ඒ කාලේ හිටියා හොද ආරක්ෂක ලේකම්වරයෙක්

අද (30) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
මහින්ද රාජපක්ෂ පාලන සමයේ අපි කිසිදු අවස්ථාවක හදිසි විදුලිය මිලදී ගැනීම් කලේ නැහැ. රටේ විදුලි හිගය ගැනත්, හදිසි විදුලි මිලදි ගැනීම් නිසා පාරිභෝගිකයාටත්, රටටත් වුනු හානිය ගැන සලකා බලා අඩු මිලට විදුලිය නිපදවීමේ බලාගාර නිර්මාණය කලා. රුපියල් 7 පමණ පිරිවැයකින් යුත් නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය එයින් ප්‍රධානයි. මෙගා වොට් 40කින් යුක්ත උමාඔය ජල විදුලි බලාගාරය අපි දෙන අවස්ථාවේ 80%ක් වැඩ අවසන්. මෙගාවොට් 25 කින් යුක්ත රෝඞ්ලන්ඞ් බලාගාරය අපි 40%ක් වැඩ අවසන් කරලා තිබුණා. මෙගාවොට් 35ක්න් යුක්ත මොරගහකන්ද ජල විදුලි බලාගාරයෙන් 70%ක් වැඩ අවසන් කරලා තිබුණා. මෙගාවොට් 25කින් යුක්ත මොරගොල්ල විදුලිබලාගාරයෙන් 25%ක් වැඩ අවසන් කරලා තිබුනේ. අපේ යුගයේ මෙවැනි විදුලි බලාගාර රැසක් ඇරඹුවත් ගෙවුනු වසර කිහිපයේ මේ රජය කිසිදු විදුලි බලාගාරයක් හැදුවේ නැහැ. ඒ කාලයේ හදපු විදුලි බලාගාර කිසිවක් විදුලි බල පද්ධතියට එකතු කරන්න පියවර ගත්තෙත් නැහැ. ඉන්දියානු රජයත් එක්ක මෙගා වොට්500 ගල් අගුරු බලාගාරයක් සාම්පූර්වල හදන්න සුදානම් කළා.
ඒ සදහා ශ්‍රී ලංකා රජයත් ඉන්දියානු රජයත් එක්ව සමාගමක් හදලා සාම්පූර්වල ඒ සදහා අවශ්‍ය ඉඩම් අත්පත් කරගැනීමත් කළා. ඒකකයක් රුපියල් 9ට ජාතික විදුලි බල පද්ධතියට එක් කරන්නයි සූදානම තිබුනේ. 2017 වර්ෂයේ මේ බලාගාරය අපේ පද්ධතියට එක් කරන්නයි සූදානම තිබුනේ. ටෙන්ඩර් කැදවලා බලාගාරය පටන් ගන්න විතරයි තිබුනේ. මේ ආන්ඩුවට ඕන වුනේ මඩි තර කර ගැනීමට පුද්ගලික විදුලි බලාගාර ගේනනයි. සාම්පුර්වල බලාගාරය හදන කොටසට අනෙක් කොටසට ජපන් අපේ මණ්ඩලයත් එක්ව මෙගාවොට් 700 තවත් විදුලි බලාගාරයක් හදන්න සූදානම් වුනා. විදුලි බල මණ්ඩලයේ කොටස ජපන් රජය ආධාරයක් විදියට දෙන්න එකග වෙලා තිබුනේ. 2014 වෙද්දි විදුලි බල මණ්ඩලය ලාභ ලබමින් තිබුනේ. අද මේ වන විට මණ්ඩලය බිලියන 80ක් පාඩුයි. ඒ බර දරන්න වෙන්නේ මේ රටේ මිනිස්සුන්ටයි. අපි සැලසුම් කළ විදියට අඩු මුදලකින් විදුලිය නිපදවූවා නම් අද විදුලි බිල 50%කින් අඩු කරන්න තිඉුණා. අපේ රජය සමයේ 98%ට විදුලිය දුන්නා. මහින්ද රාජපක්ෂ මහතා විදුලි බල මණ්ඩලය මට දිලා කිව්වේ හැම නිවසකම විදුලි බල්බයක් දැලිවෙන්න ඕනේ කියලයි. ඉස්සර කදු මුදුනේ ගේකට විදුලිය ගන්නවා නම් ඒ මිනිස්සුන්ගේ වියදමෙන් කණු දාගන්න වුනා. කණු 10ක් විතර දාගෙන ගයිට් ගන්න ගියෝත් ඒ මිනිස්සුන්ට කවදාවත් විදුලිය ගන්න බැරි වෙන නිසා අපි පනත් වෙනස් කරලා සැම නිවසක් ඉදිරිපිටම කණුවක් හිටවූමේ වගකීම අපේ අමාත්‍යංශය ගත්තා. සමහර ගෙවල් තිබුණා ගේ දොරකඩ කණුවේ ඉදලා සම්බන්ධතාවය නිවසට ලබා ගැනීමේ විදයම් ගෙවා ගැනීමේ හැකියාව නැති’. අමාත්‍යංශ නිලධාරීන් කැදවලා වැඩිපුර පාරිභොගිකයෝ ඉන්න තරමට මණ්ඩලයට ලාභ නිසා සම්බන්ධතා ගාස්තුව මණ්ඩලයෙන් ගෙවලා අවුරුදු 5කදි බිලෙන් කැපෙන විදියට ඒ නිවෙස්වලටත් විදුලිය දුන්නා.
යුද්ධය ඉවර වෙන වෙලාවේ සම්පේෂණ පද්ධති බිද වැටිලා තිබුණා. අපේ සේවකයෝ ඉතා ඉක්මනින් ඒ සියල්ල යථාවත් කරලා ආණ්ඩුව භාර දෙන විට උතුරට 100%ක් විදුලිය දුන්නා. උතුරේ ජනතාව තමන්ගේ ජිවිකාව අරඹන තෙක් රජයයි විදුලි බලි ගෙව්වේ. විදුලි බල ක්ෂේත්‍රයේ අප ගෙන ගිය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන ගියා නම් කවදාවත් විදුලිහිගයක් රටේ ඇති වෙන්නේ නැහැ. මේ අකාර්යක්ෂම, රට ගැන නොහිතන වැඩ බැරි වගකීම් විරහිත පාලකයින් අඩු මිලට විදුලිය දෙන්න අවශ්‍ය පියවර ගත්තේ නැහැ.
එවකට රටේ රජයන් පුද්ගලික බලාගාර එක්ක යම ්කාලයකටයි ගිවිසුම් අත්සන් කලේ. විදුලිබලාගාර හදන්න ගත්ත ණය වල පොලිය, මුදල ගෙවලා අවසන් කරලා ලාභයක් ලැබෙන තත්ත්වයට එන්නත් ඒ ගිවිසුම්වල කාලය දුන්නා. ආයෝජකයින්ට වැය වුනු මුදල ලැබුනට පස්සේ ගිවිසුම් ඉදිරියට ගෙනියන්නේ අඩු මුදලට විදුලිය දෙනවා නම් විතරයි. මේ ආන්ඩුව අධීක මිලටම විදුලි ඒකක මිලදි ගැනීම් කරනවා. මේ ආන්ඩුව යටි හිතේ හොරකම තියාගෙනයි වැඩකරන්නේ. කෙරවලපිටියට ටෙන්ඩර් කැදවිමකින් තොරව නැවකින් විදුලිය ලබා ගන්න කැබිනට් පත්‍රිකාවක් දැනවා.
මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ අපි පැරණි විදුලි බල පනත වෙනුවට අලුත් විදුලිබල පනත ගෙනාවා. ටෙන්ඩර් කැදවිමකින් තොරව විදුලි බලාගාර ඉදිකරන්න ඒ අනුව බැහැ. ජාතික ව්‍යසනයක් ඇති වුනොත් පමණයි හදිසි මිලදි ගැනීම් කරන්න පුලුවන් වුනේ. අද කෙරවල පිටියේ මෙගාවොට් 200 විතරක් නෙවෙයි. ගාල්ල වරායටත් නැවක් ගෙනත් තව මෙගා වොට් 200ක් ගන්න හදනවා. ඉදිරියේ වර්ෂාව එනවා. මොකක්ද මෙගාවොට් 400ක් මිලදි ගන්න තියෙන අවශ්‍යතාවය. කෙරවල පිටියට නැවකින් විදුලිය ගන්න හදන කොට ලංකා විදුලි බලාගාරය අතුලු පාර්ශ්වික කමිටුවත්, ටෙන්ඩර් මණ්ඩලයත් එය ප්‍රතික්ෂේප කළා. සම්පේෂණ පද්ධතිය කෙරවල පිටියෙන් මෙගාවොට් 200ක් ගන්න ශක්තිමත් නැති බවයි ඔවුන් කිව්වේ. එහෙම ගන්නවා නම් අඩු මිලට විදුලිය ලැබෙන නොරොච්චෝලේ යම් කාලයකට නතර කරන්න වෙනවා. ඒක තාක්ෂණික කමිටුවත් ටෙන්ඩර් මණ්ඩලයත් ප්‍රතික්ෂේප කරලා තියෙන අවස්ථාවක දැන් ගාල්ලෙ වරායෙනුත් මෙගා වොට් 200ක් ගන්න සූදානම් වෙනවා.
අපේ රජය කාලයේ විදුලි බල නියාමන කොමිෂමක් ඇති කළා. මේවා කළ යුතු වුනේ විදුලි බල කොමිෂමේ නියාමනයට යටත්වයි. දැන් නියාමන කොමිෂමත්, ටෙක්ඩර් කිරීමත් පැත්තට දාලා මෙගා වොට් 400ක් ගන්නවා. රටේ අඩු මිලට විදුලිය ගන්න තියෙන බලාගාර ටිකපද්ධතියට එකතු කරන්නේ නැහැ. ලාභයට විදුලිය ගන්න තිබුණු සාම්පූර් බලාගාරය ඉදිකිරිම් කඩාකප්පල් කරලා. ගාල්ලෙන් විදුලිය ගන්න අපේ සම්පේෂණ පද්ධතිය ශක්තිමත් කරන්න මාස 4ක් වත් යනවා. ඒ කාලයේ ඇයි ටෙන්ඩර් කරලා ගන්නේ නැත්තේ. මේ ආණ්ඩුව ජනතාව ගැන නොහිතා තමන්ගේ මඩිය තර කර ගැනීම ගැන විතරයි හිතන්නේ. අපේ රජයක් යටතේ විශේෂ බලතල සහිත කොමිෂමක් පත්කරලා මේවා සම්බන්ධයෙන් සොයා බලනවා.

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මිය
මව්වරුන්ට වුනු දැවැන්ත අසාධාරණයක් ගැන මේ වෙද්දි අනාවරණය වෙමින් තිබෙනවා. කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සාෆි දැවැන්ත අසාධාරණයක් මව්වරුන්ට කළා කියන හැගිමඅ පේ හදවත් වල තියෙනවා. මවක්, ගැහැනියක් තමන්ට දරුවෙක් ලැබෙන්න ඉන්න අවස්ථාවක වෛද්‍යවරයෙක් ලගට යන්නේ දෙවිකෙනෙක් ගාවට යන හැගීමෙන්. දරුවෙක්ට එහා ගිය සම්පතක් අම්මා කෙනෙක්ට නැහැ. හැම අම්මා කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ගුණ යහපත් දරුවෙක් රටට දායාද කරන්නයි. ස්වභාවිකව දරුඋපතක් කරන්න හැකියාව තිබියදිත් සීසර් සැත්කමක් කරන්න බලකරමින් තවත් දරුවෙක් බිහිකිරීමේ අවස්ථාව ඒ මවුවරුන්ට අහිමි කරන්න මේ වෛද්‍යවරයා මුල්වුනා කියන හැගිමයි අපේ හිතේ තියෙන්නේ. මේ සම්බන්ධයෙන් රජය හා අමාත්‍යංශය කටයුතු කළ ආකාරය ගැන අපිට ලැජ්ජයි. පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන්නත් කළින් විෂයභාර ඇමැතිවරයා කියනවා මේ වගේ කාරණාවක් වෛද්‍යවරයෙක්ට කරන්න බැහැලු.
නමුත් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු කියනවා පැලෝපීය නාල අවහිර කිරිම මගින් නැවත වතාවක් දරුවෙක් බිහිකිරීමේ හැකියාව අහිමි වෙන්න පුලුවන් බව. මේක නින්දිත තත්ත්වයක්. මේ වෙද්දි මව්වරු 250ට වැඩිය පැමිණිලි ඉදිරිපත් වෙලා.මේ සම්බන්ධයෙන් විදිමත් පරික්ෂණයක් කරන්න ස්වාධින් කොමිෂන් සබාවක් පත්කරන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඇමැතිවරයාගේ කමිටුව ගැන අපිට විශ්වාස නැහැ. එවැන්නක් වුනාද කියලා ලැපරොස්කොපි පරික්ෂණයක් මගින් හොයාගැනීමේ හැකියාව තියෙනවා.දරුවෙක් බිහිකිරීමේ හැකියාව නැති කරනවා කියන්නේ මිනි මැරීමක් වගෙයි. ලැපරොස් කොපි පරික්ෂණ මගින් මේ සිද්ධියේ ඇත්ත නැත්ත අනාවරණය කරගෙන වෛද්‍යවරයා වැරදිකරු නම් දිය හැකි උපරිම දඩුවම් දෙන්න. මේක මරණ දඩුවම පටන් ගන්න හොද අවස්ථාවක්. සමහර මව්වරුන් දෙවැනි දරුවෙක් බලාපොරොත්තුවෙන් වෛද්‍යවරු ලගට ගියා. පුද පූජා පැවැත්වුවා. ඒ වුනත් දරුවෙක් නැහැ කිව්වා. මේ නිසා සමහර පවුල්වල ආරවුල් ඇති වෙලා. එක කාන්තාවක් කිව්වා මගේ ප්‍රශ්නයක් නෙවෙයි කියන එක මහත්තයා තේරුම් ගැනීමත් හිතට සහනයක් බව. මේකේ සත්‍යතාවයක් තියෙනවා නම් දිය හැකි උපරිම දඩුවම් දෙන්න.
මේ ආණ්ඩුව යටතේ කෙරුණු කිසිම පරික්ෂණයක් ගැන අපිට විශ්වාසයක් නැහැ. මහබැංකුව හොරාකෑම ගැන තිබුණු පරික්ෂණය වගේ නොකර මව්වරු වෙනුවෙන් නිවැරදි තීන්දුවක් අරන් මව්වරුන්ගේ හදවතට සහනයක් දෙන්නයිකියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුනේ සහ නිතීඥ පෙරමුනේ උප ලේකම් සාගලා අබේවික්‍රම මහත්මිය
දැන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළීබද සම්මුති පනත යටතේ වෛරී ප්‍රකාශ යටතේ නඩු දාන්න පුලුවන් කියනවා. දැන් මේ සූදානම් වෙන්නේ වංගුවක් ගහලා නීතිය නවලා අපේ භාෂණයේ නිදහස නැති කරන්නයි. මේ කරන්න යන්නේ අන්තවාදි හා ජාතීවාදි ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය විම වලක්වමින් ආන්ඩුවේ දුර්වලකම්වලට පහර දෙන සමාජජාලා ක්‍රියාකාරීකයින් දඩුවම් කිරීමේ අරමුනිනි. සමාජජාලා නොතිබුනා නම් රටේ සමහර සිදුවුනු දේවල් අපි දන්නේ නැහැ. මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ගිණි අවි උණ්ඩ 93ක් ලග තබා ගෙන අත් අඩංගුවට පත්වුනත් ඒවා වෙනකෙනෙක්ගේකියලා හවස් වෙද්දි නිදහස් වුනා.
ආන්ඩුවෙන් සියලු අවි ආයුධ ගෙනත් භාරදෙන්න පොදු සමාකාලයක් දිලා තිබුණා. ඒ වුනාට ආන්ඩුවේ තනතුරක් දරන මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ඒක දැනගෙන ඉදලා නැහැ. දැනගෙන හිටියා නම් සියගේ උණ්ඩ ටික ගෙනිහින් භාර දෙනවානේ. විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා මෙහෙම දෙයක් කළා නම් දින නියමයක් නැතිව හිරේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කරපු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිතිඥ ජයම්පති වික්‍රමරත්න, ජනාධීපති නිතීඥ රාවුෆ් හකිම්, ආශු මාරසිංහ, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, වෛද්‍ය නලින්ද ජයතිස්ස, එක්ක තේරීම් කාරක සභාවක ඉන්නම ඕනේ කෙනෙක් වෙන රවී කරුණානායකත් ඉන්නවා. මහ බැංකු හොරකමට චුදිතයෙක් වුනු, තමන්ගේ නෝනාට ගේ ලැබුණු හැටි නොදන්න මනුස්සයා තේරීම් කාරක සභාවක ඉදන් රටේ ජාතික ආරක්ෂව ගැන ප්‍රශ්න කරනවා. මොකක්ද මේ සභාව ගැන තියෙන විශ්වසනීයත්වය.
අපි මේ ගැන අදහස් දැක්වුවොත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වෛරි ප්‍රකාශ කළා කියලා හිරේ දාන්න පුලුවන්. ඒකෙන් ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියේ තියෙන භාෂණයේ නිදහස අපිට ලැබෙන්නේ නැහැ. බුද්ධි අංශ ප්‍රධානි ඇවිත් කියනවා අප්‍රියෙල් 9 වැනිදා මෙහෙම දෙයක් වෙන බව දැනන් හිටිය බව. දැනුවත් කළත් අපදෙස් දුන්නේ නැහැ. ආරක්ෂක මණ්ඩලය මාස සෙ දෙකක් රැස්වුනේ නැහැ.
කපිල හෙන්ද්‍රවිතාරණ ඉන්න කාලේ මෙහෙම වුනේ නැහැ කියලා සරත් ෆොන්සේකා සදහන් කළාම බුද්ධී අංශ ප්‍රදානී මොකක්ද දුන්න අත්තරය. ඒ කාලේ හිටියා හොද ආරක්ෂක ලේකම්වරයෙක්. එතුමා මේ වගේ තොරතුරක් ආවා නමම්ඒ අවස්ථාවේම ක්‍රියාත්මක වෙනවා කිව්වලු. මුලු තේරීම් කාරක සභාවම ඒ පිළිතුරට හිනාවෙලා. අන්තවාදි සංවිධෘන තහනම් කළා නම් මෙවැනිනක් සිද්ධ වෙන්නේ නැති බව ජෙනරල් කොට්ටේගොඩ කියලා තියෙනවා. අන්තවාදි සංවිධාන තහනම් වුනාට ඒ තහනම නිසි විදියට වෙන්නේ නැහැ. අපිට මුස්ලිම් අයගේ ඇදුම් ඉවත් කරන්න ඕනේ නැහැ. තවමත් හිස වහගෙන ඔවුන් ප්‍රසිද්ධ ස්ථානවලට එනවා. අපිට මේ ගැනත් කිසිවක් කියන්න බැහැ. කිව්වොත් වෛරී ප්‍රකාශනයක් වෙනවා. මාධ්‍ය නිදහස දෙනවා. තොරතුරු දැන ගැනීමේ පනතක් සම්මත කළා. ඒ වුනාට භාෂණයේ නිදහස නැහැ. ඒ ගැන කතාකලොත් අර මාධ්‍ය අධ්‍යක්ෂකවරයාට වගේ ඇප ලැබෙන්නේ නැහැ. වෛරී ප්‍රකාශයනයක් කළා කියලා හිරේ දානවා.

සමානුපාතික නියෝජන ක්‍රමය තියෙනවා නම් 12. 5% ගේන්න.

අද (27) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

■ නව නීති සම්පාදනය වෙලා විවාහය හා දික්කසාදය පොදු නිතියකට යටත් විය යුතුයි.
■ සමානුපාතික නියෝජන ක්‍රමය තියෙනවා නම් 12. 5 ගේන්න. නැත්නම් ආසන මට්ටමේ මැතිවරණ ක්‍රමයකට යන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ සිසේරියන් සැත්කම් සිදුවෙන්නේ. ලංකාවේ දැනට සිද්ධ වෙන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා අදාල භූමියේ සිටිනවා නම්, ඔහු අවසර දෙනවානම්, සුදුසුකම් තිබෙන ජ්‍යේෂ්ඨ වෛද්‍යවරයෙක්ට මේ සිසේරියන් සැත්කම් කිරීමේ හැකියාව තියෙනවා. මේ සම්බන්දයෙන් වෛද්‍ය සභාව නැවත වරක් අවධානය යොමු කළ යුතුයි කියලා අපි හිතනවා. ශල්‍ය කර්මයක් කරන අවස්ථාවක අදාල ශල්‍ය කර්මය හැරෙන්න වෙනත් දෙයක් කරන්න අවසර නොලැබෙන විදියේ ක්‍රමවේදයක් සකස් විය යුතුයි. ඒ වගේම සාමාන්‍ය ජනයාගෙන් හෝ රජයේ සේවකයෙක්ගෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ලැබුනොත් තමයි ඉදිරි කටයුතු කිරීමේ හැකියාව තියෙන්නේ. වෛද්‍ය සභාවටම යම් වෛද්‍යවරයෙක් සම්බන්ධයෙන් සැකයක් ඇති වුවාහොත් ඉදිරි පියවර ගැනීමට හැකිවන ලෙස බලතල වැඩි විය යුතුයි. ලංකාවේ ළදරු මරණ ඉතාම අඩු රටක්. එසේ තිබුයදිත් මෙවැනි වෛද්‍යවරුන් සිටිනවා කියන්නේ සෞඛ්‍ය සේවයේ කිසියම් ප්‍රශ්නයක් තියෙනවා.
සෞඛ්‍ය ඇමැතිවරයා කළඹලයෙන් කෝපයෙන් ප්‍රතිචාර දක්වන ආකාරය අපි දැක්කා. මේක එතුමාට කළඹල වෙන්න දෙයක් නෙවෙයි. වෛද්‍යවරයා සම්බන්ධයෙන් කටයුතු කරන ක්‍රමවේද කිහිපයක් තිනෙවා. සැම ආරෝග්‍ය ශාලාවකටම වසර 5ක් තුළ දරු ප්‍රසුතියට පැමිණ අයගේ තොරතුරු අනුව ක්‍රියාකරන්න පුලුවන්. නැත්නම් ඒ මව්වරු වෛද්‍ය පරීක්ෂණයට ලක්කරන්න. නැත්නම් අවුරුදු 5ක් ඇතුළත සැත්කම්වලට භාජනය වුනු මව්වරුන් සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් කරන්නත් පුලුවන්. මේක සත්‍ය නම්, ඒ මවුවරුන්ගේ වේදනාව ඉච්ඡා භංගත්වය අපි තේරුම් ගන්න ඕනේ. එජාපයෙන් ඡන්දය ඉල්ලපු කෙනෙක් කියලා ආණ්ඩුව කෝප වෙන්න අවශ්‍ය නැහැ. වෛද්‍ය සභාවේ නිතිරිති සංශෝධනය කරලා හරි වෛද්‍ය සභාව මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්න අවශ්‍යයි. මෙවැනි දෙයක් එංගලන්තයේ වුනා. තමන් හමුවට එන රෝගීන් මරා දැමූවෙක් සම්බන්ධයෙන් ක්‍රියාකරන්න වෛද්‍ය සභාවේ නිති රිති පවා එහිදී වෙනස් කළා. අපරාධයක් කරලා නම් ඒ අපරාධයට දඩුවම් කිරීමට කඩිනම් පරික්ෂණයක් කළ යුතුයි.
රටේ තිබෙන ගැටලු විසදන්න ජාතික ප්‍රතිපත්තියක් සකස් විය යුතු බව අපි විශවාස කරනවා. එක් පුද්ගලයෙක් කරළියට ගෙන ඒම වෙනුවට මුලුමනින්ම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීමෙම්ක්‍රමවේදයක් අවශ්‍යයි. සමහර නිති කල් පැන ගිහින්. ලංකාවේ විවාහ නිතියත් ඒ වගෙයි. මුස්ලිම් විවාහ ආඥා පනත යටතේ අවුරුදු 12ට වැඩි ඔනෑම කෙනෙකුට විවාහ වෙන්න හැකියවා තියෙනවා. කාතිවරයා පත්කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවයි. දික්කසාදයට යද්දි ස්වාමියා බිරිද තනිවම කාතිවරයා ඉදිරියට යන්න ඕනේ. පවුලේ නියෝජනයක් තියෙන්න බැහැ. එවැනි තත්ත්වයන් අපේ රටේ තියෙන්න බැහැ. ලෝකයේ මේ ප්‍රවණතාවයන් වෙනස් වෙලා තියෙන්නේ. නව නීති සම්පාදනය වෙලා විවාහය හා දික්කසාදය පොදු නිතියකට යටත් විය යුතුයි.
අද පාර්ලිමේන්තුවේ 225ම විවේඡනයට ලක්වෙනවා. සියයට දොළහමාරක්ව තිබුණු සමානුපාතික නියෝජන ක්‍රමය කිසිවෙක්ගෙන් විමසිමක් නොකර 5% දක්වා අඩු කලේ රණසිංහ ප්‍රේමදාස මහතායි. සමානුපාතික නියෝජන ක්‍රම යටතේ කිසියම් පක්ෂයක් හෝ කණ්ඩායමක් තමන්ට මන්ත්‍රීවරයෙක් පත් කරනගන්න නම් 12.5%ක ඡන්ද ප්‍රතිශතයක් තිබිය යුතු වුනා. මේකෙන් වුනේ පාර්ලිමේන්තුව විකෘතියක්විමයි. මේකෙන් කිසිම ආණ්ඩුවකට බහුතරය නිර්මාණය කර ගැනීමේ හැකියාවක් නැති වුනා. සමානුපාතික නියෝජන ක්‍රමය තියෙනවා නම් 12. 5 ගේන්න. නැත්නම් ආසන මට්ටමේ මැතිවරණ ක්‍රමයකට යන්න. එහෙම නොකර පාර්ලිමේන්තුවේ 225 බැනුම් අහන එක නතර කරන්න බැහැ.මේ ක්‍රමය තියෙන කල් පාර්ලිමේන්තුවෙන් ආවත් පිටින් ආවත් අගහරුලෝකයෙන් ගෙනාවාත් දේශපාලනඥයෙක්. මහජනයාට වගකියන ආයතනයක් බවට පත් කරගන්න, බහුතරයක් සහිත රජයක් පත් කරගන්න හැකි වෙන්නේ එහෙම කලොත් විතරයි.
අපේ රටේ පොදු නිතියට සියලු දෙනා යටත ්විය යුතුයි. වෙන්ව යන සංස්කෘතීන් සිටිය යුතු නැහැ. ඒ සදහා අපි පොදු හැගීමකින් ක්‍රියා කළ යුතුයි. සහරාන්ගේ ව්‍යාපාරය ඔස්සේ ලංකාව වහාබ්වාදයටයි ගියේ. ලංකාවේ ආන්ඩුවට යටත් නැති පාසල් අද අමාත්‍යංශයට ගන්න හදනවා. මේවායේ නිතියට විරුද්ධ අංශ සම්පූර්නයෙන් තහනම් විය යුතුයි.
නිෂ්පාදන ආර්ථිකයකට රට ගෙන යන්න කාර්මික අංශ දියුණු කළ යුතුයි. කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයකට ගෙනා යාමත් අපේ වගකීමක්.

■ ආණ්ඩුවට ඕනේ ඡ්නද පදනම ආරක්ෂා කර ගන්න විතරයි.
■ මැතිවරණයකට යන්න ගේන ඕනම යෝජනාවකට අපේ සහාය ලබාදෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
කුරුණෑගල ප්‍රශ්නය පදනම් කරගෙන ජාතික අසමගිය ඇති කර ගැනීමේ උත්සාහයක් සමහරුන්ට තියෙනවා. අත් අඩංගුවට පත්වුනු වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් වෙන්න කළින් ඔහුව නිර්දෝශී කරන්න, නිදහස් කරන්න කතා කරනවා. වරදක් කළා නම් සිංහල දෙමළ මුස්ලිම් කාට වුනත් නිතිය ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි.වරදක් නොකළා නම් ඔහු නිදහස් වෙයි.
අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිද දැමීමේ කුමන්ත්‍රණයක් තියෙනවා. නිදහස නැති දවසටයි ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම ඇති වෙන්නේ. තෝරා පත් කර ගන්නා නියෝජිතයින්ගේ වැරදි තියෙනවා නම් ඔවුන් වෙනස් කර ගැනීමේ හැකියාව ජනතාවට තියෙනවා. මේක විකෘති පාර්ලිමේන්තුවක්. 19 යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ඕනෑම යෝජනාවකට සහාය දෙන්න අපි සූදානම්. අද පාර්ලිමේන්තුවට ඡන්ද පදනම ගැන සිතමින් තින්දු ගන්න වෙලා තියෙන්නේ.ජනතාවගේ ඔලුවට වැරදි පණිවිඩයක් යවමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් දියත්වෙනවා. ඕනම රටක ඒකාධිපතිවාදයක් තියෙන අවස්ථාවකයි ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් වෙන්නේ. මහජනතාවගේ තෝරා ගැනීමේ අයිතියට අත තියන්න කිසිවෙක්ට අයිතියක් නැහැ. පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතු අය ඉන්නවා නම් ඔවුන්ව ජනතාව පාර්ලිමේන්තුවට එවන්නේ නැති වෙයි. කළින් පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා මන්ත්‍රීවරු පත්කර ගැනීමේ ක්‍රමයක් රටට අවශ්‍යයි.
අපි පාර්ලිමේන්තුවට ඇවිත් වසර 26යි. විශ්වාසභංග යෝජනා රැසක් අපි දැකලා තියෙනවා. මුස්ලිම් කොංග්‍රසයේ නායකයාට ගෙනාපු විශ්වාසභංග යෝජනාවයි මෑත ඉතිහාසයේ අපි හොදින්ම සවන් දුන්න විශ්වාසභංග යෝජනාව. අනුර බණ්ඩාරනායකමහතා පැයයි විනාඩි පහක් කතා කළා.කුරානයේ ඉදිකට්ටක් හොරකම් කළත් දඩුවම තියෙනවා.නැවක් හොරකම් කලොත් මොකද කරන්නේ කියලා ඇහුවා. එතකොට අෂ්රෆ් මහතා වරාය ඇමැති. එතුමා නිෂ්ෂබ්දව අහන් ඉදලා අනුර බණ්ඩාරනායක මහතා ඉදිරිපත් කරුණුවලට සාක්ෂි ඇතිව කරුණු ඉදිරිපත් කරලා එළියට බැස්සේ ජයග්‍රාහි විලාසයෙන්.කදිරගාමර් මහත්තයාට විශ්වාසභංගයක් ආවවාා. ඒ වෙලාවෙක් අනුර බන්ඩාරනායක මහතා කදිරගාමර් මහතාව දැඩිව විවේඡනය කළා. සාවධානව සියල්ලටම කන් දුන්න කදිරගාමර් මහතා ඊට පිළිතුරු දිලා පාර්ලිමේන්තුවෙන් එලියට ආවා. සෝම හාමුදුරුවොත් එක්ක විවාදයට ගිය අෂ්රෆ් ඇමැතිවරයා ආගමට සංඝයා වහන්සේට ගරු කරමින් ඒ විවාදය කළා. දැන් ගේන විශ්වාසභංග යෝජනාවලට මොනවා වෙනවාද දන්නැහැ. රවිකරුණානයක මහතාට රනිල් වික්‍රමසිංහට විශ්වාසභංග යෝජනා ගෙනාවා. තේරීම් කාරක සබා දැම්මේ නැහැ. අපිට තේරෙන්නේ නැත්තේ රිෂාඞ් බදියුදින්ගේ විශ්වාසභංග යෝජනාවට විතරක් තේරීම් කාරක සභාවක් දැම්මේ ඇයි.ඔඋනම ඇමැතිවරයෙක්ට විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුලුවන්. ඇමැතිවරු ඒවාට පිළිතුරු දෙනවා. රිෂාඞ් බදියුදීන්ට එතුමාට විරුද්ධ චෝදනාවලට කරුණු ඉදිරිපත් කරන්න පුලුවන්. 2017 දි 1500ක් අරන් එළියට බැහැලා මේ මිනිමරුවා අත් අඩංගුවට ගන්න කියලා කිව්ව බව මවුලවි වරයෙක් කියනවා. පොලිසියට , රටේනායකයින්ට ලියුම් ලිව්වා. ළගට ගිහින් කිව්වා. නමුත් කවුරු හෝ දේශපාලන මැදිහතවීමක් කරනවා. මඩකලපුවේ පොලීසිය මාරු කලේ දේශපාලන මැදිහත්වීමකින් කියලා ඒ අය කියනවා. 2017 කවුද නිතිය හා සාමය ඇමැති කවුද? 2017 දි මේ පනිවිඩය දිලා ලියුම් දීලා, පොලිස්පතිට කිව්වා නම් 1500ක් එක්ක පාරට බැස්සා නම් ඇයි මේ ගැන පරික්ෂණයක් නොකලේ. කාගෙද වරද? ඡන්ද පදනම අරක්ෂා කරගන්න ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිම පියවරක් ගත්තේ නැහැ. රුසියානු ජනාධීපති පූටින් කිව්වා රටකට එක නිතියක් තිබුය යුතුයි. යම් කෙනෙක් ඒ නිතියට ගරු කරන්නේ නැත්නම් ඔවුන් ගරු කරන නිතිය තියෙන රටකට යා යුතුයි කියලා. මේ සිංහග දෙමළ මුස්ලිම් ජනතාව එකට ජිවත් වුනු රට. අද මුස්ලිම් සමාජයම බිය වෙලා.ඉන්දියානු මැතිවරණයේදී ජාතික ආරක්ෂාව හා ජාතිකත්වයයි තේමා වුනේ. රාහුල් ගාන්ධි ඉන්දීය රුපියල් 6000ක් එක් පුද්ගලයෙක්ට දෙනවා කිව්වා සහනාදාර විදියට. මිනිස්සු බැලුවේ ජාතික ආරක්ෂාව ගැනයි.මේ නිසා මෝධිට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් වුනා. මහින්ද රාජපක්ෂ මහතා වසර තිහකින් යුද්ගය අවස්න කරලා ජාතිකත්වය හා ජාතික ආරක්ෂාව තහවුරු කළා. මේ ආන්ඩුව අදත් ඡ්නද පදනම ගැන හිතනවා. ඡන්ද පදනම් ගැන කතා කරපු ඉන්දියාවේ ක්‍රියාත්ම වුනේ ජාතිකත්වය හා ජාතික ආරක්ෂාවයි. 19 වැනි ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෙෘ්ධනය කරලා වහාම මැතිවරණයකට ගිහින් මේ විකෘති පාර්ලිමේන්තුව ඉවත් කළ යුතුයි. ශක්තිමත් හොද මිනිස්සු ඉන්න පාර්ලිමේන්තුවක් ජනතාව පත් කරයි. ආන්ඩුව කරගෙන යන්න බැරි නිසා තවත් රටේ ප්‍රශ්න ඇති කරන්නේ නැතිව කඩිනමින් මැතිවරණයකට යන්න කියලා අපි ආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

■ සිරිකොතේ ලයිට් බිල් ගෙවපු කෙනාට පැලවත්ත සිනි කර්මාන්තශාලාව දෙන්න ආණ්ඩුව සූදානම් වෙනවා.
■ කුරුණෑගල මව්වරුන්ට වුනේ පියවා ගන්න බැරි පාඩුවක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා
ශ්‍රී ලනිපය ආන්ඩුවෙන් ඉවත් වුන නිසා අපිට වැඩ කරන්න පුලුවන් කියලා එජාප ආණ්ඩුව පම්පොරි ගැහුවා. දැන් ආන්ඩුව කරන දේ පේනවානේ. අපේ කාලයේ රාජ්‍ය අංශය ශක්තිමත් කළා. පාඩු බලන ආයතන දියුණු කරන්න පනතක් ගෙනාවා. ඒ පනත යටතේ පැලවත්ත සිනි කර්මාන්තය, වාලච්චේන කඩදාසි ආයතනය වැනි දේ ලාභ ලබන ආයතන බවටපත් කළා. දැන් ආයෙත් සෙවනගල රජයේ ඇමැතිවරයෙක්ට දෙන්න යනවා. ඉස්සර සිරිකොතේ ලයිට් බිල් වතුර බිල් ගෙවන කෙනාටයි දෙන්න යන්නේ. අපි මේක කරන්න දෙන්නේ නැහැ. මේ පනත ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා ගෙනත් තියෙන්නේ.මේ පුද්ගලීකරණය කරන්න පටන් ගන්නේ.තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න ඇගේ දා ගන්න හදන මේ ආන්ඩුවට කිසිම විලිලැජ්ජාවක් නැහැ. මේ වැඬේ වුනොත් සේවකයෝ පාරට බහිනවා. අපිත් එක්ක ඉන්නෙ ජාතිවාදි පක්ෂ නෙවෙයි. ජාතිවාදය නිසයි මේ රට විනාශයෙන් විනාශයට පත්වුනේ. ආගම්වාදයත් ඒ වගේම තමයි. ජාතිවාදයට ආගම්වාදයට මේ රටේ ඉඩ දෙන්න බැහැ. ජනාධිපතිවරණය දිනාගන්නයි මේ එකිනෙකා සතුටු කරන්නේ. රිෂාඞ් බදියුදීන් මාධ්‍යයට වැරදි කියන්නේ නැතිව තමන්ගේ වැරදි හදාගන්න ඕනේ.
කුරුණෑගල මව්වරුන්ට වුන අසාධාරනය මුදල්වලින් පියවාගන්න බැහැ. සෞඛ්‍ය ඇමැතිවරයා, වෛද්‍ය සංගම් සියලු දෙනාම මේ මව්වරුන්ට කරපු හෙන ගහන අපරාධය ගැන සොයන්න ඕනේ. මව්වරුන්ට වන්දියක් ගෙවන්න ඕනේ. එජාප ලයිස්තුවෙන් ඡන්දෙ ඉල්ලපු මේ වෛද්‍යවරයා රිෂාඞ් බදියුදින්ගේ පක්ෂයේ කෙනෙක්. එන්න එන්නම වැරදි ගොඩ ගැහෙමින් තියෙන්නේ. මේවා තේරීම් කාරක සභාවලට දාලා යට ගහලා හරියනවාද. වෙන රටක නම් ජනතාව ගහලා එලවලා. අවුරුදු හතරහමාර තුළ මොකක්ද කරපු හොදේ. කට්ටිය සතුටු කරන්න කියලා බහුතරයක් ජනතාව පිඩාවට පත්කරනවා. ගොවියන්ට මිලක් නැහැ.කළමණාකරණයක් නැහැ. තව මාස හතරක් ආණ්ඩුව තියෙනවා කියන්නේ තව තවත් විනාශයටයි රට යන්නේ. මෙ ආණ්ඩුව ගැන ලෝකයටම විශ්වාසයක් නැහැ. ආණ්ඩුව පෙරලෙනවා කියලා දන්න නිසා රාජ්‍ය නිලධාරීන් වැරදි කරන්නේත් නැහැ. කෝටි 5ක් ගමට දෙනවා කියමින් මිනිස්සු රැවටිමයි කරන්නේ. ජනතාව බලන් ඉන්නේ ආණ්ඩුව ගෙදර අරින්න. ජනතාව වෙනුවෙන් කරන්න තියෙන ලොකුම සේවාව මහමැතිවරණයකින් ජනතාවගේ ආණ්ඩුවක් පත් කර ගැනීමට ඉඩ දෙන එකයි.

බය නැති අගමැති රිෂාඞ් ගෙනාපු විශ්වාසභංගයට බය වෙලා

අද දින (24) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

■ ජනතාව චෝදනා එල්ල කරන රිෂාඞ් බදියුදීන්ව ආන්ඩුව ආරක්ෂා කරනවා.
■ ලංකා ඉතිහාසයේ පළමුවතාවට විශ්වාසබංග යෝජනාවක් තේරීම් කාරක සභාවකට යොමුකළ අවස්ථාව මෙයයි.
■ ජවිපේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව දියාරු කරන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙහාන් සේමසිංහ මහතා
රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම රජය දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටිනවා. මේ යොජනාවේදී ඡන්දය ප්‍රකාශ කිරිම සම්බන්ධයෙන් රජය තුළ බරපතල බෙදිමක් තිබෙනවා. පසුගිය 21 වැනිදා ප්‍රහාරයත් එක්කම රිෂාඞ් බදියුදීන් ඇතුලු කිහිපදෙනෙක්ට ජනතාව චෝදනා කරමින් තිබෙනවා. නමුත් අපිට පේන්නේ ආණ්ඩුව රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයාව ආරක්ෂා කරන බවයි. මේ ප්‍රහාරයෙන් සිද්ධවුනු ඝාතන සංඛ්‍යාව සම්බන්ධයෙනුත් තවම එකගතාවයක් නැහැ.එකපාරක් 350ක් කියනවා. ඊට අඩුයි කියනවා. නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවන්න අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනාව අවස්ථාවේ ඉදන් ආන්ඩුව ඉගි පලකලේ විශ්වාසභංග යෝජනාව ගේනන ඉඩ නොදෙන බවටයි. මිට පෙර විශ්වාසභංග යෝජනා ගෙනත් තියනවා. නමුත් ඒ කිසිම අවස්ථාවක විශ්වාසභංග යෝජනාව විවාදය කරන්නේ නැතිව තේරීම් කාරක සභාවක්පත් කරලා එහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයට ලක්කලේ නැහැ. තේරීම් කමිටුවක් පත්කරන්න ඉල්ලිමක් ඉදිරිපත්කරලා තියෙන්නේ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නයි.
රජය ආරක්ෂා කරන්න, රජයට රැකවරණය දෙන්න, රජය පවත්වා ගෙන යන්න රිෂාඞ් බදියුදින් ඇතුලු මන්ත්‍රීවරුන් කිහිප දෙනාගේ සහාය අවශ්‍යයි. බැදුම්කර හොරකමේ මහා මොලකරු වුනු අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කරනවාටත් වඩා පියවරක් ඉදිරියට ගිහින් ත්‍රස්ත ප්‍රහාරයට සමාජයෙන් චෝදනා එල්ලවන රිෂාඞ් බදියුදීන් ආරක්ෂා කරමින් සිටිනවා. පහුගිය වසර කිහිපයම බැදුම්කර වංචාව වහගන්න උත්සාහ කරමින් සිටිය ආණඩුව දැන් මොහොතකට එය අමතක කරලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අය ආරක්ෂා කරමින් සිටිනවා. මහ බැංකු හොරු පාර්ලිමේන්තුව නියෝජනය කරනවා වගේම මේ ත්‍රස්තවාදයට සම්බන්ධ අයත් නිදහසේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරමින් සිටිනවා.
කතානායකවරයා මොන ස්ථාවර නියෝග යටතේද විශ්වාසභංග යෝජනාවක් තේරීම් කාරක සභාවට යොමුකලේ කියලා අපි ප්‍රශ්න කරනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කරපු තේරිම් කාරකසභාවකට වඩා මේක රිෂාඞ් බදියුදීන්ට සුදුහුණු ගාන්න පත්කරපු එකක්. මේ වෙද්දි රජයේ පැත්තෙන් අට දෙනෙක් නම් කරලා. සුමන්දිරම් ඇතුලු මේ අට දෙනාගේ සංයුතිය බැලුවාම කාවින්ද ජයවර්ධන හා සරත් ෆොන්සේකා ඇරෙන්න ආනෙක් සියලු දෙනාම මුනිවත රැක්කා. ඒ කියන්නේ මොවුන් පුර්ව නිගමනයකට ආවා රිෂාඞ් බදියුදින් මෙයට සමබන්ධ නැති බවට. කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා කතෝලික ජනතාව නියෝජනය කරමින් මේ අසාධාරණ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පෙනී හිටියිද නැත්නම් ඔහුට තියෙන කතෝලික ඡන්ද ප්‍රමාණය ගැන හිතලා මේ කමිටුවට පත්කළාද කියන්න බැහැ.
රජය එක්ක අවුරුදු හතරහමාරක් හිටපු ජවිපේ රජයට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනත්. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හතර දෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායමකට විශ්වාසභංග යෝජනාවක් ගෙනත් දිනන්න බැරි බව ඕනම පුංචි ළමයෙකුට තේරෙනවා. ඒ නිසා ජවිපෙට සදාචාරාත්මක යුතුකමක් තිබුණා විපක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරු සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවය කියලා මේ විශ්වාසභංග යෝජනාව ගේන්න. ඔවුන් විශ්වාසභංග යෝජනාව ගෙනාවේ රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව දියාරු කරන්නයි. ඒකාබද්ධ විපක්ෂය විදියට අපි පහුගිය කාලය පුරාම මේ ආන්ඩුවේ වැරදි වලට එරෙහි වුනා. ජවිපේ තවම අපිත් එක්ක සාකච්ඡා කරලා නැහැ. මේ විශ්වාසභංග යෝනාවේ අන්තර්ගතය බලලා ඊට පස්සේ පක්ෂ නායක තීන්දුවකට අනුව අපි ඡන්දය භාවිතා කරන හැටි ගැන තිරණය කරනවා. මේ වෙනකල් ජන පිඩක ආන්ඩුවට එරෙහි වෙමින් අපි ජනතාව වෙනුවෙන් පෙනි සිටියා.
අපි ඉදිරිපත් කරපු විශ්වාසභංග යෝජනාවේ පලවෙනි චෝදනාව රිෂාඞ් බදියුදින් ඇමැතිවරයා හමුදාපතිවරයාට කතාකර සැකකරුවන් සම්බන්දයෙන් විමසීමයි. අද අයිලන්ඞ් පුවත් පතේ තියෙනවා අදාල පුද්ගලයා සම්බන්ධයෙන් පොලීසියක් පොලීසියක් ගානේ ගිහින් හොයලත්, තොරතුරක් හොයා ගන්න බැරි වුන නිසා රුවන් විජේවර්ධන ඇමැතිවරයාට කතාකලා. ඒ වෙලාවේ ඔහු රිෂාඞ් බදියුදින්ට උපදෙස් දුන්නාලු හමුදාපතිවරයාට කතා කරලා ඒ සම්බන්ධයෙන් විමසන්න. ඇමැතිවරයෙක්ගේ රාජකාරිය වෙන්නේ කිසියම් පැමිණීල්ලක් තියෙන අවස්ථාවක අත් අඩංගුවට ගත්ත අය සම්බනක්ධයෙන් සෙවිමද, හමුදාපතිවරයාට කතා කිරීමද, එහෙමත් නැත්නම් ඔහු කළ යුතුව තිබ්බේ පොලිස්පතිවරයාගෙන් විමසිමද? පොලිස් අත් අඩංගුවට ගත්ත කෙනෙක් ගැන පොලිස්පතිවරයාගෙන් නොවිමසා රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාගේ උපදෙස් අනුව හමුදාපතිවරයාගෙන් විමසීම ගැන අපි පුදුම වෙනවා. රටේ ආරක්ෂක ඇමැතිවරයා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතාවගේ චෝදනාවට ලක්ව සිටින ඇමැතිවරයෙක්ට හමුදාපතිවරයාට කතා කරලා විමසීමක් කරන්නයි කියන එකත් ඉතාම සැකසහිතයි. මෙවැනි විමසීමක් කරන්න කිව්වාද, එහෙම විමසීමක් කරන්න කිවවේ ඇයි කියන එක ගැන රුවන් විජේවර්ධන ඇමැතිවරයා රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා වශයෙනුත් හිටපු වැඩ බලන ආරක්ෂක ඇමැතිවරයා විදියටත් රට හමුවේ ප්‍රකාශයක් කළ යුතුයි.
මාධ්‍යවේදීන්ට දැඩි දඩුවම් දීමේ පනතක් පිළිබද සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේ. එම නිතිය ක්‍රියාත්මක කරනවාට දැඩි විරෝදය පානවා කියලා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා සදහන් කළ බව මව්බිම පුවත්පත වාර්තා කරනවා. මෙතෙක් කල් රජය පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා දිලින් දිගටම මාධ්‍යවේදින් හා මාධ්‍ය ආයතන දඩයම් කළා. මාධ්‍ය ජනතාවට සත්‍ය තොරතුරු ලබා දිම අද ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙලා. ජනතාව පිළීනොගන්නා ආන්ඩුවක් විසින් කරන දේ මාධ්‍ය මගින් හෙලිවීම තමයි අද ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ඒ නිසා කරුනාකරලා මාධ්‍ය අවදියෙන් ඉන්න. මෙතෙක් මාධ්‍යට තර්ජනය කරන්න පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරපු ආන්ඩුව නිති රිති සම්පාදනය කරලා මාධ්‍ය දඩමට සුදානම් වෙනවා. අපි ඒකාබද්ධ විපක්ෂය විදියට මාධ්‍ය මර්ධනයට විරුද්ධව පෙනී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය රජ කරන්න ඇවිත් නීතිරීති පනවලා තමන්ට ඇවැසි දේ පමණක් ප්‍රචාරය කරවන්න දරන මේ උත්සාහය ගැන අපි කණගාටු වෙනවා.

■ බය නැති අගමැති රිෂාඞ් බදියුදීන්ට ගෙනාපු විශ්වාසභංගයට බය වෙලා.
■ නවින් දිසානායක ඇමැතිවරයා රිෂාඞ් බදියුදීන්ගේ සංවේදි කදුලු දැක්කට, බෝම්බ ප්‍රහාරවලින් වේදනාවට ලක්වුනු දරුවන්ගේ කදුලු දැක්කේ නැහැ
■ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ කලා කටුයුතු ඇණ හිටීම නිසා කලාකරුවොත් අසරණයි

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා
බය නැති අගමැති හා ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියමින් උඩබුරපු සභානායක ඇතුලු එජාපයේ සියලු දෙනා රිෂාඞ් බදියුදින්ගේ විශ්වාසභංගයට බය වෙලා ඉන්නේ. බය නැත්නම් විශ්වාසභංග යෝජනාව පසුවට නොතියා එලැඹෙන මාසයේ මුල්සතියේ පාර්ලිමේන්තු සැසියේම මේ විවාදය ගන්න. මේ පත්කරලා තියෙන තේරීම් කාරක සභාව පත්කරලා තියෙන්නේ රිෂාඞ් බදියුද්න්ගේ පිරිසිදුභාවය ඔප්පු කරන්න. එජාපය බලයට පැමිණිදා ඉදලාම විවිධ කමිටු පත්කරපු නිසා අපිට මේ කමිටු පිළිබදවත් හොද අවබෝධයක් තියෙනවා.
බැදුම්කර වංචාවටත් කමිටුවක් දැම්මා. සාලාව ආයුධ ගබඩාව ගිනි ගත්තාමත් කමිටුවක් පත්කළා. කැබිනට් එකේ ඇමැතිවරු කොකේන් ගහනවා කියලා රංජන් රාමනායක කියපු කතාවටත් කමිටුවක් දැම්මා. මේ කමිටුවලට මොනවා වුනාද දන්නේ නැහැ. රිෂාඞ් බදියුදීන්ට සුදු හුණු ගාන්න ගෙනාපු මේ කමිටුවෙන් සිද්ධ වෙන්නෙත් රිෂාඞ්ට සුදුහුණූ ගාලා සෝදලා පිරිසිදු කරලා නැවත දේශපාලනය කරන්නත්, මෙවැනි චෝදනා සහිත ක්‍රියාකාරකම්වලට නැවත ජිවයක් ලබා දිමයි වෙන්නේ. පාස්කු ඉරිදා සිද්ධියෙන් ජිවතක්ෂයට පත්වුනු ජනතාවටත්, අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ඉන්න අයටත් අසාධාරණයක් වෙන්නේ.
හෙක්ටර් අප්පුහාමි කතෝලික මන්ත්‍රීවරයා මේ විශ්වාසභංගය නාටකයක් කිව්වා. මේ රටේ ජනතාව දන්නවා පාර්ලිමේන්තුවේ නීති රිතී කඩමින් කරන නාටක මොනවාද කියලා. කතෝලික ජනතාවගේ ජිවිත අහිමි වෙලා තියෙද්දි, ඒ ජනතාව අසරණ වෙලා ඉන්න වෙලාවක මෙවැනි ප්‍රකාශ කරමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට කඬේ යාම ගැන ලැජ්ජයි. තමන්ට ඡන්දය දුන්න ජනතාව සහ කතෝලික ජනතාව නෙවෙයි හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා නියෝජනය කරන්නේ.
නවින් දිසානායක ඇමැතිවරයා නිවැරදිභාවය ඔප්පු කරන්න සෑහෙන උත්සාහයක යෙදිලා ඉන්නවා. එතුමාගේ ප්‍රකාශය මාධ්‍යයෙන් නිවැරදිව ප්‍රචාරණය වුනා. එතුමා රිෂාඞ් බදියුදින්ගේ සංවේදි කදුලු ටිකයි දැකලා තියෙන්නේ. මඩකලපුවේ, කොළඹ මහ රෝහලේ වේදනාවෙන් ඉන්න අහිංසක පුංචි දරුවන්ගේ වේදනාව ඔහුට දැනිලා නැහැ. මේ වෙද්දි රටේ ආර්ථිකය විනාශ වෙලා ඉවරයි. මේ සිද්ධීයෙන් පස්සේ රටේ කලාකරුවෝ ඉන්නේ අසරණ වෙලා. ප්‍රසංග වේදිකාව ගත්තාම සංගීත ශිල්පීන්ට රැකියාව අහිමි වෙලා. සිනමාව, වේදිකාව ගත්තත් ඒ විදියමයි. මේ කලාකරුවන් අසරණ වෙලා ඉන්න නිසා ඔවුන් වෙනුවෙන් සහනදායි වැඩපිළීවෙලක් අවශ්‍යයි. ඔවුන් යම් ණය මුදලක් ලබා ගෙන තිබෙනවා නම් ඒ සදහා කිසියම් වැඩපිළිවෙලක් ඉක්මනින් අරඹන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. උසනම් සිකුරිටි මිටිනම් කම්කරු කියලා කලාකරුවන් ගැනනම් තීන්දු ගන්න එපා. හෘද සාක්ෂියක් තියෙන සියලුම මන්ත්‍රීවරුන් මේ විශ්වාසභංගයේදි ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන බව විශ්වාසයි.

■ රිෂාඞ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙනත් තියෙන මේ වෙලාවේ කතානායකතුමා හැසිරෙන්නේ බබෙක් වගේ.
■ ඊළග ජනාධිපති අපේක්ෂකයා කියන කැරට් අලය කතානායකවරයාට ලැබිලා තියෙන නිසයි මේ විදියට හැසිරෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා
රිෂාඞ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙනත් තියෙන මේ වෙලාවේ කතානායකතුමා හැසිරෙන්නේ බබෙක් වගේ. ඒ වුනාට අපේ ආන්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාව අවස්ථාවේ විනාඩි කිහිපයකින් “ඒ සම්බන්ධයෙන් තීරණ අරන් හඩ අනුව තීන්දු දුන්නා. නමුත් අද විශ්වාසභංගය ගෙනාපු වෙලාවේ කියන්නේ මට තින්දුවක් ගන්න ක්‍රමයක් නැහැ. පක්ෂ නායකයින් එකතු වෙලා තින්දුවක් ගන්න. සභානායක තින්දුවක් ගන්න.” වගේ දේවල් කියනවා. එදා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා න්‍යාය පුස්තකයේ විශ්වාසභංගයක් නැහැ කියද්දිත්, මිනි මැරෙයි කියන වෙලාවේ කතානායකතුමා කිව්වේ “මිනියක් නෙවෙයි.මිනි දහයක් මැරුනත් මම මේ විශ්වාසභංගය ගන්නවා ” කිව්වා. මේ දෙබිඩි පිළීවෙතින් අද පැහැදිලිවම පේනවා කතානායකවරයා හැසිරෙන්නේ එජාපයේ අවශ්‍යතාවය අනුව බව. ඊළග ජනාධිපති අපේක්ෂකයා කියන කැරට් අලය ඔහුට ලැබිලා තියෙන නිසයි මේ විදියට හැසිරෙන්නේ. එජාපය කාලෙන් කාලයට ජනාධිපතිවරණ අපේක්ෂකවරු ඉදිරිපත්කරනවා. හරියට ගණිකාවකගේ පතිවත වගේ තමයි. එක් වරෙක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වනවා. කරූ ජයසූරිය කියනවා.කුමාර සංගක්කාර කියනවා. දැන් අලුත්ම කෙනා ධම්මික පෙරේරා.
එදා ඥාණසාර හිමියන්ව නිදහස් කරන්න කියලා අපේ මහානායක හිමිවරු, කාදිනල්තුමා කිව්වා. නිදහස් කිරීමට නොහැකියාව ගැන හේතු කාරණා දැක්විමක්වත් කලේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ. බසුනාහර පළාතේ අනුනායක අසාත ්සාලි, නැගෙනහිර පළාතේ අනුනායක හිස්බුල්ලා කියන ප්‍රකාශ තමයි ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ. ආන්ඩුව පිළිගන්නේ කවුරු කියන දේද කියලා දැන් පැහැදිලියි.
දැන් තේරිම්කාරක සබාවක් දාලා රිෂාඞ් බදියුදින්ට සුදුහුණු ගාන්න සූදානම් වෙනවා. වැරදිකරුවන්ට දඩුවම් දනේන කියලා මහානායක හිමිවරු වගේම කාදිනල්තුමාත් ඉල්ලා සිටිනවා. එජාපයේ මන්ත්‍රීවරු රැසක් මේ වෙද්දි ත්‍රස්තවාදයට එරෙහිව පෙළ ගැසිලා ඉන්නවා. ඒ මන්ත්‍රීවරුන්ගේ හඩ යටපත් කරලා රිෂාඞ්ව රකින්නයි පියවර ගනිමින් සිටින්නේ.
මොංගල් මංගලත් රටේ ප්‍රශ්න වැඩිකරන්න අත්සාහ කරනවා. මාධය මර්ධනය කරමින් ත්‍රස්තවාදි ප්‍රශ්නය වෙනතකට යොමු කරන්නයි මොවුන් උත්සාහ කරන්නේ.ත්‍රස්තවාදීන්ට දඩුවම් කිරීම වෙනුවට සිංහල මුස්ලිම් ගැටමකට මුල පුරලා ලොකු ගැටුමක් රටේ හදන්නයි මේ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ. මිනුවව්ගොඩ වැනි ප්‍රදේශවල අර්බුද හදද්දි අපේ සංඝරත්නය මංගලගේ මොංගල් කියමන් වලට යට වුනේ නැහැ. දඩුවම් කරන්න ඕනේ සැබෑ මුස්ලිම් ජනතාවට නෙවෙයි.ත්‍රස්තවාදය පෝෂණය කරපු අන්තවාදින්ටයි කියන තැනයි අපි ඉන්නේ. කබීඒ හසීම් වැනි අයට අපි විශ්වාසභංග ගෙනත් නැහැ. වහාබ්වාදය පතුරන රිෂාඞ් බදියුදීන්ට එරෙහිව විතරයි අපි විශ්වාසභංග යෝජනාව ගෙනාවේ.

දුවේ පුතේ ඔබට නිවහල් නිදහස් දේශයක් තිළිණ කර ඇත..

අද දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

■ මේ ආන්ඩුවේ ආයුෂ ගෙවිලා, ජනතාවගේ අවස්ථාව ලැබෙනකල් රටේ කලඹලයක් නම් ඇති කරන්න එපා

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී ලොකුගේ මහතා
පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ පුපුරලා මාසයක් පිරුනා. දරුවන් වැඩි පිරිසක් පාසල් ඒම සම්බන්ධයෙන් ත්‍රිවිද හමුදාව ඇතුලු හමුදාවන්ට ස්තූතිවන්ත වෙනවා. විපක්ෂයක් විදියට රට අක්‍රීය කරන්න අපිට බැහැ. ඒ නිසයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාරට බැහැලා ජනතාවගේ විශ්වාසය තහවුරු කලේ.
අපි ඒකාබද්ධ විපක්ෂය විදියට මන්ත්‍රීවරුන් 66කගේ අත්සන් සහිතව විශ්වාසභංග යෝජනාවක් භාර දුන්නා. රිෂාඞ් බදුයුදින්ට එරෙහි මෙම විශ්වාසභංග යෝජනවට දෙමල ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පවා සහාය දෙන බව කිව්වා. ඒ අතරේ ජවිපේ වෙනත් කටයුත්තකට මුල පිරුවා. කතානායකතුමා ජවිපේ පැත්ත අරන් තේරිම් කමිටු වාර්තාවෙන් පස්සේ මේ විවාදය ගන්න තීරණය කළ බව කියැවෙනවා. මේ ඇමැතතුමා සම්බන්ධයෙන් විශාල චෝදනාවක් එල්ල වෙලා තියෙද්දිත් එජාපය වක්‍රව ඔහුට උදව් කරනවා. යුද විශේෂඡයෙක් වන මහාචාර්ය ගුණරත්න මහතා කියනවා බුද්ධි අංශය විසුරුවා හැරීම,මුරපොලවල් ඉවත් කිරීම, සුලු දේශපාලන පක්ෂවල ඕනෑ එපාකම් වෙනුවෙන් පෙනී සිටිම නිසා මේ තත්ත්වය ඇති වුන බව සදහන් කළා. අගමැති ජනාධිපති මෙයට වගකිව යුතුයි. 2015 දෙන්නාම කතා කලේ මෛත්‍රි ජනපති කරන්නත්, රනිල් අගමැති කරන්නත් තමයි. ජවපෙත් මෙයට වග කිව යුතුයි. මේ ආන්ඩුව පළාත්සභා මැතිවරණය කල් දැම්මේ ජනතාව ඉල්ලලා නෙවෙයි. උසාවිය පළාත් සභා මැතිවරණය කල් දාන්න එපා කිව්වා. අපි පාර්ලිමේන්තුවට මේ පනත ඉදිරිපත් කරන්න කිව්වා. මං කතානායකතුමාගෙන් ඇහුවා කමිටුවේදි කතා නොකරපු දේවල් කොහොමද පාර්ලිමේන්තුවේදී කතා කරන්නේ කියලා. එදා කරපු දේමයි අදත් වෙන්නේ. කතානායකතුමාට තිබුණා මේ විවාදයට අවස්ථාව දෙන්න. අඩුම තරමේ මහා මැතිවරණයට ගිහින් ජනතාවට අවස්ථාව අරන් දෙන්න.
අද ශරියා පාසල් රජයට ගන්නලු. මඩකලපු විශ්ව විද්‍යාලය රජයට ගන්නලු. අවුරුදු 4ක් මොනවාද කලේ. මාවනැල්ල සිද්ධියට නිවැරදි පියවරක් ගත්තා නම් මෙහෙම වෙන්නේ නැහැ. අද සංචාරක කර්මාන්තය කඩා වැටිලා. දෙනවා කියන සහන දෙන්නේ නැහැ. දැන් හෝටල්වල ඩිස්කවුන්ට් දෙන්නේ කරන්න දෙයක් නැතිව. සංචාරක ව්‍යාපාරය ගෙනියන්න මේ හෝටල් නඩත්තු කරගන්න වෙනවා. මේ ව්‍යාපාරය ආශ්‍රිත රැකියාවල නියුතු සියලු දෙනා අද අමාරුවේ. රට දවසින් දවස බිමට වැටෙනවා. ආන්ඩුවට ඕනේ කරන්නේ රටේ කෝලහාලයක් ඇති කරලා ජාත්‍යන්තර හමුදාවන් ගෙන්වගන්න. රාජ්‍ය නොවන සංවිධාන 15ක් මේ වන විටත් ජාත්‍යන්තර හමුදාවන් එවන්නයි ඉල්ලීම් කරනවා.
මේ ආන්ඩුවේ ආයුෂ ගෙවිලා, ජනතාවගේ අවස්ථාව ලැබෙනකල් රටේ කලඹලයක් නම් ඇති කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.

■ දුවේ පුතේ ඔබට නිවහල් නිදහස් දේශයක් තිළිණ කරලයි තියෙන්නේ. ඔබ නිදුක් නිරෝගී උගත් බුද්ධිමතෙක් කරන වගකීම තේරි පත්වෙන ජනාධිපතිවරයාට තියෙනවා කියලා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිධූරයෙන් නික්මිලා ගියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සි. බි. රත්නායක මහතා
විපක්ෂයක් විදියට අපේ අරමුණ ආන්ඩු බලය ලබා ගැනීම වුනත් ජිවිත ගණනක් නැති වෙලා, මියගිය අයගේ ජිවිත මතින් අපි ආන්ඩුවක් ගන්න සූදානම් නැහැ. ඔක්තෝම්බර් මාසයේ වුනු ආන්ඩු මාරුව වෙලාවේ කටයුතු කරපු ආකාරය ගැන කියන්න අවශ්‍ය නැහැ. කතානායකගේ හැසිරීම වගේම ජවිපේ විජිත කුමාර අධීවේගයෙන් විශ්වාසභංගය භාර දුන්න හැටි මතකයි. ලංකා ඉතිහාසයේ විනාඩි 20න් ඡන්දයක් විමසන්න තිරණය කළා. තානාපතිවරු මේදිහා බලාගෙන අත් පොලසන් දුන්නා. උන්ගේ වුවමනාවට රට නටවන්නයි කටයුතු කලේ. අපි මේ දේ තේරුම් කළත් අවධානය යොමුකලේ නැහැ. අද 225ම එපා කියන දේ සමාජගත කරන්නේ ආන්ඩුවමයි. 225න් 197ක් මහජන ඡන්දයෙන් තේරී පත් වෙනවා. නිති සම්මත කර ගන්න ක්‍රියාමාර්ගය වෙන්නේ පාර්ලිමේන්තුවේ. මේ තැන්වල නොයෙක් අය ඉන්න පුලුවන්. නමුත් රටට නිවැරදි නායකත්වයක් දෙමින් ක්‍රියාකරපු පාර්ලිමේන්තු තියෙනවා. හැම ජනාධිපතිවරයෙක්ගෙම කාලයේ බෝම්බ පුපුරනවා කිව්වා. ඒ වුනාට මහින්ද රාජප්කෂ ජනාධිපතිවරයාගේ කාලයේ තමයි බෝම්බ පුපරන එක නතර කලේ. අවුරුදු 10ට පස්සෙයි මේ බෝම්බ පිපුරුවේ. දුවේ පුතේ ඔබට නිවහල් නිදහස් දේශයක් තිළිණ කරලයි තියෙන්නේ. ඔබ නිදුක් නිරෝගී උගත් බුද්ධිමතෙක් කරන වගකීම තේරි පත්වෙන ජනාධිපතිවරයාට තියෙනවා කියලා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිධූරයෙන් නික්මිලා ගියේ. මවුලවී කෙනෙක් කිව්වා මේ සංධානය මුස්ලිම් ප්‍රජාව පවා විනාශ කරන බව කිව්වා. මේ සම්බන්ධයෙන් පැමිණිලි පවා කරලා තියෙන වෙලාවක අවශ්‍ය පියවර නොගත්තේ ඇයි? බුද්ධි අංශය අකර්මන්‍ය කළා. ඔවුන් හිර කළා. මේ රටේ ජන ජිවිතය අඩාල කරන්න සූදානමක් තියෙන වෙලාවක කිතුණුවන්ගේ ජීවත උදුරා ගත්තා. මේක වැරදුනා නම් වෙසක් පොහොය දවසේ මේ වගේ දේවල් කරන්න ඉඩ තිබුනා. මේ වගේ සිල් සමාදන් වෙන රටක් , දන්සල් දෙන, පිං පමුණුවන රටක් නැහැ. අපිව යහමගට යැව්වේ අපේ බෞද්ධ නායකයින්. බුදුන්ගේ කාලේ දෙව්දත් හිටියා. ඒ කාලේ දෙව්දත්ට ඇදුම් මහපු අයත් හිටියා. මේ කාලයෙත් ඒ විදියටම ඇදුම් මහණ කෙනෙක් ඉන්නවා. නුතන චිංචිමානවිකාවකුත් ඉන්නවා චිවරධාරියෝ ගැන කතාකරන. සහෝදරයාට ජනතාවගේ තියෙන ආදරයෙන් පාර්ලිමේන්තුවට ආපු මේ චිංචිමානවිකාවෝ කියන දේ ජනතාව තේරුම් ගනියි. මේ සංවිධානයට ව්‍යාංගයෙන් සහාය දුන්න අය හරි ඉන්නවා නම් ඉවත් කරන්න කියලයි ජනතාව ඉල්ලන්නේ. පාර්ලිමේන්තුවේ මේ සංවිධානයේ අය ඉදියි කියලා කවුද හිතුවේ. අපි විශ්වාසභංගය ගෙනාවම කටයුතු කරන ආකාරය පේනවානේ. බොරුව සමාජගත කරලා ගත්ත බලය රැක ගන්න රට පාවා දෙන්න සූදානමක් තියෙන්නේ. දරුවෝ නැති අයට දරුවෝ ගැන කැක්කුමක් නැහැ. සිද්ධිය අවස්ථාවෙම අපි හැංගිලා හිටියොත් මිනිස්සු වැටෙනවා කියලා පාරට බැස්සා. ඒ වගේම පාසල් ලගට ගිහින් ජනතාවට ශක්තියක් දුන්නා. ඒ විතරක් නෙවෙයි. එදා හමුදා නායකයින්ගේ අදහස් අරන් යෝජනාවක් සකසලා ජනාධිපතිවරයාට භාරදුන්නා. අපි රටේ ආරක්ෂාව තහවුරු කරන්න පියවර ගත්තා මිස ආන්ඩුවක් ගන්න මෙය අවස්ථාවක් කර ගත්තේ නැහැ.
විශ්වාසභංගයක් ගෙනත් ආන්ඩුව ගෙදර යවන්න නෙවෙයි අපි සූදානම් වුනේ. තීන්දුවක් ගන්න කොන්දක් කතානායකවරයාට තිබුනේ නැහැ. ත්‍රස්තවාදියා ත්‍රස්තවාදියාට උදවු කරනවා. ඒ වගේ තමයි තවත් විශ්වාසභංගයක් ගෙනාවේ. එජාප කණ්ඩායම් රැස්වීමේදී රිෂාඞ් බදියුදීන් එක්ක අපි කතාකරන බව කියනවලු. ඔහුත් එක්ක අත්වැල් බැදගන්න අපි සූදානම් නැහැ. ඔහු ඉන්න ආන්ඩුවක ඉන්න අපි සූදානම් නැහැ. තොප්පිය හැරෙන හැරෙන පැත්තට කතා කරන්න එපා. ත්‍රස්තවාදය ආරක්ෂා කරන්න උඩගෙඩි දුන්න අය නිතියේ රැහැනට ගේන්න ඕනේ. අපි තව මාස හයකින් අපේ ආන්ඩුව ගෙනත් වැරදිකරුවන්ට දඩුවම් දෙනවා. මිය ගිය දරුවන්ට මව්වරුන්ට පියවරුන්ට සාධාරණත්වය ඉටුවිය යුතුයි. පින්සිරි මංගල මුදල් ඇමැතිවරයා ව්‍යාපාරිකයින්ට සහනයක් දෙන්න අවශ්‍යයි.
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ඇමරිකාවත් එක්ක ගිවිසුමක් ගැසුවාලු. මේ රටේ නැව්වලට තෙල් ගහන්න හැකියාව තියෙන බවසහතික කරන ගිවිසුමක් ගැහුවා මිසක් රටේ ඉඩම් දුන්නේ නැහැ. ඔවුන්ගේ නැව් නතර කරන්න අවස්ථාව දුන්නේන නැහැ. ඉන්ධන මිල වැඩිකරමින් මිනිස්සු පිටබර පැටවීමම කරන්න එපා.

■ ඉතිහාසයේ හිටපු කතානායකවරුන් අතර ප්‍රජාතන්ත්‍ර විරෝධී දූෂිතම කතානායකවරයා වෙන්නේ වත්මන් කතානායකවරයායි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා
ඉතිහාසයේ හිටපු කතානායකවරුන් අතර ප්‍රජාතන්ත්‍ර විරෝධී දූෂිතම කතානායකවරයා වෙන්නේ වත්මන් කතානායකවරයායි. මෙතෙක් හිටපු කතානායකවරු රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපකිරීමක් කරමින් තීන්දු තිරණ ගත්තා. ඒ අය එක්ක බලද්දි මොහු ඉතාම දූෂිත ඕනෑම ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයකට හිස නවනවා. ඒ නිසයි මේ විශ්වාසභංගය යට ගැහුවේ. මේ විතරක් නෙවෙයි. රවි කරුණානායකට එරෙහි විශ්වාසභංගය, ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ආගිය අතක් නැහැ. මේ විශ්වාසභංගයට වෙන්නෙත් ඒකම තමයි. බලයේ ඉන්න ඕනෑම පහත් තත්ත්වයකට වැටෙන්න මේ අගමැතිවරයා සූදානම් වගේම කතානායකවරයා ඒ සියල්ලට සහාය දෙන්න සූදානම්. අපේ රටේ අනාගතය ගැන තියෙන්නේ අවාසනාවන්නත බලාපොරොත්තු. මැතිවරණයක් මගින් ජනතා අයිතිවාසිකම් දෙයි කියලා හිතන්න බැහැ. මොන උප්පරවැට්ටිය හරි කරලා මැතිවරණ නොතියා ඉන්නයි බල්නනේ. රජයේ මේ වැඩපිළීවෙලට එරෙහිව අපි කැපවීමෙන් කටයුතු කරනවා. ජවිපෙත් මේ ආන්ඩුවට අදව් කරනවා. සල්ලි තියෙනවා නම් ජවිපේ මෙහෙයවන්න පුලුවන්.ටික කාලයක් ඊබ්‍රහීම් මේ පක්ෂය මෙහෙයවූවා.දැන් එජාපේ භාණ්ඩාගාරිකවරයා තමයි මෙහෙයවන්නේ.

■ සමෘද්දි සහනය එජාප පාක්ෂිකයින්ට පමණයිද?

හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා
මේ වෙද්දි සමෘද්දි ව්‍යාපාරය ගැටලු රුසකට මුහුණ දෙනවා. පසුගිය අප්‍රියෙල් 16 වැනිදා සමෘද්දි නිලධාරීන්ගේ වැටුප් අඩු කරන්න ආන්ඩුව සූදානම් වුනා. ආන්ඩුවට එරෙහිව අපි මේ සම්බන්ධියනේ පියවර ගත්තා. සමෘද්දි ව්‍යාපාරයේ ස්වර්නමය යුගය වුනේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයයි. නිලධාරින්ට විශ්‍රාම වැටුප් දෙන්න, පියවර ගත්තා. යුද්ධය තිබියදිත් සහානාධාර දීලා විශාල වැඩ පිළීවෙලක් ගෙන ගියා. අපේ නිලධාරීන් විපක්ෂ නායකවරයා මුණ ගැහුණා. ඒ වෙලාවෙදි එතුමා පොරොන්දු වුනා ඉදිරි රජයකදි සමෘද්දි නිලධාරීන්ගේ ගැටලු විසදලා දෙන බව.වර්තමානයේදිත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි සාකච්ඡා කරලා සාධනීය මැදිහත් වීමක් කරන්න එතුමා පියවර ගන්න බව සදහන් කලා. මේ අතරතුර දයා ගමගේ ඇමැතිවරයා සමෘද්දි ව්‍යාපාරයේ අරමුදල් ඉදිරි ජනාධිපතිවරණයක ජයග්‍රහණය වෙුනවෙන් යොදවමින් සිටිනවා. තමන්ගේ දේශපාලන හිතවතුන්ට ණය දෙන්න සමෘද්දි මුදල් යොදා ගනිමින් සිටිනවා. සුබසාධන ප්‍රතාලාභ පනත යටතේ සමෘද්දි ධිලධාරිවරයා වරදක් කරලා තිබුනොත් වරසක් සිරදඩුවමකට යටත් කරන්නත්, සමෘද්දි ප්‍රතිලාභීයා වරදි තොරතුරු දුන්නොත් මාස හයක සිර දඩුවමක් සහ 10000ක දඩයකට යටත් කරන්න සුදානම්. එහෙම දේවල් කරන අතරේ ඇමැතිවරයා දේශපාලනික හිතවතුන්ට සහනාධාර දෙන්න සූදානම්. සහනාධාරලාභින් තෝරන්නේ එජාප ක්‍රියාකාරිකයින්ගේ මැදිහත්වීම තුලයි. නිලධාරින් මේ හරහා වරදකට බැදෙනවා. ඒ වගේම එජාප පාක්ෂිකයින්ට පමණක් සහනාධාර දෙන්න එපා. ලක්ෂ 15ට හරි කමක් නැහැ. සහනාධාරය දිය යුතු අයට සහානාධාරය දෙන්න. මේ වාගේ දේ වලදි පක්ෂ පාට බලලා තිරණ ගන්න එපා.

රිෂාඞ් බදියුදින් ආන්ඩුවේ ලොකු මුලක්. මුල කපලා ගහ පෙරලමු..

අද දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

■ චම්පික අලුත් නාඩගමක් නටනවා.
■ රටේ ආර්ථිකයේ එන්ජිම විදියට අපි දැක්කේ පුද්ගලික අංශයයි. අද ඒ එන්ජිමත් දුම් දමමින් නතර වෙන්න එන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා
ලංකාවේ දැන් අපූරු දේවල් සිද්ධ වෙනවා. රජය තමන්ගේ නොහැකියාව ඕනාවටත් වඩා ප්‍රදර්ශනය කර තිබෙන මේ අවස්ථාවේ නාටකයක් දියත් වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නෙවෙයි කියනවා. ඒ අතරේ චම්පික ඇමැතිවරයාත් නාඩගමක් නටමින් සිටිනවා. ආණ්ඩුව බෙදිලා රටේ ඇත්ත තත්ත්වය වසන් කිරීමට දිනපති විවිධ ජවනිකා පෙළ ගස්වනවා. මේ තත්ත්වය ඉතාම භයානකයි.ආණ්ඩුව රටේ ආරක්ෂාව නොතකා හැරීම නිසයි මේ සිද්ධිය වුනේ.
උපාධිදාරීන් එක්ලක්ෂ 55000කට රැකියා නැහැ. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අයට විතරයි රැකියා ලබෙන්නේ. අනෙක් අය තියෙන රැකියාවකට යන්න සිද්ධි වෙනවා. උපාධිධාරින් පමණක් මෙපමණ ඉන්නවා කියන්නේ විශාල ප්‍රමාණයක්. උසස් පෙළ සමත් විශ්ව විද්‍යාලයට යන්න බැරි වුන අය ලක්ෂ 12ක් ඉන්නවා. ඒ කියන්නේ ලක්ෂ 15ක් මේ වෙද්දි රැකියා පෝලිමේ ඉන්නවා. රටේ එවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙද්දියි ආන්ඩුව මේ විදියට නාඩගම් නටමින් සිටින්නේ. ලංකාවේ පුද්ගලික අංශය මේ වෙද්දි විවිධ හේතු නිසා තමන්ගේ ආයතනවල සේවකයින්ව රැකියාවන්ගෙන් දොට්ට දමමින් සිටිනවා. විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රය අනෙකුත් සේවාවන් සමග බැදී සිටිනවා.සැපයුම්කරුවන්, රියදුරන් මේ සියලු දෙනා ආර්ථිකයෙන් වැටිලා. රටේ ආර්ථිකයේ එන්ජිම විදියට අපි දැක්කේ පුද්ගලික අංශයයි. අද ඒ එන්ජිමත් දුම් දමමින් නතර වෙන්න එන්නේ. එක පැත්තකින් දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා. අනෙක් පැත්තෙන් ආන්ඩුවේ නොහැකියාව තදින්ම පේන්න තියෙනවා. රුකියා වෙළෙඳපොළේ රජයේ හෝ පුද්ගලික අංශවලින් රැකියා සැපයීිමක් සිද්ධ වෙන්නේ නැහැ.
රටේ ආර්ථිකය ගැන දැන් කතා කරන්න දෙයක් නැහැ. මිනිස්සුන්ගේ මිළදි ගැනීමේ හැකියාව සම්පුර්ණයෙන්ම වැටිලා තියෙන්නේ. වෙනදා කිලෝ එකක් මිලදී ගත්ත මිනිහා අද මිලදි ගන්නේ ග්රෑම් 250යි. අපේ පළාතේ පොල් තොග මිල රුපියල් 20යි. රුපියල් 20ට පොල් ගෙඩියක් විකුණලා අපේ කර්මාන්තය රැකගන්න බැහැ. බිත්තර කර්මාන්තයත් අද බරපතල තත්ත්වයකට ඇද වැටිලා. සහල් මිල පහත වැටෙන්නේ ඉල්ලුමක් නැති නිසා. මේ සියල්ලෙන් පේන්නේ ජනතාවට මිලදි ගැනීමේ හැකියාවක් නැති බවයි. මේ පාලකයින් යටතේ රට අසාර්ථක වෙමින් තිබෙනවා. රට ගෙනියන්න දවසකට ආන්ඩුවකට රුපියල් බිලියන 4ක් ආණ්ඩුවට අවශ්‍ය වෙනවා. මේ වසරේ පළවෙනි කාර්තුව කිසිවෙක් බදු ගෙවලා නැහැ. බදු ගෙවන්න ආදායමක් නැහැ. රජය බදු වැඩිකරලා බදු ගන්න හැදුවත් ඒක හරි ගිහින්ලත් නැහැ. ව්‍යාපාරික ක්සේත්‍රයේ මේ දැවැන්ත බිදවැටීමට හේතුව මිනිස්සු අත මුදල් නොගැවසීම.
පාස්කු ප්‍රහාරයෙන්පස්සේ අපේ රට විදෙස්රට වල කෙලිබිමක් වෙමින් තිබෙනවා. ආන්ඩුව අත් දැකීමක් නැතිව විවිධ රටවල් එක්ක ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරමින් තිබෙනවා. රටේ ආරක්ෂාව ගැන බිදුවකවත් අවබෝධයක් තියෙනවා නම් මේ විදියට වැඩ කරන්නේ නැහැ. ජාත්‍යන්තරයේ ආභාෂය හා උපදෙස් පමණයි මේ අයට ලැබුනේ කියලා මම හිතනවා. ආරක්ෂක අංශවල කාර්ය කරන්නඅ පි ඉඩ දෙමු. ලෝක බලවතුන් අපේ රට ගැන ඉව අල්ලමින් සිටිනවා. අපේ රටේ නිදහස භෞමික අඛණ්ඩතාවය ගැන ඕනේ තරම් අපිට උදාහරණ තියෙනවා. 1948 නිදහස ගත්තත් 1956 වෙද්දි අපේ රට ස්වාධීන කරන්න බණ්ඩාරනායක මහත්තයා පියවර ගත්තා. ත්‍රිකුණාමල වරායෙන් කටුනායකින් හමුදා කදවුරු ඉවත් කෙරුවා. සිරිමාවෝ මැතිණිය ජනරජ ව්‍යවස්ථාව මගින් බි්‍රතාන්‍ය ඩොමිනියන් පාලනයෙන් ඉවත්වුනා. රටේ රාජ්‍ය නායකයෝ රටේ ආරක්ෂාවට, භෞමික අඛණ්ඩතාවයට මුල්තැන දුන්නා. දැන් දවසින් දවසට අපිට අහන්න ලැබෙන්නේ විවිධාකාර ආරක්ෂක ගිවිසුම් ගැන. ඇමරිකාවත් එක්කත් 2018 දි ගිවිසුමත් අත්සන් කළා. තවත් ගිවිසුමකට ආන්ඩුව උත්සාහ කරමින් සිටිනවා. ඒ කියන්නේ අපිට අපි ගැන විශ්වාස නැහැ. ආන්ඩුව බලයට පත්වෙලා ජනතාවගේ බලාපොරොත්තු සුන් කරන එකයි කරලා තියෙන්නේ. මේ වගේ අනාරක්ෂිත තත්ත්වයකට රට පත්වෙලා නැහැ. මේ විදියට දෙමව්පියෝ දරුවෝ පාසල් නොයවා ඉදලා නැහැ. රජය ගැන විශ්වාසයක් නැති මේ වගේ තත්ත්වයක ඇයි මේ ආන්ඩුව තවත් ඉන්නේ. දැන් පාර්ලිමේන්තුවේ 225ම එපා කියලා එකක් පටන් අරන්. අපි මොනවා කරන්නද? සමහරු සන්හිදියාව ගැන කියනවා. මේ දේශපාලන නඩය උත්සාහ කරන්නේ රට තවතවත් අස්ථාවර කරන්නයි.

■ ඉතිහාසයේ කිසිම දවසක විපක්ෂයක් ආන්ඩු කරන්න ගියේ නැහැ. නමුත් අපි වගකිම් සහිත විපක්ෂයක් විදියට රට ස්ථාවර කරන්න, ජනතා විශ්වාසය ඇති කරන්න පියවර ගන්නවා.
■ එජාප ආන්ඩුව දුර්වල වෙද්දි ජවිපේ ඒ වෙනුවෙන් පෙනී හිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
අසමත් රාජ්‍යයක් බවටයි අපි පත්වෙමින් සිටින්නේ. ග්‍රිසිය වැනි රටවල් ඒ තත්වයට පත්වුනා. අදට පාස්කු ප්‍රහාරයට මාසයක්. මේ මාසයේ රජයේ ක්‍රියාකාරීත්වය දිහා බැලුවාම රජයේ අසමත්භාවය අපිට පැහැදිලි වෙනවා. අද විපක්ෂ නායකතුමා පාසල්වලට යනවා. අපි පහළම දේශපාලනඥයාගේ සිට ඉහළම දේශපාලනඥයා දක්වා රටේ අස්ථාවරභාවය නැති කරන්න තීරණය කළා. ඒ අනුව අද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධානපෙලේ පාසල්වලට ගියා. ඒ වගේම අපේ අනෙකුත් දේශපාලනඥයින්ගේ ළමයි අනිවාර්යයෙන් පසල් යවන්නත්, අනෙක් පාසල්වලට ළමුන් යැවීමටත් අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම රාජ්‍ය සේවකයින් තවමත් වාර්තා වන්නේ 60%යි. ඔවුන්ගේ හිත්වල විශ්වාසයක් ඇති කරන්නත් අපි මැදිහත් වෙනවා. අපි ආන්ඩුවක් ගත්තත් රාජ්‍යයේ මේ වගේ අස්ථාවර තත්ත්වයක් තිබීම ප්‍රශ්නයක් වෙන නිසා අපි දැන් ඉදන්ම මැදිහත් වෙන්න තීරණය කළා. ඉතිහාසයේ කිසිම දවසක විපක්ෂයක් ආන්ඩු කරන්න ගියේ නැහැ. ආන්ඩුවට බැරි දේවල් විපක්ෂය කරන්න ගියේ නැහැ. ආන්ඩුව වගකිම ගන්නේ නැත්නම් තව මාස කිහිපයකින් බලයට පැමිනෙන විපක්ෂයක් විදියට අපි රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා කටයුතු කරනවා.

රට අසමත් රාජ්‍යයක් බවට පත්වෙන කරුණු කිහිපයක් තියෙනවා. රවුෆ් හකීම් ඇමැතිවරයා කියනවා මේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි කියලා. මුජිබර් රහුමාන් කියනවා ආන්ඩුව වගකිම භාරගත යුතුයිලු. මේ අය ආන්ඩුවේ නෙවෙයිද. මාධ්‍යයට ඇවිත් ආන්ඩුව වගකීම භාරගත යුතුයි කියන්නේ ඇයි. සජිත් ප්‍රේමදාස කියනවා නායකයා පුන පුනා කියන ප්‍රතිත්‍රස්ත පනත හකුලා ගන්න ඕනලු. නියෝජ්‍ය නායකයා ඒ ක කියන්න ඕනේ තමන්ගේ නායකයාට. නැබිනට් එකේදී හරි ආන්ඩු පක්ෂ කණ්ඩාටම් රැස්වීමේදි මේ ගැන කතා කරනවා වෙනුවට ජනතාව ඉස්සරහට ඇවිත් කියලා හරි යනවාද? මේ ව්‍යාකූල තත්ත්වයෙන් පේන්නේ ආන්ඩු කරන්න බැරි බවයි. කිසිම කාලයක හමුදාපතිවරු, පොලිස්පති ඇවිත් මාධ්‍ය ඉදිරියේ දරුවෝ පාසල් යවන්න කියද්දි දෙමව්පියෝ දරුවෝ පාසල් නොයවා ඉන්නේ නැහැ. අපි අනාවැකියක් කියනවා මේ විදියට ගියොත් 1% ආර්ථික වර්ධනයකට රට බහුනවා. අපි හැම උපාධීධාරියාටම රැකියාවක් දුන්නා. 2014 දෙසැම්බර් වල ඉදන් අද වෙනතුරු උපාධිධාරින්ට රැකියා නැහැ. ගිය සතියේ ගෝල්ෆේස් හෝටලයේ 125ක් එලියේ. මේවායින් පේන්නේ අනාගතයේ තරුණ නැගීටිමක් වෙන බවයි. ගිය සතිය වෙද්දි හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් නතර වෙලා. ඊ.ටී. එෆ්, ඊ. පී. එෆ් මිලදී ගන්න හදනවා. මේවා භයානකයි. රටේ වෙලදපොල අක්‍රිය වෙලා. මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව නැති වෙලා. දැන් ආණ්ඩුව එළියට යන්න ඕනේ.
මේ අස්සේ ජනතා විමුක්ති පෙරමුණ ආන්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගේන්නේ විසුරිලා තියෙන ආන්ඩුව එකතු කරන්න. මේ ජනතා විමුක්ති පෙරමුණ ආන්ඩුව වෙනුවෙනු ඉදිරිපත් වෙන කීවෙනි අවස්ථාවද බලන්න. එජාප ආන්ඩුව දුර්වල වෙද්දි ජවිපේ ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. මේ වෙලාවේ රිෂාඞ් බදියුදින්ගේ විශ්වාසභංගයටත් සහාය දීලා, අපිත් එක්ක කතා කරලා ආණ්ඩු විරොධී විශ්වාසභංගයක් ගේන්න ජනතා විමුක්ති පෙරමුණට හැකියාව තිබුණා. අපි ඉදිරිපත්කරපු විශ්වාසභංගය නිසා ආන්ඩුවේ බෙදීමක් ඇතිවුනා. කතෝලික මන්ත්‍රීවරුන්ට වගේම තවත් සමහර මන්ත්‍රීවරුන්ට ඡන්දය නොදී ඉන්න විදියක් නැති වුනා.එක ඇමැතිවරයෙක් එළියට බැහැලා වෙනත් මඟක් හොයනවා. මාධ්‍යට නිතරම කතා කරපු තව ඇමැතිවරයෙක් නිශ්ශබ්ද වෙලා. තවත් ඇමැතිවරු විපක්ෂය එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. ආන්ඩුවේ අස්ථාවරභාවය එළියට හොදින්ම පෙන්වා. සමහර මන්ත්‍රීවරු ප්‍රසිද්ධියේ ආන්ඩුව විවේඡනය කිරිම ආරම්භ කරලා ඉන්නේ. අද මන්ත්‍රීවරයෙක් රිසාඞ් බදියුදීන්ට විරුද්ධව ඡන්දේ දෙන බව ප්‍රසිද්ධියේ කිව්වා. මේ වගේ තත්ත්වයක් තියෙන වෙලාවකයි රතු අලි පැටියා සුදානම් වෙන්නේ ආන්ඩුව එකතු කරන්න. ජවිපේ ඉතිහිසයේ කිසිදු දවසක නොකරපු කොන්ත්‍රාත්තුවක් මේ කරනන යන්නේ.
දැන් සමහරු සන්ධාන ගහන් එලියට යන්න සූදානම්. මේ අවුරුද්ද අන්තිමට ඇමැතිවරු දෙතුන් දෙනෙක් එලියට ගිහින් ඉදිරි වැඩ කරන්න සූදානම් වෙනවා. මේක ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන්න සූදානම්. සජිත් ප්‍රේමදාස මහත්තයා දන්නවා ප්‍රති ත්‍රස්ත පනත ගොනවොත් ධවල පත්‍රිකාව ගෙනාවා වගේ වැඩක් සිද්ධ ඒ වගේ සමහරුන්ට මිනිස්සුන්ගේ හදවතේ තියෙන දේවල් තේරුම් අරන් නිශ්ශබ්දව ඉන්නවා. ආන්ඩුවේ අවසානකාලය යන්නේ. අද බැංකුවල තත්ත්වය බලන්න. රාජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදි කිව්වා සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය පහසුකම් දෙන්න මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කරලා අවශ්‍ය පියවර අරන් තියෙන්නේ කියලා. අද වෙනතුරු බැංකුවලට චක්‍රලේඛණය යවලා නැහැ. ඉස්සර බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ඉන්න කොට මෙවැනි සිද්ධියක් වුන හැටියේ බැංකු ගෙන්වලා අවශ්‍ය අපදෙස් දුන්නා. ගංවතුරක් වුනාමත් මේ විදියට අවශ්‍ය පියවර ඉක්මනින්ම ගත්තා. අද වෙනතුරු චක්‍රලේඛණය යවලා නැහැ. මේ ආන්ඩුව මහජන ආරක්ෂාව සපයන්න බැරි, ආර්ථිකය වැටුනු, සේවා බිද වැටුනු මේ වෙලාවේ රට තවත් අරාජික නොකර ඉවත් වෙන්න කියලා අපි ආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

■ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බව සියලු ආගමිකයින්, සියලු ජාතිකයින් එක්ව වෙසක් දිනය සමරලා පෙන්නුවේ මුදල් ඇමැතිට කනේ පහරක් ගහනවා වගේ
■ රිෂාඞ් බදියුදින් කියන්නේ ආන්ඩුවේ ලොකු මුලක්. මුල කපලා ගහ පෙරලමු.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා
මුදල් ඇමැතිතුමා මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කිව්වා. ඒ අතරේ වෙසක් පොහොයත් ආවා. එක පැත්තකින් ආගමික ත්‍රස්තවාදින්ගේ තර්ජනයත් තියෙද්දි වෙසක් අත්සවය පවත්වන්න ජනතාව උනන්දුවෙන් කටයුතු කළා. මේක සිංහල රටක් බව කනේ පහරක් ගහලා පෙන්වලා දුන්නා වගේ. ඉස්ලාම් ක්‍රිස්තියානි ඇතුලු සියලු ආගම් එකතු වෙලා වෙසක් සැමරුවා. ආන්ඩුවේ වාසයට කතාකරන ඇමැතිවරු මේ වෙසක් එකේදි හොදටම ඇණ ගත්තා. මංගල සමරවිර කියන්නේ ආන්ඩු කඩා වැටෙද්දි මුක්කු ගහන කෙනා. දැන් මාධ්‍යය වලට වෙළඳ දැන්විම් දෙන්නේ නැහැලු. මේ සල්ලි එතුමාගේ භූදලය නෙවෙයි. රටේ ජනතාවගේ මුදල්. වැඩියෙන් ශ්‍රාවකයෝ බලන තැන්වලටයි වෙලෙද දැන්වීමේ දෙන්නේ. සිල් රෙදි දුන්නා කියලා උගත්, තැන්පත් පුද්ගලයෙක් වෙන ලලිත් වීරතුංග මහත්තයාව හිරේ දැම්මා. දේශපාලන පලිගැනීම්වලට ජනතාවගේ මුදල් යොදවන අමාත්‍යංශවල ලේකම්වරුන්ට නිලධාරීන්ට ඉදිරියේදී මේ දේවල්වලට වගකියන්න වෙනවා. කඩාවැටෙන ආන්ඩුව මැරෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා. මේවාට රජයේ නිලධාරීන් මැදිහත් වෙලා අමාරුවේ වැටෙන්න එපා. ඇමැතිවරුන්ගේ වැරදි වැඩට සම්බන්ධ වෙන්න එපා.
ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක් තියෙන බව කියනවා. ජනාධිපතිතුමා ඒක කරන එකක් නැහැ.එතුමාගේ වටේ ඉන්න අයට ඒක කරගන්න ඕනෙකම තියෙන්නේ. එතුමා මට අවුරුදු 6ක් එපා පහක් තිබුණාම ඇති කියලා 19 වැනි සංශෝධනයෙන් ධූර කාලය අවුරුදු 5ක් කරගත්තා. තව මාස 6ක් එතුමා ඉල්ලනවා කියන්නේ බොරුවක්.
ජවිපේ ලහි ලහියේ විශ්වාසභංග යෝජනාවක් සුදානම්. රිසාඞ් බදුයුදීන්ට එරෙහි චෝදනාව රට හැමතැනින්ම එල්ල වෙමින් තිබෙන දෙයක්. ඒකාබද්ධ විපක්ෂය මේක පරාජ්ය කරන්න සූදානම්. එවැනි වෙලාවක මේකට සහාය වෙන එකයි කරන්න තිබුනේ.ආන්ඩුව එළව ගන්න තිබුණ අවස්ථාවල ජනතා විමුක්ති පෙරමුණ මේකට අදව් කලේ නැහැ. ලහි ලහියේ ආන්ඩුව එළවන්න තියෙන උනන්නදුව ගැන සැකයි. දෙමළ සන්ධානයටත් මේකට උදව් කරන්න අයිතියක් තියෙනවා. මඩකලපුවේ පල්ලියකටත් ගැහුවා. ක්‍රිස්තියානි මන්තී5වරුනුත් විරුද්ධයි. දැන් 113ට ආසන්න වෙලා තියෙන්නේ. ඒ පරාජය අබිමුවේ ඉන්න ඇමැතිවරයා ගලවා ගන්නයි හදන්නේ. රිෂාඞ් බදියුදින් කියන්නේ ආන්ඩුවේ ලොකු මුලක්. මුල කපලා ගහ පෙරලමු. ආන්ඩුවට ගේන විශ්වාසභංගය කලින් ගෙනාවොත් ආන්ඩුව රැක ගැනීමයි වෙන්නේ. ජාතියේ නාමයෙන් මේ දේ කරන්න එපා කියලා අපි ජවිපෙන් ඉල්ලා සිටිනවා.

ජනතාව ආන්ඩුව කරන අයට සාප කරනවා.

අද දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා
බුද්ධි අංශය දුන් තොරතුරු රජයක් ලෙස වගකීමෙන් ඉටු නොකළ හෙයින් මේ ව්‍යවසනයට අපේ රට මුහුණ දෙන්න වුනු බව කවුරුත්පිළිගන්නවා. අගමැති දන්නේ නැහැලු. ජනාධිපතිතුමාට දැනුම් දුන්නේ නැහැලු. කැබිනට් මණ්ඩලය දන්නේ නැහැලු. බුද්ධි අංශ තොරතුරු තිබියදීත් වරද්ද ගත්ත ආණ්ඩුව සිද්ධියෙන් පස්සේ කීතැනක වරද්දාගෙන තියෙනවාද? මේ ආන්ඩුව කෙරෙහි ජනතාවට විශ්වසයක් නැති වෙන්න හේතු ඕනේ තරම් තියෙනවා. විරුද්ධ පක්ෂයක් ලෙස අපි මේ දේවල් හෙලි කළාම බොරදියේ මාලුබානවා කියනවා. මේ රටේ මහ නායක හිමිවරුන්ට, සංඝරත්නයට, පියතුමන්ලාට අනෙකුත් මුස්ලිම් පූජකතුමන්ලා කියනවා ආන්ඩුව දිගින් දිගටම වරද්දා ගන්න බව. මේ සිද්ධි සම්බන්ධයෙන් පරික්ෂණ කලෙත්, අත් අඩංගුවට ගැනීම් කලේත් පොලීසියේ හා රණවිරුවන්ගේ තියෙන දක්ෂකම නිසයි. මේ ආන්ඩුවේ ඩන්න නායකයින්ට එහි ලකුණු ගන්න බැහැ. නායකයින්ගේ නොහැකියාවයි පෙන්නුවේ.එදා නොහැකියාව පෙන්නපු ආණුඩුව දැන් ආරක්ෂක අංශ කරන්නා වු මෙහෙයුම් තමන්ගේ වැඩක් බව පෙන්වන්න අත්සාහ කරනවා. බෝම්බ වැදිලා මිනිස්සු මැරෙද්දි දන්නේ නැහැ. දැන් සොයා ගැනීම් කරද්දි ඒක අපේ වැඩක්ලු. මේක ආණඩුවේ දෙබිඩි පිළිවෙත.
රටේ නායකයෝ කියන දේ ජනතාව විශ්වාස කරන්නේ නැති නිසා දරුවෝ පාසල් යවන්නේ නැහැ. ත්‍රිවිද හමුදාව හරි වගකිව යුතු නිලධාරීන් හරි ඇවිත් කිව්වොත් ජනතාව විශ්වාස කරයි. රජය කෙරෙහි විශ්වාසය නැති වෙන්න හේතු තියෙනවා. යුද හමුදාපතිවරයාට රිෂාඩි බදියුදින් ඇමැතිවරයා දුරකතන ඇමැතුම් දෙකක්ම ලබා දිලා ත්‍රස්තවාදින්ට සම්බන්ධ අය ගැන අහලා තියෙනවා. යුද හමුදාපතිවරයාට කෝල් කලේ ත්‍රස්තවාදියාගේ සුවදුක් අහන්නද? පළවෙනි වරද කරපු ආන්ඩුව දෙවැනි වරද කරලා තියෙන හැටි බලන්න. හමුදාව බොහොම අමාරුවෙන් තොරතුරු ටික හොයාගෙන අත් අඩංගුවට ගත්තාම පොලිසියෙන් ඇප දෙනවා. එක ත්‍රස්තවාදියෙක් නිදහස් කරනවා කියන්නේ එතනින් එහාට ඔහුත් එක්ක සම්බන්ධකම් තියාගෙන හිටපු සියලු දෙනා නිදහස් වෙනවා. මේ රජය කෙරෙහි විශ්වසයක් තියන්නේ කොහොමද. රජය හදන්නේ මැරුණු ජනතවාගේ මළකදන් උඩින් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ගෙනියන්නයි. ෂැංගිල්ලා හෝටලේ මරාගෙන මැරුණු බෝම්බකරුට අයිති තඹ කර්මාන්තශාලාව සුලු මොහොතකින් ආරක්ෂක අංශ හොයා ගත්තා. ආසන්න තැනක හිටපු බිරිද දරුවෙක් ලැබෙන්න ඉදිද්දි බෝම්බ පුපුරුවාගෙන මැරුණා. එවැනි සිදුවීමක් වුනාම මුලු පළාතම සිල් වෙන්න ඕනේ. අපි අහලා තියෙන ආරක්ෂක අංශවල වැඩ වුනේ එහෙම. ඒ වුනාට මෙතන ලොරිවලින් ඇවිත් තාප්පේ කඩලා තඹ ටික අරන් යනවා. ඒ සිද්ධීයේ සැකකරුවෝ නව දෙනෙකුට ඇපි ලැබෙනවා. ඇදිරි නීතිය වෙලාවේ වැරුද්ද, වැරද්දමයි. නමුත් ඒ වෙලාවේ පාරේ ගිය කෙනෙව අරන් ගිහින් ත්‍රස්තවාදය වැලැක්වීම යටතේ චෝදනා කරලා උසාවි දානවා. ඇපත් නැහැ. පොලාස් වාර්තාවක් දෙන්නෙත් රස්සාවක් කරන්න බැරි වෙන්නලු. අපිට මේකෙදි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇදිරි නිතිය අවස්ථාවේ පාරේ ගමන් කිරීම වරදක් වෙනවා නම්, රටේ හමුදාපතිවරයාට මේ රටේ ඇමැතිවරයෙක් දුරකතන පණිවිඩයක් ලබා දෙමින් ත්‍රස්තවාදියෙක් ගැන විමසනවා. කෝ කටඋත්තරයක් ගත්තා. ආණ්ඩුකාර තනතුරට මුවාවෙලා මේවා කරන අය ඉන්නවා. ආන්ඩුකාරවරු කියන නමට මුවාවෙලා මේවා කරන අයගෙන් කට අත්තරයක්වත් ගන්නේ නැහැ. ත්‍රිවිද හමුදාවට හා පොලීසියට තමන්ගේ රාජකාරි ඉටු කරන්න ඉඩ දීලා ආන්ඩුව පැත්තකට වෙලා ඉන්න. ආන්ඩුවේ දේශපාලන අත පෙවිම් මගින් මේ ත්‍රස්තවාදී සංවිධානයේ වැඩ කටයුතු හරියට හොයා ගන්න බැඑි වෙනවා.
මේ සිද්ධී දාමය තුල අපිට සැකයක් මතු වෙනවා. 1983 දි අතුරේ මිය ගිය රණිවරුවෝ 10 දෙනෙක්ගේ දේහයන් රත්මලාන ගුවන්තොටුපලට ගෙනාපු වෙලාවේ ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයා එදා රාත්‍රියේම අවසන් කටයුතු කරන්න කිව්වා. එදා 1983 කලු ජුලිය වෙලාවේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පොලිසියට නිවාඩු දුන්නා. හමුදාව පැත්තකට කෙරුවා. එජාපයේ මැරයන්ට කොළඹ භාරදුන්නා. අහිංසක දෙමළ ජනතාවගේ ගෙවල් දොරවල් ගිණි තිබ්බා. මැරුවා. ඒකේ පාපකර්ම තමයි අපිට අවුරුද් 30ක් ගෙවන්න සිද්ධ වුනේ. එහෙම කරපු එජාපය 1988, 1989 ජවිපේ කැරැල්ල වෙලේ ජවිපේ සාමාජිකයින් හිරගෙදර දාලා මරණ අතරේ විපක්ෂය මර්ධනයක කරන්නත් පියවර ගත්තා. ඔවුන්ගේ දේශපාලන ගමනට අවහිර වුනු විපක්ෂයේ අය ඉවත් කරගත්තා. දැන් ලෑස්ති වෙන්නෙත් ඒකට.
ගම්පහ කුරුණෑගල සිද්ධි නොවිය යුතුයි’. නමුත් මේවා පිටුපස ඉන්නේ කවුද? ආන්ඩුවට පැවැත්මක් නැති නිසා මහජාතිය සුලුජාතියට ගහනවා මරනවා කියලා පෙන්වන්න හදනවා. රාජ්‍ය නොවන සංවිධාන 10ක් සාම හමුදාව ලංකාවටගේන්න කියලා ඉල්ලන්න සූදානම් කියලා වාර්තා වෙනවා. මෙ ්10 ලැස්ති වෙන්නේ මොකටද? බෝම්බ පුපුරලා ජිවිත හානි වෙනවා. ඒකෙන් පස්සේ නිහැඩියාවක් ඇති වෙනවා. ඒකෙන් පස්සේ කඩ සාප්පු ගිනි ගන්නවා.ඒ එක්කම රාජ්‍ය නොවන සංවිධාන නඩයත් ඉල්ලිම් කරනවා. සාම සාධක හමුදාවක් ආවම මේ රජය මේ විදියටම තියෙනවා. ඇමැතිවරු ටික ඒ විදියටම ඉන්නවා. ඡන්ද නම් නැහැ. දේශපාලන වශයෙන් විපක්ෂය දඩයම ්කරන වැඩපිළීවෙලකට ආන්ඩුව සූදානම් වුනත් මේ වෙලාවේ දේශපාලන වාසි ගන්න එපා කියලයි අපි ඉල්ලන්නේ. මිය ගිය අයට වන්දි දෙන්න මැදිහත් වුන දේශපාලනඥයින්ට ප්‍රදේශයේ තියෙන අප්‍රසන්නබාවය අපි දැක්කා. මොලය තියෙනවා නම් මියගිය අයට යමක් රජයෙන් දෙනවා නම් ඒ මිනිස්සුන්ට ගෞරවයක් වෙන විදියට කටයුතු කරන්න. ඒ අයගේ පිටේ යාචකයෝ කියන ලේබලය එල්ලන්න එපා. මාධ්‍ය ගෙන ගිහින් සංදර්ශන තියන්න එපා. ඊයේ කතා කරපු මිනිස්සු අනික් දවසේ දේශපාලනඥයින්ට ගල් ගහලා එලවයි. මිනිස්සු මරන්න ඉඩ දීලා, ඇමැතිවරු පල්ලි යන්නේ නැතිව ඉදලා ඊට පස්සේ යනවා චෙක්පතක් දෙන්න. දේශපාලනඥයා අප අප්‍රිය වෙලා තියෙන්නේ.
ඊරිදා පුවත්පතක් කානතන්කුඩියේ සමූහ මිනී වලක් ගැන කියනවා. මේ සිද්ධිය කියන්නේ දෙමල චින්තකයින්ගේ සංවිධානයේ නායක කනපති පිල්ලේ මොහාන් මහතායි. ත්‍රිවිද හමුදාව ගැන විශ්වාසයක් තියෙන නිසා මේ ගැන ලිඛිතව විස්තර දුන්න බව කියනවා. හමුදාව ගැන විශ්වාසය තියපු මිනිස්සුන්ගේ විශ්වාසය හමුදාපතිවරයා ආරක්ෂා කරයි කියලා අපි විශ්වාස කරනවා.හැබැයි බැය 24ක් ඇතුළත සැකරුවන් පොලිසියට භාර දෙන්න හමුදාවට සිදුවෙනවා. මේ සැකකරුවොත් ඒ විදියට පොලීසියට භාරදුන්නොත් උසාවි යන්නෙත් නැතිව පොලිස් ඇප මත එළියට එයි. මේ ආන්ඩුව කිසි දවසක රටේ ආරක්ෂාව ගැන හිතන්නේ නැහැ.රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට අවශ්‍ය කරන්නේ රාජ්‍ය ආරක්ෂාව නෙවෙයි ආන්ඩුවේ ආරක්ෂාවයි. රාජ්‍ය ආරක්ෂාව බල්ලට ගියත් කමක් නැහැ ආණ්ඩුව ආරක්ෂා වෙලා.
අපි බලන් ඉන්නවා කතානායකතුමා විශ්වාසභංගයට දුවන්නේ මන්දගාමීවද සිඝ්‍රගාමීවද කියලා. එතුමාට විශ්වාසභංග සම්බන්ධයෙන් පශ්චාත් උපාධීයක් තියෙනවා. විජිත හේරත් මන්ත්‍රීතුමා ලියුම පිටිපස්නේ ගෙනත් දීපු ගමන් එවෙලාවෙම පාර්ලිමේන්තුවේ.ඒ සිහි බුද්ධියම අදත් තියෙනවා නම් 21 වැනිදාට මේ විශ්වාසභංගයත් පාර්ලිමේන්තුවට ගන්නවා.පක්ෂ නායකයෝ රැස්වෙලා තින්දු ගන්න දෙයක් නැහැ. රටේ මේ තරම් මිනිසුස් මැරිලා තියෙන වෙලාවක කතානායකවරයාට විශ්වාසභංගය ගැන තීරණයක් ගන්න බැරිකමක් නැහැ. මේ රජය ඉදිරියට යාමේ හැකියාවක් නැති නිසා කරුණාකරලා ඉල්ලා අස්වෙන්න කියලයි අපි කියන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා
පොලීසිය ගැන විශ්වාසයක් ඇති කර ගන්න පුලුවන් වෙයිද කියන සිතුවිල්ල ඇති වුනා විතරයි. හිටපු පොලිස්පතිවරයා කටයුතු කලේ රජයට ඕන විදියටකියන එක මේ වෙද්දි හෙළිවෙමින් තිබෙනවා. රජයේ වගකිය යුත්තන්ට තොරතුරු දීලා තිබුණ බව එතුමා පැහැදිලිව කිව්වා. වැඩ බලන පොලිස්පතිවරයාටත් කියන්නේ ඒ වරදම නොකර මේවා ගැන හරි පරික්ෂණ කරන්නයි අපි ඉල්ලා සිටිනවා.
පහුගිය දවස්වල කාත්තන්කුඩි ප්‍රදේශයේ හිටපු ජේම්ස් කෙනඩි කියන ඉන්දියානු ජාතික අධ්‍යාත්මික නායකයෙක් යැයි කියා ගන්න පුද්ගලයෙක් කොළඹ අධිකරණය නිලධාරියෙක්ගේ ගෙදරකදියි අත් අඩංගුවට පත්වුනේ. මොහුව යුද හමුදාව අත් අඩංගුවට අරන් දෙහිවල පොලීසියට ගෙනත් භාරදුන්නත් එතැනින් එහාට පරික්ෂණ නැහැ. ඊට පස්සේ පැය 24ට වඩා හමුදාවට රදවා ගන්න බැරිනිසා, පොලීසිය පැමිණිලි සටහන් කර ගන්නේ නැතිව වහාම ගත්ත තැනට භාර දෙන්න කියලා හමුදාවට කියනවා. මේ විදියට රටතුළ සංසරණය වෙන්නේ ජාත්‍යන්තර මංකොල්ලකාරයින්, ත්‍රස්තවාදින්. කාත්තන්කුඩියේ, මන්නාරමේ මිනිවලවල් හමුවෙනවා.රට තුල අපි නොදන්නා භිතියක් ඇති වෙලා.යුද අපකරණ අසුවෙනවා. ගුවන් යානා නාශක අවි හමුවෙනවා. කලු ගල් කර්මාන්තයේ මිනිහාට ගල් පුපුරා ගන්න වෙඩි බෙහෙත් ටිකක් ගන්න බැහැ. ඊට වඩා වෙඩි බෙහෙත් ත්‍රස්තවාදීන් ළග තියෙනවා. අපි වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලන් නේ නිතිය නවන තැනට ඔබතුමා නම් යන්න එපා. නිතිය නවන්නේ නිලධාරින් නෙවෙයි. දේශපාලනඥයෝ නීතිය නවවනවා.එදා තිබුණු නිදහස අද ආරක්ෂක අමාත්‍යංශයට නැහැ.එදා තිබුණු නිදහස අද පොලීසියට නැහැ. මිනුවන්ගොඩ වුනේ මොකක්ද? මත්ද්‍රව්‍ය වැටලීම් කරද්දි නියෝජ්‍ය පොලිස්පතිවරයා ගැන අපිට ලොකු විශ්වාසයක් තිබුණා. අද මිනුවන්ගොඩ ප්‍රදේශයේ කිසිම දේකට සම්බන්ධ නැති මිනිස්සුන්ට ප්‍රශ්න. රජයේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් සිද්ධය වුනු භූමියේ ඉන්නවා. එදා ලේබල් ගහලා ජවිපේ අය අත්අඩංගුවට ගත්ත ගෝනිබිල්ලා ක්‍රමයටමයි අද අත් අඩංගුවට ගැනීම් වෙන්නේ. සිද්ධීය වෙන්න කලින් දවසේ පන්සලෙන් 35ක් අත් අඩංගුවට ගන්නවා. පන්සලේ පෝය වැඩසටහන ගැන සාකච්ඡා කරන්න ආවාද? ආරක්ෂක වැඩපිළිවෙල ගැන කතා කරන්න ආවද දන්නේ නැහැ.
මත්තල, හම්බන්තොට විරෝධතාවලට ගිය වෙලාවේ මාධ්‍ය ප්‍රකාශක රුවන් ගූණසේකර මහත්තයා කෝට් එක ඇදන් ඇවිත් රෑ 11ට විතර අපේ මන්ත්‍රීවරුන්ට විරුද්ධව පෙනීහිටියා. චෝදනාව වුනේ ටයරයක් ගිනි ගැනීම සහ ඒ නිසා පාරේ තාර උණු වීම. වැල්ලම්පිටියේ බෝම්බ හදපු තඹ කර්මාන්තශාලාවේ අත් අඩංගුවට ගත්ත අය ගැන මොකක්ද කරපු පර්ක්ෂණය. කාගෙද ගුවන් ගමන් බලපත්‍රය තහනම් කලේ. අපේ විදේශ ගමනක් යන්න බැරි මන්ත්‍රීවරු තවම ඉන්නවා. ආන්ඩුවේ පස්පෙලේ මන්ත්‍රීවරු එක පැත්තකින් ඇවිත් රටේ ප්‍රශ්නයක්. මේ වෙලාවේ රට ගොඩගන්න උදව් කරන්න කිව්වා. විපක්ෂනායකවරයා එය සත්භාවයෙන් පිළිගත්තා.අන්තවාදය පතුරන පක්ෂ විපක්ෂ කවුරු හෝ ඉන්නවා නම් අනිවාර්යයෙන් දඩුවම් කරන්න කිව්වා.දැන් විශ්වාස භංගයක් ගෙනත් තියෙනවා. වරදාන වරප්‍රසාදවලට යට නොවී කොන්ද කෙළින් තියන් කටයුතු කරන්න. කතෝලික මන්ත්‍රීවරුන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා. තාම කතෝලික පවුල්වල මිනිස්සුන්ගේ ඇග ඇතුලේ උණ්ඩ, යකඩ බෝල තියෙනවා. ඒ අස්සේ ඇමැතිවරු ගිහින් මාධ්‍ය සංදර්ශන දානවා. ජනතාව ඉවසුවා බොහොම ඇති. ජනතාව ඉලපොත ගත්තොත් වත්තල නෙවෙයි මේ රටේවත් ජිවත් වෙනාන බැරි වෙනවා.ජනතාව එජාපයට සාප කරනවා. ආන්ඪුව කරන අයට සාප කරනවා.කතෝලික ජනතාව දන්නවා ආන්ඩුවේ සියලු දෙනා දැන දාන බෝම්බය පුපුරපු බව. කාදිනල්තුමන් ජනතාව සති තුනක් නිහඩ කරලා දුන්නා. මේ ඝාතනවලට සම්බන්ධ සියලු දෙනා බලයෙන් පහ කරන්න ඕනේ. මේ අන්තවාදය පරාජය කරන්න එකතු වෙන්න. අදත් රිෂාඩි ඇමැතිතුමාගේ මාධ්‍ය ඒකකයෙන් කුළියාපිටියේ, මිනුව්නගොඩ පින්තූර ගන්නවා. ඒ පින්තූර ඔවුන්ට උදව් ගන්න පුලුවන් රටවලට යවනවා. ඒ නිසයි අල් ජසිරා වගේ නාලිකා වල කියන්නේ බෞද්ධයින් සුලුජාතීන්ට ගහනවා කියලා. රට කරවන අයගෙන් ඉල්ලන්නේ සියලු දෙනාට නිතිය සමාන්තරව ක්‍රියාත්මක කරන්න කියලයි. වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිතුමා තඹ කර්මාන්තශාලාවේ අයට ඇපි දුන්නේ කොහොමද?මේ අයට පුද්ගලික ලිපි ගොනුවක් තියෙනවා. එහි තියෙනවා පොලිස් නිලධාරියෙක්ව දේශපාලන අධිකාරියකින් ඉල්ලනවා නම් ඒ ඉල්ලන ලිපිය. කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තමයි මේ පොලිස් ස්ථානාධිපතිවරයාව යාපනයේ ඉදන් වැල්ලම්පිටියට ගෙන්න ගන්නේ. මේ සියලු දෙනාගෙන් ප්‍රශ්න කරන්න. වැඩපිළීවෙලක් හදන්න එකතු වෙන්න කියලා කිසිම ආරාධනාවක් නැහැ. අපි ස්වේච්ඡාවෙන් ගිහින් කරපු දේවල් විතරයි.
එදා මිනුවන්ගොඩ මේ සා විශාල දෙයක් වෙද්දි ආන්ඩුවේ අය කිසිවක් කලේ නැහැ. අද පන්සලත් චෝදනා එල්ල කරනවා. පල්ලියත් චෝදනා කරනවා. නමුත් රුවන් විජේවර්ධන මහත්තයා නම් යුද්දේ කාලf්වත් නැති ආරක්ෂාවක් දාගෙන මිනුවන්ගොඩට ආවා. අපි අපේ ළග ඉන්න ආරක්ෂකයින් අරන් දරුවෝ ආරක්සා කරන්න කිව්වාට රටේ ආරක්ෂක ඇමැති ගොඩබහින්නේ ඇමරිකාවේ ජනාධීපිති අවා වගේ. මේ 225ට අද චෝදනා කරන්නේ ආණ්ඩුවේ ඇත්තෝ නටන නාඩගම නිසයි. මාධ්‍යට වාරණ පිට වාරණා ලැබිලා. නමුත් මාධ්‍යයේ එළි දැක්වීම නිසා ජනතාව දැනුම්වත් වෙමින් සිටිනවා. වත්තල ප්‍රදේශයෙන් පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරයෙක් අත් අඩංගුවට ගත්ත බව කියනවා.අපි කියන්නේ පරික්ෂණ කරන්න.මේ අයගේ ඉතිහාසය හොයන්න. ජවිපේ, එජාපයේ අයටත් මේ විදියේ චෝදනා තියෙනවා. නමුත් අපි රාෂාඩි ඇමැතිතුමා වගේ පොලිස්පතිගෙන් හෝ යුද හමුදාපතිගෙන් අත් අඩංගුවට ගත්ත කෙනාගේ සුවදුක් විමසන්න එන්නේ නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා
මේ ආන්ඩුව බුද්ධි අංශ වාර්තා සැලකුවේ නැති නිසා ගැනිය නොහැකි විදියේ පරිහානියක් රටට සිදුවෙලා. කොටස්වෙලද පොල කඩා වැටිලා. සංචාරක ව්‍යාපාරය බින්දුවට වැටිලා. බුද්ධී අංශ නොසලකා සිටීම නිසයි මේ තත්ත්වය ඇති වුනෙ. ත්‍රස්තවාදයට සම්බන්ධ බවට චෝදනා එල්ල වුනත් කිසිම පරීක්ෂණයක් වෙන්නේ නැහැ. අපි තිරණය කළා විශ්වාසබංග ත්‍යා්ජනාවක් ගේන්න තිරණය කළා. එජාප පුසපෙල මන්ත්‍රීවරු කියනවා මේක 2.50 විශ්වාසභංග යෝජනාවක්ලු. ඒකද එජාපයේ මතය. පළවෙනි චෝදනා විදිට තියෙන්නේ රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාගෙන් හමුදාපතිවරයාට බලපෑම් වුනු බවයි. ඒ චෝදනාව හමුදාපතිවරයා තුන් පාරක් සනාථ කරලා තියෙනවා. එහමුදාපතිවරයාට මෙහෙම බලපෑම් වෙනවා නම් පොලිස්පතිට, ගමේ ඕ. අයි. සීට මොන විදියට බලපැම් ඇද්ද. මෙහෙම තමයි එදා රිෂාඞ් බදියුදින් ඇමැතිවරායගේ සහෝදරයා හමුදාවෙන් අල්ලලා පොලීසියට දුන්නාම නිදහස් වෙන්නේ. රටේ ඇමැතිවරුන්ට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැති නිසයි අපි විශ්වාසභංගය ගෙනාවේ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති වුන ගමන් විජිත හේරත් මන්ත්‍රිවරයා හුසේන් බෝල්ට්ට වැඩිය වේගෙන් විශ්වාසභංගයඅරන් දිව්වා. අද ත්‍රස්තවාදයට සම්බන්ධයි කියලා ඇමැතිවරුන්ට චෝදනා එල්ලවෙද්දි අපි විශ්වාසභංග යෝජනාවවත් ගෙනාවා.මේ අය කියනවා දැන් නායකයෝ හදන්න අමාරුයිලු. ජවිපෙන් නම් නායකයෝ හදන්න එපා. ජවිපේ හදපු නායකයෙක්ගේ පුත්තු දෙන්න බෝම්බ පුපුරගෙන මැරිලා දැන් ඒනායකයා ඉන්නේ හිරගෙදර. ඒ නිසා තවත් නායකයෝ හදන්න එපා.ත්‍රස්තවාදින්ගේ මුදල්වලට යට වුනේ නැත්නම් මේ විශ්වාසභංගයට ජවිපේ සහාය දෙනවා. මේ සිදුවිම් එකින් එකට සම්බන්ධයි. දිගන සිද්ධිය කලේ ආන්ඩුවයි, පොලීසියයි, එක්සත් ජාතික පක්ෂයයි කියලා අද වෙද්දි ඔප්පු වෙනවා. බුද්ධි අංශ වාර්තාවලට ක්‍රියාත්මකවුනේ නැත්තේ ඇයි.අසාත් සාලි ආන්ඩුකාරවරයා කියනවා කඩු කන්ටේනර් 10ක් ගෙනාවලු. ඔබලාගේ ආන්ඩුවනේ තිබුනේ.මේ ආන්ඩුවේ වැඩපිලිවෙලත්‍රස්තවාදයයි.මෙ ්ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය ත්‍රස්තවාදයක්. මැතිවරණ කල් දාගන්න, බලය ඕනම විදිහකට රදවා ගන්න නිසයි මේ ත්‍රස්තවාදය ඇති වෙන්නෙත්, නිතිය ක්‍රියාත්මකවෙන්නේත්, ඇදිරි නිතිය තියෙන වෙලාවේ පහර දෙන්නේ ආන්ඩුවයි.මේ සියලු දේවල් මාධ්‍ය වාර්තා කරමින් තිබෙනවා.
අද මංගල සමරවිරගේ නිල ටුවිටර් ගිණූමේ කියනවා පෞද්ගලික මාධ්‍ය වලට තව දුරටත් දැන්විම ලබා දෙන්නේ නැහැලු.හේතුව වෛරි ප්‍රකාශ සිදුකිරිම. වෛරී ප්‍රකාශ කලේ මංගල සමරවිරයි. එතුමා හින්දයි ජාතිවාදය ඇති වුනේ. ආන්ඩුවේ නොහැකියාව මාධ්‍ය තුළින් ප්‍රචාරය වුනාම දැන්විම් ලබා දෙන්නේ නැහැ කියනවා.මංගල සමරවිර කියන්නේ කිසිදු ඇමැතිකමකට සුදුසු කෙනෙක් නොවෙයි. සියලුම මාධ්‍ය රටට අවහ්‍ය බදු ටික ගෙවනවා නම් දැන්වීම් නතර කරන්න අයිතියක් නැහැ.

අගමැතිගේ මුලික ප්‍රශ්නය වෙලා තියෙන්නේ ප්‍රතිත්‍රස්ත පනත ගේන එකයි.

අද (15) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු නියෝජිතයින්

■ අගමැතිතුමාගේ මුලික ප්‍රශ්නයවෙලා තියෙන්නේ ප්‍රතිත්‍රස්ත පනත ගේන එකයි.
■ ප්‍රතිත්‍රස්ත පනත ගෙනාවොත් දවල පත්‍රිකාව ගෙනාවා වගේ තත්ත්වයක් මේ රටේ ඇති වෙනවා.

පාර්ලිමේන්තු මන්තී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
රටේ නොසන්සුන්තාවය ඇති වෙලා මසකට ආසන්නයි. නමුත් තවමත් රට අස්ථාවරයි. මේ වෙනකල් නොසන්සුන්තාවය පාලනය කර ගන්න රජයට හැකි වුනේ නැහැ. කිසියිම් තැනක සිද්ධියක් වුනු හැටියේ පොලිස් ඇදිරිනීතිය දානවා. ඊට පස්සේ රට පුරාම පොලිස් ඇදිරි නීතිය දානවා. අවසානයේ කිසිම ප්‍රතිඵලයක් නැති දිගින් දිගටම සිද්ධින් වාර්තා වෙන්න අරන් තියෙන්නේ. යම් සිද්ධියක් ඇති වුනාම ඒ ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පූජකතුමන් කැදවලා ප්‍රදේශයේ නොසන්සුන්තාවය සම්බන්ධයෙන් අපේ කාලයේදී වගකීම් පැවරුවා. මේ ආන්ඩුව එවැනි කිසිදු පියවරක් අරන් නැහැ. කිසිදු දිස්ත්‍රික්කයක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මහජන නියෝජිතයෙක් කැදවලා නැහැ. මේක ආන්ඩුවේ නොහැකියාවයි.
මීට පෙර බුද්ධි අංශයේ කිහිප දෙනෙක් අත් අඩංගුවට ගත්තාට ප්‍රශන්යක් නැහැ කියලයි ආන්ඩු පක්ෂයේ අය කිව්වේ. නමුත් මේ වෙද්දි හමුදාපතිවරයා පුවත්පතකට ප්‍රකාශ කරලා තියෙනවා බුද්ධි අංශ දුර්වල වීම මේ ප්‍රශ්නයට මූලික හේතුව කිව්වා. පහුගිය කාලයේම ආන්ඩුවේ ඇමැතිවරු කලේ පරස්පර විරෝධී ප්‍රකාශ. එක ඇමැතිවරයෙක් පාසල් පටන් ගන්න කියද්දි අනෙක් හිටපු හමුදාපතිවරයා කියනවා මගේ පරිපාලනයක් යටතේ නම් මේක කරන්නේ නැහැ කියනවා. ජනතාව පිළිගන්නේ හිටපු හමුදාපතිගේ, වත්මන් හමුදාපති, ආරක්ෂක අංශ කියන දේයි. එක ඇමැතිවරයෙක් කියනවා මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියාලා. ජනතාව පීඩනයට පත්වෙලා ඉන්න වෙලාවකයි ඇමැතිවරු ඇවිත් මේ වගේ කතා කියන්නේ. ඇමැතිවරුන් මේ වගේ අදහස් ප්‍රකාශ කළාම කුපිත වෙන්නේ නැති මිනිස්සුත් කුපිත වෙනවා.
දැන් එක්සත් ජාතික පෙරමුනේ ඇමැතිවරු විවිධ දේට සූදානම් වෙනවා. වැඩි දවසක් යන්න කළින් එක්සත් ජාතික පෙරමුනේ ඇමැතිවරයෙක් ආණ්ඩුවෙන් එලියට බැහැලා ජාතික බලවේගයකට මිනිස්සු ගොනු කරන්න උත්සාහ කරනවා. ඒ ඇමැතිවරයාම කියනවා ආන්ඩුවේ නායකයින්ට කොන්දක් නැත්නම් ඔවුන් ඉවත් වෙන්න ඕනේ. නැත්නම් අපි ඉවත් කරනවා කියලා. රටේ ප්‍රශ්නයට විසදුමක් හොයන්න කිසිවෙක් උත්සාහ කරන්නේ නැහැ. රටේ ජනතාව ආණ්ඩුව කියන දේ අහන්නෙත් නැහැ. ඇමැතිවරු අහන්නෙත් නැහැ. පසුවෙල මන්ත්‍රීවරු විවිධ දේ කියනවා. මේක තමයි ආන්ඩුවේ නොහැකියාව කියන්නේ.
මිට වසර ගාණකට පෙර මෙරට ඇමැරිකාවේ තානාපති රොබට් බ්ලේක් මහතා ඒ වෙලාවේ රාජපක්ෂවරුන් හා අපේ ආණ්ඩුව ගැන ප්‍රකාශ කරපු ආකාරය අපි දන්නවා. දැන් කියන්නේ මොනවාද? මේකට පරිපාලනයක් ඕනේ. ඒ කාලයේ මේ වගේ සිද්ධීන් ඇති වුනාම ඒ සිද්ධීන්වලට නායකත්වයක් දෙන්න අය හිටියා. ඒ වගේ නායකත්වයක් රටට අවශ්‍යයිලු.
ආන්ඩුවට වත්මන් තත්ත්වය කිසිසේත් පාලනය කර ගත නොහැකි බව පැහැදිලියි. භාරකාර ආණ්ඩුවක් යටතේ මැතිවරණයකට යන්න ඕනේ. නැත්නම් ආන්ඩුවේ නායකයෝ ඉල්ලා අස්වෙලා රට කරන්න පුලුවන් කෙනෙකුට දෙන්න ඕනේ. අගමැතිතුමාගේ මුලික ප්‍රශ්නයවෙලා තියෙන්නේ ප්‍රතිත්‍රස්ත පනත ගේන එකයි. ප්‍රතිත්‍රස්ත පනත ගෙනාවොත් දවල පත්‍රිකාව ගෙනාවා වගේ තත්ත්වයක් මේ රටේ ඇති වෙනවා. මේ පනත් කෙටුම්පත ගෙනාවොත් හදිසි නිතිය තිබුණා කියලා නැතිව වෘත්තීය සමිති, වෛද්‍යවරු, වෘත්තිකයින් එළියට බහිනවා. අගමැතිතුමාට රට තවත් අවුල් කරන්න ඕනේ නම් ප්‍රතිත්‍රස්ත පනත ගෙන්න. රට් ප්‍රධානම දේ ප්‍රතිත්‍රස්ත පනත නෙවෙයි.
මේ වෙලාවේ ජාතික ප්‍රශ්නයක් ඇති නොකර ඉවසීමෙන් ඉන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ. සිංහල, දෙමළ මුස්ලිම් සියලු ජනතාව එක සංස්කෘතියක් යටතේ අපි හිටියා. සාමකාමී වෙන්න. මේ ආන්ඩුවට තව මාස හයයි තියෙන්නේ. එතෙක් අපි මේ ආණ්ඩුවට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ සහාය දෙනවා. හදිසි නිතිය යටතේ ඇදිරි නිතිය ගැසට් කලේ නැහැ.හදිසි නීතිය යටතේ ඇදිරි නීිතිය දවස් දෙකක් හරියට දැම්මා නම් මේ තත්ත්වය රටේ ඇති වෙන්නේ නැහැ. මේ අය බලන්නේ ඡන්ද පදනම රැක ගැනිම විතරයි. මේ විදියට ආන්ඩුවට වැඩිකල් යන්න බැහැ. ඉතිහාසය පුරාම ඇති නොවුනු ප්‍රශ්නයක් මේක. කරුණාකරලා විවිධ මත ප්‍රකාශ නොකර මේ ප්‍රශ්නය විසදන්න. ආන්ඩුව කිව්වත් මිනිස්සු වැඩට එන්නේ නැත්නම්, දරුවා පාසලට එවන්නේ නැත්නම් ආන්ඩුව ගැන ජනතාවට විශ්වාසයක් නැති බවයි පේන්නේ.

■ ආන්ඩුවේ ඇමැතිවරයෙක් රටේ ප්‍රදාන ආගම බුද්ධාගම නෙවෙයි කීම ගැන කණගාටු වෙනවා. ඒක අමනෝඥ ප්‍රකාශයක්.
■ ආන්ඩුවේ දුර්වලතාවය නිසා ගොඩ නැගුණු වහාබ් අන්තවාදින් රටෙන් පිටකරන හෝ නඩු අසා නිතියෙන් කටයුතු කරන ශක්තිමත් රජයක් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරමු

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා
හිටපු එක්සත් ජනපද තානාපතිවරයෙක් ලංකාව ජාත්‍යන්තර වශයෙන් කෙරම් වැදගත්ද කියන දේ ප්‍රකාශ කළා.මුහුදු මාර්ගයක් ආසන්නයේ, ස්ථානීය වශයෙන් වැදගත්, උපක්‍රමික ස්ථානයක පිහිටි දිවයිනක් නිසා සියලු දෙනා අපේ රටට ඇහැගහගෙන සිටින බවයි ප්‍රකාශ කර තියෙන්නේ. රාජ්‍යයන්වල අස්ථාවර ඇති කිරීමට වහාබ්වාදය භාවිතා කරලා තියෙනවා. නමුත් අරාබිය වහාබ්වාදය භාවිතා කරලා තියෙන්නේ ස්ථාවරභාවය ඇති කරන්නයි. අපේ රටේ ඇති වුනේ වහාබ්වාදය විසින් පෝෂණය කරපු ලංකාවේ ඇතිවූවක්. මේ වගේ ප්‍රශන්යක් බංගලා දේශයේ ඇති වුනා. ඒ අවස්ථාවෙදි ඇමරිකාවේ යුද හමුදා දකවුරක් ඇති කරන්න දූපතක් දෙන්න කියලා දැඩි බලපෑමක් බංගලාදේශයට සිදු කළා. එදා බංගලාදේ්‍ය අගමැතිනිය ඥාණාන්විතව ඒ තත්ත්වය වැලැක්වුවා. අපේ රජය මොකද කරන්නේ. ඔත්තු සේවා දියුණූ කරලා වහාබ්වාදය මැඩ පැවැත්විය යුතුයි. රජයට වැඩපිළීවෙලක් නැති බව පේන නිසා ජනතාව දරුවෝ පාසල් යවන්නේ නැහැ. රාජකාරිවලට යන්නේ නැහැ. මේක පාලකයින්ගේ තියෙන අදක්ෂකම. පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ කැදවිමක්කරලා වගකිම් පැවරිමක් අපේ පළාතේ නම් මෙතෙක් වුනේ නැහැ. මට කිසිම කැදවිමක් වුනේ නැහැ. අපේ පළාතේ ඇති වුනු සිද්ධීන් ගැන කණගාටු වෙනවා. දේශපාලන වශයෙන් කවුරුත් සම්බන්ධ වුනේ නැහැ. ආනඩුවේ ක්‍රියාකළාපය ගැන කළ කිරිම හෝ පිටින් පැමිණ කරපු දෙයක් කියලයි මම හිතන්නේ. පුද්ගලයෝ කිහිප දෙනෙක් මරාගෙන මැරුණා වුනත් මෙයට උදව් කරපු පිරිස් ආරක්ෂක අංශ වලටමින් සිටිනවා. පරිගණක දැනුමක් ඇති පුද්ගලයෙක් ලංකාවේ හා ඉන්දියාවේ සියලු දෙනා සම්බන්ධ කිරීමක් කර තියෙන බවත් ඔහු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවත් කියැවෙනවා. මෙවැනි අවස්ථාවක බුද්ධි අංශ පුලුල් කර බුද්ධි අංශ ඒකාබද්ධ කළ යුතුයි. ඒක හිටපු ඇමැරිකානු තානාපතිවරයාත් කියලා තියනවා. පහුගිය කාලයේ ඔත්තු සේවා ඒකාබද්ධ කරලා තොරතුරු ගත්තා කියලා.
මේ වගේ ත්‍රස්තවාදයක් නැති කරන්න පුලුවන් වෙන්නේ ඔත්තු සේවා පුලුල් කිරීමෙන් පමණයි. පහුගිය කාලයේ යුද හමුදා ඔත්තු සේවවන්ගෙන් කිසිම ප්‍රයෝජනයක් ගෙන නැති බව විශේෂඥයෝ පවසනවා. මේ රජය දිගින් දිගටම රට තුල විශ්වාසය ඇති කරන්නත්, ප්‍රශ්නයට විසදුමක් ගේන්නත් අසමත් වෙලා. මේකට ජාත්‍යන්තර අදව් උපකාර වෙනුවට මෙවැනි තත්ත්වයන් නිර්මාණය වීම වැලැක්වීමට අපේමක්‍රමවේදයන් සකස් කළ යුතුයි. රටේ කළබල ඇති කිරීම වෙනුවට සාමයෙන් නැවත ත්‍රස්තවාදය වැලැක්වීමේ ක්‍රියාමාර්ගවගට යන්න ඕනේ. මේ රජයට මහජන විශ්වාසයක් නැහැ. මුස්ලිම් ඇමැතිවරු රටේ තත්ත්වය තේරුම්ගෙන සුපුරුදු පරිදි ක්‍රියා නොකර ඉන්න ඕනේ. ඔවුන් හේ අන්තවාදය ගැන රජයට දැන්වූයේ නැහැ. ඔවුන් කලේ ඔවුන්ගේ දේශපාලන පක්ෂ පෝෂණය කිරීම හා ඔවුන්ගේ උදර පෝෂණය කිරීමත් පමණයි. මුස්ලිම් ජනතාවට අවශ්‍ය නිවැරදි නායකත්වයක් දුන්නේ නැහැ. ඒ නිසයි මේ තරම් දේශකයෝ ලංකාවට එන්නේ. ළමයින්ට ආගම උගන්වන වෙනම විශ්ව විද්‍යාල එන්න කොහොමද? සහරාන් වැනි අන්තවාදින් පිරිසක් නිර්මාණය වෙන්න විදියක් නැහැ ඔවුන් නිවැරදි නායකත්වයක් මුස්ලිම් සමාජයට දුන්නා නම්. අදටත් ඔවුන් මෙහි නිවරදි තත්ත්වය තමන්ගේ ජනතාවට පෙන්විමට ඉදිරිපත් වුනේ නැහැ. මුනිවත රකිමින් තමන්ගේ උදර පෝෂණය සදහාම කටයුතු කරනවා විතරයි.
ඉංග්‍රිසින් උඩරට පළාත් යටත් කරගත් අවස්ථාවේ ගිවිසුමකට ආවා. ඒ ගිවිසුමේ ප්‍රධාන වාක්‍ය වුනේ ලංකාවේ බුද්ධාගම ආරක්ෂා කරනවා පෝෂණය කරනවා කියනඑක. ඒකෙන් පස්සේ ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවලටත් මේ වාක්‍ය ඇතුළත් වුනා. බුද්ධාගම තියෙන රටවල් වල අනෙක් ආගම් වර්ධනයට බාධාවක් තිබුනේ නැහැ. පහුගිය කාලයේ අලුතින් පල්ලි මොනතරම් ඇති වුනත් බාධා ඇති වුනේ නැ. ආණ්ඩුවේ ඇමැතිවරයෙක් රටේ ප්‍රධාන ආගම බුද්ධාගම නෙවෙයි කීම ගැන කණගාටු වෙනවා. අමනෝඥ ප්‍රකාශයක්. බුද්ධාගම ප්‍රධාන ආගමයි. අනෙක් ආගම්වලට හානි නොවන මැදිහත් ආගමක්. මේවා අපව දුකට පත්කරන කතාවල්. ආන්ඩුවේ දුර්වලතාවය නිසා ගොඩ නැගුණු වහාබ් අන්තවාදින් රටෙන් පිටකරන හෝ නඩු අසා නිතියෙන් කටයුතු කරන ශක්තිමත් රජයක් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරමු.

■ මංගල සමරවිර කියන්නේ පුංචි බබෙකේ නෙවෙයි. දැනදැනම බෞද්ධ ජනතාව අවුස්සන අරමුණින් ප්‍රකාශ කරනවා
■ පාඨලී චම්පික අලුත් පාරක යන්න හදන්නේ
■ මේ අයට ජාතික මගක් නැහැ. ඒ අයගේ මග හදාගන්නයි බලන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා
බෝම්බ පිපිරීමෙන් පස්සේ රටේ කළඹලයක් ඇති වෙයි කියලා ආණ්ඩුව බාලපොරොත්තු වුනත් කාදිනල්තුමන් සාමය ඇති කිරීමට පෙරමුණ ගත්තා. තමන්ගේ අයට ප්‍රාහරයක් වෙලා තියෙන අවස්ථාවක රඑතුමා ඉවසිලිවන්තව ක්‍රියා කිරීම අගය කරනවා. අපේ ජනතාවත් ඉවසිලිවන්තව හිටියා. තිස් අවුරුදු යුද්ධයක අත් දැකීම් ජනතාවට තියෙන නිසා ජනතාවත් ප්‍රචණ්ඩත්වයට ගියේ නැහැ. නමුත් ආන්ඩුවට අවශ්‍ය වුනේ ප්‍රචණ්ඩත්වය ඇති කරන්නයි. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ජනාධිපතිවරයාට එරෙහි ලිපියක් පන්සල්වලට යවන්න උත්සාහ කළා. මංගල සමරවිර කියන්නේ පුංචි බබෙකේ නෙවෙයි. දැනදැනම බෞද්ධ ජනතාව අවුස්සන අරමුණින් ප්‍රකාශ කරනවා . මිහිදු මහ අරතන් වහන්සේ බුද්ධාගම අරන් ඇවිත් වසර 2500ට වැඩියි. පෘතුග්‍රීසීන්ගෙන් පස්සේ ක්‍රිස්තියානු ආගම පැතිරුණා’. වෙලදාමේ ආපු මුස්ලිම් අයගෙන් ඉස්ලාම් ආගම ප්‍රචාරය වුනා. මේවා ඉතිහාසය දන්න කුඩාම දරුවෝ වුනත් දන්නවා. මංගල සමරවීර හිතාමතාව අවුස්සන්නයි මේ ප්‍රකාශ කරන්නේ. දැන් ප්‍රකාශයක් කරනවා කිසියම් පක්ෂයක් මේ තතත්වයට වග කියන්න ඕනෙලු. එතුමා කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බැලුවා නම් හරි. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ බොර දියේ මාලුබාන්නයි. මැතිවරණය දැන් කිට්ටුයි. අවුරුදු හතරහමාරක් රට විනාශ කරලා ගමට යන්න බැරිව ඉන්න නිසා බොරදියේ මාලු බාන්න යන්නේ. මැතිවරණය කල් දාන්න ලැබෙන්නේ නම් නැහැ. ජවිපේ කැරැල්ල කාලේ ඡන්දය කල්දාන්න පුල්වන්කමක් තිබුණා නම් ජයවර්ධන මහත්තයා ඒකත් කරනවා. බෝම්බ ගහද්දි ගිහින්ලයි ඡන්දෙට මුහුණ දුන්නේ. ඒ උප්පරවැට්ටිය තමයි මේ අය යොදමින් ඉන්නේ. ත්‍රස්තවාදීන් ප්‍රශ්න කරන්න භාරදුන්නත් පැයක් දෙකක් යද්දි අත හරින්නේ විශාල දේශපාලන බලපෑමක් වෙන නිසා. 1971 කැරැල්ල කාලෙදිවත්, යුද්ධය සමයේදීවත් මේ විදියේ දේශපාලන අත පෙවීම් සිදු වුනේ නැහැ. අවශ්‍ය අයගෙන් ප්‍රශන් කරන්නේ නැති නිසයි නිවිලා තිබුණ තත්ත්වයෙන් නැවතත් ගිණිදැල්වුනේ. කාදිනල්තුමා කිව්වා මිනිස්සු පාරට බහින්න කලින් නිතිය ක්‍රියාත්මක කරන්න කියලා. චම්පික රණවක් ඇමැතිවරයා ජාතික මග කියලා අලුත් මුහුණුවරකින් එන්න සූදානම් වෙනවා. ඡන්දෙට මාස කිහිපයක් තියලා බොරු බේගල් කියලා මහින්ද රාජපක්ෂ ආන්ඩුව පෙරලන්න අනෙක් පැත්තට පැන්නා. සිංහල බෞද්ධ ඡන්ද ටික ගන්නයි මේ අලුත් මගක් හදන එලියට බහින්න යන්නේ. මේ වෙනකල් ආන්ඩුව හොදයි. ඡන්දේ ලංවෙද්දි හොද නැහැ. පරදින බව දන්න නිසා වෙන මාර්ගයකින් ජනතාව මුලා කරන්නයි යන්නේ. මේ අයට ජාතික මගක් නැහැ. ඒ අයගේ මග හදාගන්නයි බලන්නේ.
සංචාරක ක්ෂේත්‍රයට සහන දෙනවා කිව්වාට දැන් කියනවා ලියාපදිංචි අයට විතරයිලු සහන දෙන්නේ. ඉතිහාසයේ පළමුවරට දින තුනක් කල් තැබීමේ යෝජනාවක් සාකච්ඡාවට ගත්තා. ඒ කතා කරපු කිසිවක් අද කෙරෙන්නේ නැහැ. සංචාරක කර්මානත්යේ යෙදිලා ඉන්න අය රවටන්නේ නැතිව ව්‍යාපාරිකයින්ට සහන දෙන්න. සංචාරකයින්ට හොදම රට කිව්වේ අපේ රටයි. සංචාරක ව්‍යාපාරය විනාශ කරන්න එපා කියලයි අපි ඉල්ලා සිටින්නේ.

සියලු පාර්ශවයන් ප්‍රතිත්‍රස්ත පනත ප්‍රතික්ෂේප කරනවා.

අද (09) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු නියෝජිතයින්
■ පළමු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ගෙන් 99%ක් දෙවැනි ප්‍රහාරය ව්‍යාර්ථ කළ බවක් ජනාධිපතිවරයා කියන්නේ නැහැ.
■ නිවැරදි ප්‍රවෘත්තිය මාධ්‍ය ඒසසේ විකාශනය නොවීමෙන් සිද්ධ වෙන්නේ වැරදි පුවත් සමාජගත වීමයි.
■ මද්‍රසා වැනි අන්තවාදි අදහස් පෝෂණය කරන පාසල් තහනම් විය යුතුයි.
■ මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත කරපු මුස්ලිම් දේශපාලන නායකයින් අනිවාර්යයෙන් අත් අඩංගුවට ගන්න වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබෙනවා සෝදිසි කිරිම්වලින් හමුවෙන ආයුධ මාධ්‍ය ඔස්සේ පෙන්වන්න එපා කියලා. ජන ජිවිතය යථා තත්ත්වයට ගන්න, රටේ ආරක්ෂාව පිළිබඳව විශ්වාසයක් ගොඩනගා ගන්න මාධ්‍ය ඔස්සේ මේ දේවල් වාර්තා කිරිම් තහනම් කිරීමෙන් ඵලක් නැහැ. අද ජනතාව සිටින්නේ දෙවැනි ප්‍රහාරයක්සම්බන්ධයෙන් බියෙන්. රජයත් දෙවැනි ප්‍රහාරයක් සම්බන්දයෙන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම සුදුඇදුම් හමුවීම, ආයුධ හමුවීම, හමුදා ඇදුම් හමුවීම වැනිදේ නිසා දෙවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඇති සැකය තහවුරු වෙනවා.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශයේදී පළවෙනි ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදින්ගෙන් 99%ක් අත් අඩංගුවට අරන් තියෙන්නේ කිව්වා. නමුත් එතුමා දෙවැනි ප්‍රහාරය ව්‍යර්ථ කර තිබෙන බවක් කියන්නේ නැහැ. ඒ තර්ජනය මේ වෙද්දි සම්පූර්ණයෙන් තුරන්කර තිබෙන බවක් කියන්නේ නැහැ. අපි විශ්වාස කරනවා ආරක්ෂක අංශ. දේශපාලනඥයින් මාධ්‍ය සාකච්ඡා නොතියා ආරක්ෂක අංශ මාධ්‍ය සාකච්ඡාවලට එනවා නම් බොහොම හොදයි කියලා අපි විශාවස කරනවා. පාසල් දරුවන් පාසල් ඒමේ වර්ධනයක් අපි දකින්නෙත් නැහැ. රටේ ජනතාව ඉන්නේ විශාල බියකින්.
මහ බැංකුවේ වාර්තාව මේ වෙද්දි නිකුත් කරලා තියෙනවා. ඒ වාර්තාවෙන් කියන විදියට මේ වෙද්දි ඒක පුද්ගල ආදායම ඩොලර් 2කින් අඩුවෙලා. හැම පැත්තෙන්ම ආර්ථිකය කඩා වැටීමකට ලක්වෙලා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයට වෙන හානිය ගැන මීට වඩා අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. සංචාරකව්‍යාපාරය වුනත් පළවෙනි කාර්තුවෙදි තිබුනේ 2.2% වර්ධනයක් තිබුනේ. ඒ පදනමත් එක්ක ත්‍රස්තවාදි ප්‍රහාරය නිසා ආර්ථිකයට විශාල හානියක් වුනා. මේ හානියෙන් ගොඩයන්න නම් ජාතික ආරක්ෂාව තහවුරු කිරිම පළමුවෙන්ම කළ යුතුයි. 2015 ප්‍රංශයට එල්ල වුනු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ හිටපු ජනාධීපතිවරයා සංචාරකයින් ගැවසෙන ස්ථානවල ආරක්ෂක නිලධාරීන් 10000ක් ස්ථානගත කළා. මේ රජයත් ප්‍රවෘත්ති විකාශනය කරන්න එපා කියලා මිනිස්සු තුළ විශ්වාසයක් ගොඩ නගන්න උත්සාහ කරනවා වෙනුවට ආරක්ෂාව තහවුරු කළ යුතුයි. නිවැරදි ප්‍රවෘත්තිය මාධ්‍ය ඒසසේ විකාශනය නොවීමෙන් සිද්ධ වෙන්නේ වැරදි පුවත් සමාජගත වීමයි.
මේ සිද්ධිය හේතුවෙන් මුස්ලිම් සහෝදරයින්ගේ හා නොවන අයගේ කිසියම් ඈත්විමක් වෙලා නම් ඒ සම්බන්ධතා නැවත ගොඩනගා ගත යුතුයි. බුර්කා ව තහනම් කිරීමෙන් පමණක් මෙම්ප්‍රශ්නය විසදෙන්නේ නැහැ. වෙලාවෙන් මුස්ලිම් සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා.මුස්ලිම් කාන්තාවන් බුර්කාව අදින්න පටන් ගත්තේ ඔවුන්ගේ අදහස් වෙනස් විමක් නිසාද, නැත්නම් බුර්කාව ඇදපු නිසා ඒ අයගේ අදහස් වෙනස් විම නිසාද කියලා අපි දෙවරක් හිතා බලන්න ඕනේ. ජාතික ආරක්ෂාව සදහා නම් බුර්කාව තහනම් කරලා මදි. නිතී පද්ධතියක් අවශ්‍යයි. මද්‍රසා වැනි අන්තවාදි අදහස් පෝෂණය කරන පාසල් තහනම් විය යුතුයි. පකිස්තානයේ ඉම්රාන් කාන් අගමැතිවරයා මෙවැනි පාසල් 800ක් තහනම් කරලා තියෙනවා. තුර්කියේත් එවැනි පාසල් තහනම් කළා. මේවායේ අන්තවාදි අදහස් පෝෂණය කරනවා නම් තහනම් විය යුතුයි. අරණායක විල්පල කියන ගමේ පාක්ෂිකයෙක් කිව්වා එහේ මද්‍රසා පාසලක් තියෙනවා. පන්ති පටන්ගන්නේ රෑ 10ට. 10 ඉදන් පාන්දර 2 විතර වෙනකල් පන්ති පවත්වනවා. මේ වගේ පසුබිමක් තුළ ජනතාව තුළ සැකයක් ඇති වෙනවා. මේ ගැන තේරුම් අරගෙන නම්‍යශිලීව කටයුතු කරන්න කියලා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙත් ඔවුන්ගේ සියලු කටයුතු දිහා සැකයෙන් බලමින් ඔවුන්ව අන්තවාදයට යොමු කරන්න එපා කියලයි. මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත කරපු මුස්ලිම් දේශපාලන නායකයින් අනිවාර්යයෙන් අත් අඩංගුවට ගන්න වෙනවා. අද වෙනතුරු අපේ ඇගිල්ල දිගු වෙන සමහර මැති ඇමැතිවරුන්ගෙන් ප්‍රශ්න කරලාවත් නැහැ. සමහරුන්ගේ නෑයෝ සියලු දෙනාම මේ අන්තවාදින් සමග සම්බන්ධයි. නමුත් ප්‍රශ්න කිරිමක් වෙලා නැහැ. පාර්ලිමේන්තුවෙදි සාධාරණ අදහසක් ඉදිරිපත් වුනත් අදහස් ඉදිරිපත්කිරීමට පවා බාධා කරනවා. ඒ අන්තවාදි අයගෙන් ප්‍රශ්න කළ යුතුයි. පරීක්ෂණ පැවැත්විය යුතුයි.

■ සියලු පාර්ශවයන් ප්‍රතිත්‍රස්ත පනත ප්‍රතික්ෂේප කරනවා.
■ 9 වැනිදා සිට 13 වැනිදා දක්වා පිපිරිම් සිද්ධ වෙන්න ඉඩ තියෙන නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමැතිවරු විශේෂ උත්සව රාත්‍රී ගමන් බිමන් පිටත් කරන්න එපාලු
■ ඒ වුනාට ජනතාවට කියනවා ළමයි පාසල් යවන්න. සේයට යන්න කියාලා.
■ අගමැති ජනාධිපති බොරදියේ මාලු බානවා.
■ බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින්ට ඇපි දුන්නේ 9 වැනිදා සිට 13 වැනිදා දක්වා කාලයේ කෙරෙනවා කියන පිපිරවිම්වල ඉතිරි ටික එළි දක්වන්නද
■ ආරක්ෂාව තහවුරු වෙලා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආරක්ෂක නිලධාරින් නැතිව ජනතාව අතරට යන්න. ඒ ආරක්ෂක නිලධාරින් පාසල් ආරක්ෂාවට යොදවන්න.
■ මේ ආන්ඩුව කියන්නේ පට්ටපල් බොරු.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා
රටේ ඇති වෙලා තියෙන ව්‍යසනය ආන්ඩුවට කරගන්න නොහැකි වූ අතපසු වූ කාරණා ඉටු කර ගැනීමට අවස්ථාවක් කර ගැනීමේ සූදානමක් තියෙන්නේ. අගමැතිවරයා කියනවා ත්‍රස්තවාදය වළක්වන්න නම් ප්‍රතිත්‍රස්ත පනත ක්‍රියාත්මක කළයුතු බව කියනවා. නිතිපතිවරයා හමුදාවපතිවරුන් ඇතුලු මේ සම්බන්ධ විශේෂඥයින් ගෙන්වලා කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් කතාකරපු අවස්ථාවේදි ඒ කාරක සභාවේ සභාපතිවරයා කියනවා මේ ගැන හොඳ මතවාදයක් කාරක සභාවේ මන්ත්‍රීවරුන්ට හෝ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට නැහැ කියලා. විශේෂඥයෝ තුළත් මේ සම්බන්ධයෙන් එකඟතාවයක් නැහැ. ඒක නිසයි අගමැතිවරයා කියන්නේ පොල් ගාන්නේ නැතිව පනත ගේන්න කියලා. කාරක සභාව මේ තුළ වෙනත් අවශ්‍යාතවයක් මිස ත්‍රස්තවාදය පිටු දැකීමක් නැහැ කියලා මේ පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කරනවා.
මේ අතරේ තවත් කාණ්ඩයක් මහානායක ස්වාමින් වහන්සේලා කාදිනල්තුමා ,විපක්ෂනායකවරයා පසුපස්සේ යනවා හිටපු හමුදාපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය ඇමැතිකම දෙන්න කියලා. මේවා මේ වෙලාවේ රටට අවශ්‍ය දේවල්ද? රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ආරක්ෂක ඇමැති විදියට වගකිම අරන් කටයුතු කරනවා නම් මේ නීතිරීති ඒ සදහා ප්‍රමාණවත් නම් එතුමාට ආරක්ෂක ඇමැතිකම දීලා මිනිස්සුන්ගේ බයට විසදුම් දෙන්න පුලුවන්ද? ආන්ඩුව මේවා පෙන්වමින් කල්මරණවා. ආන්ඩුව ගත්ත දවසේ ඉදන් අපි කිව්වා මේ ආන්ඩුව එළ හරකයි මි හරකයි වගේ කියලා. එක්කෙනෙක් ගොඩට අදිනවා. අනෙක් කෙනා මඩට අදිනවා. දැන් ඒක ත්‍රීව්ර වෙලා. අගමැති එක පාර්ශවයකට කතා කරලා කියනවා ආරක්ෂාව තහවුරුයි කියද්දි, එතුමාගේ කැබිනට් එකේ ඉන්න අය ප්‍රශ්න කරනවා කොහෙද ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ කියලා.අපි මේවා පාර්ලිමේන්තුවේදි දැක්කා. ඒ ඇමැතිවරුම කියනවා අද (09) ඉදලා 13 වෙනිදා වෙනකල් නගර කිහිපයක පිපිරිම් සිද්ධ වෙන්න ඉඩ තියෙනවාලු. අපේ ආරක්ෂක අංශවලටත් මේ සම්බන්ධයෙන් දැනුම් දීලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමැතිවරු විශේෂ උත්සව රාත්‍රී ගමන් බිමන් පිටත් කරන්න එපාලු. අපේ ආරක්ෂාව අපි සලසා ගත යුතුයි. මිනිස්සුන්ට කියනවා දරුවෝ පාසල් යවන්නලු. සේවයට යන්නලු. රට සාමාන්‍ය තත්ත්වයට ආවලු. එහෙම කියන ගමන් ප්‍රභූවරුන්ට කියනවා හෙට බෝම්බ ගහනවාලු. මෙහෙම වචන දෙකක් තියාගෙන හරි යනවාද?’ පාසල් වල දරුවෝ නැහැ. ගුරුවරු විතරයි. මේ අධ්‍යාපන ඇමැතිට තාම බැරිවුනා හරි වැඩපිළීවෙලක් හදන්න. ආරක්ෂාව තහවුරු වෙනතුරු ගත යුතු අධ්‍යාපනික ක්‍රියාමාර්ග ගන්න වැඩපිළීවෙලක් නැහැ.
අගමැතිතුමාගෙන් හා ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලා සිටින්නේ බොරදියේ මාලු බාන්න සූදානම් වෙන්න එපා කියලයි.අද රට දරුණු ආගාධයකට ගිහින් ජනතාව දේශපාලනඥයෝ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රශ්නයට උත්තරය නෙයෙි දෙන්නේ වෙනත් උත්තරයක්. තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින්ට ඇප දුන්න විදිය අපි දැක්කා. මේ ගැන පරික්ෂණ කරන්න දෙයක් තියෙනවාද? පොලීසියට කරුණු ඉදිරිපත් කරන පොලිස් නිලධාරීන්, ස්ථානාධිපතිවරයා,කළාපය භාරව කටයුතු කරන ඩ්‍යේෂ්ට පොලිස් අධීකාරිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයා, වැඩ බලන පොලිස්පතිවරයා මේ රටේ මරාගෙන මැරෙන බෝම්බ කාරයෙක්ගේ කර්මාන්ත ශාලාවක බෝම්බ තිබුණා, බෝම්බ හැදුවා කියලා පිළි අරන්, ඒක ජනතාවටත් කියලා සතියක් යන්න කළින් ඇප දෙනවා. ඊට පස්සේ පරික්ෂණ කරන්න සූදානම් වෙනවා. මේවා තමයි සැකකටයුතු තැන්. දැන්වත් බුද්ධි අංශ නිලධාරින් යොදවාල මේ ගැන හොයන්න. අපි රටක් විදියට ජාතික ආර්කෂාව තහවුරු කරනවා නම් එදා වනාතවිල්ලුවේදි නියමිත ක්‍රියාමාර්ග ගන්නවා. එහෙම වුනා නම් මේ බෝම්බ පිපිරිම් වෙන්නේ නැහැ. මේ අයට ඇප දුන්නේ 9 වෙනිදා සිට 13 වෙනිදා දක්වා තියෙන වැඩපිළීවෙල ක්‍රියාත්මක කරන්න ද? ඒ පිපිරවිම්වල ඉතිරි ටික එළි දක්වන්නද ඇප දුන්නේ. අධීකරණයට ත්‍රස්තවාදී පනතෙන් ඉදිරිපත් නොකර සාමාන්‍ය පුද්ගලයෙක් විදියට ඉදිරිපත් කලේ ඇප ලබාගන්න බලාගෙන. අපිට පේනවා ජනාධීපතිවරණය දිහා බලාගෙන කදවුරු බදින බව. එල්ලුම් ගස් හදනවා ජනාධීපතිවරණය දිහා බලාගෙන. වෙනත් වෙනත් මර්ධන වැඩපිළීවෙලවල් ගෙනියනවා ජනාධීපතිවරණය දිහා බලාගෙන. චෝදනා කරනවා ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, ඒකාබද්ධ විපක්ෂයටත් බොරදියේ මාලුබාන බවට. එජාපයේ ඡන්ද පදනම 25%ටත් වඩා අඩුවෙලා. කෑලි කෑලි පක්ෂවල අය එකතු කරගෙන ඉඩ දුන්නේනැත්නම්, 12% ක්ව තිබුණු සුලු පක්ෂ වල ඡන්ද ප්‍රතිශතය 5%ට අඩු කලේ නැත්නම් අද එජාපයක් නැහැ.
ඒ නිසා අපිට වැටෙන්න තියෙන අඹයට පොලු ගහන්න ඕනේ නැහැ. අපි දන්නවා ඊළග මැතිවරණයේදී ජනතාවගේ තීන්දුව මොකක්ද කියලා. මේ අන්තවාදි කොටස් මර්ධනය කරන්න අවශ්‍යයි. විමර්ශනවලින් සොයා ගන්න දේවල් පෙන්වන්නේ නැතිව මේවා සමාඩ ජාලාවලින් පෙන්වන්නද? එදා යුද්ධය වලොවේ මෝටාර් සබ්මැරින් අල්ලන කොට මාධ්‍ය ගිහින් ලෝකෙට පෙන්නුවා මේ රටේ ත්‍රස්තවාදය මොනතරම් ඔඩු දුවලාදකියලා. අද කැත්තක්, උල්පිහියක් අරන් එනඅය තමයි තව අවුරුදු කිහිපයකින් මේ රටේ වෙනම අන්තවාදයක් නිර්මාණය කරන්නේ.ඒකේ මූල බීජය පෙන්වන්න ඕනේ. එක කට්ටියක් කියනවා පල්ලියේ ලිදේ තිබිලා කඩු හම්බ වෙද්දි අන්තවදී විදියට හිතන අය ඇවිත් කියන්නේ පල්ලිය පෙන්නන්න එපා කියලා. අපේ කතෝලික පල්ලියේ ඉටි පන්දමකට එහා දෙයක්, පන්සලේ හදුන්කූරකට වැඩිය දෙයක් තියෙනවා නම් පෙන්වන්න. අන්තවාදිව කටයුතු කරන පල්ලි තියෙනවා නම ්මුස්ලිම් නායකයෝ එකතු වෙන්න ඒ පල්ලි විනාශ කරන්න. ඒ පල්ලිවල උගන්වන්නේ ආගම දහම නෙවෙයි. වෛරය. මුස්ලිම් ජනතාවගේ ඡන්දය, පාර්ලිමේන්තු අසුන බලාගෙන දේශපාලන කරලා රටේ අන්තවාදය වපුරන්න එපා. ඒ ඇමැතිවරුන්ට, ආණ්ඩුකාරවරුන්ට යුතුකමක් තියෙනවා තනතුරුවලින් බැහැලා ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව උදා කරන්න. අපේ දරුවෝ බිලි දෙන්න පාසල් යවන්න දෙමව්පියෝ සූදානම් නැහැ.මාධ්‍ය වාරණ දාලා ඒ දර්ශන මාධ්‍යයෙන් පෙන්වන්න එපා කියලා ජනතාව රවටන්න බැහැ. බෝම්බ භිතියක් තියෙනවා කියලා දැන දැනම රට අස්ථාවර කරන්න එපා. ආරක්ෂාව තහවුරු වෙලා නම් පාර්ලිමේන්තුවේ 225 දෙනාට යන්න කියන්න ආරක්ෂකයින් නැතිව ජනතාව අතරට. ආරක්ෂක නිලධාරීන් පාසල මුර කරන්න ගන්න කියන්න. ඇමැතිවරුන්ට මහ පාරට ඇවිත් අපිට නිදහසේ ඉන්න පුලුවන්, රටේ ආරක්ෂාව තහවුරු වෙලා කියලා ජනතාවට පෙන්වන්න කියන්න. එක කාණ්ඩයකට හැංගෙන්න කියලා, කිරි සප්පයින්ව පාසල්වලට ගෙනත් අතහරින්න කිසිම දෙමව්පියෙක් කැමැති වෙන්නේ නැහැ. දරුවන්ගේ අගය දන්නේ දරුවෝ ඉන්න දෙමව්පියෝ.දරුවෝ නැති අය දරුවන්ව පාසල් යවන්න කිව්වට දෙමව්පියෝ පිළීගන්නේ නැහැ. ආන්ඩුවේ නිවේදන පිළීගන්න ජනතාව කැමැති නැහැ කියන එක 3000ක් විතර ඉන්න පාසලට දරුවේ 20ක්විතර එන එකෙන් ඔප්පු වෙන්නේ.
අයි රටට මෙහෙම වුනේ. අද විදේශීකයෝ රටේ නැහැ.සංචාරක ව්‍යාපාරයේ ණය සම්බන්ධයෙන් රජය මැදිහත් වෙනවා කියලා පාර්ලිමේන්තුවෙදි කිව්වා. අද උදෙත් හෙටත් බැංකු කතාකරලා ණය වාරික ගෙවන්න නැත්නම් වාහනය අත් පත් කරනවාකියනවා. කංකුං මිටිය හෝටලයට ගේන මිනිහා ණයක් ගත්තත් බැංකුවෙන් ණය වාරිකය අය කර ගන්න පස්සෙන් එනවා. අපි බැංකුවට කිව්වා ණය අය කරන්න එපා කියලා කියන දෙ ්ආන්ඩුවෙන්කියද්දි බැංකුව කියනවා එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා. අපි ආන්ඩුවට කියනවා ඒ විදියේ එක පත්‍රිකාවක් හරි ගැහුවා නම් පෙන්වන්න කියලා. මාස කිහිපයක් ණය වාරික අය කරගන්නේ නැහැ කියලා ආණ්ඩුව චක්‍රලේඛණ නිකුත් කරලා නැහැ. පට්ටපල් බොරු මේ ආණ්ඩුව කියන්නේ. ව්‍යවසායකයින් ගත් ණය සම්බන්ධයෙන් වගේම රටේ ආරක්ෂාව තහවරු කිරිම ගැන හරි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න කියලා ආන්ඩුවෙන් අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මාධ්‍ය වාරණය වෙනුවට ජනතාවට සත්‍ය තොරතුරු ලබා දෙන්න කියලත් අපි ඉල්ලා සිටිනවා.

ජවිපේ භීෂණ කාලයේදීත් ජනාධීපතිවරණය කල් නොදමා පැවැත්වුවා.

අද (07) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු නියෝජිතයින්
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
පූර්ණ ආරක්ෂාවක් ඇතිව පාසල් යනන පුලුවන් නිසා පාසල් පසුගිය 6 වැනිදා පාසල් ආරම්භ කරන බව කියපු අධ්‍යාපන අමාත්‍යංශය ඊට පස්සේ 6 වසර සිට 12 වසර දක්වා පාසල් ආරම්භ කරන බව. ඒ අතරේ අධ්‍යාපන ඇමැති කියනවා සුරක්ෂා රක්ෂණය තියෙනවා පාසල් යන්නලු. මේ පණිවිඩයෙන් පස්සේ මුලු ලංකාවෙම පාසල් පැමිණීමේ ප්‍රතිශතය 4%ක් විතර වුනා. මෙයින් පෙන්නේ ආරක්ෂාව පිළීබද සහතිකයක් මේ රටේ ජනතාවට නැති බවයි. රුපියල් ලක්ෂයක සුරක්ෂණය දෙන නිසා දෙමව්පියන්ට දරුවෝ පාසල් යවන්න කිව්වට දෙමව්පියෝ පරික්ෂණවලට දරුවෝ යවන්නේ නැති බව ඇමැතිතුමා දැනගන්න ඕනේ. මේ ආන්ඩුවේ තියනෙ නොහැකියාව වගේම ආරක්ෂාව ගැන ජනතාව සෑහිමකට පත්වෙන්නේ නැහැ. පාසල් ආරම්භ කරන්න ඕනේ ආරක්ෂාව තහවුරු කරලයි. පාසල අවට ඉන්න දරුවෝවත් පාසලට එවන්නේ නැතිව වාහනවලින් දරුවෝ එවයිද? ආරක්ෂාව සහතික කරලා ජන ජිවිතය නැවත නගා සිටුවන්න අවශ්‍යයි.
විපක්ෂයක් විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ආරක්ෂාව සම්බන්ධයෙන් යෝජනාවලියක් ලබාදුන්නා. විපක්ෂ නායකතුමාත් හිටපු ආරක්ෂක ප්‍රධානීන් ගෙන්වලා ආරක්ෂාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදුන්නා. විපක්ෂයක් විදියට අපි අපේ සහයෝගය දෙමින් සිටිනවා.
දැනට අත් අඩංගුවේ සිටින ඊබ්‍රහිම් මොහොමඞ් ලංකාවේ හොදම අපනයනකරු බව රිෂාඩි බදියුදීන්ගේ පුවත්පත් සාකච්ඡාවක සදහන් වුනා. ඒ කියන්නේ ත්‍රස්ත ප්‍රහාරයේ සහෝදරවරු දෙන්නාගේ පියා. ඔවුන්ගේ පියා හොදම අපනයනකරු. ගම්මිරිස් ප්‍රතිඅපනයනය කිරීමේ වෙළෙද බලපත්‍රය දීලා තියෙන්නේ ඔහුට. ගමේ මිනිස්සුන්ගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශකරපු මනුෂ්‍යාට අපි කියන්නේ හොදම අපනයනකරු කියලයි. ව්‍යාපාරිකයෙක් විදියටයි හදුනන්නේ. ඔහුගේ කොම්පැණිය හදුනන්නේ නැහැ කියලා ඔහු සදහන් කරලා තියෙනවා. මේ විදියට නාදුනන කෙනෙක්ට ගම්මිරිස් ප්‍රතිඅපනයනය කිරීමේ බලපත්‍රය දුන්න නිසා තමයි මේ අපරාදය වුනේ.
පහුගිය දින කිහිපයේ ආන්ඩුවේ ඇමැතිවරුන්ගේ කතාවලින් පේන්නේ රාජපක්ෂ භීතිකාව නැවත ඇතිවෙලා කියලයි. එක පැත්තකින් 2015ට කළින් මේ ඉස්ලාම් ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තොරතුරු ලැබිලා තිබුණලු. හිටපු ඇමැතිවරයෙක් කියනවා බැසිල් රාජපක්ෂ මහතා රිෂාඩි බදියුදීන් ගොඩනැගුවා කියලා. මේක ඉතාම කණගාටුදායකයි. 2017, 2018 දීත් තුර්කි තානාපතිවරයා දෙසැරයක් ආරක්ෂක අමාත්‍යංශයට ලිපි යවලා කියනවා තුර්කියේ ත්‍රස්තවාදී සංවිධායනයක සාමාජිකයින් පනස්දෙනෙක්ගේ පැමිණීම සම්බන්ධයෙන්. මොවුන් අත් අඩංගුවට අරන් භාරදෙන්න කියලත් ඉල්ලා තිබෙනවා. එතුමාගේ ලිපියට පිළීතුරු නැති නිසා ආරක්ෂක අමාත්‍යංශයට ගිහින් එවකට ආරක්ෂක ලේකම් හමුවෙලා මම එවලු ලිපියට පිළිතුරු නැත්තේ ඇයි කියලා විමසීමක් කරපුවාම එය ආරක්ෂක මණ්ඩලයට යවලා පියවර ගන්න බවයි කියලා තියෙන්නේ. නැවත වරක් විමසීමක් කළාම ආරක්ෂක මණ්ඩලයට දැම්මත් මුස්ලිම් දේශපාලනඥයින් දෙදෙනෙක්ගේ බලපෑම් නිසා මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න බැරිවුන බව සදහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් තුර්කා තානාපතිවරයා සදහන් කරනවා. මොවුන් ඉස්ලාම් රැඩිකල්වාදය පතුරන පිරිස්. පාස්පෝට් අංක පවා දුන්නත් මේ සම්බන්ධයෙන් පරික්ෂණ වෙන්නේත් නැහැ. කිසිවෙක් අත් අංඩගුවට ගත්තේ නැහැ කියලා තුර්කි තානාපති සදහන් කරනවා. අපේ ආන්ඩුවක් තිබුණා නම් මේ වෙද්දි මොවුන් අත්අඩංගුවට පත්වෙලා. ඇමැතිවරුන් බුද්ධි අංශය නැති කලේ නැහැ කියලා මාධ්‍ය ඉස්සරහට ඇවිත් කිව්වාට, බුද්ධි අංශයේ ශම්මි කරුණාරත්නලා හිරේ දැම්මාට පස්සේ, මාරුකළාට පස්සේ, ගිරිතලේ සම්පූර්ණයෙන්ම වහලා දැම්මාට පස්සේ බුද්ධි අංශයේ හයයි හිරේ ඉන්නේ, අනෙක් අයට අපි හානි කරලා නැහැ කිව්වාට වැඩක් නැහැ. ඒ මාරුකරපු අය දැන් කැදවන්න. වසන්ත සේනානයක මහතා හෙළිකරපු මේ කාරණයත් එක්ක පැහැදිලි වෙන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආන්ඩුවට කිසිම වැඩපිීළිවෙලක් නැති බවයි. රටවල් 180ක අන්තවාදී විදියට ඉස්ලාම් ධර්මය පතුරුවන මේ සංවිධානය රටවල් 22ක තහනම් කරලා තිබියදීත් ආන්ඩුව කිසිදු ප්‍රකාශයක් කලේ නැහැ. තුර්කි තානාපති දේශපාලනඥයින් දෙදෙනෙක් ගැන සදහන් කළත් මේ වන තෙක් ඔවුන්ගෙන් ප්‍රශ්න කරලා ප්‍රකාශයක් සටහන් කරගෙන නැහැ. හැබැයි පියල් නිශාන්ත මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැය 5ක් ප්‍රශ්න කරනවා. ප්‍රධාන සැකකරුවන් විදියට මිනිස්සු සැකකරන මේ දෙපලගෙන් තවම කිසිදු ප්‍රශ්න කිරිමක් නැහැ.
සංචාරක ව්‍යාපාරිකයින් පිරිසක් හා විපක්ෂ නායකවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුනා. ඔවුන් කියන්නේ තවමත් හෝටල්වලට සංචාරකයෝ එන්නේ නැතිබවයි. මේ වන තෙක් විදේශ ඇමැතිවරයා, සංචාරක ඇමැතිවරයා වචනයක්වත් කතා කරලා නැහැ. ව්‍යාපාරිකයින් කියන්නේ සංචාරක ව්‍යාපාරය නැංවිමට ආන්ඩුවේ කිසිම දායකත්වයක් නැහැ කියලා. ඔවුන් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියා මේ සම්බන්ධයෙන් නායකත්වය ගන්නා ලෙසත්.
අපේ කාලයේ තිස් අවුරුදු යුද්ධයක් නිමවීමෙන් පස්සේ ලංකාවේ අයිෆා එක තිබ්බා. අපි ඒකෙන් පෙන්නුවේ අල්පෙනෙත්තක්වත් බිම වැටෙන්නැති රටක් බව. සංචාරක ව්‍යාපාරයට අනාරක්ෂිත කළාපයක් නොවන බව අපි ලොවට ඔප්පු කළා. අගමැතිතුමා බටහිර එක්ක හොදනම් කරුණාකරලා මේ වෙලාවේ බටහිරෙන් ප්‍රකාශයක් ගන්න. අද බටහිර රටවල් කියන්නේ ලංකාවට යන්න එපා කියලයි. ආන්ඩුව බටහිරට ඕනේ විදියට රට කරනවා නම් රටට තියෙන ආදායම් රැක ගන්න පියවර ගන්න ඕනේ. මේ මාස හයෙත් කරදර නොදී මැතිවරණයකට යන්න.නැත්නම් ආන්ඩුව කරන්න පුලුවන් ක්‍රමවේදයක් හදන්න. මේ වෙද්දි ව්‍යාපාරකයින්ගේ ලීසිං කරපු වාහන ගෙනියන්න පටන් අරන්. රටේ තියෙන තත්ත්වය දෙස බලා ආරක්ෂාව තහවුරු කරන්න. නැත්නම් රටට ඉදිරියට යන්න බැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා
විපක්ෂයත් දුර්වලයි කියලා පහුගිය කාලයේ කිව්වා. ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේන් ජනතාවගේ ආරක්ෂාව සැලසීමේ බලය ලබා දීලා තියෙන්නේ විධායකයටයි. ව්‍යවස්ථාදායකයේ ආන්ඩු පක්ෂය හා විපක්ෂය සිටිනවා. විපක්ෂයේ අපි කරන්නේ විපක්ෂයේ කාර්යභාරයයි. වගකීම් සහිත විපක්ෂයක්විදියට අපි කටයුතු කළා. වෙන විපක්ෂයක් තිබුණා නම් මේ වෙලාවේ බොරදියේ මාලුබාන්න කටයුතු කරනවා. අපි අදත් විපක්ෂයේ කාර්යභාරය ඉටුකළා. 2015දි අපි භාරදුන්නේ දකුණු ආසියාවේ සුරක්ෂිතම රටයි. ඒ වෙලාවේ යම් යම් ආරක්ෂක විධිවිදාන ක්‍රියාත්මක වුනා. මර්මස්ථාන ආරක්ෂා කළා. එවකට ජෝන් අමරතුංග ඇමැතිවරයා ජනාධිපති මාවතේ තිබුණු මාර්ග බාධකය විවෘත කලේ ඒකට පයින් ගහලයි. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුමක් තිබුණා නම් ආණ්ඩුවක් මාරුවුනා කියලා ඒ විදියට රටේ ආරක්ෂාව හැල්ලු කරන්නේ නැහැ. තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා ඕනම කෙනෙක්ට ඕන දෙයක් කියන්න කරන්න ඇරලා රාජපක්ෂවරුන්ට නඩුදාන එක ගැන විතරයි බැලුවේ. අදත් ඒක පටන් අරන් තියෙන්නේ.මොන දේ වුනත් වගකියන්න ඕනේ රාජපක්ෂවරයෙක් තමයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආන්ඩුව රටේ තිබුණූ දරුණූම ත්‍රස්තවාදය පරාජය කරලා ප්‍රජාතන්ත්‍රවාදය ගෙනාවා. ඒ නිසා අලුත් ආන්ඩුවක් බලයට එන්න මාර්ගය හැදුනා. ජනතාවට අලුත් ජිවිතයක් ලබාදුන්නා. ඒ සියලු දේ අමතක කරලා මුව හමට තඩිබෑමේ කාර්යය කිරීම නිසා රටම අනාරක්ෂීත කරලා. විපක්ෂයට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නැහැ. ව්‍යවස්ථාවෙන් රටේ ආරක්ෂාව දීලා තියෙන්නේ විධායකයටයි. රට අනාරක්ෂීතවිම වැලැක්වීමට කටයුතු කිරීමයි කළ යුත්තේ. රටේ බුද්ධී අංශවලට කරපු අපරාධය ගැන පාර්ලිමේන්තුවේදී නිරන්තරයෙන් කතා කළා. අදටත් රිමාන්ඞ් කරපු අයට මහාධිකරණයේ නඩු පවරන්න චෝදනාවක් ගොනු කරගන්න බැරිවුනා. සිද්ධ වුනු එකම දේ අපිට තොරතුරු ලැබෙන මාර්ග අවහිරවීමයි.
ඉන්දීය බුද්ධි අංශයට මේ පණිවිඩය ගියා. පහරදෙන ස්ථාන, පහර දෙන දිනය, සියල්ලම ඉන්දියාවට ලැබුණා. ඉන්දියාවේ බුද්ධි අංශවලට රජය බලපෑම් කරන්නේ නැහැ. ඉන්දියාව දුන්න තොරතුරු ගණනය කරගන්නවත් අරක්ෂක අංශවලට නොහැකි වුනා. පොලිසියේ එකම එක ඩි. අයි. ජී කෙනෙක් තමන්ට ලැබුණූ තොරතුර අදාල අංශයවලට දැනුම්දුන්නා. ඒ නිසයි ප්‍රභූ ආරක්ෂක අංශයට තොරතුර ලැබුනේ. එතුා ප්‍රභූන් ආරක්ෂා කළා නෙවෙයි. එතුමා යටතේ ප්‍රභූ ආරක්ෂාව තිබුණ නිසා එතුමා කලේ එතුමාගේ රාජකාරියයි. මෙවැනි අනාරක්ෂිත තත්ත්වයකට රට පත්කරපු රජයක් අපිට ඇගිල්ල දිගු කරන්නේ ඇයි. අපි රටේ සංවර්ධන වේගය වැඩිකළා. වාහන ආවා. මිනිස්සු සතුටින් හිටියා. මේවා බොරුවැඩ. ණය ගන්නවා කියලා බලයට ඇවිත් ඒ අය ගත්ත ණයවලින් කරපු දේකුත් නැහැ.
දැන් මේ ආණ්ඩුව මියගිය ආන්ඩුවක්. වෙනදා ආණ්ඩුවෙන් පණිවිඩයක් දෙනකොට මහජනතාව ඇහුම්කන් දෙනවා. දැන් පාසලකට ළමයි එවන්නේවත්නැහැ. ඇයි ඒ? මේ රජය ගැන විශ්වාසයක් නැති එක. මහජනයා විශ්වාස කරන්නේ නැහැ කියන්නේ මේ ආන්ඩුව මියගිහින්. අවසන් හුස්ම හෙලමින් සිටින්නේ. අනලස්ව වැඩකරපු රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය බිංදුවට වැටිලා. එෆ්. සී. අයි ගෙන්වලා දක්ෂ නිලධාරීන් බංකුවල තියලා වාඩිකරලා ප්‍රශ්න කරනවා. පොලිසියටත් වුනා. වැඩක් කරලා ප්‍රශ්න දා ගන්නවාට වැඩිය වැඩ නොකර ඉන්න එක හොදයි. අද මුලු රටම එක තැන හිටලා. විශාග ආර්ථික ප්‍රපාතයකට රට වැටිලා තියෙන්නේ. අදටත් වැඩපිළිවෙලක් නැහැ. මේ ප්‍රශ්නය විදෙස් මාධ්‍ය අගමැතිගෙන් විමසුවාම කිව්වේ සංචාරකයෝ තමයි මේ රටට එනවාද කියලා තීන්දු කරන්න ඕනේ කිව්වා. වචනයක්වත් කිව්වේ නැහැ අපි සංචාරකයින් ආරක්ෂා කරනවා කියලා. සිද්ධියෙන් පස්සේ හිටපු ආරක්ෂක ලේකම්වරයා කොච්චිකඬේ පල්ලිය ලගදී විදෙස් මාධ්‍යයට කියනවා හෝටල්වලට අපි ආරක්ෂාව දෙන්නේ නැහැ කියලා. එවැනි බාල ප්‍රකාශ කරන අත්දැකීම් අඩු අයටයි වගකීම් භාරදීලා තියෙන්නේ. අද රජයන් දෙකක් ක්‍රියාත්මකයි. එක කොටසක් මේ පැත්ත බලද්දි අනිත් කොටස බලන්නේ අනිත් පැත්ත. තමන්ගේම ජනාධීපතිට කැලෑපත්තර ගහනවා. මෙහෙම රටක් තිබුණාද? මේ තරම් දුර්වල වගකීම් රහිත ආන්ඩුවක් වුනත් අපි විපක්ෂයේ කාර්යභාරය ඉටුකරලා මේ තත්ත්වයෙන් ජනතාව ගලවා ගන්න අපිට කළ හැකි කාර්යභාරය ඉටුකරනවා.
විශාල අනාරක්ෂිත තත්ත්වයක් තිබියදී අපි උත්සාහ කරන්න ඕනේ එකිනෙකා අතර මිත්‍රත්වය වැඩිකර ගත යුතුයි. අයි. එස්.ත්‍රස්තවාදයක් මේ රටේ ක්‍රියාත්මකයි. ඒ ත්‍රස්තවාදය කොපමණද කියනවා නම් මැරෙන්නේ අඹුදරුවෝ. කුසේ ඉන්න දරුවෝ ඔක්කොම එක්ක. භාර්යාව,පියා, මව, සොයුරු සොයුරියන් සේරම මැරෙනවා. ඒ තරමට මේ ත්‍රස්තවාදය භයානකයි. රජය නොදැන මේ රටට විදේශ විනිමය ගේන්න පුලුවන්ද? මහ බැංකුව නොදැන කිසිවෙකුට ඩොලර් 10000ට වැඩිය මේ රටට ගේන්න බැහැ. වෙන රටකට ගෙනියන්න බැහැ. මහ බැංකුවට විශාල ගණුදෙනු සම්බන්ධයෙන් දන්වන්න වෙනවා. මොවුන් රට අභ්‍යන්තරයෙන් සල්ලි හොයාගත්තාද?, පිටින් සල්ලි එව්වද කියලා කියන්න ඕනේ. මේ දේවල් තවදරටත් සගවන් ඉදලා හරි යන්නේ නැහැ. මුස්ලිම් ජනතාවත් මේ සිද්ධියේදී ඔත්තු දිලා තියෙනවා. ආන්ඩුව මේ විදියෙන් අපිට ඔත්තු ලැබෙන ක්‍රමවේදයක් සකසා ගැනිම් අවශ්‍යයි.
ආනයන අපනයන පාලකගේ සහතිකය නැතිව ගම්මිරිස් අපනයනය කරන්න බැහැ. ලංකාවේ එකම අමාත්‍යංශයේ කිසිම ඇමැතිවරයෙක් ඉදලා නැහැ. රිෂාඞ් බදියුදීන් තමයි ඒ විදියේ ඉන්නේ. ලොකු දැනුමක් තිබිලාද ඉන්නේ.ආයතන 46ක් එක පුද්ගලයෙක් අතට දීලා තියෙනවා.ඔහුගෙන් ප්‍රශ්න නොකළට පියල් නිශාන්ත මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කරනවා වැරදි ප්‍රකාශයක්කිරිම ගැන.
මේ පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුනේ ජාතික ලයිස්තුවෙත් ඉන්නවා. මාධ්‍යයක මේ පුද්ගලයා ඉතාම හොද පුද්ගලයෙක් කියලා පළවෙනවාත් මම දැක්කා. වෙනකෙනෙක් කළා නම් එහෙම කියන්නේ නැහැ. බුද්ධි අංශ අනතුරු ඇගවීම් නොසලකා හිටියේ ඇයි කියලා අපි ආන්ඩුවෙන් අහන්නේ අදවෙද්දි සමස්ත ජනතාවම අනාරක්ෂිත වෙලා නිසයි. මේ ආන්ඩුව දෙපත් නයෙක් වගෙයි. ඔලු දෙක දෙපැත්තට අදිනවා. එක පාරක යන්න බැහැ.
අද ජනතාව අහන්නේ කාදිනල්තුමා කියන දේ විතරයි. ආන්ඩුව කියන දේ අහන්නේ නැහැ. වෙන රටක මේ විදියේ තත්ත්වයක් ඇති වුනානම් ආන්ඩුව අස්වෙලා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා
අධයාපන ඇමැතියවරයාගේ දැනුම්දිම මත පාසල් ඇරඹුණා. ඇමැතිවරයාගේ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරය සිසුන්ගේ පැමිණීමෙන් පේනවා. අධ්‍යාපන ඇමැති කෙනෙක් වුනාම ප්‍රායෝගික දැනුමක්වත් තියෙන්න ඕනේ. සිසුන් රක්ෂණය කරලා නිසා බය නැතිව පාසල් යවන්නලු. ඒ කතාවෙන් පැහැදිලි වෙන්නේ දරුවෝ බිල්ලට දිලා රක්ෂණය විදියට දෙන රුපියල් ලක්ෂ දෙකක විතර මුදල ගන්න කියන එකයි.මේ කතාවෙන් පස්සේ දෙමව්පියෝ තවත් බය වුනා. රක්ෂණය ගැන මතක් වුනේ බැරෑරුම් තත්ත්වයක් තියෙන නිසා කියලා තේරුම් ගත්ත දෙමව්පියෝ දරුවෝ පාසලට එව්වේ නැහැ. ආන්ඩුවේ ප්‍රකාශවලට කිසිම පිළීගැනීමක් නැහැ. මේ තත්ත්වය ගැන ඇමැතිවරයා සදහන් කලේ ළමයි නැති වුනාට ගුරුවරුන්ගේ පැමැණීම හොදයිලු. ගුරුවරු එන්නේ උගන්වන්නනේ. ළමයි තමයි ඉගෙන ගන්න එන්නේ. දැන් ගුරුවරුන්ටත් ඉගෙන ගන්න වෙලා. මේ විදියට බොලද විදියට ඇමැතිවරු තවදුරටත් කටයුතු කරන්න එපා.ජනතාවට බය වෙන්නේ නැතිව රුකියාවට යන්න. දරුවෝ පාසල් යවන්න කිව්වාට අපි දැක්කා මාධ්‍යයේ පලවෙනවා මේ දවස්වල ඇමැතිවරු බය වෙලා අමාත්‍යංශවලට එන්නේ නැති බව. අවුරුදු තිහක ත්‍රස්තවාදයක් තියෙන කාලෙය් මහජන නියෝජිතයෝ විදියට අමාත්‍යංශවලට ගියා, උතුරු නැගෙනහිරට ගියා. බෝම්බ, පැති බෝම්බ තුවක්කු , බිම් බෝම්බ හැමදේම තිබුණා. මැතිවරණ ටිකත් හරියට පැවැත්වුවා. මේ ආන්ඩුවේ අකාර්යක්ෂමතාවය තමයි සියලු දෙයින් පේන්නේ.
කොළඹ සිට අනුරාධපුරයට යද්දි රටේ තත්ත්වය දැක්කාම කණගාටු හිතෙනවා. යුද්දේ කාලයේ ගුවන්තොටුපලට ගැහුවා. ගුවන් යානා පිච්චුවා. ඒ වුනත් සතියක් දෙකක් යද්දි සංචාරකයෝ ගුවන්මගින් ආවා. ඒ කියන්නේ රජය ගැන විශ්වාසයක් තිබුණා. විෂය භාර ඇමැතිවරයා භය වෙලා හිටියේ නැහැ. මේ අය වාහනයක් ඇතුළට ගන්න දෙන්නේ නැහැ. කිලෝමීටරයක් විතර පයින් යන්න සකස්වලා තිබුණා. මේවා දැක්කාම සංචාරකයෝ එන්නේ නැහැ. මේ වගේ එකමුතුවක් නැති කැබිනට් මණ්ඩලයක් නැහැ. හෝටල් ව්‍යාපාරකියන් කිව්වේ රටේ නායකත්වය හා ආන්ඩුවේ දුර්වලතාවය නිසා කිසිම සංවර්ධනයක් වෙන්නේ නැති නිසා රටේ වෙනසක් ඇති කරන්න කියලත් ඒ සදහා නායකත්වය ගන්න කියලත් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලුවා. සෘජු නායකයෙක් නැති වුනොත් රට තවත් කඩා වැටෙනවා. පළාත් සභා විසුරුවලා සෑහෙන්න කාලයක් වෙනවා. ඌව විතරයි විසුරවන්න තියෙන්නේ. මේ අය ජනතාවට බයේ මැතිවරණය නොතියා ඉන්න උත්සාහ කරමින් සිටියේ. දැන් හදිසි නිතියට මුවාවෙලා මැතිවරණ ගැන කතා නොකර ඉන්නවා. ජනාධීපතිවරණයත් නොතියා ඉන්නයි අත්සාහ ගන්නේ. යුද්ධය අවස්ථාවේදීත්, ජවිපේ භීෂණ කාලයේදීත් ජනාධීපතිවරණය කල් නොදමා පැවැත්වුවා. ඒ විදියටම ජනාධපතිවරණය නිසි වෙලාවට තියන්න ඕනේ. තවත් ජනතාව පීඩාවට නොකර මහ මැතිවරණයක් මගින් ජනතාවට කැමැති පාලනයක් පත්කර ගන්න අවස්ථාව දෙන්න. ආන්ඩුව වැරදි කරලා වැරදි කරලා ජනතාව වෙනුවෙන් කරන්න තියෙන එකම යුතුකම මේකයි

රටේ තත්ත්වයෙන් දේශපාලන වාසි ගන්න හිතන්නේ නැහැ වගේම අවාසි ගන්නත් අපි සූදානම් නැහැ.

රටේ තත්ත්වයෙන් දේශපාලන වාසි ගන්න හිතන්නේ නැහැ වගේම අවාසි ගන්නත් අපි සූදානම් නැහැ.
– බැසිල් රාජපක්ෂ
මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඕනෑම කැප කිරිමක් කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවත් ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයේදි දේශපාලන වාසිගන්නේ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ මහජන එක්සත් පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද (06) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමිනි.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළීතුරු දුන් බැසිල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

මාධ්‍ය – මේ වෙද්දි රටේ තියෙන්නේ බැරෑරුම් තත්ත්වයක්. භයානක තත්ත්වයක්. මේ ගැන මොකද හිතන්නේ.
බැසිල් රාජපක්ෂ මහතා – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ කණගාටුදායක අවස්ථාවේදීත්, ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයේදීත් වාසියක් ගන්න හෝ පූර්ව නිගමනවලට එන්න සූදානමක් නැහැ. මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඕනෑම කැප කිරීමක් කරන්න අපි සූදානම්. දේශපාලන මඩ ගැහිමක් හෝ වෙනත් ප්‍රයෝජනයක් ගන්න හිතන්නේ නැහැ. දේශපාලන වාසි ගන්නේ නැහැ වගේම අවාසි ගන්නත් අපි සූදානම් නැහැ.

මාධ්‍ය – අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනේ කුමක් සම්බන්ධයෙන්ද?
දිනේෂ් ගුණවර්ධන මහතා – පක්ෂ දෙක අතර සාකච්ඡාවක් පැවැත්වුවා. පක්ෂය සම්මතකළ සම්මේලනයේ යෝජනාව ගැනත් වත්මන් දේශපාලන තත්ත්වයත් ගැන සාකච්ඡා කලා.ඒ වගේම මේ වෙද්දි මහජනතාවගේ ඡන්දයෙන් තේරුණු ආයතන විදියට ක්‍රියාත්මක වෙන්නේ පළාත් පාලන ආයතන විතරයි. සියලු පලාත් සභා මේ වෙද්දි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි මේ සම්බන්ධයෙනුත් සාකච්ඡා කළා.

මාධ්‍ය – ඉදිරියේදි දිගටම ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ සමග ඒකාබද්ධව දේශපාලනයේ නිතර වෙන්න අදහස් කරනවාද?
දිනේෂ් ගුණවර්ධන මහතා – ආණ්ඩුව එළවිය හැකි සියලු බලවේග ඒකාබද්ධ කිරීමයි අපේ අදහස. ජාතියම කළකිරිලා. ආන්ඩුව ගෙදර යවන්න දෙයක් නැහැ. අද ආන්ඩුවක් නැහැ. නමුත් සංඛ්‍යාත්මකව පාර්ලිමේන්තුවේ සංයුතිය තියෙන්නේ ඒ අයගේ පැත්තේ නිසයි මේ විදියේ අස්ථාවර තත්ත්වයක් ඇති වුනේ.

මාධ්‍ය – ආර්ථිකය බරපතල තත්ත්වයකට මුහුණ දීලා. පක්ෂ දේශපාලනිකව ගොඩ යන්න හිතනවා මිස රටක් විදියට ගොඩ යන්න හිතන්නේ නැහැ.
දිනේෂ් ගුණවර්ධන – විපක්ෂය වගකීමකින් කටයුතු කර තිබෙනවා. නමුත් ආන්ඩුව වගකීමෙන් කටයුතු නොකිරීම නිසයි මෙවැනි තත්ත්වයක් ඇති වුනේ. මේ තරම් ඛේදවාචකයකට මුහුණ දෙන්න වුනේ ඒ නිසා කියලා වගකීමක් සහිත ආණ්ඩුවක් නම් පිළීගන්න ඕනේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඡන්දයකින් තොරව සම්මත කර දුන්නෙත් රටේ ජනතාවත් ව්‍යාපාරිකයින් සහ ආර්ථිකය නංවාලීමට හදිසි නීතිය යොදාගන්න අවස්ථාව දෙන්නයි. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා කරුණු දක්වා තිබෙනවා. විවිධ අංශ විපක්ෂ නායකතුමා හා ඒකාබද්ධ විපක්ෂය හමුවෙමින් සාකච්ඡා පවත්වමින් තිබෙනවා.

මාධ්‍ය – මේ ත්‍රස්ත සංවිධානයට විශාල මුදල් ප්‍රමාණයක් තිබෙන බව කියනවා. ඇයි තහනම් කරන්නේ නැත්තේ.
දිනේෂ් ගුණවර්ධන – ආරක්ෂාව දෙන්නේ හමුදාවයි. රජය යන්නේ හෙමින් ගමනක්. නීිතිය යටතේ මොවුන්ගේ දේපල රාජසන්තක කළ යුතුයි. විජේවීර සහෝදරයාගේ ගෙයි රත්තරන් තිබුණා කිව්වා. ඒවා රාජසන්තක කළා. මෙතැන රත්තරන් අවි ආයුධ දේපල හැමදේම තියෙනවා. ඕනෑම දේපලක් රාජසන්තක කරන්න හදිසි නීතියට පුලුවන්. නීතිය දන්න අය මේ බව දන්නවා.

මාධ්‍ය – බුද්ධි අංශ නිලධාරීන් සාක්ෂි නැතිව රදවා තබා ගත්නවා.නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙන අය රට යනවා.
දිනේෂ් ගුණවර්ධන – මේ ආන්ඩුවේ පළීගැනීමේ ස්වභාවයක් තියෙන්නේ. වසර හතරහමාරක් කලේ පළිගැනීම් කරන එකයි. පළාත් පාලන මැතිවරණයේදී ආන්ඩුව ප්‍රතික්ෂේප කරලා පෙන්නුවා වගේ ඊළග මැතිවරණයේදී බලන්න පුලුවන් ආන්ඩුව ප්‍රතික්ෂේප වෙන හැටි.

මාධ්‍ය – පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා දින ගණන් බන්ධනාගාරගත වුනා. බරපතල චෝදනා එල්ල වෙන අයව නිකමට ගෙන්වලා කතාකරන්නේවත් නැහැ.
දිනේෂ් ගුණවර්ධන – හෙට දවසේ පාර්ලිමේන්තුවේ විවාදයක් අපි ඉල්ලලයි තියෙන්නේ. ක්‍රියාත්මක වෙනවා නම් ඒ සදහා ඕනෑ තරම් නීති තියෙනවා. ඒ නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණු සාක්ෂාත් කර ගන්නේ නැති එකයි තියෙන්නේ. ආන්ඩුව ඇතුලේ කළඹලනේ. ඇමැතිකම් දෙන්නේ නැහැ කියලා ජනාධිපති කියද්දි ගිහින් ඇමැතිකම් ඉල්ලනවා.

මාධ්‍ය – චෝදනාවලට ලක්වුනු අය ඔබේ ආන්ඩුවකට එක්කරගන්නවාද?
දිනේෂ් ගුණවර්ධන මහතා – චෝදනාවලට ලක්වෙන අයව ජනතාව ගෙදර යවයි. මහජනයා ඡන්දය දිලා පාර්ලිමේන්තුවට එවනවා වෙනුවට ඔවුන්ව ගෙදර යැවිය යුතුයි. අපි ජනතාව අතරට ඒ මතය ගෙ යා යුතුයි. ඒ අයව අපේ ආණ්ඩුවක් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වුනත් ගන්නේ නැහැ.