ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 14,000ටම ගිහින් ගම් 25,000ක ජනතාව මුණ ගැහෙනවා. ඒ සදහා “ගම සමග පිළිසදරක්” කියලා වැඩ පිළිවෙලක් සකස් කළා.
වැඩි දෙනෙකුට නොව සියලු දෙනාට වැඩ කිරීමයි අපේ ප්‍රතිපත්තිය
ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 14,000ටම ගිහින් ගම් 25,000ක ජනතාව මුණ ගැහෙනවා. ඒ සදහා “ගම සමග පිළිසදරක්” කියලා වැඩ පිළිවෙලක් සකස් කළා.
ගම් 25,000ක ජනතා අදහස් එකතු කරන “ගම සමග පිළිසදරක්” වැඩසටහන.
ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 14,000ටම ගිහින් ගම් 25,000ක ජනතාව මුණ ගැහෙනවා. ඒ සදහා “ගම සමග පිළිසදරක්” කියලා වැඩ පිළිවෙලක් සකස් කළා.
ගම සමග ගොඩනගන රටේ අනාගතය
ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 14,000ටම ගිහින් ගම් 25,000ක ජනතාව මුණ ගැහෙනවා. ඒ සදහා “ගම සමග පිළිසදරක්” කියලා වැඩ පිළිවෙලක් සකස් කළා.
රටට, ජනතාවගෙන් හදපු ජනතාවගේ ප්‍රතිපත්ති මාලාවක්..
අද (13) දින පැවැති ගම සමඟ පිළිසඳරක් විශේෂ මාධ්‍ය සාකච්ඡාව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගුනේ ගම් මට්ටමින්. අපි පළාත් පැලන මැතිවරණයට ගියේ පක්ෂයට අවුරුද්දක් පිරුණ අවස්ථාවක. ඒ වෙද්දි අපේ පක්ෂයට ප්‍රතිපත්තියක් හෝ අනාගත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න හැකියාවක් තිබුනේ නැහැ. අපි ජනතාවට පොරොන්දු වුනා නැවත ජනතාව ඉදිරියට එන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව හා අනාගතයේ පිහිටුවන රජයේ වැඩපිළිවෙලකුත් සමගයි කියලා. මෙය සකස් කළ යුත්තේ දේශපාලනඥයෝ හෝ පක්ෂයේ නායකයින් විසින් නෙවෙයි, ජනතාව අතරින් මේ වැඩපිළීවෙල සකස් කළ යුතු බව අපි තිරණය කළා. ජනමුල ප්‍රතිපත්ති සම්පාදනයක් සදහා පක්ෂය පහසුකම් සපයන්නෙක් පමණක් විය යුතුයි කියලා අපි එකගතාවයට ආවා. වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් , ව්‍යාපාරික ප්‍රජාව මේ ප්‍රතිපත්ති මාලාව සම්පාදනය කරන්න එකතු කරගැනීමට අපි තීරණය කළා.
අපිට ගම් 36000ක් තියෙනවා. ජනශූන්‍ය ගම්මාන අතහැරියාම ග්‍රාම නිලධාරී වසම් 14000ටම ගිහින් ගම් 25000ජනතාව මුණ ගැහෙනවා. ඒ සදහා ගම සමග පිළිසදරක් කියලා වැඩපිළිවෙලක් සකස් කළා. එය සම්ප්රධායෙන් ටිකක් බැහැර වුනු වැඩපිළිවෙලක්.අපේ පක්ෂයේ ක්රියාකාරිකයින්ට පමණක් සීමා නොවී පක්ෂය පහසුකම් සපයන්නෙක් විදියට සිටිමින් පක්ෂභේදයෙන් තොරව ජනතා අදහස් ලබා ගැනීමයි අපේ බලාපොරොත්තුව.
අපි ජනතාව එක්ක වැව් අමුණු පවා බලන්න ගියා. ගම ඇතුලේ ජනතාවට තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් විමසීමක් මෙහිදි සිද්ධ වෙනවා. මෙහිදී ගමේ ජනතාව අතරින් මාර්ග සංවර්ධනය, ජල පහසුකම්, විදුලිය , පොදු පහසුකම් , ඇල වේලි අමුණු ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණය කිරිම් වගේම ගමේ ආර්ථිකය දියුණු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වුනා.ගමේ ආවේණික කර්මාන්ත වැඩිදියුණු කිරීම වගේම නව කර්මාන්ත ඇති කිරීම මගින් නව රැකියා උත්පාදනයකිරිම ගැනත් ජනතාවඅතරින් අදහස් ඉදිරිපත් වුනා.ඒ විතරක් නෙවෙයි. ගමේ සංවර්ධනයට බාධාවක් වී ඇති ගංවතුර ගැලීම්, නායයෑම්, වැනි විපත්වලට විසදුමක් ලබාගැනීම, ගමේ පිහිටීමේ භූ විෂමතා අනුව පරිපාලන වහයෙන් මුහුණපෑමට සිදුව ඇති ගැටලු මෙන්ම යම් යම් පුද්ගලයින්ගෙන් සිදුවන බැධා සම්බන්ධයෙනුත් ජනතාව අදහස් දක්වමින් තිබෙනවා.
මේ විදියට අපි හැම ගමකටම ගිහින් ආකෘති පත් තුනක් පුරවනවා. පළවැනි ආකෘති පත්‍රය ගමේ සමාජයිය ආර්ථික භූගෝලීය පසුබිම, ජාතික අදහස් වගේම ගමේ දේශපාලන පසුබිම් වාර්තාවකුත් ගන්නවා. මේ විදියට ජනතා අදහස් ගන්න අතරේ රටේ වෘත්තීය සමිති නායකයින්, විද්වතුන්, පුද්ගලික අංශයේ අයගෙන් විශේෂඥ කමිටු පිහිටුවලා අදහස් ගන්නවා.
ඉතිහාසයේ අපේ ගම පදනම්ව පැවැති සමාජීයය තත්ත්වයත් ආර්ථික තත්ත්වයත් බ්‍රිතාන්‍යය යුගයේ සිට වෙනස් වුනා. වෙල්ලස්ස කැරැල්ලෙන් පස්සේ අපේ ආර්ථිකය විනාශ කළා. ඊට පස්සේ ඩි.එස් සේනානයක කාලයේ ජනපද,බණ්ඩාරනායක මහත්තයාගේ කාලයේ ජනපද පුලුල් කිරීම, ගම්උදාව, අපේ ගම නැගුම, මේ ආණ්ඩුවේ ගම්පෙරළිය වගේ දේවල් සිදුවුනා. අපි ගම දියුණු කිරීමටත් ජනතාවගේ අදහස් ගන්නවා වගේම ඉඩම් ප්රශ්නය විසදන්න අවශයයි. වැවිලි කර්මාන්ත ක්ෂේත්රය ප්‍රශ්නත් විසදන්න තියෙනවා. මේ සියල්ල සම්බන්ධයෙන් විශේෂඥ අදහස් ගන්නවා.මේ ප්‍රතිපත්තිය සැකසීමේදී අපේ පක්ෂය පහසුකම් සපයන්නා විදියට කටයුතු කරනවා වගේම පසුව අපේ ජනාධිපතිවරයෙක් හා රජයක් පිහිටුවීමෙන් පස්සේ එය ක්‍රියාත්මක කිරීමට අපේ පක්ෂය දේශපාලන නායකත්වය දෙනවා. බොහෝ මැතිවරණ ප්‍රකාශන ජනතාවට ඉදිරිපත් කළාට ආන්ඩු බිහිවීමෙන් පස්සේ මැතිවරණ ප්‍රකාශන ක්‍රියාත්මක වුනේ නැහැ. ඒ අතින් මහින්ද චින්තන වැඩපිළීවෙල සම්බන්ධයෙන් ආඩම්බර විය හැකියි. සහෝදර පක්ෂ එක්ක එකතු වෙලයි ඒක හැදුවේ. මැතිවරණයෙන් පස්සේ රටේ ප්‍රතිපත්ති මාලාව ලෙස සලකලා මහින්ද චින්තනය ක්‍රියාත්මක කළා. අපිට සමහරක් ක්‍රියාත්මක කරන්න බැරිවුනා. නමුත් ප්‍රතිශතයක් ලෙස අපි වැඩි කොටසක් ක්‍රියාත්මක කළා.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර මේ ක්‍රියාවලියට ජනතාව සම්බන්ධ කර ගැනීම අවශ්‍යයි. අපි පළවෙනි අධියර විදියට පළාත් පාලන හා පළාත් සභා මන්ත්‍රීවරු දැනුවත් කළා. ඊට පස්සේ අපේ වෘත්තීය සමිති අනු සංවිධාන දැනුම්වත් කළා. දෙවැනි වටය මේ මාසයේ 16,17,23,24,30,31 දිනවල යාපනය හා මඩකලපුව හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 20 පුරා පළාත් පාලන ආයතන 286ක අපේ ක්‍රියාකාරීන් දැනුම්වත් කරනවා. ඒකියන්නේ ග්‍රාම සේවා වසම් 12468 අපේ ක්‍රියාකාරිකයින් දැනුම්වත් කරන්න රැස්විම් 511ක් කරනවා. පළවෙනි සති අන්තයේ රැස්විම් 126ක්, දෙවැනි සති අන්තයේ රැස්විම් 195ක්, අවසන් සතියේ තවත් රැස්වීම් 134ක් පැවැත්වෙනවා. තවම දින නියම නොවුනු ස්ථාන 16කුත් තියෙනවා. අපේ ක්‍රියාදරයින් වගේම ග්‍රාමිය නායකයින් , පූජ්‍ය පක්ෂය, ගමේ ග්‍රාම නිලධාරී, කෘෂි පර්යේෂණ නිලධාරී වගේ නිලධාරින්වත් සහභාගි කර ගන්නවා.
පුද්ගලික අංශය , වෘත්තීය අංශ, වෘත්තීයවේදීන් වැනි සියලු කොටස් මෙයට සහභාගි කර ගැනීමට අවශ්‍යයි. සිවිල් සමාජයේ විවිධ විෂයන් ගැන, පරිසරය, සත්ව ආදී ක්ෂේත්‍ර ගැන විශේෂයෙන් අවධානය යොමු විය යුතු අංශ ගැන අවධානය යොමු කරන අංශවලටත් අපි එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
මාධ්‍ය – අයවැයට පක්ෂව ඒකාබද්ධ විපක්ෂය ඡන්දය දුන්නා. නමුත් ශ්‍රීලනීපය ඡන්දය නොදී ඉවත් වෙලා හිටියා. ශ්‍රීලනීපය හා පොදුජන පෙරමුණ එකමුත් බවයි ජනතාව හිතන්නේ. මෙතනදි සිද්ධ වුනේ පරස්පර සිද්ධියක් නේද
බැසිල් රාජපක්ෂ – ඡන්දය නොදී හිටිය අයගෙන් මේ සම්බන්ධයෙන් අහන්න අවශ්‍යයි. මතවාදීව එකතු විම තුළිනුයි සමගියක් ඇති වෙන්නේ.
මාධ්‍ය – තවම එවැනි එකතු විමක් සම්බන්ධයෙන් සාකච්ඡා වෙන්නේ නැද්ද
බැසිල් රාජපක්ෂ – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් 14 වැනිදා සාකච්ඡා අරඹනවා. ඒ සාකච්ඡා අරඹන්නේ විවෘත මනසකින්.
මාධ්‍ය – මේ වැඩසටහන ඇයි උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ව්‍යාප්ත නොවන්නේ.
බැසිල් රාජපක්ෂ – උතුරු නැගෙනහිරට වැඩපිීලවෙල ගෙනියන්න හරිම කැමැතියි. එයයි විය යුත්තේත්. අපි අරඹන්න සතුටුයි. නමුත් අපි ඇත්ත පිලිගන්න අවශ්‍යයි. අපේ පක්ෂය රට පුරාම ව්‍යාප්ත කරන්න හිතුවත් පසුගිය මැතිවරණය බැලුවම ඒ ප්‍රදේශවලින් අපේ පක්ෂයට නිසි නියෝජනයක් ලැබිලා නැහැ. මේ විදියට වැඩපිළීවෙල ආරම්භ කරලා ඉදිරියට ගෙන යනවා. මේ වෙද්දි මඩකලපුවට වැඩපිළීවෙල ගෙන ගිහින් තියෙනවා. ඉදිරි මාස තුනේදී උතුරු නැගෙනහිර ජනතාවගේ අදහස් ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මෙතෙක් පැවැති සියලු ආන්ඩුවලට ඒ ජනතාවගේ අදහස් ලබා ගන්න හැකි වුනේ නැහැ. අපේ පක්ෂය හැම වෙලාවෙම වැඩිදෙනෙක්ට සේවය කරනවා වෙනුවට හැම දෙනෙක්ටම සේවය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.
මාධ්‍ය – මේ වැඩපිළිවෙලෙන් බලාපොරොත්තු වන ඉලක්කය මොකක්ද
බැසිල් රාජපක්ෂ – මේ රටට , ජනතාවගෙන් හදපු ජනතාවගේ ප්‍රතිපත්ති මාලාවක් සකසා ගැනීමයි.
මාධ්‍ය – මොනතරම් කාලයකින්ද මේ වැඩපිීලවෙල අවසන් වෙන්නේ.
බැසිල් රාජපක්ෂ – ඡන්දයක් ඉක්මනින් එන නිසා ජුනි මාසය වෙද්දි මෙය සකසන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි ඡන්දයකට ජනතාව ඉදිරියට යන්නේ ප්රතිපත්තියත් එක්කයි. මැතිවරණ ප්‍රකාශයක් එළි දක්වන්නේ නම් මැතිවරණයකදියි. නමුත් අපේ ප්‍රතිපත්ති මාලාව රටේ ජාතික ප්‍රතිපත්තියක් විදියට පත්කර ගැනීමයි අවශ්‍ය.
මාධ්‍ය – ඉකිමනින් ඡන්දයක් එන බව ඔබ කිව්වාත මොන මැතිවරණයද එන්නේ
බැසිල් රාජපක්ෂ – නිත්‍යාණුකූලව නම් පළාත් සභා මැතිවරණය එන්න අවශ්‍යයි. මේ වෙද්දි පළාත් සභා පවත්වන කාලය පසුවෙලා තියෙන්නේ. දෙසැම්බර් වෙන්න කලින් අනිවාර්යයෙන් ජනාධිපතිවරණය තියන්න වෙනවා. ඔක්තෝම්බර් 05 වෙද්දි මැතිවරණය ප්‍රකාශයට පත්කරන්න වෙනවා. ඒ අනුව පළාත් සභා මැතිවරණයට පස්සේ නීත්‍යාණුකූලව තියන්න තියෙන්නේ ජනාධීපතිවරණය. ඊළගට ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව අනුව අනිවාර්යයෙන්ම තුනෙන් දෙකේ යෝජනාවක් සම්මත නොවුනොත් අන්තිමට එන්නේ පාර්ලිමේන්තු මැතිවරනයයි.නිත්‍යාණුකූලව පළාත් සභා මැතිවරණය තියන්න තිබුණත් මේ අය තියයි කියලා හිතන්නේ නැහැ. ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය අධීකරණය හරහා හරි ලබා ගන්න අපි උත්සාහ කරනවා. අපි හිතනවා අලුත් ජනවරමකින් පත්වෙන අපේ අලුත් ජනාධිපතිවරයා ජනතාව ඉදිරියට ජනමත විමසුම් කිහිපයක් ගෙන යයි කියලා. අපි අලුතින් පත්වෙන ජනාධිපතිවරයාගෙන් ආන්ඩුක්රම ව්‍යවස්ථාව සැකසීම සදහා ඉල්ලීම් කිහිපයක් කරනවා. රටට ගැලපෙන ඡන්ද ක්‍රමය, පාලන ක්‍රමය, එය විධායක ජනාධීපතික්‍රමයක්ද, පාර්ලිමේන්තු විධායක ක්රමයක්ද, බලය බෙදීමේ කේන්ද්‍රය ගමද, දිස්ත්‍රික්කයද පළාතද වැනි ප්‍රශ්න ජනතාවට දීලා පසුව ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැදීම සුදුසුබවයි අපි හිතන්නේ.
මාධ්‍ය – අනෙක් පක්ෂවලින් ලැබෙන්නේ මොන වගේ සහායක්ද
බැසිල් රාජපක්ෂ – අපි මේ වැඩපිළීවෙල කරන්නේ පක්ෂ විදියට නෙවෙයි. අපි පහසුකාරකයෙක් විදියටයි කටයුතු කරන්නේ. ගම සමග පිළිසදරක් වැඩපිළීවෙලට සියලු පක්ෂවලට ආරාධනා කරනවා. අපිත් එක්ක ඉන්න අනෙක් සහෝදර පක්ෂ සෑහෙන්න පැරණියි. ඒ පක්ෂවලට හදපු ප්‍රතිපත්ති තියෙනවා.
මාධ්‍ය – ආන්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයක් වියයුතු බව ඔබ හිතනවා
බැසිල් රාජපක්ෂ – ජනවරමක් තියෙන පක්ෂයකින් විය යුතුයි.
මාධ්‍ය – වත්මන් ආන්ඩුවත් ව්‍යවස්ථා සංශෝධනය සදහා සුදානම් වුනා.
බැසිල් රාජපක්ෂ -අපි කියන්නේ ජනතාවගෙන් මුලින් අහන්න අවශ්‍යයි කියලයි. ඒ ක්‍රියාවලිය ආරම්භයේ සිටම දෙපැත්තේම ජනතාව මුලාකිරීමයි වුනේ. බිත්තර නොදා කෑ ගහන කිකිළියොත් ඉන්නවානේ. ඒ වගේ කෙකර ගෑවා විතරයි.
මාධ්‍ය – එජාපය තමන්ගේ නායකයා ජනාධිපතිවරණයට එවනබව මේ වෙද්දි ප්‍රකාශ කරලා තියෙනවා. ඔබතුමන්ලාගෙන් කවුද
බැසිල් රාජපක්ෂ – අපි පක්ෂයක් විදියට තින්දු කලේ මහින්ද රාජපක්ෂ මහතාවයි. අපිට එතුමාව පත්කර ගන්න තිබුණා නම් හොදයි. එතුමාට නිතියෙන් බාධාවක් තිබුනොත් එතුමා හොද කෙනෙක් පත්කරයි.
මාධ්‍ය – මේ වෙද්දි රාජපක්ෂවරයෙක්ගේ නාමයක් යෝජනාවෙන්නේ නැති බවට රාවයක් තියෙනවා.
බැසිල් රාජපක්ෂ – ඒත් ප්‍රශ්නයක් නැහැ. රාජපක්ෂවරු තින්දු කලොත් ඒ රාජපක්ෂ කවුද කියන එකත් එතුමා තින්දු කරලා තියෙන්නේ. රාජපක්ෂ නොවන කෙනෙක් දැම්මොත් එතුමා කියන කෙනෙක් වෙනුවෙන් අපි වැඩ කරනවා.
මාධ්‍ය – රාජපක්ෂ නොවන කෙනෙක් නම් කවුද සුදුසු
බැසිල් රාජපක්ෂ – ඒක මට තොරන්න බැහැනේ. ඒක මහින්ද රාජපක්ෂ ජනාධීපතිතුමා කරයි.
මාධ්‍ය – වත්මන් ජනාධිපතිතුමාට නැවත අපෙක්ෂකත්වයට එන්න බාධාවක් නැහැ නේද
බැසිල් රාජපක්ෂ – අපේ පක්ෂයේ සාමාජිකත්වය ලේසියෙන් ගන්න බැහැ. පළවෙනි වටයේ සාමාජිකත්වය බොහොම ලේසියෙන් දුන්නා. දැන් ලේසි නැහැ. අරම්භක සාමාජික පෝරමය දැන්දෙන්නේ නැහැ. දැන් දෙන්නෙක්වත් නිර්දේශ කරන්න වෙනවා. එහෙම දෙන්නෙතක් සොයා ගන්න පුලුවන් කමක් නැහැ.
මාධ්‍ය – පහුගිය කාලයේ ඔබගේ නමත් යෝජනා වුනා.
බැසිල් රාජපක්ෂ – මගේ නම කවදාවත්යෝජනා වුනේ නැහැ. නාමයොජනා පත්‍රයේ අපේක්ෂකයාගේ කැමැත්ත දෙනවා කියලා අත්සන් කරන්න තැනක් තියෙනවා.
මාධ්‍ය – මේ වෙද්දි ගොඩනැගෙමින් තිබෙන සංධානය වත්මන් ජනාධිපතිවරයාව යෝජනා කලොත්
බැසිල් රාජපක්ෂ -මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වොත් හා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි බලන්න අවශ්‍ය වෙන්නේ ජනතාව කියන දෙයයි. අවසානයේ අපි යන්නේ ඡන්දයකට නිසා දිනන්න පුලුවන් කෙනෙක් දාන්නත් වෙනවා.
මාධ්‍ය – ගම සමග පිළීසදරක් වැඩසටහනේදි මීළග ජනාධිපතිවරයා ගැනත් සාකච්ඡා වෙනාවද
බැසිල් රාජපක්ෂ – නැහැ. ඒක පක්ෂය සාකච්ඡා කරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි සුදුස්සා. එතුමාට එන්න බැරි නම් සුදුසු කෙනො එතුමාම තීරණය කරයි. තව සහෝදර පක්ෂ තියෙනවා. අපි පළාත් පාලන මැතිවරනයට ඉල්ලුවෙත් සන්ධානයෙන්. නිල වශයෙන් පක්ෂ 29ක් අපිත් එක්ක හිටියා. විශෞෂයෙන් ලංකා සමසමාජ පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්තුවාදි වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ වගේපක්ෂත් එක්කයි අපි ඉල්ලුවේ. ඒවායේ නගරාධිපතිවරු පවා ඉන්නවා. නමුත් පොහොට්ටුවෙන් ඉල්ලුවේ.
මාධ්‍ය – සන්ධානය ගොඩනැගීමට පැවැති සාකච්ඡා සදහා ඔබතුමා සහභාගි වෙනවා අපි දැක්කේ නැහැ.
බැසිල් රාජපක්ෂ – අපේ පක්ෂය නිල වශයෙන් සාකච්ඡා අරඹන්නේ 14 වැනිදා.අපේ පරමාදර්ශී නායකයාට සාමාජිකත්වය ගන්න බැරි වුනත් දේශපාලන වශයෙන් අපි එක්ක වැඩ කරනවා. පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීවරු නැහැ. නමුත් අපිට අදව් කරනවා.
මාධ්‍ය –
බැසිල් රාජපක්ෂ – තින්දුව අරන් ජාතික සම්මේලනයට දාලා අපේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතුයි. මුල් බීජය ඇති වෙන්නේ එතුමාගෙන්.
මාධ්‍ය – දිගින් දිගටම මහින්ද රාජපක්ෂ මහතා ගන්න තින්දුවට එකග බවයි ඔබලා කියන්නේ
බැසිල් රාජපක්ෂ – ඔව්. ජනතාව එතුමාවයි නායකත්වයට අවශ්‍ය බව කියන්නේ. මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසිකරලයි ජේ. ආර් ජයවර්ධන මහතා ජනාධිපතිවරණයට මුහුණ දුන්නේ. රේසි එකේ අනික් තරගකරුවා ඉවත් කරලා. ඒ නිසා අපි පිහිටුවන ආන්ඩුවක් පිහිටුවන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමගේ නායකත්වයෙන්.ජනතාවගේ බලාපොරොත්තුව ඒකයි.
මාධ්‍ය – ඔබතුමා ඉදිරියේදි පාර්ලිමේන්තුවට එනවාද
බැසිල් රාජපක්ෂ – එන්න විදියක් නැහැනේ. 19න් මාව එළියට දැම්මානේ. 19 කියන එක ගලෙන් හතරදෙනෙක්ට ගැහුවා.
මාධ්‍ය – 2019 ජනාධිපතිවරණයෙන් ඔබ පාර්ශවය ජයගන්න නම් ශ්රලනිප හා පොහොට්ටුව එකතු වෙන්න අවශ්‍යද.
බැසිල් රාජපක්ෂ – මැතිවරණයකට යද්දි කිසිවෙක් දිනන් බැරි බව කියන්නේ නැහැ. ස්වාධිනයි කියපු ආයතනයක් සහ පොලීසිය කරපු සමික්ෂණයකින් පළාත් පාලන මැතිවරණයට පෙර කිව්වේ අපි දිනන් ආයතන 40ක් බවයි. ඒ වගේ ඡන්දයකියන දේ ජනතාව අතේ තියෙන්නේ. නමුත් අපි දිනන කොට්ඨාශ ගණනත් මම දින තුනකට පෙර කිව්වා. ඒ වගේ අපි විශෟවාසයෙන් කියනවා ජනතාව අපි කෙරෙහි විශ්වාසය තියයි කියලා
මාධ්‍ය – ජනාධිපතිවරණය තනිවම දිනන්න පුලුවන්ද
බැසිල් රාජපක්ෂ – දැන්ම කියන්න හොද නැහැ
මාධ්‍ය – ජනාධිපතිවරණය නොසලකා හැරලාද ඉන්නේ
බැසිල් රාජපක්ෂ- නැහැ. නැහැ. මේක තමයි ප්‍රධාන මැතිවරණය. මේක අපි අනිවාර්යයෙන්ම දිනනවා.
මාධ්‍ය – දෙපැත්තේ අය කරන ප්‍රකාශ දිහා බැලුවාම එන්න එන්න විරසක වෙන බවයි පේන්නේ
බැසිල් රාජපක්ෂ – අපි ඈත් වෙලා වෙන වෙනමදින්නා. දැන් එන්න එන්න ළං වේගෙන යනවා වගේ මට පේන්නේ.
මාධ්‍ය – තදින් ප්‍රහාර එල්ල කරන බවක්නේ පේන්නේ.
බැසිල් රාජපක්ෂ – දැන් කපු මහත්තරු ඇවිත් කේන්දර බලලා වැඩේ යනවා. හිටපු ගමන් දෑවැද්ද මදි කියලා පොඩි පොඩි ප්‍රශ්න වෙනවා. ඒවගේ දෙයක් තමයි වුනේ
මාධ්‍ය – සතියකට කලින් ඇමරිකන් තානාපතිවරිය උතුරට ගිහින් පළාලි ගුවන් තොටුපල ගැන සමික්ෂණය කරලා සංවර්ධනය වෙන්න තියෙන සිතියම් පවා පරීක්ෂා කළා. එහෙම කරන්න ඒ අයට අයිතියක් තියෙනවාද
බැසිල් රාජපක්ෂ – මේක අද ඊයේ වුනු දෙයක් නෙවෙයි. මහින්ද ජනාධිපතිතුමා බලයට එද්දි ගිවිසුම් රාශියක් තිබුණා. සටන් විරාම ගිවිසුම කිලිනොච්චිය අල්ල ගන්නකල් අවසන් කරන්න බැරිවුනා. ඒකාලේ සටන් විරාම නිරීක්ෂණ කණ්ඩායම් හිටියා. සම සභාපතිවරු හිටියා. ඔවුන්ගෙන් අහන්නේ නැතිව මොකුත් කරන්න බැරුව ගියා. රතු කුරුසේ අය හිටියා. උසාවියටවත් නැති බලතල තිබුණා. පුද්ගලික ගෙයක් වුනත් පරික්ෂා කරන්න හැකියාව තිබුණා. හමුදා කදවුරුවලට ඇතුල් වෙලා පරික්ෂා කරපු අවස්ථාත් තිබුනා. ඒ හැමදේකින්ම නිදහස් කරගෙනයි 2015 රට භාර දුන්නේ. දැන් නයෙක් දාගෙන කෑවෝ කෑවෝ කියනවා.
ජිනිවා කොමිෂමට සමඅනුග්රහය දැක්වීමේ ප්‍රතිඵලය අද අපි විදිනවා..
අද (12) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
මේ රජයට මැතිවරණ අයවැයක්වත් ඉදිරිපත් කර ගන්න බැරි වුනා. 2018 ඉදිරිපත් කරපු හරිත අයවැයෙන් සියයට 30ක් යෝජනා ක්‍රියාත්මක කලේ නැහැ. 2018 වසරේ අද්ධමනය වැඩි වෙලා ජනතාව පීඩනයට ලක්වුනා. 2019 අයවැය එන්ටර්ප්රයිස් අයවැයක් ලෙස සදහන් කරලා තියෙනවා. මේ අයවැයෙන් මිනිස්සුන්ට නොදැනෙන ලෙස 38 වැනි පිටුවේ 205 යටතේ 2005 සිට මෙතෙක් වැඩිනොකළ සියලු බදු වැඩිකරන්න තීන්දු කරලා. මේ බදු වර්ග මොනවාද කියලා සදහන් කරන්න කිව්වාම උත්තර දුන්නේ ඒවා ගැසට් පත්‍රයක් මගින් පසුව ප්‍රකාශ කරන බවයි. ඒ කියන්නේ ආන්ඩුවේ අයකිරිම් සිට සියලු දේ මිල වැඩිවෙනවා. සමෘද්ධිය ලක්ෂ හයකට වැඩි කරන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මගින් කමිටු දාලා පරික්ෂණ කරලා ඒවා නැවත ප්‍රාදේශීය ලේකම්ට එවලා සමෘද්ධි කොමසාරිස්ට යවලා ඔය ටික කරන කොට මේ ආන්ඩුව බලයේ නැහැ. ඔක්තෝම්බර් මාසය වෙද්දි ජනාධිපතිවරණය
ප්‍රකාශයට පත්කළාම කීසිම සහනාදාරයක් ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ නිසා මේක අසාර්ථක අයවැයක්. මධ්‍යම අධීවේගය වසර හතරහාමාරක් හදාගන්න බැරි ආන්ඩුව රුවන්පුර අධීවේගී මාර්ගයක් ගැන කතා කරනවා.ඒ එක්කම රන් මාවත කියලා මිලියන 10000ක් වෙන් කරලා තියෙනවා. ලංකාවේ ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම් පහම මහාමාර්ග අධිකාරියේ මුදල් නොගෙවිම නිසා කඩාවැටිලා තියෙන්නේ. ඒවාට බිලියන ගානක් මුදල් ගෙවන්න තියෙනවා. එහෙම නම් රන්මාවතේ වැඩටිකකරන්නේ කොහොමද. මේ අයවැයේ තියෙන යෝජනා ක්‍රියාත්මක කරන්න පුලුවන් තත්ත්වයක් නැහැ. මේ අයවැය ඉදිරිපත් කරද්දි ජනතාවට සහන කිහිපයක් හෝ ලබාදෙයි කියලා අපි හිතුවේ. රජයේ සේවකයින්ට වැඩිකරපු 2500ක්‍රියාත්මක වෙන්නේ ජුලි මාසේ 01 වැනිදා ඉදලයි. නමුත් බදු ක්‍රියාත්මක වෙන්නේ මාර්තු ඉදන්. පුද්ගලික අංශයට කිසිම පඩි වැඩිවීමක් නැහැ. 2500 වැඩිවෙද්දි බදු මුදල්වලට රජයේ සේවකයෝ 5000ක් වැය කරලා ඉවරයි. මුදල් ඇමැතිතුමා මැතිවරණයක් ගැනත් කියලා තියෙනවා. ඒ කියන්නේ මේ යෝජනා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මහ මැතිවරණයකට යන්නයි.
ජිනිවා මානව හිමිකම් කොමිෂම ඉදිරියට ගිහින් 30.1ට සමඅනුග්රහය දැක්වීමේ ප්‍රතිඵලය අද අපි විදිනවා. ශවේන්ද්‍ර සිල්වා මාණ්ඩලික ප්‍රධානි විදියට පත්කරද්දි ජිනීවා කොමිෂමේ මහ කොමසාරිස්වරිය අහනවා එයාව කොහොමද පත්කරන්නේ කියලා. රටේ අභ්‍යන්තර පත්කිරීමකට ඇගිල්ල දිගු කරනවා. ජිනීවා මානව හිමිකම් කොමිෂමට කලින් වසන්ත කරන්නාගොඩ අත් අඩංගුවට ගන්න හැදුවා. එතුමා උසාවි ගිහින් අත් අඩංගුවට ගැනීම නතර කර ගත්තේ. ඒකට උපක්‍රම විදියට නාවික හමුදා කදවුරේදි අතුරුදන් වූවා කියලා අපරාධ පරික්ෂණයේ ක්‍රිෂාන්ත සිල්වා ජිනීවා නිලධාරීන් එක්ක ඇටකටු අරන් ගිහින් පෙන්වූවා. අන්තමට කාබන් පරික්ෂණ වාර්තාවෙන් ඒවා සත්තුන්ගේ ඇටකටු කියලා කිව්වා. මන්නාරමේ මිනීවල හාරලා ඇටකටු ගෙන ගියාම ඇමරිකාවේ කරපු පරික්ෂණවලින් ඒකත් ප්‍රතික්ෂේප වුනා.
ජිනීවා සමුලුව ආසන්නයේ මේ කතන්දර ගෙනත් අපිට පීඩනයක් කරන්න බලන්නේ. ජනාධිපතිතුමා කොමිෂමට තුන් දෙනෙක් යවනවා. අගමැතියි විදේශ කටයුතු අමාත්‍යංශයයි එක ප්‍රකාශයක් කරනවා. ඒක ජනාධිපතිතුමා පිළීගන්නේ නැහැ. ආන්ඩුව හිරවෙලා. වසර දෙකහමාරක් කල් ඉල්ලනවා. දින 52ක් තුල නිති සම්මත කරන්න බැරිවුන නිසයි කල් ඉල්ලන්නේ කියලා ලිපියකින් දන්වලා තියෙනවා. ජිනිවා යෝජනාවලට එකගයි කියලා ජනතාවට කියන්න බැහැ. ජන්දයකින් පස්සේ ආන්ඩුවක් හදාගෙන කැමැති විදියට වැඩ කරන්නයි ඒ අය සුදානම් වෙන්නේ. ජාත්‍යන්තරය සනස සනස අවුරුදු දෙකහමාරක් මැතිවරණයකට යන තෙක් මේක ගෙනියන්නයි ආන්ඩුව මේ උත්සාහ කරන්නේ. දෙමල ජාතික සන්ධානය මන්නාරම් ඇටකටු වෙනත් තැනකින් නැවත පරික්ෂා කරන්න අවශ්‍ය බව කියද්දි මහ කොමසාරිස්වරිය කියනවා හයිබ්‍රිඩ් අධිකරණයක් ගේන්න අවශ්‍යයිලු. පාර්ලිමේන්තුවේදි කිරිඇල්ල මහත්තයා කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්න දෙයක් නැහැ. අපිත් හයිබ්‍රිඩ් අධිකරණයට විරුද්ධයි කියලා. අද කොමසාරිස්වරිය කියනවා හයිබ්‍රිඩ් අධිකරණයක් අවශ්‍යයි කියලා. අද න්‍යාය පත්රකිහියක් ක්‍රියාත්මක වෙනවා. මානව හිමිකම් කොමිෂමේ සාකච්ඡාවලට රජය අනියම් ආකාරයෙන් සහාය දැක්වීම නිසා ජනාධිපතිතුමා ට නියෝජතයින් තුන්දෙනෙක් යවන්න වෙලා තියෙනවා. ඇමරිකාව මානව හිමිකම් කොමිෂමෙන් ඉවත් වෙලා තියෙද්දිත් අපි බ්‍රිතාන්‍යයත් එක්ක එකතුවෙලා වැඩකරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය කියන්නේ. ජාත්‍යන්තරය සනසනවා මිස රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්නේ නැති මේ ආන්ඩුව වහාම ගෙදර යන්න අවශයයි. රටේ ආර්ථිකය කඩා වැටීම ආදි මේ දේ නිසා රට තියෙන්නේ අර්බුදයකට මැදිවෙලා.මේ අරුබ්දය ගැන ජනතාව කල්පනාවෙන් ඉන්න අවශ්‍යයි. ඡන්ද විමසීමකට යන්න විවිධ දේ දෙන්න වෙලා. කල්මුනේට වෙනම දිසාපති කාර්යාලයක් ඉල්ලනවා. මේ ප්‍රශ්න ටික විසදුවේ නැත්නම් තවත් ඉල්ලීම් තියෙනවා කියනවා.මේ වගේ අවිනිශ්චිත තත්ත්වයක්තියෙන නිසයි මුදල් ඇමැතිතුමා මහ මැතිවරණයක් කලින් එන්න ඉඩතියෙනවා කියන්නේ. මිනිස්සුන්ගේ පීඩනය ඒ ආකාරයෙන්මයි. අද වෙද්දි කරුංකා ගම්මිරිස් වලට සහතිකය නොදීම නිසා කන්ටේනර් 138ක් වරායේ හිරවෙලා.නිත්‍යාණුකූලව යවන අයටවත් තමන්ගේ නිෂෟපාදනය යවා ගන්න බැරි වෙලා තියෙන්නේ. රාජ්‍ය ආදායම අනුව මේ අය කොහොම කටයුතු කරයිද් කියලා හිතා ගන්නවත් බැහැ. අයැවැය පරතරය පියවන්න විතරක් රුපියල් බිලියන 2409ක් අවශ්‍යයි. අසාර්ථක ආන්ඩුවක අසාර්ථක අයවැයක් නිමවෙමින් පවතින්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා
පසුගිය රජය ගත්ත ණය නිසා රට ණය උගුලක හිරවෙලා තියෙන බවට මිථ්‍යා මතයක් මේ රජය වපුරවලා තිබෙනවා. ඒක සම්පූර්ණ අසත්‍යයකි. 2005දි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවෙද්දි ණය වශයෙන් තිබුනේ රුපියල් බිලියන 2222යි. එතුමා 2009 යුද්ධය කරලා, පාරවල් හදලා, ගුවන්තොටුපළවල් හදලා කෘෂිකර්මාන්තයට සේවයක් කරලා අවසානයේ රුපියල් බිලියන 7000යි ණය තිබුනේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ සමයේ ණය බර වැඩිවුනේ රුපියල් බිලියන 5000කින් විතරයි. මේ ආන්ඩුවේ අයවැය ඉදිරිපත් කරන මොහොත වෙද්දි රුපියල් බිලියන 12000ක් වෙලා ණය බර. ඒ කියන්න්නේ මේ ආන්ඩුව බලයට පත්වුනාට පස්සේ රුපියල් බිලියන 7000කින් ණය බර වැඩිවෙලා. 2018 වසරේ විතරක් ඩොලර් බිලියන දෙකහමාරක ණය අරන් තියෙන්නේ සියයට හයහමාර, හතහමාර පොලියට අරන්. දැන් සියයට හතහමාරයි අටහමාරයි අතර පොලියකට අලුතෙන් ණය ගන්න සූදානම් වෙනවා. ප්‍රධන දේ එජාපයේ අමනෝඥ ක්‍රියාවලිය හා ආර්ථික හැසිරවීමේ ක්‍රමවේදය. ග්‍රාමිය වශයෙන් දුප්පත්කම වැඩිවෙලා.
ලියාපදිංචි සියලු කොමිපැණිවලින් රුපියල් 30000බැගිනුත්, අනෙක් කොම්පැනිවලින් රුපියල් ලක්ෂ පහලවකුත් , අනෙකුත් සමාගම් වලින් රුපියල් දෙලක්ෂ පනස්දහසක් බැගිනුත් අය කරන්න අදහස් කරලා තියෙනවා. ඒ අනුව කොමිපැනිවලට පනවලා තියෙන නව බද්දෙන් විතරක් රුපියල් බිලියන 4600ක් විතර අලුත් මුදලක් ලැබෙනවා. වාර්ෂාක අලුත් කිරීමේ බද්දට අමතරවයි මේ බද්ද අය කරන්නේ. මේ නිසා කර්මාන්ත කඩා වැටෙන්න ගන්නවා. බැංකු ව්‍යාපාර ප්‍රශ්නවලට මුහුණපාලා. ආර්ථකය යහපත් වෙයි කියලා විශ්වාස කරන්න නම් බැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා
ජනාධීපතිතුමා කෝටි 100 වි මිලදි ගන්න අනුමත වුන බව කිව්වා. මේ වෙද්දි මාස දෙකක් විතර වෙනවා. මේ පාර අස්වැන්න බලපුවාම මම නියෝජනය කරන ආසනයේ වි අස්වැන්න මිලදී ගැනීමටත් මේ කෝටි 100 මදි. ඒ කෝටි 100 වි ටිකවත් වී අලෙවි මණ්ඩලයට ගන්න බැරි වෙන්න හේතුව නාඩු කිලෝව 38ක් හා සම්බා කිලෝව 41ක් වීම. අපි ගණන් හැදුවාම සම්බා කිලෝවක් නිෂ්පාදනය කරන්නම රුපියල් 42ක් යනවා. ඒ කියන්නේ 41ට දුන්නාම රුපියලක් පාඩුයි. ඒ වගේම නාඩු කිලෝවක් නිෂ්පාදනය කරන්න 40ක් පමණ වැය වෙනවා. මේ නිසා වි අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා ස්ථානවලට ගොවීන් යන්නේ නැහැ. තඹුත්තේගම වී අලෙවි මණ්ඩලයේ ගබඩාවට තවම ගොවින් පස්දෙනෙක් වී ගෙනත් නැහැ. පුද්ගලික වෙලෙදපොලේ මේ වෙද්දි රු. 28,29,30යි. හාල් නම් 110යි.120යි. මේ රටේ වී මිලදි ගන්න පුද්ගලික වෙලෙන්දෝ හතරපස්දෙනෙක් ඉන්නේ. මේ අය රු.30ට වි ටික ගබඩා කරලා මාස දෙකක් යද්දි හාල් එළියට දානවා රුපියල් 100යි 120යි. මාස හයක් විතර මහන්සි වෙලා ගොවීන්ට රුපියල් 30යි. මාස දෙකක් ගබඩා කරපු වෙලෙන්දා රුපියල් 60ක් ලගාභ ගන්නවා. ආන්ඩුව මේකට මැදිහත් වෙන්නෙත් නැහැ. මැදිහත් වෙන්න විදියකුත් නැහැ. මේ වෙද්දි වි අස්වැන්නෙන් සියයට 70ක් වෙලෙද පොලට ඇවිත් අවසන්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය අපි හදාගන්නවා. වි අතිරික්තයි කියලා අපිට දැනුන වෙලාවට වි අලෙවි මණ්ඩලය හරහා සියයට 30ක් අස්වැන්න මිලදි ගන්න අපි පියවර ගන්නවා. ගොවියා ආරක්ෂා කරන්න අපි එවැනි වැඩපිළීවෙලක් ක්‍රියාත්මක කරනවා. එක අවස්ථාවක සාමාන්‍ය වෙලෙදපොලේ අර්තාපල් 75ක් වෙලා අස්වැන්න අඩු නිසා මිල 35ට බැස්සා. අපිට මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නා මේ ටික ගන්න කියලා. බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික කටයුතු අමාත්‍යංශයෙන් මුදල් දිලා ගොවිජන දෙපාර්තමේන්තුවේ ගබඩාවල ගබඩා කළා. සමෘද්ධාලාභීන්ට අපි මේවා බෙදා හැරියා. මේවා කියලා මේකටත් නඩුවක් වැටෙයිද දන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ මහතා වැසිකිලි ආධාර විදියට රුපියල් 6000ක් දුන්නා කියලා උසාවි යනවා. අයවැයෙන් වැසිකිලිවලට රුපියල් 40000ක් දෙන්න යනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා උසාවියෙන් වැරදිකරු වුනොත් මංගල සමරවිර මහත්තයාටත් උසාවි යන්න වෙනවා. වැසිකිලි යන්න කන්න දීලා ඉන්න අවශයයි. ඒ වගේ වැසිකිලිවැඩ තමයි මේ ආණෟඩුවේ තියෙන්නේ. සිරිකොත කචල් එක අපි දන්නවානේ. පසුපෙල මන්ත්‍රීවරු ජනාධිපතිගේ වැය ශීර්ෂය පරාජය කරනවාලු. එතනම පිල් දෙකයි. මේ වගේ පිල් කිහිපයක් තියෙනවා එජාපය ඇතුලේ. දැන් පිට කෝට්ටේ හන්දියේ තියෙන සිරිකොත ගමට අරන්ගියා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මෙහෙ ගහගත්තා. අපි දැක්කා කලුතරට ගියාට පස්සේ කලුතරත් ගහගත්තා. සිරිකොත ගමට ගිහින් සිරිතොක කචල් එකත් ගමට අරන් ගිය එක තමයි එජාපේ මේ දවස්වල දේශපාලන කටයුත්ත වෙලා තියෙන්නේ. අගෝස්තු මාසේ 31 වෙද්දි ගම්පෙරලිය අවසන් කරන්න කියලා චක්‍රලේඛණයක් යවලා. තවම අයවැය සම්මත වුනේවත්නැහැ. සල්ලි ගිහින්ලත් නැහැ. අයවැය පරාජය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි හිතනවා පුලුවන් වෙයි කියලා. මාස හතරකින් ඇස්තමේන්තුවක්වත් හදාගන්න බැරිව මොන ගම්පෙරලියද. රට හරි පෙරලගන්න තිබුනා ගෙවුනු අවුරුදු හතරේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා මේ අයවැය පරාජය කරන්න කියලා. නැත්නම් මේ රට ඉදිරියට ගෙනියන්න බැහැග ජනතාව මත බර පටවන්නේ නැතිව මේ ආන්ඩුව ගෙදර යවමු. මහජන මතයට අවස්ථාවක් දීලා ආණ්ඩුවක් හදමු.
ප්‍රශ්න – අලුතින් ආන්ඩුව ණයක් ගන්න සූදානම් වෙන බව කියනවා. ඒ සම්බන්ධයෙන් දැනුවත්ද
අනුර ප්‍රියදර්ශන යාපා – ඩොලර් බිලියන දෙකහමාරක බැදුම්කර නිකුත් කරන්න සූදානම් වෙන්නේ. ගිය වසරේත් ගත්තා. දැනට තියෙන තත්ත්වය අනුව පොලිය සියයට අටහමාරක් විතර වෙයි. ණය බර වැඩිවෙලා පොලිය ගෙවීෆම් ප්‍රමානයත් වැඩිවෙනවා. රුපියල අවප්‍රමාණ වීමේ බරත් එකතු වෙනවා. ණය අරන ්ණය ගෙවීමහැර උපක්‍රමයක් ආන්ඩුවට නැහැ.
ප්‍රශ්න – රජයේ ආදායම ණය වාරික හා පොලියට සමානයි. බොන්ඩ් නිකුත් කරන්න වෙනවා. ඒ සදහා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කල් ඉල්ලුවේ. ඩොලර් බිලියන 1.5ක් ගෙවන්න සිදුවුනා නම් ආයේ ගන්න බැරිවෙනවා. කල්ගත්ත නිසා බැදුම්කර නිකුත් කරන්න පුලුවන්. මේක සාර්ථක ක්‍රමයක් නෙවෙයි. මේ වෙද්දි ණය බර සියයට 83ක් වැඩි වෙලා. ඒ කාලේ ණය ගත්තේ රාජ්‍ය ආදායම වැඩිකරගන්න අතරේ. මේ අයවැයෙන් කෘෂිකර්මයට කිසිම දෙයක් වෙන් කරලා නැහැ.නිශ්පාදන ක්සේත්‍රය කඩන්වැටිලා. ආදායම් නැති ණය උගුලක අසුවෙලා ඉන්නේ.
අනුර ප්‍රියදර්ශන – ණය දෙන ආයතන ශ්‍රේණිගත කිරීම්වල පහලට ගියාම වැඩි පොලියට ණය ගන්න වෙන්නේ. අනෙක් පැත්තෙන් මේ අය නොයෙකුත් බදු පනවනවා. වාහනවලට සුඛෝපභෝගි බද්දක් පනවලා. ඒ කියන්නේ ලක්ෂ 35ට වැඩි සියලු වාහන මේ අය සුඛෝපභෝගී වාහන කියලා නම් කරලා තියෙන්නේ. මේකෙන් මිලියන 48000ක් හොයන්න හිතුවාට මේ තත්ත්වය යටතේ ශත 48000ක් හොයන්න බැහැ. අපේ සංචිත බරපතල ලෙස පහල වැටිලා. මාස තුනකට සරිලන සංචිත පමණයි තියෙන්නේ. ඩොලර් බැරලය 103 සිට 55ට බැස්සා. ඒ කාලේ ආර්ථිකය දියුණු කර ගන්න තිබුණා. ඒ ලාභය කොයි පැත්තට ගියාද දන්නේ නැහැ.
ලක්ෂ්මන් යාපා – හැරී ජයවර්ධන මහතා බදු ගැන සහ ආර්ථකය ගැන පැහැදිලි කිරීමක්කළා. ඒ අනුව සියලු දේ කඩා වැටිලා. රන් මාවතක් ගේන්න හැදුවට කොන්තාත් කරුවන්ට බිලියන 7ක් ගෙවන්න වෙනවා.
ප්‍රශ්න – නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කියනවා ඩොලර් බිලියන 5ක ආයෝජනයක් හම්බන්තොටට ඇවිත් කියලා.
අනුර ප්‍රියදර්ශන යාපා- අපි නම් දන්නේ නැහැ.කියන්න පුලුවන්. ආයෝජන මණ්ඩලය එකම ආයෝජනයක්වත් අනුමත කරලා නැහැ.
ලක්ෂම්න යාපා අබේවර්ධන – වොක්ස් වැගන් එක කුරුණෑගල ඉවරකරලා දැන් බිංගිරියට ගිහින්. කැබිනට් තීරණ ගන්න පුලුවන්. අත්සන් කරපු ගිවිසුම් මොනවාද.2015ට කලින් ඇවිත් අත්සන් කරපුවා ඇරෙන්න ලොකු ආයෝජනයක් ඇවිත් තියෙනවාද
අනුර ප්‍රියදර්ශන යාපා- ජර්මන් තානාපතිවරයා කිව්වා ලංකාව ආයෝජනයට සුදුසු නැතිබව. බංගලාදේශය විශිෂ්ඨ ලෙස ආයෝජන ගන්නවා. සාර්ථක ගමනක් යනවා. මිනිස්සු සතුටෙන් ඉන්නවා. විරුද්ධ පක්ෂය පරාදයිමැතිවරනයෙන්. අපි ඉන්නේ ඇප්ගිනිස්ථානයට උඩින්. 6.8ක තිබුණ වර්ධන වේගය දැන් 3.1ක් වෙලා. රජයක් කරනවා නකම් ආර්ථිකය ගැන වගකිමක් දරන්න අවශයයි.අදායමට වඩා වියදම වැඩියි නම් කන්න විදියක් නැත්නම් ආර්ථකය හරි යන්නේ කොහොමද
ප්‍රශ්න – මහ මැතිවරණයකින් පස්සේ මේ තත්ත්වය වෙනස් කරන්න පුලුවන්ද
අනුර ප්‍රියදර්ශන යාපා. – ඔව්. පුලුවන්. රජයකට විශ්වාසයක් තියෙන්න අවශ්‍යයි. මේ රජය බදුක්‍රමය වසරින් වසර වෙනස් කරනවා. ආර්ථකයක් හසුරුවන්න පුලුවන් වෙන්නේ විශ්වාසභාවයයි, ස්ථාවරභාවයයි විනයයි මගින්. මේ තුන හදපු ගමන් ඉතිරි ටික ඉබේම හැදෙනවා.
ප්‍රශ්න – අයවැය පරාජය කරන්න පුලුවන්ද
අනුර ප්‍රියදර්ශන යාපා – මේ ආන්ඩුවට පරාජය වීම කෙසේ වෙතත් බහුතරය නැහැ. ආන්ඩුව රැදෙන්නේ දෙමල සන්ධානයේ ඡන්ද මත. මාවෛයි සේනාධිරාජා ඡන්දේ නෙදෙන කතාවක් කිව්වා. ඒකේ සත්‍ය තත්ත්වය කොහොමද කියලා කියන්න දන්නේ නැහැ. අයවැය පරාජයට වඩා මේ රටේ ආර්ථකයට වෙලා තියෙන හානිය එක්ක මහ මැතිවරණයකින් රට ඇතුලේ නැවතත් සාමාන්‍ය තත්ත්වය හදන්න කියලයි අපි ඉල්ලන්නේ.
එස්. එම්.චන්ද්‍රසේන – අයවැය පරාජය වුනොත් ආන්ඩුව අස්වෙන්න අවශයයි. ජනාධීපතිට පුලුවන් අලුත් අගමැතිවරයෙක් පත් කරන්න. ඒ පත්කරන්නේ අපේ කෙනෙක්නේ. අපි ආන්ඩු හද හදා ඉන්නේ නැහැ. අයවැය පරාජය වුනොත් ගිය කට්ටිය එයි. ආන්ඩුව විසුරවන්න 150ක් හදා ගන්න වෙනවානේ. ආන්ඩු හදනවා වෙනුවට ආන්ඩු නැති වුන අය මැතිවරණයකට එකල වෙයි.
ප්‍රශ්න – ජනාධීපතිවරණයකට කලින් මහ මැතිවරණයකට සුදානම් වෙන්න කියලා ඉගියක්ද මේ. අගමැතිවරාත් කියනවා ගමට ගිහින් ගමසූදානම් කරන්න කියලා.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන – අවුරුදු හතරහමාරක්ගමට ගියේ නැති අය දැන්ද ගමට යන්නේ. ගමට යන්න බැහැ දැන්. ගමේ මිනිස්සුන්ගේ ආර්ථිකය වැටිලා. ගමේ පාක්ෂෟකයෝ ප්‍රබොධමත් කරන්න බැහැ. පරාද වුනොත් ක්‍රම කිහිපයක් තියෙනවා. එවෙලාවේ සාකච්ඡා කරලා තින්දුවක් ගන්නවා. ආන්ඩුවට දවසින් දවස ඡන්ද නැති වෙනවා.
අනුර ප්‍රියදර්ශන යාපා – විශ්වාසයක් පලුදු වුනාට පස්සේ ආර්ථිකය ඇණ හිටිණවා. දැන් ඒක වෙලා තියෙන්නේ. පර්ලිමේන්තුවේ අයවැය පිළීබද ප්‍රශ්නයක් නෙවෙයි. මේක දිනපතා තියෙන ප්‍රශ්නයක්.
ප්‍රශ්න – ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ ලේකම්වරයා දැඩි අභියෝගයක් කරමින් සිටිනවා නේද
අනුර ප්‍රියදර්ශන යාපා- ශීලනිපයේ මමත් ලේකම්වරයා ලෙස වැඩ කළා. අපි පුලුල් සමගියක් උදෙසා අපේ වචන ප්‍රවේශමෙන් පාවිච්චි කළා. ශ්‍රීලනිප සභාපතිකම මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ලැබුනාටපස්සේ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාත් මෛත්‍රිපාල සිරිසේන මහතාත් එකතු කරලා ඡන්දෙට යන්න අපිට පුලුවන් වුනා. අපි ඒක කලේ සංයමයෙන්. සංයමයෙන් වැඩ කිරීම ලේකම්වරයෙක්ගේ යුතුකමක්. මේ කණෟඩායම් දෙක එකතු කිරීමේ වැඩ පිළීවෙලට හැමෝගෙම සහාය අවශයයි.තර්ජනය කරලා එකතු කරන්න බැහැ. මම ලේකම්වරයෙක් විදියට උපදෙසක් දෙනවා සංයමයෙන් කටයුතු කරන්න කියලා. පළාත් පාසල මැතිවරණයට ගියාම අපි බොහොම මහන්සිවෙලා සියයට 15ක් විතර පක්ෂයට ඡන්ද ගත්තේ. තවමත් පක්ෂේ ඡන්ද ප්‍රතිශතය ඒ ටික තමයි. ඒ ගාන තියාගෙනතර්ජනයකරනවාට වඩා එකතුවෙලා යන්න සංයමයෙන් සාකච්චාවෙන් කටයුතු කිරීමයි කරන්න තියෙන්නේ
එස්. එම්. චන්ද්‍රසේන – හිටපු ලේකම් ලක්ෂ්මන් රෝහන පියදාස මහතා සංයමයෙන්කටයුතු කරපු හැටි අපි දැක්කා. එතුමා බොහෝම හොදට වැඩේ කළා. සාමදානය සමගිය ඇති කරන්න පසුබිම යෙදීමයි එතනින් යනකල් කලේ. එතුමාව ආදර්ශයට ගත්තා නම් හරි.
ගෝටාභය ජනාධිපතිවරණයට සූදානම් යයි කීම ගැන සතුටු වෙනවා..- බැසිල් කියයි..
ගෝඨාභය කලින්ම කියපු එක හොඳයි බැසිල් රාජපක්ෂ
රාවය MARCH 11, 2019 සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ සංයුතිය, දැක්ම, අරමුණු සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කිසියම් අපැහැදිලිභාවයක් බොහෝ දෙනකුට තිබෙනවා. ඒවා පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?
අපි මේ දවස්වල අපේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව, පක්ෂයේ දැක්ම, ඉදිරි වැඩපිළිවෙළ සකස් කිරීම ගැන ජනතාවත් එක්ක පිළිසඳරක යෙදෙනවා. ජනතාවත් සහභාගි කරගෙන ඉදිරියේදී ඒවා සකස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි තවම නිල ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කළේ නෑ. 2015 ජනවාරි 09 වෙනිදායින් පස්සේ ජාතික ආණ්ඩු සංකල්පයත් එක්ක එක්තරා විදිහකට මතුවෙලා, අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව තවදුරටත් රට තුළ උග්‍ර වෙච්ච දේශපාලන තත්ත්වය තමයි මේ පක්ෂය ආරම්භ කරන්නට මූලික හේතුව වෙන්නේ. එතනදි ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කියන තනතුරු සියල්ලම එකම දේශපාලන කඳවුරකට හිමි වුණා. ශ්‍රීලංකා, යූඑන්පී, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය පක්ෂ සියල්ලම මේ කඳවුරට ඇවිල්ලා, රජය හැටියට පෙනී හිටින්න පටන් ගත්තා. එතනදි ඊට බාහිරව ඉන්න කට්ටියව නියෝජනය කරන්න කිසිම දේශපාලන පක්ෂයක් තිබුණේ නෑ. ඒ කියන්නේ ජනවාරි 08 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් සහ මහින්ද රාජපක්ෂ කියන නායකත්වයට ඡන්දය දීපු අය නියෝජනය වෙන කිසිම දේශපාලන සංවිධානයක් ගොඩනැඟුනේ නෑ. ඒකත් එක්කයි මේ පක්ෂයේ අවශ්‍යතාව ඇති වුණේ. ඒ තුළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහිවුණේ ජනතාවගෙන්. ජනතා අවශ්‍යතාවන් උඩ ජනතාව සංවිධානය කළ පක්ෂයක්. ශ්‍රීලංකා නිදහස් පක්ෂය කියන ගොයම් ගහෙන් අපේ බීජය බිහිවුණාට මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම නෙවෙයි. ඊට වැඩිය ටිකක් ඉස්සරහට ගිය දේශපාලන පක්ෂයක්.
2015 ජනවාරි 9 වැනිදායින් පසුව ‘පනස්අට ලක්ෂය’ට නියෝජනයක් නැතිවුණා කියා ඔබ කිව්වත්, ඒ දේශපාලන කඳවුරේ සාමාජිකයන් පිරිසක් කැබිනට් ඇමැති තනතුරු පවා ලබාගෙන කටයුතු කරමින් සිටියා නේද?
ඒ නිසාම තමයි පනස් අට ලක්ෂයේ ජනතාවට නියෝජනයක් නැති වුණේ. එක පැත්තකින්, අනෙක් පැත්තෙන් මැතිවරණයට ඉල්ලූ පුද්ගලයා පක්ෂයේ සභාපති හැටියට පත් කරගත්තා. කොටසක් ජාතික ආණ්ඩුවට එකතු වුණා. ජාතික ආණ්ඩු සංකල්පය එක්ක විපක්ෂ නායකයත් ඒකට එකතු වුණා නේ. විපක්ෂයේ සංවිධායකයා හැටියට ජනතා විමුක්ති පෙරමුණත් එක්තරා විදිහකට ඒ රාජ්‍ය යන්ත්රණයේ හිටියානේ. ව්‍යවස්ථාදායකය තුළත්, විධායකය තුළත් සමහර තීන්දු තීරණ ගන්නා විට ඔවුන් එක පිලකට ගොණු වුණා. එතකොට ඉතිරි වුණු අනෙක් කට්ටිය වෙනුවෙන් තමයි අලුත් විපක්ෂයක අවශ්‍යතාව මතු වුණේ. ඒකට තමයි පොදු ජන පෙරමුණ බිහි කළේ.
ඔය කියන ආකාරයට පනස්අට ලක්ෂය නියෝජනය කළ අය අතරින් ඉතිරි වුණ වැඩි පිරිසක් විවිධ දූෂණ, විෂමාචාර සහ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබපු අය නේද? ඇතැම් අය නඩු දෙක තුනක විත්තිකාරයෝ නේද? එහෙම බැලුවම පොදු ජන පෙරමුණ කියන්නේ එවැනි පිරිසකගේ එකතුවක්ද?
එහෙම කියන්න පුළුවන්කමක් නැහැ. ඔය චෝදනා ගැන මම මේ වෙලාවේ කතා කරන්න යන්නේ නෑ. මොකද ඒවා අධිකරණය ඉදිරියේ තිබෙන කාරණා නිසා. ඒවා විග්රහ කරනවා නම් එක්තරා ආකාරයක දේශපාලන දඩයමක් විදිහටත් විග්රහ කරන්න පුළුවන්. ඒ නිසා අධිකරණය ඉදිරියේ තියන කාරණා ගැන කතා කරන එක සුදුසු නෑ. ඒත් ඔය කියන ඔක්කොම චෝදනාත් එක්ක තමයි අලුත් පක්ෂයක් හැටියට අපි ජනතාව ඉදිරියට ගියේ. එහෙම ගිහිල්ලා අවුරුදු හැත්තෑ දෙකක් පැරණි එක්සත් ජාතික පක්ෂය සහ අවුරුදු හැට අටක් පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අවුරුදු පනහ පැනපු ජනතා විමුක්ති පෙරමුණත් යන ඒ සියලු පක්ෂ තමන්ගේ දේශපාලන ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතයක් ලබන තැනකට පත්කළා. ප්‍රාදේශීය සභා මැතිවරණයේදි පොහොට්ටුව පනස් ලක්ෂයක් ඡන්ද ගත්තානේ. ජනතාවගේ ඡන්දයෙන් තේරිච්ච මහජන නියෝජිතයන් තුන්දහස් නවසීයකට වැඩියෙන් අපිට දන් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ දින්න එකම එක කොට්ඨාසය පානදුර දින්නෙත් අපේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙච්ච නිසා. ඒ කියන්නේ කවුරු මොන චෝදනා එල්ල කළත් ජනතාව අපි කෙරෙහි ලොකු විශ්වාසයක් තිබ්බා.
ලංකාවේ දේශපාලන පරිසරය ඇතුලේ ඡන්දදායකයන්ට හැම මැතිවරණයකදීම පාහේ සිදුවෙන්නේ විරෝධාකල්පයේ ප්රකාශනයක් විදිහට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න. පොදු ජන පෙරමුණට ලැබුණ මේ විශාල ඡන්ද ප්‍රමාණයත් පවතින ආණ්ඩුවට විරෝධය පළ කිරීමේ ප්රකාශනයක් මිස, පොදු ජන පෙරමුණේ විශේෂ ගුණයක් හේතුවෙන් ලැබුණ ඡන්ද නොවෙයි කියා සිතිය නොහැකිද?
එහෙමත් වෙන්න පුළුවන්. එහෙම නම් 2015 ජනවාරි 08 වැනිදා සිද්ධ වෙච්ච එකත් එහෙම තමයි. ඒක තමයි වඩාත් නිවැරදි. අනෙක මේක තමයි අවුරුදු ගානකට පස්සේ තමන්ගේ කොට්ඨාසයට නියෝජිතයෙක් හඳුනාගෙන ඡන්දය දෙන්නට ජනතාවට ලැබුණ අවස්ථාව. අනෙක් එක ආණ්ඩුවට විරෝධය පළ කරන්න නම් ජනතාවට පොදු ජන පෙරමුණ හැර තෝරාගන්න තව දේශපාලන පක්ෂ ගොඩක් තිබුණානේ. හැබැයි, ඒ වෙලාවේ ආණ්ඩුවේ එකට හිටපු පිරිස් ඡන්දෙදි දෙකට තුනට කැඩුණා. අපි විතරයි ආණ්ඩුවට විරුද්ධව නම් ඡන්දය දෙන්න තිබුණේ. එතනදි ඔවුන් මේක විරෝධය පළ කිරීමේ ඡන්දයක් බවට යොදාගත්තා වෙන්නත් ඇති. හැබැයි ඡන්ද කැඩිච්ච විදිහෙන් අපිට හොඳට පේනවා ජනවාරි 8 වැනිදා හංසයාට දීපු ඡන්ද ගොඩ තුනකට කැඩුණා. එදා මහින්ද මහත්තයාට දීපු ඡන්ද මේ පාර පොහොට්ටුවට ලැබුණා වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ.
පහුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මේ පක්ෂයට එක්වෙච්ච පිරිස පක්ෂයේ සාමාජිකත්වය ලැබුවාද නැත්ද කියන එක ගැන පසුව විවාදාත්මක තත්ත්වයක් මතු වුණා. එහිදී හැබෑවටම සිදුවූයේ මොකක්ද?
මෙහෙමයි. ඒක දේශපාලන රාමුව තුළ එකක්. නීතිමය තත්ත්වය තුළ වෙනත් එකක්. එදා ඒකාබද්ධ විපක්ෂයත් ඔය අර්බුදයටම මුහුණ දුන්නා. එක පැත්තකින් කථානායකතුමා බහුතරය පනස් හතරට වැඩිය දාසය ලොකුයි කියලා පිළිගත්තා. ඒකට හේතුව කිව්වේ මෙතන පක්ෂ දෙක තුනක් නෑ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු තමයි ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නේ කියලා. එතකොට නීතිමය රාමුව තුළ ඔවුන් සියල්ලක්ම ජාතික ආණ්ඩුවේ කොටස්කාරයෝ. හැබැයි ඔවුන්ගේ දේශපාලන මතවාදයයි දේශපාලන ක්‍රියාවලියයි තුළ ඔවුන් හිටියේ විපක්ෂයේ. ඒක පිළිගත්තා. හැබැයි කතා ගනිද්දිත් එක්සත් නිදහස් සන්ධානයට වෙන්කරන කාලය තමයි කථානායකතුමා ඒකාබද්ධ විපක්ෂයේ අයටත් බෙදලා දුන්නේ. වෙනම දුන්නේ නෑ. විපක්ෂ නායකකම දුන්නේ නැත්තෙත් ඒකනේ. එවැනි තත්ත්වයක්ම තමයි ඔය පිළිබඳවත් තියෙන්නේ. නීතිමය වශයෙන් ඔවුන් තවම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෝ. හැබැයි දේශපාලන වශයෙන් ඔවුන් ඉන්නේ වෙනත් කඳවුරක. අපිත් එක්ක.
මහින්ද රාජපක්ෂ ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් පිරිසක් පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නා උත්සවයක් මාධ්‍ය ඉදිරියේ පැවැත්වුවේ බොරුවටද?
නීතිමය රාමුව තුළ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් නැහැ. එදා මම එතන හිටියෙත් නැහැ. මම කියන්නේ ඒක නීතිමය වශයෙන් කතා කළොත් එකක්. දේශපාලන වශයෙන් කතා කළොත් වෙන එකක් කියන එකයි. මේ පක්ෂය ජනතාවට අයිති පක්ෂයක්. නායකයෝ ඉන්නේ පිට. හැබැයි මේකේ පරමාදර්ශී නායකයා හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, පක්ෂය පිහිටවපු දා ඉඳලා ඉන්නවා. ඔහු නිල වශයෙන් පක්ෂයේ සාමාජිකයෙක්ද, නැත්ද කියන එක දැනගන්න ජනතාවට අවශ්‍ය වුණේ නෑ. එතුමාගේ දැක්මක් අනුව පිහිටවපු පක්ෂයක් කියලා ජනතාව දන්නවා.
දෙසැම්බර් නව වැනිදා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙක් ජනාධිපති ලෙස දිවුරුම් දෙන කතාවක් ඔබ ප්‍රකාශ කර තිබුණා. කොහොමද එහෙම කියන්නේ කියා පැහැදිලි කිරීමක් කළ හැකිද?
මැතිවරණ නීතිය අනුව අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය තියන්න පුළුවන් අවසාන දිනය දෙසැම්බර් නවය. ඒත් සෙනසුරාදා දවසක තියනවා නම් තියන්න වෙන්නේ දෙසැම්බර් 07 වැනිදා. දෙසැම්බර් 07 ඡන්ද විමසීම කළොත් දෙසැම්බර් 08 ගණන් කරලා නව ජනාධිපතිවරයාට දිවුරුම් දෙන්න වෙන්නේ දෙසැම්බර් 09 වැනිදා. ඒ අනුව තමයි මම එහෙම කිව්වේ. 09 වැනිදා දිවුරුම් දීලා දහ වැනිදා ඉඳලාම රටේ අවශ්‍යතා වෙනුවෙන් වැඩ කරන්න අපි සූදානම්.
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද?
අපේ රටේ ක්‍රමයයි වෙනත් රටවල ක්‍රමයි දෙකක්. ඇමරිකාවේ නම් පක්ෂය තුළ අපේක්ෂකයා වීමට අවුරුද්දක කාලයක් යනවා. ප්‍රයිමරිස් කියලා එංගලන්තේ වගේ ටවුන් හෝල් මීටින්ස් තියලා, ප්‍රශ්න අහලා, පක්ෂයේම කට්ටිය විවාද කරලා, අපේක්ෂකයා විවාදවලට සහභාගි වෙලා, ඒ දෙගොල්ල අතර, අපේක්ෂකයෝ අතර, විවාද කරලා තමයි පක්ෂයේ නාම යෝජනාවට අවස්ථාවක් ලැබෙන්නේ. හැබැයි ලංකාවේ එහෙම නෑ. අවසානය දක්වා ඒක රහසක් විදිහට තබා ගැනීම පක්ෂවල පුරුද්දක් වෙලා තියනවා. සරත් ෆොන්සේකා මහත්තයා තරඟ වදින්නට මාසයකට ඉස්සෙල්ලා යුද හමුදාපතිවරයා වෙලා හිටියා. එයින් අස්වෙලා තරඟ වැදුණා. එතකන් කවුරුවත් ඒ අපේක්ෂකයා ගැන දන්නේ නෑ. ප්‍රේමදාස මහත්තයා නම් කළෙත් අවසන් මොහොතේ සම්මේලනයක් තියලා. ඒ වෙනකොට ලලිත් ඇතුලත්මුදලි එනවා… ගාමිණී දිසානායක එනවා… කියලා ලොකු රාවයන් තිබුණා. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා නම් කළෙත් “අනුර බණ්ඩාරනායක ද? මහින්ද රාජපක්ෂ ද?” කියලා ලොකු වාදයක් අවසන් මොහොත වෙනකම් ගිහින්. ඒ ලංකාවේ ක්‍රමය. ඒ නිසා ඒ අනුව සුදුස්සා එළියට ඒමත් සුදුසු කාලයක සිද්ධ විය යුතුයි කියන මතයේ පක්ෂ නායකත්වයේ හුඟ දෙනෙක් ඉන්නේ. තාම ඒ කාලය ඇවිල්ලා නෑ.
ඇමරිකානු පුරවැසියකුත් වන ඔබගේ මතයත් ඔය කියන පක්ෂ නායකයන්ගේ මතයමද?
ඒ මතය නෙවෙයි, මගේ තියෙන්නේ. ජනතාවට තමුන්ගේ නායකයා කවුද කියන එක තීරණය කරන්න කල් ඇතිවම අවස්ථාව, අයිතිය තියෙන්න ඕනේ. විධායක ජනාධිපති ක්‍රමය තුළ ඉස්සෙල්ලාම තෝරාගන්නේ පුද්ගලයෙක්. එහෙම වෙලාවට හදිසියේ පුද්ගලයෙක් ඉදිරිපත්වීමෙන් ජනතාව නොමඟ යන්න පුළුවන්. පහුගිය සැරේ වුණේ ඒකනේ. ඒ නිසා මම සන්තෝෂ වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමුන් ඉදිරිපත් වෙන්න සූදානම් කියන එක කලින්ම ජනතාවට දැනුම් දීපු එක ගැන. එතකොට එතුමාටත් ජනතාවගේ අදහස් ගන්න පුළුවන්. ජනතාවටත් ඔහු ගැන සලකා බලන්න පුළුවන්.
පොදු ජන පෙරමුණට ජනාධිපතිවරණ ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තු තියාගන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක කිසියම් හෝ එකඟතාවක් ඇති කරගැනීමට සිදුවෙනවා නේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන බවට මේ වෙනකොටත් තීරණය කර තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. පොදු ජන පෙරමුණ යෝජනා කරන්නේ ගෝඨාභය නම් එහිදී යම් අවුල් සහගත බවක් මතුවෙනවා නේද?
මාධ්‍ය මගින් ඉදිරිපත් කරන දේවල් අනුව ජනතාවත් සමහර විට ව්‍යාකූල වෙනවා වෙන්න පුළුවන්. අපේ පක්ෂය තුළ නම් එහෙම කිසිම අවුල් සහගත බවක් නෑ. අපි පැහැදිලිව දන්නවා මේකට සුදුස්සා කවුද කියලා. ඒ ගැන අපි බොහොම පැහැදිලි තැනක ඉන්නවා. අපේ ප්‍රතිපත්ති අනුගමනය කරන, ඒවා ක්‍රියාත්මක කරන්න සුදුසු ජනාධිපතිවරයෙක්, පාර්ලිමේන්තුවක්, පළාත් සභාවක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒත් එක එක පක්ෂවලට තම තමන්ගේ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට තියන අයිතියත් අපි පිළිගන්නවා. සමහර විට පසුව ඒවා සාකච්ඡා කරලා එක්කහු වෙනවා විය හැකි වුවත්, තමන්ගේ අපේක්ෂකයාව ඉදිරිපත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් පුළුවන්. සාහිත්‍ය සම්මාන දෙනකොටත්, නාට්‍යවලට සම්මාන දෙනකොටත්, හැම පොතක්ම, හැම නාට්‍යයක්ම තරඟයට යෝජනා කරන්න පුළුවන්. අන්තිමට තෝරලා එකකට තමයි සම්මානය ලැබෙන්නේ. ඒක ඉතිං බොහොම කල්පනාවෙන් ගත යුතු තීන්දුවක්. අපි මීට කලින් ගත්ත තීන්දු තීරණ පදනම් කරගෙන තීරණයක් ගැනීම අමාරු දෙයක් නෙවෙයි. ඒක අපි ඉස්සරහට තියාගමු. දැන්ම අවශ්‍ය වෙන එකක් නෑ ඒ ගැන පැහැදිලිව යමක් කියන්න.
ඔබලාගේ දේශපාලන කඳවුරේ පදනම සිංහල බෞද්ධ ඡන්ද පදනම නේද? එහෙම තියාගෙන කොහෛාමද සමානාත්මතාව ගැන කතා කරන්නේ ?
අපේ පක්ෂයේ නම් එහෙම එකක් නෑ. අපිත් එක්ක ඉන්න අනෙක් පක්ෂවලත් එහෙම එකක් නෑ. ඒත් අපි සාධාරණව පිළිගන්න ඕනේ මේ රටේ පදනම සිංහල බෞද්ධ පදනම කියලා. අපේ පක්ෂය හැම වෙලාවෙම වැඩි දෙනා වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් නෙවෙයි, හැම දෙනා වෙනුවෙන්ම පෙනී සිටින පක්ෂයක්. අධ්‍යාපනය පැත්තෙන් බැලුවොත් වැඩි දෙනකුට හොඳ අධ්‍යාපනයක් දෙන්න නෙවෙයි හැම දෙනාටම හොඳ අධ්‍යාපනයක් දෙන්නයි අපි වැඩ කරන්නේ. විදුලිය දෙනකොට වැඩි දෙනකුට විදුලිය දීම නෙවෙයි අපේ පරමාර්ථය හැම දෙනාටම විදුලිය දිම. ඒ වගේම බහුතරය නොවෙයි සියලු දෙනාගේම කැමැත්ත ඇතිව හැම දෙනාම සතුටු කරන සමාජයක් බිහි කරන්නයි අපි කටයුතු කරන්නේ.
එවැනි කාරණාවලදි නොවෙයි ඔය ගැටලුව මතුවෙන්නේ. ආගමික සහ බලය බෙදීම ආදී දේශපාලන කාරණා ආදියේදියි. බුද්ධාගමට මුල් තැන දෙනවා කිව්වොත් අනෙක් ආගම්වලට වෙනස් තැනක් හිමිවන බවත්, අසමාන සැළකීමක් සිදුවන බවත් එයින් පෙනෙනවා එතකොට ඔබ අර කලින් සඳහන් කළ සමානාත්මතාවය කියන කාරණය ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැති වෙනවා නේද?
එහෙම වෙන්න හේතුවක් නෑ. දැන් ඇමරිකාවේ ජනාධිපතිතුමා දිවුරුම් දෙන්නේ බයිබලේ අතගහලා. ඒකෙන් කියන්නේ නෑ අනෙක් ආගම් පස්සට යනවා කියලා. ඕක අපේ රටේ කළොත් එහෙම, ජාතක පොතේ හරි ධම්ම පදයේ හරි අත තියලා දිවුරුම් දෙන්න ගියොත් ඕක වැරදි විදිහට විග්රහ කරන්න පුළුවන්. එංගලන්තයේ රාජ්‍ය ආගම හැටියට තියෙන්නේ එංගලන්ත සභාව, රැජිනගේ ආගම. එකෙන් මම හිතන්නේ නෑ අනෙක් ඒවාට අසාධාරණයක් කරන්න ඉඩ කඩක් තියනවා කියලා. මේවා තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ කාරණා. සුඩානය වගේ මෑතක පවා ගෝත්රිකවාදී සටන් තිබුණු රටවල් පවා අද ඉදිරියට ඇවිත් තියනවා ඒවායින් අපි ඉගෙන ගන්න ඕනේ. ඇමරිකාවේ රජයේ පමණක් නොවෙයි පුද්ගලික අංශයේ රක්ෂාවකට දාන ඉල්ලුම් පත්‍රයේවත් අයදුම්කරු ගැහැනුද පිරිමිද කියලාවත් අහන්න බෑ. ජාතිය හෝ ආගම ගැන ඉල්ලුම් පත්‍රයේ කැමැති නම් ලියන්න පුළුවන්. නැත්නම් නොලියා ඉන්න පුළුවන්. අපේ ආණ්ඩුව තුළ අපි සිවිල් සමාජය පුරවැසි අයිතිවාසිකම් වගේ දේවල් ගැනත් විශේෂ අවධානයක් යොමු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාම පහළ මට්ටම දක්වා පුරවැසි සහභාගිත්වය ලබාදෙන රාජ්‍ය පරිපාලන ක්‍රමයක් ඇති කරන්න. 2005 මහින්ද චින්තනයෙත් කිව්වා ජනතාවට බලය බෙදනවා කියලා. ඒ නිසා මම ඉල්ලන්නේ අපේ පක්ෂය දිහා පාට කණ්ණාඩිවලින් බලන්නේ නැතිව, නැවුම්ව බලලා, නව ඇරඹුමක් රටේ ඇති කරන්න හැම දෙනාම සම්බන්ධ වෙන්න කියලා.
ආන්ඩුව බලන්නේ පාර්ලිමේන්තු මැතිවරණයත් කල්දාන්න..
අද දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති , මහාචාර්ය ජි. එල් පීරිස් මහතා
අභීයාචනාධිකරණය ඉදිරියේ අපේ හිටපු මහඇමැතිවරුන් දෙදෙනෙක් පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් නඩු පවරලා තියෙනවා. මේ නඩුව ජනතාවගේ සර්ව ජන ඡුන්ද බලයට සම්බන්ධයි. මේ වෙද්දි මැතිවරණ කල් දාලා අවුරුදු එකහමාරක් වෙනවා. අප්‍රියෙල් වෙද්දි පළාත් සභා 8ක් අක්‍රීය වෙනවා වුනත් රජය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නැහැ. පළාත් සභාවට වැදගත් විෂයන් 36ක් පැවරිලා තියෙනවා. රෝහල් , පාසල්, මාර්ග නඩත්තුව, ආදි සියලූම දේ නතර වෙලා. ජනතා ඡුන්දයෙන් පත්වුනු පළාත් සභා මන්ත්‍රීවරුන්ට අද මහජන කටයුතුවල නිරත වෙන්න බැහැ. සියලූල නිලධාරීන් විසින් කිරිම නිසා ජනතාවට අගතියක් වෙලා.
තමන්ට දිනන් බැරි බව දන්න නිසා මැතිවරණ නොපැත්වීම තමයි මේ තරුපහේ ප්රජාතන්ත්රවාදය. පාර්ලිමේන්තුවට, පළාත් සභා මැතිවරණවලදී කාන්තා නියෝජනය පිළිබද පනතක් ඉදිරිපත් කළා. කමිටු අදියරේදි පිටු 33කින් , සංශෝධන 35ක් ඉදිරිපත් කරලා පනත සම්පූර්ණයෙන් වෙනස් කළා. පනතේ අරමුණ පදනම ස්වරූපය සම්පූර්ණයෙන් වෙනස් වුනා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු පනත නෙවෙයි අවසානයේ සම්මත වුනේ. ඉදිරිපත් කරපු පනතයි සම්මත වුනු පනතයි අතර අහසයි පොළොවයි වගේ වෙනස්. පැවැති ඡුන්ද ක්‍රමය අහෝසිකළා. නමුත් ඡුන්ද පවත්වන ක්‍රමවේදයක් නැහැ. චේතනාන්විතව පළාත් සභා මැතිවරනය නොපවත්වන්න කටයුතු කළා. නිතිපතිතුමා පනත සම්මත කරගන්න තුනෙන් දෙකේ බහුතරය අවශ්‍ය බව කිව්වා. ඡුන්දය ගන්න තිබුනේ 5.30ට. කතානායකතුමා පැය හතරක් ඒක ප්රමාදකළා. කතියින්ටකැමැති තරම් කතා කරන්න වේලාව දුන්නා. අවසානයේ තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත කර ගත්තේ හෙළිකොප්ටර් යවලා මන්ත්‍රීවරු ගෙන්වාගෙනයි. සිමා නීර්ණය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඇමැතිවරයා තමන්ගේ යෝජනාවටම විරුද්ධව ඡුන්දය දුන්නා. මෙවැනි ක්‍රියාදාමයක් රජය අනුගමනය කලේ කුමන හෝ උප්පරවැට්ටයක් හරහා ඡුන්දය නොපවත්වා ඉන්නයි.
මැතිවරණය කල් දාද්දි අපි ශේෂ්ඨාදිකරණයට ගියා. අධිකරණයේ තීන්දුව වුනේ දවසකින්වත් මැතිවරණය කල් දමන්න බැරි බවයි. රජය උසාවියේ නියෝජගය වක්‍රව ප්‍රතික්ෂේප කරන්න වැඩ පිලිවෙලක් යෙදුවා. 2017 අංක 17 දරණ පනත තමයි ඒ උපක්‍රමය. එයින් පැවැති ඡුන්ද ක්‍රමය අහෝසි කරලා නව ඡුන්ද ක්‍රමයක් ඇති කරන්න සීමා නීර්ණය කමිටුවක් පත්කළා. ඒ පනතේ වගන්ති අනුව කමිටුව ඉදිරිපත් කරලා මාසයක් ඇතුළත විවාද කරලා තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කළ යුතුයි. 2018 පෙබරවාරි අවසන් සතියේ ඇමැතිවරයා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා. ඒ කියන්නේ මාර්තු අවසනායේ පනත සම්මත වුය යුතුයි. නමුත් කතානායකවරයා විවාදයට වෙන් කරලා තිබුණු දින දෙකම මග ඇරලා මාස හතරකට පස්සේ, අගෝස්තු මාසයේදී විවාදයට ගත්තා. රජය තමන්ගේම යෝජනාව පරාජය කළා. පාර්ලිමේන්තුවේ සම්මත වුනේ නැත්නම් පස් දෙනෙක්ගෙන් සමන්විත සමාලෝචන කමිටුවක් කතානායකවරයා විසින්පත්කළ යුතුයි. ඒ කමිටුවවේ සභාපතිවරයා අගමැතිවරයායි. ඒ කමිටුව මාස දෙකක් ඇතුළත වාර්තාව හදලා ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුයි. එතකොටයි නව ක්‍රමය ස්ථාපිත වෙන්නේ. දැන් මාස හතරක් ගෙවිලා. තවමත් වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කරලා නැහැ. මේ අතරේ මැයි 31 ට පෙර පළාත් සභා මැතිවරන්‍ය පැවැත්විය යුතු බවට කැබිනට් පත්‍රිකාවක් ජනාධිපතිවරයා ඉදිරිපත් කළා. එදා අගමැතිවරයා සතියක කාලයක් ඉල්ලූවා. සතිය සතිදෙක තුන වුනා. දැන් අගමැති කියනවා මෙය කතානායකවරයාට යොමු කළ බව. එය හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්. මේක කොහෙත්ම කරන්නේ නැහැ. රජයේ ඇමැතිවරැුන් අපි ඡුන්දය තියන්නේ නැති බව කියනවා. ඒ අතරේ පළාත් සභාවල අනාගතය ගැඹුරින් සිතා බලන්න ආචාර්ය සරත් අමුණුගම, රාජිත සේනාරත්න, ඩිලාන් පෙරේරා, සුමන්දිරන් මන්ත්‍රිවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරලා. මේක සම්පූර්ණයෙන්ම ප්‍රෝඩාවක්.
පළාත් සභා සම්බන්ධයෙන් මේ කරපු දෙයම කරලා පාර්ලිමේන්තු මැතිවරණයත් කල් දාන්න ඉඩ තියෙනවා. පවතින මනාප ඡුන්ද ඡුන්ද ක්රමයේ දැඩි දෝෂ තියෙන බව කියමින් දැඩි විවේචනයට ලක්කරනවා. ඒ වෙනුවට වෙනත් ඡුන්ද ක්‍රමයක් ස්ථාපිත කරනවා කියලා නව ක්‍රමය සැකසීම චේතනාන්විතව මග අරිනවා. ඉස්සෙල්ලා ක්‍රමය වලංගු නැහැ. නව ක්‍රමයකුත් නැහැ. ඒ නිසා මැතිවර නය පවත්වන්න බැහැ. පළාත් සභා ක්‍රමයට මේක වලංගු වෙනවා නම් පාර්ලිමේන්තු මැතිවරනයත් මේ ක්‍රමය මගින් නොපවත්වා හිටිය හැකියි. එජාපය සෝදාපාලූවට යන බව දන්න නිසා මැතිවරණ තියන්නේ නැහැ. රජයෙන් සහායක් නැති නිසයි අපි උසාවියේ සහාය පැතුවේ. ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම අධිකරණයේ යුතුකමක්. ඒ නිසා එස්. එම් රන්ජිත් හා මහිපාල හේරත් මහ ඇමැතිවරු අධිකරණයට ගියේ. උසාවිය මැදිහත් වෙලා වහාම මැතිවරණ පවත්වන ලෙස මැතිවරණ කොමිෂමට නියෝගයක් දෙන්න කියලා අපේ හිටපු මහ ඇමැතිවරු මේ වෙද්දි ඉල්ලීම් කරලා තියෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා
යහපාලන ආන්ඩුවේ නව අයවැය ගැන දැන් ජනතා අදහස් ඉදිරිපත් වෙමින් තිබෙනවා. මිනිස්සුන්ට ලැබෙන සහන ගැන මිනිස්සු බලාගෙන හිටියා. අපිට ඉතිහාසය අමතක කරලා වැඩ කරන්න බැහැ. 2015 දි බලයට පත් වෙන්න ජනතාව මුලා කරමින් පොඩි කාර්එකක්වත් ගන්න ආන්ඩුව වෙනස් කරන්න කියලා දැන්වීමක් රූපවාහිනියේ පළ කලා. තෙමිලා ආපු කාන්තාව පුංචි කාර් එකක් ගන්න කියලා මේ ආන්ඩුව බලයට පත් කරගත්තා. මේ වෙද්දි මිනිස්සුන්ගේ වාහනයක් ගන්න තිබුණ බලාපොරොත්තුවට මොකද වුනේ. මේ අයවැයෙන් සුඛෝපභෝගී වාහන නම් කරනවා. දැන් සුඛෝපභෝගී නොවන වාහන ගණයට අයත් වෙන්නේ වැගන් ආර්, ඇල්ටෝ , මරූටි විතරයි. මේ වෙද්දි ලංකාවේ වාහන මිල ගණන් බලන්න. මහින්ද රාජපක්ෂ මහතාගේ ගේ කාලයේ ත්රිවිලරයක් තිබුණ කෙනා වැන් එකක් ගත්තා. මේ ඇඞ් බලලා යහපාලනය ගෙන්න ඡුන්දේ දිපු අය අද ජිප් එක විකුණලා අයෙත් තිුවිලර් එකක් ගන්නවා. එදා හොන්ඩා සිවික් රථයක් ලක්ෂ 35ත් 40ත් අතර වුනා. මේ අයවැයෙන් ඛේමාගේ කොලූවා සුබෝපභෝගි කියලා ලක්ෂ 12ක බද්දකුත්, නිෂ්පාදන කියලා ලක්ෂ 2ක බද්දකුත් ගහලා දැන් වාහනයේ මිල ලක්ෂ 75ත් 80ත් අතර වෙලා. මේ වාහනය ජපානයේ මිල ලක්ෂ 22ක් 23. ඉතිරි සියල්ල බදු. ආන්ඩුවට බදු ගෙවලයි මනුස්සයෙක් වාහනයක් එළවන්නේ. හොන්ඩා සී ආර්.වි එකට සුභෝපභෝගි බද්ද ලක්ෂ 23යි, නිෂ්පාදන බද්ද ලක්ෂ හයයි හැත්තෑපහයි ගහලා එදා ලක්ෂ 85ට තිබුණ වාහනය අද ලක්ෂ 140යි. මේ වගේ කිසිම කෙනෙකුට වාහනයක් ගන්න බැරි තත්ත්වයක්. තියෙන වාහනයක් විකුණගන්නත් බැහැ. දුම්පරීක්ෂාව කරන්න, ඉන්සුවරන්ස් එක, ඊට පස්සේ කාබන් බද්දටත් ගෙවන්න තියෙනවා. වාහනයක් ගන්නවා නම් ඒ එක්ක ලණුවකුත් ගන්න වෙනවා. අන්තිමට බෙල්ලේ වැල දාගන්න. අපි තාම හොයනවා පුංචි කාර් නංගිව.
මහින්ද රජාපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ පරිසර හිතකාමී හොන්ඩා ලීප් රථයට දෙලක්ෂ හාරදහසක් බදු ගහලා ලක්ෂ 22ට වගේ විකුණුවා. රවි කරුණානායක ආපු ගමන් ඒ වාහනේට ලක්ෂ 27ක බද්දක් ගැහුවා. පහුගිය අයවැය හරිත අයවැයක්. ඒකෙදි කිව්ව ා2025 වෙද්දි රජයට ඉන්ධනවලින් දුවන වාහනයක් ගේන්නේ නැහැ කිව්වා. පරිසර හිතකාමී වාහන ගේනවා කියලා ලක්ෂ 35 පැනපු ගමන් සුඛෝපභෝගී බද්දට යටත් වෙනවා. වාහන ලංකාවට ආනයනය කරන දේශීය ව්‍යාපාරිකයෝ ගෙන්න ගත්තා වහන විකුණගන්න බැරිව ඉන්නේ. අය වැය සංශෝධනය නොකලොත් මේ අය තමන්ගේ වාහන ටික ගෙනත් ගාලූ පාරේ නතර කරලා යතුරු අරන් යනවාලූ.
හෝම් ස්විට් හෝම් ණයෙන් දෑවැද්ද කෝටියක් දෙනවා. රුපියල් කෝටිය වසර 25ක් ගෙවන්න තියෙනවා. වසර පහයි සහන දෙන්නේ. අලූතෙන් බදින අය මේණය ගත්තොත් රු. 70677.92ක් වාරිකය ගෙවන්න තියෙනවා. මගුල තියෙයිද. මෙහෙම වාරිකයක් ගෙවද්දි කන්නේ බොන්නේ නැත්ද. මේක ගෙවන්න ලක්ෂ දෙකක් වත් පඩි ගන්න වෙනවා. වාර්ෂිකව ලංකාවේ විවාහ එක්ලක්ෂ හැත්තෑ පන්දහසක් විතර වෙනවා. කෝටිය ගානේ මේ සදහා අයවැය පොතේ වෙන් කරලා තියෙන්නේ කොහොද කියලා අපි ඛේමාගේ කොලූවාගෙන් අහනවා. කෝටියේ ණය ගන්න නිසා විවාහ වෙන ප්‍රමාණය වැඩි වෙනවා.
අපේ රටට විදේශ විනිමය ගේන ගෘහ සේවිකාවන්ට හා අනෙකුත් අයට සිහින මාලිගාවක් හදාදේනන සූදානම් වෙනවා. දැන් ගෘහ සේවිකාවගේ පඩිය උපරිම රු. 50000ක්. ණය ගත්තොත් වාරිකය විතරක් රු. 72280ක් වෙනවා. මේවා ගැන ප්‍රායෝගික හිතන්න වෙනවා. බැංකුවට කියපු ගමන් බැංකුව ණය දෙනවාද. බැංකුව බැංකුවේ ක්‍රමවේදයෙන් පිටයන්නේ නැහැ. මේක මිනිස්සුන්ව නොමග යැවීමක්. විදේශ රටවල සේවය කරන අය ගෙදරට එන මුදල් මාස තුනක් නතර කලොත් ආන්ඩුව එක තැන නතර වෙනවා.
මේ අයවැය පුරාම තියෙන්නේ ලස්සන වචන. හෝම් ස්විට් හෝම්, රිය ශක්ති රන් අස්වැන්න, මිනි ටැක්සි, දිරි සවිය, සොදුරු පියස, ගොවි නවෝදා, සිටි රයිඞ්, මාධ්‍ය අරුණ. මේවා වචන හරඹයක් විතරයි. ජනතාව මුලා කරන අයවැයක්. මේ විදියට ජනතාව මුලා කරද්දි ජනතාව බලන් ඉන්නේ ඡුන්දයක් තියනකල්. රාජ්‍ය සේවකයින්ට ජුලි මාසේ 1 වැනිදා ඉදන් රු. 2500ක් පඩියට එකතු කරනවා. බදු ගහන්නේ මාර්තු 5 වෙනිදා ඉදන්. මහින්ද මහත්තයා ගත්ත ණය පෙන්න තියෙනවා. අධීවේගී මාර්ග, පාරවල්, ස්කෝල විදුලි බලාගාර, වරාය, ගුවන් තොටුපල පේන්න තියෙනවා. රාජ්‍ය සේවකයා අධිවේගි මාර්ගයෙන් නගිද්දි රු100ක් ගෙවන්න ඔ්නේ. දවසට 200 ගානේ දවස් 30ට කීයද. උඩ සාක්කුවට 2500ක්දාලා යට සාක්කුවෙන් 6000ක් ගන්නවා. රාජ්‍ය සේවකයා ණයට බඩු ගන්නේ. රාජ්‍ය සේවකයාගේ පඩිය දවස් 12න් ඉවරයි. මංගල සමරවීරගේ කිරි යෝජනාව 2017දිත් තිබුනා. දැන් කිරි විදුරැුව දෙන්නේ දරුවාගේ පෝෂණ තත්ත්වය නංගවන්න නෙවේ. කිරි සමාගම් පෝෂණය කරන්න. දරුවා මන්ද පෝෂණයටගොදුරු වුනත් මේ ආන්ඩුවට ප්‍රශ්නයක් නැහැ. කිරි පිටි වලින් රෝග 24ක් වැලදෙනවා කියලා අමාත්‍යංශය කියද්දි ඒ ආන්ඩුව දරුවන්ට කිරි වීදුරුවක් දෙන්න හදනවා.
අපි ආන්ඩුවේ අයවැයට විරුද්ධව අපේ ඡුන්දය භාවිතා කරනවා. විරුද්ධයි කියනවා. අලියා ලකුණින් නැතිව වෙනත් ලකුණකින් පාර්ලිමේන්තු ආපු නැත්නම් පිනට ආපු කෙනෙක් අයවැයට අත එසවූවොත් ආයේ පාර්ලිමේන්තුව පැත්ත පළාතේ එවන්න එපා. මේ දවස්වල ආන්ඩුව සත්ත්න්ට මිල නියම කරනවා වගේ මන්ත්‍රීවරුන්ට මිල නියම කරනවා. ගෙදර හිටියොත් මෙච්චරයි. මගදි බඬේ අමාරුවක් හැදිලා ගියොත් මෙච්චරයි වගේ ක්‍රමවේද පාවිච්චි කරනවා. දෙමල ජාතික සන්ධානයටත් මේ තරම් ගාණක් දෙනවා ඡුන්දය දුන්නොත් කියනවා. ඒකත් ඡුන්දෙදි බලාගන්න පුලූවන්. 13 වැනිදා ජනාධිපතිගේ වැය ශීර්ෂය පරාජය කරන්න එජාපයේ පසුපෙල කට්ටිය බලාගෙන ඉන්නවා. අපි කියනවා පුලූවන් නම් පරාජය කරලා පෙන්වන්න කියලා. වික්‍රමසිංහ මහත්තයා සාමන්‍යයෙන් අනින ටොක්ක වෙනුවට පොල් ටොකු දෙකක් අනලා පැත්තකට වෙලා ඉන්න කිව්වාම අත ඔසවලා ඇවිත් ඊළග දවසේ කියනවා වැරදීමක් වුනා කියයි. අපි අයවැය පරාජය කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරන්න නෙවෙයි. ඡුන්දයකට යන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා ආයෙත් අගමැති කරන්නේ ඡුන්දයකින් විතරයි.
ප්‍රශ්න – පළමුවැනි වර පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරු 54ක් ඉන්නවා. අයවැය පැරදුනොත් ඔවුන්ට විශ්‍රාම වැටුප අහිමි වෙනවා නේද
රෝහිත අබේගුණවර්ධන – විශ්‍රාම වැටුප බලාපොරොත්තුවෙන් පාර්ලිමේන්තු ආප අය ඉන්නවාද බලන්න. විශ්‍රම වැටුප නෙවේ. මන්ත්‍රීකමක් ඇමැතිකමක් කරගන්න හරි වෙනත් වරප්‍රසාදවලට හරි රතු පලස මගින් ඇවිදින අය ඉන්නවා. ජනාධිපතික්රමය අහෝසි කරනවාට මම අකැමැති එතැනදියි. බැදුම්කරය වගේ මංකොල්ලයක් කරපු කෙනෙක්ට 125ක් සල්ලි වලට ගත්තා නම් ජනාධිපතිවෙන්න හැකි වෙනවා. මන්ත්‍රීවරයෙක්ගේ වගකීම විශ්‍රම වැටුප ගැන හිතන එක නෙවෙයි. සමස්ත රටේම මිනිසුන්ගේ විශ්‍රම වැටුප ගැන හිතන එකයි. ජනතාවත් එක්ක හිටියොත් ඊළග පාර ආයෙත් දිනවනවා. ඊට පස්සේ විශ්‍රාම වැටුප හදා ගන්න පුලූවන්.
මාධ්‍ය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා කිව්වා දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්. පක්ෂය කඩා ගෙන ගිහින් එස්. එල්. පී.පි කියලා එකක් හදාගත්ත අය හිතන් ඉන්නවා එවුන් තමයි විශ්ම කර්ම කියලා.
රෝහිත අබේගුණවර්ධන – එතුමා වාසිය සදහා නායකයෝ මාරුකරන බව රටම දන්නවා. වසර 10ක් ජි. එල් පිරිස් මහතාගේ ලේකම් වෙලා හිටියා. ශ්‍රීලනිප තරුණ සංගමයේ තනතුර නැති වුනා කියලා එජාපයට ගියා. වයඹ මහ ඇමැතිකම වෙනුවෙන් නැවතත් මේ පැත්තට ආවා. මහින්ද මහත්තයාට විපක්ෂ නායකකම තියෙන්නේ මේ අය නිසා කියනවා නම් ඒක ජනතාව බලාගනියි. එතුමා ජනතා ආශිර්වාදයෙන් ඉන්න නායකයෙක්. මෛත්‍රිපාල සිරිසේන මහතා එජාපයේ දීඝයෙන් ඉවත්වුනා. මේ නැවතත් එතුමාව ගැලවුනු කදවුරට හේත්තු කරන්න උත්සාහ කිරිමයි. අපි ශක්තිමත් පක්ෂයක්. අපි පළාත් පාලන ආයතනවලින් සියයට 71ක් දිනපු පක්ෂයක්. රජවාසලෙත් හිටියා නේ වන්දි භට්ටයෝ.
මාධ්‍ය – එජාපය කියනවා ඔවුන්ගේ පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා තෝරා ගෙන අවසන් බව. ඔබේ පක්ෂයේ අර්බුදය නිසයි තවමත් අපේක්ෂකයෙක් නැත්තේ කියනවා. මොකක්ද ඇත්ත.
රෝහිත අබේගුණවර්ධන – පළමුවෙන්ම කියන්න අවශ්‍යයි අපේ පක්ෂයේ අර්බුදයක් නැහැ. ලංකාවේ සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙන එකම පක්ෂයයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. අනික් කාරණය එජාපයේ අපේක්ෂකයා ගැන එකගතාවයක් නැහැ. රනිල් වික්‍රමසිහ, කරු ජයසුරිය සජිත් ප්‍රෙමදාස, පාඨලී චම්පිත පක්ෂයේ අපේක්ෂකයා කියන අතරේ වෙනම බඩුවක් ආනයනය කරනවා කියන අයත් ඉන්නවා. අපි දන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට අපි මුලින්ම ජන මතයට ඇහුම්කන් දෙන්න වෙනවා.
2005 දි චන්ද්‍රිකා බන්ඩාරනායක මහත්මියගේ ඔලූවේ තිබුනේ අනුර බන්ඩාරනායකට අගමැති අපේක්ෂකකම දෙන්න. නැත්නම් කදිරගාමර්, එහෙමත් නැත්නම් රත්නසිරි විතක්රමනායක මහතා. නමුත් රටේ ජනතාව ඉල්ලූවේ මහින්ද රාජපක්ෂ. වෙන කෙනෙක් දැම්මානම් වික්‍රමසිංහ මහත්තයා මේ වෙද්දි රට බෙදලා ඉවරයි. රටේ ජනතාව ඉල්ලන කෙනෙක් ඉන්නවා. රෝහිතඅ බේගුණවර්ධන දැනටමත් ඒ වෙනුවෙන් වැඩ. නම කියන්නේ අපි නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයායි මේ මම වෙනුවෙන් ඉදිරිපත් කරන කෙනා කියලා රටට කියන්නේ. අන්න ඒ අපේක්ෂකයා දිනවන්න අපි වැඩ.
මාධ්‍ය – ඒනම ඇතුලේ රාජපක්ෂවරයෙක් නැති බව කියැවෙනවා.
රෝහිත අබේගුණවර්ධන – 2015 කිව්වේ රාජපක්ෂලා ඔක්කොම හිරේ කියාලනේ. එාහම ලේසියෙන් රාජපක්ෂවරු වට්ටන්න බැහැ. රාජපක්ෂලා කියන්නේ මේ රට ආරක්ෂා කරපු පරපුරක්. වැඩකරපු අය. මහින්ද රාජපක්ෂ රටට ආදරය කරපු නායකයෙක්.ගෝඨාභය රාජපක්ෂ යුද්ධය නැති කරන්න නායකත්වය දුන්න නායකයා. බැසිල් රාජපක්ෂ ආර්ථික අතින් මේ රට නංවපු නායකයෙක්. පක්ෂයක් හදපු නායකයෙක් . චමල් රාජපක්ෂ කියන්නේ වැඩ කරපු නායකයෙක්. පුලූවන්නම් මේ දේ අනිත් අයගෙන් අහලා මැතිවරණය ඉල්මන් කරන්න.
මාධ්‍ය – දකුණු පලාත් සභා මන්ත්‍රීවරයෙක්ට චෝදනාවක් එල් වෙලා තියෙනවා.
රෝහිත අබේගුණවර්ධන – ඔහුට චෝදනාවක් විතරයි එල්ල වෙලා තියෙන්නේ. ඔප්පු වුනොත් අපේ පක්ෂයේ විනය මණ්ඩලය ඔහු සම්බන්ධයෙන් පියවරක් ගනියි.
මොණරාගල පොදුජන කාන්තා බල මණ්ඩලය
මොණරාගල පොදුජන පෙරමුණ කාන්තා බල මණ්ඩලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීමට අනුව හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු ශිෂින්ද්ර රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීමෙන් පාර්ලිමේන්තු මන්ත්රීනී පවිත්‍ර දේවී වන්නිආරච්චි මැතිනියගේ කාන්තා නායකත්වයේන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විජිත බේරුගොඩ, ගරු පද්ම උදයශාන්ත යන මන්ත්‍රීතුමන්ලා හා ඌව පළාත් සභාවේ සභානායක දයාරත්න බණ්ඩාර මහතා, හිටපු ඌව පළාත් අමාත්‍ය කුමාරසිරි රත්නායක මහතා ඇතුළු දේශපාලන ආරාධිතයින් රැසකගේ හා රටට ආදරය කරන මොණරාගල කාන්තාවන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් 2019-03-10 වනදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි.

