පොහොට්ටුවෙන් මාධ්‍ය මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිල පුවත් අඩවිය www.slpp.news සහ මාධ්‍ය මධ්‍යස්ථානය පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සුරතින් අද (05) උදේ විවෘත විය
පක්ෂ කාර්යාල පරිශ්‍රයේ පිහිටවූ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පක්ෂයේ සභාපති මහාචාර්ය ජි එල් පිරිස් මහතා පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා ලක්ෂ්මන් යාපා අබේවර්ධන ගාමිණී ලොකුගේ එච් එම් චන්ද්‍රසේන මන්ත්‍රීවරුද එක් වුහ

 

ප්‍රජාතන්ත්‍රවාදය හා මහ මැතිවරණය

මාධ්‍ය නිවේදනය

ඳහන් වුණේ 19 වෙනි සංශෝධනයට පෙර තිබුණු 70(1) වගන්තියෙයි. ඒ වගන්තිය අහෝසි කරලා නම් තියෙන්නෙ, අද ආණ්ඩුවක් රාජාසන කතාව පැරදුනත්, අයවැයක් පැරදුනත්, විශ්වාසභංග යෝජනාවක් සම්මත වුනත්, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න මොනම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක්වත් නෑ.

ඒ වගේ සීමා කිරීමක් ඇති කරන එක පාර්ලිමේන්තු සම්ප්‍රදායට සම්පූර්ණයෙන්ම විරුද්දයි. ලෝකයේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම සහිත හුඟක් රටවල ඉන්නෙ නාමමාත්‍ර රාජ්‍ය නායකයොයි. ඒ වගේ රටවල පවා, සම්ප්‍රදායක් තියෙනවා රාජ්‍ය නායකයාට තම අභිමතය හා තක්සේරුව පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුලුවන් කියලා. බ්‍රිතාන්‍යයේ ඒ.වී. ඩයිසි කියන නීති විශාරදයා කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට වඩා ජනතාවගේ මතය වෙනස් කියලා හැගෙනවනම්, රජතුමාට තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන් කියලා. 1975 දී ඔස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාරවරයා, තම තනි අභිමතය අනුව අගමැති ගෆ් විට්ලම්ව ධූරයෙන් නෙරපලා මහ මැතිවරණයක් කැදෙවුවා.

ඒ වගේම ඉන්දීය ව්‍යවස්ථාවේ නිර්මාතෘ ආචාර්ය බී.ආර්.අම්බෙඩ්කාර් කියලා තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුද නැද්ද කියන එක ඉන්දීය ජනාධිපතිවරයාගේ තක්සේරුව අනුව සිදු විය යුතු බව. ඉන්දීයාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයන් වෙන ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් විසුරුවා හැරීමේදී ඒ අභිමතය මුල ඉඳලම පාවිච්චි කරලා තියෙනවා. 1970 දී පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබූ විපක්‍ෂයේ විරෝධය නොතකා ජනාධිපති වී.වී.ගිරි ඉන්දීය පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. 1979 දී සංජීව රෙඩ්ඩි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඇති වෙච්ච අරාජිකත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව තම තක්සේරුව අනුව විසුරුවා හැරියා.

එහෙම වුණේ නාමමාත්‍ර රාජ්‍ය නායකයෝ ඉන්න රටවල. නමුත් ලංකාවේ ඉන්නෙ ඍජුවම ජනතාව විසින් ඡන්දයෙන් පත් කරන විධායක ජනාධිපතිවරයෙක්. ඔහුට ජනතාව දී ඇති බලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයක් සහ ජනමත විචාරණයකින් මිස කිසිවෙකුටත් අවලංගු කල නොහැකි බව 19 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ සඳහන් වෙනවා. 19 වෙනි සංශෝධනයට පෙර ව්‍යවස්ථාවේ තිබුණු 70(1) වගන්තිය ඉවත් කරයි කියලා කිවුවට, ඇත්තටම සිදු වුණේ 70(1) යටතේ පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට හිමි බලතල ව්‍යවස්ථාවේ වෙනත් තැනකට ගෙන යෑමයි.

පරණ 70(1) වගන්තිය සංශෝධනය කරන අතරම, 19 වෙනි සංශෝධනයෙන් ව්‍යවස්ථාවේ 33 වගන්තියට අලුතෙන් (2)(ඇ) යන උප වගන්තිය එකතු කලා. මේ වගන්තියෙන් කියවෙන්නෙ, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් නීතියකින් ජනාධිපතිවරයාට පවරා ඇති බලතල වලට අමතරව, පාර්ලිමේන්තුව කැඳවීමටත්, වාර අවසාන කිරීමටත්, විසුරුවා හැරීමටත් ජනාධිපතිවරයාට බලය තිබෙන’ බවයි. මේ ආකාරයට අලුතෙන් හඳුන්වාදුන් 33(2)(ඇ) වගන්තිය, 19 සංශෝධනයෙන් වෙනස් කරපු 70(1) වගන්තියට යටත් කියලත් කොහේවත් සඳහන් වෙන්නේ නෑ.

ඒ නිසා වෙන්න ඕන 19 වෙනි සංශෝධනය ගැන 2015 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ, 70(1) වගන්තියට සිදු කර තිබුණු වෙනස්කමින් ජනාධිපතිවරයාගේ බලතල අඩු වුණයි කියලා ප්‍රකාශ නොවුනේ. 70(1) වගන්තිය වෙනස් කලේ ජනාධිපතිවරයාට ඒ යටතේ තිබුණ බලතල අඩු කිරීමට නම්, 70(1) වගන්තිය පමණක් වෙනස් කරන එක තමයි වෙන්න ඕන. පරණ 70(1) වගන්තියේ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න තිබුණ බලය 33(2)(ඇ) වගන්තිය හැටියට නැවත ගෙන ආවේ ජනාධිපතිවරයාට හිමි ඒ බලය ජනමත විචාරණයක් නැතුව අහෝසි කළ නොහැකි නිසා කියලා තමයි නීති විශාරදයෝ කියන්නෙ.

19 වෙනි සංශෝධනයෙන් ඔය විදියටම තවත් වගන්තියක් එක තැනකින් තව තැනකට ගෙනිහිල්ලා තියෙනවා. 1978 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියපු පරණ 42 වගන්තිය අහෝසි කරලා ඒකෙ වචන මොනවත් වෙනස් නොකර 19 වෙනි සංශෝධනයෙන් 33ඒ වගන්තිය හැටියට ව්‍යවස්ථාවට නැවත ඇතුල් කරලා තියෙනවා. එහෙම කලේ ඇයි කියලා ඒගොල්ලන්ගෙන් තමයි අහන්න ඕන. නමුත් ඒකෙ ප්‍රතිඵලය වන්නේ 19 වෙනි සංශෝධනයට පෙරත්, පසුත්, ජනාධිපතිවරයා එකම විදියට පාර්ලිමේන්තුවට වගකිව යුතු වීමයි. පරණ 70(1) වගන්තිය යටතේ තිබුණු බලයක් 33(2)(ඇ) හැටියට නැවත ගෙන ඒමෙනුත් වෙන්නෙ ඒකමයි.

19 වෙනි සංශෝධනයෙන් පස්සෙ, අපේ ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තු සම්ප්‍රදාය රැකිලා තියෙන්නෙ මේ 33(2)(ඇ) වගන්තියෙන්. ඒ වගන්තිය නොසලකා හැර අපි 19 වෙනි සංශෝධනයෙන් වෙනස් කරපු 70(1) වගන්තිය පමණක් පිළිගත්තොත්, සිද්ධ වෙන්නෙ රාජාසන කතාව පැරදුනත්, අයවැය පැරදුනත්, ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත වුනත්, මොනම හේතුවකටවත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ යන නිගමනයට එන්න සිදුවීමයි. එහෙම පාර්ලිමේන්තුවක්, පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් බැහැර වූවක්. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම තියෙන රටවල නාමමාත්‍ර රාජ්‍ය නායකයන්ටත්, අවශ්‍යතාවයක් පැන නැගුන විට තම අභිමතය අනුව පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණ කැඳවන්න පුලුවන්නම්, ලංකාවේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන, ඡන්දයෙන් පත්වෙන ජනාධිපතිට රටේ හා පාර්ලිමේන්තුවේ මොන තත්වයක් ඇති වුණත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියන එක කොයි තරම් තර්කානුකූලද?

19 වෙනි සංශෝධනයෙන්ම 33(2)(ඇ) වැනි අලුත් වගන්තියක් ව්‍යවස්ථාවට හඳුන්වලා දීලා තිබෙද්දිත්, ජනාධිපතිට ඒ වගේ බලයක් නෑ කියන්න පුලුවන්ද? අපේ රණවිරුවන් පිටරට උසාවි වලට භාර දෙන්න නීති හඳපු 2018 අංක 05 දරණ පනත සම්මත වුනේ ඡන්ද 56 න්. නමුත් පාරිලිමේන්තුව විසුරුවලා ජනතා පරමාධිපත්‍යට ඉඩ දෙන්න පාර්ලිමේන්තුවේ ඡන්ද 150ක් ඕන කියලා තර්ක කරන්න පුලුවන්ද? මට ළඟදි කෙනෙක් ගෙනල්ලා දුන්න “ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටුට් ෆෝ ඩෙමොක්රසි ඇන්ඩ් ඉලෙක්ටෝරල් ඇසිස්ටන්ස්” කියලා රටවල් ගණනාවක් එකතුවෙලා හඳපු අන්තර් – රාජ්‍ය ඒ කියන්නේ ඉන්ටර් – ගවර්න්මෙන්ටල් සංවිධානයකින් හදපු වාර්ථාවක්. ඒ සංවිධානයේ ජර්මනිය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ස්විස්ටර්ලන්තය වගේම ඉන්දියාව හා ජපානය වගේ රටවලුත් සාමාජිකත්වය දරණවා.

මේ වාර්ථාවට අනුව, ව්‍යවස්ථාදායකය විසුරුවාහරින්න නම් තුනෙන් දෙකේ බහුතරයක් අවශ්‍ය රටවල් දෙකයි තියෙන්නෙ – ඒ කොසෝවොයි, ලිතුවේනියාවයි. නමුත් ඒ රටවලත්, ආණ්ඩුවට විරුද්දව විශ්වාස භංග යෝජනාවක් සම්මත වීම, රාජසන කතාව පරාජය වීම වගේ අවස්ථාවල ව්‍යවස්ථාදායකය විසුරුවන්න රාජ්‍ය නායකයාට බලය තියෙනවා. නිල කාලය ඉවර වෙනකන් මොනම හේතුවකටවත් ව්‍යවස්ථාදායකය විසුරුවන්න බැරි ඒකෙ සඳහන් වෙන එකම රට නෝර්වේ රාජ්‍යයි. නමුත් නෝර්වේ වල තියෙන තත්වය අපේ රටට වඩා ගොඩක් වෙනස්. ඒ රටේ ඉන්නෙ අපේ බස්නාහිර පලාතටත් වඩා අඩු ජනගහණයක්. ඒ වගේම ඒ රට ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක්.

නෝර්වේජියානු පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවක් පැරදුනත්, අලුත් ආණ්ඩුවක් පත්වෙන තුරු රජතුමා පරණ ආණ්ඩුවට යන්න දෙන්නේ නෑ. ඒ වගේම රජතුමා ප්‍රමුඛ රාජ්‍ය සභාව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම ඒක ගැන විවාද කලත්, කවදාවත් පරාජය කරන සම්ප්‍රදායක් එහේ නෑ. ඉතින් නෝර්වේ වල වැඩිහරියක් තිබිලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති සුළුතර ආණ්ඩු. දැන් තියෙන්නෙත් සුළුතර ආණ්ඩුවක්. නෝර්වේ වල කරන දේවල් ලංකාවේ කරන්න බැරි බව කාටත් පැහැදිලි වෙන්න ඕන.

ප්‍රංශයේ ව්‍යවස්ථාව පරිනාමය වෙච්ච හැටිත් මෙතනට අදාලයි. 1940 ට කලින් ප්‍රංශයේ තිබ්බ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කලින් විසුරුවන්න බැරි තත්වයක් ඇති කරලා තිබුණා. මේ නිසා ඒ කාලේ ප්‍රංශයේ දිගින් දිගටම අස්ථාවර ආණ්ඩු ඇතිවුනා. 1940 දී හිටලර් ප්‍රංශය ආක්‍රමණය කළා. ඒකෙන් ගොඩ ඇවිල්ල ප්‍රංශය 1946 අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන කොට පාර්ලිමේන්තුව කලින් විසුරවන්න බැහැයි කියන නීතිය වෙනස් කරලා ආණ්ඩුවකට විරුද්ධව මාස 18 ක් ඇතුලත විශ්වාසභංග යෝජනා දෙකක් සම්මත වුණොත් පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් පවත්වන්න ප්‍රතිපාදන සැලසුවා.

නමුත් ස්ථාවර ආණ්ඩු ඇතිකරන්න ඒකත් ප්‍රමාණවත් නොවුන නිසා 1958 දී සම්මත වූ ප්‍රංශයේ වත්මන් ව්‍යවස්ථාවෙන් ඒ රටේ පාර්ලිමේන්තුව ඕනම වෙලාවක කලින් විසුරුවලා ඡන්ද පවත්වන්න සම්පූර්ණ අභිමතානුසාරී බලය ප්‍රංශ ජනාධිපතිවරයාට දීල තියෙනවා. අපි ඒ අත්දැකීම් වලින් ඉගෙන ගන්න ඕන. පාර්ලිමේන්තුවක් විසුරුවා හැර ඡන්දයක් පැවැත්වීමෙන් ඒ විසුරුවා හරින පුද්ගලයාටත් බලපෑමක් ඇති වෙන නිසා කිසිම රාජ්‍ය නායකයෙක් ආවට ගියාට පාර්ලිමේන්තුවක් විසුරුවා හරින්නේ නෑ. බරපතල තත්වයක් යටතේ විතරයි ඒ වගේ තීන්දුවක් කවුරු වුණත් ගන්නෙ. අස්ථාවර වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කරන්න තියෙන එකම මෙවලම තමයි මහ මැතිවරණය. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය හිමි වන්නේ පාර්ලිමේන්තුවට නොව ජනතාවටයි. ඒ පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැගෙන්නෙ සර්වජන ඡන්ද අයිතිය තුළිනුයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ඔබ, මේ ගැන සිතා බලන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි

සුබ අනාගතයක්!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ

2018 දෙසැම්බර් 02

2018 _________ 25 _____

අගමැතිකම අත හරිනවද?

ගැටයකට අහුවුණාද? අගමැතිකම අත හරිනවද? රටට හතුරු පිරිස අපි බලයට එනවට බයයි!

අගමැති මහින්ද පිළිතුරු දෙයි

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර

ඔහු තවම රැඳී සිටින්නේ හිටපු ජනාධිපති ලෙස ඔහුට හිමිව ඇති නිල නිවසේය. එදා සේම අදත් විජේරාම මාවත වාහන සහ ජනී ජනයාගෙන් පිරී පවතී. ජනාධිපති තනතුර අහිමිවී මහින්ද රාජපක්ෂ සිය ගමට ගිය අවස්ථාවේ සේම, භික්ෂුන් වහන්සේ ප‍්‍රමුඛ ජනතාව අගමැතිවරයා වෙත සුබපැතුම් පුද කිරීම සඳහා පැමිණෙමින් සිටිති. අප ඔහුගේ නිවස තුළට යන විට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සියලූ දෙනාම පාහේ, පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් සඳහා පැමිණ සිටියෝය. එම රැස්වීම ආරම්භ වන තෙක් ලැබුණු විරාමයේදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග දිවයින ඉරිදා සංග‍්‍රහය සිදු කරන ලද සාකච්ඡාවකි මේ.

ප‍්‍රශ්නය – සමහරු කියන්නේ ඔබ තවත් වතාවක් දේශපාලන ගැටයකට අසුවුණා කියලයි…

පිළිතුර – එහෙම ගැටවලට අහුවෙන්න තරම් ළද බොළඳ මිනිස්සුද අපි…? ඔහොම කතාවක් සමහරු කියාගෙන යනවා. එහෙම කියන්නේ එජාපයෙ පිරිස් බව අපිට ආරංචියි. ඒ අය තමන් ලබලා තියෙන පරාජය වහගන්න මේ වගේ කතා ප‍්‍රචාරය කරනවා. සමහරු කියන්නේ ”මේ තනතුර භාර ගත්තේ නැතුව හිටියා නම්, තව අවුරුදු දෙකකින් අපි පුදුම ජයග‍්‍රහණයක් ලබනවා… මේ අවස්ථාවේ අගමැතිකම භාරගෙන ඒ ජයග‍්‍රහණය අඩු කර ගත්තා…” කියලයි. ඔහොම කියන කවුරුවත් අපිට ඡන්දය දුන්න උදවිය නෙමෙයි. ඒ සියලූ දෙනාම අද පරාජය වෙලා ඉවරයි. ඒක නොකියා ඔවුන් කරන්නේ, අපේ ජයග‍්‍රහණය සැහැල්ලූ කරන එකයි. ඇත්තටම ගැටයකට අහුවුණේ අපි නෙමෙයි, එජාපය. ඔවුන්ට දෙවරක්ම ජනාධිපතිවරණය සඳහා තමන්ගේ කියලා නායකයෙක් තෝරා ගන්න බැරි වුණා. 2010 ජනාධිපතිවරණයට ඔවුන් ගෙනාවේ, සරත් ෆොන්සේකා, ඊළඟට 2015 දී ඔවුන් ගෙනාවේ පොදු අපේක්ෂකයෙක්… ඒ තමයි මෛත‍්‍රිපාල සිරිසේන මහත්මයා. එදා තමන්ට ජනාධිපතිවරණයක් දිනා ගන්න බැරි නිසා ගහපු පොදු අපේක්ෂක ගැටයට තමයි, අද එජාපය අහුවෙලා තියෙන්නේ. මෛත‍්‍රිපාල ජනාධිපතිතුමාගේ ජයග‍්‍රහණය සඳහා එජාපය දර දිය අදින්න ඇති. ඒත් පොදු අපේක්ෂකයෙක් ගෙනාවේ තමන්ට දිනන්න බැරි නිසානේ. එහෙම බැලූවම මේ ජනවරම ජයග‍්‍රහණයක් බවට පත් කර ගත්තේ මෛත‍්‍රිපාල ජනාධිපතිතුමානේ… එජාපයට ඕනෑ වෙලා තිබුනේ එතුමාව තමන්ට ඕනෑ විදිහට නටවන්න. ඒක කර ගන්න බැරි වුණහම, තානාපතිවරු ළඟ දණ ගහගෙන අඬ අඬා යනවා.

ප‍්‍රශ්නය – 113 ක බහුතර බලයක් නැතිව ඔබ විසින් පස්ස දොරෙන් අගමැති තනතුර භාරගත්ත ක‍්‍රමය නිවැරදිද…?

පිළිතුර – කවුද පස්ස දොරෙන් අගමැතිකම ගත්තේ…? 2016 අගෝස්තු මාසයේ පවත්වපු මහමැතිවරණයෙන් කිසිවෙකුට බහුතර බලයක් ලැබුණේ නැහැ. ඒ අනුව එක්කෝ සභාගයක් හෝ සුළුතර ආණ්ඩුවක් හදන්න වෙනවා. එජාපයට සභාගයක් හදන්න සිදුවුණා. ඒ එජනිසය සමගයි. අනිකුත් පක්ෂ සමග සභාගයකට යන්නත් බැහැ, මොකද දෙමළ සන්ධානය සහ ජවිපෙ විපක්ෂ නායක තනතුර සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකකම අරගත්තා. එජනිසය ජාතික ආණ්ඩු ගිවිසුමෙන් ඉවත්වීමත් සමග, එජාපය සුළුතරය බවට පත්වුණා. ඒ සමග රනිල් වික‍්‍රමසිංහ මහතාව අගමැති තනතුරෙන් ඉවත් කරලා, අගමැති ලෙස වැඩ භාරගන්න කියලා, ජනාධිපතිතුමා මට ආරාධනය කළා. එහෙම ගිහිල්ලා අගමැතිකම ගන්නේ පස්ස දොරෙන් වෙන්නේ, කොහොමද…? 2015 ජනවාරි නව වැනිදා රනිල් අගමැතිකම ගත්තේ නම්, පස්ස දොරෙන්. අගමැති විදිහට හිටපු දි.මු.ජයරත්නට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබුණා. එහෙම තියෙද්දී මන්ත‍්‍රීවරු හතළිස් දෙකක් තියාගෙන කිසිම ලැජ්ජාවක් නැතුව රනිල් අගමැතිකම ගත්තා. ඒවා තමයි, පස්ස දොරෙන් ගත්තා කියන වැඩ…

ප‍්‍රශ්නය – කොහොම වුණත් ඔබ හදිස්සි වුණා වැඩි නැද්ද…?

පිළිතුර – කිසිම හදිස්සියක් වුණේ නැහැ… අපි විපක්ෂය. විපක්ෂයේ කාර්යභාරය මොකක්ද…? ආණ්ඩුව පෙරළන එක. ඔබගේ පුවත්පත සමග මීට පෙර කරපු සාකච්ඡාවේදී මම මොකක්ද කිව්වේ… ”අතට අහුවුණු දේකින්, හැකි ඉක්මනින් අපි ආණ්ඩුව පෙරළනවා” කියලා. මම ජනතාවට කිව්වේ, තව පෝය දෙකක් යන්න ඉස්සෙල්ලා, අපි ආණ්ඩුව පෙරළනවා කියලයි. මේ කළේ ඒ දේ තමයි. අපි පක්ෂයක් විදිහට හෝ පුද්ගලයෙක් විදිහට කල්පනා කරන්න ඉස්සෙල්ලා, රටක් ජාතියක් විදිහට කල්පනා කරලා ඉන්න ඕනේ. එජාපය තව ටික කලක් ආණ්ඩු කරා නම්, මේ රට බෙදෙන ෆෙඩරල් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේනවා. ගෙනහල්ලා සම්මත කර ගන්නවා. එහෙම වුණා නම් රටට මොකද වෙන්නේ… ජිනීවා යෝජනාවට සම දායකත්වය ලබා දීලා, අපේ රටට විරුද්ධව අපිම, එජා මානව හිමිකම් කොමිසම ඉදිරියට ගියා.එහෙම කළේ එජාපයේ විදේශ ඇමැති. එහෙම කරලා මේ රටේ රණවිරුවන්ට විරුද්ධව නඩු අහන්න, ජාත්‍යන්තර විනිසුරුවරුන් ගේන්නේ හැදුවා. මේ රටට සේවය කරපු රණවිරුවන් හිරේ දැම්මා. රණවිරු දඩයම එන්න එන්නම වැඩි කළා. මේවා තව අවුරුද්දක් කරගෙන ගියා නම් අපිට රටක් ඉතුරු වෙයිද…? මේ රටේ ජනතා දේපළ අත යට සල්ලි වලට, කොමිස් කුට්ටි වලට කුණු කොල්ලයට විකුණලා දැම්මා. බදු පොදි ගහලා, ජනතාවගේ කර මත පැටෙව්වා. විදේශ රටවල දුක් මහන්සි වෙලා හම්බු කරන අපේ ජනතාව ගෙදරට සල්ලි එවන කොට ඒවාට බදු ගැහැව්වා. වෙන එකක් තියා, ළමා ඉතුරු කිරීමේ ගිණුම් වලටත් ඒ අය බදු ගැහැව්වා. මේ වගේ වෙලාවක, දේශපාලන හඳහන් බල බල තමන්ගේ පක්ෂය ගැන හිතන එකද හරි, රට ජාතිය ගැන හිතලා, ආණ්ඩුව පෙරළන එකද…නිවැරදි ?

ප‍්‍රශ්නය – තවමත් ඔබට පාර්ලිමේන්තුවේ බහුතර බලය හදාගන්න බැරි වෙලා තියෙනවා. ඉතා පැහැදිලිවම අනිත් පැත්තට මන්ත‍්‍රීවරු 123 දෙනෙක් සිටිනවා. එසේ තබාගෙන බලහත්කාරයෙන් අගමැති පදවියේ රැඳී සිටීම නිවැරදිද…?

පිළිතුර – මම එදා කිව්වා වගේම මට මේ තනතුරු ලොකු නැහැ. මම අවුරුදු නවයක් මේ රටේ ජනාධිපති… ඇමැතිකම්, අගමැතිකම් දැරුවා. තනතුරු සියල්ල නැතිව හිටියා. මගේ දරුවෝ, සහෝදරයා හිරේ දැම්මා. මගේ පාක්ෂිකයෝ, ඒ අයගේ පවුලේ අය හිරේ දැම්මා. මගේ ලේකම්වරයා, මා යටතේ සේවය කළ නිලධාරීන් හිරේ දැම්මා. ඒ සියල්ල විඳවපු මට ඔය තනතුරු නෙමෙයි වැදගත්… අපි මේ රටට ලබා දුන්න ජයග‍්‍රහණ සියල්ල ආපසු හැරෙව්වා. අපේ රණවිරුවන් බේරා දුන්න රට, කලාප රාජ්‍ය වලට ව්‍යවස්ථාවෙන් වෙන් කරන්න හදන එක නවත්වන එකයි සියල්ලට වඩා වැදගත් කියලා මම හිතන්නේ… ඒ වෙනුවෙන් තමයි අපි මේ තනතුරු භාර ගත්තේ. ඒ මිසක් අපි මේ කිසි තනතුරක බලහත්කාරයෙන් එල්ලිලා ඉන්නේ නැහැ. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල එන්නත් ඉස්සෙල්ලා මම අරලියගහ මන්දිරයෙන් ගියේ, තනතුරු වැදගත් නැති හින්දයි.

ප‍්‍රශ්නය – අනිත් පැත්තෙන් ඔබට එල්ල කරන අභියෝගය වන්නේ 113 පෙන්වන ලෙසයි…

පිළිතුර – අපි තවම ඉන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙනකන්… දෙසැම්බර් හත්වෙනිදාට ඒ තීන්දුව ලැබෙයි. ඒ තීන්දුව අනුව අපට බහුතරය පෙන්වන්න සිදුවුණොත් අපි අනිවාර්යෙන්ම පෙන්වනවා.

ප‍්‍රශ්නය – අද රට තිබෙන්නේ කැලඹිලි තත්ත්වයක… පාර්ලිමේන්තුව කිසිදු වැදගැම්මකට නැති තැනක් බවට පත්වෙලා. මේ වාතාවරණය තුළ ඔබ අගමැති තනතුර භාර ගත්තත් කිසිවක් කර ගන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා…

පිළිතුර – අපි බලයට එනවට බය පිරිසක් ඉන්නවා. ඒ තමයි මේ රටට හතුරු පිරිස… මම 2005 දී මේ රට භාර ගන්න කොට, රටේ ආර්ථිකය තිබුණේ බිමටම වැටිලා. ඒ මදිවාට ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදීන් සමග අපිට යුද්ධයක් කරන්නත් වෙලා තිබ්බා. හිටපු යූ. එන්. පී මුදල් ඇමැතිවරයා කියනවා ආණ්ඩුව වෙනස් කරපු නිසා රටේ ආර්ථිකය පිරිහෙනවයි කියලා. පසුගිය ආණ්ඩුව යටතේ ආර්ථිකයේ වෙච්ච දරුණු පරිහානිය නිසා තමයි ජනාධිපතිතුමා මට රට බාරදුන්නේ. මේ වගේ තත්ත්වයක් ඇති වුණාම ඕනම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක කරන්නේ මහමැතිවරණයක් පවත්වලා අලූත් ආණ්ඩුවක් පත් කරගන්න එකයි. ජනාධිපතිතුමා අපේ ආණ්ඩුවේ හිටපු නිසා දන්නවා අපි අසීරු තත්ත්වයන් පාලනය කළේ කොහොමද කියලා. යුද්ධය කරන්න අපි සල්ලි හොයාගත්තා. දශක ගණනාවක් තිස්සෙ කාටවත් කරන්න බැරි වුණ මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති විශාල ගණනක් අපි සම්පූර්ණ කළා. 2007 ලෝක ආහාර අර්බුදය ජනතාවට දැනෙන්නවත් ඉඩ හැරියේ නෑ. 1930 ගණන් වලින් පසු ලෝකයේ ඇති වූ දරුණුම ආර්ථික අවපාතය 2008 දී ඇති වුණත් ලංකාවේ මිනිස්සු ඒවගේ දෙයක් වුණයි කියලවත් දැනගෙන හිටියෙ නෑ. ඒ කාලේ ලෝක තෙල් මිල ඉතිහාසයේ කවරදාකටත් වඩා ඉහළ මට්ටමක පැවතියත්, ඒකත් අපි කළමනාකරණය කරගත්තා.

මම අවුරදු 9 ක් ඇතුළත මේ රටේ ඇමරිකානු ඩොලර්, ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කළා. ඒ කාලේ ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන වේගය 7.4% ක්. ඩොලරයක මිල රුපියල් 131 යි. දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ණය බර තිබුණෙ 70% ක අගයක. අපි 2015 ජනවාරි 9 වැනිදා අලූත් ආණ්ඩුවට බාර දුන්නේ ආර්ථික වශයෙන් ඉතාම ස්ථාවර රටක්. නමුත් අවුරුදු 4 ක අවපාලනයෙන් පස්සෙ, අද මුළු ආර්ථිකයම දැඩි අවදානම් සහගත තත්ත්වයකයි තියෙන්නෙ. අද මේ රට මුහුණපාල තියෙන ආර්ථික අර්බුදයේ භයානකම පැත්ත තමයි විදෙස් විනිමය ණය බර. මම 2005 දී මුල් වරට ජනාධිපති වෙනකොට රටේ යුද්ධයක් තිබුණ. නමුත් ආර්ථිකය ඇත්ත වශයෙන්ම මේ තරම් දරුණු තත්ත්වයක නෙවෙයි තිබුණෙ. ඒ කාලෙත් දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්‍ෂ ණය ප‍්‍රතිශතය 90% ක් තරම් ඉහළට නැගලයි තිබුණෙ. නමුත් එදා ඒ තිබුණ ණය අතරෙ අද තරම් විදේශීය ණය ප‍්‍රමාණයක් තිබුණෙ නැහැ.

2015 ජනවාරිවල ඉඳලා යූ.එන්.පී ආණ්ඩුව ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සවරින් බොන්ඞ්, සින්ඩිකේටඞ් ලෝන්, කරන්සි ස්වැප් වගේ නොයෙක් මූලාශ‍්‍ර වලින් ලබාගත්ත විදෙස් විනිමය ණය ප‍්‍රමාණය ගැන විටින් විට ලිඛිතව මහජනතාව දැනුවත් කරන්න මම පියවර ගත්තේ නැවත අපි බලය ගත්ත දවසට, අපිට මුහුණ දෙන්න වෙන ලොකුම ප‍්‍රශ්නය මේ ණය ගැනීම බව මම දැනගෙන හිටිය නිසයි. අවුරුදු තුන හමාරක් ඇතුළත යහපාලන ආණ්ඩුව සමස්තයක් ලෙස ඇමරිකානු ඩොලර් 20.7ක විදෙස් විනිමය ණය පමණක් අරගෙන තියෙනවා. මේ ණය වින්නැහිය නිසා මේ රට ගොඩගන්න කාලයක් ගතවෙනව. මහ මැතිවරණයක් නොපවත්වා, පැවතුණු ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන්න හදන අයට මේ රට ගොඩගන්න බැරි බව කාටත් පැහැදිලි වෙන්න ඕන. ගොඩ අරගෙන තිබ්බ රට ප‍්‍රපාතයට දැම්මේ ඒගොල්ලො තමයි. ඒකයි මැතිවරණ වලට ඔය තරම් බය.

ප‍්‍රශ්නය – මහ මැතිවරණයක් පිළිබඳ අදහස ඔබ මතු කරනවා. මහ මැතිවරණයක් අවශ්‍ය නම්, එජාපයේ බලයේ සිටියදීම ඒ සඳහා පියවර ගන්න තිබුණා. එසේ නොකර ඔබ අග‍්‍රාමාත්‍ය තනතුර භාරගෙන මහමැතිවරණයක් සඳහා ගමන් කරන්නේ, ඔබට පාර්ලිමේන්තුවේ බහුතරය නැති නිසා නේද…?

පිළිතුර – ජනාධිපතිතුමා විසින් ජාතිය අමතමින් කරන ලද කතාවේදී, මට අගමැතිකම භාර ගන්න ආරාධනා කරන ලද හේතු පිළිබඳව සඳහන් කළා. එතුමාව ඝාතනය කිරීම සඳහා එක්තරා පිරිසක් කුමන්ත‍්‍රණයක් සිදු කළ බවට එතුමා චෝදනා කළා. එවන් අවස්ථාවක අගමැති ඉවත් නොකළා නම් මොකද වෙන්නේ…? කවුද ඒ කුමන්ත‍්‍රණයෙන් මේ රටේ අගමැති වෙන්නේ…? ඒවගේම බෙදුම්වාදී ව්‍යවස්ථාව… එය හදිස්සියේ සම්මත කර ගත්තා නම් මේ රට ඉවරයි. මහමැතිවරණයක් කැඳවන තුරු අපි රට භාර ගත්තේ ඒකයි.

ප‍්‍රශ්නය – ඔබ කිහිපවිටක්ම සඳහන් කර තිබුණා මේ කරගෙන යන්නේ භාරකාර ආණ්ඩුවක් කියා. මහ මැතිවරණයක් බැරි නම් මේ භාරකාර ආණ්ඩුව යටතේ පළාත් සභා මැතිවරණයට වුවත් යා හැකියි නේද…?

පිළිතුර – අපි බලයේ සිටින කාලයේත්, විපක්ෂයේ සිටින කාලයේත් මැතිවරණ වලට බය වුණේ නැහැ. අපි හැමවිටම ජනතා මතයට ගරු කළා. මේ ආණ්ඩුව ස්වාධීන මැතිවරණ කොමිසමක් පත් කරලා, මැතිවරණ කල් දැම්මා. අපේ කාලයේ මැතිවරණ කොමසාරිස්වරයෙක් ඉද්දි වෙලාවටත් කලින් මැතිවරණ තිබ්බා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණය අවසන් වෙනකන් පවතින අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම පමණයි අප කළේ. මේ ආණ්ඩුවෙන් දිගටම රට පාලනය කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. මුළු රටටම පේනවා ඒකාබද්ධ විපක්‍ෂේ ආණ්ඩුවේ තනතුරු දරන්නේ බොහොම සුළු පිරිසක් කියලා. ඒ, මේක තාවකාලික ආණ්ඩුවක් නිසයි. අපේ ඒකායන පරමාර්ථය මැතිවරණයක් පවත්වලා අලූත් ආණ්ඩුවක් පිහිටුවාගන්න එකයි කියලා, මම අගමැති ලෙස දිවුරුම් දීපු අවස්ථාවේ ඉඳලා කිවුවා. එජාපය ඇතුළු හවුල් කල්ලියේ එකම බලාපොරොත්තුව මොනම මැතිවරණයක්වත් නොපවත්වා, අර පරණ ආණ්ඩුවම තව පුළුවන් තරම් ඇදගෙන යෑමයි. ඕක තමයි මෙතන තියෙන ගැටුම.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් පවත්වන්නත් මඟ පෑදුවා. ඒත් යූ. එන්. පී හවුල උසාවියේ නඩු දාලා, පවත්වන්න ගිය මහමැතිවරණය කල් දාගත්තා. ජනාධිපතිතුමාගේ ගැසට් එක අනුව කටයුතු කළා නම් මේ වෙනකොට නාමයෝජනා භාර දෙන්නත් පටන් අරගෙන. මහ මැතිවරණයක් පැවැත්වීමෙන් කාගේ හෝ අයිතීන් උල්ලංඝනය වෙනවාද නැද්ද කියන කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය විසඳන තුරු යූ. එන්. පී හවුල මේ කඩාකප්පල්කාරී වැඩ දිගටම කරයි.

ප‍්‍රශ්නය – ජනවරමක් නොමැති තත්ත්වයක් තුළ, දිගින් දිගටම රට අස්ථාවර කරමින් අගමැති තනතුරේ ඔබ රැඳී සිටීම නිසා, රටේ දේශපාලන අස්ථාවරභාවයක් මතුවෙලා තිබෙනවා…

පිළිතුර – ජනවරම තියෙන්නේ අපට… ජනතාව විසින් අවසාන වතාවට ලබා දුන්න ජනවරම වන්නේ පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලයයි. එහිදී බහුතරය ලැබුණේ අපිට. පොහොට්ටුවට සහ එජනිසයට ලැබුණු ඡන්ද ප‍්‍රමාණය ලක්ෂ හැට හතරක් පමණ වෙනවා. එජාපයට ලැබුණේ ඡන්ද ලක්ෂ 36 යි. එහෙනම් මේ රටේ බහුතරය තියෙන්නේ කාටද…? ජනවරම තියෙන්නේ කාටද…? අපිට… මේ රටේ ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකින් පරාජය වූ පළවෙනි වතාව තමයි, ගිය පාර පුංචි ඡන්දය. තමන්ට ජනතා වරම අහිමි වුණු ඒ වෙලාවේ මේ ආණ්ඩුව හරි නම් ගෙදර යා යුතුව තිබුණා. ලැජ්ජා නැතුව මේ අය ඔය තනතුරුවල එදා ඉඳලා එල්ලිලා හිටියා. අඩුම ගානේ අපිට විපක්ෂ නායක කමවත් නොදුන්න මේ අය අද අපිට ශිෂ්ටත්වය උගන්වන්න එනවා. අපි මේ තනතුරු බාර ගත්තේ රට අස්ථාවර කරන්න නෙමෙයි. ආණ්ඩුව අස්ථාවර කරන්න. එදා අපිට විරුද්ධව හිටපු දෙගොල්ලෝ අපි දෙකට වෙන් කළා. ඒ විතරක් නෙමෙයි, එජාපයත් ආණ්ඩුවෙන් අයින් කළා. මේක ජයග‍්‍රහණයක් නෙමෙයිද…? එයින් රට ස්ථාවර වුණා. කොටස් වෙළෙඳ පොළ වර්ධනය වුණා. අපි ලැහැස්ති වුණේ මහමැතිවරණයකට යන්න. ජනතාවගේ ඒ තීන්දුවෙන් පසුව මේ රට තවත් ස්ථාවර වෙන්නයි තිබ්බේ. ඒක නැවැත්තුවේ, එජාපය, ජවිපෙ සහ දෙමළ සන්ධානය කියන හවුල.

ප‍්‍රශ්නය – මේ අස්ථාවරභාවය නිසා ඔබ ලබා ගත්ත අගමැතිකමත්, ඇමැති මණ්ඩලයත් කිසිදු වැදගැම්මක් නොමැති තත්ත්වයකට පත්වෙලා නේද…?

පිළිතුර – අපි මේ දින කිහිපයේදී රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කොයිතරම් තීරණ ගත්තාද…? අපි ඔක්තෝබර් 26 ආපු ගමන්ම ඉන්ධන මිලත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයකත් මිල අඩු කළේත්, පොහොර සහනාධාරයත් යළි ස්ථාපිත කරලා කෘෂිකර්මයෙන් ලැබෙන ආදායම් බදු වලින් නිදහස් කරන්න පියවර ගත්තෙත් ජනතාවගේ පීඩනය අඩුකරලා නිෂ්පාදනය වැඩි කරන්නයි. දරුවන්ට ලැබෙන පාසල් නිල ඇඳුමට වවුචරයක් දීලා, කරපු වැඬේ මතකද…? අපි ඒ නිල ඇඳුම් වවුචරය අහෝසි කළා. හැම මාසයේම ජනතාව බය කරපු තෙල් මිල සූත‍්‍රය අහෝසි කළා. අපි මේ ගන්න උත්සාහය ලංකාවට ගොඩයන්න තියෙන අන්තිම අවස්ථාවයි. මැතිවරණ නොපවත්වා දිගටම බලයේ ඉඳගෙන රට විනාශ කරන්න වලිකන බලවේග අපි හැමෝම එකතුවෙලා පරාජය කරලා මේ රට නැවත හරි මඟට ගමු, කියන එක තමයි මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ප‍්‍රශ්නය – ඔබ බලයට ආපු ගමන් නවීන බෙන්ස් රථයක් සිය පාවිච්චිය සඳහා මිලට ගත් බවට චෝදනා එල්ල වුණා…

පිළිතුර – ඔය එන්නේ එදා ආපු මඩමනේ… අපිව එදා පරාජය කළේ ඔය වගේ මඩ ප‍්‍රචාර යවලනේ… එහෙම ආරංචි පළකරපු අය ඊළඟ සතියෙම ඒක නිවැරදි කරානේ… මම ජනතාවට කියන්නේ, ඔය වගේ මඩවලට ආයෙත් රැවටෙන්න එපා කියන එකයි. මේ අය අසත්‍යය සහ අපවාදය තමයි අපිට එරෙහිව භාවිත කළේ. රටේ ආර්ථික ආපදා තත්ත්වයක් තිබෙන ලෙස තමයි අපිට කටයුතු කරන්න වෙන්නෙ. යූ. එන්. පී ආණ්ඩුව කරපු ආකාරයට ජනතාව මත බදු පටවන අතර මැති ඇමැතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වන එකට, නොයෙක් උත්සව වලට වියදම් කරන එකට, විදේශීය ගමන්වලට අධික වියදම් කරන එකට, තිත තියන්න ඕන. ඊළඟ මහ මැතිවරණයෙන් පස්සෙ, බලය පවත්වාගෙන යන්න පුළුවන් වෙන ආකාරයට අපි ඇමැතිවරු සුදුසු ගණනක් පත් කරනවා. මම ඒක කල් තියාම කියන්න ඕන. අනිත් හැම දේකටම කලින් රටේ ස්ථාවර ආණ්ඩුවක් තියෙන්න ඕන. ඒ අලූත් ආණ්ඩුවෙන් වියදම් කපා හරින්න උපරිම ලෙස කටයුතු කරනවා. ඒ වගේම තමයි, බැඳුම්කර කොල්ලය ඇතුළු එජාප ආණ්ඩුව විසින් කරන ලද සියලූ දූෂණ සෙවීමට අපි කටයුතු කරනවා.

කිසිම විදියකින් රාජපක්‍ෂලා අතින් රට ජාතිය පාවාදීමක් වෙන්නේ නෑ

– හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ

ඔබලා ආණ්ඩුව පෙරළන්න සූදානම් වෙන්නේ මේ කීවැනි වතාවටද?

අපේ පක්ෂයේ නීති පිළිබඳ මහාචාර්යවරයෙක් තමයි සභාපති ලෙස ඉන්නෙ. එතුමා දන්නවා නීත්‍යනුකූලව කළ යුත්තේ මොනවද කියන එක. අපි ඉන්නෙ ඒ ස්ථාවරයේ.

මන්ත්‍රි විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර මෛත්‍රි ජනපති, මහින්ද අගමැති වන භාරකාර අණ්ඩුවක් ගැන ප්‍රකාශ කළා. ඔබේ ස්ථාවරය මොකක්ද?

එතුමන්ලාගේ ප්‍රකාශවලට මං පිළිතුරු දෙන්න යන්නෙ නැහැ. ඒ දෙන්නා අපට වැදගත් පක්ෂ දෙකක දෙන්නෙක්. කෙනකුට ස්වාධීන අදහස් තිබෙනවා. අපේ පක්ෂය හැටියට අපි ජනමතය විමසලා අවසානයේදී එය පක්ෂ නායකත්වයට දන්වලා ඉතාම සාධාරණ විසඳුමක් ගන්නවා.

භාරකාර ආණ්ඩුවක මෛත්‍රි ජනපති වීම කොහොමද දකින්නේ. ඒකාබද්ධ විපක්ෂය හැටියට මෛත්‍රිපාල සිරිසේන යනු කඩාගෙන ගිය පාවා දුන්නෙක්?

අපේ පක්ෂයේ එතුමා කිසිම දවසක සාමාජිකත්වය දරලා නෑ. අපේ පක්ෂය ආරම්භ කරලා දැනට අවුරුදු දෙකකට කිට්ටුයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ වත්මන් ආණ්ඩුව පෙරළිය යුතු බව. නමුත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්ද යාපා මන්ත්‍රිවරයා සෘජුවම සඳහන් කළා ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසුරුවන තුරු ආණ්ඩුව බිඳදැමිය නොහැකි බව?

එතුමා කිව්වේ මොකක්ද කියලා මං හරියටම දන්නෙ නැහැ. මං විශ්වාස කරන දෙයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ආණ්ඩු පෙරළිය හැකි රාජ්‍යයක එහෙම වෙනත් ආකාරයකින් ආණ්ඩු පෙරළිලා නැහැ.

ඔබ කියන්නේ එවැනි ආකාරයකට ආණ්ඩු පෙරළීම ප්‍රායෝගික නැහැ කියලා?

ළඟදී මාලදිවයිනේ ආණ්ඩුව පෙරළුණා. ඊට පෙර ඒකම පාකිස්තානයේ සිදු වුණා. තව ක්‍රමයකට බංග්ලාදේශයේ සිදු වුණා. තාවකාලිකව පාලක කණ්ඩායමක් මඟින් පවත්වාගෙන ගියා. ඕනෑ තරම් උදාහරණ තියෙනවා. ඒකාධිපති හෝ අධිරාජ්‍යවාදී හෝ ඡන්ද නොපවත්වන රටවල තමයි එවැනි වෙනත් ක්‍රමයකට යන්නෙ. අපේ රටේ එහෙම අවශ්‍යතාවක් නෑ.

මෑතකදී ජනපති මෛත්‍රි සමඟ විශේෂ දේශපාලන හමුවීමක් සිදුවුණා. ඒ සාකච්ඡාවල හරය භාරකාර ආණ්ඩුවක්ද?

මට කතා කළ හැක්කේ මං ගැන පමණයි. හමුවූ තැන හෝ හමුවූ පුද්ගලයන් ගැන කිව නොහැකියි. විවිධ හේතු නිසා මම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පළමු වතාවට හමුවුණා. ඉතින් පළමු වතාවට හමුවුණාම බෑනේ එක පාරටම ඔක්කොම කියන්න.

රහසිගත හමුවීමක්ද එතකොට මේ ප්‍රසිද්ධ රහසක් බවට පත් වුණේ?

නෑ. රහසිගත හමුවීමක් නොවේ. එතුමාගේ ආරක්ෂාව ගැන අපි කල්පනා කරන්න ඕනෑ. විශේෂයෙන්ම එතුමාටත් රාජපක්ෂ පවුලටත් තියෙන වාතාවරණයත් එක්ක ඒ හමුවීම ගැන යම් රහසිගත බවක් රැකගත යුතුයි.

ජනපති මෛත්‍රිටත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටත් පැනනැඟී ඇති ආරක්ෂාව සම්බන්ධ ගැටලුව එදින සාකච්ඡාවට ලක් වුණාද?

ඔව්. එතුමාට පමණක් නෙවෙයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමාටත්, එතුමාගේ පවුලටත් පවතින ආරක්ෂක ගැටලු ගැන ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළා.

යම් හේතූන් මත ඔබ විවෘතව මේ ප්‍රබල හමුවීම ගැන කතා නොකළත් ජනතාව වෙනුවෙන් පොඩි ඉඟියක් හරි ලබාදීම නේද සාධාරණ?

අපි දෙන්නම දේශපාලනඥයෝ. එහෙම හමුවුණාම දේශපාලනය කතා නොකළා කිව්වොත් සම්පූර්ණ සත්‍ය වෙන්න බෑනේ.

පසුගිය 10දා ඒකාබද්ධ කණ්ඩායමේ මන්ත්‍රිවරු රැස් වුණා. එහිදී සභාග ආණ්ඩුවක් පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් විරුද්ධ වූ බව සඳහන් වෙනවා?

මුලින්ම කියන්න ඕනෑ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් නෙමේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මන්ත්‍රිවරුන්ගෙන් කොටසක් රැස් වුණා. විශේෂයෙන් ජී.එල්. පීරිස් හිටපු ඇමැතිතුමාගේ පෞද්ගලික ආරාධනයක් අනුව ඔහුට අවංකව මහින්ද රාජපක්ෂ මහතා සමඟ අදහස් හුවමාරු කර ගන්න ඕනෙ කියලා. ඒ තුළ අවසානයේදී තීන්දු කළා කිව යුතු කාරණා මොනවද නොකිවයුතු කාරණා මොනවද කියලා.

ඒවගේම එය පැහැදිලි කරගත යුතු පුද්ගලයෝ නම් කරගත්තා.

ජනපති මෛත්‍රි හමුවීමත්, මන්ත්‍රි කණ්ඩායම රැස්වීමත් දෙක ගැනම මුඛවාඩම් ලාගන්න සිදුවෙලා වගේ?

මාධ්‍ය ආවරණයට ආරාධනා නොකළේ ඒ නිසා.

ආණ්ඩුවෙන් ඉවත් වුණ ශ්‍රීල.නි.ප.යේ මන්ත්‍රිවරුන් 16 දෙනාට අදටත් නිසි තැන ලබාදීමට ඔබලා කටයුතු කර නැහැ නේද?

එහෙම දෙයක් නෑ. අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිසි කෙනෙක් නිල සාමාජිකත්වයක්වත් අරගෙන නෑ. එහෙම වෙලාවක ඔවුන්ට වෙනත් සංවිධායක ධුර පවරන්න බෑ. නමුත් අපි ඔවුන්ට දේශපාලනය කිරීමේ ඉඩකඩ සලසා තිබෙනවා.

බැසිල් රාජපක්ෂ කඩිමුඩියේ ලංකාවට ආවේ ඔය කියන භාරකාර හෝ සභාග ආණ්ඩුවක් ගැන සාකච්ඡා කරන්නද?

වසන් කරන්න බැරි දෙයක් තියෙනවනේ. මං යන්නේ උසාවි අවසරය පිට. අධිකරණය හා නීතිපති දෙපාර්තමේන්තුවත් මගේ නීතිඥවරුත් එකඟ වෙච්ච කාරණා කිහිපයක් තිබුණා. මගේ වෛද්‍ය ප්‍රතිකාරවලට තමයි රට යන්න අවසර දුන්නෙ. ඒ අනුව මගේ බිරිය, දරුවන් හමුවීම සිදු වුණා. අවුරුදු දෙකහමාරකට පස්සෙ ගියේ. ඒ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේ කාර්යය ඉවර වූ පසු මම හිතුවා උසාවියේ මාස තුනක අවසරය තිබුණත් ඒකෙන් අයුතු ප්‍රයෝජනයක් ගන්න හිතුවෙ නෑ. දේශපාලන වගකීමක් දරන පක්ෂයක වගකීම කරට අරගෙන තිබෙන වෙලාවක ඉතාම බැරෑරුම් තීන්දුවක් ගන්න තියෙන වෙලාවක ඒ වැඩවලින් මඟහැරීම සුදුසු නැහැ කියලත් මං හිතුවා.

නමුත් බැරෑරුම්ම අවස්ථාවල නේද මීට පෙර ඔබ රටින් පිට ගියෙත්?

එහෙම දෙයක් හිතනවා නම් එය මගේ පාලනයෙන් බැහැරයි. මං බැරෑරුම් ප්‍රශ්නවලට මුහුණදෙන කෙනෙක්. මුහුණ දීලත් තියෙනවා.

‘ජන බලය කොළඹට’ රැලියේ විශාල පිරිසක් සිටි බව පිළිගත්තත් එහි සංවිධාන කටයුතු සම්පූර්ණයෙන් අවුල් වුණ බව ඔබ පිළිගන්නවද?

එහෙම සංවිධාන ශක්තිය අවුල් වුණා කියලා කියන්නෙ ඇයි කියලා මට කියන්න බෑ. ඒ කියන්නෙ මං ඉන්න කාලේ සංවිධානය කළ දේ අකුරටම වැඩ ටික සිදුවුණා.

අන්තිමට සියලු දේ පැත්තකට ගිහින් කිරි පැකට් එකක් සති තුන හතරකට උඩට ආවා. ඒ තුළින්ම පේනවා නේද මේ ආණ්ඩුවට බලපෑමක් ඔබලාට කිරීමට නොහැකි වූ බව?

ඒක බලපෑවේ නෑ. අපේ ඉලක්කයක් තිබුණා. ඒ ඉලක්කයට අපි ළඟා වුණා. සමහරු හිතන්න ඇති මෙතැන මිනී දෙක තුනක් මරන්න. එහෙම නැත්නම් මහජන දේපළ විනාශ කරන්න. කිරි පැකට් සිද්ධිය අතුරු සිද්ධියක්. එවැනි සැලැස්මක් තිබුණා නම් ඒක වැරදියි.

දේශපාලනයෙදී කුමන දේ ගැන කතා කළත් ඊළඟ තීරණාත්මකම සාධකය ජනාධිපතිවරණය නේද?

ඔව්. වහාම ජනාධිපතිවරණය පිළිබඳ විශේෂ කාර්ය සාධක කණ්ඩායමක් රැස්කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට ලංකාවේ මේ වන විට වැඩිම මහජන නියෝජිතයන් සිටින දේශපාලන පක්ෂය හැටියට අපි ඊට කඩිනමින් කෙසේ වෙතත් ක්‍රමානුකූලව සංවිධානය වෙමින් සිටිනවා.

මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී ප්‍රකාශ කළා මන්ත්‍රි නාමල් රාජපක්ෂට නොහැකි නම් ඊළඟ අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙක් කියලා. ඒ බැසිල් රාජපක්ෂද?

ඒක ගැන පැහැදිලිව දැඩි ලෙස මහින්ද හිටපු ජනාධිපතිතුමා නැවත වරක් ඉල්ලුවා ජනපති අපේක්ෂකයා ගැන කතා කරන්න එපා, එහෙම නම් මට පවරපු කාර්යය ඉවත් කරන්න කියලා. ඒ හින්දා එවැනි යමක් කීම සුදුසු නෑ.

එතකොට ජනාධිපතිවරණය සම්බන්ධ සම්පූර්ණ වගකීම කර මත පැටවී තිබෙන්නෙ මහින්ද රාජපක්ෂ මහතාටද?

මහින්ද රාජපක්ෂ මහතා කෙරේ අපි සම්පූර්ණ විශ්වාසය තියලා තියනවා. එතුමා ජනමතයට ඇහුම්කන් දී අනෙකුත් සියලු දෙනාගෙ මතයට කන් දී සාධාරණ තීන්දුවක් ගනීවි. එතුමා වෙනුවෙන්නෙ එන අපේක්ෂකයෙක් එන්නෙ. එදා මැතිනිගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හා සමාන දෙයක් අදත් සිදුව තිබෙන්නෙ. අශ්වයා එළියට දාලා රේස් එකේ දුවලා දිනන්න උත්සාහ දරනවා වගේ. ජනතාවට ඕනෑ එතුමාව එතැනට ගන්න. නීතියෙන් බාධාවක් තියෙනවද නැද්ද මං දන්නෙ නෑ එතුමාට.

ඔබ මීට පෙර අප සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී සෘජුවම පැවසුවා ඔබේ ඇමෙරිකානු පුරවැසිභාවය කිසිසේතම ඉවත් කරගන්නෙ නැති බව.

හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගනීවි කියලා ඔබ කිව්වා. ඔබ එදා ඉඟි කළේ ඊළඟ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා කියලද?

එදා ඒ ප්‍රකාශය කරද්දි තහනම් නියෝගය තිබුණෙ නෑ.

ගෝඨාභය මහතා දැන් ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙනද

ඒක එතුමාගේ තනිකර පෞද්ගලික කාර්යයක්. ඇමෙරිකානු නීතිය අනුවත් ඒක කිසිම නිලධාරියෙක් දැනගත යුතු නෑ. එය එතුමා පමණයි දැනගත යුත්තේ.

ඔබ කියනවා ඔබ දේශපාලනයේදී සංවේදියි කියලා. නමුත් දේශපාලනයට වඩා ඔබ ඇමෙරිකානු පුරවැසිභාවයට සංවේදියි නේද?

මම දේශපාලනයට වඩා මගෙ පවුලට ආදරෙයිනෙ

පවුල සහ ඇමෙරිකානු පුරවැසිකම අතර තියෙන සම්බන්ධය මොකක්ද?

මාව යම් කිසි ආකාරයකින් අෑත් කරලා තියෙන්නෙ. කොයි මොහොත ආවත් මං කැමැතියි මගේ දරුවො එක්ක එකතු වෙන්න. ඒ අය මෙහෙ එයිද මම එහෙ යයිද කියන්න දන්නේ නෑ. වැඩි දෙනා ඉන්නෙ එහෙ. මං හිතන්නෙ දේශපාලඥයන්ටත් පෞද්ගලික ජීවිතයක් තිබිය යුතුයි.

මෙපමණ ඇමෙරිකානු පුරවැසිභාවයට ගැති පුද්ගලයෙක් කොහොමද ලංකාවේ මහජන නියෝජිතයෙක් හෝ ක්‍රියාකාරී දේශපාලනඥයෙක් වී ජනතාවට ආදරේ කරන්නේ?

ඇමෙරිකාවට නෙමේ මං ආදරේ මගෙ දරුවන්ටයි. බිරියටයි.

යම් නිශ්චිත අපේක්ෂකයෙක් දැනට කරළියට නොගෙනෙන්නේ ඔහුට එරෙහිව බරපතළ විවේචන චෝදනා ප්‍රසිද්ධ කරළියේ ඇතිවෙයි කියා බයටද?

ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. නමුත් දේශපාලන ව්‍යාපාර කරන කෙනෙක් හැටියට මට නම් අපේක්ෂකයා ඉදිරිපත් කිරීම ගැන පස්මහ බැලුම් බලලා කරනවා වාගේ කරන දෙයක්. ඒක මහින්ද රාජපක්ෂ මහතාට භාර කර තිබෙනවා.

වත්මන් ආණ්ඩුව යටතේ ආර්ථිකය බංකොලොත් කියලා ඔබලා මුව හමට තළන ආකාරයට සඳහන් කළත් සමස්ත ආර්ථික බංකොලොත්භාවයට මීට පෙර ගෙනා ආර්ථික ප්‍රතිපත්තියම බලපෑව නේද

නෑ. ඒක වැරදියි. අපේ ආර්ථික ප්‍රතිපත්තිය තියා මේ රටේ සියලු ආර්ථික උපමාන හොඳ තත්ත්වයකට ආවා. එවැනි හොඳ තත්ත්වයන් යටතේ තමයි මේ ආණ්ඩුව භාරගත්තේ. අපේ ආණ්ඩුවේ ඔය කියන මොන වැරදි අඩුපාඩු තිබුණත් සාර්ථක වූ දෙක තුනක් තිබෙනවා. පළමුව මේ රටේ සාමය ගොඩනැඟීම සඳහා තිබූ ත්‍රස්තවාදී ක්‍රියාව නැවැත්වූවා. බිය සැක තොර දේශයක් ලබාදුන්නා.

ඒ වගේම ආර්ථිකය හැසිරවීම. තුන්වන කරුණ තමයි යටිතල පහසුකම් සංවර්ධනය. කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය තිබූ රටක අපි ගමටත්, කොළඹටත් කිරි තත්ත්වය ලබා දුන්නා. මේ කාරණා තුනට අපිට සම්පූර්ණ ගෞරවය හිමිවිය යුතුයි කියා මා විශ්වාස කරනවා.

ඒ ගෞරවය දෙන්න කවුරු හරි මැළි වෙනවා නම් සම්පූර්ණ කුහකයෙක් වෙන්න ඕන. මේ ආණ්ඩුවේ යම් යම් දේවල් හොඳ නම් මං නිර්ලෝභීව ඒ ගෞරවය දෙනවා.

ඔබ කියූ ආකාරයට වත්මන් ආණ්ඩුවට නිර්ලෝභීව දිය හැකි ගෞරවනීය යමක් ඇත්තෙම නැද්ද?

තියෙනවා. මං බය නැතිව කියනවා. විශේෂයෙන්ම මුල් අවුරුදු දෙක තුළ විදේශ සම්පත් පිළිබඳ හොඳ තත්ත්වයක් තිබුණා. ලෝකෙ හුඟක් රටවල් මේ ආණ්ඩුවට උදවු කරන්න නිර්ලෝභීව ඉදිරියට ආවා. ඒකෙන් ප්‍රයෝජන ගත්තද නැද්ද කියල මා තර්ක කරන්නෙ නෑ. ඒකෙ ගෞරවය තියනවා. ඒ වගේම යම් යම් නීතිරීතිවලදී විශේෂයෙන්ම තොරතුරු දැන ගැනීමේ පනත වගේ ඒව වෙනුවෙන් මේ ආණ්ඩුවට ගෞරවය දෙන්න ඕනෑ. මොකද ඒ පනත මට වඩා ප්‍රයෝජනවත් වුණේ මගෙ නඩු හබවලට.

ආණ්ඩුව මේ තරම් ජනතාව පීඩාවට පත් කළත් විපක්ෂයක් ලෙස එවෙලෙට සටන් කරනවා මිසක අඛණ්ඩ සටනක්, අරගලයක් නැත්තෙ ඇයි?

අපේ පක්ෂය බොහොම සැලසුම් සහගතව කරගෙන යන්නෙ. ප්‍රාදේශීය සභාවල බලය ගත්තා, තව ඉස්සරහට යන්න ඕනෑ ගමන කොහොමද කියන කාරණා ක්‍රමානුකූලව අපේ ඔළුවෙ තියනවා. හතුරාට දියයුතු නෑ. දැනගත යුතු සහ දන්නා අය අපේ ගමන කොයි ආකාරයෙන්ද කියලා හඳුනා ගන්නවා.

කොතරම් ක්‍රමානුකූල වුවත් රටට ඉතා වටිනා හම්බන්තොට වරාය වසර 99කට පැවරීම, සිංගප්පූරු ගිවිසුම වැනි රටට අහිතකර ගිවිසුම්වලට එළැඹෙනකොට එවැනි දෙයක් හෝ වළක්වා ගැනීමට නොහැකි නම් මොකක්ද ඔබලාගේ මේ ගමනෙ තේරුම?

ඒකට අපි අවධානය යොමු කරලා ජනතාව දැනුවත් කරලා තියෙනවා. ඒක මේ ආණ්ඩුවේ තියෙන දේශද්‍රෝහීි ගතිය මේවායින් නවත්වන්න බෑ. අපේ ගමන මේවායින් නවත්වන්නත් බෑ. මේ වැරැද්දෙ මූලිකම දේ ජනවාරි 08 වැනිදා සිදුවුණේ. සමහර වැරැදි නිවැරැදි කරගන්න පුළුවන්. සමහර වැරැදි කවදාවත් නිවැරැදි කරගන්න බෑ. ජීවිතේ හැම කෙනෙක්ගෙම. ඒ වගේ සිද්ධියක් තමයි ජනවාරි 08 වැනිදා වුණෙත්.

දැන් මොන කතාව කිව්වත් පහුගිය වසර 10ක් තුළ ඵලක් නොවන ව්‍යාපෘතිවලට අතිවිශාල ණයක් ගැනීම නිසා නේද රට ණය උගුලක සිරවුණේ?

මං කියන්නෙ ඔය සියල්ලක් ගැනම පැහැදිලිව අපි අවංකව අවුරුදු ගණනක් තිස්සේ කිසිවකුට කළ නොහැකි දේවල් කළා.

අපි ගත්ත තීන්දු තීරණ ගැන නිර්භයව කියනවා. අපි ආර්ථිකය දියුණු කිරීම, යටිතල සංවර්ධනය ඒ ආයෝජන කිසිම කෙනෙක්ට කරන්න පුළුවන්ද කියලා. ඒවා ගැන මාධ්‍යත් තම යුතුකම ඉටු කරන්න ඕන. අද ලංකාවේ සිතියම අඳිනකොට ශ්‍රී ලංකා කියලා, ඊළඟට දාන්නෙ හම්බන්තොට වරාය කියලා. බලන්න හුඟක් සඟරාවල. ඒ ඇයි?

අද ඇමෙරිකාවේ උප ජනාධිපතිත් හම්බන්තොට වරාය ගැන කතා කරන්නෙ. මෙච්චර ලෝක යුද තත්ත්වයක් ගැන කතා කරන කොට මේ ගැන කතා කරනවා. ඒ තරම් ඒ වරාය වැදගත්ද කියන එක මේ පෙන්නුම් කරන්නෙ. මේක නාවික ක්ෂේත්‍රය විතරක් නෙමේ, හැම ක්ෂේත්‍රයකටම වැදගත් ස්ථානය බවට පත්වෙලා. එවැනි ආයෝජනයක් කරපු එකක් ගැන ගෞරවයක් තියන්නවත් බැරි කුහක පිරිසක් මේ ඉන්නෙ. වැඩේ තියෙන්නෙ ඒක විකුණලා. ඒකෙන් සල්ලි අරගෙන ඒ සල්ලි ටිකෙන් ණය නොගෙවා තාවකාලිකව භාණ්ඩාගාරයෙ තැන්පත් කරලා අද ක්‍රමයෙන් ඒවා එළියට අරගෙන එදිනෙදා පාවිච්චියට ගන්නවා. දැන් ණය ගෙවන්නෙ කොළඹ වරායෙන්.

මීට පෙර පවරා දුන් ඇතැම් ආයතන නැවත බලයට පත් ආණ්ඩු විසින් පවරාගෙන තිබෙනවා. යම්හෙයකින් රාජපක්ෂවරු නැවත බලයට ආවොත් ඒ පැවරූ සම්පත් ලබාගත හැකි යැයි සහතිකයක් දිය හැකිද?

ජනතාව අපට දෙන බලය අනුව තමයි ඒක තීරණය වන්නෙ.

ඩොලරයේ අගය ඉහළ යෑම ගැන ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ කරන්නෙ මෙය ලංකාවට පමණක් බලපෑ කරුණක් නොවන බව?

පාලකයෙක් මේවා ජනතාව මුළා කරන්න කියන කතා නම් අපට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ කට්ටියම ඒකට මුළාවෙලා නම් ඒක මහා භයානක තත්ත්වයක්. ප්‍රශ්නය දන්නෙ නැත්නම් අර ‍ෙදාස්තර මහත්තයා ලෙඩේ අඳුනාගෙන බෙහෙත් කරනවා නම් හරි. හැබැයි ‍ෙදාස්තර ලෙඩේ තත්ත්වය නොදැන, ප්‍රශ්නයක් නෑ හෙට අනිද්දට හොඳ වෙයි කියලා ලෙඩාට කියන ‍ෙදාස්තර මහත්තුරුත් ඉන්නවා. මේකෙ ලෙඩේ ‍ෙදාස්තර මහත්තයත් අඳුනාගෙන නැත්නම්, ‍ෙදාස්තරත් රැවටිලා නම් දෙයියන්ගෙම පිහිටයි මේ රටට.

මාස්පතා තෙල් මිල ඉහළ යෑමට ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑම නේද ඇත්තටම බලපාලා තියෙන්නෙ?

ඒක හැම රටකටම වෙනවා. අපේ කාලේ ඊට වැඩිය ඒක බලපෑවා. මෙතැන වෙලා තියෙන්නෙ ඩබල් ෂොක් එකක්නේ. මේ ආණ්ඩුවේ බැඳුම්කර වංචාව, මූල්‍ය කළමනාකරණය, දළ දේශීය නිෂ්පාදනය පහත වැටීම, ආදායම් මාර්ග වැසීයෑම ඔය සියලු දේවල්වලින් අගාධයට යන කොට ඒ අතර තෙලුත් වැඩි වුණාම මහජනතාවට ඩබල් ෂොක් එකක්.

අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා ලෝක වෙළෙඳපොළේ තෙල් අර්බුදයක් පවතින බව. ඔහු නැවතත් කියනවා තෙල් මිල සූත්‍රය ඔහු ළඟවත් නොමැති බව. අර ලෙඩෙයි, ‍ෙදාස්තරයි දෙකම පැටලී ඇති බවට ඔබ උදාහරණ ගෙනාවේ මේකටද?

මිල සූත්‍රය අනුව මේ අය මිල නියම කරන විදිහ මං දන්නෙ නෑ. නමුත් තෙල් මිලට බලපාන්නෙ තෙල් බැරලයක ජාත්‍යන්තර මිලයි. අනිත් පැත්තට ඒක ගෙවන්න ගන්න රුපියල ඩොලරයට සමානුපාතිකයි.

මේ දෙකම වැඩි වෙද්දි දෙපැත්තකින් දෙගුණයක වැඩිවීමක් වෙනවා. ඕක දන්නෙ නැත්නම් අගමැතිකම තියා මුදල් ඇමැතිකමවත් කරන්න බෑ. එතැනදි අපේ කාලෙදි අපි ඒ වෙනුවට වියදම වැඩිවෙද්දි ඒක දරාගන්න පුළුවන් වෙන්න ජනතාවගේ ආදායම වැඩි කළා. ඊළඟට වියදම් අඩු කළා. තව පැත්තකින් ඩොලරය වැඩි නොවී තියාගන්න උත්සාහ කළා.

දැන් ජනතාවගේ ආදායමත් අඩුවෙලා. තේ, රබර්, ගම්මිරිස් ටිකට මොකද වුණේ?

මේ දේශීයව ගත් තීන්දුවලින් මිස ජාත්‍යන්තරව ගත් තීන්දු නිසා නොවේ.

ගම්මිරිස් මිල අඩු වුණේ මොකද කියලා රහස් නෑ. ඒක ආරක්ෂා කරන්නට පත් කළ පුද්ගලයා විසින් තමුන්ගෙ පෞද්ගලික ලාභෙකට යෙදෙව්වා කියලා තමයි ප්‍රසිද්ධ වුණේ?

නමුත් රාජපක්ෂ පාලන කාලය තුළ තෙල් රුපියල් 100ට දෙන්න කියලා ශේ‍ර්ෂ්ඨාධිකරණය තීන්දු කළත් ඔබලා එය ක්‍රියාත්මක කළේ නෑ?

ඒ වගකීම අපි ගන්නවා. රජයක් හැටියට අපි කල්පනා කළා එදා ඊට වැඩි දුරක්.

වත්මන් ආණ්ඩුව “හුස්ම ගත් අවුරුදු තුනක්” හැටියට හඳුන්වනවා. ඔබලාගේ පාලනය තුළ ජනතාව හුස්මගෙන තිබෙන්නෙ අමාරුවෙන් කියලයි වක්‍ර අදහස?

හුස්ම විතරක් නෙවේ, ජනතාවගේ ලේ ටිකත් ගත්තා වගේ පේන්නෙ මේ පාලනයෙන්.

ඔබලාගේ පාලනය තුළ මාධ්‍ය මර්දනය තිබීමත් වත්මන් ආණ්ඩුව තුළ එය ක්‍රමයෙන් අඩු වී ඇති බවත් ඔබ පිළිගන්නවාද?

ඒක මාධ්‍යයෙන්මයි අහලා බැලිය යුත්තෙ. ඔබලාට නිදහසක් දැනෙනවාද?

දේශපාලනය හෝ ආර්ථිකය හෝ සංස්කෘතිය ගැන ඔබ මොන ප්‍රකාශය කළත් මේ දේශපාලනය ගෙන යන්නෙ රාජපක්ෂ-රනිල් යම් එකඟතාවකින් නේද?

ඒක පදනම් විරහිතයි. අපේ දේශපාලනය රනිල් එක්ක හෝ මෛත්‍රි එක්ක හෝ වෙනත් කෙනකු එක්ක හෝ නෙමේ. මගේ දේශපාලනය නම් තනිකරම රට ගැන හිතලා ගන්න තීන්දු තීරණ පමණයි.

ඔබ බොහෝ අවස්ථාවල වියුක්ත පුද්ගලයකු සේ විග්‍රහ දැක්වීමට උත්සාහ ගන්නවා. රාජපක්ෂ කණ්ඩායමෙන් ඇයි බැසිල් රාජපක්ෂ මේ විදිහට මමත්වයක් දරන්න හදන්නෙ?

මටත් අයිතියක් තියෙනවා. මම තනියම වගකීමක් ගත්තා නම් මං ගැනත් කියන්න ඕනෑ. මම කියන්නෙ මං ගැන.

ඔබට ප්‍රබල චෝදනාවක් තිබෙනවා ඔබ බන්ධනාගාරගත කරන හැම මොහොතකම රෝහල්ගතවීම ගැන?

ඒකත් වෛද්‍යවරු හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ගත්ත තීන්දුවක්.

ඔබ දේශපාලනයේ ප්‍රබලයෙක්. සිරගත කරන හැම මොහොතකම බැසිල් රාජපක්ෂ ලෙඩ වීම අනෙක් අයත් ආදර්ශෙට ගන්නවා නේද?

ඒකෙ වරදක් නෑ. ඒක අසාධාරණ චෝදනාවක්. හැම මනුස්සයම තමන්ගෙ යහපත කරගෙන මට චෝදනා කිරීම වැරදියි. ඒක මට තිබෙන අයිතිවාසිකමක්.

අවසන් වතාවට ඔබට ජනතාව වෙනුවෙන් ප්‍රකාශ කරන්න යමක් තිබෙනවාද?

විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ මහින්ද හිටපු ජනාධිපතිතුමා මේ වනතෙක් ගත්තෙ රට ගැන හිතලා ගත් තීන්දු. එහෙම නැතිව අපට තිබෙන වෙන තෙරපුමක් තුළින් හෝ බලපෑමක් තුළින් තීන්දු ගෙන නෑ. ජනතාව ඒ ගැන විශ්වාසය තබන්න. කිසිම විදිහකින් රාජපක්ෂලා අතින් රට ජාතිය පාවාදීමක් සිදුවන්නේ නෑ.

සංවාදය – අනුරාධා හේරත්

http://www.mawbima.lk/print20180101MB20181230.php?id=21648&fbclid=IwAR1-9OelYXJTBey4MObIyTrYN1KAqsIHO4KiYJt3ze8_Y6CvDU09Z2JWCwg

පොහොට්ටුවේ ඓතිහාසික ජය බැසිල් රාජපක්‍ෂ..

පොහොට්ටුව පිහිටුවා ඓතිහාසික ජයක් ගෙන ආවේ බැසිල් රාජපක්‍ෂයි.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා ගැනත් ගෝටා කියයි..
හෝමාගම, ගොඩගමදී ඊයේ දින පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

හැමෝම අහන ප‍්‍රශ්නයක් තමයි විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්ද කියන එක. විශේෂයෙන්ම ඒ දේ එක්සත් ජාතික පක්‍ක්‍ෂයට ලොකු අභියෝගයක් වෙලා තිබෙනවා. ඒ අය විවිධ මත ගෙන හැර දක්වනවා. මම හිතන්නේ ඒ කාර්යය ගැන මනා අවබෝධයක් තිබෙන, ජනතාවගේ විශ්වාසය දිනාගත්, දේශපාලන වශයෙන් පරිණත සියලූම මහජනතාවගේ නායකයා වූ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නියම අවස්ථාවේදී ඒ තීරණය ගනී. දෙවරක්ම ජනාධිපතිවරණයට තම නායකයා කවුද කියලා ඉදිරිපත් කරන්න බැරි එජාපයට තමයි මේ ප‍්‍රශ්නය වැඩිපුරම ගෙනෙන්නේ.

මේ වෙලාවේ වැදගත් වෙන්නේ අපි අපේ ජනතා බලවේගය ඒකරාශී කිරීමයි. අවශ්‍ය වෙලාවට සැලසුම් සකස් කරලා තිබුණා නම් කුමන නායකයා ආවත් අපිට ජයග‍්‍රහණය කරන්න පුළුවන්කම තිබුණා. එදා වගේම අදත් මහින්ද රාජපක්‍ෂ වටා මේ රටේ ජනතාව ඒකරාශී වෙලා ඉන්නවා. අපිට පක්‍ෂයක් නැතිව තිබෙන අවස්ථාවක පොදුජන පෙරමුණ ඇති කරලා ඓතිහාසසික ජයග‍්‍රහණයක් ලබා දෙන්න බැසිල් රාජපක්‍ෂ මහතාට හැකි වුණා.

සියලූම වෘත්තිකයන්ගේ අදහස් හා දැනුම එකතු කරගෙන ඉදිරි රජයකදී ක‍්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන්නයි වියත්මග ඇති කළේ. එම වැඩපිළිවෙළ මේ රටේ ජනතාව දැනුවත් කිරීමටයි එළිය සංවිධානය ඇති කළේ. ජනතා බලවේගය අධෛර්්‍යයමත් කරන වැඩවලින් අපි වැළකී සිටිය යුතුයි. එදා ඇතැමුන් ජනතාව නොමග යැව්වා. ඒකීය රටක් බලාපොරොත්තු වන, ආරක්‍ෂාවේ වැදගත්කම තේරුම්ගත් ජනතාවගේ බලවේගය ඉදිරියට ගෙන යෑමටයි අප සැමගේ යුතුකම වෙලා තිබෙන්නේ. ව්‍යවස්ථා සංශෝධන මගින් රටට වන හානිය පෙන්වා දුන්නා. අවුරුදු තිහක් තිස්සේ රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් කළ රණවිරුවන්ට ඇතිවෙලා තිබෙන තත්ත්වය ගැන කනගාටුයි. රටේ ආර්ථිකය කඩාවැටිලා.

ආර්ථිකය, ආරක්‍ෂාව ඉහළින් තිබූ, පාතාලය නැති රටක් තමයි එදා ජනවාරි 8 වැනිදා මේ රජයට භාර දුන්නේ. නමුත් අවුරුදු 4 ක් ඇතුළත මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම අපෙන් ගිලිහිලා ගිහින් තිබෙනවා. ජනතාව මුලා කරලා, සැලැස්මක් නැතිව, සුළු ජාතීන්ට බොරු කරලා, බලය ලබා ගැනීම පිණිසම විදේශීය බලවේග සමග එකතු වෙලා මේ රටේ බලය ලබා ගත්තා. ඔවුන්ට මේ රටේ ආරක්‍ෂාව, ස්වෙරීත්වය, ආර්ථිකය ගැන කිසිදු දැක්මක් තිබුණේ නැහැ. අද කොළඹ තත්ත්වය බලන්න. අපි ආරම්භ කළ ව්‍යාපෘති පමණයි අද තිබෙන්නේ. කටු කම්බිවලින්, තාප්පවලින් පිරී තිබූ කොළඹ නගරය සංවර්ධනය කළා, ලස්සන කළා. රටකට ආයෝජන වැදගත්. අපි යුහුසුළුව මේ රටට ආයෝජන ගෙනෙන්න කටයුතු කළා. අද මේ තිබෙන සියලූ ආයෝජන මෙරටට එදා ගෙනාවේ මහින්ද රාජපක්‍ෂ රජයයි. එදා අපි තට්ටු නිවාස පරිසරය දියුණු කළා. කොළඹ නගරයේ ප‍්‍රශ්න අපි අවබෝධ කරගෙන තිබුණා. මංමාවත් සකස් කිරීම ඇතුළු විශාල වෙනසක් ඇති අපි කොළඹ කේන්ද්‍ර කරගෙන ඇති කළා.

දේශපාලන වාසිදායක කතා කරනවා හැරෙන්නට මේ ආණ්ඩුවට කිසිදු දැක්මක්, සැලැස්මක් නැහැ. විවිධ ආයතන අපි එදා කෝට්ටේ නගරයට ගෙන ආවා. මේ රජය පාර්ලිමේන්තුව පමණක් නොව ජනතාවත් මුලා කරමින් සිටිනවා. අද ඔවුන් වැරදි මත ඉදිරිපත් කරමින් සිටිනවා. අපි එදා රාජ්‍ය සේවය කාර්යක්‍ෂම ලෙස භාවිතා කළා. මේ රට සංවර්ධනය කළේ රාජ්‍ය සේවකයන්. වත්මන් රජය සෑම රාජ්‍ය සේවකයෙක්ගෙන්ම පළිගත්තා. එදා රාජ්‍ය සේවකයන්ට නිදහසේ වැඩ කරන්න ඉඩ ලබා දුන්නා. පිටරට උපදේශකයන් නිසා නෙමෙයි මේ රට සංවර්ධනය කළේ.

නමුත් අද රාජ්‍ය නිලධාරීන්ට වැඩක් කරන්න බැහැ. නොබියව, නිදහසේ තීන්දු ගන්න බැහැ. අද රට කඩාවැටිලා තිබෙන්නේ ඒ නිසයි. අ¥රදර්ශී තීන්දු තීරණ හේතුවෙන් රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණා දැම්මා. ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ කඩාවැටීම හේතුවෙන් ලක්‍ෂ හතරකට ආසන්න සංඛ්‍යාවකට රැුකියා අහිමි වුණා. ආණ්ඩුවේ අකාර්ක්‍ෂමතාව, නොහැකියාව වසා ගන්න රාජපක්‍ෂ ආණ්ඩුවට බැනබැන ඉන්නවා. එදා මහින්ද රාජපක්‍ෂ රජය ආර්ථිකය දියුණු කළේ, රට සංවර්ධනය කළේ යුද්ධයක් තිබියදී. ගොවීන්ට පොහොර සහනාධාරය දුන්නා. කෘෂිකර්මාන්තය දියුණු කළා. ආර්ථිකය මෙහෙයවන්න හැකි පුද්ගලයන් එතුමා වටා සිටියා. මේ රජය ඉදිරියට යන්නේ දේශපාලන පළිගැනීම්වලින් පමණයි. ඒ හේතුව නිසයි අද රට මෙවැනි තත්ත්වයකට පත්ව තිබෙන්නේ.

– චාමින්ද කරුණාරත්න

ගාලු මුවදොර මැයි දිනය රැලිය..

සමස්ත ලෝකයේ කම්කරු ප්‍රජාව උත්කර්ශවත් අන්දමින් සමරනු ලබන කම්කරු දිනය අදට (01) යෙදී ඇත. ධනේෂ්වර පංතියට එරෙහිව කම්කරු පිරිසක් පැය 8කට තම වැඩමුරය සීමා කරන ලෙස ඉල්ලමින් 1988 මැයි 01 වැනි දා චිකාගෝ නුවරට එක්වූහ. මෙම වැඩවර්ජනයේ දී කම්කරුවන් 4 දෙනෙකු මිය අතර තවත් කම්කරු නායකයින් අත්අඩංගුවට පත් විය. මෙම අරගලයේදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද මිය ගියහ. එම කම්කරු අරගලයේ කම්කරු අයිතීන් වෙනුවෙන් රුධිරය වැගිරූ තම සගයින් සාදාතනිකව සිහිකිරීමට 1889 වසරේ රැස්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේය. ඒ අනුව සෑම වසරක මැයි 01 වැනි දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍ර‍කාශයට පත්විය. ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය. 1956දී මැයි දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මැයි දින ඉතිහාසය1926 වර්ෂයේ මැයි දිනය කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එදා මැයි දිනය, මැයි පෙරහැරක් පවත්වා වැඩ කරන ජනතාවට කී‍්‍රඩා උපකරණ තෑගි ලෙස ලබා දුන්නේය. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ප්‍ර‍ධාන පක්ෂ වෙන් වෙන් වශයෙන් මැයි දින සැමරුම් උත්සව උත්කර්ශවත් ලෙස සංවිධානය කර තිබේ. ඒ අනුව කොළඹ, මහනුවර, නුවරඑළිය යන ප්‍රදේශවල ප්‍ර‍ධාන වශයෙන් මැයි රැළි පෙළපාල හා උත්සව සංවිධානය කර තිබේ. එසේම ඒ ඒ පක්ෂ විසින් තේමා පාඨ යොදා ගනිමින් මෙම මැයි දින සමරුමට එක්ව සිටින සිටිති. මෙම අවස්ථාවන් සඳහා ඒ ඒ ප්‍ර‍දේශවල විශේෂ රථ වාහන සැලැස්මක් සහ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.

කම්කරු ජනතාවට වෙනුවෙන් සිදු කරනු ලබන මෙම පෙළපාලි සහ උත්සවලදී පක්ෂ භේදයෙන් තොරව පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවධානය යොමු කිරීම ද වැදගත් වේ. පෙළපාලි මග දෙපස හෝ උත්සව භූමි තුළ පොලිතීන්, ප්ලාස්ටික් වතුර බෝතල් ඇතුළු අපද්‍ර‍ව්‍ය නොදැමීමට වගබලාගැනීම ද ඉතා වැදගත් වේ.