ජවිපේ භීෂණ කාලයේදීත් ජනාධීපතිවරණය කල් නොදමා පැවැත්වුවා.

අද (07) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු නියෝජිතයින්
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
පූර්ණ ආරක්ෂාවක් ඇතිව පාසල් යනන පුලුවන් නිසා පාසල් පසුගිය 6 වැනිදා පාසල් ආරම්භ කරන බව කියපු අධ්‍යාපන අමාත්‍යංශය ඊට පස්සේ 6 වසර සිට 12 වසර දක්වා පාසල් ආරම්භ කරන බව. ඒ අතරේ අධ්‍යාපන ඇමැති කියනවා සුරක්ෂා රක්ෂණය තියෙනවා පාසල් යන්නලු. මේ පණිවිඩයෙන් පස්සේ මුලු ලංකාවෙම පාසල් පැමිණීමේ ප්‍රතිශතය 4%ක් විතර වුනා. මෙයින් පෙන්නේ ආරක්ෂාව පිළීබද සහතිකයක් මේ රටේ ජනතාවට නැති බවයි. රුපියල් ලක්ෂයක සුරක්ෂණය දෙන නිසා දෙමව්පියන්ට දරුවෝ පාසල් යවන්න කිව්වට දෙමව්පියෝ පරික්ෂණවලට දරුවෝ යවන්නේ නැති බව ඇමැතිතුමා දැනගන්න ඕනේ. මේ ආන්ඩුවේ තියනෙ නොහැකියාව වගේම ආරක්ෂාව ගැන ජනතාව සෑහිමකට පත්වෙන්නේ නැහැ. පාසල් ආරම්භ කරන්න ඕනේ ආරක්ෂාව තහවුරු කරලයි. පාසල අවට ඉන්න දරුවෝවත් පාසලට එවන්නේ නැතිව වාහනවලින් දරුවෝ එවයිද? ආරක්ෂාව සහතික කරලා ජන ජිවිතය නැවත නගා සිටුවන්න අවශ්‍යයි.
විපක්ෂයක් විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ආරක්ෂාව සම්බන්ධයෙන් යෝජනාවලියක් ලබාදුන්නා. විපක්ෂ නායකතුමාත් හිටපු ආරක්ෂක ප්‍රධානීන් ගෙන්වලා ආරක්ෂාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදුන්නා. විපක්ෂයක් විදියට අපි අපේ සහයෝගය දෙමින් සිටිනවා.
දැනට අත් අඩංගුවේ සිටින ඊබ්‍රහිම් මොහොමඞ් ලංකාවේ හොදම අපනයනකරු බව රිෂාඩි බදියුදීන්ගේ පුවත්පත් සාකච්ඡාවක සදහන් වුනා. ඒ කියන්නේ ත්‍රස්ත ප්‍රහාරයේ සහෝදරවරු දෙන්නාගේ පියා. ඔවුන්ගේ පියා හොදම අපනයනකරු. ගම්මිරිස් ප්‍රතිඅපනයනය කිරීමේ වෙළෙද බලපත්‍රය දීලා තියෙන්නේ ඔහුට. ගමේ මිනිස්සුන්ගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශකරපු මනුෂ්‍යාට අපි කියන්නේ හොදම අපනයනකරු කියලයි. ව්‍යාපාරිකයෙක් විදියටයි හදුනන්නේ. ඔහුගේ කොම්පැණිය හදුනන්නේ නැහැ කියලා ඔහු සදහන් කරලා තියෙනවා. මේ විදියට නාදුනන කෙනෙක්ට ගම්මිරිස් ප්‍රතිඅපනයනය කිරීමේ බලපත්‍රය දුන්න නිසා තමයි මේ අපරාදය වුනේ.
පහුගිය දින කිහිපයේ ආන්ඩුවේ ඇමැතිවරුන්ගේ කතාවලින් පේන්නේ රාජපක්ෂ භීතිකාව නැවත ඇතිවෙලා කියලයි. එක පැත්තකින් 2015ට කළින් මේ ඉස්ලාම් ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තොරතුරු ලැබිලා තිබුණලු. හිටපු ඇමැතිවරයෙක් කියනවා බැසිල් රාජපක්ෂ මහතා රිෂාඩි බදියුදීන් ගොඩනැගුවා කියලා. මේක ඉතාම කණගාටුදායකයි. 2017, 2018 දීත් තුර්කි තානාපතිවරයා දෙසැරයක් ආරක්ෂක අමාත්‍යංශයට ලිපි යවලා කියනවා තුර්කියේ ත්‍රස්තවාදී සංවිධායනයක සාමාජිකයින් පනස්දෙනෙක්ගේ පැමිණීම සම්බන්ධයෙන්. මොවුන් අත් අඩංගුවට අරන් භාරදෙන්න කියලත් ඉල්ලා තිබෙනවා. එතුමාගේ ලිපියට පිළීතුරු නැති නිසා ආරක්ෂක අමාත්‍යංශයට ගිහින් එවකට ආරක්ෂක ලේකම් හමුවෙලා මම එවලු ලිපියට පිළිතුරු නැත්තේ ඇයි කියලා විමසීමක් කරපුවාම එය ආරක්ෂක මණ්ඩලයට යවලා පියවර ගන්න බවයි කියලා තියෙන්නේ. නැවත වරක් විමසීමක් කළාම ආරක්ෂක මණ්ඩලයට දැම්මත් මුස්ලිම් දේශපාලනඥයින් දෙදෙනෙක්ගේ බලපෑම් නිසා මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න බැරිවුන බව සදහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් තුර්කා තානාපතිවරයා සදහන් කරනවා. මොවුන් ඉස්ලාම් රැඩිකල්වාදය පතුරන පිරිස්. පාස්පෝට් අංක පවා දුන්නත් මේ සම්බන්ධයෙන් පරික්ෂණ වෙන්නේත් නැහැ. කිසිවෙක් අත් අංඩගුවට ගත්තේ නැහැ කියලා තුර්කි තානාපති සදහන් කරනවා. අපේ ආන්ඩුවක් තිබුණා නම් මේ වෙද්දි මොවුන් අත්අඩංගුවට පත්වෙලා. ඇමැතිවරුන් බුද්ධි අංශය නැති කලේ නැහැ කියලා මාධ්‍ය ඉස්සරහට ඇවිත් කිව්වාට, බුද්ධි අංශයේ ශම්මි කරුණාරත්නලා හිරේ දැම්මාට පස්සේ, මාරුකළාට පස්සේ, ගිරිතලේ සම්පූර්ණයෙන්ම වහලා දැම්මාට පස්සේ බුද්ධි අංශයේ හයයි හිරේ ඉන්නේ, අනෙක් අයට අපි හානි කරලා නැහැ කිව්වාට වැඩක් නැහැ. ඒ මාරුකරපු අය දැන් කැදවන්න. වසන්ත සේනානයක මහතා හෙළිකරපු මේ කාරණයත් එක්ක පැහැදිලි වෙන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආන්ඩුවට කිසිම වැඩපිීළිවෙලක් නැති බවයි. රටවල් 180ක අන්තවාදී විදියට ඉස්ලාම් ධර්මය පතුරුවන මේ සංවිධානය රටවල් 22ක තහනම් කරලා තිබියදීත් ආන්ඩුව කිසිදු ප්‍රකාශයක් කලේ නැහැ. තුර්කි තානාපති දේශපාලනඥයින් දෙදෙනෙක් ගැන සදහන් කළත් මේ වන තෙක් ඔවුන්ගෙන් ප්‍රශ්න කරලා ප්‍රකාශයක් සටහන් කරගෙන නැහැ. හැබැයි පියල් නිශාන්ත මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැය 5ක් ප්‍රශ්න කරනවා. ප්‍රධාන සැකකරුවන් විදියට මිනිස්සු සැකකරන මේ දෙපලගෙන් තවම කිසිදු ප්‍රශ්න කිරිමක් නැහැ.
සංචාරක ව්‍යාපාරිකයින් පිරිසක් හා විපක්ෂ නායකවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුනා. ඔවුන් කියන්නේ තවමත් හෝටල්වලට සංචාරකයෝ එන්නේ නැතිබවයි. මේ වන තෙක් විදේශ ඇමැතිවරයා, සංචාරක ඇමැතිවරයා වචනයක්වත් කතා කරලා නැහැ. ව්‍යාපාරිකයින් කියන්නේ සංචාරක ව්‍යාපාරය නැංවිමට ආන්ඩුවේ කිසිම දායකත්වයක් නැහැ කියලා. ඔවුන් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියා මේ සම්බන්ධයෙන් නායකත්වය ගන්නා ලෙසත්.
අපේ කාලයේ තිස් අවුරුදු යුද්ධයක් නිමවීමෙන් පස්සේ ලංකාවේ අයිෆා එක තිබ්බා. අපි ඒකෙන් පෙන්නුවේ අල්පෙනෙත්තක්වත් බිම වැටෙන්නැති රටක් බව. සංචාරක ව්‍යාපාරයට අනාරක්ෂිත කළාපයක් නොවන බව අපි ලොවට ඔප්පු කළා. අගමැතිතුමා බටහිර එක්ක හොදනම් කරුණාකරලා මේ වෙලාවේ බටහිරෙන් ප්‍රකාශයක් ගන්න. අද බටහිර රටවල් කියන්නේ ලංකාවට යන්න එපා කියලයි. ආන්ඩුව බටහිරට ඕනේ විදියට රට කරනවා නම් රටට තියෙන ආදායම් රැක ගන්න පියවර ගන්න ඕනේ. මේ මාස හයෙත් කරදර නොදී මැතිවරණයකට යන්න.නැත්නම් ආන්ඩුව කරන්න පුලුවන් ක්‍රමවේදයක් හදන්න. මේ වෙද්දි ව්‍යාපාරකයින්ගේ ලීසිං කරපු වාහන ගෙනියන්න පටන් අරන්. රටේ තියෙන තත්ත්වය දෙස බලා ආරක්ෂාව තහවුරු කරන්න. නැත්නම් රටට ඉදිරියට යන්න බැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා
විපක්ෂයත් දුර්වලයි කියලා පහුගිය කාලයේ කිව්වා. ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේන් ජනතාවගේ ආරක්ෂාව සැලසීමේ බලය ලබා දීලා තියෙන්නේ විධායකයටයි. ව්‍යවස්ථාදායකයේ ආන්ඩු පක්ෂය හා විපක්ෂය සිටිනවා. විපක්ෂයේ අපි කරන්නේ විපක්ෂයේ කාර්යභාරයයි. වගකීම් සහිත විපක්ෂයක්විදියට අපි කටයුතු කළා. වෙන විපක්ෂයක් තිබුණා නම් මේ වෙලාවේ බොරදියේ මාලුබාන්න කටයුතු කරනවා. අපි අදත් විපක්ෂයේ කාර්යභාරය ඉටුකළා. 2015දි අපි භාරදුන්නේ දකුණු ආසියාවේ සුරක්ෂිතම රටයි. ඒ වෙලාවේ යම් යම් ආරක්ෂක විධිවිදාන ක්‍රියාත්මක වුනා. මර්මස්ථාන ආරක්ෂා කළා. එවකට ජෝන් අමරතුංග ඇමැතිවරයා ජනාධිපති මාවතේ තිබුණු මාර්ග බාධකය විවෘත කලේ ඒකට පයින් ගහලයි. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුමක් තිබුණා නම් ආණ්ඩුවක් මාරුවුනා කියලා ඒ විදියට රටේ ආරක්ෂාව හැල්ලු කරන්නේ නැහැ. තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා ඕනම කෙනෙක්ට ඕන දෙයක් කියන්න කරන්න ඇරලා රාජපක්ෂවරුන්ට නඩුදාන එක ගැන විතරයි බැලුවේ. අදත් ඒක පටන් අරන් තියෙන්නේ.මොන දේ වුනත් වගකියන්න ඕනේ රාජපක්ෂවරයෙක් තමයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආන්ඩුව රටේ තිබුණූ දරුණූම ත්‍රස්තවාදය පරාජය කරලා ප්‍රජාතන්ත්‍රවාදය ගෙනාවා. ඒ නිසා අලුත් ආන්ඩුවක් බලයට එන්න මාර්ගය හැදුනා. ජනතාවට අලුත් ජිවිතයක් ලබාදුන්නා. ඒ සියලු දේ අමතක කරලා මුව හමට තඩිබෑමේ කාර්යය කිරීම නිසා රටම අනාරක්ෂීත කරලා. විපක්ෂයට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නැහැ. ව්‍යවස්ථාවෙන් රටේ ආරක්ෂාව දීලා තියෙන්නේ විධායකයටයි. රට අනාරක්ෂීතවිම වැලැක්වීමට කටයුතු කිරීමයි කළ යුත්තේ. රටේ බුද්ධී අංශවලට කරපු අපරාධය ගැන පාර්ලිමේන්තුවේදී නිරන්තරයෙන් කතා කළා. අදටත් රිමාන්ඞ් කරපු අයට මහාධිකරණයේ නඩු පවරන්න චෝදනාවක් ගොනු කරගන්න බැරිවුනා. සිද්ධ වුනු එකම දේ අපිට තොරතුරු ලැබෙන මාර්ග අවහිරවීමයි.
ඉන්දීය බුද්ධි අංශයට මේ පණිවිඩය ගියා. පහරදෙන ස්ථාන, පහර දෙන දිනය, සියල්ලම ඉන්දියාවට ලැබුණා. ඉන්දියාවේ බුද්ධි අංශවලට රජය බලපෑම් කරන්නේ නැහැ. ඉන්දියාව දුන්න තොරතුරු ගණනය කරගන්නවත් අරක්ෂක අංශවලට නොහැකි වුනා. පොලිසියේ එකම එක ඩි. අයි. ජී කෙනෙක් තමන්ට ලැබුණූ තොරතුර අදාල අංශයවලට දැනුම්දුන්නා. ඒ නිසයි ප්‍රභූ ආරක්ෂක අංශයට තොරතුර ලැබුනේ. එතුා ප්‍රභූන් ආරක්ෂා කළා නෙවෙයි. එතුමා යටතේ ප්‍රභූ ආරක්ෂාව තිබුණ නිසා එතුමා කලේ එතුමාගේ රාජකාරියයි. මෙවැනි අනාරක්ෂිත තත්ත්වයකට රට පත්කරපු රජයක් අපිට ඇගිල්ල දිගු කරන්නේ ඇයි. අපි රටේ සංවර්ධන වේගය වැඩිකළා. වාහන ආවා. මිනිස්සු සතුටින් හිටියා. මේවා බොරුවැඩ. ණය ගන්නවා කියලා බලයට ඇවිත් ඒ අය ගත්ත ණයවලින් කරපු දේකුත් නැහැ.
දැන් මේ ආණ්ඩුව මියගිය ආන්ඩුවක්. වෙනදා ආණ්ඩුවෙන් පණිවිඩයක් දෙනකොට මහජනතාව ඇහුම්කන් දෙනවා. දැන් පාසලකට ළමයි එවන්නේවත්නැහැ. ඇයි ඒ? මේ රජය ගැන විශ්වාසයක් නැති එක. මහජනයා විශ්වාස කරන්නේ නැහැ කියන්නේ මේ ආන්ඩුව මියගිහින්. අවසන් හුස්ම හෙලමින් සිටින්නේ. අනලස්ව වැඩකරපු රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය බිංදුවට වැටිලා. එෆ්. සී. අයි ගෙන්වලා දක්ෂ නිලධාරීන් බංකුවල තියලා වාඩිකරලා ප්‍රශ්න කරනවා. පොලිසියටත් වුනා. වැඩක් කරලා ප්‍රශ්න දා ගන්නවාට වැඩිය වැඩ නොකර ඉන්න එක හොදයි. අද මුලු රටම එක තැන හිටලා. විශාග ආර්ථික ප්‍රපාතයකට රට වැටිලා තියෙන්නේ. අදටත් වැඩපිළිවෙලක් නැහැ. මේ ප්‍රශ්නය විදෙස් මාධ්‍ය අගමැතිගෙන් විමසුවාම කිව්වේ සංචාරකයෝ තමයි මේ රටට එනවාද කියලා තීන්දු කරන්න ඕනේ කිව්වා. වචනයක්වත් කිව්වේ නැහැ අපි සංචාරකයින් ආරක්ෂා කරනවා කියලා. සිද්ධියෙන් පස්සේ හිටපු ආරක්ෂක ලේකම්වරයා කොච්චිකඬේ පල්ලිය ලගදී විදෙස් මාධ්‍යයට කියනවා හෝටල්වලට අපි ආරක්ෂාව දෙන්නේ නැහැ කියලා. එවැනි බාල ප්‍රකාශ කරන අත්දැකීම් අඩු අයටයි වගකීම් භාරදීලා තියෙන්නේ. අද රජයන් දෙකක් ක්‍රියාත්මකයි. එක කොටසක් මේ පැත්ත බලද්දි අනිත් කොටස බලන්නේ අනිත් පැත්ත. තමන්ගේම ජනාධීපතිට කැලෑපත්තර ගහනවා. මෙහෙම රටක් තිබුණාද? මේ තරම් දුර්වල වගකීම් රහිත ආන්ඩුවක් වුනත් අපි විපක්ෂයේ කාර්යභාරය ඉටුකරලා මේ තත්ත්වයෙන් ජනතාව ගලවා ගන්න අපිට කළ හැකි කාර්යභාරය ඉටුකරනවා.
විශාල අනාරක්ෂිත තත්ත්වයක් තිබියදී අපි උත්සාහ කරන්න ඕනේ එකිනෙකා අතර මිත්‍රත්වය වැඩිකර ගත යුතුයි. අයි. එස්.ත්‍රස්තවාදයක් මේ රටේ ක්‍රියාත්මකයි. ඒ ත්‍රස්තවාදය කොපමණද කියනවා නම් මැරෙන්නේ අඹුදරුවෝ. කුසේ ඉන්න දරුවෝ ඔක්කොම එක්ක. භාර්යාව,පියා, මව, සොයුරු සොයුරියන් සේරම මැරෙනවා. ඒ තරමට මේ ත්‍රස්තවාදය භයානකයි. රජය නොදැන මේ රටට විදේශ විනිමය ගේන්න පුලුවන්ද? මහ බැංකුව නොදැන කිසිවෙකුට ඩොලර් 10000ට වැඩිය මේ රටට ගේන්න බැහැ. වෙන රටකට ගෙනියන්න බැහැ. මහ බැංකුවට විශාල ගණුදෙනු සම්බන්ධයෙන් දන්වන්න වෙනවා. මොවුන් රට අභ්‍යන්තරයෙන් සල්ලි හොයාගත්තාද?, පිටින් සල්ලි එව්වද කියලා කියන්න ඕනේ. මේ දේවල් තවදරටත් සගවන් ඉදලා හරි යන්නේ නැහැ. මුස්ලිම් ජනතාවත් මේ සිද්ධියේදී ඔත්තු දිලා තියෙනවා. ආන්ඩුව මේ විදියෙන් අපිට ඔත්තු ලැබෙන ක්‍රමවේදයක් සකසා ගැනිම් අවශ්‍යයි.
ආනයන අපනයන පාලකගේ සහතිකය නැතිව ගම්මිරිස් අපනයනය කරන්න බැහැ. ලංකාවේ එකම අමාත්‍යංශයේ කිසිම ඇමැතිවරයෙක් ඉදලා නැහැ. රිෂාඞ් බදියුදීන් තමයි ඒ විදියේ ඉන්නේ. ලොකු දැනුමක් තිබිලාද ඉන්නේ.ආයතන 46ක් එක පුද්ගලයෙක් අතට දීලා තියෙනවා.ඔහුගෙන් ප්‍රශ්න නොකළට පියල් නිශාන්ත මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කරනවා වැරදි ප්‍රකාශයක්කිරිම ගැන.
මේ පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුනේ ජාතික ලයිස්තුවෙත් ඉන්නවා. මාධ්‍යයක මේ පුද්ගලයා ඉතාම හොද පුද්ගලයෙක් කියලා පළවෙනවාත් මම දැක්කා. වෙනකෙනෙක් කළා නම් එහෙම කියන්නේ නැහැ. බුද්ධි අංශ අනතුරු ඇගවීම් නොසලකා හිටියේ ඇයි කියලා අපි ආන්ඩුවෙන් අහන්නේ අදවෙද්දි සමස්ත ජනතාවම අනාරක්ෂිත වෙලා නිසයි. මේ ආන්ඩුව දෙපත් නයෙක් වගෙයි. ඔලු දෙක දෙපැත්තට අදිනවා. එක පාරක යන්න බැහැ.
අද ජනතාව අහන්නේ කාදිනල්තුමා කියන දේ විතරයි. ආන්ඩුව කියන දේ අහන්නේ නැහැ. වෙන රටක මේ විදියේ තත්ත්වයක් ඇති වුනානම් ආන්ඩුව අස්වෙලා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා
අධයාපන ඇමැතියවරයාගේ දැනුම්දිම මත පාසල් ඇරඹුණා. ඇමැතිවරයාගේ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරය සිසුන්ගේ පැමිණීමෙන් පේනවා. අධ්‍යාපන ඇමැති කෙනෙක් වුනාම ප්‍රායෝගික දැනුමක්වත් තියෙන්න ඕනේ. සිසුන් රක්ෂණය කරලා නිසා බය නැතිව පාසල් යවන්නලු. ඒ කතාවෙන් පැහැදිලි වෙන්නේ දරුවෝ බිල්ලට දිලා රක්ෂණය විදියට දෙන රුපියල් ලක්ෂ දෙකක විතර මුදල ගන්න කියන එකයි.මේ කතාවෙන් පස්සේ දෙමව්පියෝ තවත් බය වුනා. රක්ෂණය ගැන මතක් වුනේ බැරෑරුම් තත්ත්වයක් තියෙන නිසා කියලා තේරුම් ගත්ත දෙමව්පියෝ දරුවෝ පාසලට එව්වේ නැහැ. ආන්ඩුවේ ප්‍රකාශවලට කිසිම පිළීගැනීමක් නැහැ. මේ තත්ත්වය ගැන ඇමැතිවරයා සදහන් කලේ ළමයි නැති වුනාට ගුරුවරුන්ගේ පැමැණීම හොදයිලු. ගුරුවරු එන්නේ උගන්වන්නනේ. ළමයි තමයි ඉගෙන ගන්න එන්නේ. දැන් ගුරුවරුන්ටත් ඉගෙන ගන්න වෙලා. මේ විදියට බොලද විදියට ඇමැතිවරු තවදුරටත් කටයුතු කරන්න එපා.ජනතාවට බය වෙන්නේ නැතිව රුකියාවට යන්න. දරුවෝ පාසල් යවන්න කිව්වාට අපි දැක්කා මාධ්‍යයේ පලවෙනවා මේ දවස්වල ඇමැතිවරු බය වෙලා අමාත්‍යංශවලට එන්නේ නැති බව. අවුරුදු තිහක ත්‍රස්තවාදයක් තියෙන කාලෙය් මහජන නියෝජිතයෝ විදියට අමාත්‍යංශවලට ගියා, උතුරු නැගෙනහිරට ගියා. බෝම්බ, පැති බෝම්බ තුවක්කු , බිම් බෝම්බ හැමදේම තිබුණා. මැතිවරණ ටිකත් හරියට පැවැත්වුවා. මේ ආන්ඩුවේ අකාර්යක්ෂමතාවය තමයි සියලු දෙයින් පේන්නේ.
කොළඹ සිට අනුරාධපුරයට යද්දි රටේ තත්ත්වය දැක්කාම කණගාටු හිතෙනවා. යුද්දේ කාලයේ ගුවන්තොටුපලට ගැහුවා. ගුවන් යානා පිච්චුවා. ඒ වුනත් සතියක් දෙකක් යද්දි සංචාරකයෝ ගුවන්මගින් ආවා. ඒ කියන්නේ රජය ගැන විශ්වාසයක් තිබුණා. විෂය භාර ඇමැතිවරයා භය වෙලා හිටියේ නැහැ. මේ අය වාහනයක් ඇතුළට ගන්න දෙන්නේ නැහැ. කිලෝමීටරයක් විතර පයින් යන්න සකස්වලා තිබුණා. මේවා දැක්කාම සංචාරකයෝ එන්නේ නැහැ. මේ වගේ එකමුතුවක් නැති කැබිනට් මණ්ඩලයක් නැහැ. හෝටල් ව්‍යාපාරකියන් කිව්වේ රටේ නායකත්වය හා ආන්ඩුවේ දුර්වලතාවය නිසා කිසිම සංවර්ධනයක් වෙන්නේ නැති නිසා රටේ වෙනසක් ඇති කරන්න කියලත් ඒ සදහා නායකත්වය ගන්න කියලත් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලුවා. සෘජු නායකයෙක් නැති වුනොත් රට තවත් කඩා වැටෙනවා. පළාත් සභා විසුරුවලා සෑහෙන්න කාලයක් වෙනවා. ඌව විතරයි විසුරවන්න තියෙන්නේ. මේ අය ජනතාවට බයේ මැතිවරණය නොතියා ඉන්න උත්සාහ කරමින් සිටියේ. දැන් හදිසි නිතියට මුවාවෙලා මැතිවරණ ගැන කතා නොකර ඉන්නවා. ජනාධීපතිවරණයත් නොතියා ඉන්නයි අත්සාහ ගන්නේ. යුද්ධය අවස්ථාවේදීත්, ජවිපේ භීෂණ කාලයේදීත් ජනාධීපතිවරණය කල් නොදමා පැවැත්වුවා. ඒ විදියටම ජනාධපතිවරණය නිසි වෙලාවට තියන්න ඕනේ. තවත් ජනතාව පීඩාවට නොකර මහ මැතිවරණයක් මගින් ජනතාවට කැමැති පාලනයක් පත්කර ගන්න අවස්ථාව දෙන්න. ආන්ඩුව වැරදි කරලා වැරදි කරලා ජනතාව වෙනුවෙන් කරන්න තියෙන එකම යුතුකම මේකයි

රටේ තත්ත්වයෙන් දේශපාලන වාසි ගන්න හිතන්නේ නැහැ වගේම අවාසි ගන්නත් අපි සූදානම් නැහැ.

රටේ තත්ත්වයෙන් දේශපාලන වාසි ගන්න හිතන්නේ නැහැ වගේම අවාසි ගන්නත් අපි සූදානම් නැහැ.
– බැසිල් රාජපක්ෂ
මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඕනෑම කැප කිරිමක් කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවත් ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයේදි දේශපාලන වාසිගන්නේ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ මහජන එක්සත් පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද (06) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමිනි.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළීතුරු දුන් බැසිල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

මාධ්‍ය – මේ වෙද්දි රටේ තියෙන්නේ බැරෑරුම් තත්ත්වයක්. භයානක තත්ත්වයක්. මේ ගැන මොකද හිතන්නේ.
බැසිල් රාජපක්ෂ මහතා – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ කණගාටුදායක අවස්ථාවේදීත්, ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයේදීත් වාසියක් ගන්න හෝ පූර්ව නිගමනවලට එන්න සූදානමක් නැහැ. මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඕනෑම කැප කිරීමක් කරන්න අපි සූදානම්. දේශපාලන මඩ ගැහිමක් හෝ වෙනත් ප්‍රයෝජනයක් ගන්න හිතන්නේ නැහැ. දේශපාලන වාසි ගන්නේ නැහැ වගේම අවාසි ගන්නත් අපි සූදානම් නැහැ.

මාධ්‍ය – අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනේ කුමක් සම්බන්ධයෙන්ද?
දිනේෂ් ගුණවර්ධන මහතා – පක්ෂ දෙක අතර සාකච්ඡාවක් පැවැත්වුවා. පක්ෂය සම්මතකළ සම්මේලනයේ යෝජනාව ගැනත් වත්මන් දේශපාලන තත්ත්වයත් ගැන සාකච්ඡා කලා.ඒ වගේම මේ වෙද්දි මහජනතාවගේ ඡන්දයෙන් තේරුණු ආයතන විදියට ක්‍රියාත්මක වෙන්නේ පළාත් පාලන ආයතන විතරයි. සියලු පලාත් සභා මේ වෙද්දි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි මේ සම්බන්ධයෙනුත් සාකච්ඡා කළා.

මාධ්‍ය – ඉදිරියේදි දිගටම ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ සමග ඒකාබද්ධව දේශපාලනයේ නිතර වෙන්න අදහස් කරනවාද?
දිනේෂ් ගුණවර්ධන මහතා – ආණ්ඩුව එළවිය හැකි සියලු බලවේග ඒකාබද්ධ කිරීමයි අපේ අදහස. ජාතියම කළකිරිලා. ආන්ඩුව ගෙදර යවන්න දෙයක් නැහැ. අද ආන්ඩුවක් නැහැ. නමුත් සංඛ්‍යාත්මකව පාර්ලිමේන්තුවේ සංයුතිය තියෙන්නේ ඒ අයගේ පැත්තේ නිසයි මේ විදියේ අස්ථාවර තත්ත්වයක් ඇති වුනේ.

මාධ්‍ය – ආර්ථිකය බරපතල තත්ත්වයකට මුහුණ දීලා. පක්ෂ දේශපාලනිකව ගොඩ යන්න හිතනවා මිස රටක් විදියට ගොඩ යන්න හිතන්නේ නැහැ.
දිනේෂ් ගුණවර්ධන – විපක්ෂය වගකීමකින් කටයුතු කර තිබෙනවා. නමුත් ආන්ඩුව වගකීමෙන් කටයුතු නොකිරීම නිසයි මෙවැනි තත්ත්වයක් ඇති වුනේ. මේ තරම් ඛේදවාචකයකට මුහුණ දෙන්න වුනේ ඒ නිසා කියලා වගකීමක් සහිත ආණ්ඩුවක් නම් පිළීගන්න ඕනේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඡන්දයකින් තොරව සම්මත කර දුන්නෙත් රටේ ජනතාවත් ව්‍යාපාරිකයින් සහ ආර්ථිකය නංවාලීමට හදිසි නීතිය යොදාගන්න අවස්ථාව දෙන්නයි. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා කරුණු දක්වා තිබෙනවා. විවිධ අංශ විපක්ෂ නායකතුමා හා ඒකාබද්ධ විපක්ෂය හමුවෙමින් සාකච්ඡා පවත්වමින් තිබෙනවා.

මාධ්‍ය – මේ ත්‍රස්ත සංවිධානයට විශාල මුදල් ප්‍රමාණයක් තිබෙන බව කියනවා. ඇයි තහනම් කරන්නේ නැත්තේ.
දිනේෂ් ගුණවර්ධන – ආරක්ෂාව දෙන්නේ හමුදාවයි. රජය යන්නේ හෙමින් ගමනක්. නීිතිය යටතේ මොවුන්ගේ දේපල රාජසන්තක කළ යුතුයි. විජේවීර සහෝදරයාගේ ගෙයි රත්තරන් තිබුණා කිව්වා. ඒවා රාජසන්තක කළා. මෙතැන රත්තරන් අවි ආයුධ දේපල හැමදේම තියෙනවා. ඕනෑම දේපලක් රාජසන්තක කරන්න හදිසි නීතියට පුලුවන්. නීතිය දන්න අය මේ බව දන්නවා.

මාධ්‍ය – බුද්ධි අංශ නිලධාරීන් සාක්ෂි නැතිව රදවා තබා ගත්නවා.නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙන අය රට යනවා.
දිනේෂ් ගුණවර්ධන – මේ ආන්ඩුවේ පළීගැනීමේ ස්වභාවයක් තියෙන්නේ. වසර හතරහමාරක් කලේ පළිගැනීම් කරන එකයි. පළාත් පාලන මැතිවරණයේදී ආන්ඩුව ප්‍රතික්ෂේප කරලා පෙන්නුවා වගේ ඊළග මැතිවරණයේදී බලන්න පුලුවන් ආන්ඩුව ප්‍රතික්ෂේප වෙන හැටි.

මාධ්‍ය – පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා දින ගණන් බන්ධනාගාරගත වුනා. බරපතල චෝදනා එල්ල වෙන අයව නිකමට ගෙන්වලා කතාකරන්නේවත් නැහැ.
දිනේෂ් ගුණවර්ධන – හෙට දවසේ පාර්ලිමේන්තුවේ විවාදයක් අපි ඉල්ලලයි තියෙන්නේ. ක්‍රියාත්මක වෙනවා නම් ඒ සදහා ඕනෑ තරම් නීති තියෙනවා. ඒ නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණු සාක්ෂාත් කර ගන්නේ නැති එකයි තියෙන්නේ. ආන්ඩුව ඇතුලේ කළඹලනේ. ඇමැතිකම් දෙන්නේ නැහැ කියලා ජනාධිපති කියද්දි ගිහින් ඇමැතිකම් ඉල්ලනවා.

මාධ්‍ය – චෝදනාවලට ලක්වුනු අය ඔබේ ආන්ඩුවකට එක්කරගන්නවාද?
දිනේෂ් ගුණවර්ධන මහතා – චෝදනාවලට ලක්වෙන අයව ජනතාව ගෙදර යවයි. මහජනයා ඡන්දය දිලා පාර්ලිමේන්තුවට එවනවා වෙනුවට ඔවුන්ව ගෙදර යැවිය යුතුයි. අපි ජනතාව අතරට ඒ මතය ගෙ යා යුතුයි. ඒ අයව අපේ ආණ්ඩුවක් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වුනත් ගන්නේ නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට ගෙන එන ඊනියා ප්‍රති-ත්‍රස්ත පනත

මාධ්‍ය නිවේදනය

ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට ගෙන එන ඊනියා ප්‍රති-ත්‍රස්ත පනත

වත්මන් ආණ්ඩුව 2015 ඔක්තෝබර් මාසයේදී අංක 30/1 දරණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් තම විදේශීය හාම්පුතුන්ට දුන් එක් ප්‍රධාන ප්‍රතිඥාවක් වූයේ 1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කොට ඒ වෙනුවට වෙනත් නීතියක් සම්මත කරන බවයි. මේ සඳහා ඔවුන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ඊනියා ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත දේශපාලන හා මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ දැඩි විවේචනයට ලක් වී ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ මේ පනත් කෙටුම්පතේ ‘ත්‍රස්තවාදය’ යන්න නිර්වචනය කර තිබෙන ආකාරය නිසා සාධාරන හා යුක්ති සහගත දේශපාලන හා වෘත්තීය සමිති ක්‍රියාකාරකම් මෙන්ම මාධ්‍ය විසින් තොරතුරු ප්‍රසිද්ධ කිරීමත් එම තොරතුරු වල මූලාශ්‍ර පිළිබඳ රහස්‍යභාවය රැකීමත් ත්‍රස්තවාදය හැටියට සැලකීමට ඉඩ ලැබෙන බවයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර වලින් පසු, එම ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පතේ විධිවිධාන වලට අනුව ශ්‍රී ලාංකීය පුරවැසියන් විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමඟ සම්බන්ධකම් ඇතිකර ගැනීම තහනම් කළ හැකි බව කියමින් ආණ්ඩුව එයට ජනතාවගේ අනුමැතිය ලබා ගැනීමට උත්සාහ ගනිමින් සිටින ආකාරය අපට පෙනේ. නමුත් ආණ්ඩුවේ මෙම ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත විරෝධකල්පික දේශපාලන ක්‍රියාකාරීත්වයට හා මාධ්‍ය නිදහසට අකුල් හෙළිම තුලින් සාමාන්‍ය පුරවැසියන් දඩුකඳේ ගසන අතරම, ත්‍රස්තවාදීන්ට සුවිශේෂ බුරුලක් ලබා දෙන ආකාරයට සකස් කර ඇත. ත්‍රස්තවාදීන්ට ලබාදෙන බුරුල නිසා එමඟින් සැබවින්ම සිදුවන්නේ ත්‍රස්තවාදය වැලැක්වීම නොව ත්‍රස්තවාදීන්ට ආරක්‍ෂාව ලබාදී ත්‍රස්තවාදය තවත් දිරි ගැන්වීමය.

අපේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව එක් පුද්ගලයෙක් ඝාතනය කළ අයෙකුටත් මරණ දණ්ඩනය හිමි වේ. නමුත් යෝජිත ප්‍රති-ත්‍රස්ත පනතට අනුව පුද්ගලයන් සිය ගණනක් නැතිනම් දහස් ගණනක් වුවත් ඝාතනය කිරිමේ චෝදනාවකට වරදකරු වන ත්‍රස්තවාදියෙකුට දිය හැකි උපරිම දඩුවම වන්නේ ජීවිතාන්තය දක්වා සිර දඩුවමකි. දණ්ඩ නීති සංග්‍රහයට අනුව මිනී මැරීමට ආධාර හා අනුබල දීමටත් මරණ දණ්ඩනය හිමිවුවද යෝජිත නීතිය යටතේ මහා පරිමාණ ඝාතන වලට ආධාර හා අනුබල දීමට වුවත් හිමිවන උපරිම දඩුවම වන්නේ අවුරුදු 15ක උපරිම සිර දඩුවමක් හා රුපියල් දසලක්‍ෂයක උපරිම දඩයකි. යම් වරදකට රටේ සාමාන්‍ය පුරවැසියන්ට හිමිවෙන දඩුවම්වලටත් වඩා බෙහෙවින්ම ලිහිල් දඩුවම් ත්‍රස්තවාදීන්ට ලබා දීමෙන් ත්‍රස්තවාදය අධෛර්යමත් කළ හැකිද?

යෝජිත ප්‍රති-ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන ත්‍රස්තවාදී සැකකරුවන්ට ඉතාමත්ම යහපත් ලෙස සැලකීමට පොලීසිය හා සන්නද්ධ හමුදා බැඳි සිටී. සන්නද්ධ හමුදා විසින් අත්අඩංගුවට ගන්නා ත්‍රස්තවාදී සැකකරුවන් පැය 24ක් ඇතුළත ළඟම තිබෙන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට බාරදිය යුතු වේ. එම ස්ථානාධිපතිවරයා අදාල සැකකරුගේ සිරුරේ තුවාල තිබේදැයි පරීක්‍ෂාකොට බලා ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කළ යුතු වේ. එම අත්අඩංගුවට ගැනීම තුළින් සැකකරුගේ මූලික අයිතීන් උල්ලංඝනය වී තිබෙනවාද නැද්ද යන්න ගැන සොයා බැලීම සඳහා අත්අඩංගුවට ගැනීම සිදු වී පැය 24ක් ඇතුළත ඒ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙතද වාර්තා කළ යුතු වේ.

යම්කිසි ත්‍රස්තවාදී සැකකරුවකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අඳාල නිලධාරීන් තම අනන්‍යතාවය ත්‍රස්තවාදී සැක කරුවාට පමණක් නොව, එම අවස්ථාවේදී එතන සිටින ඔහුගේ පවුලේ අය නැතිනම් මිත්‍රයන්ටත් හෙළිකල යුතු වෙයි. එවැනි නීතියක් මොවුන් ගෙන එන්නේ මේ රටේ ත්‍රස්තවාදීන් විසින් ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ගේ පවුල් බුරුතු පිටින් ඝාතනය කළ ඉතාහාසයද නොතකාය. සිරභාරයට ගනු ලබන ත්‍රස්තවාදී සැකකරුවන්ගේ පවුලේ සාමාජිකයන්ට හෝ වෙනත් අයට ඔහුව බැලීමට සාධාරණ අවකාශයක් යෝජිත පනත යටතේ ලබාදිය යුතු වේ. මේ ආකාරයට අත්අඩංගුවට පත් ත්‍රස්තවාදියෙකු බැලීමට එන පුද්ගලයා ඊළඟ මරාගෙන මැරෙන බෝම්බකරුවා වීමටත් ඉඩ තිබෙන වාතාවරණයක පවා මේ විධිවිධානය ක්‍රියාත්මක වේ.

යෝජිත පනත යටතේ ත්‍රස්තවාදියෙකු අත්අඩංගුවට ගන්නා මොහොතේ සිට ඔහුගේ යහපැවැත්ම අන් සියල්ලටම වඩා මුල් තැන ගනී. අත්අඩංගුවට ගන්නා සියලු ත්‍රස්තවාදී සැකකරුවන් පැය 48 ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ යුතු වන අතර, එම සැකකරුවන්ගේ යහපැවැත්ම ගැන එම මහේස්ත්‍රාත්වරයා පුද්ගලිකවම කරුණු විමසා බැලිය යුතු වේ. සැකකරුවෙකු රැඳවුම් බාරයේ තබාගත හැක්කේ සති දෙකක කාලයකට පමණි. රැඳවුම් බාරයේ සිටින කාලය දීර්ඝ කළ හැක්කේ මහේස්ත්‍රාත්වරයෙකුගේ අනුමැතියට යටත්ව පමණි. ත්‍රස්තවාදී සැකකරුවෙකු රැඳවුම් බාරයේ තබාගත හැකි උපරිම කාලය සති 8ක් වේ. වර්තමානයේ බලපවත්වන ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ නම් සැක කරුවෙකු මාස 03ක් රැඳවුම් බාරයේ තබාගත හැකි අතර එම කාලය මාස 18 ක් දක්වා දිර්ඝ කල හැක.

යෝජිත නීතිය යටතේ සැකකරුවකු නඩු පැවරීමකින් තොරව රිමාන්ඩ් බාරයේ තබාගත හැකි උපරිම කාලය මාස 06 ක් වේ. මහාධිකරණ නියෝගයක් මත පමණක් එම කාලය තවත් මාස 06ක් දක්වා දීර්ඝ කළ හැක. නමුත් එම කාලය තුලද නඩු පැවරීමක් සිදු නොවුනහොත් අදාල සැකකරුවාව අනිවාර්යෙන්ම ඇප මත නිදහස් කළ යුතුවේ. නමුත් වර්ථමානයේ බලපවත්වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සැකකරුවෙකුට එරෙහිව නඩු පවරා අදාල සියලු කටයුතු ‍අවසන් වනතුරු ඔහුව දිගටම රිමාන්ඩ් බාරයේ තබාගත හැකි වේ. යොජිත නීතියට අනුව සැකකරුවන් රැඳවුම් බාරයේ හෝ රිමාන්ඩ් බාරයේ රඳවා තබා ඇති සියලුම ස්ථාන කලින් දැණුම් දීමකින් තොරව මානව හිමිකම් කොමිසම හා මහේස්ත්‍රාත්වරුන් විසින් පරීක්‍ෂණයට ලක්කොට ත්‍රස්තවාදී සැකකරුවන්ගේ සුවදුක් සොයාබලා, ඔවුන්ගේ යහපැවැත්මට අවශ්‍ය සියලුම මූලික පහසුකම් අදාල ආයතන විසින් සපයා දෙන බවට වගබලාගත යුතු වේ. මෙම යෝජිත පනත යටතේ රක්‍ෂිත බන්ධනාගාර ගතකොට ඇති ත්‍රස්තවාදී සැකකරුවෙකුට එරෙහිව ඇසෙන නඩුව අවුරුද්දක් තුළ අවසන් කිරීමට නොහැකි වුවහොත් ඔහුව ඇප මත නිදහස් කිරීමට මහාධිකරණය බැඳී සිටී.

නඩු පැවරීමෙන් පසුත් ත්‍රස්තවාදී චූදිතයන්ට විශේෂ සහන ලැබේ. යෝජිත ප්‍රති ත්‍රස්ත පනතට අනුව යම් කිසි ත්‍රස්තවාදියෙකුගේ ක්‍රියාකාරකම් නිසා ‘කිසිවෙකුට මරණය හෝ බරපතල ශාරීරික හානියක් සිදුවී නැත්නම්’ හා ‘රාජ්‍ය ආරක්‍ෂාවට එම පුද්ගලයාගේ ක්‍රියාකාරම් තුළින් බරපතල අගතියක් සිදුවී නැත්නම්’ හා අඳාල සැකකරුවා තමන් කළ දේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කණගාටුව ප්‍රකාශ කරන්නේ නම් හෝ වින්දිතයන්ට වන්දියක් ගෙවීමට එකඟ වන්නේ නම් හා පුනරුත්තාපන වැඩසටහනකට සහභාගී වන්නේ නම්, නීතිපතිවරයාට එම සැකකරුට එරෙහිව තිබෙන නඩුව අත්හිටුවීමට නැත්නම් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට වුවද හැක.

‘කිසිවෙකුටත් හානියක් නොකළ’ එමෙන්ම ‘රාජ්‍ය ආරක්‍ෂාවටත් අගතියක් සිදු නොකළ’ අයකු ප්‍රති-ත්‍රස්ත නීතියක් යටතේ අත්අඩංගුවට පත් වී උසාවියක චූදිතයෙකු බවටත් පත්විය හැක්කේ කෙසේද යන ප්‍රශ්නය මෙහිදී පැනනගී. ප්‍රායෝගිකව ගත්කළ ත්‍රස්තවාදී සැකකරුවෙකුට එරෙහිව රටේ සාමාන්‍ය නීතිය යටතේ නඩුවක් පවත්වාගෙන යාමට තරම් සාක්‍ෂි එකතු කිරීම දුෂ්කර කටයුත්තකි. බොහෝවිට සාක්‍ෂි එකතු කිරීමට බාධා වන්නේ එම ත්‍රස්තවාදය නිසාම රටේ පවතින තත්වයයි. යම්කිසි ත්‍රස්තවාදී සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඉන්පසු උසාවියක චෝදනා ගොනු කරනු ලැබූ පසුත් ඔහු ‘කිසිවෙකුටත් හානියක් නොකළ’ එමෙන්ම ‘රටේ ආරක්‍ෂාවටත් අගතියක් නොකළ’ අයෙකු හැටියට සැලකෙන්නේ නම් එයට හේතුව ඔහුගේ ක්‍රියාකාරකම් ගැන උසාවියට පිළිගත හැකි සාක්‍ෂි සොයා ගැනීමේ අසීරුතාවය පමණි. ඔහු චෝදනා ලැබ සිටින අපරාධය ඔහු නොකලාය යන්න ඉන් හැඟෙන්නේ නැත.

ආණ්ඩවේ යෝජිත ප්‍රති-ත්‍රස්ත පනතින්ද ඒ යථාර්තය පිළිගෙන ඇත. යම්කිසි ත්‍රස්තවාදී සැකකරුවකුට එරෙහිව ඇති චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට පෙර අදාල චූදිතයා නීතියෙන් තමන් නොකළ බවට සැලකෙන අපරාධයකට ප්‍රසිද්ධියේ සමාව ගතයුතු බවටත් තමන් විසින් හානියක් නොකළ වින්දිතයන්ට වන්දි පවා ගෙවිය යුතු යැයි මේ ප්‍රති-ත්‍රස්ත පනතින්ම නියම කොට ඇත්තේ එම කාරණය නිසාය. යෝජිත ප්‍රති-ත්‍රස්ත පනතේ ඇති එවන් ජුගුප්සාජනක විධිවිධාන වලින් වක්‍රව පිළිගෙන ඇත්තේ ත්‍රස්තවාදී සැකකරුවන් සාමාන්‍ය නීතිය යටතේ උසාවියක නඩු පවරා වරදකරු කිරීමට ඇති අසීරුතාවයයි. සාමාන්‍ය නිතිය යටතේ උසාවිය බලාපොරොත්තු වන සාක්‍ෂි භාරය ත්‍රස්තවාදයක් පවතින අවස්ථාවක ප්‍රායෝගික වන්නේ නැත.

මේ නිසා ත්‍රස්තවාදයට එරෙහිව ගෙන එනු ලබන නීති වලින් බොහෝ විට කළ හැක්කේ ත්‍රස්තවාදය මර්ධනය කිරීම මිස ත්‍රස්තවාදීන්ට නීතියෙන් දඩුවම් දීම නොවේ. ත්‍රස්තවාදයට එරෙහිව යම් නීතියක් සම්මත කර ගන්නේ නම් එය අඩුම වශයෙන් ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ මූලික අවශ්‍යතාවයවත් ඉටුකරගත හැකි ආකාරයට දැඩි විය යුතුය. 1979 දී එජාප අණ්ඩුව විසින් සම්මත කරනු ලැබූ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දැඩි නීතියක් බවට විවාදයක් නැත. නමුත් අපට මුහුරණ දීමට සිදුවූයේ ලෝකයේ කිසිම තැනක දක්නට නොලැබුණු තරමේ මිලේච්ඡ ත්‍රස්තවාදයකටය. එවන් දැඩි නීති නොමැතිව ඒ ආකාරයේ ත්‍රස්තවාදයක් පරාජය කිරීමට හැකි වන්නේ නැත.

යම්කිසි ත්‍රස්තවාදී චූදිතයෙකු උසාවියෙන් වරදකරු කළ පසුත් ත්‍රස්තවාදය ප්‍රසිද්ධියේ හෙළා දැකීම, වින්දිතයන්ට වන්දි ගෙවීම හා ප්‍රචන්ඩත්වය ප්‍රසිද්ධියේම ප්‍රතික්‍ෂේප කිරීම වැනි කාරණා සැලකිල්ලට ගෙන අදාල පුද්ගලයා කළ වරදට හිමි විය යුතු සිර දඩුවම අඩුකළ යුතු යැයි ආණ්ඩුවේ යෝජිත ප්‍රති-ත්‍රස්ත පනතේ සඳහන් වේ. ඒ අනුව මේ යෝජිත ප්‍රති-ත්‍රස්ත පනත ත්‍රස්තවාදීන්ට ලබාදෙන අංග සම්පූර්ණ සහන පැකේජයකි. මේ අවස්ථාවේදී මෙවන් පනතක් නීතියක් බවට පත්වුවහොත්, එය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර වලින් පසු ත්‍රස්තවාදය මර්ධනය කිරීමට සිදුවෙමින් පවතින මෙහෙයුම් වලට මරු පහරක් වනු ඇත. අපේ රට නැවතත් ත්‍රස්තවාදී උවදුරකට ගොදුරුවී ඇති නිසා මේ අවස්ථාවේදී 1947 මහජන ආරක්‍ෂක ආඥාපනතටත්, 1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතටත් කිසිඳු වෙනසක් සිදු නොවිය යුතුය. ත්‍රස්තවාදීන්ගේ අයිතීන් වලට වඩා මුල්තැන දිය යුතු වන්නේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරැකීමටය.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක – 2019 මැයි 5

Sinhala Counter Terrorism Law

ඇමැතිවරුන්ට චෝදනා එල්ල වුනත් රජය නිහඩයි

අද දින (05* පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙහාන් සේමසිංහ මහතා.
අගමැතිවරයා කාර්ය භාරය ඉටු නොකර මාධ්‍ය ප‍්‍රකාශයෙක් වෙලා. මේ වෙද්දි විශේෂ ප‍්‍රකාශ තුනක් කරලා. ආණ්ඩුව බලයට ආ දවසේ ඉදලා අගමැති ජනාධීපති දෙපල මාරුවෙන් මාරුවට ප‍්‍රකාශ කරනවා. ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් ප‍්‍රතිඵලයක් නැහැ. තමන්ගේ වගකීම ඉටු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඊයේ වෙද්දි රනිල් වික‍්‍රමසිංහ මහතා මේ ප‍්‍රහාරය මාධ්‍ය දඩයම සදහා යොදා ගන්න හදනවා. රජය ජනතාවගේ ආරක්ෂාවට තොරතුරු නොදෙන අවස්ථාවක ආරක්ෂක අංශ සමග එක්ව මාධ්‍යයි ජනතාවට තොරතුරු දුන්නේ. එක මාධ්‍ය ආයතනයක් මේ දඩයමට ගොදුරු වුනොත් සියලූ මාධ්‍ය ආයතන එක්වෙන්න. ජනතාවට නිවැරදි තොරතුරු දිම නිසා ප‍්‍රශ්නයක් වුනු බවයි අගමැතිතුමා කියන්න හදන්නේ.
රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවට නැගී හිටපු මාධ්‍යවේදීන්ට වුන දේ, බටලන්ද කොමිෂම ගැන අපි අහලා තියෙනවා. ඒ නිසා තමන්ගේ වගකිම ඉටු කරනවා මිස එහි වරද මාධ්‍ය පිට පටවන්න එපා. වරදේ වගකීම පොලිස්පතිවරයා පිට තියලා අත හෝදගන්නත් උත්සාහ කරනවා. විය යුත්තේ සමස්ත රජයම වරද පිළිගැනීමයි. දැන් ආයෙත් එජාපයේ සුපුරුදු පිළිවෙත පටන් අරන්. රාජිත සේනාරත්න මහතා තමයි මහින්ද රාජපක්ෂ රජය බිදදමන්න පදනම් විරහිත චෝදනා එල්ල කලේ. වරස 5ක් තිස්සේ ඒ කිසිවක් ඔප්පු කර ගන්න බැරි වුනා. හමුදා කුමන්ත‍්‍රණයක් ගැන කිව්වා. තාජුඞීන් ඝාතනය ගැන කිව්වා. මහින්ද රාජපක්ෂ මහතා නමට විදේශයේ තියෙන මුදල් ගැන කිව්වා. දැන් ආයෙත් වැඩ පටන් අරන්. ගෝඨාභය රාජපක්ෂ මහතාව එදා අන්තවාදී බෞද්ධයෙක් කිව්ව මොහු දැන් අන්තවාදී මුස්ලිම් ප‍්‍රශ්නයට මැදි කරන්න හදනවා. විජේදාස රාජපක්ෂ මහතා අන්තවාදින් ගැන කියද්දි එහෙම දෙයක් නැහැ කිව්වෙත් මෙතුමා. ඒ ප‍්‍රකාශ නිසා මිනිස් ජිවිත දහස් ගණනක් නැති වුනා.
මේ අය අන්තවාදින් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න බවයි කිව්වේ. මේ පින්තූර බලන්න. යම් කණ්ඩායමක් ඇවිත් කිසියම් පොතක් පිළිගන්වන එකයි මෙයි තියෙන්නේ. මෛතී‍්‍ර ගුණරත්න ආන්ඩුකාරවරයා, මැතිවරණ කොමසාරිස්වරයා, දඹර අමිල හිමියන්,ට වගේම රාජිත සේනාරත්නටත් ඔය කියන පොත පිළීගන්වලා තියෙන බව මේ පින්තූරවලින් පැහැදිලියි. අන්තවාදි කණ්ඩායම් පෝෂණය කලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නෙවෙයි. වර්තමාන ආන්ඩුවයි අන්තවාදය පෝෂණය කලේ. ආණ්ඩුවට අවශ්‍ය වුනේ පාර්ලිමේන්තුවේ තමන්ගේ බලය රැුක ගැනීම පමණයි. තමන්ගේ වගකිම නිසියාකාරව ඉටු කරන්න බැරි නම් එහි වගකීම වෙනත් අය පිට පටවන්න එපා.
අපේ පියල් නිශාන්ත මන්තී‍්‍රවරයා කරපු ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වෙද්දි පරීක්ෂණ සිද්ධවෙනවා. ඒ එතුමාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කණගාටුව ප‍්‍රකාශ කර තිබියදිත්. නමුත් මරණ සංඛයාව 351ක් කියලා පසුව එය 251ක් කීම සම්බන්ධයෙන් මේ වෙද්දි කිසිදු පියවරක් නැහැ. විරුද්ධ පක්ෂය දඩයම් කරන්න දැන් ආන්ඩුව සූදානම් වෙනවා.
ඒ වගේම රජයට සම්බන්ධ මැති ඇමැතිවරුන්ට චෝදනා එල්ල වුනත් රජය නිහඩයි. රිසාඞ් බදියුදීන් හා තියෙන සම්බන්ධතා ගැන කියැවෙනවා. ත‍්‍රස්තවාදින් භාවිතා කරපු නිවසක් දේශපාලකයින්ට සම්බන්ධයි කියනවා. කාගෙන්ද ප‍්‍රශ්න කලේ. ඒ කිසිවෙක් සම්බන්ධයෙන් නිතීිමය විදියට පරික්ෂණ කලේ නැහැ. රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයාගෙන් ප‍්‍රශ්න කරපු බව පොලිස්පති කිව්වාත් ඔහු එළියට ඇවිත් කියනවා මගෙන් කිසිම ප‍්‍රශ්න කිරිමක් වුනේ නැහැ කියනවා. හිස්බුල්ලා අසාද් සාලි, ආන්ඩුකාරවරුන්ට වගේම මුජිබර් රහුමාන්ට චෝදනා එල්ල වෙනවා. කෝ ප‍්‍රශ්්න කලා. චෝදනා එල්ල වෙන රජයට සම්බන්ධ පුද්ගලයින්ගෙන් ප‍්‍රශ්න කළ යුතුයි. නැත්නම් අපිට හිතෙන්නේ මේකට රජය සම්බන්ධයි කියලා. කිලෝ ගාණක් පුපුරන ද්‍රව්‍ය මොවුනට ලැබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කර දඩුවම් දිය යුතුයි. ඒ වගේම මන්සූර් ඇමැතිවරයා ත‍්‍රස්තවාදියාගේ බිරිද බලන්න යනවා. ඒකට අවස්්ථාව නොදුන්න අධ්‍යක්ෂවරයා පොළොන්නරුවට මාරු කරනවා.
ආන්ඩුව මේ සියලූ දේ දැනගෙන වසන් කරලා මේ බරපතල හානිය රටට කළාද කියලා අපිට සැකයි. හිටපු අමාත්‍ය වසන්ත සේනානයක මහතා තුර්කි ත‍්‍රස්තවාදින් අපේ රටේ ඉන්න බවට හෙළිදරව්වක් කරනවා.මේ සම්බන්ධයෙන් වසර දෙකකට පෙර දැනුම්වත් වෙලා ඉදලා තියෙනවා. මොවුන්ගේ ගමන් බලපත් අංක පවා ලබාදී තියෙනවා. මොවුන්ගේ කීදෙනෙක් දැන් මෙරට ඉන්නවාද. කීදෙනෙක් ලංකාවෙන් පිටත් වුනාද කියන දේ රජය පැහැදිලි කළ යුතුයි.
අද ජනතා විමුක්ති පෙරමුණ කෙහෙද ඉන්නේ. පහුගිය කාලයේ මහින්ද රාජපක්ෂ ආන්ඩුව හා ගත්ත පියවරයන් දැඩිව විවේඡුනය කළ මොවුන් ජාතික ව්‍යසනයක් ඇතිවුනු අවස්ථාවක මේ විදියට නිහ`ඩ ඇයි. සැකරුවෙක් විදියට අත් අඩංගුවට ගත්ත ඊබ‍්‍රහීම් ඔවුන්ගේ ජාතික ලයිස්තුවේ ඉන්න නිසාද? ජවිපේ පෙරට ඇවිත් මේ ව්‍යසනය වලක්වන්න උදව් කරන්නේ නැත්තේ කියන එකත් අපිට ප‍්‍රශ්නයක්.
මේ 15 වැනිදා වෙද්දි තිරණාත්මක තීන්දුවක් ලැබෙන්න තිබුණා. සජිත් පේ‍්‍රමදාස මහතා අගමැතිවෙලා ආන්ඩුවක් බිහිවෙයි කියන බලාපොරොත්තුව එජාප මන්තී‍්‍රවරුන්ට තිබුණා. අනාගතයේ එජාපය භාරගන්න ඉන්නවා නම්, එජාප ආන්ඩු සමයක වුනු මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියට එන්නේ නැත්තේ ඇයි. මේ සිද්ධිය ආවරණයක් කරගෙන විරුද්ධ පක්ෂයට චෝදනා එල්ල කරමින් ජනතා අප‍්‍රසාදය වහගන්නයි මේ උත්සාහ කරන්නේ.
ප‍්‍රතිත‍්‍රස්ත පනත ගෙනත් තියෙන්නේ ත‍්‍රස්තවාදය තුරන් කිරීමට කිව්වත් එය අසත්‍යයි. ඒ සදහා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ප‍්‍රතිපාදන තියෙනවා. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂමට වුනු පොරොන්දුවක් මොවුන් මේ ඉටු කරන්න සූදානම් වෙන්නේ. මේ හදුන්වා දෙන පනත හරහා සිද්ධ වෙන්නේ රජයට විරුද්ධව නැගී සිටින පුරවැසියන් පාලනය කරන්නයි. මාධ්‍ය ආයතන වුවත් පාලනය කරන්න ඉඩ තියෙනවා. විදේශිය රටවල සහාය ගන්න හදන්නේ ප‍්‍රතිත‍්‍රස්ත පනත ගේන්න හදන්නේ එල්.ටී, ටී. ඊ ඩයස්පොරොවේ ග‍්‍රහණයට මේ ආන්ඩුව ලක්වෙලා තියෙන නිසයි.
යුද්ධය අවසන් වීමෙන් පස්සේ අපේ රටේ සංචාරක ව්‍යාපාරය සීග‍්‍රයෙන් වර්ධනය වුනා. මේ ත‍්‍රස්ත ප‍්‍රහාරය වගේම එයින් පස්සේ රටේ ආරක්ෂාව විශ්වාසනීය විදියට තහවරු කිරීමට ආණ්ඩුවට නොහැකි වීම නිසා දැන් සංචාරක ව්‍යාපාරය කඩාවැටිලා. මහින්ද රාජපක්ෂ රජය සමයේ රජයේ මග පෙන්වීම යටතේ පුද්ගලික අංශය සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පියවර ගත්තා. මේ ව්‍යසනයෙන් පස්සේ සංචාරක ව්‍යාපාරය සම්න්ධයෙන් රජය කිසිදු අවධානයක් යොමු කලේ නැහැ. දැන්වත් රජය මැදිහත් වී සංචාරක ව්‍යාපාරය ගොඩනැගීම සදහා වැඩපිළිවෙලක් ඇති කළ යුතුයි. එහෙම නොකර ප‍්‍රකාශ නිකුත් කිරීම පමණක් ප‍්‍රමාණවත් නැහැ.
අද වෙද්දි ආනන්දි ශසිදරන්, මාවෙයි සේනාධිරාජා උතුරු පළාතට හමුදා ආරක්ෂාව ඉල්ලනවා. ඔවුන් තමයි අපේ රණ විරුවෝ යුද අධිකරණයට ගෙනියන්න උත්සාහ කලේ. අද දෛවයේ සරදමක් විදියට උතුරු පළාත හා නැගෙනහිර පළාත ආරක්ෂා කළ හැක්කේ හමුදාවට පමණයි කියලා ඔවුන්ටත් විශ්වාස කරන්න සිද්ධ වෙලා. දැන්වත් මානව හිමිකම් කොමිෂමේ සම අනුග‍්‍රහය දැක්වූ යෝජනාවලින් ඉල්ලා අස්වෙන්න. මේ ත‍්‍රස්තවාදය වැලැක්වීම සදහා වහාම වැඩපිළීවෙලක් දියත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාංචන විජේසේකර මහතා
මේ විපත වූ අවස්ථාවේ සිට මේ දක්වා දේශපාලන නායකත්වයේ අඩුපාඩු මග හරිමින් අවශ්‍ය නායකත්වය දුන්නේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්. පොදුජන පෙරමුණ විදියටත්, ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් විදියටත් අපි අගරදතුරුතුමන්ට අපේ ගෞරවය දක්වනවා. තමන්ගේ ජිවිත ගැන නොහිතා මේ වෙනතුරු රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ආරක්ෂක අංශවලට, සෞඛ්‍ය අංශවලට වගේම ජනතාවට නිවැරදි තොරතුරු ලබා දුන්න මාධ්‍යයටත් අපේ ගෞරවය දක්වනවා. ආණ්ඩුවට නිවැරදි තොරතුරු ජනතාවට ලබා දෙන්න ඒකකයක් පත්කරන්න දින54ක් ගත වුනත් මාධ්‍ය මුල් අවස්ථාවේ සිට එය නිවැරදිව කළා.
අගරදගුරුතුමන් තමන්ට දුන්න වෙඩිනොවදින වාහනය ප‍්‍රතික්ෂේප කරමින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න කිව්වා. සමස්ත ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බුද්ධි අංශ තොරතුරු ජනතාවට නොදී දේශපාලන නායකත්වය වෙනුවෙන් ආරක්ෂාව ඉල්ලන අවස්ථාවක මෙවැනි ආගමික නායකයෙක් අපේ රටේ සිටීම ගැන අපි සතුටු වෙනවා. පහුගිය සති කිහිපයේ උන් වහන්සේගේ ප‍්‍රකාශ තුලින්ම රට පාලනය වූවා හැරෙන්න දේශපාලන නායකත්වය තුළින් රටේ සාමය පවත්වා ගැනීමක් සිදුවුනේ නැහැ.
පියල් නිශාන්ත මන්තී‍්‍රවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් අපි කණගාටු වෙනවා. නිවැරදි තොරතුරුම පමණක් මුලාශ‍්‍ර කරගත යුතු බව අපි විශ්වාස කරනවා. නමුත් පහුගිය කාලයේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයාගේ ප‍්‍රකාශ අපි දැක්කා. ත‍්‍රස්තවාදින් කියලා වෙනත් රටවල පුද්ගලයින් ගේ ජායාරූප පවා නිකුත් වුනා. ඒ සම්බන්ධයෙනුත් පියල් නිශාන්ත මන්තී‍්‍රවරයාට මෙන්ම නීතීය කි‍්‍රයාත්මක විය යුතුයි.
මේ දින කිහිපයේ රජයේ පාර්ශවය නියෝජනය කරන අය මේ අවස්ථාවත්් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඇගිල්ල දිගු කරන්න උපයෝගි කර ගෙන තිබෙනවා. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එජාපයේ පසුපෙල මන්තී‍්‍රවරුන්ගේ විරෝධය පලවෙද්දි ඔවුන්ට උපදෙස් ලැබී තිබෙන්නේ මාධ්‍ය ඉදිරියට ගිහින් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂට හා විපක්ෂයට මේ සිද්ධිය බැර කරන්න පුලූවන් කියලයි. අවසාන දින දෙකේ සමාජ මාධ්‍ය දිහා බැලූවම නැවතත් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්වල නිර්මාතෘ විදියට පෙන්වා දෙන්න උත්සාහ ගන්නේ ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ දෙපල බව පේනවා. රාජිත සේනාරත්න 2015 මැතිවරණයට පෙර බොදුබල සේනාව අන්තවාදි කණ්ඩායමක්. එය මෙහෙයවන්නේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුන්‍දා ආණ්ඩුවයි කියලා කිව්වා. මැතිවරණයෙන් පස්සේ ඒක මෙහෙයවන්නේ පාඨලී චම්පික කියලා කිව්වා. ආවා කල්ලය ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරද්දි මහින්ද රාජපක්ෂ ඇතුලූ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගේ නිර්මාණයක් කිව්වා.
ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කරන්න සූදානම් කිව්ව අවස්ථාවේ මොවුන්ගේ සටන් පාඨය වුනේ ගෝඨාභය රාජපක්ෂට සුලූ ජාතික ඡුන්ද නොලැබෙන බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ද්විත්ව පුරවැසියෙක් නෙවෙයි කිව්වටා පස්සේ දැන් මේ අන්තවාදි කණ්ඩායම්වල නිර්මාතෘ ගෝඨාභය රාජපක්ෂ මහතායි කියන්න උත්සාහ ගන්නවා. රටේ විපතක් සිදුවෙලා තියෙන අවස්ථාවක මිට වඩා වගකීමෙන් කටයුතු කරන ලෙස අපි රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටිනවා. පහුගිය කාලයේ බොරුවෙන් ගෙන ගිය ආන්ඩුව මේ විපතෙන් පස්සෙත් බොරුවෙන් ඉදිරියට ගෙනියන්න එපා.
රාජිත සේනාරත් මහතා සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළට ගන්න පෙර නිලධාරීන් මැදිහත් වෙලා හෝ ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එතුමා කරන්නේ හොද මානසිකත්වයෙන් ඉන්න පුද්ගලයින්ට කරන්න පුලූවන් විදයේ ප‍්‍රකාශ නෙවෙයි. ජාත්‍යන්තර මාධ්‍යට රනිල් වික‍්‍රමසිංහ මහතා විවිධ ප‍්‍රකාශ නිකුත් කරනවා. අයි. එස්. අයි. එස් නායකයා වසර 5ට පසු කරපු ප‍්‍රකාශයට අනුව තුර්කියේ හා සිරියාවේ ඔවුන් ලබපු පරාජයන්ට ප‍්‍රතිප‍්‍රහාරයක් විදියට ලංකාවේ තෝරාගත් ඉලක්කයට කරපු ප‍්‍රහාරයක් කියලා කියන්න අගමැතිවරයා උත්සාහ කරනවා. රාජ්‍ය ආරක්ෂාවේ දුර්වලකම අයි. එස්. සංවිධානය ප‍්‍රයෝජනයට ගත්තා කියන දේ එයින් පැහැදිලියි. ඒ වගේම තුර්කිය සිරියාවට පස්සේ ඔවුන්ගේ ඉලක්කය ලංකාවද කියලා දෙවරක් හිතන්න සිද්ධ වෙනවා. අපි දිගින් දිගටම අනතුරු හැගවිම් කළා. බුද්ධි අංශවල මානසිකත්වය කඩා වැටීමේ ප‍්‍රතිඵලයි මේ දකින්න ලැබෙන්නේ. 21 වැනිදා සිට ආරක්ෂක අංශ දිනපති අත්අඩංගුවට ගැනීම් සිද්ධවෙන ආකාරයෙන් අපිට පේනවා. රටේ ආරක්ෂක අංශ ශක්තිමත් බව මේවායින් පැහැදිලියි. දැන්වත් ජාතික ආරක්ෂාව අනතුරේ දාන්න එපා. විදේශ ඔත්තු, තොරතුරු වගේම අපේ අංශවල තොරතුරු මගින් ප‍්‍රහාරයන් වළක්වා ගන්න අපේ හමුදාවන්ට හැකියාව තියෙනවා.
ඇමරිකානු තානාපතිනිය ලංකාවට අනතුර තවමත් තියෙන නිසා අවධානයෙන් ඉන්න කිව්වා. මේ තානාපතිනියම නැගෙනහිර පලාතේ යුධ පුහුනු කටයතු වලට සම්බන්ධ වෙනාව. ඇමරිකානු යුද අභ්‍යාස සිද්ධවුනා. මාස තුනකට කලින් නාවික හමුදාව ශක්තිමත් කරන්න කියලා තානාපති කාර්යාලය හරහා ඩොලර් මිලියන 38ක ප‍්‍රධානයක් දුන්නා. ඒ වගේම මහා බි‍්‍රතාන්‍යට අයත් දුපතක් තියෙනවා දියොගොගාසියාව කියලා. පළවෙනි , දෙවැනි ලෝක යුද්ධය වගේම මැද පෙරදිග යුද තත්ත්වයන් සිරියාව, වගේ රටවල තත්ත්වයන්ටත් ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්තානය බවට පත්වුනේ මේ ¥පතයි. මේක ඇමරිකාව බදු ක‍්‍රමයට අරන් තිබුණු ¥පතක්. මිට සති කිහිපයකට පෙර හේග් ජාත්‍යන්තර අධිකරණය මේ ඇමරිකාව මේ ¥පතේ පරිපාලනය නිති විරෝධීයි කියන තීන්දුව දුන්නා. ඒ සමග ඇමරිකානු හමුදාව ඉන්නේ අනතුරක. ඉන්දියන් සාගරයේ ඔවුන්ගේ මූලස්ථානය නැති වෙමින් පවතිනවා. මේ මොහොතෙත් ඇමරිකාව ඉන්දියන් සාගරයේ මූලස්ථානය බවට ලංකාව පත්කර ගැනීමේ උත්සාහයක් තියෙන්න පුලූවන්. මේ නිසා ලංකාව ලෝක බලවතුන්ගේ යුධ පිටියක් කරන්න අවස්ථාව දෙන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
2013 දිණමිණ පුවත්පතේ තියෙනවා නිති රිති කඩපු විදේශිකයින් 3000ක් රටෙන් පිටුවහල් කරපු බව කියනවා. මේ ආගමන බුද්ධි නිර්ක්ෂණ ඒකකය 2010 ආරම්භ කරලා විවිධ ජාවාරම් වලට සම්බන්ධ ත‍්‍රස්තවාදය වරපුරන පිරිස් ඉන්න බව හදුනා ගෙන 3000ට අධීක පිරිසක් මෙරටින් පිටුවහල් කළා. එයින් 161 අන්තවාදී ඉගැන්විම් කරන පූජකවරු. ඒ බුද්ධි අංශය අද කි‍්‍රයාත්මක වෙනවාද දන්නේ නැහැ. චම්පික රණවක ඇමැතිවරයා කියනවා 300ට ආසන්න විදේශයින් ත‍්‍රස්තවාදය, අන්තවාදය වපුරන ගැන්විම් කරන අය සිටින බව, විජේදාස රාජපක්ෂ මහතා කියනවා අයි. එස් අයි. එස් සම්බන්ධකම් තියෙන අය ගැන කියනවා. වසන්ත සේනානායක රජය දැනුවත් කළාලූ තුර්කි ත‍්‍රස්තයින් මෙරට සිටින බවට. නිති විරෝධීව මෙරට රැුදී සිටින විදේශියකයින් පිළිබදව ගණනය කිරීමක් මෙතෙක් සිද්ධ වුනාද කියලා අපිට සැකයක් තියෙනවා. ආන්ඩුවේ හිටපු දෙන්නෙක්ට ආන්ඩුවට එරෙහිව කරුණු දක්වන්න කොන්ද පණ තිබුණ හතක ගැන අපි සතුටුයි. විජේදාස රාජපක්ෂ මහතාටත්, වසන්ත සේනානයක මහතාටත් මේනිසා අවසානයේ තනතුරු අහිමි වුනා. අනතුරු හගවන එවැනි පුද්ගලයින්ට වෙන දේ අපි බලන් ඉන්නවා. හිටපු හමුදාපති සරත් පොන්සේක් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට කරපු චෝදනාවලට ප‍්‍රතිචාර දක්වා තිබුණා.
එදා ආන්ඩු පෙරලිය වෙලාවේ සිංදු කියමින් බූරුවා ගසමින් හිටපු අජිත් පෙරේරා, හරීන් ප‍්‍රනාන්දුලාත් අද ජවිපේ වගේම නිහඩයි. ජවිපේ වගේම නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස නිහඩයි. මේ ව්‍යවසන වුනාට පස්සේ ජවිපේ නායකයාට මෙරටට එන්න දින 6ක් ගත වුනා. රාජ්‍ය නායකයාට පැය 12ක් ගතවුනා. මුජිබර් රහිමාන්ගේ හිතවත් කොළඹ නාගරික මන්තී‍්‍රවරයෙක් කඩු කිනිසි එක්ක හසුවුනා. ආන්ඩුවේ මන්සූර් මන්තී‍්‍රගේ රියදුරා අවි ආයුධ එක්ක අසුවුනා. ජවිපේ ජාතික ලයිස්තු පුද්ගලයෙක්ගේ පවුල කෙලින්ම ප‍්‍රහාරය සම්බන්ධ වුනා. බැරිවෙලාවත් බැසිල් රාජපක්ෂ මහතාගේ මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතෙක් මෙතැන හිටියානම් මොකද වෙන්නේ. ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නොපවත්වා ඉන්න කුමන්ත‍්‍රණ දියත් වෙනවා. කුමන්ත‍්‍රණ කරලා බලයේ සිටින්න හෝ ඡුන්ද කල්දාන්න සුදානම් වෙන්න එපා. අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.
නිපුණතා සංවර්ධන ඇමැතිවරයා විදියට ඩලස් අලහප්පෙරුම මන්තී‍්‍රවරයා මඩකලපු ශරියා විශ්ව විද්‍යාලය අනුමැතිය දුන්න බව සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කරනවා. 2012 වසරේ ආන්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් ප‍්‍රතිපත්ති තින්දුවක් ගනිමින් විෂය ධෘරාවට තාක්ෂණ විෂය ඇතුලූ කරනවා. තාක්ෂණ විෂය උසස් පෙලට එකතු විමත් සමග යුනිවසිටි කොලේජ් 25ක් මේ රටේ ඇති කරන්න තීරණයක් ගන්නවා. යුනෝ ටෙක් විදියටයි මේ තීන්දුව ගන්නේ. රාජ්‍ය මැදිහත්වීමෙන් විශ්ව විද්‍යාල 20ක් හා රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ වි තවත් විශ්ව විදයාල 5කුත් ඇති කරන්න තිරණය වෙනවා. ඒ අනුව රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ එකගතා ගිවිසුම් තුනක් ඇති කරනවා. පළමුවැන්න ශී‍්‍ර ජයවර්ධන පුර රෝහල එක්කත්, දෙවැන්න ශී‍්‍ර ලංකා ඉංජිනේරු ආයතනයත් සමගත්, තුන්වැන්න හිරා ආයතනයත් එක්කත් මේ ගිවිසුම් හැදෙනවා. එදා පාඨමාලා තුනකටයි අනැමැතිය හිමි වෙන්නේ. එදා අනුමැතිය ලබාදෙනයඅනෝ ටෙක් ආයතනය අද දවසේ බිහිවෙන භූමියට නෙවෙයි දුන්නේ. කාත්තන්කුඩිවල තියෙන වෙනත් එකකටයි අනුමැතිය දුන්නේ. හයිරා පදනම කියන මේ කටයුත්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ 2015 දෙසැම්බර් මාසයේ. ඒ නිසා මේකට මහින්ද රාජපක්ෂ හෝ ඩලස් අලහප්පෙරුම මහත්වරු පහසුකම් දීලා නැහැ. මේ ආන්ඩුවේ එවැනි අනුමැතියක් ලබා දුන්න කණ්ඩායම් කවුද කියලා සෙවීමේ වගකීමක් ආණ්ඩුවට තියෙනවා.

මාධ්‍ය – මේ වෙද්දි ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජිවත්වෙන්න වාතාවරණයක් නිර්මාණය වෙලා නැහැ නේද?
සෙහාන් සේමසිංහ – රටේ ජාතික ආරක්ෂවා සම්බන්ධයෙන් ප‍්‍රමුඛතාවයක් දීපු නිසා පසුගිය ආන්ඩුව සමයේ මෙවැනි සිද්ධියක් වුනේ නැහැ. සංහිදියාව පිළිබද කාර්යාලය තමයි අපේ රටේ ජාතික ආරක්ෂාව පැත්තකට දාලා සංහිිදියාව කියන දේ තුල කටයුතු කරලා මේ අවාසනාවන්ත සිද්ධියට රට ගොදුරු කලේ. මේ සංහිදායව පිළීබද කාර්යාලයට ලැබුණු මුදල් හා ඒ මුදල්වලට වුනු දේ දැන ගැනීමට අවශ්‍යයි. ඩොලර් මිලියන 480ක් මේ ප‍්‍රහාරය නිසා රටට ලැබෙන බව මංගල සමරවිර මුදල් ඇමැතිවරයා සතුටෙන් කිව්වා. මේ මුදලට රට පාවාදුන්නද? අගමැතිතුමන් මෙම්රටේ කි‍්‍රස්තියානු භක්තිකයාට හිංදු ජාතිකයාට බෞද්ධයාට ආගමික ස්ථානවලට යන්න හැකියාවක් නැහැ. පළමුව රටේ ආරක්ෂාව තහවුරු කරන්න. මේ ව්‍යසනය වෙලා ෂතියක් ගිහිල්ලත් පරික්ෂණ කරන්න ප‍්‍රමාණවත් නිලධාරීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය විදියට ති‍්‍රවිද හමුදා හා පොලිසිය කරන සියලූ කටයුතු වෙනුවෙන් අපි පෙනී සිටින බව කියනවා. මේ ආණ්ඩුව ඇතුලේ ඉන්න ය කලේ රණවිරුවන් බාල්දු කිරීමයි. ඒ නිසා අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. අගමැතිතුමාට නැවතත් කියන්නේ රටේ අගාමික නිදහස ස්ථාපිත කරන ලෙසයි.
මාධ්‍ය – ජනාතවගේ ආරක්ෂාව නැති වුනත් පාර්ලිමේන්තුව ආරක්ෂා කරලාතියෙනවා.
සෙහාන් සේමසිංහ – අද දේශපාලනඥයින් ගැන තියෙන්නේ කළකිරිමක්. සිමිත දේශපාලනඥයින් පිරිසක් බලය රැුක ගන්න නොකළ යුතු දේක රලා තියෙනවා. ව්‍යසනය වෙලා සතියක් යන තැක අගරදගුරුතුමන් ඉල්ලා සිටින්නේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නයි කියලා. රජය අන්තවාදින් ජයස්පෙර්රාව සමග කටයුතුකළා මිස ජාතික ආරක්ෂාව ගැන හිතුවේ නැහැ
මාධ්‍ය – පාසල් ඇරඹෙන්න නියමිතයි නේද
සෙහාන් සේමසිංහ – දෙමව්පියන්ඉන්නේ අවිනිශ්චිත තත්ත්වයක. පාසලට යන දරුවා නිරුපදි‍්‍රතිව නිවසට එයි කියන විශ්වාසය දෙමව්පියන්ට නැහැ. 6 වැනිදා පාසල් ඇරඹෙන්න පෙර දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කළ යුතුයි. 6 වැනිදා පාසල් අරින්න සුදුසු තත්ත්වයක් රටේ තියනවා කියලා දෙමව්පියන් තුළ විශ්වාසයක් නැහැ. රජය වගකිම ති‍්‍රවිද හමුදාවට භාරදීලා පැත්තකට වුනොත් හරි. සිවිල් ආරක්ෂක කමිටු කිට්ටුවෙන් රාජ්‍ය අංශ එක්ක කටයුතු කළා. මේ ආන්ඩුව බලයට ඇවිත් සිවිල් ආරක්ෂක කමිටු අකී‍්‍රය කළා. ස්වේජාවෙන් රටට ලබා දුන්න ආරක්ෂාව නොසලකා හැරියා. මෙ ්සිද්ධියෙන් අපි කිසිද් දේශපාලන වාසි ගන්න උත්සාහ නොකළාටඅ ාණ්ඩුවත් ආන්ඩජුවට උදව් කරන පාර්ශවයත් දේශපාලන වාසි ගන්න උත්සාහ කරන බව පේනවා.
මාධ්‍ය – නිතිය සාමය අමාත්‍යංශය සරත් පොන්සේකා මහතාට දෙන්න කියලා ඉල්ලිමක් තියෙනවා.
සෙහාන් සේමසිංහ – සරත් පොන්සේකා මහතාගේ දේශපාලන මතයකුමක් වුවත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එතුමා දරන්නෙ අපේ දේශපාලන මතයමයි. රජය දිගින් දිගටම ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන අසථ්‍ය ප‍්‍රචාරයක්අරන් ගියා. ත‍්‍රස්තවාදය පරාජය කරන්න දේශපාලන නායකත්වය ලැබුනේ කොහොමද කියන දේ සරත් පොන්සේකා මහතා ප‍්‍රකාශ කරනවා.මේක රජයේ අභ්‍යන්තර ප5ශ්නයක්.ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට අපේ සහාය උපරිමෙයන් ලබා දෙනාවා.

අපිට හමුදාවන් විශ්වාස වුනාට ඔවුන්ට අණදෙන පුද්ගලයෝ විශ්වාස නැහැ.

අද (02* දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ ප‍්‍රධාන ලේකම් අතුල ද සිල්වා මහතා
ත‍්‍රස්ත ප‍්‍රාහරයෙන් පස්සේ අගරදගුරුතුමා ජාතායට දුන්න නායකත්වය අපි අගය කරනවා. මේ සම්බන්ධයෙන් කෙරෙන පරික්ෂඛ සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්න බැරි බව කාදිනල්තුමා සදහන් කර තිබෙනවා. අගමැතිවරයා ලංකාවේ පිරිස් අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදින් සමග කි‍්‍රයාකරන බව දැන හිටියත් ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න රටේ නිතිය ප‍්‍රමාණවත් නැති නිසා ත‍්‍රස්තවාදය තුරන් කරන්න ප‍්‍රතිත‍්‍රස්ත පනත සම්මත කරලා දෙන්නයි රටේ අගමැතිවරයා සදහන් කර තිබෙනවා. මෙය සම්පුර්ණයෙන්ම අසත්‍යයක්.
ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ පළවෙනි වගන්තිය නීතීඥවරයෙක් වුනු අගමැතිවරයා කියවලා නැහැ. ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්තවාදි කි‍්‍රයා වැළෑක්වීම සදහාද, ශී‍්‍ර ලංකාව තුළ හෝ ශී‍්‍ර ලංකාවෙන් පිටත යම් පුද්ගලයෙක්, පුද්ගලික කණ්ඩායමක, සමිතියක, සංවිධානයක හෝ සමිතියක නැතහොත් පුද්ගලික මණ්ඩලයක නීතිවිරෝධී කි‍්‍රයාවැළැක්වීම සදහාද ආනුෂංගික වූ කරුණු සදහාද තාවකාලික විදිවාධාන සැළැස්වීම සදහා වු පනතකි. මේ පනතෙන් ශී‍්‍ර ලංකාව තුළ හෝ පිටත කිසියම් නිතිවිරෝධී කි‍්‍රයාවක් හෝ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් වැළැක්වීමේ ප‍්‍රතිපාදන සළස්වා තිබෙනවා.
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප‍්‍රයෝජනයට ගෙන එයත් සමග නිතිය කි‍්‍රයාත්මක කිරීම මගිනුයි මහින්ද රාජපක්ෂ මහතා තිස් වසරක යුද්ධයක් අවසන් කලේ. තමන්ගේ නොහැකිව වසා ගන්න කියන කාරණයකුයි මෙය. අගමැතිවරයා නොහැකියාව වසා ගන්න කරන ප‍්‍රකාශයක් නම් අපිට මේක විහිලූවකට අරන් බැහැර කරන්න පුලූවන්. ඔහු ඒක කියමින් කියන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ පොල් ගාන්නේ නැතිව ප‍්‍රතිත‍්‍රස්ත පනත සම්මත කරන්නලූ. මේක ගේන්නේ ත‍්‍රස්තවාදය වැළෑක්වීමේ පනත ඉවත් කරලා ඒ වෙනුවට නව පනතක් විදියටයි. මේක දෙයාකාරයකින් රටට අහිතකරයි. මේ විධි විධාන දැනට තියෙන පනතට වඩා ලිහිල්. අරමුණ ත‍්‍රස්තවාදය වැළැක්වීම නම් ඒක තියෙන පනතෙන්් කරන්න පුලූවන්. නව පනත ගෙනත් 45 වෙනි වගන්තියෙන් අපරාධ විධිවිධාන සංග‍්‍රහයේ 115, 116, 120 වගන්ති අත් හිටුවනවා. 115 තියෙන්නේ පැය 24ක් ඇතුළත විමර්ශන අවසන් කළ නොහැකි නම් දින 15ක් බන්ධනාගාරගත කරලා ප‍්‍රශ්න කිරීමේ හැකියාව. ඒ වගන්තිය අත්හිටුවීම ත‍්‍රස්තවාදය වැළැක්වීමට ප‍්‍රයෝජනවත්ද,නැද්ද? විමර්ශනය සදහා බන්ධනාගාර නිලධාරීන් යටතේ පොලිස්නිලධාරීන්ට සැකකරුවන් විවිධ ස්ථානවලට ගෙනිහින් පරීක්ෂණ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගන්තියත් අත් හිටුවනවා. මේ අත් හිටවීම මගින් පරීක්ෂණවලට වෙන්නේ බාධාවක්. විමර්ශන කටයුතු අවුරුදු 5යි 10යි අතර කාලයකට අත් හිටුවීමේ හැකියාවත් තියෙනවා. අත් හිටවලා මොහුව සමාජගත කරනවා. මේවායින් වෙන්නේ ත‍්‍රස්තවාදය වැඩි කිරීමයි. ත‍්‍රස්තවාදය ගැන කළකිරෙනවා වැනි ප‍්‍රකාශයක් මගින් නඩු කටයුතු අහෝසි කර ගැනීමේ හැකියාවත් තියෙනවා. මේවා ත‍්‍රස්තවාදය වැළැක්වීමට හේතු වෙනවාද.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට අවශ්‍ය වෙලා තියෙන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමටද? නැත්නම් ත‍්‍රස්වාදය වැඩිකිරිමටද? මේ වගේ පනතක් ගේන්නේ ඇයි. මෙයා ජාත්‍යන්තර කොන්ත‍්‍රාත්තුවක් ඉටු කරමින් සිටින්නේ. තමන්ගේ හිනවල ජනපි‍්‍රයත්වයත් එක්ක බලය පවත්වා ගැනීමට අවශ්‍ය කරුණු මේ පනතට ඇතුලූ කරලා තියෙනවා. රටේ වෘත්තිය සමිති ශිෂ්‍ය ව්‍යාපාර, වැනි දේට රාජ්‍ය මර්ධනයට ගොදුරු වෙන වගන්තිත් මෙහි තියෙනවා. ආන්ඩුවේ කි‍්‍රයාවක් වැළැක්වීම, ආන්ඩුවට යමම්කිසිවක් කරන්න පෙලඹීමත් මේ පනට අනුව ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක්. ෂරියා නිීතිය ඉගැන්වීමේ පනතක් ගෙනත් ඒකට කවුරු හරි විරුද්ධ වුනොත් ඔවුන් ත‍්‍රස්තවාදින් කියලා නම් කරන්න පුලූවන්. මැතිවරණය නොපැවැත්වීමට එරෙහි ජනතා අරගල ත‍්‍රස්තවාදය කියලා නම් කරන්න පුලූවන්. අත්‍යවශ්‍ය සේවාවය බරපතල හානි කිරිමත් ත‍්‍රස්තවාදි කි‍්‍රයාවක්. වෛද්‍යවරු වර්ජනයක් කලොත් ඔවුන් ත‍්‍රස්තවාදින් කියලා ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න ඉඩ තියෙනවා. මේක ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් කියනවා නම් මීට වඩා තියෙන පනත හොදයි. ත‍්‍රස්තවාදය නමින් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කෙරෙන වැඩපිළීවෙල වැළැක්විමයි මෙමගින් වෙන්නේ. මේකේ නිසි බලධාරියා විදියට නම් කරලා තියෙන්නේ නිතිය හා සාමය විෂය භාර ඇමැති. හැබැයි පනත ඉදිරිපත් කරන්නේ විදේශ කටයුතු ඇමැති. මේකේන්ම පේනවා අවශ්‍යතාවය මොකක්ද කියලා. මේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කරන්නේ බොරදියේ බාලූබෑමක්.

නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා
මැලිකම් රංජිත් කාදිනල් තුමන්ගේ භූමිකාව අපි අගය කරන්න ඕනේ. ව්‍යවසන වුනු තැන්වලට සංවේදීව ගමන් කළා. කිතුණු බැතිමතුන් ළගට ගිහින් උන් වහ්නසේ කි‍්‍රයාකළ ආකාරය පරමාර්ශීයි. ත‍්‍රස්තවාදයට ගොදුරු වුනු කටුවාපිටියට නුදුරින් මුස්ලිම් ජනතාව ජිවත් වන ප‍්‍රදේශයක් තියෙනවා. ආගමික සුහදතාවය සමග තත්ත්වය බරතපල විම වැලැක්වුවා. ආගමික නායකයින් සමගත් දේශපාලන නායකත්වය සමගත් සාකච්ඡුා කරලා අවශ්‍ය පියවර ගත්තා.පහුගිය දින කිහිපයේ රජය වෙඩි නොවදින වාහනයක් දුන්නත් අන් වහ්නසේ එය ප‍්‍රතික්ෂේප කරමින් මගේ ආරක්ෂාවට වඩා ජනතාවගේ ආරක්ෂාවයි වටින්නේ කිව්වා. කාදිනල්තුමා වචනයේ විදියට නෙවේ වගකිම් සහගතව නායකත්වය පෙන්නුම් කෙරුවා. රජයේ වගකිවයුත්තන් වගකිම භාර ගන්න සූදානම් නැහැ. ජේසුස්තුමා එදා අසාධාරණයට අයුක්තියට එරෙහිව පෙනි සිටියා. සාධාරණය හා යුක්තිය වෙනුවෙන් කිතුණුවන් පෙනි සිටින්නේ. එදා සමාජයේ හිටපෙු හෙරේත්ලා, පිලාත්ලා වැනි වගකිම භාරගන්න බැරි නායකයෝ ඉන්න සමාජයක කාදිනල්වරයාගේ හැසිරීම අපිට වැදගත්.
අපේ සමාජයේ ප‍්‍රගමනයට සාධනීය විදියට යොදා ගන්න පුලූවන් අදහස් කාදිනල්තුමා ලපහුගිය කාලයේ ප‍්‍රකාශ කළා. ත‍්‍රස්තවාදය මඩින්න නව පනතක් අවශ්‍ය නැති බවත් කාදිනල්තුමා කිව්වා. පවතින පනතින් ත‍්‍රස්තවාදය නැති කළ හැකි බවත් එතුමා කිව්වා. අවශ්‍ය නම් සංශෝධන ගෙනත් මේ ත‍්‍රස්තවාදය මඩින්න හැකියාව තියෙනවා. මේ ම්ලේච්ඡු ප‍්‍රහාරය වුනු මොහොතේම උන් වහන්සේ කිව්වා මේ පිටුපස විදේශීය හස්තයක් තිබිය හැකි බව කිව්වා. ත‍්‍රස්තවාදය මර්දනය මුවාවෙන් සමහර රටවල්වලට කරපු මැදිහත්වීම් නිසා වුනු දේ උන් වහන්සේ දුටුවා. වහාම මේ ත‍්‍රස්තවාදය මර්ධනයට විදේශ බලපෑම් වලින් ඉවත් වෙලා දේශීය ක‍්‍රම පිලිබද විශ්වාසය තැබිය යුතු බව අන් වහන්සේ කිව්වා. මෑත ඉතිහාසයේ දරුණුම ත‍්‍රස්තවාදය වුනේ, මරාගෙන මැරෙන සංකල්පය හදුන්වා දුන්න එල්. ටී.ටී. ඊ මර්දනය කළා නම් මේ ත‍්‍රස්තවාදය මර්ධනය කරන්න අපේ හමුදාවන්ට බැරි මොකද? සිරියාවට ලිබියාවට වුනු දේ අපි දැක්කා. උන් වහ්නසේ මේ සියලූ කාරණා පෙන්නා දුන්නා. බුද්ධි අංශයට ලැබුණූ තොරතුරු පමණක් ප‍්‍රමාණවත් නැහැ. ඒ තොරතුරු විමර්ශනය කළා නම් ඒ තොරතුරේ තියෙන දේවල් හොයා ගන්න බැහැ. මේ ත‍්‍රස්තවාදී ව්‍යවසනයේ තියෙන අක් මුල් සොයන්න අවශ්‍ය බව උන් වහන්සේ ප‍්‍රකාශ කළා. පවතින විමර්ශනයන් ගැන අන් වහන්සේ සෑහීමකට පත් වෙන්නේ නැහැ. යුද හමුදාව අත් අඩංගුවට ගැනීම් කළාට ප‍්‍රශ්න කිරීමේ හැකියාවක් නැහැ. අත් අඩංගුවට ගත්ත සමහර පුද්ගලියින් කෙටි කාලයක් තුල නිදහස් වෙනවා.
දේශපාලනපක්ෂ ආගම හා ජාතිය මත පදනම්ව නිර්මාණය වීම මේ විදියේ ව්‍යසනයන්ට හේතු වුනු බව අන් වහන්සේ සදහන් කළා. මිට වසර 10ට පෙර කිතුණු බැතිමතුන් පිරිසක් ඇවිත් කිතුණ්ුවන් නියෝජනය කරන දේශපාලන පක්ෂයක් බිහිකරන්න යෝජනා කළත් උන් වහන්සේ ඒ මොහොතේම ඔවුන්ට පිටව යන්න කිව්වා. අගරදගුරුතුමන්ගේ වගකීම, අදහස් නිසා මේ ව්‍යසනයෙන් අපේ රටට යහපත් මාර්ගයකට පැමිණීමේ හැකියාව උදා කළ බව අපි ගෞරවයෙන් සිහිපත් කරනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ගම්පහ දිස්ති‍්‍රක් නීතීඥ සංවිධානය නියෝජනය කරමින් නීතීඥ පියුම් පෙරේරා මහතා 
අපිට පේනවා මේ රට අරාජික බව. කාදිනල්තුමා නොසිටින්නට රටේ තත්ත්වය නරක අතට පෙරලෙන්න ඉඩ තිබුණා. මේ රටේ මිනිස්සු මෙතරම් අරාජික වටපිටාවක හමුදාව හා පොලීසිය කෙරෙහි නෙත් අයාගෙන බලන් ඉන්නවා. මිට වසර 10ට පෙර හමුදාවන්ට නිවැරදි නායකත්වය ලැබීම තුළින් කෲර ත‍්‍රස්තවාදයක් අවසන් වුනු නිසා අපි තුළ රණවිරුවන් සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තියෙනවා.
දැන් අපි 19 අඩුපාඩු ගැන කතා කරනවා. ඒ වගේම 15 වෙනි සංශෙෘ්ධනයත් අපි කතා කළ යුතුයි. ජේ. ආර්. ජයවර්ධන මහතා හදුන්වාදුන්න සමානුපාතික නියෝජන ක‍්‍රමයෙන් මන්තී‍්‍රවරයෙක් පත් වෙන්න 12.5%ක ඡුන්ද ප‍්‍රතිශතයක් ගත යුතුව තිබුණා. සජිත් පේ‍්‍රමදාස මහතාගේ පියා රණසිංහ පේ‍්‍රමදාස මහතා තමයි 15 වෙනි සංශෙෘ්ධනය ගෙනත් තමන්ට ජනාධිපති වෙන්න අෂ්රොප් මහතාගේ ඡුන්ද මිටිය වෙනුවෙන් ගෙනාවේ. මේවා මිනිස්සු කතා කළ යුතු මාතෘකා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ගෝලීය ත‍්‍රස්තවාදයක් ගැන කියනවා. ප‍්‍රති ත‍්‍රස්ත පනත ගේන්නෙම කොන්ත‍්‍රාත්තුවක්විදියටයි. නැත්නම් විදේශ කටයුතු ඇමැතිවරයා මෙම්පනත ගේන්නේ ඇයි. මේවගේ දේවල් වෙන්නේ අපේ රටේ විතරයි. රටේ මිනිස්සු කොන්ඬේ බැදපු චින්නු කියලයි මේ පාලකයෝ හිතන්නේ. එහෙම වෙන්නේ නැහැ. මිනිස්සු ඇස් අරගෙන ඉන්නේ.
මේ පින්තූරය රිවයින් කරද්දි මේ පිටපස විදේශිය අත පෙවීමක් තියෙන බව පේනවා. බැලූ බැල්මට අයි. එස් සංවිධානයේ අත පෙවීමක් මෙහි තියෙනවා. මේවිදේශ අත පෙවීම් කෙර’ම් වලට, ජාත්‍යන්තර කුමන්ත‍්‍රණවලට සෙල්ලම් පිට්ටනියක් බවට ලංකාවට පත් කරන්න මිනිස්සු කැමැති නැහැ. අපි දැක්කා මේ රටේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන් වසර 30 යුද්ධය අවසන් කළා. අඩුපාඩුවක්තියෙනවා නම් සංශෙෘ්ධනයක් කරමු. නැතිව මැජික් පොල්ලක් වැනි පනතක් ගෙනා සැනින් ත‍්‍රස්තවාදයනැති වෙන්නේ නැහැ. එහෙම කියන්න හැකියාව තියෙන්නේ ත‍්‍රස්තවාය එන බව දැන දැනත් හිටපු අයට විතරයි. මේ ප‍්‍රති ත‍්‍රස්ත පනත සම්පූර්ණයෙන් හකුලා ගත යුතුයි. මෙහි තිරය පිටුපස ත‍්‍රස්තවාදයාටත් රණවිරුවාටත් එකම හැන්දෙන් බෙදීමක් සිද්ධ වෙනවා. ජිනීවාවලට ලංකාවේ නීතිය වෙනස් කරන්න දුන්න පොරොන්දුවයි මේ ඉෂ්ට කරන්න හදන්නේ.
සේපාල ඒකනායක සිද්ධිය වෙලාවේ අතීතයට බලාපන විදියට නිති හදලා සති තුනකින් දඩුවම් කලේ ජේ. ආර්. ජයවර්ධන මහතායා.මාතෘ භූමියට ආදරය නොකරන අයයෙ හිස් ප‍්‍රකාශ කරමින් සිටින්නේ. මේ සියල්ල පසෙක දමා බල දේශපාලන වෙනුවෙන් පෙනි සිටින්නේ ඒ වගේ අයයි. සේපාල ඒකකානායකට දඩිවම් දෙන්න මාමාට හැකිවුනා නම්බෑනට බැරිද. මේ විදේශ අත පෙවීම් අපේ විරෝධය දක්වනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නීතීඥ සංගමයේ නියෝජ්‍ය ලේකම් සාගලා අබේවික‍්‍රම මහතා
ඵසුගිය පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් විපතට පත් පවුලිවලට සංවේගය පළ කරනවා. රටක් අරාජික වුනු අවස්ථාවක ආගමික නායකයෙක් විදියට මැදිහත් වෙමින් මග පෙන්වීමක් කරන අගරදගුරුතුමන් නොසිටින්නට අපි අසරණ වෙනවා. මවක් විසියට තිස් වසරක යුද්ධයෙන් බැට කමින් ගත කරපු කෙනෙක් විදියට අපි කාලයක් ගත කළා. ත‍්‍රස්තවාදයට වගේම එජාප භීෂණයටත් අපි ගොදුරු වුනා. නිල ලත් ඇදිරි නිතියට වගේම රතු සහෝදරයින්ගේ නිල නොලත් ඇදිරි නිතියටත් අපි මුහුණ දුන්නා. දරුවාගේ පාසලත් මුරකළා. ත‍්‍රස්තවාදය නිම වුනාම අපි සතුටු වුනා. අගමැතිකම අහිමි වුනු රනිල් වික‍්‍රමසිංහගේ මුහුණත් පාස්කු ප‍්‍රහාරයෙන් පස්සේ මුහුනේ තිබුණ ෂතුටත් අපි දැක්කා. මිනිස්සු මැරිලා තියෙද්දිත් මේ සිද්ධිය වෙස්වලාගත්ත ආශිර්වාදයක් කිව්වේ ප‍්‍රතිත‍්‍රස්ත පනත ඉදිරිපත් කරපු එවකට සිටි විදේශ ඇමැති වත්මන් මුදල්අමාත්‍ය ඇමැතිවරයායි. ලෝකයේ බිහිසුනුම ත‍්‍රස්තවාදය වළක්වන්න ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප‍්‍රමාණවත් වුනා නම් වෙනත් පනත් අවහ්‍ය නැහැ. අපි ගෙවල්වල ඇඩූ කදුලින් හිටපු කාලය නිමා වුනා. 2015 ජනවාරි 8 වැනිදා අරලිය ගහ මන්දිරයෙන් නික්මෙන මහින්ද රාජපක්ෂ මහතා කිව්වේ මම ඔබතුමාට තිළින කරන්නේ සම්පූර්ණයෙන් නිවහල් රටක්. ඒ රට ආරක්ෂා කරන්න කියලයි. නමුත් ඒ අයට බැරිවුනා ගෙවුනු වසර හතරහමාරේ රට ආරක්ෂා කර ගන්න.
හරීන් ප‍්‍රනාන්දුගේ තාත්තාට වගේම අපිටත් දරුවෝ ඉන්නවා. අපිට හමුදාවන් විශ්වාස වුනාට ඔවුන්ට අණදෙන පුද්ගලයෝ විශ්වාස නැහැ. විනාඩි 15න් වගකිව යුතු ඇමැතිවරයාගේ සහෝදරයා, සහෝදරිය නිදහස් වෙනවා. ලේකම්වරයා නිදහස් වෙනවා. කාදනල්තුමා පාරට බැස්සේ අන් වහන්සේ පිටුපසින් සියලු ජනතාව එනවා. අපේ දරුවන්ට නිදහසේ පාසල් යන්න නිදහස අවශ්‍යයි. ස්වාමියාට නිදහසේ රැුකියාවට යන්න අවශ්‍යයි. රටේ ආරක්ෂාව එක්ක දියුණුව එක්ක පොල් ගෑවා ඇති දැන් ගෙදර යන්න රනිල් මහත්තයෝ.

අගමැතිතුමාට වගකීම ගන්න බැරිනම් අයින් වෙන්න..

අද දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්
■ මේ සිද්ධියට වගකියන්න ඕනේ රජය කියලා හැමෝම කියනවා. රජය කියන්නේ ජනාධිපති ඇතුලු කැබිනට් මණ්ඩලයයි.
■ නීතිවල අඩුපාඩුවක් නෙවෙයි ලැබුණු තොරතුරු වලින් ප්‍රයෝජන ගෙන ජනතාව ආරක්ෂා කිරීමට රජයේ දෙපාර්ශවය අපොහොසත් වීමයි සිදුවුනේ.
■ රටේ වාසනාවට තව මාස හයයි තියෙන්නේ. ඒ කාලයේ අවම වශයෙන් ජනතාවගේ ජිවිත ආරක්ෂා කර ගැනීමට උත්සුක විය යුතුයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පිරිස් මහතා
මෙවැනි සිද්ධියක් නැවත සිදුනොවිමට වගබලාගත යුතුයි. ඒ සදහා ආණ්ඩුව එකක් ලෙස වැඩ කළ යුතුයි. රටකට ආණ්ඩු දෙකක් තියෙන්න බැහැ. රජයේ පාර්ශවයන් දෙක එකිනෙකාට ඇගිලි දිගු කරනවා පමණය’. එකට එකතු වෙලා රට පාලනය කරන්න වරමක් මොවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියා. අද ජනාධිපති ශ්‍රීලනීපයේ. අගමැති එජාපයේ. මොවුන් එකතු වෙලා සාමුහිකව රට පාලනය කරන්නයි ජනතාවගෙන් වරමක් ගත්තේ. ජනාධිපතිතුමා බුද්ධි අංශ දුර්වල කිරීමේ වගකීම රජය භාරගත යුතු බව කියනවා. කවුද රජය. ජනාධිපති ඇතුලු කැබිනට් මණ්ඩලය. රජයේ උච්ඡතම ස්ථානය ජනාධිපතිවරයායි. ජනාධිපතිවරයාට රජයෙන් බැහැර වෙලා රජය විවේඡනය කරන්න බැහැ.
නිව්යෝක් ටයිම් පුවත්පතේ පළවෙනි පිටුවේ තියෙනවා ශ්‍රී ලංකා රජයට බුද්ධි අංශවලින් තොරතුරු ලැබුණු බව. පුද්ගලයින්ගේ නම් දුරකතන අංක, සාකච්ඡා පැවැත්වූ ස්ථාන පවා එහි සදහන් වෙනවා. මේ තොරතුරු රජය අතට පත්ව තිබුණත් පියවරක් ගත්තේ නැහැ. මේ තොරතුරු අගරදගුරුවරයාට දිලා තිබුණා නම් කිසිදු දේව මෙහෙයක් පවත්වන්නේ නැහැ. යුද හමුදාපතිවරයා කියන්නේ මේ ගැන තොරතුරක් තිබුණා නම් ඔවුන් ක්‍රියාත්මක වෙන බවයි. හොටල් ක්ෂේත්‍රයේ අයට මොන යම් හෝ තොරතුරක් ලැබී තිබුණානම් හෝටල් ආරක්ෂා කර ගන්නවා. මේකට ජනාධිපතිතුමා අගමැතිතුමා වගේම සමස්ත රජයම වගකිව යුතුයි. රජයේ ස්ථාවරය මෙහි වගකීම භාරගෙන ආරක්ෂක ලේකම් හා පොලිස්පතිවරයා ඉවත් වීමයි. අපි එය පිළිගන්නේ නැහැ. දේශපාලන අධිකාරියම වග කිව යුතුයි. මෙවනි නිලධාරීන් පත්කිරීමේදී රජය වගකිව යුතුයි. සිද්ධ වුනු ඛේදවාචකය වගේම හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශයත් රටට බලපෑවා. සිද්ධි එකක් දෙකක් වෙයි. මෙතරම් දෙයක් වෙයි කියලා හිතුවේ නැහැයි එතුමා කළ ප්‍රකාශය ලොව පුරා ප්‍රචලිත වුනා. හදිසි නිතිය නොතිබුණු නිසා හමුදාවෙන් ප්‍රයෝජන ගැනීමේ හැකියාවක් රජයට තිබුනේ නැහැු කියලත් හිටපු ලේකම්වරයා කිව්වා. හදිසි නීතිය තත්ත්පර 30න් ක්‍රියාත්මක කරන්න පුලුවන්. ජනාධිපතිවරයා ලියවිල්ල අත්සන් කිරීම පමණයි ප්‍රමාණවත්. ගැසට් කරන්නේ ජනතාවගේ දැන ගැනිම සදහායි. හදිසි නීතිය නොතිබු බව කියමින් කෙදිරි ගෑමෙන් ප්‍රයෝජනයක් නැහැ. අවශ්‍යතාවය තියෙනවා නම් ඒ බලතල ලබා ගන්න පුලුවන්. නිතියේ අඩුපාඩු නෙවෙයි දේශපාලන අධිෂ්ථානය නැති එකයි වුනේ.
පොලිස්පති ගැන මුලු රටම දන්නවා. පළමු දවසේ සිට තනතුර දරන්න නුසුදුසු බව එතුමා මැනවින් ප්‍රදර්ශනය කළා. ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත මිසක් හැකියාව හා ජ්‍යේෂ්ඨත්වය අනුව නෙවෙයි ඔහු පත්වුනේ. කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුනු ව්‍යවස්ථාදායකයයි මේ පත්කිරිම කලේ. පටු දේශපාලන වාසිගැන නොහිතා රටේ ජනතාවගේ ජිවිත ගැන සිතා දැන්වත් ජනාධිපති හා අගමැතිවරයා කියන දෙපාර්ශවය සාමුහික වගකීමෙන් කිසියම් විදිමත් වැඩපිළිවෙලකට පැමිණිය යුතුයි. නිලධාරීන් දඩමිමා කරගැනීමකයි මොවුන් යෙදී ඉන්නේ. ඒ අතර අගමැතිවරයා ස්කයි නිව්ස් සමග සම්මුඛ සාකච්ඡාවකදී නීතිවල අඩුපාඩුවක් තියෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒක සම්පූර්ණයෙන් වැරදයි’ එතුමා වගකීමෙන් මිදෙන්න කරන ව්‍යාජ තර්කයක්. ත්‍රස්තවාදය ආරක්ෂා කිරීමේ පනත, මහජන ආරක්ෂණ පනත හා දණ්ඩ නීති සංග්‍රහය කියන පනත් තුනේම ප්‍රමාණවත් විදිවිධාන අඩංගුයි මෙ තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කරන්න. මිහිපිට තිබුණු භයානක ත්‍රස්තවාදී කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ මර්දනය කලේ මේ නීතිවලින්. ඒ කියන්නේ නීතිවල අඩුපාඩුවක් නෙවෙයි ලැබුණු තොරතුරු වලින් ප්‍රයෝජන ගෙන ජනතාව ආරක්ෂා කිරීමට රජයේ දෙපාර්ශවය අපොහොසත් වීමයි සිදුවුනේ.
රනිල් වික්‍රමසිංහ මහතා කියනවා මේ සියලු ප්‍රශ්න ඇති වුනේ ප්‍රති ත්‍රස්තවාදි පනත පාර්ලිමේන්තුවේ සම්මත නොවුනු නිසා. පොල් ගාන්නේ නැතිව ඉක්මනින් මෙය සම්මත කරන්නලු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නයි මේ යන්නේ. එහෙම කරනවා කියලා ජාත්‍යන්තරයට පොරොන්දුවක් දීලා තියෙනවා. මේ ඛේදවාචකය ඇති වුනාම රජය යොදා ගත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි. අද වෙන කොට 150ක් පමණ සිරභාරයට අරන්. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙයි. පනත අහෝසි කරලා තිබුණා නම් මේ ක්‍රියාමාර්ග කඩිනම් වෙන්නේ නැහැ. ඒ වගේම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ සමහර වගන්ති හදිසි රිති රෙගුලාසිවලටත් යටත් කළා. ප්‍රති ත්‍රස්ත පනතින් වෙන්නේ ත්‍රස්තවාදින් නලවලා පෝෂණය කිරිමයි. මිනි මැරුමකදි දෙන්නේ මරණිය දණ්ඩනය. හැබැයි මෙම්පනත යටතේ 350ක් මැරුවොත් සිද්ධ වෙන්නේ ජිවිතාන්තය දක්වා සිරදඩුවමට යටත් කිරීම පමණයි. ත්‍රස්තවාදින්ට පුදුම දයාවක් කරුණාවක් මේ පනතින් දක්වනවා. පනතේ දෙවැනි උපලේඛණය අනුව ත්‍රස්තවාදියෙක් අත් අඩංගුවට ගත්තොත් වහාම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂමට දැන්විය යුතුයි. තුන්වැනි උපලේඛණය අනුව පොලිස්පතිවරයාට වහාම දැන්විය යුතුයි. මන්ත්‍රීවරයෙක් අත් අඩංගුවට ගත්තොත් එවැනි අවශ්‍යතාවයක් නැහැ. මේ පනත ගේන්නේ ත්‍රස්තවාදය වළක්වීමේ අරමුණින් නෙවෙයි. වෙනත් අරමුණකින්. විශේෂයෙන් මාධ්‍ය, වෘත්තීය සමිති සිවිල් සංවිධාන මර්දනය කිරීමේ අංග සම්පූර්ණ වැඩ පිළීවෙලක් මේ පනතේ ගැබ්වෙලා තියෙනවා. රාජ්‍ය දේපල වලට හානි කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා තුන්වැනි වගන්තියේ සදහන් වෙනවා. මේ පනත යටතේ අත්‍යවශ්‍ය සේවාවලට බාධා කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක්. අවුරුදු 20ක් බන්ධනාගාර ගත කරන්න පුලුවන්. එයට අනුබල දීම වසර 15ක් බන්ධනාගාර ගත කරන්න පුලුවන් වරදක්. එවැනි ක්‍රියාවකට තොරතුරු සැපයිමත් ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාවක් කියලා 10 වැනි වගන්තියේ සදහන් වෙනවා. මේවා බෝම්බ පුපුරන ත්‍රස්තවාදින්ට ගේන නීති නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක තමන්ගේ නිත්‍යාණුකූල අයිතිවාසිකම් වලට පෙනි සිටින මිනිසුන් නිහඩ කිරිමයි. අද රටේ මැතිවරණ නැහැ. පළාත් සභා අකර්මන්‍යයි. මැතිවරණ ඉල්ලා අපේ හිටපු මහ ඇමැතිවරු දෙන්නෙක් අධිකරණයට ගිහින්. මැතිවරණ ඉල්ලා ජනතාව පාරට බැස්සොත් ගන්න දරුණු ක්‍රියාමාර්ග තමයි මේ පනතේ අඩංගු වෙන්නේ. 62 වැනි වගන්තිය පොලිස් රාජ්‍යයක අඩිතාලමයි. අගමැතිවරයාගේ අත්සාහය මෙරට පොලිස් රාජ්‍යයක් බිහිකිරීමයි. 62 වගන්තියෙන් යමම්නිෂ්චිත ප්‍රදේශයකට හෝ පරිශ්‍රයකට ඇතුල් නොවන ලෙස, නිශ්චික ල්‍රදේශයකින් පිට නොවන හෝ රැදදිසිටින ලෙස, යම් මාර්ගයක ගමන් නොකරන ලෙස, නිෂ්චිත ස්ථානයක රැස් නොවන ලෙස එක පෑන් පහරකින් කිරීමේ හැකියාව පොලිසියට ලැබෙනවා. 95 වගන්තිය තවත් භයානකයි. මේ යෝජිත නිතිය සමග ගැටෙන වෙනත් නිති තියෙනවා නම් ඒවා අහෝසි වෙනවා. මේ නිතියයි බලාත්මක වෙන්නේ. එවැනි භයානක පනතක් තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. මාධ්‍යවේදින්ට කිසියම් ස්ථානයකට ගිහින් ජායාරූප ගැනීම සටහන් තබා ගැනීම පවා තහනම් වෙනවා. මේ හදන්නේ ආඥාදායකත්වයක් රටේ ඇති කරන්නයි. ජිවිත 350ක් බිලි දීලා භයානක පනතක් සම්මත කර ගැනීමේ උත්සාහයකයි රජය ඉන්නේ.
පළමු දවසේ ඉදන් අදක්ෂභාවය හා තනතුරට නුදුසුදු බව පෙන්වූ පොලිස්පතිවරයා පිට වගකිම පවරලා මෙයින් මිදෙන්න රජයට හැකියාවක් නැහැ. දැන් මේ රජයේ 6 වැනි ආර්කෂක ලේකම්වරයා පත්කරනවා. හිටපු ලේකම්වරයා පත්කලේ කවුද. පත්කරන අයගේ වගකීම මොකක්ද. ජනතාව තමන්ගේ ආරක්ෂාව භාර දුන්නේ පොලිස්පතිටවත් ආරක්ෂක ලේකම්ටවත් නෙවේ. දැන්වත් එකිනෙකාට චෝදනා කිරිම් නතර කරලා ජනාධිපති හා අගමැති එකතු වෙලා රට කරන්න වෙනවා. රටේ වාසනාවට තව මාස හයයි තියෙන්නේ. ඒ කාලයේ අවම වශයෙන් ජනතාවගේ ජිවිත ආරක්ෂා කර ගැනීමට උත්සුක විය යුතුයි.

■ පොලිස් මාධ්‍ය ප්‍රකාශය ප්‍රහාරය එල්ල වී පැය කිහිපයක් ඇතුළත කරපු ප්‍රකාශයේදී නියෝජ්‍ය පොලිස්පති නිකුත් කරපු චක්‍රලේඛණය ගැන දන්නේ නැහැ කිව්වා. ඒ බොරුකාරයෝ තමයි අදටත් මාධ්‍ය ප්‍රකාශයක කිය කිය ජනතාවට කරුණු දක්වන්නේ
■ අගමැතිතුමාට වගකීම ගන්න බැරිනම් පොල් ගාන්නේ නැතිව අයින් වෙන්න.
■ අපරාධ නඩු විධාන සංග්‍රහය හා දණ්ඩ නිති සංග්‍රහයට අනුව මනුෂ්‍ය ඝාතනයට සහාය දුන්නේ කවුද කියලා හොයලා නඩු දාන්න. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නිති සංග්‍රහය තියෙනවා
■ මගේ තාත්තා කිව්වා. මම ගියේ නැහැ කියන්නේ සාක්ෂි තමයි. තොරතුරු සැගවීම යටතේ නඩු පවරන්න පුලුවන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා
මේ ආන්ඩුව තොරතුරු ජනගත විම වළක්වන්න සමාජමාධ්‍ය තහනම් කරලා, ආන්ඩුවට එන ප්‍රකෝපය හා අවලාද වෙනතකට යැවීමට දරපු උත්සාහය අපි හෙළා දකිනවා. රාජ්‍ය ආරක්සාව සම්බන්ධයෙන් එවැන්නක් කළාට ප්‍රශ්නයක් නැතත් ජනතාවට යම් යම් සත්‍ය තොරතුරු දැන ගැනීමට තිබුණු හැකියාව වැළැක්වූවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශය ප්‍රහාරය එල්ල වී පැය කිහිපයක් ඇතුළත කරපු ප්‍රකාශයේදී නියෝජ්‍ය පොලිස්පති නිකුත් කරපු චක්‍රලේඛණය ගැන දන්නේ නැහැ කිව්වා. බොරු කිව්වා. ඒ බොරුකාරයෝ තමයි අදටත් මාධ්‍ය ප්‍රකාශයක කිය කිය ජනතාවට කරුණු දක්වන්නේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1978 අංක 48. වත්මන් අගමැතිවරයා ඇමැති ධූරය දරපු ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවෙන් තමයි මේ පනත ගෙනාවේ. ඒ පනත හා ඊට පස්සේ ගෙනාපු සංශෝධනත් එක්කයි අවුරුදු 30ක් තිබුණු ත්‍රස්තවාදයක් නැති කරන්න හැකිවුනේ. ඒ පනත ඉතා කෙටි පනතක්. ඒ යටතෙ පාර්ලිමේන්තුවට බෝබ්ම ගහපු විත්තිකරුවන් වෙනුවෙන් පෙනි හිටපු එක නිතීඥවරයෙක් මම. මම අගමැතිවරයාට අභියෝග කරනවා. ඒ අත්දැකිම තියෙන එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වත් අද ඉන්නවාද. ඒ පනත යටතේ නඩු සිය ගණනකට වඩා මම කතා කරලා තියෙනවා. මේ ත්‍රස්තවාදි ව්‍යාපාරයට එකතු වුනු සැකකරුවන්ට,තවත් ඉන්නවා නම් අල්ල ගන්න, මේ කර මර්ධනය කිරීමට මේ පනත ප්‍රමාණවත්. දැන් අගමැතිවරයා කරන්න හදන්නේ මොකක්ද?පුර්විකාවේ ප්‍රතිත්‍රස්ත පනත කියලාවත් නැහැ. දැනට තියෙන පනත ඉවත් කිරීම පිණිසද කියලා තියෙන්නේ.මේකකාගේ වුවමනාවක්ද. මංගල සමරවිර ඇමැතිවරයා විදේශ ඇමැතිවරයා විදියට 2015 සැප්තැම්බර් මාසයේ ජිනිවා වලට ගිහින් 30 යෝජනාව සම්මත කරන්න සහාය දැක්වූවා. එහි කොන්දේසියක් තමයි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරිම. ත්‍රස්තවාදින්ට පනත දියාරු කරලා සාමාන්‍ය ජනතාවගේ පුරවැසි අයිතිවාසිකම් මැඩ පවත්වන්නයි මේ පනත ගෙනත් තියෙන්නේ. වෘත්තීය සමිති වලට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න ලැබෙන්නේ නැහැ. මාධ්‍යවේදින්ට තොරතුරු වාර්තා කරන්න ලැබෙන්නේ නැහැ. අගමැතිතුමාගේ පළවෙනි කතාවෙන් කිව්වේ ගෝලීය ත්‍රස්තවාදයක් කියලා විශ්වීය ත්‍රස්තවාදයට සම්බන්ධයි කිව්වා. ඊට පස්සේ ස්කයි නිව්ස් එකට කියනවා මෙම්පනත ගෙනාවේ නැත්නම්නඩු පවරන්න බැහැලු. මම අභියෝග කරනවා අගමැතිතුමාට පුලුවන් නම් පෙන්වන්න තියෙන පනතෙනක් කාටද නඩු පවරන්න බැරි කියලා. පාර්ලිමේන්තුව පොල් ගහන්නේ නැතිව මේක සම්මත කරන්නලු. අගමැති එතුමා. කමිටු පත්කලේ පාර්ලිමේන්තුව. පොල් ගාන්නේ නැතිව සම්මත කරන්නලු. අපිට කියන්නෙ වෙන්නේ පොල් ගාන්නේ නැතිව අයින් වෙන්න කියලයි.
වගකීම ගන්න බැරිනම් පොල් ගාන්නේ නැතිව අයින් වෙන්න. එතුමාගේ ඇමැතිවරු දෙන්නෙක් ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා කරුණු දැනගෙන හිටියේ නැහැ කියන්න බැහැනේ. පිළිඅරන් තියෙනවානේ. මේ අයට පුලුවන්නේ දැන් තියෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරන්න තොරතුරු වසන් කිරිමට එරෙහිව. ඇමැතිවරු දෙන්නෙක් දැනගෙන හිටිය බව කියනවා.ආරක්ෂක ලේකම් දැනගෙන හිටියා. මේ තරම් දෙයක් වෙයි කියලා හිතුවේ නැහැලු. පොලිස්පතිවරයා දැන නොසිටියා කියන්න බැහැ. චක්‍රලේඛණය යැව්වේ පොලීසියෙන්. ජනවාරි 8 වැනිදා මේ විනාශය කරන්න යහපාලනය ගෙනාපු රාජ්‍ය නොවන සංවිධාන නඩයත් මේකට වගකියන්න වෙනවා. අද කෝ ඒ එන්. ජී. ඕ නඩය.
මේ සිද්ධීයෙන් කියන්නේ ආන්ඩුවට සහාය දෙන අයගේ යෝජනා ක්‍රියාත්මක කරන බවයි. ජිනිවා වලට සහාය දෙන්නේ කොටි ඩයස්පෝරාවේ හා බටහිර වුවමනාවට. ආන්ඩුව පවත්වා ගෙන යන්නේ සමහර ජනවර්ගවල සහාය ඕනේ වෙනවා. විශ්වාස භාගයේදිදිනුවේ කොහොමද. හොයලා බලන්න. බහුතරය පෙන්නුවේ කොහොමද. හොයලා බලන්න. ඒ අයට අත තියන්න කැමැති නැහැ. නොරතුරු දැන ගෙන හිටියත් අත් අඩංගුවට ගන්න හෝ අත් අඩංගුවට ගන්න හැකියාවක් තිබුනේ නැහැ. එහෙම කළා නම් ආන්ඩුව වැටෙනවා. රට බිල්ලට දුන්න ආන්ඩුවක් ඉතිහිසයේ තියෙනවා නම් රනිල් වික්‍රමසිංහගේ මේ ආන්ඩුවයි. අපරාධ නඩු විධාන සංග්‍රහය හා දණ්ඩ නිති සංග්‍රහයට අනුව මනුෂ්‍ය ඝාතනයට සහාය දුන්නේ කවුද කියලා හොයලා නඩු දාන්න. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නිති සංග්‍රහය තියෙනවා. දැන් දේශපාලන සිරකරුවෝ කියලානේ කියන්නේ. එහෙම කියන්නේ ලක්ස්මන් කදිරගාමර්, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහත්වරුන්ට බෝම්බ ගහලා මරපු පිරිසට. මේ අයට සහාය ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පනත ගෙනාවොත් පමණයි. මේ උත්සාහ කරන්නේත්‍රස්තවාදින්ට උඩගෙඩි දීමට මිසක් ත්‍රස්තවාදය අවසන් කරන්න නෙවෙයි කියන දේ හොදින්ම පැහැදිලියි.
මේ පනතේ 85න්, සන්නද්ධ හමුදා කැදවීම කරන්න වෙන්නේ මේවගේ අවස්ථාවකදී මහජන සාමය පවත්වා ගෙන යන්න බැරි බව පොලිස්පතිවරයා ප්‍රකාශ කලොත් විතරයි. මේ පොලිස්පති ඉන්න වෙලාවක මෙම්පනත අද තිබුණා නම් ජනාධිපතිතුමාට සන්නද්ධ හමුදාව කැදවන්න වෙන්නේ මේ විහිලුකාර පොලිස්පතිවරයා යටතෙයි. උසාවිවල නඩු කතා කරපු අපිව මෝඩයාට අන්දන්න ද යන්නේ.ජනතාව වගේම ජනතාවත් මුලා කරන්නයි හදන්නේ. බැරිකම හා නොහැකිව හැරෙන්න ිසිවක් අගමැතිගේ මුවින් පිට වෙන්නේ නැහැ. දැන් ඉන්නේ මාරපන විදේශ ඇමැතිවරයා. මේ ජායාරූප අරන් ගිහින් අපේ රටේ මානව හිමිකම් අහිමි වෙන හැටි පෙන්වන්න පුලුවන්. අපිට කටු ඔටුනු දාන්න එනවා වෙනුවට අපේ මානව හිමිකම් අහිමි වීම් දැකගන්න කියන්න පුලුවන්නේ. අපේ ජනතාව මියගියාම මැනව හිමිකම් වලට යන්න මැලිද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. එහෙම කලොත් රණ විරුවන්ට” බුද්ධි අංශවලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.ප්‍රශ්නයක් වෙන්නේ අගමැතිතුමාටයි ඔහුව බලයේ තියාගන්න හදන අයටයි. මගේ තාත්තා කිව්වා. මම ගියේ නැහැ. කියන්නේ සාක්ෂි තමයි. තොරතුරු සැගවීම යටතේ නඩු පවරන්න පුලුවන්.

■ ලෝකේ දරුණුම ත්‍රස්තවාදින් කියපු අයව, රටවල් 193ක් එක්ක සම්බන්ධකම් තිබුණු ධනවත්ම ම්ලේඡ්ඡ සංවිධානයක් අවුරුදු දෙකහමාරක් ඇතුළත පාලනය කලේ මේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන්. අගමැතිතුමාට ඒ පනතෙන් වැඩක් කරන්න බැහැලු.
■ දැනගෙන පුරවැසියන් ගැන අනුකම්පාවක් නැතිව ඡන්ද පදනමට හානියක් නොවන විදියට වැඩ කිරීම නිසයි මේ ඛේදවාචකය වුනේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා
මෙවැනි අවස්ථාවක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හා ජනාධිපතිවරයාගේ හැසිරිම දිහා බැලුවම හිතෙන්නේ මේකියන කරුණු ඇත්තද කියලයි. මේකරුණු සත්‍යයද, ඇයි මෙහෙම හැසිරෙන්නේ. 2015 ජනවාරි 8 වැනිදා ජනතාවට අහසක් උසට බලාපොරොත්තු දිලා මේ ආන්ඩුව පත්කර ගත්තේ. තිස් අවුරුදු යුද්ධය අවසන් කරපු හමුදා සහ බුද්ධි අංශ වගේම මහින්ද රාජපක්ෂ රජය ලෝකය ඉදිරියේ අවමානයට ලක්කිරිමයි සිද්ධ වුනේ. මානව හිමිකම් යෝජනාවේ සිට රටේ ස්ථාවරත්වය බාල්දු කිරීමට මොවුන් කටයුතු කරලා තියෙනවා. අතුරුදන්වූවන්ගේ පනත හරහා ගෙනයන වැඩපිළීවෙල වගේම ප්‍රතිත්‍රස්ත පනත කියන එක ගේන්න යන ගමන් කියන කතා බලන්න. ලෝකේ දරුණුම ත්‍රස්තවාදින් කියපු අයව, රටවල් 193ක් එක්ක සම්බන්ධකම් තිබුණු ධනවත්ම ම්ලේඡ්ඡ සංවිධානයක් අවුරුදු දෙකහමාරක් ඇතුළත පාලනය කලේ මේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන්. ජිනීවා වලට දුන්න පොරොන්දුවක් මේ ඉටු කරන්නේ. ඒ වගේම ත්‍රස්තවාදියෙක් අල්ලගත්ත ගමන් මානව හිමිකම් කොමිෂමට දැන්වීම වගේම නිතිපති දෙපාර්තමේන්තුවට අධීචෝදනා නැගීම වසර 10ක් පමා කරන්න පුලුවුන්. දේශපාලන වශයෙන් ඛේදනිය තත්ත්වයකට මේ වෙද්දි රනිල් වික්‍රමසිංහ මහතා මුහුණ දිලා තියෙනවා. වොක්ස්වැගන් සිට සාවද්‍ය තොරතුරුයි කිව්වේ. සීතලයි කියලා කියන යුද්ධයක් එජාපයේ තියෙනවා. එහි දුර්වල තැනකයි රනිල් අගමැතිවරයා ඉන්නේ. ඔහුගේ ස්ථාවරය ඇති කර ගන්න නම් මෙම්සිද්ධිය වෙස් වලාගත්ත ආශිර්වාදයක් විදියට යොදා ගන්න උත්සාහයකයි ඉන්නේ. මේ වනවිටත් විදේශිය හමුදාවන් මෙරටට ඇවිත්. සිරියාවේ හිටපු අගමැතිවරයා පවත්වා ගෙන යන මුවාවෙන් කරන විනාශයයි අද සිරියාවේ දකින්න තියෙන්නේ. එවැනි විනාශයක් වුනත් තනතුර ආරක්ෂා කරගැනීමයි රනිල් වික්‍රමසිංහය අවශ්‍ය. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ හා පාලකයින් දැනුවත් නැති බව කියන්න පුලුවන්ද. පවතින පාලනයට ඇලුම් කරන අයට වුනත් හෘද සාක්ෂියෙන් අහලා බලන්න පුලුවන්. දැනගෙන පුරවැසියන් ගැන අනුකම්පාවක් නැතිව ඡන්ද පදනමට හානියක් නොවන විදියට වැඩ කිරීම නිසයි මේ ඛේදවාචකය වුනේ. මේ ඛේදවාචකය කොහොන් කොහොම නැවත ඇරfඹිදිද කියන්න බැහැ.
දෙමුහුන් ආණ්ඩුව රජය නම් රජය එකිනෙකාට චෝදනා කරන්න බැහැ. ආරක්ෂක මණ්ඩලයට මාස 6ක් තිස්සේ කැදවුයේ නැත්නම් ඒක පාර්ලිමේන්තුවට කියන්න තිබුණා. වෙන දෙයක් වෙන්න කියලා බලන් හිටියා. අපි ඒකාබද්ධ විපක්ෂය විදියට අපිට හැකි උපරිම පරිත්‍යාගයක් කරමින් නැවත නගා සිටුවීම්වලට සහාය දෙනවා. අපි දැවැන්තම මැයි රැළිය කරන්න සූදානමින් සිටියා. නමුත් මේ තත්ත්වය මත අපිට මැයි දින රැළිය පවත්වන්න වෙන්නේ නැහැ.

■ ත්‍රස්තවාදයක් තුරන් කරපු හමුදාවක් බුද්ධි අංශයක් හිටපු රටක් වෙලත් අගමැතිතුමාට ජාත්‍යන්තරය තමයි විශ්වාස.
■ මේ සම්මත කරගන්න හදන පනත තිබිලාද 30 වසරක යුද්ධය අවසන් කලේ. තිබුණු නිතියයි, හැකියාව හා නායකත්වය තිබිලයි යුද්ධය අවසන් කලේ. මීට වැඩි පනතක් ගෙනාවත් මේ ආන්ඩුවට කවදාවත්ම බැහැ. මේක නොහැකියාව.
■ අල්හාජ් මොහොමඞ් ඉබ්‍රහිම් අපේ ජාතික ලයිස්තුවේ ඉබ්‍රහිම් හිටියා නම් මොකද වෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා
මේ අවස්ථාවේ රටේ වගකීම දරණ ආන්ඩුවේ අගමැතිතුමාගේ හැසිරීම රටම බලා සිටිනවා. ගිය ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වුනා. කතෝලික දේවස්ථාන වගේම හෝටල්වලට බෝම්බ ප්‍රහාරය එල්ල වෙද්දි අගමැතිතුමා හිටියේ කොහෙද කියලා අපි දන්නේ නැහැ.නමුත් බෝම්බ ප්‍රහාරයේ ශබ්දයෙන් දැන් එතුමා කම්පනයට පත්වෙලා. යම් අනතුරක් වුනාම ඒ කම්පනයෙන් කරන්නේ මොනවාද කියලා දන්නේ නැහැ. විදේශීය හමුදාවන් ගෙනත් මේ සම්බන්ධයෙන් හොයන්න පුදුම වුවමානවක් තියෙන්නේ. ත්‍රස්තවාදයක් තුරන් කරපු හමුදාවක් බුද්ධි අංශයක් හිටපු රටක් වෙලත් ජාත්‍යන්තරය තමයි එතුමාට විශ්වාස. මේ ඊළග තුරුම්පුව. මේ තුළින් විදේශීය හමුදාවන් ගෙන්වා ගෙන රට තළ අස්ථාවරභාවයක් තියෙන්නේ කියලා මේ ආන්ඩුවම ගෙනියන්නයි හදන්නේ. අගමැතිතුමනි මේ සම්මත කරගන්න හදන පනත තිබිලාද 30 වසරක යුද්ධය අවසන් කලේ. තිබුණු නිතියයි, හැකියාව හා නායකත්වය තිබිලයි යුද්ධය අවසන් කලේ. මීට වැඩි පනතක් ගෙනාවත් මේ ආන්ඩුවට කවදාවත්ම බැහැ. මේක නොහැකියාව. තමන්ට රට ආරක්ෂා කරගන්න බැරි බව එතුමා පිළීගන්න වෙනවා.
දිගන සිද්ධයේදී මාධ්‍ය වාර්තා කළා දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාව පැය 18ක් ප්‍රශ්න කිරිම ගැන. මොන විදියකින් හරි දේශපාලන දඩයමක් කර ගන්නයි බැලුවේ..මේ සිද්ධි දෙක අහසයි පොළවයි වගේ. ආන්ඩුවේ අයගේ නම් තුනක් ප්‍රසිද්ධියේ කියැවෙනවා. එක රිෂාඩි බදියුදීන්. දෙක අසාත් සාලි ආන්ඩුකාරවරයා. තුන මුජිබර් රහුමාන්. අද වෙනතුරු මොවුන්ගෙන් එක ප්‍රශ්නයක් ඇහුවද. ඒ ඡන්ද මල්ලට. ගෙනත් ප්‍රශ්න කලොත් ඔවුන් ඡන්දෙ දෙන්නේ නැහැ. ආන්ඩුව ඉවරයි. දේශපාලන පොතෙන් සිද්ධිය වැහෙනවා. ජවිපේ නායක අනුර කුමාර දිසානායක කට අල් කරගෙන ඒක වුනේ කොහොමද. කියලා කියනවා. ඒ අනුර කුමාර දිසානයක නායකයාගෙන් අපි අහන්නේ එතුමාලාගේ ජාතික ලයිස්තුවේ 11 වැනියා අල්හාජ් මොහොමඞ් ඉබ්‍රහිම්. අපේ ජාතික ලයිස්තුවේ ඉබ්‍රහිම් හිටියා නම් මොකද වෙන්නේ. දැන් කියනවා එතුමාට සම්මානයක් මහින්ද රාජපක්ෂ මහත්තයා දීලාලු. එතුමාලාගේ ජාතික ලයිස්තුවට දාන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා සම්මාන දුන්න අයද. මේ කන්න ඕනේ වුනාම කඹරගොයා තලගොයා කර ගන්න උන්නැහැලා ටිකක්. මේවාට වගකියන්න ඕනේ නොහැකියාව තියෙන රූකඩ පාලකයින් රටට දායාද කරපු ජනතා විමුක්ති පෙරමුණත්. රාජ්‍ය ආරක්ෂාව බිංදුවට දාලා අද වැඩිය ශබ්ද නැහැ. මාධ්‍ය ඉස්සරහට වැඩිය එන්නෙත් නැහැ. මහානායක හාමුදුරුවෝ ප්‍රකාශ කළා චෝදනා විරහිතව ඉන්න බුද්ධී අංශ නිලධාරින් නිදහස් කරන්න කියලා. රට අස්ථාවර කරන ස්වාධිනත්වය නැති කරන තින්දුවක් ගත්තා නම් ඒ මංගල සමරවිර තමයි. අපේ ගෙවල්වල දරු පැටව් ඉන්නවානේ සමරවිරට පැවැත්මක් නැති වුනාට. බුද්ධි අංශය විනාශ කිරීමේ වගකිමත් මේ රජය ගන්න වෙනවා. රජය බලයට පත්වුනු දා ඉදන් බුද්ධි අංශවල චිත්ත ධෛර්යය වැටෙන දේ කලේ. අපි කියන්නේ මේ ආන්ඩුවට ඉදිරියට යන්න බැහැ. රටේ ආර්ථිකයත් දැන් කඩා වැටිලා. සංචාරයට එන්න හිටපු සංචාරකයෝ සියල්ල අවලංගු කරලා. මිනිස්සු රුකියාවට එන්නේ නැහැ.

ජාතික ආරක්ෂාව පිලිබඳ සර්වපාක්ෂික සමුළුව

ජාතික ආරක්ෂාව පිලිබඳ සර්වපාක්ෂික සමුළුව 2019 අප්‍රේල් 25

පසුගිය පාස්කු ඉරිදා දින සිදුවූ සහාසික ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තත්වය සාකච්චා කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවීම පිළබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෞරවය පුද කර සිටින අතර ඒ සඳහා සහභාගී වීමට අප පක්ෂය වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පල කර සිටින්නෙමු.
පසුගිය ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳවත් ඉන් පෙර,පසු තත්වය පිළිබඳවත් පවතින තත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජාතික ආරක්ෂාව සහ ජාතීන් අතර සමගිය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට නිරන්තර සූදානමින් සිටින අප පක්ෂයේ අදහස් හා යෝජනා මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස අපේ දර්ශනය සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් යන සියලු ශ්‍රී ලංකික පුරවැසි සහෝදරත්වයන්ට තම තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් රැක ගෙන නිදහසේ ජීවත්විය හැකි. සෞභාග්‍යමත් සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමයි. ඒ අනුව වාර්ගික සුහදත්වය ආගමික සහජීවනය සහිතව ජිවත්වන නුතන ශ්‍රී ලංකීය ජාතිය නිර්මාණය කිරීම අපේ ඒකායන අපේක්ෂාවයි.

• මානව සමාජයේ අනෙක් සියලු අයිතීන් තියෙන්නේ ජිවත් වීමේ අයිතියට යටින්. ඒ නිසා ජාතික ආරක්ෂාවට ඉහලින් කිසිවක් තියෙන්න බෑ. වාර්ගික සුහදත්වයආගමික සහජීවනය ආදී මේ සියලු යහපත් මානව බැදීම් නිර්මාණය වන්නේ සුරක්ෂිත සමාජ වටපිටාවක් තුළ පමණයි. සංහිදියාව තියෙන්නෙත් ජාතික ආරක්ෂාව නැමති මහා පොදු සාධකය ඇතුලේ.

• නමුත් පහු ගිය කාලේ ජාතික ආරක්ෂාව සහ ජාතික සංහිදියාව අතර ප්‍රතිවිරෝධයක් තිබෙන බවට වූ ආකල්පයක් ඉහල සිට පහලට සමාජ ගත උනා. ඒ ආකල්පය විසින් අන්තිමේදී ජාතික ආරක්ෂාව පිළිබඳව උනන්දු වීම ජාතික සංහිදියාවට එරෙහිවීමක් යන මතය අපේ පොළවේ පැළ කලා. එක හරියට හුස්ම ගැනීම හදවතට අහිතකරයි කියනවා වගේ අවිද්‍යාත්මක විකෘති අදහසක්. දැන සහ නොදැන ඍජුව හා වක්‍රව එකී තත්වය මේ මහා විපතට හේතුවක් උනා.

• අපි අවධාරණය කරන්නේ ජාතික ආරක්ෂාව නිසි තැන ස්ථානගත කරන්න කියලා. ජාතික ආරක්ෂාවට හිමි තැන දෙන්න කියලා. ජාතික ආරක්ෂාව කළමනාකරණය කිරීමේ වගකීම නිසි වෘත්තියභාවයක් සහිත පරිනත සුදුස්සන් අතට පත් කරන්න කියලා.

• ජාතික ආරක්ෂක කවුන්සිලය ප්‍රමුඛව ජාතික ආරක්ෂාව භාර ආයතන වල බරපතල බිද වැටීමක් අපට නිරීක්ෂණය වුණා. වහාම ජාතික ආරක්ෂාව භාර ආයතන විද්‍යාත්මකව ප්‍රතිව්‍යුහගත කරන්න.

• රාජ්‍ය බුද්ධි සේවා අත්තනෝමතික දණ්ඩනයකට ලක්වී අති බව ප්‍රසිද්ධ කරුණක්. ඒ හේතුවෙන් රාජ්‍ය බුද්ධි සේවාවන් අකර්මන්‍ය වෙලා. රාජ්‍යයක පැවැත්ම උදෙසා රාජ්‍ය බුද්ධි සේවාවක ඇති අවශ්‍යතාව වහාම තේරුම් අරගෙන අකර්මන්‍ය කර ඇති රාජ්‍ය බුද්ධි සේවාව යලි සක්‍රිය කරන ලෙස අපි ඉතා අවධාරණයෙන් ඉල්ලා සිටිනවා.

• රැස් කරගන්න ලද තොරතුරු නිශ්චිත දත්ත බවට පත්වෙන්නේ විද්‍යාත්මක පිරිපහදු (Filtering) කිරීමකට පස්සේ. බුද්ධි සේවාවක් විසින් ඉදිරිපත් කරන බුද්ධිමය දත්ත කියන්නේ ඕපා දුප නොවේ. පසුගිය සිදුවීම විශ්ලේෂණය කරද්දී අපට පෙනී යනවා බුද්ධි අංශ දත්තයන්ට සාමාන්‍ය කට කතාවකට ලැබෙන තරමේ වත් වටිනාකමක් ලැබී නොමැති බව. බෙහෙත් ගත්තට වැඩක් නැහැ බෙහෙත් බොන්නේ නැත්නම්. ඒ නිසා ලැබෙන බුද්ධි තොරතුරු නිසි ලෙස භාවිතයට ගැනීම වගකිව යුත්තන්ගේ ප්‍රමුඛතම වගකීමක්.

• ජාතික ව්‍යසනයකින් පසු හැසිරීම. වර්තමාන ආණ්ඩුව වහාම අධ්‍යනය කල යුතුයි. මේ සිද්ධියේදී සිවිල් නායකයින් සහ සාමාන්‍ය මහජනතාව ඉතා දියුණු හැසිරීමක් ප්‍රකට කලා. ඔවුන් හිටියේ වගකිව යුතු බලධාරීන්ට වඩා බොහොම ඉදිරියෙන්.

• මේ වන විට නිර්මාණය වී ඇති තත්වය පාදක කරගනිමින් ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරයක් ඇති කොට ජාතීන් අතර සමගිය පළුදු කිරීමේ කුමන්ත්‍රණයක් 1983 කළු ජූලිය නිර්මාණය කළා සේ මේ මොහොතේ මතු විය හැකි බැවින් ඉතා වගකීමෙන් සියලු ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ මූලිකම වගකීම විය යුතුය.

• පාස්කු ඉරිදා ඛේදවාචකය සිදු වූ සැනින් මනුෂ්‍යතත්වයේ නාමයෙන් සහ රාජකාරිමය වගකීමෙන් ඉදිරිපත් වූ අසල්වැසියන්ට, රෝහල් කාර්යමණ්ඩලයන්ට, ආරක්ෂක අංශ නිලධාරීන්ට සියලු අපදා සහන සේවාවන්ට. මෙන්ම පරිත්‍යාගශිලිව සහ කම්පනයන් යුතුව උපකාර කල සැමටත් අපි හිස නමා අචාර කරනවා.

• පළාත් සභා 09 න් 08 ක්ම මේ වන විට නිල කාලය අවසන් වීම හේතුවෙන් මහජන සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බරපතල දුෂ්කරතා පවතිද්දී ඊට මුහුණදෙමින් අපගේ පළාත් පාලන ආයතන සියල්ල මගින් මේ මොහොතට අවශ්‍ය සියලු සේවාවන් ලබාදීම සදහා 24 පැය පුරාම අපගේ මහජන නියෝජිතයන් සහ පළාත් පාලන ආයතන සූදානම් කර ඇත.

ජාතික ආරක්ෂාව පිලිබඳ සර්වපාක්ෂික සමුළුව

ජාතික ආරක්ෂාව පිලිබඳ සර්වපාක්ෂික සමුළුවට මුල් වතාවට සහභාගී වෙමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කල අවස්ථාව.

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය

2019 අ‌ප්‍රේල් 23

මාධ්‍ය නිවේදනය

2019 අප්‍රේල් මස 23 වෙනි බඳාදා, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා

ගරු කතානායකතුමනි,

මේ ගරු සභාව අද විශේෂ රැස්වීමක් පවත්වන්නේ පසුගිය ඉරිදා සිදුවුණු බෝම්බ ප්‍රහාරයන්වලින් පස්සෙ, රටේ අනාගතය ගැන සාකච්ඡා කරන්න. මේ වන විට 300 කට අධික පිරිසක් ඒ ප්‍රහාරයන් වලින් මිය ගිහින් තවත් 500 ක් පමණ තුවාල ලබලා තියෙනවා. මම මේ අවස්ථාවේදී නැවත වතාවක් ඒ මිය ගිය පිරිස වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින අතර, තුවාල වූ අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටිනවා.

අවුරුදු 30ක් පුරා පැවති දරුණු යුද්ධය 2009 මැයි 19 වන දා අවසන් කෙරුවහම අපි කවුරුත් හිතුවේ මෙවැනි සිද්ධීන් නැවතත් දකින්න ලැබෙන්නේ නැති වේවි කියලයි. ඒ යුද්ධය අවසන් වීමේ 10 වන සංවත්සරය අපි සමරන්න හිටියෙ ලබන මාසේ. නමුත් ඒ අවුරුදු 30 ක යුද්ධයේදී වත් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ත්‍රස්තවාදීන් කරපු කිසිදු සැලසුම් සහගත තනි ප්‍රහාරයකදී මේ තරම් දරුණු ව්‍යසනයක් සිද්ධ වුණේ නෑ. කොටි සංවිධානයත් එකවර ස්ථාන කිහිපයකදී බෝම්බ පුපුරවලා තියෙනවා නමුත් ඒවායින් මේ තරම් විනාශයක් කරන්න ඔවුන්ටවත් බැරි වුණා. විචාරකයෝ පෙන්නලා දෙන ආකාරයට මේක තමයි සිවිල් වැසියන් ඉලක්ක කරගෙන දකුණු ආසියාවේ සිදුවුණු දරුණුම ත්‍රස්තවාදී ප්‍රහාරය. 2008 මුම්බායි ප්‍රහාරයේදීවත් මේ තරම් මරණ ගණනක් සිදු වුණේ නෑ.

මේ තරම් දරුණු ආකාරයට ත්‍රස්තවාදය නැවතත් මේ රටේ හිස එසෙවුයේ කොහොමද කියලා මේ ගරු සභාව සලකල බලන්න ඕන. 2005 නොවැම්බරයේදී මම මුල්වරට ජනාධිපති හැටියට පත් වෙනකොට මේ රටේ නාමිකව සටන් විරාම ගිවිසුමක් තිබුණා. නමුත් කොටි සංවිධානය දිනපතාම ආරක්‍ෂක අංශ ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරලා තැන් තැන් වල සෙබළුන් දෙන්න තුන්දෙනා මරනවා. ඔය කාලේ කැබතිගොල්ලෑවේ බස්රථයකට තියපු බෝම්බයක් නිසා සිවිල් වැසියන් විශාල ගණනක් මිය ගියා. මම ගිය ඉරිදා කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගියහම මට මතක් වුණේ කැබතිගොල්ලෑවේ සිද්ධිය. කැබතිගොල්ලෑවේ සිද්ධිය නිසා ඒ ප්‍රදේශයේ සිවිල් වැසියන් ගෙන් දැඩි විරෝධයක් අපේ ආණ්ඩුවට එල්ල වුණා.

ජනතාවගේ ජීවිත වල සුරක්‍ෂිත බව වත් සහතික කරන්න බැරි ආණ්ඩුවකින් ජනතාවට වැඩක් නෑ. 2006 ජූලි මාසයේ දී අපි යුද්ධය නැවත ආරම්භ කළේ ඇයි? ඒ කොටි සංවිධානය මාවිල්ආරු සොරොවුව වහලා ඒ පැත්තෙ ගම්මාන විශාල ගණනකට ලැබෙන වතුර ටික කපල දාපු නිසා. මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරල සාමාන්‍ය ජන ජීවිතය වත් පවත්වාගෙන යෑමට සුදුසු වතාවරණයක් ඇති කරන එක ආණ්ඩුවක යුතුකමක්. ඒකයි අපි මාවිල් ආරු සිද්ධියෙන් යුද්ධය පටන් අරගෙන මේ රටේ ත්‍රස්තවාදය ඉවර වෙනකන්ම ආපස්සට හැරී නොබැලුවේ.

2015 ජනවාරියේදී මම නව ජනාධිපතිවරයාට බාර දුන්නේ සම්පූර්ණයෙන්ම සුරක්‍ෂිත රටක්. රටේ ජාතික ආරක්‍ෂාවට මොනම ආකාරයකවත් තර්ජනයක් ඇති නොවෙන විදියට අපි බුද්ධි අංශ ශක්තිමත් කරලයි තිබුණෙ. අපේ අසල්වාසී රටවල වගේම වෙනත් ජාත්‍යන්තර බුද්ධි අංශත් එක්ක ඒගොල්ලෝ කිටුට්වෙන්, සහයෝගයෙන් වැඩකළා. ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් තියෙනවයි කිවුවාම අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණා. අපේ ආණ්ඩුව යටතේ මේ වගේ දෙයක් සිදු වෙන්න කොහොමත්ම ඉඩක් තිබුණේ නෑ.

පාස්කු ඉරිදා සිද්ධ වුණ ඛේදවාචකයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන මේ ආණ්ඩුව. මේ වගේ සිද්ධියක් සිදුවෙයි කියලා පොලීසියෙන් කලින් දැණුම් දීලා තිබුණා. නමුත් ඒ දැණුම් දීමෙන් පස්සෙ ආණ්ඩුවේ අය කළේ මොනවාද? අඩුම ගානේ ඒ ආගමික සිද්ධස්ථාන වල ප්‍රධානීන්ටවත් දැණුම් දුන්නද? කතෝලික පල්ලියේ හා වෙනත් ක්‍රිස්තියානි පල්ලිවල ප්‍රධානීන්ටත් මේ ගැන දැණුම් දීමක් කෙරුවාද? ඒ ස්ථාන වලට විශේෂ ආරක්‍ෂාවක් සැලසුවාද? බලනකොට මේ එකක්වත් කරලා නෑ. ආණ්ඩුවේ අය කළේ තමුන් ඒ වගේ තර්ජනයට ලක් වෙන ස්ථාන වල නොසිටින්න වගබලා ගන්න එක විතරයි. පාස්කු ඉරිදා වගේ වැදගත් අවස්ථාවක දේව මෙහෙයන් වලට සමාන්‍යයෙන් ආණ්ඩු ප්‍රධානීන්ගේ සහභාගීත්වයක් තියෙනවා. මේ පාර පමණක් එමෙහ කිසිම නියෝජිතයෙක් පල්ලිවල හිටිය බවට පේන්න නැහැ.

ඉරිදා බෝම්බ ප්‍රහාර වලින් පස්සෙ මම ඒ ස්ථාන වලට ගියහම, එක ඇමතිවරයෙක් කිවුවා විපක්‍ෂය මේ සිද්ධියෙන් දේශපාලන වාසි ලබා ගන්න හදනවයි කියලා. මම ශාන්ත අන්තෝනි දේවස්ථානයට නෙවෙයි, එදා කැබිතිගොල්ලෑවටත් ඔය විදියටම ගියා. මම මේ කතාකරන්නේ කටින් බතල හිටවපු කෙනෙක් හැටියට නෙවෙයි. ඉවර කරන්න බැහැයි කියපු ත්‍රස්තවාදයක් ඉවර කරපු ආණ්ඩුවකට නායකත්වය දුන් පුද්ගලයෙක් හැටියටයි. මේ ආණ්ඩුව 2015 ජනවාරි මාසයේ බලයට පත්වුණු දවසේ ඉදලා කළේ ඒ යුද්ධය අවසන් කරපු විරෝධාර ආරක්‍ෂක අංශ සාමාජිකයන් හා බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කරන එකයි. මේ අය පහුගිය අවුරුදු හතරේ අපේ රණවිරුවෝ කී දෙනෙක් හිරේ දැම්මද? හිටපු යුද හමුදාපතිවරු, හිටපු නාවික හමුදාපතිවරු, ගුවන් හමුදාපතිවරු කී සැරයක් C.I.D. එකට ගෙන්නලා ප්‍රශ්න කරලා තියෙනවද?

යුද්ධය කාලේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මගේ සහෝදරයෙක් වෙන නිසා ඔහුට දෙන්න පුලුවන් වද සියල්ලම දුන්නා. ඔහුව හිරේ විලංගුවේ දාන්න බැරිවුණේ උසාවියේ මැදිහත් වීම නිසා පමණයි. මම මේ ආණ්ඩුවට කොච්චර කියලා තියෙනවද මේ තියෙන්නෙ රාජපක්‍ෂ වරුන්ගේ ත්‍රිවිධ හමුදාවක් නෙවෙයි, මේ තියෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ත්‍රිවිධ හමුදාව. ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධි අංශ. මොන පක්‍ෂයේ ආණ්ඩුවක් තිබුණත් මේ රටේ ආරක්‍ෂාව තහවුරු කරන්න ඕන මේ පිරිසමයි. ඒක මේ ගොල්ලෝ තේරුම් ගත්තේ නෑ.

මේ ආණ්ඩුව දැන් දැනගන්න ඕන විදේශීය රටවල් කියන විදියට මේ රට පාලනය කරන්න බෑ කියලා. අපේ රටේ ප්‍රශ්න විසඳගන්න ඕන අපිමයි. විදෙස් රට වලින් එන උපදෙස් අනුව අපේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතත් අහෝසි කරන්න මේ ආණ්ඩුව ලෑස්ති වුණා. ඒ පනත අහෝසි කරලා තිබුණනම් අද මොනවද වෙන්නෙ? ලංකාවේ ආණ්ඩුවෙන් තමන්ගේම ආරක්‍ෂක හමුදා සහ බුද්ධි අංශ දඩයම් කරමින් සිටිය නිසා මේ රට ත්‍රස්තවාදීන්ට පහසු ඉලක්කයක් වුණා. ලෝකයේ වෙන මොනම රටක්වත් තමන්ගේම ආරක්‍ෂක හමුදාවලට මේ විදියට හිරිහැර කරලා බෙලහීන කරලා නෑ. මේ වගේ දේවල් ත්‍රස්තවාදීන් නිරීක්‍ෂණය කරලා ඒ අනුව සැලසුම් හදනවා.

ඉරිදා සිද්ධියෙන් ඇතිවුණේ, නිලධාරීන් එක්කෙනෙක් දෙන්නෙක්ගේ අතපසුවීමකින් නොවෙයි. මට දැන් පේනවා කවුරු හෝ නිලධාරියෙක් බිල්ලට දීලා ආණ්ඩුව අත හෝදගන්න හදනවා. මේ සිද්ධීන් ඇතිවුණේ මේ ආණ්ඩුව 2015 ජනවාරියේ ඉඳලම ගෙන ගිය වැඩපිළිවෙල නිසයි. ඒ නිසා, මේ සිද්ධීන් නිසා ඉල්ලලා අස්වෙනවනම් අස්වෙන්න ඕන ආණ්ඩුවයි. ලංකාවේ බුද්ධි අංශවලට දැඩි දඩයමක් එල්ල වී තිබෙන අවස්ථාවක වුණත් ආරක්‍ෂක අංශ විසින් ඉරිදා වෙන්නට යන ප්‍රහාරය ගැන කළින් තොරතුරු දැනගෙන අවශ්‍ය අනතුරු ඇඟවීම් ඇතැම් තැන් වලට යවලා තිබ්බා. ඒක අපි අගය කරන්න ඕන. නමුත් එතනින් එහාට මොනවත් වෙලා නෑ. මගේ ආරක්‍ෂක නිලධාරීන්ටත් ඒ අනතුරු හැඟවීම එවලා තිබුණට ඒගොල්ලෝ මාව දැණුවත් කළේ නෑ ඒ වගේ තර්ජනයක් තිබෙන බව.

ඒ වගේ දෙයක් ගැන මම කළින් දැනගත්තනම් අනිවාර්යෙන්ම මම කාදිනල් තුමාට ඒ බව දැනුම් දෙනවා. මගේ ගමනුත් මම නවත්වනවා. රටේ ජාතික ආරක්‍ෂාව ගැන කටයුතු කරන ආකාරය ගැන නිලධාරීන්ට උපදෙස් දෙන්න ඕන ආණ්ඩුවෙන්. ඒකට තමයි රටවැසියෝ ආණ්ඩු පත්කරගන්නේ. මේ ආණ්ඩුව‍ මුල ඉඳලම ජාතික ආරක්‍ෂාව ගැන නිලධාරීන්ට යවපු සංඥාව තමයි ඒක නොවැදගත් දෙයක් බව. ඒකයි මේ සේරටම හේතුව. මේවා එක පාරට සිද්ධවෙච්ච දේවල් නෙවෙයි. මේ මෑතකදී මාවනැල්ලේදී බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධියත්, ඒ ප්‍රදේශයේ ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිරයෙකුගේ කිට්ටුවන්තයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමත්, පුත්තලමේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් පමණ සොයාගැනීමත්, එකට එකක් සම්බන්ධ බව පේනවා. ඉතින් ඉරිදා ප්‍රහාරය කිසිසේත්ම අනපේක්‍ෂිත ලෙස ඇති වුණාය කියන්න බැහැ. ප්‍රහාරයක් ඇති වෙන්න පුලුවන් කියලා කලින් දැනගෙන ආණ්ඩුව කළේ තමුන්ගේ ආරක්‍ෂාව සලසා ගන්න එක විතරයි.

මේ ත්‍රස්තවාදී ප්‍රහාරය කලින් තිබුණු අවුරුදු 30ක යුද සමයේ සිදුවුණු ප්‍රහාරවලට වඩා සුවිශේෂ මුහුණුවරක් ගන්නවා. එදා හිටපු ත්‍රස්තවාදීන් ලංකාව තුළ විදේශිකයන්ව ඉලක්ක කලේ නෑ. ඒකට හේතුව ඔවුන් ඒ විදේශිකයන්ගේ රටවල්වල ඉදගෙන තමයි ලංකාවේ යුද්ධය කරගෙන යන්න මුදල් හොයා ගත්තෙ. නමුත් දැන් මේ ඇතිවෙලා තියෙන ත්‍රස්තවාදය ලංකාවේ සිවිල් වැසියන් පමණක් නොව විදේශිකයන්වත් කෙලින්ම ඉලක්ක කරන ත්‍රස්තවාදයක්. මේකෙන් සංචාරක ව්‍යාපාරයට විතරක් නෙවෙයි විදෙස් අයෝජනයටත් මරු පහරක් වෙනවා. මේ ත්‍රස්තවාදය ඉතාමත්ම තීරණාත්මක ලෙස පරාජය කරන්න ඕන.

මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ රණවිරුවන්ට විරුද්ධව කරන දඩයම දැන්වත් නවත්වන්න. ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හාමුදුරුවන්ගෙත්, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙත් ප්‍රධානත්වයෙන් රැස්වුණු සර්ව ආගමික සමුළුවනුත් බුද්ධි අංශ දුර්වල කරන එක නතර කරන්නයි කියලා ආණ්ඩුවෙන් ඉල්ලලා තිබුණා. පහුගිය කාලේ අත්අඩංගුවට ගත්ත ආරක්‍ෂක අංශ නිලධාරීන්ට විරුද්ධව බොහෝ විට හරි හමන් සාක්‍ෂියක් තිබිලා නෙවෙයි ඒගොල්ලන්ව අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ. යහපාලන ආණ්ඩුව සන්තෝස කරන්න C.I.D. එක ඇතැම් පුද්ගලයන්ට බලපෑම් කරලා ප්‍රකාශක් ලබා ගන්නවා කාට හෝ විරුද්ධව. ඒ ප්‍රකාශ පාවිච්චි කරලා තමයි රණවිරුවෝ ඇතුළට දාන්නේ. මේ විදියට බලපෑම් කරලා ප්‍රකාශ ලබාගත් සමහර සාක‍්ෂි කරුවන් මහේෂ්ත්‍රාත්වරුන් ඉදිරිපිට විශේෂ ප්‍රකාශ කරලා තියෙනවා C.I.D. නිලධාරීන් ඔවුන්ගෙන් මේ ප්‍රකාශ ලබා ගත්ත ආකාරය ගැන.

මේ කැත වැඩේ දැන්වත් නවත්වන්න. විපක්‍ෂයක් හැටියට අපි ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්න අදාල රජයේ ආයතන වලට සම්පූර්ණ සහයෝගය දෙනවා. මම මේ අවස්ථාවේදී මහජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා නීතිය අතට ගන්නේ නැතුව, කාටවත් ඇඟිලි දිගු කරන්නැතිව, මේ ප්‍රශ්නය විසදන්න ආරක්‍ෂක අංශ වලට උපරිම සහයෝගය දෙන්න කියලා. ත්‍රස්තවාදීන්ට ආගමක් දහමක් නැති බව අපි මතක තියා ගන්න ඕනේ. මම මේ අවස්ථාවේදී ජනතාව දැනගතයුතු කාරණා ගණනාවක් ගැන ආණ්ඩුවට ප්‍රශ්න කිහිපයක් යොමු කරන්න කැමතියි.

1. ජාතික ඔත්තු සේවයට හා ආරක්‍ෂ කවුන්සිලයට මේ ප්‍රහාරවලට වගකිය යුතු යැයි කියන සංවිධානය ගැන මුලින්ම තොරතුරු ලැබුණේ කවදාද? ඒ ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ගනු ලැබූ පියවර කවරෙක්ද?
2. ඔය කියන සංවිධානය ත්‍රස්තවාදයට යොමු වෙලා තිබෙන බවක් ආණ්ඩුවට තොරතුරු ලැබිලා තිබුණද?
3. වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සොයාගැනීම ගැන විමර්ශනය කලේ කවුද?
4. මේ සම්බන්ධයෙන් හිරබාරයට ගත් සැකකරුවන් කවුද?
5. එය ආරක්‍ෂක කවුන්සිලයට වාර්ථා කරනු ලැබුවාද? එසේ කරනු ලැබුවේ කවදාද, කවුරුන් විසින්ද?
6. ඒ ගැන ගත් පියවර මොනවාද? එම සැකකරුවන්ගෙන් කී දෙනෙක් උසාවියට ඉදිරිපත් කරනු ලැබුවාද? කී දෙනෙක් නිදහස් කළාද?
7. එසේ නිදහස් කරනු ලැබූ සැකකරුන් කිසිවෙකුගේ ඉල්ලීමක් මත නිදහස් කරනු ලැබුවේද? එම ඉල්ලීම කළ පුද්ගලයා කවුද?
8. අප්‍රේල් මාසය ඇතුළත ජාතික ආරක්‍ෂාවට ඇතිවීමට යන අවදානමක් ගැන බුද්ධි අංශ වාර්ථා තිබුණාද? ඒ බව ආරක්‍ෂක කවුන්සිලයට වාර්ථා වුණාද? ඒ වාර්ථා කිරීම කලේ කවුද, කවදාද? එම ආරක්‍ෂක කවුන්සිල රැස්වීමට පැමිණ සිටියේ කවුද?
9. මේ ප්‍රහාරයෙන් විදේශීය හස්ථයක් තිබෙන බව තහවුරු වෙලා තියෙනවාද? එසේනම් ඒ විදෙස් පාර්ශවය කවුද?

ස්තුතියි.

රට අරාජික වෙලා. පාලනයක් නැහැ..

රට අරාජික වෙලා. පාලනයක් නැහැ..
මේ සිද්ධියේදි අපි සංවේදීව රජයට සහාය ලබා දෙන්න සූදානම්…
– හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ඇත්තටම රටේ ආරක්ෂාවක් නැහැ. රට අරාජික වෙලා. පාලනයක් නැහැ. එහෙ මෙහෙ බෝම්බ පුපුරනවා.මේ තත්ත්වය ඉතා ඉක්මනින් වෙනස් කරන්න වෙනවා යි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවුසවේ අද :23-උදේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී මාධ්‍යවේදින් රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් විමසන අවස්ථාවේදිය.
එහිදී වැඩිදුරටත් මාධ්‍යවේදින් හමුවේ අදහස් දැක්වු ඒ මහතා
මාධ්‍ය – එජාප මන්ත්‍රීවරු ජනාධිපතිිවරයාට චෝදනා කරනවා මේ සම්බන්ධයෙන්
මහින්ද රාජපක්ෂ මහතා – ඒක ඒ අයගේ වැඩක්නේ.
මාධ්‍ය – පොලිස්පතිතුමා ගැන ඔබගේ අදහස
මහින්ද රාජපක්ෂ මහතා – පොලිස්පතිතුමා වැඩ කරන්නේ රජය කියන විදියටනේ. මේකේ වගකිම රජය භාර ගන්න වෙනවා.
මාධ්‍ය – පොලිස්පතිතුමාටයි වරද පටවන්නේ
මහින්ද රාජපක්ෂ මහතා – පුද්ගලයෙකුට වරද පටවනවන එක නෙවෙයිි කළ යුතුව තිඛෙන්නේ්. ඔහුට දෙන උපදෙස් අනුවනේ කටයුතු කරන්නේ. ඔහුව ආරක්ෂක මණ්ඩලයට මාස ගානක් කැදවලාත් නැහැලූනේ.මේ රජයයි මේකට වගකිව යුතු
මාධ්‍ය- ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශය ගැන මොකද කියන්නේ
මහින්ද රාජපක්ෂ මහතා – හරිම කණගාටුයි. මම කතාකරලා කිව්වා මේ වගේ ප්‍රකාශ කරන්න එපා කියලා.මේ සිද්ධියේදි අපි සංවේදීව රජයට සහාය ලබා දෙන්න සූදානම්. රජය අඩුපාඩු පෙන්වාදිම අපේ වගකීමක්.
මාධ්‍ය – බුද්ධි අංශය ගැන මොකද හිතන්නේ.
මහින්ද රාජපක්ෂ මහතා – බුද්ධි අංශයේ ක්‍රියාත්මක වීම අඩපන කළා. විශේසයෙන් යුද හමුදාවෙයි පලපුරුදු බුද්ධි අංශයක් ක්‍රියාත්මක වුනේ. 600ක් විතර හිටියා. නමුත් ඒ අය අද වෙනතුරු පාවිච්චි කළාද. සියලූ බුද්ධි අංශ එකතු වෙලයි එදා තින්දු ගත්තේ. එදා හැම අගහරුවාදාම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඒ අයව කැදෙව්වා. තොරතුරු හුවමාරු කර ගත්තා. අද එවැනි තත්ත්වයක් නැහැ. බුද්ධි අංශය විනාශ කලා. භාගයක් එළියේ. ගෝඨාගේ මිනිස්සු, මහින්ද ගේ මිනිස්සු කියලා ඒ අයව මාරු කළා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ. මේ ගැන අහන්න හොදම කෙනා සරත් පොන්සේකා මහත්තයා. එතුමාගේ යටතෙයි හමුදාව තිබුනේ. හමුදාවේ බුද්ධි අංශය ගැන එතුමාගෙන් ඇහුවොත් කියයි.
මාධ්‍ය – මේ සිද්ධිය නිසා සංචාරක කර්මාන්තය කඩා වැටෙනවා නේද
මහින්ද රාජපක්ෂ මහතා – අනිවාර්යයෙන්ම. හොටල් ඉලක්ක කිරීමෙන්ම පේනවා ගැහුවේ රටේ ආර්ථීකයට කියලා. කවුද කලේ කියලා තාම කියන්නේ නැහැ. අද වෙනතුරු හමුදාව පාවිච්චා කළාද. බෝම්බයක් පුපුරන කොට හමුදාව ගෙන්වා ගන්නවාට වඩා බුද්ධිමත්ව මෙහි අභ්‍යන්තරයට ගිහින් මේ ගැන හොයන්න.