් හදා ගන්න වෙනවානේ. ආන්ඩු හදනවා වෙනුවට ආන්ඩු නැති වුන අය මැතිවරණයකට එකල වෙයි.
ප්‍රශ්න – ජනාධීපතිවරණයකට කලින් මහ මැතිවරණයකට සුදානම් වෙන්න කියලා ඉගියක්ද මේ. අගමැතිවරාත් කියනවා ගමට ගිහින් ගමසූදානම් කරන්න කියලා.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන – අවුරුදු හතරහමාරක්ගමට ගියේ නැති අය දැන්ද ගමට යන්නේ. ගමට යන්න බැහැ දැන්. ගමේ මිනිස්සුන්ගේ ආර්ථිකය වැටිලා. ගමේ පාක්ෂෟකයෝ ප්‍රබොධමත් කරන්න බැහැ. පරාද වුනොත් ක්‍රම කිහිපයක් තියෙනවා. එවෙලාවේ සාකච්ඡා කරලා තින්දුවක් ගන්නවා. ආන්ඩුවට දවසින් දවස ඡන්ද නැති වෙනවා.
අනුර ප්‍රියදර්ශන යාපා – විශ්වාසයක් පලුදු වුනාට පස්සේ ආර්ථිකය ඇණ හිටිණවා. දැන් ඒක වෙලා තියෙන්නේ. පර්ලිමේන්තුවේ අයවැය පිළීබද ප්‍රශ්නයක් නෙවෙයි. මේක දිනපතා තියෙන ප්‍රශ්නයක්.
ප්‍රශ්න – ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ ලේකම්වරයා දැඩි අභියෝගයක් කරමින් සිටිනවා නේද
අනුර ප්‍රියදර්ශන යාපා- ශීලනිපයේ මමත් ලේකම්වරයා ලෙස වැඩ කළා. අපි පුලුල් සමගියක් උදෙසා අපේ වචන ප්‍රවේශමෙන් පාවිච්චි කළා. ශ්‍රීලනිප සභාපතිකම මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ලැබුනාටපස්සේ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාත් මෛත්‍රිපාල සිරිසේන මහතාත් එකතු කරලා ඡන්දෙට යන්න අපිට පුලුවන් වුනා. අපි ඒක කලේ සංයමයෙන්. සංයමයෙන් වැඩ කිරීම ලේකම්වරයෙක්ගේ යුතුකමක්. මේ කණෟඩායම් දෙක එකතු කිරීමේ වැඩ පිළීවෙලට හැමෝගෙම සහාය අවශයයි.තර්ජනය කරලා එකතු කරන්න බැහැ. මම ලේකම්වරයෙක් විදියට උපදෙසක් දෙනවා සංයමයෙන් කටයුතු කරන්න කියලා. පළාත් පාසල මැතිවරණයට ගියාම අපි බොහොම මහන්සිවෙලා සියයට 15ක් විතර පක්ෂයට ඡන්ද ගත්තේ. තවමත් පක්ෂේ ඡන්ද ප්‍රතිශතය ඒ ටික තමයි. ඒ ගාන තියාගෙනතර්ජනයකරනවාට වඩා එකතුවෙලා යන්න සංයමයෙන් සාකච්චාවෙන් කටයුතු කිරීමයි කරන්න තියෙන්නේ
එස්. එම්. චන්ද්‍රසේන – හිටපු ලේකම් ලක්ෂ්මන් රෝහන පියදාස මහතා සංයමයෙන්කටයුතු කරපු හැටි අපි දැක්කා. එතුමා බොහෝම හොදට වැඩේ කළා. සාමදානය සමගිය ඇති කරන්න පසුබිම යෙදීමයි එතනින් යනකල් කලේ. එතුමාව ආදර්ශයට ගත්තා නම් හරි.

ආන්ඩුව බලන්නේ පාර්ලිමේන්තු මැතිවරණයත් කල්දාන්න..

අද දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති , මහාචාර්ය ජි. එල් පීරිස් මහතා
අභීයාචනාධිකරණය ඉදිරියේ අපේ හිටපු මහඇමැතිවරුන් දෙදෙනෙක් පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් නඩු පවරලා තියෙනවා. මේ නඩුව ජනතාවගේ සර්ව ජන ඡුන්ද බලයට සම්බන්ධයි. මේ වෙද්දි මැතිවරණ කල් දාලා අවුරුදු එකහමාරක් වෙනවා. අප‍්‍රියෙල් වෙද්දි පළාත් සභා 8ක් අක‍්‍රීය වෙනවා වුනත් රජය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නැහැ. පළාත් සභාවට වැදගත් විෂයන් 36ක් පැවරිලා තියෙනවා. රෝහල් , පාසල්, මාර්ග නඩත්තුව, ආදි සියලූම දේ නතර වෙලා. ජනතා ඡුන්දයෙන් පත්වුනු පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට අද මහජන කටයුතුවල නිරත වෙන්න බැහැ. සියලූල නිලධාරීන් විසින් කිරිම නිසා ජනතාවට අගතියක් වෙලා.
තමන්ට දිනන් බැරි බව දන්න නිසා මැතිවරණ නොපැත්වීම තමයි මේ තරුපහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය. පාර්ලිමේන්තුවට, පළාත් සභා මැතිවරණවලදී කාන්තා නියෝජනය පිළිබද පනතක් ඉදිරිපත් කළා. කමිටු අදියරේදි පිටු 33කින් , සංශෝධන 35ක් ඉදිරිපත් කරලා පනත සම්පූර්ණයෙන් වෙනස් කළා. පනතේ අරමුණ පදනම ස්වරූපය සම්පූර්ණයෙන් වෙනස් වුනා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු පනත නෙවෙයි අවසානයේ සම්මත වුනේ. ඉදිරිපත් කරපු පනතයි සම්මත වුනු පනතයි අතර අහසයි පොළොවයි වගේ වෙනස්. පැවැති ඡුන්ද ක‍්‍රමය අහෝසිකළා. නමුත් ඡුන්ද පවත්වන ක‍්‍රමවේදයක් නැහැ. චේතනාන්විතව පළාත් සභා මැතිවරනය නොපවත්වන්න කටයුතු කළා. නිතිපතිතුමා පනත සම්මත කරගන්න තුනෙන් දෙකේ බහුතරය අවශ්‍ය බව කිව්වා. ඡුන්දය ගන්න තිබුනේ 5.30ට. කතානායකතුමා පැය හතරක් ඒක ප‍්‍රමාදකළා. කතියින්ටකැමැති තරම් කතා කරන්න වේලාව දුන්නා. අවසානයේ තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත කර ගත්තේ හෙළිකොප්ටර් යවලා මන්ත‍්‍රීවරු ගෙන්වාගෙනයි. සිමා නීර්ණය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඇමැතිවරයා තමන්ගේ යෝජනාවටම විරුද්ධව ඡුන්දය දුන්නා. මෙවැනි ක‍්‍රියාදාමයක් රජය අනුගමනය කලේ කුමන හෝ උප්පරවැට්ටයක් හරහා ඡුන්දය නොපවත්වා ඉන්නයි.
මැතිවරණය කල් දාද්දි අපි ශේෂ්ඨාදිකරණයට ගියා. අධිකරණයේ තීන්දුව වුනේ දවසකින්වත් මැතිවරණය කල් දමන්න බැරි බවයි. රජය උසාවියේ නියෝජගය වක‍්‍රව ප‍්‍රතික්ෂේප කරන්න වැඩ පිලිවෙලක් යෙදුවා. 2017 අංක 17 දරණ පනත තමයි ඒ උපක‍්‍රමය. එයින් පැවැති ඡුන්ද ක‍්‍රමය අහෝසි කරලා නව ඡුන්ද ක‍්‍රමයක් ඇති කරන්න සීමා නීර්ණය කමිටුවක් පත්කළා. ඒ පනතේ වගන්ති අනුව කමිටුව ඉදිරිපත් කරලා මාසයක් ඇතුළත විවාද කරලා තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කළ යුතුයි. 2018 පෙබරවාරි අවසන් සතියේ ඇමැතිවරයා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා. ඒ කියන්නේ මාර්තු අවසනායේ පනත සම්මත වුය යුතුයි. නමුත් කතානායකවරයා විවාදයට වෙන් කරලා තිබුණු දින දෙකම මග ඇරලා මාස හතරකට පස්සේ, අගෝස්තු මාසයේදී විවාදයට ගත්තා. රජය තමන්ගේම යෝජනාව පරාජය කළා. පාර්ලිමේන්තුවේ සම්මත වුනේ නැත්නම් පස් දෙනෙක්ගෙන් සමන්විත සමාලෝචන කමිටුවක් කතානායකවරයා විසින්පත්කළ යුතුයි. ඒ කමිටුවවේ සභාපතිවරයා අගමැතිවරයායි. ඒ කමිටුව මාස දෙකක් ඇතුළත වාර්තාව හදලා ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුයි. එතකොටයි නව ක‍්‍රමය ස්ථාපිත වෙන්නේ. දැන් මාස හතරක් ගෙවිලා. තවමත් වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කරලා නැහැ. මේ අතරේ මැයි 31 ට පෙර පළාත් සභා මැතිවරන්‍ය පැවැත්විය යුතු බවට කැබිනට් පත‍්‍රිකාවක් ජනාධිපතිවරයා ඉදිරිපත් කළා. එදා අගමැතිවරයා සතියක කාලයක් ඉල්ලූවා. සතිය සතිදෙක තුන වුනා. දැන් අගමැති කියනවා මෙය කතානායකවරයාට යොමු කළ බව. එය හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්. මේක කොහෙත්ම කරන්නේ නැහැ. රජයේ ඇමැතිවරැුන් අපි ඡුන්දය තියන්නේ නැති බව කියනවා. ඒ අතරේ පළාත් සභාවල අනාගතය ගැඹුරින් සිතා බලන්න ආචාර්ය සරත් අමුණුගම, රාජිත සේනාරත්න, ඩිලාන් පෙරේරා, සුමන්දිරන් මන්ත‍්‍රිවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරලා. මේක සම්පූර්ණයෙන්ම ප්‍රෝඩාවක්.
පළාත් සභා සම්බන්ධයෙන් මේ කරපු දෙයම කරලා පාර්ලිමේන්තු මැතිවරණයත් කල් දාන්න ඉඩ තියෙනවා. පවතින මනාප ඡුන්ද ඡුන්ද ක‍්‍රමයේ දැඩි දෝෂ තියෙන බව කියමින් දැඩි විවේචනයට ලක්කරනවා. ඒ වෙනුවට වෙනත් ඡුන්ද ක‍්‍රමයක් ස්ථාපිත කරනවා කියලා නව ක‍්‍රමය සැකසීම චේතනාන්විතව මග අරිනවා. ඉස්සෙල්ලා ක‍්‍රමය වලංගු නැහැ. නව ක‍්‍රමයකුත් නැහැ. ඒ නිසා මැතිවර නය පවත්වන්න බැහැ. පළාත් සභා ක‍්‍රමයට මේක වලංගු වෙනවා නම් පාර්ලිමේන්තු මැතිවරනයත් මේ ක‍්‍රමය මගින් නොපවත්වා හිටිය හැකියි. එජාපය සෝදාපාලූවට යන බව දන්න නිසා මැතිවරණ තියන්නේ නැහැ. රජයෙන් සහායක් නැති නිසයි අපි උසාවියේ සහාය පැතුවේ. ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කිරීම අධිකරණයේ යුතුකමක්. ඒ නිසා එස්. එම් රන්ජිත් හා මහිපාල හේරත් මහ ඇමැතිවරු අධිකරණයට ගියේ. උසාවිය මැදිහත් වෙලා වහාම මැතිවරණ පවත්වන ලෙස මැතිවරණ කොමිෂමට නියෝගයක් දෙන්න කියලා අපේ හිටපු මහ ඇමැතිවරු මේ වෙද්දි ඉල්ලීම් කරලා තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා
යහපාලන ආන්ඩුවේ නව අයවැය ගැන දැන් ජනතා අදහස් ඉදිරිපත් වෙමින් තිබෙනවා. මිනිස්සුන්ට ලැබෙන සහන ගැන මිනිස්සු බලාගෙන හිටියා. අපිට ඉතිහාසය අමතක කරලා වැඩ කරන්න බැහැ. 2015 දි බලයට පත් වෙන්න ජනතාව මුලා කරමින් පොඩි කාර්එකක්වත් ගන්න ආන්ඩුව වෙනස් කරන්න කියලා දැන්වීමක් රූපවාහිනියේ පළ කලා. තෙමිලා ආපු කාන්තාව පුංචි කාර් එකක් ගන්න කියලා මේ ආන්ඩුව බලයට පත් කරගත්තා. මේ වෙද්දි මිනිස්සුන්ගේ වාහනයක් ගන්න තිබුණ බලාපොරොත්තුවට මොකද වුනේ. මේ අයවැයෙන් සුඛෝපභෝගී වාහන නම් කරනවා. දැන් සුඛෝපභෝගී නොවන වාහන ගණයට අයත් වෙන්නේ වැගන් ආර්, ඇල්ටෝ , මරූටි විතරයි. මේ වෙද්දි ලංකාවේ වාහන මිල ගණන් බලන්න. මහින්ද රාජපක්ෂ මහතාගේ ගේ කාලයේ ත‍්‍රිවිලරයක් තිබුණ කෙනා වැන් එකක් ගත්තා. මේ ඇඞ් බලලා යහපාලනය ගෙන්න ඡුන්දේ දිපු අය අද ජිප් එක විකුණලා අයෙත් තිුවිලර් එකක් ගන්නවා. එදා හොන්ඩා සිවික් රථයක් ලක්ෂ 35ත් 40ත් අතර වුනා. මේ අයවැයෙන් ඛේමාගේ කොලූවා සුබෝපභෝගි කියලා ලක්ෂ 12ක බද්දකුත්, නිෂ්පාදන කියලා ලක්ෂ 2ක බද්දකුත් ගහලා දැන් වාහනයේ මිල ලක්ෂ 75ත් 80ත් අතර වෙලා. මේ වාහනය ජපානයේ මිල ලක්ෂ 22ක් 23. ඉතිරි සියල්ල බදු. ආන්ඩුවට බදු ගෙවලයි මනුස්සයෙක් වාහනයක් එළවන්නේ. හොන්ඩා සී ආර්.වි එකට සුභෝපභෝගි බද්ද ලක්ෂ 23යි, නිෂ්පාදන බද්ද ලක්ෂ හයයි හැත්තෑපහයි ගහලා එදා ලක්ෂ 85ට තිබුණ වාහනය අද ලක්ෂ 140යි. මේ වගේ කිසිම කෙනෙකුට වාහනයක් ගන්න බැරි තත්ත්වයක්. තියෙන වාහනයක් විකුණගන්නත් බැහැ. දුම්පරීක්ෂාව කරන්න, ඉන්සුවරන්ස් එක, ඊට පස්සේ කාබන් බද්දටත් ගෙවන්න තියෙනවා. වාහනයක් ගන්නවා නම් ඒ එක්ක ලණුවකුත් ගන්න වෙනවා. අන්තිමට බෙල්ලේ වැල දාගන්න. අපි තාම හොයනවා පුංචි කාර් නංගිව.
මහින්ද රජාපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ පරිසර හිතකාමී හොන්ඩා ලීප් රථයට දෙලක්ෂ හාරදහසක් බදු ගහලා ලක්ෂ 22ට වගේ විකුණුවා. රවි කරුණානායක ආපු ගමන් ඒ වාහනේට ලක්ෂ 27ක බද්දක් ගැහුවා. පහුගිය අයවැය හරිත අයවැයක්. ඒකෙදි කිව්ව ා2025 වෙද්දි රජයට ඉන්ධනවලින් දුවන වාහනයක් ගේන්නේ නැහැ කිව්වා. පරිසර හිතකාමී වාහන ගේනවා කියලා ලක්ෂ 35 පැනපු ගමන් සුඛෝපභෝගී බද්දට යටත් වෙනවා. වාහන ලංකාවට ආනයනය කරන දේශීය ව්‍යාපාරිකයෝ ගෙන්න ගත්තා වහන විකුණගන්න බැරිව ඉන්නේ. අය වැය සංශෝධනය නොකලොත් මේ අය තමන්ගේ වාහන ටික ගෙනත් ගාලූ පාරේ නතර කරලා යතුරු අරන් යනවාලූ.
හෝම් ස්විට් හෝම් ණයෙන් දෑවැද්ද කෝටියක් දෙනවා. රුපියල් කෝටිය වසර 25ක් ගෙවන්න තියෙනවා. වසර පහයි සහන දෙන්නේ. අලූතෙන් බදින අය මේණය ගත්තොත් රු. 70677.92ක් වාරිකය ගෙවන්න තියෙනවා. මගුල තියෙයිද. මෙහෙම වාරිකයක් ගෙවද්දි කන්නේ බොන්නේ නැත්ද. මේක ගෙවන්න ලක්ෂ දෙකක් වත් පඩි ගන්න වෙනවා. වාර්ෂිකව ලංකාවේ විවාහ එක්ලක්ෂ හැත්තෑ පන්දහසක් විතර වෙනවා. කෝටිය ගානේ මේ සදහා අයවැය පොතේ වෙන් කරලා තියෙන්නේ කොහොද කියලා අපි ඛේමාගේ කොලූවාගෙන් අහනවා. කෝටියේ ණය ගන්න නිසා විවාහ වෙන ප‍්‍රමාණය වැඩි වෙනවා.
අපේ රටට විදේශ විනිමය ගේන ගෘහ සේවිකාවන්ට හා අනෙකුත් අයට සිහින මාලිගාවක් හදාදේනන සූදානම් වෙනවා. දැන් ගෘහ සේවිකාවගේ පඩිය උපරිම රු. 50000ක්. ණය ගත්තොත් වාරිකය විතරක් රු. 72280ක් වෙනවා. මේවා ගැන ප‍්‍රායෝගික හිතන්න වෙනවා. බැංකුවට කියපු ගමන් බැංකුව ණය දෙනවාද. බැංකුව බැංකුවේ ක‍්‍රමවේදයෙන් පිටයන්නේ නැහැ. මේක මිනිස්සුන්ව නොමග යැවීමක්. විදේශ රටවල සේවය කරන අය ගෙදරට එන මුදල් මාස තුනක් නතර කලොත් ආන්ඩුව එක තැන නතර වෙනවා.
මේ අයවැය පුරාම තියෙන්නේ ලස්සන වචන. හෝම් ස්විට් හෝම්, රිය ශක්ති රන් අස්වැන්න, මිනි ටැක්සි, දිරි සවිය, සොදුරු පියස, ගොවි නවෝදා, සිටි රයිඞ්, මාධ්‍ය අරුණ. මේවා වචන හරඹයක් විතරයි. ජනතාව මුලා කරන අයවැයක්. මේ විදියට ජනතාව මුලා කරද්දි ජනතාව බලන් ඉන්නේ ඡුන්දයක් තියනකල්. රාජ්‍ය සේවකයින්ට ජුලි මාසේ 1 වැනිදා ඉදන් රු. 2500ක් පඩියට එකතු කරනවා. බදු ගහන්නේ මාර්තු 5 වෙනිදා ඉදන්. මහින්ද මහත්තයා ගත්ත ණය පෙන්න තියෙනවා. අධීවේගී මාර්ග, පාරවල්, ස්කෝල විදුලි බලාගාර, වරාය, ගුවන් තොටුපල පේන්න තියෙනවා. රාජ්‍ය සේවකයා අධිවේගි මාර්ගයෙන් නගිද්දි රු100ක් ගෙවන්න ඔ්නේ. දවසට 200 ගානේ දවස් 30ට කීයද. උඩ සාක්කුවට 2500ක්දාලා යට සාක්කුවෙන් 6000ක් ගන්නවා. රාජ්‍ය සේවකයා ණයට බඩු ගන්නේ. රාජ්‍ය සේවකයාගේ පඩිය දවස් 12න් ඉවරයි. මංගල සමරවීරගේ කිරි යෝජනාව 2017දිත් තිබුනා. දැන් කිරි විදුරැුව දෙන්නේ දරුවාගේ පෝෂණ තත්ත්වය නංගවන්න නෙවේ. කිරි සමාගම් පෝෂණය කරන්න. දරුවා මන්ද පෝෂණයටගොදුරු වුනත් මේ ආන්ඩුවට ප‍්‍රශ්නයක් නැහැ. කිරි පිටි වලින් රෝග 24ක් වැලදෙනවා කියලා අමාත්‍යංශය කියද්දි ඒ ආන්ඩුව දරුවන්ට කිරි වීදුරුවක් දෙන්න හදනවා.

අපි ආන්ඩුවේ අයවැයට විරුද්ධව අපේ ඡුන්දය භාවිතා කරනවා. විරුද්ධයි කියනවා. අලියා ලකුණින් නැතිව වෙනත් ලකුණකින් පාර්ලිමේන්තු ආපු නැත්නම් පිනට ආපු කෙනෙක් අයවැයට අත එසවූවොත් ආයේ පාර්ලිමේන්තුව පැත්ත පළාතේ එවන්න එපා. මේ දවස්වල ආන්ඩුව සත්ත්න්ට මිල නියම කරනවා වගේ මන්ත‍්‍රීවරුන්ට මිල නියම කරනවා. ගෙදර හිටියොත් මෙච්චරයි. මගදි බඬේ අමාරුවක් හැදිලා ගියොත් මෙච්චරයි වගේ ක‍්‍රමවේද පාවිච්චි කරනවා. දෙමල ජාතික සන්ධානයටත් මේ තරම් ගාණක් දෙනවා ඡුන්දය දුන්නොත් කියනවා. ඒකත් ඡුන්දෙදි බලාගන්න පුලූවන්. 13 වැනිදා ජනාධිපතිගේ වැය ශීර්ෂය පරාජය කරන්න එජාපයේ පසුපෙල කට්ටිය බලාගෙන ඉන්නවා. අපි කියනවා පුලූවන් නම් පරාජය කරලා පෙන්වන්න කියලා. වික‍්‍රමසිංහ මහත්තයා සාමන්‍යයෙන් අනින ටොක්ක වෙනුවට පොල් ටොකු දෙකක් අනලා පැත්තකට වෙලා ඉන්න කිව්වාම අත ඔසවලා ඇවිත් ඊළග දවසේ කියනවා වැරදීමක් වුනා කියයි. අපි අයවැය පරාජය කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරන්න නෙවෙයි. ඡුන්දයකට යන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා ආයෙත් අගමැති කරන්නේ ඡුන්දයකින් විතරයි.

ප‍්‍රශ්න – පළමුවැනි වර පාර්ලිමේන්තුවට පැමිණි මන්ත‍්‍රීවරු 54ක් ඉන්නවා. අයවැය පැරදුනොත් ඔවුන්ට විශ‍්‍රාම වැටුප අහිමි වෙනවා නේද

රෝහිත අබේගුණවර්ධන – විශ‍්‍රාම වැටුප බලාපොරොත්තුවෙන් පාර්ලිමේන්තු ආප අය ඉන්නවාද බලන්න. විශ‍්‍රම වැටුප නෙවේ. මන්ත‍්‍රීකමක් ඇමැතිකමක් කරගන්න හරි වෙනත් වරප‍්‍රසාදවලට හරි රතු පලස මගින් ඇවිදින අය ඉන්නවා. ජනාධිපතික‍්‍රමය අහෝසි කරනවාට මම අකැමැති එතැනදියි. බැදුම්කරය වගේ මංකොල්ලයක් කරපු කෙනෙක්ට 125ක් සල්ලි වලට ගත්තා නම් ජනාධිපතිවෙන්න හැකි වෙනවා. මන්ත‍්‍රීවරයෙක්ගේ වගකීම විශ‍්‍රම වැටුප ගැන හිතන එක නෙවෙයි. සමස්ත රටේම මිනිසුන්ගේ විශ‍්‍රම වැටුප ගැන හිතන එකයි. ජනතාවත් එක්ක හිටියොත් ඊළග පාර ආයෙත් දිනවනවා. ඊට පස්සේ විශ‍්‍රාම වැටුප හදා ගන්න පුලූවන්.

මාධ්‍ය – ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා කිව්වා දැන් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්. පක්ෂය කඩා ගෙන ගිහින් එස්. එල්. පී.පි කියලා එකක් හදාගත්ත අය හිතන් ඉන්නවා එවුන් තමයි විශ්ම කර්ම කියලා.

රෝහිත අබේගුණවර්ධන – එතුමා වාසිය සදහා නායකයෝ මාරුකරන බව රටම දන්නවා. වසර 10ක් ජි. එල් පිරිස් මහතාගේ ලේකම් වෙලා හිටියා. ශ‍්‍රීලනිප තරුණ සංගමයේ තනතුර නැති වුනා කියලා එජාපයට ගියා. වයඹ මහ ඇමැතිකම වෙනුවෙන් නැවතත් මේ පැත්තට ආවා. මහින්ද මහත්තයාට විපක්ෂ නායකකම තියෙන්නේ මේ අය නිසා කියනවා නම් ඒක ජනතාව බලාගනියි. එතුමා ජනතා ආශිර්වාදයෙන් ඉන්න නායකයෙක්. මෛත‍්‍රිපාල සිරිසේන මහතා එජාපයේ දීඝයෙන් ඉවත්වුනා. මේ නැවතත් එතුමාව ගැලවුනු කදවුරට හේත්තු කරන්න උත්සාහ කිරිමයි. අපි ශක්තිමත් පක්ෂයක්. අපි පළාත් පාලන ආයතනවලින් සියයට 71ක් දිනපු පක්ෂයක්. රජවාසලෙත් හිටියා නේ වන්දි භට්ටයෝ.

මාධ්‍ය – එජාපය කියනවා ඔවුන්ගේ පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා තෝරා ගෙන අවසන් බව. ඔබේ පක්ෂයේ අර්බුදය නිසයි තවමත් අපේක්ෂකයෙක් නැත්තේ කියනවා. මොකක්ද ඇත්ත.

රෝහිත අබේගුණවර්ධන – පළමුවෙන්ම කියන්න අවශ්‍යයි අපේ පක්ෂයේ අර්බුදයක් නැහැ. ලංකාවේ සංවිධානාත්මකව ක‍්‍රියාත්මක වෙන එකම පක්ෂයයි ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ. අනික් කාරණය එජාපයේ අපේක්ෂකයා ගැන එකගතාවයක් නැහැ. රනිල් වික‍්‍රමසිහ, කරු ජයසුරිය සජිත් ප්‍රෙමදාස, පාඨලී චම්පිත පක්ෂයේ අපේක්ෂකයා කියන අතරේ වෙනම බඩුවක් ආනයනය කරනවා කියන අයත් ඉන්නවා. අපි දන්නේ නැහැ. නමුත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට අපි මුලින්ම ජන මතයට ඇහුම්කන් දෙන්න වෙනවා.

2005 දි චන්ද්‍රිකා බන්ඩාරනායක මහත්මියගේ ඔලූවේ තිබුනේ අනුර බන්ඩාරනායකට අගමැති අපේක්ෂකකම දෙන්න. නැත්නම් කදිරගාමර්, එහෙමත් නැත්නම් රත්නසිරි විතක‍්‍රමනායක මහතා. නමුත් රටේ ජනතාව ඉල්ලූවේ මහින්ද රාජපක්ෂ. වෙන කෙනෙක් දැම්මානම් වික‍්‍රමසිංහ මහත්තයා මේ වෙද්දි රට බෙදලා ඉවරයි. රටේ ජනතාව ඉල්ලන කෙනෙක් ඉන්නවා. රෝහිතඅ බේගුණවර්ධන දැනටමත් ඒ වෙනුවෙන් වැඩ. නම කියන්නේ අපි නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයායි මේ මම වෙනුවෙන් ඉදිරිපත් කරන කෙනා කියලා රටට කියන්නේ. අන්න ඒ අපේක්ෂකයා දිනවන්න අපි වැඩ.

මාධ්‍ය – ඒනම ඇතුලේ රාජපක්ෂවරයෙක් නැති බව කියැවෙනවා.

රෝහිත අබේගුණවර්ධන – 2015 කිව්වේ රාජපක්ෂලා ඔක්කොම හිරේ කියාලනේ. එාහම ලේසියෙන් රාජපක්ෂවරු වට්ටන්න බැහැ. රාජපක්ෂලා කියන්නේ මේ රට ආරක්ෂා කරපු පරපුරක්. වැඩකරපු අය. මහින්ද රාජපක්ෂ රටට ආදරය කරපු නායකයෙක්.ගෝඨාභය රාජපක්ෂ යුද්ධය නැති කරන්න නායකත්වය දුන්න නායකයා. බැසිල් රාජපක්ෂ ආර්ථික අතින් මේ රට නංවපු නායකයෙක්. පක්ෂයක් හදපු නායකයෙක් . චමල් රාජපක්ෂ කියන්නේ වැඩ කරපු නායකයෙක්. පුලූවන්නම් මේ දේ අනිත් අයගෙන් අහලා මැතිවරණය ඉල්මන් කරන්න.

මාධ්‍ය – දකුණු පලාත් සභා මන්ත‍්‍රීවරයෙක්ට චෝදනාවක් එල් වෙලා තියෙනවා.

රෝහිත අබේගුණවර්ධන – ඔහුට චෝදනාවක් විතරයි එල්ල වෙලා තියෙන්නේ. ඔප්පු වුනොත් අපේ පක්ෂයේ විනය මණ්ඩලය ඔහු සම්බන්ධයෙන් පියවරක් ගනියි.

“ගම සමග පිළිසඳරක්” අනුබද්ධ සංවිධාන දැනුවත් කිරීම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම සමග පිළිසඳරක් වැඩසටහන පිලිබඳ අනුබද්ධ සංවිධාන දැනුවත් කිරීම සහ වගකීම් භාරදීම.

මොණරාගල පොදුජන කාන්තා බල මණ්ඩලය

මොණරාගල පොදුජන පෙරමුණ කාන්තා බල මණ්ඩලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීමට අනුව හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු ශිෂින්ද්‍ර රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍ර දේවී වන්නිආරච්චි මැතිනියගේ කාන්තා නායකත්වයේන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විජිත බේරුගොඩ, ගරු පද්ම උදයශාන්ත යන මන්ත්‍රීතුමන්ලා හා ඌව පළාත් සභාවේ සභානායක දයාරත්න බණ්ඩාර මහතා, හිටපු ඌව පළාත් අමාත්‍ය කුමාරසිරි රත්නායක මහතා ඇතුළු දේශපාලන ආරාධිතයින් රැසකගේ හා රටට ආදරය කරන මොණරාගල කාන්තාවන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් 2019-03-10 වනදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි.

“ගම සමග පිලිසදරක්” දෙවන අදියර

“ගම සමග පිලිසදරක්” දෙවන අදියර
සම්පත්දායකයින් දැනුවත් කිරීමේ වැඩමුලුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් තලවතුගොඩට Hotel Grand monarch හීදී අද පැවැත්විණි…..

ගුරුවරුන්ගේ විරෝධතාවයට අධ්‍යාපන සේවා සංගමයේ සහාය

ගුරුවරුන්ගේ විරෝධතාවයට ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සහාය 

විදුහල්පති ගුරු වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ආන්ඩුවට බල කරමින් එලැඹෙන 13 වැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සහාය පල කරන බව එම සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ මහත්මිය පැවසීය.
ඒ අනුව එලැඹෙන 13 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට වාර්තා නොකරන ලෙස සිය සංගමයේ සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටින බවද ඇය සදහන් කළාය.
1997.01.01 දින සිට බී. සී පෙරේරා වැටුප් කොමිෂම මගින් මෙම වැටුප් විෂමතාව ඇති කරනු ලැබූ අතර මේ හේතුවෙන් ගුරු සේවය අර්බුද රැසකට මුහුණ දී ඇතැයිද හෙතෙම පැවසීය.
වසර 23ක් පුරා පවතින විදුහල්පති ගුරු වැටුප් විෂමතා ඉවත් නොකිරීම, පවතින හා පැවැති සේවා ව්‍යවස්ථා නිවැරදිව ක්‍රියාත්මක කිරීම සදහා අත්‍යාවශ්‍ය පොදු අපදෙස් සංග්‍රහයන් නිකුත් නොකිරීම, නව සේවා ව්‍යවස්ථාවට අත්‍යාවශ්‍ය සංශෝදන එක් නොකිරීම, වැටුප් විෂමතා පිලිබද සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරිමට රජය විසින් පත්කළ නව වැටුප් සමාලෝචන කොමිෂම විසින් ලබාදුන් නිර්දේශ පිළීබදව මෙතෙක් ඉදිරි පියවර නොගැනීම, ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධන 16ක් ගෙන එන බවට අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශයට පත්කර ඇතත් ඒ පිළීබදව ගුරු සංගම් දැනුම්වත් නොකිරීම දළ දේශිය වියදමෙන් සියයට 6ක් අධ්‍යාපනය සදහා වෙන් කරන බවට පොදුරොන්දු වි ඇතත් මෙතෙක් එවැන්නක් සදහා කිසිදු පියවරක් නොගැනීම ඇතුළූ කාරණ 10ක් මුල් කරගනිමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.
මේ සදහා ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය ඇතුලු විදුහල්පති හා ගුරු සංගම් 12 එකමුතුව, ශ්‍රී ලංකා රජයේ ගුරු සංගම මෙන්ම තවත් අධ්‍යාපන ක්ෂේත්‍රය ගුරු හා විදුහල්පති සංගම් ගණනාවක සහායපළ වි ඇත.

ජැක් පොට් වගේ කැස්නෝ ගමට ගෙනිහින්

අද දින 08 මාධ්‍යහමුවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා
මංගල සමරවිර මුදල් ඇමැතිවරයා කිව්වා මේ අයවැය මැතිවරණයක් ඉලක්ක කරගත්ත අයවැයක් නොවන බව. ආණ්ඩුව මේ කපේට මැතිවරණයක් තියන සුදානමක් නැති නිසා අපිටත් ඒකට එකග වෙන්න සිද්ධ වෙනවා. ඔක්තෝම්බර් මාසයේ ප‍්‍රකාශ කිරිමට නියමිත ජනාධිපතිවරණය කල් දාන්නත් නොයෙකුත් උපක‍්‍රම භාවිතා කරමින් ඉන්නේ. මේ අයවැය තරුණ පරපුර සිහින ලොවකට ගෙන යන අයවැයක්. රටේ ණය බර වැඩි වෙනවා වගේම ජනතාවගේ ජිවිතත් ණය බරින් පුරවන අයවැයක්. හෝම් ස්විට් හෝම්, සිහින මාලිගා, වගේ සුන්දර වචනවලින් පිරුණු අයවැයක්. දරුවෝ 14ට ලෝකයේ ඉදිරියෙන්ම තියෙන විශ්ව විද්‍යාලවලට යවන්න මිලියන 500ක් වෙන්කරලා. මෙහෙ උසස්පෙල ඒ විශ්ව විද්‍යාලවල පිළීගන්නේ නැහැ. එහේ තියෙන විභාගවලට පෙනි සිටින්න අවශ්‍යයි. දරුවා විභාගයට පෙනී හිදලා අමත් වුනොත් ඒ විශ්ව විද්‍යාලවලින් අවස්ථාව ලැබෙන්නේ ඊළග දරුවාටයි. අපේ විශ්ව විද්‍යාල තියෙන්නේ ශේණිගතවල පහළ මට්ටමක. මේ මුදල් අපේ විශ්ව විද්‍යාල දියුණු කරන්න යෙදවූවා නම් මීට වඩා හොදයි. මේකත් දරුවෝ 14කට ලබා දෙන පොරොන්දුවකට සීමා වුනු සිහිනයක්.
කෘෂිකර්මය විනාශ කරපු මොඞ් ගොවියා කියනවා පරාක‍්‍රමබාහු රජුට පස්සේ තමන්ලූ රට ස්වයංපෝෂිත කලේ. රටේ කෘෂිකර්මය මුලූමනින්ම විනාශ කලා. ජැක් පොට් වගේ කැස්නෝ ගමට ගෙනිහින් ගමේ සූදුව නිතිගත කරලා ගමේ සුදුවෙනුත් බදු ගහන්න රැුජිනෝ කියලා එකක් ගේන්න සූදානම් වෙන්නේ. 2019 අයවැයෙන් බදු බර සියයට 21කින් වැඩිවෙලා. ජනතාවගෙන් ආදායමක් උපයාගන්නවා මිස ජනතාවට කිසිම සහනයක් නැති අයවැයක්.
එජාප පසුපෙල කණ්ඩායම කියනවා ජනාධිපතිගේ වැය ශීර්ෂය පරාජය කරනවා කියලා. අපිට මේකට සහාය දීමේ අවශ්‍යතාවයක් කොහෙත්ම නැහැ. අපි දන්නවා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය නොකරන බව. අගමැතිවරයා දන්නවා මේකට විරුද්ධවුනොත් වෙන දේ. අපි මේ චන්ඩි මන්ත‍්‍රීවරුන්ට අබියෝග කරනවා පුලූවන්නම් පරාජය කරලා පෙන්වන්න කියලා. දෙමල සන්දානය අයවැයේ තීරණාත්මක සාධකයක්. ආන්ඩුවට බහුතරයක් නැහැ. අයවැයෙන් උතුරේ ජනතාවටත් බදු ගහලා. උතුරේ ජනතාව ගැන හිතලා ඡුන්දය දෙන්න කියලා අපි දෙමල ජාතික සන්ධානයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ටොරිංටන් නෝනා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු 6ක් එක්ක අයවැයට සහාය දෙන්න සූදානම්වෙන බව අපිට සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියෙනවා. ඊ.ටී.අයි ගිවිසුමේ ඩොලර් කුට්ටිය ගිලීමේ ප‍්‍රතිවිපාක තමයි මේ ගිලින්නේ. අපි ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ සහගහන අයවැයට සහාය දෙන්න ගිහින් තමන්ගේ දේශපාලන ජිවිතය විනාශ කරගන්න එපා කියලා ඉල්ලා සිටිනවා. අද වරප‍්‍රසාදවලට මුදලට පාර්ලිමේන්තුවේ ඉන්න නායකයෝ එහාට මෙහාට වෙනවා. ඊ. ටි. අයි ඩොලර් ටික නිසා මන්ත‍්‍රීවරු වෙන දිහාකට ගෙනියනවා. සම්බන්ධන් මහත්තයාට නිවාස වාහන දීලා ඡුන්ද ගන්න බලනවා. දැන් මෙහෙම නම් විධායක ජනාධිපතිධූරය අහෝසි කලාම පාර්ලිමේන්තුවේ තියෙන තත්ත්වය මොකක්ද. අගමැතිවරයාට වෙන්නේ රට ඉදිරියට ගෙනියන්න නෙවෙයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිනවිමට කටයුතු කර කර ඉන්නයි වෙන්නේ. මේ අයවැය හදලා තියෙන්නේ කොකේන් ගහලා ඒකට මත්වෙලා සිහින ලෝකෙක ඉන්න වෙලාවක. ඒ නිසා මම මේක නම් කරන්නේ කොකේන් අයවැයක් විදියටයි.
ඩි. වි. චානක මන්ත‍්‍රීවරයා තංගල්ල පොලිස් අධිකාරී ලක්ෂිත ගීතාල් කියන මහත්මයා ගැන පැමිණිල්ලක් කළා. මන්ත‍්‍රීවරයාගේ වාහනයට පොඩි දෙයක් දාන්න කියලා ඔහු තරුණයෙක්ගෙන් ඉල්ලිමක් කරලා තිබුණා. මේ පොලිස් නිලධාරියාම තිලිණ කසුන් කියන තරුණයා අනිසි ලෙස රදවා ගෙන ගහලා ජි. වී. චානක හා ඔහුගේ පියා ඝාතනයකට සම්බන්ධයි කියලා රජයේ සාක්ෂිකාරයෙක් විදියට සම්බන්ධ වෙන්න කියනවා. මේ සම්බන්ධයෙන් අපි පැමිණිලි කළා. මෙවැනි කටයුතු වලට පොලිස් බලතල භාවිතා කිරීම සම්බන්දයෙන් පරික්ෂණය කරන තුරු හෝ මේ පොලිස් අධිකාරිවරයා ඒ ප‍්‍රදේශයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩි. වි. චානක මහතා
රණවිරුවන් 30000 ජිවිත දීලා 60000ක් ආබාධිත වෙලා, දේපල හානිවෙලා ලබපු යුද්ධයකින් අපේ රට ජය ගත්තේ. එදා රණවිරුවා දෙවියකේ ලෙස සැලකුවා. අද ඒ රණවිරුවාව මිනි මරුවෙක්කියලා හංවඩු ගහලා මානව හිමිකම් කඩපු කණ්ඩායමක් ලෙස නම් කරන්න මේ ආන්ඩුව උත්සාහ කරනවා. ආන්ඩුව දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න රණවිරුවන්ගෙන් පලි ගන්න හදනවා. ලෝක ඉතිහාසයේ පළමු වතාවට තමන්ගේ රටට විරුද්ධව මානව හිමිකම් කොමිෂමට ඇමරිකාවත් එක්ක එකතු වෙලා යෝජනාවක් ගෙනාව. දැන් ඇමරිකාව යෝජනාවෙන් ඉවත් වෙලා. ලොව අංක එකට බලවත් රාජ්‍යයක් අස්වෙනවා නම් ඇයි අපි අස්වෙන්නේ නැත්තේ. ඒ වෙනුවට ඇමරිකාව නැත්නම් එංගලන්තය එක්ක එකතු වෙලා යෝජනාව ගේන්න හදන්නේ ජනාධිපතිවරයා විරුද්ධ වෙලා තියෙන අවස්ථාවකයි.
සුමන්දිරන් මන්ත‍්‍රීවරයා මාස තුනකට කලින් රටේ අධීකරණය ස්වාධීනයි කිව්වා. මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරවිමට ගත්ත තිරණයට විරුද්ධව කටයුතු කරන කොට අධීකරණය ස්වාධීනයි. ඇයි අපේ රට තුල පරීක්ෂණ නොකර පිටරට සහාය ගන්නේ. මේවා තමයි කුමන්ත‍්‍රණ. ආන්ඩුවට අයවැය සම්මත කරගන්න දෙමල සන්ධානයේ සහාය අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සදහා කරන්නාගොඩ හිටපු නාවික හමුදාපතිතුමා බිල්ලට දෙන්න හැදුවත් අධිකරණයේ මැදිහත් වීම නිසා ඒකත් කරන්න බැරි වුනා. දැන් එංගලන්තය එක්ක හරි රටට විරුද්ධව යෝජනාවක් ගෙනත් සම්මත කරගන්න හදන්නේ දෙමල සන්දනාය පිනවන්න. ජනාධිපතිතුමාගෙන් ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මෙයට විරුද්ධ වෙන්න කියලා. අයවැය පාස්කරගන්න රට පාවාදිමක් විදියටයි අපි මෙය දකින්නේ.
අයවැය එනකල් ජනතාව බලන් ඉන්නවා.මෙවර අයවැය කතාවවත් ජනතාව ඇහුවේ නැහැ. ගියවර අයවැයේ වැඩපිළීවෙලේ ක‍්‍රියාත්මකවීම සියයට 50යි. එහෙම නම් මාස හයට ගේන අයවැයෙන් සියයට 25ක්වත් ඉෂ්ට කරගන්න බැහැ. එදා දුන්න ෆී වයි ෆයි පුංචි කාර් සිහින අද නිවාස සිහින ගෙනත්. කරන්නේ තරුණයාව රැුවටිමයි. රැුකියා විරහිත උපාධීධාරින්ට රැුකියා ලැබෙන වැඩපිීලවෙලක් මේ අයවැයේ නැහැ. එහෙම නම් සාමාන්‍ය පෙල උසස් පෙල සමත් වෙන අයට මොකද වෙන්නේ. අද 2500කින් පඩු වැඩි කරද්දි බදු වලින් රු.6000ක් විතර ආපහු ගන්නවා. පඩියෙන් ලබා ගන්න පුලූවන් භාණ්ඩ හා සේවා බැලූවම එතන 20000ක් විතර බදු. ඒ නිසා මුර්ත වැටුප අඩු වෙනවා. මේකට හේතුව ට‍්‍රිලියන 2කින් බදු වැඩිවිමයි.
සභානායකවරයාගේ අයවැය පිළීබද කතාවෙන් උත්සාහ කලේ මහින්ද රාජපක්ෂ මහතා සංවර්ධනය කලේ නිවසට යන්න හයි වේ එකක් හදාගන්න. හයිහම්බන්තොටට වරායක් හදාගන්න. එතුමාගේ දිස්ත‍්‍රික්කයට ගුවන් තොටුපලක් හදාගන්න. ඒක තමයි මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩපිළීවෙල කියලා කියන්න උත්සාහ කළා. නමුත් කිරිඇල්ල මහත්තයා දන්නේ නැති වුනාට 2004 දි රනිල් වික‍්‍රමසිංහ මහත්තයා හම්බන්තොට වරාය පිළීබද සක්‍යතා වාර්තාව ගන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා නැවතත් 2007 දි සත්‍යතා වාර්තාවක් ගන්නවා. ඒ අනුව සුදුසුයි කියපු නිසයි හම්බන්තොට වරාය හදන්නේ.
දිර්ඝකාලින වැඩපිළීවලෙක් තිබුණ නිසයි හයිවේ එක ගියේ. එහෙම නැතුව මහින්ද රාජපක්ෂ මහත්තයාට යන්න නෙවේ. මේකේ පළවෙනි අධියර විදියටයි බෙලි අත්තට හයිවේ එක ගියේ. ගුවන් තොටුපල කර්මාන්ත පුරය වරාය යා කරලා තමයි මේ හයිවේ එක හදන්න ගියේ. කිරිඇල්ල මහත්තයාලාට මේවා තේරෙන්නේ නැහැ. ගුවන්තොටුපලේ වී ගබඩා ගරපු අයට සංවර්ධනය පිළීබදව දැක්මක් නැහැ. අද යාපනයට හයිවේ එක හදනවාලූ. අද වෙද්දි කඩවත ඉදන් හයිවේ එක දිගු කරගන්න බැරිවෙලා ඉන්නේ.
මංගල සමරවීර කිව්වා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ලක්ෂයකට වැසිකිලි පහසුකම් නැතිලූ. හබ්න්තොට දිස්ත‍්‍රික්කයේ ජනතාවගෙන් සියයට 50ට වැසිකිලි නැති බවයි මේ කියන්නේ. සජිත් පේ‍්‍රමදාස මහත්තයාගේ දිස්ත‍්‍රික්කයේ මේ ප‍්‍රශ්නය වසර හතරක් තිස්සේ විසදුවේ නැත්තේ ඇයි. එදා සජිත් ප්‍රෙමදාස මැතිතුමා ප‍්‍රචාරණ කටයුතු වලට වියදම් කරපු මිලියන 600 පාවිච්චි කළා නම් වැසිකිලි 25000ක් නොමිලේ හදලා දෙන්න තිබුණා. මේ ආන්ඩුවට ජනතාවට වැඩ කරන්න වුවමනාවක් නැහැ. මේක මහින්ද රාජපක්ෂ මහතාට කරපු චෝදනාවක් නෙවෙයි. සෘජුවම සජිත් පෙුමදාස මහතාට කරපු චෝදනාවක්.
උපාධීධාරින් බදවා ගැනීමේ ක‍්‍රමවේදයකට මුදල් වෙන්කරලා තියෙන්නේ කොතැනද කියලා අපි ආන්ඩුවෙන් අහනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාංචන විජේසේකර මහතා
ආන්ඩුවේ අවසාන අයවැය යෝජනාවෙන් තරුණ ඡුන්ද දිනාගැනීම හා තරුණයින් ඉලක්ක කරගනිමින් යෝජනා ගෙනත් තියෙනවා. මේ යෝජනා ක‍්‍රියත්මක කරන්න මුදල් හැකියාවක් ආන්ඩුවට නැහැ. වසර 5ක් තිස්සේ තරුණ පරපුරට දුන්න පොරොන්දුම තමයි මෙවරත් ඉදිරිපත්කරලා තියෙන්නේ. රැුකියා දසලක්ෂයක් බිහි කරනවා කිව්වට ඉදිරිපත් කරපු අයවැය ලේඛණ පහ ඇතුලේ ඒ සදහා මුදල් වෙන් වෙන්නේ කොහොමද රැුකියා උත්සාදනය වෙන්නේ කොහොමද කියලා සදහන් වෙලා නැහැ. අපේ ආන්ඩුව 2013 වන විට හිටපු සියලූ උපාධිධාර්න පාට පක්ෂ බේදයකින් තොරව රාජ්‍ය යාන්ත‍්‍රණයට ඇතුළත් කර ගත්තා. මේ ආන්ඩුව බලයට පත්වුනාට පස්සේ තවත් උපාධීධාරීන් 70000ක් පමණ බිහිවෙලා. පළාත්පාලන මැතිවරණයට පෙර සම්මුඛ සාකච්ඡුෘවලට ගෙනත්, අගමැතිවරයා හා ජනාධීපතිවරයා පසුගිය වසර අවසානයට පෙර උපාධීධාරින් රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න බවට පොරොන්දු වුනා. නමුත් රාජ්‍ය සේවයට ඇතුලත් කර ගත්තේ පක්ෂ පාට අනුව බලලා 5000ක් පමණ පිරිසක්. මේ අයවැයේ උපාධීධාරින් බදවා ගැනීමේ ක‍්‍රමවේදයකට මුදල් වෙන්කරලා තියෙන්නේ කොතැනද කියලා අපි ආන්ඩුවෙන් අහනවා.
විශිෂ්ට ප‍්‍රතිඵල ලබන 14කට වදේශ විශ්වවිද්‍යාල දෙනවලූ. අපේ උසස්පෙල විභාගයෙන් විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගන්නවා වගේ විදේශ විශව විද්‍යාලවලටත් අනන්‍ය වු ළමුන් ඇතුළත් කර ගැනීමේ ක‍්‍රමවේදයක් තියෙනවා. මේ කරන්නේ ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන සිසුන් ශිෂ්‍යත්ව හරහා විදේශ විශ්ව විද්‍යාලවලට ඇතුළත් කිරීමේ ක‍්‍රමවේදයක්ද කියලා අපිට සැකයක් තියෙනවා. රවි කරුණානයක ඇමැතිතුමත් මිට පෙර මේ විදියට මේ යෝජනාවම ඉදිරිපත් කළා. එක ශිෂ්‍යයෙක්ටවත් ඒ ශිෂ්‍යත්වය දුන්නාද කියලා අපි අහන්න කැමැතියි. විශෟව විද්‍යාලයට ඇතුලත් වෙන ශිෂ්‍යයන්ට ගිය අවුරුද්දේ ලක්ෂ 8ක ණයක් දෙන යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ යෝජනාවම මේ පාරත් ගෙනත්. එක දරැුවෙක්ට ඒ ණය දිලා තියෙනවාද. හෝම් ස්විට් හෝම් ණයයෝජනා ක‍්‍රමය මගින් කරන්නේ තරුණ තරුණියන් මුලා කිරීමයි. අයවැය කතාවේ පිටු අංක 72 යටතේ හෝම් ස්විට් හෝම් ණය යෝජනා ක‍්‍රමයගැන කියැවෙන තැන තියෙනවා උපරිම ණය සීමාව ලක්ෂ 100යි. වාර්ෂික පොලී අනුපාතකය පළමු වසර පහ සදහා සියයට 12යි. සහනාධාර පොලි අනුපාතිකය පළමු වසර පහ සදහා සියයට 40යි. ණය ලාභින් සදහා ගෙවිය යුතු පොලිය සියයට 5යි. වරහන් ඇතුලේ තියෙනවා සහනාදාරය ගෙවන්නේ පළමු වසර 5 සදහා විතරයි කියාල. ඉතිරි වසර 20 රටේ තියෙන පොලී අනුපාතය අනුවයි ගෙවන්න වෙන්නේ. ණය පහුකම අරන් වසර 5කින් වෙන් වෙන්නත් මේකෙන් ප‍්‍රතිපාදන තියෙනවාග ණය ගෙවා ගන්න බැරිව. අපේ ආන්ඩුව දෙන වෙලාවේ හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල , නොරොච්චෝලේ බලාගාරය වගේ දේවලූත් රටට දායාද කරලා තිබුනේ ණය තිබුනේ රු. බිලියන 7391යි. අද වෙද්දි ණය බිලියන 12000ට ආසන්නයි. ඒත් කරපු දෙයක් නැහැ. මුදල් ඇමැතිතුමා පහුගිය අයවැයේදි විශේෂ ප‍්‍රකාශයක් කරමින් කිව්වා අපු සහන දෙනවා නෙවෙයි බිලීපිත්තක් දෙනවා මාලූ අල්ල ගන්න කියලා. මේ අයවැයෙන් කරලා තියෙන්නේ බෙල්ලට තෙන්ඩුවක් දා ගන්න කඹයක් දිපු එකයි.
ඞී. වි . චානක මන්ත‍්‍රීවරයාට සජිත් ප්‍රෙමදාස පාර්ශවයෙන් චෝදනා එල්ල වෙන්න ගත්තා. තොරතුරු පනත යටතේ නිවාස අමාත්‍යංශයේ තොරතුරු සෑහෙන ප‍්‍රමාණයක් ඩි. වි චානක මන්ත‍්‍රීවරයා එළි කළා.
එජාපයේ පසුපෙල මන්ත‍්‍රීවරු හිතාගෙන හිටියේ සජිත් ප්‍රෙමදාස කියන්නේ ඊලග පක්ෂ නායකයා කියලයි. සත්‍ය හෙළිදරව් වෙද්දි චානක මන්ත‍්‍රීවරයාට එරෙහිව පොලීසිය යොදාගනිමින් කුමන්ත‍්‍රණයක් දියත් වුනා කියලා අපිට සැකයි. ජවිපේ දේශපාලන මණඩල සභික ලාල් කාන්ත ඇප ලබලා එළියට ඇවිත් මේ රටේ පොලීසියට අවහ්‍ය නම් ගොරකා දඩ මස් කරන්නත් දඩ මස් ගොරකා කරන්නත් පුලූවන් කිව්වා. ඒ ජවිපේ දේශපාලන මණඩල සභිකයෙක් කරපු ප‍්‍රකාහ්‍යක්. ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත‍්‍රණයක් ගැන එළියට එන වෙලාවෙදි ආන්ඩුවේ පාර්ශවයෙන් කිව්වේ මඩ ගහන්න කියන දේවල් කිව්වා. නමුත් නිතිපතිවරයා කියනවා ත‍්‍රස්තවිමර්ශන ඒකකය භාරව හිටපු පොලිස්පතිවරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා හා ජනාධීපතිවරයා ඝාතන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වුන බවට තොරතුරු තියෙන බව .ඒ නිසා පොලීසිය ගැන අපිට සැකයි. මේ වගේ තත්ත්වයක් යටතේ අපිට සැකයි චානක මන්ත‍්‍රීවරයා විතරක් නෙවෙයි ඒකාබද්ධ විපක්ෂයේ සියලූම මන්ත‍්‍රීවරැුන්ට එරෙහිව පොලිසය ඇතුලෙන් මේ කුමන්ත‍්‍රණය දියත් වෙයිද කියලා. අපේ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න. දේශපාලනීකරණය වුනු පොලිසිය ස්වාධීන කරන්න කියලත් අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
සුමන්දිරන් මන්ත‍්‍රීවරයා අගමැතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා. ජනාධිපතිතුමාගේ හිතේ තියෙන සත්‍ය මතයත් මේ වෙද්දි නිකුත් වෙලා තියෙද්දි අය වැය දිනාගන්න සහාය දෙන්න අල්ලසක්ද දුන්නේ කියලා. ඒ වගේම ඇමරිකානු තානාපතිවරයි උතුරු නැගෙනහිර සංචාරයකින් පස්සේ කිව්වා යෝජනාවේ තියෙන කාරණ ඉෂ්ට කරන්න බැදිලා ඉන්න බව. ඇමරිකාවට එරෙහිව පරික්ෂණ කරද්දි ඔවුන්ට එරෙහිව ස්වාධින පරීක්ෂණ වෙන්නේ නැහැ කියලා ඉවත්වුනු ඇමරිකාව යි මෙහෙම කියන්නේ. ඇමරිකාවට ඉවත් වෙන්න පුලූවන් නම් ජනාධීපතිතුමාගේ නියෝජිතයින් හරහා ලිඛිත ඉල්ලීමක් කරන්න ලංකාව යෝජනාවෙන් ඉවත් වෙන බවට. හිටපු විපක්ෂ නායක සම්බන්ධන් මහතාට නිල නිවාස වාහන දෙකක් දෙන්න කැබිනට් පත‍්‍රිකාවක් නිකුත් වෙලා. අපි 54ක් විපක්ෂයේ කතා කිරීමේ අයිතිය ඉල්ලූවත් අපේ අයිතීන් පිළීබද කතානායක හෝ එදා විපක්ෂ නායක අවධානය යොමු කලේ නැහැ. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයෙක් විදියට පහසුකම්දීම ගැන අපේ විරෝධයක් නැහැ. නමුත් මේ පහසුකම් නිසා ජනාතවගේ අයිතීන් පාවා දෙන්න එපා. ආන්ඩුවෙන් පත් කරපු විපක්ෂනායකවරයෙක් කියන හැගීමයි පුහුගිය කාලයෙ එතුමා සම්බන්ධයෙන් තිබුනේ.

මාධ්‍ය -උපාධීයක් අරන් විශ්ව විද්‍යාලයෙන් පිටවෙන ශිෂ්‍යයින්ට රජයේ රැුකියා දිය යුතුද
කාංචන විජේසේකර – නැහැ . එහෙම දෙයක් නැහැ. නමුත් අපි කතාකරන්නේ ආන්ඩුවෙන් දුන්න පොරොන්දුවක් සම්බන්ධයෙන්. ජනතාවට ඒ පොරොන්දුව දුන්නේ ආන්ඩුව. 2017 රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා කිව්වා උපාධීදාරීන් රාජ්‍ය සේවයට අන්තර්ග‍්‍රහණයකරන බව කිව්වා. රජයේ රැුකියාවක් දෙන්න කියලා දෙයක් නැහැ. නමුත් ඒ පොරොන්දුව ගැන තරුණ තරුණයින් තුල බලාපොරොත්තුවක් ඇති වුනා.
කනක හේරත් – සියයට 70ක් කලා විෂයන්ගෙන් උපාධිය ගත්තාම පාරට බහින්න වෙන්නේ. ඒ නිසා අපි 2015ට පෙර මේ ක‍්‍රමය වෙනස් කරලා තාක්ෂණ විෂයන් පාසලට ඇතුලත් කලා.තාක්ෂණ විෂයට වැඩි අවධානයක් යොමු කලොත් මේ රටේ විතරක් නෙවෙයි විදේශ රටවලත් රැුකියා තියෙනවා. මහින්දෝදය නම නිසා පාසල් 1000 වැඩපිීලවෙල නතර කලා.විද්‍යා අංශය හා ඉංජානේරු කියලා තාක්ෂණ විෂයන්ද මහින්දෝදය විද්‍යාගාරවල තිබුණා.
මාධ්‍ය – මේ සියල්ලට මුල නිසි ප‍්‍රතිපත්තියක් නොතිබීම නේද
කනක හේරත් – අපි ආන්ඩුවක් හදන්න කලින් ප‍්‍රතිපත්ති මාලාවක් හදනවා. අධ්‍යාපන, සෙක්‍ය, ගමනාගමන හැම අංශයක්ම ගැන විශේෂඡුයෝ මේ වෙද්දි සාකච්ඡුා කරනවා. ඊට පස්සේ ඔවුන් හා දේශපානඥයෝ සමග සකච්ඡුාවක් පැවැත්වෙනවා. සැම දෙයක් සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තියක් තිබුය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.
කාංචන විජේසේකර – දැන් තියෙන්නේ ආන්ඩු වෙනස් වෙනකොට වෙනස් වෙන ප‍්‍රතිපත්තියක් විතරක් නෙවෙයි. ඇමැතිවරු වෙනස් වෙද්දිත් වෙනස් වෙන ප‍්‍රතිපත්තියක්. මේ ක‍්‍රමවේදයන් නැති විය යුතුයි.

ආන්ඩුවට අයවැය හිගය පියවගන්න බැහැ..

අද දින (05) මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

ආන්ඩුවට අයවැය හිගය පියවගන්න ක්‍රමයක් නැහැ.
මේ වසරේ ඩොලර් මිලියන 5.9ක් ණය ගෙවන්න තියෙනවා.
ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩ එන්න නම් අලුතින් මුදල් අච්චු ගැසීම, දේශිය ණය හෝ විදේශීය ණය ගැනීම, ලාභ ලබන ආයතන කිහිපයක් විකිණීම පමණයි ආන්ඩුවට තියෙන විසදුම්.
අටුව කඩලා පුටුව කඩනවා වගේ දේශිය ආර්ථකය පරදුවට තබමින්, බිංගිරියේ පොල් අක්කර 1200ක් කපලා ආයෝජන කළාපයක් හදන්න සුදානම් වෙන්නේ කිසිම ආයෝජනයක් නැතිවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා
ලංකාවේ සමස්ත වියදම රුපියල් බිලියන 6550යි. රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400ක් කියලා වාර්තා වෙනවා.අපිට ප්‍රශ්නයක් තියෙනවා. ලංකාව මේ වසරේ ඩොලර් බිලියන 5.9ක් ණය විදියට ගෙවන්න තියෙනවා. රුපියලේ වැඩිවීම නිසා මේ වසරේ රුපියල් බිලියන 1008ක් අයවැය තුළින් ගෙවන්න සිද්ධ වෙනවා. මේ නිසා ආන්ඩුව කියන දේවල් කරන්න පුලුවන්ද කියලා අපිට සැකයි. මෙවැනි තත්ත්වයක් ඇති වුනාම ආන්ඩුවට සිද්ධ වෙනවා බදු වැඩි කරන්න. නැත්නම් ලාභ ලබන ආයතන දෙක තුනක් විකුණන්න වෙනවා. නැතිව අය වැය හිගය පියවා ගන්න බැහැ. මේ ආන්ඩුව ලංකාවේ කෙටි කාලයක් තුල ණය ලබා ගත්ත ආන්ඩුව වගේම ලංකාවේ ජනතාවට වැඩියෙන්ම ජනතාවට හැනිකර බදු පනවපු ආන්ඩුව. රුපියල් බිලියන 90ක් පසුගිය දෙසැබ්ර් වෙද්දි මුදල් අච්චි ගහලා. ඒ විදියට අලුතින් මුදල් අච්චු ගහන්න, දේශිය ණයෙන් පියවන්න, නැත්නම් විදේශිය ණය ගන්න එක හෝ අපේ රටේ තියෙන සම්පත් විකුණා මුදල් පියවීම කියන පියවරයන් ටික විතරයි ආන්ඩුවට ඉතිරි වෙලා තියෙන්නේ.
මේ නිසා ආර්ථිකය අතින් අපි ඉන්නේ වඩා භයානක තැනක. අපි ඉන්නේ මිට වසර කිහිපයකට කළින් ග්‍රීසිය හිටිය තැනටත් වඩා පහළ තැනක. මතුපිටින් චොකලට් තවරලා මේ අයවැය දුන්නාට ඒකේ යටින් තියෙන්නේ තිත්ත බෙහෙතක්. අපි විරුද්ධ පක්ෂයේ ඉන්න නිසා කියන කතාවක් නෙවෙයි. මේක තමයි ඇත්ත. රුපියලේ අවප්‍රමාණය තව තවත් වැඩිවුනොත් අනිවාර්යයෙන්ම මේ සදහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණයත් ඒ හා සමානව වැඩිවෙනවා. මෙය හම්බන්තොට වරාය ගොඩනගන්න ගත්ත වුදල මෙන් දෙගුණයක් වෙලා තියෙනවා. මේ අස්සේ එජාපය සංදර්ශනයක් කරනවා ඒ අය නිදහස් වෙලෙද කලාප හදන බව පෙන්වමින්. කුරුණෑගල බිංගිරියේ වෙලද කළාපය හදන්න කියලා හොද ඵලදාවක් සහිත පොල් අක්කර 1200ක් යොදා ගෙන. අටුව කඩලා පුටුව හදනවා වගේ මෙවැනි දේ කිරිම සුදුසු නැහැ. ඉඩම් වෙන් කරන්න පුලුවන්. ආයෝජන එනවාද. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවත් ඒ වගේ. දේශීය ආර්ථකය පරදුවට තබලා මේවගේ රුවටිම් කරන්න හොද නැහැ. පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සමයේ හොදම වී අස්වැන්න වාර්තා වෙලා කියලාත් ජනතාවට බොරු කියනවා. වී අතිරික්තයට හේතුව ජනතාව දන්නවා. වියලි කාලයෙන් පස්සේ අපිට හොද වැස්සක් ලැබුණා. අපේ කෙටිකාලනී ආන්ඩුවෙන් පොහොර ටික කළට දුන්නා. ඒ අනුව ගොවියෝ වැඩකළා.වි වලට මිලකුත් නැහැ. වි මිලදි ගැනීමේ ක්‍රමවේදයකුත් හදලා නැතුව පරාක්‍රමබාහු යුගයක් ගැන කියන්නේ මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. දෙවියන්ට කොටසක් වෙන්කරලා වැදුම් පිදුම් කරලයි ගොවියෝ අස්වැන්න ගෙට ගන්නේ. එවැනි ගරු බුහුමන් කරන අස්වැන්න පහුගිය කාලයේ මත්තල ගුවන්තොටුපලේ ගෙනත් දැම්මා. තමන්ට අදාල නැති ප්‍රකාශයක් කරලා රට රවට්ටන ප්‍රකාශයක් කිරීම ගැන අපි කණගාටු වෙනවා. වී කිලෝව රුපියල් 30ට වත් දි ගන්න බැරිව ඉන්නේ. පොලොන්නරුව වැනි ප්‍රදේශවල ජනතාව ඉච්ඡාභංගත්වයට පත්වෙලා ඉන්නේ. නරක දරුණු තැනකට ආර්ථිකය පත්වෙලා තියෙද්දි බොරු නොකර මැතිවරණයකට ගිහින් නව රජයක් පත්කරගන්න අවස්තාව දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

• අපි ඉදිරියේ තියෙන්නේ ඇස් බැන්දුම් අයවැයක්
• ත්‍රස්තවාදය පරාජය කිරීමට මේ රටේ මිනිසුන්ගේ අයිතිවාසිකමක්ම ආරක්ෂා කරන්න, දෙමල ජනතාව පළිහක් කරගෙන ඉන්න වෙලාවේ ඔවුන්ව නිදහස් කරගෙන සමස්ත රට වැසියාටම නිදහස ලබා දී විනය ගරුකව කටයුතු කළ බව මතක තබා ගෙන රණවිරැවන්ට පීඩාවක් නොවන විදියට අතීතය අමතක කරන්න ඔ්නේ.
• මැතිවරණ කල් දැමීම ඉලක්ක කරගෙන ජනාධිපතිධූරය අහෝසිකරන්න ඉඩ දෙන්න බැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
ඇස් බැන්දුම් අයවැයක් ඉදිරියේ අපි ඉන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡාවක් තිබුණා. දේශපාලන අර්බුදයක් නිසා ණය ගෙවීම ප්‍රමාද වුන බව ජාත්‍යන්තර අරමුදලට කියලා වසරකින් කල් ලබා ගෙන තියෙනවා. ඩොලර් බිලියන 101.5 ණය මුදලට වසරකින් කාලය දික් කරලා. ආන්ඩුවට කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර අරන් තියෙනවා. ආන්ඩුවේ වැය අඩු කරන්න කිව්වාම මෙය මැතිවරණ වසරක් නිසා වැය අඩු කිරීම අමාරැ කබව ආන්ඩුව කිව්වා. වැය අඩු කරන්න අපහසුනම් ආදායම් මාර්ග වැඩි කරගන්න කිව්වා. ඒ සදහා බදු පැනවිම අනිවාර්යයෙන් සිදුවෙනවා. අද ඉදිරිපත් කරන අයවැයෙන් බදු පැනවූයේ නැති වුනත් ඉදිරියේදි ගැසට් මගින් බදු පනවනවා. විනිමය අනුපාතය නිදහසේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නත්, ඩොලර් බිලියන 150 ආදායමක් හොයා ගන්න, අකාර්යක්ෂම ආයතන විකිණීම හා පුද්ගලීකරණය ක්‍රියාත්මක කිරීම අයවැය හිගය 3.5කින්පවත්වා ගෙන යාම කියන කොන්දේසි අරමුලින් දාලා තියෙනවා. අයවැය හිගය 3.5 ක්ව තියාගන්න නම් බදු වැඩිකරන්න වෙනවා. ඩොලර් මිලියන 150කින් ආදායම වැඩි කරන්නත් බදු ආදායම තදින්ම ක්‍රියාත්මක කරන්න ඔ්නේ. අද අයවැයෙන් රජයේ සේවකයින්ට ඇස්බැන්දුමක් පෙන්වයි. තව මාස කිහිපයකින් බැංකු පොලී අනුපාතය අනිවාර්යයෙන් වැඩි වෙනවා. මේක මැතිවරණ අයවැයක් වුනත් ඒකවත් හරියට කරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.
අගමැතිතුමා උතුරට ගිහින් ප්‍රකාශයක් කරලා තියෙනවා පරණ අතීතය අමතක කරලා කටයුතු කරන්න කියාලා. යුද්ධයේදී වුනු දේවල් අමතක කරලා අතීතයට සමාව දෙන්න කියපු ඒ ප්‍රකාශය හොදයි. නමුත් අතිතයේ හමුදාවක් ත්‍රස්තවාදය පරාජය කිරීමට මේ රටේ මිනිසුන්ගේ අයිතිවාසිකමක්ම ආරක්ෂා කරන්න, දෙමල ජනතාව පළිහක් කරගෙන ඉන්න වෙලාවේ ඔවුන්ව නිදහස් කරගෙන සමස්ත රට වැසියාටම නිදහස ලබා දී විනය ගරුකව කටයුතු කළ බව මතක තබා ගෙන රණවිරැවන්ට පීඩාවක් නොවන විදියට අතීතය අමතක කරන්න ඔ්නේ. යුද අපරාධයක් වෙන්න නම් සූහ මිනිස් ඝාතනයක් වෙන්න ඔ්නේ. ළමා සොල්දාදුවන් ඉන්න ඔ්නේ. අපේ හමුදාවන් එවැනි දේ කරලා නැහැ. හිටපු නාවික හමුදාපති අත් අඩංගුවට ගන්න උත්සාහය තවමත් තියෙනවා. අපේ සියලු හමුදාවන් විශිෂ්ටයි. මුහුදු මාර්ග රැක ගැනීම වසන්ත කරන්නාගොඩයි කලේ.
දැන් ව්‍යවස්ථා මර උගුලක් ගෙනත් තියෙනවා. 1994 ඉදන් ජනාධිපතිධූරය අහෝසි කරන බව කිව්වා. නමුත් මේ පාර්ලිමේන්තුව තුල එවැනි දෙයක් කරන්න බැහැ. මේ හදන්නේ පළාත් පාලන ආයතන කල් දැම්ම වගේ, පළාත් සභා කල් දැම්මා වගේ පාර්ලිමේන්තුව කල් දාගන්නයි. ජනාධිපතිධූරය අහෝසි කරන්න නම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඖනේ. ඒකට මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඔ්නේ කියන්නයි හදන්නේ. මැතිවරණ කල් දැමීම ඉලක්ක කරගෙන ජනාධිපතිධූරය අහෝසිකරන්න ඉඩ දෙන්න බැහැ. මේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ගිය හැම අවස්ථාවකම අර්බුද ඇති වුනා. ව්‍යවස්ථාව වෙනස් කරන්න ජනතාවගේ කැමැත්ත ඔ්නේ. පළාත් සභා මැතිවරණය තියෙන බවක් නැහැ. කල් දාන්න බැරි එකම මැතිවරණය ජනාධිපතිවරණය. ඔක්තෝම්බර් වෙද්දි මැතිවරණය තියන්න ඔ්නේ.
• අයවැය සම්මත කරගන්නේ කොහාමද කියන ගැටලුව සහ අධිකරණයට තමන් බහුතරය කියලා බලයේ ඉන්න එජාපයට පෙන්වීමේ ගැටලුවක් මේ වෙද්දි ඇති වෙලා
• ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ කියලා අයවැය දෙකක් අපිට නැහැ. අපි සමස්ත අයවැයම පරාජය කිරීමටයි පියවර ගන්නේ
• විකුම්සිහ රජු සහලින් රට ස්වයංපෝෂිත කරපු නිසා තමයි මත්තල ගුවන්තොටුපලේත් වී පිරෙව්වේ
• ගම්මිරිස් කිලෝ කෝටි 21ක් මහ මුහුද මැදදි නැවෙන් නැවට පටවලා රුපියල් ඩොලර් කෝටි 66ක් තමන්ගේ අයට හොයාදුන්න රජු විදියටත් ඉතිහාසගත වෙනවා.
• ජාත්‍යන්තර ප්‍රමිතයේ කාන්තා යට ඇදුම් නිර්මානයේ සන්නාමය විදියටත් වික්‍රමසිංහ රජු ඉතිහාසගත වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා
තව පැය කිහිපයකින් යහපාලන රජයෙ ්අවසාන අයවැය ලේඛණය ඉදිරිපත් කරන්න නියමිතයි. මේ දෙස විමර්ශනාතාමකව බද්දි බරපතල අයවැය පරතරයක් තියෙනවා. මෙය පියවා ගන්න රජයට විසදුම් වෙන්නේ බදු දඩ සහ ණය මත යැපීමයි. මෙයින් ජනතාවට සහනයක් ලැබෙන්නේ නැහැ. අයවැය සම්මත කරගැනීම දක්වා ආන්ඩුවට අබියෝග දෙකක් තයෙනවා. අයවැය සම්මත කරගන්නේ කොහාමද කියන දේ සහ අධිකරණයට තමන් බහුතරය කියලා බලයේ ඉන්න එජාපයට පෙන්වීමේ ගැටලුවක් තියෙනවා. පිරිසක් අයවැය ට සහාය නොදෙන බවත් කියනවා. විපක්ෂය ලෙස අපි කියන්නේ ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ අයවැය කියලා දෙකක් නැති බවයි. අපි අයවැය පරාජය කරන්න පියවර ගන්නවා. ස්වයං රැකියා ඇති කරනවා ඉඩම් ඔප්පු දෙනවා වැනි දේ කිව්වට ඒ දේවල් කරන්න තරම් තත්ත්වයක් රටේ ගොඩනැගිලා නැහැ.
කුරුණෑගල වෙලද කළාපයක් විවෘත කරන්න ගිහින් අගමැතිවරයා කියනවා හයවෙනි පරාක්‍රමබාහු රජුගෙන් පසුව සහලින් රට ස්වයං පෝෂිත කලේ තමන් බව. අලුතින් විකුම්සිහ රජු ලෙසයි දැන් හදුන්වන්නේ. එතුමා සහලින් රට ස්වයංපෝෂිත කරපු නිසා තමයි මත්තල ගුවන්තොටුපලේත් වී පිරෙව්වේ. එතුමා කෘෂිකර්මයට විරුද්ධ නැහැ කියනවා. එතුමා තමයි ගම්මිරිස් කිලෝ කෝටි 21ක් මහ මුහුද මැදදි නැවෙන් නැවට පටවපු රජු විදියට ඉතිහාසගත වෙන්නේ. එක කිලෝවෙන් ඩොලර් 3 ගානේ ඩොලර් කෝටි 66ක් ආදායම් හොයාගත්තා රජයට සම්බන්ධ ඇමැතිවරු හා සහෝදරයෝ හොයා ගත්තා. වික්‍රමසිංහ රජු ඒකටත් ඉතිහාසයට එකතු වෙනවා. ඇගලුම් කර්මාන්තය අතින් කාන්තා යට ඇදුම් එතුමාගේ කාලයේ නිස්පාදනය කලාලු. එහෙමනකම් ජාත්‍යන්තර ප්‍රමිතයේ කාන්තා යට ඇදුම් නිර්මානයේ සන්නාමය විදියට වික්‍රමසිංහ රජු ඉතිහාසගත වෙනවා. මේ විදියට ජනතාව අන්දවන්නයි උත්සාහ කරන්නේ.